පොම්පියෝගේ ලංකා ගමනට සමාන්තරව ඇමරිකාව විසින් යාන්ත්‍රික වෙන්ටිලේටර 200ක් ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. යාන්ත්‍රික වෙන්ටිලේටරයකින් කරන්නේ පෙනහළු දුර්වල වී තිබෙන රෝගියෙකුගේ පෙනහළු යථා තත්ත්වයට පත් වන තුරු පෙනහළු තුළට යාන්ත්‍රිකව ඔක්සිජන් පොම්ප කිරීමයි. කෝවිඩ් හා වෙන්ටිලේටර අතර විශාල සම්බන්ධයක් තිබෙනවා.
කෝවිඩ් යනු පෙනහළු වලට අමතරව මොළය, හෘදය වස්තුව, වකුගඩු, අක්මා වැනි අවයව ගණනාවකටම හානි කරන රෝගයක් බව මේ වන විට පෙනී ගොස් ඇතත්, ආරම්භයේදී කෝවිඩ් සැලකුණේ පෙනහළු වලට හානි කරන, පෙනහළු ආශ්‍රිත රෝගයක් ලෙසයි. ඒ අනුව, එවකට කිසිදු ප්‍රතිකාරයක් නොතිබුණු කෝවිඩ් රෝගියෙකු මිය යාම වලක්වා ගැනීම සඳහා කළ හැකි හොඳම දෙය ලෙස පෙනෙන්නට තිබුණේ යාන්ත්‍රික වෙන්ටිලේටරයකින් දිගින් දිගටම පෙනහළු වලට ඔක්සිජන් සැපයීමයි. චීනයේ වුහාන් වලත්, විශේෂයෙන්ම ඉන්පසුව ඉතාලියේත් බොහෝ මරණ සිදු වුනේ ප්‍රමාණවත් තරම් වෙන්ටිලේටර නොතිබුණු නිසා බව මුලදී තිබුණු අදහසයි.
අප්‍රේල් මැද වන විට ඇමරිකාවේ රෝහල් පද්ධතිය සතුව යාන්ත්‍රික වෙන්ටිලේටර 95,000කුත්, ඇමරිකන් රජයේ ජාතික සංචිතයේ තවත් යාන්ත්‍රික වෙන්ටිලේටර 10,000කුත් තිබුණා. ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මාර්තු මුලදී ඇස්තමේන්තු කර තිබුණු ආකාරයට මෙම වෙන්ටිලේටර ප්‍රමාණය අවශ්‍ය සියළු රෝගීන් සඳහා ප්‍රමාණවත් නොවිය හැකිව තිබුණා. වෙන්ටිලේටර නොමැතිකමින් බොහෝ කෝවිඩ් රෝගීන් මිය යාමට තිබුණු ඉඩකඩ පිළිබඳව බොහෝ දෙනෙකු කණස්සල්ලෙන් හිටියා. ඇමරිකාව ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම රෝහල් පහසුකම් ඇති රටක් වුවත්, ඇතැම් අය ඇස්තමේන්තු කළේ රෝහල් පහසුකම්ද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.
දේශපාලන ප්‍රකාශයක් වුවත්, ජනාධිපති ට්‍රම්ප් විසින් මාර්තු මාසයේදී ප්‍රකාශ කර සිටියේ වෙන්ටිලේටර අවශ්‍ය වන කිසිදු ඇමරිකානුවෙකු වෙන්ටිලේටර නැතිකමින් මිය නොයනු ඇති බවයි. ඒ වන විට ඇමරිකානු නිෂ්පාදකයින් සතු ධාරිතාව අනුව වසරක් තුළදී නිෂ්පාදනය කළ හැකි වූයේ වෙන්ටිලේටර 29,000ක් පමණයි. එහෙත්, ඇමරිකන් රජය විසින් වෙන්ටිලේටර 200,000 පමණ දක්වා ප්‍රමාණයක් අවශ්‍යතාවය පරිදි මිල දී ගැනීමට ගත් තීරණයත් සමඟ ෆෝර්ඩ්, ජීඑම්, ටෙස්ලා වැනි මෝටර් රථ නිෂ්පාදකයින්ද වෙන්ටිලේටර නිෂ්පාදනයට අත ගැසුවා.
කෙසේ වුවත් ක්ෂණිකව වෙන්ටිලේටර නිෂ්පාදනය ඉහළ දැමීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් ගත වෙනවා. ඊට පෙර කෝවිඩ් වේගයෙන් පැතිරී බොහෝ දෙනෙකුට වෙන්ටිලේටර අවශ්‍ය විය හැකිව තිබුණා. ඇමරිකාවේ ප්‍රාන්ත යම් ප්‍රමාණයකට "වසා දමමින්" වසංගත වක්‍රය පැතලි කිරීමේ එක් අරමුණක් වුණේ වෙන්ටිලේටර ඇතුළු අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවා ගන්නා තුරු කල් ගැනීමයි.
ඇමරිකාව ගත් විවිධ ක්‍රියාමාර්ග නිසා වසංගත වක්‍රය හිතුවාටත් වඩා පැතලි වුනා. වක්‍රය පැතලි කළ විට රෝගීන් ප්‍රමාණය හෝ කොහොමටත් මිය යන ප්‍රමාණය අඩු වෙන්නේ නැතත්, රෝහල් පහසුකම් නැතිකමින් මිය යන ප්‍රමාණය අඩු වෙනවා. කෝවිඩ් රෝගීන් නිසා ඇමරිකාවේ රෝහල් ධාරිතාව ඉක්මවා ගියේ හෝ හෝ වෙන්ටිලේටර මදි වුනේ නැහැ.
අනෙක් පැත්තෙන් කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස යාන්ත්‍රික වෙන්ටිලේටර යොදා ගැනීම එතරම් ඵලදායී වුනේ නැහැ. වෙන්ටිලේටර වලට දැමූ බොහෝ රෝගීන් මිය ගොස් තිබෙනවා. ඊට සාපේක්ෂව ඖෂධ ප්‍රතිකාර වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙනවා. මේ වන විට කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස ඇමරිකාවේ අනුමත කර තිබෙන, වෙක්ලරි (Veklury) නමින් වෙළඳපොළට එන රෙම්ඩෙසිවිර් (remdesivir) ඖෂධය බොහෝ කෝවිඩ් ආසාදිතයින්ට ඉක්මණින් සුව වීමට උපකාරී වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ට ලබා දුන්නේද මෙම ඖෂධයයි.
එක පැත්තකින් යාන්ත්‍රික වෙන්ටිලේටර හිතූ තරම් අවශ්‍ය නොවීමත්, අනෙක් පැත්තෙන් රජය සමඟ අත්සන් කළ ගිවිසුම් අනුව වෙන්ටිලේටර නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යාමත් නිසා මේ වෙද්දී ඇමරිකන් රජය සතු ජාතික සංචිතයේ යාන්ත්‍රික වෙන්ටිලේටර ලක්ෂයක් පමණ ගොඩ ගැසී තිබෙනවා. එහෙත්, ලෝකයේ බොහෝ රටවල තවමත් ප්‍රමාණවත් තරම් යාන්ත්‍රික වෙන්ටිලේටර නැහැ. ඇතැම් රටවල තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රමාණයක්.
ඇමරිකාව සතු නිෂ්පාදන ධාරිතාවේ වාසිය ලබමින්, ඇමරිකන් රජය විසින් මේ වන විට USAID හරහා ලෝකයේ රටවල් ගණනාවකට යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රදානය කර තිබෙනවා. ඉන්දුනීසියාවට හා දකුණු අප්‍රිකාවට යාන්ත්‍රික වෙන්ටිලේටර 1000ක් බැගින් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී එයින් කොටසක් දැනටමත් ලබා දී තිබෙන අතර, රුසියාව, ඉන්දියාව, ලංකාව, පකිස්ථානය, නයිජීරියාව, කෙන්යාව, කොලොම්බියාව, බොලීවියාව ආදී රටවලට වෙන්ටිලේටර 200 බැගින්ද, මාල දිවයිනට 60ක්ද ඊජිප්තුවට හා පේරු රාජ්‍යයට 250 බැගින්ද, ගෝතමාලාවට, මොසැම්බික් රාජ්‍යයට හා කොංගෝවට 50 බැගින්ද, හොන්ඩියුරාස් රටට හා රුවන්ඩාවට 100ක් බැගින්ද, හයිටියට 37ක්ද, එල් සැල්වදෝරයට 408ක්ද, මෙක්සිකෝවට 211ක්ද, ආදී වශයෙන් මේ වන විට ඇමරිකාව යාන්ත්‍රික වෙන්ටිලේටර විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවලට ප්‍රදානය කර තිබෙනවා.
මගේ ඇස්තමේන්තුව අනුව ලංකාව සතුව තිබූ යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රමාණය 500-600 අතර ප්‍රමාණයකට වඩා වැඩි විය නොහැකියි. ඒ අනුව, තවත් වෙන්ටිලේටර 200ක් එකතු වෙනවා කියන්නේ රටේ හදිසි ප්‍රතිකාර සේවා ධාරිතාවේ සැලකිය යුතු වෙනසක්. මේ වෙන්ටිලේටර කෝවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නොවුනත්, පෙනහළු ආශ්‍රිත රෝග වලින් සෑම වසරකදීම විශාල පිරිසක් මියයන ලංකාවේ එම මරණ සෑහෙන ප්‍රමාණයක් වලක්වා ගැනීමට මේ වෙන්ටිලේටර උපකාරී වෙයි.
මේ වෙන්ටිලේටර ප්‍රදානයත් ඇමරිකන් කුමන්ත්‍රණයක්ද? තාමනම් කවුරුත් එහෙම කියල තියෙනවා දැක්කේ නැහැ.
(Image: https://lk.usembassy.gov/the-united-states-donates-200-ventilators-to-support-sri-lankas-response-to-covid-19/)
පොම්පියෝ කිව්වාම මතක්වුන දෙයක් තමයි ඉතාලි විහිලු.
ReplyDeleteඇමරිකා ඔරුමත්තුනාඩුවට සංක්‍රමණය වුනු අනිත් යුරෝපීයයන්ට සාපේක්ෂව ඉතාලි ජාතිකයන් සුදු මිනිසාගේ සංස්කෘතියට මිශ්‍රවීමට ප්‍රතිරෝධයක් දැක්වූවා. එසේම ඔවුන් කතෝලිකයන්. තම රට තුල කතෝලික බලය වැඩිවීම රටේ ස්වාධීනත්වයට බාධාවක් කියලා සුදු අය හිතුවා. එයට විරෝධයක් හැටියට තමයි ඉතාලි විහිළු නිර්මාණය වුනේ.
ඉතාලි විහිළු වලින් කියැවෙන්නේ ඉතාලි කාරයා යනු යනු ගොඩේ බයියෙක් බවයි.
ලංකාව සම්බන්ධයෙන් බැලුවොක් අපි දෙමළ විහිළු හදා ඒවා දෙමළු අතරත් ප්‍රචාරය කල යුතුයි.
ඇමරිකාව විසින් මෙක්සිකෝවට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක් මිලිටරි බලහත්කාරය යොදා තම රටට ඈඳා ගත්තත් වර්තමාන මෙක්සිකෝව ඉතුරු කළේ ඒ ප්‍රදේශය කතෝලිකයින් විසින් ඒ වන විටත් බහුතරය ලෙස පැළපදියම් වී සිටි නිසයි.
Deleteඊනියා ඉන්දියානුවන් වැඩිමනක් සිටි පෙදෙස්හි ඉන්දියානුවන් සහ බයිසන් ගවයන් සමූල ඝාතන (genocide) කිරීම කාටවත් ප්‍රශ්නයක් නොවුවත් ස්පාඤ්ඤ සංක්‍රමණිකයන් සහ කතෝලික කෙරුණු ස්වදේශිකයන් වෙත USAID වශයෙන් genocide බෙදා හැරියේ නම් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි බලපෑම් සහ ආර්ථික සම්භාදක පැනවීමේ අනතුරත් ඔරුමිත්තනාඩු ජනාධිපති විදුලි පුටුවට ගෙන යාමේ අනතුරත් තිබුණු බවයි අපගේ අදහස.
අන්තෝනියෝ,
Deleteඅද වනවිට ඇමරිකා ඔරුමත්තුනාඩුවේ දෙවැනි සංස්කෘතිය වන්නේ හිස්පැනික් කතෝලික සංස්කෘතියයි.
නේටිව් ඇමරිකන් අයට (රතු ඉන්දියානුවන්ට) දෙවැනි තැන දීමෙන් වන්නේ සැබෑ දෙවැනියාට හිමිතැන අහිමි කිරීමක්.
මේ ගැටලුව කැනඩාවේ බොහෝ දුරට ඇදුණු රාජ්‍ය නායකයින් ස්වදේශිකයින්ගෙන් සමාව ගත් සිදුවීමක්.
සමහර අවස්ථාවල වයින් නිෂ්පාදනයට මුහුන් ලෙස යොදන්න නේටිව් ඇමරිකන් (රතු ඉන්දියානු) දරුවන් පැහැර ගත් බව අහල තියෙනව. ඔරුමත්තුනාඩුව එදා ඉදන්ම කොල්ල කාපු එක තමා කරලා තියෙන්නෙ.. අද කියලත් ලොකු වෙනසක් නෑ, විවිධ මුහුණූවලින් කරන්නෙ ඒකම තමයි. ලංකාවේ උන්ගේ එකෙක් ජන පති කරලා තියෙන්නේත් උන්ම තමයි.
සියවස් ගණනාවක් තිස්සේ මිලියන ගණනක් සමූලඝාතනය කරලා ඉඩම් බලෙන් පැහැරගෙන කුඩා දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් හිර කරගෙන බලෙන් බටහිරකරණය කරලා දූෂණයට ලක් කරලා කොච්චර කෙළි කළත් නේටිව් ඇමරිකන් මිනිසුන් ඉතා සුළු පිරිසක් තාමත් අමාරුවෙන් පණ කෙන්ද ගැට ගහගෙන සංස්කෘතිය යාන්තම් ලාවට බේරගෙන ඉන්නවා. ගොඩක් අංශ වලින් කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ. මාලන් බ්‍රැන්ඩෝ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරන්නත් එක හේතුවක් සිනමාව පැත්තෙන් එයාලට වෙන අසාධාරණ.
2015 දි රෝගීව හිටපු ස්වදේශික ඇමරිකානු අම්මා කෙනෙක්ගෙන් බලහත්කාරයෙන් ළමයි පවරගත්තු අවස්ථාවක් තිබුනා. ඉතින් තවමත් මේ ප්‍රශ්න ඉවර උනා කියන්න බැහැ ඔරුමත්තුනාඩු රට මහා කුජීත රටක්
අන්තෝනියෝ, තාර්කිකව ලෝකය දැකීම අල්පය. ලෝකය විචිත්‍රවත් ලෙස සැපදායී ලෙස දැක්මක් තුල විචිත්‍රවත් පණිවිඩ මනස තුල ගබඩා කිරීම තර්කයක් මනසේ තැන්පත් කිරීමට වඩා පහසුවකි.
ReplyDeleteමේ ලිපිය මෙහේ මිනිසුන් කියවිය යුතුය. මේ අය සිතන්නේ අැමරිකාවෙ රෝගින් මැරෙන්න අැරල ඔහේ බලන් ඉන්නවා කියල. රෝහල් ඉඩ නැති වෙලා කියල.
ReplyDeleteමේ වන විටත් ඇමරිකාවේ රෝහල් ඇඳන් ධාරිතාවෙන් රෝගීන් සිටින්නේ 62%ක පමණයි. එයින් කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය 8%ක් පමණයි. ඇඳන් වලින් 38%ක් පමණ මේ මොහොතේදීත් හිස්. එමෙන්ම ICU ඇඳන් වලින් 40%ක් පමණ හිස්. ඇමරිකාවේ රෝහල් ඇඳක් කියා කියන්නේ නිකම්ම ඇඳක් නෙමෙයි. බොහෝ පහසුකම් ඇඳටම සම්බන්ධයි.
Deleteමටනම් පේන්නේ අපේ 'ස' ව අල්ලගන්න දියත් කරපු කුමන්ත්‍රණයක් කියල. - විවි
ReplyDeleteEcon, මේ post එකට අදාල නොවුනත් අර චන්න ජයසුමන මහාචාර්ය තුමාගෙ PhD එක challenge කරලා තිබුන එක සහ ඊට දක්වා තිබුනු ප්‍රතිචාර ගැන මොකද හිතන්නෙ. කෙනෙකුට තමන්ගෙ doctoral research එක, supervisors, examinersල ගැන විස්තර දෙන එක ලේසියෙන්ම කරන්න පුලුවන්නෙ වටේ යන්නෙ නැතුව. නලින් ද සිල්වාගෙ උත්තරෙත් වටේ යාමක් විතරයි. මේ ගැන ඔබ comment කරන්න අකැමති නම් එය perfectly understandable.
ReplyDeleteමේ ගැන කමෙන්ට් කරන්න බැරිකමක් නැහැ. පළමුව, අධ්‍යාපන සුදුසුකම් කියන ඒවා මහා ලොකු දේවල් ලෙස මම සලකන්නේ නැහැ. ආචාර්ය උපාධියක් ලබාගත්තා කියා කවුරුවත් අනෙක් අයට වඩා ලොකු "පොරක්" වෙන්නේ නැහැ. අධ්‍යාපන සුදුසුකම් වලට වඩා වැදගත් එම අධ්‍යාපන සුදුසුකම් ලබා ගෙන කරන්නේ කුමක්ද කියන එකයි. අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමේ අරමුණ කිසියම් කුසලතාවයක් වර්ධනය කර ගැනීමයි. අධ්‍යාපන සුදුසුකම කියා කියන්නේ එවැනි යම් කුසලතාවයක් තිබෙන බව හඟවන සංඥාවක් පමණයි. ඒ නිසා, කුසලතාවය තිබේනම් අධ්‍යාපන සුදුසුකම නැතත් එය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම කුසලතාවය නැත්නම් අධ්‍යාපන සුදුසුකමක් තිබුණා කියලා ඇති වැඩක් නැහැ.
Deleteආචාර්ය උපාධි පාඨමාලාවකින් මූලික වශයෙන් කරන්නේ පර්යේෂණ කිරීම සඳහා පුහුණුවක් ලබා දෙන එකයි. ඒ නිසා, කවුරු හෝ ආචාර්ය උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව කරන පර්යේෂණයක් නැත්නම් ඒ ලබාගත් ආචාර්ය උපාධියෙන් ඇති වැඩක් නැහැ. ඒ වගේම මහාචාර්ය කියා කියන්නේ තනතුරක්. එයින් අදහස් වෙන්නේ කිසියම් විෂයයක ප්‍රවීණයෙක් කියන එක මිසක් හැම දෙයක්ම දන්නා කෙනෙක් කියන එක නෙමෙයි.
ලංකාවේ සරසවියක මහාචාර්ය වරයෙක්ගේ සාමාන්‍ය පර්යේෂණ වාර්තා හා සැසඳූ විට චන්න ජයසුමනගේ පර්යේෂණ වාර්තාව නරකයි කියා කියන්න බැහැ. ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් (හෝ නිසි පරිදි ලබා නොගැනීමෙන්) පසුව කර තිබෙන දේ ආචාර්ය උපාධියේ ගුණාත්මක භාවය පිළිබඳ සංකේතයක් ලෙස සැලකුවොත් මට චන්න ජයසුමනගේ ආචාර්ය උපාධියේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ.
ඔහු ආචාර්ය උපාධිය ලබා ගැනීමේදී යම් වංචාවක් කර තිබේනම් එහි ආචාර ධාර්මික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ හේතුව නිසා ඔහුගේ පර්යේෂණ වල ආචාර ධාර්මික භාවිතාව පිළිබඳවත් ගැටළු මතු වෙනවා. එහෙත්, මේ වන තුරු කිසිවෙකු විසින් එවැනි තත්ත්වයක් පෙන්වා දී නැහැ.
ඇමරිකාව වගේ ධනවාදී රටක කිසියම් අධ්‍යාපන සුදුසුකමක ගුණාත්මක භාවය වෙළඳපොල තුළ නිර්ණය වෙනවා. ඒ නිසා, කවුරු හෝ හොර උපාධියක් ගත්තා කියලා වැඩක් නැහැ. ඒ වගේම, "හොරට" උපාධියක් ගත්තා කියලත් වැඩක් නැහැ. මෙහි "හොරට" කියන එකෙන් අදහස් කළේ විභාග නිසි පරිදි සමත් වී, එහෙත් ඇත්තටම කුසලතා වර්ධනය කර නොගෙන උපාධියක් ලබා ගැනීමයි. ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නේ මේ දෙවන ගොඩේ. මේ පදනමින් බැලූ විට ලංකාවේදී මා උපාධි ලබා ගත්තේත් හොරට කියා කියන්න පුළුවන්.
නමුත්, ලංකාව වැනි සමාජවාදී රටක කුසලතා වලින් වැඩක් නැහැ. වඩා වැදගත් අධ්‍යාපන සුදුසුකමයි. අධ්‍යාපන සුදුසුකම තිබේනම් කුසලතා නැතත් ප්‍රශ්නයක් නෙමෙයි. නිසි අධ්‍යාපන සුදුසුකම් නැත්නම් කුසලතා වලින් වැඩක් නැහැ. මෙය වෙළඳපොළක් නැති තැනක ඇති වන ප්‍රශ්නයක්. සුචරිත ගම්ලත්, වික්‍රමබාහු කරුණාරත්න, නලින් ද සිල්වා, සෞම්‍ය ලියනගේ වගේ ගොඩක් අය විශ්ව විද්‍යාලයේ රැකියාව අහිමි වූ ගමන්ම නිකම්ම නිකමුන් වෙන්නේ (ඔවුන් දේශපාලනය හරහා හදාගත් සිවිල් බලය නොවන්නට) උසස් අධ්‍යාපන කර්මාන්තයේ වෙළඳපොළ මුළුමනින්ම වාගේ අහුරා තිබෙන නිසයි.
සරසවි ආචාර්ය මණ්ඩලයක රැකියාවක් කරන අයෙකුගේ ඵලදායීතාව මැනිය හැකි වෙළඳපොළ යාන්ත්‍රනයක් නැති වූ විට ඒ වෙනුවට ආදේශ වන්නේ අධ්‍යාපන සුදුසුකම්. ඒ නිසා, ලංකාවේ පසුබිමේදී චන්න ජයසුමන විසින් ආචාර්ය උපාධිය ලබාගත්තේ කොහොමද කියන එක වැදගත් ප්‍රශ්නයක්.
මුලින් කිවුවා වගේ, මට සාපේක්ෂවනම් මෙය සමාන කළ හැක්කේ MBBS උපාධිය ලබාගත් අයෙකු උසස් පෙළ වැඩ තුන සමත්ද කියා සොයා බැලීමටයි. වෛද්‍ය උපාධි පාඨමාලාවක් සඳහා බඳවා ගැනීමේදී කෙනෙකුගේ උසස් පෙළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ වැරැද්දක් නැහැ. ඒ, උසස් පෙළ අසමත් අයෙක් සාර්ථකව MBBS උපාධි පාඨමාලාවක් අවසන් කිරීමට වැඩි ඉඩක් නැති නිසා. එහෙත්, යම් හෙයකින් කිසියම් කෙනෙක් සාර්ථකව MBBS උපාධි පාඨමාලාවක් හදාරා අවසන් කිරීමෙන් පසුව ඇගේ හෝ ඔහුගේ උසස් පෙළ සුදුසුකම් ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. නමුත්, ලංකාවේ පසුබිමේ මේ ගැන කතා කිරීමේ වැරැද්දක් මට පෙනෙන්නේත් නැහැ.
චන්න ජයසුමනගේ ප්‍රශ්නයට නැවත ආවොත්, කෙනෙකුට ආචාර්ය උපාධියක් දෙන එක තීරණය කරන්නේ එය ලබා දෙන ආයතනය විසින්. මෙහිදී විවිධ රටවල, විවිධ සරසවි වල නිර්ණායක වෙනස්. ඒ නිසා, අපට කිසියම් ආයතනයක නිර්ණායක ප්‍රශ්න කරන්න බැහැ. විවිධ ක්‍රමවලින් ආචාර්ය උපාධි ලබාගත් අය ලංකාවේ ඉන්නවනේ. නලින් ද සිල්වා විසින් ලියා තිබෙන කරුණු අනුව, ඇමරිකාවේ සරසවියක ආචාර්ය උපාධියක් දෙන පදනමට සාපේක්ෂව බැලුවොත්, චන්න ජයසුමනගේ ආචාර්ය උපාධියේ ප්‍රමිතිය පිළිබඳ ගැටළු ගණනාවක් මට පෙනෙන්න තිබෙනවා. එහෙත්, එය ලංකාවේ හෝ රජරට සරසවියේ සාමාන්‍ය ක්‍රමයනම් ඒ ගැන වෙනත් අයෙකුට ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ. තම තමන්ගේ සරසවි වල ගුණාත්මක භාවය තීරණය කිරීම පළමුව එම සරසවි වල පාලකයින්ගේ වැඩක්. දෙවනුව එම සරසවි වල බරපැන දරන අයගේ වැඩක්.
Deleteකිසියම් සරසවියකින් ලබා දෙන උපාධියක ප්‍රමිතිය අඩුනම් එය ප්‍රශ්නයක් වෙන්නේ එවැනි උපාධිධාරියෙකුට රැකියාවක් ලබා දෙන අයෙකුටයි. රැකියාව දෙන ආයතනයට ප්‍රශ්නයක් නැත්නම් ගැටළුවක් නැහැ. මෙහිදී චන්න ජයසුමනට රැකියාව ලබා දී තිබෙන්නේ රජරට සරසවිය විසින්මයි. සාමාන්‍යයෙන් ඇමරිකාවේ සරසවියක උපාධිධාරියෙකුට එම සරසවියේම රැකියාව ලබා දෙන්නේ නැහැ. යම් හෙයකින් එසේ කරනවානම් ඒ වෙනත් සරසවියක වසර කිහිපයක් වැඩ කිරීමෙන් පසුවයි. මෙහි අරමුණ දැනුම එක තැන පල් වීම (inbreeding) වලක්වා ගැනීමයි. එහෙත් එසේ කිරීම අනිවාර්ය නැහැ. ඒ නිසා, රජරට සරසවියට ප්‍රශ්නයක් නැත්නම් මෙහි ප්‍රශ්නයක් නැහැ කියා කියන්න පුළුවන්.
පොඩි අවුලකට තිබෙන්නේ රජරට සරසවිය පොදු අරමුදල් වලින් යැපෙන ආයතනයක් වීමයි. ඒ නිසා, රජරට සරසවියේ ගුණාත්මකභාවය හෝ චන්න ජයසුමනගේ ආචාර්ය උපාධියේ ගුණාත්මක භාවය ගැන ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ප්‍රශ්න කරන්න අයිතියක් තිබෙනවා. ඊට අමතරව චන්න ජයසුමන විසින් මැතිවරණ ප්‍රචාරණයේදී තමන්ගේ අධ්‍යාපන/ වෘත්තීය සුදුසුකම් ප්‍රයෝජනයට ගෙන තිබෙන නිසා ඔහුගේ ඡන්දදායකයින්ටත් ඔහුව ප්‍රශ්න කරන්න අයිතියක් තිබෙනවා. තමන්ට ආචාර්ය උපාධිය ලබා දුන් උපදේශකවරයා (ඇතුළු උපදේශක කමිටුව) කවුද කියන එක ඕනෑම ආචාර්ය උපාධිධාරියෙක් ආඩම්බරයෙන් කියන දෙයක්. එසේ කරන්නේ ආචාර්ය උපාධියේ ගුණාත්මකභාවය බොහෝ විට තීරණය වෙන්නේ උපදේශකවරයා කවුද කියන එක මත වීමයි. චන්න ජයසුමනට තමන්ගේ උපදේශකවරයා කවුද කියන එක කියන්න ගැටළුවක් තිබිය නොහැකියි.
බොහොම ඉස්තුතියි Econ, ඔබේ දිගු පිලිතුරට. ඔබ කියන දෙයට 110% එකඟයි. ඔබේ අවසාන para එකේ තියෙන විදිහටම එය Sri Lankan context එකේදි තමයි ප්‍රශ්නයක් වෙන්නෙ විශේශයෙන්ම ආචාර්ය, මහාචාර්ය පට්ටම් මහා ලොකු දෙයක් වෙන නිසා (apart from the ethical concerns).
Delete'මේ පදනමින් බැලූ විට ලංකාවේදී මා උපාධි ලබා ගත්තේත් හොරට කියා කියන්න පුළුවන්'. ඔව්, නමුත් procedure එක follow කරලා නේ.
// සරසවි ආචාර්ය මණ්ඩලයක රැකියාවක් කරන අයෙකුගේ ඵලදායීතාව මැනිය හැකි වෙළඳපොළ යාන්ත්‍රනයක් නැති වූ විට. //
DeleteH index එකෙන් මෙක මනින්න පුලුවන් නේද ??
H index වැඩි නම් ඔහු / ඇය ඒම විශයෙහි ප්‍රවීණයෙක් කියල නේද කියනනේ, එම ආචාර්යවරයා
ඔව්. H index එක පර්යේෂණ කිරීමේ ඵලදායීතාවය පිළිබඳ මිනුමක් සේ සැලකිය හැකියි. ඒ වගේම යම් සීමාවන්ට යටත්ව වුවත්, සංසන්දනය කිරීම සඳහා යොදාගත හැකි එකක්. එහෙත් මෙයත් අධ්‍යාපන සුදුසුකම් වගේම ඵලදායීතාවය පිළිබඳව සංඥා කරන දෙයක් පමණයි. H index එක විෂයමූලික නොවන නිශ්චිත ක්‍රමවේදයකට අනුව තීරණය වුවත්, එය කීයක් විය යුතුද කියන එක තීරණය වන්නේ විෂයමූලිකවයි. ලංකාව වැනි උසස් අධ්‍යාපනයේ වටිනාකම වෙළඳපොළ තුළ නිර්ණය නොවන රටකට මෙවැනි නිර්ණායක වඩා වටිනවා.
Deleteමේ වෙන්ටිලේටර් 200 ප්‍රදානය ගැන ලන්කාවෙ වැඩිය කතා උනේ නැහැනේ. ඒ අපේ දේශීය වෙන්ටිලේටර් නිශ්පාදනය බිද වැටෙයි කියලද දන්නේ නෑ. ( එහෙම එකක් පටන් ගත්තා නේ පලමු රැල්ල ආපු දවස් වල)
ReplyDeleteකුහකත්වය නිසාත් චීන බලපෑඑම නිසාත් වෙන්නැති මේ ගැන ප්‍රසිද්ධ නොවුනේ
Deleteවෙන්ටිලේෂන් ධර්මපාල.
ReplyDelete