හඳගමගේ ඇල්බොරාදා මේ දවස් වල ලංකාව පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වෙනවා. අපටනම් මෙය නැරඹීමේ අවස්ථාවක් නැහැ. කවදා ලැබෙයිද දන්නෙත් නැහැ. ඕවා තමයි ඉතිං රටින් පිටව සිටීමේ පාඩු.
රටින් පිටව සිටීමේ පාඩු වගේම ලාබත් තිබෙනවා. ඇල්බොරාදා හදලා තියෙන්නෙත් ඒ වගේ "ලාබ" ගැන කතාවක් මත පදනම්වයි.
කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දේශපාලනය තුළ දුලබ දෙයක් නෙමෙයි. ඇතැම් දේශපාලනඥයින් මේ වැඩේ නිසා අවසානයේදී තමන්ගේ දේශපාලන ජීවිතයද විනාශ කර ගන්නා අවස්ථා පවා තිබෙනවා. මෙය පරිණාමික මනෝවිද්‍යාව තුළ බොහෝ සේ සාකච්ඡා වී තිබෙන කරුණක්. පරිණාමික මනෝවිද්‍යා න්‍යායකට අනුව, බලය හඹා යාමේ ප්‍රධාන අරමුණ වන්නේම කාන්තා ඇසුර ලැබීමේ අවස්ථා වැඩි කර ගැනීමයි. දේශපාලනය තුළ පිරිමින් වැඩි වශයෙන් දකින්න හැකි වී තිබෙන්නේත් මේ හේතුව නිසා.
දක්ෂිණාංශික දේශපාලනය තුළ මේ විදිහට බලය අපහරණය කිරීමක් සිදු වන අවස්ථා වලදී වාමාංශික දේශපාලනඥයින් විසින් එය මුදල් සමඟ සම්බන්ධ කරමින් විග්‍රහ ඉදිරිපත් කරනවා. දක්ෂිණාංශික දේශපාලනය තුළ මුදල් හා බලය අතර දැකිය හැකි සහසම්බන්ධය නිසා මෙවැන්නක් පෙන්වන්න පහසුයි. එහෙත්, කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලනය තුළද හොඳින් නිරීක්ෂණය වන දෙයක්. වාමාංශික දේශපාලනය තුළ ඇතැම් විට මේ තත්ත්වය වඩා වැඩි වෙන්න පුළුවන්.
වාමාංශික දේශපාලනය තුළ බලය හා මුදල් අතර සම්බන්ධය යම් තරමකින් කැඩෙනවා. ඒ වෙනුවට, "මානුෂික සබඳතා" කියන වචනය ආදේශ වෙනවා. ඔය වචනය ගොඩක් වෙලාවට වාමාංශික පිරිමි දේශපාලනඥයින් (සිවිල් බලයක් ගොඩනගා ගන්නා වාමාංශික කලාකරුවන් වැනි අයද ඇතුළුව) විසින් කාන්තා ඇසුර ලැබීම පිණිස බලය අපහරණය කිරීම සඳහා යොදා ගන්නා දවටනයක්. දේශපාලනය කිරීමෙන් සල්ලි හොයන්න උත්සාහ නොකරන බොහෝ දේශපාලනයින් විසින් දේශපාලනය කිරීමේ සවිඥානික හෝ අවිඥානික අවසන් අරමුණ වන්නේ කාන්තා ඇසුර ලැබීම සඳහා ඉඩප්‍රස්තා වැඩි කර ගැනීමයි. මෙය තවමත් මිනිසුන්ව පාලනය කරන දඩයම් යුගයේ ජාන වල බලපෑමෙන් සිදුවන දෙයක්.
ස්පාඤ්ඤ බසින් ඇල්බොරාදා කියන එකට තියෙන්නේ උදේ පාන්දර කියන අර්ථය. මම හිතන්නේ චිත්‍රපටයේ නම ඇල්බොරාදා වෙන්නේ පාන්දර ඇස ගැටුණු යුවතිය වැනි අර්ථයකින්. යුවතිය ඇස ගැටෙන්නේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියෙකු වන පාබ්ලෝ නෙරුදාට. හැබැයි නොබෙල් තෑග්ග ලැබෙන්න ගොඩක් කලින් ලංකාවේදී.
නෙරුදා සාහිත්‍යකරුවෙකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයෙකු හා කොමියුනිස්ට්වාදියෙකුද වෙනවා. ඔහු ලංකාවට එන්නේ චිලී රාජ්‍යයේ කොන්සල් වරයා ලෙසයි. ඇල්බොරාදා හදන්නට හඳගමට වස්තු බීජය වීයැයි මා සිතන සිදුවීම සිදු වන්නේ මේ කාලය තුළයි.
පහත තිබෙන්නේ මේ ගැන කලකට පෙර ලියා පළ කළ ලිපියක්. එම ලිපියෙහි නෙරුදාගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙහි එන (මා විසින් පරිවර්තනය කළ) ඇල්බොරාදා වස්තු බීජයට අදාළ කොටසද තිබෙනවා.
ඉකොන් ගේ ලිපිය මට මිස් වෙලා තියෙනවා. මම නෙරුඩා ගැන ඔය කතාව කියෙව්වා ගාඩියන් වගේ පත්තරයකින්. (ඉංග්‍රීසි ලිපියක්) හැබැයි මම නෙරුඩා ගේ කෘති රස විඳින්න ඒක බාධාවක් කර ගන්නේ නැහැ. හරියට නීලා වික්‍රමසිංහ ගේ සින්දු අහනව වගේ. ගොඩක් වමේ අය සහ යුඇන්පී අය නීලට බන් අර මරල් හරි ගන්න ඕනේ කතාව කියල. මම නම් කීවේ ඒක අදාල නැහැ මැරුණට පස්සේ. හොඳ සින්දු කීව කියල. නෙරුඩා ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි. යුඅන්පී අය හෝ රැඩිකල් අය අතරෙත් වැරදි ඕන තරම් වෙනවා. නෙරුඩා ගේ ස්ත්‍රී දූෂණ කතාව අපි දැනගෙන තියෙනේ එක හොඳයි.
ReplyDeleteමට වාමාංශික රැඩිකල් සමහරක් අය (වර්තමාන) එපා වෙන්න එක හේතුවකුත් ඕක. තමන් කර කර අනිත් අයව විවේචනය කරන එක තම සුදනා වෙලා. මම හොන්දටම් දන්නවා සමහරු ගැහැණු නිසා පීචන් වෙච්ච ඒවා හෙම. ඒත් අපි ඉදිරියේ හැසිරෙන්නේ බෝධිසත්වයෝ වගේ, අන්න ඒකට නම් අකමැතියි.
https://facultyofsex.com/archives/6683
Deleteඔය කතාව ධර්මකීර්තිගේ බොස් රනිල් වික්‍රමසිංහටත් අදාලයි නේද. එයාගේ ලිංගික නැඹුරුව නිසා පක්ෂෙම නැති කරලා දැම්මේ. අන්න ඒකට ධර්මකීර්ති අකමැති නැද්ද? ඒ ගැන කිසි දෙයක් ධර්මකීර්තිගේ බ්ලොග් එකේත් ලියන්නේ නැත්තේ ඇයි?
Deleteමගේ බොස් රනිල්????මේ චන්දි වැඩක් බලාගෙන ඉන්න අනේ. දැන් සජ්ජටද සපෝර්ට්. මම නම ඔය කාටවත් කැමති නැහැ. චම්පිකට පොඩි කැමැත්තක් තිබුන. ඒත් අර යුද්ධ කතාවෙන් පස්සේ පොඩ්ඩක් අවුල්. දැන් ඉතුරු වෙලා ඉන්නේ අකුදි විතරයි. ඒ නිසා චන්දෙ දෙනවනං අකුදී තමා- දේශපාලන වශයෙන් සහයෝගය දෙන්න කැමති හැබැයි දීප්තිට. රනිල්?? පිස්සු ඕයි තමුසෙලට
Deleteඅනික මම ඕක ලීවෙ හඳයා අනෝමා ජනාදරිට සලකපු ආකාරයත් සිහියට අරගෙන? ඇත්තටම නෙරුඩා අප්සෙට් ද එහෙම බැලුවහම? අපි හඳගමගේ නිර්මාණ වලට කැමතියි. ෆුල්ස්ටොප්.
Deleteධර්මකීර්ති පෙනී සිටින්නේ ජනාදරී වෙනුවෙන් නොවේ. ජනාදරීට සලකපු ආකාරය සිහියට එන ධර්මකීර්තිට වික්‍රමසිංහගේ ආණ්ඩුව උතුරට ටොන් ගණන් මත්ද්‍රවය යවා උතුරේ තරුණයන් හීන කල අන්දම පෙන්නේනේ නැත. නැතිනම් නොදැක්කා සේ සිටි.ධර්මකීර්ති යනු අන්ත දක්ෂිණශික එක්සත් ජාතික පක්ෂයේ ඉත්තෙකි. ඔවුන්ට අවශ්‍ය බලහත්කාරී ධනවාදය පවත්වා ගැනීම මගින් කොල්ලකෑම පමණය. විමුක්ති කොටි සංවිධානය එයට බාදාවක් වූ නිසා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුක යුරෝපය සමගින් ඉන්දියාව විමුක්ති කොටි සංවිධානය මර්දනයට සහය දැක්වූයේය.විමුක්ති කොටි සංවිධානය මර්ධනය කිරීමෙන් පසු මෙම ධනපති ආණ්ඩු යටතේ උතුරේ තරුණයන් බිලි බා ගත්තේ මත්ද්‍රව්‍ය මගිනි.
Deleteධර්මකීර්තිගේ අවසාන ඉලක්ක ධනවාදය පවත්වා ගැනීම මිසක සිනමාව හෝ අන් කිසිවක් නොවේ. මොවුන් සිනමාව යොදාගන්නෙත් ධනවාදයේ පැවැත්මට මිස අන් යමකට නොවේ.
වාමාංශික, දක්ෂිනාංශික වදන්වල අරුත වටහාගනිමු.
Deleteවාමාංශික: මම කැමති පුද්ගලයා/ කණ්ඩායම වාමාංශික වේ
දකෂිණාංශික: මම අකැමති පුද්ගලයා/ කණ්ඩායම දකෂිණාංශික වේ.
//මම නෙරුඩා ගැන ඔය කතාව කියෙව්වා ගාඩියන් වගේ පත්තරයකින්. (ඉංග්‍රීසි ලිපියක්) හැබැයි මම නෙරුඩා ගේ කෘති රස විඳින්න ඒක බාධාවක් කර ගන්නේ නැහැ.//
Deleteමමත් ඒක බාධාවක් කර ගන්නේ නැහැ. එය මම මුල් ලිපියේත් පැහැදිලිව කිවුවා. මොකද සාහිත්‍ය කෘතියක් හා එහි නිර්මාණකරු කියන්නේ කරුණු දෙකක්. හැබැයි සාහිත්‍ය කෘතියක් ඇසුරින් නිර්මාණකරුව දකින්න හා අර්ථකථනය කරන්න යන අය ඔය දෙක පටලවා ගන්නවා.
//මම හොන්දටම් දන්නවා සමහරු ගැහැණු නිසා පීචන් වෙච්ච ඒවා හෙම. ඒත් අපි ඉදිරියේ හැසිරෙන්නේ බෝධිසත්වයෝ වගේ, අන්න ඒකට නම් අකමැතියි.//
ලොකු ප්‍රතිරූප හදාගෙන තිබෙන සමහර ප්‍රසිද්ධ චරිත වල පෞද්ගලික තොරතුරු (හොඳටම අලුත් තොරතුරු පවා) මමත් ඉතාම හොඳින් දන්නවා. ඒවා ගැන කතා කිරීම මගේ දේශපාලන ව්‍යාපෘතියක කොටසක් නොවන නිසා මම කතා කරන්නේ නැහැ. මම ඒ දේවල් අදාළ අයගේ දේශපාලනය සමඟ පටලවා ගන්නෙත් නැහැ. මිනිස්සු කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දේශපාලනයට එනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සමහර අය එන්නේ සල්ලි හොයන්න. හැබැයි සල්ලි වලින් සල්ලි වශයෙන්ම ගත්තොත් කළ හැකි දෙයක් නැහැ. මෙහිදී මේ විදිහට දේශපාලනයෙන් සල්ලි හොයන අය එසේ කරන්නේ සල්ලි වලින් (හා එකට එකතු වූ බලය අපහරණය කරමින්) වෙනත් දේවල් ලබා ගන්න එක හෝ එසේ කිරීමට උත්සාහ කරන එකයි. දේශපාලනයෙන් සල්ලි හම්බ නොකරන සමහර අය සල්ලි හරහා යන්නේ නැතිව කෙළින්ම මේ අවසාන ඉලක්කය හඹා යනවා. ඊට පස්සේ "මානුෂික සබඳතා" කියන ලේබලයට මුවා වී වැරැද්ද වහගන්නවා. මේ "මානුෂික සබඳතා" වල ගොදුරු වන අයට සවන් දුන්නොත් "මානුෂික සබඳතා" වල නියම ස්වරූපය දැන ගන්න පුළුවන්. මානුෂික වෙස් මූණු ඇතුළේ ඉන්නේ සාරුවා සුනිල්ලාම තමයි.
ඉකොනොමැට්ටා,
ReplyDeleteඇත්තටම මෙම සිනමා නිර්මාණයේ ස්පාඤ්ඤ නම ඇල්බොරේඩා ලෙස නොව අල්බොරාදා (ලා අල්බොරාදා La Alborada) ලෙස උසුරුවන්නේ. මමත් ඕකේ ට්‍රේලර් එක විතරයි තාම බැලුවේ හොඳ සිනමා නිර්මාණයක් වෙන්න පුළුවන්.
කොහොම හරි ලංකාවේ සිංහල සිනමාවේ මම දැකපු සිනමා නිර්මාණ වලින් විශේෂයෙන් මෑත කාලීන ඒවායින් හොඳයි කියන්න පුළුවන් කීපයක් තියෙනවා මම හිතන්නේ සිනමා රසිකයින් විදියට අපි අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බව හිතෙන.
විශේෂයෙන් මචං, මිල්ලේ සොයා, බමර වලල්ල, ගිනි අවි සහ ගිනි කෙළි, අග්නිදාහය, ගරිල්ලා මාකටින්, රන් දිය දහර, අස්වැසුම, අලිමංකඩ, ගාමිණී, පුරහඳ කළුවර, ළමා කතා වලින් සූරිය අරණ සහ හඳගමගේ විදූ හොඳයි කියලා මට හිතෙනවා. මචං සිනමා නිර්මාණය ඉතාලි ජාතික උබර්තෝ පැසෝලි ලංකාවේ ඉංග්‍රීසි නාට්‍යවේදිනී රුවන්ති ද චිකේරා සමග හදපු ලස්සන කතාවක්.
මේවායින් පූර්ණව දේශීය නිර්මාණකරුවන් නිෂ්පාදිත බඹර වළල්ල කියන්නේ කවදාවත් අමතක නොවන චිත්‍රපටක්. මම හිතන්නේ ලංකාවේ ලෝකල් අය තනියම කරපු හොඳම නිර්මාණය, ඒකේ ඇතැම් දර්ශන ලෝක සිනමාවේ හොඳම සීන් කියලා කියන්න පුළුවන්, විශේෂයෙන්ම අවසන් වන සීන් එක පට්ට, අවුරුදු දොළහකට පස්සේ 2010 බලපු දවසේ ෆීලින් එක මට තාමත් මතකයි. මේකේ අධ්‍යක්ෂක සහ ගෝනමඩිත්තේ පොඩි එකා චරිතය කරපු අතුල ලියනගේ දැන් ඇමරිකන් එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ඉන්නේ ඔබ දන්නවාත් ඇති.
ගෝනමඩිත්තෙ පොඩි එකා වුණ අතුල නිහඬව ඉන්න එක අපි වගේ සමස්ත ශ්‍රී ලාංකික රසිකයන්ට කරන ලොකුම අසාධාරණයක්, ඉක්මනින් අලුත් නිර්මාණයක් ඕන කියලා ඔහුගෙන් මේ ඉල්ලිම කරන්න පුළුවන් වෙයි ද ඔබට?
තව හොඳ සිනමා නිර්මාණ විදියට දැකල පුරුදු කෙනෙක්, සංකාරා, හෝ ගානා පොකුණ, නිකිණි වැස්ස වගේම කොමර්ෂල් වලින් සුහද කොකා (කොමඩි), සිකුරු හතේ (කොමඩි) සහ චැලෙන්ජස්, බහුබූතයෝ (කොමඩි) වගේ ඒවා හොඳයි කියලා මට හිතෙනවා. ඉකොනොමැට්ටා සිංහල ටෙලි නාට්‍යය බලන නිසා කූඹියෝ වගේම තණමල්විල කොල්ලෙක් වගේ කතා බලන්න ඇතිනේ.
Deleteබඹර වළල්ලේ ගෝනමඩිත්තේ පොඩිඑකා සහ තණමල්විල පතෝලයා කියන චරිත දෙකෙන් තණමල්විල පතෝලයාව සෙට් උණේ 2020 දී තණමල්විල කොල්ලෙක් එකෙන්. ගෝනමඩිත්තේ පොඩිඑකා එකා සෙට් උණේ අපි නාඹර තරුණ කාලේ 2010 දී එළියට දාපු බඹර වළල්ලෙන්. මම උන් දෙන්නාටම ආදරෙයි.
ඇත්තටම ඉකොනොමැට්ටා මේ කතා දෙකම පදනම් වූ කාෂ්ටක අව්වේ දිළිසෙන ගිනිකොණ දිග ලංකාව අතීතයේ පටන් හෘදයංගම මිනිසුන්ට සෙවණ වන්නට ඇති. සහස්‍රක ගණනක් පෙර පුරාණ දුටුගැමුණු, වළගම්බා, කිත්ති කුමාරයා (මහා විජයබාහු), මහ පැරකුම්බා, තව සියවස් කීපයකට එපිටින් වෙල්ලස්සේ කැරැල්ල, 1848 කැරැල්ල මෙන්ම, දශක තුනකට පෙර රෝහණ විජේවීරලාද, කීර්ති විජේබාහුලාද සිය ආරක්ෂාව පතා පැමිණියේ මෙම ගිනිකොණදිග ලංකාවේ මිනිසුන් වෙත නේද? මමත් ලංකාවේ නිවාඩුවක් ගත කරන විට කොළඹ ගෙන්දගම් පොළවේ නොරැඳී සිට පිටත්වී ගන්දර සිට ලුණුගම්වෙහෙර දක්වා ඉඩ ලද සෑම ඇසිල්ලකම එම කලාපය වෙතම පසු බසිමි.
අපි කරක් ගහපු දන්න කියන බෝඩරේ තුංකම ගෝනමඩිත්තේ පොඩි එකාලා ගැවසුණු ඇඹිලිපිටිය, සූරියවැව, හම්බෙගමුව සහ තණමල්විල පතෝලයලා රංගනය දාපු තණමල්විල අතර දුර කිලෝමීටර් වලින් නම් පනස් ගණනකි. කොළඹ මෙන් කට කපා ට්‍රැෆික් නැති ඈත දකුණේ දුර මනින්නේ කිලෝමීටර් වලින් නොවන නිසා එය ඒ හැටි දුරක් නම් නොවේ. තංගල්ලෙන් වීල් එකක් ගත්තොත් දික්වැල්ලට, වලස්මුල්ලට, ඇඹිලිපිටියට, සූරියවැවට, තණමල්විලට සහ හම්බන්තොටට ද ඇත්තේ පොඩි කෑල්ලක් විතරයි.
මෙයින් සූරියවැව ඇත්තේ තුංකම සහ තණමල්විලට හරි මැදයි. වැටිය, අන්දරවැව, කටුවැව, මිරිජ්ජවිල මේ වගේ ලස්සන පළාත්, තරමකින් එක්සත් ජනපදයේ කැලිෆෝනියා ටෙක්සාස් නෙවාඩා පිටිසර සිරියාවට ළඟයි කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම උඩුගල්මොටේ, නිහිළුව, පල්ලත්තර, දම්මුල්ල, වලස්මුල්ල, කටුවන, තංගල්ල, සූරියවැව ද යා කරමින් ගලා ගිය ලේ ගංගා දැන් දැන් කාලයාගේ අවෑමෙන් සිදී ගොස් ඇති නිසා බය නැතුව සංචාරය කරන්න පුළුවන්. ලංකාවේ පමණක් නොව arguably ලෝකයේම ඉස්තරම්ම වර්ගයේ ත්‍රෛලෝක විජ පත්‍ර සඳහා සකළ ශ්‍රී ලංකාවේම බඹරුන් අතර මේ බෝඩරේ සුප්‍රසිද්ධ වුවත් මේ කලාපය නිජ බිම් වූ බඹරුන් හැර රට පුරා බොහෝ දෙනෙක් අත නූතනයේ වැඩිපුර ගැවසෙන්නේ කේරළ මෝර්ටීන් පත්‍ර වීම අවාසනාවක්.
ලංකාවේ පහුගිය 30 වසරක සෝ කෝල්ඩ් දේශප්‍රේමී යුද්ධය සඳහා සොල්දාදුවන්, විශේෂ බළකා, කමාන්ඩෝ දිගු දුර විහිදුම් හේවායන් නිෂ්පාදනය කළ, තවත් තිස් වසරකට පෙර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වෙත මුරණ්ඩුම කාඩර්වරුන්, ආයුධ නිෂ්පාදකයන් නිමැවූ, මව්බිම නැත්නම් මරණය යන දහම තදින් වැළඳගෙන උපරිම කැපකිරීම් කළ හැකි ලේ උණුවෙන මිනිසුන්ගේ කලාපයක්. එමෙන්ම අදටත් නෂ්ටාවශේෂ ලෙස කුල පීඩනය වැනි ප්‍රාථමික සමාජ දුබලතාවයන් පවා මෙහි ජීවමානයි.
ඔබට මතක ඇති තණමල්විල කොල්ලොන්ගේ රංගන වෘන්දයේ ප්‍රධාන කැරැක්ටර් එක දීප්තයා වුවත් මම වැඩිපුරම ආදරේ උගේ අයියා වන ලොක්කයියාටයි. ඊට පසු පතෝලයාට. ඊටත් පසු දම්මිටයි.
මේ අයුරින් ෆැන්ටසිය ඉවතලා යථාර්තවාදී රීතිය උත්කර්ෂයට නගන ටෙලි ප්‍රවණතාවයට මම කැමතියි. මෙය සිනෙමාව තුළටද ගෙන ඒම එම කර්මාන්තය හමුවේ පවතින අභියෝගයක්. ඒ සඳහා සුදුසු ප්‍රේක්ෂකාගාරය නිර්මාණය කිරීමෙහිලා තණමල්විල කොල්ලෙක් වැනි නිර්මාණ තුළින් සිදුවන්නේ ඉමහත් සේවයක්. මීට දශකයකටත් එපිටින් බඹර වළල්ල වැනි නිර්මාණයක් බිහි වූයේ එයාකාර කිසිඳු ප්‍රවණතාවයක් පෙනෙන්නට වත් නොතිබූ සමයක. එනිසාම එය මේ ධාරාවේ වැදගත් මං සළකුණක් ලෙස සනිටුහන් කර ගැනීමේ වැදගත්කමක් තියෙනවා නේද?
ඒ වගේම ගෝනමඩිත්තේ පොඩිඑකා, තණමල්විල පතෝලයා මෙන්ම තවත් අප්‍රකාශිත කතාන්දර ගණනාවක් මෙම සශ්‍රීක ගිනිකොණදිග ලංකාවේ සැඟවී තියෙනවා ඉකොනොමැට්ටා. අවශ්‍ය වන්නේ ඒවා රසවත්ව ඉදිරිපත් කරන එකයි. ඒ සඳහා රසිකයන් වශයෙන් අපට ගොඩක් දේවල් කරන්න වෙනවා නේද?
හොඳ ප්‍රතිචාරයක් ඇනෝ. නොදන්නා පළාතක් ගැන රසවත් විස්තරයක් එක්ක.
Deleteහොඳ ප්‍රතිචාරයක් කියා මමත් කියනවා. ඔබ සඳහන් කරන චිත්‍රපට වලින් බාගයක් පමණ නරඹා තිබෙනවා. ඉතිරිවා නරඹන්න අවස්ථාවක් ලැබී නැහැ. ඔබේ ප්‍රතිචාරය දුටු විට බඹර වළල්ල නැරඹීමට උනන්දුවක් ඇති වෙනවා. මෙහි නම අනුව එතරම් හොඳ නිර්මාණයක් කියන අදහස මට ඇවිත් තිබුණේ නැහැ.
Delete//ඉකොනොමැට්ටා සිංහල ටෙලි නාට්‍යය බලන නිසා කූඹියෝ වගේම තණමල්විල කොල්ලෙක් වගේ කතා බලන්න ඇතිනේ.//
ඔය දෙකම මම ඉතා කැමැත්තෙන් බැලුවා. හැබැයි මම කූඹියෝ ටෙලි නාට්‍යයට කැමති එහි ආකෘතිය නිසා මිසක් අන්තර්ගතය නිසා නෙමෙයි. ඊට සාපේක්ෂව තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයට මම කැමති එහි අන්තර්ගතය නිසා.
//මේ අයුරින් ෆැන්ටසිය ඉවතලා යථාර්තවාදී රීතිය උත්කර්ෂයට නගන ටෙලි ප්‍රවණතාවයට මම කැමතියි.//
මමත් මෙම ටෙලි නාට්‍යයට කැමති මේ හේතුව නිසා. මෙහි චරිත මට පෞද්ගලිකව දැනෙන චරිත.
අජිත්,
Deleteඔබ බදුල්ල පැත්තේ කෙනෙක් නේද? මේ පළාත් ගැන අහල නැති වෙන්න බැහැ නේ අසල්වැසි දිස්ත්‍රික්ක නේද? ඒ වගේම උඩ ඇනෝත් කියල තියෙන විදිහට බඹර වළල්ල චිත්‍ර පටයේ සිම්බොලික් රෙප්‍රසන්ටශන්ස් ගැන ඔබට විග්‍රහයක් කළ හැකිද? උදාහරණයක් විදිහට;
01. තම ආදරණීය පුතණුවන් මිනීමැරුමකට හසුවී මිනීමරුවකු ලෙස සිරගෙට යාමත් ස්වාමියා අහිමිවීමත් යන විඳීමට හා දරා ගැනීමට අපහසු සිදුවීම් පටාචාරවට සේම පොඩි එකාගේ මවටද එකසේ අත් විඳිින්නට සිදුවීම එම මවට සිහිය විකල්වීමට හේතුවේ. එම මව හොර රහසේම නගරයට යන්නේ විකල් මනසින් වුවත් මේ අවනඩුව ලෝකයාට ඉදිරිපත් කිරීමට බවත් පැහැදිලිව සංකේතවත් වේ. මවගේ චරිතය බොහෝ විට නිශ්ශබ්ද චරිතයක් ලෙස ඉදිරිපත් කෙරෙතත් ඔහු තම පුතා කුඩා කාලයේ බිත්තියේ තම පවුල නිරූපණය කිරීමට අඳිනු ලැබූ කතිර තුන සෑම තැනකම අඳින එක තම පවුල විනාශ වූ බවට අඳින ලබන පැහැදිළි සංකේතයකි. නමුත් ලෝකයා එයට ප‍්‍රතිචාර දක්වන්නේ වතුර බාල්දියකිනි. පොඩිඑකා එයට එරෙහි වුවත් මාමා එය වලක්වනු ලබන්නේ ලෝකයා ඉදිරියේ මෙම අවනඩුව ඉදිරිපත් කිරීම ඵලයක් නොවන බැවිනි.
02. මැල් සැදැහැවත් මිනීමරුවා සේ ඉතා මනාව සිනමාපටය පුරාම රඟ දක්වයි. පෝයට මිල අධික මල්වට්ටියක් හා අටපිරිකරක් පූජා කරන, පන්සිල් සමාදන්වන, බෞද්ධ සම්මේලනවල සභාපතිකම් හොබවන ගමන්ම කුඩු විකුණන, රටේ මිනිසුන්ගේ කණකර උකස් කර ජාවාරම් කරවන මැල්ගේ උදාන වාක්‍යය වන්නේ ”මම වලදාන්නේ මැරිච්ච මිනිස්සු, පන තියෙන උන් නෙමෙයි” ”නිතරම ආයුධ විතරක් පාවිච්චි කරන්න එපා හැකි හැම වෙලාවකම සල්ලි පාවිච්චි කරපන් ” මැල් චරිතය සෑම විටම පොඩි එකා නම් චරිතය නාගරිකත්වයට හුරු කළ අතර ”ගමේදි කැම කන්නේ හුරු අත වෙච්ච වම් අතෙන්, ඒක ටිකක් හරි මදි ,දකුණින් කාපං. ගමෙන් ගෙනාපු ගොඩක් දේවල් අතාරින්න වෙනවා නැත්නම් අපට අනාගතයක් නෑ හෙටක් නෑ.” මෙහිදී පැහැදිලිවම මැල් නම් වූ මිනී පෙට්ටි සාප්පු මුදලාලි විසින් පොඩි එකා සූක්ෂම හා තියුණු ලෙස එම පරිසරයට හුරු කර ගැනීමේ මෙහෙයුම සංකේත වේ.
03. එසේම මෙමඟින් සංකේත වන්නේ මිනිසා සමාජයට අනුරූප වන්නට ගතවන්නේ සීමිත වෙලාවක් බවත් අයෙකු යම් කිසි දෙයකට අනුරූප වීමට කෙනෙකුගේ වචනය බලවත් වන බව. පොඩි එකා නූගත් පාසල් නොගිය බව "උඹව ඉස්කෝලේ යාවාගන්න බැරිවුණානේ” සේම පොඩි එකා හිරගෙයට ගොස් එම අවස්ථාවේදී අත්සන් කිරීමට නොහැකිව ඇඟළි සළකුණ තැබීම. පොඩි එකා බොහෝ අවස්ථාවන්හිදී කියන "මට හුඟක් දේවල් තේරෙන්නේ නැහැ" ගැමි තරුණියට ආදරය ප‍්‍රකාශ කිරීමේදී හා මැල් චරිතය සමඟ සම්බන්ධ සෑම අවස්ථාවකදී සංකේත වන්නේ පොඩි එකා ගමෙහි ඉපදී හැදුණු නූගත් අයෙකු බව. පොඩි එකාගේ චරිතය බොහෝ අවස්ථාවන්හි නිහතමානි චරිතයක් ලෙස පෙන්වීම පොඩි එකා හිරගෙයින් නිදහස් වී පැමිණි අවස්ථාවේදී මාමා විසින් උඹ දැං මොකද කරන්නේ යැයි ඇසූ පැනයට පිළිතුරු වශයෙන් කියා සිටියේ "මගෙනුත් මොනා හරි වෙන්න එපැයි", තවත් අවස්ථාවක තමන් කුඹුර සී සා පැමිණ මුදල් ලබා දීමෙන් පසුව නැන්දා මුදල් ලබා දීමේදී "ඔය වැඩි" යැයි පවසන සේම මැල් සමඟ ඉන්නා කාලයේදී මිනීමැරුමක් කර යන්නට සැරසීමේදී තම සගයන්ගේ ආරක්ෂාව ගැන සිතමින් "ධර්මේ අයියේ සරාවත් බලපන්” යකීමෙන් ඔහුගේ අව්‍යාජ ලෙංගතු බව, තම අහිමි වූ ආදරණීය එකම සොයුරිය අක්කා ගැන සිතමින් ලත වෙන ගතිය මතු කරනවා නේද?
පොඩි කාලේ හිටි නිසා දන්නේ නැහැ ඇනෝ. වලස්මුල්ලේ පැත්තේඉඳන් ආපු යහළුවෙක් නම් ඉන්නවා. එපමණයි. බඹරවළල්ල බලල නැහැ. සති අන්තයේ ඔය දීලා තියෙන යොමුවෙන් බලන්න හිතන් ඉන්නවා. සංකේත වලට හැම ආකාරයකටම නිර්වචන දෙන්න පුළුවන්නේ. ඔබට හිතෙන එක මට නොහිතෙන්න පුළුවන්. පලවෙනි ඡේදයේ (01) සංකේත (symbolism) වුනාට (03) රූපක (metaphor0 නෙමෙයිද? ඒ කියන්නේ නූගත් කම ප්‍රශ්නයක් වීම, හැම වෙලේම හරහට හිටීම පෙන්වන්නේ ඒ චරිතය හැසිරෙන ආකාරයෙන් . (මට හිතුනේ එහෙම)
Delete@බසු - චින්තන ගේ කතාවට එකඟයි. ස්තුතියි දැම්මට. එකොන් ගේ මෙතන තියන්නේ වාමාංශිකයෙක් නිසා විවේචනයක් නෙරුඩා ගැන. මට හිතෙන්නේ එහමයි. චින්තානගේ ලියමන ඊට වඩා සාධනීය එකක්. නෙරුඩා , නිලා වගේම හඳගම ගේත් නිර්මාණ අගය කරන්න පුළුවන් මට. හයිඩගර් ගේ ෆිලොසොෆිය ඉගෙන ගන්නවා වගේ. මම වාමාංශික සමහර අයට අකමැති හේතුව කුඩු කාරයෝ වගේ මේ ප්‍රශ්නයේදී සුදු පිරුවට ඇඳ ගන්න එක. බ්‍රිත්නය කම්කරු පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේත් තව ට්‍රොට්ස්කි වාදී පක්ෂයත් උණු ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජන ලඟකදී තමා එලියට ආවේ.
ReplyDeleteචින්තන විසින් ලියා ඇති දේවල් සමඟ මම මුළුමනින්ම එකඟ නැහැ. "ඇල්බොරාදා නරඹන හැම කෙනෙක්ම නෙරූදාගේ සටහන් කියවන්නම ඕන. වාසනාවකට ෆිල්ම් එකත් එක්ක ඒ පොත සිංහලට පරිවර්තනය වුනා." කියා ඔහු ලියා තිබෙනවා. චින්තන විසින් මේ පොත (සිංහල පරිවර්තනය විය හැකියි) කියවා ඇති බව පේනවා. ඒ වගේම, මෑතකාලීනව මතු වූ නෙරුදා විරෝධය පිළිබඳවත් දැනුවත් බව පේනවා. ඊට අමතරව ඔහු විසින් හඳගමගේ චිත්‍රපටයද නරඹා තිබෙනවා. මම හඳගමගේ චිත්‍රපටය නරඹා නැහැ. ඒ නිසා, මට මෙම චිත්‍රපටය පිළිබඳව හෝ ඒ ගැන චින්තන විසින් කරන විවේචනය ගැන අදහස් දැක්වීමේ හැකියාවක් නැහැ.
Deleteමට ප්‍රශ්නයක් තියෙන්නේ "මෑත යුගයේ සංකල්ප, ඒ සංකල්පය උපදින්න පෙරවූ යුගයකට අරන් ගිහින් ඒ තත්වයන් විනිශ්චය කරන්න යොදාගැනීම අමනෝඥ ක්‍රියාවක්." කියන ප්‍රකාශයත් එක්කයි. මේ අදහස මම බැහැර කරන්නේ නැහැ. වත්මන් මිනුම් දඬු වලින් අතීතය දකින්න යාමේදී ගැටළුකාරී තත්ත්වයක් මතු වෙනවා තමයි. එසේ වුවත්, අපට අතීතය දකින්න පුළුවන් වන්නේම වත්මන් මිනුම් දඬු වලින්. වෙන ක්‍රමයක් නැහැ. ඉහත ප්‍රකාශය කරද්දී චින්තන විසින් කරන්නෙත් ඔහුගේ වර්තමානයේ ප්‍රක්ෂේපනයක් ලෙස අතීතය දකින එකයි. මෑත යුගයේ සංකල්ප උපදින්න පෙර යුගය ගැන චින්තන හරියටම දන්නේ කොහොමද? හඳගම වගේම චින්තන විසින් කරන්නෙත් ඔවුන්ගේ වත්මන් මිනුම් දඬු වල ප්‍රක්ෂේපණයක් ලෙස අතීතය දකින එකයි. මම කරන්නෙත් ඒක. වෙන කෙනෙකුට කළ හැක්කේත් ඒක.
මට මේ සිද්ධිය ගැන මුලින්ම දැන ගන්න ලැබුනේ මතක හැටියට අනූව දශකයේ මුල් කාලයේ පමණ. කොහොම වුනත් සිද්ධිය මිසක් නෙරුදා යන නමවත් මට මතක තිබුණේ නැහැ. මා කියවූ ලිපියෙහි මේ ගැන ලියා තිබුණු කවුරු හෝ පුද්ගලයා විසින් සිද්ධිය විස්තර කර තිබුණේ නෙරුදාගේ මානුෂීය ගුණාංග ඉස්මතු වූ අවස්ථාවක් ලෙසයි. 2016දී මම මේ ගැන සඳහන් කරමින් කාගේ හෝ බ්ලොග් එකක ප්‍රතිචාරයක් දැමීමෙන් පසුව කවුරු හෝ ඇනෝ කෙනෙක් නෙරුදා කියන නම මතක් කළා. ඒ වෙලාවේ මට මේ ගැන වැඩි විස්තර හොයන්න උනන්දුවක් ඇති වුනා. සිද්ධිය ගැන ලියා තිබුණු කිහිප දෙනෙක්ම ඒ ගැන දැන ගෙන තිබුණේ කිසියම් ද්වීතියික මූලාශ්‍රයකින්. ඒ නිසා, මට මුල් පොත හොයා ගෙන කියවන්න අවශ්‍ය වුනා.
Deleteඒ අවස්ථාවේදී මම පොතේ ඉංග්‍රීසි පරිවර්තනයක් හා මුල් ස්පාඤ්ඤ පොත හොයා ගත්තා. ඉංග්‍රීසි පරිවර්තනය කියෙවුවා. එය කියවද්දී මට ඇති වූ හැඟීම මෙය ඉතා කැත ස්ත්‍රී දූෂණයක් මිසක් මම පෙර කියවා තිබූ ලිපියෙහි ලේඛකයා විසින් විස්තර කර තිබුණු ආකාරයේ අනුකම්පාව පෙරදැරි කරගත් මානුෂික ක්‍රියාවක් නොවන බවයි.
මගේ පෙර ලිපියෙහි මා විසින් පරිවර්තනය කර තිබෙන්නේ නෙරුදාගේ ස්වයංලිඛිත චරිතාපදානයේ අදාළ කොටස. ඔය සිද්ධිය සම්බන්ධ ජිජැක්ගේ සිට හඳගම දක්වා සියල්ලන්ගේම විශ්ලේෂණ පදනම් වන්නේ ඔය ලියා තිබෙන ටික මතයි. ඊට වඩා යම් දෙයක් ඇත්නම් ඒ නෙරුදා විසින් කියූ දෙයක් නෙමෙයි.
චින්තන ලියා ඇති පරිදි හඳගම විසින් "ගෙදර ඇත්තට ඉන්න බ්‍රම්පි වෙනුවට දෙමළ මනුස්සයෙක් අඩංගු කරනවා." එය පොතේ තිබෙන කරුණු විකෘති කිරීමක්. හැබැයි මෙය වාර්තා චිත්‍රපටියක් නොවන නිසා හඳගමට එසේ කරන්න අයිතියක් තිබෙනවා. චින්තනට හඳගම විසින් එසේ කිරීම විවේචනය කරන්නත් අයිතියක් තියෙනවා.
වසර ගණනක් මගේ සමීපතම කාර්යාල සගයෙක් වුනේ චිලී රටෙන් ආ අයෙක්. තවත් මගේ සමීපතම මිතුරෙක් සහ ඔහුගේ බිරිඳ කොලොම්බියානු ජාතිකයින්. මේ දෙන්නා විධිමත් ලෙස සාහිත්‍යය හදාරා තිබූ අය. මාර්කේස් පිස්සෝ. නෙරුදාට කොලොම්බියාවේත් විශාල පිළිගැනීමක් තිබෙනවා. මට ස්පාඤ්ඤ භාෂා ප්‍රවීණතාවක් නැහැ. එහෙත් ඇමරිකාවේ ස්පාඤ්ඤ භාෂාව ලංකාවේ දෙමළ වගේ. අපේ දරුවන් දෙවන බස සේ ඉගෙන ගන්නේ ස්පාඤ්ඤ භාෂාව. අප යන එන ඇතැම් තැන් වල ස්පාඤ්ඤ දෙබස් නිතර ඇහෙනවා. රෝමානු අකුරින් තිබෙන නිසා ස්පාඤ්ඤ වචන හරියටම නොවුණත් කියවන්න පුළුවන්. මම ඉහත ලිපිය ලියන්න පෙර මගේ ස්පාඤ්ඤ බස කතා කරන මිතුරන් සමඟ කතා කර ඔවුන් මුල් පොතේ මේ කොටස පරිවර්තනය කරන ආකාරයත් අහගත්තා. 2016 ලිපිය සමඟ පළ කර තිබෙන්නේ මට හැකි තාක් නිවැරදිව සිදු කළ මුල් පොතේ අදාළ කොටසේ පරිවර්තනයක්. මෙහි සන්දර්භය දැන ගැනීමට මුළු පොතම කියවන එක හොඳ වුවත් එය අත්‍යවශ්‍යයැයි මා හිතන්නේ නැහැ. තමන්ගේ තර්කය ගොඩ නැගීම සඳහා චින්තනට අවශ්‍ය පොතේ ඇති ඇතැම් කරුණු චින්තන විසින් ඔහුගේ ලිපියේ සඳහන් කර තිබෙනවා. ඒ කරුණු නිවැරදියි වගේම නෙරුදා සංවේදී පුද්ගලයෙක් බව ඒ කරුණු වලින් තහවුරු වෙනවා. ඒ ගැන විවාදයක් නැහැ.
හැබැයි ඔය මා විසින් පරිවර්තනය කර තිබෙන කොටස කියෙවුවොත් පැහැදිලි වෙයි නෙරුදා විසින් ලියා තිබෙන ආකාරය අනුව වෙලා තියෙන්නේ කුමක්ද කියන එක. ඕනෑම කෙනෙකුට මා සමඟ එකඟ නොවෙන්න පුළුවන්. මොකද මේ මෙය මා දකින ආකාරය.
මම එකඟ නොවන්නේ මේ කොටසටයි.
Delete"උසස් යැයි සම්මත කෙනෙකුගේ ආකර්ශනයට බඳුන්වීම පහත් යැයි ප්‍රතික්ෂේපිත කාන්තාවකට දැනෙන්න ඉඩ තියෙන්නෙ අද අපි කැම්පස් එකක් ඇතුලෙ ඉඳන් විනිශ්චය කරන ආකාරයෙන් නෙමෙයි. ඒක බොහෝ විට බලහත්කාර දූෂණයකට වඩා අප්‍රකාශිත කැමැත්තකින් ඉඩදීමක් වෙන්න පුළුවන්."
ඕක පිරිමි මානසිකත්වය. ගොඩක් පිරිමි මේ වගේ අවස්ථා වලදී ගෑණු ගැන හිතන්නේ "ඔය බොරුවට අකැමැත්ත පෙන්නුවට ඕකි හිත යටින් කැමතියි!" කියලා. සමහර වෙලාවට ඒක ඇත්තටම එහෙමයි. එහෙත් ගොඩක් වෙලාවට එහෙම නැහැ. මේ සිදු වීමේදී නෙරුඩා ඉතා පැහැදිලි ලෙසම sexual predator කෙනෙක් ලෙස කටයුතු කරනවා. අදාළ කාන්තාව ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අන්තිමේදී නෙරුඩා ගොදුර වෙත යන්නේ තමන්ගේ මානුෂීයත්වය පැත්තකින් තියලා සතෙක් වගේ. ඒ වගේම, නෙරුඩා සම්බන්ධ තොරතුරු හෙවුවොත් ඔහුගේ චරිතයේ තවත් මෙවැනි තැන් හඳුනා ගන්න පුළුවන්. නෙරුඩාට ස්ත්‍රීවාදී විරෝධයක් එන්නේ ඔය සියල්ලම එක්ක.
මෙහිදී නෙරුඩා එදා කළ දෙය අද විවේචනය කළ යුත්තේ අද සන්දර්භය තුළ එම ක්‍රියාව දකිමින් නෙරුඩාට දඬුවම් කිරීම සඳහා නෙමෙයි. අද සන්දර්භය තුළද මේ වැඩේම කරන අයට කරන විවේචනයක් විදිහට. ලංකාවේ ස්ත්‍රී දූෂණ නඩුවකදී ගොඩක් වෙලාවට පිරිමියා බේරිලා කාන්තාව දෙවන වරට දූෂණය වෙන්නේ ඔය චින්තන කියන "අප්‍රකාශිත කැමැත්ත" කියන එක ඇතුළේ. ඇමරිකාවේනම් මේ හා අදාළව ඉතාම පැහැදිලි ඉරක් ඇඳ තිබෙනවා. අප්‍රකාශිත කැමැත්ත කියා දෙයක් නැහැ. ප්‍රශ්නය කෙළින්ම අහලා කෙළින්ම පිළිතුර ගන්න ඕනෑ. ආයේ ඔලුව වනලා හරියන්නේ නැහැ. සම්බන්ධයක් තිබුණා කියලා හරියන්නෙත් නැහැ. ඒ වගේ තැනකට යාම ලංකාවට ගොඩක් දුරස්ථ තත්ත්වයක් තමයි. හැබැයි එතැනට යන තුරු ඔය "අප්‍රකාශිත කැමැත්ත" කියන වචන වල වාසිය පිරිමින් විසින් ගන්නවා.
චින්තන සහ ඉකොනොගේ තර්ක දෙකම හරි කියල් තමයි මට කියන්න තියෙන්නෙ.
Deleteහැබැයි නෙරුද ඔහු ඔහුගැනම ලියපු සටහනක් නිසා ඔහු ගැන ඔහුටම පසුව ඉපදුන අප්පිරියාව නිසා වඩා ර්වුද්‍ර විදියට සිඩ්දිය විස්තර කලා වෙන්නත් පුලුවන්. ඔහුට ඒ ගැන සටහනක් තැබීමට හිතෙන්නෙම පසුව උපන් පිලිකුල නිසා නේද?
ඔබට ඔය විදිහේ අර්ථකතනයක් දෙන්න පුළුවන්. මට ඔය විදිහේම හෝ වෙනත් විදිහක අර්ථකතනයක් දෙන්නත් පුළුවන්. නමුත්, මේ වගේ අර්ථකථන හරි හෝ වැරදි වෙන්න පුළුවන්. අපට ඒවා තහවුරු කර ගත හැකි ක්‍රමයක් නැහැ. කරුණු ලෙස ගත්තොත් නෙරුදා විසින් ලියල තියෙන්නේ මගේ පෙර ලිපියේ සඳහන් විස්තරය. මම ඒ කොටස පුළුවන් තරම් නිවැරදිව පරිවර්තනය කළේ ඒ නිසා. සමහර විට ඔහු හැකිතාක් අවංකව ඔහුගේ අත්දැකීම් සටහන් කළා වෙන්න පුළුවන්. මම මේ පොත කියෙවුවේ 2016දී. දැන් එහි පිටපත් මා ළඟ නැහැ. මට මතක හැටියට බුරුමයේ සිට ඔහුව හොයා ගෙන එන පෙම්වතියට ඔහු සලකන්නෙත් ඉතාම නරක ලෙස. ඇය කකුල් අල්ලා අඬලා මුහුණේ ගෑවුණු සපත්තු පොලිෂ් පිටින් ආපසු යන්න නැවු නගිනවා. එහෙත් නෙරුදාගේ හිත උණු වෙන්නේ නැහැ. ඔය වගේ තවත් සිද්ධි තිබෙනවා. සමහර විට මේ සිද්ධියේ වුනත් තවත් නොකියූ කොටස් තිබෙනවා විය හැකියි. ඔය කාන්තාව අතින් ඇදගෙන ඇවිත් රමණයේ යෙදුනට පස්සේ කතාව නවතිනවා. ඔහු ලිවුවේ ඔහුට අවශ්‍ය කොටස වෙන්න පුළුවන්. ඇත්ත තත්ත්වය ඔයිටත් වඩා නරකද කියන්න වුනත් අපි දන්නේ නැහැ. සමහර විට ඔහු පෙන්වූ තරම් මානව හිතවාදියෙක් නොවෙන්නත් පුළුවන්. ඔය ඕනෑම දෙයක් අපේ හිතළු පමණයි. අපි ඕනෑම කෙනෙක් මේ අතීත සිද්ධිය දැන් විග්‍රහ කරන්නේ අපේම රාමුවක සිටයි. අමතර සියලු දේ අපි දකින අපේ පරිකල්පන මිසක් නෙරුදා කියා ඇති දේවල් නෙමෙයි. හඳගම ඒ වැඩේ හඳගමට අවශ්‍ය විදිහට කරනවා. එච්චරයි.
Deleteඔව්. ඒක හරි.
Deleteනෙරුදා සම්බන්ද ප්‍රශ්නය පැත්‍තකින් තිබ්බොත්, අර චින්තා කියන ඇමෙරිකාවෙ නගරයක පිලිම කැඩීමෙ සිද්දිය ඔබ දකින්නෙ කොහොමද?
//අර චින්තා කියන ඇමෙරිකාවෙ නගරයක පිලිම කැඩීමෙ සිද්දිය ඔබ දකින්නෙ කොහොමද?//
Deleteලින්ක් එකක් දාන්න පුලුවන්ද?
මේ සංවාදය රසවත්. මට හිතෙන්නෙ ඉකොන් තර්කානුකූලව, වියයුතු දෙය (normative) කතා කරන අතර, Faculty of Sex කතා කරන්නෙ ඇත්තටම වෙන සහ අහන දකින (empirical/positive) දෙය. උඩ ඇනෝ කිව්වා වගේ දෙන්නම 'හරි'.
Delete'ප්‍රශ්නය කෙළින්ම අහලා කෙළින්ම පිළිතුර ගන්න ඕනෑ. ආයේ ඔලුව වනලා හරියන්නේ නැහැ' ඇත්ත. නමුත් අපි සංස්කෘතික විවිධත්වය ගැන ඉගෙන ගන්නකොට, සමහර cultures වලට අදාලව 'yes doesn't always mean yes' කියලා කියනවනෙ. ඒ නිසා කැමැත්ත ගැනීමත් tricky විය හැකියි.
මුකුත් නොසිතා ෆිල්ම් එක බලන්න ලැබුනු වෙලාවක බලන්න ඕනෙ, අජිත් පැරකුම් ලියලා තියෙනවා වගේ.
සොරි. ඇමෙරිකාවෙ නෙමෙයි, එන්ගලන්තෙ පිලිම කඩපු කතාව. කොල්ස්ටන්ගෙ.
Deleteහ්ම්...ලෝටස් කිව්වා වගේ මේ සංවාදය රසවත්. ඔක්කොගෙම අදහස් කියෙව්වාම තමයි, විවිධ පැති පේන්න ගන්නෙ.
Deleteපැරාගෙ විචාරය මේ දෙකටම වඩා වෙනස්:
http://w3lanka.blogspot.com/2022/02/blog-post_21.html
පැරාගේ විචාරයත් හොඳයි. එතන පැත්තක් ගන්නේ නැතිව පැරා අතුරේ යනව වගේ ලියන්නේ. ඒ අතින් එකොන් හා චින්තන ඊට වැඩිය නිදහස්ව ලියනවා. //"උසස් යැයි සම්මත කෙනෙකුගේ ආකර්ශනයට බඳුන්වීම පහත් යැයි ප්‍රතික්ෂේපිත කාන්තාවකට දැනෙන්න ඉඩ තියෙන්නෙ අද අපි කැම්පස් එකක් ඇතුලෙ ඉඳන් විනිශ්චය කරන ආකාරයෙන් නෙමෙයි. ඒක බොහෝ විට බලහත්කාර දූෂණයකට වඩා අප්‍රකාශිත කැමැත්තකින් ඉඩදීමක් වෙන්න පුළුවන්."
Deleteඕක පිරිමි මානසිකත්වය. ගොඩක් පිරිමි මේ වගේ අවස්ථා වලදී ගෑණු ගැන හිතන්නේ "ඔය බොරුවට අකැමැත්ත පෙන්නුවට ඕකි හිත යටින් කැමතියි!" කියලා// ඔය දෙක දෙකක්. උඩ චින්තන ලියන එකයි /බොරුවට අකමැත්ත පෙන්වන ගැහැණු " කතාවයි. අප්‍රකාශිත කැමැත්තකින් ඉඩ දීම බොහෝ ආසියානු හා නැගෙනහිර යුරෝපිය රටවල් වල වෙන දෙයක්. එකොන් කියන විධිහට ඒ කියන්නේ - අද අපි නීතියේ විධිහට කෙලින්ම " ඔයා සෙක්ස් කරනවට කැමතිද නැත්ද මාත් එක්ක කියල අහල " සෙක්ස් කරන එක අද සේෆ්. නඩුවලින් බේරෙන්න පුළුවන්. ඒක හරි. හැබැයි ඒක අහනකොටම සෙක්ස් වල තියෙන සෞන්දර්යය නැතිව යනවා. ඊට පස්සේ එතන යාන්ත්‍රික ක්‍රියාවලියක් විතරයි ඉතිරි වෙන්නේ. අපට හඳගම හිතන විධිහට (නෙරුඩා ලියපු එක , එයාගේ පසුතැවීම බලල ) ඒක දුෂණයක් කියලා නිර්වචන කරන්නත් පුළුවන්. ඒත් ඒක දුෂණයක් නොවෙන්නත් පුළුවන්. අශෝකමාලා , සාලියට රජ කුමාරයා නිසා ඉඩ දුන්න වෙන්නත් පුළුවන්, සාලිය රජ කුමාරයා නිසා අශෝකමාලා ව දුෂණය කරා වෙන්නත් පුළුවන්. නමුත් රජකම හැර ගිය නිසා අපි පිලි ගන්නවා දුෂණයක් නෙමේ උනේ කියල. මෙතැන දුෂණයක් කියල හිතන්න පුළුවන් එකම හේතුව - නෙරුඩා ගේ පසුතැවීම මත විතරයි. නෙරුඩා පරණ පෙම්වතිය බලන්න ආවේ නැහැ කියන එකෙන් නෙරුඩා දුෂකයෙක් කියල ගම්‍ය වෙන්නේ නැහැ. එකොන් උත්සාහ කරන්නේ නෙරුඩා හිත් පිත් නැති වනචරයෙක් කියල පෙන්වන්න කියල මට හිතෙන්නේ ඒ කෑල්ල ලියල. සමහර වෙලාවට නෙරුඩා හිතන්න ඇති කසාද බැඳලා ඉන්න ගැහැණියක් බලන්න ගිහින් තවත් වද දෙන්නේ මොකටද කියල?
//හැබැයි ඒක අහනකොටම සෙක්ස් වල තියෙන සෞන්දර්යය නැතිව යනවා. ඊට පස්සේ එතන යාන්ත්‍රික ක්‍රියාවලියක් විතරයි ඉතිරි වෙන්නේ.//
Deleteමේකට එකඟයි. නීතිය කුමක් වුනත් ඇමරිකාවේ වුවත් මෙය මේ විදිහටම වෙනවා කියලා මම හිතන්නේ නැහැ. මම වැරදි වෙන්නත් පුළුවන්. නමුත් මේ නීතිය නිසා මේ ක්‍රියාවලිය තුළ දුබලයා වන කාන්තාව සවිබලගැන්වීමක් වෙනවා. කාන්තාවකට පිරිමියෙක්ව දූෂණය කළ හැකියි කියාත් කෙනෙකුට කරුණු ඉදිරිපත් කළ හැකි වුවත් ඊට සාපේක්ෂව පිරිමියෙක් විසින් කාන්තාවක් දූෂණය කරන එක සාපේක්ෂව පැහැදිලි, කාට වුවත් එකඟ විය හැකි, දෙයක්. අජිත් කියනවා වගේ සංස්කෘතික හේතු නිසා අප්‍රකාශිත කැමැත්තකින් ඉඩ දීම සිදු වන අවස්ථා ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඇත්තටම එසේ සිදුවන අවස්ථාවක පසුව ප්‍රශ්නයක් වෙන්න තිබෙන ඉඩ අඩුයි.
ප්‍රායෝගිකව ස්ත්‍රී දූෂණයක් ඇත්තටම සිදු වන බොහොමයක් අවස්ථා වලදී දූෂකයා හැංගෙන්න හදන්නේ ඔය අප්‍රකාශිත කැමැත්ත කියන එක ඇතුළේ. මෙය සාමාන්‍ය තත්ත්වය. ඒ වගේ අවස්ථාවක ඇමරිකාවේ ආකාරයේ නීතියක් කාන්තාවගේ පැත්තට බර දමා තත්ත්වය සමතුලනය කරනවා. ලංකාවේදී වෙන්නේ පිරිමියා විසින් උසාවියේදී මේ අප්‍රකාශිත කැමැත්ත ඔප්පු කර පෙන්වීමේ උත්සාහය තුළ කාන්තාව දෙවන වරටත් දූෂණය වීම. ඒ හේතුව නිසාම දූෂණයට ලක් වන කාන්තාවන් පැමිණිලි නොකර ඉන්නවා.
//මෙතැන දුෂණයක් කියල හිතන්න පුළුවන් එකම හේතුව - නෙරුඩා ගේ පසුතැවීම මත විතරයි.//
මෙහිදී නෙරුඩා තමන් පසු තැවෙනවා කියලා කෙළින්ම කියලත් නැහැ. එය අජිත්ගේ නිර්වචනයක්. ඔහු සාරුවා සුනිල් මෙන් තමන්ගේ වීර ක්‍රියාව වාර්තා කළා කියලා ඕනෑනම් කෙනෙක්ට කියන්නත් පුළුවන්. පසු තැවීමක් වුනා කියා කියන්න පුළුවන් එකම කරුණ වන්නේ අවසානයේදී "මම මේ කටයුත්ත නැවත නොකළෙමි" කියන එක පමණයි. එය කරපු වැරැද්ද ගැන පසු තැවිල්ලක් විය හැකිවාක් මෙන්ම කරපු වැඩෙන් බලාපොරොත්තු වූ සතුට නොලැබීම ගැන පසුතැවිල්ලක් වෙන්නත් පුළුවන්. නෙරුඩා මේ කාන්තාව ගොදුරු කර ගැනීම සඳහා ඇම ලෙස ඇය එන පාරේ විවිධ තෑගි බෝග තියනවා. ඔහු උත්සාහ කරන්නේ තෑගි බෝග දී කාන්තාව වැඩේට කැමති කර ගන්න. ඉතාම දුප්පත් කාන්තාවක් වන ඇය මේ තෑගි වලට අතවත් තියන්නේ නැහැ. ඇගේ අතින් අල්ලා බලෙන් ඇදගෙන ගොස් නිරුවත් කරන්නේ එයින් පසුවයි. මෙහි ඇය අප්‍රකාශිත කැමැත්තක් පළ කළා කියන්න පුළුවන් කිසිම සාධකයක් නැහැ. නෙරුඩාගේ වැරදි අවබෝධයක් නිසා හෝ එවැනි අප්‍රකාශිත කැමැත්තක් ගැන පෙනී ගොස් තිබුනානම් නෙරුඩා එය ලිවිය හැකිව තිබුණා කියන එකයි මගේ අදහස. නමුත් අතෙන් අල්ලා ඇදගෙන යාම වාර්තා වී තිබෙන කරුණක්. මේ විදිහට බලහත්කාරය යොදා, අතෙන් අල්ලා ඇඳට ඇදගෙන යන්නේ කාලයක් ඇසුරු කළ පෙම්වතියක් නෙමෙයි. නෙරුඩාට ප්‍රතිරෝධය දැක්වීමට තරම් සුළු හෝ ශක්තියක් තිබෙන කෙනෙකුත් නෙමෙයි.
//නෙරුඩා පරණ පෙම්වතිය බලන්න ආවේ නැහැ කියන එකෙන් නෙරුඩා දුෂකයෙක් කියල ගම්‍ය වෙන්නේ නැහැ. එකොන් උත්සාහ කරන්නේ නෙරුඩා හිත් පිත් නැති වනචරයෙක් කියල පෙන්වන්න කියල මට හිතෙන්නේ ඒ කෑල්ල ලියල. සමහර වෙලාවට නෙරුඩා හිතන්න ඇති කසාද බැඳලා ඉන්න ගැහැණියක් බලන්න ගිහින් තවත් වද දෙන්නේ මොකටද කියල?//
ඒකෙන් දූෂකයෙක් කියා ගම්‍ය වෙන්නේ නැහැ. නමුත් නෙරුඩා කියන තරම්ම සංවේදී නැති, ඇතැම් අවස්ථා වල හිත් පිත් නැති සේ ක්‍රියා කර තිබෙන, ඉතාම සාමාන්‍ය පුද්ගලයෙක් කියන එක ගම්‍ය වෙනවා. බලන්න නොයාමක් නෙමෙයිනේ වෙන්නේ. මට මතක විදිහට නෙරුඩා බුරුමයේ සිට ලංකාවට එන්නේ ඔහු සමඟ එකට සිටි තමන්ගේ පෙම්වතියට නොකියා, අහුවෙන නිසා ඔහුගේ ඇඳුම් සහ පොත් පවා ගන්නේ නැතිව ගෙදර දාලා හොරෙන් ගෙදරින් පිට වෙලා. පොඩි අඩුපාඩු ටිකක් නොවන්නට ඇය සමඟ ජීවිතයම එකට සිටින බව ඔහු පැහැදිලිව කියා තියෙනවා. පොඩි අඩුපාඩුව නෙරුඩා ඈ සමඟ ජීවත් වන අතරම වෙන ගෑනු එක්කත් එකට ඉන්න කොට මළ පනින එක.
මේ කාන්තාව නැව් නැග මාස ගාණක් තිස්සේ ලංකාවට ඇවිත්, නෙරුඩාගේ වැල්ලවත්තේ නවාතැන හොයා ගෙන ආවට පස්සේ අඩු ගානේ ගෙටවත් ගන්නේ නැතුව එළවා ගැනීම සිත් පිත් නැති ක්‍රියාවක් නෙමෙයිද? කසාද බැඳලා ඉන්න ගැහැණියක් කියලා කොහේවත් කියා තිබුණු බවක්නම් මට මතක නැහැ. ගෙට ගන්නේ නැති නිසා දොර ළඟ සිට කලබල කරද්දී පොලීසියෙන් ඇවිත් නෙරුඩාට කියන්නේ ගෙට නොගත්තොත් අත් අඩංගුවට අරගෙන ආපහු ආ නැවේම බුරුමයට යවන්න වෙනවා කියලා. ඒත් නෙරුඩා සංවේදී වෙන්නේ නැහැ. නැව යන්න කලින් නැවත බැහැලා ඇවිත් සපත්තුව අල්ලා අඬද්දී පවා අසංවේදීව ඉන්නවා. කාන්තාව නැවට යන්නේ මුහුණේ සපත්තු පොලිෂ් එක්ක.
මීට අමතරව නෙරුඩා කියන තරම්ම සංවේදී නැති පුද්ගලයෙක් බව පෙන්විය හැකි තවත් තැන් තියෙනවා. ඔහුට අනුව මොනවා හෝ වාසි තකා යුරෝපීයයන් එක්ක රමණයේ යෙදෙන (අභිසාරිකාවන් නොවන) කාන්තාවන් ගැන ඔහු කතා කරන්නේ හරිම අනුකම්පාවෙන්. හැබැයි ඒ කාන්තාවන් එක්කම ඔහු රමණයේ යෙදෙන එක එවැනි වැරැද්දක් සේ ඔහු දකින්නේ නැහැ. (මම එහෙම කියන්නෙත් නැහැ. මම මෙහිදී පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් වාමාංශිකයන්ට පොදු ඔහුගේ මේ දෙබිඩි පිළිවෙත.)
//හැබැයි ඒක අහනකොටම සෙක්ස් වල තියෙන සෞන්දර්යය නැතිව යනවා.//
Deleteඅනිත් එක ඔය සෞන්දර්යය කියන එක තියෙන තැනක බොහෝ විට කොහොමටත් කැමැත්ත තියෙනවා. එහෙත් සෙක්ස් තියෙන හැම තැනකම සෞන්දර්යය නැහැ. අඩු වශයෙන් මම හිතන්නේ එහෙමයි. හැම පිරිමියාම එසේ නොහිතනවා වෙන්න පුළුවන්. ස්ත්‍රී දූෂණයකදී සමහර විට දූෂකයාට පමණක් සෞන්දර්යයක් තියෙනවා වෙන්න පුළුවන්. කෙළින්ම කැමැත්ත අහන එක වැදගත් වෙන්නේ බලහත්කාරය හා කැමැත්තෙන් එකතු වීම අතර ඉර අපැහැදිලි තැන් වලදී, තමන් විසින් අනෙක් පාර්ශ්වය මත බලහත්කාරයක් නොයොදන බව සහතික කර ගන්නයි.
//ඔය ඕනෑම දෙයක් අපේ හිතළු පමණයි. අපි ඕනෑම කෙනෙක් මේ අතීත සිද්ධිය දැන් විග්‍රහ කරන්නේ අපේම රාමුවක සිටයි. අමතර සියලු දේ අපි දකින අපේ පරිකල්පන මිසක් නෙරුදා කියා ඇති දේවල් නෙමෙයි//
Delete//මීට අමතරව නෙරුඩා කියන තරම්ම සංවේදී නැති පුද්ගලයෙක් බව පෙන්විය හැකි තවත් තැන් තියෙනවා//
හ්ම්....
//සොරි. ඇමෙරිකාවෙ නෙමෙයි, එන්ගලන්තෙ පිලිම කඩපු කතාව. කොල්ස්ටන්ගෙ.//
Deleteඔය ගැන චින්තන ලියා තිබෙන දේවල් මොනවාද කියලා මම දන්නේ නැහැ. ඔය පිළිම කැඩීමට මම එකඟ නැහැ. ලංකාවටම ආවොත්, මම පෞද්ගලිකව හිතන්නේ LTTE ස්මාරක ආදිය වුවත් හැකි තරම් සංරක්ෂණය කළ යුතු බවයි. මොකද ඒවා ඉතිහාසයේ කොටස්. ඒ නිසා, නැවත කොටි නැගිටිනවා වගේ ප්‍රශ්න මතු වෙනවානම් එය වෙනම කරුණක්. එහෙම වෙනවානම් එයින් අදහස් වෙන්නේ කොටි පරද්දලා නැහැ කියන එකයි. හඳගම කරන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. ස්මාරකය ඒ විදිහටම තියෙනවා. මගේ මුල් ලිපියේ තියෙන්නේ ඒ ස්මාරකය. ඒක එහෙමම තියාගෙන මා ඇතුළු විවිධ අය එය අපට අවශ්‍ය ආකාරයෙන් අර්ථකතනය කරනවා. නෙරුඩාගේ පොත වෙනස් කළානම් හෝ විනාශ කළානම් එය වැරදියි.
ඔය වගේ තවත් දෙයක් තමයි යුරෝපීයයන් විසින් ලංකාවේ අලි දඩයම් කිරීම. මේ ඇතැම් දඩයම්කරුවන් එසේ කර තිබෙන්නේ ඉතාම සත් භාවයෙන් දිවි පරදුවට තබා. එය ඒ කාලයේ බොහෝ දෙනෙක් අගය කළ කටයුත්තක්. පහු වෙද්දී තත්ත්වය වෙනස් වෙනවා. අපට අද සම්මත අනුව ඔවුන් ඒ කාලයේ කළ දෙය විග්‍රහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කාලයේ සම්මත කියා අප අද හිතාගෙන ඉන්න සම්මත අනුව විග්‍රහ කරන්නත් පුළුවන්.
ඇමරිකාවේ වහලුන්ට හා ස්වදේශිකයන්ට ඒ කාලයේදී යුරෝපීයයන් සලකා ඇති ආකාරය ගැන අද ඇමරිකාව බලන්නේ අද සම්මත වල සිටයි. නමුත්, ඒ කාලයේ ඒවා සාමාන්‍ය දේවල්. සාක්ෂි වෙනස් නොකර එම සාක්ෂි දෙස වෙනස් අයුරකින් බැලීමේ කිසිම වරදක් නැහැ.
මේ තියන්නේ මම කියවපු එක. ස්තූතියි ඇනෝ
Deleteස්තුතියි, ඇනෝ! මේ සටහන මුලින් ලියා තිබෙන්නේ කුමාර් ගුණවර්ධන විසින්. එය ලියද්දී ඔහු එක්කෝ මෙම ප්‍රබන්ධ කතාව ඇත්තක් සේ වරදවා වටහාගෙන ඉන් පසුව ඒ වැරැද්ද තේරුම්ගෙන තිබෙනවා. එසේ නැත්නම්, ඔහුගේ ලිපියෙන් මේ කතාව ඇත්තක් ලෙස හැඟී යන බව පසුව තේරුම් ගෙන තිබෙනවා. මේ වන විට ඔහු මුල් ලිපියේ මාතෘකාවට "Fictional" යන්න එකතු කර "Pablo Neruda and his Fictional “Daughter in Ceylon”" ලෙස සංශෝධනය කර තිබෙනවා. මුල් මාතෘකාව සමඟ මුල් ලිපිය උපුටා පළ කළ තැන් වල වැරැද්ද තවමත් එලෙසම තිබෙනවා. ඇතැම් අය මෙය ඇත්ත කතාවක් ලෙස සලකන බවද පේනවා. කුමාර් ගුණවර්ධනගේ සංශෝධිත සටහන පහත සබැඳියේ තිබෙනවා.
Deletehttps://colombomedgrads1962.blogspot.com/2020/06/pablo-neruda-and-his-fictional-daughter.html
"බ්‍රම්පිගේ දියණිය" කෙටිකතාව නෙරුදාගේ මතක සටහන් වස්තු බීජය කරගෙන ලියන ලද රසවත් කෙටිකතාවක්. ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ භාෂා වලින් ලියැවුණු තවත් මෙවැනි කෙටිකතා හා නවකතා කිහිපයක් තිබෙනවා. එවැනි එක් රසවත් ප්‍රබන්ධයක කතාව අනුව ජොසී බ්ලිස් අධිරාජ්‍යවාදයට එරෙහිව රහසිගතව කටයුතු කරන බුරුම සංවිධානයක සාමාජිකාවක්. එය නෙරුදාවත් දන්නේ නැහැ. හඳගමගේ විශේෂත්වය වන්නේ තිස්ස දේවේන්ද්‍ර මෙන් නෙරුදාව "සුද්ද කරන" ප්‍රවේශයකින් තොරව යථාර්ථවාදී ලෙස නෙරුදා ලියා ඇති දේ ඇසුරෙන්ම සිද්ධිය දෙස බැලීමයි. තමන් කැමති චරිත වීරයින් කරගත් බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නය ඒ අය විසින්ම පෙන්වන ඔවුන්ගේ චරිත වල කළු තැන් වුවද පිළිගන්නට ඔවුන්ට අසීරු වීමයි. උදාහරණයක් ලෙස, "xxx" ඇවිත් ඔහු විසින් කළ හොරකම් හෝ මිනීමැරුම් ගැන පාපොච්ඡාරණය කළත් ඔහුගේ අනුගාමිකයින් විසින් ඒ බව පිළිගන්නේ නැහැ. නෙරුඩා විසින් කාන්තාවක් දූෂණය කළ බව DNA එකක් කර තහවුරු කර නැති නිසා නෙරුඩා විසින්ම ලියා තිබුණත් DNA එකක් කර තහවුරු කරන තුරු මෙය සැකයක් පමණක් බව කෙනෙකුට කියන්න පුළුවන්. එය පුද්ගලයෙකුට තිබිය යුතු විශ්වාස කිරීමේ නිදහස.
නෙරුඩා විසින් ලංකාවේදී දූෂණය කරනු ලැබූ කාන්තාව විසින් දරුවෙකු වැදූ බවට වාර්තා කිසිවක් නැහැ. නෙරුඩා සමඟ රමණයේ යෙදී ඇති කාන්තාවන් ප්‍රමාණය අනුව, උපත් පාලන ක්‍රම නොතිබුණු එම යුගයේ ඔහුට දාව ඉපදුනු දරුවන් ලෝකය පුරා තැන් තැන් වල සිටිය හැකි වුවත් එවැනි වාර්තා ප්‍රසිද්ධ වී නැහැ. හරියටම දන්නේ ඔහුට දාව ඉපදුනු එක් දැරියක ගැන පමණයි. මොළේ ඉදිමීමේ රෝගයෙන් පෙළෙමින් ආබාධිත දැරියක ලෙස නෙරුඩාගේ පළමු බිරිඳට දාව ඉපදෙන මෙම දියණියව නෙරුඩා විසින් ඉතාම අමානුෂික ලෙස නොසලකා හරිනවා. එම දැරිය මෙන්ම බිරිඳද අතහැර ඉතා කෙටි කලකින් ධනවත්, කොමියුනිස්ට් මතධාරී කාන්තාවක් හා දීග යන නෙරුදා ඉන් පසුව තමන්ගේ මෙම දියණිය ගැන යාන්තමින් හෝ හොයා බලන්නේ නැහැ වගේම ඇවිදින්නට හෝ කතා කරන්නට බැරි මේ දැරිය ගැන කතා කරන්නේ අපහාසාත්මක ලෙසයි. ඉතා අසීරුවෙන් මේ දැරිය හදා ගන්නා ඇගේ මව විසින් කිසියම් මුදලක් ඉල්ලා එවන ලියුමද නෙරුදා විසින් නොසලකා හරිනවා. වසර හතක් ජීවත් වන මේ දැරිය දුක් විඳ මිය යනවා. ඒ බව දැනුම් දී එවන විදුලි පණිවිඩයටද නෙරුඩා සංවේදී වන්නේ නැහැ. මේ ඇත්ත කතාව මත පදනම්වද රසවත් ප්‍රබන්ධයක් ලියැවී තිබෙනවා. සංවේදී, මානුෂීය පුද්ගලයින් සේ ප්‍රසිද්ධ වී ඇති ඇතැම් අයගේ ඇතුළාන්තයන් පෙනෙන තරම් සුන්දර නැහැ. නෙරුඩා කියන්නෙත් මේ ගොඩට දැමිය හැකි කෙනෙක්. එහෙත්, පුද්ගල චරිතය අමතක කොට ඔහුගේ කවි රස විඳින්නෙකු එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.
Sex has been a taboo subject among left wing polical loyalists.
ReplyDeleteLenin was a sex addicted person and suffered badly with syphilis till his death. Che Guevara, Fidel Castro too belonged to this group.
It is extremely natural to have feelings. But the problem lies with the pious images that are idolized by loyal followers.
In the bourgeoisie world, even small incidents are reported by the press. In contrary, the left imposes a self censorship with regards to sexual matters. This is even evident in Sri Lanka also.
//It is extremely natural to have feelings. But the problem lies with the pious images that are idolized by loyal followers.// Exactly. That's my point.
Deleteලෙනින් කවදාවත් පෙම්වතියො හිටිය එක හැන්ගුවේ නැහැ. සිෆිලිස් හදුනා කියල කිසිම තැනක් සඳහනක් නැහැ. ඊහම නම් මෙලහටත් ඒක ලියල. චේ ගුවේරා හෝ කස්ට්රෝ උනත් පෙම්වතියන් හිටිය එක හංගපු මිනිස්සු නෙමෙයි. ඊට පස්සේ පරම්පරාවේ තමා ඒක වුනේ.
Deletehttps://kolambagamaya.blogspot.com/2018/03/1.html
ඒක හැන්ගුවේ ඒකට ලැජ්ජා වෙච්ඡ පසුකාලින කොමියුනිස්ට් පක්ෂයේ ස්ටලින්වාදීන් විසින්.
I recommend that you should google the relationship between syphilis and Lenin.
Deleteඇනෝ මට ගූගල් බලන්න පුළුවන්. ඒක කිසිං සාක්කියක් නැති කෙනෙක්ගේ සැකයක් විතරයි. ලෙනින් ට (ස්ටාලින් සම්බන්ධයි කියල කියනව වෙඩි තියපු වාමාංශික අන්තවාදී පක්ෂයක තරුණිය හරහා) වෙඩි තියපු නිසා දුර්වල වෙලා, ස්ට්‍රෝක් තුනක් හැදිලා මැරුණේ . සිපිලස් නිසා නෙමේ. අනික කිසිම රෝග විනිශ්චය කරපු වාර්තා නැහැ, ඒ කාලේ රුසියාව ඔය හැමෝම (විශ්ස්ශයෙන් බටහිර) දානවා වගේ අන්ත දුප්පත් රටක් නෙමේ. සාර් යටතේ පවා යුරෝපයේ බලවත් රටක්. උන්ට දොස්තරලා හිටිය. රෝහල් තිබ්බ. වාර්තා ලීවා. ඒ කිසිම වාර්තාවක් ඕක නැති බව තමා දන්නේ.
Deleteමේක බලන්න.
DeleteLerner, Vladimir, Y. Finkelstein, and E. Witztum. "The enigma of Lenin's (1870–1924) malady." European Journal of Neurology 11.6 (2004): 371-376.
අවිවාදිත කරුණක් නොවන නිසා මම එක පැත්තකට තර්ක කරන්න යන්නේ නැහැ. එහෙත්, මෙය සාක්ෂි මත පදනම්ව එළඹුණු තර්කානුකූල නිගමනයක් මිසක් අජිත් කියනවා වගේ කිසි පදනමක් නැති කෙනෙක්ගේ සැකයක් පමණක් නෙමෙයි. සෝවියට් දේශය බිඳ වැටෙන්න කලින්නම් මෙය සැකයක් පමණයි.
මේක සැකයක් තමා. මේ තියෙන්නේ ලිපිය. බාගෙන බලන්න. http://www.neurotoxicology.org.il/wp-content/uploads/2016/01/Lenin-en.pdf
Deleteඕක මම මුලින්ම දැක්කේ වොල්කගොනොව් ගේ පොතේ. DNA එකක් කරනකම් සුවර් නැහැ. හයිපොතිසිස් එක්ක කියල කියන්නේ. දැනට ඔප්පු කරපු දෙයක් නෙමේ. අනික ලෙනින් ට හැදෙන්න පුළුවන් ඉඩක් තියෙන්නේ එක ගැහැනියක් විතරක් ආශ්‍රය නොකළ නිසා. ලෙනින් සහ ක්රුප්ස්කය අතර තිබ්බේ විවෘත විවාහයක් දෙදෙනාගේම කැමැත්තෙන්. එතකොට ප්‍රතිජීවක හොයාගත්තද කියල මතකයක් නැහැ. පෙනිසිලින් හොයාගත්තෙත් 1928 නේ. ලෙනින් ට ඉනෙස්සා අර්මන්ඩ් ට අමතරව තවත් ප්‍රංශ ගැහැනියක් හිටිය. කෘප්ස්කයා හමුවෙන කොට එයාගේ කාමරේ හිටිය තරුණිය සමගත් ලෙනින් ගේ සම්බන්ධයක් තිබුන. ට්‍රොට්ස්කි ත් එහෙමයි. මගේ තර්කය සිෆිලස් වැහුවා වෙන්න පුළුවන් නමුත් ලෙනින් තමන්ගේ සබඳතා වර්තමාන නායකයෝ වගේ සාමාජිකයන්ගෙන හැන්ගුවේ නැහැ කියන එක.
//ඕක මම මුලින්ම දැක්කේ වොල්කගොනොව් ගේ පොතේ.//
Deleteවොල්කගොනොව්ගේ පොත මොකක්ද? රුසියන් එකක්ද ඉංග්‍රීසි එකක්ද?
ඒක රුසියන් පොතක්. 1992 හෝ 1993. ඉංග්‍රීසි පොතක් තියනවා මන් හිතන්නේ. "ලෙනින්" - පිටුව 490-493. මම ඔය කතාව විශ්වාස නොකරන්නේ ලෙනින් වගේමකෘප්ස්කයා විරුද්ධ වුනේ නැහැ පිටරට දොස්තරලට මුලදී. ස්ටලින්ම ජර්මන් දොස්තරලා ගෙනල්ල තියෙනවා. ජර්මන් කාරයන්ට හංගන්න බැහැ. එහෙම එකක් තිබුන නම ස්ටාලින් කීයටවත් විදේශික දොස්තරලා ගෙන්වන්නේ නැහැ.
Deleteස්තුතියි! ඇමසන් එකේ පොත තිබෙනවා.
Deleteවිශ්ව කෝෂයකි ඉකොනෝ අද ලිපිය
ReplyDeleteකමෙන්ටුත් එකක් එකකට නොදෙවැනිය!
ස්තුතියි, නිදි!
Deleteඉතා රසවත් පොස්ටුවක් සහ කොමෙන්ටු ටිකක්
ReplyDeleteස්තුතියි, මහේෂ්!
Deleteඉකොනොමැට්ටා, මමත් උඩ ඇනෝ වගේම ඔබ වැනි (පෙනෙන හැටියට) සිනමා රසවතෙක් සහ දැනුම් පිපාසයෙන් පෙළෙන ලංකාවේ දේශපාලනය සහ සාමාජීය විද්යාවන් ගැන උනන්දු කෙනෙක් අතුල ලියනගේ තිර රචනය කොට රඟපාමින් අධ්‍යක්ෂණය කළ බඹර වළල්ල බඳු ජීවමාන චරිත සහිත විශිෂ්ට සිංහල චිත්‍රපටයක් නැරඹිය යුතු යැයි එම යෝජනාව ස්ථිර කරන්න කැමතියි. ෆේස්බුක් විඩියෝ එකක් තිබුණා, මම හිතන්නේ යූටියුබ්/ dailymotion එකෙත් ඇති. මේක බලන්න පුළුවන්ද?
ReplyDeleteshorturl.at/hltBT
නමුත් ඔබ එය දැන්ම බලන්නට අවස්ථාවක් නැති නිසා කතාවේ රස වින්දනයට බාධාවක් නොවන පරිදි එහි කතා ප්ලොට් එක සැකෙවින් කියන්නම්;
තුංකම ගෝනමඩිත්ත නමැති කාෂ්ටක දුෂ්කර ගමේ සිටින නූගත් එතරම් දැනුම් තේරුම් නැති මවටත් සොයුරියටත් බෙහෙවින් ලැදි ආදරණීය නිහඬ එහෙත් ඉතා දැඩි අධිශ්ඨානක් සහ නිර්භයභාවයක් සහිත තරුණයෙක්(පොඩීඑකා) වටා කතාව ගෙතෙනවා. (කුඩා කාලයේදී තම බාප්පාගේ කසිප්පු වාඩියෙහි අත් උදව් කරුවකු ලෙස මුලින්ම ඉදිරිපත් කරමින් චිත‍්‍රපටය ආරම්භයේ මිනිස් කටහඩක් හෝ නාමයක් ලෙස මුලින්ම ඇසෙන්නේ පොඩි එකෝ යනුවෙන් අමතමින්.) තම මව ගේ දෙවන විවාහයේ සැමියා (බාප්පා) ගෙන් එල්ලවන ලිංගික හිංසනය ඉවසාගත නො හැකි ව අක්කා ගෙල වැල ලා ගෙන මියගිය අතිශය ඛේදනීය සිදුවීම දුටු පොඩිඑකා දණ්ඩෙන් පහර ලත් නාගයෙක් සේ උග්‍ර ලෙස කෝපයට පත් ව තම බාප්පා (මවගේ දෙවෙනි සැමියා) මරා දමයි. තම දියණිය හා සැමියා එක ම දිනෙක මරණයට පත් වී පුතා මිනීමැරුමකට අත් අඩංගුවට ගැනීම නිසා තනිවන මව ගේ සිහිය විකල් වේ. මව බලාගන්නට ඔහු ඇයව බාර දෙන්නේ අප්පුහාමි මාමා නම් කුඹුරු හිමි ඥාතියෙක්ටයි. බාප්පා මරා ගැටවර වියේ දී සිර දඬුවම් විඳි පොඩිඑකා තරුණයකු ලෙස සිරෙන් නිදහස් වී ගමට පැමිණ එම ඥාති කුඹුරු හිමියා ළඟ ඉතා ලෙන්ගතුකමින් සහ ලැදියාවෙන් කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී දැඩි හිතවත්කමකින් හරකුන් බලා ගනී. එම හරකුන් තම දරුවන් මෙන් දැඩිව ආදරයෙන් තමා බලාගන්නා අතරේ හදිසියේම තම හරක් පට්ටියෙන් එකකු සොරෙක් විසින් සොරාගෙන ගොස් මරා මස් කිරීම නිසා නැවතත් ඉතාමත් දැඩි ලෙස කෝපයට පත්වන පොඩිඑකා දිවා රෑ නොබලා මහ වැස්සේම රට පීරා ගිහින් තමන්ම හරක් හොරා හොයාගෙන ඌව පැහැරගෙන ගමට ඇවිත් ඌට ඉතාමත් කුරිරු වධකයකු ලෙස දඬුවම් දෙයි. කුළු හරකෙක් මෙන් හැඩි දැඩි නමුත් බොළඳ හිතක් ඇති පොඩීකාගේ හිත මෙල්ල කිරීමට සමත් එම ඥාති කුඹුරු හිමියාගේ දියණියට තම පේ‍්‍රමය පැවසූ විට ඇය ක්ෂණිකවම එය ප්‍රතික්ෂේප කොට තම මුහුණට කෙළ ගැසීම නිසා නැවතත් දැඩිව කෝපයට පත් පොඩිඑකා බලහත්කාරයෙන් ඇගේ කෙස් වැටිය කපා විසිකර දමයි. ඊට පළිගැනීමක් වශයෙන් ඥාති කුඹුරු හිමියා තම අනුගාමික මැරවරයන් පිරිසක් යොදවා ඉතාමත්ම බරපතළ ලෙස පහර දී ඈතින් වාහනයක් එනු දැක ඔහු මිය යන්නට ඇති බව සිතා මහමඟ දමා ගිය පොඩිඑකා දකින එම වාහනයේ එන තුංකම නගරයේ මිනීපෙට්ටි සාප්පු හිමියකු වන මැල් මහත්තයා ඉතා අසාධ්‍ය තත්වයේ සිටියත් ඔහු සතු විභව ශක්තිය වහා හැඳින ඔහුව රෝහල් ගතකොට ඉතාමත් ආදරයෙන් ලෙංගතුකමෙන් රැකගෙන සුව වූ පසු තමා යටතේ රඳවා ගනී. නිල වශයෙන් අවමංගල අධ්‍යක්ෂ කෙනෙක් ලෙස පෙනී සිටින මැල් මහත්තයාගේ යටිබිම්ගත පාතාල ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ඉතා ඉකමනින් අනිත් ගෝලයන් පවා පරදවමින් තරඟකාරීත්වයෙන් දක්ෂ වෘත්තීය ඝාතකයකු බවට පත්වන ඔහු ගෝනමඩිත්තේ් පොඩිඑකා යනුවෙන් ප්‍රකට වෙයි. මැල මහතාගේ අනෙත් සෙට් එකද සරෙන්ඩර් කරගන්න ඔහු මැල් මහතාට මහත් සේ විශ්වාසවන්තව ප්‍රාණ පරිත්‍යාගයෙන් මල් ශාලාවේ වැඩ මෙන්ම අනිත් ගේම්ද හොඳින් කරයි. මැල්ගේ එදිරිවාදීන් මරණයට පත් කර සැඟව සිටින නිවසෙහි කුමාරිගේ හා පොඩි එකාගේ සම්බන්ධය කෙළවර වන්නේ කෙසේ හෝ කුමාරි හා පොඩිඑකා අතර පළහිලව්වෙන් පස්සේ තම මතු ආරක්ෂාව වෙනුවෙන් උළු මෝලේ වැටුප් රොබරියෙන් පසුව අවසානයේ මැල් විසින් පොඩිඑකා මරා දැමීමට දැරූ කුමන්ත්‍රණයේදී එය කුළු හරකකු බඳු තම සියුම් ඉවෙන් සහ ක්ෂණික ක්‍රියා කාරීත්වයෙන් පරාජය කොට මැල් මහතා මරා දමන් ඔහු එම ව්‍යාපාරය තමා යටතට අත්පත් කර ගනීමෙනි. කොටින්ම බඹරවළල්ල චිත්‍රපටයේ ඇතුළත් ප්ලොට් සාරාංශය මෙය වුවත් මේ චිත්‍රපටයේ චරිතවල සංකීර්ණ ස්වභාවය, සිදුවීම් දිග හැරෙන ආකාරය, හෙළි කෙරෙන සමාජ යථාර්ථය හා සංකේත භාවිතය අනුව මෙය විශිෂ්ට නිර්මාණයක් වන අතරම මෙහි මැල් මහතා ලෙස මහේන්ද්‍ර පෙරේරාගේ සුවිශේෂී රංගනය මෙන් ම කසුන් කල්හාරගේ විශිෂ්ඨ සංගීතය සිංහල සිනමා වංශකතාවේ අපූර්වතම සටහන් බවත් නොකියාම බැහැ.
තවදුරටත් බඹරවළල්ල තුළින් ලංකාවේ සංවිධානාත්මක අපරාධ (පාතාලය) පිළිබඳ ව ප්‍රශස්ත දාර්ශනික විග්‍රහයක් කලාත්මක අයුරින් පැවැසීමට අතුල ලියනගේ් සමත්වීම නිසාම හුදෙක් සිනමා රූපී කතා කලාවෙන් ඔබ්බට ගිය විශිෂ්ට දාර්ශනික සංවාදයක් බවට පත් වන අතරම පාතාලය විෂය වූ අන්තර්ජාතික චිත්‍රපට වන ඉකොනොමැට්ටා නරඹා ඇති බව සිතිය හැකි ෆ‍්‍රැන්සිස් ෆෝර්ඩ් කපෝලා අධ්‍යක්ෂණය කළ ‘ද ගෝඩ්ෆාදර්’ සීරීස් එක (මාරියෝ පූසෝ 1969 දී ලියූ ‘ද ගෝඩ්ෆාදර්’ නවකතාව පදනම් කොට ගෙන නිපැයූ එයට ඔස්කා සම්මාන කිහිපයක් ද හිමි විය.) තුලින් හෙළිකළ ඉතාලි සම්භවයකින් යුත් ඇමරිකා එක්සත් ජනපද මාෆියා කල්ලියක කුරිරු බව දැක ලොවම මවිත වූවාට සැක නැතත් මාෆියාව පෝෂණය කළ සමාජ සාධක බඹරවළල්ලේ දී මෙන් ගැඹුරු විග්‍රහයකින් යුතු ව ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වූ බව මගේ අදහසයි.
Deleteබඹර වළල්ලේදී අතුල ලියනගේ අපට සංවාදයට ඉදිරිපත් කරන කරුණු කිහිපයක් තියෙනවා;
අ. සාමාන්‍ය මෙන්ම සංවිධානාත්මක අපරාධ දක්වා යන මාවත වැටී ඇත්තේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හරහායි.
ආ. සැබවින්ම මානව ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට නීතියෙන් දෙන දඬුවම්/ ලෙයට ලෙයින් පලිගැනීම් කිසිම විදිහකින් සාර්ථක පියවරක් නොවන බවත් සිද්ධාර්ථ ගෞතම ගේ නහී වේරේන වේරානී යන අදහස පරිදි ගින්න නිවිය යුත්තේ ජලයෙන් බව නොකියා කියන එක.
ඇ. සාමාන්‍යයෙන් නිතරම පාහේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මෙන් ම සංවිධානාත්මක අපරාධවල දී ද වඩාත් ම පීඩාවට පත් වන්නේ පිරිමියා නොව ගැහැනිය බව ඉතාමත් සංවේදීව පෙන්වා දීම.
ඈ. ඇතැම් අවස්ථාවල උසස් අධ්‍යාපනය ලැබූවන් පවා අපරාධ සහායකයන් ලෙස ක්‍රියා කරන බව, මෙතනදී රැකියා විරහිතව අසරණ වී සිටි උපාධිධාරී තරුණයා මැල් විසින් උලු මෝලක මැනේජර් කෙනෙක් බවට පත් කිරීම ඉතා මානුෂික හේතු මත සිදු වූ අතර මැල් අසරණ වී අනාථ වූ විට තමාට කළ හැකි එකම උදව්ව ලෙස උලු මොලේ වැටුප් ගෙන යාම පිළිබඳ ඔත්තුව දීම එම අහිංසක තරුණයාගේ මානුෂික හැඟීම් තුළින් මනාව නිරූපනය කර තිබේ.
ඉ. සැබවින්ම සාමාන්ය මෙන්ම නමගිය භයානක අපරාධකරුවන් යනු එපාම කරපු/ අසමජ්ජාති යාන්ත්‍රික කොටසක් නො ව හොඳ - නරක- බිය දුක වේදනාව සහිත අප වැනිම සාමාන්‍ය මිනිසුන් බව මෙහි ඉතා කදිමට විග්‍රහ කරයි.
ඊ. මිනිසුන් බොහෝ විට සමාජ විරෝධී අපරාධ සඳහා පොළඹවන සාධක අතර ආර්ථික හා ලිංගික වුවමනාවන් ප්‍රධාන තැනක් ගන්නා බවත් මිනීමැරුම්, මත්ද්‍රව්‍ය වෙළදාම්, ලිංගික අතවර, හමුවේ නීතියේ බලාධිකාරය සහ දේශපාලන පරිසරය සැකසෙන අයුරු මෙහි පෙන්වන ඉතා වැදගත් කරුණක්
ඒ වගේම මම හිතන්නේ බඹරවළල්ල චිත්‍රපටය හරහා මේ කතිකාවත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්, සමාජ විද්‍යාඥයන් සහ සමාජ සන්නිවේදකයන් විසින් සාර්ථක ව ප්‍රයෝජනයට ගත හැකි නම් ගෝනමඩිත්තේ පොඩිඑකාලා තව තවත් බිහිවන එක නතර කර ගත හැකි බවයි.
අවාසනාවකට වගේ අපේ රටේ සිනමා විචාරකයන්ගේ අවධානයට නතු නොවු සිනමා පටයක් තමා බඹර වළල්ල. අතුල ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා ඇතුළු සමස්ත රංග ශිල්පීන් ගේ අපුරු ර\ගනයන් දකින්න පුලුවන්. මහේන්ද්‍ර ඉස්තරම්. මටනම් ඒ ඔහුගේ ගොඳම ර\ග්නයයි. ඉකොන් ...මේ චිතපටය නරඹන්න. යුටියුබ් එකෙත් තියෙනවා.
Deleteඔබ දෙදෙනාටම ඉතාම ස්තුතියි!
Deleteමේකත් ජාත්‍යන්තරයට යා හැකි චිත්‍රපටයක් හැදීමේ විභවයක් තිබෙන (දේශීය වෙළඳපොළට වඩා ගැලපෙන සෝමරත්න දිසානායකගේ සුනාමි චිත්‍රපටයට සාපේක්ෂව), ඉතාම සංකීර්ණ මනෝ භාවයන් සියුම් ලෙස විස්තර කෙරෙන, ඇත්ත කතාවක්. පොතේ ඇත්ත කතාව ඇසුරෙන් වෙනස් නම් ගම් සහිත මනඃකල්පිත කතාවක් හදා ගන්නවානම්, පොතේ අවසානයෙන් පසුව ගෙවුණු ලේඛිකාවගේ ඇත්ත ජීවිතයෙන් තවත් කොටස් එකතු කර ගන්න පුළුවන්.
Deleteරැල්ල
http://economatta.blogspot.com/2015/12/blog-post_26.html
ඔබ කිහිප දෙනෙක්ම යෝජනා කළ නිසා අනෙක් වැඩ පොඩ්ඩක් පැත්තකින් තියලා බඹර වළල්ල බැලුවා. පැය දෙක නාස්ති වුනා කියා හිතන්නේ නැහැ. අන්තර්ජාල පිටපත එතරම් හොඳ නැති නිසා රූප රස විඳින්නනම් ඉඩ ලැබුණේ අඩුවෙන්. මෑතකදී විකාශනය වූ මෙට්‍රෝ හීන එක්කත් පොඩි අතිපිහිත වීම් ටිකක් තියෙනවා.
Delete@ අරුණ ලොක්කා,
Deleteඔව් කතාව සම්පූර්ණයෙන් ඇත්ත, හිතුමතේ ජීවිතේ චිත්‍රපටිය 2022 එන්න තියෙනවා නේ හැබැයි ඒක බලලා නම් මිනිස්සු මහේන්ද්‍ර පෙරේරාට කෙල ගහලා යයිද දන්නේ නෑ.... ඒක සත්‍ය කතාවක් නේ... ඒ සත්‍ය කතාවේ හතරදෙනෙක් තමයි ඒ කෙනාගේ නංගිව දූෂණය කරනනේ පොලිසියේ නිලධාරියෙකුයි, ග්‍රාමසේවකයි, මස් මුදලාලි කෙනෙකුයි තවත් එක්කෙනෙක් හිටියා මට මතක නෑ හරියටම... මේකේ මස් මුදලාලිට හිටියේ මහේන්ද්‍ර, අවසානෙට මරන්නෙත් ඔහුයි, කතාවේ සත්‍ය කතාවේ මරලා තියෙන්නෙත් එහෙම තමයි.... හතර දෙනාම දූෂණය කරනවා ඊට පස්සේ බෙල්ල කපලා මරලා දානවා ඒක එච්චර දරුණුවට පෙන්නලා නෑ.... ඒත් අධ්‍යක්ෂකවරයා ඒක නොපෙන්නුවට ලස්සනට ගත්තා ඒක දැනෙනවා ඒ කෙල්ලව මරණ එක.... ඒක නිසා තමයි මම කියන්නේ කෙල ගහයිද දන්නේ නෑ කියලා... මහේන්ද්‍ර ඒ දවස්වල කුඩු සික් කාරයින්ගේ චරිත රඟපෑවාම පොර ඇත්තටම කුඩු ගහනව කියලා කිව්වනේ .... 1985 කුඩු ලංකාවට ආපුම කාලෙනේ, කොටි වලිගය චිත්‍රපටයයි තාරා දේවි නාට්‍යයි එතකොට ඉතිං පොර කුඩු ගැන ස්ටුඩ්ය් කරලා ඇත්තටම කුඩු ආපුම කාලේ ගොඩදෙනෙක් දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා ගාමිණි ෆොන්සේකා එක්ක කරන්න තියෙන්නේ... අනිත් පැත්තේන් තාරා දේවි නාට්‍ය ඒකෙත් තියෙන්නේ කුඩු කරයෙක්... ඉතින් පොර කුඩු කාරයෝ ආශ්‍රය කරලා කියලා පොරම කියනවා, පොරගේ අතේ සල්ලි දීල ඒ අය ගෙන්නවාගෙන සික් එක හැදෙන්න දීලා බලාගෙන ඉන්නවාලු ඊට පස්සේ පොර සල්ලි දෙනවාලු ගේන්න ඊට පස්සේ ගෙනල්ලා ඒ අය ගහනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලත් පොර බලනවාලු, ගැහුවට පස්සේ හරිම නොර්මල් වෙනවාලු ඒ වෙලාවට කතා කරනවටවත් කැමති නෑ ඒ විදිහට ඒ ගැන මෑන් ස්ටඩි කරලා.... හොටු පිහිදාදා කඳුළු පිහදදා දැක්ක ඒ ටික හරිම අපරාදයක් කියලා පොර කිව්වා, හැබැයි පොර ගාමිණි එක්ක ගිහිල්ලා මේ විස්තරේ කිව්වාම ඔළුවේ අතගහගත්තාලු තමුසේ අහුඋනානම් මොකද කරන්නේ කියලා, අහුඋනානම් සර්ගෙ නම කියනවා කියලා කිව්වාලු ඊට පස්සේ හිනා උනාලු ....ඒක act කලාට පස්සේ හැමෝම කිව්වා පොර කුඩු ගහනවා අමු කුඩ්ඩෙක් කියලා ඇස් දෙකෙන් දැක්ක වගේ කියලා තිබ්බ සමහර අය, ඒත් පොර හිනාවෙවි බලන් හිටියාලු ඕකට උත්තර දෙන්න බෑනේ ඉතිං...උත්තර දීලා වැඩක් නෑ....ඒ වගේ සොයාගෙන යන්න දේවල් සමහර විට සිද්ධ වෙනවා...''
ඉස්සර අනූ ගණන් වල මුල ප්‍රසන්න ජයකොඩි ටෙලිනාට්‍යක් කරලා තියෙනවා හදවිල සක්මන කියල මහේන්ද්‍ර ඒකේ රඟපෑවා, යූ බටේ ඇති කකුලක් නැති සෙබලෙක්ගේ චරිතයක් හරිම ප්‍රොෆෙශනල්, සුපෙර් acting ඒ වගේම හර්බට් රංජිත් පීරිස්ගේ දියසේන කියලා ටෙලිනාට්‍යක රඟපෑවා ඒක හාත්පසින්ම වෙනස් ඒකේ පික් පොකට් ගහන චරිතයක් ඒකටත් ඒ වගේ විශාල ප්‍රතිචාර ලැබිලා තියෙනවා අපි පුංචි කාලේ අනූ ගණන්වල අනිත් ඒවටත් එහෙමයි, මහේන්ද්‍ර රෝහණ විජයවීරගේ චරිතයය රඟපෑවා නහීවේරේණ වේරාණී කියලා චිත්‍රපටයක විශල ස්ටඩි එකක් කරලාලු රඟපෑවේ අනූ ගණන් වල සනත් ගුණතිලකලු උදව් කලේ එතකොට සනත් ගුණතිලක රූපවාහිනි සංස්ථාවේ චෙයාර්මන් කැසට් දෙන්නේ නෑ එළියට ගෙනියන්න කොහොම හරි පර්මිශන් ඇරගෙන කැසට් ටිකක් ස්ටඩි කරන්න අරන් ඒ සේරම ස්ටඩි කරලාලු ඒ චරිතය රඟපෑවේ ප්‍රේමවතී මනම්පේරිය කතාවෙත් බෝ පැලයක් වගේ පට්ටම රඟපෑමක් නේද? ඒක නෙවෙයි ඉස්සර බෝධි රණසිංහ කියලා කෙනෙක් හිටියා 2002/2003 යූ.ඇන්.පී. ආණ්ඩුව කාලෙ හෝටල් සංස්ථාවෙ චෙයාර්මන්. හිත හොඳ පොරක්. UNP ලෝයල්ටි කියන එක උපරිමයි. මට මතක විදිහට තද ප්‍රේමදාස අනුගාමිකයෙක්. පොරගේ ඥාති පුතෙක් මගේ යාලුවෙක්ගේ අම්මලාගේ ඔෆිස් එකක වැඩ කලා. ලොක්කෙක්, හැබැයි පොර කස්ටියට ලොකු ජාතියෙන් කියන්නේ අපේ "බෝ" අන්කල් කියලලු, අර මගේ යාලුවාගේ අම්මලාගේ සෙට් එක ඌ එනකොට කියන්නේ අන්න අපේ "බෝධි මුලේ" වඩිනවා කියලා. පොරගේ තාත්තා වයිෆ්ව බලන්න ඒ කාලේ එයාගේ ඔෆිස් එකට ගියාම කියනවලු දැන් එන්න එපා අද බෝධි මුලේ වඩිනවා කියලා.
8.01 ඇනෝ .........රසවත් කමෙන්ට් එකක්. ස්තූතියි. මහේන්ද්‍ර ලොක්කා රඟාපු චරිත අතරින් ඔක්ශාන් විජේරත්න ඩිරෙක්ට් කරපු ගොළු තාත්තා හී ඒ තාත්තාගේ චරිතය. තම දරුවාටත් , අවට දරුවන්හටත් අහිමි අධ්‍යාපනය වෙනුවෙන් මහත් අරගලයක් කෙරූ ශ්‍රවණාබාධිත සහ කථනාබාධිත සහිත නිර්ව්‍යාජ ගැමියාගේ චරිතය අමතක වෙන්නේ නැහැ. කෞශළ්‍යා- මහේන්ද්‍ර ඇක්ටින්ග් කෙමිස්ට්‍රි එක හොඳටම එලියට ආපු නිර්මාණයක්.
Deleteබෝධි අන්කල් කතාව කවුද කිව්වේ...කොහොම වුනත් ඇත්ත කතාවක්. ඒ සාක්කි අදටත් මම දන්නවා.ඒ ලේක් හවුස් බෝධි රණසිංහ නෙමේ කියලා මට මතක. ඒ තමයි පොලිස් ලොක්කෙක් වෙලා හිටිය බෝධි ලියනගේ. ඒ පාට් එක තමයි අර පොර ඔය කියන ඔෆිස් එකේ කරන් ගියේ. අපි නම් කිව්වේ පොඩි එකාගේ ආසාව කියලා.
මේ සති අන්තයේ අල්බොරාදා බලනනයි ඉන්නේ. අපුරු පෙරවදනක් දුන්නාට ස්තූතියි.
ReplyDeleteබඹර වලල්ල මාව දැඩි කම්පනයට පත්කල චිත්‍රපටයක්. ඕනෑම මොහොතක දූෂණය වියහැකිබව දැන දැන ජීවත්වන තරුණිය හා එය වැලැක්වීමට කිසිවක් කලනොහැකි තරම් අසරණ මව අවුරුදු 12ට පස්සෙත් මාව සසල කරවනවා.
ReplyDeleteස්තුතියි, චමින්ද!
Deleteලිපි දෙකම ආසාවෙන් කියෙව්වා. පුළුවන් නම් ආර්ථික විද්‍යා ලිපි වලට අමතරව මාසෙකට සැරයක් වත් මේ වගේ ලිපියක් ලියන්න.
ReplyDeleteස්තුතියි! මෑත කාලයේදී ආර්ථික විද්‍යා ලිපි වලට ටිකක් බර වැඩි වුනා.
Deleteදේශපාලන අදහස් සහ හැසිරීමෙන් කලාකරුවෙකු මෙන්ම කලා ශිල්පියෙකු ද මැනිය හැකියි යන්නයි මගේ අදහස. ඒ අනුව නීලා වික්‍රමසිංහ, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස් මෙන්ම කමල් අද්දරආරච්චි වැන්නන් ද මට පිළිකුල්.
ReplyDeleteඅනිත් අතට විජය කුමාරතුංග ප්‍රිය නොකළ මං ඔහු ගැන පැහැදීමක් ඇති වී ගීත අසන්නට සහ ච්ත්‍රපට බලන්නට පටන් ගත්තේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන ඔහුගේ ස්ථාවරය දැන්ගත් පසුයි,
නම අසා තිබුණාට නෙරූඩාගේ කවි ස්පාඤ්ඤ, ඉංග්ලිෂ්, සිංහල බසකින් කියවා නැති නිසා මට ඌ ස්ත්‍රී දූෂකයෙකු ද නැද්ද යන්න තාම අදාල වුණේ නෑ. මා ඒ සිදුවීම ගැන කියවා තිබෙන තොරතුරු අනුව එය ස්ත්‍රී දූෂණයක් ද නැද්ද යන්න ගැනත් අපට නිසැකවම කියන්න බෑ.
@ අජිත් ධර්මා,
ReplyDeleteලෙනින් ගැන ඔබේ අදහස් සමග එකඟයි, ඒත් පශ්චාත් සෝවියට් රුසියාව ගැන නම් මේකයි කතාව, රුසියාව කොයි මොහොතේ හෝ යුක්‍රේනය අල්ලනවාමයි කියල ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් දිගින් දිගටම කියනවා. ඒ ගැන රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව නම් කිව්වේ "ඔච්චර දේවල් දන්නවානම් ඉතින් අල්ලන දවසත් කිව්වනම් ඉවරයිනේ" කියල. ඇත්තටම පූටින් ගොයියා යුක්‍රේනය අල්ලයිද? එහෙම අල්ලලා යුරෝපයේ වැට මායිමටම ගිහින් පුළුවන් දෙයක් කරන්න කියලා බයිඩන් ගොන් බයියට කියයිද?
කොහොම හරි මගේ විශ්වාසය නම් ඊට වෙනස්, තුන්වන ලෝක යුද්ධයක් ඇතිවුණොත් ඉතින් හතර වන ලෝක යුද්ධය කරන්න වෙන්නෙ ගල් මුගුරු වලින් කිව්වෙ ඇල්බට් අයින්ස්ටයින්. තුන් වන ලෝක යුද්ධය අනිවාර්යයෙන්ම All-out war එකක් වෙනවා. ඒ කියන්නේ පූටින්ලා, බයිඩන්ලා, ජිං පිං ලා විතරක් නෙවෙයි. අහක ඉන්න මහවිලච්චියේ අප්පුහාමිලත් එක්කම මේ ග්‍රහලෝකය ලෙෆ්ට්.
හැබැයි කුප්‍රකට බටහිර ජඩ මාධ්‍ය කියන විදියට පූටින් ආක්‍රමණිකයෙක්ද? තමන්ගේ ලොකු අයියලාගෙන් ගිලිහුණු පැරණි සෝවියට් දේශය ආයෙත් වෙනස් විදියකින් ගොඩ නඟන්න සිහින දකිනවාද? එහෙම නැත්නම් උන්නැහේ මේ කරන්නේ කඩවුණු පොරොන්දුවක වාඩුව ගැනීමක්ද?
සුන්දර ද්නීපර් නදිය අසබඩ කීයෙෆ් නුවර අගනුවර කරගත් සොඳුරු උක්රයීන දේශය (යුක්‍රේනය) අද අසරණ වෙලා ඉන්නේ භූගෝලීය වශයෙන් ලොව විශාලතම හමුදා සන්ධාන දෙකක හරි මැද ඉන්න හින්දම නෙවෙයි. යුද්ධය, පරාජය හා පාවාදීම් වලින් පිරුණු දේශපාලන කතාන්දරයකට මැදි වූ නිසයි.
උක්රයීනයේ අද ඇති වෙලා තිබෙන අර්බුදයට වැඩි මනත් වගකියන්න ඕන NATO හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය බවට සමහරු තර්ක කරනවා. ඒක යම් තරමකට ඇත්ත. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ වේගයෙන් නැඟීගෙන ආපු සෝවියට් දේශයටත්, කොමියුනිස්ට් දෘෂ්ටිවාදයටත් දැවැන්ත සෝවියට් යුද බලයටත් එරෙහිව තමයි 1949 දි නේටෝ සංවිධානය ගොඩනැගෙන්නේ. විශේෂයෙන් සෝවියට් දේශයෙන් එන යුද තර්ජනයකින් බටහිර ධනවාදී කඳවුර ආරක්ෂා කරගන්න. නේටෝව තමන්ගෙ මුල් සාමාජික රටවල් වල ආරක්ෂාව බලාගෙන පාඩුවේ හිටියානම් අද මෙහෙම අර්බුදයක් ඇති වෙන්නෙ නෑ.
හැබැයි ධනවාදී බටහිර රටවල් ඉක්මනින්ම අමතක කරපු දෙය 1945 නාසි ජර්මනිය පරාජය කරන්න ලොකුම දායකත්වය සැපයුවේ සෝවියට් දේශය බව. රතු හමුදාව බර්ලින් නුවර හිට්ලර්ගෙ භුගත බංකරයටම ගියාට පස්සෙයි යුද්ධය නිල වශයෙන් නිමා වුණේ. හැබැයි ලෝකෙටම ඒක විජයග්‍රහණයක් වුණාට යුද්ධයෙන් මියගිය සෝවියට්වරුන්ගේ ප්‍රමාණය මිලියන 27කට අධිකයි. ඒක හිතා ගැනීමටවත් බැරි තරම් මරණ ප්‍රමාණයක්. දෙවන ලෝක යුද්ධය කවුරුන් විසින් කොහොම අවුළුවා ගත්තත් ඒ වෙනුවෙන් විශාලතම ජීවිත වන්දිය කිව්වේ සෝවියට් දේශය. ස්ටාලින් කෙතරම් කෲර පාලකයෙක් වුණත් ඔහු නැත්නම් අපේ සිංහ ලේ වලිනුත් හිට්ලර්ලා වයින් හදනවා. මිත්‍ර පාක්ෂික බටහිර නායකයන් තමන්ව පාවා දී ඇඟ බේරා ගත් බව ස්ටාලිනුත් දැනන් හිටියා. සෝවියට් දේශය කොයි මොහොතේ හෝ ඒ වාඩුව තමන්ගෙන් අල්ලයි කියලා සැකයක් බටහිර නායකයන්ටත් නොතිබුනා නොවෙයි.
ඔය වගේම තව දෙයක් තමයි දශක තුනහමාරකට විතර කලින් සීතල යුද්ධය තිබුණු යුගයේදී සෝවියට් දේශය කවදාවත් නේටෝ රටවල්වලට අතදැම්මෙ නැහැ. ඒ වගේම නේටෝවටත් සෝවියට් දේශය සමග යුද්ධ කරන්න සිදුවුණේ නැහැ. අවාසනාවකට 1991න් පස්සේ සෝවියට් තර්ජනයක් නොමැති යුගයක තමයි නේටෝව තමන්ගෙ ගොඩ වැඩිකරගත්තේ. ඒකට ප්‍රධානම හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයට යුරෝපය තුළ තමන්ගේ බලය වැඩිකර ගැනීමට තිබුණු උන්නතිකාමී දැඩි උවමනාව.
Deleteකෙසේ වෙතත් අද නැවත අලුත් වටයකින් කරළියට ඇවිත් තිබෙන සීතල යුද්ධයට ගොඩක් අය නොදන්න කතාවකුත් ගෑවෙනවා. ඒක තමයි සෝවියට් දේශයට ඇමෙරිකාව විසින් ලබා දීපු පොරොන්දුවක් ගැන තියෙන හාහූව. මොකද සෝවියට් දේශය කඩා වැටෙන්න ඔන්න මෙන්න කියල තිබුණු කාලයේ සෝවියට් විදේශ ඇමති විදියට කටයුතු කළේ ඇලෙක්සැන්ඩර් බෙස්මත්නික්. ඒ කාලයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරයේ හිටියේ ජේම්ස් බේකර්. මේ දෙන්නා හමු වෙච්චි වෙලාවක බේකර් ගොයියා බෙස්මත්නික්ට පොරොන්දුවක් වෙනවා. ඒක තමයි මොන හෙයියම්මාරුව වුණත් නේටෝවේ වැට මායිම් තව අඟලක්වත් නැගෙනහිර පැත්තට ගන්නෙ නැති බව. හැබැයි මේක කොහෙවත් ලියවිලා නැති පොරොන්දුවක්. ඒත් ඒ පොරොන්දුව කිසිම නිල ගිවිසුමක් නෙවෙයි කියලයි ඇමෙරිකානුවන් කියන්නේ. රුසියාවේ මතය ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයන් දෙදෙනා අතර සිදු වූ වාචික ගිවිසුමක් පිළිගත යුතු බව. තමන් ඇමෙරිකානු වචනය විශ්වාස කරපු බවත් රුසියාව කියනවා.
ඊට අමතරව සීතල යුද්ධයේ නිමාවත් එක්ක ඇමෙරිකානු රුසියානු නායකයන් එකට අඩි පුඩි ගැහුවා. පශ්චාත් සෝවියට් රුසියානු පළමු ජනාධිපති බොරිස් යෙල්ට්සින් හොඳට කන බොන අමු ධනවාදියෙක්. ඒ නිසා පැරණි ජාතිවාදී හෝ දෘෂ්ඨිමය කෝන්තර උන්නැහේ ගාව තිබුණෙ නැහැ. ලොකු බල තන්හාවක් තිබුණෙත් නැහැ. ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් එක්ක ඔහුගේ තිබුණේ දැඩි මිත්‍රත්වයක්. හැබැයි 1995 දී නේටෝ නායකයන් සියළු දෙනා ඉදිරියේ යෙල්ට්සින් මෙහෙම කියනවා.
"ඔබ දන්නේ නැති කරුණක් නම් සෝවියට් දේශය කඩාගෙන වැටුණට පස්සේ මම මොස්කව් නුවරට ගියාම රුසියානුවන් කියපු දේ මට මතකයි. හැමෝම කිව්වේ එක දෙයයි. බටහිර රටවල් සීතල යුද්ධය දිනුවා වෙන්න පුළුවන්. හැබැයි මහත්තයෝ එහෙම වුනා කියල අපට කොකං පාන්න නම් එන්න එපා. 1919 දි ජර්මනියට කළා වගේ අභිමානවත් ජාතියක් ලෙස අපේ මොරාල් එක නම් නැති කරන්න එපා."
ඔන්න ඔහොම තමයි දශක හතක් බටහිර ධනවාදී කඳවුරේ නායකයන්ට හිසරදයක් වූ දැවැන්ත කොමියුනිස්ට් අධිරාජ්‍යය බිමටම සමතලා කරල දීපු යෙල්ට්සින් බටහිර නායකයන්ගෙන් එක ඉල්ලීමක් කරනවා. ඒ නේටෝ මායිම් තවදුරටත් රුසියාව පැත්තට තල්ලු නොකරන ලෙස. එහෙම කළොත් මුළු යුරෝපාකරයම යුද ගිනිදැල් වලින් වැසී යනු ඇති බවත් ඔහු කියනවා.
කෙසේ නමුත් මේ සිදුවීම නොසලකා හරිමින් 2007 වගේ වෙනකොට ඇමෙරිකා එ.ජ. යට උවමනා වෙනවා යුක්‍රේනයත්, ජෝර්ජියාවත් නේටෝවට බදවා ගන්න. ඒකට යුරෝපා සංගමය ඒ තරම් මනාපයක් දක්වන්නේ නැහැ. එය ඇමෙරිකානු භූ දේශපාලනික සැලැසුමට අනුව සාධාරණ වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි Turning point එක. එතැනින් පස්සේ බහුතරයක් රුසියානුවන්ට හිතෙනවා තමන් බටහිර උගුලකට හසුවෙමින් ඉන්න බව. රුසියාවත් බටහිර කඳවුරත් අතර දැඩි ලෙස අවිශ්වාසය ඔඩු දුවන්න ඒක හේතුවක් වුණා. කොහොමත් ඔය දේවල් නිසා පූටින් ආවට පස්සේ බටහිර එක්ක ඒ තරම් ඇයි හොඳයියක් පවත්වා ගන්න උත්සාහ කළේ නැහැ.
ඔහොම ටික දවසක් යනකොට 2010 වෙන කොට යුක්‍රේනයේ රුසියානු හිතවාදී ජනාධිපතිවරයෙක් බලයට පත්වෙනවා. ඒ තමයි බික්තෝර් (වික්ටර්) යැන්කොවිච්. ඊට පස්සේ යුක්‍රේනය ආයෙත් රුසියාව පැත්තට තල්ලුවෙනවා. හැබැයි 2014 දි යැන්කොවිච් බලයෙන් පහ වෙලා රුසියානු විරෝධී පොරසෙන්කෝ බලයට පැමිණෙන එකෙන් තත්ත්වය ආයේත් කණපිට හැරුණා. ඒත් එක්කම පූටින් තීරණය කරනවා යුක්‍රේනයට අයිති ක්‍රිමියානු අර්ධද්වීපය අල්ලාගන්න. ඒ සිද්ධිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
ඇත්තටම ක්‍රිමියා කියලා කියන්නේ කොහොමත් ශත වර්ෂ ගණනාවක සිටම රුසියාවට අයිති වෙලා තිබුණු කොටසක්. සෝවියට් යුගයේදී නිකිතා කෲෂෙෆ් තමයි ක්‍රිමියාව රුසියානු සමූහාණ්ඩුවෙන් ගලවලා ක්‍රිමියාව උක්රයීනයට ලියලා දුන්නේ. සෝවියට් දේශයේ ස්වර්ණමය යුගයේදී සම්පත් බෙදා හදා ගැනීම ගැන ලෝභකම් රුසියානුවන්ට තිබුණෙ නැහැ. ඒ වගේ නොයෙක් පරිත්‍යාග සෝවියට් ක්‍රමය විසින් ලෝකයට දායාද කළා. ඇත්තටම සමාජවාදය කියන්නෙත් ඒකට තමයි. ලංකාවේත් අපි උපදින්නට ගොඩක් කලින් හැත්තෑ ගණන්වල ඔරුවල වානේ කම්හල්, පෙහෙකම්හල්, සීනි කම්හල්, ටයර් සංස්ථා, තුනී ලෑලි සංස්ථා වගේ කර්මාන්ත ගණනාවක් වගේම අසූ ගණන් වලින් ඇවිත් සාහිත්‍යයේ ජනප්‍රිය ලස්සන වසීලිස්සලා, වැඩ බැරි දාසලා, පෙරල්මාන්ගේ ගණිත පොත් ඉතාමත් උසස් තත්ත්වයේ දිළිසෙන කඩදාසි වල පාට පාටින් මුද්‍රණය ඝනකම ශක්තිමත් කල්පවතින කවර වලින් හැඩ වෙලා අනූ ගණන් වල අපේ ළමා ලෝකයට එන්නෙත් ඒ සමාජවාදී දෘෂ්ඨිවාදය අනුවම තමයි.
Deleteඔය වගේම මේ ක්‍රිමියා පළාත පිළිබදව ජාත්‍යන්තර මතය ටිකක් සංකීර්ණයි. ඇත්තටම ක්‍රිමියාව දැන් රුසියාවේ කොටසක් ලෙස තමයි පාලනය වන්නේ. එත් ඇමෙරිකා එජ ඇතුළු බොහෝ රටවල් එය පිළිගන්නේ නැහැ. ක්‍රිමියාව කොහොමත් මූලෝපායිකව රුසියාවට ඉතා වැදගත්. සෝවියට් යුගයේ කළු මුහුදේ තිබුණු ප්‍රධානතම නාවික කඳවුරක් වූ සෙවස්තොපෝල් තියෙන්නේ ක්‍රිමියානු අර්ධද්වීපයේ. ඒක අතහරින්න රුසියාව කොහොමත් කැමති නැහැ. සෝවියට් යුගයෙන් පස්සේ රුසියාව විසින් සෙවස්තොපෝල් අවුරුදු 25කට යුක්‍රේනයෙන් බදුගත්තෙත් ඒ නිසයි. මේ කඳවුර නේටෝ බලසීමාවට අයිති වෙනකම් රුසියාවට බලන් ඉන්න බැහැ. පැරණි සෝවියට් දේශයේ අනුප්‍රාප්තිකයා විදියට තමන් වවාපු ඉඩකඩම් වල ගෙඩිකඩා ගන්න අල්ලපු වත්තෙ එවුන් එනවට රුසියාව කොහොමත් කැමති නැහැ. අනිත් කාරණය රුසියාවේ ආරක්ෂාවට ඇතිවන තර්ජනය. යුක්‍රේනය නේටෝවට අයිතිවුණානම් රුසියාවට මේ වැදගත් නාවික කඳවුර අතහරින්න වෙනවා. දෙවන ලෝක යුද්ධයේදී රුසියානුවන් ක්‍රිමියාවේ වෙසෙන ලක්ෂ පහක ජනතාව අතහැරියෙ නෑ. ඒ නිසා යූරෝපයට ඕනෑ ඕනෑ විදියට තමන්ව ක්‍රිමියාවෙන් පන්නා දමන්න ඉඩ නොදෙන බව රුසියානුවන් සිතනවා.
මීට අමතරව තව දෙයක් තමයි යුක්‍රේනය නේටෝ යුද සන්ධානයට ඇතුළත් කර නොගත්තත් බටහිර රටවල් එරටට දැනටමත් විශාල වශයෙන් යුද ආධාර කරනවා. එයින් 90% ක්ම ඇමෙරිකානු ආධාර. ගෙදර එළිපත්තේ බටහිර ජාතීන් ඇවිත් අඩව් අල්ලනවාට තමන් අකමැති බව පූටින් කෙළින්ම කියා තිබෙනවා. ඒක තමයි ඇත්තටම මෙතැන තිබෙන උපාය මාර්ගික අරගලය. බැරිවෙලාවත් චීන්නු ගිහින් මෙක්සිකෝවෙ වරායවල් හරි නෙළුම් කුළුණු හරි ගහන්න ගියොත් බයිඩන් කරන්නේත් පූටින් කරන දේම තමයි.
ඔය වගේ මේ ගැන ගැඹුරින් හිතුවොත් පූටින්ට කොහොමත් උවමනාවක් නෑ යුක්‍රේනය අල්ලා ගෙන එහේ බින්න බහින්න. එහෙම වුණොත් රුසියාවට යුරෝපයේ ප්‍රබල ආර්ථික සහිත රටවල් එක්ක තිබෙන ආර්ථික වාණිජමය සහයෝගීතාව නැතිවෙලා යනවා. හැබැයි යුක්‍රේනයට බලපෑම් කළහැකි අනිත් සියළුම දේවල් ඔහු කරනවා. නැගෙනහිර යුක්‍රේනයේ දෝන්බාස් කලාපයේ පදාසයක්ම රුසියානු හිතවාදී කැරළිකරුවන් යොදවා පාලනය කරනවා. ඒ ඔස්සේම බටහිරටත් අනතුරු අඟවනවා. මේ නිසා තමයි රුසියාව යුක්‍රේනයේ සෛවරීභාවයට ගරු නොකරන බව නිතරම කියවෙන්නේ. ඒත් පූටින් නිතරම කියන්නේ රුසියානුවන් හා යුක්‍රේනියානුවන් එකම රටක එකම මිනිස්සු කියලා.
ඉතින් අජිත් ඔය වගේ දේවල් හින්දා යුක්‍රේනය නේටෝවේ සාමාජිකත්වය අරන් රුසියාවට තර්ජනයක් වෙන විදියට ඉදිරියට ඒවි කියල හිතුවොත් ඒක හීනයක්. ඒ වගේම නේටෝවට බැහැ යුක්‍රේනයේ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න, රුසියානු මකර කටේ තිබෙන යුක්‍රේන දේශසීමාවට නේටෝ හමුදා යවා තුන්වන ලෝක යුද්ධය අවුළුවා ගෙන සියළු දෙනා දැවී යන මැච් එකක් ගහන්න බෑ. තව නේටෝවේ සාමාජිකත්වය තවත් රටකට ලබා දෙන්න නම් දැනට ඉන්න එහි සාමාජිකයන් සියළු දෙනා එකග විය යුතුයි. ජෝර්ජියාවට අත්වෙලා තියෙන්නෙත් මේ ඉරණමම තමයි. යුක්‍රේනයට හා ජෝර්ජියාවට නේටෝ සමාජිකත්වය දෙන්න යෝජනාව එනකොට ජර්මනියයි ප්‍රංශයයි තදින්ම විරුද්ධ වුණා. නේටෝ මැන්ඩේට් එකට අනුව යම් රටකට පැහැදිලි දේශසීමාවක් නැත්නම් හෝ දේශසීමාව සම්බන්ධයෙන් ගැටළු තිබෙනවානම් ඒ රටට නේටෝ සාමාජිකත්වය නොදිය යුතුයි.
Deleteඔය වගේ ගොඩක් දේවල් නිසාම යුක්‍රේන මායිමට නේටෝ හමුදා එන්නෙත් නැත්නම් ඇයි පූටින් මේ සෙල්ලම් දාන්නේ? මම හිතන්නේ මෙතනදි උන්නැහේ දන්නවා නේටෝ සාමාජිකත්වය තිබුණත් නැතත් යුක්‍රේනය ඇමෙරිකානු කඳවුරේ ඉන්න එක තමන්ට ඒ තරම් ඇඟට ගුණනැති බව. මේ කාරණා අද හෙට වෙනස් නොවන නිසා මේ යුද අවදානමත් ලෙහෙසියෙන් පහව යන එකක් නොවෙයි. හැබැයි කවුරුත් යුද්ධ කරන්නේනම් නැහැ.
ඔය මොන මොන සෙල්ලම් දැම්මත් යුධ බලවතුන් වෙනවට වඩා ආර්ථික බලවතුන් වීමේ තරඟයක් තමයි වර්තමාන යුරෝපයේ මේ මොහොතේ තිබෙන්නේ. යුක්‍රේනය හේතුවෙන් තමන්ගේ ආර්ථික සංවර්ධන ගමන අඩපණ කරගන්න ඔවුන් සූදානම් නැහැ. ගෞරවනීය පසුබෑම කියන්නේ රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් පරාජයක් නෙවෙයි. ඒක සුවිශාල ජහග්‍රහණයක්. අර්බුදයට සම්බන්ධ සියලු පාර්ශව මේ හොරගල් අහුලන්නේ ඒකට බවනම් පේනවා නේද?
ඔන්න ඔය වගේ දේවල් රාශියක් හින්දා රුසියානු- යුක්‍රේන අර්බුදයේ අමුතු වෙනසක් සිදුවන එකක් නැහැ. තුන් වන ලෝක යුද්ධයක්නම් කොහොමමවත් ලොවෙත් ඇතිවෙන්නෙ නැහැ. පැරණි සීතල නිරවි යුද්ධයේ මහා බලවතුන් අතර තිබුණු රාජ්‍යතාන්ත්‍රික වාග් සංග්‍රාමනම් නැවත අලුත් වටයකින් දැක ගන්න පමණක් හැකිවේවි. එහෙම නේද?
ඇනෝ දීර්ඝ කොමෙන්ටුවට ස්තූතියි . මේ මම ලියපු එක කියවා බලන්න. https://kolambagamaya.blogspot.com/2022/02/blog-post_6.html
Deleteඔය කතාව කෙටියෙන්. හැබැයි මෙතන මම ස්ටලින් සමුහ ගොවිපලවල් බලෙන් හදන්න ගිහින් මිලියන් ගණනක් යුක්රේනියන් වරු මැරුණා . ඒ තරහව අදටත් ඔවුන් තුල තිබෙනවා. ඒක ගැන කියන කොට මා ඉගෙනගත් මොස්කව් විශ්ව විද්‍යාලයේම ඉගෙනගත් රුසියානු කාන්තාවක් බැනගෙන ආව ඇයි ඒවා ලියන්නේ කියල. (පුටීන් වදිනියක්). එතකොට මගේ පන්තියේ හිටපු රුසියානුවෙක් බැනගෙන ආව ඊට පස්සේ ටික කියවල් , ඇයි මහා රුසියානු ජාතිවාදය ගැන ලිව්වේ නැත්තේ කියල. මැද ඉඳන් ලියන කොට තියෙන ප්‍රශ්නේ. ඒ ගැන විස්තරාත්මක ලිපියක් ලියන්න ඕනේ
@rasika කමල් ට මමත් කැමති නැහැ අර අහිංසක කෙල්ලට (ආචු තත්පර සින්දුව කියපු) කළ අපරාදෙට. කරලා ඒක යට ගැහුව විධිහට. හැබැයි අර මාලිනි බුලත්සිංහල එක්කද කොහෙද "තුන් සිත දැහැන් ගත වෙනා " කියන සින්දුව ලස්සනට කියනව. අනික ඔය වගේ වුනහම - ස ට චන්දෙ දුන්න අපේ පවුලේ අය එක්ක තරහ වෙන්න ඕනේ. අන්ත ජාතිවාදී යාලුවෝ එක්ක තරහ වෙන්න ඕනේ. එහෙම ජිවිතයක් ගෙනියන්න ටිකක් අමාරුයි.
Deleteනැරඹුවෙමි ෆිලුම ඊයේ හැන්දෑවේ
ReplyDeleteහැඟුම් කප්පරකි මසිතේ ඇති වූවේ
ලෝබයි කියන්නට ඒවා ඇන්නෑවේ
පිරිපුන් රූප කවියකි මා නම් දුටුවේ