කලින් ලිපියෙන් එලොව පොල් පෙන්නිල්ල ගැන කතා කළානේ. අපි පොඩි කාලේ කරපු තවත් සෙල්ලමක් තමයි පොල් කඩන එක. මේකනම් එලොව පොල් පෙන්නිල්ල වගේ බුලි කිරීමක් නෙමෙයි. ඇත්තටම සෙල්ලමක්. ගැටවර වයසේදී කුරුම්බා කඩන සෙල්ලම කරන්න කලින් කාලයේදීයි ඔය සෙල්ලම කළේ.
වැඩේ පටන් ගන්නේ කට්ටිය වටේට වාඩි වෙලා මිට මොලවපු අත් එක උඩ එක තියලා පොල් ගහක් හදලයි. හතර දෙනෙක් එකතු වුනොත් අත් අටක්නේ. හැබැයි පොල් ගහේ නගින්න ක්‍රීඩාවේ නායකයා එක අතක් ඉතුරු කර ගන්නවා. මොකද පොල් ගස් නැගලා මාධ්‍ය සාකච්ඡා තියන්න කට්ටිය හිටියට පොල් ගෙඩියක් කඩාගන්න කෙනෙක් හොයා ගන්න එක ලේසි නෑනේ. ඊට පස්සේ ක්‍රීඩාවේ නායකයා මෙහෙම අහනවා.
"සීයේ සීයේ පොල් කඩමුද?"
ඔය අහන්නේ රුපියල් සීයේ පොල් ගැන නෙමෙයි. ඒ දවස්වල පොල් ගෙඩියක් රුපියලක්වත් වුනේ නෑ මගේ හිතේ.
"දඩින් බිඩින් ඩෝන්"
ඔන්න පොල් කැඩුවා. ඊට පස්සේ පොල් ලෙලි ගහනවා. ලෙලි ගහපු පොල් ගෙඩිය වම් අතේ තියලා දකුණු අතින් පොල් බිඳිනවා. ඔක්කොම කරන්නේ අභිනයෙන්. ඊට පස්සේ තියෙන්නේ පොල් ගාන එක. දනිස්ස තමයි හිරමනේ. පොල් බෑය හිරමන තලේට වඩා ලොකුද වගේ ප්‍රශ්න අපට තිබුණේ නැහැ.
"ජින්ජි බරස් බරස් බරස්"
ඔය කටයුතු අභිනයෙන් කරන්නේ මේ ආකාරයට ප්‍රශ්න අහන ගමන්.
"කෝ කඩපු පොල්?"
"ලෙලි ගැහුවා"
"කෝ ලෙලි ගහපු පොල්?"
"බින්දා"
"කෝ බිඳපු පොල්?"
"ගෑවා"
පොල් ටික ගාගත්තට පස්සේ තියෙන්නේ පොල් මිරිකන්නයි.
"මිටි කිරි කිරි දිය කිරි කිරි ඉඳා කපුටො පොල් කුඩු"
"කෝ ගාපු පොල්?"
"හොද්දට දැම්මා"
"කෝ හොදි?"
"පූසා කට ගැහුවා"
"කෝ පූසා කට ගහපු හොදි?"
"තම්පලා කොටුවට දැම්මා"
"කෝ තම්පලා?"
"රජ්ජුරුවන්ගේ හරක් උඩින් උඩින් කෑවා. අපේ හරක් බිමින් බිමින් කෑවා."
පොල් කැඩිල්ල අන්තිමට ඉවර වෙන්නේ ඔය විදිහට රජ්ජුරුවන්ගේ හරක් උඩින් උඩින් කෑවට පස්සේ අපේ හරක් බිමින් බිමින් කාලයි. හරක්නේ ඉතින්. මොනවා කරන්නද? තම්පලා කෑවයි කියලා මරන්නයැ? ඇරත් රජ්ජුරුවන්ගේ හරක්!
ඔය රජ්ජුරුවන්ගේ හරක්, අපේ හරක් ඔක්කොම එකතු කළාම ලංකාවේ හරක් කොච්චර ඇද්ද?
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2019 වසරේදී ලංකාවේ එළ හරක්ගහණය 1,527,649ක් හා මී හරක්ගහණය 472,192ක්. එකතුව මිලියන දෙකකට ආසන්නයි (1,999,841ක්).
එහෙත්, ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2019 වසරේදී ලංකාවේ එළ හරක්ගහණය 1,086,010ක් හා මී හරක්ගහණය 298,430ක් පමණයි. ඒ අනුව, එකතුව 1,384,440ක්. සංඛ්‍යාලේඛණ වල වෙනසට හේතුව පැහැදිලි නැහැ.
ඉහත ගණනින් වසුපැටවුන් ඉවත් කළ විට සංඛ්‍යාලේඛණ මෙහෙමයි.
එළදෙනුන් - 635,200
එළ හරක් - 94,520
මී දෙනුන් - 171,620
මී හරක් - 26,730
එළදෙනුන් ප්‍රමාණයට සාපේක්ෂව එළ හරක් ප්‍රමාණය 14.9%ක්ද, මී දෙනුන්ට සාපේක්ෂව මී හරකුන් ප්‍රමාණය 15.6%ක්ද පමණයි. හරකුන් අතර උපතේදී ගැහැණු පිරිමි අනුපාතය සමාන සේ සැලකුවොත් වැඩිහිටි වයසට පත් වෙද්දී එළ හරකුන්ගෙන් මෙන්ම මී හරකුන්ගෙන්ද අවම වශයෙන් 85%ක් මස් කෙරෙන බව මේ අනුව පැහැදිලි වෙනවා. මේ ප්‍රමාණය 85%ක් වන්නේ එකම එළදෙනක හෝ මී දෙනක හෝ මසට නොමරන්නේයැයි සැලකුවහොත් පමණයි. එහෙත් එය එසේ නොවන බව අප දන්නා නිසා මෙය අවම ඇස්තමේන්තුවක් පමණයි. එළදෙනුන්ගෙන් හා මී දෙනුන්ගෙන් 10%ක් මසට මරන සේ සැලකුවහොත් එළ හරකුන්ගෙන් හා මී හරකුන්ගෙන් මසට මරන ප්‍රමාණය 95%ක් වෙනවා.
කිරි පිණිසම හදන වැඩි දියුණු කළ එළ හරක්ගහණය පමණක් සැලකුවහොත් එළදෙනුන්ට සාපේක්ෂව හරක් සිටින්නේ 10.6%ක් පමණයි. මෙයින් තහවුරු වන්නේ ලෝකයේ අනෙක් රටවල වගේම ලංකාවේත් කිරි කර්මාන්තය හා හරක් මස් කර්මාන්තය ඒකාබද්ධ වී ඇති කර්මාන්තයක් බවයි. කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට දෙනුන් කෙටි කාලාන්තර තුළ ගැබ් ගැන්විය යුතු නිසා එම දෙනුන්ට ස්වභාවික තත්ත්වයන් යටතේ ලැබෙනවාට වඩා පැටවුන් ලැබෙනවා. එම පැටවුන්ගෙන් 50%ක් කිරි කර්මාන්තය සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් නඩත්තු කිරීම අමතර වියදමක්.
ලංකාවේ වසරකට කොපමණ හරක් මරනවාද?
පසුගිය 2019 වසරේදී මස් පිණිස මරා තිබෙන හරක් ප්‍රමාණය 158,723ක්. හොරෙන් මරන හරක් මේ ගණනට ඇතුළත් නැහැ.
ලංකාවේ දේශීය හරක් මස් සැපයුම කොපමණද?
පසුගිය 2019 වසරේදී ලංකාව තුළ හරක් මස් මෙට්‍රික් ටොන් 29,870ක් නිපදවා තිබෙනවා. මේ අනුව, එක හරකෙකුගෙන් කිලෝග්‍රෑම් 188ක් පමණ.
දැන් ලංකාව හරක්මස් ආනයනය කරන්නේ නැද්ද?
පසුගිය 2019 වසරේදී ලංකාවට හරක්මස් කිලෝග්‍රෑම් 116,766ක් ආනයනය කර තිබෙනවා. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 109,317,869ක්. ඒ අනුව, හරක්මස් කිලෝග්‍රෑම් එකක් ආනයනය කර තිබෙන්නේ රුපියල් 936.21 බැගින්.
ලංකාව හරක්මස් අපනයනය කරන්නේ නැද්ද?
පසුගිය 2019 වසරේදී ලංකාවෙන් හරක්මස් කිලෝග්‍රෑම් 59,364ක් අපනයනය කර තිබෙනවා. ලැබූ ආදායම රුපියල් 72,338,734ක්. ඒ අනුව, හරක්මස් කිලෝග්‍රෑම් එකක් අපනයනය කර තිබෙන්නේ රුපියල් 1,218.56 බැගින්.
ලංකාවේ දේශීය හරක් මස් ඉල්ලුම කොපමණද?
අපට එය මේ විදිහට හදා ගන්න පුළුවන්.
දේශීය පරිභෝජනය = දේශීය නිෂ්පාදිතය - අපනයන + ආනයන = 29,870 - 59 + 117 = මෙට්‍රික් ටොන් 29,928 ක්. මේ අනුව, ලංකාවේ හරක් මස් කර්මාන්තය තනිකරම දේශීය කර්මාන්තයක්. රටේ හරක් මස් ඉල්ලුමෙන් 99.8%ක්ම සපයා තිබෙන්නේ දේශීය හරක්මස් නිෂ්පාදකයින් විසිනුයි.
දේශීය හරක් මස් කර්මාන්තය වර්ධනය වෙනවාද?
මීට දශකයකට පෙර, 2010 වසරේදී, හරක් 203,520 දෙනෙකු මස් පිණිස මරා තිබෙන අතර හරක් මස් මෙට්‍රික් ටොන් 38,700ක් රට තුළ නිපදවා තිබෙනවා. ඒ අනුව, දේශීය හරක් මස් කර්මාන්තය ක්‍රමයෙන් දුර්වල වෙමින් තිබෙන බවකුයි පෙනෙන්නේ. මෙයට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපා ඇතැයි සිතිය හැකියි. දේශීය සැපයුම පහළ යාමට සාපේක්ෂව හරක් මස් ශුද්ධ ආනයන ඉහළ නොයෑමෙන් පෙනෙන්නේ එක්කෝ සැපයුම අඩුවීමට සාපේක්ෂව ඉල්ලුමද අඩු වී ඇති බවයි. නොඑසේනම් ආනයනික හරක් මස් දේශීය හරක් මස් සඳහා ආදේශකයක් නොවන බවයි.
මේ අතර හරක්මස් කිලෝග්‍රෑමයක මිල 2010දී වූ 385.71 මට්ටමේ සිට 2019 වන විට රුපියල් 995.61 මට්ටම දක්වා 2.58 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් තිබෙන්නේ 53.8%කින් පමණයි. ඒ අනුව, ලංකාවේ හරක්මස් කිලෝග්‍රෑමයක මිල අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට වඩා 67.8%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට පාරිභෝගික භාණ්ඩයක සාපේක්ෂ මිල ඉහළ යාමෙන් පෙනෙන්නේ ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වී නැති බවයි. ඒ අනුව, හරක් මස් සැපයුම අඩුවීමට හේතුව ඉල්ලුම අඩුවීම නොවන බව අපට නිගමනය කළ හැකියි.
මුළු කතාවම එකතු කළ විට පෙනෙන්නේ මේ වගේ දෙයක්.
- පසුගිය කාලය තුළ ලංකාවේ හරක් මස් සැපයුම පහළ ගොස් තිබෙනවා. එයට හේතුව හරක් මැරීමට එරෙහිව රට තුළ විරෝධයක් මතු වීම හා ඒ හේතුව මත වසරකට මරන හරක් ප්‍රමාණය අඩු වී දේශීය හරක් මස් නිෂ්පාදනය පහළ යාමයි.
- හරක් මස් සැපයුම පහළ යාමට සාපේක්ෂව හරක් මස් සඳහා වන දේශීය ඉල්ලුම අඩු වී නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස හරක් මස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
- කෙසේ වුවත්, දේශීය හරක් මස් වෙනුවට ආනයනික හරක් මස් ආදේශ වී තිබෙන්නේ ඉතාම සුළු වශයෙන් පමණයි.
මෙහි සඳහන් අවසන් කරුණට හේතු දෙකක් පාදක විය හැකියි. පළමුවැන්න පෙරද සඳහන් කළ කරුණක්. ඒ, දේශීය හරක් මස් සඳහා ආනයනික හරක් මස් හොඳ ආදේශකයක් නොවීම. දෙවැන්න, දැනට පවතින මිලට හරක් මස් ආනයනය කිරීම අසීරු වීම.
කාලයක් තිස්සේම ලංකාවේ හරක් මස් සාපේක්ෂව මිල අඩු පාරිභෝගික භාණ්ඩයක් වුවත්, පසුගිය දශකය තුළ මේ තත්ත්වය වෙනස් වී ඇති බව පෙනෙනවා. මේ වන විට ලංකාවේ හරක් මස් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් දහසක් පමණ වෙනවා. බොහෝ බටහිර රටවල හරක් මස් කිලෝග්‍රෑමයක් විකිණෙන සිල්ලර මිල මීට වඩා වැඩි වුවත් ලෝකයේ ප්‍රධාන හරක්මස් අපනයනකරුවන් වන බ්‍රසීලය හා ඉන්දියාව මීට වඩා අඩු මිලකට හරක්මස් අපනයනය කරනවා. පකිස්ථානයේ හරක්මස් මිලත් මීට වඩා අඩුයි.
ඒ නිසා, ලංකාවට දැන් පවතින වෙළඳපොල මිලට හරක් මස් ආනයනය කරන්න බැරිකමක් නැහැ. පසුගිය වසරේ ආනයනික හරක්මස් කිලෝග්‍රෑමයක් වෙනුවෙන් ලංකාව ගෙවා තිබෙන්නේ රුපියල් 936.21ක් පමණයි. එම මිල සාමාන්‍ය දේශීය වෙළඳපොළ මිල වූ රුපියල් 995.61ට වඩා අඩුයි.
දැනට ලංකාවේ ආනයනික හරක් මස් එතරම් ජනප්‍රිය වී නොතිබීම මිල පිළිබඳ ප්‍රශ්නයක් බව පෙනෙන්නේ නැහැ. එය රුචිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් විය යුතුයි. ඒ නිසා, දැන් මිලටම මිල දී ගත හැකි වුවත් බොහෝ දෙනෙකු විසින් පෙර තරමට හරක් මස් මිල දී නොගන්න ඉඩ තිබෙනවා.
ඉල්ලුම දැන් මට්ටමේම තිබුණොත් හරක්මස් ආනයනය කිරීමට ලංකාවට කොපමණ මුදලක් වැය වෙයිද?
පසුගිය වසරේ දේශීය හරක් මස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 29,928 ක්. එම වසරේ ආනයනික මිල ගණන් අනුව, මෙම මස් ප්‍රමාණය ආනයනය කරන්න රුපියල් බිලියන 28ක් පමණ වැය වෙනවා. ඩොලර් මිලියන 150කට අධික මුදලක්. පසුගිය වසරේ කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 311.9ක් සේ සැලකූ විට මේ වැඩෙන් වෙළඳ ශේෂ වාසියක් වෙන්නනම් රටේ කිරි හා කිරි නිෂ්පාදන ආනයන වියදමෙන් බාගයක් පමණ අඩු වෙන්න ඕනෑ.
ඉකොනො ලංකාවේ දේශපාලනය විසින් කරන ලද ජාතික අපරාධයක්
ReplyDeleteමතකද ටානියා වැන්හියර්ව, උපන්නේ 1970 දෙසැම්බර් 30 වැනිදා ශ්‍රී ලංකාවේදී.....
1980 දශකයේදී ලක්බිමෙහි දිදුල ක්‍රීඩා තරුවක්. ඇය ඒ සන්දියේ ලාබාල පාසැල් ශිෂ්‍යාවක්
1986 වසරේ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩානගනයේ පැවති 13 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 400 තත්පර 55.89 කට දුවන ටානියා ශ්‍රී ලංකා ජාතික වාර්තාව පිහිටුවනවා
එම වසරේම පැවති ජාතික පාසැල් ක්‍රීඩා උළෙලේදී වයස අවුරුදු 18 න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව තත්පර 24.8 කින් නිම කරලා ටානියා තබපු ජාතික කණිෂ්ඨ වාර්තාව 2018 දී ෂෙලින්ඩා පැන්සන් විසින් බිඳ හෙළන තුරු වසර 32 ක් අඛණ්ඩව පැවතුණා.
ඒත් ටානියාගේ මේ දස්කම් අපේ රටේ ක්‍රීඩා බලධාරීන්ට වටිනාකමක් වුණේ නෑ. ලංකාවේ දේශපාලනය සහ ක්‍රීඩා නිලධාරීන් ඒවා තඹ දොයිතුවකට මායිම් කළෙත් නෑ......
මේ නිසා සටකපට ඕස්ට්‍රේලියානු ලණුවක් ගිලින ඇගේ පියා පුංචි ටානියාවත් සිය පවුලමත් අරගෙන 1987 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්ට හේතුව කපටි ඕස්ට්‍රේලියානු කුමන්ත්‍රණ සහ ලංකාවේ දූෂිත දේශපාලකයන්.
ඵහේදීත් මේ දක්ෂ කෙල්ල නිකම් හිටියේ නෑ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ 1988 දී ඇය වයස අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 100, 200, 400 ඉසව් ත්‍රිත්වයේම ඕස්ට්‍රේලියානු ශූරිය බවට පත් වෙනවා.
1998 වසරේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කාන්තා මීටර් 4×100 හා 4×400 ඉසව්වලින් දිවිත්ව රන් පදක්කම් දිනන ටානියා වැන්හියර් මීටර් 100 තනි ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගන්නවා.
හොඳම වැඩේ තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එදා තරග වැදුණු ක්‍රීඩිකාවන් සියළු දෙනාම මේ "ඕස්ට්‍රේලියානු ටානියා වැන්හියර්"හමුවේ පරාජයට පත්වී තිබීම.
1999 වසරේ Maebashi නුවර පැවති ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී තවත් රිදී පදක්කමක් ඕස්ට්‍රේලියාවට දිනා දෙන්නත් අපෙන් ගිය ටානියා සමත් වුණේ එරට ජාතික වාර්තාවද පිහිටුවමින්......
ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි 06 කදීම ප්‍රබල ඕස්ට්‍රේලියාව නියෝජනය කර තිබෙන ටානියා තරග වැදුණු ඉසව්වලදී තම පෞද්ගලික ජීවිතයේ වාර්තා කර ඇති හොඳම තරග නිමි කාලයන් මෙසේයි.
මීටර් 100 - තත්පර 11.29
මීටර් 200 - තත්පර 22.42
මීටර් 400 - තත්පර 51.28
මීටර් 800 - මිනිත්තු 2.06.83
බලන්න මේ තරග කාලයන් අද තිබෙන ශ්‍රී ලංකා ජාතික තරග වාර්තාවලට පවා බොහොම සමීපයි.
ඒත්.... ටානියා මේ වාර්තා සියල්ලම තබා තිබෙන්නේ මීට දශක දෙකකටත් වඩා පැරණි අතීතයේදී......
එහෙනම්දැන් පැහැදිලියි නේද ලංකාවේ දේශපාලන බලධාරීන්ගේ දූෂිත පාලනය සහ ඕස්ට්‍රේලියානු කුමන්ත්‍රණයක් නිසා ලංකාවට එදා අහිමි කරගෙන තියෙන්නේ තවත්
සුසන්තිකා ජයසිංහ
දමයන්ති දර්ශා
ජයමිණි ඉලේපෙරුම කෙනෙක් බව...
මතක තියා ගන්න ටානියා ශූරියක් ලෙස මතු වුණේ මේ සියළු දෙනාටම කළින් බව.......
එහෙනම් එදා අපි අහිමි කරගෙන තිබුණේ
ක්‍රීඩාවෙන් ලංකාවට පෑදුණු තවත්
"පදක්කම් උල්පතක්" බව......
ඒකයි මුලින්ම කිව්වේ ලංකාවේ කාලකන්නි දේශපාලකයින් රටට කළ "ජාතික අපරාධයක්" කියලා..........
ට්‍රම්ප් ගොයියා ට කොවිඩ් හැදිල තියෙන්නේ කියලා කියන්නේ ඇත්ත ද?
ReplyDeletewww.cnbc.com/amp/2020/10/02/president-donald-trump-says-he-has-tested-positive-for-coronavirus.html
මේක ගැන හිතන්නේ මොකක්ද? ඇමරිකානු එක්සත් ජනපදයේ ගොබෙල්ස්වාදී කුප්‍රකට ජඩ මාධ්‍ය ආයතන සහ පක්ෂග්‍රාහීව ජඩ වැඩ කරන මූඩීස් වගේ විගඩම් වලින් මේ සීන් එක ගැන මොකද කරන්නෙ කියල ඔබටවත් කියන්න පුළුවන් නම් හොඳයි ඉතින්.
නිදහස් වෙළද ගණුදෙනු,ධනවාදයේ මූලික ලක්ෂණයකි. එවිට සමාජවාදයේ මෙන් ආර්ථික ඒකාධිකාරයකට ඉඩ ලැබෙන්නේ නැත - ඉක්ක-නෝ-මැට්ස්
ReplyDeleteTim Cook - Hold my iPhone
Elon Mask - Hold my Tesla
John Deere - Step aside kids, and hold my tractor
ඉකොනෝ මහත්තයා දන්නේ නැති කතා නොකියා ඉන්න ඒක නේද හොඳ?
ReplyDeleteගව ඝාතනය තහනං නොකලොත් ඉක්මනටම කඳ-බඩ- යහමින් ආරලා ඉන්න කේප්ප හරකුන්ගේ ආරස්සාවට මොකද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි.
දැන් එන එන හැම ආණ්ඩුවෙන්ම අපේ හරකුන්ට කිරි පොවන්න කිරි ගවයන් ගෙන්වනවා. ගෙනෙන තරමක් ලෙඩ හරක්... නැතිනම් කිරි නැති එවුන්. වැඩි දෙනෙකු ඉක්මනටම එලොව යනවා. ලෙඩ සත්තු මසට ගන්නද?
එහෙම ගෙන්නන තරමට ගෙන්නන Xරියන්ට කිරි එරෙනවා මොනවා නැතත්. තව ටික දවසකින් පිටරටින්ම හරක් මසුත් ගෙන්නයි .... කාටද එතකොට කාසි වඳ වෙන්නේ?
තව එකක්... ජහමනයාගේ ප්‍රෝටීන ඌනතාවය වැඩිවෙන එකෙත් වාසි තියෙනවා නේද?