වෙබ් ලිපිනය:

Friday, January 28, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (පළමු කොටස)

ලංකාවේ ආර්ථික ප්‍රශ්නය පිළිබඳව ප්‍රධාන මතවාදී ධාරා තුනම එකඟ වන කොටසක් තිබෙනවා. ඒ නිදහසින් පසුව හැම ආණ්ඩුවකම දායකත්වයෙන් ගොඩ ගසා ගත් ණය කන්ද රටට ඔරොත්තු නොදෙන බව. මේ විවේචනය ඇතුළේ පොදුවේ ලංකාවේ ක්‍රියාත්මක වන සාර්ව-ආර්ථික ප්‍රතිපත්තිය ගැන විවේචනයක්ද තිබෙනවා. ප්‍රශ්නයට ක්ෂණික, මැදිකාලීන හා දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවද පොදු පිළිගැනීමක්.

ඉහත කී එකඟතාවයෙන් ඔබ්බට මේ මතවාදී ධාරා තුන පාරවල් තුනක යමින් ප්‍රශ්නයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් තැන් තුනකට යොමු කරනවා. ජාජබ විග්‍රහය අනුව ප්‍රශ්නය දරුණු වෙන්නේ 1977 සිටයි. හතළිස් තුනේ විග්‍රහය අනුව, රාජපක්ෂ දශකය තුළදී වාණිජ ණය ගන්න පටන් ගත් 2009 සිටයි. වියත්මග විග්‍රහය අනුව යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2015 සිටයි.

හතළිස් තුනේ ආර්ථික දේශපාලන ස්ථාවරය එජාප/සජබ ස්ථාවරයට වඩා විශාල ලෙස වෙනස් නැහැ. ඒ වගේම, වියත්මග ස්ථාවරය සහ මේ ආණ්ඩුව විසින් දැනට ක්‍රියාත්මක කරන ස්ථාවරය අතරත් පෙනෙන ලොකු වෙනසක් නැහැ. ඒ නිසා, මම මේ ධාරා තුන ඉහත ආකාරයෙන් හඳුන්වන්න කැමතියි. ඔය ධාරා තුනට අමතරව ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවකට තිබෙන්නේ ශ්‍රීලනිපයයි. එය සිටින්නේ කොතැනද කියන එක පැහැදිලි නැහැ.

මේ කණ්ඩායම් තුනටම බල ඉලක්ක තිබෙනවා. ඒ ඉලක්කය කරා යාමේදී ඔවුන්ට නිශ්චිත ජන කණ්ඩායමකට ආමන්ත්‍රණය කරන්න වෙනවා. තමන් ඉලක්ක කරන කණ්ඩායමේ අභිලාශ වලින් යම් සීමාවකට වඩා විතැන් වෙමින් ස්වාධීන විග්‍රහයක් කරන්න මේ කවර කණ්ඩායමකටවත් පුළුවන් කමක් නැහැ. ඒ හේතුව නිසා මේ විග්‍රහයන් එකක්වත් ඔවුන්ටම සාපේක්ෂව අවංක විග්‍රහයන් බවට සහතිකයක් නැතත්, මේ එක් එක් විග්‍රහය සමඟ අවංකවම එකඟ වෙන පිරිස් ලංකාවේ ඉන්නවා. 

නිදහසේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රශ්නයක බර එක කණ්ඩායමකට දමන එක අසීරු හා සංකීර්ණ වැඩක්. නමුත්, මේ බර සම සේ බෙදා හැරීමත් නිවැරදි ප්‍රවේශයක් නෙමෙයි. ඒ නිසා, වෙනස් විග්‍රහයන් තිබීමෙන් ඒවායින් එකක් හැර අනෙක්වා වැරදියි කියන එක ගම්‍ය වන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයේ මුල ලෙස හඳුනා ගන්නේ කොතැනද කියන එක මත විසඳුමේ හැඩය තීරණය වෙනවා. මොකද ප්‍රශ්නයේ මුල ප්‍රශ්නයක් නැති තැනක් තිබෙනවා. ඒ තැන ලෙස එකිනෙකා හඳුනා ගන්නේ වෙනස් තැන් තුනක්.

මේ වෙනස බලපාන්නේ මැදිකාලීන විසඳුම් ගැන කතා කරද්දී. ක්ෂණික විසඳුම කොහොමත් මේ දැන් දිය යුතුයි. දිගුකාලීන විසඳුමට තව සෑහෙන කාලයක් තිබෙනවා. දළ වශයෙන් ගත්තොත්, ජාජබ විසඳුම ස්ථානගත වී තිබෙන්නේ 1977ට ආපසු යාම වටා. හතළිස් තුනේ විසඳුම ස්ථානගත වී තියෙන්නේ 2019ට ආපසු යාම වටා. වියත්මග විසඳුම ස්ථානගත වී තිබුණේ 2015ට ආපසු යාම වටා.

ජාජබ විසින් 1970-77 කාලයට නැවත යා යුතුයැයි කියන බවක් හෝ හතළිස් තුන 2015-2019 වෙත නැවත යා යුතුයැයි කියන බවක් හෝ වියත්මග විසින් නැවත 2004-2014 කාලයට යා යුතුයැයි කියූ බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. ඔය කණ්ඩායම තුන විසින්ම එම එක් එක් අතීත පරමාදර්ශය තුළ හඳුනාගත් අඩුපාඩු තිබෙනවා. හැබැයි පරණ වැරදි හදාගෙන ස්ථානගත වෙන්න බලා ඉන්නේ ඔය තැන් වලයි.

මේ ස්ථාවර තුන අතරින් මගේ පෞද්ගලික ස්ථාවරය වඩා කිට්ටු හතළිස් තුනේ ස්ථාවරයටයි. නමුත් හතළිස් තුන මෙන් රාජ්‍ය ණය ප්‍රශ්නයේ බර මම මුළුමනින්ම රාජපක්ෂ දශකයට බැර කරන්නේ නැහැ. මම දකින විදිහට රාජ්‍ය ණය ප්‍රශ්නය යනු හතළිස් හතේ සිට වර්ධනය වන, දිගුකාලීන විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයයි. රාජපක්ෂ දශකය තුළ වර්ධනය කළේ මේ වන විට ක්ෂණික විසඳුමක් අවශ්‍යව තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයයි. එය විණිමය අනුපාතය පාලනය කරමින් පොන්සි ක්‍රීඩාවක් පටන් ගැනීම නිසා ඇති වූ ප්‍රශ්නයක්. 

මගේ විසඳුම් ස්ථානගත වන්නේ මගේ විග්‍රහයට සාපේක්ෂවයි. ඒ අනුව, ක්ෂණික ප්‍රශ්නය මේ පොන්සි ක්‍රීඩාව දිගටම කරගෙන යන්න බැරි වීමේ ප්‍රශ්නයයි. ක්ෂණික ප්‍රශ්නයට ක්ෂණික විසඳුම කඩා වැටෙන්න නොදී මොන ආකාරයෙන් හෝ පොන්සි ක්‍රීඩාව දිගටම කරගෙන යාමයි. ක්ෂණිකව ඊට වඩා දෙයක් කරන්න බැහැ. 

මැදිකාලීන විසඳුම විය යුත්තේ පොන්සි ක්‍රීඩාවෙන් ගැලවෙන එකයි. රාජ්‍ය ණය ප්‍රශ්නය යනු එයින්ද පසුව විසඳන්නට වෙන ප්‍රශ්නයක්. ආර්ථික වර්ධනය එන්නේ මේ සියල්ලෙන් පසුවයි. මෙහි පෙර-පසු කියා කියන්නේ කාල අර්ථයකින් (chronologically) නොව ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතු ප්‍රමුඛතා අනුපිළිවෙළ මතයි. කාල අර්ථයෙන්නම් මේ සියල්ල එකට ගෙන විසඳුම් සෙවිය යුතුයි. ඊට අමතරව, මේ සියල්ලට ඔබ්බෙන් තිබෙන දිගුකාලීන ආර්ථික සංවර්ධනයටත් ප්‍රමුඛතාවය ලැබිය යුතුයි. 

මේ ප්‍රශ්න අතරින් ක්ෂණික ප්‍රශ්නය ක්ෂණිකව විසඳන්න වෙන්නේ මේ ආණ්ඩුවටයි. යම් හෙයකින් ආණ්ඩුව විසින් ප්‍රශ්නය දැනට විසඳා ගත්තත්, මැදිකාලීන ප්‍රශ්නය විසඳන තුරු මේ ක්ෂණික ප්‍රශ්නය සදාකාලික (perennial) ක්ෂනික ප්‍රශ්නයක් වෙයි කියන එක මගේ අදහසයි. මේ හේතුව නිසා දැනට දේශපාලන බලය නැති, බලයට එන්න හිතාගෙන ඉන්න කණ්ඩායම් වලටත් ප්‍රශ්නයට විසඳුමක් ගැන හිතන්න වෙනවා.

මගේ මේ අවසන් ප්‍රකාශය ජාජබ හා 43 විශ්ලේෂණ සමඟ විශාල ලෙස ගැටෙන්නේ නැති වුනත්, ආණ්ඩුවේ විශ්ලේෂණය සමඟ සෘජු ලෙස ගැටෙනවා. ආණ්ඩුවට අනුව, ක්ෂණික ප්‍රශ්නය කෝවිඩ් නිසා ඇති වූ අනපේක්ෂිත ප්‍රශ්නයක්. මා පෙන්වා දෙන පදනමින්ම නොවුණත්, ක්ෂණික ප්‍රශ්නය කෝවිඩ් නිසා ඇති වූ ප්‍රශ්නයක් නොවන බව ජාජබ හා 43 කණ්ඩායම් වලද මතයයි. එය එලෙස නොදකින්නේ ආණ්ඩුවේ මතවාදය සමඟ සිටින අය පමණයි. 

ආණ්ඩුවේ මතවාදය කියා කිවුවත් ආණ්ඩුව වෙත දේශපාලන පක්ෂපාතිත්වයක් නැති හා ආණ්ඩුවට විරුද්ධ පැත්තේ ඉන්න ඇතැම් අයත් මේ අදහස දරනවා. ඒ නිසා, ක්ෂණික ප්‍රශ්නය කෝවිඩ් නිසා ඇති වූ අනපේක්ෂිත ප්‍රශ්නයක් නොවන බවත්, ඒ නිසාම කෝවිඩ් අවසන් වීමෙන් පසුව අවසන් නොවන බවත්, සාධක සහිතව අපට පෙන්වීමට සිදු වෙනවා. මෙයින් අප අදහස් කරන්නේ කෝවිඩ් නිසා අනපේක්ෂිත ප්‍රශ්නයක් ඇති නොවූ බව නෙමෙයි. ප්‍රශ්නය ඊට වඩා බරපතල ප්‍රශ්නයක් බවයි. 

ඒ වගේම, ලංකාවේ ප්‍රශ්නය සරල ණය ප්‍රශ්නයක් නොවන බවත් අපට තව දුරටත් තහවුරු කර පෙන්වන්න සිදු වෙනවා. ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය තේරුම් ගැනීම සඳහා අපි මුලින්ම මේ කරුණු දෙක නිරවුල් කර ගනිමු. 

මේ වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, මෙය එසේ වූ පළමු අවස්ථාව නෙමෙයි. මීට පෙර අවස්ථා දෙකකදී ලංකාවේ ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා ගියත් මෙවැනි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. ඒ වගේම දැනටත් දළ දේශීය නිෂ්පාදිතය මෙන් 266%ක් රාජ්‍ය ණය තිබෙන ජපානයට හෝ එම අනුපාතය 100% ඉක්මවා ඇති ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය, බහරේන් හෝ සිංගප්පූරුව වැනි රටවලට ලංකාව මුහුණ දෙන ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වී නැහැ.

රාජ්‍ය ණය ප්‍රශ්නය ලංකාවේ ක්ෂණික ප්‍රශ්නය නෙමෙයි. ක්ෂණික ප්‍රශ්නය ගෙවුම් ශේෂ ප්‍රශ්නයයි. ගෙවුම් ශේෂ ප්‍රශ්නයට හේතුව ලංකාවේ විදේශ වත්කම් වලට සාපේක්ෂව විදේශ බැරකම් විශාල ලෙස ඉහළ ගොස් තිබීමයි. එය කෙතරම් බරපතල තත්ත්වයකට ඔඩු දුවා ඇත්ද යන්න අපි මුලින්ම තේරුම් ගනිමු.

ලෝකයේ හැම රටකටම විදේශ බැරකම් වලට වඩා වැඩියෙන් විදේශ වත්කම් තියා ගන්න බැහැ. ලෝකයට ණය වෙන රටවල් තිබේනම් ලෝකයට ණය දෙන රටවලුත් තිබිය යුතුයි. ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් තිබීම අනුව අපට ලෝකයේ රටවල් ගොඩවල් දෙකකට වෙන් කරන්න පුළුවන්. 


ඉහත ලෝක සිතියමෙහි තැඹිලි පාටින් ලකුණු කර තිබෙන ඇමරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වගේ රටවල් වල විදේශ බැරකම් විදේශ වත්කම් වලට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ රටවල් ලෝකයට ණයයි. නිල් පාටින් ලකුණු කර තිබෙන රුසියාව, චීනය, ජපානය, කැනඩාව වගේ රටවල විදේශ වත්කම් විදේශ බැරකම් වලට වඩා වැඩියි. දත්ත නැති නිසා මෙහි අළු පාටින් ලකුණු වී තිබුණත් ලංකාව පාට විය යුත්තේ මොන පාටින්ද කියන එක කියන්න අවශ්‍ය නැහැනේ.

ලංකාව වගේම දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවන රාජ්‍ය ණය ප්‍රමාණයක් තිබෙන ජපානය, කැනඩාව, බහරේන්, සිංගප්පූරුව වගේ රටවල් වලට ඒ ණය ප්‍රශ්නයක් වී නැත්තේ ඇයි කියන එක පැහැදිලියිනේ. ඒ රටවල් වල රජය ණය වී තිබුණත්, එසේ ණය වී තිබෙන්නේ රටේම මිනිස්සුන්ට. ඒ රටවල් ශුද්ධ වශයෙන් විදේශ වලට ණය දීලා මිසක් ණය වෙලා නැහැ. 

රාජ්‍ය ණය වැඩි වීමත් ප්‍රශ්නයක් තමයි. නමුත්, රටක විදේශ ණය වැඩි වීම ඊට වඩා ගොඩක් බරපතල ප්‍රශ්නයක්. විදේශ ණය හෝ බැරකම් වැඩියි කියන්නේ ඒ බැරකම් වෙනුවෙන් හැම වසරකම යම් මුදලක් පොලී හෝ ලාභාංශ ලෙස ගෙවිය යුතු බවයි.  ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ ලොව පිළිගත් මුදල් ඒකක තිබෙන රටවල් හැර අනෙක් බොහොමයක් රටවල් මේ පොලී මුදල් ගෙවිය යුත්තේත් විදේශ විණිමය වලින්. ප්‍රශ්නයට හේතුව ඕකයි. විදේශ වත්කම් වැඩි රටවල් වලට ඔය ප්‍රශ්නය නැහැ වගේම සෑම වසරකම පොලී ලෙස සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක්ද ලැබෙනවා.

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය ලිපි මාලාවේ දහවන හා අවසන් කොටසින් කියපු විදිහට 2021 සැප්තැම්බර් අවසානයේදී ලංකාවේ දළ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 8.3ක් පමණයි. දළ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 62.3ක්. ඔය ඩොලර් බිලියන 8.3න් ලංකාවට විදේශ විණිමය ලෙස පොලී ආදායමක් ලැබෙනවා. ඩොලර් බිලියන 62.3 වෙනුවෙන් පොලී ලෙස වියදමක් දරන්න වෙනවා. 

පොලී අනුපාතික සමාන සේ උපකල්පනය කළොත්, වත්කම් වෙනුවෙන් ලැබෙන ආදායමෙන්  ඩොලර් බිලියන 8.3ක බැරකම් වල පොලී වියදම් ආවරණය වෙනවා. තව ඩොලර් බිලියන 54.0 ක ශුද්ධ බැරකම් තිබෙනවා. ඒ වෙනුවෙන් පොලී ලෙස ගෙවීම සඳහා විදේශ විණිමය කොහෙන් හෝ හොයා ගන්න වෙනවා. පොලී අනුපාතිකය 4%ක් ලෙස සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 2කට වඩා වැඩි මුදලක්.

හරියටම කියනවානම් ප්‍රශ්නය විදේශ බැරකම් විදේශ වත්කම් වලට වඩා වැඩි වීමමත් නෙමෙයි. විදේශ බැරකම් වෙනුවෙන් පොලී ගෙවන්න විදේශ වත්කම් වලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම. ඔය දෙක සමතුලනය කර ගන්න බැරිනම් රටක් දිගුකාලීනව ගෙවුම් ශේෂ උගුලක හිර වෙන්න ඉඩකඩ වැඩියි. රටක විදේශ වත්කම් වලින් උපයන ආදායම විදේශ බැරකම් වල පොලී වියදම් ගෙවන්න ප්‍රමාණවත්නම් වත්කම් වලට වඩා බැරකම් වැඩි වීම ප්‍රශ්නයක් නෙමෙයි.

ලෝකයේ රටවල් අතරින් ශුද්ධ විදේශ බැරකම් වැඩිම රට ඇමරිකා එක්සත් ජනපදයයි. 2021 සැප්තැම්බර් අවසානයේදී ඇමරිකාවේ දළ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 50.5ක්. නමුත් දළ විදේශ වත්කම් ලෙස තිබුණේ ඩොලර් ට්‍රිලියන 34.4ක් පමණයි. ඒ කියන්නේ ඩොලර් ට්‍රිලියන 16.1ක වෙනසක්. ඩොලර් බිලියන 16,070ක් පමණ. එහෙම බැලුවහම ලංකාවේ ඩොලර් බිලියන 54 සොච්චමක්!

ලෝකයට ඔය තරම්ම ණය වුනත් එය ඇමරිකාවට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි? පළමුව, මේ තරම් ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයක් තිබුණත් ඒ බැරකම් වැඩි වශයෙන්ම ඇමරිකන් ඩොලර් බැරකම්. ඒ නිසා, ඇමරිකාවට අවශ්‍යනම් ඩොලර් අච්චු ගහලා ඔය ණය ගෙවන්න පුළුවන්. ඒ වැඩෙන් උද්ධමනය ඉහළ ගොස් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් තමයි. නමුත් ලංකාවට වගේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.

ඊටත් වඩා වැදගත් කරුණ ඇමරිකාව ඔය විදේශ බැරකම් වෙනුවෙන් ගෙවන්නේ ඉතාම සුළු පොලියක් පමණක් වීමයි. ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 70%කටත් වඩා පොලී ගෙවන්න වියදම් වුනත් ඇමරිකාවේ පොලී වියදම රාජ්‍ය ආදායමෙන් 10% ඉක්මවන්නේ නැහැ. අනෙක් පැත්තෙන්, ඇමරිකාවේ විදේශ වත්කම් වලින් ඇමරිකාව සැලකිය යුතු පොලී ආදායමක් උපයනවා. පොලී කියා මෙහිදී කියන්නේ ලාභාංශ ඇතුළු අනෙකුත් ඒ ආකාරයේ ප්‍රතිලාභද පොදුවේ සලකලා.

ඩොලර් ට්‍රිලියන 34.4ක් පමණක් වන ඇමරිකාවේ විදේශ වත්කම් වලින් ඇමරිකාව වාර්ෂිකව උපයන පොලී ආදායමෙන් ඩොලර් ට්‍රිලියන 50.5ක් පමණ වන විදේශ බැරකම් වෙනුවෙන් පොලී ගෙවුවට පස්සේත් ඇමරිකාවට වාර්ෂිකව සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා, ශුද්ධ විදේශ බැරකම් වැඩි වීම ඇමරිකාවට ප්‍රශ්නයක් නෙමෙයි. 

අනෙක් පැත්තෙන්, ශුද්ධ විදේශ වත්කම් වැඩිම රට ජපානයයි. 2021 සැප්තැම්බර් අවසානයේදී ජපානයේ දළ විදේශ වත්කම්  ප්‍රමාණය යෙන් ට්‍රිලියන 1,228.9ක්. දළ විදේශ බැරකම් ප්‍රමාණය යෙන් ට්‍රිලියන 845.6ක්. ඒ කියන්නේ ජපානය සතුව යෙන් ට්‍රිලියන 383.3ක ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඩොලර් වලින්නම් බිලියන 3,442ක් පමණ. විදේශ බැරකම් වලට වඩා වැඩි විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙන නිසා ජපානයට පොලී වියදම ඉක්මවන පොලී ආදායමක් උපයන්න පුළුවන්.

හැබැයි විදේශ බැරකම් වලට වඩා විදේශ වත්කම් වැඩි වූ පමණින්ම මේ වාසිය ලැබෙන්නේ නැහැ. 2021 සැප්තැම්බර් අවසානයේදී චීනයේ දළ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 9,057ක්. දළ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 7,031ක් පමණයි. ඒ කියන්නේ චීනය සතුව ඩොලර් බිලියන 2,026ක ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. එසේ වුවත්, චීනයේ ඩොලර් බිලියන 7,031ක බැරකම් නිසා වසරකට රටින් එළියට විදේශ විණිමය ප්‍රමාණය තරමට ආදායමක් චීනයේ ඩොලර් බිලියන 9,057ක විදේශ වත්කම් වලින් ලැබෙන්නේ නැහැ. ලැබීම් හා ගෙවීම් සමතුලනය කර ගන්නනම් චීනයට මීටත් වඩා විදේශ වත්කම් අවශ්‍යයි.

ඇමරිකාවේ ෆෙඩරල් සුරැකුම්පත් වල ආයෝජනය කර තිබෙන විදේශ රටවල් අතරින් උඩින්ම ඉන්නේ චීනය හා ජපානය. මේ ආයෝජන වෙනුවෙන් ලැබෙන්නේ ඉතාම අඩු පොලියක්. චීනයේ වගේම ජපානයේත් විදේශ වත්කම් වලින් අඩු ආදායමක් ලැබෙන්න හේතුව මේකයි. ජපානයේ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු පොලීත් ඉතා අඩු නිසා මෙය ජපානයට ප්‍රශ්නයක් නොවුනත්, චීනයට ඒ වාසිය නැහැ. එහෙමනම් චීනය ඔවුන්ගේ වත්කම් ඇමරිකාවේ තියාගෙන ඉන්නේ ඇයි?

චීනය මෙතැනදී කරන්නේ ඇමරිකාව සමඟ වෙළඳ අතිරික්තයක් පවත්වා ගැනීමේ වාසිය ලබා ගන්න එක. ඇමරිකාවේ ෆෙඩරල් සුරැකුම්පත් වල ආයෝජනය කිරීම හරහා චීනය යුවානයට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම වැඩි කරනවා. එහිදී චීන අපනයන ඇමරිකාවට ලාබදායක වෙනවා. ඇමරිකන් අපනයන චීනයට මිල අධික වෙනවා. චීනයෙන් ඇමරිකාවට භාණ්ඩ යන තරමට ඇමරිකාවෙන් චීනයට භාණ්ඩ එන්නේ නැහැ. ඒ නිසා, එන ඩොලර් වලින් කොටසක් චීනයේ ඉතිරි වෙනවා. ඒ ඉතිරියෙන් පොලී ආදායම් හා වියදම් අතර පරතරය පියවා ගෙන තවත් ගාණක් ඉතුරු කර ගන්න පුළුවන්. සිංගප්පූරුව වගේ රටවල් කරන්නේත් මේ වැඩේ.

ලංකාව සතු සීමිත විදේශ වත්කම් ආයෝජනය කර තිබෙන්නේත් බටහිර රටවල. ඒ වෙනුවෙන් ලැබෙන්නේ ඉතාම අඩු පොලී අනුපාතිකයක්. ඊට සාපේක්ෂව ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතිකය ගොඩක් ඉහළයි. ඒ කියන්නේ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් නඩත්තු කරන්න සෑම වසරකම සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ශුද්ධ විදේශ බැරකම් ඉහළ යද්දී මේ විදිහට අවශ්‍ය වන විදේශ විණිමය ප්‍රමාණයත් වැඩි වෙනවා.

අපි හිතමු ලංකාව මොන විදිහකින් හෝ විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් ගලපගත්තා කියලා. පවතින තත්ත්වය යටතේ එහෙම කළා කියලාත් විදේශ ණය නොගෙන ඉන්න බැහැ. වසර තුළ ගෙවිය යුතු ණය වාරික ගෙවන්න කොහොමටත් ණය ගන්න වෙනවා. එසේ කළා කියලා ණය වැඩි වන්නේ නැති නිසා ඒ කොටස පැත්තකින් තියමු. ශුද්ධ විදේශ බැරකම් නඩත්තු කිරීම සඳහාත් ණය ගන්න වෙනවනේ. ඒ කොටසින් වෙන්නේ අනිවාර්යයෙන්ම ශුද්ධ විදේශ බැරකම් තවත් ඉහළ යන එක. 

මේ විදිහට ශුද්ධ විදේශ බැරකම් ඉහළ යද්දී පොලී අනුපාතික වැඩි නොවුනත්, ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම් වැඩි වෙනවා. ඊට අමතරව පොලී අනුපාතිකත් ඉහළ යන නිසා වියදම තවත් වැඩි වෙනවා. මේක දිය සුළියකට අහු වුනා වගේ වැඩක්. විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් ගලපගත්තා වුවත් හැම වසරකම විදේශ ණය එන්න එන්නම වැඩි වෙනවා. ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියත් එන්න එන්නම වැඩි වෙනවා. 2011 පමණ සිට ලංකාවේ ඉන්නේ මේ උගුලේ හිරවෙලා. රාජ්‍ය ණය ප්‍රශ්නය නිදහස ලබපු කාලයේ සිට තිබුණු ප්‍රශ්නයක් වුනත්, මේ වගේ ප්‍රශ්නයක් 2010 පමණ වන තුරු තිබුණේ නැහැ.

මේ තත්ත්වය යටතේ අඩු වශයෙන් ශුද්ධ විදේශ බැරකම් තව දුරටත් වැඩි කර නොගෙන තියෙන මට්ටමේම තියා ගන්න වුනත් විදේශ විණිමය ලැබීම් හා ගෙවීම් අතර පොලී වියදම් ගෙවන්නට ප්‍රමාණවත් අතිරික්තයක් පවත්වා ගන්නම වෙනවා. විදේශ බැරකම් අඩු කර ගන්න පුළුවන් වෙන්නේ ඒ අතිරික්තය ඊටත් වඩා වැඩිනම් පමණයි. ඔය සීමාවට යන තුරු ලංකාවේ විදේශ ණය සෑම වසරකදීම ඉහළ යන එක වලක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ. 

පහත ප්‍රස්ථාරයේ තැඹිලි පාට තීරු වලින් පෙන්වන පරිදි 2011 සිට සිදු වෙමින් පවතින්නේ මෙයයි. එහි පෙනෙන 2020 විදේශ බැරකම් අඩු වීම ගිණුම්කරණ ක්‍රමවේද නිසා සිදු වූ දෙයක් මිසක් සැබෑවටම සිදු වූ අඩුවක් නෙමෙයි. වැඩි විස්තර ඉදිරියේදී.



34 comments:

  1. ඉකොනොමැට්ටා

    ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඉකොනොමැට්ටා පවසන කරුණු කාරණා වලත් වැරදි ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදියට ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව වෙත සාක්ෂි ලබාදීම සඳහා පැමිණ තිබූ (පසුගිය 2015 කාලයේදී සිදු වූ බරපතළ රාජ්‍ය දූෂණ වංචා සෙවීම සඳහා යහපාලන ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුව මගින් දේශපාලන පළිගැනීමක් සිදුවූ බවටත් රණවක මන්ත්‍රීවරයා එහි සාමජිකයෙක් බවට චෝදනා ගොනු කිරීම නිසාත්
    එහිදී මිට එරෙහිව පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකර ඇති නමුදු නඩුවක් ගොනුකර ඇති මොහොතක තවත් අලුත් කොමිසමක් පත් කර ඒ සඳහා සාක්ෂි දීමට පැමිණෙන ලෙස දන්වා තමන්ට දඬුවම් කර, ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සැලසුමක් ඇති බවට රණවක මන්ත්‍රීවරයා චෝදනා කරයි) අතර එහිදී මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ චම්පික රණවක පැවසූයේ

    “අපිව කැඳවලා තියෙන්නේ විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කරලා තිබුණා කලින් උපාලි අබේරත්න මහත්මයාගේ මූලිකත්වයෙන්. ඒකට අපි ඇවිල්ලා සාක්කි දුන්නා. ඒකට පස්සේ මේ තවත් අලුත් කොමිසමක් පත් කරලා තියෙනවා. අපට දඬුවම් දීලා, අපේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ පරමාර්ථයෙන්.

    "මම අපේ ජනතාවට කියන්නේ, අද ඔබට විදුලිය නෑ. ඔබේ දරුවන්ට කිරිපිටි නෑ. වැඩකරන ජනතාවට අද ආහාර ටික මිලදී ගන්න හැකියාවක් නෑ. පොහොර නෑ ගොවියට. ඒ වගේම හාල් මිලදී ගන්න විදිහක් නෑ සාමාන්‍ය ජනතාවට. ඒ වගේම ගෑස් නෑ, තෙල් නෑ, විදුලිය නෑ.

    ඇයි?

    ඩොලර් නෑ. ඇයි ඩොලර් නැතිවෙලා තියෙන්නේ?

    දෙදහස් පහ පහළොව කාලයේ විශේෂයෙන්ම දෙදහස් දහයෙන් පස්සේ සිදුකරන ලද ජාතික මංකොල්ලයක ප්‍රතිඵලය හැටියට තමයි.

    මහා සංවර්ධනයක් පිටිපස්සේ අධිවේගී මාර්ග, විදුලි බලාගාර, ගුවන් තොටුපොළවල් මේ යනාදී මහා සංවර්ධනයකට මුවා වෙලා කරපු දැවැන්ත ඩොලර් මංකොල්ලයක ප්‍රතිඵල හැටියට තමයි අද ලංකාව බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ දරුවන්ට අද කිරිපිටි නැත්තේ, රෝහලට ගියාම ඖෂධ නැත්තේ, ඒ වගේම සිමෙන්ති ටික නැත්තේ බාසුන්නැහැට. පොහොර ටික නැත්තේ ගොවියට. ඒ වගේම ජනතාවට සහල් ටික ගෙනත් දෙන්න, ආහාර ටික ගෙනත් දෙන්න හැකියාවක් නැති වෙන විදියට ඩොලර් නැති වෙලා තියෙන්නේ. විදුලිය කැපෙන්නේ, තෙල් නැති වෙන්නේ, ගෑස් නැති වෙන්නේ මේ මහා ජාතික ඩොලර් මංකොල්ලය නිසා. මේවා ගැන කතා කරපු වරදට, මේවා පෙන්වා දීපු වරදට, අපිව මේ උසාවි වලට ගෙන එනවා නම්, අපිව මේ වගේ අධිකරණ ඉස්සරහට ගෙනල්ලා කටයුතු කරනවා නම්, මේ ගැනත් අපි ජනතාවට භාර කරනවා.”

    මේ ගැන තවදුරටත් විස්තර පැහැදිලි කළ හැකි ද?

    ReplyDelete
  2. පාර්ලිමේන්තු පුස්තකාලයෙන් 225 දෙනා අව්රුද්දකදීම පරිශීලනයට අරගෙන තියෙන්නේ පොත් තුන්සීයලු- එයිනුත් වැඩි හරියක් fictions...
    ඒ කාරණය විතරක් ඔලුවේ තියාගෙන ඉකොනොගේ විග්‍රහ කියවද්දී හිතෙනවා, කවදාද අපේ රටේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ කියලා.

    ReplyDelete
  3. නය වෙලා හරි සැපේ ඉමු.

    ReplyDelete
  4. මේ වනවිටත් ලංකාවේ ඉතමත්ම බරපතල අර්බුදයක් ලෙස ඔඩුදුවා ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති නන්දසේන රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්වීමේදී ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව එම වගකීම බාර ගන්නා බව මහ බැංකු අධිපති නිවාඩ් කබරරාල කම්බ හොරා විසින් ජනපතිට දැනුම්දී තිබෙන්නේ ඒ හරා විශාල වශයෙන් මුදල් සොරකම් කිරීමට හැකි නිසා බවට පැවසෙන තොරතුරු ඇත්තද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    එමෙන්ම ඊට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කල්තියා දැනුම් දෙන ලෙස මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම'තිශය බරපතල ඉන්ධන අර්බුදය හමුවේ දිනපතා විදුලිය විසන්ධි කිරීමක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණත් එම තීරණය වෙනස් කරනු ලැබුවේ මහ බැංකුව දුන් එම පොරොන්දුව මත බවත් පැවසෙන අතරම ලංකාවේ කර්මාන්ත සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට මසකට ඩොලර් මිලියන් 400 ක් (කෝටි 40 ක පමණ මුදලක්) සංස්ථාවට අවශ්‍ය වන අතර තාප විදුලි බලාගාරවලින් නිපැයෙන විදුලිබලය සඳහා අවශ්‍ය ඩීසල් සහ හෙවි ෆුඅල් (දැවිතෙල්) ලබා දීමට තවත් ඩොලර් මිලියන් පණහ බැගින් (කෝටි 5 ක පමණ මුදලක්) අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මංපිල එම රැස්වීමේ දී වාර්තාවක් මගින් දැනුම් දී ඇති නිසා සමස්ත ඉන්ධන ආනයනයට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන් 450 ක් (කෝටි 45ක පමණ මුදලක්) අවශ්‍ය වන අතර, එය ලංකාවේ සමස්ත ද්ළ මාසික අපනයන ආදායමින් සියයට 45ක් බව ද ඇමතිවරයා පෙන්වා දී ඇති අතරම අපනයන ආදායමෙන් මෙතරම් ප්‍රතිශතයක් ඉන්ධන සඳහා වැය කිරීම ජාතික අපරාධයක් බැවින්, ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග වලට වහාම යොමුවිය යුතු බව ද ඇමතිවරයා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර ඇත. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    ReplyDelete
  5. මේක ඇත්තද?

    Healthy boys may be more likely to be admitted to hospital with a rare side-effect of the Pfizer/BioNTech Covid vaccine that causes inflammation of the heart than with Covid itself, US researchers claim.

    Their analysis of medical data suggests that boys aged 12 to 15, with no underlying medical conditions, are four to six times more likely to be diagnosed with vaccine-related myocarditis than ending up in hospital with Covid over a four-month period.

    Most children who experienced the rare side-effect had symptoms within days of the second shot of Pfizer/BioNTech vaccine, though a similar side-effect is seen with the Moderna jab. About 86% of the boys affected required some hospital care, the authors said.

    Saul Faust, professor of paediatric immunology and infectious diseases at the University of Southampton, who was not involved in the work, said the findings appeared to justify the cautious approach taken on teenage vaccines by the UK’s Joint Committee on Vaccines and Immunisation.

    The JCVI did not recommend vaccinating healthy 12 to 15-year-olds, but referred the matter to the UK’s chief medical officers who are expected to make a final decision next week. Children aged 12 to 15 who are particularly vulnerable to Covid, or who live with an at-risk person, are eligible for the shots.

    In the latest study, which has yet to be peer reviewed, Dr Tracy Høeg at the University of California and colleagues analysed adverse reactions to Covid vaccines in US children aged 12 to 17 during the first six months of 2021. They estimate the rate of myocarditis after two shots of Pfizer/BioNTech vaccine to be 162.2 cases per million for healthy boys aged 12 to 15 and 94 cases per million for healthy boys aged 16 to 17. The equivalent rates for girls were 13.4 and 13 cases per million, respectively. At current US infection rates, the risk of a healthy adolescent being taken to hospital with Covid in the next 120 days is about 44 per million, they said.

    https://www.theguardian.com/world/2...zer-jab-side-effect-than-covid-suggests-study

    ReplyDelete
  6. Meka job ekak widiyata rajapakshalata kade yana ekek..maathaln eage

    ReplyDelete
  7. ඉකොන්ම කියන විදියට වර්තමාන ප්‍රශ්නයට ප්‍රදාන හේතුවක් වන්නේ විනිමය අනුපාත කෘතිමව තියාගෙන ඉන්න එකනේ. මහබැංකුව විසින් රුපියල එහි නියමිත අගයට අවප්‍රමාණය වෙන්න ඉඩහැරීයොත් මේ නිශ්චිත අවස්ථාවේ වෙන්න පුළුවන් හොන්ද සහ නරක මොනවාද ඉකොන්. වෙන්න පුළුවන් එක හොදක් නම් දැනට උන්ඩියල් වෙන ඩොලර් මිලියන 300-400 සැලකිය යුතු කොටසක් නැවත බැංකු පද්දතිය හරහා ලංකාවට එන එක. ඒ ටිකම සමානයි අපිට මාසකට ඉන්දන ගෙන්නන්න යන වියදමට. මේ මොහොතේ බලශක්ති අර්බුදයක් අවොත් මුළු රටම විනාස වෙනවා.

    ReplyDelete
    Replies
    1. //වෙන්න පුළුවන් එක හොදක් නම් දැනට උන්ඩියල් වෙන ඩොලර් මිලියන 300-400 සැලකිය යුතු කොටසක් නැවත බැංකු පද්දතිය හරහා ලංකාවට එන එක. ඒ ටිකම සමානයි අපිට මාසකට ඉන්දන ගෙන්නන්න යන වියදමට.//

      ඔබ හරි. ඒ වගේම ඩොලරය රුපියල් 240ක් පමණ කළොත් ක්ෂණිකව එක වර (මාසයක් දෙකක් ඇතුළත) රටින් පිට හිර වී තිබෙන ඩොලර් බිලියන දෙක තුනක් රටට එන්නත් පුළුවන්. වත්මන් තත්ත්වය ගැන අපි මෙම දෙවන ලිපි මාලාව තුළ විස්තරාත්මකව කතා කරමු.

      Delete
    2. ස්තුති ඉකොන්. මෙම ලිපි මාලාව හරි ආසාවෙන් කියවන්නේ. ඔබගේ දැනුම සහ ප්‍රකාශන හැකියාව අගය කරනවා.

      Delete
  8. අයිසේ ඉකොනෝ,

    දැඩි ආතතියට පත් විලියම් කුමරු එය මගහරවා ගැනීමට අධික ලෙස මත්පැන් පානය කරන බවත්. එය ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය සමග ගැටුම් නිර්මාණය වීමට හේතු වී ඇති බවත් මාලිගාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

    මෙම 38 හැවිරිදි රාජකීයයාගේ මත්පැන් මත යැපීම ඔහුගේ වසර නවයක විවාහ ජීවිතය වියවුල් කරනු ඇති බවට සැකසංකා පවතින බව ආරංචි මාර්ග පවසයි.

    ‘‘වෙහෙසමහන්සි වී රාජකාරි කිරීමෙන් පසු බීර කීපයක් පානය කිරීමට විලියම් කුමරු හුරු වී ඇත. ඒ වගේම ඔහු රාත්‍රී ආහාරය ලබා ගන්නේ වයින් වීදුරු කීපයක් සමගයි. මේ නිසා ඔහු ව්‍යායාම් කරන්නේ​ බො​හෝම අඩුවෙන් වගේම උදෑසන අවදි වන්නේද කෝපාන්විතවයි’’ අභ්‍යන්තර ආරක්ෂකයෙකු හෙළි කළේය.

    ‘‘​කේට් කුමරිය මීට වඩා බොහොම විනීතයි. ඇය බොහෝ අවස්ථාවල දවසක් හැර දවසක් තම රාත්‍රී ආහාර​ වේල් සමග කිසියම් බීමක් ගන්නා මුත් බොහෝ විට පානය කරන්නේ සෝඩා පානයක් හෝ ෂැම්පේන් වීදුරුවකි.’’

    ‘‘නමුත් විලියම් කුමරුට ඇගේ ශික්ෂාකාමීත්වය නැහැ. ​බොහෝවිට ඔහු​ගේ වීදුරුව වීදුරු තුනක් හෝ හතරක් බවට පත්වෙනවා. එය මාලිගාව තුළ විශාල ගැටුමක් බවට පත්වෙලා වගේම දවසින් දවස නරක අතට හැරීමක් පමණයි දක්නට ලැබෙන්නේ’’.

    National ENQUIRER වාර්තා කරන අන්දමට විලියම් කුමරුගේ සහෝදරයා වන 36 හැවිරිදි හැරී කුමරු තම ආර්යාව වන 39 හැවිරිදි මේගන් ආදිපාදවරිය සමග නව දිවියක් ඇරඹීම සඳහා රාජකීය පවුල හැර ගියදා සිට කේම්බ්‍රිජ් කාල සටහන තීව්‍ර වී ඇත.

    සසේක්ස් ප්‍රාන්තයේ රාජකාරි බොහොමයක් තම පෞද්ගලික වැඩ කටයුතු සමග සත්හැවිරිදි ජෝර්ජ් කුමරු, පස් හැවිරිදි චාලට් කුමරිය හා දෙහැවිරිදි ලුවිස් කුමරු ඇති දැඩි කරන 39 හැවිරිදි කේට් කුමරිය හා විලියම් කුමරු මත පැවරී ඇත.

    ‘‘හැරී කුමාරයා පිටව යාම නිසා තමා වෙත පැවරුණු අතිරේක වගකීම් සමග මේ වසර විලියම් කුමරුට අසීරුතම වසර බවට පත් වෙමින් තිබෙනවා. මේ නිසා ඔහු තම පීඩනය මුදා හැරීමට මාර්ගයක් සෙවීම පුදුමයට කරුණක් නොවේ.’’ ඔහු තව දුරටත් පැවසීය.

    නමුත් කේට් කුමරියට අවශ්‍ය වන්නේ අහිතකර බලපෑමක් එල්ල වීමට පෙර ඔහුව මත් පැනින් මුදවා ගැනීමටයි.’’

    විලියම් කුමරුගේ නියෝජිතවරයා අසත්‍ය බව පැවසුව ද අභ්‍යන්තර ප්‍රකාශයකයන්ට අනුව මෑතකදී විලියම් කුමරු තම මිතුරන් සමග මත්පැන් පානය කිරීම සඳහා රාජකීය හමුවීමක් ද අවලංගු කර ඇත.
    ආදිපාදවරයා තම ‘‘මනස නිදහස් කර ගැනීමට’’ තම සගයන් සමග බීර පයින්ට් ගණනාවක් එක උගුරට හිස් කර පාපන්දු පිළිබඳ කතා කරන බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි නිවේදක ක්‍රිස් ස්ටාර්ක් පැවසුවේය.

    අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව විලියම් කුමරුගේ පුරුදු, බොහෝ කලක සිට දැන සිටි පරිදි සිය සුළු මව, කැමිලා (73) ආදිපාදවරිය සමග මත් පැනට ලොල් වී සිටින ඔහුගේ පියා වන චාල්ස් කුමරුගේ (72) පුරුදුවලට බොහෝ සමානය. එක් අභ්‍යන්තර ප්‍රකාශකයකු ‘‘බොහෝ රාජකීයයන්ට කුඩා කල සිටම මත්පැන් භාවිතයට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. නමුත් විලියම් කුමරු සිය පියා සේම එම මාර්ගයේ නොනවත්වා ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා’’ යි පැවසුවේය.

    ‘‘චාල්ස් කුමරු දිගින් දිගටම මත්පැන් ගැනීම නිසා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණපා ඇති බව හඳුනා ගැනීමට ඔබ සිදුකළ යුත්තේ ඔහුගේ රතු වූ මුහුණ දෙස බැලීම පමණයි. ඒ වගේම නියපොත්තෙන් කැඩීමට ඇති දේ නියපොත්තෙන් කඩා නොදැමුව හොත් විලියම් කුමරුගේ අනාගතය ද මේ ආකාරයටම සැකසෙනු ඇති බවට සැක සංකා ද මේ වන විට මතුව තිබේ.’’

    නැෂනල් එක්ක්වයර් අනුග්‍රහයෙනි.

    ReplyDelete
  9. ඉකෝන් මොකද හිතන්නේ මේ වගේ ඇමරිකානු ඩොලර් බිලියන 22 ක් පමණ මුදලක් මේ තරම් ලේසියෙන් හම්බ කරන්න පුළුවන් ද ඇත්තටම?

    https://fb.watch/aRbpXBpP3Y/

    ලංකාවේ උපන් දැනට ඇමරිකානු එක්සත් ජනපදය ඇතුළු විදෙස් රටවල මේ වගේ ක්‍රමවේදයන් යොදා ගනිමින් විශාල වශයෙන් ධනවත් වූ පිරිසක් සිටින බවත් එක්තරා ලාංකිකයකු ඩොලර් බිලියන 37 ක් පමණ වටිනා ක්‍රිප්ටෝ මුදලක් හිමි කරගෙන සිටින බවටත් කතාවක් තියෙනවා අහල තියනවා නේද? ඒ අයගේ වත්කම් වලින් සුළු ප්‍රමාණයක් වත් ලංකාවට ආයෝජන සඳහා ගෙන්වා ගැනීමට පුළුවන් වේවි ද?

    ReplyDelete
    Replies
    1. //ඉකෝන් මොකද හිතන්නේ මේ වගේ ඇමරිකානු ඩොලර් බිලියන 22 ක් පමණ මුදලක් මේ තරම් ලේසියෙන් හම්බ කරන්න පුළුවන් ද ඇත්තටම?//

      ඔහු සල්ලි හොයා ගෙන තියෙන්නේ arbitrage කියන ක්‍රමයෙන්. ඒ ක්‍රමයෙන් සල්ලි හොයන්න පුළුවන් වගේම එසේ කරන පුද්ගලයින් සිටිනවා. සමාගම්ද තිබෙනවා. එහෙත් මේ කියන නිශ්චිත දෙය (ඇමරිකාවෙන් බිට්කොයින් අරගෙන ජපානයේ විකිණීම) යම් කාලයක් කළ හැකි වුවත් එක දිගටට විශාල කාලයක් කරන්න අමාරුයි. ටිකක් සල්ලි හොයද්දී arbitrage අවස්ථාව නැති වෙනවා. ඒ කාලය තුළ විශාල මුදලක් හොයා ගන්න ඇති.

      //ලංකාවේ උපන් දැනට ඇමරිකානු එක්සත් ජනපදය ඇතුළු විදෙස් රටවල මේ වගේ ක්‍රමවේදයන් යොදා ගනිමින් විශාල වශයෙන් ධනවත් වූ පිරිසක් සිටින බවත් එක්තරා ලාංකිකයකු ඩොලර් බිලියන 37 ක් පමණ වටිනා ක්‍රිප්ටෝ මුදලක් හිමි කරගෙන සිටින බවටත් කතාවක් තියෙනවා අහල තියනවා නේද?//

      අහල නැහැ. නමුත් වෙන්න පුළුවන්.

      //ඒ අයගේ වත්කම් වලින් සුළු ප්‍රමාණයක් වත් ලංකාවට ආයෝජන සඳහා ගෙන්වා ගැනීමට පුළුවන් වේවි ද?//

      ඒකනම් මම දන්නේ නැහැ. ඒ අයගෙන්ම තමයි අහන්න වෙන්නේ.

      Delete
  10. ඕස්ට්‍රෙිලියාවේ බස්නාහිර පළාතේ අගනුවර වන පර්ත් නගරයේ පදිංචිව සිටි ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික 40 හැවිරිදි දෙදරු පියකුගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගෙ මෘත සිරුරු හංන්ටිංන්ග්ටංන් ප්‍රදේශයේ එසිංන්ග්ටංන් මාවතේ නිවසක තිබියදි සොයාගත් බව බටහිර ඕස්ට්‍රේලියා පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ තොරතුරු මත ඔසී රටේ ජඩ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ඉකොනොමැට්ටා දකින්න ඇති.

    මෙම වාර්තා අනුව මිය ගිය ඉන්දික ගුණතිලක නම් ඔස්ට්‍රේලියානුවා (ලාංකික) තමාගේ වයස අවුරුදු හතරක් වූ දියණිය සහ අවුරුදු හයක් වූ පුතු ද සමගම මිය ගිය බව පොලිසිය විසින් තහවුරු කර ඇති අතරම එම වාර්තා වල හැටියට මෙම පුද්ගලයා තමන්ගේ දරු දෙදෙනා ඝාතනය කර නිවසේ ගරාජයට ගොස් තමාගේද දිවි නහගෙන ඇති බවක් මූලික පරීක්ෂණ මගින් අනාවරණය වූ කරුණු මත විශ්වාස කරන බව කුප්‍රකට පක්ෂග්‍රාහී බටහිර ඕස්ට්‍රේලියානු පොලිසිය පවසන නමුත් මට නම් මේ ගැන දැඩි සැකයක් පවතී. මේ පිළිබඳ බොහෝ ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු ජනතාව විස්වාස කරන්නේ මෙය මිනීමැරුමක් සමූල ඝාතනයක් බව නමුත් පොලිසිය මෙය දිවි නසා ගැනීමක් ලෙස ඉදිරිපත් කරමින් සැබෑ මිනීමරුවන් බේරා ගැනීමට උත්සාහ දරමින් සිටිය හැකි බව අප ඇතුළු බොහෝ දෙනෙක් විස්වාස කරන්නේ. අපට කුප්‍රකට ඔස්ට්‍රේලියානු පොලිසිය විස්වාස කරන්න බැහැ.

    මීට අමතරව මේ සිදුවීම ගැන ඔස්ට්‍රේලියානු ජනතාව අතර මහත් කතාබහක් ඇති වී ඇති අතර මළ සිරුරු සොයා ගැනීමට දවස් දෙකෙකට පෙර කැමරාවට පිටුපස හරවා මුහුදු වෙරළේ දරුවන් සමග අත් අල්ලාගෙන ඉර බැස යාම නරඹන ආදරණීය ඡායාරුපයක් ෆේස්බුක් ගිණුමේ පළකර ඇති අතරම 2021 නත්තලට පෙර තම මුහුණු පොතේ පලකළ විනාඩි 18 වීඩියෝවකින් ඔස්ට්‍රේලියානු උග්‍ර ජාතිවාදී සුදු ජාතික සංවිධාන වල සැබෑ ස්වරුපය සහ වර්ගවාදී සුදු ඔස්ට්‍රේලියානු ජාතිවාදී බලපෑම් ගැන මහත් සංවේදී කතාවක් පවසමින් වර්ණබේදවාදයට එරෙහිව සටන් දියත් කිරීමක් ගැන සඳහන් කර තිබුණා. මේ නිසා මේ මරණය ගැන අපට විශාල සැකයක් තියෙනවා. ඇමරිකානු black lives matter ව්‍යාපාරය වැනි ජනතාවාදී දේශපාලනික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුයි නැතුව මේ වගේ දේවල් වලින් අහිංසක මිනිස්සු පවුල් පිටින් මිය යාම පාලනය කළ නොහැකියි.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වැනි උග්‍ර ජාතිවාදී නගර වලට සාපේක්ෂව පර්ත් නගරය තරමකින් හොඳ වුණත් මේ වගේ ජාතිවාදී බලපෑම් නිසා අසරණ පවුලක් විනාශ වී යාම ගැන ඉතා දුකයි. හැබැයි ලංකාවේදී පවා දරුවන් සම්බන්ධයෙනුත් ඉතා දුක්බර අත්දැකීමක් මට තියෙනවා. පෞද්ගලිකව ඥාතින් සමබන්ධ නඩු කටයුත්තකට සාක්ෂිකරුවකු ලෙස වසර ගණනාවකට කලින් ලංකාවේ උසාවියකට ගිහින් මම වරක් එක්තරා නඩුවක් විභාග වෙන අවස්ථාවකට සහභාගී වුණා. එතනදී එම ලංකාවෙ උසාවියේදී මෙහෙම සිදුවීමක් වුනා. එහිදී ස්ත්‍රිය තම සැමියාගෙන් දික්කසාදවූ අතර දරුවාගේ භාරකාරත්වය පියාට හිමි වුනා. පසුව දික්කසාද බිරිඳ අනියම් සැමියා සමග විවාහවී දරුවාගේ පියා අර දෙවන පුද්ගලයා බවට ජාන (DNA???) පරීක්ෂනයක් මගින් ඔප්පුකල අතර දරුවාගේ භාරකාරිත්වය පලමු පුද්ගලයාගෙන් ඉවත් කර දෙවන පුද්ගලයාට පවරනු ලැබුවා. එතකොට දරුවා රැගෙන යන්විට පළමු පුද්ගලයා (පළවෙනි සැමියා) උසාවිය තුල හඬා වැටුණ දර්ශනය ඉතාමත් අනුවේදනීය සිදුවීමක්, ඒක නම් මට කිසිම දවසක මගේ සියලුම අත්දැකීම් අතර ඇති අමතක නොවනම අත්දැකීමක්...

      Delete
  11. 2021දි අපනයන ආදායම ඩොලර් බිලියන 15 පන්නල මෙතෙක් ඉතිහාසෙ වැඩිම ගානලු නේද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවට අනුව නොවැම්බර් අවසානය දක්වා අපනයන ආදායම ඩොලර් බිලියන 11.3යි. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ ඩොලර් බිලියන 3.7කටත් වැඩි අපනයන ආදායමක් ලැබිලද?

      Delete
    2. ඒකනම් දන්නෙ නෑ.ඩොලර් බිලියන 15කියන්නෙ ඉතිහාසයෙ වැඩිම අපනයන ආදායමද?

      Delete
    3. ඔය ගණන නිවැරදිද යන්න මටනම් සැකයි. අපනයන ආදායම ඩොලර් බිලියන 13 ඉක්මවා ඇත්නම් කිසියම් "අමුතු" දෙයක් සිදු වී තිබිය යුතුයි. මගේ විශ්වාසය මෙම ගණන ඩොලර් බිලියන 13 ඉක්මවා නැති බවයි. එසේ වී ඇත්නම්, මෙය ඉතිහාසයේ ඉහළම අපනයන ආදායමයි. ගණන මීට වඩා අඩු වුවත්, මෙය ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම විය හැකියි. සාමාන්‍යයෙන් රටක අපනයන ආදායම වසරින් වසර ඉහළ යන නිසා කිසියම් වසරක අපනයන ආදායම ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. 2020දී අපනයන ආදායම අඩු වුවත්, 2017, 2018 හා 2019 වසර වලදීද ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා වුනා. ඊට පෙර බොහෝ වසර වලදීත් මෙය සිදු වී තිබෙනවා.

      Delete
    4. http://bizenglish.adaderana.lk/sri-lanka-achieves-usd-15bn-export-target-for-2021/

      Delete
    5. "Sri Lankan exports reached the expected target of US$ 12.14 Bn of merchandise exports in 2021- “A very big thank for exporters” Said the Hon. Minister."

      Delete
    6. Title says 15bn
      So what's in the play here?

      Delete
    7. Total merchandise exports in SL was US$11.9B in 2018 and also in 2019 but dropped to US$10.0B in 2020 due to the pandemic. Export quantities may not have reached the pre-pandemic levels yet but the value has crossed the US$ 12B mark supported by US inflation, if the number in this report is correct. That has never happened before (even though reaching a highest ever number for this type of statistic is pretty normal). If you convert to real dollars the value is below 2018 and 2019 levels. The US$15.7B figure includes both merchandise exports and service exports. That number is still below the 2018 and 2019 numbers even in nominal terms. Services exports was $4.0B in 2018, $3.9B in 2019, dropped to $2.3B in 2020 and $3.6B in 2021. So, services exports have clearly not reached the pre-pandemic levels yet and so is the total exports.

      Delete
    8. when you say service exports you mean tourism?

      Delete
    9. Tourism itself is not a standard services export category. Revenue from tourism is distributed in may categories but mostly under transport services (air passenger transport services sub category) and travel services categories. There are several other services export categories including insurance and pension services, telecommunications and ICT services, financial services etc. Above numbers are from EDB. I haven't tried to reconcile the numbers with the numbers reported by CBSL. To my understanding, these numbers from EDB do not have much weight on tourism related revenue. Probably these numbers only include the areas under the purview of EDB.

      Delete
    10. What I am trying to undersrand is, that under the balance of payments table of CB, it says we have around 7billion earned for services in 2018. Can you explain what is the difference between exports of services and this figure?

      Delete
    11. The number from EDB does not include the travel category where most of the revenue from tourism goes to. BoP table includes those numbers and a few more smaller categories. If you subtract the travel category from the earned services in BoP table, you should get a number close to EDB numbers.

      Delete
  12. ඉකොනොමැට්ටා, මාතෘකාවට අදාල නැති නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඕස්ට්‍රේලියාව සංවර්ධිත රටක් ලෙස සැලකෙන නමුත් ලෝකයේ දෙවැනියට වැඩිම අනුපාතයක Depressed මිනිසුන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ කෙසේද?

    මේ ගැන තවදුරටත් විස්තර සමග ඔබට ඉඩ තියෙන පරිදි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    මූලාශ්‍ර:

    https://www.wilsonmedicone.com.au/blog/Pages/Australia-is-One-of-the-Most-Depressed-Countries-in-the-World-%E2%80%93-So-What-Can-We-Do-About-It.aspx

    මූලාශ්‍ර:

    https://www.scimex.org/newsfeed/who-estimates-say-australian-is-the-most-depressed-country-in-the-western-pacific-region

    මූලාශ්‍ර:

    https://worldpopulationreview.com/country-rankings/depression-rates-by-country

    In general, most people living in Australia believes that complicated and confused migrant population cause this since completely discrepant cultures and values these migrants have grown up are so vast which resulted that they all have to eventually conflict themselves with adjusting somewhat acceptable common culture and values to survive in a extremely diverse society. Australia is a nation where migrants seek to escape for a peaceful family living but unfortunately they utterly fail after so many years of hardship & hard efforts to get PR/ citizenship could definitely cause severe frustration and hopelessness.

    මේ නිසා මම හිතන්නේ සංවර්ධනය භෞතිකව මැනල හරියන්නෙ නෑ. ඔබේ අදහස් මොනවද happy planet index වගේ දේවල් ගැන. තව දෙයක් ඔස්ට්‍රේලියානු ලිබරල් විගඩම් විකට සංස්කෘතිය අනුව සෝ කෝල්ඩ් ඊනියා කාන්තා විමුක්තිය උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. අන්තිමට ඒ නිසා මුලු සමාජයම විදෝනවා. වාසනාවකට වගේ ඇමරිකානු එක්සත් ජනපදයේ මේ ප්‍රශ්නය නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. https://worldpopulationreview.com/country-rankings/depression-rates-by-country

      While the numbers listed above (and below) are valuable and vital, it is important to keep in mind that the true rates are likely much higher, especially in less developed countries. Depression is much more likely to be diagnosed in highly developed countries, whose more robust health care infrastructures are far better equipped to identify and treat mental illnesses.

      Therefore, less developed countries do not necessarily have less depression—rather, their treatment of mental illnesses often takes a back seat to broader concerns such as hunger, disease, and sanitation. In fact, the World Health Organization estimates that 76–85% of people suffering from mental disorders in low- and middle-income countries lack access to the necessary treatment.

      Delete
    2. AnonymousJanuary 30, 2022 at 11:07 PM,

      Yes, you are correct. These comparisons are incorrect due to measurement error.

      Delete
  13. ආ ඉකොනෝ, දැන් ඔය කිව්වා වගේ ජනවාරි මාසේ ලංකාව බංකොලොත් උනාද? පච බේගල් අතාරින්නෙ සල්ලි වලටද?

    ReplyDelete
    Replies
    1. ගල් යුගයෙ රටවල් බන්කොලොත් උනා කියල් අහල තියෙනවද?

      Delete
    2. @ ඇනෝ 9.55

      හැමෝටම දේශපාලන මතවාදයක් සහ තමන් කැමති පක්ෂ වල න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමට අයිතියක් තියෙනවා.

      ඉකොනොමැට්ටා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජික ක්‍රියාකාරීයකු කියන එක රහසක් නෙමෙයි බ්ලොග් බලන අයට. ඉතින් ඔහුට ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන පක්ෂයක් වෙනුවෙන් දේශපාලනය කිරීමට නිත්‍යානුකූල අයිතිය තියෙනවා. එක්සත් ජාතික පක්ෂය කෑලි වලට කැඩිලා බිඳිලා ගිය නිසා ඔහු කන්ෆියුස් වෙලා ඉන්න බව ඇත්ත ඒත් දැනට ලංකාවේ ක්‍රියාත්මක වන එම පක්ෂයේ ප්‍රධානතම පාර්ශවය වන සමගි ජන බලවේගය, විශේෂයෙන්ම චම්පික රණවක පාර්ශවය (43. Brigade) වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා. ඒකේ වරදක් නැහැ.

      උදාහරණයක් විදියට ඒ කාලේ 2016/ 2017 විතර මැදමුලන මරා තව පෝය දෙකකින් ආණ්ඩුව පෙරලනවා කියුවා වීරවංශ ගම්මන්පිල කොටි නැගිටිනවා කියලා විලාප දුන්නා මතකයි නේද? අන්න ඒ වගේ තමයි.

      ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්නේ නෑ යම් අර්බුද කාරී තත්වයක් තියෙනවා තව මාස කීපයකින්, විශේෂයෙන්ම ලබන ජූලි මාසයේ බොන්ඩ් එක ගෙවුවාට පස්සේ මුන්ගේ සටකපට ආණ්ඩුව ගේම අනිත් පැත්ත ගහයි.

      ආණ්ඩුවේ සෙට් එක බොන්ඩ්ස් වලින් ගාන කපා ගන්න තියෙන අර්බුදය මහා ලොකු දෙයක් කියලා මවනු ලැබූ එකක්. බැසිල් කබ්රාල් වගේ උන් රට කපටි ලෝකෝත්තර සෙට් එකක්. ආණ්ඩුවට IMF program එකකට යන්න ඕන වුණා, ඒත් එකපාරටම ගියොත් ඔය සහනාධාර කප්පාදුව සමග මිනිස්සු ආණ්ඩුවට එරෙහිව සටන් කරන තත්ත්වයක් එන්න පුළුවන්, ඒ නිසා එක එක දේවල් කරලා තත්ත්වය අවුල් කියලා පෙන්නලා පෝලිම් ඇති කරලා විපක්ෂයේ ගොන් මෝඩ මීහරක් වහන්සේලව ෆෝම් කරලා IMF යන්න උන්ටම කියලා යෝජනා කරවලා පඩි වැඩි කරලා තව ටික දවසකින් IMF ගියාට පස්සෙ ඕක ආයේ IMF එක පිට දාල කපලා දායි. ඒ වගේ ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය පදනම මුන් දැනටමත් සකස් කරගෙන තියෙන බව පේනවා. බලමු තව මාස තුනක් හතරක් යනකොට ආණ්ඩුවේ ගේම් එක බලාගන්න පුළුවන් වෙයි.

      Delete
    3. විපක්ෂයේ අනුර කුමාර මොළේ ඇති වැඩක් කළා. අනුර දිසානායක ඍජුව සහ පැහැදිලිව පැවසුවේ IMF යනු මේ අර්බුදයට කිසිදු අයුරකින් විසඳුමක් නොවන බවත් IMF ගිහින් කිසිදු රටක් ගොඩ ගියේ නැති බව. ඒ නිසා ආණ්ඩුව IMF ගිය ගමන් ඊළඟට එන consequences වලට එරෙහිව විවේචනය කරන්න ඔහු හොඳ පදනමක් හදා ගත්තා. තව ටික කලකින් ආණ්ඩුව IMF program එකකට ගිය ගමන් සමගි ජන ගොන් රැල ඒක විවේචනය කරන කොට ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය හරහා උන්ගේ රෙදිත් ගලවලා දානවා. එතකොට ලේසියෙන්ම දෙගොල්ලන්ටම කෙළින්ම වදිනවා. තව හඳුන්නෙත්ති IMF යනවා නම් එම වැඩපිළිවෙළ තුළ IMF එක දූෂණ විරෝධය සඳහා මැදිහත් විය යුතු බවත් පැවසු නිසා ඒකත් හොඳ අදහසක්, මුන් IMF එකෙන් ලැබෙන සල්ලිත් හොරකම් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් ඉස්සරහට. කොහොමත් රවී කරුණානායක ලෝකයේ හොඳම මුදල් ඇමති කියලා අමු මැටි කතා කියපුවා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය SARS-CoV-2 ගැන ගහපු රට බයිලා සහ තාමත් කෙළින පිස්සු නිසා ලංකාවේ බහුතර ජනතාව ජාත්‍යන්තර ආයතන ගැන කිසිම විශ්වාසයක් නැහැ.

      IMF එක උනත් 2009-2012 සහ 2016-19 කාලේ ලංකාවේ කරපු program වලින් වෙච්ච ලබ්බක් නැහැ නේද? එහෙම නම් මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය නොහැකියිනේ. ඒ නිසා ආණ්ඩුව තවත් පිරිහෙනවා IMF ගිය ගමන්. ආණ්ඩුවත් ඒක දන්නවා. මම හිතන්නේ නාමල් දැන් ටාගට් කරන්නේ 2029, ආණ්ඩුකරණයේදී එන ප්‍රශ්න වලින් අත්දැකීම් ගන්න ගමන් අවුරුදු පහක් විපක්ෂයේ ඉඳගෙන ඊළඟ ආණ්ඩුවට රෙදි නැති වෙන්න ගහන හැටි ප්ලෑන් කරනවා ඇති මේ දවස්වල. කොහොම හරි ඔය එකම සෙට් එකක් මාරු වෙවී එකම මගුල් කර කර ඉන් නැතුව අලුත්ම කණ්ඩායමක්/ කණ්ඩායම් කීපයක් දේශපාලනයට සම්බන්ධ වී කටයුතු කළ යුතුයි කියලා මම හිතන්නේ. එතකොට තරගකාරීත්වය සමග හොඳම ටීම් එකට බලය ලබා ගැනීමට හැකි වේවි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...