වෙබ් ලිපිනය:

Saturday, August 28, 2021

කොයිදෝ යන්නේ මසකට පස්සේ...


ලංකාව විශාල ව්‍යසනයක් කරා වේගයෙන් ඇදෙමින් තිබෙනවා. බොහෝ විට තවත් සති ගණනාවක් රට වසා තබනු ලැබෙයි. ඉන් පසුව, විවෘත කරන්න වෙන්නේ වසා දමනු ලැබූ රට නෙමෙයි. දැන්නම් මොනවා කළත් ගොඩ දාන්න බැරි තරමට වැඩේ දුරදිග ගිහින් බව පැහැදිලියි. එක පැත්තකින් වේගයෙන් කෝවිඩ් පැතිරෙද්දී, කෝවිඩ් පැතිරෙනවාට වඩා වේගයෙන් ආර්ථිකයේ අර්බුදය උග්‍ර වෙමින් තිබෙන බව පේනවා.

මේ වෙලාවේ රට වසා දැමිය යුතුය යන්න රටේ වැඩි දෙනෙකුගේ ඉල්ලීම බව ඉතාම පැහැදිලියි. මරණ භය හමුවේ මිනිසුන්ට එතැනින් එහාට කිසිවක් පෙනෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය පාඨකයින් වැඩි දෙනෙකු වුවත් කියවන්නට කැමති නොවිය හැකි මේ ලිපිය ලිවීමෙන් මා කිසිවෙකුට කිසිවක් යෝජනා කරන්නේ නැහැ. එහෙත්, කවුරු මොන මතයක හිටියත්, අප දකින සැබෑ තත්ත්වය පැහැදිලිව සටහන් කළ යුතුයි.

වසර කිහිපයකට පෙර "බැඳුම්කර මගඩිය" හා අදාළව ප්‍රචාරය කරනු ලැබූ පට්ටපල් බොරු රටම විශ්වාස කරද්දී අප ඒ පිළිබඳ ඇත්ත තත්ත්වය පැහැදිලි කළා. ඇත්ත බොහෝ දෙනෙකුට දිරෙවුවේ නැහැ. අප ලියූ ලිපි සියල්ල තවමත් එලෙසම තිබෙනවා. මේ ලිපි දැන් නැවත කියවා බලා අප එකල කියූ දෑ පරීක්ෂාවට ලක් කළොත්, ඇත්ත කිවුවේ කවුද බොරු කිවුවේ කවුද කියා ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙයි. සමහර වෙලාවට හැමෝම වගේ ඇත්ත සේ පිළිගන්න කැමති දෙය ඇත්ත නෙමෙයි.

මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කර තිබෙනවායැයි කියන විශේෂඥ වාර්තාව දකින්න ලැබී නැහැ. මාධ්‍ය වාර්තා අනුව, වත්මන් දින දහයේ රට වසා දැමීමේ අලාභය ඩොලර් බිලියන 1.12ක් බව අදාළ විශේෂඥයින් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. මේ වෙද්දී ඩොලරයක මිල කවුරුවත් හරියටම දන්නේ නැහැ. විණිමය අනුපාතිකය හා අදාළව මහ බැංකුව කියන්නේ ඇත්ත නොවන බව ප්‍රචලිත කරුණක් වුවත් අපි අවම ඇස්තමේන්තුවක් ලෙස දැනට මේ ඩොලර් ප්‍රමාණය 200න් වැඩි කරමු. එවිට, දින දහයක පාඩුව රුපියල් බිලියන 224ක්. 

පෙර ලිපියේ මා ලිවුවේ දින දහයක් රට වසා දැමීමේ පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 67.5ක් බවයි. රුපියල් බිලියන 224ක් පාඩු වෙනවා කියන එක නරක ඇස්තමේන්තුවක් නෙමෙයි. එය නිවැරදි ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. අදාළ වාර්තාව අනුව, සති හයක පාඩුව ඩොලර් බිලියන 2.22ක් බව පැවසෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 444ක්. දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව බොහෝ විට අවම වශයෙන් සති හයක කාලයක් දක්වා රට වසා දැමීම දිග්ගැහෙන්න පුළුවන්.

ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් ජීවිත 10,000ක් බේරෙන බව පැවසෙනවා. වාර්තාව අනුව, රුපියල් බිලියන 224ක පාඩුව කොහොමටත් සිදු වී අවසන් නිසා මේ වෙනුවෙන් දැරිය යුතු අමතර පාඩුව රුපියල් බිලියන 220ක් පමණයි. ඒ කියන්නේ, රුපියල් මිලියන 22ක වියදමකින් ජීවිතයක් බේරා ගත හැකි බවයි.

සැප්තැම්බර් 18 දක්වා පමණක් රට වසා දැමුවොත් ඩොලර් බිලියන 0.55ක, එනම් රුපියල් බිලියන 110ක වියදමකින් ජීවිත 7,500ක් බේරා ගත හැකියි. ඉතිරි ජීවිත 2,500 බේරා ගන්න රුපියල් බිලියන 100ක් වැය වෙනවා. එහෙම බැලුවත් ජීවිතයක් බේරා ගන්න වැය වෙන්නේ උපරිම වශයෙන් රුපියල් මිලියන 40ක් පමණයි.

රුපියල් මිලියන 40ක වියදමකින් ජීවිතයක් බේරා ගත හැකිනම් එය කළ යුතුයි. ජීවිතයක වටිනාකම බොහෝ විට ඊට වඩා වැඩියෙන් ඇස්තමේන්තු වෙනවා. නමුත්, ප්‍රශ්නය මේ කියන ජීවිත ප්‍රමාණය ඇත්තටම බේරෙනවද කියන එකයි.

ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් එම කාලය තුළ ජීවිත 10,000ක් බේරෙයි කියන එක පිළිගත හැකියි. නමුත්, ඔක්තෝබර් 2 රට විවෘත කිරීමෙන් පසුව කොපමණ කාලයකට මේ ජීවිත සුරක්ෂිතද? 

සති හයකට රට වැහුවා කියලා ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් නැති වෙන්නේ නැහැ. රට විවෘත කිරීමෙන් පසුව කෝවිඩ් නැවතත් පැතිරෙන්න පටන් ගන්නවා.

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය පසුගිය වසර ආරම්භයේදී මුලින්ම කෝවිඩ් පැතිරුණු ප්‍රාන්ත තුනෙන් එකක්. මේ ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග නිසා මුලදී කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ වෛරසය පැතිරීම මන්දගාමී වුනා. ආසාදිතයින් හා මරණ පහළ ගියා. එහෙත්, එම සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව වෛරසයේ පැතිරීම වැළැක්විය හැකි වුනේ නැහැ. 

ඔක්තෝබර් 2 දින දක්වා රට වසා තැබීමෙන් එම කාලය තුළ ජීවිත 10,000ක් බේරෙන බව නිවැරදි ඇස්තමේන්තුවක් වුවත් බොහෝ විට මේ ජීවිත බේරෙන්නේ වසරකට නොවැඩි කාලයක් පමණයි. එසේ වුවහොත් ඇත්තම වාසිය ජීවිත 10,000ක් නොව ජීවිත-අවුරුදු 10,000ක්. ලාංකිකයෙකුගේ ඉතිරි වී ඇති සාමාන්‍ය ජීවිත කාලය අවුරුදු 40ක් සේ සැලකුවොත් මෙය සමාන කළ හැක්කේ සාමාන්‍ය ජීවිත 250කටයි. ඒ කියන්නේ ජීවිතයක් වෙනුවෙන් රුපියල් මිලියන 880 සිට රුපියල් බිලියන 1.6 දක්වා මිලක් ගෙවන්න වෙනවා කියන එකයි.

දැනට පෙනෙන්නට තියෙන්නේ එතරම්ම කලක් නොගොස් රුපියලේ දැවැන්ත කඩා වැටීමක් සිදු විය හැකි බවයි. පහත තියෙන්නේ ප්‍රධාන පෞද්ගලික බැංකු වල අද වන විට ඩොලරයක විකිණුම් මිල. මේ කළු කඩ මිල නෙමෙයි. එය මීට වඩා ගොඩක් වැඩි විය යුතුයි.


සම්පත් බැංකුව - රුපියල් 222යි 

කොමර්ෂල් බැංකුව - රුපියල් 222යි 

සෙලාන් බැංකුව - රුපියල් 222යි 

හැටන් නැෂනල් බැංකුව - රුපියල් 222යි 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රුපියල් 220යි 

ඩීඑෆ්සීසී බැංකුව - රුපියල් 225.25යි.

අමානා බැංකුව - රුපියල් 225යි.

එන්ඩීබී බැංකුව - රුපියල් 220යි 


මහ බැංකුවත් රාජ්‍ය බැංකුත් ඩොලරයක මිල රුපියල් 203ක් පමණ බව පෙන්වන නමුත් ඒ මිලට ඩොලර් මිල දී ගත හැක්කේ රජයටම පමණක් බව පැහැදිලියි. බැංකු පද්ධතිය තුළින් වුවත් මේ වෙද්දී ඩොලර් මිල දී ගත හැක්කේ රුපියල් 220-225 අතර මිලකටයි. පවතින තත්ත්වය තුළ එක පැත්තකින් බොහෝ දෙනෙකුගේ ආදායම් අහිමි වෙද්දී අනෙක් පැත්තෙන්  බඩු මිල විශාල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකියි. 

ඉදිරි මාසය ගොඩක් දේවල් වෙනස් වෙන මාසයක්.

118 comments:

  1. ඔබ පෙර ලිපියක පැවැසුවේ (මට මතක
    විදියට) උද්ධමනයේ දරුණුතම බලපෑම් ඇති වෙන්නේ 2022 හෝ 2023 පමණ වනවිට කියලා. එම පුරෝකථනය මෙතරම් ඉක්මනින් වෙනස් වීමට බලපාන ප්‍රධානම හේතුව රට වැසීම ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන හේතුව ආණ්ඩුව අතින් ආණ්ඩු බලය ගිලිහීයාම. රට වහන්නට සිදුවීම එය සංකේතවත් වීමක්.

      Delete
    2. ඔබ කියන දේ ඇත්තටම සිදු වෙනවා නම්, එය නිදහසින් පසු එහෙම වෙන පලමු අවස්ථාව. 71,88-89 උනත් ආර්ථිකමය හෝ මූල්‍යමය අතින් ආණ්ඩුවට තිබුණු බලය අත හැරුණේ නැහැ

      Delete
    3. මේ වෙලාවේ ආණ්ඩුව යට වී සිටින්නේ දේශපාලනික අර්ථයකින් ආණ්ඩුවටත් වඩා කල්ලිවාදීන් පිරිසක් වන වෛද්‍යවරුන්ට. (එසේ නැතුව විපක්ෂ මතයටනම් නෙමෙයි. ඔවුන් කරන්නේ රැල්ලේ සර්ෆ් කරන එක පමණයි) ආර්ථිකයේ පවතින අවදානම් නොසලකා හරින තැනකට ඔවුන් ආණ්ඩුව තල්ලු කර තිබෙනවා. ඔවුන්ට එසේ කළ හැකි වී තිබෙන්නේ ජනමතය තිබෙන්නේ එතැන නිසා. ඔය ජනමතය දිගටම ඔය විදිහට තියෙන එකක් නැහැ. රටේ නායකයා ලෙස තීරණ ගන්නා ජනාධිපති රාජපක්ෂ ආර්ථිකය ගැන හෝ වසංගතවේදය ගැන පුළුල් දැනුමක් තිබෙන අයෙකු නෙමෙයි. ඔහුට බලපෑම් කළ හැකි මට්ටමක සිටින ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් මේ අවස්ථාවේදී දුර්වල වී තිබෙනවා. 71 හා 88-89දී බහුතර ජනමතය තිබුණේ ආණ්ඩුව සමඟයි. මේ වෙලාවේ මරණ බය නිසා ජනමතය තිබෙන්නේ වෛද්‍යවරුන් සිටින තැන.

      Delete
    4. මමත් දෙතුන් තැනක මේ කතාව කීවා. එකොනොමට්ස් සමග එකඟයි. ප්‍රශ්නය හුඟක් අය මතුපිටින් බලල ආණ්ඩුවට කඩේ යනවා කියල කියන නිශ අමං දැන් නිහඬව ඉන්නව

      Delete
  2. මෙම කඩා වැටීම ආර්ථිකයේ ව්‍යුහාත්මක හා ජනතාවගෙ ආකල්පමය වෙනස්වීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා prerequisite එකක් කියලයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. විශාල සෞඛ්‍ය අර්බුදයක් හා ආර්ථික අර්බුදයක් එකට පැමිණි විට වැඩි ප්‍රමුඛතාවය ලැබෙන්නේ සෞඛ්‍ය අර්බුදයටයි. ඒ නිසා, ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒ වගේම, ආණ්ඩුවෙන් ආණ්ඩු බලය ගිලිහෙන අවස්ථාවක ඔය දේවල් වෙන්නෙත් නැහැ. රට වැහෙන්නේ ආණ්ඩුව යම් ප්‍රතිසංස්කරණ කිරීම ගැන හිතන්න පටන් අරන් සිටින වෙලාවක. රට වහන්න ආණ්ඩුව දැක්වූ ප්‍රතිරෝධයෙන් පෙනුනේ එයයි. රට වැහීම නිසා සිදු වන්නේ සෞඛ්‍ය අර්බුදය දිග් ගැසීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසර මැද දක්වාම ඉහළ මරණ වාර්තා වෙයි. වෛරසය පැතිරීම දැන් අඩු වුනොත් පසුව වඩා ලොකු රැල්ලක් එයි.

      Delete
    2. ල්න්කාවෙ හරක් කොටසක් ඉන්නව ඔක්කොම මකබෑවිල ගියාම ඊලඟ දවසෙ ඉඳන් ටොපට හරියයි කියල හිතන. අර නිර්මාල්ගෙ ගෝට ප්‍රොජෙක්ට් එක වගේ.

      Delete
    3. //රට වැහෙන්නේ ආණ්ඩුව යම් ප්‍රතිසංස්කරණ කිරීම ගැන හිතන්න පටන් අරන් සිටින වෙලාවක//
      එහෙම දෙයක් නම් පෙනෙන්නේ නෑ. ඔබට වැඩි යමක් පැහැදිලි කල හැකිද

      Delete
    4. වැක්සීන් ටික ඉක්මනට ගහගත්තොත් ගොඩ නේද?

      Delete
    5. අප හැම විටම ජීවිත වෙනුවෙන් පෙනී සිටිනවා මිස මරණ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ආර්ථිකය රැක ගැනීම යනුද දිගුකාලීනව ජීවිත රැකගැනීමක්ම තමයි. පෙනෙන්නට තිබෙන රට වැසීමේ වාසි මායාවක් පමණයි. බ්ලොග්කරු කිසිසේත්ම ලංකාවට කෙළ වෙන තුරු බලා සිටින අයෙකු නොවූවත් සිදුවිය හැකි දේ සටහන් නොකර බැහැ.

      - රට වසා දැමීම
      - මරණ යම් තරමකින් අඩු වුවත් ප්‍රමාණවත් තරම් අඩු වී නැති බැවින් රට වැසීම දිගු කරන සේ ඉල්ලීම් මතු වීම හා ආණ්ඩුවට එම ඉල්ලීම් වලට සවන් දෙන්නට වීම
      - රට වසා දැමෙන කාලය දීර්ඝ වීම
      - බඩු මිල වේගයෙන් ඉහළ යාම හා හඬක් නැති බොහෝ දෙනෙකුගේ ආදායම් අහිමි වීම
      - රට විවෘත කිරීම
      - කෙටි කලක් තුළ නැවතත් මරණ ඉහළ ගොස් නැවත රට වසන්නට සිදු වීම
      - ඉහත චක්‍රය වරක්, දෙවරක් පුනරාවර්තනය වෙද්දී බොහෝ දෙනෙකුගේ මරණ භය ඉක්මවා ආර්ථික ප්‍රශ්න ඉස්මතු වීම
      - රාජ්‍ය සේවක පඩි ගෙවීම ප්‍රමාද වීමෙන් හෝ පඩි කපා හැරීමට ආණ්ඩුව යොමු වීමෙන් පසු ජනමතය කණපිට හැරෙන්නට පටන් ගැනීම
      - දිගු කලක් ගෙදරම සිටීම හා කෝවිඩ් සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වීම නිසා රට වැසීම වැඩි දෙනෙකු විසින් නොසලකා හරින්නට පටන් ගැනීම
      - රට වැසීමක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි මට්ටමට ආර්ථික ප්‍රශ්න ඔඩු දිවීම
      - කෝවිඩ් මරණ විශාල ලෙස වැඩි වීම, බඩු මිල විශාල ලෙස ඉහළ යාම, රෝහල් වල බෙහෙත් ඇතුළු සම්පත් හිඟ වීම
      - ආණ්ඩුවට ජනප්‍රසාදය අහිමි වීමෙන් පසුව කම්මලේ බල්ලාගේ තත්ත්වයට පත් වීම.
      - ආර්ථික ප්‍රශ්න හා ජීවත් වීම පිළිබඳ බලාපොරොත්තු නැති තත්ත්වයක් යටතේ මිනිසුන් නොමිනිසුන් වී රට පුරා "අමනුෂ්‍ය භය" පැතිරීම.
      - රෝග, දුර්භික්ෂ භයට අමනුෂ්‍ය භය එකතු වී රට විසාලා මහනුවරක් වීම

      මේ චක්‍රය කොතැනින් හෝ කඩා ගැනෙනු ඇති බව මගේ අවංක ප්‍රාර්ථනයයි. එසේ නැත්නම් මාස කිහිපයක් යද්දී ඔය ටික සිදු වනු ඇත. මේ ආණ්ඩුව මෙහෙයවන අය පරමාදර්ශී පුද්ගලයන් නොවේ. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිද පරමාදර්ශී නැහැ. එහෙත් මේ වෙලාවේ ආණ්ඩුව සමඟ ගනුදෙනු බේරාගන්නට (ඇරියස් කවර් කරගන්නට) යාම සාමූහික සියදිවි නසා ගැනීමක් පමණයි.

      Delete
    6. //එහෙම දෙයක් නම් පෙනෙන්නේ නෑ. ඔබට වැඩි යමක් පැහැදිලි කල හැකිද//
      ලොකු දෙයක් කරලා නැතත්, ආණ්ඩුවට වියදම් සීමා කර ගැනීම ගැන බරපතල සේ සිතන්න සිදු වී තිබෙන බව පැහැදිලියි. කොහොමටත් මේ වෙලාවේ ලොකු දේවල් කරන්නත් අමාරුයි.

      //වැක්සීන් ටික ඉක්මනට ගහගත්තොත් ගොඩ නේද?//
      කිසිසේත්ම නැහැ. අනිවාර්යයෙන්ම වැක්සීන් ටික ඉක්මණට ගහගත යුතුයි. නමුත් වැක්සීන් වලින් කෝවිඩ් පාලනය කළ නොහැකි බව සංඛ්‍යානමය නියතයක්. මුළු රටක්ම වැක්සීන් කළත් R0 අගය 1.0ට වඩා අඩු කරන්න බැහැ. ඒ වගේම, කෝවිඩ් හැදුනු අයටත් නැවත නැවත හැදෙන නිසා මෙය හැදිලා ඉවර වෙන දෙයකුත් නෙමෙයි. දිගුකාලීනව කෝවිඩ් සමඟ ජීවත්වීම සඳහා ආර්ථිකය ශක්තිමත් කර ගත යුතුයි.

      Delete
    7. කෝව්ඩ් ආවෙ නැතිනම් ටැක්ස් අඩුකල නිසා මේ වෙනකොට සෑහෙන අර්තිකේ ගොඩ ගිහිල්ලා තියෙන්න ඉඩ තිබ්බෙ නැද්ඩද? ටැක්ස් අඩුකිරීම ගැන ඉකොනො මොකද හිතන්නෙ?

      Delete
    8. පැහැදිලිවම හා කිසිසේත්ම නැහැ. කෝවිඩ් තිබුණත් නැතත් මෙහි බලපෑම නිශේධනාත්මක එකක්. බදු අඩු කිරීමෙන් ධනවාදී ආර්ථිකයක් ප්‍රසාරණය කළ හැකි බව ඉතා මූලික මට්ටමේ හා සරල මූලධර්මයක්. මෙය වෙන්නේ කොහොමද? කවර තත්ත්වයන් යටතේද?

      මෙවැන්නක් වෙන්න පළමු හා මූලික කොන්දේසිය වන්නේ රටේ ආර්ථිකය සතුව ඉල්ලුම අඩුකම නිසා ප්‍රයෝජනයට නොගැනෙන නිෂ්පාදන ධාරිතාවක් තිබීමයි. බදු අඩු කළ විට මිනිස්සු අතේ වැඩිපුර මුදල් ගැවසෙන නිසා ඉල්ලුම ඉහළ යනවා. එහිදී භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යනවා. එමගින් සමාගම් වල ලාබ වැඩි වී, එම ලාබ තවත් වැඩි කර ගැනීමේ විභවයක් පෙනෙන්න පටන් ගන්නා නිසා ඒ වන විට ප්‍රයෝජනයට නොගන්නා ධාරිතාව නිෂ්පාදනය සඳහා යොදවනවා. එහිදී වැඩි කරන නිෂ්පාදනය සඳහා වැඩි ශ්‍රමයක් අවශ්‍ය වනවා. ඉල්ලුම අඩුකම නිසා ප්‍රයෝජනයට නොගැනෙන නිෂ්පාදන ධාරිතාවක් තිබෙන අවස්ථාවක රටේ විරැකියා අනුපාතිකය ඉහළ නිසා අඩු වැටුපකට ශ්‍රමිකයන් බඳවා ගත හැකියි. මෙහිදී විරැකියාව අඩු වී රටේ ආදායම් වැඩි වෙනවා. තවත් පිරිසක් අතට සල්ලි යනවා. ඉල්ලුම තවත් වැඩි වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය වෙනවා.

      කෙසේ වුවත්, මෙය සිදු වන්නේ ආර්ථිකයේ ධාරිතාව මට්ටම දක්වා පමණයි. එතැනින් එහාට නිෂ්පාදනය වැඩි නොවන නිසා ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. මිල ඉහළ යනවා පමණයි.

      මේ ආණ්ඩුව බලයට පත් වී බදු අඩු කරද්දී වගේම කාලයක් තිස්සේ ලංකාවේ මෙවැනි ඉල්ලුම අඩුකම නිසා ප්‍රයෝජනයට නොගැනෙන නිෂ්පාදන ධාරිතාවක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ධාරිතාව ඉක්මවන ඉල්ලුමකුයි දිගින් දිගටම තිබුණේ. එවැනි තත්ත්වයක් යටතේ බදු අඩු කළ විට සිදු වන්නේ ඉල්ලුම ඉහළ යාමක් පමණයි. උදාහරණයක් ලෙස උපයන විට ගෙවීමේ බදු අඩු කිරීමේ වාසිය ලැබුණේ වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින්ට. මේ අය බදු අඩු වීමේ වාසිය නිසා වෙනත් අයට රැකියා සපයන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ පරිභෝජනය ඉහළ දැමීම හා යම් තරමකට මූර්ත වත්කම් මිල දී ගැනීම. විණිමය අනුපාතිකය කෘතිමව පහළින් තියා ගෙන තිබෙන පසුබිමක මෙයින් සිදු වන ප්‍රධානම දෙය ආනයන ඉල්ලුම ඉහළ ගොස් රටේ තිබෙන ඩොලර් එළියට ඇදී යන එකයි. කෝවිඩ් නොවන්නට මූර්ත වත්කම් මිල ඉහළ යාමක්ද සිදුවිය හැකිව තිබුණා. මෙහිදීද අලුතින් නිෂ්පාදනයක් සිදු නොවන නිසා තිබෙන සම්පත් වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ වගේම වැට් අඩු කිරීමේ වාසිය නිසා සිදු වුනේද පරිභෝජනය ඉහළ ගොස් ආනයන ඉල්ලුම ඉහළ යාමයි. බදු අඩු කිරීම නිසා සිදු විය හැකිව තිබුණු හා ඉදිරියේදී සිදුවන්නට නියමිත ප්‍රධානම දෙය උද්ධමනය ඉහළ යාමයි.

      රජයේ වියදම් පාලනය කිරීම හරහා අයවැය හිඟය අතිරික්තයක් කර එමගින් බදු අඩු කළ හැකිනම් එය එක දෙයක්. ප්‍රදර්ශනාත්මකව බදු අඩු කර එහි හිලවුවට සල්ලි අච්චු ගසා "උද්ධමන බද්දක්" ලෙස ඊටත් වඩා මුදලක් නැවත අය කර ගැනීම වෙනත් දෙයක්. මේ විදිහටම මුදල් අච්චු ගැසීම සීමා කර එමගින් උද්ධමනය පාලනය කිරීම හරහා රුපියල ශක්තිමත් කිරීම එක දෙයක්. සල්ලි අච්චු ගසා රුපියලේ සැබෑ අගය තව තවත් දුර්වල කරන අතර එය ප්‍රදර්ශනාත්මකව පමණක් ශක්තිමත් තැනක තබා ගැනීම වෙනත් දෙයක්. මිනිස්සු රැවට්ටිය හැකි වුවත් ආර්ථිකය රවට්ටන්න බැහැ, මිනිස්සුන්වත් දිගුකාලීනව රවට්ටන්න බැහැ.

      Delete
    9. ඒ කියන්නෙ බදු වැඩි කල යුතුව තිබුනද? නැතිනම් යහපාලනය ගහපු බදු ප්‍රමානයද හොඥම මට්ටම?

      Delete
    10. බදු ආදායම් වැඩි කරගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා. බදු අනුපාතික වැඩි කිරීම එක් ක්‍රමයක්. බදු පදනම් වැඩි කර ගැනීම අනෙක් ක්‍රමය. බදු අනුපාතික වැඩි කිරීම පහසුයි. එහෙත් එය කළ හැකි සීමාවක් තිබෙනවා. සීමාව පැන්නට පස්සේ බදු ආදායම් අඩු වෙනවා. යහපාලන කාලයේ ඇතැම් අවස්ථා වල මේ සීමාව පැන්නා. සමස්තයක් ලෙස මීට වඩා බදු අනුපාතික වැඩි කිරීමේ හැකියාවක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. එහෙත් බදු පදනම් වැඩි කර ගත හැකිව තිබුණා. මේ ආණ්ඩුව කළ ලොකුම හානිය බදු අනුපාතික අඩු කිරීමටත් වඩා බදු පදනම්ද නැති කර ගැනීමයි. එහි අවාසිය දිගුකාලීනයි. උදාහරණයක් ලෙස උපයන විට ගෙවීම් බදු ගෙවිය යුතු අවම ආදායම ඉහළ නොදමා බදු අනුපාතිකය 1% වැනි නාමික මට්ටමකට අඩු කළානම් හානිය තාවකාලිකයි. මේ අවස්ථාවේ කළ යුත්තේ බදු පදනම් වැඩි කර ගැනීම සඳහා දිගුකාලීන සැලසුමක් හදා ක්‍රියාත්මක කිරීමයි. එහිදී බදු අනුපාතික අඩු වුනත් ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ප්‍රශ්නය සුබසාධනයම නෙමෙයි. සුබසාධනය වන්නේ සුබසාධනය විය යුතු අය නොවීමයි.

      Delete
    11. //සුබසාධනය වන්නේ සුබසාධනය විය යුතු අය නොවීමයි.//
      සමෘදිය හම්බවෙන්නෙ වැරදි අයට කියලද කියන්නෙ? නැතිනම් දොස්තරලට පර්මිට් දෙන ඒව වගෙ සීන් එකක්ද

      Delete
    12. සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේද ප්‍රශ්න තිබුණත් මා කතා කරන දෙය වඩා අදාළ දෙවැන්නටයි. උදාහරණයක් ලෙස ලංකාවේ බොහෝ දෙනෙකු විසින් රැක ගැනීමට මරාගෙන මැරෙන සටනක් කරන ඊනියා නිදහස් අධ්‍යාපනය හරහා සුබසාධනය වෙන්නේ කවුද? සමාජයේ පහළම ස්ථර වල පවුල් වල දරුවන්ද? එසේ නැත්නම් ඉහළ හා පහළ මධ්‍යම පන්තියේ පවුල් වල දරුවන්ද? පොදු සෞඛ්‍ය පද්ධතිය තුළ වඩාත්ම වියදම් අධික ප්‍රතිකාර සෑම තරාතිරමක අයෙකුටම සමාන ලෙස බෙදී යනවාද? ආදායමේ ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම බදු ගෙවන්නේ කවර ආදායම් ස්ථරයද?

      Delete
    13. ඔබ ඔය කියන මොකුත්ම වෙන්නෙ නෑ. ඔක්තෝබර් වෙනකොට හර්ඩ් ඉමියුනිටි එනව. එතකොට රටේ ජනගනයෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත් කරල. දැන ලෝකෙ වැඩි ප්‍රමානයක ආසාදිතයන් හා මරන අඩුවෙලා. ඔබේ අශුභවාදී අදහස් ගැන පුදුමයි

      Delete
    14. "ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය 6-7 පමණ ඉහළ අගයක්. මෙය අප 6.5 සේ සැලකුවොත් වසංගතය පාලනය විය හැක්කේ ජනගහණයෙන් 85%ක් පමණ ප්‍රතිශක්තිය ලැබුවහොත් පමණයි. ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය මෙසේ ඉහළ යද්දී, ඉහත කී එන්නත් දෙකෙහි ඵලදායීතාවයද ඩෙල්ටා ප්‍රභේදය හමුවේ 80% පමණ මට්ටමට අඩු වී තිබෙනවා. එයින් අදහස් වන්නේ රටේ මුළු ජනගහනයම එන්නත් කළද වෛරසය නැත්තටම නැති කළ නොහැකි බවයි."

      http://economatta.blogspot.com/2021/08/blog-post_22.html

      Delete
  3. ඉකොනොමැට්ටා, මේ සිදුවීමට අදාළව කතා කරනවා නම් මුලින්ම 'මුදල්' කියලා කියන්නේ මොකක්ද කියලා හදුනා ගන්න අවශ්‍යයි.

    ඔබ කියන දේ කෙසේ වෙතත් ඇත්තටම මුදල් වලට ස්වායත්ත (inherent) අගයක් නැහැ.ඒ මුදල් වලට අගයක් තියෙනවා කියල අපි සලක්නේ මුදල් වලින් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් හින්දා විතරයි මේකට කියන්නේ ටින්කර්බෙල් ඉෆෙක්ට් (tinkerbell effect) කියලා. ඒකට උදාහරණයක් විදියට හිතෙන්න ඔබ නිකන් හරි රොබින්සක් කෘසෝ වගේ දූපතක ඩොලර් බිලියනයක් එක්ක හිරවුනොත් ඩොලර් බිලියනයෙන් කරන්න පුලුවන් උපරිම දේ සීතලට ගිනි ගොඩක් ගහ ගන්න එක විතරයි.

    ඔන්න ඔය වගේ මුදල් ටයිප් තුනක් ලෙසට වර්ගීකරණය කරන අතර මේ ටයිප් වලින් පලවෙනි එක භාණ්ඩ මුදල් (commodity money). ඒ කියන්නේ අර කුළුබඩු කුළුබඩු, අශ්වයින්, ආයුධ, රත්තරන් හා රිදී වගේ හුවමාරු භාණ්ඩ වල වු දුර්ලභ භාවය සහ වෙළඳ පොළ වටිනාකම (හොඳ ඉල්ලුමක් ඇති) නිසා ඒවා භාණ්ඩ මුදල් ලෙස පිළිගන්නවා.

    ටයිප් ටූ (දෙවැනි එක) නියෝජක මුදල් (representative money). ඒ කියන්නේ රත්තරන්, රිදී වැනි භාණ්ඩ සැම තැනම අරන් යන්න අමාරු භාණ්ඩ බැන්කුව වැනි තැනක තියලා අදාළ තැනෙන් දෙන කුවින්තාසිය මුදල් විදියට භාණඩ මිල දී ගැනීමට පාවිච්චිකරලා අන්තිමට කුවින්තාසිය එන පුද්ගලට පුලුවන් එය බැන්කුවෙන් හෝ අදාළ තැනෙන් පිරිමුදාගන්න. ඇත්තටම රත්තරන් නියෝජක මුදල් ගොඩක් වැදගත් වුණා රටවල් අතර විනිමය අනුපාතය නිවැරිදිව ගණනය කරන්න. උදාහරණ ලෙස ලන්කාවේ කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක් අද රු.12,000 නම් එය ඇමරිකාවේ ඩොලර් 60 ක් නම් එක ඩොලර් එකක් වෙන්නෙ රු. 12,000/60 > රු. 200 ක්. (මීට දශක ගණනාවකට පෙර මේ අගය රු. 4.7 ක්.)

    ටයිප් ත්රී- නමුත් අද වන විට ලෝකයේ සියළුම රටවල පාවිච්චිකරන්නේ 'ෆියට් මුදල්' (fiat money). ෆියට් මුදල් වලට පදනම් වැටිලා තියෙන්නේ ෆියට් මුදල් වල අගය ආණ්ඩුව පවත්වාගෙන යැයි ජනතාව තුල තිබෙන විශ්වාසය මතයි. ඉතින් අද 'ෆියට් මුදල්' රත්තරන් හෝ සිල්වර් යන කිසිම දෙයකින් තහවුරු (backup) කරලා නැ. ලංකාවේ වගේ රටවල එහෙම වුණත් සමහර රටවල් currency board සංකල්පය යටතේ මේක සෑහෙන්න දුරකට තහවුරු කරනවා, ඒ ගැනත් පස්සේ සාකච්ඡා කරමු.

    ඔය කියන 'ෆියැට් මුදල් (fiat money) මුද්‍රණය කරොත් මොකද කේස් එක? ඔය ආර්ථික විද්‍යාඥයන් කියන පරිදි කොහොමද උද්ධනමය වැඩිවෙන්නේ'?

    ඇත්තටම රටක උද්ධමය කියන්නේ කෙටියෙන් භාණ්ඩ හා සේවා වල මිල ඉහල යාමත් ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිලට ගැනීමට තියෙන මුදල් (fiat money) වල අගය පහළ යෑමත් කියලා කෙටියෙන් කියන්න පුළුවන්.

    මේ වගේම ආර්ථික විද්‍යාවේ තියෙන මූලික සිද්ධාන්තයක් ලෙස 'සැපයුම (supply)' වැඩිවුනාම 'ඉල්ලුම (demand) අඩු වෙලා බැලන්ස් වෙනවා. ඒක හින්දා මිල අඩු වෙනවා. ඔය හින්දා ආර්ථිකයේ තවත් රුපියල් මුදල් කෘතිමව වැඩිවෙනවා කියන්නෙ රුපියලේ අගය අඩු වෙනවා කියන එක. ඒකෙන් වෙන්නේ අනිත් රටවල් වල මුදල් (උදා: ඩොලර්, යුරෝ, ඩිරාම්, යෙන්) ඒකකයකට සාපේක්ෂව වැඩියෙන් රුපියල් මිලදී ගන්න පුළුවන් ඩොලර්, පවුම් , යුරෝ හුවමාරුවෙන්.

    ඒ වගේම ඊළගට වෙන්නේ භාණ්ඩ වල මිල ඉහල යන එක. මොකද මනි මාකට් එකේ වැඩිපුර රුපියල් තියෙන කොට භාණ්ඩ හා සේවා වල ඉල්ලුම් චක්‍රය (demand curve) ඉහළ යනමුත් මේ ඉහල යාම ආර්ථික ප්‍රතිදාන (output) ඉහල යාමකින් බැලන්ස් වෙන්නේ නැත්තම් භාණ්ඩ හා සේවා වල අහය ඉතම ඉහළ යනවා, උදාහරණයක් විදියට හිතන්න ලොකු කැලයක මිනිස්සු 4ක් ඉන්නවා කියලා. එක එක මනුස්සයා ගාව පිලිවෙලින් කෙහෙල් ගෙඩි 15, ඇපල් 15, අඹ 15 හා අන්නාසි 15 ක් තියෙනවා. මේ හැම පළතුරකම අගය සමානයි. ඒ කියන්නේ එක කෙසෙල් ගෙඩියක අගය සමානයි එක ඇපල් ගෙඩියකට සමානයි එක අඹ ගෙඩියකට සමානයි එක අන්නාසි ගෙඩියකට. මෙහෙම වෙද්දී එක පාරට කට්ටියම හොයා ගන්නවා අලුත් ඇප්ල් ගෙඩිම තියෙන කැලයක්. එතකොට ඇපල් වල 'නාමික අගය' වැඩි වෙනවා මොකද ඇපල් ගෙඩි ගණන එක පාරටම වැඩි වුණ හින්දා නමුත් ඇපල් ගෙඩියක 'නියම අගය' පහළ යන්නේ ඇපල් වලට තියෙන සැපයුම(supply) අතිශයින්ම වැඩි වූ හින්දා (ඇපල් කැළය හොයා ගැනීමත් සමග).

    ඔය වගේ ඊට පස්සෙ වෙන්නේ ඇපල් වල සැපයුම වැඩි වූ හින්දා ඉල්ලුම(demand) ඉතා අඩු අඩු වීමයි. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ කෙහෙල්, අඹ හා අන්නාසි වලට තියෙන ඉල්ලුම වැඩි වීමයි. එතකොට වෙන්නේ ඇපල් ගෙඩි 15කම අගය කෙසෙල් ගෙඩියක්, අඹ හෝ අන්නසි ගෙඩියක අගයට සමාන වීමයි. (ඇපල් කැලය හොයා ගැනීමට කලින් හැම පළතුරකම අගය සමානයි)

    දැන් ඒ කතාවේ මිනිස්සු 4 දෙනා වෙනුවට රටවල් 4කුත්, ඒ ඒ පලතුරු වෙනුවට ඒ ඒ රටවල මුදල් ඒකකය්ත්, ඇපල් කැලය වෙනුවට අළුතින් මුද්‍රණය කල මුදල් ප්‍රමාණයත් ආදේශ කරලා බලන්න එතකොට තේරෙයි රටවල් වලට ඇත්තටම බැරිද තවත් මුදල් මුද්‍රණය කරන්න කියලා කොරෝනා සමග ආර්ථික අවපාතයක් ආවොත් ආර්ථිකය ස්ථාවර කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය වගේ ආර්ථික විද්‍යාව නොදන්න අපි හැමෝටම මේ සරල ආර්ථික තියරිය පවා කුණු කූඩෙට දාල කෙලව ගත්ත රට වල් තියෙනවද ලොකේ?

      ලංකාවේ බලයෙන් මුසපත් වුණ අතිශය හිරිකිත අශිෂ්ඨ තිරශ්චීන දුෂ්ට පාලකයෝ හිතන්නේ තමන් දෙවියන් කියලා, ලංකාවේ සාමාන්‍ය වැසියන් ඔවුන්ගේ පයට පෑගෙන දූවිල්ලකටවත් වටින්නේ නැති බවත් හිතන මේ කට්ටිය සිම්බාබ්වේ 2008 දී විතර ආර්ථිකය බේරගන්න මෙහෙම මුදල් මුද්‍රණය කල නිසා උද්ධමනය 6.5% සෙක්ටිලියන් (බින්දු 21) වුණා කියලා තමා වාර්ථා වෙන්නේ. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා වල අගය පැය විසිහතරෙන් හතරට දෙගුණ වුනා. අන්තිමට සිම්බාබ්වේ රජය 100 ට්‍රිලියන් ඩොලර් නෝට්ටුත් අච්චු ගැහුවා උද්ධමනය නවත්ත ගන්න (කිරි පැකට් එකක් ගන්න සල්ලි මලු ගණන් අරන් යන්න වුණා). උද්ධමනය නීතිවිරෝධීත් කරලා බඩු වැඩියෙන් විකුණන අයව හිරෙත් දැම්මා. පසුව සිම්බාබ්වේ ඩොලරය එරට රජය විසින් අහෝසි කරා.

      මේ වගේම දෙයක් වුණා හන්ගේරියාවේ 1946 විතර. උද්දමනය 41% ක්වොඩ්‍රිලියන් (බින්දු 16ක්) වුණා. හන්ගේරියාවේ මුදල් ඒකකය වුනේ 'පෙන්ගො(pengo)'. අන්තිමට උද්ධමනය පාලනය කරන්න 100 මිලියන බිලියන පෙන්ගො නෝට්ටුවත් මුද්‍රණය කරා. අනිතිමට එම මුදල් ඒකකය අහෝසි කරන්න කලින් රටේ ම තිබ්බ ඔක්කොම මුදල් එකතු කරත් වටිනාකම වුනේ ඇමරිකානු ඩොලරයෙන් 1/100 ටත් වඩා අඩු අගයක්.

      ඔය වගේ සාමන්‍යයෙන් යහපත් උද්ධමන අගයක් වන 3% පවතින රටක භාණඩ හා සේවා වල මිල දෙගුණයක් වීමට අවම වශයෙන් අවුරුදු 20ක් වත් යනවා. ඒත් ලංකාවේ මේ අගය පහුගිය අවුරුද්දේ වුණේ 5.4%. ඉතින් මේ අගය මේ අගයෙම හෝ ඊට වඩා හොද අගයක කොරෝනාවෙන් පසුද පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වන බව පැහැදිලියි. මේ සමග රට සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටීම නියතයි. මිනිස්සු බඩ ගින්නේ මියයන අතරම ගෙවල් දොරවල් නැතිවී පාරට වැටේවි.

      Delete
  4. වැඩි දුර නොලියමි -පාරට බැස්සෙමි
    මිනිසුන් කියනා දේවල් ඇසුවෙමි
    ඒ පැතුමන් හැම සැබෑ වුණෝතින්
    දියවන්නාවක් සොයන්න යන්නෙමි

    ReplyDelete
  5. ලන්කාවෙ වයසක ජෝඩුවක් තනියම ජීවත් වෙන දරුවො ලඟ නැති ජෝඩුවකට මේ මොහොතේ ඔබ දෙන උපදෙස දැනගන්න කැමතියි? ආහාර ස්ටොක් කරගන්න එක හොඳද? කොච්චර කාලෙකටද?

    ReplyDelete
    Replies
    1. 1. එන්නත් ලබාගෙන නැත්නම් අනිවාර්යෙයන්ම එන්නත් ලබා ගැනීම
      2. එන්නත් ලබා ගත්තේ වුවද හැකි තාක් නිවසට වී සිටීම හා වෙනත් අය සමඟ භෞතික සම්බන්ධකම් සීමා කිරීම (සමාජ දුරස්ථභාවය)
      3. වියලි ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් හදිසියකදී අවශ්‍ය වන දේ (අත් බේත්, ඉටිපන්දම්, ගෑස්) යම් තරමකින් ගබඩා කර ගැනීම. අවම වශයෙන් දෙමසකට ප්‍රමාණවත් වියලි ආහාර මිල දී ගෙන ගබඩා කර ගැනීම හා මසකට වරක්වත් අඩුවන තොග නැවත ප්‍රතිස්ථාපනය කිරීම හොඳ අදහසක් කියා මම හිතනවා. එවිට නිතර නිවසින් එළියට යාමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.
      4. හැකිතාක් ප්‍රවේශම් වන අතර තමන්ට විශ්වාසයක් ඇති වෙනත් ඕනෑම දෙයක් කිරීම.
      5. වෙනත් ක්‍රමවලින් දුරස්ථව සමාජ සම්බන්ධතා දිගටම පවත්වා ගැනීම.
      6. නිදන්ගත රෝග ඇත්නම් ප්‍රමාණවත් තරම් ඖෂධ තොග ළඟ තබා ගැනීම හා භාවිතා කිරීම. අනෙකුත් හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම.

      Delete
    2. ස්තුතී උත්තරේට.
      ඔබ උඩ කියා තිබෙන විදියට අමනුශ්‍ය බියත් ඉස්සරහට ආවොත් මේක මේ විදියයම වලන්ගුද?

      Delete
    3. "වෙනත් ක්‍රමවලින් දුරස්ථව සමාජ සම්බන්ධතා දිගටම පවත්වා ගැනීම." මේ සඳහා කළ හැකි, මට හිතාගත හැකි දෙයයි. ඇමරිකාව වගේ රටකනම් ගිණි අවියක් ළඟ තබා ගැනීම විකල්පයක්. "අමනුෂ්‍ය භය" ලංකාවට තවමත් දුරස්ථ කරුණක්. බොහෝ විට තත්ත්වය ඒ තරම් නරක් වෙන එකක් නැහැ. දැනට අනෙක් දේවල් ගැන අවධානය යොමු කිරීම ප්‍රමාණවත් වෙයි කියා මම හිතනවා.

      Delete
  6. පහුගිය බදාද ඉඳල එකපාරටම බෑන්ක්ස් වල ඩොල්‍රර් රේට් එකෛහල යන්න පටන් ගත්ත. ඒ මොකද? ආන්ඩුව බොරු කරන එක අත ඇරපු නිසාද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවේ වෙබ් අඩවියට අනුව අද වන විටත් ඩොලරයක විකුණුම් මිල 202.89ක් පමණයි. ඒ මිලට ඩොලර් නැති බව ඉතා පැහැදිලියි.

      Delete
    2. එතකොට මේ කියන්නෙ බැන්කු ප්ඩ්දතිය ආන්ඩුවෙ පාලනයෙන් ගිලිහී ගිහිල්ල කියල්ද?

      Delete
    3. සමහර විට ඔබේ මුල් ප්‍රශ්නය මම හරියට තේරුම් ගත්තේ නෑ විය හැකියි. ඔබ අහන්නේ මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී වාණිජ බැංකු වල ඩොලරයක මිල ඉහළ යන එක ගැන බව පේනවා. මහ බැංකුවට අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 203ක් පමණ වෙනවා. එසේ ඩොලරයක මිල එහි වෙළඳපොල සමතුලිත මට්ටමට වඩා අඩු මට්ටමක පවත්වා ගන්නනම් මහ බැංකුව විසින් එම මිලට පවතින ඩොලර් ඉල්ලුම සැපිරෙන තාක් ඩොලර් විකිණිය යුතුයි. කාලයක් මේ වැඩේ කළත්, මේ වෙද්දී එසේ විකුණන්න තරම් ඩොලර් සංචිතයක් මහ බැංකුව සතුව නැහැ. මෙය සීනි වල පාලන මිල 75 ලෙස තියෙද්දී ඒ මිලට කොහේවත් සීනි නැති වීම හා වෙළඳපොළේ සැබෑ මිල 120 වීම වැනි දෙයක්. ඒ නිසා, වාණිජ බැංකු වලට වැඩි මිලකට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න සිදු වී තිබෙනවා. වැඩි මිලකට මිල දී ගන්න ඩොලර් ඊට වඩා අඩුවෙන් විකිණිය නොහැකියි. රුපියල් 222 කියන්නේ මේ වෙලාවේ ඩොලරයක නියම මිලයි. මහ බැංකුවට (බොහෝ විට මහ බැංකුවට නොව ආණ්ඩුවට) ඩොලරය 200 මට්ටමේ පවත්වා ගන්න අවශ්‍ය වුවත් එය කිරීමේ හැකියාවක් තවදුරටත් නැහැ. ඒ නිසා, 200 කියන්නේ නිකම්ම අංකයක් පමණයි. මහ බැංකුවේ පාලනයක් නැතිව ඩොලරයේ මිල තීරණය වෙනවා. ආනයනික භාණ්ඩ වල මිල තීරණය වන්නේද එම විනිමය අනුපාතිකය අනුවයි. ඒ නිසා, ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම හා ඒ හරහා උද්ධමනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි. මේ වෙද්දී විණිමය අනුපාතිකයට වී තියෙන්නෙත් කෝවිඩ් වලට වූ දෙයමයි.

      Delete
    4. ඔව් ඒ ගැන තමයි මම ඇහුවෙ. මහ බැන්කුව නියම කල මිල නනොසලකා හැරල වානිජ බැන්කු වලට ඕන ඕන මිලට විදේශ මුදල් ගනුදෙනු කරන්න පුලුවන්ද? නීතිමට්ය බැඳීමක් නැතිද?

      Delete
    5. "නිල වශයෙන්" ලංකාවේ තියෙන්නේ පාවෙන විණිමය අනුපාතික ක්‍රමයක්. පාවෙන විණිමය අනුපාතික ක්‍රමයකදී ඩොලරයක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. මහ බැංකුවේ මිල යන්නේ අදහස් කරන්නේ වෙළඳපොල ඉල්ලුම සැපයුම අනුව තීරණය වන මිල සමීක්ෂණය කර වාර්තා කිරීමක් මිසක් මිල නියම කිරීමක් නෙමෙයි. මහ බැංකුව විසින් විණිමය අනුපාතික පාලනය කිරීම කරන්නේ සංචිත විකුණමින් සැපයුම ඉහළ දැමීම හරහා වක්‍ර ලෙසයි. මේ වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 50ක් පමණයි. ශුද්ධ සංචිත ප්‍රමාණය තවත් ඩොලර් මිලියන 50කින් අඩු වීමෙන් පසු මහ බැංකුව නිල වශයෙන්ම බංකොලොත් කියා කිව හැකියි. ඉන් පසුව, මහ බැංකුවට තිබෙන විදේශ වත්කම් වලින් මහ බැංකුවේම විදේශ බැරකම් පියවීම හෝ නොකල හැකි තත්ත්වයකට පත් වෙනවා. වාණිජ බැංකු දැනටම එවැනි තත්ත්වයක සිටින නිසා මහ බැංකුවේ උදවු ලැබිය නොහැකි පසුබිමක කීයට හෝ ඩොලර් මිල දී ගෙන බැරකම් පියවන්න සිදු වී තිබෙනවා. ලංකාසීනිවුස් අනුව සංචිත වලින් තවත් ඩොලර් මිලියන 500ක් වාණිජ බැංකු වලට නිදහස් කරන මෙන් ආණ්ඩුව මහ බැංකුවට දන්වා තිබෙනවා. එසේ කළහොත් මහ බැංකුවේම විදේශ ණය එහි විදේශ වත්කම් වලට වඩා ඩොලර් මිලියන 450කින් ඉහළ යනවා.

      Delete
    6. මහ බැන්කුවට ඩොලර් නැතිනම්, ණයට ගන්නත් බැරිනම් කොහොමද වානිජ බැන්කු වලට ඩොලර් නිකුත් කරන්නෙ?

      Delete
    7. පසුගිය මාසයේ බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් පියවීම සඳහා රජයට ඩොලර් ලබා දීමෙන් අනතුරුව මහ බැංකුව සතුව ඩොලර් මිලියන 2,833.5 සංචිත තිබුණා. එයින් ඩොලර් මිලියන 2,364.6ක් ද්‍රවශීල වත්කම්. මේ ඩොලර් වාණිජ බැංකු වලට විකිණිය හැකියි. දින කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800ක පමණ වටිනාකමක් තිබෙන විදේශ වත්කම් ලැබී ඇති බවක්ද වාර්තා වී තිබුණා. ඒ අනුව, සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,600 පමණ දක්වා ඉහළ ගොස් තිබිය යුතුයි.

      දළ විදේශ සංචිත මෙපමණ තිබුණත් මහ බැංකුවේ බැරකම්ද තිබෙන නිසා (තාක්ෂණිකව නිවැරදි නැතත් තේරුම් ගැනීමේ පහසුවට විදේශ ණය කියා කියමු) ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය දළ විදේශ වත්කම් ප්‍රමාණයට වඩා අඩුයි. මේ වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 50ක පමණ මට්ටමකට පහත වැටී තිබෙනවා. මහ බැංකුව තවදුරටත් ඩොලර් විකිණීමෙන් වැලකී වාණිජ බැංකු වල ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ හැර තිබෙන්නේ මේ පසුබිම තුළයි. දැන් ආණ්ඩුව විසින් තව දුරටත් ඩොලර් මුදා හරින සේ මහ බැංකුවට බල කරනවා කියන්නේ මහ බැංකුවේ විදේශ බැරකම් වලට වඩා විදේශ වත්කම් අඩු වෙනවා කියන එකයි. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් මහ බැංකුව ලෝකයට ණය කරුවෙක් වෙනවා කියන එකයි. රජය මෙන්ම වාණිජ බැංකු පද්ධතියද දැනටමත් ලෝකයට ණයකරුවන් වී අවසන්. මහ බැංකුවේ බැරකම් දිගුකාලීන බැරකම් නිසා, අවදානම් කටයුත්තක් වුවත්, තවදුරටත් විදේශ සංචිත මුදා හැරීමේ හැකියාවක් තිබෙනවා.

      Delete
    8. තේරුනා

      Delete
  7. "අමනුෂ්‍ය භය" කියලා ඉකොන් අදහස් කරන්නෙ මිනිස්සු එකිනෙකාට අකාරුණික වෙලා, අනිත් අයගෙ දේ උදුරා ගැනීම වගේද.

    ලංකාවෙ ආර්ථික තත්වය බැරෑරුම් වෙනකොට පිට රට ඉන්න නෑදෑයින්ගෙන් යාලුවන්ගෙන් උදව් උපකාර ඉල්ලන එකත් වැඩියි. පුලුවන් විදිහට අනිත් අයට උදව් කරන එක හොඳයි. නමුත් ලංකාවෙ අය තේරුම්ගන්නෙ නැතිදෙයක් තමයි පිටරටවල ඉන්න අයට උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙන බව. මේ රටවලත් සමහර ඉන්ඩස්ට්‍රි වල එක්කො රැකියා නැතිමවෙලා, එහෙමත් නැත්නම් පඩිය බාගයක්, නැත්නම් සියයට හැට, හැත්තෑව වෙලා. අනියම් හෝ කොන්ත්‍රාත් පදනමට වැඩ කරපු අයගෙ තත්වය තවත් බයානකයි. නමුත් සමහරවිට ලංකාවෙ අය පිටරට ඉන්න නෑදෑයින් යාලුවන් ඉල්ලන හැම වෙලේම ඒගොල්ලන්ට උදව් කලයුතුම කියන මානසිකත්වයේම (taken for granted) තමයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. //"අමනුෂ්‍ය භය" කියලා ඉකොන් අදහස් කරන්නෙ මිනිස්සු එකිනෙකාට අකාරුණික වෙලා, අනිත් අයගෙ දේ උදුරා ගැනීම වගේද.//

      ඔබ හරි.

      //සමහරවිට ලංකාවෙ අය පිටරට ඉන්න නෑදෑයින් යාලුවන් ඉල්ලන හැම වෙලේම ඒගොල්ලන්ට උදව් කලයුතුම කියන මානසිකත්වයේම (taken for granted) තමයි ඉන්නෙ.//

      ඔබ ලියා තිබෙන දේ ලංකාවේ යැපුම් මානසිකත්වයේම එක් කොටසක්. රටේ මිනිස්සු එක පැත්තකින් හැමදේම ආණ්ඩුව කරන තුරු බලා ඉන්නවා. අනෙක් පැත්තෙන් බටහිර රටවලට බණින අතරම ඒ රටවල් ලංකාවට උදවු කරන්න බැඳී සිටිනවා කියා හිතනවා. රටින් පිට ඉන්න ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය ගැන හිතන්නෙත් ඒ විදිහටයි. රටින් පිට ඉන්න ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොහෝ දෙනෙක් ලංකාවෙන් ලබා ගත් දේවලට වඩා එම රටවල සමාජයන්ගෙන් විවිධ දේ ලබාගෙන තිබෙන අයයි. ලංකාව එක්ක ආත්මීය බැඳීමක් තිබුණත්, හැම රටක්ම අමාරුවේ වැටී ඉන්න මේ වගේ වෙලාවකදී, යුතුකම් පැත්තෙන් බලනවානම් තමන් ජීවත් වන සමාජයේ උදවු අවශ්‍ය අයට උදවු කිරීමට ප්‍රමුඛතාවය දීමයි වඩා නිවැරදි දෙය. බොහෝ දෙනෙකුට ලංකාවට උදවු කරන්න වෙන්නේ තමන් ජීවත් වන සමාජය වෙනුවෙන් කළ යුතු යුතුකම්ද කරන අතරයි. ඒ වගේම ඔබ කියන විවිධ ප්‍රශ්න වලටද මුහුණ දෙමිනුයි.

      Delete
  8. අද මම මුදල් ටිකක් ලංකාවට යවන්න බැලුවම යම් වෙනසක් දැක්කා. ලංකා බැංකුවේ ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රු145. Western union ඒ ගානම. මෙල්බර්න් වල තියන කප්රුක කියන ආයතනය රු 154. Eremit රු 161. මොකක් හරි ලොකු කඩාවැටීමක ලකුණුද මේ පේන්නේ.ලංකාවේ රේටින් තවත් එකක් පහළ දැමීම නිසා තවත් අමාරු වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මම වෙස්ටර්න් යුනියන් භාවිතා කරන නමුත් කප්රුක හා Eremit කවදාවත් භාවිතා කර නැහැ. වෙස්ටර්න් යුනියන්නම් තවමත් ගෙවන්නේ ඇමරිකන් ඩොලරයකට 200කට වඩා අඩු මුදලක්.

      Delete
  9. ලංකාවේ පවතින උග්‍ර ඩොලර් හිඟය නිසා ලංකාවේ ප්‍රධානතම ආනයනය වන ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන හතරක් පමණ වන වාර්ෂික බජට් එක මේ වන විට ඉතා තීරණාත්මක බැවින් ලොව ප්‍රධාන රටවල් තුනකින් මාස හයක ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සාකච්චා ආරම්භ කර තියෙන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මාධ්‍ය වලට ප්‍රකාශ කළා මේ අනුව ඉරානය ඉන්දියාව සහ චීනය යන රටවල තානාපතිවරුන් හමුවී මේ ගැන සාකච්ඡා කළ අමාත්‍යවරයා මාස 6 ක කාලයක් සඳහා ඉන්ධන වෙනුවෙන් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ අවශ්‍ය බවක් ණය ගිවිසුම් සාර්ථක වුවත් ඉන්ධන ලබා ගෙන ඒවා විකුණා මාස හයකින් මුදල් ගෙවීමට හැකියාව ඇති බවත් කියා සිටියි.

    මේක ඇත්ත ද? ඔබට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

    ඒ වගේම මෙතෙක් මේ සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි පැවසූ ඇමති මංගොංපිල දැනට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සුළු වශයෙන් ඉහල පහල යන නමුත් පාරිභෝගිකයන්ට සහන දිය හැකි මට්ටමට ඉන්ධන මිල අඩු වී නැති බව කියනවා.

    මට ආරංචි වුණ විදියට ලංකාවේ මේ දවස්වල පෙට්රල් ලීටරයක් රුපියල් 157 ක් විතර (ඇමරිකානු ඩොලර් සත 0.69 විතර). ඩීසල් රුපියල් 111 ක් ලු. (ඇ.ඩො. සත 0.48 විතර). මේ තරම් අධික ලෙස ඉහළ මිලකට තෙල් අලෙවි කරලත් තෙල් සංස්ථාවේ පාඩුව නවතා ගැනීමට නොහැකි ඇයි?

    කලින් මංගොංපිල කියෙව්වේ ඉන්දියන් ඔයිල් IOC එකේ සේවකයන් ඉතා සීමිත ගණනකින් අධික ලාබ ලබමින් සිටින නමුත් රජයේ තෙල් සංස්ථාව දිගටම හිටපු ඇමතිවරු විසින් විශාල වශයෙන් රැකියා ලබා දීම නිසා වැටුප් ගෙවීමට සහ සේවකයන්ට පහසුකම් ආදියට විශාල මුදලක් වැය වන බව. මේක ඇත්ත ද?

    ඒ වගේම නූතන රාජපක්ෂ රෙජීමය පලවා හැර රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ/ ටී එන් ඒ සහය ඇතුව අලුත් ආණ්ඩුවක් බිහි කර ගතහොත් මේ සියලුම ප්‍රශ්න ඉතාමත් පහසුවෙන් ක්ෂණිකව විසඳා ගැනීමට පුළුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. //අමාත්‍යවරයා මාස 6 ක කාලයක් සඳහා ඉන්ධන වෙනුවෙන් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ අවශ්‍ය බවක් ණය ගිවිසුම් සාර්ථක වුවත් ඉන්ධන ලබා ගෙන ඒවා විකුණා මාස හයකින් මුදල් ගෙවීමට හැකියාව ඇති බවත් කියා සිටියි.//
      සාමාන්‍ය ජනතාවට ඩොලර් දීලා තෙල් ගහගන්න වෙයිද

      Delete
    2. තෙල් විකුණා රුපියල් හොයා ගත්තත් එම රුපියල් ඩොලර් කරන්න බැහැනේ. ඒ නිසා, ණය ගෙවන්න ඩොලර් හොයා ගන්න වෙනවා. චීනයෙන් තෙල් ආනයනය කරන බවක් දැන සිටියේ නැහැ.

      Delete
  10. ඔබේ මහබැන්කු හිරකම ලිපිමාලාව මමත් කියෙව්ව. හැබැයි pt එක ලාබ ලැබුව හැටි ගැනත් ලිපි මාලාවක් ලියනව කිව්වට ඒක ලිව්වෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ලිපි හතක් ලිවුවා.

      https://emgesathapaha.blogspot.com/2017/03/blog-post_16.html

      Delete
    2. Must have missed it. Will read

      Delete
    3. මේ ලිපි ටික ඒ කාලෙම කියවපු ලිපි ටිකක්. මට කියන්න ඕන උනේ හත්වන ලිපියේදි pt එක ලාබ උපයපු අන්දම ගැන නිශ්චිත නිගමනයකට නොපැමින ඉදිරියේදී ඒව පරීක්ශන වලින් අනාවරනය වෙයි වගේ තැනකින් නවත්තල තියෙනව.

      Delete
    4. ඔව්. දිගින් දිගටම විස්තරාත්මකව දිවිය හැකි තවත් බොහෝ දේවල් තිබුණත් පාඨක උනන්දුවක් නැති වීම නිසා අතහැර දැමුවා.

      Delete
    5. ඔව්. දැන්නම් කතා කරන එකෙත් තේරුමක් නෑ. පොඩි සටහනකින් වගෙ ඔබේ අවසාන මතය දෙන්න පුලුවන්නම් හැබැයි වටිනව

      Delete
    6. මෙය ලිපි ගණනාවක් නොලියා කෙටියෙන් කිව නොහැකි දෙයක්. PTL එකේ business model එක high risk - high return model එකක්. ඒ වගේම ඔවුන් long term bonds වලට ආරම්භයේ සිටම specialized. මම මෙහි insider trading එකක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. නමුත් එසේ නැතත් ඔවුන් බොහෝ විට විශාල ලාබයක් ලබනවා. ඒ වගේම මෙහි සිදු වූ ඇත්තම වංචාව විශාල වශයෙන් කතාබහට ලක් වූ වංචාවට වඩා බරපතල හා සංකීර්ණ වංචාවක් විය හැකියි. නිශ්චිතව කියනවානම් මුදල් ප්‍රතිපත්ති තීරණ ලීක් කිරීම හරහා ලාබ උපයන්න ඉඩ සලස්වා දීම. මෙයනම් විශාල සේ අවධානයට යොමු නොවුනත් වෙනත් ඇතැම් අය විස්තර කර තිබුනා.

      Delete
    7. මම හිතන්නෙ හොඳම දේ වීඩියෝ එකක් කිරීම එක්ස්ටෙන්ශන් එකක් විදියට.

      Delete
    8. මම මේ ගැන ලියන්න පටන් ගත් අවස්ථාවේ දැන නොසිටි බොහෝ දේවල් ඉන් පසුව එළියට ආවා. මම මගේ විග්‍රහයන් කළේ න්‍යායාත්මක විශ්ලේෂණ ලෙස මිසක් ප්‍රසිද්ධ අවකාශයේ නැති තොරතුරු දැනගෙන නෙමෙයි. ඒ විශ්ලේෂණ නිවැරදි බව පසුව පෙනීයාම වෙනම දෙයක්. ඒ වෙලාවේ වුනත්, මේ ගැන ලියන්න පටන් ගත්තේ බොහෝ දෙනෙක් මා මේ මාතෘකාව මග හැර යන බවට පුන පුනා චෝදනා කිරීම හා තවත් බොහෝ දෙනෙක් මේ ගැන පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටි නිසා මිස පෞද්ගලිකව මට මේ ගැන විශාල උනන්දුවක් තිබුණු නිසා නෙමෙයි. මේ වගේ දිගුකාලීන වැදගත්කමක් නැති හුදෙකලා සිද්ධි වෙනුවෙන් වැය කරන කාලය දිගුකාලීනව වැදගත් දෙයක් වෙනුවෙන් යෙදවීම වඩා වටිනවා කියන එක මගේ අදහසයි. මේ මාතෘකාවට නැවත පිවිසෙන්න අදහසක් නැහැ.

      Delete
  11. ඔබ හිතන්නේ නැද්ද ආණ්ඩුවේ ඉහළ තැන් රටේ අනාගතය කොහොම උනත් තමන්ගේ පරම්පරාවේ අනාගතය ගැන හිතලා වත්, ගිලිහී යන ආණ්ඩු බලය රැක ගන්න ඉක්මන් පියවර ගනී කියලා

    ReplyDelete
    Replies
    1. පුළුවන්කමක් තිබේනම් ආණ්ඩුව එසේ කරයි. ආණ්ඩුව හිර වී සිටින්නේ දෘෂ්ඨිවාදී උගුලක. මේ ආණ්ඩුව බලයට පත් කරගත් ජාතිකවාදී බලවේග සතුව පවතින ක්‍රමය ගැන (වැරදිම නොවන) විවේචනයක් මිසක් කිසිදු වැඩකට ඇති විකල්පයක් තිබුණේ නැහැ. එක පැත්තකින් නැති විකල්ප අත් හදා බලන්න ගොස් ආණ්ඩුවේ ජනප්‍රියතාව පිරිහෙද්දී අනෙක් පැත්තෙන් බටහිර සංස්ථාපනයන් පසුපස යාම තුළද සිදු වන්නේ ආණ්ඩුවේ ජනප්‍රියතාව පිරිහීමයි. දැනට ආණ්ඩුව තුළ පෙනෙන්නට තිබෙන බෙදීමෙන් නිරූපනය වන්නේද මෙම විකල්ප දෙකයි (දළ වශයෙන් කිවුවොත් විකල්පයක් ගැන නිශ්චිත අදහසක් නැතිව බටහිර නූතනත්වය ප්‍රතික්ෂේප කිරීම සහ බටහිර රටවල් හා ක්‍රමවේද අතහැර චීනය වැළඳගෙන තමන්ගේම ක්‍රමයකට බටහිර නූතනත්වය පසුපස යාම). පවතින ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්ත්වය තුළ ආණ්ඩුවට තිබෙන වාසිය ආණ්ඩුව සමඟ සිටින බලවේග වලට ආණ්ඩුවෙන් පිටතද වඩා හොඳ විකල්පයක් නොමැති වීමයි. ආණ්ඩුව ජා.මූ.අ. වෙත ගියොත්, එයින් වෙන්නේ එජාපය වඩා හොඳ විකල්පයක් ලෙස තහවුරු කිරීමක්. එමඟින් ක්ෂණිකව ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය මුළුමනින්ම වාගේ අහෝසි වී යනවා. ඉතිරි ක්‍රම දෙකෙන් එකකට ගොස් රට ලොකු අගාධයක වැටුනත් ආණ්ඩුව සමඟ යම් පිරිසක් ඉතිරි වෙනවා. මතක තියා ගන්න ඇෆ්ඝනිස්ථානයේ තලිබාන්වරුන්ටත් විශාල බලයක් හා ජන සහයෝගයක් තිබෙනවා.

      Delete
    2. ලංකාවේ බටහිර ක්‍රමය ප්‍රතික්ෂේප කරන හෝ චීන ක්‍රමය promote කරන බොහෝ දෙනා ඒක කරන්නේ රැල්ලට හෝ කැපී පෙනීමට මිසක් දෘෂ්ඨිවාදී පදනමක් මත නෙමෙයි. එම නිසා ඇත්තටම බටහිර ක්‍රමයෙන් තීරණාත්මක ලෙස වෙන් වෙලා දේශීය ක්‍රමයට යන්න උනොත්, තලේබාන් වරුන්ට මෙන් ලොකු ජනතා සහයෝගයක් ලැබෙන එකක් නැහැ

      Delete
    3. //ආණ්ඩුව හිර වී සිටින්නේ දෘෂ්ඨිවාදී උගුලක.//
      ඒ කියන්නේ ආණ්ඩුව බලය ලබාගැනීමට උත්කර්ෂයට නංවපු දෘෂ්ඨිවාදයට යා හැකි උපරිම දුර ගිහිල්ලා ඉවරයි. දැන් U-turn එකක් ගහන්න ම වෙනවා නේද

      Delete
    4. ඒක ඇත්ත. පොළොන්නරුවේ ගොවීන්ට ජොගින් ට්‍රැක් මොකටද කියා අසමින් හා පැරකුම් සමුදුරේ රළපනාව විනාශ වීම ගැන කම්පා වෙමින් පෝස්ට් ශෙයා කරන අය එසේ කරන්නේ දියවන්නාවේ ජොගින් ට්‍රැක් එකේ ඇවිදින ගමන් තමන්ගේ ඇපල් ස්මාර්ට් ෆෝන් එකෙන් කියා සංකේතාත්මකව කියන්න පුළුවන්. නූතනත්වය මත පදනම් වූ භෞතික හා සංකල්පීය යටිතල පහසුකම් නැති වුවහොත් මේ දෘෂ්ඨිවාදයට නිදහසේ පීනා යා හැකි මාළු ටැංකිය අහිමි වෙනවා. මේ අවබෝධය ආණ්ඩුවට තියෙනවා. රාජපක්ෂලා කොහොමටත් මේ දෘෂ්ඨිවාදය සමඟ නැහැ. තමන්ගේ වාසියට මේ කණ්ඩායමට සවන් දෙන බව වරින් වර පෙන්වනවා පමණයි. රාජපක්ෂලාට පැවතිය හැක්කේ මතුපිටින් බටහිරට විරුද්ධ වෙමින් බටහිර පසුපසම යාම තුළයි. චීන ක්‍රමය කියන්නේද එයමයි. චීනය කරන්නේ බටහිරට විරුද්ධ සේ පෙනී සිටිමින් බටහිර ක්‍රමය මතම යැපෙන එක. මෙය කිරීමේදී චීනය සාර්ථක වී තිබෙනවා. ඒ බටහිර ක්‍රමය බටහිර රටවල්ද ඉක්මවා තමන්ගේ වාසියට යොදා ගැනීම මගින්. ලංකාව මේ කාර්යයේදී කිසිසේත්ම උපාය මාර්ගික වී නැහැ. මේ වෙද්දී අසාර්ථක වී තිබෙන්නේ බටහිර අවි වලින්ම බටහිරට ගැසීමේ රාජපක්ෂවාදී උපාය මාර්ගයයි. උපාය මාර්ගය අසාර්ථක වුවත් බටහිර අවි වලින්ම බටහිරට ගැසීම කියන ප්‍රවේශය සංකල්පයක් ලෙස සාර්ථකයි. බැසිල්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යාමෙන් සංකේතවත් වන්නේ මේ ප්‍රවේශය මතම රැඳී සිටිමින් උපාය මාර්ග ගැන නැවත සලකා බැලීමක්. ආණ්ඩුවේ බෙදීම මේ ප්‍රවේශය දේශීය ප්‍රවේශයක්ද නැද්ද කියන පදනම මත වූ බෙදීමක් ලෙසද අර්ථ දැක්විය හැකියි. පළමු ධාරාවට ජන සහයෝගය ලැබෙන්නේද දෙවන ධාරාවේ ක්‍රියාකාරිත්වයන් පවතින්නේනම් පමණක් නිසා දෙවන ධාරාවේ ක්‍රියාකාරිත්වයන් පළමු ධාරාවේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යයි. මේ සම්බන්ධය හරහා ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර ඒකමිතියක් පවත්වා ගත හැකියි. ආණ්ඩුව කරමින් සිටින්නේ එයයි. මේ සටහනේ පිළිවෙළ මදි. කියන්න අවශ්‍ය දෙය මීට වඩා විස්තර කරන්න/ නිරවුල් කරන්න ගොඩක් කාලය ගන්න වෙනවා.

      Delete
    5. //ඒ කියන්නේ ආණ්ඩුව බලය ලබාගැනීමට උත්කර්ෂයට නංවපු දෘෂ්ඨිවාදයට යා හැකි උපරිම දුර ගිහිල්ලා ඉවරයි. දැන් U-turn එකක් ගහන්න ම වෙනවා නේද//

      ඒක වෙන්නේ නැහැ. මෙය විපක්ෂ බලවේග වල අහිංසක බලාපොරොත්තුවක් පමණයි. එහෙම කළොත් එය ආණ්ඩුවට දේශපාලනික සිය දිවි නසා ගැනීමක් වෙනවා. යූ-ටර්න් ගසා යන්න තියෙන්නේ එජාප ක්‍රමය වෙතයි. මේ ක්‍රමය රාජපක්ෂලා නොදන්නා ක්‍රමයක් නෙමෙයි. ඒ ක්‍රමය වෙත නොයාම ඔවුන්ගේ තෝරා ගැනීමක්. එජාප ක්‍රමය රාජපක්ෂලා දන්නවා වුනත්, රාජපක්ෂලාගේ ක්‍රමය ගැන එජාප/සජබෙ/ජවිපෙ ඇතුළු පක්ෂ වලට තිබෙන්නේ වැරදි තක්සේරුවක්. ඔවුන්ට ඇහිඳ ගන්න නැට්ට කුණුවී ගෙඩිය බිම වැටෙන එකක් නැහැ.

      Delete
    6. දේශීය සම්පත් විකිණීම, රාජ්‍ය සේවකයා රැක ගැනීම වගේ සටන් පාඨ වලින් විතැන් වෙනවා කියන්නේ u-turn එකක සිග්නල් නෙමෙයි ද?

      Delete
    7. එම කරුණු හා අදාළව ඔබ හරි. මේ වගේ දේවල් පවතින තත්ත්වය යටතේ නොකර බැරි වී තිබෙනවා. ඉහළ ප්‍රතිචාරයක මා "රට වැහෙන්නේ ආණ්ඩුව යම් ප්‍රතිසංස්කරණ කිරීම ගැන හිතන්න පටන් අරන් සිටින වෙලාවක" කියා ලීවේ (August 28, 2021 at 9:13 AM) මෙවැනි දේ ගැන. නමුත් එජාපය සිටි තැනට යයි කියා මම හිතන්නේ නැහැ.

      Delete
    8. //ඔවුන්ට ඇහිඳ ගන්න නැට්ට කුණුවී ගෙඩිය බිම වැටෙන එකක් නැහැ//
      ඇත්ත, ගහේම කුණු වෙන්න අත ඇරලා, 2024 දී ජනතාවට අලුත් ගෙඩියක් පෙන්වයි

      Delete
    9. //නමුත් එජාපය සිටි තැනට යයි කියා මම හිතන්නේ නැහැ//
      ඊට මෙහා නවතින්න තැනක් තියනවාද? ලංකාවේ ජාත්‍යන්තර ආනයනය/අපනයන සංයුතිය බැලුවොත් චීනය පැත්තට හැරෙන එක අවදානම් නේද

      Delete
    10. හොඳින් නිරීක්ෂණය කළොත් එජාප ප්‍රවේශය සහ බැසිල්වාදී ප්‍රවේශය අතර හඳුනාගත හැකි සියුම් වෙනස්කම් ගණනාවක් තිබෙනවා. මූර්ත හා රාජ්‍යමූල්‍ය අංශයන් සැලකුවොත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රාජ්‍ය සේවක වැටුප් විශාල ලෙස වැඩිකර පුනරාවර්තන වියදම් විශාල ලෙස වැඩි කරගත්තා. ඉන් පසුව, පුනරාවර්තන වියදම් සීමා කර ගත නොහැකි වීමේ උගුලක අසු වුනා. ඒ අනුව, පසු වසර වලදී වැඩි වශයෙන්ම කපා හරින්න වුනේ ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන වියදම් කපා හැරීම ආර්ථික වර්ධනයට වැඩියෙන් දැනෙනවා. ආර්ථික වර්ධනය අඩාල වෙද්දී බදු පදනම් වර්ධනය වීමද සීමා වෙනවා. එහිදී ආදායම් වැඩි කර ගැනීම සඳහා ඉතිරි වන විකල්පය බදු අනුපාතික ඉහළ දැමීමයි. එය දෙවන වටයකින් ආර්ථික වර්ධනය කෙරෙහි බලපෑම් කරනවා. බැසිල්වාදී ප්‍රවේශය වන්නේ රජයේ ප්‍රාග්ධන වියදම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම හරහා රැකියා ජනනය කර මුදල් සංසරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. මෙහිදී පහළ තට්ටුවට ආදායම් ගලායාමක් සිදුවන නිසා වක්‍ර බදු වල පදනම් ප්‍රසාරණය වෙනවා. රජයේ ආදායම් බොහෝ දුරට වක්‍ර බදු ආදායම් නිසා මේ හරහා රාජ්‍ය ආදායම් ඉහල නංවා ගැනීම මෙහි ඉලක්කයයි. මෙහිදී ආර්ථික වර්ධනය කෙරෙහි වන බලපෑමද ප්‍රසාරනාත්මකයි. මෙය එජාප ප්‍රවේශයෙන් වෙනස් ප්‍රවේශයක්. විදේශ අංශය සැලකුවොත්, එජාපයට කිසිදු නිශ්චිත සැලැස්මක් තිබුණේ නැහැ. වත්මන් රජයට දිගුකාලීනව ඩොලර් ආකර්ශනය කර ගැනීමේ ඉලක්ක හා වැඩ පිළිවෙලවල් තිබෙනවා. ඒවායේ ශක්‍යතාවය හා යෝග්‍යතාව මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. පොඩි උදාහරණයක් ගත්තොත් පරාක්‍රම සමුද්‍රය වටේ ජොගින් පාත් එකක් හදන්නේ පොළොන්නරුවේ ගොවීන්ට ඇවිදින්න නෙමෙයි. දිගුකාලීනව, අනාගතයේ පරාක්‍රම සමුද්‍රය බලන්න එන විදේශ සංචාරකයින්ට පේන්න. කෙටිකාලීනව කොන්ත්‍රාත්කරුවන් පිරිසකට හා ශ්‍රමිකයන් පිරිසකට ගානක් හොයා ගන්න.

      Delete
    11. //විදේශ අංශය සැලකුවොත්, එජාපයට කිසිදු නිශ්චිත සැලැස්මක් තිබුණේ නැහැ//
      එජාප රජය අවුරුදු 2 ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගත්තා. එය අහඹුවක් ද

      Delete
    12. අසත්‍ය ප්‍රකාශයක්. 2015-2019 අතර සෑම වසරකදීම ජංගම ගිණුමේ ඩොලර් බිලියන 1.7-2.8 අතර හිඟයක් පැවතුනා.

      Delete
    13. අනික මෙම රජය ඩොලර් ගෙන්න ගන්න money laundering සහ tourism හැර වෙන වැඩ පිළිවෙලක් ගැන ලොකුවට උනන්දුවක් දක්වන බවක් පේන්න නැහැ

      Delete
  12. Econo, I agree with what you suggest. However, in a situation where the hospital/medical capacity exceed the infected population, how does the government could operate continuously and doesnt it aggravates the situation. How I feel is we as a nation is currently in a doom stage which majority does not understand. I dont think even we continue economic activity, there is hardly any means to get out.

    ReplyDelete
    Replies
    1. This is a very pathetic situation. I have some professional background on both aspects and therefore I am in a position to see both sides. Everyone can see that the health system has already collapsed and no capacity exists to accommodate the caseload. Yet, the condition of the economy is more acute. One thing is certain. Without reasonable level of economic activity, the country will not be able to face the health crisis for long.

      Delete
    2. ඉකොන් මට තියෙන විශාලතම ගැටළුව රනිල්ගේ පාලනයේදීත් රාජපක්ෂගේ පාලනයේදීත් ඇමතිලා වෙනස් වුනත් ආර්ථිකය හසුරවන යාන්ත්‍රණයේ ඉන්නේ ඒ පිලිබදව දැනුමක්, දැක්මක් තිබෙන එකම රජයේ නිලධාරීන් කොටසක් නොවේද? අප මිත්‍ර ලංකාවේ කෘතහස්ත දක්ෂ දේශපාලන නායකයකු වූ මංගල සමරවීරයන්ගේ අභාවය වෙනුවෙන්ම මුදල් අමාත්‍යාංශයේ සුදු පාට ධජ දැමූ මේ පක්ෂ දේශපාලනයේ නොයෙදෙන වෘත්තීය ආර්ථික මූල්‍ය ක්ෂේත්‍ර විශේෂඥයන් වූ වැදගත් පිරිසක්ද බැවින් ඒ ඒ නිලධාරීන්ට ඔය කියන දුර නොපෙනේද? ඒ අයට කළ යුතු දේවල් රනිල් හෝ වෙනයම් කෙනෙකු මතක් කර දිය යුතුද ? ඇත්තවශයෙන්ම අප නම් මෙවන් "ගොන් පාට්" දකින්නේ කුමක් හෝ දේශපාලන වාසියක් හිතයට තබා ගෙන බව නම් කිව යුතුය (ඔබ ඔබගේ හිතට එකගව අවංකව හිතන්න මේ අවස්ථාවේ බලයේ ඉන්නා මෝඩ නන්ද සීනිගේ සීනිබෝල කණ්ඩායම මෙන්ම බලය නොමැතිව ඉබාගාතේ උද්ගෝෂණ කරන අයගේ ක්‍රියාකලාපයන් සහ වොයිස් කට් දෙස හිත යොමු කිරීමේදී "මුන් 225 ම" ශතෙකටවත් වටින්නේ නැති කොටසක් නොවේද ). ඔය කියන ආරථික දැක්ම රනිල්ට තිබුනා නම් එදා ඔහුගේ සගයා වන සිංගා පුරවැසි අර්ජුන්ට රටේ ආර්ථිකය හැසිරවීම සඳහා මූලික තීන්දු තීරණ ගැනීමට සියලුම අවකාශය තියෙන වැදගත්ම තනතුරක් ලබා දේවිද? ඒ නිසාම ලංකාව ගොඩ ගැනීමට කිසිම කෙනෙකුට නොහැකි බැවින්ද හැකියාව තිබෙන හැමෝම තලේබාන් පාලනයෙන් මිදී පලායන පරිදි ලංකාව හැරදමා මෛග්රේට් විය යුතු බවට මම යෝජනා කරමි. ඔබටද මීට විරුද්ධ විය නොහැකි බව පැහැදිලිය.

      Delete
    3. //වෘත්තීය ආර්ථික මූල්‍ය ක්ෂේත්‍ර විශේෂඥයන් වූ වැදගත් පිරිසක්ද බැවින් ඒ ඒ නිලධාරීන්ට ඔය කියන දුර නොපෙනේද?//

      දේශපාලනික බැඳීම් නිසා කරන ප්‍රකාශ තිබියදී වුවද ආර්ථික මූල්‍ය ක්ෂේත්‍ර විශේෂඥයන් බොහෝ දෙනෙකු විසින් කියන මූලික කරුණු අතර විශාල සමානතා ඇති බව සැලකිල්ලෙන් නිරීක්ෂණය කළහොත් ඔබට පෙනෙනු ඇති. ආදායම ඉක්මවා වියදම් කිරීමේ ආදීනව ගැන ආර්ථික විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබෙන්නේ අද ඊයේ සිට නෙමෙයි. පළමු මහ බැංකු වාර්තාව ගත්තත් අද කරන අනතුරු ඇඟවීම් සියල්ලම වගේ දැකිය හැකියි. කෙතරම් දුර පෙනුනත් අවසාන වශයෙන් මැතිවරණයකදී රටේ බහුතර ජනතාව විසින් අනුමත කරන දේශපාලන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දෙන්න වෙනවා.

      //ඒ අයට කළ යුතු දේවල් රනිල් හෝ වෙනයම් කෙනෙකු මතක් කර දිය යුතුද ?//

      මතක් කරදීම්නම් ගොන්පාර්ට් ලෙස සලකා නොසලකා හැරිය හැකියි. දැන් ඔය කෝවිඩ් බෙහෙත් සම්බන්ධ විශේෂඥයෙකුත් ඉන්නේ. බොහෝ විට මෙවැනි මතක් කර දීම් බල කිරීම් ස්වභාවයක් ගන්නවා.

      "මහබැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & fiscal Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න."

      "මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ සැලසුම හෙට උදේ වෙනකොට මට දෙන්න."

      මේ ප්‍රකාශ අමතක නැතුව ඇතිනේ. අමතකනම් පහත ලිපිය කියවා මතක් කරගන්න.

      රෑටත් පත්තුවෙන මහ බැංකුවේ (රතු?) ලයිට්
      http://economatta.blogspot.com/2020/06/blog-post_17.html

      //ඔය කියන ආරථික දැක්ම රනිල්ට තිබුනා නම් එදා ඔහුගේ සගයා වන සිංගා පුරවැසි අර්ජුන්ට රටේ ආර්ථිකය හැසිරවීම සඳහා මූලික තීන්දු තීරණ ගැනීමට සියලුම අවකාශය තියෙන වැදගත්ම තනතුරක් ලබා දේවිද?//

      බැඳුම්කර කතාව පැත්තකින් තිබ්බොත් මේ පත්වීමේ තිබෙන වැරැද්ද කුමක්ද?

      Delete
    4. ඉකොන්

      ඔබගේ මේ අතිශය හිරිකිත විසුළු සහගත ප්‍රශ්නය //බැඳුම්කර කතාව පැත්තකින් තිබ්බොත් මේ පත්වීමේ තිබෙන වැරැද්ද කුමක්ද?// ගැන මට නම් හරිම පුදුමයක්. දැන් බලන්න එක්සත් ජනපදය සුරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීමට දිවුරා ඇති අයෙක් වන ඇමරිකානු පුරවැසියෙක් ලංකාවේ ජනපති ලෙස පත් වීම, ඒ වගේම ඇමරිකාව සුරැකීමට දිවුරුම් දී ඇති (මොළ හතක් ඇති) අයෙක් ලංකාවේ මුදල් ඇමති ලෙස පත්වීමේ ඇති විලම්භීත බව, විසි වැනි ජඩ සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවට පත්වීමට අවසර දීම වැනි ජඩ වැඩ වල ඇති වරද හොඳින් දන්නවානේ. ඒ වගේම වැදගත් තැනක් තමයි ලංකාවේ මහ බැංකුවේ අධිපති ධූරය, එය විදේශීය ජාවාරම්කරුවන්ට ලබා දීමෙන් කොපමණ හානියක් විය හැකිද? මෙතන වෙන්නෙ අර්ජුන කියන්නේ ඒ වගේ කෙනෙක් වීම.

      ඒ වගේම මේ වසර තුළ ලංකාවට සිදු වූ ආර්ථික හානිය මේ වන විට රුපියල් බිලියන 1,500ක් ඉක්මවා ඇති බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මාධ්‍ය වලට පැවසුවේ.

      මීට පෙර 2020 මාර්තු මාසයේදී කොරෝනා වසංගතය ලංකාවේ ආරම්භ වූ කාලයේත් මේ හා සමානව ඒ සඳහාත් විවිධ කාරණා වෙනුවෙන් වියදම් දරා ඇති බව කියන්නේ. මේ කතා ඇත්ත වෙන්න පුළුවන් ද?

      ඒ අනුව එන්නත් මිලදී ගැනීම, සහන සේවා, තාක්ෂණික සේවා සැපයීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තුව, ආදී බොහෝ දේ රජයේ නව වියදම් ලැයිස්තුවට එක් වූ නමුත් ඊට සාපේක්ෂව රටේ ආර්ථික වර්ධනය අඩාල වී ඇති බවත් උදාහරණයක් ලෙස පහුගිය 2020 වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 5%ක් වූ වුණත් ලැබුණු ආර්ථික වර්ධනය -4% වූ බවත් තමයි ගලපා ප්‍රබන්ධයක් ලෙස ඔහු මාධ්‍ය වලට කියුවේ.

      මේ වගේම ඒ කාලයේ දී සංචාරක ආදායම් මෙන්ම සෙසු අපනයන ආදායම් මුලින් ලැබෙන ආදායම කැපී පෙනෙන අයුරින් අධික ලෙස පහළ ගිය බවත් පෙන්වා දුන් ඔහු එම සියලූ තත්ත්වයන් මත කොරෝනා වසංගත බලපෑම් මත මෙම වසරේ මුල් මාස හතට පමණක් ජාතික ආර්ථිකයට සිදු වූ හානිය රුපියල් බිලියන 1,500ක් ඉක්මවන බව පැවසූ නමුත් මට නම් ඒ ගැන සැකයක් තියෙනවා. ආණ්ඩුව බොරු බයිලා කියලා ලංකාවේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ වැරදි වහගන්න උත්සාහ කරනවා කියලා හිතෙන්නේ. මීට එරෙහිව පුරවැසියන්ට මැදිහත් වී කළ හැකි බලපෑම් මොනවාද?

      Delete
    5. නිදහසින් පසු ලංකාවේ ප්‍රගති වාර්තාව විසින් නැවත නැවත තහවුරු කර තිබෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට තනිවම ලංකාව කළමනාකරණය කරගත නොහැකි බවයි. ලෝකයේ හැම සාර්ථක රටක්ම වාගේ ලෝකයේ කොහෙන් හෝ වැඩක් කළ හැකි දක්ෂ පුද්ගලයින් හොයා ගෙන ඔවුන්ගේ සේවය ලබා ගන්න පැකිලෙන්නේ නැහැ. ලංකාව කළ යුත්තේ වග කිව යුතු තනතුරු වලට හැකි තරම් විදේශිකයින් පත් කිරීමයි. ශ්‍රී ලාංකික සම්භවයක් නැති අය වඩාත් හොඳයි. ගෝඨාබය, බැසිල් වැනි අයගේ තිබෙන සාධනීයම ලක්ෂණය ඔවුන් කාලයක් ලංකාවෙන් පිට ජීවත්ව සිට තිබීමයි. එහෙත්, එසේ ජීවත්ව සිටින අතර එම රටවලින් අවශ්‍ය සාධනීය දේ උකහා ගැනීමට ඔවුන් අසමත්ව ඇති බව පේනවා. ඔවුන්ගේ ශ්‍රී ලාංකික සම්භවය එයට බාධාවක් වෙන්න ඇති. මහ බැංකු අධිපති ධුරය විධායක තනතුරක්. එවැනි තනතුරකට ලෝකයේ කොහෙන් හෝ හොයා ගන්නා දක්ෂයෙකු පත් කිරීම සුදුසුයි. එවැනි නිදර්ශනද ඕනෑ තරම් තිබෙනවා.

      පහත තියෙන්නේ බැඳුම්කර සිදුවීම විශාල ලෙස සාකච්ඡාවට බඳුන් වෙන්න පෙර, ඒ වගේම මතභේදයට ලක් වූ දෙවන වෙන්දේසිය පැවැත්වෙන්නටද පෙර, ලියූ ලිපියක්.

      "මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ද?"
      http://economatta.blogspot.com/2015/06/blog-post_40.html

      මෙහි ලියා ඇති දේවල් වලට බටහිර නොවන නිදර්ශනයක් අවශ්‍යනම්, එම ලිපිය ලියා වසර කිහිපයකට පසුව ධුරයට පත් වූ, චීන මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාගේ ඉතිහාසය සොයා බලන්න.

      යී ගැන්ග් - චීන මහ බැංකුවේ නව අධිපති
      http://emgesathapaha.blogspot.com/2018/03/blog-post.html

      Delete
  13. මෙවැනි දරුණු අර්බුදයක සිටින රටක් IMF එකෙන් හැර චීනය වගේ රටකින් සාර්ථකව bail out කරපු අවස්ථා තියනවාද

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් චීනය විසින් මෙතෙක් කිසිදු රටක් බේරාගෙන නැහැ. ලංකාව බේරා ගන්නා බවක් පෙනෙන්නත් නැහැ.

      Delete
    2. IMF එකට යන්න වෙන eventuality එකත් එක්ක ජන මනස ඒ සඳහා සුදානම් කරන්න campaign එකක් තවම ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වෙලා තියෙන බවක් පේන්න නැහැ. ඇත්තටම ආණ්ඩුව චීනය විසින් ලංකාව බේරාගනී කියලා මුලාවක ඉන්නවද?

      Delete
    3. ආණ්ඩුව IMF යාමේ අදහසක සිටින බවක් පෙනෙන්න නැහැ. ආණ්ඩුවට බාහිර පාර්ශ්ව (විශේෂයෙන්ම එජාප හා එජාප හිතවාදීන්) එසේ කරන මෙන් බල කර සිටීම තුළ ආණ්ඩුවට මෙය දේශපාලනිකව වඩා අසීරු තීරණයක් බවට පත් වෙනවා.

      Delete
    4. විපක්ශය imf යන්න කියල කිව්වෙම ආන්ඩුවට යාගන්න බැරිවෙන තැනට වැඩ සිද්ද කරන්න නේද?

      Delete
    5. //ආණ්ඩුව IMF යාමේ අදහසක සිටින බවක් පෙනෙන්න නැහැ//
      //මම දන්නා තරමින් චීනය විසින් මෙතෙක් කිසිදු රටක් බේරාගෙන නැහැ. ලංකාව බේරා ගන්නා බවක් පෙනෙන්නත් නැහැ//
      ආණ්ඩුව මොනවා කරන්න සැලසුම් කරනවා ඇතිද?
      අපිට මොනවා වෙයිද?

      Delete
    6. //විපක්ශය imf යන්න කියල කිව්වෙම ආන්ඩුවට යාගන්න බැරිවෙන තැනට වැඩ සිද්ද කරන්න නේද?//

      මම හිතන්නේ විපක්ෂයේ උපක්‍රමය වුනේ එයයි. MCC ආධාර හා අදාළව වුනෙත් එයමයි. නැත්නම් බොහෝ විට මැතිවරණයට පෙර මොනවා කිවුවත් පසුව ඔය සල්ලි ගන්නවා. අනාගතයේ බලයට එන්න හිතාගෙන ඉන්න අයට මේවා හොඳ පාඩම්. එකක් කියා බලයට පැමිණ වෙන දෙයක් කිරීමේ යුගය දැන් අවසන්. ඉදිරියේදී කවර හෝ මතවාදයක් වෙනුවෙන් සෘජුව හා අවංකව පෙනී නොසිටින දේශපාලනයට නරක කාලයක් ලබනවා.

      Delete
    7. //ආණ්ඩුව මොනවා කරන්න සැලසුම් කරනවා ඇතිද?
      අපිට මොනවා වෙයිද?//

      දැන්නම් කරන්නේ එන එන බෝලෙට පුළුවන් විදිහට තට්ටුවක් දමන එක.

      Delete
    8. ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ IMF යන්නෙත් නැත්නම් වෙන ගොඩ යන්න විදිහකුත් නැත්නම් මේ කරන සෙල්ලමේ තේරුම් මොකක්ද කියන එක

      Delete
    9. හොඳ ප්‍රශ්නයක්. ඉඩක් ලැබුනොත් මේ ගැන මගේ අදහස විස්තර කර ලිපියක් ලියන්නම්.

      Delete
    10. බොහොම ස්තුතියි, අපි මේ දවස්වල ඉන්නේ හරිම දෙගිඩියාවෙන් මොනවා වෙයිද කියලා.

      Delete
    11. //විපක්ශය imf යන්න කියල කිව්වෙම ආන්ඩුවට යාගන්න බැරිවෙන තැනට වැඩ සිද්ද කරන්න නේද?//
      අද ඇමරිකානු තානාපතිත් කියනවා IMF එකට යන්න කියලා. මේ සියලු දෙයින්ම වෙන්නේ ආණ්ඩුව IMF එකට නොයන තැනට තල්ලු කරන එක කියලත් වෙලාවකට හිතෙනවා

      Delete
    12. එහෙම වෙන්න පුළුවන්. වසංගතයට පෙර තිබුණු මානව හිමිකම්/ සම්බාධක කතා සමඟ එකට අරගෙන හිතන්න.

      Delete
  14. රට කවදාවත් මුහුණ දීලා නැති ආර්ථික ව්‍යසනයට ඇදිලා යනවා කියන එක නම් දැන් ඉතාමත් පැහැදිලියි. ජනතාවට සෑහෙන අමාරු කාලයක් එයි. නමුත් මගේ පෞද්ගලික තක්සේරුව අනුව 2023 හෝ 2024 දීී බලය ගන්න බැරි වෙන තරමට වත්මන් ආණ්ඩුව ජනප්‍රියාතාව පිරිහෙන එකක් නැහැ

    ReplyDelete
  15. ඔබ ඉහත කියන විදියට යහපාලන කාලෙ රජයෙන් ප්‍රාග්දන ආයෝජන නොකල නිසා වර්දනය අඩාල උනා කියනවා.
    මගෙ ප්‍රශ්නෙ, රජය ආයෝජනය නොකලොත් ආර්තිකේ වර්දනය නොවෙන එක නෙමෙයිද ප්‍රශ්නෙ?ආයෝජනය් හා ආර්තික වර්දනය කිරීම රජයේ වැඩක්ද?

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රතිචාරය ආර්ථික ප්‍රතිපත්ති අතර වෙනස්කම් පෙන්වා දීමක් මිසක් හොඳ නරක කතා කිරීමක් නෙමෙයි. ඔබේ ප්‍රශ්න වලට මා නොයෙක් වර දීර්ඝ පිළිතුරු සපයා තිබෙනවා.

      Delete
    2. මට දැනගන්න ඕන උනේ අන්කාවෙ මිනිසුන්ගෙ ආවේනික සිතුම් පැතුම් මේ අර්බුද වලට කොච්චර බලපානවද කියල්. ව්‍යවසයක්ත්වයක් නැතිකම, ආගමික් සිතුම් පැතුම්, වාමන්ශික නැඹුරුව වගෙ ඒව.

      Delete
    3. මුළුමනින්ම මෙන් බලපානවා. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටීම තුළ මේ සිතුම් පැතුම් වෙනස් වෙන්න අවශ්‍ය දේශපාලන අවකාශය කවදාවත් බිහි වී නැහැ. ශ්‍රී ලාංකික ජාතික අභිලාශ මත පාදක වූ, අතීතය නොව අනාගතය වෙත දිශානුගත වූ, ධනවාදය වෙනුවෙන් වංගු නැතුව සෘජුව පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් සඳහා මේ මොහොතේ විශාල දේශපාලන රික්තයක් ඇති වී තිබෙනවා. පසුගිය මැතිවරණ වලදී පාවෙන ඡන්දදායකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාම, "වෙනස්" අපේක්ෂකයින් සොයා යාම, බලයට පත් වන ආණ්ඩු වල ජනප්‍රියත්වය ඉතා ඉක්මනින් පිරිහීම කිසිවකු නිවැරදිව ග්‍රහණය කරගෙන අත්දැයි සැකයි.

      Delete
  16. Dear Sir,
    FY opinion pls.
    https://lankacnews.com/කොරෝනා-සුළු-ලෙඩක්-කියූ-එස/

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාලේඛණ පරික්ෂා නොකළොත් තර්කයක් ලෙස මෙය නිවැරදියි. එහෙත්, කෝවිඩ් නිසා මරණ අනුපාතය විශාල ලෙස වැඩි වී ඇති බව නිවැරදි සංඛ්‍යාලේඛණ තිබෙන රටවල් දෙස බැලූ විට පැහැදිලි වන දෙයක්. කෙසේ වුවත්, මේ ලිපියේ පෙන්වන දෙපැත්තටම යම් බරක් තියන්න වෙනවා. කරුණු කිරා මැන අවම හානිය තෝරාගනු මිස එක පැත්තකට වහාම බර තැබිය නොහැකියි.

      Delete
  17. මම මේ ප්‍රශ්නය අගන්නේ වංචා සහගත අදහසකින් නෙමෙයි, රටේ බැංකු පද්ද්තිය කඩන් වැටුනොත්, ඒම රටේ බැංකුවකින් ණය අරගෙන තියෙන අය ඒ ණය ගෙවන්න බැහැ නේද ? එතකොට බැංකු කඩන් වැටෙනවා කියන්නේ ,බැංකුවක් තවදුරටත් නැත කියන අදහස නේද?

    ReplyDelete
    Replies
    1. බැංකු පද්ධතිය කඩා වැටීමේ ක්ෂණික අවදානමක් මම දකින්නේ නැහැ. බැංකු පද්ධතියට ලංකාවෙන් පිටත තිබෙන විශ්වාසනීයත්වය කඩා වැටීමේ අවදානමක් තිබෙනවා. එසේ වුවත් රට ඇතුළේ බැංකු වලට ස්ථායී ලෙස පැවතිය හැකියි.

      Delete
  18. //මහ බැංකුවත් රාජ්‍ය බැංකුත් ඩොලරයක මිල රුපියල් 203ක් පමණ බව පෙන්වන නමුත් ඒ මිලට ඩොලර් මිල දී ගත හැක්කේ රජයටම පමණක් බව පැහැදිලියි. බැංකු පද්ධතිය තුළින් වුවත් මේ වෙද්දී ඩොලර් මිල දී ගත හැක්කේ රුපියල් 220-225 අතර මිලකටයි.//මහ බැංකුව නිල ලෙස ප්‍රකාශ කරන විනිමය අනුපාතිකය නිසාවෙන් අපනයන කරුවන් උපයන සැබෑ ඩොලරයට සාපේක්ෂ රුපියල් වටිනාකම එම අපනයනකරුවන්හට අහිමි වෙනවා නොවේද?

    ReplyDelete
    Replies
    1. අපනයනකරුවන් උපයන සැබෑ ඩොලරයට සාපේක්ෂ රුපියල් වටිනාකම එම අපනයනකරුවන්හට අහිමි වීම කාලයක් තිස්සේම සිදු වන දෙයක්. ලංකාවේ විශාල වෙළඳ ශේෂ හිඟයටද එය හේතුවක්. එහෙත්, මේ නිශ්චිත කාරණය නිසා එවැන්නක් සිදු වන්නේ නැහැ. අපනයනකරුවන් ඩොලර් විකුණන්නේ වාණිජ බැංකු වලට මිසක් මහ බැංකුවට නෙමෙයි.

      Delete
  19. ලංකාවේ බේකරි නිෂ්පාදනය නිසා අර්තිකයට පෙර වසර වල බලපෑම අධ්‍යානය කරනවා නම්, දත්ත ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද ? බේකරි නිශ්පාදන වල මිල වැඩි වීමේ සාමාන්‍යය, ආර්තිකයට එකතු වන පංගුව, වගේ දේවල්

    ReplyDelete
    Replies
    1. පොදු අවකාශයක මේ දත්ත ඇති බවක් මා දන්නේ නැහැ.

      Delete
  20. https://www.colombotelegraph.com/index.php/dhamma-dissanayake-30-august-2021/

    මේ ලිපියේ මතුකරන "සහචර ධනවාදය" කියන දේශීය විකෘතිය ගැන ඔබගේ අදහස කුමක්ද

    ReplyDelete
    Replies
    1. මෙයට comment කරන චරිත හේරත් පවසන්නේ ලංකාවේ සිටින්නේ ඩීල් කාරයින් මිස "industrial capitalists" ලා නොවන බවයි. මම හිතන්නේ මේක අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කලයුතු යථාර්ථය ක්

      Delete
    2. "සහචර ධනවාදය" ලෙස ඇතැමුන් හඳුන්වන්නේ සමාජවාදයේ වත්මන් ස්වරූපයයි. ධනවාදය යනු සියළු දෙනාට සම අවස්ථා ලබා දෙන ක්‍රමයක් මිස රජයට සම්බන්ධ අයට විශේෂ වරප්‍රසාද ලබා දෙන ක්‍රමයක් නෙමෙයි. ධනවාදය තුළ සහචරයින්ට සැලකීමට සෛද්ධාන්තිකවම ඉඩක් නැහැ. එසේ කරන අයෙකුට එසේ නොකරන අයෙකු තරම් කාර්යක්ෂම විය නොහැකි නිසා ධනවාදී තරඟය තුළ ස්වභාවික ලෙසම පරාජය වී පැවැත්මක් නැති වී යනවා. සෛද්ධාන්තික ධනවාදයට කිට්ටු සමාජ ආර්ථික ක්‍රමයක් තිබෙන බටහිර රටවල මේ තත්ත්වය ප්‍රායෝගිකවද දැකිය හැකියි. ධනවාදය තුළ සහචරයින්ට විශේෂ වරප්‍රසාද දීමට ඉඩක් හෝ හැකියාවක් නැතුවාක් මෙන්ම එවැන්නක් සිදුවන ක්‍රමයක් ධනවාදයද නොවේ. ඒ වගේම මේ ක්‍රමය දේශීය විකෘතියක්ද නෙමෙයි. චීනය ඇතුළු ලෝකයේ හැම සමාජවාදී රටකම දැකිය හැකි ක්‍රමය මෙයයි. මෙයට හේතුව රජය ඕනෑවට වඩා ශක්තිමත් වීම මිස රජය දුර්වල වීම නෙමෙයි. රජය දුර්වල වූ විට සහචරයින්ට සැලකීමේ ශක්තිය එන්නේ කොහෙන්ද? මේ කතාවම විසංවාදයක්. 1956දී හා 1970දී විශාල වශයෙන්ද, අනෙකුත් වසර වල යම් තරමකින්ද රජය බලවත් කරනු ලැබීමේ ප්‍රතිවිපාක වලින් රටට තවමත් නිදහස් වීමට ඉඩ ලැබී නැහැ. සම්ප්‍රදායික සමාජවාදී ආකෘතිය තුළ රජය විසින් සූරාකනු ලබන ශ්‍රමය බෙදා ගන්නට විශාල පරපුටුවන් පිරිසක් සිටි නිසා එම ක්‍රමය එහි අභ්‍යන්තරය ප්‍රතිවිරෝධතා තුළම පැවැත්මක් නැතිව ගියා. කැඳ බොන්න මිසක් හාල් දමන්න කවුරුත් නැති වූ විට ක්‍රමය බිඳ වැටෙනවා. සෝවියට් සමාජවාදය බිඳ වැටුනේ ඒ නිසා. නමුත්, චීනය හැලියට හාල් දැමිය හැකි පිරිසක් ගොඩ නගා ගත්තා. එසේ ගොඩ නගා ගත් පිරිස රජයට සම්බන්ධ සහචරයින් පිරිසක්. ඔවුන්ට රජයෙන් බාහිර නිදහස් පැවැත්මක් නැහැ. මෙය ධනවාදය නොවූවත් ධනවාදයේ සාධනීය ලක්ෂණ උකහා ගනිමින් හදා ගත් විකෘතියක්. ධනවාදයෙන් ගත් සාධනීය අංග නිසා මේ ක්‍රමයට තවමත් පැවැත්මක් තිබෙනවා. එහෙත් යම් අවස්ථාවක මේ ක්‍රමයද තව දුරටත් යා නොහැකිව හිර වෙනවා. ලංකාවේ තියෙන්නෙත් මේ ක්‍රමය මිසක් ධනවාදය නෙමෙයි. ජේආර් හඳුන්වා දුන්නේත් සමාජවාදයේම විකෘතියක්ම මිසක් ධනවාදය නෙමෙයි. ජේආර් විසින් ලංකාව සමාජවාදී ජනරජයක් ලෙස නිවැරදිව නම් කළේත්, එජාපය සමාජවාදී පක්ෂයක් බව රනිල් වික්‍රමසිංහ දැනටත් කියන්නේත් ඒ නිසා. රාජපක්ෂලා ඉදිරියට ගෙන යන්නේත් විශාල රාජ්‍යයක් නඩත්තු කරන ජේආර්ගේ ක්‍රමයමයි. මේ ක්‍රමය තුළ ඇතැම් දේවල් පුද්ගලික අංශයෙන් සිදුවන බව මතු පිටින් පෙනුනත් මේ පුද්ගලික අංශය රජයෙන් නිදහස් නැහැ. පුද්ගලික අංශය තුළ බොහෝ දෙනෙක් ඉහළට එන්නේ කුසලතා තුළින්ම නෙමෙයි. එසේ ආවත් දුරස්ථ පාලකය තිබෙන්නේ රජය සතුවයි. මෑතකදී ජැක් මාගේ ධනයට ක්ෂණිකව සිදු වූ දෙය දෙස බලන්න. ගෝඨාභයම ගත්තත් විධායක බලය, තුනෙන් දෙක ආදී සියල්ල තිබිලත් කෝවිඩ් හමුවේ අන්දමන්ද වී සිටින්නේ පුද්ගලයෙකු ලෙස ඔහු අසමත් නිසා නෙමෙයි. කොයි තරම් උත්සාහ කළත් රජයකට කළ නොහැකි දේ කළ නොහැකියි.

      Delete
  21. ලන්කාවෙ මේ තත්වය වලක්වා ගත හැකිව තිබුන තත්වයක්ද? ඔබට දේශපාලන බලය හෝ ප්‍රතිපත්ති සම්පාදන බලය ලැබුනනම් යහපාලන ආන්ඩුවෙන් බලය ලබාගත් පසු කරන දේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. //ලන්කාවෙ මේ තත්වය වලක්වා ගත හැකිව තිබුන තත්වයක්ද?//
      ඔබ අහන්නේ ආර්ථික ප්‍රශ්නය ගැන කියා හිතනවා. ඔව්.

      //ඔබට දේශපාලන බලය හෝ ප්‍රතිපත්ති සම්පාදන බලය ලැබුනනම් යහපාලන ආන්ඩුවෙන් බලය ලබාගත් පසු කරන දේ මොකක්ද?//
      යහපාලන ආන්ඩුවෙන් බලය ලබාගත්තා කියා මට කිසිසේත්ම දේශපාලන බලය හෝ ප්‍රතිපත්ති සම්පාදන බලය නොලැබෙන නිසාත්, එවැනි ඉලක්කයක් හෝ මට නැති නිසාත්, මේ ප්‍රශ්නය තේරුමක් නැති ප්‍රශ්නයක්.

      Delete
  22. 104 comments and counting. Congrats.

    ReplyDelete
    Replies
    1. අනිවා මේ බ්ලොග් එක ලන්කාවෙ හැමෝම කියවිය යුතු බ්ලොග් එකක්.

      Delete
    2. ස්තුතියි, Lotus! මම ප්‍රතිචාර වල සංයුතියට මිසක් ප්‍රතිචාර ප්‍රමාණයට බර තබන කෙනෙක් නෙමෙයි. මේ ලිපියට ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රතිචාර සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීම සතුටට කරුණක්.

      Delete
  23. මේ තත්වය යටතේ රුපියල දිගින් දිගටම කඩාවැටී වෙනත් මුදල් ඒකකයක් හදුන්වා දීමට සිදුවුණා කියා සිතන්න. එවිට බැංකු වල මුදල් තැන්පත් කල පුද්ගලයින්ට. හා ඒවාගෙන් ණය ලබාගත් අයට සිදුවන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. එවැනි නරක තත්ත්වයක් ගැන දැනට අපි කතා නොකර ඉඳිමු. මෙය තීරණය වන්නේ අලුත් මුදල් ඒකකයක් එන්නේ කොහොමද කියන එක අනුවයි. එය අසීරු තත්ත්වයන් යටතේ වුවත් සැලසුම්සහගතව සිදු වන දෙයක්නම් බොහෝ විට මේ වගේ දේවල් එම සැලසුමේම කොටසක් විය හැකියි. ඒ කියන්නේ සුමට ලෙස අලුත් මුදල් ඒකකයට මාරු වීමක්. ණය හා තැන්පතු වලට බලපෑමක් නැහැ. අලුත් මුදල් ඒකකය සියල්ල කඩා වැටීමෙන් පසුව වෙන කරන්න දෙයක් නැති කමට තෝරා ගන්න සිදු වන එකක්නම් ඊට පෙර ඕනෑම දෙයක් විය හැකියි.

      Delete
  24. ලංකාවේ මේ දවස්වල ඇති ප්‍රශ්නය විසඳීමට ඇති එකම ක්‍රමය ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ අගමැති ධූරයට පත් කර පොහොට්ටු කල්ලියේ මන්ත්‍රී පිරිස ඔහුට පූර්ණ වශයෙන් ලංකාවෙ පාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඉඩදී ඔහු ගන්නා සියලුම තීරණ කොන්දේසි විරහිතව අනුමත කර ක්‍රියාත්මක කිරීමට කැපවීම පමණි. ජනාධිපති නන්දසේනට කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකි වූ බවත් රටේ පාලනය තමාට කිරීමට බැරි බවත් ප්‍රසිද්ධියේ ජාතිය අමතා ජනතාවට ප්‍රකාශ කර සිටීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට පාලනය බාර ගැනීමට ප්‍රසිද්ධියේ ආරාධනා කළ යුතුයි. හමුදාව යොදා කරන කොවිඩ් පාලනය නවතා දමා ඊට සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා වෛද්‍ය රාජිත සේනාරත්නගේ සහය ඇතුව ඉක්මනින් ලංකාවේ වසංගත තත්ත්වය පාලනය කර ගෙන වහාම IMF වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර සියලුම බදු 8% සිට 20% පමණ දක්වාවත් වැඩි කිරීම අත්‍යවශ්‍යයි. මුදල් මුද්‍රණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවුරුදු දෙකකට වත් දැඩි ලෙස තහනම් කල යුතු අතර ඩොලරයට සාපේක්ෂව රුපියල එහි සැබෑ වටිනාකම වන රුපියල් 230 පමණ මට්ටමකට නිල වශයෙන් ක්ෂණිකව ගෙන ආ යුතු අතරම දීර්ඝකාලීනව එය රුපියල් 250 - 275 පමණ සීමාවේ ස්ථාවරව තබාගත හැකි බවට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. ඒ සමගම තෙල් මිල සැබෑ මිල ගණන් වන පෙට්රල් ලීටරය රුපියල් 250 - 280 පමණ සහ ඩීසල් රුපියල් 180 ක් පමණ ලෙස ගෙනැවිත් මිල සූත්‍රයක් යටතේ ගෝලීය තෙල් මිල අනුව මාසිකව මිල තීරණය වන ක්‍රමවේදයක් අවශ්‍යයි. රජයේ අනවශ්‍ය සහනාධාර කපා හැර රජයේ සමෘද්ධි සහනාධාර, විවිධාකාර බඩු මලු, දීමනා ආදී රජයේ මුදල් නාස්තිය නවතා රජයේ විවිධ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කර රජයේ වියදම හැකි තරම් කපා හැර අය වැය හිඟය කපා හැරිය යුතුයි. රජයේ පාලන මිල ආදී විවිධ විගඩම් සම්පූර්ණයෙන් නවතා සියලුම ආනයන සීමා ඉවත් කර නිදහස් ආනයනයට ඉඩදී වෙළඳ පොළ මත සියල්ල තීරණය විය යුතු ක්‍රමයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි.

    රජයේ මුදල් කාබාසිනියා කරන නොමිලේ එන්නත් ක්‍රමය නවතා පෞද්ගලික අංශයේ ඖෂධ සමාගම් වලට ෆයිසර්, මොඩර්නා ආදී අනුමත එන්නත් ගෙන්වීමට ඉඩ දී පෞද්ගලික රෝහල් වල මුදලට එන්නත් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඉතාමත්ම දුප්පත් අය ප්‍රවේසමෙන් තෝරා ගෙන ඒ අයට විදේශ රටවල ආධාර මත පමණක් නොමිලේ එන්නත් ලබා දිය හැකියි ඉතාම සීමිත පිරිසකට. රජයේ අනවශ්‍ය නාස්තිකාර වියදම් හැකි පමණ සීමා කළ යුතුයි.

    අවශ්‍යම අයට සහන දීමට නම් යුරෝපයේ සහ ඇමරිකානු ස්වේච්ඡා චැරිටි සංවිධාන සහ එම රටවල රාජ්‍ය ආධාර මත ඉතාම දුප්පත් මිනිස්සු සීමිත පිරිසක් සඳහා සහනාධාර ලබාදීමට කටයුතු කළ හැකි නමුත් රජයේ මුදල් වියදම් කරලා කිසිම දෙයක් නොකළ යුතුයි. රජයේ සේවකයන්ගේ වැටුප් 25 % පමණ තාවකාලිකව රඳවා ගෙන ආර්ථිකය ශක්තිමත් කරගත් පසු ඒවා කොටස් වශයෙන් ගෙවිය හැකියි. මේ වගේ නිසි ආර්ථික කළමනාකරණ තීන්දු තීරණ ආදී දේවල් ගොඩක් දැඩි ලෙස ගතයුතු අතර එසේ කළොත් පමණයි ලංකාවේ ආර්ථිකය සහ සෞඛ්‍ය ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා දීමට හැකි එකම ක්‍රමය. මීට වෙනස් කිසිම ක්‍රමයක් නැති බව මම ඉතාමත්ම වගකීමෙන් පවසමි.

    ඒ වගේම ඉකොනොමැට්ටා නොදැකපු කාරණාවක් ලෙස කුණු පෝසතුන් (Filthy Rich) යන ආන්තික පෝසතුන්‍ ගැන පැවසීමට පුළුවන්. එමෙන්ම ඔවුන් කුණු පෝසතුන් වන්නේ කුණු ක්‍රම වලින්, එනම් අපවිත්‍ර අපිරිසිදු පහත් බාල ක්‍රම වලින්. මොකද කුණු පෝසත් වීමට වෙන ක්‍රම නැති අතර කුණු පෝසතුන් සමග වාද කළ නොහැක්කේ ඒ නිසාම ඔවුන් වාද තර්කණය සාධාරණය ඉක්මවූ පිරිසක් බැවින්, එබැවින් ඔවුන් සමග වාද කිරීම ඵල රහිත අතර ඔවුන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය බස් රථයක අසුන් ගණනට සමාන බැවින් හඳුනා ගැනීම පහසුය.

    ReplyDelete
  25. යහපාලන රජය රජයේ සේවකයන්ගෙ පඩි විශාල ලෙස වැඩි කිරීමෙන් බලාපොරොත්තු උනේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ යහපාලන රජය 2015 ජනවාරි 29 අතුරු අයවැය මගින් බලාපොරොත්තු වුණේ 2015 අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණයේදී උපරිම ලෙස ඡන්ද ලබාගෙන බලවත් එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවීමටයි. ඒ සඳහා හැකි පමණ ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමට සිදුවූ අතර එය තාවකාලික පදනමක් යටතේ ක්‍රියාත්මක කල මැතිවරණයෙන් පසුව ජනප්‍රිය නොවන දැඩි තීන්දු ගැනීමට සැලසුම් කරලා තිබුණා.

      ඒ අනුව එජාපයේ අයවැය මගින් රජයේ සේවකයන්ට වැටුප් රුපියල් 10,000 ක් ඉහළ නැංවීම, තෙල් වල බදු අඩු කර ඉතාමත් අඩු මිලට තෙල් ලබාදීම, පෙට්රල් රුපියල් 117 සහ ඩීසල් රුපියල් 95 ක් විතර, නාගරික ජනයාගේ හිත් දිනාගැනීමට ආනයන බදු හැකි තරම් අඩු කර ආනයනික පරිප්පු, ටින් මාළු, ආහාර පාන, පාන් පිටි, සම්බා සහ නාඩු හාල් සහ වෙනත් බොහෝ දේවල මිල අඩු කිරීමට කටයුතු කිරීම, වැට් බදු 12% සිට 11.5 % ට අඩු කිරීම, අධික ලෙස හාල් ආනයනය කර මිල පහළ යැවීම, රජය ඉහළ මිලකට ගොවීන්ගෙන් වී ටොන් ලක්ෂ එක හමාරක් විතර මිලදී ගෙන මත්තල ගබඩා කිරීම ආදී දේවල් හරහා මෙය සිදු වුණා.

      නමුත් මැතිවරණයේදී හිතපු තරම් හොඳට ඡන්ද ලැබුණේ නෑ. එජාපයේ ආසන 106 ට සාපේක්ෂව සංධානය ආසන 96 ක් ලබා ගත්තා. මෛත්‍රිපාලගේ සහය ඇතුව සංධානය දෙකට කඩලා පාලනය කළත් ආණ්ඩුවේ නිදහස් පක්ෂයේ ඇමති මන්ත්‍රීවරුන්ගේ දෙබිඩි පිළිවෙත නිසා එජාපයට අවශ්‍ය දැඩි තීරණ ගන්න බැරි වුනා.

      ඒ සමග අර මුලදි ගත්ත ජනප්‍රිය තීන්දු තීරණ නිසා ඉතා විශාල වශයෙන් රජයේ එදිනෙදා පුනරාවර්තන වියදම් අධික ලෙස වැඩි වූ අතර බදු ආදායම් ඉතාමත් පහළ ගියා. මේ නිසා මෛත්‍රිපාල සහ නිදහස් පක්ෂයේ මෝඩරැලට බම්බු ගහගන්න කියලා 2016 - 18 කාලයේ අධික ලෙස බදු අය කිරීම වැඩි කර රජයේ ආදායම් ඉහළ නැංවීම කර සුබසාධන වැඩ, වී මිලදී ගැනීම වගේ දේවල් නවතා දැමීමට කටයුතු කිරීම හරහා එජාපයේ ජනප්‍රියතාව අහිමි වීම නිසා අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වී ආර්ථිකයේ කළ යුතු වෙනස්කම් රැසක් කිරීමට නොහැකි වූ අතර අර්බුදය කල්දැමීමට බොන්ඩ් හරහා ණය ගැනීමට සිදුවූ අතර එය තත්ත්වය දිගුකාලීනව නරක අතට හැරීමට හේතු වීම කණගාටුවට කරුණක්.

      Delete
  26. ඩොලර් එක කෘතිමව පහලින් තියාගන්න එකෙන් පල්න්කාවට සල්ලි එවන් මිනිස්සුන්ට අසාධාරනායක් නෙමෙයිද වෙන්නෙ?
    සහ
    ලන්කාවෙ ඉන්න මද්‍යම පන්තිය එයින් අනියම් ලාබයක් ලබනව නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. මෙය මා කාලයක් තිස්සේ දිගින් දිගටම විස්තර කර පැහැදිලි කර ඇති දෙයක්. අසාධාරණය වෙන්නේ සල්ලි එවන අයට හා ඔවුන්ගේ පවුල් වල අයට පමණක් නෙමෙයි. ඇඟලුම්, තේ ආදී අංශ වල ශ්‍රමිකයන්ට ලැබිය යුතු ආදායමෙන් කොටසක් මේ හරහා මධ්‍යම පන්තිය වෙත සම්ප්‍රේෂණය වෙනවා. මෙය දේශපාලන ප්‍රශ්නයක්ද වන්නේ ඒ නිසා.මේ ඔස්සේ හිතුවොත් ලංකාව හැම දෙයක්ම පිටරටින් ගෙන්වන තැනට වැටෙන්නට මේ ප්‍රතිපත්තිය හේතු වන ආකාරයත් පැහැදිලි විය යුතුයි.

      Delete
    2. සිරාවට. ඇඟලුම් වගේ අපනයනකරුවන්ට්ටටත් මාර අසාදාරනයක්නෙ. මම ඒ පැත්ත ගැන හිතුවෙම නෑ.
      අන්තිමට හිඟන මද්‍යම පන්තිකයන්ගෙන් ඹනුම් අහන්නත් ඕන මැදපෙරදිග යන උනුයි ගාමන්ට් උනුයි

      Delete
    3. මේ ක්‍රමය වෙනස් කරන්නෙ කොහොමද.

      Delete
    4. දැනට මට ඔඒන හොඳම විසදුම තමයි විදේශ ස්‍රමිකයො අතරෙ වෘත්තීය සමිතියක් පටන් ගැනීම. මුකින් බලපෑමක් නැති උනත් කැම්පේන් කලොත් කට්ටිය එකතු කරගන්න පුලුවන් වෙයි ටික ටික.

      Delete
    5. ඔබ මගේ බ්ලොග් එක දිගටම කියවූ අයෙකුදැයි මම දන්නේ නැහැ. ඕක තමයි මම වසර ගණනාවක සිට පෙන්වා දෙන ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියෙහි මූලික ප්‍රශ්නය. ඔබට වුනත් මෙහි බරපතලකම හරියට තේරී තිබෙන්නේ දැන් කියා මම හිතනවා. තේ කර්මාන්තයේ, ඇඟලුම් කර්මාන්තයේ හා මැදපෙරදිග සේවයේ යෙදෙන ශ්‍රමිකයන්ට (මොවුන් වැඩි වශයෙන්ම ශ්‍රමිකාවන්) හා එම පවුල් වල අයට ලංකාවේ දේශපාලන බලයක් නැති තරම්නේ. ජවිපෙ වැනි පක්ෂ සේවය කරන්නේත් මධ්‍යම පන්තියටයි. විණිමය අනුපාතිකය පාලනය කිරීම ඉහත කණ්ඩායම් වලට ලැබිය යුතු ශ්‍රමයේ පංගුව මධ්‍යම පන්තිය විසින් උදුරා ගන්නා ප්‍රධානම යාන්ත්‍රනයයි. ලංකාවට වසරකට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් පමණ. අපි නිකමට හිතමු මේ අතරින් විශාල පිරිසක් සංවිධානය වී ඩොලර් බිලියනයක සංචිතයක් හදා ගත්තා කියා. මම මෙයින් අදහස් කළේ ඩොලර් බිලියනයක් වසරකට ලංකාවට එවන පිරිස එකට එකතු වුනා කියා. දැන් මේ අයට කියන්න පුළුවන් මේ ඩොලර් බිලියනය ඩොලරය රුපියල් 250කට වඩා අඩු මිලකට විකුණන්නේ නැහැ කියලා. රටට ඩොලර් නැතුව බැරිනම් මේ මිල ගෙවන්න වෙනවා. ඇත්තටම මෙසේ සංවිධානය නොවුනත් නිදහස් වෙළඳපොලකින් මීට කිට්ටු දෙයක් වෙනවා. හැබැයි ආණ්ඩුවට මෙය වැළැක්විය හැකියි. එය කරන්නේ කොහොමද? ආණ්ඩුව කොහෙන් හෝ ණයට ඩොලර් බිලියනයක් අරගෙන රුපියල් 200 බැගින් විකුණනවා. දැන් අර පිරිසටත් වෙන්නේ ඒ මිලටම ඩොලර් විකුණන්න. රුපියල් 200ට ඩොලර් තියෙද්දී කවුරුවත් රුපියල් 250 බැගින් ඩොලර් ගන්නේ නැහැ. ඕක තමයි ආණ්ඩුව මෙතෙක් කළ සෙල්ලම. දැන් ආණ්ඩුව හිර වී සිටින්නේ ඔය වැඩේ කරගන්න බැරිවයි. විණිමය අනුපාතිකයේ පාලනය මහ බැංකුව අතින් යම් තරමකට ගිලිහී තිබෙන මේ වෙලාවේ රටට ඩොලර් ගේන අයට සංවිධානය නොවුනත් දැනුවත් වීමෙන්ම පමණක් වැඩි මිලක් ලබා ගන්න පුළුවන්. රටට ඩොලර් ගේන බොහෝ දෙනෙක් අඩුවට ඩොලර් නොවිකුණුවොත් ඩොලර් අවශ්‍ය අයට ඔවුන් ඉල්ලන මිල ගෙවන්න වෙනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...