ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව ආසියානු රටවල් තුනක්. 1991 වන විට මේ රටවල් තුනේම ශ්‍රමිකයින්ගෙන් අඩකට වඩා නිරතව සිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියාවකයි.
තායිලන්තය - ශ්‍රම බලකායෙන් 60.3%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 62.6%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 55.5%ක්
ඒ වන විට මේ රටවල් තුනේම දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය 2500 මට්ටමට වඩා අඩුයි.
තායිලන්තය - කැලරි 2,260යි.
ඉන්දියාව - කැලරි 2,297යි.
උතුරු කොරියාව - කැලරි 2,368යි.
බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක ඕනෑම රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කයක් විය යුතු බව කවුරුත් වගේ එකඟ වන කරුණක්නේ. ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව කියන රටවල් තුනත් ඔය ඉලක්කය පස්සේ හඹා ගියා. හැබැයි එකම ක්‍රමයකට නෙමෙයි. ක්‍රම තුනකට. දෙපැත්තට වැටුණු සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්නා වගේ මේ රටවල් තුනේ කෘෂිකර්මයත් අදාළ රටවල ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඇසුරේ දශක තුනක් තිස්සේ වෙන වෙනම වැඩුනා.
රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ටිකෙන් ටික හැකිළෙන බව මම කලින් පැහැදිලි කරලා තියෙනවනේ. රටක වෙළඳපොළ නිදහස්ව හා විවෘතව තිබෙන තරමට ඔය වැඩේ වඩා වේගයෙන් වෙනවා. කෘෂිකාර්මික අංශයේ ඉන්න ශ්‍රමිකයින් ගොවිතැනෙන් ඉවත් වෙලා වැඩි ආදායම් ඉපැයිය හැකි වෙනත් රැකියා කරා යොමු වෙනවා. අවශ්‍යනම් රාජ්‍ය මැදිහත්වීම් මගින් ඔය වැඩේ සිදුවෙන වේගය අඩාල කරන්න පුළුවන්. එසේ කරනවාද නැද්ද කියන එක දේශපාලනික කරුණක්.
තායිලන්තය ඒ රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඈත් වෙන එක වලක්වන්න වැඩිපුර උත්සාහ කළේ නැහැ. ඒ වගේම, නිදහස් හා විවෘත වෙළඳ ප්‍රතිපත්තියක සිටියා. ඉන්දියාව තායිලන්තය තරමට විවෘත වුනේ හෝ තරඟයට නිරාවරණය වුනේ නැහැ. එහෙත්, රටේ කෘෂිකර්මය මුළුමනින්ම ආරක්ෂා කළේ හෝ රට සංවෘතව පවත්වා ගත්තේත් නැහැ. උතුරු කොරියාව ප්‍රතිපත්තියක් ලෙස රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ඉලක්ක කර රටේ කෘෂිකර්මය නැංවීම සඳහා විශාල රාජ්‍ය මැදිහත් වීම් කළා වගේම රටේ ආර්ථිකය සංවෘතව තබා ගනිමින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳ තරඟයෙන් ආරක්ෂා කරගත්තා.
මේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයේ ශ්‍රමිකයන් විශාල ලෙස කෘෂිකාර්මික අංශයෙන් ඉවත් වුනා. ඉන්දියාවේ එය සිදු වුනේ ඊට වඩා අඩුවෙන්. උතුරු කොරියාවේ හොඳටම අඩුවෙන්. 2017 වන විට මේ එක් එක් රටවල කෘෂිකාර්මික ශ්‍රම බලකායේ තත්ත්වය මේ විදිහයි.
තායිලන්තය - ශ්‍රම බලකායෙන් 31.6%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 42.4%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 51.3%ක්
අන්තිමට වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙන්නේ කවර ප්‍රතිපත්තියද කියා බලන්න වෙන්නේ මේ රටවල් තුනම විසඳුම් හොයපු මූලික ප්‍රශ්නය, ඒ කියන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක, කොයි තරම් දුරකට සිදු වෙලාද කියන එක මතයි.
2017 වන විට මේ එක් එක් රටේ දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය මෙහෙමයි.
තායිලන්තය - කැලරි 2,827යි.
ඉන්දියාව - කැලරි 2,517යි.
උතුරු කොරියාව - කැලරි 2,032යි.
ඉන්දියාව හා තායිලන්තය මේ වන විට ලෝකයේ වැඩියෙන්ම සහල් අපනයනය කරන රටවල් දෙකයි. උතුරු කොරියාව තවමත් වගා සංග්‍රාම කරනවා.
Saturday, May 23, 2020
ඉරණම් තුනක්!
Labels:
ආහාර,
ඉන්දියාව,
උතුරු කොරියාව,
කෘෂිකර්මය,
තායිලන්තය,
විවෘත ආර්ථිකය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
'ආසියාවේ ගණිකා මඩම' කියන සාඩම්බර නම හිමි තායිලන්තයේ කාන්තාවන් සහ පොන්සියන්ගේ කැරි පරිභෝජනය නං ඉතාම ඉහලයි නොවැ.
ReplyDeleteමිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බැහැ මල්ලි. අපි මේ වාහනේ ටයර් ගැන කතා කරමු...
ReplyDeleteඔය පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය අනුව රටක ඒක පුද්ගල පෝෂණය මනින එක නම් මහා විහිළු කතාවක්.
ReplyDeleteමොකද ගොඩක් වෙලාවට ධනවත් රටවල් වල පවා ධනවත් පවුලක අය භාවිතා කරන්නේ අඩු කැලරි ප්‍රමාණයක් ඇති මිල අධික ඕගනික ආහාර වර්ග. සාපේක්ෂ වශයෙන් භෞතික සම්පත් සංවර්ධනය අඩු රටවල් වල මිනිස්සු පවා කැලරි ප්‍රමාණය අඩු නමුත් බෙහෙවින් ගුණයෙන් යුක්ත ධාන්‍ය වර්ග කොළ, එළවළු ආදිය ආහාරයට ගැනීම කරන්නේ. කැලරි ප්‍රමාණය වැඩි ක්ෂණික ආහාර, අධි කාබෝහයිඩ්‍රේට් සහිත තිරිගු පිටි නිෂ්පාදන, බැදපු අල (ප්‍රංශ බැදුම් වගේ) ආදී අශික්ෂිත අගුණ ජඩ ආහාර වලින් කැලරි ප්‍රමාණය වැඩි කර පෙන්විය හැකි යි. ඇමරිකන් එක්සත් ජනපදයේ අඩු ආදායම් ලාභී පිරිස් වගේ තායිලන්තයේ සහ ඊට අඩු වෙන්න ඉන්දියාවේ පවා මේ අධි කැලරි පරිභෝජනය නිසා ඇති වන බෝ නොවන රෝග කියලා කියන්න පුළුවන් වසංගතයෙන් ගොඩක් දෙනෙක් පීඩා විඳින විඳවන මිනිස්සු දකින්න පුළුවන්.
දැන් ඇමරිකන් එක්සත් ජනපදයේ ලක්ෂයකට අධික පිරිසක් කොවිඩ 19 වෛරස් එක නිසා බල්ලෝ බළල්ලු වගේ මැරිලා යනවා නේද? මේකත් අර අධික ලෙස කැලරි පරිභෝජනය කරන ඇමරිකන් පන්නයේ ආහාර රටා නිසා ඇති වූ විශාල අර්බුදයක් බව ඉතාම පැහැදිලියි නේද?
ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි කැලරි ප්‍රමාණයක් ලැබෙන තත්ත්වයක් යටතේ පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය අනුව රටක ඒක පුද්ගල පෝෂණය මනින එක ඔබ කියනවා වගේම මහා විහිළු කතාවක්. බටහිර රටවල ආහාර අවශ්‍යතා සංතෘප්ත වීම ලෙස මා මේ ලිපි මාලාව ආරම්භයේ සිට පැහැදිලි කළේ ඒ කරුණයි. නමුත්, ඒ හේතුව නිසා අවශ්‍ය අවම පෝෂණය නොමැතිකම හොඳ තත්ත්වයක් වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාව තිබෙන අයෙකුට එසේ නොකර සිටීමේ තේරීමක් තිබෙනවා. එය පුද්ගල කැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක්. එහෙත්, අවශ්‍ය අවම කැලරි ප්‍රමාණය පරිභෝජනය කිරීමේ හැකියාවක් නැති අයෙකුට බොහෝ විට එසේ කරන්න සිදු වන්නේ විකල්පයක් නැති කමට මිසක් අඩු කැලරි ආහාර සොයා යාම ඔවුන්ගේ තේරීමක්ව ඇති නිසා නෙමෙයි.
Delete