Sunday, May 3, 2020
ධනවාදයේ ඊළඟ යාමය හා බුෆේ කෑම
ආර්ථික විද්‍යාව උගන්වන විට කියා දෙන පළමු කරුණක් වන්නේ "මිනිසුන්ගේ ආශාවන් අසීමිත වුවත් එම ආශාවන් සැපිරීම සඳහා තිබෙන සම්පත් ප්‍රමාණය සීමිතයි" කියන එක. මේ කරුණ බොහෝ විට නිවැරදියි. එහෙත්, හැම විටම නෙමෙයි. ආශාවන් සංතෘප්ත වන කිසියම් අවස්ථාවක් තියෙනවා.
අපි බොහෝ දෙනෙකුට ජීවිතයේ සෑහෙන කාලයක් හිතේ හැටියට කන්න ලැබී නැහැ. ඒ කියන්නේ බඩගින්නේ හිටියා කියන එකම නෙමෙයි. බඩගින්න නිවා ගන්න තිබුණේ සීමිත තේරීම් ටිකක් පමණයි කියන එකයි. එහෙම අත්දැකීමක් කවදාවත් නොලැබූ අය ඇති. එහෙත්, ලංකාවේ මා දැන සිටි හැම දෙනෙක්ම හිටියේ මේ බෝට්ටුවේ. මම හිතන්නේ අදටත් ලංකාවේ මධ්‍යම පාන්තිකයින්ට පවා කෑම කියන්නේ නොසංසිඳුණු ආශාවක්.
ලංකාවේ ආහාර මිල හා ඇමරිකාවේ ආහාර මිල අතර විශාල වෙනසක් නැහැ. එහෙත්, ආදායම් මට්ටම් අතර විශාල වෙනසක් තියෙනවා. ලංකාවේ ඉහළ මධ්‍යම පන්තිකයෙකුට වුවත් ආහාර සඳහා යන වියදම ඇඟට දැනෙනවා. නමුත්, ඇමරිකාවේ සාපේක්ෂව අඩු ආදායමක් ලබන කෙනෙකුට වුවත් ආහාර සඳහා යන වියදම සීමාකාරී සාධකයක් නෙමෙයි. මෙයින් මා කියන්නේ ඇමරිකාවේ කුසගින්නේ සිටින කිසිවෙකුත් නැහැ කියන එක නෙමෙයි. එවැනි අයත් යම් ප්‍රමාණයක් ඉන්නවා.
මා හැදුනේ වැඩුණේ මුහුදුබඩ පළාතක නෙමෙයි. බොහෝ විට අපේ සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභව වුනේ බිත්තර, කරවල හාල්මැස්සන් සහ ටින් මාළු. අලුත් මාළු හෝ මස් ආහාරයට ගත්තානම් ඒ අතරින් පතර දවසකයි. බොහෝ විට කළේ බතක් තම්බාගෙන අල පරිප්පු වගේ දෙයක් එක්ක හෝ වෙන මොනවා හරි එළවළුවක් එක්ක කන එකයි. නිතර මැල්ලුම් කෑවේ වත්තෙන් ඕනෑ වෙලාවක මොනවා හෝ පලා කොළයක් හොයාගන්න පුළුවන් වූ නිසා මිස ගුණ ගැන සලකා නෙමෙයි.
පාසැලේ හවස පන්ති හෝ වෙනත් අතිරේක ක්‍රියාකාරකමක් තිබුණු දවසට අපි ගෙදරින් බත් එකක් බැඳගෙන යනවා. පන්තියේ අනිත් ළමයිනුත් බත් එකක් ගේනවා. අපි මේ බත් මුල් ලෙහාගෙන කන්නේ එකටයි. බොහෝ විට බත් එකේ තිබෙන දේවල් හුවමාරු කර ගන්නවා. කන්තෝරු වල වැඩ කරන අයටත් මේ පුරුද්ද තියෙනවා.
ඔය විදිහට පාසැලට හෝ කන්තෝරුවට ගෙනියන බත් පැකට් එකෙන් කුස පුරවනවාට අමතරව තවත් දේවල් කරනවා. බත් එකේ තියෙන්නේ මොනවද කියන එකෙන් සමාජ තත්ත්වය පෙන්වනවා. ගෙදරදී සම්බෝලයි බතුයි කන එක ප්‍රශ්නයක් නොවුණත් පාසැලේදී හෝ කන්තෝරුවේදී ඒ වගේ දුප්පත් බත් මුලක් දිග අරින කෙනෙක් එසේ කරන්නේ ලැජ්ජාවෙන්. කුකුළු මස් වගේ දෙයක් තිබෙනවානම් එය ආඩම්බරයට කරුණක්. එය කෙනෙකුගේ සමාජ තත්ත්වය පිළිබිඹු කරනවා.
ගෙදරකට ඉඳහිට දවසක කුකුළු මස් ගෙනා විට අහල පහළ ගෙවල් වලටත් දීසියක් යවනවා. ඒ අයත් ඒකම කරනවා. මෙහි බෙදා හදාගෙන කෑමේ හොඳ ගුණය තිබෙනවා තමයි. නමුත්, ඒ එක්කම අපිත් කුකුළු මස් කනවා කියා අනෙකාට පෙන්වීමකුත් මෙහි තිබෙනවා.
පාසැල් වල හා කන්තෝරු වල බත් මුල් බෙදාගෙන කන කණ්ඩායම් වලට බොහෝ විට එකතු වෙන්නේ එකම විදිහේ බත් මුල් අරගෙන එන අයයි. ඉඳහිට දවසක බත් මුල දුප්පත් වීම ප්‍රශ්නයක් නොවුනත් හැමදාම දුප්පත් බත් මුලක් ගේන කෙනෙකුට කණ්ඩායමේ ඉන්න අමාරුයි. වඩා පෝසත් බත් මුලක් ගේන කෙනෙකුටත් එහෙමයි.
ආහාර යනු ඕනෑම කෙනෙකුට හිතේ හැටියට අවශ්‍ය පමණ කන්න නොලැබෙන සුඛෝපභෝගී පරිභෝජනයක්ව පවතින තාක් කෙනෙකුගේ බත් මුලෙන් සමාජ තත්ත්වය නිරූපණය වීමක්ද වෙනවා. එය තව දුරටත් කුසගින්න නිවන දෙයක් පමණක් නෙමෙයි.
අඳින ඇඳුම්, පාවිච්චි කරන වාහනය වගේ දේවල් වලින් සමාජ තත්ත්වය පිළිබිඹු කරන්නෙත් ඔය පදනමින්මයි. කැමති ඇඳුමක් මිල දී ගන්න එක ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකි දෙයක්නම් කාටවත් තමන්ගේ ඇඳුමෙන් සමාජ තත්ත්වය පෙන්නන්න බැහැ. ඒ නිසා, තමන්ට පහසු මොන ඇඳුමක් ඇන්දත් එහි අවුලක් නැහැ. කැමති විදිහක වාහනයක් මිල දී ගන්න එක ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්නම් කෙනෙක් වාහනයක් ගන්නේ තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගන්න පමණයි.
කාලයක් ගිහින් කඩෙන් කෑම කන්න හරි පිටින් බත් මුලක් මිල දී ගන්න හරි පටන් ගත්තට පස්සේ ගෙදරදී නොලැබෙන යම් තේරීමක් ලැබෙනවා. චිකන්, බීෆ්, මාළු, බිත්තර නැත්නම් නිකම්ම එළවළු කෑම එකක්. ඔය තේරීම් අතරත් සත්ත්ව ප්‍රෝටීන් එකකට වඩා නැහැ. චිකන්, බීෆ්, මාළු කියා කීවත් යාන්තම් රහ බලන්න මිසක් හිතේ හැටියට කන්න ඔය දේවල් ලැබෙන්නේ නැහැ.
පස්සේ පස්සේ ලංකාවේ චීන අවන්හල් බෝ වුනානේ. ඒවායේනම් චිකන් ඩෙවල් වගේ දීසි තිබුණා. සාපේක්ෂව මිල අධිකයි. මස් ටිකක් වැඩිපුර තිබුණත් ඒවා එන්නෙත් තත්කාලි, මාළු මිරිස් මහ ගොඩක් එක්කයි. හතර පස් දෙනෙක් එක්ක ගියොත් බොහොම ඉක්මණට මස් කෑලි ටික වාෂ්ප වෙනවා. ඉතුරු වෙන්නේ තත්කාලී මාළු මිරිස් ටික විතරයි.
මම හිතන්නේ ඒ දවස් වල බුෆේ තිබුණේ ප්‍රධාන පෙළේ හෝටල් වල විතරයි. ඒවායින්නම් හිතේ හැටියට කන්න බාධාවක් තිබුණේ නැහැ. නමුත්, මිල ඉතාම අධිකයි. මට මතක හැටියට සාමාන්‍ය හෝටලේක කෑම වේලක් රුපියල් විස්සක් විසිපහක් වගේ වූ කාලයක ලොකු හෝටලේක බුෆේ එක දාහකට වඩා වැඩියි. නමුත්, තිබුණු තේරීම් ප්‍රමාණය දිහා බැලුවහම මිලේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ. තේරීම් ප්‍රමාණය ඉතා විශාලයි. කැමති තරමක් බෙදාගෙන කන්නත් පුළුවන්.
මේ බුෆේ ක්‍රමය ඇමරිකාවේ ජනප්‍රියයි. විශේෂයෙන්ම චීන, ඉන්දියානු, තායි වගේ අවන්හල් බොහෝ විට බුෆේ ක්‍රමයට කෑම සපයනවා. ඇමරිකන් ආහාර බුෆේ ක්‍රමයට දෙන තැනුත් තිබෙනවා. විවිධ ආහාර වර්ග ගණනාවක් වෙන වෙනම තිබෙන තැනුත් තියෙනවා.මේ වගේ තැනකට ගියාම කැමති දෙයක්, කැමති ප්‍රමාණයක් කන්න පුළුවන්.
වැදගත්ම කරුණ මේ වගේ බුෆේ ආහාර වේලක මිලයි. බොහෝ විට එම මිල ඉතා අඩු මිලක්. තනි කෑම වේලක් ඇණවුම් කළොත් බොහෝ විට ඊට වඩා වැඩි වියදමක් යනවා. එහෙම වෙන්නේ කොහොමද?
මේක නිෂ්පාදනයේ එක අදියරකදී සිදු වන දෙයක්. ලංකාවේදී ආහාර වේලක් පිළියෙළ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වැය කළ යුතු මුදලට සාපේක්ෂව එම ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන ශ්‍රමය ගොඩක් ලාබයි. නමුත්, ඇමරිකාවේ තත්ත්වය එහි විලෝමයයි. ලංකාවේ අවන්හල් හිමියෙක් උත්සාහ කරන්නේ හැකි තරම් අමුද්‍රව්‍ය ඉතිරි කර ගන්න වුවත් ඇමරිකාවේ අවන්හල් හිමියෙක් උත්සාහ කරන්නේ හැකි තරම් ශ්‍රමය ඉතිරි කර ගන්නයි.
එක් එක් ඇණවුම වෙනුවෙන් වෙන වෙනම ආහාර පිළියෙල කරන්න ගියොත් විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. ඇමරිකාවේදී මිනිස් ශ්‍රමය මිල අධිකයි. කෑම වර්ග ගණනාවක් එකවර හදා පාරිභෝගිකයාට කැමති දෙයක් තෝරා ගන්න සැලැස්වූ විට ශ්‍රමය වෙනුවෙන් යන විශාල මුදලක් ඉතිරියි. ඒ නිසා කෑම වේලක් අඩුවට දෙන්න පුළුවන්.
හැබැයි එන පාරිභෝගිකයෝ ඇරියස් අල්ලන්න බලාගෙන එන බඩගිණි කාරයෝනම් මේ වැඩේ හරියන්නේ නැහැ. ඇමරිකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා මේ ක්‍රමය වැඩ කරනවා. කාටවත් අනවශ්‍ය තරමට කෑම බෙදාගෙන නාස්ති කරන්න උවමනාවක් නැහැ. බෙදාගත්ත ප්‍රමාණය මදිනම් නැවත නැවත බෙදාගන්න බාධාවක් නැහැනේ.
දැන් මේ වගේ බුෆේ එකකට එන අයට තමන් කැමති දේ කැමති පමණ බෙදාගෙන කන්න නිදහස තිබෙනවා. ගාණ දරාගන්න අමාරු ගාණක් නෙමෙයි. මෙනුපත බලා කිසියම් දීසියක් ඇනවුම් කළොත් බොහෝ විට වැඩි මිලක් ගෙවන්න වෙනවා.
කවුරුත් ගෙවන්නේ එකම මිල වුවත් එක් එක් කෙනා කන්නේ තමන්ගේ බඩගින්නේ ප්‍රමාණයට හා රුචිකත්වය අනුවයි. බුෆේ එකෙන් කරලා තියෙන්නේ සමානාත්මතාවය ඇති කිරීමක්. එය ධනවාදය තුළ ඇති වූ නෛසර්ගික සමතුලිතතාවයක්. එක එක්කෙනා කන ප්‍රමාණය ගණන් බලා වෙන වෙනම මිල නියම කිරීමට සාපේක්ෂව මේ ක්‍රමය කාර්යක්ෂමයි.
ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ඉහළ කාර්යක්ෂමතාවය නිසා ශ්‍රමයේ මිල එක්ක බැලුවහම අමු ආහාර වල මිල ඉතා අඩුයි. ඒ නිසා ශ්‍රමය නාස්ති කිරීමේ පාඩුවට වඩා ආහාර නාස්ති කිරීමේ පාඩුව අඩුයි. ඔය වැඩේ වෙන්නේ බුෆේ වලදී පමණක් නෙමෙයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය එක සීමාවක් පැන්නට පස්සේ ඕනෑම වෙළඳපොලක ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සීමාවට යන එක දුෂ්කර ගමනක්!
Labels:
ආදායම් විෂමතාවය,
ආහාර,
ඇමරිකාව,
කෘෂිකර්මය,
ධනවාදය,
ශ්‍රම වෙළඳපොළ
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
'බොහෝ විට කළේ බතක් තම්බාගෙන අල පරිප්පු වගේ දෙයක් එක්ක හෝ වෙන මොනවා හරි එළවළුවක් එක්ක කන එකයි.'
ReplyDeleteමහත්තයාගේ තාත්තා ඒ කාලේ ගම්බුදාවේ නේද වැඩ කරා කිව්වේ? ඉතින් සල්ලි තිබුනේ නැද්ද බත් ගන්ඩ හොදට? ඒ දවස් වල හාමතේ හිටපු නිසාද දැන් මහත්තයා හරියට ගණන් හිලව් බලලා වියදම් කරන්නේ? එහෙම මසුරෙක් වෙන්න එපා. සල්ලි ටිකක් විසි කරත් කමක් නෑ ඉදලා හිටලා වත්.
//මහත්තයාගේ තාත්තා ඒ කාලේ ගම්බුදාවේ නේද වැඩ කරා කිව්වේ?//
Deleteඑහෙම කතාවක් මම කොහේවත් කියලා නැහැ, ඇනෝ.
'අසූව දශකයේ මුල් කාලය මගේ පියා තමන් කරපු රැකියාවට අමතරව විවිධ සංවිධාන සමඟ එකතු වී සමාජ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කළ කාලයක් නිසා ගම්උදා සංවත්සර, මහපොළ සංවත්සර ආදිය පැවැත්වෙන විට ඔහුත් සමඟ මෙවැනි ප්‍රදර්ශන භූමියක වූ කුටියක සතියක් හෝ දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව මටත් ලැබුණා. ඔය වගේ වෙලාවක කුටිය සකස් කිරීම, පෝස්ටර් ඇඳීම වගේ කටයුතු වලට දායක වෙන්නත් ලැබුණා. '
Deleteගම්උදා සංවත්සර, මහපොළ සංවත්සර ආදිය පැවැත්වුණු තැන් වල රජයට හා පෞද්ගලික අංශයට අයත් විවිධ ආයතන වල හා ස්වේච්ඡා සංවිධාන වල ප්‍රදර්ශන කුටි තිබුණා. සමහර විට ඔබ ඒ ගැන නොදන්නා තරුණ වයසක කෙනෙක් වෙන්න ඇති.
Deleteමහත්තයා නං නාකි පහේ කෙනෙක් වෙන්න ඇති එහෙනං. ඒ කාලේ හාමතේ හිටිය නිසාද මහත්තයා දැන් හරියට ගණන් හිලව් බලන්නේ? තාම ඒ යටගියාව අමතක කරන්න බැරි නිසා නේද ලාල්කාන්තත් වරක් කීවා වගේ මහත්තයත් ඇමරිකාවට ගියත් එහෙත් ලංකාවක් හදගෙන්න ලංකාව දිහා බලං ඉන්නේ?
Deleteඔව්, ඇනෝ. අපි දැන් නාකියි. ලාල් කාන්තගේ පක්ෂයේ අය දේශද්‍රෝහී ලේබල් ගසා ටී-පනස් හයෙන්, ගල් කටස් වලින්, කපා කොටා හා පණ පිටින් පුළුස්සමින් මිනිස්සු මරපු 88/89 කාලයේ අපේ තරුණ කාලය ගෙවී ගියා.
Deleteඔව් ඒක තමයි. ඒ වගේ දේවල් උනාම අමතක කරන්න බෑ තමයි ජිවිත කාලේම. දැන් ඉතිං උණු වතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලලා ඔන්න ඔහේ ඉන්න එකයි තියෙන්නේ එහෙනං.
Deleteඋණු වතුරනම් හැමදාම නානවා, ඇනෝ. හැබැයි බුදුසරණනම් බලපු කාලයක් මතක නැහැ. ළඟදී මොකක් හරි වැදගත් ලිපියක් බුදුසරණේ පළ වෙලා තිබුණ කියල ලාල් කාන්ත කියල තිබුණද?
Deleteලාල් කාන්ත කිව්වා මහින්ද රාජපක්ෂට නං දැන් උණුවතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලං ඉන්න කාලේ කියලා.
Deleteමම අදහන්නේ මමම හදා ගත්ත ආගමක්.
ReplyDeleteඑයට අනුව විශ්වයේ එන්ට්‍රොපි අඩු කරන කියා පින් ලෙසත් එන්ට්‍රොපි වැඩිකරන ක්‍රියා පව් ලෙසත් හඳුන්වනවා.
සෑම මිනිසෙක්ම පින් කිරීමට බැරිනම් පව් අඩුවෙන් කෙරෙන ලෙස ජීවත්විය යුතුයි.
ඔයා මතුකරන හැම ගැටළුවටම උත්තරය එම සරල දහම තුල තිබෙනවා.
ආමෙන්!
අන්තෝනි, මං හිතන්නේ ඔය එන්ට්‍රොෆි ආගම Claucius, Gibbs හෝ Clapheron විසින් එක්දාස් අටසිය ගණන්වලදී උඹට ඉස්සෙල්ලා සූත්‍රගත කරලා තියෙන නිසා ඒකට patent දැන්උ ඹට ඉල්ලන්න බැහැ.
Deleteඒ වාගේම මොන සෙල්ලම් දැම්මත් විශ්වයේ entrophy එක (disorder එක) වැඩි වන නිසා ඔය ආගම ඇදහුවා/නොඇදහුවා කියා වෙනසක් වෙන්නේ නැහැ. ඕනේම නම් entrophy ය වැඩිවන rate එක අඩු වැඩි කල හැකියි.
Clement Peris
Peris
Calgary
අයියෝ!!
Deleteමහත්තයෝ, උතුරු ඇමරිකාවේ ආහාර සහ කෘෂිකර්මය ගැන ලියන මේ ලිපි පෙල නම් ඉතාම තාර්කික සහ විද්වත් ලිපි පෙලක් වනවාට කිසිම සැකයක් නැහැ.කල් තියාම මෙන්න සුබ පැතුම්!
ReplyDeleteමම මෙහේ ආව මුල් කාලයේ part time රෙස්ටෝරන්ටුවක වැඩ කලා.
මේ පලාතේ Buffet වලට එන ගොඩාක් එවුන් එන්නේ ඇරියස් අල්ලන්න වාගේම, ඉල්ලුම-සැපයුම න්‍යායයට කෙලවලා දාන්න. එක වතාවක් කොල්ලෝ කෙල්ලෝ set එකක් ඇවිත් store එකේ තිබ්බ සියලුම ribs ටික කාලා ඉවර කලා. All you can eat කිව්වාට බං එහෙම කෑමක් restaurant manager වත් ඊට කලින් දැකලාවත් තිබුනේ නැති නිසා, පසුව ඒ කොල්ලෝ set එකට කෑම දෙන්න බැහැ කියලා manager ම ගිහින් කිව්වා!
සමහර දවස්කුවල කුණු බක්කි පිරෙන්න කෑම වීසි කලත්, පැය 4 වඩා අපිට වැඩ දුන්නේ නැහැ.
මේවායේ ආර්ථික විද්‍යාව තේරුම් ගන්න මට සෑහෙන්න කාලයක් ගියා.
Clement Peris
Calgary
//සමහර දවස්කුවල කුණු බක්කි පිරෙන්න කෑම වීසි කලත්, පැය 4 වඩා අපිට වැඩ දුන්නේ නැහැ.
Deleteමේවායේ ආර්ථික විද්‍යාව තේරුම් ගන්න මට සෑහෙන්න කාලයක් ගියා.//
බුෆේ එකක මූලධර්මය වන්නේම පිසූ ආහාර සංචිත ප්‍රමාණවත් තරමින් පවත්වා ගන්නා අතර ශ්‍රමය සඳහා යන වියදම සීමා කර ගැනීමයි. භාජන පිරෙන්න ආහාර නැත්නම් පාරිභෝගිකයින් එන්නේ නැහැ. ඒ නිසා හැම විටම ප්‍රමාණවත් තරම් පිසූ ආහාර සංචිත තිබිය යුතුමයි. ආහාර නාස්තිය අඩු කරන්න අඩුවෙන් ආහාර පිළියෙළ කළොත් නැවත ආහාර අවශ්‍ය වන විට ආහාර පිසීම සඳහා අමතර ශ්‍රමය අවශ්‍ය වෙනවා. එකපාරම වැඩිපුර ආහාර පිළියෙළ කළ විට ඒ ශ්‍රමය ඉතිරි වෙනවා. එයින් ලැබෙන වාසිය නාස්ති වන ආහාර වල පාඩුවට වඩා වැඩිනම්, නාස්තිය අඩු කරන්න යාමෙන් වෙන්නේ ලාබ අඩු වීමයි.
මට ඔබට වගේ ආර්ථික දැණුමක් නෑ. ඒත් මේ කතා ඇත්ත කියල හිතෙනවා. මේ ගැන ඔබේ අදහස දැණගන්න හැකිනම් වටිනවා
ReplyDeleteFollow the money not your passion
case against stock buybacks dividends
හිමිහිට බලමු, බස්සා. Thank you!
Deleteඔව් හදිසියක් නෑ. ඉස්සර වඩා දැන් මේවා වටිනවා, මොකක්ද වෙන්න යන්නෙ කියලා තේරුම් ගන්න. ඔබට සරලව මේවා පැහැදිලි කරන්න හැකියාව තියනවා. ස්තූතියි
DeleteAnonymousMay 3, 2020 at 9:06 AM
ReplyDeleteඇත්තටම ඇණයෝ, උඹ ඉස්කෝලේ යන කාලේ සිටම වලං කඩවලට පනින මී හරකෙක්ද ?
CP-C
U.S. school food waste totals 530,000 tons per year and costs as much as $9.7 million a day to manage, which breaks down to about 39.2 pounds of food waste and 19.4 gallons of milk thrown out per school per year, based on the results from the 46-school sample across nine cities.
ReplyDeleteAmount of people who died of hunger today 14603
Exactly. The US economic system is efficient to produce enough food to feed the country's entire population, accomodate food waste and to export food at a competitive price to many other countries while the anti-capitalist sentiments in some other parts of the world has prevented efficiency gains in agriculatural sector leading to mass hunger and food insufficiency, sometimes death from a hunger-related disease.
Deleteඅපට හොද කෑම ගන්න සල්ලි නැති නිසා වෙනින් උදවිය රස කෑම කන අයුරු වීඩියෝ ඔස්සේ බලමු. එම උදවිය විවිද රටවල ඉහල පෙලේ රසවත් පීසා වැනි ආහාර ගනිමින් කෝකාකෝලා බොමින් ප්‍රීති වෙන අයුරු බලමින් අපි සම්බෝල එක්ක බත් කමු. එම උදවිය ගන්නා ආහාර කොතරම් රසවත් ඇතිදැයි කියා සිතින් මවා ගමු.
ReplyDeleteරට රට වල ඇවිදින්න සල්ලි මුදල් නැති නිසා සල්ලි ඇති උදවිය රට රට වල ඇවිදින අයුරු බලා එම රටවල් එසේ වෙන්නට ඇති කියා සිතමු.
චිත්‍රපට ඔස්සේ වෙන මිනිසුන් රස කෑම කන අයුරු, ප්‍රීති වෙන අයුරු නරඹමු.
අපිට හොද ලස්සන කෑල්ලක් එක්ක හු#න්න සල්ලි නැති නිසා වෙනින් උදවිය ලස්සන කෑලි එක්ක සතුටින් හු#න අයුරු බලා විනෝද වෙමු.
අපට හොද හෝටල් වල නැවතී නිවාඩු ගෙවන්න සල්ලි නැති නිසා අනික් අය ඒවායේ ගොස් දමනා වීඩියෝ බලමු.
විදේස රටවල ධනවතුන් සැප සම්පත් සහිත ගෙවල් වාහන නැව් ගුවන් යානා ආදිය තියාගෙන සැප විදිනා අයුරු බලමු.
අනික් අය එසේ ජීවිතය ගෙවනා ආකාරය බලා අපි ඒවා අපේ හිතේ මවගෙන එම ලෝකේ ජිවත් වෙමු.
//අනික් අය එසේ ජීවිතය ගෙවනා ආකාරය බලා අපි ඒවා අපේ හිතේ මවගෙන එම ලෝකේ ජිවත් වෙමු.//
Deleteඒ අතරම, සමහර රටවල බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය ඉතා හොඳ මට්ටමක තියෙන්නත් තවත් සමහර රටවල එසේ නොතිබෙන්නත් හේතුව කුමක්ද කියා හිතන්නත් පොඩ්ඩක් කාලය යෙදෙවුවහොත් පවතින තත්ත්වයේ යහපත් වෙනසක් කරන්නට ඔබටද යම් තරමකින් දායක වන්නට අවස්ථාව සැලසෙනු ඇත.
'ඒ අතරම, සමහර රටවල බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය ඉතා හොඳ මට්ටමක තියෙන්නත් තවත් සමහර රටවල එසේ නොතිබෙන්නත් හේතුව කුමක්ද කියා හිතන්නත් පොඩ්ඩක් කාලය යෙදෙවුවහොත් පවතින තත්ත්වයේ යහපත් වෙනසක් කරන්නට ඔබටද යම් තරමකින් දායක වන්නට අවස්ථාව සැලසෙනු ඇත.'
Deleteඒක ඉතිං ඒ මිනිස්සුන්ගේ පින, කර්ම ශක්තිය තමයි.
ඉකොනෝ, ඕස්ට්‍රේලියාවේ අවන්හල් දෙක තුනක් ගැන මට දැනගන්ට ලැබුණා, හිතේ හැටියට කාලා තමන්ම හිතලා මිල ගෙවලා යන්නට හැකි. කවුරුන්වත් මිල නියම කිරීමක් නැතිලු.ඒ දිනවල නම් එක සාර්ථකව තිබිලා. දැන් තියෙනවාද දන්නේ නැහැ. ඇමෙරිකාවේ එහෙම තැන තියෙනවාද?
ReplyDeleteබුෆේ කියද්දී මට වැටහෙන්නේ නැති දෙයක් හැම තිස්සෙම ඔලුවට එනවා. ලංකාවේ මිනිසුන්ගේ බෙදාගැනීමේ පුරුද්ද. බුෆේ අවන්හලකදී මා දැක තියෙන හැටියට නම් තවමත් අපේ උදවිය වැඩි දෙනෙක් පිඟාන පුරවාගෙන අහක දමනවා.
සල්ලි ගෙවන්නට නැති නිසාද මන්දා, මඟුල් ගෙදරකදී වුනත් එහෙමයි. සාදයකදී, ඒත් එහෙමයි. වියදම කාගේ අතින් හරි නම් ඕනෑම දෙයක් නාස්ති වෙන්නට හරින 'පොඩි පළි ගැනීමේ ගතියක්'ද මේ?
හොඳ ප්‍රශ්න දෙකක්!
Deleteපළමුව පළමු ප්‍රශ්නය.
ඔබ කියන ඕස්ට්‍රේලියානු අවන්හල් ගැන මමත් අන්තර්ජාලය හරහා දැනුවත්ව සිටියා. ඇමරිකාවේ සහ වෙනත් රටවල තිබෙන තවත් එවැනි තැන් කිහිපයක් ගැන තොරතුරු පහත ලිපියේ තිබෙනවා. මම පෞද්ගලිකවනම් මෙවැනි තැනකට ගිහින් නැහැ. මම හිතන්නේ මෙය අනාගතයට අයත්, බුෆේ වලටත් වඩා ඉදිරියෙන් තිබෙන සංකල්පයක්.
https://www.theguardian.com/travel/2014/jan/28/pay-what-you-want-restaurants-around-world
දෙවන ප්‍රශ්නය ගැන කියන්නේ තිබෙන්නේ මෙය නිකම් ලැබීමේ ප්‍රශ්නයක් පමණක්ම නෙමෙයි. මිනිස්සු කියන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ කුසගින්නේ ඉඳලා කුසගින්නට ප්‍රතිචාර දක්වන්න ජානගතව පුරුදු වී සිටින සත්ව කොට්ඨාශයක්. අපි කාගේත් යටි හිතේ කන්න නැතුව මැරෙයිද කියන බය තිබෙනවා. කෑම දැකපු ගමන්ම අපේ යටි හිත කියන්නේ වහාම පුළුවන් තරම් තමන් සන්තක කර ගනින් කියලයි. ඒ ජානගත පුරුද්ද නැති වෙන්නනම් කෑම තව දුරටත් ප්‍රශ්නයක් නෙමෙයි කියන එක කාලයක් තිස්සේ අපට ඒත්තු යා යුතුයි. ඇමරිකාවේ මිනිස්සුන්ට සෑහෙන තරමකින් මේ ජානගත පුරුද්ද පාලනය කර ගත හැකි වුවත් ඇමරිකාවේ පවා හැම විටම එය සිදු වෙන්නේ නැහැ. අර ආහාර නැති වෙයි කියන බය ඇතැම් විට මතු වෙනවා. කෝවිඩ් එද්දී කඩ වල රාක්ක හිස් වුනෙත් මේ හේතුව නිසයි.
මිනිස්සු දඩයම්කරුවන් හා එකතු කරන්නන් ලෙස ගෙවූ අවුරුදු දසදහස් ගණනක ඉතිහාසය පුරා කාට හෝ පළතුරු පිරුණු ගසක් හමු වූ විට, එහෙම නැත්නම් සතෙක් දඩයම් කරගත් පසු වහාම කළ යුතු හොඳම දෙය වුනේ තමන්ට අවශ්‍ය පමණ බෙදා ගන්න එක නෙමෙයි. හැකි තරම් බෙදාගෙන හැකි ඉක්මනින් ගල් ගුහාවට යන එකයි. තමන්ට අවශ්‍ය පමණට පමණක් බෙදාගත් අය දරුවන් නොහදා කුසගින්නේ මැරිලා ගිහින් පුළුවන් තරම් බෙදාගත් අය තමයි දරුවන් හදන්න ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා, අද ජීවත් වන අපි කාටත් තියෙන්නේ කෑමක් දුටු වහාම පුළුවන් තරම් බෙදා ගත් අයගෙන් උරුම වූ ජාන. අපට සීනි හා තෙල් කන්න තිබෙන කැමැත්තත් ඔය විදිහටම ඇති වූ එකක්. සීනි හා තෙල් කියන්නේ මිනිසුන් කුසගින්නේ ගෙවූ යුගයේ හොඳම ශක්ති ප්‍රභව. ඒවා වැඩිපුර කන්න කැමති වූ අයගෙන් පැවත ආ අය තමයි අපි හැමෝම.
Econ always write something interesting, including this (some I may disagree).
ReplyDeleteHowever It is so funny to see how soon our people lose the plot and start to write rubbish comments, looks like they have lot of time on hand to waste. (Wijebahu)
ජයලලිතා එයාගේපාලන කාලේ ව්‍යාපෘති දෙකක්කලා. එකක් මිනි්සසුන්ට සහන මිලට වතුර බෝතල්සැපයීම. එතැනදී වතුර බෝතල් කරලා මිනිස්සුන්ට ගන්න පුලුවන් සහන මිලට දුම්ිය පොල බස්නැවතුම්පොල ආසන්නයේ විකුනුවා. ඉන් පස්සේ එයා වැන්දඹු කාන්තාවන් දමලා කෑම උයලා කෑම රුපියල් දහයකට විස්සකට වගේ ඉතාම අඩු මිලකට ලබා දුන්නා. සීමිත එලවලු ගානක් තිබුනත් ඒ කෑම එක දකුනු ඉන්දියවේ බොහොම වේගයෙන් ජනප්‍රිය වුනා. එතැනදී ලාබ ශ්‍රමය තියන පිිරිසකට අවස්තාව ලබා දීලා කාටත් වැඩි අලාබ නොවන දුප්පත් මිනිස්සුන්ට බොහොම වැදගත් වැඩක් කලා..
ReplyDelete