Saturday, May 2, 2020
පූර්ව කෝවිඩ් ලෝකය
මිනිසුන්ගේ කුදු මහත් අවශ්‍යතා අතරින් ප්‍රමුඛම අවශ්‍යතාවය ආහාර කියා කියන්න පුළුවන්. ඕනෑනම් තවත් පියවරක් පසුපසට ගිහින් මිනිස්සුන්ගේ ලොකුම ආශය ජීවත් වීමට ඇති ආශාව කියා කියන්න පුළුවන්. ජීවත් වෙන්න කෑම අවශ්‍ය වන නිසා ඒ එක්කම කෑම සඳහා වන අවශ්‍යතාවය මතු වෙනවා. ඉතිහාසය පුරා මිනිස්සු කෑම හොයා ගන්න බොහෝ අරගල කර තිබෙනවා.
ස්වභාවිකව හමු වෙන ආහාර වලින් පමණක් මිනිස්සුන්ට නඩත්තු වෙන්න පුළුවන් කාලයක් තිබුණා. ආහාර එකතු කරන්නෝ විදිහට එහෙමත් නැත්නම් දඩයක්කාරයෝ හැටියට මිනිස්සු ගත කරපු ඒ යුගයේදී බොහෝ මිනිස්සුන්ට එක්කෝ ආහාර නැති කමින් එහෙමත් නැත්නම් වෙනත් සතෙකුගේ ආහාරයක් වීමෙන් ජීවිතය අඩු වයසකදී අවසන් කරන්න සිදු වුනා. ඒ නිසා, ඒ කාලයේදී මිනිස් ජනගහණය ලොකුවට වර්ධනය වුනේ නැහැ. මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුනේ මිනිස්සු කෘෂිකාර්මික ජීවිතයකට පුරුදු වීමෙන් පසුවයි. ඒ එක්කම මිනිසුන්ගේ ජනගහණ වර්ධන වේගයත් යම් තරමකින් ඉහළ ගියා.
මුල් කාලයේදී කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය වුනේ මිනිස් ශ්‍රමය හා ඉඩම් පමණයි. ඉඩම් සීමාකාරී සාධකයක් නොවූ නිසා සීමාකාරී සාධකය වුනේ මිනිස් ශ්‍රමයයි. මිනිස් ශ්‍රමය නිපදවන්න ආහාර අවශ්‍ය වුනා. ආහාර නිපදවන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය වුනා. මිනිස් ශ්‍රමය හා ආහාර අතර ශක්ති සංස්ථිතිය චක්‍රීය ලෙස සිදු වෙද්දී නිෂ්පාදන අතිරික්තයක් ලොකුවට තිබුණේ නැහැ. ඇතැම් කාල වල ඇතැම් ප්‍රදේශ වල නිෂ්පාදන අතිරික්තයක් නොතිබුණා නෙමෙයි. ඒ බොහෝ විට වාසිදායක කාලගුණ තත්ත්වයන් පැවති විටයි.
කෘෂි කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය ආරම්භ වීමත් සමඟම නිෂ්පාදන කාර්යක්ෂමතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගියා. මෙයට සමාන්තරව කෘෂිකාර්මික ඉඩම් සීමාකාරී සාධකයක් වෙන්න පටන් ගත්තා. අවසාන ප්‍රතිඵලය වුනේ නිෂ්පාදිතය ශ්‍රමිකයා, ඉඩම් හිමිකරු සහ අනෙකුත් නිෂ්පාදන සාධක වල හිමිකරු අතර බෙදී යා යුතු වීමයි. දැන් පවතින තත්ත්වය මෙවැන්නක්.
කෘෂිකාර්මික නිෂ්පාදිත ප්‍රමාණය වැඩි කරන්නනම් ශ්‍රමය, ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර කියන නිෂ්පාදන සාධක තුනෙන් එකක් හෝ වැඩි ගණනක් වැඩි කළ යුතුයි. එහිදී, මේ එක් එක් සාධකයක් වෙනුවෙන් අමතර මිලක් ගෙවිය යුතු වෙනවා. ඉහළ දැමිය යුත්තේ කවර සාධකයද කියන එක තීරණය වන්නේ මේ එක් එක් සාධකය වැඩි කළ විට ලැබෙන ප්‍රතිඵල හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල මතයි. මෙහිදී මා යන්ත්‍ර සූත්‍ර කීමේදී අදහස් කරන්නේ ඉඩම් හැර නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන අනෙකුත් සියලු ආකාර වල ප්‍රාග්ධනයයි.
බ්‍රිතාන්‍යයින් ලංකාවට පැමිණ තේ වැවුවේ ලංකාවෙන් අඩු වියදමකින් ඉඩම් හොයා ගන්න පුළුවන් වූ නිසයි. ඉන්දියාවෙන් ලංකාවට ශ්‍රමිකයින් ගෙනාවේ ඉන්දියාවේ ශ්‍රමය වඩා ලාබ වූ නිසයි. ඒ යුගයේ මෙන් බලය යොදා භූමිය අත්පත් කරගෙන කෘෂිකාර්මික ඉඩම් ප්‍රසම්පාදනය කර ගැනීම දැන් කිසිම රටකට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, කෘෂි කර්මාන්තයෙන් ලාබ ගන්නනම් එක්කෝ ඉඩම් ඇති තැනකට ලාබ ශ්‍රමය රැගෙන එන්න වෙනවා. එසේ නැත්නම්, ලාබ ශ්‍රමය ඇති තැනකින් වැඩි මිලක් හෝ ගෙවා ඉඩම් හොයා ගන්න වෙනවා.
රටක ආර්ථිකය ටිකෙන් ටික ඉදිරියට යන කොට ශ්‍රමයේ මිලත් ටිකෙන් ටික ඉහළ යනවා. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 60,000ක් පමණ වෙනවා. ඉන්දියාවේනම් මේ අගය ඩොලර් 2000ක් පමණයි. තිස් ගුණයක පමණ වෙනසක්. අපි හිතමු ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දවසකට ඩොලර් සීයක් ගෙවිය යුතුයි කියා. ඉන්දියාවේ ශ්‍රමිකයෙකුටනම් ඩොලර් පහක් පමණ ගෙවීම ප්‍රමාණවත්. එහෙමනම්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයෙක් මිල වැඩි ඇමරිකානු ශ්‍රමිකයෙක් වෙනුවට මිල අඩු ඉන්දියානුවෙක්ව ආදේශ නොකරන්නේ ඇයි? එසේ නොකර ඉන්දියාවේ අඩු ශ්‍රමය යොදා ගෙන නිපදවන අර්තාපල් රාත්තලක මිලට වඩා අඩුවෙන් ඇමරිකාවේ පාරිභෝගිකයෙකුට අර්තාපල් රාත්තලක් සපයන්නේ කොහොමද?
ඇමරිකානු ශ්‍රමිකයා වෙනුවට ඉන්දියානු ශ්‍රමිකයා ආදේශ කරන්නනම් එක්කෝ ඉන්දියානු ශ්‍රමිකයාව ඇමරිකාවට ගේන්න වෙනවා. එහෙම නැත්නම්, ගොවිපොළ ඉන්දියාවට ගෙනියන්න වෙනවා.
මෙතැනදී ඇමරිකාවේ ධනවාදයට ඇමරිකාවේ දේශපාලනය සම්මුඛ වෙනවා. අර ඉන්දියානුවාව ඇමරිකාවට ගෙනත් වහලෙකුට වගේ සලකන්න බැහැ. එහෙම කරපු යුගය අවසන් වෙලා ගොඩක් කල්. ඉන්දියානු ශ්‍රමිකයා ඇමරිකාවට පැමිණි වහාම ඔහුත් ඇමරිකානුවෙක් වෙනවා. ඇමරිකානුවෙකුගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිලම ඔහුටත් ගෙවන්න වෙනවා. සමහර විට පොඩ්ඩක් අඩුවෙන් වෙන්න පුළුවන්. මේ වැඩෙන් ලැබෙන විශේෂ වාසියක් නැහැ.
කන්ද මහමත් ළඟට එන්නේ නැත්නම් මහමත්ට කන්ද ළඟට යන්න බැරිද? ඉන්දියාව ඉඩම් සුලභ රටක් වෙලා ඇමරිකාව ඉඩම් හිඟ රටක් වුනානම් සමහර විට එහෙම වෙන්න ඉඩ තිබුණා. නමුත්, ඇමරිකාව කියන්නේ ඉන්දියාව වගේ තුන් ගුණයක් ලොකු එහෙත් ඉන්දියාවේ මෙන් හතරෙන් එකක ජනගහණයක් සිටින රටක්. ඇමරිකාවට සාපේක්ෂව ඉන්දියාවේ ඉඩම් හිඟයි. ලෝකයේ ශ්‍රමය ලාබ ගොඩක් රටවල් වලට සාපේක්ෂව ඇමරිකාව ඉඩම් ප්‍රශ්නයක් නැති රටක්. අනෙක් අතට ඉඩම් හා ලාබ ශ්‍රමය දෙකම තියෙන රටක් තිබුණත් ඒ ඉඩම් ඇමරිකාවට නිදහසේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ වැඩෙත් හරියන්නේ නැහැ.
ඔය දෙකම කරන්න බැරිනම්, ඉන්දියාවේ ලාබ ශ්‍රමය එක්ක ඇමරිකාව තරඟ කරන්නේ කොහොමද?
වගා කරන තැන වෙනස් කරන්නත් බැරිනම්, ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල අඩු කරන්නත් බැරිනම් තරඟකාරීත්වය පවත්වාගන්න ඉතිරිව තිබෙන්නේ තවත් එක විකල්පයක් පමණයි. ඒ නිෂ්පාදන ඒකකයක් සඳහා අවශ්‍ය වන ශ්‍රමය අඩු කර ගැනීම.
අපි ගත්ත උදාහරණයේදී ඉන්දියාවේ ශ්‍රමිකයෙකුට ඩොලර් පහක් පමණක් ගෙවීම ප්‍රමාණවත්. ඒ අනුව, අර්තාපල් කිසියම් නිශ්චිත ප්‍රමාණයක් හදන්න ශ්‍රමිකයින් 30ක් අවශ්‍යනම් ඩොලර් 150ක් යනවා.
ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දවසකට ඩොලර් සීයක් ගෙවිය යුතුයි. එහෙත්, ඉන්දියාවේ ශ්‍රමිකයින් 30ක් යොදවා හදන අර්තාපල් ප්‍රමාණයම ඇමරිකාවේ එක ශ්‍රමිකයෙකුට හදන්න පුළුවන්නම් ප්‍රශ්නය විසඳිලා.
තාක්ෂනය යොදා ගනිමින් මේ වැඩේ කරන්න පුළුවන්. අදාළ යන්ත්‍ර සූත්‍ර ආදිය වෙනුවෙනුත් පිරිවැයක් දරන්න වෙනවා. නමුත්, ඒ පිරිවැය ඩොලර් 50ට වඩා අඩුවෙන් තියා ගන්න පුළුවන්නම් ඉන්දියාවෙන් අර්තාපල් ආනයනය කරනවාට වඩා ඇමරිකාවේම හදා ගන්න එක වාසියි.
ඇමරිකාවේ සාපේක්ෂව ඉඩම් හිඟයක් නොතිබීමත්, ඇමරිකානු කෘෂිකාර්මික ශ්‍රමය වෙනුවට වඩා ලාබ ශ්‍රමය ආදේශ කරන්න බැරි වීමත් නිසා දිගින් දිගටම සිදු වී තිබෙන්නේ ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන තාක්ෂණයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම වෙනුවෙන් දිගින් දිගටම ආයෝජන සිදු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදිතය දිගින් දිගටම ඉහළ යාම සීමා වී තිබෙන්නේ ආහාර සඳහා වන ඉල්ලුම එක්තරා මට්ටමකදී යම් තරමකින් සංතෘප්ත වන නිසයි.
ඉල්ලුම වැඩි නොවෙද්දී සැපයුමත් සීමා වෙනවා. එහෙත්, ඒ අතරම නිෂ්පාදන තාක්ෂණයේ කාර්යක්ෂමතාවයද වැඩි වන නිසා ඇමරිකාවේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය වන ශ්‍රමිකයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. අඩු වන රැකියා වෙනුවට වෙනත් ක්ෂේත්‍ර වල රැකියා අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් ඇමරිකාවේ විශාල රැකියා වියුක්තියක් ඇති වෙනවා. මේ වෙනත් ක්ෂේත්‍ර වන්නේ නිෂ්පාදන හා සේවා අංශයි.
හැබැයි නිෂ්පාදන අංශයේ රැකියා කෘෂිකාර්මික අංශය මුහුණ නොදෙන වෙනත් ගැටළුවකට මුහුණ දෙනවා. කෘෂිකාර්මික ව්‍යවසාය මෙන් නිෂ්පාදන කර්මාන්ත ලාබ ශ්‍රමය තිබෙන තැනකට විතැන් කරන්න අමාරු නැහැ. ලංකාවේ තිබෙන ඇඟලුම් කම්හලක් ඇමරිකාවට ගෙනාවොත් ලංකාවේ ශ්‍රමිකයෙකුට ගෙවන මුදල මෙන් විසි තිස් ගුණයකවත් වැටුපක් ගෙවන්න වෙනවා. ඒ නිසා, කර්මාන්ත රටින් පිටතට ගෙන යාම වඩා වාසිදායකයි. අවසාන ප්‍රතිඵලය වන්නේ ඇමරිකානුවන්ට නිෂ්පාදන අංශයේ රැකියාත් අහිමි වීමයි.
මේ දෙ අංශයේම රැකියා අහිමි වෙද්දී ඇමරිකානුවන්ට ඉතිරි වෙන්නේ සේවා අංශයේ රැකියා. සේවා නිෂ්පාදන ශ්‍රමමූලික වීමත්, එසැණම පරිභෝජනය කරනු මිස ගබඩා කර තබාගෙන පසුව ආනයනය කළ නොහැකි නිසාත් නිෂ්පාදන අංශයේ රැකියා වලට මෙන් සේවා අංශයේ රැකියා වලට ලාබ ශ්‍රමය සමඟ තරඟ කරන්න වෙන්නේ නැහැ. කෝල් සෙන්ටර් ආදිය හරහා යම් ආදේශ වීමක් සිදු වුනත්, ඉතා මෑතක් වන තුරුම ඇමරිකාවේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන අංශ වලට අවශ්‍ය නොවන ශ්‍රමය අවශෝෂණය කර ගන්න සේවා අංශයට හැකි වුනා.
කෝවිඩ් පැතිරෙන්න ආසන්න කාලයේ ඇමරිකාවේ ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඇමරිකාවේ කෘෂිකාර්මික හා කාර්මික අංශ වලට අවශ්‍ය නොවූ ශ්‍රමය අවශෝෂණය කර ගත්තේ සේවා ආර්ථිකයයි. රටේ ආර්ථිකය වර්ධනය වුණෙත් බොහෝ දුරට සේවා ආර්ථිකය වර්ධනය වීමට සමාන්තරවයි. ඒ වුනත්, ශක්තිමත් හා කාර්යක්ෂම කෘෂි ආර්ථිකයක්ද ඇමරිකාවේ දිගටම තිබුණා. ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් ගෙවීමෙන් පසුවත් ශ්‍රමය ලාබ අනෙක් රටවල් සමඟ තරඟකාරී වෙන්න පුළුවන්කම තිබුණා.
ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව බැලුවොත් නිෂ්පාදන හා සේවා අංශ තරඟකාරී නැහැ. ලංකාවේ අර්තාපල් කිලෝවක් හෝ කුකුළු මස් කිලෝවක් හදන්න යන මිලට වඩා අඩුවෙන් ඇමරිකාවේදී ඒ දේවල් හදාගන්න පුළුවන් වුනත් ලංකාවේ මහන ඇඟළුමක් ඇමරිකන් ශ්‍රමය යොදවා ඒ මිලට හදන්න බැහැ. ලංකාවේ කරණවෑමියෙක් කොණ්ඩය කපන මිලට ඇමරිකානුවෙකුට කොණ්ඩය කපා ගන්න බැහැ. හැබැයි මේ දේවල් ඇමරිකාව ඇතුළේ කරගන්න බැරිකමක් නැහැ. මිල වැඩිකම පමණයි ප්‍රශ්නයකට තියෙන්නේ.
ඇමරිකානුවෙකුට කොණ්ඩය කපා ගන්න අවශ්‍ය වූ විට ලංකාවට යන්න බැහැ. ඒ වැඩේ කරගන්න වෙන්නේ ඇමරිකාවේදීමයි. ඒ නිසා, ඇමරිකාවේදී මේ සේවය සපයන අයෙක් ලංකාවේ කරණවෑමියෙක් තරමටම කාර්යක්ෂම නොවීමේ අවුලක් නැහැ. මෙහිදී මා කාර්යක්ෂම කියන එක අර්ථ දක්වන්නේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂවයි.
එහෙත්, නිෂ්පාදන අංශයේ ශ්‍රමිකයෙකුට වෙනත් රටක ලාබ ශ්‍රමය එක්ක තරඟ කරන්න වෙනවා. චීනයේ හෝ ලංකාවේ ලාබ ශ්‍රමය හමුවේ ඇමරිකානුවන්ගේ රැකියා නැති වෙනවා. අනෙක් අතට කෘෂිකාර්මික අංශය වඩා කාර්යක්ෂම වෙද්දී ඒ හේතුව නිසාත් ශ්‍රම අවශ්‍යතාවය අඩු වී රැකියා අහිමි වෙනවා.
අවසන් ගැලවුම්කරු සේවා අංශය වුවත්, ඇමරිකාවේ සේවා අංශය ලෝකයේ වෙනත් රටවල ලාබ ශ්‍රමය හා සැසඳූ විට අකාර්යක්ෂමයි. අකාර්යක්ෂමතාවය ඇති විට ලාබ සොයන ධනවාදය කාර්යක්ෂම විය හැකි ආකාර ගැන හිතනවා. සේවා නිෂ්පාදන එසැණින් පරිභෝජනය කළ යුතු නිසා පාරිභෝගිකයා සිටින ඇමරිකාවෙන්ම මිස ලාබ ශ්‍රමය තිබෙන වෙනත් රටකින් ශ්‍රමය ලබා ගන්න බැහැ. කෝල් සෙන්ටර් වගේ සීමිත අංශ කිහිපයකදී පමණක් එය කළ හැකියි. එහෙත්, ඉන්දියාවේ රියැදුරකුට ඉන්දියාවේ සිට ඇමරිකාවේ වාහනයක් එළවන්න බැහැ. ඉන්දියාවේ ලාබ ශ්‍රමය ඇමරිකාවට රැගෙන ආවොත් එය තව දුරටත් ලාබ ශ්‍රමයක් නොවන නිසා ඒ වැඩේ හරියන්නෙත් නැහැ. එහෙමනම්, සේවා අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නේ කොහොමද?
ඇමරිකාවේ සේවා අංශය තුළ දැන් සිදු වන්නේ කෘෂිකාර්මික අංශය තුළ කලකට සිදු වූ ආකාරයේ පරිවර්තනයක්. ස්වයංකරණය හරහා ඇමරිකාවේ සේවා අංශය කාර්යක්ෂම වෙනවා. ඇමරිකාවේ සේවා අංශයේ පිරිවැය ලාබ ශ්‍රමය ඇති රටවල් හා තරඟ කළ හැකි තරමට කාර්යක්ෂම වෙනවා. එයට සමාන්තරව ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වෙනවා.
කෘෂිකාර්මික අංශය කාර්මීකරණය වෙද්දී මාංශ පේශි ශක්තිය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ වුනා. එහෙත්, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න මිනිස්සු අවශ්‍ය වුනා. මිනිස් මොළයට ආදේශකයක් තිබුණේ නැහැ. ඒ නිසා, සේවා අංශයේ හිතන්න අවශ්‍ය රැකියා වලට ස්වයංකරණය තර්ජනයක් වුනේ නැහැ. නමුත්, දැන් තත්ත්වය වෙනස්. ස්වයංක්‍රීය වාහනයක් මිනිස් රියැදුරෙකු රහිතව වඩා දක්ෂ ලෙස හා අනතුරු රහිතව ධාවනය වෙනවා. රොබෝ යන්ත්‍ර යොදාගෙන සුපිරි වෙළඳසැලක භාණ්ඩ ඇසිරීම හෝ බිම පිරිසිදු කිරීම අවම වැටුප් ගෙවා ශ්‍රමිකයෙකු නඩත්තු කරනවාටත් වඩා ලාබයි. යන්ත්‍රයකට මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා හා ආගමික අවශ්‍යතා ආදිය පවා සපයන්න පුළුවන්.
ඇමරිකාව වගේ රට වල මිනිස් ශ්‍රමය දැන් අලුත් අභියෝගයකට මුහුණ දී තිබෙනවා. අවම වැටුප් යටතේ වුවත් මිනිස් ශ්‍රමය අකාර්යක්ෂමනම් විසඳුම කුමක්ද? ජීවිතය පවත්වා ගැනීමට අවම පරිභෝජන මට්ටමක් පවත්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් අවම වියදමක් දැරිය යුතුයි. මිනිස් ශ්‍රමයේ වටිනාකම ඒ වියදම දැරිය නොහැකි තරමට පහත වැටුනොත් වෙන්නේ කුමක්ද?
යන්ත්‍රයක් නඩත්තු කරන්න යන වියදම එයින් කළ හැකි කාර්යයේ වටිනාකමට වඩා අඩුනම් අපි කරන්නේ එම යන්ත්‍රය අත හැර දමන එකයි. එහෙත්, මිනිස්සුන්ව එසේ අත හැර දමන්න බැහැ. අනෙක් අතට නුපුහුණු මූලික මිනිස් ශ්‍රමය ප්‍රයෝජනයක් නැති තරමටම වැටිලා. වෙනත් විදිහටකට කිවුවොත්, රටක මිනිස්සු සියලු දෙනාගේම සියලු පරිභෝජන අවශ්‍යතා සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා සියල්ල හදන්න ඒ රටේ මිනිස්සුන්ගෙන් කොටසකගේ පමණක් ශ්‍රම දායකත්වය ප්‍රමාණවත්නම්, ඉතිරි මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමයට කරන්නේ මොකක්ද?
ධනවාදය තුළ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් යම් අවස්ථාවක මේ තත්ත්වය ඇති විය යුතුයි. ඉතිහාසයේ පළමු වරට දැන් එවැනි තත්ත්වයක් ඇති වී හෝ ඇති වෙමින් තිබෙනවා. කෝවිඩ්-19 පැතිරුණේ එහෙම අවස්ථාවකයි.
Labels:
ආදායම් විෂමතාවය,
ආහාර,
ඇමරිකාව,
කෘෂිකර්මය,
ධනවාදය,
ශ්‍රම වෙළඳපොළ
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
ජනගහනය අඩුකරගන්න වෙයිද?
ReplyDeleteජනගහණය අඩු කරන්න වෙන්නේ සම්පත් හිඟයක් ඇති විටයි. නමුත්, තාක්ෂනය අතින් පෙරමුණේ සිටින රටවල හතරවන කාර්මික විප්ලවය සමඟ සිදු වෙමින් පවතින්නේ සම්පත් හිඟය අඩු වීමක් හා ඇතැම් විට සම්පත් අතිරික්තයක් ඇති වීමකුයි. එයින් අදහස් වන්නේ නිෂ්පාදනය සඳහා දායක වන සීමිත පිරිසකට තමන්ගේ පරිභෝජනය සීමා කර නොගෙන නිෂ්පාදනය සඳහා දායක නොවන කිසියම් පිරිසකුත් නඩත්තු කළ හැකි වන බවයි. ප්‍රශ්නය තිබෙන්නේ ඒ විදිහට නඩත්තු කෙරෙන කණ්ඩායම තෝරා ගැනෙන්නේ කොහොමද කියන එකේ. එය සිදු වන්නේ අතිරික්ත නිෂ්පාදනයක් කිරීමේ හැකියාව හැකි අයගේ අභිරුචිය මතයි. ජාතිකවාද මතු වෙන්නේ මෙවැනි පසුබිමකයි.
DeleteBy George Soros:
ReplyDeleteIf you are an American not living in a very remote & isolated place, how come you don’t know that :-
�� *400,000+ Chinese students* are studying /living in America and each year they will spend about _*30 billion US Dollars*_ in America ?
There is no any other single country that can contribute so much to the American economy & education.
Imagine how many teachers will lose their jobs if these Chinese students are not here?
�� Do you know that there are about *two million Chinese visitors* each year coming to the US?
Do you not notice that all major tourist sites & stores in the US have signs in the Chinese language?
Each Chinese tourist will spend *_$6,000-$7,000_* in America;
imagine how many jobs have been created by that.
�� Do you know that China will purchase about *7,000 Boeing aircraft* in the next 20 years
_(China has already bought thousands of Boeing planes)._
Is there any other country that contributes so much to America’s economy?
But the trade war will be a nightmare for Boeing; _China will buy more from Airbus now. _
�� Do you know that besides America and Russia, China is also able to send *astronauts to space* and has the ability to build a _*permanent space station*_?
China is the first country that has landed a *probe* to the *_”dark side”_* of the moon.
��Wonder if you know that the *railroad & new trains* in Africa built by Chinese are even _*better*_ than rail / trains in America?
And LA, Boston, NYC all have ordered subway trains *made in China* and the first group of newly China-built trains have been in operation in Boston subway.
By the way , high speed train systems are all over China with a speed of *350 km/ hour* while here in the USA we don’t have any of it. Even in the richest state - California -we don’t have funds to build one.
��Do you know that China is the *biggest overseas market* for three major _*US automakers*_ ?
In 2017, Buick sold _*1,229,804 cars*_ in China, Ford sold _*951,396*_ and Chevrolet sold _*538,671*_.
Isn’t that the dream of any automaker in the world?
��Maybe you don’t know that in 2017 China Box office *Hollywood movies* raked in _*3.26 billion US dollars*_ ?
Is there any bigger overseas market for Hollywood ?
Nope.
��Do you know that the Chinese have bought many *American icon businesses* including Forbes Magazine, Chicago Stock Exchange, AMC _*(2.6 billions)*_, Smith Foods _*(7.1 b)*_, Legendary movie studio _*(3.5 b),*_ GE Appliance division _*(5.4 b),*_ The Waldorf-Astoia _*(2 b),*_ Ingram Micro _*)6 b),*_ Motorola _*(2.9 b),*_ Ritz-Carlton _*(3.9b).*_
��If you are an American, do you know that the *largest foreign holder of U.S. debt* is China, which owns more than _*$1.24 trillion*_?
Without borrowed money from China, the US government will be closed.
��Do you know that without *China’s vote*, the UN could not pass _*sanctions against N. Korea*_?
Obviously people don’t know these facts because they don’t get any positive news from the American media,
no matter if the media is left or right, CNN or FOX.
*American and Western media don’t like to tell people the truth about China. *
_*They only feed you negatives news about China.*_ ��
අතිවිශාල මුදලක් විදේශ ආධාර ලෙස ලංකාවට ලැබී ඇති බවටත් යම් යම් පුද්ගලයන් ඒවා ගසා කන බවටත් මේ දින වල එල්ල වන චෝදනා වලට ලංකාවේ රජයේ ප්‍රතිචාරය වන්නේ එවැනි මුදලක් විදේශ වලින් නොලැබුණු බවයි. සියලුම රටවල ආර්ථිකය කඩාවැටී ඇති අවස්තාවක තවත් රටකට ආධාර දිය හැකි රටක් ලෝකයේ පවතිදෝ සිතා ගැනීමට නොහැකි නමුත් මේ අයුරින් වංචා සොරකම් සිදුවීම් වූණා නම් ඒ පිළිබඳව විස්තර දන්නා පුද්ගලයන් කල යුත්තේ මුලින්ම ඒ පිළිබඳව අදාළ ආයතනවලට පැමිණිලි කිරීම බව ලංකාවේ රජයේ ප්‍රකාශකයන් පැහැදිලි කළා. එසේ නොකොට මහජනතාව කුතුහලයට ලක් කර ඇති බැවින් ආධාර ලබා දුන් රටවල් හෝ සන්විධාන මොනවාද යන්නත්, එකී සංව්ධාන හෝ රටවල් වෙන්වෙන්ව ලබා දී ඇති මුදල් ප්‍රමාණය කෙතරම්දැයි මහජනතාවට දැන ගැනීමට අයිතියක් ඇතිබවත් ලංකාවේ රජය පිළිගත්තා.
ReplyDeleteමේ අතර කොවිඩ 19 නවකොරෝනා ව්‍යවසනය පාලනය කිරීම සඳහා විදේශ ආයතන සහ රටවල් ගණනාවක් විසින් ලංකාවට ලබා දෙන බවට පොරොන්දු වී ඇති කිසිදු මුදලක් මේ වනවිටත් ශ්‍රී ලංකා මහ බැංකුවට බැර වී නැති බව මුදල් අමාත්‍යාංශ ඉහළම ප්‍රකාශයකු විදෙස් මාධ්‍ය වෙත කියා සිටියා.
තව දුරටත් ඔහු සඳහන් කළේ මෙවන් ව්‍යසනකාරී අවස්ථාවල බොහෝ රටවල් සහ බොහෝ විදේස් ආයතන විවිධ මුදල් ආධාර දෙන බවට පොරොන්දු වුවද ඒවා අනුමත කර ක්‍රියාත්මක වී අවසන් තීන්දුව පැමිණීමට සාමාන්‍යයෙන් අවම මාස දෙකක් හෝ ඊටද ඉතා වැඩි කාලයක් ගතවන බවයි. එම තීරණය ගත් පසු පමණක් ලංකාවට මුදල් හුවමාරු කළ හැකි බවද ඔහු සඳහන්කළා.
කෙසේනමුත් ශ්‍රී ලංකාවට ලබාදෙන බව පවසා ඇති මුදල් ආධාර කිසිවක් මේ වන විට අවසාන වශයෙන් එම රටවල් හෝ ආයතන විසින් තීන්දු කර අනුමත කර නැති බවද ඔහු පැවසීය.
එමෙන්ම මාධ්‍ය විසින් වාර්තා කර ඇති ලෝක මුස්ලිම් ලීගය විසින් ලංකාවේ 2019 පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට වන්දි ගෙවීම සඳහා ලබා දුන් රු. කෝටි 90ක් මුදලට වූ දෙයත් සෙවිය යුතුය.
ඇමෙරිකා එක්සත් ජනපදය මේ වෙනකොට ලෝකයේ විවිධ රටවලට දී ඇති මුලු ආධාර ප්‍රමාණය ඇ.ඩො. මිලියන 700ක් වන අතර චීනය ලොව පුරා රටවල් 126කට වඩා වැඩි ප්‍රමාණයකට දී ඇති මුදල ඇ.ඩො. බිලියන 5.7ක් වන බව දැක්වේ. මීට අමතරව යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයද ලංකාවට මුදල් ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.
කෙසේ වෙතත් මේ කෝවිඩ් වසංගත අර්බුධය හමුවේ බටහිර රටවල් විසින් චීනය මංකොල්ල කෑමට සියලු කටයුතු සංවිධානය කරමින් තිබේ. මෙවැනි වටපිටාවක අප වගා සංග්‍රාමයකට යොමු වීම ඉතා වැදගත් නේද ඉකොනොමැටටෝ?
සැම දෙනා - පුනපුනා - බලමිනා - උගන්නා - යුතු වෙනා - ලියමනකි!!!
ReplyDeleteතුති වෙනා!
" යන්ත්‍රයකට මිනිස්සුන්ගේ ආගමික අවශ්‍යතා ආදිය පවා සපයන්න පුළුවන්" ???
ReplyDelete"ජනගහණය අඩු කරන්න වෙන්නේ සම්පත් හිඟයක් ඇති විටයි. නමුත්, තාක්ෂනය අතින් පෙරමුණේ සිටින රටවල හතරවන කාර්මික විප්ලවය සමඟ සිදු වෙමින් පවතින්නේ සම්පත් හිඟය අඩු වීමක් හා ඇතැම් විට සම්පත් අතිරික්තයක් ඇති වීමකුයි."
ReplyDeleteනමුත් පවතින ජනගනයට උනත් ලෝකයේ ස්වභාවික සම්පත්වල හිඟයක් දැනටම තියෙනව නේද? උදාහරණයක් හැටියට , ස්වභාවික සමතුලනය සඳහා අවශ්‍ය වනාන්තර ගහණය පවත්වාගැනීමට අද අපට නොහැකි වී තියෙනවා. එයට ප්‍රධානම හේතුව ආහාර නිෂ්පාදනය සඳහා වනාන්තර එළි කිරීමයි. සමහරවිට අනාගතයේදී යම් අතිරික්තයක් ඇති වෙන්න පුළුවන්, නමුත් පේනතෙක් මානයේ තියෙන්නෙ නම් හිඟයක් බවයි පේන්නේ .