වෙබ් ලිපිනය:

Wednesday, March 16, 2022

දැඩි තීරණ හා හරි තීරණ


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට පෙර ජාතිය ඇමතුවා. මිනිත්තු දහතුනක, සාපේක්ෂව කෙටි, කතාවක්. මම හිතන විදිහට මේ ජාතිය ඇමතීම මේ වෙලාවේ කළ යුතුවම තිබුණු දෙයක්. ඒ වගේම, කතාව ඕනෑවට වඩා දිග් ගස්සන්නේ නැතිව අවශ්‍ය කරුණු කෙටියෙන් කියපු එකත් හොඳයි. 

ජනාධිපති රාජපක්ෂට අනුව ඔහු දැඩි තීරණ කිහිපයක් ගන්න තීරණය කරලා. මිනිස්සු බොහෝ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂව තෝරා ගත්තේ ඔහු දැඩි තීරණ ගනු ඇතැයි යන විශ්වාසයෙන්. එවැනි දැඩි තීරණ ගත නොහැකි වීම යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේ නායකයින් සම්බන්ධව තිබුණු විවේචනයක්. 

මම හිතන්නේ, ඔහුව පත් කර ගත් අය අපේක්ෂා කළ පරිදිම ජනාධිපති රාජපක්ෂට විසින් කිහිප වරක්ම දැඩි තීරණ ගත්තා. ඒ දැඩි තීරණ නිසා රටට හා ජනතාවට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිදු වුනා. මෙයට හේතුව එම දැඩි තීරණ ජනප්‍රිය තීරණ මිස හරි තීරණ නොවීමයි. 

ජනාධිපතිවරයෙකු විසින් දැඩි තීරණ ගැනීම හොඳ වුවත්, වඩා වැදගත් හරි තීරණ ගැනීමයි. සමස්තයක් ලෙස මේ ආණ්ඩුවේ ප්‍රශ්නය වූයේ සැලසුමක් ඇතිව හරි තීරණ නොගැනීමයි. ඒ නිසා, ආණ්ඩුව විසින් ගත් බොහොමයක් දැඩි තීරණ ඉතා ඉක්මණින් සම්පූර්ණයෙන්ම ආපිට හරවන්න වුනා. දැන් සිදු වී තිබෙන්නේත් එයයි. 

කතාවේ දේශපාලන කොටස ගැන කෙතරම් විවේචන කළ හැකි වුවත්, අපි එම කොටස පැත්තකින් තියා ආර්ථික කොටසට එමු. වඩාත්ම වැදගත් කොටස වන්නේ ජනාධිපතිවරයාට අනුව විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමේ බලපෑමයි. 

මේ කතාවට අනුව, ඩොලරයේ මිල දිගටම රුපියල් 200 මට්ටමේ තියාගෙන සිටියානම් මෙම වසර තුළ ඇති වන තත්ත්වය මෙවැන්නක්. මේ ඉකොනොමැට්ටා කාලයක් තිස්සේ කියපු දේවල් නැවත මතක් කිරීමක් නෙමෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට පෙර කියපු දේ සාරාංශගත කිරීමක්. 


ආනයන වියදම - ඩොලර් බිලියන 22යි

ණය ගෙවීම් - ඩොලර් බිලියන 6.9යි 

ගෙවීම් එකතුව - ඩොලර් බිලියන 28.9යි 


අපනයන ආදායම - ඩොලර් බිලියන 12යි 

සේවා ආදායම් - ඩොලර් බිලියන 3යි 

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් බිලියන 2යි 

ණය හා ආයෝජන - ඩොලර් බිලියන 2.5යි 

ලැබීම් එකතුව - ඩොලර් බිලියන 19.5යි 


හිඟය - ඩොලර් බිලියන 9.4යි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටම අනුව විණිමය අනුපාතය පා කිරීම නිසා මේ තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද?


ආනයන වියදම - ඩොලර් බිලියන 20යි

ණය ගෙවීම් - ඩොලර් බිලියන 6.9යි 

ගෙවීම් එකතුව - ඩොලර් බිලියන 26.9යි 


අපනයන ආදායම - ඩොලර් බිලියන 13යි 

සේවා ආදායම් - ඩොලර් බිලියන 4යි 

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් බිලියන 5යි 

ණය හා ආයෝජන - ඩොලර් බිලියන 2.5යි 

ලැබීම් එකතුව - ඩොලර් බිලියන 24.5යි 


හිඟය - ඩොලර් බිලියන 2.4යි.


ඒ කියන්නේ විණිමය අනුපාතය පා කිරීම නිසා ඩොලර් බිලියන 7ක් ඉතිරි වෙනවා කියන එකයි. ඉතිං හත් දෙයියනේ බලු බැණුම් අහගෙන, අවුරුදු ගාණක් තිස්සේ අපි කිවුවේ ඕකනේ!

පළමුව මම පොඩි තාක්ෂණික නිවැරදි කිරීම් ටිකක් කරන්නම්. සේවා ගිණුමට ලැබෙන ආදායම් වගේම වියදම්ද තිබෙනවා. මෙහි ඒ ගැන කතාවක් නැහැ. ඒ වගේම යම් මුදලක් විදේශ ප්‍රේෂණ ලෙස රටින් එළියට යනවා. එයද මෙහි නැහැ. ඒ නිසා අපි මෙහි සඳහන් සේවා ආදායම් යන්නෙන් අදහස් කර තිබෙන්නේ ශුද්ධ සේවා ආදායම් බවත්, ශ්‍රමික ප්‍රේෂණ යන්නෙන් අදහස් කර තිබෙන්නේ ශුද්ධ ශ්‍රමික ප්‍රේෂණ කියාත් සලකමු. ඒ වගේම ණය ගෙවීම් වලට පොලී ගෙවීම්ද ඇතුළත් සේ සලකමු.

ඉහත උපකල්පන යටතේ ගෝඨාභය රාජපක්ෂගේ ඇස්තමේන්තු නරක ඇස්තමේන්තු නෙමෙයි. කොහොමටත් මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන්ට මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ වගේම, පැත්තක ඉන්න අප‍ට කලින් අළුත්ම දත්තත් ඔවුන්ට ලැබෙනවා. මේ ඇස්තමේන්තු සමඟ මට බොහෝ දුරට එකඟ විය හැකියි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය විසින් භාර ගනිද්දී පැවති තත්ත්වය ඉහත දෙවන තත්ත්වයට සමානයි. යහපාලන කාලයේදී ආසන්න වශයෙන් ඩොලර් 2.4කට කිට්ටු වාර්ෂික ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. ඒ, ඒ වන විට අරගෙන තිබුණු ණය වෙනුවෙන් පොලී ලෙස වසරකට ගෙවිය යුතු වූ මුදලයි. විණිමය අනුපාතය පාවෙන තත්ත්වයක් යටතේ පරණ ණය වල වාරික ගෙවීම ඇතුළු අනෙකුත් වාර්ෂික වියදම් සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වැඩි අපහසුවක් නැතිව රටට එන නමුත් පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික රටට එන්නේ නැහැ. ඒ ප්‍රමාණයත් වෙළඳපොළෙන් එකතු කර ගන්නනම් සාමාන්‍ය සමතුලිත මිලටත් වඩා විණිමය අනුපාතය අවප්‍රමාණය කරන්න වෙනවා. එහෙම නැත්නම් අලුතෙන් ණය ගන්න වෙනවා. යහපාලන ආණ්ඩුව විසින් කළේත්, මේ ආණ්ඩුව දැන් කරන්න යන්නේත් දෙවැන්නයි.

මේ ආණ්ඩුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීම නිසා මීට අමතරව වසරකට ඩොලර් සැලකිය යුතු ප්‍රමාණයක් රටට අහිමි වුනා. ගෝඨාභය රාජපක්ෂට අනුවම 2022 වසර සඳහා මෙම ඇස්තමේන්තුව ඩොලර් බිලියන හතක්! ඔන්න මම එහෙම නෙමෙයි කියන්නේ. 

මේ වෙලාවේ මේ ඩොලර් බිලියන හත බේරා ගැනීම සඳහා ආණ්ඩුව දැඩි තීරණයක් අරගෙන. ඒ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හා ඒ හරහා "ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීම". ඔය උදෘත ඇතුළේ සඳහන්ව තිබෙන දෙයට සිංහලෙන් කියන තනි වචනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. කෙටියෙන් කිවුවොත් මෙතැන තියෙන්නේ ඇතැම් ආර්ථික විද්‍යාඥයින් විසින් මෙන්ම එජාප හා සජබ විසින්ද පසුගිය කාලය මුළුල්ලේ කළ යෝජනාව. 

මේ ටික කළොත් දැනට තිබෙන ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. ඒ කියන්නේ 2019ට ආපහු යන්න පුළුවන්. නමුත්, ආපහු 2007ට යාම ඊට වඩා දුර ගමනක්. ආපහු 1947ට යන එකනම් ගොඩාක්ම දුර ගමනක්!

තවත් වැදගත් දෙයක් මතක තියා ගන්න. ඉහත දෙවන ඇස්තමේන්තු ප්‍රායෝගික වන්නේ විණිමය අනුපාතය හරියටම පාවෙන්න ඉඩ හැරීමෙන් පසුව පමණයි. එය සිදු වෙමින් පවතින්නේයැයි මම හිතන නමුත් තවමත් සිදුව අවසන් වී නැහැ. ඩොලරය හරියටම පාවෙන්න පටන් ගන්නා විට එහි මිල කීයක් වෙයිද කියා ගෝඨාභයගේ කතාවේ නැහැ. 

42 comments:

  1. හොඳ පැහැදිලි කිරීමක් ඉකොනොමැට්ටා, මම හිතන්නේ බලාගෙන යනකොට ජනපති ලොක්කට අපි බැන්නාට මිනිහ කියපු දේවල් වලත් ඇත්තක් තියෙනවා නේද? ඒත් ආණ්ඩුව ගත්ත වැරදි තීරණ සහ ලෝකයේ සෑම රටකම පාහේ ඉහළ යන භාණ්ඩ වල මිල, විශේෂයෙන්ම රටේ විශාල ණය බරක් තියෙන සංචිත පවා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අවස්ථාවක ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම පිණිස ආනයනය කරන ලද ඉන්ධන සහ ගෑස්, ආහාර ද්‍රව්‍ය, කිරි පිටි වගේ පාලනය කළ නොහැකි දේවල් වල මිල දැඩි ලෙස පාලනය කරන්න කරපු අසාර්ථක උත්සාහය, ඒ වගේම සංචිත හිඟය, විශාල වශයෙන් විදේශ ණය බර සහ දේශීය වශයෙන් බදු අඩු කර මුදල් අච්චු ගසා තිබෙන සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් රටේ ක්‍රෙඩිට් රේටිංස් අඩු වෙලා තියෙන මොහොතක බලහත්කාරයෙන් ඩොලර් එක පාලනය කරන්න හදපු අසාර්ථක උත්සාහය වගේ දේවල් නම් හිතා මතාම රටේ ආර්ථිකය වට්ටන්න කරපු දේවල් යටි අරමුණ කාගේ ද දන්නේ නැහැ ඒත් ජනාධිපතිට ඕක නොතේරෙන දෙයක් නෙවෙයි. මොකද මේ යකා අර මෛත්‍රීපාල හරි සජිත්, හර්ෂ ද සිල්වා වගේ එහෙන් මෙහෙන් වදන් අහුලගෙන බහුබූත දොඩවන අමු මැටි ඩයල් එකක් නෙවෙයි නේ අඩුගානේ හමුදාවේ ලුතිනන් කර්නල් දක්වා ආව කියන්නේ මේවා ගැන ඉවෙන් වගේ හරි තේරුම් ගැනීමට පුළුවන් කෙනෙක් වියයුතු යිනේද? ඒ නිසා මම හිතන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් මට කෝල් කරපු වෙලාවල් වලදී කියපු දේවල් වගේම බොහෝ දුරට මේවා ලොක්කා ද දැනුවත්ව ඇමරිකානු ඇජෙන්ඩා එකක් යටතේ ඉන්දීය සුපරීක්ෂාකාරී පාලනයක් හරහා ලංකාවේ ආර්ථිකය සහ සමාජ සංස්කෘතික සංකල්ප, ආයතන පද්ධති හැම දෙයක්ම උඩු යටිකුරු කරන්න කරපු වැඩක් වගේ නේද පේන්නේ? ඒ කාලේ ලංකාවේ ගොඩක් අය විරුද්ධ වූ ඇමරිකානු එම් සී සී එකත් ආයේ ගේන්න යනවා කියලාත් ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත පැවසූ නිසා මමත් හිතන්නේ ගොඩක් වෙලාවට ඉතාමත් භයානක දේවල් කරයි මේ යෝදයා නොදන්නා බබෙක් වගේ බබා පාට් එකක් දාල, රටට නම් මොනවා වේවිද දන්නේ නෑ ඉස්සරහට. අපට අවසාන කාලේ ඇහැ පියාගන්න ගිහින් මැරෙන්න වත් යන්න රටක් නැති වෙයි.... හැම දෙයක්ම අනිත්‍යයි කියලා හිත හදාගෙන ඉන්න ඕන කරන්න දෙයක් නෑ ඉතින්..... හ්ම්...

    ReplyDelete
  2. මම සිංහල දේශපාලකයන්ව ආර්ථික වගකිම් වලින් නිදහස්කරලා ගොඩක් කල්. ඒ නිසා මොන ආර්ථික ප්‍රශ්ණ ආවත් සිංහල දේශපාලකයන්ට බනින්නේ නෑ. අපිට තියෙන්නේ වෙන අරමුණු.

    ReplyDelete
  3. ඉකෝන්,

    මාතෘකාවට අදාල නැති නමුත් ලංකාවේ ආර්ථිකයේ මම දකින දේවල් ගැන ඔබෙන් විමසීමක් කරන්න ඕන, මොකද මගේ නිරීක්ෂණ අනුව ලංකාවේ සමාජ ජාල වල බොහෝ මිනිස්සුන්ගේ ජනප්‍රිය කතාව තමයි ලංකාවේ නැති දෙයක් නෑ, ලංකාව හදන එක හරි ලේසි දෙයක් කියලා.

    ඒත් ඉකෝන් මගේ විශ්වාසය සහ අවබෝධයේ හැටියට නම් ඇත්ත කතාව ලංකාව තුළ ලෝකයේ (සහ ලංකාවේ ඇතුලේ පවා) නූතන මාකට් එකට අවශ්‍ය වැදගත් දෙයක් නෑ. මේක ගැන ඔබේ අදහස් මොනවා ද?

    මොකද මම හිතන්නේ රටක මූලිකම සහ වඩාත් වියදම් අධිකම අවශ්‍යතාව වන බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට ලංකාවේ ඛනිජ තෙල් නිධි නෑ, ස්වභාවික වායු/ ගල් අගුරු නෑ. ලංකාවට තෙල් ගෑස් ගල් අගුරු ආදිය ගේන්නේ රටින්.

    ඒ වගේම අපට විකුණලා සල්ලි හොයන්න තරම් රත්තරං නෑ, දියමන්ති නිධි නෑ.

    කර්මාන්තයක් පටන් ගන්න යපස් නෑ, ඇලුමිනියම් නෑ, නිකල් නෑ, කොපර් නෑ. මේ දවස්වල වටින ලිතියම් කොබෝල්ට් මැංගනීස් වගේම පවර්ෆුල් මැග්නට් හදන්න ගන්න රෙයාර් අර්ත් ලෝහ වර්ග වගේ මොන මගුලක් වත් නෑ යන්තම් ටයිටේනියම් සංයෝග ටිකක් සහ ග්රැඵයිට් ටිකක් තියෙනවා නමුත් සැලකිය යුතු මට්ටමක විශාල වශයෙන් තරගකාරී ලෙස කර්මාන්ත කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ලාබෙට බලශක්තිය නෑ, ඒ නිසා ඇත්ත වශයෙන්ම වෙන්නේ මොනවා හරි හදනවා නම් අමුද්‍රව්‍ය ගේන්න වෙන්නේ පිටරටින්. නමුත් මහාපරිමාණ අමුද්‍රව්‍ය ආනයනය කරන චීනය වගේ රටවල් වලට වඩා ඉතා සුළු ප්‍රමාණයක් ආනයනය කරන නිසා අපේ රෝ මැටීරියල් කොස්ට්‍ එකම සෑහෙන වැඩියි.

    ඒ වගේම කෘෂි නිෂ්පාදන හා සත්ව පාලනය පැත්තට ගියොත් බ්‍රසීලේ වගේ රටවල මාංශ කර්මාන්තයට විශාල භූමි ප්‍රමාණයක්, හොඳ වර්ගවල සතුන් විශාල වගා භූමි තුල මහාපරිමාණ ලාබෙට වවන්න සත්ව ආහාර සහ ඒ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් සහිත අය ගොඩක් ඉන්නවා ඒත් ලංකාවේ ඒකත් නෑ.

    ඒ වගේම විශාල වශයෙන් ස්වභාවික සම්පත් බහුලව දක්නට ලැබෙන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ස්කැනේඩියානු රටවල් සෑහෙන ස්වාභාවික රිසෝර්සර්ස් රෝ මැටීරියල් ලෙස මහා පරිමාණයෙන් චීනය ඇතුලු රටවල් වලට විකුණනවා. අපිට ඒවා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ලංකාවේ රක්ෂිත වනාන්තර නොවන නිකම් කැලේ වැදිලා තියෙන මුඩු ඉඩම් වල අපනයන භෝග ප්‍රවර්ධන සඳහා හෝ විදේශීය ආයෝජන හරහා වාණිජ කෘෂි ව්‍යාපෘති පටන් ගන්න හදනකොට "බුදු අම්මෝ රටම විකුණනවෝ, ආණ්ඩුවේ හොරු වටිනා දැව විකුණන්න කැලේකට අත තියනවෝ, පරිසර සංරක්ෂණ සංවිධාන, වනසත්ව අවිහිංසා සංවිධාන සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් රට පුරාම මහා පරිමාණයෙන් කරන දැවැන්ත උද්ඝෝෂණ වලින් බේරිල්ලක් නෑ..

      ඒ වගේම දේශීය හෝ විදේශීය ව්‍යවසායකයින් ආයෝජන ටිකක් අරන් කර්මාන්ත ශාලා පටන් ගන්න හැදුවොත් ලාභෙට ශ්‍රමය නෑ. අවම වැටුප වගේ බාගයක් අඩුවට වියට්නාමයේ, කාම්බෝජයේ, බංග්ලාදේශයේ, චීනයේ ඇතැම් පළාත්වල, තව ගොඩක් අප්‍රිකා රටවල ශ්‍රමය මීට වඩා ගොඩක් අඩුවට තියෙනවා. ලංකාවේ ගොඩක් නිෂ්පාදන කර්මාන්ත ඇතැම් දේශීය ආයෝජකයන් පවා තම කම්හල් ගලවාගෙන ඉතියෝපියා, ර්වන්ඩා, බංග්ලාදේශ්, ව්යත්නාං ආදී රටවල් වලට ආයෝජන විශාල වශයෙන් ශිෆ්ට් කරනවා.

      ලංකාවේ වාර්ෂික මැණික් හා ස්වර්ණාභරණ සමස්ත අපනයන ඩොලර් මිලියන 400 ට අඩු හින්දා මම හිතන්නේ තනි මිනිහෙක්ට ගොඩ යන්න, නගරෙකට ගොඩ යන්න මැණික් තිබුනට රටකට ගොඩ යන්න තරම් විශාල මැණික් නිධි ඇත්තෙත් නෑ.

      ඔය නිසා මම හිතන්නේ භාණ්ඩ වලින් විකුණන්න පුලුවන් ඇත්තටම ලෝක වෙළදපළට අවශ්‍ය මහ දේවල් ලංකාවේ නෑ...

      හැබැයි ඉතින් ඒ ඔක්කෝටම හරියන්න ලංකාවේ IT ෆීල්ඩ් එක හැදිගෙන එද්දි.. ඩොලර් නෑ කියලා පවර් කට් කරන එකත් හරි නෑ නේද ඉකෝන්. පවර් නෑ ජෙනි වලට ඩීසල් නෑ ඉර මාමගේ කරුණාව මත සොලාර් ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් තමයි හැබැයි වැහි කාලේට ඒකත් පොඩියට අවුලක්.

      ලංකාවේ වැදගත් ක්ෂේත්‍ර කියලා මම දන්න I.T විතරක් නෙවෙයි ගාමන්ට් ටික, ටී ෆැක්ට්‍රිස් ටිකට කිසිම වෙලාවක කරන්ට් කැපෙන්න හොද නෑ. අනිත් පැත්‍තට රාජ්‍ය ආයතන වලට නම් කරන්ට් අවශ්‍යත් නෑ මොකද පින් පඩි අරන් ගෙදරට වෙලා පින් බත් ගිල ගිල ඉන්න ගමන් නැත්නම් බොරුවට පුටු රත් කරමින් වැඩි පඩි දීපියව් කියලා විලාප ගහන අමන මිනිස්සු. සී පුඩ් එක්ස්පෝට් එක ගත්තොත් ලංකාවට මාලු වලින් දැනටම ගේනවා USD 500 M තමයි අවුරුද්දට. මාසෙක තෙල් ගේන්න හෝ රාජ්‍ය සේවේ වැටුප් විශ්‍රාම වැටුප් ගෙවන්න පුලුවන්.

      ලංකාවට වටින දෙයක් කියලා ඉන්නෙ මනිස්සු විතරයි උනුත් ග්‍රේඩ් C කොලිටි. බාගයක් රිජෙක්ටඩ් බඩු. ඉඳල හිටල එකෙක් දෙන්නෙක් විතරයි ග්‍රේඩ් A, B ඉන්නෙ. උනුත් රටින් පනින්න බලන් ඉන්නවා.

      ඇත්තටම කෘෂිකර්මය වෙනුවට වාණිජ කෘෂි කර්මාන්තයයක් විදියට ලංකාවේ ආර්ථිකය ඉදිරියට යන්න ඕන. රටට කන්න තරම් කෑම හදාගන්න ඕන. ඒත් පිටරට විකුණලා සල්ලි හොයන්න තරම් විශාල ඉඩම් ප්‍රමාණයක් අපිට නෑ.

      සාම්ප්‍රදායික විදිහට නැතුව ඊශ්‍රායලය වගෙ රටක් කෘෂිකර්මාන්තය පාවිච්චි කරන විදිහ ගැන රිසර්ච් කරලා මුලින් ඉගෙනගන හරි විදිහට ⁣තාක්ශණය පාවිච්චි කරලා කලොත් ලංකාව වගෙ රටකට ලේසිම ක්‍රමයක්..(මට හිතෙන විදිහ) නමුත් තියෙන අභියෝගතා තමයි ඊස්රාඑලයේ මිනිස්සු එක්ක කරන වැඩ ලංකාවේ මිනිස්සු එක්ක කරන්න බෑ. ලංකාවේ මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එකයි උන්ගේ ඇටිටියුඩ්ස්නුයි අහසට පොළව වගේ ඉකෝන්.

      ඒත් ඉතින් ජන්ද කාලෙට කියන්නේ සේරම තියේ කියලා��..ඒවා පිටරටට යන එක නවත්තගන්න රට බේර ගන්න ජන්දේ දෙන්න කියලා. ඉතින් කොහොමද රටක් ගොඩ දාගන්න පුළුවන් ද?

      Delete
    2. //ලංකාවේ සමාජ ජාල වල බොහෝ මිනිස්සුන්ගේ ජනප්‍රිය කතාව තමයි ලංකාවේ නැති දෙයක් නෑ, ලංකාව හදන එක හරි ලේසි දෙයක් කියලා.//

      ඇතැම් දේශපාලන ධාරා විසින් නියෝජනය කරන්නෙත් මේ අදහසම නේද? හොරකම් නැත්නම් රට මාර විදිහට දියුණු වෙනවා කියන එකත් ඔය කතාවෙම දිගුවක්.

      Delete
    3. https://www.youtube.com/watch?v=geKQnRx3-cc

      Delete
    4. //ලංකාවට වටින දෙයක් කියලා ඉන්නෙ මනිස්සු විතරයි උනුත් ග්‍රේඩ් C කොලිටි......
      සාම්ප්‍රදායික විදිහට නැතුව ඊශ්‍රායලය වගෙ රටක් කෘෂිකර්මාන්තය පාවිච්චි කරන විදිහ ගැන රිසර්ච් කරලා මුලින් ඉගෙනගන හරි විදිහට ⁣තාක්ශණය පාවිච්චි කරලා කලොත් ලංකාව වගෙ රටකට ලේසිම ක්‍රමයක්.....නමුත් තියෙන අභියෝගතා තමයි ඊස්රාඑලයේ මිනිස්සු එක්ක කරන වැඩ ලංකාවේ මිනිස්සු එක්ක කරන්න බෑ. ලංකාවේ මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එකයි උන්ගේ ඇටිටියුඩ්ස්නුයි අහසට පොළව වගේ

      http://chandimagomes.blogspot.com/2019/01/shalom-rosenberg.html

      Delete
    5. දොඩන්නැතුව කෝමෙයි?
      http://economatta.blogspot.com/2019/01/blog-post_18.html

      Delete
    6. //හොරකම් නැත්නම් රට මාර විදිහට දියුණු වෙනවා කියන එකත් ඔය කතාවෙම දිගුවක්// දියුණු වෙන නොවෙන කතාව කෙසේ වෙතත් රාජ්‍ය බලය යොදාගෙන කරන මහා පරිමාන හොරකම්, දූශ්ණ, වංචා ලංකාවේ වෙන්නේ නැද්ද? මේ හේතුව නිසා ලංකාවට එන විදෙස් ආයෝජන වලට බලපෑමක් වෙලා නැද්ද? හොරකම, නාස්තිය, දූෂන වංචා මේ ආර්ඨ්හික පරිහානියට දායක වෙලා නැද්ද මොනම විදියකින්වත්? ඉකොනො මේ ගැනත් ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.

      Delete
    7. //දියුණු වෙන නොවෙන කතාව කෙසේ වෙතත් රාජ්‍ය බලය යොදාගෙන කරන මහා පරිමාන හොරකම්, දූශ්ණ, වංචා ලංකාවේ වෙන්නේ නැද්ද?//

      එහෙම දේවල් වෙන බව ඉතාම පැහැදිලියිනේ. රාජ්‍ය බලයේ හා සිවිල් බලයේ උදවුවෙන් මහා පරිමාන හොරකම්, දූෂණ යම් ප්‍රමාණයකුත් මධ්‍යම හා සුළු පරිමාණ හොරකම්, දූෂණ ඊට වඩා අති විශාල ප්‍රමාණයකුත් සිදු වෙනවා. පසුගිය කාලයේ විශාල ලෙස ප්‍රසාරණය වී තිබෙන ලංකාවේ මධ්‍යම පංතියට අයත් පුද්ගලයින් අතරෙන් කී දෙනෙක් හරියට සතේට බදු ගෙවල තියෙනවද? හැමෝම ගෙවිය යුතු බදු හරියට ගෙවනවානම් බොහෝ විට මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

      //මේ හේතුව නිසා ලංකාවට එන විදෙස් ආයෝජන වලට බලපෑමක් වෙලා නැද්ද?//

      විදෙස් ආයෝජන වලට යම් බලපෑමක් වී ඇති. නමුත්, මෙය එක් සාධකයක් පමණයි. ඒ වගේම, වත්මන් ප්‍රශ්නයට හේතුව විදෙස් ආයෝජන නොපැමිණීම නෙමෙයි. මීට වඩා විදෙස් ආයෝජන පැමිණ තිබුණානම් ප්‍රශ්නය මීටත් වඩා දරුණු වී තිබීමටත් ඉඩ තිබුණා. මොකද විදේශ ආයෝජන ලෙස රට එන හැම ඩොලරයක්ම රටේ බැරකම් වලට එකතු වෙනවා. ඒ වගේම එම ඩොලර් නිසා රුපියල අධිප්‍රමාණය වී ආනයන අපනයන පරතරය ඉහළ යනවා. ඉන් පසුව, එම බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ලෙස වාර්ෂිකව යම් ඩොලර් ප්‍රමාණයක් රටින් එළියට යනවා. ඒ සඳහා අවශ්‍ය සංචිත කලින්ම එකතු කරගෙන නැත්නම් දැන් ඇති වී තිබෙන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා.

      //හොරකම, නාස්තිය, දූෂන වංචා මේ ආර්ඨ්හික පරිහානියට දායක වෙලා නැද්ද මොනම විදියකින්වත්?//

      රාජ්‍ය අයවැය හිඟයට මේ සියල්ල දායක වෙනවා. ඒ හරහා අනෙක් ප්‍රශ්න වලට හේතු වෙනවා.

      Delete
    8. හොරකම්, මහා පරිමාන සුදුඅලි ව්‍යාපෘති, සහ ඔබ මෙතුවක් කල් කතා කල වැරදි ප්‍රතිප්ත්ති (විනිමය පහලින් තබා ගැනීම) කිය්න කරුනු 3 ගත්තොත් ප්‍රතිශතයක් වශයෙන් අර්බුදයට දායකත්වය කොයි වගෙද?
      මිනිස්සු තවමත් කතා කරන්බෙ ඔය පලමු කරුනු දෙක ගැන පමනයි. උන්ට 3 වෙනි එක ගැන මෙලෝ අවබෝදයක් නෑ කියලයි මට හිතෙන්නෙ.

      Delete
    9. මේ තුන අන්‍යෝන්‍ය ලෙස බහිෂ්කාර සාධක තුනක් නොවන නිසා විභේදනය කළ නොහැකියි. ඩොලර් හිඟයට හේතුව 100%ක්ම විණිමය අනුපාතය පහළින් තියා ගැනීම කියා කිව හැකියි. අනෙත් කරුණු සියල්ල එසේම තිබුණත් විණිමය අනුපාතය විශාල ලෙස අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියේනම් ඩොලර් ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ගණන් බැලීමක් කර නැති නිසා දළ අදහසක් ලෙස මහා පරිමාණ සුදුඅලි ව්‍යාපෘති වල දායකත්වය වැඩිම වුනොත් 10%ක් පමණ විය හැකියි. ඒ 10% තියෙන්නේ ඉහත 100% ඇතුළේ. ඒ අනුව, හොරකම් (කොමිස්) වල දායකත්වය වැඩිම වුනොත් 1%ක් විය හැකියි. එය ඉහත 100%ට මෙන්ම 10%ටද ඇතුළත්.

      Delete
    10. ඉකොනොමැට්ටා,

      දූෂිත ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ දෙවන රයිකය (2010-14) කාලේ තුල ලංකාවේ මහාපරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සෑහෙන විදෙස් ණය ගනු ලැබු අතර ඇතැම් ඒවාට 2% වැනි සහනදායි පොලියට දිගු කාලීන ණය වශයෙන් ගෙන ඇති අතර සමහර ඒවාට වාණිජ මට්ටමේ පොළී 3%-4% වගේ ගිහින් තියෙනවා. මින් විශාලම එක වන නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට වැය වූයේ ඇ.ඩො. බිලියන 1.35 කි. හම්බන්තොට වරාය අද තිබෙන තත්වයට ගෙන ඒමට ගත් මුලු ණය ඩොලර් බිලියන 1.26 කි. කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740කි. මත්තල ගුවන්තොටුපලට ඩොලර් මිලියන 209කි. (මුළු වියදම ඩොලර් බිලියන 0.247ක් පමණි. කටුණායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 292 කි. නෙළුම් කුලුණ ඉදිකිරීමට ගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 67කි (මුළු වියදම ඩොලර් මිලියන් 106 ක් පමණ). මේ සියලුම ව්‍යාපෘති වලට වැය වූ මුදල් එකට එකතු කළත්, යහපාලන ආණ්ඩුව 2019 වසරේදී පමණක් අයි එස් බී සවරින් බොන්ඩ් දෙකක් හරහා ලබාගත් ඩොලර් බිලියන 4.4ට කිට්ටුවටවත් එන්නේ නෑ ඒත් ඔය ව්‍යාපෘති වගේ ප්‍රාග්ධන වියදම් වල මුළු එකතුව රජයේ සමස්ත වියදම් වලින් 10 ක් විතර වෙනවා නේද?

      ඒ වගේම රාජපක්ෂ හොර පවුල ඒ කාලේ හොරකම් කරලා තියෙන්නේ ඩොලර් බිලියන 18 කට වඩා කියලා යහපාලන රජය පැවසූ නමුත් ස්වාධීන විශේෂඥ ඇස්තමේන්තු අනුව එය ඇමරිකානු ඩොලර් මිලියන 100-150 ක් විතර වෙන බවත් උපරිම වශයෙන් දෙතුන් සීයක් බවත් ඒ කාලේ මාධ්‍ය මගින් විස්තර කරලා ලියලා තිබුණේ. කොහොම උනත් ඇත්ත මුදල මීට වඩා ගොඩාක් වැඩි බිලියන ගණනක් විය හැකි ද?

      ඒ වගේම ලංකාවේ රජයේ සමස්ත විදේශ ණය වන ඩොලර් බිලියන 50 ක් විතර ප්‍රමාණයකින් විදේශ ණය වලින් කරපු සියලුම ව්‍යාපෘති වලට ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් වැය කර තිබෙනවා. මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ණය මුදල් වැය කර තියෙන්නේ රජයේ පුනරාවර්තන වියදම් සහ වෙනත් වියදම් වලට කියලා. දැනට ලංකාවේ ආර්ථිකය කාබාසිනියා කරමින් සිටින ආඥාදායක රාජපක්ෂ තුන්වන රයිකය සඳහා මම යෝජනා කරන්නේ පහත ක්‍රමය.

      1. ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට බය නොවී ඕන මගුලක් කියලා දැඩි තීරණ ගැනීම. ඡන්දෙ කොහොමත් පරදින නිසා කොරහ නොබිඳ යන්න හිත හදාගෙන වැඩ කරන්න ඕන.

      2. ඊළඟට කොහොම හරි මේ වසංගත බයිලා, බඩු මිල මොන තරම් ප්‍රශ්න තිබුනත් ඒවා ඔක්කොම අමතක කරලා රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම සඳහා දැඩි ලෙස බදු වැඩි කරන්න අත්‍යවශ්‍යයි. වැට් එක 16% වත් කරන්න ඕන වෙයි නමුත් මේක ඉතාමත් කල්පනාවෙන් මේ වෙලාවේ මාකට් එක ගැන ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරලා කොහොම හරි මැක්සිමම් බදු ආදායම් ලැබෙන ගානට ඔප්ටිමයිස් කරන්න ඕන.

      2. දැනට බදු ආදායම් නොලැබෙන සහ හොඳින් මුදල් කැරකෙන ක්ෂේත්‍ර වලට හානි නොවන පරිදි මල් නොතලා රොන් ගන්න පරිදී අලුත් බදු වර්ග හඳුන්වා දෙමින් එම ක්ෂේත්‍ර වල අයගෙන් කුණු බැනුම් අසමින් හෝ බදු ආදායම් වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්.

      3. රජයේ විවිධාකාර සුබසාධන අරමුණින් යුතුව කරන දේවල් සහ රට වටේ සංවර්ධන ව්‍යාපෘති වැනි දේවල් වලට හැකි උපරිම වශයෙන් ADB, IBRD, AIIB, Jaica, Koica වැනි ආයතන වලින් ණය මුදල් ලබා ගැනීමට අවශ්‍යයි. ඒ වගේම හොඳ transparency එකක් පවත්වාගෙන QA QC process එකක් පවත්වාගෙන යාමට අවශ්‍ය අතරේ රජයේ දේශීය බදු ආදායම් ඒවාට නාස්ති නොකර හැකි උපරිම කැපකිරීම් සහ මූල්‍ය විනය ඇතිකරගෙන ආදායම නොඉක්මවා වියදම් කිරීම හරහා රාජ්‍ය ණය කළමනාකරණය කර ගත යුතුයි.

      4. දැනට කරගෙන යන විදෙස් විණිමය අනුපාතය නිදහස් කර සංචිත ගොඩ නගා ගැනීම හරහා ගෙවුම් ශේෂ හිඟය මීට වඩා ගොඩාක් බරපතල ලෙස සහ බැරූරුම් ලෙස කල්පනා කරලා කළමනාකරණය කර ගත යුතුයි. ඒ සඳහා අයි එම් එෆ් එකට යන්න ඕන නම් ඊට කලින් ඉතාමත් කල්පනාවෙන් දේශීය ආර්ථික විශේෂඥයින් සමග සංවාදයක් ගොඩ නගන්න අවශ්‍යයි කියලයි මගේ අදහස. අයි එම් එෆ් එක එක්ක ඉතාමත් කල්පනාවෙන් දීගු කාලීනව හිතල බලල පරිස්සමින් ආර්ථික සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යයි. එහෙම නැතුව අයි එම් එෆ් එක කියන බයිලා කරන්න ගියාම වෙන වෙන ලෝක ලෙඩ වැටෙන්නේ. උන් ලංකාවේ ආර්ථිකය ගැන මෙලෝ මගුලක් දන්නේ නැති පොතේ ගුරාලා ටිකක්, ඒවා එහෙමම පිළිගෙන කළොත් රට තවත් බරපතල ලෙස අවුල් වේවි. මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

      Delete

  4. ඇට නැති දිව ඔහේ හැමහට නැමී යත
    පවසන දේ කරපු දෙස්පාලුවෝ නැත
    සර් වුණත් ඒ ගොඩටම වැටී ඇත
    කියලයි කියන්නේ මගෙ නසරානි හිත

    ReplyDelete
  5. ඉකොනො ඔය සඳහන් කළ ජනාධිපති බදාදා ජාතිය අමතා කළ කතාව අනුව දැනට ආණ්ඩුවේ අදහස් මේවා නේද?

    ��මා ජනතාවගේ අසීරුතා හොදින් හදුනන කෙනෙක්

    ��මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවෙයි

    ��ප්‍රශ්නය කලින්ම දැකපු නිසා තමයි දෙවසරකට පෙර වාහන ආනයනය සීමා කලේ..

    මෙහි වඩාත් භයානක කරුණ තමයි මේක:

    //I have decided to continue to work in cooperation with the IMF, says President Gotabaya Rajapaksa in his address to the nation.//

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා තීරණය කළ බව ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් පවසනු ලැබූවා.

    මේ ගැන විග්‍රහ කළ ලංකාවේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය මඟින් පවසන ආකාරයට මේක එච්චර ලේසි පහසු කටයුත්තක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා ගැනීමට අවශ්‍ය කොන්දේසි වලට අනුව පැහැදිලි වශයෙන් තිත්ත බෙහෙත් දීලා මිනිස්සුන්ට ලොකු කට්ටක් කන්න වෙන බවයි.

    මේ ගැන ලංකාවේ සමාජ ජාල වල විශාල වශයෙන් සාකච්ඡා කරල තිබුනෙ, ඒ අනුව ලංකාවේ ෆේස්බුකියේ බොහෝ දෙනෙක් කියලා තිබුණ විදියට ලංකාවේ මද්‍යම පංතිය විනාශ කරන අය ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වල කොයි පැත්තෙත් ඉන්නවා.

    සජිත් ප්‍රේමදාස කියන්නේ උග්‍ර සුබසාධන අරමුණින් යුතුව මහජන මුදල් විශාල වශයෙන් පිනට බෙදා දීමට ලැදි දිළිඳු ජනයාගේ හිත් දිනාගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා දඟලන පටු අරමුණු ඇති තකතීරු මන්ද මානසික පුද්ගලයකු බවත් ඒ නිසා සජබ ගත්තත් එජාපයේ යහපාලන රජය සමයේ පැවති පාලන තන්ත්‍රය ගත්තත් වර්තමානයේ පවතින අන්ත දූෂිත පවුල් පාලනයක් වන පොහොට්ටු පක්ෂය ගත්තත් විනශ කරන්නෙ ලංකාවේ කොඳු නාරටිය බදු ඉතාමත්ම වැදගත් රටේ ආර්ථිකය දියුණුවට මහත් සේ දායක වන වටිනාම කණ්ඩායම වන මද්‍යම පංතියයි. ඒ නිසා ලංකාවේ ආර්ථිකය ගොඩයන්නෙ මද්‍යම පංතිය ගොඩයන පක්ෂයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට ඒ වගේ පිරිසක් බලයට ආවොත් විතරක් බවයි සමාජ ජාල වලට අනුව පැහැදිලි වෙන්නේ.

    ඒ නිසා දැනට ලංකාවේ මධ්‍යම පන්තියේ බහුතරය වන, විශේෂයෙන් මිලියන දෙකක් පමණ වන රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන්, පෞද්ගලික අංශයේ සේවා සපයන ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය සේවා, බැංකු රක්ෂණ සමාගම් ලීසින් සමාගම්, අලෙවි කරන සමාගම්, නියෝජිතායතන, සුපර් මාකට් සහ වෙනත් අලෙවි සමාගම්, වාහන ගෙන්වන සේල් සමාගම්, පොහොර සහ කෘෂි රසායන බෙදා හරින සමාගම්, වෙනත් විවිධ ආකාරයෙන් සේවා සපයන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිවල සාමාජිකයන් අති බහුතරය මේ දවස්වල ඩොලරය අධික ලෙස අවප්‍රමාණ කිරීමත් සමඟ තම ආයතන වලට ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සමගින් මේ නිසා ඉන්නේ දැඩි කෝපයෙන් සහ කලකිරීමක් සහිතවයි. මේ නිසා ලංකාවේ සමාජ ජාල වල කියන දේවල් අනුව ලංකාවේ මධ්‍යම පන්තිය බේරාගැනීම සඳහා අවශ්‍ය එකම විසඳුම ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ ප්‍රධානත්වයෙන් පත්විය යුතු ජනතාවාදී දේශපාලන කණ්ඩායමක් පමණක් බවයි ලංකාවේ මේ දවස් වල තියෙන වඩාත් සාධනීය හැදෑරීමක් සහිත මතය. ජාතික ජන බලවේගයේ නායකත්වය ජනතාවට සහතික කර පවසන පරිදි ලංකාවේ මධ්‍යම පන්තිය ආරක්ෂා කිරීමට ඔවුන් උපරිම වශයෙන් කැපවෙන බවත් බහුතර මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් සිදුකරන ජනතාවාදී වගකීම් ඉටුකරන බව ඔවුන් ජනතාවට සහතිකයක් දෙන බව පුන පුනා ප්‍රකාශ කළා. මම හිතන්නේ මේ කියන විදිහට ලංකාවේ ඊළඟ රජය ජාජබ රජයක් විය හැකි බව. මේ අර්බුදයට ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ සියලුම දේවල් වලට කලින් ලංකාවේ හොරකම් සහ නාස්තිය හා දුෂණය අවම කර එය ආර්ථිකයට ලබා දුන් විට මේ ප්‍රශ්න බොහෝ දුරට විසඳා ගැනීමට පුළුවන් බවයි. මේ ගැන ආර්ථික විද්‍යාත්මකව ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?

    ReplyDelete
  6. මීට හපන් ඉකොනොමැට්ටා ජනාධිපති ගේ විපත් මග සහ ආණ්ඩුවේ ගොන් උපදේශක මණ්ඩල තීරණ. උදාහරණයක් විදියට ලංකාවේ දැනට පවතින විශාල ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම උදෙසා ජනාධිපති පත් කළ විද්වත් කමිටුවේ පළමු යෝජනාව.

    ***ශ්‍රී ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළ යුතුය.***

    එමගින්

    * වසරකට විදෙස් වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙරටින් ඇදී යන ඩොලර් මිලියන ගණනක මුදල රට තුලම ඉතුරු වේ.

    * විදෙස් රටවල සිසුන්ට මෙරට පැමිණ ඉගෙනීමට ඉඩ දීමෙන් රටට ඩොලර් උපයා ගත හැක.

    * ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වැනි රටවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ අධ්‍යාපනය විකිණීමයි. භෞතික සම්පත් අවම ශ්‍රී ලංකාවට මේ ආර්ථික මොඩලය ඉතා හොඳින් ගැලපේ.

    කොටින්ම මේ කියන්නේ ලංකාවෙ ආණ්ඩුව මැදිහත් වීමෙන් අධ්‍යාපනය විකුණනව කියන එකනේ? නැතුව වෙන මොකක්ද?

    //ලංකාවේ පසුගිය සමයේ ඩොලර් හිඟයක් ඇතැයි කියා, පෙට්‍රල් පෝලිං, විදුලි කප්පාදු විවේචනය කළ වෛද්‍යවරු, ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසඳැයි බලමු.

    ඔවුන් මේවාට විරුද්ධ වී, අනෙක් අතට රටේ ඩොලර් හිඟයට පාලකයන් විවේචනය කරනවා නම් රට ගොඩ නැගීමට ඉඩ නොදෙන කඩාකප්පල්කාරීන්, අර්බුධයේ සැබෑ පියවරු ගැන ජනතාව දැනුවත් වීම//

    බව ආණ්ඩුවේ හෙංචයියන් දරන මතය. උන් කියන විදිහට මාලදිවයින අසල්වැසි ඉන්දියාවේ පකිස්ථානය සහ බංගලාදේශය තව ආසියාවේ කාම්බෝජයේ මියන්මාර් සහ නැගෙනහිර අප්‍රිකා රටවල් ගොඩක් වල ඉන්න ළමයි ලක්ෂ ගණනක් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි ලු ලෝකයේ විශාලතම පිළිගත් හොඳ බ්රෑන්ඩඩ් පිටරට කැම්පස් අඩංගු යුනිවසිටි සහිත එඩියුකේෂන් සිටි එකක් හැදුවම සේරම හරිලු මේවට හිනාවෙන්නේ මොන පැත්තෙන් ද මන්දා. අර ඔරැකල් ඩේට බේස් පාට් ටූ. දැනටමත් ආණ්ඩුව හොරණට ආසන්න ප්‍රදේශයක NSBM, SLIIT, KDU වගේ රජයේ මැදිහත්වීමකට අනුව ක්‍රියාත්මක වන පුද්ගලික මුදලට උපාධි විකුණන කැම්පස් කීපයක්ම පටන් අරන් හදාගෙන යනවා කියලා ලංකාවේ ඉන්න මගේ යාලුවෙක් කියුවේ, යුනි පහක් විතර හදනවා වගේ කතාවක්.. මේවා සේරම මහජන මුදල් කාබාසිනියා කරමින් කරන නාස්ති විතරයි කරන්න දෙයක් නෑ ඉතින්.

    ඒත් මම බැලුව මේක විතරයි මුන්ට අඩුව තිබ්බේ, ආයේ සයිටම් වගේ විගඩමක්... ඇත්තටම මොනා කරන්න ගියත් මුනුත් රනිල් සහ මංගල ඇතුළු පිරිස වගේම තමයි නිදහස් අද්‍යාපනයට කෙලවන්න මොකක් හරි චාන්ස් එකක් තියෙනවානම් අපේ ගොයියෝ ඉස් මුදුනින් පිලි ගන්නේ.. මෙච්චර ඩොලර් ප්‍රශ්නයක් ආවේ අන්තිමට ලංකාවේ තියෙන නිදහස් අද්‍යාපනය හින්දා ද එතකොට?

    ReplyDelete
    Replies
    1. //මෙච්චර ඩොලර් ප්‍රශ්නයක් ආවේ අන්තිමට ලංකාවේ තියෙන නිදහස් අද්‍යාපනය හින්දා ද එතකොට?//

      ඒකත් ප්‍රධාන හේතුවක් තමයි. රටට එන ඩොලර් පරිභෝජනය කර වැය කරන බොහෝ දෙනෙක් ඊනියා නිදහස් අධ්‍යාපනය තුළින් උඩට ආ අයයි. රටට ඩොලර් ගේන ඇඟලුම් ශ්‍රමිකයන්, වතු කම්කරුවන්, මැද පෙරදිග නුහුහුණු ශ්‍රමිකයන් වැනි ගොඩක් අය ඊනියා නිදහස් අධ්‍යාපන තරඟයෙන් පැරදුණු අයයි.

      Delete
  7. ඉකොනෝට වැඩ නැද්ද මේ ලිවිල්ලට වෙන් කරන කාලය? ඩොලර් හම්බෙනවද? ලංකාවේ ඉන්න මිනිස්සු නං අවධානය යොමු කරන එක හරි. ඇමරිකන් පුරවැසියෙක් වෙලා ඉන්න ගමන් ලංකාව ගැන හැමදාම ලිපි දාන්නේ ඇයි? ඇමරිකන් බැසිල් මහත්තයා වගේ කොමිස් වත් හම්බෙනවද? මම එහෙම ඇමරිකාවේ ගියා නං ජානාධිපතිකම දුන්නත් ලංකාවට එන්නේ නැහැ. මෙහෙ වැඩක් නැති නිසානේ එහෙ ගියේ. නැත්තන් ඉකොනෝ මාස් පතා ලංකාවට ලොකු ඩොලර් ප්‍රමානයක් එවනවද?

    ReplyDelete
  8. අර්බුදයේ තවත් පැති කඩක් - වික්ටර් අයිවන්

    ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය රටේ ආර්තික හා මූල්‍ය කළමණාකරනයේ සිදුවූ වැරදි නිසා පමනක් ඇතිවූ අර්බුදයක් ලෙස දැකීම වැරදිය.එය කෙරෙහි ඉහ වහා ගිය දූෂනය ප්‍රධාන සාදකයක් ලෙස බලපැවේය.නිවරදි මූලය කලමණා කරනයක් පවත්වාගෙන යා කැකි වටා පිටාවක් රටේ නොතිබුනි.1978 විවස්ථාව මගින් නීතියට ඉහලින් සිටින ජනාධිපතිවරයෙකු සහිත ජානාධිපති පාලන ක්‍රමයක් ඇති කිරීමෙන් පසු වස්තු කොල්ලය ආණ්ඩු පාලනයේ නිත්‍ය ලක්ෂනයක් බවට පත්ව තිබුනි දූෂනය පාලනය කල නොහැකි මහා ප්‍රවාහයක් බවට පත්වන්නේ එතැන් සිටය.ගෙවුම් ශේෂ අර්බුදය ඇතුලු රාජ්‍යයේ ඇති වී තිබෙන අසමත් භාවය රාජ්‍යය පාළකයින් පවත්වාගෙන ගිය එම වස්තු කොල්ලය නිසා ඇතිවූ බිහිසුනු ඵලයක් ලෙස සැලකිය හැකිය.

    වාහන මේනියාව

    මන්ත්‍රීවරුන්ට හා පසුව රාජ්‍ය නිලධාරීන්ට බදු රහිත පදනමකින් වාහන ලබාදීම එම වස්තු කොල්ල පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් ගත් කස කරුවා ලෙස සැලකිය හැකිය.එය රාජ්‍යය නායකයා තමන් ගේ දූෂිත හා හිතුවක්කාරි වැඩ සටහන් වලට මන්තිරීවරුන්ගේ හා රාජ්‍යය නිලධාරින් ගේ සහාය ලබාගැනීම සදහා මහජන මුදලින් ගෙවන ලද කප්පමක් ලෙස සැලකිය හැකිය.එම දූෂිත ක්‍රමය පක්ෂ බේදයකින් තොරව සියළු මන්ත්‍රීවරුන් ද උසස් රාජ්‍යය නිලදාරීන්ද සතුටට පත් කොට ඔවුන් සියලු දෙනා රාජ්‍යය නායකයාට අවනතව හා කීකරු ලෙස ක්‍රියා කරන තත්වයක් ඇති කිරීමට හේතු විය.බැලූ බැල්මට අහිංසක දෙයක් ලෙස පෙනෙනෙ මෙම දූෂිත ක්‍රමය නඩත්තු කිරීම වෙනුවෙන් ලංකාව ගෙවා තිබෙන වන්දියේ ප්‍රමානය අති විශාලය.2010 සිට 2015 දක්වා වසර 05 තුල පමණක් රජයේ නිලධාරින්ට ඩියුටි ෆ්‍රී පදනමකින් ලබා දී තිබෙන වාහන සංඛියාව 38000 කි.ඒ මගින් රජයට අහිමි වී තිබෙන බදු ආදායමේ වටිනා කම රුපියල් බිලියන 143 කි.එම මුදල මොරගහකන්ද යෝජනා ක්‍රමට වැය කර තිබෙන සම්පූර්ණ මුදල මෙන් ( එහි වියදම රුපියල් බිලියන 48.14 කි) තුන් ගුණයකට ආසන්නය.එම වාහන 38000 දේසපාලකයින්ට නොව රජයේ සේවකයින්ට ගෙන්වන ලද වාහන නිසා එක වාහනයක CIF මිළ ඇමරිකන් ඩොලර් 30000 ක් ලෙස සලකා ගනන් බැලුවද ඒ සදහා දරා තිබෙන ආනයන වියදම ඩොලර් බිලියන 1.14 කි.මෙම දූෂිත ක්‍රමය රජයට ලැබෙන ආදායම් හීන කොට රටේ ආනයන වියදමද වර්දනය කළේය.ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කරන වැදගත් සාදකයක් ලෙස ක්‍රියා කළේය.මේ ක්‍රමය ඉක්මනින් තමන්ට තිබෙන නිල බලයේ ලොකු කම ප්‍රදර්ශනය සදහා යොදාගන්නා ක්‍රමයක් බවට පත් විය.දේශපාලන නායකයින් සේම උසස් රාජ්‍ය නිලදාරින්ද අලුත්ම අලුත් වාහනයක් මිස කොතරම් හොද තත්වයක තිබුනද වෙනත් අය පාවිච්චි කළ වාහනයක් පාවිච්චි නොකලේය.ආණ්ඩුවේ සුප්‍රා ගනයේ නිලධාරියෙකු ලැබෙන නිල වාහනයේ වෙලද පොළ වටිනා කම ලක්ෂ 300 කට වැඩි විය 2016 දී ආණ්ඩුව ඇමතිවරුන් ගේ පරිහරනය සදහා ගෙන්වන ලද මෝටර් රථයක වෙලඳ පොල විටිනා කම ලක්ෂ 700 ක් විය.සිරිසේන ජනාධිපතිගේ පරිහරනය සදහා වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ගෙන්වන ලද අතර එක මෝටර් රථයක මිළ රුපියල් ලක්ෂ 5900 කි.මෙය කවර ප්‍රජාතන්ත්‍රවාදී රටකවත් දක්නට නැති අවලස්සන හා දූෂිත තතවයකි.ස්වීඩනයේ මුලු පාර්ලිමේන්තු වටම තිබෙන් වාහන හතරකි.බිතාන්‍ය එක්සත් රාජධානියේ නිල වාහනයක් ලැබෙන්නේ අගමැතිට හා විපක්ෂ නායකට පමණය.ලංකාවේ පවත් වාගෙන යන මෙම දූෂිත හා නාස්තිකාර වාහන ක්‍රමය නඩත්තු කරන්න පමනක් කොතරම් විශාල ධනයක් වැය කරන්න ඇද්ද? එය වර්තමාන අර්බුදය මත පටවන්නට ඇති බරේ තරම කොතරම් විශාල විය හැකිද? රජයේ ළමා අනාථ නිවාසයක සිටින ළමයෙකු නඩත්තු කිරීම සදහා වෙන්කර තිබෙන වියදම එක් දින්ක් සදහා රුපියල් 20 කි.ජනාධිපති පරිහරනය කරන වෙඩි නොවදින මෝටර් රථයේ මිල රුපියල් ලක්ෂ 5900 කි.ලංකාව වෙලාගෙන තිබෙන අර්බුදයේ නියා හැඩ තළ ඒ අශ්‍රයෙන් තෙරුම් ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. ජේ.ආර්ගේ භූමිකාව

      විටින් විට බලයට පත්වන ජනාධිපතිවරුන් ගේ ආණ්ඩු විසින් විවිද ස්වරූපවලට ක්‍රියාවට නඟන ලද වස්තු කොල්ල වලදී ලොකුම පංගුව බොහෝ විට ගලා ගියේ ජනාධිපති ධූරය උසුලන කෙනාගේ සාක්කුවටය.රටේ සියලු පොදු දේපලවල බාරකාරත්වය තිබෙන්නේ ජනාධිපතිටය.ඒ වා විකිනීමේ, බදු දීමේ හා ප්‍රධානය කිරීමේ බලය තිබෙන්නේද ජනාධිපතිටය.ජනාධිපති ඉන්නේ නීතියටත් ඉහලින් වන නිසා එම විෂයේදී ඔහු සිදුකරන වැරදි වලදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමේ හැකියාවක් නැත.රටේ අධිකරනය පවා දරන පිලිගත් මතය එය වුවත් මාගේ මතය වන්නේ අයථා ලෙස වත්කම් උපයා ගැනීම පිලිබඳ විෂයේදී ජනාධිපතිට පවා වත්කම් බැරකම් නීතිය යටතේ මුක්තියේ රැකවරන හිමි නැති බවය.අයථා ලෙස වත්කම් උපයා ගෙන ඇති ජනාධිපතිවරයෙකුට එරෙහිව දූරයේ සිටියදීම වුවත් පරීක්ෂනයක් ආරම්බ කොට පවත්වාගෙන යාහැකිය
      .ජනාධිපති වරුන්ට පොදු දේපල විෂයේදී ලැබී තිබුන අති විශාල බලය හා නීතියෙන් ලැබී තිබුන රැකවරනය නිසා එම විෂයේදී ලංකාවේ සියළු ජනාධිපතිවරුන් සැලකිය හැක්කේ තමන්ගේ බාරයේ තිබෙන පොදු දේපල වලින් අඩු වැඩි ප්‍රමානයකට අයතා ලෙස ඵල ප්‍රයෝජනය ලැබූ ජනාධිපතිවරුන් ලෙසය.ජනාධිපති ජයවර්ධන ලංකා ඉතිහාසයට එකතු විය යුතව තිබෙන්නේ දූෂිත රස්තියාදු කාර පාලන ක්‍රමයක් ලංකාවට හදුන්වාදුන් උගත් ජනාධිපති වරයෙකු වශයෙනි.පාලනය නියම රස්තියාදු කාරයෙකු අත්ට පත්වූ විටක රටට කුමක් විය හැකිදැයි සමහර විට ඔහු නොදැන සිටියා විය හැකිය.ජනාධිපති ජයවර්ධන වැනි නායකයකු රටට මෙවැනි දු දූෂිත ක්‍රමයක් චේතනාන්විතව හදුන්වා දුන්නේ ඇයි කියන ප්‍රස්නයට මට දිය හැකි පිලිතුර මෙසේය.ජනාධිපති ජයවර්ධනගේ වීරයා වුයේ නැපෝලියන්ය.නැපෝලියන්ගේ විශාල අධිරාජයක් ගොඩනගා ගැනීම සදහා යොදාගත්තේ කුලී හමුදාවකි.නැපෝලියන් නගර අල්ලාගන්නා හමුදාවන්ට ඒ නගරවල ධනය කොල්ල කන්නට ඉඩ දුන්නේය.අල්ලා ගන්නා නගරවල තිබෙන ධනය කොල්ලකෑමට ලබාදී තිබූ අයිතිය නැපෝලියන්ගේ හමුදාවේ සටන් කාමි ජීව ගුනය කෙරෙහි බලපෑ වැදගත්ම සාධකය විය.ජනාධිපති ජයවර්ධන සිය වීරයා ඔහුගේ කුලී හමුදා සඳහා යොදා ගත් එම ක්‍රම වේදය පාරිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍යය නිලධාරීන් සදහා යොදා ගත්තේය.සිය මන්ත්‍රී කණ්ඩායම ධනවත් වූ තරමට තමන්ට ලැබී තිබෙන බලය ආරක්ෂා කිරීමට ඔවුන් දිවි හිමියෙන් ක්‍රියා කරනු ඇතැයි ඔහු විස්වාස කරන්නට ඇත.ඔහු සිහින දැක්කේ සිංගප්පූරුව හා මැලේෂියාව මෙන් එක දිගට දීර්ඝ කාලයක් බලයේ සිටින ආණ්ඩුවකි.ඔහු කොහොමටත් ප්‍රජතන්ත්‍ර වාදි ගුන දර්ම විස්වාස කල නායකයකු නොවීය.ප්‍රජාතන්ත්‍ර දේශපාලන ක්‍රමයක් තුළ ආරක්ෂා කරගයුතු ප්‍රතිපත්ති අතරින් අංක එක බවට පත්ව තිබෙන මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරින් රජය සමග වියාපාර නොකල යුතුයි කියන ප්‍රතිපත්තිය පොළොවට සමතලා කරන පිලිවෙතක් ඔහු අනු ගමනය කළේය.ඔහු බලයට එන තෙක් එය ලංකා දේසපාලනයේ දැඩි ලෙස ආරක්ෂා වී තිබු ප්‍රතිපත්තියක් විය.

      දේසපාලන ක්‍රමයේ මුල් බැස තිබෙන යහපත් ප්‍රති පත්තියක් වහාම ආපසු හැරවීම පහසු නැත.ඔහු සිය මන්ත්‍රීවරුන්ට රජය සමග වියාපාර කිරීමේ දොරටු විවුර්ත කලද වහාම එම අවලස්සන මාවතට පිවිසීමේ විචිකිචාවක් මන්ත්‍රී වරුන්ට තිබුනා විය හැකිය.ජනාධිපති ජයවර්ධන තමන්ට තිබුන අක්කර 50 ක නිසරු පොල් ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරන කොමිසමටදී කොමිසමෙ සතුවව්තිබුන සරුසාරම පොල් ඉඩමෙන් අක්කර 50 ක් ලබා ගන්නට ඇත්තේ විචිකිච්චාවක් තිබූ මන්ත්‍රීන්ට ලබා දෙන ආදරශයක් වශයෙන් විය හැකිය.කෙසේ හෝ ඉතා ඉක්මනින් ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂම ට තිබූ ඉතා වටිනා ඉඩම් නාමික මිළකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවට සම්බන්ද රාජ්‍ය නිලධාරීන් හිමිකර ගැනීම මහා පරිමානයෙන් සිදුවන දෙයක් බවට පත්විය.ඊට අතිරේකව ජනාධිපති ජයවර්ධන සිය මන්ත්‍රී වරුන්ට ආංඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙසද බලපත්‍ර ලාභි වියාපාරිකයින් ලෙසද ක්‍රියා කරන්නට ඉඩ දුන්නේය.ඒ සියල්ල නීතියට පටහැනි බව ඔහු දැන සිටියේය.ඔහු ඒ සඳහා තිබෙන නීති වෙනස් කළේ නැත. ඒ වෙනුවට රජය සමග වියාපාර කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වැලකීය.

      දූෂන විෂයේදී ජනාධිපති ජයවර්ධනගේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරන නිදරශනයක් මෙසේය.ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව එල්ලවෙමින් තිබුන දූෂණ චෝදනා හේතු කොටගෙන ජනාධිපති ජයවර්ධනට 1986 මාරතුවලදී ආංඩුවේ මැති ඇමතිවරුන්ට හා රජයේ නිලධාරින්ට එල්ල වී තිබෙන අල්ලස් හා දූෂණ චෝදනා පරීක්ෂා කිරීම සදහා ශේෂ්ටාදිකරන විනිසුරු කොලින් තෝමේ ගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් පත් කිරීමට හේතුවිය .එම කොමිසමට පැමිනිලි ගලා ආවේය.කැබිනට් ඇමතිවරුන් ගනනාවකටද එරෙහිවද පැමිනිලි ලැබී තිබුනි.කොමිෂම සිය පරීක්ෂන කටයුතුන්කරගෙන යන අතර 1987 සැත්තැම්බර් අවසානයේදී කිසිදු හේතු දැක්වීමකින් තොරව ජනාධිපතිවරයා විසින් කොමිසම අහෝසි කළේය.කොමිසම අහෝසිකරන අවස්තාව වන විට කොමිසමට පැමිනිලි 1973 ක් ලැබී තිබුන අතර ඉන් පැමිනිලි 634 ක පරීක්ෂන අවසන් කර තිබුනත් පරීක්ශනවලින් චෝදනා සනාත වී තිබූ කිසිවෙකුට එරෙහිව නඩු පැවරීමක් සිදු නොවීය.

      Delete
    2. කෝල්ලකාරි ක්‍රමයක් ඇති වීම

      ලංකාවේ බලයට පත්වන ජනාධිපතිවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිව රටේ පොදු වස්තුව කොල්ල කන ක්‍රමයක් ඇති වී ස්තාපිත වූයේ ජනාධිපති ජයවර්ධන ඒ වෙනුවෙන් ආරම්බ කර තිබූ ක්‍රම වේදය ප්‍රයෝජනයට ගනිමිනි.ජනාධිපති වරයා සිය පියා 1958 දී චීන තානාපති කාර්‍යාලය දැමීම සදහා චීනයට විකුණා තිබූ විහාර මහා දේවි උද්‍යානය අසල තිබෙන "වෛජයන්ත " නෙස හා ඉඩම ( ජේ.ආර් ගේ මහගෙදර ) එය සිය නමින් පවත් වාගෙනයන සස්කෘතික මද්‍යස්තානයක් බවට පත් කළේ සිය පෞද්ගලික මුදලින් නොව රජයේ දියදමිනි.රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා කොස්ගොඩ හෑගල්ලේ සියා පියා වෙනුවෙන් රජයේ වියදමෙන් කෞතුකාගාරයක් ඉදිකලේද ජනාධිපති ජේආර් ජයවර්ධන ආදර්ශයට ගනිමිනි.ඉන්පසු ජනාධිපති චන්ද්‍රිකාද කොලඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ඇති වටිනා ඉඩමක් විජේ කුමාරතුංග පදනම නමට ලබා ගත්තාට.විශ්‍රම යනවිට මාදිවලින් ඒ කාලේ මිළ අනුව මිලිය්යන් 350 ක පමන වටිනා ඉඩමක් සිය නමට ලියවා ගත්තේ ජනාධිපත් ජයවරදන ආදරශ්‍යට ගනිමින් විය යුතුය.එහෙත් ඇගේ එම ක්‍රියාවට එරෙහිව න්ඩු පැවරීම නිසා ඇයට එම ඉඩම අත්පත් කර ගැනීමට හැකි වූයේ නැත. ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේදී සිය දෙමාඉයන් වෙනුවෙන් මැදමුලනේ කෞතුකාගාරයක් තතනන ලද්දේද ඉන්පසු ජනාධිපති සිර්සේන රජයේනිල නිවාස දෙකක් එකතු කොට ඉදිකරන ලද මහා මන්දීරය තමන් වෙත අත්පත් කරගත්තේද පූර්ව ගාමි ජනාධිපරුන්ගේ ක්‍රියා ආදර්ශයට ගෙන විය යුතුය.මේ ආකාරයට ජනාධිපති වරුන් ගේ පම්පෝරිය නඩත්තු කිරීම සදහා පමණක් ලංකාව වැය කර තිබෙන වියදම කොතරම් විශලද?

      ලංකාවේ ක්‍රියාත්මක වූ පුද්ගලික කරන වැඩ සටහන් රාජ්‍යය නායකයා ඇතුළු ඔහුගේ ගජ මිතුරන් අයතා ලෙස ධනය උපයාදුන් වැදගත් මාර්ගයක් විය. රටකට තිබෙන ගුවන් විදුලි සංඛියාත ඒ රටට ආදායම උපයාදෙන වැදගත් මාර්ගයක් ලෙස ක්‍රියාකරයි.ගුවන් විදුලි හා රූප වාහිනී විකාශනය සදහා යොදාගන්නා සංඛියාත සැලකෙන්නේ මහජනයාට අයිති ඉතාමත් අගනා සීමිත සම්පතක් ලෙසය.වෙනත් රටවල විකාශන බලපත්‍ර ලබා දෙන්නේ තරඟ කාරි ක්‍රමයකට ඉහලම ඉල්ලුම් කරුටය..ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනි ආයතන 34 කට වැඩි ගනනක් ඇතත් ඉන් ආයතන එකක් හෝ දෙකක් හැර අන් සියලු ආයතන බල පත්‍ර ලබාගෙන ඇත්තේ අව්දිමත් හා දූෂ්ත අකාරයකටය.එය ජේ.ආර් ජයවර්ධන ගෙන් පසු සමහර ජනාධිපතිවරුන් මුදල් ඉපයූ එක් මාර්ගයක් විය.බලපත්‍රයක් හිමිකරගන්නා හැම විටම ඒ වෙනුවෙන් ලොකු මිළක් ගෙවයි.එහිදී නාමික බල පත්‍ර ගාස්තුව පමනක් භාණ්ඩාගාරයට යන විට එය අලෙවි වූ ලොකු මිළ ගියේ දේසපාලන නායකයාගේ සාක්කුවටය.එම විෂයෙන් පමණක් භාණ්ඩාගාරයට අහිමිවන්නට ඇති ධනයේ ප්‍රමානය අති විශාලය.විශාලය. එ සේම මත්පැන් අලෙවිය , වැලි ගල් වැනි අංස ඍජු හා අනියම් ලෙස මහජන මන්ත්‍රීවරුන්ට ලබා දෙන ප්‍රති පත්තියක් අනුගමනය කිරීම නිසා ඒ සඳහා නිකුත් කෙරෙන බලපත්‍ර වලින් භාණ්ඩාගාරයට ලැබුනේ ලබාගත හැකි උපරිම ආදායම නොව නාමික අදායමකි.

      Delete
    3. ජනාධිපති චන්ද්‍රිකාගේ පාලන කාලයේදී මන්ත්‍රීවරුන් හරහා නිකුත් කෙරුනු මත්පැන් අලෙවි කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර සංඛියාව 1000 කට වැඩිය.විදේශ ආධාර මත හෝ විදේශ නය මත පවත්වාගෙන යන සංවර්ධන වියාපාරද රටේ දේස්පාලන නායකයින් අයථා ලෙස ධනය උපයා ගැනීම සදහා යොදාගත් තවත් ජනප්‍රිය මාර්ගයක් විය.පසු කලක රටට ලොකු වදගත් කමක් නැති දේසපාලන නායකයින්ට මහා පරිමානයෙන් අයතා ලෙස ආදායම් උපයාගැනීම සදහාම සැලසුම් කළ සංවර්දන යෝජනා ක්‍රම විශේෂයක්ද කරලියට ආවේය.ඒ සදහා අවශ්‍ය අරමුදල් ලබාගත්තේ වානිජ පදනමක් මත ණය ලබාදෙන ආයතනවලිනි.එවැනි නය සදහා ලොකු පොළියක් ගෙවන්නට සිදුවිය.එ සේ ලබාගත් ණයද ගෙවුම් ශේෂ අර්බුදය කෙරහි විනාශ කාරි ලෙස බල පෑ වේය.කිසියම් දීරග කාලයක් තිස්සේ අපනයනවලින් උප යන ආදායමේ පංගුව සියයර 50 කින් පමණ පහත වැටීමද ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කරන අතිරේක සාදකයක් ලෙස බල පෑවේය.නීතියට ඉහලින් සිටින පාළකයෙකු සහිත පාළන ක්‍රමයක් ඇතිවීම, එම පාළකයා තමන්ට තිබෙන බලය සිය සහචරයන් සමග අයථා ලෙස ධනය උපයා ගැනීම සදහා යොදාගැනීම, එම තත්වය යහපත් ආර්තික කළමණාකරනයක් සහතික කිරීම සදහා තිබුන සියලුම සංවිදාන ක්‍රම බෙලහීන කොට දූෂනය රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය වෙලාගත් පිලිකාවක් බවට පත්වීම ,එම තත්වය රජයට ආදයම් ලැබීම විශාල ප්‍රමානයකින් හීන කොට රටේ විදේශ ණය ගැතියාව උග්‍ර කිරීමට හේතුවී රට අසමත් හා බංකොලොත් තත්වයකට පත් කිරීමට හේතුවී තිබෙන්නේ යයි කිව හැකිය.තමන් භාරයේ තිබෙන පොදු සම්පත් වලින් අයථා ලෙස ධනය උපයා ගැනීම පිලිබඳ කාරනයේ දී ජනාධිපතිගේ කොල්ලකාරි භූමිකාව හා මහජන මන්ත්‍රීවරුන් ගේ කොල්ල කාරි භූමිකාව විගනකාධිපතිට නොපෙනුනේ කෙසේද යන ප්‍රස්නය ඔඩිටර් ජනරාල් වරයා රටට පැහැදිලි කළ යුතුය.

      අවසානය

      ලංකාව දැන් තිබෙන අවලස්සන තත්වයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය නම් හා ඒ සදහා ලබා දෙන විසදුම් කල් පවත්නා විසදුම් බවට පත් කිරීමට අවශ්‍ය නම් ගෙවුම් ශේෂ ප්‍රස්නයට අතිරේකව රාජ්‍ය නායකයාට( ජනාධිපතිට)නීතියට ඉහලින් ඉඳිමින් හිතුවක්කාරි ලෙස ක්‍රියා කිරීමට හා රටේ පොදු සම්පත් සිය දේසපාලන සහචරයින් සමග කොල්ල කෑමට ලැබී තිබෙන අයිතිය නැති කළ යුතුය.එසේ කිරීමට නම් ජනාධිපතිවරයා නීතියට යටත් තත්වයකට ගැනීමට හේතුවන ලෙස ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරනය කල යුතුය.එය කල හැකි වනු ඇත්තේ අධිකරණයට අංග සම්පූර්ණ ලෙස අධිකරණ විමරශන බලය ලබා දීමට හේතුවන හා රාජ්‍යයේ ඇතිවී තිබෙන ජාරාජීරන භාවය තුරන් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරන ඇති කිරීමෙනි.නැත හොත් ජනාදිපති ක්‍රමය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ක්‍රමයකට යෑමට හේතුවන හා රාජ්‍යයේ ඇතිවී තිබෙන ජරාජීරන භාවය තුරන් කිරීමට හේතුවන ප්‍රති සංස්කරන ඇති කිරීමෙනි.මේ අර්බුදය ජය ගැනීම සදහා ජාතික සමගියද නැතුවම බැරි කොන්දේසියක් වන නිසා ජාතිය ගොඩ නැගීමද මෙම අර්බුදය ජයගැනීම සදහා සකස් කරන නියාය පත්‍රයට ඇතුලත් ප්‍රධාන අංගයක් බවට පත් කල යුතුය.දැන් රටේ ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්වයට ද, දීරග කාලයක් එක දිගට රාජ්‍යය පාලනය වස්තු කොල්ලයක් ලෙස පවතින්න්ට ඉඩ හැරීමේ වරදට ද පාර්ලිමේන්තුව වග කිවයුතුය.ඒ නිසා ප්‍රතිස්ංස්කරන අරමුණු ජය ගැනීම සදහා නව විවස්ථාව සම්පාදනය විය යුත්තේ පාර්ලිමේන්තුවෙන් නොව මහජන නියෝජිතයින් ගෙන් සමන්විත විවස්ථා සම්පාදන මණ්ඩලයක් මගිනි.

      Delete
  9. අපි අවුරුදු තිස්සේ ගානක් කියවපු කතා කරපු දේවල් දැන් ගොටා අපිට කියනවා. ගෝටා මේ බ්ලොග් එක බැලුවනම් රටට මෙච්චර විනාසයක් වෙන්න කලින් ගොඩ දාගන්න තිබ්බා.

    ReplyDelete
  10. ආමි කාරයෙක් ආර්ථිකය හසුරුවන ආකාරය නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් නොවන නමුත් එය හරියට කරන්න දන්න අයව අදාළ තනතුරු වලට පත් කර ගත යුතු බව ඌට අනිවාර්යයෙන්ම තේරෙන්න ඕන. ඒ වගේම ලංකාවේ මහ බැංකුව සහ රජය බලාපොරොත්තු වන පරිදි රුපියල නම්‍යශීලී කළාට පසුව, අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යැයි අපේක්‍ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කර ගන්නත් පුළුවන් වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න බැරි නැහැ ඒ නිසා ලංකාවේ ආර්ථිකය හසුරුවන අය ඉලක්ක කර ගත යුත්තේ එයයි.

    ඒ වගේම සේවා අපනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත්, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා.

    මේ හිඟය පියවා ගැනීමත්, ලංකාවේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් වහාම ලංකාවේ ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි මේ කතාව බැලුවට පස්සෙ මගේ අවබෝධය අනුව. මේ ගැන තව දුරටත් විස්තර කරලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. //ආමි කාරයෙක් ආර්ථිකය හසුරුවන ආකාරය නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් නොවන නමුත් එය හරියට කරන්න දන්න අයව අදාළ තනතුරු වලට පත් කර ගත යුතු බව ඌට අනිවාර්යයෙන්ම තේරෙන්න ඕන.//

      "හරියට කරන්න දන්න අයව අදාළ තනතුරු වලට පත් කිරීම" සඳහාත් එවැනි අය හඳුනා ගත හැකි තරමේ මූලික දැනුමක් කෙනෙකුට අවශ්‍ය වෙනවා. වැදගත් තනතුරු වලට පුද්ගලයින් පත් කිරීම තනි පුද්ගලයෙකු විසින් නොකළ යුත්තේ ඒ නිසා. ජනාධිපති කෙනෙකුට හැම විෂයයක් ගැනම එවැනි මූලික දැනුමක් තිබීම අපේක්ෂා කළ නොහැකි දෙයක්. වැදගත් පත් වීම් කළ යුත්තේ පාර්ලිමේන්තු කමිටුවක හෝ වෙනත් "ස්වාධීන" කමිටුවක නිර්දේශ මතයි.

      Delete
  11. SIR ADANNA KALIN MUU POST EKA DAALA

    REDI HODANA EKEK MADAMULANE

    ReplyDelete
  12. එකොනෝ, අනාථ දේව මණ්ඩලේ (මණ්ඩලේ කියලා නගරයක් බුරුම/මියැන්රමාර් රටේ තියෙනවා!) නලින් ද සිල්වා මැන්ටලේ කියන අලුත්ම කතාව මම පහතින් උපුටා දැක්වුවත් සමහරවිට ඔබ දකින්නට ඇති.

    //..මා හිතන්නෙ නැහැ [ආර්ථික] අර්බුදය මහා දරුණු එකක් කියල. අප තමා ගැන හිතනවාට කලින් රට ගැන හිතනවා නම් අපෙන් රටට දෙන්න පුළුවන් මොනව ද කියල කල්පනා කරනවා නම් අපට ඊනියා ආරථිකමිතික (econometrics) නැතුව පඬි කතා නැතුව ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්. ආර්ථිකමිතික කියන්නෙ සංඛ්‍යානාත්මක ක්‍රම ආර්ථික විද්‍යාවෙ යොදා ගැනීම. ආර්ථික විද්‍යාවක් කියා විද්‍යාවක් නැතුව සංඛ්‍යානාත්මක ක්‍රම යොදන්න වෙන්නෙත් ඒත් අතට මේත් අතට....//

    මට ⁣මේ නලින්ගේ කතාවට කෙටියෙන් කියන්න තියෙන්නේ දේව දූතයෝ පය තියන්න බය තැන මෝඩයා පිණුම් ගහනවා කියලා.(සමහරවිට 'මගේ (මැන්ටල්) ලෝකය'තුලමෝඩයා පිණුම් ගහන්නේ පය නොතියාද දන්නේ නැහැ)

    කෙසේ වෙතත්, නලින් econometrics සහ economics ගැන කියන දෙයට ඔබට පිලිතුරක් තියෙනවාද?

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පසුගිය දෙවසර තුළ ආණ්ඩුව විසින් ප්‍රදර්ශනය කළ ආර්ථික දැක්ම මනා ලෙස පිළිබිඹු කරන සංක්ෂිප්ත ප්‍රකාශනයක්.

      Delete
    2. ඒ වගේම එකොනෝ අනාථ දේව මණ්ඩලේට නාථ වූ නලින් කුමාර් ද සිල්වා එක්ස්පයර්ඩ් නාකි මැන්ටලේ කියන මේ දේවල් ඔබත් අනුමත කරනවාද?

      //බැරි වෙලාවත් සජිත් ජනාධිපති වුණා නම් මෙරට තෙල් ප්‍රශ්නයක් ගෑස් ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඇති වන්න විධියක් නැහැ. අලි හෙම්බිරිස්සාවෙන් ම ජනගහනයෙන් ඉතා විශාල පිරිසක් මිය ගිහින්.//

      //අද ඇති ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා ඇති කළ එකක් නො වෙයි. එය 1952 පමණ සිට එන 1977න් පසු ඉක්මණින් වැඩුණු අර්බුදයක්. රාජපක්‍ෂලාගේ වරද ඒ පාරේ ම ගිය එක. 2020 අලි හෙම්බරිිස්සාවෙන් එය සන්නිපාතයක් වුණා. සංචාරක ව්‍යාපාරය (දැන් මේ හැම එකක් ම කර්මාන්තයක් ලෙස හැඳින්වෙන කරුමයක් තියෙනවා) කඩා වැටුණා. රටවිරුවන්ගේ ප්‍රේෂණ අඩු වුණා. රට වහල අපනයන අඩු වුණා. ඒත් ප්‍රශ්නයේ මුල අප තරමට වඩා වියදම් කිරීම, අපෙන් රාජ්‍යයට නොව රාජ්‍යයෙන් අපට කියන ප්‍රතිපත්තිය, සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය වැඩි වීම, ආත්මාර්ථකාමී වීම, ඊනියා උගත්කම දියුණු වීමේ මගක් ලෙස සලකා මඩෙන් ගොඩ වීම, ගොවිතැන පහත් කොට සැලකීම, ණයට කෑම, සැලසුමක් නැතුව කෑම. නිෂ්පාදනයක් නැතුව කෑම. යුතුකම් නැතුව අයිතිවාසිකම් පමණක් ඉල්ලීම, කෙටියෙන් කියනව නම් ඉල්ලන් කෑම.//

      //ඉන්දියාව නිදහස ලබා ගෙන බොහෝ කාලයක් යන තුරු මැති ඇමතිවරු ඇතුළු මධ්‍යම පාංතික කවුරුත් පාහේ පාවිච්චි කෙළේ ඇම්බසඩර් රථයක්. එහි ඡායාරුපයක් මේ සමග පළවෙනවා. ඒකට අපි. මේ සම්බන්ධයෙන් මා අහල තියෙන හොඳ කතාවක් තියෙනවා. ඉන්දියාවෙ සමාජවාදී පක්‍ෂයෙ නායකයෙක් ලංකාවට ඇවිත් සමසමාජ පක්‍ෂ කාර්යාලය අසළින් ගිහින්. කාර්යාලය ඉදිරියේ ඉතා වටිනා කාර් රථ ගාල් කරල. අර නායකයා කියල සමසමාජ පක්‍ෂෙ දේශපාලන මණ්ඩලය රැස්වෙනවා ඇති කියල!//

      //මා දන්නවා ඇමරිකාවෙත් සමහර අවස්ථාවල රිය සාත්තු (කාර් පූල්) සංවිධානය කරනවා. වරකට දුවන්නෙ එක් රියක් පමණයි. රිය මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ. මෙරට කාර්යාලවල (කාර්යාල කිහිපයකට) එහෙම රිය සාත්තු සංවිධානය කළොත් සුළු මුදලක් හරි ඉතුරු කර ගන්න පුළුවන්. ඒක සරල උදාහරණයක් පමණයි. අප ආකල්ප වෙනස් කර ගන්න ඕන.//

      //ප්‍රශ්නය ආනයන අපනයනවලට වැඩි වීම. සංචාරක ආදායම රටවිරු ප්‍රේෂණ ආදී සියල්ල අපනයනවලට එකතු කළත් ආනයනවලට සම කරන්න බැහැ. ඒක හැම ආණ්ඩුවක ම ප්‍රශ්නයක්. ඒ අපේ බොරු ෂෝක් හින්ද. බොරු පඬිකමත් ඒකට එකතු වෙලා. අපට අනවශ්‍ය ආනයන සඳහා ණය ගන්න වෙනවා. එවිට ණය පොළියත් එක්ක ගෙවන්න වෙනවා. එවිට අර ආදායම වියදම පරතරය තවත් වැඩි වෙනවා. එය සරල කතාවක්.//

      //ප්‍රශ්නය මේ පරතරය අඩු කරගන්නෙ කොහොමද කියන එක. අපට අපනයන වැඩි කරන්න පුළුවන්. වැඩි කල් යන්න පෙර කාබනික ආහාර වගා කරල රට පටවන්න පුළුවන්. කර්මාන්ත ඇති කරල ආනයන අඩු කරල සමහර විට අපනයනය කරන්නත් පුළුවන්. ඒත් ඒ සියල්ල සමග අප සරල වෙන්න ඕන. අපේ බොරු ෂෝක් නවත්තන්න හිත හදා ගන්න ඕන. අපේ ආකල්ප වෙනස් කර ගන්න ඕන. මා මියන්මා සිට එන විට ගෙනා ඩොලර් දහදාහක් පමණ උන්ඩියල් ක්‍රමයට මාරු කෙළෙ නැහැ. එහෙදී ම ඩොලර් තුන්දාහක් පමණ වසංගත අරමුදලට ප්‍රදානය කළා. මා ඊනියා ගමන සඳහා දෙන දීමනා අර ගත්තෙ නැහැ. මගේ දුරකතන වියදම මා දැරුවා. මා හොඳ මිනිහෙකු බව කියනවා නො වෙයි. මා කොහොමත් වංචනිකයකු බව වමාලා ජනමාධ්‍යවේදීන් දන්නවා. මගේ දරුවන්ට ඉගැන්වීමට මා ඔවුන් පිටරට යැවූ බව මාධ්‍යවේදීන් කියාවි. මා බරකරත්තයෙන් යන්නෙ නැතුව ජපන් කාරයකින් ගියා කියලා වමාලා කියාවි. වමාලා පඬි නැට්ටන් කියාවි රාජපක්‍ෂලාට කඩේ ගිහින් හම්බ කරපු සල්ලි කියල. එහෙම නැත්නම් කියාවි සාමාන්‍ය මිනිහෙකුට ගෙයක් දොරක් හදාගන්න වැඩි සල්ලි ඕන කියා.//

      ***මේකේ නලියා දරුණු ප්‍රහාරයක් එල්ල කර තියෙන්නේ ලංකාවේ බලගතුම පිසිස වන බහුතර මධ්‍යම පාන්තිකයින්ට, මෙක හරියට පබ්ලික් කළොත් අණ්ඩුවට කණත් පලාගෙන දෙකට නැවිලා වැටෙන්න පාරක් වදින්න පුළුවන්, මම ආසම කොටස හහ් හහ් හා...***

      ////**මා කියන්නෙ මධ්‍යම පංතියටයි. දුප්පතුන්ට වඩා මධ්‍යම පංතිය තම ආකල්ප වෙනස් කර ගන්න ඕන. අප කුඩා මෝටර් රථවල ගිහින් කුඩා ගෙවල්වල ජීවත්වෙනවා නම් තෙල් සිමෙන්ති වියදමවත් ඉතුරු කර ගන්න පුළුවන්. අප ඊනියා දියුණුව ලබා ගන්නට පෙර දියුණු ජීවිතයක් ගත කරළා ණය වෙලා. එදා ඉතා හොඳ වාහනවල ගිය අප එදා ඇම්බසඩර් රියේ ගිය ඉන්දියානුවන් ළඟට ණය ගන්න යනවා. ඔය ණය සඳහා අපට යාපනයයි ත්‍රිකුණාමලයයි දෙන්න වෙයි ද?//

      Delete
    3. ඒ වගේම අනාථ නාථ සිල්වාගේ මේ කතා වල ඇත්තක් තියෙනවාද එකොනො?

      //මේ වනවිට රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා. ඒක වහන්න බැහැ. හැබැයි ඩොලර් අර්බුද මීට ඉහත දීත් තිබුණ. ජී එල් පීරිසුත් දන්නවා 1969-70 කාලයෙත් ඩඩ්ලි සේනානායකගෙ හත්හවුල් ආණ්ඩු කාලෙත් ඩොලර් නැත්නම් විදේශ විනිමය අර්බුදයක් තිබුණ බව. ඒ කාලෙ විදේශ විනිමය ඉපයීමේ සහතික (එෆ් ඊ ඊ සී - FEEC) ක්‍රමයක් තිබුණ. හැත්තෑවෙ දශකයෙ එන් එම් සහෝදරයා මුදල් ඇමති වෙලා ඉන්න කාලෙත් දරුණු විනිමය ප්‍රශ්නයක් තිබුණ. ඔහුට මොළ හතක් තිබුණෙ නැහැ. ඒත් ඩබල් ඩොක්ටර් කියල කිවුවෙ. ඔහු ආර්ථික විද්‍යාවෙන් පී එ ඩී හා ඩී එස් සී උපාධි ලැබූවෙකු ලෙසයි ප්‍රසිද්ධ වෙලා තිබුණෙ. මට මතක විධියට ඒ කාලෙ පවුම් දෙකක් හරි තුනක් හරි තමයි පිටරට ගෙනියන්න දුන්නෙ. එපමණක් නො වෙයි. මගේ මතකය නිවැරදි නම් ඒ කාලෙ නීතියක් තිබුණ ගෙයක් හදන විට එහි භූදේශපාලනය නොවෙයි භූවර්ගඵලය කිසියම් ගණනකට වඩා අඩු වෙන්න ඕන කියල. ඒ වගේ ම උත්සවවලට ආරාධනය කරන්න පුළුවන් පිරිසගෙත් සීමාවක් තිබුණ වගෙයි මගේ මතකය. ඒ වගේ නීති දැනුත් පනවන නම් හොඳයි කියල හිතනවා. වමාලත් විරුද්ධ වෙන එකක් නැහැ. මොළ හතේ නොව ඩබල් ඩොක්ටර් විසඳුම් නිසා. නැහැ නැහැ ඩබල් ඩිස්ටිල්ඩ් නො වෙයි.//

      //ඒ කාලෙ රනිල්ට වයස විසිපහක් විතර වෙන්න ඇති. ඔහු බියගමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණෙ 1977 දි. ඔහු පස්සෙ බියගමට බියවෙලා කොළඹට ගියා. හැත්තෑවෙ ආණ්ඩුව කාලෙ කවුරුන්වත් එන් එම් සහෝදරයාට කිවුවෙ නැහැ ජාමුලට යන්න කියා. හැබැයි ඒ කාලෙ ජනමාධ්‍යවේදීන් අද තරම් ප්‍රබුද්ධ නැහැ. අප දැන ගෙන හිටියෙ නැහැ ඩොලර් සංචිතය කීය ද කියල. පැයෙන් පැයට ඩොලර් සංචිතය මෙපමණ ය කියා කිසිවකු අපට කිවුඬෙ නැහැ. ඊළඟ තෙල් නැව එන්නෙ කවද ද කියන්නත් කිසිම ජනමාධ්‍යවේදීයකු ඉදිරිපත් වුණෙ නැහැ. ජනමාධ්‍යවේදීන්ට ආණ්ඩුව භාරදුන්නොත් නරක ද? අපට උණු උණුවෙම තොරතුරු ලබා ගන්න පුළුවන් වේවි. මෛත්‍රිපාලත් ඉන්න එකේ උණු උණුවෙන් ම ආප්ප කමින් ප්‍රවෘත්ති නරඹන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන්ට අමුතුවෙන් තමන්ගෙ මතය කියන්න ඕන වෙන එකකුත් නැහැ. ආණ්ඩුවෙ මතයයි මාධ්‍යයෙ මතයයි දෙක ම එකයි.///

      ///කොහොමත් සමහර ජනමාධ්‍යවේදීන් තමන් හතරවැනි රාජ්‍යය (ෆොඋර්ත් ස්ටටේ කියල කියනවා. ඒක හතරවැනි මණ්ඩලය නැත්නම් (ෆොඋර්ත් එස්ටටේ කියල ඒ අය දන්නෙ නැහැ. එස්ටටෙ මොක ද ස්ටටෙ මොක ද? ඉස්සර සමහරු තමන්ගෙ වත්තට ගියෙ තමන්ගෙ රාජ්‍යයට යනව වගේ කියල හිතාගෙන. රනිල්ගෙ වතු තියෙන්නෙ කොහෙද කියල අපි දන්නෙ නැහැ. ඔහු ඉන්නෙ කුරුඳුවත්තට අල්ලපු ගමක. සජිත් ඉන්නෙ කෙහෙල්වත්තෙ ද කියල අහගන්න බැරි වුණා.//

      //රනිල්ල 1977 ඉඳල ම ජාමූලෙ වන්දනා කරනවා. ඒත් මොකක් ද රටට වෙලා තියෙන සෙත. ජාමූලෙ උපදෙස් ද නිසා තමයි අද රට මේ තත්වයට වැටිල තියෙන්නෙ. ජාමූලෙ වන්දනා කරල නැති වෙච්ච රටවල් කීයක් ලෝකෙ තියෙනවා ද? රනිල් දන්නෙ නැත්නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. රනිල් පොත් කියවනව නම් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. මා හිතන්නෙ වාසු සහෝදරයා ජාමූලෙ යනවට විරුද්ධයි. ඒ අතින් ඔහුට විතරයි ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන්නෙ. ඒත් අද අප බිත්තියට හේත්තු කරල. අද අපට විකල්පයක් හැටියට රනිල් හා ඊනියා ආර්ථික විිද්‍යාඥයන් ඉදිරිපත් කරන්නෙ ජාමුල විසඳුම පමණයි. අපට තාවකාලික ව හරි ජාමූලෙ ගිහින් ඩොලර් කීයක් හරි හිඟා කන්න වෙනවා. ඒක ආපහු ගෙවන දාට අර ෆෝක්ස්වාගන් ටිකයි චුවින්ගම් ටිකයි නිෂ්ඳාදනය කර ගත්තෙ නැත්නම් අර්බුදය තවත් උග්‍ර වෙයි. රනිල්ට දෙවි පිහිටයි.//

      //ඩොලරය ඉපයීම ගැන අපට ක්‍ෂණික ව තියෙන්නෙ හරිත කෘෂිකාර්මික නිෂ්පදන වැඩි කර ගැනීමයි. ඉන්දියාවෙන් ණය ගන්න පුළුවන්. ඒත් කොන්දේසි මොනවා ද? මේ අතර ඩොලර් ඉතිරි කර ගැනීම ගැන හිත යොමු කරන්න පුළුවන්. එහි දී ආනයන අඩු කිරීම ආකල්ප වෙනස් කිරීම ජීවන රටාව සරල කිරීම ආදිය තමයි පිහිටට එන්නෙ. ඒ අතර අපට ඩොලරය මග හරින ක්‍රම ගැනත් හිතන්න වෙනවා.//

      //ආර්ථික විද්‍යාව භෞතික විද්‍යාව වගේ නො වෙයි. කිසිම ආකාරයක නිශ්චිත අදහසක් නැත. ඒත් අතට මේත් අතට.//

      //අප රුසියාවට තේ යවන එක නවත්තල කියල පුවතක් දැක්ක. රුසියාවට නැවු යන්නෙ නැතිලු. ඉන්දියාව ඒ වෙළෙඳ පොළත් අල්ල ගනීවි. ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නවා. එ තෙල් ගේන්නෙ නැවුවලින් නො වෙයි ද? ඩොලරය කියන්නෙ කෘත්‍රිම මුදලක්. බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම කඩා වැටුනට පස්සෙ ලෝකෙ වෙළෙඳාම මහ කෘත්‍රිම දෙයක්. අපි බරකරත්තෙන් යමු ද කියල අහන්න වෙනවා. අපේ තේ රුසියාවට යවල රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් ද? බඩු හුවමාරු ක්‍රමය අදට ගැලපෙන පරිදි යොදා ගන්න පුළුවන් ද?//

      Delete
    4. අනුමත කරන/එකඟ වන දේවලුත් තිබෙනවා. නැති දේවලුත් තිබෙනවා. පහසුම ක්‍රමය මා ලියා තිබෙන ලිපි කියවා තේරුම් ගැනීමයි.

      Delete
    5. මුට අර්බුදය විතරක් ඊනියා නෑ. පොඩ්ඩක් දැනිලා වගේ

      Delete
    6. නලිය වගේ ගොඩ වෙදක් අල්ලාගෙන තව අවුරුද්දක් මේක හෑවා නම් ඊළඟට එන මනුස්සයට කරදරයක් නැතුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික කරන්න පුළුවන්

      Delete
  13. ඇත්තටම ඉකොනොමැට්ටා ඔබ වගේම ලංකාවෙන් පිට සහ ලංකාවේ සිටි බහුතරය වූ මහජනතාව ගැන කියනවනම් අපට නැති වුණත් සමස්ත ලාංකීය ප්‍රජාව ගත්තාම ගෝඨාභය ජනපති පිලිබද විශ්වාසයක් මිනිස්සුන්ට තිබුනා පක්ෂ විපක්ෂ සියලු දෙනාට, නමුත්

    1) සමහර තීරණ ගැනිමට කාලය ගැනිම (උදා: ඩොලර් හිඟය උග්‍ර අතට හැරෙන බව පෙනි පෙනීම රුපියල නිසි අවස්තාවෙදී ෆ්ලෝට් වීමට නිදහස් නොකිරිම).

    2) ලංකාවේ ආර්ථිකයේ පවතින ප්‍රශ්න බහුතර ජනතාව වෙත නිසි පරිදි සන්නිවේදනය නොකිරීමත් විශාල අතපසුවිමක්.

    3) මුදල් ඇමති මොළ හතේ කපුටාස් පිලිබදව රටේ කිසිම විශ්වාසයක් නොමැති වීම. ඩොලර් කේස් එක නිසා කබ්රාල් පවා දැන් ඉන්නේ බලු වෙලා.

    4) ඔහු ආරක්ශා කිරිම සදහා ප්‍රශ්න ගැන වාද කල අය ආණ්ඩුවෙන් ඉවත් කිරිමත් ගැටලු සහගතයි.

    ඒ වගේම ඉකොනොමැට්ටා ගෝඨාභය දින්නෙ ඔය අටවගත්තු පොහොට්ටු අටමගල නිසා නොව නාලක ගොඩහේවා, විමල්, දිනෙශ්, ගම්මන්පිල, චරිත හේරත් සහ ඉකොනොමැට්ටා වන ඔබ වැන්නන් කල කාර්‍ය භාරය නිසා බවයි මගෙ මතය.

    හොඳ ආර්ථික උපදෙස් ලබා ගන්න බැරි වුණ නමුත් දැනට ලංකාවේ ඉන්න ඔහුගේ ආර්ථික උපදෙශක මන්ඩලයෙන් දෙන උපදෙස්වත් පිලිපදිනවනම් මේ අර්බුදයට යම් සහනයක් ගන්න හැකී වෙවි. නැත්තන් ඒවත් අර මොළ හතේ කපුටාස් මුදල් ඇමතිට ඕන විදියට ගියොත් රටට අබසරණයි.

    දැනුත් නන්දසේනට ගොඩ යන්න මාර්ග 3ක් තියෙනවා:

    1) සිරි ලංකන් එයාර්ලයින්ස් සමාගම වගේම දුම්රිය සේනාවත් හොඳින් හරි නරකින් හරි මොන ජාතියෙන් හරි පුද්ගලිකරනය කොරන්න ඕන. ආයතන දෙකකට හො තුනකට. මිනිස්සු සුදුසු මිලක් ගෙවල, වෙලාවට යන ගුනාත්මක එකක යයි. කොම්පැනියත් බොරු සෙවක ප්‍රමානය අඩු කරල උපරිම සෙවයක් දෙයි වැඩි ලාභයක් ගන්න. ස්ටෙශන් ටිකටයි, ඉතුරු යටිතල පහසුකම් ටිකටයි කුලියක් ගන්න ආන්ඩුවට.
    (දැනට අවුරුද්දකට බිලියන 20ක් විතර පාඩුයි)

    2) විදුලිබල මන්ඩලයත් පුද්ගලිකරනය කරන්න ඕන. (දැනට අවුරුද්දකට බිලියන 10ක් විතර පාඩුයි)

    3) සල්ලි අච්චු ගහලා රජ්යේ සෙවකයන්ට පඩි ගෙවනව වෙනුවට විදේශීය ණය දෙන ආයතන බැංකු හෝ අවම වශයෙන් යුරෝපීය රටවල් බැරිනම් ඉන්දීය චීන ආධාර උපකාර සහිතව හෝ නාගරික, ජනාකිර්න (වැඩි විදුලි පාරිභොජනයක් වෙන) නිවෙස් වලට පොලී නැති දිගු කාලීන වාරික ක්‍රමයට සොලර් පැනල් සහ බැටරි පැක් සහිත ඕෆ් ග්‍රිඩ් පවර් සමගින් විදුලි උඳුන් ලබා දෙන්න ඕන, එතකොට මිනිසුන් දන්දිනා මව ස්මරනය කිරිම නතර කරනු ඇති.

    පුද්ගලීකරණයට ලන්කාවෙ අනවශ්‍ය අකාර්‍යක්ශම සේවක අතිරික්තයක් තියන් ආයතනයක් යන්න බැහැ. VRS එකක් දිර්ඝ කාලින ප්‍රතිපල දෙන දෙයක්. හොද සෙවයක් දීලා මිල වැඩි කරත් කමක් නැහැ. මිල ඔනාවට වැඩි වුනොත් මිනිස්සු බස් එකෙ යයි. Power set ටික ගෙනාව එකයි, පෙට්ටි ටික paint කරපු එකයි ඇරෙන්න ලංකාවේ දුම්රිය සෙවයෙ ගිය අවුරුදු 50ට වෙච්ච දෙයක් නැහැ, ඒ වගේම ඒක ගන්න කෙනාට නිදහස දිය යුතුයි බය නැතුව අවශ්‍ය තීරණ ගන්න.

    ReplyDelete
  14. මේ ගොඩ යන්න දැඩි තීරණ කවුද ගන්නෙ?

    https://www.lankahotnews.net/2022/03/namal-denies-involvement-in-puttalam.html

    ReplyDelete
  15. ඉකොනෝ,

    ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවේ තෙල් විකුණලා හොයන්නේ ලංකා රුපියල්. ඒ අය කොහොමද ඒ සල්ලි ඉන්දියාවට ගෙනියන්නේ?

    ආයේ මෙහෙ විකුණා අලුතින් තෙල් ගනිද්දී ඒවා ගන්න ඩොලර් කොහෙන්ද ඒ කොම්පැනි එකට?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මෙය ඔබ අහන නිශ්චිත ප්‍රශ්නයට වඩා ගොඩක් පුළුල් ප්‍රශ්නයක්. හැමෝම විදේශ ආයෝජන ගැන ලොකුවට කතා කළත්, ඇඟලුම් වැනි අපනයන කර්මාන්ත හෝ අපනයන සේවා මුල් කර ගත් ආයෝජන හැර වෙනත් ඕනෑම විදේශ ආයෝජනයක් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා. එකවර රටට ඩොලර් යම් ප්‍රමාණයක් ආවත් ඉන් පසුව සිදු වන්නේ දිගින් දිගටම රටෙන් ඩොලර් එළියට යන එකයි.

      මෙය ඔබේ නිශ්චිත ප්‍රශ්නයට පිළිතුරක් නොවන නිසා මම ඒකත් කියන්නම්. මම දන්නා තරමින් ඉන්දියන් ඔයිල් සමාගම තෙල් ගේන්නේ ඉන්දියාවෙන්. ඒ නිසා, එම සමාගමට ඇත්තටම අවශ්‍ය වන්නේ ඉන්දියානු රුපියල්. ඩොලර්ම කියා ගත්තත් මේ කතාවේ වැඩි වෙනසක් නැහැ. ඔබ කියනවා වගේම එම සමාගම තෙල් විකුණා උපයන රුපියල් ඩොලර් කළ යුතුයි. ඒ සඳහා මිල දී ගැනීමට ඩොලර් රටේ නැහැ. ඉන්දියාව විසින් මේ වෙලාවේ ලංකාවට ණය දෙන්නෙත්, එසේ ලබා දෙන ණය සඳහා කොන්දේසි දමන්නේත් හරියටම මේ හේතුව නිසා. මෙහිදී ඉන්දියන් ඔයිල් සමාගමේ රුපියල් වෙනත් බැංකුවක් හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට යනවා. ඊට ගැලපෙන ඩොලර් හෝ ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ඉන්දියාවේ සංචිත බැංකුව විසින් කවර හෝ ඉන්දියාවේ වාණිජ බැංකුවක් හරහා ඉන්දියන් ඔයිල් සමාගමට දෙනවා. ඒ ඩොලර් හෝ ඉන්දියානු රුපියල් අරගෙන ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල දී ගන්නවා. තෙල් ගේන තරමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුවට ණය වෙනවා. තෙල් පමණක් නොව ඉන්දියාවෙන් කරන හැම ආනයනයක් හා අදාළවම සිදු වන්නේ මෙයයි.

      මේ ණය මහ බැංකුව විසින් සාමාන්‍යයෙන් මාස දෙකකට වරක් පියවිය යුතුයි. පසුගිය දෙවරක්ම ඩොලර් නැති නිසා පියවන්න බැරි වුනා. දැන් ඒ සියල්ල සමඟ මාස හයක වියදම් මැයි 5 පියවිය යුතුයි.

      Delete
    2. ඉකොනෝ,

      පැහැදිලි කිරීමට ස්තුතියි. ඒ කියන්නේ ඉන්දියාවට තෙල් ගන්න කියලා හරි ලංකාවට ණය දෙන්න වෙනවා නේද? නැතිනං ඉන්දියන් ඔයිල් කොම්පැනියේ වෙළදාම නැති වෙනවා.

      මට මතක හැටියට 2002 හෝ ආසන්න වසරකදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මාධ්‍ය ප්‍රශ්න කරනවා ඉන්දියන් ඔයිල් සමාගමට ලංකාවේ මෙහෙයුම් දියත් කරන්න ඉඩ දීම සහ තිරිකුණාමලයේ තෙල් ටැංකි කීපයක් ඔවුනට බද්දට දීම ගැන.

      එහිදී රනිල් වික්‍රමසිංහ කියනවා වසර 2020 වගේ වෙනකොට තෙල් වල මිල ඉතාම ඉහල ගිහින් සංස්ථාවට සැහෙන්න පාඩු ලබන්න වෙනවා, ඒක අඩු කරගන්නත් එක්ක තමයි ඉන්දියන් සමාගම මෙහෙ ගේන්නේ කියලා. මේ වගේ අදහසක් තමයි ඔහු දැක්වුයේ.

      ඒ වගේම දෙවැනි ප්‍රශ්නය වන තිරිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීම ගැන ඔහු ගිය සතියේ තමයි නිවැරදි පැහැදිලි කිරීම සිදුකරනවා මම දැක්කේ. ඔහු කීවා එවකට තිබුණු එල්ටීටීඊ තර්ජන අනුව ඔවුන්ගේ අරමුණ තිරිකුණාමලය ටැංකි වලට පහර දීම, නමුත් ඉන්දියාවට එහි ටැංකි කීපයක් දුන් නිසා එල්ටීටීඊ යට ඒවාට පහර දීමට නොහැකිව ඒවා ආරක්ෂා වූ බව.

      Delete
    3. මෙය අළුත් දෙයක් නෙමෙයි. 1974 සිටම දකුණු ආසියානු රටවල් (හා ඉරානය) සමඟ සියලුම ගනුදෙනු සිදු වන්නේ ණයට. ණය පියවන්නේ මාස දෙකකට වරක්. මෙහිදී ආනයනකරු සල්ලි ගෙවුවත් ඒ සල්ලි ලංකාවේ මහ බැංකුවේ රැඳෙනවා. ඉන්දියාවේ සංචිත බැංකුව එහෙන් සල්ලි ගෙවනවා. මෙතෙක් කල් ලංකාවේ මහ බැංකුවට ඉන්දියාවට ණය පියවීමේ ප්‍රශ්නයක් ලොකුවට මතු වුනේ නැහැ. රුපියල පා කිරීමට ඉන්දියාව විසින් බල කරන්න ඇත්තේ ඔවුන්ගේ ණය ආපසු නොලැබෙන මට්ටමට වැටුණු නිසයි.

      Delete
    4. 1974 එල්ටීටීඊ සංවිදානය තිබුනේ නැහැනේ.

      Delete
    5. AnonymousMarch 18, 2022 at 12:01 PM

      සම්බන්ධය පැහැදිලි නැහැ.

      Delete
  16. ඉකොනොමැට්ටා මේ සමගි ජන බලවේගයේ ආධාරකාරී යුවතියගේ කතාවේ හැටියට ලංකාවේ පාදඩ කාඩපක්ෂ හොර පවුල ඇමරිකානු ඩීල් එකක් අනුව රට සහ ආර්ථිකය විනාශ කරන බවට කියන කතාව ඇත්තක් තියෙනවා ද?

    https://fb.watch/bP6azkQIVT/

    මම හිතන්නේ මේ කතාව වගේම හිතා මතාම ආණ්ඩුව ලංකාවේ ආර්ථිකය කාබාසිනියා කරමින් ඇමරිකානු එක්සත් ජනපදයේ ඇජෙන්ඩා එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන් මොකද බැසිලා වගේ කම්බා හොරු සල්ලි වලට ඕනම දෙයක් කරනවා රට විනාශ කරලා ඩොලර් බිලියන ගණනක් හම්බ කර ගනී අන්තිමට ලංකාව ලිබියාව ඇෆ්ගනිස්ථානය ඉරාකය සහ තව ටික දවසකින් යුක්රේනය යේමනය වගේ කාලකන්නි රටක් ලෙස විනාශ වී යාවි. ඇමරිකානු ඉන්දීය ඇජෙන්ඩා අනුව නැටවෙන දුබල රටක් ඉතිරි වේවි මේක දැනගෙන තමයි චීනය ලංකාව සමග කරන ගනුදෙනු සියලු දේ නවතා දමා තියෙන්නේ ලංකාවේ පෝට් සිටි ඇතුළු ව්‍යාපෘති වල චීන ආයෝජන අපතේ යයි.

    කොහොමත් ලංකාව ගොඩ දාගන්න ආණ්ඩුවේ වත් විපක්ෂ කණ්ඩායම් වල වත් වෙන කවුරුවත් නැති නිසා හොඳම දේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ලංකාවෙන් හැකි ඉක්මනින් පීටවී යන එක. යුරෝපීය රටවල වගේම එක්සත් ජනපදයේත් ලංකාවේ අයට රෙෆියුජී වීසා සේවාව ලබා දෙන බව කට කතාවක් ලංකාවේ සිටින මගේ මිතුරෙක් පැවසූවේ. මේක ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන් ද? ලංකාවේ යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්න පුළුවන් විදියට මේ රෙෆියුජී වීසා සේවාව ලබා ගැනීමට කුමක් කළ යුතුද කියන කාරණය ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...