හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සමාජ මාධ්‍ය වල පුළුල් කතාබහක් ඇති වුනානේ. එහිදී එක්තරා රාජ්‍ය බැංකුවක් විසින් කර තිබෙන විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු පිළිබඳව තොරතුරු ඔහු අනාවරණය කළා. මේ තොරතුරු වල ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මෙය එහිදී කියූ දේ පිළිබඳ තාක්ෂණික පැහැදිලි කිරීමක්.
මෙහිදී අපි කතා කරන්නේ යන්නේ පොදුවේ විදේශ විණිමය ගනුදෙනු ගැන වුවත්, පැහැදිලි කිරීමේ පහසුවට ඩොලර් වෙළඳාම කියා කියමු.
ඩොලර් මිල දී ගන්න හෝ විකුනන්න අවශ්‍ය කෙනෙක් සාමාන්‍යයෙන් කරන්නේ බැංකුවකට හෝ මුදල් හුවමාරුකරුවෙකු (moneychanger) වෙත ගොස් රුපියල් නෝට්ටු දී ඩොලර් නෝට්ටු ගන්න එක. එහෙම නැත්නම් ඩොලර් නෝට්ටු දී රුපියල් නෝට්ටු ගන්න එක. සිල්ලර කඩේකින් හාල් පොල් ගන්නවා වගේ ගණුදෙනුව එතැනින් ඉවරයි.
හැබැයි බැංකු අතර විධිමත් ලෙස සිදුවන මහා පරිමාණ විදේශ විණිමය ගනුදෙනු සිදු වෙන්නේ ඔයිට වඩා ටිකක් සංකීර්ණ විදිහකට. ඒ ගනුදෙනු වලදී බොහෝ වෙලාවට එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් සම්ප්‍රේෂණය වනවා මිස රුපියල් හෝ ඩොලර් නෝට්ටු හුවමාරුවක් වෙන්නේම නැහැ. විධිමත් විදේශ විණිමය වෙළඳපොළේ සිදුවන ගනුදෙනු අදාළ ගනුදෙනුව සම්පූර්ණ වීමට ගත වන කාලය අනුව වර්ග කෙරෙනවා.
එදින ගනුදෙනු (cash transactions) - ගණුදෙනුව සිදු වූ දවස ඇතුළතම ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙම ගනුදෙනු Today යන්න කෙටි කර Tod transactions ලෙසද හඳුන්වනවා.
ඉදිරි දින ගනුදෙනු (Tom transactions) - ගණුදෙනුව සිදු වූ දිනට පසු දින ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙහි Tom යන්න හැදී තිබෙන්නේ Tomorrow යන්න කෙටි වීමෙන්.
තැන් ගනුදෙනු (spot transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙකක් ඇතුළත ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා.
ඉදිරි හුවමාරු ගනුදෙනු (forward transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙක ඉක්මවූ කලින් එකඟ වූ දිනයකදී ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. හුවමාරුව සිදු වන දිනය බොහෝ විට සතියකට, මසකට, තෙමසකට, සයමසකට හෝ වසරකට පසුව විය හැකියි. ඇතැම් විට වෙනත් කාලයකට පසුව වෙන්නත් පුළුවන්.
මුදල් හුවමාරු ගිවිසුම් (swap transactions) - මෙම ගනුදෙනුවක කොටස් දෙකක් තිබෙනවා. දළ වශයෙන් මෙය තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක්. ගනුදෙනුව අනුව පළමු හුවමාරුව සිදු කර, කලින් එකඟ වූ නිශ්චිත කාලයකට පසුව, දෙවන ගනුදෙනුවකින් මුල් ගනුදෙනුව ආපසු හැරවෙනවා.
එදින, ඉදිරි දින හා තැන් ගනුදෙනු වලදී හුවමාරුව සිදු වන විණිමය අනුපාතය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිසියම් දිනක විණිමය අනුපාතය ලෙස හඳුන්වන අනුපාතයට මෙම අනුපාත ආසන්නව සමානයි. එහෙත්, ඉදිරි හුවමාරු ගනුදෙනු වලදී එකඟ වන විණිමය අනුපාතය බොහෝ විට වෙනස් අනුපාතයක්. ඒ වගේම හුවමාරුව සිදුවන කාලය අනුව මෙම අනුපාතය වෙනස් වෙනවා.
සාමාන්‍ය මූලධර්මයක් ලෙස තැන් අනුපාතය හා ඉදිරි හුවමාරු අනුපාතය අතර වෙනසින් අදාළ රටවල් දෙක අතර පවතින උද්ධමන වෙනස පිළිබිඹු විය යුතුයි.
මම මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
ලංකාවේ උද්ධමනය 17.5% ලෙසත්, ඇමරිකාවේ උද්ධමනය 7.5% ලෙසත් සලකමු. මේ අනුව, රටවල් දෙක අතර උද්ධමන වෙනස 10%ක්. එයින් අදහස් වන්නේ වෙනත් සාධක වෙනස් නොවේනම් ඩොලරයක රුපියල් මිල වසරකට 10%කින් ඉහළ යාමට නියමිත බවයි. ඒ අනුව, මාස 6කදී 5%කිනුත්, මාස 3කදී 2.5%කිනුත් මිල ඉහළ යාමට නියමිතයි.
අද තැන් අනුපාතය රුපියල් 300 සේ සලකමු.
ඒ අනුව, මාස-3 ඉදිරි හුවමාරු අනුපාතය 307.50ක්ද, මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය 315ක්ද, වසර-1 ඉදිරි හුවමාරු අනුපාතය 330ක්ද විය යුතුයි.
ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය සම්බන්ධ කෙරෙන "Theory of unbiased forward rates" නම් වූ න්‍යායයක් තිබෙනවා. එයින් කියැවෙන්නේ, අද දිනයේ තිබෙන තොරතුරු අනුව, මාස 6කට පසුව තැන් හුවමාරු අනුපාතය පිළිබඳ හොඳම ඇස්තමේන්තුව අද දිනයේ පවතින මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය බවයි. මෙය වෙනත් ඕනෑම කාලයකටද අදාළයි. එහෙත්, දැනට නොදන්නා පසුව ලැබෙන්නට නියමිත තොරතුරු මත මෙය වෙනස් විය හැකියි.
ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය අතර වෙනස ධන අගයක්නම් එය ඉදිරි හුවමාරු අධිභාරයක් (forward premium) ලෙසත්, මෙය සෘණ අගයක්නම් ඉදිරි හුවමාරු වට්ටමක් (forward discount) ලෙසත් හැඳින්වෙනවා.
ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි මෙන්ම ආර්ථික විද්‍යාවෙහිද ප්‍රචලිත තවත් න්‍යායක් වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය (purchasing power parity) න්‍යායයි. එම න්‍යාය අනුව දෙරට අතර උද්ධමන වෙනස එක්-වසර ඉදිරි හුවමාරු අධිභාරයට හෝ ඉදිරි හුවමාරු වට්ටමට සමාන විය යුතුයි. මාස-6 ඉදිරි හුවමාරු අධිභාරය හෝ ඉදිරි හුවමාරු වට්ටම උද්ධමන වෙනසින් බාගයකට වඩා අඩු විය යුතුයි.
ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වීම සාමාන්‍ය තත්ත්වය බව අපි දන්නවා. ඇමරිකාව දිගුකාලීනව උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නා නමුත් ලංකාවේ එම ඉලක්කයම වුවත් 5% පමණ මට්ටමක්. ඇත්ත උද්ධමනය බොහෝ විට ඊටත් වඩා වැඩියි. ඒ කියන්නේ උද්ධමන වෙනස අවම වශයෙන් 3%ක් පමණවත් වෙනවා. දැන්නම් 10% පමණ. ඉදිරියේදී තවත් ගොඩක් වැඩිවෙයි.
මේ අනුව, ලංකාවේ විදේශ විණිමය වෙළඳපොළේ ඉදිරි හුවමාරු අධිභාරයක් මිස ඉදිරි හුවමාරු වට්ටමක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් දැකිය හැකිනම් බොහෝ විට එය අසාමාන්‍ය තත්ත්වයක්.
මුදල් හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක් කියා මම කිවුවනේ. මෙය පැහැදිලි කිරීම සඳහා ඉදිරි හුවමාරු අධිභාරය 10%ක් ලෙස සලකමු. මෙහිදී ගිවිසුම අනුව, A විසින් B ට අද රුපියල් 300 බැගින් කිසියම් ඩොලර් ප්‍රමාණයක් දෙනවා. හරියටම වසරකට පසුව B විසින් Aට රුපියල් 330 බැගින් ඩොලර් 100ක් දිය යුතුයි. ඒ වන විට ඩොලරයේ තැන් මිල කීයක් වුනත් එහි ලාබය හෝ පාඩුව අදාළ පාර්ශ්ව වලට භාර ගන්න වෙනවා.
හර්ෂ කියන කතාව ඇත්තනම් මහජන බැංකුව විසින් පසුව රුපියල් 185 බැගින් ඩොලර් ආපසු දෙන පොරොන්දුවට රුපියල් 200 බැගින් ඩොලර් අරගෙන. ඒ කියන්නේ ඉදිරි හුවමාරු වට්ටමකට. දැන් මහජන බැංකුවට එම ගිවිසුම අනුව වෙළඳපොළෙන් රුපියල් 300ට ගන්න ඩොලර් රුපියල් 185 බැගින් විකුණන්න සිදු වෙලා. ඩොලර් එක තව ඉහළ ගියොත් පාඩුව තවත් වැඩි වෙනවා.
මේ වැඩෙන් මහජන බැංකුව බංකොලොත් වෙලා කඩා වැටෙන එකක්නම් නැහැ. (ඒ ඇයි කියා විස්තර කරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙනවා. එය පසුව කරන්නම්). නමුත්, පාඩුවක් වෙන බව ඉතාම පැහැදිලියිනේ. එය තීරණය වන්නේ ගිවිසුම්ගත මුදල් ප්‍රමාණ හා ගිවිසුම් කාල මතයි.
වඩා වැදගත් වෙන්නෙ කාත් එක්කද මේ ගිවිසුමට එලඹුනෙ කියන එක.
ReplyDeleteකොහොම උනත් ලංකාවේ දේශපාලන කණ්ඩායම් වල ඉන්න අයගෙන් මම හිතන්නේ සාපේක්ෂව රනිල් කියන්නේ යම් තරමකින් හරි ජෙනුයින් දේශපාලකයෙක්. සමහර වෙලාවට ලංකාවේ ඉන්න ජෙනුයින්ම දේශපාලකයා ඔහු විය හැකියි. ඔහුගේ මේ වෙලාවේ කාර්යභාරය ඉතාමත් තීරණාත්මක මොහොතක් බව මට හිතෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් විශාල මුදලක් ලබා ගැනීමට යන මොහොතක ඔහුගේ මැදිහත්වීම ඉතාමත් වැදගත් වේවි.
ReplyDeleteමම හිතන්නේ ඉන්න අයගෙන් පාඨලීගේ 43 කණ්ඩායම හොඳයි නමුත් ඔවුන් සමාජවාදී ආර්ථික සංකල්ප වලට තවම බර වැඩියි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන පැත්ත වැඩියි අනෙක එම කණ්ඩායමේ අයත් රාජපක්ෂ සහ සජිත්ගේ දූෂිත දේශපාලකයන් තරමට නැතත් යම් තරමකින් හෝ කරප්ෂන් වලට නැඹුරුවක් දක්වන එකත් ප්‍රධාන ප්‍රශ්නයක්.
මට මේ ලිපිය කියෙව්වම තේරුම් ගියේ මහජන බැංකුව අනිවාර්යයෙන්ම පාඩු වෙන බව දැන දැනම ඒ ගනුදෙනුව කරලා තියෙන බව.කිසිම දවසක වෙන්න බැරි දෙයක් වෙයි කියලා හිතාගෙන ගනුදෙනු කරලා. සම්මතයෙන් පිට ගිහින් ඒ කියන්නේ "Theory of unbiased forward rates" සම්පුර්ණයෙන්ම අමතක කරලා ගනුදෙනු කරන්න තීරණය කරලා තියෙනවා. කවුද ඒ තීරණය ගන්නෙ? රජයේ බලපෑම් නිසා බැංකුව එහෙම කරනවද? ඒකත් හරියටම කිසිම දවසක ආපහු නොලැබෙන බව දැන දැනම කාට හරි ණයක් දෙනවා බැංකුව කාගෙ හරි බලපෑමකට .
ReplyDelete//මට මේ ලිපිය කියෙව්වම තේරුම් ගියේ මහජන බැංකුව අනිවාර්යයෙන්ම පාඩු වෙන බව දැන දැනම ඒ ගනුදෙනුව කරලා තියෙන බව.//
Deleteහර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය නිවැරදිනම් මෙය ඉතාම පැහැදිලියි නේද? ඩොලරය නැවත රුපියල් 185ට වැටෙයි කියා ප්‍රධාන බැංකුවක විදේශ විණිමය ගනුදෙනු කර පුරුද්දක් තිබෙන අයෙකු නිගමනය කරයිද? අනෙක් පැත්තෙන් මෙයින් පෙනී යන්නේ ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා ගැනීම සඳහා මහ බැංකුවේ නිල සංචිත නාස්ති කිරීමට අමතරව රාජ්ය බැංකු වල අරමුදල්ද යොදා ගෙන ඇති බවයි.
ඔව් ඉකොනො ඒ ගැන පැහැදිලියි. නමුත් මේ වගේ තීරණයක් ගන්න නම් ලොකු බලපෑමක් තියෙන්නෙ ඕනෑ. ඉහළම තැනක් නියෝග කරන්න ඇති.
Deleteමෙහෙම කරන්නෙ තවත් බැන්කුවක් සමගද? නැතිනම් කලුකඩෙන් අරන්ද?
Deleteඩොලර්ඩ දෙන්න කවුරුහරි ඉන්න එපැයි.
කළු කඩෙන් අරගෙන මෙවැනි ගනුදෙනු කරන්න බැහැ. සාමාන්‍ය තත්ත්වයක් යටතේ අපනයනකරුවෙකු වැනි පාරිභෝගිකයෙකු සමඟ මෙවැනි ගනුදෙනුවක් කළ හැකි වුවත් පසුගිය කාලයේ පැවති රෙගුලාසි අනුව මෙම ගනුදෙනුව හෝ ගනුදෙනු කරන්නට ඇත්තේ වෙනත් වානිජ බැංකුවක් හෝ බැංකු සමඟයි.
Deleteඒ බැන්කු වලට ඩොලර් කොහෙන්ද?
DeleteNrfc වල තියෙන සල්ලිද?
දළ පිළිතුරක් ලෙස ඔව් කියා කිව හැකියි. බැංකු වලට ඩොලර් ලැබෙන ක්‍රම ගණනාවක් තිබෙනවා.
Deleteඉකොනොමැට්ටා,
ReplyDeleteපේන විදියට නම් මේක රජයේ බලපෑම් මත මහජන බැංකුවේ සභාපති සහ කාර්යමණ්ඩලය වෙනත් පෞද්ගලික අංශයේ බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට භාණ්ඩ හෝ සේවා ආනයනය කිරීමට එල් සී එකක් සඳහා මුදල් ලබා දීමට කටයුතු කරපු එකෙන් වෙච්ච දෙයක් මම හිතන්නේ මේ කියන දේ මොකක් හරි "අත්‍යවශ්‍ය" කියන කැටගරි එකේ හදිසි භාණ්ඩ මිල දී ගැනීමක් සඳහා වෙන්න පුළුවන්. කොහොම උනත් මේකෙන් රජයේ බැංකුවක් විදියට මෙතන වෙන පාඩුව ගැන විමර්ශනය කර අදාල පුද්ගලයන්ට දඬුවම් කරන්න පුළුවන් නේද? මීට මාස කිහිපයකට කලින් චීනයෙන් ආනයනය කරපු කාබනික පොහොර නැව සම්බන්ධ ප්‍රශ්නයේදී රජයේ අනවශ්‍ය කලබලය නිසා ලංකා බැංකුවත් ඩිෆෝල්ට් වීමේ අවදානමකට ලක් වුණා මතකයි නේද?
හැබැයි ඕක ලංකාවේ දැන් තියෙන ආර්ථික තත්ත්වය එක්ක බලද්දී සුළු කාරණයක් ඊට වඩා ගොඩක් බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉන්න වෙලාවක් නිසා.
ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අයි එම් එෆ් එක මේ යෝජනා ඉදිරිපත් කරල තියෙනවා මේක ලංකාවේ සමාජ ජාල වල සහ මටත් වට්ස් ඇප් එකෙන් ආවා මේක බලන්න;
https://drive.google.com/file/d/1e1AXm6S6IFiccN9KqytTRHZEUCQ_o_gu/view
මේකේ කියල තියෙන විදියට පහුගිය කාලෙ වසංගත තත්ත්වය හමුවේ ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බවත් ආණ්ඩුව 2019 කරපු බදු අඩු කිරීම, එම් එම් ටී නමින් පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම, ලංකාවේ ප්‍රමුඛතම විදේශ විනිමය ආදායම් මාර්ගයක් වූ සංචාරක ව්‍යාපාරයේ ආදායම් විශාල වශයෙන් අහිමි වීම සහ මාස ගණනක් තිස්සේ දිගුකාලීනව රට වසා දැමීම හේතුවෙන් එය වඩාත් තීව්‍ර මට්ටමකට පැමිණ ඇති බව අයි එම් එෆ් එකේ අදහසයි.
ඔය වාර්තාවේ අයි එම් එෆ් එක දකින විදියට ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති බවත් පසුගිය වසරේ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ලංකාවේ උද්ධමනය මේ දවස්වල ඉලක්කම් දෙකක ඉහළ මට්ටමක ඇති නිසා ඊට පිළියම් යොදා තනි ඉලක්කමක උද්ධමනය රඳවා ගැනීමට රජයට නොහැකි වි ඇති බවත් පේනවා.
අනෙක් පැත්තෙන් ජවිපෙ ජාතික බලවේගය ඇතුලු බොහෝ දෙනෙක් පවසන්නේ ලංකාව අයි එම් එෆ් එකට ගියාම ආයෙත් පාරක් විශාල අයි එම් එෆ් ණය උගුලේ කර වටක් ගිලී යන බවත් ඊට පස්සේ ලංකාවේ ආර්ථිකය පමණක් නොව ලංකාවේ සියලුම අංශ අයි එම් එෆ් එකට අවශ්‍ය ආකාරයට පාලනය වන බවත් පාලකයන්ට කළ හැකි බම්බුවක් නැති බවත්. මමත් හිතන්නේ මේ කියන අයි එම් එෆ් එකේ දේවල් කළොත් ලංකාවේ පාලනය නිල වශයෙන්ම අයි එම් එෆ් එක හරහා එක්සත් ජනපදයට හිමි වන බව. එතකොට අපි පාලකයන් වෙනස් කරන එකෙන් සත පහක වැඩක් නෑ හැමෝම අයි එම් එෆ් එකේ රූකඩ විදියට වැඩ කරන්න ඕන එහෙම නේද?
මේක Article IV consultation එක. හැම රටකටම හැම අවුරුද්දකම හදන එකක්.
DeleteIMF report eka publish karala neda
ReplyDeletehttps://drive.google.com/file/d/1e1AXm6S6IFiccN9KqytTRHZEUCQ_o_gu/view
මේක Article IV consultation එක. හැම රටකටම හැම අවුරුද්දකම හදන එකක්.
Deleteඔය පහුගිය දෙසැම්බර් මාසයේ නිකුත් කරපු ආටිකල් හතර කන්සල්ටේෂන් එක, හැබැයි ඕකෙන් අයි එම් එෆ් එක දැනට ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉන්න ස්ථාවරය ගැන අදහසක් ගන්න පුළුවන් වේවි ඒත් අයි එම් එෆ් එකේ වැඩ පිළිවෙල තාම හරියට දන්නෙ නෑ කවුරුත්. අර කලින් බැසිලිකා උන්නැහේ කියපු draft එක උනත් දැනට එළියට දාන එක තේරුමක් නැති වැඩක් මොකද ඒක අවසන් program එක නෙවෙයි තව සමහර දේවල් එකතු වෙලා සමහර යෝජනා ඉවත් කිරීමට කටයුතු කරන බැවින්.
Deleteඒ නිසා ලබන මාසේ බැසිලිකා උන්නැහේ සහ ලංකාවේ විශේෂඥයන් පිරිසක් වොෂින්ටන් ගිහින් සාකච්ඡා කරලා තීරණය කරන වැඩ පිළිවෙල තමයි අපේ සාකච්ඡාවට බඳුන් විය යුතු එහෙම නේද ඉකොනොමැට්ටා?
මම හිතන්නේ ආණ්ඩුව විසින් අයි එම් එෆ් එකට ඉදිරිපත් කිරීමට තමන්ගේම හෝම් ග්රෝන් අලුත් ප්ලෑන් එකක් හදලා ඒක සර්ව පාක්ෂික සමුළුව ඊට කලින් නැවත වතාවක් හෝ කීපයක් පවත්වාගෙන යන ගමන් ලංකාවේ ආණ්ඩුවේ ආර්ථික උපදේශක මණ්ඩලයක් විසින් පක්ෂ නායකයන්ට මේ ගැන ඉතාමත් සරල බසින් ඉදිරිපත් කරන සංක්ෂිප්ත සහ සියලුම දේවල් විස්තර කරන presentation එකක් කරමින් හැමෝගෙම අදහස් අරගෙන ඊට පස්සේ ඒ ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අදහස් ද අරගෙන ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය අතර ඊට පස්සේ අයි එම් එෆ් එක කියන දේවල් පවා සම්පූර්ණයෙන් ජනතාව දැනුවත් කර ඒ ගැන සහ එහි ප්‍රධාන ප්‍රශ්න සහ අතුරු ආබාධ ප්‍රතිඵල පුරෝකථනයන් කරමින් පොදු අවබෝධයක් ඇතිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. පහුගිය කාලෙ රනිල් වික්‍රමසිංහ කරා වගේ මේ ආණ්ඩුවත් කොළේ වහල ගහන එක නිසා ලංකාවේ පොදු ජනතාවගේ විස්වාසය සහ කැමැත්ත ලබා ගැනීමට බැරි එක හින්දා තමයි මේ සේරම ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙන්නේ.
පළමු කෙටුම්පත එළියට දාන එකේ හෝ සාකච්ඡා කරන එකේ කිසිම තේරුමක් නැහැ. එය නිලධාරී මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ප්‍රවේශයක් පමණයි. පසුව විශාල ලෙස වෙනස් වෙනවා. බැසිල් රනිල්ටත් එය කියන්නේ රනිල් එය හොඳින්ම දන්නා නිසා.
Deleteශ්‍රී ලංකාව පිළිබඳ IMF වාර්තාවක් ප්‍රසිද්ධ කරල තියෙනවා. ඒ වාර්ශිකව දෙන එකද නැත්තන් අර බැසිල් තාම හම්බුනේ නෑ කිව්ව එකද?
ReplyDeleteවාර්ෂිකව හදන එක.
Deleteඉකොනොමැට්ටා මේ මහ බැංකුවේ රත්රන් සංචිත ගැන ආචාර්ය විජේවර්ධන මහතා කියන කතාව ගැන මොකද හිතන්නේ?
ReplyDeletehttps://fb.watch/b_w4jx-OIv/
ඇත්තටම මහ බැංකුවේ තිබූ ජනතා විමුක්ති පෙරමුණෙන් 1989 දී පමණ අත්පත් කරගෙන තිබූ කැරට් 22 රත්තරන් කිලෝ 600 ක් විතර කැනඩාවට යවලා උණු කරලා ගත්තා ම ඒකෙන් පිරිසිදු රත්තරන් කිලෝ 2 ක් පමණක් ලැබුණු කතාව බොරුවක් කියලා මට හිතෙනවා. මොකද සාමාන්‍යයෙන් කැරට් 22 රත්තරන් කිලෝ 600 ක් උණු කරලා ලේසියෙන්ම කැරට් 24 පිරිසිදු රත්තරන් කිලෝ 550 ක් විතර නැත්නම් අඩු ගණනේ කිලෝ 500 ක් විතර ලබා ගැනීමට පුළුවන් ලේසියෙන්ම. කැනඩාවට නොයවා ලංකාවේ ජුවලරි ෂොප් වලට දී නැත්නම් විදේශ රටවල සේවය කරන අයට ටිකක් අඩු මිලකට මේවා අලෙවි කරා නම් මීටත් වඩා විශාල මුදලක් එකතු කර ගැනීමට පුළුවන් වේවි.
අනෙක් පැත්තෙන් ලංකාවේ රත්තරන් සංචිත ටොන් දහතුනක් තිබූ බවත් 2020 දී ඒවායෙන් භාගයක් පමණ විකුණලා තියෙනවා. ඒක නොවිකුණා තිබ්බ නම් මේ දවස්වල රන් මිල ගණන් එක්ක ලංකාවට ඒක වාසියක් වෙනවා නේද?
ඔය JVP රත්තරන් විකිණූ අවස්ථාව මට මතකයි. එහෙත් නිශ්චිත විස්තර මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ. මේ කියන කතාවේනම් අවුලක් තියෙනවා. රත්තරන් ඒ තරමට අඩු වුනේ කොහොමද කියන එක පැහැදිලි නැහැ.
Deleteදෙවෙනි කරුණ ගැනනම් ඒ විවේචනය කරන එකේ තේරුමක් නැහැ. රත්තරන් විකිණුවේ නොකර බැරි තැනට වැටුනට පස්සෙනේ.
ම්හ බැන්කුවෙ කැරට් 22 රත්තරන් තියෙනවද?
Deleteආණඩුවෙන් ගෙනියන ISB බිල්ල ගැන මොකක්ද හිතන්නෙ ඉකොනො?
ReplyDeleteISB හෙන භයානකද අනිත් ණය වලට වඩා?
මේ ආණ්ඩුවෙන් ISB ගන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියේද ඉන්නෙ?
ISB කිසිසේත්ම භයානක නැහැ. එය භයානක වෙන්නේ සල්ලි අරගෙන කරන දේ අනුව. වගකිවයුතු රාජ්‍යමූල්‍ය කළමණාකරණයක් නැතිව ISB ණය ගැනීම වගේම චීනය, ඉන්දියාව වැනි රටවලින් ණය ගන්න එකත් භයානකයි. (බටහිර රටවල් ගැන නොකීවේ එම රටවල් ණය දීමේ ඉඩක් නැති නිසා. නැත්නම් බටහිර රටවල් වුනත් කතාව ඒකම තමයි.) ප්‍රතිපත්තිය දැන් වෙනස් කර ගත්තත් 2024 වන තුරු නැවත ISB ණය ගත හැකි තත්ත්වයක් ඇති වේදැයි සැකයි. මේ ආණ්ඩුවට කොහොමටත් ISB විකල්පය වැහිලා නිසා දැන් ප්‍රතිපත්තිය කුමක් වුවත් වැඩක් නැහැ. අර කියන්නේ "කැත ගැහැණියගේ පතිවත" කියලා. ඒ වගේ තමයි.
DeleteISB නිකුත් කරන්න විදියක් නෑ අපේ රේටින් අඩු උන නිසා.
Deleterasitha, ඒක හරි.
Deleteආන්ඩුවෙන් මවන Isb බිල්ලා ගැන ඇහුවෙ.
@ඉකොනො
ලන්කාවෙ විදේශ ණය අඩුවෙලද මේ අවුරුදු 2ට? ජිල්මාට් එකක් දාල අඩු කරල පෙන්නනව විතරයි කියල කොහෙදි හරි කියල තිබ්බ මතකයි.
නැහැ. ස්වෛරිත්ව බැඳුම්කර වල වෙළඳපොළ මිල බාගෙට බාගයක් වගේ අඩු වෙලා නිසා ණය අඩුවෙන් පේනවා.
Delete