වෙබ් ලිපිනය:

Saturday, September 25, 2021

යහපාලන ණය හා රාජපක්ෂ ණය


යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,487ක් පමණයි. යහපාලන ආණ්ඩුවේ පාලන කාලය අවසන් වෙද්දී (2019 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,032ක් වෙලා. ඒ කියන්නේ රුපියල් බිලියන 5,545කින් වැඩි වෙලා. 

ඉහත සංඛ්‍යා ගැන ටිකක් වැඩිපුර කතා වෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට සම්බන්ධ අය මේ ණය වැඩි වීම උලුප්පා පෙන්වනවා. අද මහ බැංකු අධිපති කබ්රාල් සහභාගී වූ සාකච්ඡාවකදීත් ඔහු මේ ණය වැඩි වීම ගැන කතා කළා. සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛණ ගැන වැඩි අවබෝධයක් නැති, පක්ෂයක් බදා ගෙන නැති අයට පවා මේ සංඛ්‍යාලේඛණ ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ තරම් ණය අරගෙන යහපාලන ආණ්ඩුව කළේ මොනවද? ඇරත් ඔය තරම් බදු වැඩි කිරීමෙනුත් පසුව?

යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටි ඇතැම් දේශපාලනඥයින්ට අනුව එම ආණ්ඩුව ණය අරගෙන තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවන්න. එහෙම ණය ගෙවුවානම් ණය අඩු නොවී වැඩි වුනේ කොහොමද?

රජයේ ආදායමට වඩා වියදම වැඩි වූ විට අඩුව පියවන්න සිදු වන්නේ ණය වලින්. ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එකයි. 1955 වසරෙන් පසුව මේ තත්ත්වයේ යම් වෙනසක් ඇති වුනේ 2017 හා 2018 දෙවසර තුළ පමණයි. එම දෙවසර තුළ ණය පොලී වියදම් හැරුණු විට රජයේ අනෙකුත් වියදම් ආදායමට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට ආණ්ඩුව සමත් වුනා. මෙය හැඳින්වෙන්නේ ප්‍රාථමික අයවැය පරතරය ලෙසයි. මේ දෙවසර තුළ ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත්, 1955න් පසුව අනෙකුත් සෑම වසරකදීම ලංකාවේ දැකිය හැකි වුනේ ප්‍රාථමික අයවැය හිඟයක්.

යහපාලන ආණ්ඩු කාලය ගත්තත් 2017 හා 2018 දෙවසර තුළ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත් 2015දී හා 2019දී ඊට වඩා විශාල ප්‍රාථමික අයවැය හිඟයක් පැවති නිසා යහපාලන ආණ්ඩුවද සමස්තයක් ලෙස ලංකාවේ ණය මල්ල ලොකු කිරීමට මිස කුඩා කිරීමට දායක වුනේ නැහැ. අදාළ කාලය තුළ සමස්තයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා රුපියල් බිලියන 371ක් වියදම් කළා.

යහපාලන ආණ්ඩුව අවුරුදු හතරටම ආදායම ඉක්මවා වියදම් කළේ රුපියල් බිලියන 371ක් පමණක්නම් රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,545කින් වැඩි වුනේ කොහොමද?

ප්‍රාථමික අයවැය හිඟය හැරුණු විට මේ වැඩි වීමට හේතු දෙකක් තිබෙනවා. එකක් පරණ ණය වල පොලිය එකතු වීම. දෙවැන්න පරණ ණය වල වෙළඳපොළ අගය වෙනස් වීම. මෙසේ වෙළඳපොළ අගය වෙනස් වීමට බොහෝ දුරට හේතු වන්නේ විණිමය අනුපාතය වෙනස් වීමයි. එහෙත් එය එකම හේතුව නෙමෙයි.

උදාහරණයක් විදිහට 2015 වසර තුළ පමණක් රුපියල් බිලියන 7,487 සිට රුපියල් බිලියන 8,599 දක්වා රුපියල් බිලියන 1,112කින් රාජ්‍ය ණය ඉහළ ගියා. එහෙත් එම වසරේ රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 320ක් පමණයි. (මෙයත් විශාල මුදලක්.) ඉතිරි මුදල වැඩි වුනේ රුපියල් බිලියන 510ක පොලී එකතු වීමෙන් හා රුපියල් බිලියන 283කින් ණය වල අගය වෙනස් වීමෙන්.

යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 අතර සිදු වූ රුපියල් බිලියන 5,545ක ණය වැඩි වීමෙන් රුපියල් බිලියන 3,610ක්ම පොලී එකතු වීම්. තවත් රුපියල් බිලියන 1,564ක් ණය වල අගය වෙනස් වීම්. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව ඇත්තටම ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන 371ක් පමණක් වුවත් තවත් රුපියල් බිලියන 5,174කින් ණය ඉහළ ගොස් තිබෙන්නේ පරණ ණය වලට පොලී එකතු වීමෙන් හා අගය වෙනස් වීමෙන්. මෙයින් යහපාලන ආණ්ඩුව කාලයේම ගත් ණය වල පොලිය එකතු වීම හා අගය වෙනස් වීම රුපියල් බිලියන 167ක් පමණයි. ඉතිරි කොටස තනිකරම පරණ ණය. 


යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 537

පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 12,494

මුළු ණය - රුපියල් බිලියන 13,032


මේ පරණ ණය රාජපක්ෂ ණයද?

රාජපක්ෂ දශකය තුළ රුපියල් බිලියන 2,144 සිට (2004 වසර අවසානයේදී) රුපියල් බිලියන 7,487 දක්වා (2014 වසර අවසානයේදී) රුපියල් බිලියන 5,343කින් රාජ්‍ය ණය ඉහළ ගියා. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදී වගේම රාජපක්ෂ දශකය තුළත් ඔය තරමින් ණය ඉහළ ගියේ ආදායම ඉක්මවා වියදම් කළ නිසාම නෙමෙයි. එම කොටස රුපියල් බිලියන 966ක් පමණයි. රුපියල් බිලියන 3,094ක්ම ණය පොලී. තවත් රුපියල් බිලියන 1,440ක් ණය වල අගය වෙනස් වීමේ ප්‍රතිඵල. ඒ අතර රාජපක්ෂ ණය වලම පොලිය හා අගය වෙනස් වීමේ ප්‍රතිඵලද තිබුණත් වැඩි කොටස පරණ ණය. 

මේ අනුව, 2019 අවසානය වන විට වාර්තා වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයෙන් රාජපක්ෂ ණය ප්‍රමාණය කොපමණද?


යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 537

රාජපක්ෂ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 2,449

පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 10,046

මුළු ණය - රුපියල් බිලියන 13,032


ඔය විදිහට ගණන් හදාගෙන ආපස්සට ගියොත් ලංකාවේ රාජ්‍ය ණය කියා කියන්නේ නිදහසින් පසු හැම ආණ්ඩුවක් විසින්ම ආදායම ඉක්මවා වියදම් කිරීමේ ප්‍රතිඵලයක් මිසක් එක ආණ්ඩුවක වරදකින් සිදු වූ දෙයක් නෙමෙයි. මේ ණය උගුලෙන් ගැලවෙන්නනම් අයවැය හිඟය අඩු කර ගැනීම මිස වෙනත් විකල්පයක් නැහැ. 

111 comments:

  1. Mattala...rajapaksha internation congerence hall..magamthita nelum kuluna ..suriya wawa stadium eka wage dewal okata sambanda nadda ayubowanda

    ReplyDelete
    Replies
    1. මෙහි කතා කරන්නේ සමස්ත රාජ්‍ය ණය පිළිබඳවයි. මධ්‍යම රජය විසින් ණය අරගෙන සිදු කළ වියදම් සියල්ල මේ ගණන් වලට ඇතුළත්.

      Delete
  2. ඉකොනො,
    මේ විදියට ලියනවට වඩා එක් එක් කාල සඳහා දේශීය රුපියල් ණය සහ විදේශ ණය වෙන වෙනම දාන්න බැරිද?
    සහ ඔබෙන් මම අහපු ප්‍රශ්නයකට කියපු විදියට රාජ්‍ය ණයට එකතු නොවන ලෙස රජයෙන් ණය ගැනීම් ගැන කතා නොකලොත් සම්පූර්ණ චිත්‍රය එන්නෙ නෑ නේද?
    උදාහරනයක් ලෙස රජයෙන් ගත්තු ණය ප්‍රමාණය වගේ දෙගුණයකට වැඩියෙන් විදේශ ණය වැඩි වෙලා තියෙනව

    ReplyDelete
    Replies
    1. //මේ විදියට ලියනවට වඩා එක් එක් කාල සඳහා දේශීය රුපියල් ණය සහ විදේශ ණය වෙන වෙනම දාන්න බැරිද?//
      එය තේරුමක් නැති විභේදනයක් බව මම වාර ගණනාවක් පැහැදිලි කර තිබෙනවා.

      //ඔබෙන් මම අහපු ප්‍රශ්නයකට කියපු විදියට රාජ්‍ය ණයට එකතු නොවන ලෙස රජයෙන් ණය ගැනීම් ගැන කතා නොකලොත් සම්පූර්ණ චිත්‍රය එන්නෙ නෑ නේද?//
      ඔව් සහ නෑ. සාමාන්‍ය මූලධර්මයක් ලෙස බදු වලින් පියවාගන්න වෙන්නේ රජයේ ණය. රාජ්‍ය සංස්ථා (බැංකු) ආදියේ ණය පියවා ගැනීම එම සංස්ථා (බැංකු) වල කාර්ය භාරයක්. එවැනි අනෙක් අතට රාජ්‍ය සංස්ථා (බැංකු) පාඩු ලැබීම රජයේ ආදායම් අඩු වී, අයවැය හිඟය ඉහළ ගොස්, ණය වැඩි වීමට හේතුවක්.

      //උදාහරනයක් ලෙස රජයෙන් ගත්තු ණය ප්‍රමාණය වගේ දෙගුණයකට වැඩියෙන් විදේශ ණය වැඩි වෙලා තියෙනව//
      මෙහි කතා කර තිබෙන්නේ රාජ්‍ය ණය ගැන. විදේශ ණය ගැන වෙනම කතා කළ ලිපි කියවා බලන්න. ඔබම කියනවා වගේ විදේශ ණය සියල්ල රජයේ විදේශ ණය නෙමෙයි. විදේශ ණය වැඩි වීමටද අයවැය හිඟය හේතු වන නමුත් එය එකම හේතුව නෙමෙයි.

      Delete
    2. //එය තේරුමක් නැති විභේදනයක් බව මම වාර ගණනාවක් පැහැදිලි කර තිබෙනවා//
      මට මේ පැහදිලි කිරීම් මිස් උනාද දන්නෙ නෑ.
      නමුත් මට තේරුන විදියට ඔබේ වෙනත් ලිපියක සඳහන් වූ පරිදි රජයවල් මේ ඉලක්කම් කරකව කරකව සෙල්ලම් කරන්නෙ ඩොලර් ණය තමන්ට වාසි වෙලාවට රුපියල් වලටත් දදෙනි වගේ ඒව රුපියල් වලින් ඩොලර් වලටත් පරිවර්තනය කිරීම හරහා. ඩොලර් ඩොලර් සමග සැසඳීමත් රුපියල් රුපියල් සමග සැසඳීමත් නොවෙයිද වඩා පැහැදිලි ?

      Delete
    3. //නමුත් මට තේරුන විදියට ඔබේ වෙනත් ලිපියක සඳහන් වූ පරිදි රජයවල් මේ ඉලක්කම් කරකව කරකව සෙල්ලම් කරන්නෙ ඩොලර් ණය තමන්ට වාසි වෙලාවට රුපියල් වලටත් දදෙනි වගේ ඒව රුපියල් වලින් ඩොලර් වලටත් පරිවර්තනය කිරීම හරහා.//

      ඔබ සඳහන් කරන කරුණ නිවැරදියි. මම මෙය නොයෙක් වර විස්තර කර තිබෙනවා. එහෙත්, මෙම ලිපියෙහි කෙරෙන සංසන්දනයට මේ කරුණ ප්‍රහ්නයක් වන්නේ නැහැ. මම මෙහි ලියා ඇති පරිදි,

      ණය ප්‍රමාණය වැඩි (අඩු) වීම = ප්‍රාථමික හිඟය (අතිරික්තය) + පොලී වියදම් (ආදායම්) + තිබෙන ණය වල අගය අඩු (වැඩි) වීම.

      තිබෙන ණය වල අගය අඩු (වැඩි) වීම = ඩොලරයේ අගය වැඩි (අඩු) වීමේ බලපෑම + පොලී අනුපාතික වැඩි (අඩු) වීමේ බලපෑම.

      විණිමය අනුපාතය හා පොලී අනුපාත පාලනය කිරීම හරහා ඉහත තෙවන කොටස (තිබෙන ණය වල අගය වෙනස් වීම) පාලනය කර යම් මොහොතක ණය අඩුවෙන් පෙන්විය හැකියි. නමුත් එය තාවකාලිකයි. කිසියම් මොහොතක විණිමය අනුපාතය හා පොලී අනුපාත නිවැරදි වූ විට මේ වෙනස පේනවා.

      දැන් මෙහි කතා කරන්නේ යම් නිශ්චිත මොහොතක (2019 අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ගැන. 2004-2014 අතර විණිමය අනුපාතය පහළින් තියා ගත්තත් 2015-2019 අතර යම් නිවැරදි වීමක් වුනා. ඒ නිසා, මෙහි ඇස්තමේන්තු කළ ක්‍රමය අනුව 2004-2014 අතර ගත් ණයද සමානුපාතිකව ඉහළ ගොස් තිබෙනවා. රුපියල් බිලියන 966 රුපියල් බිලියන 2,449 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ එම අගය වෙනස් වීමද සලකා බැලීමෙන් පසුවයි. තවමත් විණිමය අනුපාතය තිබෙන්නේ නියම තැන නොවන නිසා මේ ප්‍රමාණය තවත් ඉහළ යයි. එය යහපාලන ණය වලටද එක සේ අදාළයි.

      Delete
    4. //ඩොලර් ඩොලර් සමග සැසඳීමත් රුපියල් රුපියල් සමග සැසඳීමත් නොවෙයිද වඩා පැහැදිලි ?//

      මෙය කළ හැකි දෙයක් නෙමෙයි. උදාහරණයක් ලෙස, මහින්ද ආණ්ඩුව විසින් ඩොලර් වලින් ණය අරගෙන එම ඩොලර් රුපියල් කර පරණ රුපියල් ණය ගෙවනවා. මෙහිදී පරණ දේශීය ණය විදේශීය ණය බවට පත් වෙනවා. ඉන් පසු, යහපාලන රජය දේශීය ණය අරගෙන එම රුපියල් වලින් ඩොලර් මිල දී ගෙන මහින්ද ණය ගෙවනවා. දැන් නැවතත් එම ණය දේශීය ණය බවට පත් වෙනවා. රාජ්‍ය ණය ඩොලර්/ රුපියල් ලෙස වෙන් කරන අතරම එක් එක් ආණ්ඩු වලින් ගත් ණය ලෙසද වෙන් කිරීම අසීරු කරුණක්. යම් නිශ්චිත මොහොතක තිබෙන රාජ්‍ය ණය ඩොලර්/ රුපියල් ලෙස වෙන් කළ හැකියි.

      Delete
    5. මේ පිලිතුර ටිකක් අඩද්‍යනය් කරන්න ඕන පිලිතුරක්.

      Delete
  3. පරණ ණය වල අගය පට්ට විදිහට වැඩිනේ ඉකොනොමියෝ. ඇත්තටම ඒ ඒ අය කරපු වියදම සහ වැඩිවු අනුපාත වේන වෙනම දක්වන්න බැරිද? අගය වෙනස් වන්නේ විදේශ මුදලින් ගත් ණය කොටසට පමණයි නෙද? ඔය වියාපෘති කරද්දි එවායේ ඇස්තමෙන්තු විගණනයක් වෙන්නේ නැද්ද? රජයක් උනාම මහජන මුදල් වලට වග කිව යුතු නැද්ද?

    ReplyDelete
    Replies
    1. //පරණ ණය වල අගය පට්ට විදිහට වැඩිනේ ඉකොනොමියෝ. ඇත්තටම ඒ ඒ අය කරපු වියදම සහ වැඩිවු අනුපාත වේන වෙනම දක්වන්න බැරිද?//

      මෙය තරමක් වෙලාව යන වැඩක්. වෙලාව ලැබුණු විටක කළ යුතුයි. මම හිතන්නේ වැඩිම කොටස ජේආර්ගේ කාලයේ ණය බවයි. නමුත් ගණන් හදා බැලිය යුතුයි.

      //අගය වෙනස් වන්නේ විදේශ මුදලින් ගත් ණය කොටසට පමණයි නෙද?//
      බොහෝ දුරට එම කොටස වුවත් රුපියල් ණය වල වෙළඳපොළ අගයත් හැම මොහොතකම වෙනස් වෙනවා.

      //ඔය වියාපෘති කරද්දි එවායේ ඇස්තමෙන්තු විගණනයක් වෙන්නේ නැද්ද? රජයක් උනාම මහජන මුදල් වලට වග කිව යුතු නැද්ද?//
      රජයක් මහජන මුදල් වලට වගකිව යුතු බවට වග බලා ගැනීම මහජනයාගේම වැඩක් නේද?

      Delete
    2. //රුපියල් ණය වල වෙළඳපොළ අගයත් හැම මොහොතකම වෙනස් වෙනවා.//
      මේක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? රුපියල් 100ක ණයක් ගත්තොත් පොලිය නොසලකා හැරියොත් ඒ ණයේ වටිනාකම දිගටම රුපියල් 100නෙමෙයිද?

      Delete
    3. http://emgesathapaha.blogspot.com/2016/11/blog-post_7.html

      Delete
  4. කබ්රාල් පැමිණිමෙන් පසු ද්විතීයික වෙළෙඳපොළේ ස්වෛරීත්ව බැදුම්කර වල මිල ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද

    ReplyDelete
    Replies
    1. ස්වෛරීත්ව බැඳුම්කර වල මිල ඉහළ යාමක් ගැනනම් මම දැනුවත් නැහැ. එසේ විය හැකියි. කොහොම වුනත් අධිපති කබ්රාල් විසින් යම් සාධනීය කාර්යයක් කරමින් සිටිනවා. ඔක්තෝබර් 1 දින ඔහුගේ වැඩ පිළිවෙල ඉදිරිපත් කිරීමෙන් පසු යම් ස්ථාවරත්වයක් ඇති වීමේ විභවයක් තිබෙනවා. එය තීරණය වන්නේ වැඩ පිළිවෙළ මතයි. ඒ වගේම ස්වෛරීත්ව බැඳුම්කර වල මිල ඉහළ යනවා කියන්නේ (එය හොඳ තත්ත්වයක් වුවත්) ඩොලර් වලින් වගේම රුපියල් වලිනුත් රාජ්‍ය ණය ඉහළ යනවා කියන එකයි.

      Delete
  5. ඔය විදියට අලුතින් ණය ගත්තෙ මෙච්චරයි, ඉතිරිව පරණ ණය ග්වෙන්න ගත්තුව කියල ගනන් හදන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. එක් එක් වසර තුළ ණය පොලී ගෙවීම් සඳහා වැය කළ මුදල නිශ්චිත මුදලක්. තිබෙන ණය වල වටිනාකම වෙනස් වීමත් නිශ්චිත මුදලක්. ආදායම ඉක්මවා වියදම් කළ මුදලත් නිශ්චිත මුදලක්. ප්‍රසිද්ධ අවකාශයේ තිබෙන සංඛ්‍යාලේඛන ඇසුරෙන් මේ ගණන් හොයා ගත හැකියි.

      Delete
  6. ඉකෝන්, මේ පෝස්ට් එකේ ණය සහ වාරික ගැන හොඳින් විස්තර කරලා තියෙනවා. නමුත් ණය සහ වාරික ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සමහරු කියන දේවල් වල ප්‍රයෝජනයක් තියෙනවාද? කබ්රාල් කියන්නේ ඒක ඉතාමත් අසීරු වෙහෙසකර කටයුත්තක් බව සහ රටේ මූල්‍ය කීර්තිනාමයට ඉන් හානියක් සිදු වෙන බවයි. ඒක ඇත්ත ද?

    ඒ වගේම ලංකාවේ ජනාධිපති නන්දසේනද සහභාගී වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ අතර මෙයට ලංකාවත් සම්බන්ධ නිසා ඇමරිකානු එක්සත් ජනපදය සහ යුරෝපයේ රටවල් ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීමට සහ ආර්ථික දේශපාලනික සම්බාධක පැනවීමටද අවදානමක් තියෙනවා නේද?

    මොකද ගිය සිකුරාදා නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයේදි රටක ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් බව අවධාරණය කළ අතර මෙය තරමක් අවදානම් සහිත කාර්යයක්.

    ඇත්තටම මීට අදාළ වන්නේ හොංකොං, ෂින්ජියෑං සහ ටිබෙට් ආශ්‍රිත ගැටලු චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර ඒ සඳහා කිසිදු බාහිර බලවේගයක් මැදිහත් නොවිය යුතු බවත් හොංකොං විශේෂ පරිපාලන කලාපය තුළ චීනය විසින් “එක් රටක්, පද්ධති දෙකක්” යන මූලධර්මය ක්රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දෙන බවත් ඒකාබද්ධ ප්‍රකාශය කින් ලොවටම අවධාරණය කරන එකයි, අපට අදාළ නෑ නේද මේ දේවල්?

    කෙසේ නමුත් සියලුම පාර්ශවයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම හා විශ්වීයභාවය, අපක්ෂපාතීත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම පිළිපැදිය යුතු බවත් ඒ අනුව මානව හිමිකම් වර්ධනය සඳහා වූ මාවත ස්වාධීනව තෝරා ගැනීමට ඒ ඒ කලාපවල ජනතාවට ඇති අයිතියට ගරු කළ යුතු බවකුයි මේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් කියන්නේ.

    ඊට පස්සෙ බහුපාර්ශ්විකවාදය, සහයෝගීතාව තහවුරු කරන ලෙසත්, ඵලදායි සංවාදය සහ සහයෝගීතාව තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම කටයුතු කරන ලෙසත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් අනෙකුත් රටවලින් ඉල්ලනවා.

    ඒ වගේම මානව හිමිකම් සහ ද්විත්ව ප්‍රමිති (double standards) දේශපාලනීකරණයට මේ රටවල් (ලංකාවත් ඇතුළු) 65 විරුද්ධ බව එම ඒකාබද්ධ ප්‍රකාශය අවධාරණය කරයි. දේශපාලන අභිප්‍රේරණයෙන් සහ වැරදි තොරතුරු පදනම් කරගෙන චීනයට එරෙහිව එල්ලකරන පදනම් විරහිත චෝදනාවලට විරුද්ධ වන බව සහ මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන බවත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙන්වා දුන් නමුත් මේ වැඩේට සපෝට් කරපු නීසා එහි consequences ලෙස ලංකාවට අවාසි සහගත තත්වයක් ඇති කිරීමට අවදානමක් පවතින බව මට හිතෙනවා, මේ ගැනත් විවේක ලැබෙන විදියට හැකිනම් පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉකොනො ක්මන්ට් ඩිලීට් කරන්න අකමැතිනම් කමෙන්ට් එකකට තිබිය හැකි අකුරු ගනන සීමා කරල බලන්න.අපරාදෙ බ්ලොග් එක අල වෙනව.

      Delete
    2. @ Anonymous September 26, 2021 at 8:58 AM

      ලෝක බල තුලනය දැන් කෙමෙන් කෙමෙන් වෙනස් වෙනවා, ඇමරිකන් කඳවුර කෙමෙන් කෙමෙන් දුර්වල වන බව පැහැදිලියි.

      බයිඩන් රජය යටතේ චීන ඇමරිකා සබඳතා කලින්ට වඩා ගොඩක් වෙනස් වෙයි, මොකද මේ අප්‍රේල් මාසේ චීන පාලක පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික සහ විදේශ අවත්‍ය වැං යී සහ ඇමරිකා විදේශ අමාත්‍ය ඇන්තනී බ්ලින්කන් සහ ජනාධිපති උපදේශකයෙක් සහභාගි වූ රැස්වීමෙන් පස්සෙ ලොකු වෙනසක් වෙලා තියෙන බවක් පේනවා.

      චීනයේ සන්නිවේදන තාක්ෂණය වර්ජනය කිරීමක් සඳහා ජගත් සහයෝගය සාර්ථකව දිනාගැනීමට ට්‍රම්ප් පරිපාලනය සමත්විය. එය පෙරමුණු කීපයකින් බේජිං පාලනය පසුබස්වාලීමට එක්සත් ජනපදය විසින් ගන්නා ලද ප්‍රයත්නයේ එක් කොටසකි. එම තත්ත්වය ඔවුන් අතර සබඳතා දශක කීපයක් ඇතුළත දක්නට ලැබෙන පහළම අඩියට වැටීමට මුල්විය.

      හැබැයි පහුගිය දවස් වල ට්‍රම්ප් ඇති කර Strategic මූලෝපායික ගැටුම වන්නේ ඇතැම් විශ්ලේෂකයන් විසින් එම පිළිවෙත විග්‍රහකරන ආකාරය අනුවයි, මොකද ජෝ බයිඩන් නැගී සිටිමින් පවතින චීනයක් සමඟ සහයෝගී සම්බන්ධතා පැවැත්විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි සක්‍රීය මට්ටමින් අවධානය යොමුකරන බව තමයි දැන් පේන්නේ.

      ඒ පහුගිය 2016 ඉඳන් 2020 දක්වා එක්සත් ජනපදයේ ට්‍රම්ප්ගේ පාලන යේ තිබ්බ චීන සීතල යුද තත්ත්වය, මතුපිටින් සුහදතාවයක් පෙන්වමින් දිය යටින් ගින්දර ගෙන යාම් වැනි කෛරාටික වැඩපිළිවෙලක්. සමාජ මාධ්‍ය හරහා පෙනුණේ වෙළඳ යුද්ධයක ස්වරූපයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් අයත් රිපබ්ලිකන් පක්ෂය සහ බයිඩන්ගේ ඩිමොක්‍රටික් යන ඇමරිකා එ.ජ. ධනපති එලයිට් බලවත් කණ්ඩායමට අයත් මෙම පක්ෂ දෙකේම විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය බොහෝ දුරට සමානයි. දේශපාලන බලය මෙහෙයවන ඇ.එ.ජ. ඒකාධිකාරී ජාතික දනවත් එලයිට්වරුන් යටින් එන සාමාන්‍ය එක්සත් ජනපද ජනතා බලපෑම්වලට වඩා අවනත වන්නේ, තමන් බලයට පත් කරන මූල්‍ය, අවි, මාධ්‍ය, වාණිජ, තාක්ෂණ ක්ෂේත්‍රවලට අධිපති ව්‍යවසායක බලවති එලයිට් කාණ්ඩයටයි.

      (එක්සත් ජනපදයේ 2016 සහ 2020 ඇමරිකානු ජනාධිපතිවරණ දෙකම මින් පෙර තිබූ ජනාධිපතිවරණවලය වඩා වෙනස් වූ ස්වරූපයක් ගත්තේ ඊට හේතුවූ ප්‍රධාන ජාත්‍යන්තර සාධකය වූයේ නැගී එන චීනය නිසා.)

      ඉතිහාසය ගත්තොත් 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රධාන ජාත්‍යන්තර සාධකය වුණේ සෝවියට් දේශයයි. විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති තීරණය කරනු ලැබූවේ එම ජාත්‍යන්තර සාධකයට අනුව. ඉන් පෙර පළමු ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර සාධකය වූයේ හිරු නොබසින අධිරාජ්‍යය මහා බ්‍රිතාන්‍යය සහ අමතරව පැවති සාධක ප්‍රංශය, ජර්මනිය සහ සෝවියට් දේශයයි.

      Delete
    3. මෑත ඉතිහාසය ගත්තොත් 1991 දී සෝවියට් දේශය බිඳ වැටීමෙන් පස්සෙ, ඇමරිකාව තනි සුපිරි බලවතා වූ නිසා ඇමරිකන් රජයට බලපෑ හැකි තවත් රාජ්‍යයක් තිබුණේ නැහැ. හැබැයි එම තත්ත්වය 21වන සියවසේ සිට ක්‍රමානුකූලව වෙනස් වෙමින් පැමිණ, 2015 වන විට චීනය ලෝක ආර්ථිකයේ දෙවන බලවතා බවට පත් වීමත් එක්ක ජාත්‍යන්තර අභියෝග එල්ලවීම ආරම්භ වුණා, ඒ 2015 සහ 2020 ජනාධිපතිවරණ දෙකේදී ජයග්‍රාහී අපේක්ෂකයා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, රුසියාවේ අගමැති පුටින්ට එරෙහිව ජනාධිපතිවරණයට ඇඟිලි ගැසුවායයි චෝදනාවක්ද එල්ල කරා, දෙවතාවේම, එම චෝදනාව එල්ල කළේ බයිඩන්ලගේ ඩිමොක්‍රටික් පක්ෂය. ප්‍රතිවාදියාට එරෙහිව මේ මඩ පරචාරක අරගලය සෑම විටම එල්ල කර තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. චීනයට සහ රුසියාව ගැනත් ඩිමොක්‍රටික් පක්ෂය සාපේක්ෂව සංවේදී බව පේනවා. සාමාන්‍ය ඇමරිකානුවන් සහ සමාජයේ රැඩිකල් හා ප්‍රගතිශීලී බලවේග දෘෂ්ටිමය වශයෙන් චීන හා රුසියානු දේශපාලන මතවාදයට ළං වෙයි කියලා ඩිමොක්‍රටික් පක්ෂයේ දැඩි බියක් පවතී. ඇමරිකාවේ ධනපති එලයිට් කල්ලි වලට අයත් ප්‍රධාන පක්ෂ දෙකම ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව දෘෂ්ටිමය වශයෙන් ප්‍රබල බියකින් ඉන්නේ.

      මේ වගේම් බයිඩන්ට රට ඇතුලෙන් අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා විදිහට ඇමරිකානු අඩු ආදායම්ලාභීන්, මැධි ආදායම් සහ රැඩිකල් දර්ශනවාදීන් ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දුන්නත් ඔවුන්ගේ බලපෑම පිළිබඳව ජෝ බයිඩන් තුළ බියක්, චකිතයක් ඇති වී තිබෙන්නේ ඔහු කොන්සර්වේටිව් අදහස් දරණ ඩිමොක්‍රටික් අපේක්ෂකයා වීමටත් වඩා යටින් එල්ලවන මේ සමාජ බලපෑම් නිසයි.

      ජෝ බයිඩන් 2021 ජනවාරි 20 ජනාධිපති ලෙස දිවුරුම් දුන්නාට පසු අඩුවෙන්ම ජනමාධ්‍ය හමුවට ආපු එකම ජනාධිපතිවරයා වෙන්නේ ඔහු ජයගත් නමුත් ඇමරිකානු දක්ෂිණාංශිකය සමාජය තුළ ප්‍රබල වීමත් ඔහුගේ ඡන්ද පදනමින් පවා ඔහු වෙත එල්ල වෙන රැඩිකල් බලපෑම් නිසා, හරියට 2015 ලංකාවේ මෛත්‍රී වගේ, ආසියානු/ අප්‍රිකානු/ ලතින් ඇමරිකානු සංක්‍රමණික ප්‍රජාව තුළ රැඩිකල් මතධාරී බලවේග ප්‍රබල නිසා ඉදිරි වසර හතර තුළ, ඔහුට සිදුවී තිබෙන්නේ ‘අතුරේ’ යන ගමනක්.

      මේ වගේ දුර්වල පාලකයෙක් විදිහට චීනයට සහ රුසියාවට එරෙහි වනවාට වඩා ඔහු තුළ ඇත්තේ දැඩි බියක්, කොවිඩ් 19න් පසු ලෝකය වෙනස් වී ඇති බව ඇමරිකානු සමාජයට දැන් දැනෙන්නට පටන්ගෙන තියෙනවා, 2020 වසරේදී මුළු ලොවම ඍණ ආර්ථිකයකට පත්වූ අතර ආර්ථික වර්ධනයක් පෙන්වූයේ චීනය පමණයි. චීනය, ඇමරිකාව අභිබවා දේශීය නිෂ්පාදනයෙන් මෙන්ම ක්‍රය ශක්තිය අතින් ඉදිරියට පැමිණ, ආර්ථික ක්ෂේත්‍රයෙහි ලොව බලවතා වූ බව ප්‍රකාශයට පත් කළේ ඇමරිකාවේ වක්‍ර පාලනයට අයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලමයි.

      Delete
    4. 2021 පටන් ගනිද්දි ජෝ බයිඩන් ජනාධිපති ලෙස දිවුරුම් දෙද්දි ලෝක ආර්ථික බලවතා බවට චීනය පත්වී හමාරයි. මෙම තත්ත්වය අවුරුදු 79ක මහල්ලෙක් වන ගත සිත දුබල ඔහුට මානසිකවත් බලපාන බව පේනවා. ජෝ බයිඩන් ජාතිය අමතා කළ පළමු කතාවේදී, අද දකින ඇමරිකාවක් ඉතිහාසයේ කෙදිනකවත් නොදුටු බව කීමට ඔහුට සිදුවුණා. සී අයි ඒ එක සමග අයි එස් හද්පු බයිඩන්ට මෙදා ඇමරිකන් කෑම පෝළිම්වල සිටි පාසල් ළමයින්ට කෑම පාර්සල් බෙදා දීමට යෑමට තරම් බොළඳ බවක් දිස්වුනා.

      බයිඩන්ගේ නව ප්‍රවේශයකින් වෙනස් උපාය මාර්ගයකට පිවිසීමට උත්සාහ දරන්නේ පළමුව, ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ විසිරී ගිය තම පරණ දේශපාලන සගයන් වූ යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව තම පැත්තට හරවා ගැනීම, දෙවනුව, චීනයේ සේද මාවත ව්‍යාපෘතිය (එක් තීරුවක් - එක් මාවතක්) හැකි පමණින් අඩපණ කර කල් දැම්මවීම, තුන්වෙනියට, ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී, යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ ඇතිකරගත් ගිවිසුම් ආපසු හැරවීම, හතර, ගෝලීය අභියෝගයන්වලදී (ගෝලීය උෂ්ණත්වය වැනි) සහයෝගීත්වයකටත්, අනෙත් ප්‍රශ්නවලදී තරගකාරීත්වයටත්, තෝරාගත් ප්‍රශ්නවලදී ගැටුම්කාරී තත්ත්වයකටත් ප්‍රවේශ වීම වගේ දේවල් අලුත් උපාය මාර්ගය වශයෙන් සැලකීම බව දැනට විශ්ලේශකයන් පවසනවා.

      Delete
    5. මේ නිසා ඔය කියන බලපෑම් ලංකාවට එල්ල වීමට ඇති ඉඩ කඩ සීමිතයි, මේ ගැන මේ අවුරුද්ද්දේ මුලදි ඇමරිකා එක්සත් ජනපදයේ නව හැසිරීම ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේදී පැහැදිලිව පෙණුනා.

      ඒ කලින් එ.ජා. මානව හිමිකම් කවුන්සිලය අශූචි වලක් බවට ප්‍රකාශ කොට ඉන් ඉවත් වී සිටි ඇමරිකාව ලංකාවට එරෙහි යෝජනාවට සහාය දීම සඳහා එහි සාමාජිකයෙකු නොවී සිටියදී යළි එම ‘අශූචි වලටම’ පැනල නෝන්ඩි වුණ එකෙන්, ඇමරිකා එක්සත් ජනපදය වෙනුවට එම යෝජනාව ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය කියන බළල අත යොදාගත්තත් එතැනදීද පැහැදිලිවම එම ප්‍රශ්නය ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර ප්‍රශ්නයක ස්වරූපය ගත්තේය.

      ලංකාවේ මානව හිමිකම් ගැන 2021 දී බ්‍රිතාන්‍ය ඉදිරිපත් කළ යෝජනාවට ලබාගත හැකි වූයේ ඡන්ද 22ක් පමණයි. 2009 දී ඇමරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 29ක් ලැබී තිබුණා. මුළු ඡන්ද සංඛ්‍යාව 47න් අති බහුතරයක් ලබාගත හැකි වූයේ 2009 දී පමණයි.

      ඒ වගෙම 2021 ඡන්දයේ විශේෂ ලක්ෂණය වූයේ ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 14ක් දක්වා වැඩි වීමයි, 2009 දී මෙම සංඛ්‍යාව 6ක් පමණයි, මින් බැසගත හැකි නිගමන ලෙස ලෝක බලතුලනයේ සිදුවී ඇති වෙනස්කම්, එනම් මෙවර ගෝලීය උතුර සහ ගෝලීව දකුණ වශයෙන් බෙදීමක් පැවතීම, ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකාවට හිතවත් රාජ්‍යයන් විමර්ශන කටයුතු වේගවත් කර සාධාණයක් ඉටුකළ යුතු බව ප්‍රකාශ කිරීම වගේ දේවල්.

      ජිනීවා කවුන්සිලය මොන බයිලා ගැහුවත් ලංකාව සිය වගකීම් සහ වගවීම් ඉටුකළ යුතුයි, ඡන්දය දීමෙන් වැළකී සිටි සියලුම හිතවත් රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ මිතුරන් ලෙස සැලකිය යුතුයි. ලංකාවට සහයෝගය ලබාදුන් රටවල් 11න් බහුතරය චීනය සමග හිතවත් බවත් රුසියාව, කියුබාව, වෙනිසියුලාව සහ බොලිවියාව විශේෂ කාර්ය භාරයක් ඉටු කළ එක, ඊට අමතරව පකිස්ථානය, බංගලාදේශය, පිලිපීනය, එරිට්ත්‍රියාව, උස්බෙකිස්ථානය සහ සෝමාලියව නොබැඳි ස්ථාවරයේ සිටින රාජ්‍යයන්. පහුගිය කාලේ මෝඩ මංගල සමරවීර ඇමරිකාව සමඟ එක්වී ගෙන ඒමට උත්සාහ දැරූ යෝජනාවෙන් ඉවත්වීමට ලංකාව ගනු ලැබූ බුද්ධිමත් තීරණය නිසා ඒ උගුලෙන් ගැලවෙන්න පුළුවන් උනා.

      Delete
  7. //http://emgesathapaha.blogspot.com/2016/11/blog-post_7.html//
    මොකද මන්දා කමෙන්ට් එකට රිප්ලයි දාන්න බෑ.

    තවමත් තේරුනේ නෑ.
    අවුරුදු 3කින් කල්පිරෙන රු100 බැඳුම්කරයක් 10% පොලියට (ආසන්න ලෙස රු75) ට විකුනුවොත්, විකුනූ මොහොතේ රජයේ ණය ප්‍රමානය කීයද? අවුරුද්දකින් පසු රජයේ ණය ප්‍රමානය කීයද?

    ReplyDelete
    Replies
    1. //තවමත් තේරුනේ නෑ.
      අවුරුදු 3කින් කල්පිරෙන රු100 බැඳුම්කරයක් 10% පොලියට (ආසන්න ලෙස රු75) ට විකුනුවොත්, විකුනූ මොහොතේ රජයේ ණය ප්‍රමානය කීයද? අවුරුද්දකින් පසු රජයේ ණය ප්‍රමානය කීයද?//

      විකිණු මොහොතේ රජයේ ණය ප්‍රමාණය රුපියල් 75යි. අවුරුද්දකින් පසු ණය ප්‍රමාණය තීරණය වන්නේ ඒ මොහොතේ බැඳුම්කරයේ මිල අනුව. එය අඩු හෝ වැඩි විය හැකියි.

      Delete
    2. //මොකද මන්දා කමෙන්ට් එකට රිප්ලයි දාන්න බෑ.//
      පරණ පෝස්ට් වලට දමන කමෙන්ට් පළ වන්නේ අනුමත කිරීමෙන් පසුවයි. එම කමෙන්ට් මට මග හැරෙන නිසා කර තිබෙන දෙයක්.

      Delete
    3. //විකිණු මොහොතේ රජයේ ණය ප්‍රමාණය රුපියල් 75යි. අවුරුද්දකින් පසු ණය ප්‍රමාණය තීරණය වන්නේ ඒ මොහොතේ බැඳුම්කරයේ මිල අනුව. එය අඩු හෝ වැඩි විය හැකියි.//
      හරි. නමුත් එය රජයට බලපාන ප්‍රශ්නයක් නෙමෙයි නේද? රජය විසින් හැම්විටම අවසාන වශයෙන් ගෙවිය යුතු ගාන නිශ්චිත අගයක් නෙමෙයිද? (වසර 3 අවසානයෙ රුපියල් 100)
      මෙයට වෙනස්ව ඩොලර් අගය වෙනස්වීම නිසා ණය වල රුපියල් අගය වෙනස් වීම රජයට කෙලින්ම බලපාන දෙයක් නේද?

      Delete
    4. //පරණ පෝස්ට් වලට දමන කමෙන්ට් පළ වන්නේ අනුමත කිරීමෙන් පසුවයි. එම කමෙන්ට් මට මග හැරෙන නිසා කර තිබෙන දෙයක්.//
      හපොයි. මම කී පාරක් කෙටුවද ප්‍රශ්නෙ බ්‍රවුසර් එකේ අවුලක් කියල හිතල.

      Delete
    5. රුපියල් වලින් ගත්තත්, ඩොලර් වලින් ගත්තත් අවසාන වශයෙන් ගෙවිය යුතු ගාන නිශ්චිත අගයක්. ඩොලර් වලින් ගෙවිය යුතු ගෙවීම් වල රුපියල් අගය අඩු හෝ වැඩි විය හැකියි. ණය ගණන් හදන්නේ මේ මොහොතේ ණය පියවනවානම් ගෙවිය යුතු මුදල මත පදනම්ව. උදාහරණයක් ලෙස 2022 මැද ගෙවිය යුතු ඩොලර් බිලියනයේ ස්වෛරිත්ව බැඳුම්කරය දැන් පියවනවානම් ඩොලර් මිලියන 600-700 වැනි මුදලක් ගෙවීම ප්‍රමාණවත්. රුපියල් ණය වලටත් මෙය අදාළයි.

      Delete
    6. //හපොයි. මම කී පාරක් කෙටුවද ප්‍රශ්නෙ බ්‍රවුසර් එකේ අවුලක් කියල හිතල.//

      බ්ලොග් එක ෆේස්බුක් එකේ වාරණය වීමට හේතු වුනේ මගේ අවධානයට යොමු නොවී පරණ පෝස්ට් වලට දමා තිබුණු කමෙන්ට්ස්. ඒ ඇතැම් ඒවා ස්වයංක්‍රීය ලෙස මෘදුකාංග වලින් දමන ප්‍රතිචාර. ඒ නිසා, පැරණි ලිපි වලට දමන ප්‍රතිචාර වලට මේ සීමාව දමා තිබෙනවා.

      Delete
    7. //ණය ගණන් හදන්නේ මේ මොහොතේ ණය පියවනවානම් ගෙවිය යුතු මුදල මත පදනම්ව//
      මේක පැහැදිලියි. ඒකයි මම පොලිය නැතිව ණයේ වටිනාකම වෙනස්වෙන්නෙ නෑ නේද කියල ඇහුවෙ මුල්ම කමෙන්ට් එකේ.
      ඔබේ මේ සමීකරනයෙ පොලී වියදම් කියන එක වෙනම දාල තියෙනව.මේව ට්ගිබෙන ණය වල පොලිය නෙමෙයිද?
      //ණය ප්‍රමාණය වැඩි (අඩු) වීම = ප්‍රාථමික හිඟය (අතිරික්තය) + පොලී වියදම් (ආදායම්) + තිබෙන ණය වල අගය අඩු (වැඩි) වීම.//
      දෙවෙනි ප්‍රශ්නයප්‍රශ්නය
      //උදාහරණයක් ලෙස 2022 මැද ගෙවිය යුතු ඩොලර් බිලියනයේ ස්වෛරිත්ව බැඳුම්කරය දැන් පියවනවානම් ඩොලර් මිලියන 600-700 වැනි මුදලක් ගෙවීම ප්‍රමාණවත්. //
      රජයකට තමන්ගෙ ණය කල් පිරෙන්න කලින් ඕන්නම් පියවන්න පුලුවන්ද?

      Delete
    8. //මේක පැහැදිලියි. ඒකයි මම පොලිය නැතිව ණයේ වටිනාකම වෙනස්වෙන්නෙ නෑ නේද කියල ඇහුවෙ මුල්ම කමෙන්ට් එකේ.//

      මම හිතන්නේ මම කියපු දෙය ඔබට පැහැදිලි වී නැහැ. මෙය පොලිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මම කියන්නේ පොලිය නැතිව ණයේ වටිනාකමම වෙනස් වීම ගැනයි. කල් පිරෙන අවස්ථාවේදීම ණය පියෙවුවොත් ණයේ වටිනාකම වෙනස් නොවෙතත් කලින් පියෙවුවොත් වෙනස් වෙනවා. එය අඩු හෝ වැඩි විය හැකියි. යම් මොහොතක ණය සේ ගණන් ගන්නේ සුරැකුම්පතක ඒ මොහොතේ වෙළඳපොළ මිල.

      //ඔබේ මේ සමීකරනයෙ පොලී වියදම් කියන එක වෙනම දාල තියෙනව.මේව ට්ගිබෙන ණය වල පොලිය නෙමෙයිද?//

      මෙහි තිබෙන්නේ තිබෙන ණය වෙනුවෙන් අදාළ වසරේ ගෙවා ඇති පොලී වියදම්. ඉදිරියේදී ගෙවිය යුතු පොලී වියදම් මෙයට ඇතුළත් නැහැ.

      //රජයකට තමන්ගෙ ණය කල් පිරෙන්න කලින් ඕන්නම් පියවන්න පුලුවන්ද?//

      භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර හා අදාළව ඇතැම් විට මෙය සිදු වෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර හා අදාළව මෙතෙක් මෙවැන්නක් සිදු වී නැහැ. යම් හෙයකින් කළ හැකිනම් මේ හොඳම අවස්ථාවයි. මේ වෙලාවේ බොහෝ ආයෝජකයින් ස්වෛරිත්ව බැඳුම්කර විකුණන්න බලා ගෙන ඉන්න නිසා අඩු මිලකට ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගත හැකියි. මහ බැංකු අධිපති කබ්රාල්ට අනුව ඔහු මේ වෙද්දී එවැනි උත්සාහයක් දරමින් සිටිනවා.

      Delete
    9. //මොකද මන්දා කමෙන්ට් එකට රිප්ලයි දාන්න බෑ//
      ඔබේ කමෙන්ට්නම් කුමක් හෝ හේතුවක් නිසා වැටිලාම නැහැ.

      Delete
    10. මගේ උදාහරනයම ගත්තොත්, ණයේ වටිනාකම රුපියල් 75 වෙනස් වෙන්නෙ නෑ නේද? අවුරුද්දකට පසු රුපියල් 85යි කියමු. මෙය ඒ අවුරුද්දක පොලියත් සමග මුදල නෙමෙයිද? නැතිනම් රු85 ට අමතරව වෙනම පොලිය කියල එකකුත් තියෙනවද?

      Delete
    11. නෑ. වෙනස් වෙනවා. පොලී අනුපාතික අඩු වැඩි වෙන ආකාරය අනුව.

      Delete
    12. උදාහරණයක් ලෙස ඔබේ උදාහරණයේ කතා කරන වසර 3කට පසු රුපියල් 100ක් ගෙවන අතරමැද කූපන් ගෙවීම් කිසිවක් නැති මනඃකල්පිත සුරැකුම්පතක් ගැන හිතමු. විකුණන අවස්ථාවේ වෙළඳපොළ පොලී අනුපාතය 10% ලෙස සලකමු. දැන් මෙය අලෙවි වන්නේ රුපියල් 75.13කට. ඒ මොහොතේ රාජ්‍ය ණය ප්‍රමාණය එපමණයි. වසරකට පසු පොලී අනුපාතය එලෙසම තිබුණා කියා හිතමු. දැන් මේ සුරැකුම්පතේ වෙළඳපොල වටිනාකම රුපියල් 82.64යි. රාජ්‍ය ණය ප්‍රමාණයද එපමණක් වෙලා. ඒ කියන්නේ රුපියල් 7.51කින් වැඩි වෙලා. (එසේ වෙන්නේ ඒ වන තුරු ගෙවා නැති, එහෙත් එකතු වී ඇති පොලිය නිසා කියා අවශ්‍යනම් ඔබට කිව හැකියි. නමුත් මෙහි මූලධර්මය එය නෙමෙයි. සුරැකුම්පතේ වෙළඳපොළ අගය වෙනස් වීමයි.) වසරකට පසු වෙළඳපොළ පොලී අනුපාතය 20%ක් දක්වා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? දැන් මේ සුරැකුම්පතේ වෙළඳපොළ වටිනාකම රුපියල් 69.44 දක්වා පහත වැටෙනවා. ඒ අනුව, රාජ්‍ය ණයද අඩු වෙනවා. හැබැයි කල් පිරීමේදී ගෙවිය යුතු මුදල වෙනස් වෙන්නේ නැහැ.

      Delete
    13. //මේ වෙලාවේ බොහෝ ආයෝජකයින් ස්වෛරිත්ව බැඳුම්කර විකුණන්න බලා ගෙන ඉන්න නිසා අඩු මිලකට ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගත හැකියි. මහ බැංකු අධිපති කබ්රාල්ට අනුව ඔහු මේ වෙද්දී එවැනි උත්සාහයක් දරමින් සිටිනවා//
      මෙවැනි දෙයක් කරන්න මුදල් හොයාගන්න නැවත ණයක් ගන්න වෙනවා නේද? මේ මොහෝතේ ණයක් දෙන්න කෙනෙක් නැති නිසා IMF යන්න වෙයිද?

      Delete
    14. ඉකොනො,
      ඔබ කියන දේ මට පැහැදිලියි (කියා මම හිතනවා).
      ඒත් මටඑන ප්‍රශ්නෙ තමයි එත්කොට මේ සමීකරනයෙ පොලිය කියන්නෙ කුමක්ද?
      //ණය ප්‍රමාණය වැඩි (අඩු) වීම = ප්‍රාථමික හිඟය (අතිරික්තය) + පොලී වියදම් (ආදායම්) + තිබෙන ණය වල අගය අඩු (වැඩි) වීම//
      ඔබ ඉහත විස්තර කර තිබෙන කොටස මම හිතන්නෙ තිබෙන ණය කියන කොටස නිරූපනය කරනව. පොලී වියදම් කියන කොට්සෙන් එතකොට නිරූපනය වෙන්නෙ කුමක්ද?

      Delete
    15. //මෙවැනි දෙයක් කරන්න මුදල් හොයාගන්න නැවත ණයක් ගන්න වෙනවා නේද? මේ මොහෝතේ ණයක් දෙන්න කෙනෙක් නැති නිසා IMF යන්න වෙයිද?//

      වත්කම් විකිණීම වැනි දේවල් කරන්නත් පුළුවන්නේ.

      //ඔබ ඉහත විස්තර කර තිබෙන කොටස මම හිතන්නෙ තිබෙන ණය කියන කොටස නිරූපනය කරනව. පොලී වියදම් කියන කොට්සෙන් එතකොට නිරූපනය වෙන්නෙ කුමක්ද?//

      පැරණි ණය වෙනුවෙන් යම් කිසි කාලයක් තුළ ගෙවූ පොලිය. උදාහරණයක් ලෙස රුපියල් 100ක බැඳුම්කරයක් රුපියල් 75ට විකුණා කල් පිරීමේදී රුපියල් 100ක් ගෙවුවොත්, කල් පිරෙන වසරේදී පොලී වියදම ලෙස රුපියල් 25ක් ගෙවා තිබෙනවා. (ඔබේ මනඃකල්පිත උදාහරණයේදී මෙසේ එකවර පොලිය ගෙවන නමුත් ඇත්තටම කූපන් පොලී වසර තුන පුරාම ගෙවනවා. ඒ නිසා විකිණුම් මිල රුපියල් 100ට ආසන්නයි - අඩු හෝ වැඩි).

      Delete
    16. මේකනම් තේරෙන්නෙම නෑ.කල් පිරෙන අවස්තාවෙ ඇයි ආපහු පොලියක් ගැන කතා කරන්නෙ? කල්පිරෙන අවස්තාවෙ ණයේ වටිනාකම රුපියල් 100නෙමෙයිද ඔබේ ඉහත විස්තරයට අනුව? නැතිනම් මේ කියන්නෙ බැඥුම්කර නොවන පොලී සහිත වෙනම ණය වර්ගයක් ගැනද?

      Delete
    17. මම හිතන්නේ ඔබට මෙය තේරුම් ගන්න අසීරු වී තිබෙන්නේ ඔබේ මනඃකල්පිත උදාහරණයේ කූපන් පොලී නැති නිසා. සාමාන්‍යයෙන් බැඳුම්කර වලට කූපන් පොලියක් ගෙවනවා. අපි හිතමු 5%ක වාර්ෂික කූපන් පොලියක් සමඟ රුපියල් 100ක, වසර 3කින් කල් පිරෙන බැඳුම්කරයක් නිකුත් කළා කියලා. මෙය විකිණුනේ රුපියල් 97.33කට කියා කියමු. ඒ කියන්නේ කූපන් පොලිය 5% වුවත් වෙළඳපොළ සමතුලිත වන්නේ 6% පොලියකට. දැන් ආරම්භයේදී ණය ප්‍රමාණය රුපියල් 97.33යි.

      පොලී වියදම්
      පළමු වසර අවසානයේදී රුපියල් 5යි.
      දෙවන වසර අවසානයේදී රුපියල් 5යි.
      තුන්වන වසර අවසානයේදී රුපියල් 5 + (100 - 97.33) = 7.67යි.

      මේ පොලී වියදම් වෙනස් වෙන්නේ නැහැ. නමුත් ණය ප්‍රමාණය (පොලී වියදම් හැර) වෙළඳපොළ පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනවා.

      වසරකට පසු (කල් පිරීමට දෙවසරක් තිබියදී) පොලී අනුපාතය 7% දක්වා වැඩි වුනොත් - රුපියල් 96.38යි.
      වසරකට පසු (කල් පිරීමට දෙවසරක් තිබියදී) පොලී අනුපාතය 6% ලෙසම තිබුනොත් - රුපියල් 98.16යි.
      වසරකට පසු (කල් පිරීමට දෙවසරක් තිබියදී) පොලී අනුපාතය 5% දක්වා අඩු වුනොත් - රුපියල් 100.00යි.
      වසරකට පසු (කල් පිරීමට දෙවසරක් තිබියදී) පොලී අනුපාතය 4% දක්වා අඩු වුනොත් - රුපියල් 101.87යි.

      (ඔබට සමීකරණය දමා පරීක්ෂා කර බැලිය හැකියි)

      වසර දෙකකට පසු (කල් පිරීමට වසරක් තිබියදී) පොලී අනුපාතය 7% නම් - රුපියල් 98.13යි.
      වසර දෙකකට පසු (කල් පිරීමට වසරක් තිබියදී) පොලී අනුපාතය 6% නම් - රුපියල් 99.06යි.
      වසර දෙකකට පසු (කල් පිරීමට වසරක් තිබියදී) පොලී අනුපාතය 5% නම් - රුපියල් 100.00යි.
      වසර දෙකකට පසු (කල් පිරීමට වසරක් තිබියදී) පොලී අනුපාතය 4% නම් - රුපියල් 100.96යි.

      සරල රීතියක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික කූපන් පොලියට සමානනම් මිල (ණය ප්‍රමාණය) මුහුණත අගයට සමානයි. වෙළඳපොළ පොලී අනුපාතික කූපන් පොලියට වඩා අඩුනම් මුහුණත අගයට වඩා වැඩියි. වෙළඳපොළ පොලී අනුපාතික කූපන් පොලියට වඩා වැඩිනම් මිල (ණය ප්‍රමාණය) මුහුණත අගයට වඩා අඩුයි. වෙළඳපොළ පොලී අනුපාතික කීයක් වුනත් කල් පිරෙන දවස වන විට මිල (ණය ප්‍රමාණය) රුපියල් 105ට (මුහුණත අගයට හා අවසන් කූපන් මුදලට) සමාන වෙනවා. ඒ මුල් ණය මුදල වූ රුපියල් 97.33 හා අවසන් මොහොතේ ගෙවන රුපියල් 7.67ක පොලියේ එකතුව ලෙස.

      කූපන් පොලී නැති ඔබේ මනඃකල්පිත උදාහරණයට ගියොත්, කල් පිරීමේදී ගෙවිය යුතු මුදල රුපියල් 100ක්. ලබා ගත් ණය මුදල 75.13ක්. ඒ කියන්නේ පොලිය රුපියල් 24.87ක්. මෙහිදී මුළු පොලියම වසර තුන අවසානයේදී එකවර ගෙවනවා. එතෙක්, ණය ප්‍රමාණය රුපියල් 75.13 සිට රුපියල් 100 දක්වා වෙනස් වෙනවා. කූපන් ගෙවීම් නැති වට්ටම් බැඳුම්කරයක් නිසා මිල කිසි විටෙකත් රුපියල් 100 ඉක්මවන්නේ නැහැ. එහෙත් රුපියල් 100ට පහළින් ඕනෑම මට්ටමක් වෙන්න පුළුවන්.

      Delete
    18. මමත් ගොඩක් කල් හිත හිත හිටපු දෙයක් රජයේ ආදායම පොලී ගෙවන්නත් මදි කියන එකේ තේරුම. දැනුයි තේරුනේ. තැන්ක්‍යූ වේවා.
      සාමාන්‍යයෙන් රජයේ පොලී වියදම වසරකට කීයක් විතරද?

      Delete
    19. පසුගිය (2020) වසරේදී රුපියල් බිලියන 980ක්. රජයේ සමස්ත ආදායමම රුපියල් බිලියන 1,368ක් පමණයි.

      Delete
  8. ඉකෝන්,

    ලංකාවේ රජයේ ණය සඳහා බලපාන balance of payment පිළිබඳ වූ ප්‍රශ්නයට බලපාන ප්‍රධාන කාරණයක් නම් වාර්ෂිකව ආනයනය කරන ඩොලර් බිලියන හතරක් පමණ වන ඛණිජ තෙල් ආනයනය සදහා වැයවන මුදල් ප්‍රමාණයයි. මේ කාරණයට සම්බන්ධ ඉතා වැදගත් කාරණයක් International Chamber of Commerce පැනල් ඩිස්කෂන් එක අමතා හිටපු අගමැති ආචාර්ය රනිල් වික්‍රමසිංහ අනාවරණය කළා. මෙහි වීඩියෝ එක දිග වැඩි නිසා මේ කෙටි පුවත අන්තර්ජාලයෙන්;

    https://colombogazette.com/2021/09/25/ranil-suspects-lockdown-will-not-be-lifted-on-1st-october/

    ඒ අනුව ආණ්ඩුව විසින් රට මාස එක හමාරක් විතර වසා දැමීම සහ කොවිඩ් වසංගතය පිට දමා නැවත වතාවක් විවෘත කිරීමට ප‍්‍රමාද කර ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා මුදල් ගෙවීමට ඇති අපහසුතා නිසා යැයි තමන්ට ඉතාමත්ම විශවාස දායක මූලාශ්‍ර කිහිපයක්ම හරහාම තොරතුරු ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය රනිල් වික්‍රමසිංහ එම සාකච්ඡාවේදී ඉතාමත් පැහැදිලිව අනාවරණය කළා.

    මේ වගේම ඒ වෙනුවෙන් ලංකාවට ණය ක්‍රමයක් හරහා ඛණිජ තෙල් ආනයනය කර ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලංකාවේ විදේශ ඇමති ජී එල් පීරිස් ඉල්ලීමක් කර ඇති බව පැවසූ රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ වුවද ඔවුන් කිසිසේත්ම එසේ නොකරනු ඇති බවද පැවසුවා. මෙහෙම වෙන්නේ ඇයි? ලංකාවේ ආර්ථිකය ඉතාමත් දුර්වල වී ණය නැවත ගෙවීමට බැරි තත්වයක් ඇති නිසා විය හැකි බව මට හිතෙනවා.

    ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා කියුවේ ඩීසල් සදහා මුදල් දැන් ගෙවා ඇති බවත් එනිසා පළමුවැනිදාට පෙර ඒවා ලැබෙන්නට ඉඩ ඇති නමුත් එදින වන විට ඩීසල් නොපැමිණියහොත් නැවතත් රට විවෘත කිරීම කල් දමන්නට වනු ඇති බවයි. ඒ සමගම ආණ්ඩුව නැවතත් රට මාසයක් විතර වහල දාවි ද?

    අන්තර්ජාලය ඔස්සේ පැවති එම සාකච්චාවේදී රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල කරන ලද අතර සම්පූර්ණයෙන්ම විස්තර එය තුලින් දැක ගැනීමට පුළුවන්.

    කෙසේ වෙතත් අද මාධ්‍ය වලින් කළ විමසීමකදී ඊට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් උත්තර දුන්නේ ඉදිරි මාස තුන සඳහා ලංකාවට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන බවයි.

    මීට පිළිතුරු ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාවද පවසන්නේ මාසයකට අවශ්‍ය තරමේ ඉන්ධන තොග රට තුල ඇති බවයි. නමුත් මෙහි සත්‍ය තත්ත්වය කෙසේ වෙයිද? නැවත රට වසා දමා ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් සමග දැඩි ඉන්ධන හිඟයක් ඇති විය හැකි බව පේනවා. මේ සඳහා ලංකාවේ සිටින අප පවුලේ අය ඉන්ධන හැකි තරම් මිලදී ගෙන ගෙවල් වල ගබඩා කර ගැනීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කළ යුතුයි නේද? මේ ගැන කුමක් කිරීම සුදුසු ද?

    ReplyDelete
    Replies
    1. ඔය සාකච්ඡාව මම සජීවීව බැලුවා. ප්‍රස්තුත කරුණ හා අදාළව ඔබ සඳහන් කර තිබෙන දේවල් වලට වඩා වැඩිමනත් දෙයක් මම දන්නේ නැහැ.

      Delete
  9. ණය ගත යුතු දියුණට වැඩ කරනකොට
    එවිටයි පලක් වෙන්නේ යම් දේසෙකට
    අපේ කෙරෙන්නේ ඒකෙම අනෙක් පිට
    ණය වෙන්නේ මඩි තර කරවාගන්ට

    ReplyDelete
  10. Paudgalika karanawak dana ganeemata o a thuma sambanda kara ganna puluwqnida

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා සිටින්නේ ඇමරිකාවේ බැවින් ආර්ථික විද්‍යාව, ලංකාවේ ණය සහ නූතන දේශපාලන ඇතුලු ඕනෑම කාරණයක් ගැන තොරතුරු මෙම අංක වලට අමතා දැන් ගැනීමට පුළුවන්.

      ලිපිනය - අංක 464/20, පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල.

      ටෙලිෆෝන් = +94 112 786 355, +94 777 999 459, +94 718 315 002
      ෆැක්ස් = +94 112 786 050

      මීට අමතරව අප හා එක්වී ඔබට ජනතාව දැනුවත් කොට ලංකාවේ සමාජය වඩාත් හොඳ තත්ත්වයකට ගෙන ඒමට සජීවීව ක්‍රියාකාරීව දායක විය හැකියි.

      එන්න අපි එක්ව වැඩ කරමු.

      Delete
    2. economatta@gmail.com

      (උඩ තිබෙන ලිපිනය හා දුරකථන අංක වලට ඉකොනොමැට්ටාගේ කිසිදු සම්බන්ධයක් නැහැ. අඩු වශයෙන් කාගේද කියාවත් දන්නේ නැහැ.)

      Delete
  11. ඉකෝන් ලංකාවේ රජය ණයට අරගෙන ඊට පස්සෙ එම මුදල්ම ආණ්ඩුවේ ඇමතිවරු මුදල් මිලියන ගණනක් නාස්ති කරන එක ඉතාමත්ම පහත් වැරදි දෙයක්. මේක බලන්න;


    //ලංකාවේ ආණ්ඩුවේ පොදු ජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය දී DB හේරත්ගේ නිල නිවස සඳහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වියදම් කරමින් ඇඳන් හයක් මිලදීගෙන තවත් අලුත්ම භාණ්ඩ සහ අලුත්වැඩියා වැඩ කරමින් මහජන මුදල් කාබාසිනියා කරමින් මිලියන ගණනින් නාස්ති කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න සහෝදරයා අද මාධ්‍ය වලින් එළිදරව් කරා.

    ඒ ඇඳන් ඇතුළු භාණ්ඩ වර්ග හතළිස් අටක් ඔහුගේ නිල නිවස සඳහා ලබාගැනීමට අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද ජවිපෙ නාමල් කරුණාරත්න සහෝදරයා විස්තර කළා.

    එම නිල නිවස සඳහා මිලියන ගණනාවක් වියදම් කර භාණ්ඩ ලබාගෙන අවසන් බවත් මහජන මුදල් අවභාවිත කරමින් දේශපාලකයන් තම නිල නිවාස වලට සුඛෝපභෝගී පහසුකම් ලබා දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ සදාචාර විරෝධී කටයුත්තක් බවද නාමල් කරුණාරත්න සහෝදරයා පෙන්වා දෙයි.

    මේ රාජ්‍ය අමාත්‍යවරයා තම නිල නිවසට ඇතුළු වන්නේ රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් වියදම් කර දැවැන්ත අලුත්වැඩියාවක් සිදු කිරීමෙන් පසුව බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු හෙළිදරව් කරන ලදී.

    මෙම මුදල් වියදම් කිරීම සම්පූර්ණයෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් බවත් මිලදී ගැනීම් වල ලිපි ලේඛන කටයුතු අධිකරණයට ඉදිරිපත් කර මොහුට දඬුවම් දෙන්න අවශ්‍ය බව නාමල් සහෝදරයා දැඩිව පෙන්වා දුන්නා.

    කෙසේ වෙතත් මේ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ඇමති ඩී බී හේරත් පැවසුවේ තමනට ලබා දුන් නිල නිවස වසර ගණනාවක් වසා දමා තිබූ ජරාවාස වී තිබූ නිවසක් බවයි.

    අදාල අලුත්වැඩියාව සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කර තමනට ලබාදුන් බවද පැවසූ ඔහු එහි කිසිදු සුඛෝපභෝගී භාණ්ඩයක් නැති බවත් තමයි මාධ්‍ය වලින් පැවසුවේ. නමුත් ඇමතිවරයාගේ කතා බොහෝ දුරට අසත්‍ය තොරතුරු විය හැකියි.

    මේවා මිලදී ගැනීමේදී කිසිදු නීතියක් උල්ලංඝනය කිරීමක් සිදු කර නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන නමුත් මෙවැනි දෙයක් කිරීමට රජයට මුදල් නැති මේ වගේ වෙලාවක කිසිසේත්ම නුසුදුසු නිසා මේ මහජන මුදල් අවභාවිතයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කරා යාමට සාමාන්‍ය පුරවැසියන්ට සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන් වෙයි ද? අල්ලස් හා දූෂණ විමර්ශනයක් කිරීම අවශ්‍යයි ද?//

    මේ වගේ දේවල් මුදල් වංචා, අවභාවිත සහ වෙනත් හොරකම් නාස්ති පාලනය කිරීමට ඔබට යෝජනා තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිට හා අගමැතිට හැරුණු විට අනෙක් දේශපාලනඥයින්ට හා රාජ්‍ය සේවකයින්ට විශේෂ නිල නිවාස ලබා දිය යුතුයැයි මම හිතන්නේ නැහැ. කොළඹ ඉන්න තැනක් නැති ප්‍රශ්නයට පිළියමක් ලෙස පිට පළාත් වල මන්ත්‍රීවරුන්ට මාදිවෙල ආකාරයේ නිවාස ලබා දීම ප්‍රමාණවත්. ඒ වෙනුවෙන්ද කුලියක් අය කළ යුතුයි. එම කුලිය අදාළ නිවාසයේ නඩත්තු වලට ප්‍රමාණවත් වෙළඳපොළ මිලක් විය යුතුයි. මන්ත්‍රී වැටුප් අවශ්‍ය පමණ වැඩි කළාට ප්‍රශ්නයක් නැහැ. එසේ කර අනෙකුත් පාරදෘශ්‍ය නොවන වරප්‍රසාද දැඩි සේ සීමා කළ යුතුයි. විශේෂ අමුත්තන් හමු වීම වැනි අවශ්‍යතා වෙනුවෙන් සියලුම ඇමතිවරුන්ට පොදුවේ භාවිතා කළ හැකි නිවාස කිහිපයක් නඩත්තු කළානම් හරි. එවිට එක් එක් අයට ප්‍රිය සම්භාෂණ ආදිය සඳහා කලින් දවස් වෙන් කර ගත හැකියි.

      මේ වගේ දේවල් ගැන ජවිපෙ නිතර කතා කරනවා. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කෙදිනක හෝ මෙවැනි අනවශ්‍ය වියදම් සීමා කෙරෙන පණතක් පාර්ලිමේන්තුවේ යෝජනා කර තිබෙනවද? (මම දන්නේ නැති නිසා අහන්නේ)

      Delete
  12. Econ,

    Since Sri Lanka officially refused the IMF bailout and debt restructuring, what do you think about following policy decisions by CBSL for the coming years;

    A. Expresses confidence in govt.’s ability in tackling current debt situation

    B. Expects to tackle debt issue by focusing on three areas

    01. Firstly sale of underutilized state assets to ensure non-debt inflows

    02. Secondly, to retire some parts of international sovereign bonds with other debt

    03. Thirdly, to enhance country’s merchandise export earnings

    Considering the above facts, although a debt restructuring effort seems vital for Sri Lanka, as repeatedly called upon by some economic experts in the recent past, the government last week ruled out the need for such an endeavor, as it remains confident of honoring all its debt commitments on time.

    In fact that current CBSL Governor Nivard Cabraal on Saturday expressed confidence in the government’s ability in tackling the current debt situation and said that calling for debt restructuring means it has been concluded that SL would fall back on its repayments.

    Accordingly “I want to make it extremely clear to every single person. We will manage this. We will not need to do a restructuring. We will pay all the creditors on time like what we have done so far,” said Cabraal, while addressing a forum hosted by the International Chamber of Commerce of Sri Lanka (ICCSL) over
    the weekend. You might seen this video conference aren't you mate?

    Additionally “Now how are we going to do that is the question that may be in the minds of so many people. The most important part in our view is to ensure that the vulnerability is addressed in the next few months and in the next year. That is an important part,” he added further.

    Refer to the perspectives of N. Cabraal, efforts are already underway to address the debt repayment issue, while maintaining the foreign reserves at a certain level and ensuring inflow into the country, so SL can “comfortably” carry out debt servicing. Could you believe this to be honest?

    Current Rajapakse regime government expects to tackle the debt issue by focusing on three areas as they expressed in the mainstream media of both SL & overseas. The first is ensuring non-debt inflows into the county, which will be achieved by monetizing the underutilized state owned assets and arranging for a payment scheme with the international investment banks to settle the international sovereign bond for January 2022 upfront with a discount. Will this process work on the benefit of the economy of SL? I'm not sure to be honest.

    ReplyDelete
    Replies
    1. Further to this, GoSL (CBSL to be precise) is to retire some parts of international sovereign bonds with other debt, which will be carried out at a government-to-government level, whereas the third is to enhance Sri Lanka’s merchandise export earnings. Could this be possible to achieve? Pls explain on this.

      The Governor of CBSL further stated that the efforts would be rolled out to “culminate in cash”, thus there would be new inflows coming into the overall system, which would make it possible for the government to meet the deadlines. I have no idea about this, need your kind explanation on this regard.

      The CBSL Governor further shared that to steer the endeavor forward, a task force would be set up under the purview of the Finance Minister, that would focus on implementing the debt settlement strategies, make certain the new projects perform as expected and options that can be embarked upon are explored. What do you think about this?

      Further affirming that timely measures are being taken to address the debt situation in a systematic manner, the Governor reiterated that Sri Lanka does not need assistance from the International Monetary Fund (IMF). Seems to be much tough decision in my opinion but is this decision make SL vulnerable financially?

      At last but not least, we refer to new CBSL Governor's Pora talks; “We don’t need to get the IMF to come here and say to do the same thing because we know that it was during the time that the IMF was in the country that some of these vulnerabilities were created. I’m not in any way finding fault with them since whilst they (IMF) were there, Sri Lanka could still have taken decisions on their own,”

      apart from big talks, I had to agree somewhat, especially about the previous experiences we had with these financial assist/donor agencies more than a half a century. Those agencies had made us suffer as we blindly follow their policies along with popular social democratic excessive welfare policies, government employments etc. By the way, how did you explain this with American perspective? What could you foresee as consequences of such GoSL's economic policies in the coming years and in the long run as well? It is better this would be a subject for your next post as well in my humble opinion.

      Delete
    2. Let's wait three more days to see what his roadmap is.

      Delete
  13. කල් පිරෙන් දවසට් කලින් ද්විතීක වෙලඳපොලෙන් බැදුම්කර අරන් ණය පියවනකොට මුලු ණයම පියවන්න පුලුවන්ද? ද්විතීක වෙලඳපොලේ සන්සරනය වන්නෙ යම් කොටස්ක් විතරයි නේද?
    දෙක, එහෙම විශාල වශයෙන් රජයෙන් බයි බැක් කරද්දි ණයේ මිල ඉහල යන්නෙ නැතිද?

    ReplyDelete
    Replies
    1. දේශීය රුපියල් බැඳුම්කර හා අදාළවනම් මෙය පහසුවෙන් කළ හැක්කේ EPF, රාජ්‍ය බැංකු හා මහ බැංකුව සතු බැඳුම්කර වලටයි. ස්වෛරිත්ව බැඳුම්කර වලින්ද සැලකිය යුතු කොටසක ලංකාවේ වාණිජ බැංකු විසින් ආයෝජනය කර තිබෙන නිසා වැඩි අපහසුවක් නැතිව මෙය යම් තරමකින් කළ හැකියි. මුළු බැඳුම්කරයක්ම නැවත මිල දී ගැනීමනම් සංකීර්ණ වැඩක්. එවැන්නක් වෙයි කියා මම හිතන්නේ නැහැ. මෙහිදී ඔබ කියන අයුරින්ම මිල ඉහළ යනවා. මම හිතන්නේ ඉලක්කයම එය තමයි. මිල ඉහළ යනවා කියන්නේ පොලී අනුපාත අඩු වෙනවා කියන එක. එවිට අලුතෙන් ණය ගැනීම පහසු වෙනවා.

      Delete
    2. මෙහෙමයි, ඔතනදි වත්මන් ආණ්ඩුව ආනයන සීමා කර රටේ ආර්ථිකය ගොඩනැගීමට ගෙන එන සැලසුම්වලින් රටේ ආර්ථිකය සහ රුපියල තවත් කඩා වැටෙන අතර, කෙටිකාලීන වාසි ලබා ගැනීම සඳහා සිදු කරන මෙවැනි දේ මගින් අපනයන නිෂ්පාදනවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ "මේ අවස්ථාවේ හැටියට මිල වැඩිවෙන එක කමක් නැහැ කියමුකෝ. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකය ආපසු ස්ථාවර වුණාට පස්සෙත් අර වැඩි වුණ භාණ්ඩ මිල, ආයෙත් අඩු වෙන්නේ නැති එක. එහෙමත් නැත්නම් වැඩි වෙන බඩු මිලට සාපේක්ෂව පඩි වැඩි නොවන එක. ඉතින් මිනිස්සු කොහොම ද මෙහෙ ජීවත් වෙන්නේ? කියලා

      Delete
    3. ආනයන සීමා කිරීම නිසා රටේ ආර්ථිකය කඩා වැටෙන එක ඇත්ත. නමුත් සාමාන්‍ය මූලධර්මයක් විදිහට ස්ථාවරත්වය ඉලක්ක කර ගනිමින් ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයකදී ආර්ථිකය යම් තරමකින් කඩා වැටෙනවා. යහපාලන ආණ්ඩුව විසින් බදු වැඩි කර රාජ්‍ය ආදායම් ඉහළ දමා ගැනීමේදී වුනෙත් එයයි. IMF යාමේදී වෙන්නෙත් එයයි.

      ආනයන සීමා කිරීම නිසා රුපියල තවත් කඩා වැටෙන්නේ නැහැ. මේ ක්‍රියා මාර්ගය ගන්නේම රුපියල කඩා වැටීමට පිළියමක් ලෙසයි. මම මේ ආකාරයෙන් ආනයන සීමා කිරීම වෙනුවෙන් පෙනී සිටින අයෙකු නෙමෙයි. එහෙත් මේ අවස්ථාවේදී ස්ථාවරත්වය වෙනුවෙන් කෙටිකාලීනව යම් ආකාරයක සීමා කිරීමක් කරන්න වෙනවා. මම යෝජනා කරන දිගුකාලීන විකල්පය වන විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමෙන් වුවත් මේ වෙලාවේ කෙටිකාලීනව ලොකු වාසියක් ලබා ගන්න බැහැ.

      //හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකය ආපසු ස්ථාවර වුණාට පස්සෙත් අර වැඩි වුණ භාණ්ඩ මිල, ආයෙත් අඩු වෙන්නේ නැති එක.//

      ප්‍රශ්නය එහෙම වෙන්නේ ඇයි කියන එකයි. මෙය ලංකාවේ පමණක් තිබෙන තේරුම් ගත නොහැකි අමුතු, සුවිශේෂී ප්‍රශ්නයක් නෙමෙයි. ඉතාම සාමාන්‍ය කරුණක්. සල්ලි අච්චු ගැසූ විට බඩු මිල ඉහළ යනවා. වැඩි කරන මුදල් සැපයුම නැවත කවදාවත් අඩු නොවන නිසා බඩු මිල නැවත පහළ යන්නේ නැහැ.

      //එහෙමත් නැත්නම් වැඩි වෙන බඩු මිලට සාපේක්ෂව පඩි වැඩි නොවන එක.//
      මේක බොරුවක්. සාමාන්‍යයෙන් බඩු මිල වැඩි වීමට අනුරූපව වැටුප්ද වැඩි වෙනවා. සංඛ්‍යාලේඛන පරික්ෂා කළොත් ඉතිහාසය පුරාම එය එලෙස සිදු වී තිබෙනවා. මෙය සිදු වන්නේ යම් කාල පමාවක් සහිතවයි. එය ඕනෑම රටක සිදුවන සාමාන්‍ය දෙයක්.

      Delete
  14. //මෙහිදී ඔබ කියන අයුරින්ම මිල ඉහළ යනවා. මම හිතන්නේ ඉලක්කයම එය තමයි. මිල ඉහළ යනවා කියන්නේ පොලී අනුපාත අඩු වෙනවා කියන එක. එවිට අලුතෙන් ණය ගැනීම පහසු වෙනවා//
    මේක එක්තරා manipulation එක්ක නෙමෙයිද? තියෙන දෙයක් විකුණලා පොඩි ගාණක් හොයාගෙන ISB buy back කරන එකනේ කරන්න වෙන්නේ. ආයෝජකයන් මෙකට කොහොම ප්‍රතිචාර දක්වයි ද

    ReplyDelete
    Replies
    1. මම ඊලඟට අහන්න හිටපු ප්‍රශ්නෙ

      Delete
    2. ඔව්. manipulation එකක් තමයි. අනෙක් අතට පොලී ඉහළ ගිහින් තියෙන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ සැක නිසානේ. තියෙන දෙයක් විකුණා හෝ ණය ගෙවුවොත් එහෙම හරි ණය ගෙවන්න පුළුවන් කියන එක තහවුරු වෙනවා. මේ වගේ දෙයකින් එකවර ලබා ගන්නා තාවකාලික වාසියක් මිසක් දිගින් දිගටම වාසියක් ගන්න බැහැ. එහෙම කළ හැක්කේ ලංකාවේ කොටස් වෙළඳපොළ වැනි සීමිත ප්‍රවේශයක් ඇති තැන් වල පමණයි. මේ වෙලාවේ මෙවැනි තාවකාලික වාසියක් වුවත් වටිනවා. ආයෝජකයන් මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියා බලන්න වෙන්නේ කරලාම තමයි. ඔවුන් දිගින් දිගටම ඇන්දිය හැකි මෝඩයෝනම් නෙමෙයි. මිල ඉහළ ගියත් නැවත අලුතෙන් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන්න ඉඩක් දැන්ම ලැබෙයි කියා හිතන්න අමාරුයි. කොහෙන් හෝ සල්ලි හොයා ගන්නා තරමට දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර වලින් යම් ප්‍රමාණයක් අඩුවට ගන්න එක පමණක් කරන්න පුළුවන් වෙයි. එහෙම කරන්න සල්ලි හොයා ගන්න එක වුවත් පහසු වැඩක් නෙමෙයි.

      Delete
  15. පේන විදියට නම් දැන් ලංකාව තියෙන්නෙ තුන්වැනි economic boom එක පටන් ගන්න ඔන්න මෙන්න. මේ වගේ විශාල economic boom එකකදී රටේ දැනට තියන ආර්ථිකය අවුරුදු පහකින් දෙගුණ වෙනවා. ඒ කියන්නේ 2030 වෙද්දී ලංකාවේ GDP එක ඩොලර් බිලියන 300ට ආසන්න වෙන්නත් පුළුවන්. නරකම තත්ත්වය තුළ පවා අවම වශයෙන් ඩොලර් බිලියන 150 ක් පමණ ජී ඩී පී එකක් දකින්න පුළුවන් වේවි. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම සහ ආකල්ප පරිවර්තනය ලංකාව තුළ වේගයෙන් මේ කාලයේ සිද්ධ වෙනවා. පැහැදිලිවම 2030 වෙද්දි ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 300 ඉක්මවා යන බව මගේ හැඟීමයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඉකොනොගෙ පරන ලිපියක් ඇති ඔය ගැන.

      Delete
    2. //ඉකොනොගෙ පරණ ලිපියක් ඇති ඔය ගැන.//

      මම හිතන්නේ මේ ලිපිය වෙන්න ඇති.

      https://economatta.blogspot.com/2021/03/blog-post_6.html

      Delete
    3. Good one, although I was thinking of a different article by you.lol

      Delete
    4. ගෝටාට අසූව ඩබල් කළ හැකිද?
      http://economatta.blogspot.com/2020/08/blog-post_13.html

      Delete
    5. ඩොලර් බිලියන 150 කරන එක සුරංගනා කතාවක්

      Delete
    6. මම හිතන්නේ උඩ ඇනෝගේ අදහස සත්‍ය වීමට, අඩුම තරමින් තව දශකයක් පමණ ඇතුලත ලංකාවේ GDP එක ඩොලර් බිලියන එකසිය පණහේ සීමාව ඉක්මවා යන එක වෙන්න පුළුවන් දෙයක් බව. ඒ විතරක් නෙවෙයි එය ඩොලර් බිලියන තුන්සීයක් වුණත් වෙන්න පුළුවන්.

      උදාහරණයක් විදියට ලංකාවේ GDP එක 2001 වසර වෙනකොටත් තිබුණේ ඩොලර් බිලියන 15 ක් විතර. හැබැයි අවුරුදු දහයකට පස්සෙ 2010 දී ලංකාවේ GDP එක ඩොලර් බිලියන 56.75 ක් විතර වෙනවා ආසන්න වශයෙන් හතර ගුණයක් විතර ප්‍රමාණයක්. ඒ නිසා අද තියෙන 80 තව අවුරුදු දහයකට පස්සෙ 300 ට කිට්ටු වෙන්න බැරිම නෑ.

      සුරංගනා කතාවක් වගේ කියන එක ඉතින් පොල්කටු වල හිරවෙලා ඉන්න පොතේ ගුරාලගේ " ඕක හරියන් නෑ" වැල් බයිලා තමයි.

      ඉස්සර ලංකාවේ උතුරේ යුද්ධයක් තිබුණා. ඒ කාලේ 2001 වෙනකොටත් රටේ ජනප්‍රිය මතය සහ පොතේ ගුරාලා කිය කියා හිටියේ යුද්ධය කවදාවත් ඉවර වෙන්නේ නෑ, ලෝකයේ කිසිම ත්‍රස්තවාදී කණ්ඩායමක් යුද්ධයෙන් පරද්දල නෑ, දේශපාලන විසඳුමක් නැතුව ඕක ඉවර කරන්න බෑ ඔය වගේ එක එක රට බයිලා. ඒ වගේම අවසාන කාලය වෙනකම් තොප්පිගල විසාල කැලෑවක් කියලා, තාම යුද්ධය ෂුවර් නෑ, කිළිනොච්චි මැදවච්චි, අලිමංකඩ පාමංකඩ, ගැලවීමේ හමුදා ඔය වගේ කතා කිය කියා පත්තර වල පිටු ගණන් බයිලා ලිය ලියා හිටියා හාන්සි පුටු බකපණ්ඩිතයො. ඒත් ඒ armchair critics සේරම දේවල් බොරු බයිලා බවට පත්වුණා. කොහොම හරි එක කෝණයකින් විතරක් නොබලා රාමුවට පිටතින් වෙනත් විසඳුම් සෙවීම අවශ්‍යයි කියලයි මගේ අදහස. නමුත් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

      Delete
    7. විදේශ ණය ගොඩාක් අරගෙන ඩොලර් එක රු40ට වගෙ අඩු කලානම් හෙට උනත් දදෙනි ඩොලර් බිලියන 300ට වඩා වැඩි කරන්න බැරි කමක් නෑ ඉතින් . මෙච්චරකල් කලෙත් එහෙමනේ

      Delete
    8. Excellent point! ණය දෙන්න අය හොයා ගන්න එකයි දැන් ප්‍රශ්නේ!!

      Delete
    9. අනිවා.
      ඉකොනොට පින්සිද්දද වෙන්න පොඩ්ඩක් දැන් තේරෙනව .

      Delete
    10. හොඳ සාකච්ඡාවක්, හැබැයි ඉකොනොමැට්ට සහ තවත් අයෙක් අවඥාවෙන් සිනාසුනත් මම හිතන්නේ මේ උඩ ඇනෝ කාරයා කියල තියෙන දෙය සැබෑවක් කර ගැනීමට (අවම වශයෙන් ඒක පුද්ගල ආදායම (නොමිනල්) ඩොලර් 12,000 මට්ටමට ගෙන ඒමට බැරි නැති බවයි. ධම්මික පෙරේරත් මේ සඳහා වැඩ පිළිවෙලක් වසර කීපයකට කලින් ඉදිරිපත් කරා, ඔහු එහි අධ්‍යාපනය දියුණු කිරීමේ වැඩපිලිවෙල දැනටමත් පටන් ගෙන තියෙනවා.)

      දැන් මෙතන ඉකොනොමැට්ටාම (සහ ඔහුගේ හිතවතාත්) පිළි අරන් තියෙනවා විශාල වශයෙන් විදෙස් ණය (රට තුලට ඩොලර් ඉන්ෆ්ලෝව්ස්) ගැනීම සහ රුපියල ශක්තිමත්ව තබා ගැනීමෙන් ආර්ථිකයේ අගය (ජී.ඩී.පී) ලේසියෙන්ම වැඩි කර ගන්න පුළුවන් බව. දැන් මෙයම වෙනත් ආකාරකට කළොත්, මේ වසංගත තත්වය පහවීමත් සමග සැලසුම් සහගතව විශාල ලෙස අපනයන ආදායම් වර්ධනය කර ගැනීම සහ පාඩු ලබන රජයේ වියදම් පාලනය, රාජ්‍ය ව්‍යවසාය පුද්ගලික අංශයට දී මුදල් සැපයුම සීමා කිරීම මගින් රුපියල ශක්තිමත් කර ගැනීම මගින් වෙන්නේත් එයම තමයි.

      මෙහිදී අප අමතක කළ යුතු නොවන්නේ බිලියන පහක ජනගහනයක් සහිත ආසියාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන බව සහ බිලියන එක හමාරක පමණ ඇප්‍රිකානු ජනයාගේ වේගවත් සංවර්ධනයයි.

      චීනය ඉදිරි කාලයේ ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් හේ ඊටත් වඩා ශීග්‍රයෙන් වර්ධනය කර ගෙන සංවර්ධිත තත්වයට පත්වන බව මේ වන විට බොහේ දෙනෙක් පිලිගන්නවා, ඉලොන් මස්ක් වැනි අය මේ ගැන හොඳින් පැහැදිලි කරා.

      මේ සමග ලොව ලොකුම වෙළඳ පොළ වෙන්නේ චීනයයි. එමෙන්ම ලක්ෂරි ඇඳුම් වගේ ගොඩක් දේවල් අපට චීනයට විකුණන්න සහ චීන ශ්‍රමය අධික ලෙස මිල ඉඅහළ යාමත් සමග ප්‍රාග්ධන ආයෝජන ලබා ගැනීමට පුළුවන් වෙයි.

      විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ ඉන්දියාව චීනයට බාල්දි පෙරලපු සතුරු අතීතයක් ඇති නිසා චීනය තම අමාරු කාලයේ මිතුරුකම් කල රටවලට සහායක් දීමට එහි ආර්ථිඅකය ශක්තිමත් කරගත් පසු කටයුතු කරන බව දැනටමත් පවසා තිබෙනවා.

      මීට අමතරව දකුණු සහ අග්නිදිග ආසියාවේ ආසියාවේ වේගයෙන්ම නැගී එන ආර්ථික වන බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි වේගවත් කාර්මික රටවලට අවශ්‍ය ආර් & ඩී, සොෆ්ට්වෙයාර්/ ඕ.එස්. වගේ දේවල්, ඩිසයින් සහ සර්කිට් බෝඩ්, රබර් සහ මිනිරන් ආශ්‍රිත ග්‍රැෆීන් වනි දේවල්, රසායන ද්‍රව්‍ය ආදිය නිපදවීමට අවශ්‍ය මානව සම්පත ලංකාව දියුණු කරගත යුතුයි. ඇමරිකන් සහ යුරෝපා වෙළඳ පොලට පිටින් ආසියානු සහ අප්‍රිකානු වෙළඳ පොල, එමෙන්ම අප්‍රිකාවේ ලාභ ශ්‍රමය ආශ්‍රිතව ඇඟළුම්/ ලයිට් ඉන්ජිනේරු ඇතුලු කර්මාන්ත ආරම්භ කිරීමට දේශීය ව්‍යවසායකයන්ට පහසුකම් සහ කැපිටල් එක පිටට අරන් ගිහින් ප්‍රොෆිට් අරන් එන ක්‍රම ආදිය සකස් කිරීම අත්‍යවශ්‍යයි. හරියට කළොත් මේක ගොඩ දාගන්න පුලුවන්, අයර්ලන්තය වගේ යුරෝපයේ දුප්පත් රටවල්, එතකොට නාලක ගොඩහේව පතුරු ගහන වියට්නාම් මෙන්ම කබරාල කබරයාගේ ෆේවරිට් බංගලිදේශයෙන් හරියට පාඩම් ඉගෙන ගන්න ඕන. ඒක ඉතින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ හැකියාව මත තමයි තීරණය වෙන්නේ. නැද්ද?

      Delete
    11. මේ වන විට සාක් රටවල් වන දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන සහ දෙවෙනි විශාලම ආර්ථිය ඇති බංග්ලාදෙශ් රට 1971 වසරේ දී පාකිස්තානයෙන් වෙන්ව නවරටක් වෙද්දි ලෝකයේ දිළිඳුම රටවල් අතුරින් එකක් සහ දේශපාලන අස්ථාවර බව, ගංවතුර සුළි සුලං ඇතුළු ස්වාභාවික විපත් වැනි කරුණු ලංකාවටත් වැඩි හරිම අමාරුවෙන් තිබ්බ රටක්.

      අපි වගේම බංගලිදේශය ඇඟලුම් කර්මාන්තයට අවතීර්ණ වන්නේ 1970 දශකයේ අගභාගයේ. අවම මිලක් සහිත ශ්‍රම සැපයුම නිසා නිෂ්පාදන පිරිවැය අවම ලෙස පවත්වා ගෙන යමින් ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට හැකිවීමෙන් මුල් අදියරේ දීම විශාල ආයෝජන ආකර්ෂණයක් ලැබුන නිසා 1980 දශකයේ මැද භාගය වන විට ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ලොකුම අභියෝගය එල්ල වුයේ බංගලිදේශයෙන්. අඩු මිළ ශ්‍රමය නිසා මුල් අදියරේ දී ඇදී ආ ඇඟලුම් ආයෝජන ක්‍රමයෙන් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුව ප්‍රමිතිගත කර ගැනීමට ද බංගලිදේශ් උපායශීලී වෙලා ප්‍රමිතීන් වර්ධනය කර ගැනීම් ඔස්සේ යුරෝපා වෙළෙඳ පොළ වෙත ජී.එස්.පී ප්ලස් වගේ තීරු බදු සහන නොමැතිව ළඟා වීමට සමත් වූ බංගලිදේශය චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපය, ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකට ඇඟලුම් නිෂ්පාදන සපයන ලෝකයේ දැවැන්තම රට බවට පත්වුණා, එසේම ඇමෙරිකානු, චීන, ඉන්දියා විතරක් නෙවෙයි ලංකාවේ පවා සමාගම් රැසක් බංගලිදේශයේ ඇඟලුම් කර්මාන්තය තුළ ආයෝජන සිදු කර අද වන විට බන්ගලි ආර්ථිකයේ දැවැන්තම ශක්තිය ඇඟලුම් කර්මාන්තයයි. 2019 වසරේ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5.6ක් ලෙස සටහන් වන විට බංගලිදේශයේ එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ ගොස් තියෙන එකෙන් මේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි.

      (මෙහි විශේෂත්වය තමයි අවු. 40කට අධික කාලයක් අඛණ්ඩව මෙම කර්මාන්තය රැක ගනිමින් සහ වර්ධනය කර ගනිමින්, ලෝකයේ නව වෙළඳ‌පොළ අත්පත් කර ගනිමින් පවත්වා ගැනීමට බංගලිදේශය පෙන්වන සමත් කම.)

      මේකටත් වඩා වැදගත්ම කරුණ බංගලිදේශය ඇඟලුම් හෝ කෘෂිකර්මාන්තය මත පමණක් රඳා නොසිටිමින් නව රැකියා අවස්ථා සඳහා තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් රට තුළ ජනප්‍රිය කරමින් යුරෝපා සහ ඇමරිකා ආදී රටවල පවතින රැකියා අවස්ථා වෙනුවෙන් තරුණ පරපුර උනන්දු කරවීම. සෑම වසරකම බංගලිදේශය උපාධිධාරීන් 5,00,000කට අධික ප්‍රමාණයක් සිය අධ්‍යාපන පද්ධතිය හරහා නිපදවන බව ද එයින් බහුතරයක් ලෝකයේ ඉහලම ඉල්ලුමක් සහිත විෂය ධාරාවන් හදාරන බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරල තිබුණා මම දැක්ක ගොඩක් තැන්වලදි.

      මේ වන විට තොරුතුරු තාක්ෂණ සේවාවන් ලෝකයේ වෙනත් රටවල්වලට සපයන ෆ්‍රීලන්සර්ලා (නිදහස් සේවකයන්) පමණක් ලක්ශ අටකට වඩා බංගලිදේශයේ සිටින බව ද එය ලෝකයේ දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් බව ද යූ ටියුබ් වීඩියෝ එකක විස්තර කරල තිබුණා. ලන්කාවට මේවායින් ආදර්ශ ගන්න බැරි නැහැ නේද?

      නමුත් මෑත්කදී බංගලිදෙශ් කැබිනට් ලේකම් නිල වශෙන් නිකුත් කරේ ජී.ඩී.පී. පර් කැපිටා එක පසුගිය වසරට සාපේක්ෂව 9% කින් වර්ධනය වී ඩොලර් 2,227 ක් දක්වා ඉහළ ගොස් ඇති බව. අනිත් පැත්තෙන් පසුගිය වසරේ ලංකාවේ ඒ්ක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 3,682ක් බව මහ බැංකු වාර්තාවේ සඳහන්. තවමත් ලංකාව බංගලිදේශයට වඩා ඉදිරියෙන් සිටියත් ලංකාවේ රාජ්‍ය ණය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 109.7% වැනි ඉහළ අගයක් ගනිද්දී බංගලිදේශයේ ඒකී ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 30%ත් 40% අතර රඳවා ගැනීමට බංගලිදේශය හැමවිටම උපාය මාර්ගිකව කටයුතු කරන බව එරට ආර්ථික දත්ත වලින් පේනවා. මෙන්න මේක ඉතා වැදගත්, කබරාලයාට ටොක්කක් ඇනල පෙන්නල දෙන්න ඕන කරුණක්, මෙතනදි ඉන්දියා සහ පාකිස්තාන් රටවල් දෙකේම ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% කට ආසන්න වුණත් ලංකාවේ සීමාවට කිට්ටු වෙලා නැති එකත් කියන්න ඕනෑ.

      මේ නිසා ADB (ආසියානු සංවර්ධන බැංකුව) අද බංගලිදේශ් හඳුන්වන්නේ ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනයක් ඇති රට ලෙස, ඒ 2018 වසරේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය 8.1%ක්, එය චීනය මෙන්ම ඉන්දියාව ද වාර්තා කරන අගයට වඩා ඉහළ අගයක්. 2020 වසර තුළ බංගලිදේශ් 8% ඉක්මවා ආර්ථික වර්ධනයක් සැලසුම් කර තිබුණත් කොවිඩ් වසංගතය එම අපේක්ෂා මුළුමනින්ම කඩාදමා එම වසරේ දී ඔහුනට ළඟා කරගත හැකි වූයේ +0.5ක වර්ධන වේගයක්. නමුත් ලංකාව -3.6 ක් දක්වා පල්ලම් බසිද්දී තවමත් දකුණු ආසියාවේ නැගී එන + ආර්ථිකය හිමි රට ලෙස රැඳී සිටීමට බංගලිදේශය සමත් වුණා.

      ගෝලීය එච්.එස්.බී.සී. බැංකුව මේ වන විට ප්‍රෙඩික්ට් කර තිබෙන්නේ 2030 වසර වන විට ලෝකයේ 26 වැනි විශාලතම ආර්ථිකය බංග්ලාදෙශ් බවයි, ලෝකයේ මේ වන විටත් හතරවැනි වැනි විශාලතම සහල් නිෂ්පාදකයා මෙන්ම ලෝකයේ දෙවැනි ව විශාලතම හණ ආශ්‍රිත නිෂ්පාදකයා, ලෝකයේ 04 වැනි විශාලතම අඹ නිෂ්පාදකයා ලෙස ද 05වැනි විශාලතම එළවළු නිපදවන්නා ලෙස ද 04වැනි විශාලතම මිරිදිය මත්ස්‍ය නිෂ්පාදකයා ලෙස ද බංගලිදේශය කිසියම් ස්ථාවර කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ද සහිතව ඉන්නවා.

      Delete
    12. ලංකාව වගේම බංගලිදේශය ඇඟලුම් කර්මාන්තයට අවතීර්ණ වන්නේ 1970 දශකයේ අගභාගයේ. අවම මිලක් සහිත ශ්‍රම සැපයුම නිසා නිෂ්පාදන පිරිවැය අවම ලෙස පවත්වා ගෙන යමින් ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට හැකිවීමෙන් මුල් අදියරේ දීම විශාල ආයෝජන ආකර්ෂණයක් ලැබුන නිසා 1980 දශකයේ මැද භාගය වන විට ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ලොකුම අභියෝගය එල්ල වුයේ බංගලිදේශයෙන්. අඩු මිළ ශ්‍රමය නිසා මුල් අදියරේ දී ඇදී ආ ඇඟලුම් ආයෝජන ක්‍රමයෙන් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුව ප්‍රමිතිගත කර ගැනීමට ද බංගලිදේශ් උපායශීලී වෙලා ප්‍රමිතීන් වර්ධනය කර ගැනීම් ඔස්සේ යුරෝපා වෙළෙඳ පොළ වෙත ජී.එස්.පී ප්ලස් වගේ තීරු බදු සහන නොමැතිව ළඟා වීමට සමත් වූ බංගලිදේශය චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපය, ඇමෙරිකා ඇතුළු රටවල් රැසකට ඇඟලුම් නිෂ්පාදන සපයන ලෝකයේ දැවැන්තම රට බවට පත්වුණා, එසේම ඇමෙරිකානු, චීන, ඉන්දියා විතරක් නෙවෙයි ලංකාවේ පවා සමාගම් රැසක් බංගලිදේශයේ ඇඟලුම් කර්මාන්තය තුළ ආයෝජන සිදු කර අද වන විට බන්ගලි ආර්ථිකයේ දැවැන්තම ශක්තිය ඇඟලුම් කර්මාන්තයයි. 2019 වසරේ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5.6ක් ලෙස සටහන් වන විට බංගලිදේශයේ එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ ගොස් තියෙන එකෙන් මේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි.

      (මෙහි විශේෂත්වය තමයි අවු. 40කට අධික කාලයක් අඛණ්ඩව මෙම කර්මාන්තය රැක ගනිමින් සහ වර්ධනය කර ගනිමින්, ලෝකයේ නව වෙළඳ‌පොළ අත්පත් කර ගනිමින් පවත්වා ගැනීමට බංගලිදේශය පෙන්වන සමත් කම.)

      මේකටත් වඩා වැදගත්ම කරුණ බංගලිදේශය ඇඟලුම් හෝ කෘෂිකර්මාන්තය මත පමණක් රඳා නොසිටිමින් නව රැකියා අවස්ථා සඳහා තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් රට තුළ ජනප්‍රිය කරමින් යුරෝපා සහ ඇමරිකා ආදී රටවල පවතින රැකියා අවස්ථා වෙනුවෙන් තරුණ පරපුර උනන්දු කරවීම. සෑම වසරකම බංගලිදේශය උපාධිධාරීන් 5,00,000කට අධික ප්‍රමාණයක් සිය අධ්‍යාපන පද්ධතිය හරහා නිපදවන බව ද එයින් බහුතරයක් ලෝකයේ ඉහලම ඉල්ලුමක් සහිත විෂය ධාරාවන් හදාරන බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරල තිබුණා මම දැක්ක ගොඩක් තැන්වලදි.

      මේ වන විට තොරුතුරු තාක්ෂණ සේවාවන් ලෝකයේ වෙනත් රටවල්වලට සපයන ෆ්‍රීලන්සර්ලා (නිදහස් සේවකයන්) පමණක් ලක්ශ අටකට වඩා බංගලිදේශයේ සිටින බව ද එය ලෝකයේ දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් බව ද යූ ටියුබ් වීඩියෝ එකක විස්තර කරල තිබුණා. ලන්කාවට මේවායින් ආදර්ශ ගන්න බැරි නැහැ නේද?

      Delete
    13. ඔච්චර වල්පල් ඕකට ලියන එක අපරාදෙනෙ. ඕව කරන්න ඕනෙම නෑ, අවුරුද්දකට ඩොලර් බිලියන් 25 විතර ඊලඟ අවුරුද්දෙ බිලියන් 40ක් විතර වගේ වැඩි වෙවී ණය ගන්න පුලුවන්නම් ප්‍රශ්නයක් නෑ. විකුනන්න ඒව තියෙනවනම් ණය ගන්න ඕනෙත් නෑ. හරි සරලයි, ලේසියි

      Delete
    14. @ AnonymousSeptember 28, 2021 at 11:25 PM

      බොහොම ස්තූතියි. දීර්ඝ විස්තරයක්. ඔය විතරක් නෙවෙයි තව ඕන තරම් විකල්ප මාර්ග හොයා ගන්න පුළුවන් උවමනාවක්, උනන්දුව සහ උත්සාහය තියෙනවා නම්. උදාහරණයක් විදියට මේ දවස්වල ඩුබායි Expo එකට ගිහින් බැලුවොත් ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයේ අපනයන විවිධත්වය, අලුත්ම අලුත් ක්ෂේත්‍ර සහ අපට ඒවා සමග සම්බන්ධ වී වැඩ කළ හැකි opportunities වගේ ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන්.

      ඒ වගේම ඒ වගේ ගමනකදී සමහර දේවල් උත්සාහ කරද්දී වරදින්න පුළුවන්. නමුත් වෙනම ටීම් එකක් දාගෙන හොඳින් ඇනලයිස් කරලා calculated risk එකක් එක්ක අවදානමක් අරගෙන කටයුතු කළ යුතුයි.

      අර මම යුද්ධය ගැන දීපු උදාහරණය වගේම මේ විවේචනය කරන්න ප්‍රශ්ණ කියන අයට පිටින් ඉඳලා කයිවාරු ගහන්න පුළුවන් ඒත් රිසල්ට්ස් බින්දුවයි. මේ අයට පුළුවන් ඕනම දෙයක ඇද හොයන්න විතරයි. ඕන නම් කෙනෙක්ට බටහිර රටවල සංවර්ධනය බොරුවක් එහෙම දෙයක් නෑ කියලා ඔප්පු කරන්න පුළුවන්. ඒත් ඇති වැඩේ මොකක්ද?

      ඔය විදේශ ණය ගැන කියනවා නම් "The United States has the largest external debt in the world; total 7.2 trillion held by foreign countries, Japan and Mainland China held the greatest portions while United States owes money to many countries, including Japan, mainland China, the U.K., Ireland, Luxembourg, Brazil, Switzerland and Belgium, among others.

      In 2020, the United States had a total public national debt of 26.95 trillion U.S. dollars, an amount that has been rising steadily, particularly since 2008."

      Ref: https://www.statista.com/statistics/246420/major-foreign-holders-of-us-treasury-debt/

      ඊළඟට රුපියල් අධි ප්‍රමාණය නිසා ලංකාවේ GDP එක වැඩිකරල කියනවා නම් මෙහෙම බලමු.

      ලංකාවේ විනිමය අනුපාතයට සාපේක්ෂව ඉන්දියාවේ චීනයේ බංග්ලාදේශ ඇතුළු හැම රටකම වගේ විනිමය අනුපාත ඕවරෝල් ගත්තාම ඉහළ ගිහින් තියෙනවා. ඉන්දීය රුපියල් මීට දශක දෙකකට කලින් ලංකාවේ රුපියලට ආසන්න උනත් දැන් ලංකාවේ රුපියල් තුනකට කිට්ටු වෙලා. ඒත් ලංකාව හා ඉන්දියාව අතර වෙළඳ පරතරය මෙච්චර ගිවිසුම් ගහලත් මොකක්ද වෙලා තියෙන්නේ? චීනය, බංග්ලාදේශය උනත් එහෙමයි. ඒ හැම රටකම ලංකාවට සාපේක්ෂව අගය ඉහළ ගිහින්. ඒ හැම රටකම ලංකාවට සමාන්තරව පහුගිය දශක දෙක හමාර පුරා වේගයෙන් ආර්ථිකය දියුණු වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ රටවල් දියුණු වෙනවා නම් ලංකාවේ ආර්ථිකයත් ඊට සමාන්තරව දියුණු කළ හැකි බව පේනවා. නමුත් දේශපාලන කෝණ වලින් බලපුවාම මේක අවුල් වගේ පේනවා ඇති. අපට පක්ෂ පාට අදාල නෑ කවුරු උනත් කමක් නෑ. රනිල්, රාජපක්ෂ පවුල, සජිත්, අනුර කුමාර හරි ඕන කෙනෙක් පොතේ ගුරු වාදය අතහැර මොනව හරි නිර්භිත සහ නිර්මාණාත්මකව තීන්දු තීරණ අරන් ලංකාවේ ආර්ථිකය මෙතනින් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් නම් හොඳයි. එච්චරයි. වාද බයිලා තේරුමක් නෑ බලන් ඉමු මොකද වෙන්නේ කියල.

      Delete
    15. පොතේ ගුරුවාදය අතැරලා මලපොතෙත් නැති තියරි වලින් පෙන්නපු සන්වර්දනේ තම්‍යි ඉතින් ඔය පේන්නෙ.

      Delete
    16. @ Ano 2:38 AM

      ඔවු ඔබ පැවසූ අදහස් නිවැරැදියි, ඩුබායි එක්ස්පෝ එක වැනි වෙළඳ ප්‍රදර්ශන් තුලින් ලෝකයේ විවිධ රටවල් වල ප්‍රදර්ශන කුටි තුලින් එම රටවල මනා සංවිධානාත්මක භාවය සහ විශිෂ්ට අපනයන සහ සංවර්ධන සලසුම් ගැන ගොඩක් දේවල් දැකගත හැකියි. ඒ වගේම දේශපාලන කෝණ වලට වහල් වීම නිසා හැම දෙයක්ම දෙස සෘණාත්මකව නොබලා ධනාත්මකව ලෝකය දෙස බැලීමත් ඉතාමත් වැදගත්. වැහෙන දොරවල් දිහා බල බල හූල්ලමින් වැලපීම ඉතාමත් විසුළු සහගත දෙයක් බව ඇත්ත කියා මටත් වැටහෙනව, හැමදාම එකම ක්‍රමේට ගතානුගතික, පොතින් පිට විසඳුම් හොයන්න තේරේන්නේ නැති එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. නමුත් ඔය වගේ පණ්ඩිතයින් හැම දේකම ඇද දකින එක ලොව පුරා හැමදාමත් සිදුවුණා.

      උදාහරණයක් ලෙස වාශ්ප එන්ජිම, දුම්‍ රිය, පෙට්‍රල්/ඩීසල් වාහන වගේ මුලින්ම හදපු කාලවල යුරෝපයේ සහ ඇමරිකාවේ ඒවාට හිනාවෙච්ච අය විහිළු කාටුන් ඇඳපු අය සෑහෙන හිටියා. අලුත් දේවල් වෙනස් දේවල් නිසා බය උපදිනවා. නමුත් වෙනස් දේ කරන අය නිසා තමයි ලෝකය ලස්සන වෙන්නේ. අපි ධනාත්මක යැයි සිතන විට අපට ඉදිරියට යාමට බොහෝ ක්‍රම සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, අපගේ උත්සාහයෙන් සහ උපකාරයෙන් අනාගතය පසුව දියුණු වනු ඇතැයි අපට සිතිය හැකිය. අපට සහ අප අවට සිටින අයට වඩා හොඳින් දැනීම සහ ක්‍රියා කිරීම නිසැකවම අපගේ නිර්මාණශීලිත්වය ඉහළ නංවනු ඇත ” යනුවෙන් වෛද්‍ය කැස්ටිලෝ අයුසෝ පැවසුවා. ඒ වගෙම අපි විනාශකාරී ලෙස සර්ව අසුභවාදීව සිතන විට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවන බවත් ඔහු ඇතුළු බොහෝ දෙනෙක් පවසනවා.

      නැවතත් මාතෘකාවට ආවොත් ලංකාවේ අපනයන ප්‍රශ්නය අල්ලා ගත යුත්තේ ලෝක මට්ටමින් ලංකාවට තරගකාරීත්වය නොමැතිවීම පැත්තෙන්. අපි මිලෙන් සහ ගුණාත්මක බවෙන් තරග නොකරන තාක් අපනයනවලින් ඉදිරියට ගමන් කළ නොහැකියි.

      මේ නිසා නවීන ලෝකයේ සැපයුම් ජාලා (Supply Chain) ක්‍රියාත්මක වන ආකාරය අනුව අපනයනය සඳහා ආනයන අවශ්‍ය බව තේරුම් ගැනීමත් වැදගත්. ආනයන නොමැතිව අපනයන කිරීමට උත්සාහ කිරීම ආනයන සහ අපනයන යන දෙඅංශයම කඩා වැටීමේ අවදානමක්. එම නිසා රට තුලට පිටින් එන ආනයන තරගකාරී කිරීම අපනයන තරගකාරී කිරීමේම කොටසක්.

      ගෝලීය නිදහස් වෙළඳ ආර්ථිඅක ක්‍රමයක් තුළ ලෝකයේ දැන් තිබෙන වඩාත් සාර්ථකම ක්‍රමවේදය නම් ඕනෑම සරළ භාණ්ඩයක් වුවත් නිපදවන්නේ කොටස් හා උපාංග විශාල ප්‍රමාණයකින් Parts and Components - නිසා සරල භාණ්ඩයක් වුවද නිෂ්පාදනයට රටවල් 20ක් 30ක දායක වනවා. විවිධ රටවල් එකම නිර්මිත භාණ්ඩයේ විවිධ කොටස් ආනයනය සහ අපනයනය කරමින් තමයි කොටස් වශයෙන් සහ ෆයිනල් ඇසෙම්බ්ලි එකකින් භාණ්ඩ නිපදවන්නේ. මේ දවස්වල නිවසේ ඇති ඕනෑම සරල භාණ්ඩයක් පිලිබඳව සිතුවහොත් ලෝකයේ රටවල් කීයක් එම භාණ්ඩයට නිෂ්පාදනයට දායක් වී ඇත්දයි අවබෝධ කර ගත හැකියි. ඇපල් අයිෆෝන් එක මීට හොඳ උදාහරනයක්.

      ලෝකයේ ඉදිරි වසර කීපය තුල වාහන නිශ්පාඅදනය සහ ප්‍රවාහනය දැවැන්ත වෙනසක් වෙනවා. සම්ප්‍රදායික වාහන වෙනුවට ඔටෝමේටෑඩ් ස්වයංක්‍රීය වාහන පද්ධති වගේ දේවල් සමග මෘදුකාංග සහ අධිතාක්ෂ්ණික කොටස් ප්‍රමාණය වැඩි වෙනවා. හයිඩ්‍රජන් ෆුඅල් සෙල් මෙන්ම සූර්ය සහ සුළං බලාගාර, අලුත් බැටරි සහ එනජි ස්ටෝරෙජ් පද්ධති මේ වගේ විශාල වෙනස්කම් රැසක් සමග සම්බන්ධ වීමට අවශ්‍ය ස්ට්‍රැටජික් සැලසුම් රජයේ මැදිහත්වීමෙන් ඇරඹිය යුතුයි. මගේත් අදහස මේ ප්‍රශ්නයට විසඳුම නම් ලංකාව ලෝකය සමග තිබෙන සැපයුම් ජාලවලට සම්බන්ධ වී එහි කොටසක් අත්පත් කර ගැනීමයි. ඒ වගේම ඔබේ ඊමේල් හෝ සම්බන්ධ කරගත හැකි කන්ටැක්ට් ඩීටේල් තියේනම් දෙන්න. ඔබ වැනි මිතුරන් හඳුනාගැනීම සතුටක්.

      Delete
    17. ඩොලර් බිලියන වලින් ලංකාවේ දදේනි:

      2018 - 87.9
      2019- 84.0
      2020 - 80.7
      2021 පළමු මාස 6 - 38.7

      සාමාන්‍යයෙන් ලංකාවේ දදේනියෙන් 53%ක් පමණ එන්නේ දෙවන අර්ධය තුළ. පළමු අර්ධය තුළ එන්නේ 47% පමණ. මේ පදනම මත 2021 දදේනි ඩොලර් බිලියන 82.3ක් පමණ විය යුතුයි. තෙවන කාර්තුව තුළ රට වසා තැබූ නිසා මේ ඇස්තමේන්තුව මීට වඩා අඩු විය හැකියි. අපි දැනට මේ ගණන ගනිමු. ඩොලර් බිලියන 82.3 වසර 8කින් ඩොලර් බිලියන 300ක් වීම සඳහා වසරකට 17.5%ක වර්ධනයක් අවශ්‍යයි. ඇමරිකාවේ උද්ධමනය නිසා ඩොලරයේ මූර්ත අගය වසරකට 2%කින් පමණ අඩු වන නිසා මේ ඉලක්කයට යන්න ලංකාවේ (නාමික දදේනි වර්ධනය - විණිමය අනුපාතය අවප්‍රමාණය වීම) වසරකට 15.5%ක් විය යුතුයි. උද්ධමනය 6% මට්ටමේ තියා ගන්න අවශ්‍යනම්, (මූර්ත දදේනි වර්ධනය - විණිමය අනුපාතය අවප්‍රමාණය වීම) වසරකට 11.5%ක් විය යුතුයි. අවුරුදු 8ක්ම එක දිගට ඩොලරය රුපියල් 200 මට්ටමේම තියා ගත්තත්, ලංකාවට 2022-2030 අතර 11.5%ක සාමාන්‍ය ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. එමෙන්ම අවුරුදු 8ක්ම ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා ගැනීම කිසිසේත්ම කළ නොහැකි දෙයක්. මේ ඉලක්කයට යා හැකි තවත් එක් ආකාරයක් වන්නේ උද්ධමනය 6% ඉලක්කය ඉක්මවා සැලකිය යුතු ලෙස ඉහළ යාමට ඉඩ හරින අතර ඩොලරයේ මිල නාමිකව පහළින් තබා ගැනීමයි. උදාහරණයක් ලෙස දදේනි මූර්ත වර්ධනය 5.5%ක්, උද්ධමනය 15%ක් හා ඩොලරයේ මිල ඉහළ යාම වසරකට 5%ක් පමණක් වුවහොත් 5.5 + 15 - 5 = 15.5% හදා ගත හැකියි. එහෙත්, මේ ආකාරයෙන් උද්ධමනය හා ගැලපෙන පරිදි ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ නොදුන්නොත් අපනයන අංශය කඩා වැටී ආර්ථික වර්ධනය අඩාල වන නිසා මෙයද කළ නොහැකියි.

      Delete
    18. ඕකෙ හොඳම කෑල්ල ඒක නෙමෙයි. දැන් තියෙන ඩොලර් බිලියන 80 තියාගන්නවත් ප්‍රමාණවත් තරම් ඩොලර් නැතිව ඉන්න එක තමයි ආතල්ම කෑල්ල

      Delete
    19. හිතවත් ඉකොනොමැට්ටා,

      මා ඔබේ අදහස් වලට ගරු කරනවා, ඔබව විවේචනය කරනවා කියලා හිතන්න එපා. නමුත් ඔබ මෙහිදී කර තිබෙන්නේ සරල ගණිතය ඇසුරින් ලංකාවේ ආර්ථිකය කවදාවත් ගොඩ ගන්න බෑ සදා සොත්ථි කියන ඔබේ පූර්ව නිගමනයේම එල්බ සිටීමයි. නමුත් ලංකාවේ වර්තමාන ආර්ථික ව්‍යසනය හඬගා කියන්නේ සවිමත් ප්‍රතිපත්ති සහිත සැලසුම් රාමුවක කඩිනම් අවශ්‍යතාවයි. එසේ කිරීම වඩාත් යුක්ති සහගත වන්නේ ඔබ ඇතුළු පිරිස පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි (EFF) සහාය ඇතිව හෝ කබ්‍රාල් ඇතුළු පිරිසගේ ක්‍රමයට එය නැතිව හෝ මෙම මැක්‍රො ලෙවෙල් එකේ සාර්ව ආර්ථික අසමතුලිත බව දුරුකර ගත යුතු නිසා.

      දැන් ඔබ මෙහි කියනවානේ ලන්කාවේ ආර්ථිකය කවදාවත් 11.5% ක වර්ධනයක් ලබා ගත නොහැකි බව. එතකොට 2001 දී ඩොලර් බිලියන 15 ක් පමණ වූ ලංකාවේ ආර්ථිකය 2010 වන විට බිලියන 57 පමණ දක්වා වර්ධනය වූයේ කෙසේද?

      තවත් කාරණයක්, 2020 වසරේ මුළු මහත් ගෝලීය ආර්ථිකයම -3.3% කින් හැකිලී යද්දී දකුණු ඇමරිකානු රාජ්‍යක් වන ගයනාව 43.48% ක වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මේක බලන්න;

      https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.KD.ZG?name_desc=false&locations=GY

      මීට අමතරව දකුණු ආසියාවේම අපට වඩා අති විශාල ජනගහනයක්, අපට වඩා ස්වභාවික විපත් වැඩි, සාපේක්ෂව දුර්වල අධ්‍යාපන/ සෞඛ්ය සහ යටිතල පහසුකම් ඇති බංග්ලාදේශය නොකඩවා 8% ට වැඩි ආර්ථික වර්ධනයක් පවත්වාගෙන තියෙනවා. ඉදිරියේ ලංකාවේ 1000 MW එල්.එන්.ජී. බලාගාරය සහ 1000MW සුලං/ සූර්ය බලාගර, යාපනය නුවර කුරුණෑගල අධිවේගී මාර්ග සහ අන්තර්ජාල පහසුකම්/ කර්මාන්තපුර/ පෝට්සිටි/ ඇතුලු ව්‍යාපෘති ගොඩක් ඉදිවෙනවා, මේ ගැන පොසිටිවු ලෙස දැකිය නොහැකිද?

      තව උදාඅහරණයක් කියන්නම්. හිතන්න ඔබ කුඩා පාසැල් සිසුවෙක් කියා. ඔබ දැන් පන්තියේ 34 වන ස්ථානය ලබාගෙන තියෙනවා. එවිට මම ඔබට යෝජනා කරන්නේ අපි උත්සාහ කරමෞ, හරි සැලැස්මකට මහන්සි වී ටාගට් එකකට කාර්යක්ෂමව කාලය මැනේජ් කරගෙන වැඩ කරොත් අනිවාර්යයෙන්ම ලබන සැරේ පන්තියේ තුන් වන ස්ථානය ලබාගත හැකි බවයි. ඔබට මෙවර ගණිතයට ලකුණු 25, විද්‍යාවට 31, සින්හල වලට 61 ක් තියෙනවා. නමුත් 3 වෙනියා වෙන්න නම් අඩුම ගානේ හැම එකකටම ලකුණු 85 ක් වත් ගන්න වෙනවා. ඔබ හිතනවා මේක වැඩි කරගන්න බැරි බවත් 5% විතරක් වැඩිකරගෙන 33 වෙනියා වෙන්න විතරයි පුළුවන් කියලා.

      දැන් මේ උඩ ඔබට හූමිටි තබමින් පිට කසන්නෙක් වන එහෙන් මෙහෙන් ඇහින්දාස් හූමිටි ඇනෝ වගේ අය කියනවා අනිවා ඩෙෆා අනේද කියන්නේ ඕක තව ඕනෙනම් ලකුණු එකක් දෙකක් වැඩි කරගනී එච්චරයි, ආ ඔහොම යං ඔහොම යං කියලා.

      නමුත් මම කියන්නේ මේකට මීට වඩා නිර්මානශීලී ලෙස වෙනස් විසඳුම් හොයාගන්න පුලුවන්, අපි කොහොම හරි 85 ට යනවා, එහෙම ගියපු වෙනත් අය ගැන මෝටිවේශනල් කතා කියලා ඔබව උනන්දු කරනවා. අපි අලුත්ම ක්‍රම, අමතරව ඉගැන්වීමට සම්පත් දායකයින් හොයාගෙන වැඩේ ගොඩ දාගෙන ගියොත් අඩුම තරමින් පන්තියේ විසි වෙනිය වත් වෙන්න පුළුවන්, නැත්නම් නවතින්නේ 35 - 36 වෙලා, පහුගිය අවුරුදු කීපය තුළ ලංකාව පසුකර දකුණු ආසියාවේ බංග්ලාදේශය, මාලදිවයින, ඉන්දියාව විතරක් නෙවෙයි නේපාලය පවා ව්‍යාපාර ආයෝජන පැත්තෙන් ඉහළට ගිහින් තියෙනවා, අපි තවත් මේක හකුලන්න නෙවෙයි, මම කියන්නේ අපි ආයෙ උත්සාහ කරල බලමු, අඩුම ගානේ 150 $ඹ් මාට්ටමට වත් යන්න පුළුවන් වෙන්නේ උත්සාහ කරොත් විතරයි නැතුව බයේ හැන්ගෙන එකෙන් නෙවේ. ආයෝජන සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් අනුව බය නැතුව තීරණ ගෙන ඒවා අවංක්ව ක්‍රියාත්මක කිරීමේන් අසාර්ථකත්වයට වඩා සාර්ථක වීමේ හැකියාව වැඩියි. ඒ නිසා අපි බය නැතුව ට්‍රයි කරල බලමු කියල මම කියන්නේ.

      Delete
    20. //නමුත් ඔබ මෙහිදී කර තිබෙන්නේ සරල ගණිතය ඇසුරින් ලංකාවේ ආර්ථිකය කවදාවත් ගොඩ ගන්න බෑ සදා සොත්ථි කියන ඔබේ පූර්ව නිගමනයේම එල්බ සිටීමයි.//

      එවැනි මතයක මම කවදාවත් ඉඳලා නැහැ. ලංකාවේ ආර්ථිකය කවුරුවත් ගොඩගන්න අවශ්‍ය නැහැ. කොහොමටත් එය ටිකෙන් ටික ගොඩ යනවා. එයට තිබෙන ප්‍රධානම බාධාව "ගොඩගන්න" කරන උත්සාහයන්ම තමයි. රටේ මිනිස්සුන්ට ආදායම් උපදවන්න තිබෙන බාධා ඉවත් වන තරමට මිනිසුන්ගේ ආදායම් ඉහළ යනවා. මිනිසුන්ගේ ආදායම් ඉහළ යන කොට රටේ දදේනි ඉහළ යනවා. 2030දී දදේනි ඩොලර් බිලියන 300ක් වෙනවා කියලා ප්‍රචාරය කළා කියලා එවැන්නක් වෙන්නේ නැහැ. මම අශුභවාදියෙක් (pessimist) නෙමෙයි. එහෙත් යථාර්ථවාදියෙක් (realist).

      //එතකොට 2001 දී ඩොලර් බිලියන 15 ක් පමණ වූ ලංකාවේ ආර්ථිකය 2010 වන විට බිලියන 57 පමණ දක්වා වර්ධනය වූයේ කෙසේද?//
      පහසුවෙන්ම පැහැදිලි කළ හැකි දෙයක්. මෙය පෙර ලිපි වල විස්තර කර තිබෙනවා. ප්‍රශ්නයක් නැහැ. නැවත පැහැදිලි කරන්නම්.

      2010 දදේනි - ඩොලර් බිලියන 56.7
      2001 දදේනි - ඩොලර් බිලියන 15.7

      ඔබ කියනවාක් මෙන් හතර ගුණයකට ආසන්නව, හරියටමනම් 3.62 ගුණයකින්, වැඩි වුනා. ඒ කියන්නේ වසරකට 13.7%ක වර්ධනයක්. මේක වුනේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ.

      පළමු හේතුව ඇමරිකාවේ උද්ධමනය නිසා ඩොලරය බාල්දු වීම. 2001 ඇමරිකන් ඩොලරයක් සමාන වෙන්නේ 2010 ඇමරිකන් ඩොලර් 123.13කට. ඒ අනුව, ඇමරිකාවේ උද්ධමනය අත හැරියොත් සිදු වී තිබෙන වර්ධනය 2.94 ගුණයක්. වසරකට 2.1% පමණ. හැබැයි ඇමරිකාවේ උද්ධමනය ඉදිරි කාලයේත් 2% මට්ටමේ තිබෙන නිසා මේ වාසිය ඉදිරියේදීත් ලැබෙනවා.

      දැන් මේ 2.1% අත හැරියාට පසුව වාර්ෂික වර්ධනය 11.6%ක්. එහෙත් ඔය කාලය තුළ ආර්ථිකය ඇත්තටම වර්ධනය වූ සාමාන්‍ය වේගය 5.2%ක් පමණයි. මෙය ලංකාව මෙතෙක් දිගුකාලීනව පවත්වාගෙන තිබෙන ආර්ථික වර්ධන වේගයට ආසන්නව සමානයි. (ටිකක් වැඩියි). මේ මට්ටමේ ආර්ථික වර්ධන වේගයක් දිගුකාලීනව පවත්වා ගැනීම අපහසු දෙයක් නෙමෙයි. (මීට වඩා තරමක් වැඩි කරගන්න වුනත් පුළුවන් වෙයි).

      දැන් ඉහත 11.6%න් මේ සැබෑ වර්ධනය වූ 5.2% අඩු කළ විට ඉතිරි 6.4% ආවේ කොහෙන්ද?

      ඔය කාලය තුළ ලංකාවේ උද්ධමනය වසරකට 10.9% පමණ මට්ටමක තිබුණා. නමුත් ඇමරිකාවේ උද්ධමනය තිබුණේ 2.1% මට්ටමේ. ඒ කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල වසරකට 8.8%කින් ඇත්තටම බාල්දු වෙලා. නමුත් ඩොලරයේ මිල එහි නියම මට්ටමට යන්න ඉඩ නොදුන් නිසා ඩොලරයේ මිල ඉහළ ගියේ වසරකට 2.4%කින් පමණයි. ඒ නිසා, ඩොලර් වලින් බැලූ විට (10.9 - 2.1 - 2.4 =) 6.4%ක අමතර වර්ධනයක් පේනවා. නමුත් මෙය දෘෂ්ඨි මායාවක් පමණයි.

      දැන් නැවතත් මේ කතාව සාරාංශගත කළොත්, සැබෑ වර්ධන වේගය 5.2% වුවත් රුපියල 10.9%කින් බාල්දු වූ නිසා රුපියල් වලින් නාමික වර්ධන වේගය 16.1%ක්. සැබෑ වර්ධනය බලා ගැනීමට මෙයින් උද්ධමන කොටස ඉවත් කළ යුතුයි. ඩොලර් වලින් අගය වැඩි වීම බලන්න ඇමරිකාවේ උද්ධමනය එකතු කළ යුතුයි. එවිට, දදේනි ඩොලර් අගය වසරකට 5.2+2.1 = 7.3%කින් ඇත්තටම ඉහළ යා යුතුයි. මේ අනුව, 2015 ලංකාවේ දදේනි ක්‍රය ශක්ති සාම්‍ය මූර්ත (2001) ඩොලර් වලින් ඇත්තටම බිලියන 31.7ක් විය යුතුයි. එය ඩොලර් බිලියන 56.7ක් සේ පෙනීම ඩොලරයේ මිල ඊට වඩා පහළින් තියා ගැනීම නිසා පෙනෙන මායාවක්.

      ඩොලරය මේ විදිහට පහළින් තියා ගන්නනම් කොහෙන් හෝ රටට ඩොලර් පැමිණිය යුතුයි. උදාහරණයක් ලෙස විදේශ ශ්‍රමිකයන් විසින් විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එවනවා. සුනාමිය වැනි අවස්ථා වල ඩොලර් විශාල ලෙස රටට ආවා. රාජ්‍ය දේපොළ විකුණලා ඩොලර් හොයා ගන්නත් පුළුවන්. එවැනි ක්‍රම වලින් රටට එන ඩොලර් ආපහු ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, එම ඩොලර් යොදාගෙන විණිමය අනුපාතය පහළින් තියා ගත්තත්, ඒ නිසා ආනයන අපනයන පරතරය වැඩි වීමේ අවාසිය මග හැරෙනවා.

      මේ ක්‍රමය අර්බුදයට යන්නේ ණය අරගෙන ඩොලරය පහළින් තබා ගන්න පටන් ගැනීමත් සමඟයි. එම ඩොලර් ආපසු ගෙවිය යුතුයි. මේ විදිහට ණය වල උදවුවෙන් ඩොලරය පහළින් තියා ගැනීම නිසා සිදු වූ විනාශයට තමයි මේ වෙද්දී ලංකාව වන්දී ගෙවමින් ඉන්නේ. ඩොලරය එහි නියම මිලට වඩා අඩු වූ විට ආනයන විශාල ලෙස ඉහළ යනවා. අපනයන කර්මාන්ත කඩා වැටෙනවා. රට තුළ ඩොලර් හිඟයක් ඇති වෙනවා.

      ඩොලරය මේ විදිහට දිගින් දිගටම පහළින් තියා ගන්නනම් ඩොලර් වලින් ණය අරගෙන වෙළඳපොළට එම ඩොලර් මුදා හැරිය යුතුයි. ණය ගන්නේ රජයද නැද්ද කියන එක අදාළ නැහැ. මේ විදිහට ණය වලින් ඩොලරය පහළින් තියා ගැනීම හැමදාම කළ හැකි දෙයක් නෙමෙයි.

      Delete
    21. //ඔබ ඇතුළු පිරිස පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි (EFF) සහාය ඇතිව හෝ කබ්‍රාල් ඇතුළු පිරිසගේ ක්‍රමයට එය නැතිව හෝ මෙම මැක්‍රො ලෙවෙල් එකේ සාර්ව ආර්ථික අසමතුලිත බව දුරුකර ගත යුතු නිසා.//

      මම ඔබ කියන ආකාරයේ "පිරිසක්" නියෝජනය කරන අයෙක් නෙමෙයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි (EFF) සහාය ගත යුතුමයි කියා මම කියලත් නැහැ. IMF ගියත් නැතත් සාර්ව ආර්ථික අසමතුලිත බව දුරුකර ගැනීමයි කළ යුත්තේ. විණිමය අනුපාතය එකතැන තියාගෙන එය කරන්න බැහැ. අයවැය හිඟය අඩු නොකර එය කරන්නත් බැහැ. සාර්ව ආර්ථික අසමතුලිත බව දුරුකර ගැනීමට අවශ්‍යනම් අයවැය හිඟය අනිවාර්යයෙන්ම අඩු කරගත යුතුයි. විණිමය අනුපාතය නිවැරදි වීමට ඉඩ හැරිය යුතුයි.

      Delete
    22. //තවත් කාරණයක්, 2020 වසරේ මුළු මහත් ගෝලීය ආර්ථිකයම -3.3% කින් හැකිලී යද්දී දකුණු ඇමරිකානු රාජ්‍යක් වන ගයනාව 43.48% ක වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. //

      එය සිදු වුනේ කොහොමද කියලා ඔබ දන්නේ නැද්ද? දැනගෙන ඒ ගැන සඳහන් නොකර ඉන්නවද?

      2019දී ගයනාවේ දදේනි 2012 මූර්ත ගයනා ඩොලර් වලින් බිලියන 1,044ක්. එයින් බිලියන 20ක් එනම් 1.9%ක් පමණක් එකතු වුනේ තෙල් වලින්. එහෙත්, 2020දී ගයනාවේ තෙල් කැනීම් සාර්ථක වීම නිසා තෙල් නිෂ්පාදන ආදායම 2012 මූර්ත ගයනා ඩොලර් වලින් බිලියන 20 සිට බිලියන 549 දක්වා 2603%කින් එකවර ඉහළ ගියා. තෙල් කොටස ඉවත් කළොත් ගයනාවේ අනෙකුත් හැම අංශයක්ම 2020 වසරේදී 7.3%කින් හැකිළුනා. සමස්තයක් ලෙස දදේනි 43.48% කින් ඉහළ ගියේ මෙසේ තෙල් හමු වීම නිසා. එය අහම්බයක්. ලංකාවේ පේසාලේ තෙල් හමු වුනොත් ලංකාවේ දදේනිත් එකවර විශාල ලෙස ඉහළ යා හැකියි. හැබැයි එවැනි වර්ධනයක් සිදු විය හැක්කේ වසරක හෝ දෙකක කෙටි කාලයකට පමණයි. ගයනාවේ ඉහළ වර්ධනය වැඩිම වුනොත් තව වසර දෙකක් එලෙස තියෙයි.

      Delete
    23. ඉකොනො,

      ඔබ පවසන දේ පැහැදිලියි, ඕක ඔබේ කලින් පෝස්ට් එකේත් කියපු දේ, ඒ ගැන ගැටළුවක් නෑ. ඔබ මේ ගැන ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය මතයට වෙනස්ව වෙනත් කෝණයකින් යථාර්ථවාදී විමර්ශනයක යෙදීම ගැන ඔබට ස්තුතියි. ඒ වගේම ඉහත ඇනෝ සහ අපි කියන්නේ ඇත්තටම ලංකාවේ වෙලා තියෙන්නේ පිටරටවල සිට විශාල වශයෙන් විදේශ විනිමය (ඩොලර්) රට ඇතුලට ගලා ඒම සහ රුපියලේ අගය කෘතිමව රජයේ සංචිත වලින් වෙළඳ පොලට නිකුත් කරනු ලබන ඩොලර් සැපයුම් මගින් ඉහළ නැංවීම මගින් ලංකාවේ ආර්ථිකය මායාවක් ලෙස විශාල කර පෙන්වීමට හැකි බවයි. ඉතින් අපි ඒ දේ පිළිගෙන තිබුණේ. අපි කියන්නේ ඒ දේම ණය ගන්නේ නැතුව වෙනත් ක්‍රම වලින් කළ හැකි බව.

      එනම් අවශ්‍ය වන්නේ රටට විදේශ විනිමය වැඩිපුර උපයන එක සහ රුපියලේ අගය ඉහළ තබා ගන්න එක නේ. ඉතින් ඕක ණය ගන්නේ නැතුව සහ කෘතිම ලෙස ඩොලර් නාස්ති නොකර එයම කරන්නට අවශ්‍ය වෙනත් නිර්මාණශීලී ක්‍රමයක් හොයා ගන්න අවශ්‍ය බවයි.

      ලංකාවේ අපනයන හැකි තරම් වැඩි කර ගැනීම අවශ්‍යයි එක පැත්තකින්. අනෙක් කාරණය විශාල විදේශ ආයෝජනයන් ගෙන ඇවිත් ඒ හරහා ඩොලර් ලැබීම් වැඩි කර ගතයුතුයි. රජයේ කිසිම ප්‍රයෝජනයක් නොගෙන එකතැන පල්වෙන දේපල ඉඩම් සහ වෙනත් ස්වභාවික සහ මානව සම්පත් විශේෂයෙන් කොළඹ වටිනා ඉඩම් වල ඇති අකාර්යක්ෂම රජයේ පරිපාලන ගොඩනැගිලි හමුදා කඳවුරු ආදිය වඩා ව්‍යාපාරික වශයෙන් වටිනා කටයුතු වලට යොදාගෙන ඒවා සැලසුම් සහගතව විදේශ ආයෝජන සඳහා බදු දීම වැනි දේවල් වලින් රජයේ ආදායම වැඩි කරගන්න පුළුවන්.

      නිතර විශාල වශයෙන් fluctuate නොවී ඩොලර් සහ රුපියල් අනුපාතය යම් කිසි එක අගය පරාසයක ස්ථාවර කර ගන්න ඕන.

      අනෙක් පැත්තෙන් ඩොලර් සංචිත නාස්ති කරමින් රුපියල ස්ථාවර නොකර ඒ සඳහා මුදල් සැපයුම සීමා කර රජයේ අනවශ්‍ය වියදම්, නාස්ති, සහනාධාර කපා හැර රජයේ වියදම් හැකි පමණින් අඩු කළ යුතුයි. ආදායම් වැඩි කර ගත යුත්තේ මුදල් සැපයීම තුලින් නොවේ.

      මේක තමයි මූලික ෆ්‍රේම් වර්ක් එක. මේ අරමුණු ඉටු කරගන්න අවශ්‍ වෙනස් ආරක වැඩ පිළිවෙලක් සැලසුම් කළ යුතුයි. මේකෙදි රජයේ මැදිහත්වවීම අවම වන හැකි පමණින් පුද්ගලික අංශයේ ව්‍යවසාය කෙරේ විශ්වාසය තබා රජය මූලික පහසුකම් සැපයීම සහ අවශ්‍ය නීතිමය පදනම සකස් කර දිය යුතුයි. ඔය වගේ ණය නොවී වෙන ක්‍රමයකට ඔය දේම කරන්න බැරිද?

      රුපියල ස්ථාවර කිරීම මගින් දේශීය වෙළඳ පොළට භාණ්ඩ හා සේවා සපයන සමාගම්, කොටස් වෙළඳපළ වෙත විදෙස් ආයෝජන ලේසියෙන්ම ගෙන්වා ගැනීමට පුළුවන්. නමුත් රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙනවා නම් විදේශ ආයෝජකයන්ට පාඩු නිසා ඒ අය ආයෝජන කරන්නේ නෑ නේ. මේක ඔබට පැහැදිලි නේද? (සමහර වෙලාවට මම හිතන දේ හරියටම සන්නිවේදනය නොවන නිසා අප අතර මතභේදයට හේතු වෙන්න ඇති.)

      Delete
    24. //ඉතින් ඕක ණය ගන්නේ නැතුව සහ කෘතිම ලෙස ඩොලර් නාස්ති නොකර එයම කරන්නට අවශ්‍ය වෙනත් නිර්මාණශීලී ක්‍රමයක් හොයා ගන්න අවශ්‍ය බවයි.//

      මේක "කෝවිඩ් වලට දේශීය ප්‍රතිකාරයක් සොයා ගත යුතුයි" කියනවා වගේ කතාවක්නේ. wishful thinking පමණයි. ඔය වගේ "හොයා ගත්ත" ක්‍රම කීයක් අපි පහුගිය කාලයේ දැක්කද? දැන් කරන 100% කාබනික ගොවිතැන් ක්‍රමයත් ඔය වගේ එකක්නේ. ක්‍රමය කිවුවට පස්සේ අදහස් දක්වන්නම්.

      //ලංකාවේ අපනයන හැකි තරම් වැඩි කර ගැනීම අවශ්‍යයි එක පැත්තකින්.//

      විණිමය අනුපාතය නියම මට්ටමට පහළින් තබාගෙන සිටින තුරු අපනයන අඩු වනු මිස වැඩි නොවන බව මූලික මට්ටමේ න්‍යායාත්මක කරුණක්. රාජපක්ෂ දශකය තුළ වෙළඳ ශේෂයට සිදු වූ දෙය පරීක්ෂා කළ විට මෙය න්‍යායාත්මක කරුණක් පමණක් නොව ඇහැට පේන ප්‍රායෝගික කරුණක් බව ඉතාම පැහැදිලියි. ඩොලරයේ මිල පහළින් තබා ගැනීමත්, වෙළඳ ශේෂය අඩු කර ගැනීමත් යන දෙකම කිසිසේත්ම එකවර ළඟා කරගත නොහැකි ඉලක්ක දෙකක්.

      //අනෙක් කාරණය විශාල විදේශ ආයෝජනයන් ගෙන ඇවිත් ඒ හරහා ඩොලර් ලැබීම් වැඩි කර ගතයුතුයි.//
      මෙය මෙතෙක් හැම ආණ්ඩුවක්ම උත්සාහ කළ දෙයක්. කවදාවත් කියපු විදිහට වැඩේ වුනේනම් නැහැ. කමක් නැහැ. අපි අශුභවාදී නොවී සෘජු විදේශ ආයෝජනයන් ගෙන්වා ගත්තා කියා කියමු. එය ඉලක්ක කළ යුතු දෙයක්. ඒ වගේම එයින් ආර්ථික වර්ධනයට සාධනීය බලපෑමක් වෙනවා. හැබැයි මෙහිදී අමතක නොකළ යුතු දෙය වන්නේ ආයෝජකයෙක් හැම විටම රටට ඩොලර් ගේන්නේ එහි ප්‍රතිලාභ ඩොලර් වලින්ම ආපසු ගෙනියන්න බලාගෙන බවයි. ඒ නිසා, සෘජු ආයෝජන ලෙස ඩොලරයක් රටට එන හැම විටම ඩොලරයකට වැඩි මුදලක් ආපසු යන යාන්ත්‍රණයක් හැදෙනවා. ඇඟලුම් වැනි අපනයන කර්මාන්ත සඳහා ආයෝජන ගෙන්වා ගැනීමෙන් මෙම අවාසිය මග හරවා ගත හැකි වුවත් යටිතල පහසුකම් ආදිය වෙනුවෙන් ආයෝජනය කිරීමේදී වෙන්නේ එහි අනෙක් පැත්තයි.

      //රජයේ කිසිම ප්‍රයෝජනයක් නොගෙන එකතැන පල්වෙන දේපල ඉඩම් සහ වෙනත් ස්වභාවික සහ මානව සම්පත් විශේෂයෙන් කොළඹ වටිනා ඉඩම් වල ඇති අකාර්යක්ෂම රජයේ පරිපාලන ගොඩනැගිලි හමුදා කඳවුරු ආදිය වඩා ව්‍යාපාරික වශයෙන් වටිනා කටයුතු වලට යොදාගෙන ඒවා සැලසුම් සහගතව විදේශ ආයෝජන සඳහා බදු දීම වැනි දේවල් වලින් රජයේ ආදායම වැඩි කරගන්න පුළුවන්.//

      මේ මගින් ආපසු නොයන ඩොලර් හොයා ගන්න පුළුවන්.

      //නිතර විශාල වශයෙන් fluctuate නොවී ඩොලර් සහ රුපියල් අනුපාතය යම් කිසි එක අගය පරාසයක ස්ථාවර කර ගන්න ඕන.//

      ඩොලරයේ මිල ස්ථාවර කළ යුතුනම් ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනය වන 2% මට්ටමේ තබා ගත යුතුයි. ඒ සඳහා මුදල් සැපයුම සීමා කළ යුතුයි. එය කරන්නටනම් අයවැය හිඟය විශාල ලෙස අඩු විය යුතුයි. රජයේ ආදායමෙන් 70%ක් පමණ පොලී ගෙවීම සඳහා වැය වන තවත් එවැනිම ප්‍රතිශතයක් රාජ්‍ය සේවක වැටුප් සඳහා යන පවතින යථාර්තය තුළ කෙටිකාලීනව අයවැය හිඟය ලොකුවට අඩු කළ නොහැකියි. එය දිගුකාලීනව කිරීමට විශාල මූල්‍ය විනයක් අවශ්‍යයි.

      //අනෙක් පැත්තෙන් ඩොලර් සංචිත නාස්ති කරමින් රුපියල ස්ථාවර නොකර ඒ සඳහා මුදල් සැපයුම සීමා කර රජයේ අනවශ්‍ය වියදම්, නාස්ති, සහනාධාර කපා හැර රජයේ වියදම් හැකි පමණින් අඩු කළ යුතුයි. ආදායම් වැඩි කර ගත යුත්තේ මුදල් සැපයීම තුලින් නොවේ.//

      මේ කොටසට එකඟයි. ඉතා පැහැදිලි කරුණක්.

      //රුපියල ස්ථාවර කිරීම මගින් දේශීය වෙළඳ පොළට භාණ්ඩ හා සේවා සපයන සමාගම්, කොටස් වෙළඳපළ වෙත විදෙස් ආයෝජන ලේසියෙන්ම ගෙන්වා ගැනීමට පුළුවන්. නමුත් රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙනවා නම් විදේශ ආයෝජකයන්ට පාඩු නිසා ඒ අය ආයෝජන කරන්නේ නෑ නේ.//

      මම කලිනුත් කිවුවා වගේ රුපියල ස්ථාවර කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. වැරැද්ද කරන ක්‍රමයේ. ශක්තිමත් කළ යුත්තේ රුපියලේ සැබෑ අගයයි.

      ඔය හැම දෙයක්ම හරියටම කළා කියමුකෝ. ඔය ඔක්කොම කළත් ඉදිරි වසර 5ක පමණ කාලය තුළ ණය හා පොලී ලෙස ඩොලර් බිලියන 25ක් පමණ ගෙවිය යුතුයි නේද? ඒ ටිකත් ගෙවලා රුපියල ස්ථාවරව තියා ගැනීම වෙනුවෙන් වැය කළ හැකි තරම් ඩොලර් ප්‍රමාණයක් ඔය ක්‍රම වලින් උපයා ගත හැකි වෙයි කියා ඔබ හිතනවද?

      Delete
    25. ඉකොනො,

      //ඔය හැම දෙයක්ම හරියටම කළා කියමුකෝ. ඔය ඔක්කොම කළත් ඉදිරි වසර 5ක පමණ කාලය තුළ ණය හා පොලී ලෙස ඩොලර් බිලියන 25ක් පමණ ගෙවිය යුතුයි නේද? ඒ ටිකත් ගෙවලා රුපියල ස්ථාවරව තියා ගැනීම වෙනුවෙන් වැය කළ හැකි තරම් ඩොලර් ප්‍රමාණයක් ඔය ක්‍රම වලින් උපයා ගත හැකි වෙයි කියා ඔබ හිතනවද?//

      මේක විශාල අභියෝගයක් බව ඇත්තක් නමුත් ලංකාව මේ අභියෝගයට බය නැතුව අධිෂ්ඨානයෙන් සහ අරමුණු සහගතව නිසි පරිදි සැලසුම් සකස් කරගෙන මුහුණ දිය යුතුයි.

      දිගුකාලීන වශයෙන් ලංකාවේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ස්ථිරසාර මූල්‍ය කළමනාකරණයක් ගැන විශ්වාසය තැබිය යුතුයි. ලංකාවේ සමාජයීය සහ ආර්ථික ප්‍රමුඛතාවන් තුළ සිදුවන ආයෝජන දිරිගන්වන ආදායම්, සාධාරණ සහ වගකීම් සහගතව ඵලදායී ආකාරයට උත්පාදනය කරන බව සහ වැයකරන බවට සහතික වීම අවශ්‍යයි. මේක අමාරු වැඩක් බව ඇත්තක් ඒත් ඒ වෙනුවෙන් කැප විය යුතුයි.

      ලංකාවේ අඩු ආදායම් ලාභීන්ට නූතන තාක්ෂණය භාවිතා කොට නිසි ලෙස ඩිෆයින් කරපු නිර්ණායක ඔස්සේ, දුගී බවට හේතු හඳුනාගෙන අපේක්ෂිත සංවර්ධිත රටක තත්වය දක්වා දුප්පත්කම/ දුප්පත්කමේ ප්‍රතිශතය පහළ දැමීමට පිණිස ආයෝජන වෙන් කිරීම අවශ්‍යයි.

      ඊටත් වඩා ලංකාවේ මානව ප්‍රාග්ධන සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් පුද්ගලික අංශයේ ආයෝජන හරහා high quality ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනය ලබාදී, පාසල් අධ්‍යාපනය හමාර කරන ශිෂ්‍යයින්ගෙන් 10% රාජ්‍ය හා 50% පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන බවට සහතික වීමත්, තාක්ෂණික හා වෘත්තිමය පුහුණුව (TVET) brand කර ගුණාත්මකව ඉහළ දමා ශිෂ්‍යයින්ගෙන් 40% ඇතුලත් වීමට සහතික වීම. මේ අනුව නුපුහුණු ශ්‍රම බලකායට වැටෙන්නේ 10%ක ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. රොබෝ තාක්ෂණය සහ ඔටෝමේෂන් සහිත අනාගතයට මේ ඇති.

      හැකි තරම් නිර්දේශපාලනිකව සියලූ පුරවැසියන්ට සම අවස්ථා ලැබීම ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව කැප කිරීම් කරන්න ඕන. පුද්ගලික අංශයේ, ස්වයං රැකියා, ව්‍යවසායයන් ප්‍රවර්ධනය කිරීම, කෘෂිකාර්මික අංශය පරිණාමනයට ලක්කිරීම (ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම තුලින් ගෘහස්ත ආදායම ඉහළ නැංවීම, වසර පුරා ආරක්ෂාකාරී පෝෂ්‍යදායි ආහාර වේලක් සාධාරණ ලෙස පරිභෝජනය කිරීම සහ කෘෂිකර්මාන්තයේ කාන්තාව සවිබල ගැන්වීමද ඇතුලත්ව) සහ ආර්ථික සංවර්ධනයට කැප වීම.

      මේ වගේම ආර්ථිකයේ සියලූ අංශ ඇතුළත් තිරසාර ආර්ථික සංවර්ධනය - ශක්තිමත්, දිගු කාලීන සහ විනිවිද පෙනෙන ස්ථිර ආර්ථික වර්ධනයක් සඳහා අත්‍යාවශ්‍ය වන වාතාවරණයක් නිර්මාණය කිරීම හරහා ලංකාවේ ජීවන තත්වය සහ යහපැවැත්ම ඉහළ නැංවේවි.

      දැනට ලංකාවේ වාර්ෂික ජනගහන වැඩි වීම දළ වශයෙන් 192,000 ක් විතර. එයට අනුව වර්තමාන ආර්ථිකය තත්වය පවත්වාගෙන යාම සඳහා වසරකට අතිරේක රැකියා 62,800 ක් විතර උත්පාදනය කිරීම අත්‍යාවශ්‍යයි.

      (මූලාශ්‍රය: Jobless Growth, World Bank, 2018)

      ඒ වගේම ඕකන්ගේ නීතිය (Okun’s law) අනුව විරැකියා ප්‍රතිශතයේ සිදුවන සෑම 1%ක අඩුවීමකදීම, දළ දේශීය නිෂ්පාදනය 3%කින් ඉහළ යන බව අපේත් අදහසයි.

      රට පුරාම විරැකියාව අඩු කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමෙන් පුද්ගලික ව්‍යවසායයන් උත්පාදන සැලසුමක් බිහිකිරීම සහ එය ක්‍රියාවට නැංවීම. (මෙම වැඩසටහන මාසිකව අධීක්ෂණය කළ යුතු අතර, පුද්ගලික අංශයේ ආයෝජනවලට ආණ්ඩුව උපරිමයෙන් සහාය දැක්විය යුතුයි.)

      ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීම සඳහා බදු ප්‍රතිශතය සහ රාජ්‍ය ආදායමේ වෙනස්වීම වේගය අතර සම්බන්ධය ‘ලෆර් වක්‍රය’ මගින් දක්වයි. මෙමගින් බදු ආදායමේ ප්‍රත්‍යාස්ථතා සංකල්පය (බදු ප්‍රතිශතයේ වෙනස්වීම්වලට අනුව බදු ආදායම වෙනස් වන බව) පෙන්වා දෙයි.

      පහු ගිය කාලයේ 2020 ට කලින් ලංකාවේ පුද්ගලික ආයෝජන අඩු වීමට ප්‍රධානතම හේතුව මූලික වශයෙන් ලංකාවේ බදු ප්‍රතිශතයන් තරගකාරී රටවලට වඩා සෑහෙන්න ඉහළ අගයක් ගැනීම සහ ඒ අනුව ආයෝජන සිදුකිරීම අධෛර්යමත් වීමයි.

      මේ නිසා දැනට අඩු කරල තියෙන බදු ප්‍රතිශතයන් උපරිම ආදායම් උපරිමකරණ ලක්ෂ්‍යයේ පවත්වාගැනීම අත්‍යාවශ්‍ය වුවද එය සාධාරණ සහ අපක්ෂපාතී ලෙස සිදුවිය යුතුය. එනම් ප්‍රධාන වශයෙන්ම තරගකාරී රටවල් සමග සසඳමින් ලංකාවට හැකිතාක් දුරට උපරිම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා එය කළ යුතුය. එබැවින් උපරිම ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා බදු ප්‍රතිශතයක් ආදායම් උපරිම කරණ ලක්ෂයේ maximum point පවත්වාගැනීම අවශ්‍ය වේ.

      බදු සහ රේගු ප්‍රතිපත්තිවල වෙනස් කම් සිදුකිරීම මගින් ග්‍රීන්ෆීල්ඩ් හා බ්‍රවුන්ෆීල්ඩ් ක්‍රමයේ දේශීය සහ විදේශීය ඝෘජු ආයෝජන නැංවීම. එමඟින් ආර්ථික වර්ධනයද දිස්ත්‍රික්ක මට්ටටමේ රැකියා උත්පාදනයද, භාණ්ඩ හා සේවා අපනයනයද වර්ධනය වේ.

      දේශීය ආර්ථික වර්ධනය සඳහා ග්‍රීන්ෆීල්ඩ් (greenfield) සහ බ්‍රවුන්ෆීල්ඩ් (brownfield) ගණයේ දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ඉහළ නැංවීමට බදු සහ රේගු ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදුකිරීම, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනය සහ භාණ්ඩ හා සේවා අපනයනය ප්‍රබල අවශ්‍යතාවයක්.

      Delete
    26. 2004 - 2018 කාලයේ Cumulative (සමුච්චිත) පදනමක් මත රජයේ සෘජු බදු ආදායම වූ රු. බිලියන 2,481 න් රු. බිලියන 2,405 ක් රුපියල් අවප්‍රමාණ වීම හේතුවෙන් අතිරේක ගෙවීමකට යටත් වූණා. ඒ අනුව 2018 වසරේ විදේශ ණය රු. බි. 5959 කින් ඉහළ ගියා කියලා කියන්නේ? මේ අනුව 2%-3% ට වඩා රුපියල අවප්‍රමාණ වීම නතර කර ගැනීමට අවශ්‍ය ආයෝජන ගෙන ඒමට, විශේෂයෙන්ම සෘජු විදෙස් ආයෝජන ගෙන ඒම සහ සෘජු බදු ආදායම නොතකා අපනයන වැඩි කිරීම අත්යවශ්‍යයි.

      ලංකාවේ කොවිඩ් වලට කලින් බදු ආදායම 2018/19 වගේ රු. බිලියන 1,800 - 1900 අතර, ඒත් බදු පැහැර හැරීම් අධීක්ෂණය සඳහා රේගුව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence AI) මත පදනම් වූ අධීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම අත්‍යවශ්‍යයි. (මොකද ස්විට්සර්ලන්තයට IBM Watson හඳුන්වා දීමෙන් පසු රේගුවේ බදු ආදායම 10%කින් වැඩි වුණා). මේ වගේ ක්‍රමයක් හරහා රාජ්‍ය ආදායම 15%කින් ඉහළ දාගන්න පුළුවන් වුණොත් දැනට ලැබෙන බිලියන 1,400 ට අතිරේක ලෙස රුපියල් බිලියන 210 ක ආදායමක් වැඩි වෙයි.

      රටේ බදු ප්‍රතිපත්තිය ඉතාමත් ගැඹුරින් කල්පනා කරලා අලුත් කර අධ්‍යාපන තොරතුරු තාක්ෂණ අපනයන සේවා ආදියට බදු අඩු කර පුනරාවර්තනය වියදම් පුනරාවර්තන බදු වලින් කවර් කර ගැනීම සඳහා බදු ප්‍රතිපත්තිය වෙනස් කර ප්‍රාග්ධන ආයෝජන, අධ්‍යාපන ආයෝජන වගේ ඒවාට පමණක් ණය ආධාර ලබා ගන්න ඕන.

      ඒ සමගම අයවැය යෝජනා වල ඕනෑම ප්‍රතිපත්තියක් ඉතාමත් සීරියස් ආර්ථික විශ්ලේෂණයක් සහිත විය යුතු අතර, මුදල් අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

      රජයේ සියලුම අයවැය පොරොන්දුවල ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (Management Information System - MIS) ක්‍රියාත්මක කළයුතු අතර assets වත්කම් කළමනාකරණ පද්ධති මගින් ආණ්ඩුවේ වත්කම් සහ සම්පත් උපරිම ලෙස උපයෝජනය කරන බව සහතික වීම සහ එය අධීක්ෂණය අත්‍යවශ්‍ය සාධකයක් නේද?

      Delete
    27. ඔබ මේ ආකාරයෙන් කරන විස්තරාත්මක යෝජනාවලියක් එකවර විවේචනය කරන්න බැහැ. යෝජනා ලෙස ගත්තොත් මේ බොහොමයක් නරක නැහැ. ඒ වගේම බොහෝ විට ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ඔය වගේ විස්තරාත්මක යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. මෙවැනි වැඩ පිළිවෙලක් සමස්තයක් ලෙස ශක්‍ය විය යුතුයි. ශක්‍යතාව පිරික්සීම සඳහා මෙවැනි විස්තරාත්මක යෝජනාවලියක් වෙනුවට සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛණ අවශ්‍යයි. ඉදිරි වසරේ සිට එක් එක් වසර තුළ අපේක්ෂිත දදේනි, උද්ධමනය, මුදල් සැපයුම, අයවැය හිඟය, විණිමය අනුපාතය, ආනයන, අපනයන, විරැකියා අනුපාතය ආදිය. නැත්නම් මේවා නිකම්ම කතන්දර පමණයි.

      Delete
    28. මේ කෑල්ල මරු
      // ඒ වගේම ඉහත ඇනෝ සහ අපි කියන්නේ ඇත්තටම ලංකාවේ වෙලා තියෙන්නේ පිටරටවල සිට විශාල වශයෙන් විදේශ විනිමය (ඩොලර්) රට ඇතුලට ගලා ඒම සහ රුපියලේ අගය කෘතිමව රජයේ සංචිත වලින් වෙළඳ පොලට නිකුත් කරනු ලබන ඩොලර් සැපයුම් මගින් ඉහළ නැංවීම මගින් ලංකාවේ ආර්ථිකය මායාවක් ලෙස විශාල කර පෙන්වීමට හැකි බවයි. ඉතින් අපි ඒ දේ පිළිගෙන තිබුණේ. අපි කියන්නේ ඒ දේම ණය ගන්නේ නැතුව වෙනත් ක්‍රම වලින් කළ හැකි බව.

      එනම් අවශ්‍ය වන්නේ රටට විදේශ විනිමය වැඩිපුර උපයන එක සහ රුපියලේ අගය ඉහළ තබා ගන්න එක නේ. ඉතින් ඕක ණය ගන්නේ නැතුව සහ කෘතිම ලෙස ඩොලර් නාස්ති නොකර එයම කරන්නට අවශ්‍ය වෙනත් නිර්මාණශීලී ක්‍රමයක් හොයා ගන්න අවශ්‍ය බවයි.

      ලංකාවේ අපනයන හැකි තරම් වැඩි කර ගැනීම අවශ්‍යයි එක පැත්තකින්. අනෙක් කාරණය විශාල විදේශ ආයෝජනයන් ගෙන ඇවිත් ඒ හරහා ඩොලර් ලැබීම් වැඩි කර ගතයුතුයි. රජයේ කිසිම ප්‍රයෝජනයක් නොගෙන එකතැන පල්වෙන දේපල ඉඩම් සහ වෙනත් ස්වභාවික සහ මානව සම්පත් විශේෂයෙන් කොළඹ වටිනා ඉඩම් වල ඇති අකාර්යක්ෂම රජයේ පරිපාලන ගොඩනැගිලි හමුදා කඳවුරු ආදිය වඩා ව්‍යාපාරික වශයෙන් වටිනා කටයුතු වලට යොදාගෙන ඒවා සැලසුම් සහගතව විදේශ ආයෝජන සඳහා බදු දීම වැනි දේවල් වලින් රජයේ ආදායම වැඩි කරගන්න පුළුවන්.//
      මරාගේ ආර්තිකේ දියුනුව කියන්නෙ මොකක්ද කියන එක තනි වාක්‍යකට කැටි කරල පෙන්නල තියෙනව.

      Delete
    29. ලංකාවේ සියලු ප්‍රශ්න විසඳන්න ඉතාමත් සරල බසින් ඉදිරිපත් කරන විශිෂ්ටම විග්‍රහයයි මේ. ලංකාවේ ඩොලර් බිලියන තිස් තුනක් විතර විදේශ ණය ඉතාමත් ඉක්මනින් වසරක් ඇතුළත මේ ක්‍රමය හරහා සියලු ණය ගෙවා විසඳන්න පුළුවන්;

      https://www.facebook.com/anurakumara/videos/676827959963176/

      මේ කෙටි වීඩියෝ එක බලන්න.

      Delete
  16. ඉකොනොමැට්ටා,

    ටෙලිකොම් ආයතනයේ සභාපති (සහ හෙළදිව් තේ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා) මෙම කෙටි වීඩියෝ ක්ලිප් එකේ පවසන ලෝක ආර්ථිකයට සම්බන්ධ වී ලංකාවෙ දැනට ඩොලර් බිලියන 1.6 ක් විතර වන තේ ආදායම පිටරට තේ ආනයනය කර branded තේ අපනයනය කර විකුණන එකෙන් ඩොලර් බිලියන පහක් ඉක්මවිය හැකි බවට කියන කතා ඇත්තද?

    https://www.facebook.com/sinhala.adaderana.lk/videos/406127630991803/

    ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර අනාවරණය කරපු දෙයක් තමයි ඉන්දියාව අද ඇමරිකානු එක්සත් ජනපදය සමග ආර්ථික පසුබිමක් හදාගනිමින් යන අතරේ ලංකාව චීනය සමග ගමනකට උත්සාහ කරන නිසා ලංකාවේ පවතින ආර්ථික ප්‍රශ්න දඩමීමා කරගෙන බටහිර හා ඉන්දියාව අ⁣පේ රටට බලපෑම් කරන බව, එකක් තමයි MCC, දෙවැන්න කෙරවලපිටිය අළුත් එල් එන් ජී බලාගාරය. ඊළඟට ඇමරිකන් සැලසුමක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය.

    මේ ගැන ඔවුන්ගේ නිගමනය අනුව තුන්වැන්න තමයි වඩාත්ම භයානක වෙන්නේ. ඒ තමයි ඇමරිකන් ආරක්ෂක විද්‍යාපීඨයක් ඉදිකිරීම. මේ අවුරුද්දේ බැසිල් සහ ජනාධිපතිගේ අණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවශ්‍ය කටයුතු කරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අනුව පිහිටවන විශ්ව විද්‍යාලය එයට අයිති අක්කර 700කට වැඩි භූමිය සමඟ ඇමරිකන් ආරක්ෂක විශ්ව විදාලයකට දුන්නාම ලංකාවේ ආණ්ඩුවට සල්ලි (ආධාර???) සහ බටහිර රටවල අයට ලංකාව තුල ඉඳගෙනම චීනයට එරෙහිව බලතුලනයකට පාර හැදෙනවා. මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  17. රජයක් ලෙස ගත්තම ජේආර් ගේ කාලේ තමයි වැඩියෙන්ම අරං තියෙන්නේ කියලා ඉකොනො කොහෙ හරි ලියලා තිබ්බා..

    මහින්දගේ කාලේ ණය ගත්තේ ව්‍යාවස්ථාපිත සංස්ථා හා ආයතන හරහා. උදාහරණයක් ලෙස පාරවල් හදන්න ගත්ත ණය මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගත්තේ.. ඒවා රජයේ ණය ගිනුමට ගන්නේ නැද්ද?

    තව මෙහෙම දෙයක් උනා...ලංකාවේ කන්ස්ට්‍රක්ශන් කම්පැණි දේශීය වාණිජ බැංකු වලින් ණය අරගේන් මාරග සංවර්ධන අධිකාරය වෙනුවෙන් පාරවල් හැදුවා. ආණ්ඩුව කලේ මහ භාන්ඩාගරය හරහා වාණිජ බැංකු වලට ගැරනියක් දෙන එක. එහෙම උනාම ඒ නය රජයට වැටෙන්නේ නෑ..ඒත් ඒව ට රජය ගෙවන්න ඕන...මේව පිබී ජයසුන්දර ගෙනාපු ක්‍රම..

    ReplyDelete
    Replies
    1. ජේ ආර් ගේ කාලයේත් ණය ආධාර ලබා ගත්තේ රජයට විතරක්ම නෙවෙයි, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල, උදාහරණයක් විදිහට මහවැලි සංවර්ධන අධිකාරිය සහ ඒ යටතේ තිබුණ ආයතන ගණනාවකට, මතක විදියට ආයතන විසි හයක් විතර තිබුණ. තව විදුලි බල මණ්ඩලයේ විදුලි බලාගාර, රූපවාහිනි සංස්ථාව, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වගේ ඒවාට.

      ඒ වගේම තමයි Bank Guarantee එකක් දෙන්නේ රජයේ මුදල් ඇඩ්වාන්ස් එකක් ලෙස වියදම් නොකර කොන්ත්‍රාත්කරුට වැඩ ටික කරගෙන යන්න. නමුත් ඒ මුදල සහ බැංකු පොළී liability නැත්තම් වගකීමක් විදියට රාජ්‍ය ආයතනයේ (උදා මාර්ග සංවර්ධන අධිකාරිය වැනි) ආයතන වල ගිණුම් වල සටහන් වෙනවා. එම ආයතන වල Audit කරද්දී ලාභාලාභ ගිණුම (profit and loss Account) එකේ එම මුදල් වගකීමක් (ණයක්) විදිහට වැටෙනවා නමුත් ගෙවන්නේ පස්සේ. රාජ්‍ය බැංකු වල මුදල් යොදවා වැඩේ කරගෙන පස්සේ ගෙවනවා නමුත් ඒක ණයක් නොවන්නේ නැහැ. අන්තිමට රජයේ ගිණුම් වලට එම ආයතනයෙන් ලැබෙන ලාභයෙන් අඩු වෙනවා. (නැත්තම් ආයතනය පාඩු ලබන එකක් නම් එය රජයට පාඩුවක් ලෙස පෙන්විය යුතුයි)

      Delete
    2. //ජේආර් ගේ කාලේ තමයි වැඩියෙන්ම අරං තියෙන්නේ කියලා ඉකොනො කොහෙ හරි ලියලා තිබ්බා///

      මම මෙය වසර පහකට පෙර කිවුවේ ණය වර්ධන වේගය මත පදනම්වයි. අදාළ ලිපිය පහත තිබෙනවා.

      ලංකාව ණය උගුලක හිර කළේ කවුද?
      http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_13.html

      ඉහත ලිපිය ලියද්දී මේ ලිපියේ මෙන් පරණ ණය පැටවු ගැසීමේ බලපෑම වෙනම විශ්ලේෂණය කළේ නැහැ. මෙහි කර තිබෙන විශ්ලේෂණය ඊට වඩා සංකීර්ණ හා කාලය මිඩංගු කළ යුතු එකක්. එසේ කළත් ඉහත ප්‍රතිඵලයම ලැබේයැයි මම හිතනවා. කාලය ලැබෙන පරිදි ඉතා ඉක්මණින් මේ ගණනය කිරීම කරන්න හිතාගෙන ඉන්නවා.

      //මහින්දගේ කාලේ ණය ගත්තේ ව්‍යාවස්ථාපිත සංස්ථා හා ආයතන හරහා.//
      මෙහි බලපෑමක් ප්‍රස්තුත කාරණයට තිබෙන බව ඉතා පැහැදිලි වුවත්, එය සලකා බලනවානම් හැම කාලයකම එසේ ගත් ණය ගැන සොයා බලන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය දත්ත මා සතු නොවන නිසා මගේ විශ්ලේෂණ පදනම් වන්නේ මධ්‍යම රජයේ ණය මත පමණයි.

      Delete
    3. ලංකාවේ සියලු ප්‍රශ්න විසඳන්න ඉතාමත් සරල බසින් ඉදිරිපත් කරන විශිෂ්ටම විග්‍රහයයි මේ. ලංකාවේ ඩොලර් බිලියන තිස් තුනක් විතර විදේශ ණය ඉතාමත් ඉක්මනින් වසරක් ඇතුළත මේ ක්‍රමය හරහා සියලු ණය ගෙවා විසඳන්න පුළුවන්;
      https://www.facebook.com/anurakumara/videos/676827959963176/

      Delete
  18. ඉකෝන්, පරමාදර්ශී ධනවාදයේ සැබෑ ස්වරූපය යන නමින් මෙහි දැක්වෙන ඡායාරූපය ගැන ඔබේ අදහස කුමක්ද?


    ධනවාදී පාරාදීසය

    ReplyDelete
    Replies
    1. මොකක්ද මෙහි තිබෙන ප්‍රශ්නය? මෙක්සිකෝවේ අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන පිරිසක් වෙසෙන පැත්තකට ප්‍රාග්ධනය හා රැකියා අවස්ථා ගලා යන ආකාරය පිළිබිඹු කරන ඡායාරූපයක්. ධනවාදයේ ප්‍රතිලාභ සමාජයේ පහළම තට්ටුව වෙතද යමින් තිබෙන ආකාරය මනාව පිළිබිඹු කරන ඡායාරූපයක්. ඔබ කියන්නේ මෙවැනි අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු හැමදාම ඔය තත්ත්වයේම සිටිය යුතුයි කියලද? තවලම් හදාගෙන, ජීවිත අවදානම් අරගෙන ඔය වගේ මිනිස්සු මෙක්සිකෝවේ සිට ඇමරිකාවට හොරෙන් හෝ එන්නේ රැකියා අවස්ථා හා වඩා යහපත් ජීවිතයක් හොයා ගෙන. ඒ වගේ මිනිස්සුන්ගේ දොර එළිපත්තටම රැකියා අවස්ථාවන් යනවා කියන්නේ කොයි තරම් යහපත් දෙයක්ද? මේ වගේ දෙයකට විරුද්ධ විය හැක්කේ දියවන්නාවේ ජොගින් කරන ගමන් තමන්ගේ ඇපල් අයිෆෝන් එකෙන් පොළොන්නරුවට ඇවිදින මං තීරු අනවශ්‍යයි කියා ෆේස්බුක් එකේ කොටන අයට හා බටහිර රටවල යහපත් ජීවිත ගත කරමින් ලංකාවේ සමාජවාදය හදන්න උපදෙස් දෙන අයටම තමයි.

      Delete
  19. කමෙන්ට්ස් 97කින් නැවතිලානෙ. ඉකොන්, ඇයි ඔය professional services exports හෝ service based exports කියන එක ගැන ලංකාවෙ ආන්ඩුව ෆෝකස් කරන්නෙ නැත්තෙ. ගෘහ සේවිකාවන් වුනත් වැඩිය ඉංග්රීසි දැනුමක් එහෙම සහිතව (value added). ඒකට හේතුව අපේ සමාජයෙ තියෙන ආකල්පද.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව රටට වැඩිම ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ලෙස හඳුනාගෙන තිබෙන දෙයක් තමයි සේවා අපනයන (Services Exports), මේ ගැන ජනපති වරණය කාලයේත් වත්මන් ජනපති සහ ඔහුගේ වියත් මග වැනි දේශපාලන හොරණෑකරුවන් කයිවාරු ගහපුවා ඔබටත් මතක ඇති.

      ඒ පිළිබඳව උදාහරණ කීපයක් ඇසුරින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නම්. සුපිරි මහල් නිවාසයක් ඉදිකිරීමට ආයෝජනයක් ලැබේ යැයි සිතමු. ඉන් ආර්ථිකයට ආකාර කීපයකින් දායකත්වයක් අත් වනවා. ආර්ථික මට්ටම ඉහළට යන විට ⁣මෙවැනි නිවාස අවැසි අයට නිවසක් ලැබෙනවා. නගර සංවර්ධනය, අලංකරණය වැනි කරුණු මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ අයටත් ප්‍රතිලාභ බෙදී යනවා. රබර් කර්මාන්ත ශාලාවකින් වෙන්නේ අගය එකතු කිරීමේ නිෂ්පාදනයක් ලෙස අපේ අමුද්‍රව්‍යවලට වටිනාකමක් ලැබී විදෙස් විනිමය වැඩිකර ගැනීමට අවස්ථාවක් උදා වනවා.

      මීට වෙනස්ව තොරතුරු තාක්ෂණ සේවා සපයන ව්‍යාපාරයකට සම්බන්ධ කර්මාන්ත ශාලාවක් පැමිණීම මේ අංශ දෙකටම වඩා ඵලදායි බව කිව යුතුයි. එසේ වන්නේ දෙතුන් දහසකට රුපියල් ලක්ෂ එකහමාරක සිට දෙක හමාර තුන සහ ජ්‍යෙෂ්ඨ අයට මිලියන ගණනින් පමණ වැටුපක් ලබා දෙන එවැනි ව්‍යාපාර නිසා වැඩි දෙනකු අතර ආර්ථික ප්‍රතිලාභ ගලා යෑමෙනුයි. එපමණක් නොවෙයි එවැනි ව්‍යාපාර ක්‍රමානුකූලව වර්ධනය වන වෘත්තීය විවිධාංගීකරණයකින් යුතුයි.

      එහිදී එම ආයතනය මෙන්ම සේවකයන්ගේ මට්ටමත් සංවර්ධනය වන ආකාරයෙනුයි මෙවැනි ව්‍යාපාර ස්ථාපිත වන්නේ. ආයතනය ක්‍රමයෙන් ඉහළට දියුණු වෙන්නේ එහි සේවකයන්ගේ මට්ටමත් ඉහළ නංවමින්. මෙමඟින් බුද්ධි ගලනය අවම වන අතරම so called Gota 2020 "දැනුම පදනම් කරගත් ආර්ථිකයක්" ගොඩනැඟීමටත් අවස්ථාව උදා වනවා. වැදගත්ම දේ මෙවැනි ආයතනවල රැකියාවේ නිරත වන විශාල පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යාම නිසා ඔවුන් සතු මිලදී ගැනීමේ හැකියාව වැඩි වීමයි. ඒ නිසාම සමාජය තුළ මුදල් ගලා යෑම (කෑශ් ෆ්ලෝ) ශක්තිමත් වනවා. ලොව ඉහළ ආදායම් උපය සමාගම් අතර තොරතුරු තාක්ෂණ සේවා සපයන ප්‍රමුඛයි. ලංකාවේ ඉහළ අධ්‍යාපන පසුබිම නිසා මෙබඳු ආයෝජන ළඟා කර ගැනීමට ඇති හැකියාව ද ඉහළයි.

      දැනටමත් මෙවැනි තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ලන්කාවේ ආයෝජන විශාල වශයෙන් සිදු කරන බව දකින්න පුළුවන්, මේ එක උදාහරණයක්;

      https://economynext.com/sri-lanka-hires-by-indias-hcl-technologies-top-1000-in-first-year-86480/

      මේ තියෙන්නේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු යම් යම් ගැන 2019 -20 අයවැය සහ 2021 ගිය අවුරුද්දේ බදු අඩු කරන විට කියපු යෝජනා, මේවා ලංකාවේ ක්‍රියාත්මක වෙනවාද කියලා දන්නේ නෑ

      //පහත දැකවෙන වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීම සහ ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයකින් යුතු ආයෝජන මණ්ඩල ගිවිසුම් හරහා නව ව්‍යාපාර අවස්ථා සහතික කිරීම.

      i. අධ්‍යාපනය

      ii. තොරතුරු සේවා ක්‍රියාකාරකම්
      (ව්‍යාපාර කාර්යාවලිය තෙවන පාර්ශවයකට ලබාදීම (BPO), තොරතුරු සම්බන්ධ ව්‍යාපාර කාර්යාවලි තෙවන පාර්ශවයකට ලබාදීම (KPO), හොස්ටින්, දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, web portals, news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ ප්‍රවෘත්ති ආයතනමය ක්‍රියාකාරකම්, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ පුවත් නිස්සාරණ සේවාවන් (news clipping services), පුවත්පත් නිස්සාරණ සේවාවන් (press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා)

      iii. මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම්

      iv. ගුවන් ගමනාගමනය

      v. මෝටර් රථවාහන, ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් නිෂ්පාදනය

      vi. කසළ එක්රැස් කිරීම, පිරිපහදුව සහ බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අමුද්‍රව්‍ය ප්‍රතිජනනය

      vii. ජලය එක්රැස් කිරීම, පිළියම් කිරීම සහ සැපයීම

      viii. මළාපවාහනය

      ix. වෙනත් ගමනාගමන මෙවලම් නිෂ්පාදනය

      x. ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව

      xi. පිළියම්කරණ ක්‍රියාකාරකම් සහ වෙනත් කසළ කළමනාකරණ සේවාවන්

      1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම

      1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම සහ සියලුම අංශ (බස්නාහිර පළාත) සඳහා ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයක් හඳුන්වා දීම, සෙසු පළාත් 8 සඳහා මෙහිදී 80%ක් ලබාදිය යුතුය. මේ අනුව බලාත්මක වන බදු ප්‍රතිශතය 2.4% කි (මෙය අතිරේක වශයෙන් ග්‍රාමීය, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනයට උදව් වනු ඇත).

      උපයන විට බදු ප්‍රතිශතය 12% අය කරනු ඇත්තේ රු. 500,000 ක මාසික ආදායම් සීමාවක ආරම්භයේදී ය.//

      Cont'd...

      Delete
    2. ශ්‍රමිකයන් (එහෙම නැත්නම් ලාබ ශ්‍රමය - cheap labour) අපනයනය කියන්නේ ඉතාම බේසික් වැඩක්, ඒකෙන් ලැබෙන රිටර්න් එක සාපේක්ෂව අඩුයි. ලන්කාවේ ශ්‍රම බලකායේ ශ්‍රමිකයින් මිලියන් දෙකකට වඩා විදෙස් රටවල වැඩ කරලා රටට ලැබෙන්නේ ඩොලර් බිලියන හතක් විතර, නමුත් මෙම ශ්‍රමය රට තුල ව්‍යවසායයන් වල බුද්ධිමත්ව යොදාගන්න පුළුවන් නම් අපනයන ආදායමත් තව ඩොලර් බිලියන දහයකට වඩා වැඩි කරගෙන රටේ දළ දේශීය නිශ්පාදිතය ඩොලර් බිලියන 20 -25 ක් වගේ විශාල ගානකින් වැඩි කරගන්න පුළුවන් වෙයි කියල තමයි මම හිතන්නේ.

      Delete
    3. Refer below FYI;

      https://www.treasury.gov.lk/budget/highlights#industry-power-trade

      https://home.kpmg/lk/en/home/insights/2020/11/budget-analysis-2021.html

      https://www.colombotelegraph.com/index.php/budget-expectations-2022/

      Delete
    4. Ano/s: බොහොම ස්තුතියි උත්තරවලට ලින්ක්ස්වලටත් ගිහින් බැලුවා.
      "දැනටමත් මෙවැනි තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ලන්කාවේ ආයෝජන විශාල වශයෙන් සිදු කරන බව දකින්න පුළුවන්, මේ එක උදාහරණයක්;" something to rejoice.

      Delete
  20. ඉකොන්,

    ත්‍රාඩ පක්ෂ බ්‍රෝකර් සමාගමේ හොර බැසිලයි නන්දෙයි එකසිය ගානට රට විකුණනවා නේද? අදත් ඔන්න අල්ලපු රටේ ජාවාරම්කාර ආදානිට කොළඹ වරායේ බටහිර ජැටිය විකුණලා ඩොලර් මිලියන් 700 ක් අරගෙන, කොමිස් එක ඩොලර් මිලියන් 300 ක් වත් ඇති නේද? නොදකින් ලංකාවේ මිනිස්සුන්ට පය ගහන්නවත් ඉඩක් තියන එකක් නෑ මුලු රටම විකුණල තමයි පස්ස බලන්නේ මුන් නම්?

    https://www.thehindu.com/business/adani-signs-700-mn-deal-for-lanka-port/article36764414.ece

    ReplyDelete
  21. මේ කෙබරරාලගේ හය මාසික සැලැස්ම තවත් මගඩියක් වෙයිද ඉකෝන්?

    https://economynext.com/sri-lanka-to-consider-buying-back-isbs-falling-due-in-2022-governor-cabraal-86637/

    http://www.adaderana.lk/news/77347/central-bank-unveils-six-month-road-map-for-sri-lankas-economy

    ඒ වගේම මේක නිසා ගවනර කබරයාට තනතුර නැතිවෙයිද?

    https://www.dailynews.lk/2021/09/24/law-order/260165/sjb-files-two-fr-petitions-against-cabraal%E2%80%99s-appointment

    ReplyDelete
  22. ලංකාවේ ආර්ථික අභිවෘද්ධි සැලැස්ම බහ බැංකුවේ අධිපති නිවාඩ් කබ්රාල් විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ 2021 ඔක්තෝබර් පළවෙනිදා ඉදිරිපත් කළා.

    CBSL එකේදී එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශ කළා.

    මූලික වශයෙන්ම මේවායි.

    1. ලංකාව බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාවය වැඩි කිරීම.

    2. විනිමය අනුපාතිකය පිළිබඳ සහතිකයක් ලබා දී රුපියල් වටිනාකම මගින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජනය ප්‍රවර්ධනය කිරීම.

    3. අත්‍යාවශ්‍ය ලෙස රුපියල් බවට පරිවර්තනය කිරීමට සිදුවන ඒ ක්‍රියාමාර්ගය දියත් කිරීම.

    4. අපනයන සඳහා බදු සහන – “රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් අපනයනයක් බවට පත්වෙන්නේ ඒ අපනයනය අන්තිමටම රැපියල් බවට පත් වීම හරහා. රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දීම, සාමාන්‍යෙන් බදු ගෙවන්නේ සියයට 28 නම් එය සියයට 14 බවට පත්කරන්නේ ඒ පදනම මත.“

    5. දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වීම.

    6. Parate execution වලින් දේපළ පවරා ගැනීම සහ වාහන පවරා ගැනීම ඊළඟ මාස 06 තුළ දී නැවැත්වීමට බැංකු සහා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග ලබා දීම.

    7. වසංගතය ඔස්සේ ව්‍යාපාරවලට වී ඇති හානිය දුරුකිරීම සඳහා ණය වැඩිපුර ගෙවීමට ඇති තැන්වල දී, ණය ගෙවීමට අපහසු වෙන තැන්වල දී, ණය ප්‍රමාද කිරීම වෙනුවෙන් සහනයක් ලබා දීමට රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීම.

    CONT'D

    ReplyDelete
    Replies
    1. 8. දැනට පිටරටවල්වලට යන අයට තමන්ගේ මුදල් ගෙනයාමට දී තිබෙන සහන ජනවාරි 01 සිට දිගටම ලබා දීම. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මුදල් ලබා දීම.

      9. අත්‍යාවශ්‍ය නොවන, හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.

      10. ලබන 2022 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපිත කිරීම.

      11. සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම් අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම සහතික කිරීම.

      12. කල්පිරෙන ණය ගැනීම සහ සෑම අවස්ථාවක දීම ණය නොවන මූලාශ්‍ර හරහා ලැබෙන නව ලැබීම් මගින් පියවීම.

      13. වෙළෙඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරයන් හි සමස්ත නිකුතුව ආපසු මිල දී ගැනීම සඳහා සලකා බැලීම.

      14. ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩුකිරීම.

      15. ස්වෛරීය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගැනීම.

      16. නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම.

      17. මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර 27 ක් අද සිට නැවත ලබා දීම.

      මේ වගේම තව දේවල්. මම හිතන්නේ මේ කිසිම දෙයක් හරියන්නේ නෑ ලංකාව තව මාසයක් ඇතුළත බංකොළොත්බව ප්‍රකාශ කරන එක නම් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා.

      Delete
  23. එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල ක්‍රියාකාරීන් සමග තිබුණ ඔන්ලයින් සූම් මීටින් එකකදී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන පැවති සාකච්ඡාවකදී මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් දක්වා බරපතල ලෙස මෙතරම් කඩා වැටීමකට හේතු වී ඇත්තේ කොරෝනා වසංගතය නිසා නොව නූතන රාජපක්ෂ රෙජීමයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මීට කලින් 2015 - 2019 කාලයේ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන පැමිණි ඉතාමත්ම ශක්තිමත් බලවත් වේගවත් ආර්ථික සංවර්ධනයක් සහිත ප්‍රබල ආර්ථික වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුව විසින් ඔවුන්ගේ නොමේරු නොතේරුම්කම් නිසා මෝඩ තීන්දු තීරණ ගැනීමත් නිසා වෙනස් කරපු නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අගමැති ආචාර්ය රනිල් වික්‍රමසිංහ විස්තර කළා.

    මේ ආකාරයටම කටයුතු කළහොත් ඉදිරියේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න තරමට මුදල් නොමැති තරමට රටේ ආර්ථිකය ඉතාමත් බරපතළ ලෙස කඩාවැටෙනු ඇතැයිද ඔහු විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළා.

    වර්තමානයේ ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීම ආරම්භ වූයේ කොරෝනා වසංගතයට පෙර සිට බවත් එය ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේ දී පෙර පැවති ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය.

    ලෝකයේ වෙනත් රටවලට ඇත්තේ කොරෝනා නිසා ඇතිවුණු අර්බුදය පමණක්වත් අපේ රටට කොරෝනා නිසා පැමිණි අර්බුදය සහ ඊටත් වඩා භයානක විදියට රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කරගත් බරපතල ආර්ථික අර්බුදය යන දෙකම ඇතැයිද ඔහු එහිදී පැවැසීය.

    කොරෝනා වසංගතය නිසා ලෝකයේ කිසිදු රටක විදේශ සංචිත පහළ වැටී නැති නමුත් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත නේපාලයටත් වඩා පහළ බැස ඇතැයි ද ඉදිරියේදී සිම්බාබ්වේ ඉතියෝපියා වැනි බරපතල ආර්ථික ව්‍යසනයක් අතළඟ බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි අයි එම් එෆ් ආයතනයේ අධීක්ෂණය යටතේ ණය මුදලක් ලබා ගෙන එම ආයතනයේ ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් පමණක් ඉතා අසීරුවෙන් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව මේ ගැන ආචාර්ය රනිල් වික්‍රමසිංහගේ අදහසයි. ඔබ මීට එකඟ වෙනවාද?

    මේ ගැන කෙටි විස්තරයක් පහළ නිව්ස් එකේ දාල තියෙන්නෙ;

    https://www.dailynews.lk/2021/10/01/local/260779/sri-lanka%E2%80%99s-forex-crisis-alarming-unp

    ReplyDelete
  24. ඉකොනොමැට්ටා මේ නිව්ස් එක දැක්කාද?

    https://economynext.com/sri-lanka-gets-800000-free-pfizer-vaccines-from-us-for-kids-86670/

    ලංකාවේ පොඩි ළමයින්ට ඇමරිකන් පෛයිසර වැක්සීන් ලක්ෂ අටක් දෙන්න ඇමරිකන් එක්සත් ජනපදය තීරණය කරල තියෙන්නේ මොකද? හැබැයි මේ ගැන ලංකාවේ විපක්ෂ කණ්ඩායම් කියන්නේ ආණ්ඩුව යුග දනව් ඇතුළු වටිනා රජයේ දේපල ඇමරිකන් කාරයින්ට විකුණපු එක සහ හොරෙන්ම රජයේ ඉඩම් හෙක්ටයාර ලක්ෂ පහක් එළි පෙහෙළි කර ඇමරිකන් සමාගම් වලට දෙමින් හොර පාරෙන් එම් සී සී එක ක්‍රියාත්මක කිරීම වගේ ගොඩක් දේශ්ද්‍රෝහී වැඩ සඳහා ආණ්ඩුවට ඡන්දය දුන් කිසිම සාමාන්‍ය දැනීමක් හෝ සරල බුද්ධියක්වත් නැති මැටි මෝල් හැට නව ලක්ෂයක් උන්මාද බයියන් කියන මී ගව රැල අන්දවීමට දාන පොඩි ජිල්මාට් එකක් බවයි. මේක ඇත්තද?

    ReplyDelete
  25. ණය වාරික වල පොලිය සහ මුල් මුදලෙන් ගෙවන කොටස යන දෙක අතර විභේදනය කොහොම වගේද වෙන්නෙ?

    මේ ණය බහුතරයක් සහනදායී පොලී අනුපාත වලට ගත්ත ඒවා. පොලී අනුපාතය 1%,2% .. සහ උපරිම 5-6% වගේ නෙ. එතකොට ණය වාරික ගෙවීමක 95%ක් ම වගේ මුල් මුදලෙන් කොටසක් ගෙවපුවාද? එහෙම වුනා නං ණය මෙහෙම වැඩි වෙන්න බෑනෙ.

    උදාහරණයක් විදියට 2015 වෙනකොට ණය රු බි 7,500. අපි ණය වාරික කිසිවක් 2015 ඉඳං නොගෙව්වත්, අවුරුදු පහකින්, 5% වැල් පොලියක් සැලකුවත්, ණය ඉහල යන්නෙ රු බි 9,500 දක්වා.

    ReplyDelete
    Replies
    1. "යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 අතර සිදු වූ රුපියල් බිලියන 5,545ක ණය වැඩි වීමෙන් රුපියල් බිලියන 3,610ක්ම පොලී එකතු වීම්. තවත් රුපියල් බිලියන 1,564ක් ණය වල අගය වෙනස් වීම්. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව ඇත්තටම ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන 371ක් පමණක් වුවත් තවත් රුපියල් බිලියන 5,174කින් ණය ඉහළ ගොස් තිබෙන්නේ පරණ ණය වලට පොලී එකතු වීමෙන් හා අගය වෙනස් වීමෙන්. මෙයින් යහපාලන ආණ්ඩුව කාලයේම ගත් ණය වල පොලිය එකතු වීම හා අගය වෙනස් වීම රුපියල් බිලියන 167ක් පමණයි. ඉතිරි කොටස තනිකරම පරණ ණය."

      http://economatta.blogspot.com/2021/09/blog-post_25.html

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...