වෙබ් ලිපිනය:

Tuesday, March 2, 2021

මනෝරාජික සමාජවාදය


අජිත් ධර්මා අප මේ වියුණුව පටන් ගත් කාලයේ සිටම අප සමඟ සංවාද කරන අයෙක්. අප සමඟ වැඩිපුරම සංවාද කර තිබෙන්නේ ඔහු විය හැකියි. මෑතක දී ඔහු තමන්ව මනෝරාජික සමාජවාදියෙකු ලෙස හඳුන්වා ගෙන තිබුණා. බොහෝ විට ඔහුගේ පැත්තෙන් මෙය අලුත් හඳුන්වා ගැනීමක් නොවෙන්න ඇති. එහෙත් මෙවැන්නක් මීට පෙර මගේ අවධානයට යොමු වී තිබුණේ නැහැ.

මනෝරාජික සමාජවාදය ගැන ලොකුවට කතා කරන්න මගේ අදහසක් නැහැ. කාමරයේ අලි ඉඳිද්දී අලින්ගේ ඇඟේ ඉන්න කටුස්සන් ගැන කතා කරන්න කාලය යොදවන එකේ තේරුමක් නැහැ. මෙයින් අදහස් කළේ මනෝරාජික සමාජවාදය කියන්නේ කතා කරන්නවත් නොවටිනා කටුස්සෙක් කියන එක නෙමෙයි. කතා කරන එක වඩා වැදගත් අලි කාමරයේ ඉන්නවා කියන එකයි.

මනෝරාජික සමාජවාදය ගැනත් මේ වෙලාවේ පොඩ්ඩක් කතා කළ යුත්තේ අජිත් ධර්මා නිසා නෙමෙයි. සමහර අය තවමත් සමගි පෙරමුණු මාදිලියේ මනෝරාජික සිහිනයක ඉන්න බව පෙනෙන නිසයි. සමගි පෙරමුණු කාලයේ මමත් කුඩා දරුවෙක්. අද ජීවත් වන වයස අවුරුදු පණහක කෙනෙකු වුවත් හැත්තෑ හතේදී අවුරුදු හයක දරුවෙක්. ගොඩක් අය සමගි පෙරමුණු කාලය ගැන හිතන්නේ පැරකුම් යුගය ගැන හිතන විදිහටමයි.

මිනිස්සුන්ට බොහෝ කලක සිට විවිධ මනෝරාජික අදහස් තිබුණා. ඒ ඇතැමුන්ට මනෝරාජික සමාජවාදී සමාජයක් පිළිබඳ අදහස්ද තිබුණා. මේ අදහස් වල ආරම්භය යම් තරමකින් ආගමිකයි. සංඝ සමාජය එක්තරා ආකාරයක සමාජවාදී සමාජයක්.  "අගත අනගත චතුදිස සගස" කියන එකේ "අගත අනගත" කොටස මම ඉතාම කැමති කොටසක්. මෙහි "අනගත" කොටස සමාජවාදීන්ද ඇතුළු බොහෝ දෙනෙකුට මග ඇරෙනවා. ලංකාවේ වත්මන් ණය අර්බුදයට හේතුවත් එයයි. ඉපදෙන්නට ඉන්න අයගේ අයිතිවාසිකම් ගැන බොහෝ දෙනෙක් සංවේදී නැහැ.

සංඝ කියන එකේ අදහසම සාමූහිකත්වයක් කියන එකයි. මේ අදහස බෞද්ධ සම්ප්‍රදායට අනන්‍ය එකක් නෙමෙයි. කතෝලික ඇතුළු අනෙකුත් ආගමික සම්ප්‍රදායයන් ඇතුළේත් ඉතිහාසය පුරා මේ ආකාරයේ සාමූහිකත්වයන් ගොඩ නැගී තිබෙනවා. එවැනි සාමූහිකත්වයන් සියවස් ගණනාවක් පුරා ස්ථායී ලෙස පැවතී තිබෙනවා. මූලධර්මයක් විදිහට මේ ආකාරයේ ආගමික සාමූහිකත්වයක් ඇතුළේ පොදු දේපොළ මිසක් පෞද්ගලික දේපොළ නැහැ. සම්පත් වෙනුවෙන් එකිනෙකා අතර තරඟයක්ද නැහැ.

අජිත්ගේ මනෝරාජික සමාජවාදී ලැයිස්තුවේ මුලින්ම තිබුණු නම් තුන පිළිවෙලින් රොබට් ඔවෙන්, තෝමස් මෝර් හා චාල්ස් ෆුරියේ. මේ තුන් දෙනා විසින්ම නියෝජනය කරන්නේ මාක්ස්ට වඩා පැරණි යුගයක්. මේ අය අතරින් තෝමස් මෝර්ව මම සලකන්නේ ප්‍රබන්ධකරුවෙක් විදිහටයි. ඔහුගේ "යුතෝපියා" යනු මූලික වශයෙන්ම ප්‍රබන්ධයක්. 1516 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු මේ මේ ප්‍රබන්ධය තුළ "යුතෝපියා" ලෙස නම් කරන්නේ දකුණු ඇමරිකාවට පහළින් පිහිටි මනඃකල්පිත දිවයිනක හැදෙන පරමාදර්ශී සමාජයක්. 

රොබට් ඔවෙන් හා චාල්ස් ෆුරියේ ජීවත් වුනේ තෝමස් මෝර් ජීවත් වූ කාලයෙන් සියවස් කිහිපයකට පසුවයි. මනෝරාජික සමාජවාදීන් ලෙස හැඳින්වුවත් මේ දෙන්නා ඔවුන්ගේ මනෝරාජික සමාජයන් මහ පොළොව මත ඇත්තටම ගොඩ නැගීමට උත්සාහයක් දැරූ අයයි. රොබට් ඔවෙන් විසින් ගොඩ නැගූ සමාජවාදී සමාජය පිහිටි තැනට ඇමරිකාවේ මා ජීවත් වන තැන සිට පැය කිහිපයකින් යා හැකියි. කෝවිඩ් නොවන්නට අප වසරකට කිහිප වරක් මෙම ප්‍රදේශය හරහා යනවා.

සමාජවාදී හෝ වෙනත් අදහස් මත පදනම් වූ මනෝරාජික සමාජ විශාල ප්‍රමාණයක් ඇමරිකාව තුළ වරින් වර ස්ථාපනය කර තිබෙනවා. බොහෝ විට මෙවැනි කාර්යයක් පටන් ගන්නේ ධනවතෙකු විසින් ඉඩම් මිල දී ගැනීමෙන්. වේල්සයේ ධනවත් රෙදි නිෂ්පාදකයෙකු හා මනෝරාජික සමාජවාදියෙකු වූ රොබට් ඔවෙන් විසින්ද මේ ආකාරයෙන් ඔහුගේ ධනය යොදවා ඇමරිකාවේ වත්මන් ඉන්දියානා ප්‍රාන්තයේ කොනක පිහිටි නිවු හාර්මනි නගරය මිල දී ගෙන එහි ඔහුගේ මනෝරාජික සමාජය ඇති කිරීමට උත්සාහ කළා. 

රොබට් ඔවෙන් විසින් මිල දී ගන්න පෙරද නිවු හාර්මනි නගරය යුතෝපියාවක්. එහි සමාරම්භකයා වගේම ඉඩම් මිල දී ගෙන යුතෝපියාවක් පිහිටවූ මුල් අයිතිකරු යොහාන් ජෝජ් රැප්. කණ්ඩායමක් සමඟ ජර්මන් ලුතරන් පල්ලියෙන් කැඩී යන ඔහු හාර්මනි සොසයිටි නමින් අලුත් ආගමික නිකායක් හදනවා. 1814 වසරේදී පෙනිසිල්වේනියාවේ හාර්මනි ප්‍රදේශය හැර යන මේ කණ්ඩායම විසින් ඉන්දියානා ප්‍රාන්තයේ ඉඩම් මිල දී ගෙන නිවු හාර්මනි නමින් ඔවුන්ගේ යුතෝපියාව හදනවා. 1824දී තමන්ගේ ආගමික යුතෝපියාව ලෙස ගොඩ නැගූ නගරය රොබට් ඔවෙන්ට විකුණන හාර්මනි සොසයිටි සාමාජිකයින් නැවත පෙනිසිල්වේනියා ප්‍රාන්තයටම යනවා.

අක්කර 20,000ක් පමණ වූ ඉඩම් හා ගොඩනැගිලි මිල දී ගැනීමට රොබර්ට් ඔවෙන් විසින් ඩොලර් 150,000ක මිලක් ගෙවා තිබෙනවා. ඔහු මේ හරහා අපේක්ෂා කළේ ඔහුගේ න්‍යායාත්මක සමාජවාදය ප්‍රායෝගිකව ගොඩ නැගිය හැකි එකක් බව පෙන්වා දීමයි. ඒ වෙනුවෙන් ඔහු සෑහෙන වැඩ කොටසක් කළත් රොබර්ට් ඔවෙන්ගේ සමාජවාදී පරීක්ෂණය අසාර්ථක වෙන්න අවුරුදු දෙකක්වත් ගියේ නැහැ. අවුරුදු තුනක් යන්නත් කලින් රොබර්ට් ඔවෙන් ඔහු ඇමරිකාවේ හදපු යුතෝපියාව අත ඇරලා ආපහු තමන්ගේ රටටම ගියා.

චාල්ස් ෆුරියේගේ අදහස් මත පදනම්ව ෆුරියේ ව්‍යාපාරය හරහා ඒකරාශි වී සිටි ඔහුගේ අනුගාමිකයන් විසින්ද අසාර්ථක වූ ඔවෙන්ගේ නිවු හාර්මනි පරීක්ෂණයෙන් දශක කිහිපයකට පස්සේ යුතෝපියානු සමාජවාදී සමාජ ගණනාවක් ස්ථාපනය කළා. වත්මන් ටෙක්සාස් ප්‍රාන්තයේ ලා රියුනියන් එවැන්නක්. 

සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්. මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.

සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්. මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.

ෆුරියේවාදීන් විසින් 1840 දශකයේදී ඇමරිකාව තුළ ලා රියුනියන් වැනි ඔවුන්ගේ පැලන්ස්ටරි (phalansteries/phalanxes) හතළිහක් පමණ හදා තිබෙනවා. මේවායින් බොහොමයක්ම වසර දෙක තුනක් යද්දී බිඳ වැටී තිබෙනවා. 1850 වන විට සියල්ලම බිඳ වැටී අවසන්. 

බෞද්ධ සංඝ සමාජය වැනි සාමූහිකත්වයන් සාර්ථක ලෙස සියවස් ගණනාවක් තිස්සේ පැවතී තිබෙනවා. එහෙත්, සමාජවාදය හෝ වෙනත් මනෝරාජික න්‍යායයන් මත පදනම් වූ සාමූහිකත්වයන් එසේ ස්ථායී ලෙස වැඩි කලක් පැවතී නැහැ. බෞද්ධ සංඝ සමාජයේ සාමූහිකත්වය ඔවෙන්වාදීන්ගේ හෝ ෆුරියේවාදීන්ගේ සාමූහිකත්වයන් මෙන් සංවෘත පද්ධතියක් නෙමෙයි. එවැන්නක් ස්ථායී ලෙස පවතින්නේ බාහිර සමාජය සමඟ පවත්වාගන්නා සහජීවනය තුළයි. සංඝ සමාජයට අයිති භෞතික සම්පත් කිසිවක් එම සමාජය තුළ නිර්මාණය කර ගත් දේවල් නොවන නිසා සාමූහිකයේ කිසිදු සාමාජිකයෙකුට එම භෞතික සම්පත් වල පෞද්ගලික අයිතියක් නොතිබීම ඉතාම තර්කානුකූලයි.

මෙයින් වෙනස්ව ඔවෙනියානු හා ෆුරියේවාදී සාමූහිකයක් සංවෘත පද්ධතියක්. සාමූහිකය සඳහා අවශ්‍ය සම්පත් එම සාමූහිකය තුළම නිර්මාණය කර ගත යුතුයි. ඔවෙන්ගේ හා ෆුරියේගේ අනුගාමිකයින්ගේ (ෆුරියේවාදීන් විසින් පැලන්ස්ටරි හදන විට ෆුරියේ මිය ගිහින්) පරීක්ෂණ වලින් පෙනී ගියේ පොදු දේපොළ ක්‍රමය මත පදනම් වූ සංවෘත සාමූහිකත්වයක් ස්ථායී ලෙස පවත්වා ගැනීම අසීරු බවයි. 

ෆුරියේට ඔහුගේම න්‍යායික පදනමක් තිබුණා. එය පසුකාලීන මාක්ස්වාදයට වඩා ගොඩක් වෙනස්. ෆුරියේවාදය මත පදනම් වූ පැලන්ස්ටරි වල අතිරික්තය බෙදුවේ නිශ්චිත අනුපාතයකටයි (pp. 77).

ශ්‍රමය වෙනුවෙන් 5/12ක්  

ප්‍රාග්ධනය වෙනුවෙන් 4/12ක් 

කුසලතා වෙනුවෙන් 3/12ක් 

ප්‍රාග්ධනය වෙනුවෙන් 4/12ක් කියන එකෙන් අදහස් වෙන්නේ මා විසින් පෙර විස්තර කර තිබෙන කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ α = 1/3 ලෙස ඔහු විසින් සලකා ඇති බවයි. 

මනෝරාජික සමාජවාදී අදහස් දරුණුවටම විවේචනය කළේ මාක්ස් හා පසුකාලීන මාක්ස්වාදීන් විසිනුයි. මාක්ස්වාදීන්ගේ මූලිකම ලියවිල්ලක් වන කොමියුනිස්ට් ප්‍රකාශනයේද රොබට් ඔවෙන්ගේ හා චාල්ස් ෆුරියේගේ මනෝරාජික සමාජවාදී අදහස් සෘජුවම විවේචනයට ලක් වෙනවා. දැනට ඇති. ඉදිරි ලිපියකින් වැඩි විස්තර කතා කරමු.

Reference:

Hillquit, M. (1910). History of socialism in the United States. Funk & Wagnalls Company.

33 comments:

  1. https://www.youtube.com/watch?v=bD6skvbOYe8

    ReplyDelete
  2. බොහොම මෑතක් වගේ වෙනකල් මෙහෙත් තිබ්බා නොවැ සිහිනයක්
    හදන්නට හැදුවේ රටක් නොව 'උතුරුකුරු' කියලා දිවයිනක්
    ඊට පස්සෙයි හීන දැක්කේ වෙන්න අපි 'සිංගප්පූරුව'ක්
    හොඳට ඇහැ ඇර බැලූවොත් නං, අපේ රට දැන් 'කුණු පකක්'

    ReplyDelete
    Replies
    1. කවුරුන්වත් කලබල විය යුතු නැත. 'පක' කියනවා ගෙඩියටත්!

      Delete
  3. කවුරුන්ගෙන් හෝ පොෂණ නොවන සමාජවාදියන්ට වෙන්ටෑ මනෝරාජික සමාජවාදියෝ කියන්නේ. //ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.// ඉන්දියාවේ පොන්ඩිචෙරිවලත් ප්‍රාන්ශුවලගේ ඔයි වගේ අමුතු සමාජ පරීක්ෂනයක් නේද යෝගා හේම ගැටගහල.

    ReplyDelete
    Replies
    1. //ඉන්දියාවේ පොන්ඩිචෙරිවලත් ප්‍රාන්ශුවලගේ ඔයි වගේ අමුතු සමාජ පරීක්ෂනයක් නේද යෝගා හේම ගැටගහල.//

      මට මේ කියන දෙය ගැන අදහසක් නැහැ. පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද? ලින්ක් එකක් හරි?

      Delete
    2. කලකට ඉහත මට හමුවූ ප්‍රංශ ජාතික යෝගා කණ්ඩායමකින් ඉන්දියාවේ පොන්ඩි‍චෙරී පරණ ප්‍රංශ බලකොටුවක් තිබූ නඟරය යේ තියන ප්‍රංශයේ සහ ස්කැන්ඩිනේවියන් රටවලින් සංක්‍රමණය වන අය විසින් පවත්වාගෙන යනු ලබන සමාජවාදී ශ්‍රමය මත පදනම් වූ පාලනයක් පවත්වාගෙන යන ශ්‍රී අයුරොබින්දෝයොගාශ්‍රමයක් ගැන දැනගන්න ලැබුනා , එදිනවල ඔවුන් ලබා දුන් බුක්ලට් වලින්නම් එවැනි පාලනයක් කියවුනා,නමුත් දැන් හොයගන්න හැකි කරුනු අනුව නම් එය ආගමික සමාජයක් පමණත් බව පෙනී යනවා.
      https://www.sriaurobindoashram.org/ashram/
      https://en.wikipedia.org/wiki/Sri_Aurobindo

      Delete
    3. ඕක ගැන පොත් තුනක කියල තිබුනා නේද්? අරුන්දතී රෝයි ගේ පොතේ , ලයිෆ් ඔෆ් පයි සහ චේතාන් භගත් ගේ පොතක. හැබැයි සමාජවාදී ලේබල් නැති වුනාට එහෙම යෝගාශ්‍රම තියනවා ආගමික ඒවා. ඔය හැරේ ක්‍රිෂ්ණා කට්ටියගේ මෙහෙ තියනව ඒවත් එහමයි. හැබැයි මේ සමාජවාදී අදහසට සම්බන්ධයක් නැහැ. එතන සියල්ල අතහැර ඇලීම් ජිවත් වීමේ සම්ප්‍රදායක් තියෙන්නේ. මනෝ රාජික සමාජවාදයේ එහෙම එකක් නැහැ. මානව වර්ගයාගේ දියුණුව අවශ්‍යයි

      Delete
  4. ඉකොනො බ්‍රිතාන්‍ය ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානය (CEBR) මගින් මේ දවස්වල නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙන විදියට නව කොරෝනා වෛරස් (කොවිඩ් 19 ) වසංගත තත්ත්වය දක්ෂ ලෙස කළමනාකරණය කිරීම මගින් චීන ආර්ථිකයේ සාපේක්ෂ ඉහළ මට්ටමක වර්ධනය ඉදිරි වසර කීපය තුළ එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සංසන්දනය කිරීමේදී සැලකිය යුතු මට්ටමක විශාල ප්‍රමාණයක් ඉහළ යනු ඇති බව තමයි. ඒත් ඒක කරන්න පුළුවන් වේවි ද?

    ඒ වගේම 2030 වන විට ඉන්දියාව, ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය වෙන බවත් එම වාර්තාවේ තියෙනවා. ගෝලීය වසංගත තත්ත්වයයෙන් මුලින් බැට කෑවේ චීනය උනත් අතිශයෙන් දැඩි වූ අමානුෂික නීති පනවමින් ඉන් මිදෙන්නට හැකි වූ හෙයින් යුරෝපා රටවලට මෙන් ආර්ථිකය එක්තැන් කරවන ලොක්ඩවුන් කරා නැවත නැවතත් යාමට ඔවුනට අවශ්‍ය වූයේ නෑ දැවැන්ත ආර්ථිකයක් සහිත වෙනත් රටවලට මුහුණ දීමට සිදුවූ ආකාරයකින් ආර්ථික අවපාතයකට 2020දී චීනය ලක් නො වී ඒ වෙනුවට 2% කට වඩා වැඩි ආර්ථික වර්ධනයක් 2020දී චීනයේ සිදුවූ බව කියන්නේ.

    මේ අවාසනාවන්ත වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයට මරු පහරක් එල්ල වී රැකියා විරහිත ඇමරිකානුවන් මිලියන 14කට වඩා අධික පිරිසකට සහන දීමනා නොමැති වන තත්වයක් යටතේ චීන ආර්ථිකය 2025 දක්වා අවම වශයෙන් 5.7%ක වත් වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවටත් 2026 වසරේ ඉඳලා 2030 දක්වා එය අවම වශයෙන් 4.5%ක වර්ධනයකින් පවතිනු ඇති බවත් එම වාර්තාවේ කියන දේ වෙන්න පුළුවන් දෙයක් නොවෙයි නේද?

    මොකද ඉතිහාසය සොයා යන විට වසර 2000දී ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් 3.6% ක් චීනය සතුව පැවතුණු නමුත් මේ වන විට 17.8% ක් දක්වා පමණයි තම පංගුව වැඩි කර ගැනීමට චීනය සමත් වී සිටින්නේ. ඒ නිසා වසර 2023 වන විට චීනය ඉහළ ආදායම් ලාභී ආර්ථිකයක් වෙන එකක් නෑ කියලා කියන්න පුලුවන් නේද? අනෙක ඇමරිකානු එ.ජ. ආර්ථිකය පවා අවම 1% - 1.6% අතර ප්‍රමාණයකට හෝ උපරිම ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙයි කියලා හිතෙනවා.

    නමුත් එම ආර්ථික සහ ව්‍යාපාර සමීක්ෂණ මධ්‍යස්ථානයේ (CEBR) උප-සභාපති ඩග්ලස් මැ'ක්විලියම්ස් කියන්නේ මේ ගෝලීය වසංගත රෝග තත්ත්වය කල්තියා පාලනය කරපු නිසා විතරක් නෙවේ නවීන නිෂ්පාදන ආදී කර්මාන්ත සඳහා කඩිනම් ප්‍රතිපත්ති සම්පාදනයන් ඇතිකිරීම හේතුවෙන් ද චීන ආර්ථිකය වේගවත් වී ඇති බව. මේක ඇත්ත ද?

    ඒ අනුව යමින් ඔහු කියන්නේ එක මට්ටමකින් මධ්‍යගත පාලනයක් පවත්වාගෙන යන ගමන් අනෙකුත් ක්ෂේත්‍ර තුළ නිදහස් වෙළඳ ආර්ථිකයක් පවත්වාගෙන යාම චීන රජයේ සැලසුම බවත් විශේෂයෙන් ම තාක්ෂණික නිමැවුම් ක්ෂේත්‍රය ඉදිරියට තල්ලු කර ගැනීම සඳහා ඔවුන්ට උදව් වෙන්නේ ඒ නිදහස් වෙළඳ ආර්ථික කොටස බව. මේකේ සත්‍යතාවය කුමක්ද?

    ඒ වගේම ඇමරිකානු මාධ්‍ය මගින් ඇමරිකානු පුරවැසියන් අන්දමින් එක්සත් ජනපදය අභිභවා චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වුවද එක් පුද්ගලයෙකු සතු දළ වත්කම් (ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය) ගත්තහම එක්සත් ජනපද වැසියෙකුට වඩා චීන වැසියෙකුගේ ආර්ථික මට්ටම හතරෙන් එකක් ලෙස ඔවුන් දුප්පත් වන බවට සාවද්‍ය ප්‍රචාරයක් (ඇමරිකානු එක්සත් ජනපදයේ මෙන් හතර ගුණයක ජනගහනයක් චීනය සතු නිසා) ගෙන යන බවත් ඒ කතාව අර්ධ සත්‍යයක් වන බව නන්-ඇමරිකන් ආර්ථික විචාරකයන් කියන්නේ ඇයි? ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන purchasing power party නමැති සංකල්පය සහ මධ්‍යගත රාජ්‍යයක් වන චීනයේ ඉතා සංවිධානාත්මකව ගෙන යන ශක්තිමත් සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ඒකීය පුද්ගලයන්ට සැලකිය යුතු ලෙස වැඩි ප්‍රමාණයක් ප්‍රතිලාභ සෘජුවම එහි වැසියන්ට ලබා දීමෙන් ඇමරිකානු එක්සත් ජනපදයට වඩා ඉහළ ජීවන තත්ත්වයක් ලැබෙනවා කියන එක මට පිළිගන්න අමාරුයි.

    https://amp/s/fortune.com/2021/01/18/chinas-2020-gdp-world-no-1-economy-us/amp/


    https://www.globaltimes.cn/page/202101/1214352.shtml

    මේ ගැන ඉදිරියේදී ලිපියකින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේ ප්‍රශ්න සියල්ලටම විස්තරාත්මකව පිළිතුරු දෙන්න මුළු සංවර්ධන ආර්ථික විද්‍යා විෂයම වගේ සාකච්ඡා කරන්න වෙනවා. අපි මේවා හෙමිහිට කතා කරමු.

      ඇමරිකාව වගේ හතර ගුණයක ජනගහණයක් ඉන්න චීනයේ හා ඉන්දියාවේ ආර්ථිකයන් ඇමරිකාවට වඩා කුඩා වීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. කාලයක් යද්දී කොහොමත් චීනයේ හා ඉන්දියාවේ ආර්ථිකයන් ඇමරිකාවේ ආර්ථිකය මෙන් හතර ගුණයක් විය යුතුයි. ඒ වගේම, එසේ වන තුරු චීනයේ හා ඉන්දියාවේ ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක තිබිය යුතුයි. මම ඉදිරිපත් කළ සොලෝ ආකෘතියෙන් එය පැහැදිලි කරන්න පුළුවන්.

      ඒකීය පුද්ගලයෙක්ට වැදගත් තමන්ගේ ආදායම මිසක් රටේ ආදායම නෙමෙයිනේ. මේක බොහොම සරල දෙයක්. කවුරුවත් අන්දන්න කියන කතාවක් නෙමෙයි. ඔබම හිතල බලන්න ඔබට වැදගත් කුමක්ද කියලා. හැබැයි රටක දේශපාලන බලය වගේ දේවල් තීරණය වන්නේ රටේ සමස්ත ආදායම මත. ඒ නිසා, චීනයේ ආර්ථිකය ඇමරිකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක් වුනත් චීන ජාතිකයෙකුගේ ජීවන තත්ත්වය ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වයට වඩා ගොඩක් අඩු මට්ටමේ එකක්. නමුත්, ලෝක දේශපාලනය තුළ චීනයට ඇමරිකාව මෙන් දෙගුණයක බලපෑමක් කළ හැකියි.

      Delete
  5. ඉකෝන් මම හිතන්නේ ලංකාවෙ සමාජවාදය වැනී යල් පැන ගිය ආර්ථික සංකල්ප ලංකාවෙ තවමත් පැතිරී තියෙන්නෙ සමාජය තුළ තිබෙන දුර්වල මූල්‍ය, ආර්ථික සහ දේශපාලන සාක්ෂරතා අර්බුදය නිසා බව. ජනතා විමුක්ති පෙරමුණ පුන පුනා දැඩි ලෙස අවධාරණය කරමින් පවසන්නේ ලංකාවෙ ජනයාගේ දේශපාලන සාක්ෂරතාව ඉතා දුබල සහගත බව නිසා ඔවුන්ට ඡන්දය නොලැබෙන බවයි.

    කෙසේ වෙතත් ලංකාවේ තරුණයන්ගේ පවා දේශපාලන මෙන්ම සමාජ ආර්ථික නොතේරුම්කම ඉතා ඉහළයි. ඒක ගැන ඉතාම සරල තවත් සිදුවීමක් හරහා ලේසියෙන්ම පැහැදිලි කරන්න පුළුවන්.

    දැන් ලංකා වෙලාවෙං හෙට උදේ පටන් ගන්න ලංකාව සහ බ.ඉ. කොදෙව් අතර ක්‍රිකට් තරගාවලිය විකාශය නොකරන්න ලංකාවේ රජයට අයත් චැනල් අයි කියන රූපවාහිනී චැනල් එක තීරණයක් අරන්.

    මං දැක්කා අතරින් පතර සංවිධානාත්මකව සමගි ජන බලවේගයේ සහ ජවිපෙ ජාතික.ජ.බ. හිතවාදී අන්තර්ජාල පේජ් සහ කමෙන්ට්කරුවන් මේ සිදුවීමටත් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාව විවේචනය කරනවා.

    ඇත්‍තටම මුල්ම දේ චැනල් අයි නාළිකාව ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් නෙවෙයි. ඒ සරල මූලික දේ.

    දෙවැන්න ක්‍රිකට් තරගයක් විකාශය කරන්න විකාශන අයිතිය ලබා ගන්න නිෂ්පාදකයන්ට විශාල මුදලක් ගෙවන්න නාළිකා වලට සිදු වෙනවා. රජයේ නාළිකාවක් නම් මේ ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් ලැබුනු මුදල්. (තනි සැට් එකෙන් වින්ඩීස් ෆීඩ් ගන්න බෑ මෙහෙට එක පාර එක නිසා මගින් සැට් එකකට අරන් මෙහෙට ගන්න පුලුවන් [100.5E 68.5E] වගේ එකකට එතනින් අප් ලින්ක් කරලා තමයි මෙහෙට ගන්න ඕන. ඒකයි වියදම් වැඩි ඉන්දියන් එක සැට් එකකවත් මේක යන්නේත් නෑ)

    මෙහෙම මුදලක් ගෙවලා විකාශන අයිතිය ගත්තම, ඔවුන් යළි ඒ මුදල හොයාගන්නේ වෙළද දැන්වීම් ප්‍රදර්ශනය කරලා.

    හැබැයි දැන් ක්‍රිකට් තරග නරඹන ප්‍රමාණය 40%කින් වගේ අඩු වෙලා කියලා මාකටිං ඒජන්සි සහ සමීක්ෂණ වාර්තා කියනවා.

    ඒ නිසා සමාගම් දැන් ක්‍රිකට් තරග අතර වෙළද දැන්වීම් මිලට ගන්නවා අඩුයි.

    මහ රෑ තියෙන මැච් එකක් බලන පිරිස ඊටත් වඩා අඩුයි. එවැනි තරගයක වෙළද දැන්වීම් කිසිම සමාගමක් මිලට ගන්නේ නෑ.

    ඉතින් විශාල මුදලක් ගෙවලා විකාශන අයිතිය ගත්තට, එයින් ලාභ උපයන්න බැරි නම් ඒ මුදල නාළිකාවට පාඩුවක්.

    ඒක අවසානයේ ඔඩිට් වුනාම හේතු කියන්න වෙන, භාණ්ඩාගාරයෙන් ලැබුනු බජට් ඉවර වෙන, නාළිකාව බංකොලොත් වෙන වැඩක්.

    ඉතින් ඒ පාඩුව නිසාම තරගාවලි අයිතීන් මිලට නොගෙන ඉන්න නාළිකා ප්‍රධානීන් තීරණය කරනවා.

    ඒක ඔවුන්ගේ ස්වාධීන අයිතිය.

    ඔය සරල කරුණ තේරුම් නොගෙන ඒකටත් ක්‍රීඩා ඇමතිට දොස් කීම මෝඩ වැඩක්. මේ වගේ තමයි අනිත් ඒවාත්. මේ වගේ අතිශයෝක්තියෙන් කරන විවේචන නිසා අවශ්‍ය දේ නොව අනවශ්‍ය දේවල් වලට බහුතර මහජන අවධානය යොමු වී සමස්තයක් ලෙස විශාල අවුලක් වෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ජවිපෙ වගේ පක්ෂයක් බලයට ආවොත් රටේ භාගයක් විතර ජිවිත නැතිවෙයි කියන බයක් ජනතාව තුල තිබෙනවා නේද (එජාප මර්දනය පැමිණියේ එයට පිළිතුරක් ලෙස නිසා ඒ ගැන අමතක කලොත්)

      Delete
    2. නැහැ ජවිපෙ ජාතික ජන බලවේගයේ අරමුණ ලංකාවේ කියුබාව හා සමාන ඉතා දියුණු තාක්ෂණයක් සහිත සංවර්ධිත සමාජවාදී ආර්ථිකයක් ඇති කිරීමයි. ඒ සඳහා ජවිපෙ ජාතික ජන බලවේගයේ නවීන සමාජවාදී ආර්ථික දේශපාලනික සංකල්ප ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. ලංකාවේ රාජ පක්ෂ චෞරයන් විසින් සොරකම් කළ ඩොලර් ට්‍රිලියන ගණනක මුදල් සහ මහ බැංකුවේ හොරකම අනුව මහේන්ද්‍රන් සොරකම් කල බිලියන දොළහක් පහළවක් පමණ මුදල් ද නැවත රජයට අත්පත් කරගෙන ඒ මුදල් මගින් දිළිඳු ජනයා නගා සිටුවීම සහ බඩු මිල අඩු කිරීමට ඒවා වැය කළ හැකියි. ජීවන වියදම් අඩුකර නවීන සමාජවාදී දැනුමෙන් සන්නද්ධ නවීන පන්නයේ මිනිසුන් බිහි කළ විට ඉතා පහසුවෙන් රට සංවර්ධනය කළ හැකි වනු නිසැකයි.

      ඔය කියනවා වගේ ජවිපෙ මිනී මැරුම් කරන බවට ගොන් මෝඩ මීහරක් අදහසක් තියෙන්නේ ලංකාවේ ඉන්න හැට නම ලක්ෂයක් තැරිදාර පුන්නක්කු සාඩිං ටින් ගැසට් රිවස් මීහරක් වහල් බයි කාලකන්නි හැත්තට විතරයි. ලංකාවේ බුද්ධිමත් ජනතාව ඔය වගේ ගොන් මෝඩ මීහරක් කතා කියන්නේ නැහැ.

      චොකා මල්ලි, පිල්ලයාන්, කරුණා, කේ.පී. ඇතුළු මිනීමරුවන්, හොරුන් මංකොල්ල කාරයෝ, යකඩ හොරු, මාල හොරු, කසිප්පු කාරයෝ, පරිසර විනාශය කරන කැලෑ හොරු අති බහුතරය ඉන්නේ පොහොට්ටු කම්බ හොර කල්ලියේ මිසක් ජවිපෙ නෙවෙයි.

      ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය ඉතාමත් උගත් අය වන අතර ඒ සියලු දෙනාම රටට ආදරය කරන බුද්ධිමතුන් පිරිසක්.

      Delete
  6. ඉකොනොමැට්ටා මේ අනාවැකිය හරි යයි වගේ නේද? ලංකාවේ මෑත ඉතිහාසය තුල සාර්ථක වූ අනාවැකිය මෙයයි;


    https://m.facebook.com/story.php?story_fbid=1583756995133757&id=365068543669281


    //මේ මැතිවරණය රාජපක්ෂලා දිනිය යුතුමය... ඇයි ඔවුන් දිනිය යුතු වන්නේ ...
    රාජපක්ෂලා හෙනම කෙරුමන් ලෙස අමු මැටි මීහරක් ගොන් බයියෝ සිතා සිටිති ..ඔවුන්ට කල නොහැක්කක් නොමති බව සිතති .. එය අමූලික බොරුවක් වීමට නම් ඔවුන්ට බලය ලබා දිය යුතුමය. මන්ද රාජපක්ෂලා මෙහේ උන්ට හෙන පොර උනාට ජාත්‍යන්තරව ඔවුන් ගැන ලෝකයට ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් කියවීමකි. එය අතිශය නෙගටිව් පිළිකුල් සහගත අමන දූෂිත අශිෂ්ඨ රූපයකි. ඔවුන් චීනයේ අගු පිලේ සිටිනා හිඟන්නන් පිරිසක් ලෙස ලෝකය දකී. මේ නිසා චීනය හැරුණුකොට අනිත් ලෝකයෙන් ඔවුන්ව මුළුමනින්ම පිළිකුල් සහගත ලෙසට බැහැර කර ඇත. එසේම අද මේ ආන්ඩුව 2010 මහින්ද ආන්ඩුව ලබා ගත් කාලයට වඩා බොහෝ වෙනස් ය. ඔවුන් විසින්ම 2005 - 2014 කාලයේ ගිණි පොළියට චී ණය ගනිමින් කෝටි ප්‍රකෝටි ගනන් සොරකම් කරමින් මහජන මුදල් කාබාසිනියා කරමින් අටවා ගන්නා ලද අතිශය බරපතල භයානක ණය උගුලක ඔවුන්ම කොටු වී සිටිති. මේ ණය උගුලේම ඔවුන් ගිලෙන සැටි ගිලී මියයන විට රට විනාශ මුඛයට යන ආකාරය දැකීමට නම් ඔවුන් දිනිය යුතුමය. ඒ අස්සේ කොරෝනා නිසා ආර්ථිකය බින්දුවටම වැටී ඇත. මේ ආර්ථික අවපාතය තුල ලෝකයේ උදව් නැතිව චීනය සරණින් පමණක් ගොඩ එන සැටි බැලීමට ඔවුන් බලයේ සිටිය යුතුය. ලෝකයෙන් චීනය කොන් කරන පරිසරයක් ගොඩ නැගෙමින් තියෙන ලෝක තත්වයක් තුල ඉන්දියාවේ හා ඇමරිකාවේ බලපෑමට ඔරොත්තු දෙමින් චීන ආධිපත්‍ය රැක දෙමින් සිටීමට ඔවුන්ට ඇති හැකියාව බැලීමට ඔවුන් බලයේ සිටිය යුතුමය. දෙරණ හිරු කියන අන්ත අශික්ෂිත කාලකන්නි ජඩ මාධ්‍ය දෙකේ ආධාරයෙන් රටේ ප්‍රශ්ණ යට ගසා ආණ්ඩුවක් කොච්චර මිනිස්සු මුලා කරමින් කොපමණ කල් ගෙනියනවාද කියා බැලීමට ඔවුන් බලයේ සිටිය යුතුමය. කොච්චර කාලයක් හරියට බඩට නොකා නොබී වැරහැලි අඳිමින් රට ජාතිය ආගමට මිනිස්සුන්ට ප්‍රේම කල හැකිද කියා බලා ගැනීමට ඔවුන් බලයේ සිටිය යුතුමය. 2005 සිටි මහින්ද නොව අද සිටින්නේ අවු.74 ක් වයස වල පයයි ගොඩ පයයි නාකි හම්පඩ හිවල් ගොබිලෙක් වන මයිනා මහින්ද කෙනෙකි. දිනෙන් දින වයසට යනවා ඇග දිරාපත් වනවා මිස තරුණ වන්නේ නැත. ඒ නිසා ඉදිරියේ දී රට බංකොලොත් වීමේ අවධානම හමුවේ එන අධි පීඩන කාරී තත්වයට හමුවේ අවු. 74 ක් වයස අගමැති ගේ මොලයේ දරාගැනීමේ හැකියාව අපිට බලා ගැනීමට නම් ඔවුන් බලයේ සිටිය යුතුමය. අවසාන වශයෙන් මේ ගොඩ නැගී ඇති "බයි සංස්කෘතියේ" තිරණාත්මකම වසර 5 මෙයයි. උන් 2025 වෙනකොට වදවෙනවාද නැද්ද කියා බලා ගැනීමට පොහොට්ටු ආණ්ඩුවක් තිබිය යුතුමය. මම නම් කිසිදා පොහොට්ටුවට ඡන්දය නොදෙමි. නමුත් කිසිම විචාර බුද්ධියෙන් තොරව සිතන ඔබට දිය හැකි වනු ඇතැයි සිතමි. මා හට එහිදී අවශ්‍ය වන්නේ සිදුවන්නට නියමිත ජවනිකා පෙළ නරඹන ප්‍රේක්ෂකයකු වීමට මිස, කොටස් කරුවෙකු වීමට නොවේ... ඒත්... ඔබට එහි කොටස් කරුවෙක් වීමේ හෝ නොවීමේ පරම අයිතිය ඇත ..මන්ද ඔබේ ඡන්දයේ අයිතිකරු ඔබම වන නිසාවෙනි ....//

    අන්තිමේ කොහොම හරි කතාව ඇත්ත වුණා නේද? :D :D :D

    ReplyDelete
  7. //සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්. මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඇමරිකාවේ තවමත් යුතෝපියාවන් තුළ ජීවත් වන ප්‍රජාවන් ඉන්නවා.//
    එකොන් ගේ ලිපි වලින් මම සෑහෙන තර්කානුකූලව හිතන්නට උපකාර කරන යම් විස්තර දැන ගත්ත. මට තේරුණා යුතෝපියානු සමාජවාදය කියන එක එකොන් කලින් වැඩිය දැනගෙන හිටියේ නැහැ කියල. නමුත් අපේ සංවද වලට ඒක බාධාවක් නොවෙන්නේ මගේ ආස්ථානය එතනට වැදගත් නැති නිසා. මම මීට කලින් වෙනත් කාන්තා ලේඛිකාවක් විසින් ලියන (ලිබරල් පන්නයේ) ලිපි කියවල අදහස් දැක්වූවා. එයාගේ අදහස් හොඳ වුනත් ඇමරිකාව පිළිබඳව ආන්තික ලෙස කරන සිතීමක් තියෙනවා. එතනම් ප්‍රතිචාර කරන සමහර අය හුඟක් විට ගිය එකම රට ඇමෙරිකාව. ගිහිල්ල හුගක් වෙලාවට කරන්නේ සාමාන්‍ය නුපුහුණු රැකියා. නමුත් ඇමෙරිකාව ගැන කතා කරන්නේ ඔලුවටත් උඩින් තියාගෙන. ඒක ඇමෙරිකාවට හොඳ බව ඇත්ත. තමන්ගේ ඇමෙරිකන් ගතිය ඉස්මතු කරන එක මොන රටකින් ආවත් ප්‍රශංසනීයයි. නමුත් වෙන රටක කෙනෙකුට ඒක පෙනෙන්නේ උද්ධච්ච ලෙස. විශේෂයෙන් බ්‍රිතාන්‍යය හා යුරෝපය අමෙරිකනුන් ගේ ඒ ගතිය ඉවසන්නේ නැහැ. ඒක immodest වගේ. එකොන් ටත් ඒ ලෙඩේ වැළඳී ගෙන එනවදෝ කියා හිතුන. එහෙම වුනොත් කණගාටුවට කාරණයක්. මොකද අර බ්ලොග් අඩවි වලට මම ඉන් පස්සේ ගියේ නැහැ.
    ඔබ ඔය කියන මනෝ රාජික කියා හඳුන්වන පර්යේෂණ ප්‍රජාවන් කලේ ඇමෙරිකාවේ පමණක් නොවේ. ලෝකයේ ප්‍රධානතම ධනවාදී රටක් හා සාමාන්‍යයෙන් කලබලයෙන් තොර (හැට හැත්තෑ ගණන් දක්වා පැවති සුදු ජාති වාදය හා කළු මිනිසුන්ට බල්ලන්ට සේ සැලකීම අත හැරියොත් එවන් පර්යේෂණයක් කරන්න හොඳම රට ඇමෙරිකාව. මොකද මනෝරාජික සමාජවාදීන් විශ්වාස කරන්නේ ඉතා හොඳින් දියුණු වූ ධනවාදයක සමාජවාදය ඇති වෙනවා කියල . ඉතින් ඒ අදහස තාර්කික නැත්ද?
    හැබැයි මම කලිනුත් කිව්වා ඊශ්‍රායල් කිබුට් ක්‍රමය මනෝරාජික සමාජවාදීන් හා ඒ සම්බන්ධව හිටි යුදෙව් ජාතික බුද්ධිමතුන් ගේ නිතර ආකර්ෂණයට ලක්වුණු දෙයක් බව.
    හැබැයි ඉකොන් නොදන්නවා වුනාට තව රටවල් විශාල ප්‍රමාණයක එවැනි දේ ක්‍රියාත්මක වුනා. ශ්‍රී ලංකාවේ (ඔව් අපේ කට්ටියක් ගොවිතැන් කරන්න ගියා පවුල් පිටින් අක්කර ගානක් අරගෙන . මට හරියට තැන මතක නැහැ. කුරුණෑගල පැත්තේ) යාළුවෙක් ගෙන් අහල කියන්නම්.
    රුසියාවේ දැනට තියනවා මිලන්කි කියල ගමක්. ඊට අමතරව ඒ වගේ තැන් රාශියක් තියනවා දැනට. මිනිස්සු කැමැත්තෙන් එකතු වෙලා.
    එතකොට ටිටිකාකා කියන (පේරු රටේ ) වැව ළඟ ජිවත් වෙන මිනිස්සු ගැන අහල තියනවද?
    මේ ලින්ක් එක බලන්න.
    https://www.contiki.com/six-two/people-live-lake-titicaca/
    එතකොට කාම්බෝජයේ විශාලම වැවක ඉන්න බෝට්ටු ප්‍රජාව. මම 2019 ගිය වෙලේ ඒ පැත්තේ ගියා. ලිපියක් ලියන්න ඕනේ

    මේ තියෙන්නේ පරණ එංගලන්තයේ එව්වා.
    United Kingdom[edit]
    George Mudie, a printer, formed an Owenite community at Spa Fields, in the London Borough of Islington between 1821 and 1824. Mudie published a weekly journal, the Economist, which ran from 27 January 1821 to 9 March 1822. The printer Henry Hetherington was a member. Mudie moved to Orbiston after this community failed.[5]
    Archibald James Hamilton, the radical laird of Dalzell and Orbiston, owned an estate 8 miles outside Glasgow. He was one of the gentlemen who commissioned Robert Owens’ “Report to the County of Lanark”. In 1821, he and several other Owenite sympathizers such as Abram Combe formed the Edinburgh Practical Society that operated a co-operative store, and a school. In addition, Hamilton provided his 290-acre estate, Orbiston, for the first Owenite co-operative community in the United Kingdom, in 1825. The community collapsed in 1827 on the death of its founder.
    Ralahine Community, County Clare, Ireland (1831–1833) was organized on the estate of John Vandeleur by Edward T. Craig. Unlike other Owenite communities, workers were paid “labour notes” which they could spend in the co-operative store. By this time, Owenism had moved on to its Labour Exchange phase. The experiment ended when Vandeleur lost his estate through gambling.
    Harmony Hall Community at Queenwood Farm, Hampshire (1839–1845). This is the only other colony than New Harmony in Indiana founded by Robert Owen himself. In 1839 his Association of Classes of All Nations acquired five hundred acres at Queenwood farm.[

    ReplyDelete
    Replies
    1. //මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් විසින් ඔවුන්ගේ යුතෝපියාව හදන්න තෝරා ගත්තේත් ඇමරිකාව. ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ.//

      යුරෝපයෙන් ආ යුතෝපියානු අදහස් තිබුණු අය වගේම මෑතකාලීනව ඕෂෝගේ අනුගාමිකයින් ඇවිදිනුත් ඇමරිකාවේ ඔවුන්ගේ යුතෝපියාවන් හැදුවා. ඒවා කඩා වැටුනේ ඔවුන්ගේ ප්‍රජාවන් ඇතුළේම ඇති වූ ප්‍රශ්න නිසා. (ඔවෙන්ගේ කණ්ඩාමේ අයෙක් සල්ලි හොරකම් කරලා විස්කි පෙරන ඉස්කාගාරයකට ආයෝජනය කළා. එසේ නැතිව බාහිර බාධාවක් ආවේ නැහැ). ඕෂෝගේ අනුගාමිකයින් වැනි වෙන රටක, වෙන සංස්කෘතියක වෙන ආගමික පසුබිමක පිරිසකට ලංකාව, ඉන්දියාව වගේ රටකට ගිහින් යුතෝපියාවක් හදන්න පුළුවන් කියා අජිත් හිතනවද?

      //එතනම් ප්‍රතිචාර කරන සමහර අය හුඟක් විට ගිය එකම රට ඇමෙරිකාව. ගිහිල්ල හුගක් වෙලාවට කරන්නේ සාමාන්‍ය නුපුහුණු රැකියා.//

      මමනම් ප්‍රතිචාර වල තිබෙන කරුණු මිසක් ප්‍රතිචාර දමන අයගේ රැකියා ගැන හොයන්නේ නැහැ.

      //ඔබ ඔය කියන මනෝ රාජික කියා හඳුන්වන පර්යේෂණ ප්‍රජාවන් කලේ ඇමෙරිකාවේ පමණක් නොවේ.//
      ඇමරිකාවේ පමණක් කියා මම කොහේවත් කියා නැහැ.

      //ඊශ්‍රායල් කිබුට් ක්‍රමය මනෝරාජික සමාජවාදීන් හා ඒ සම්බන්ධව හිටි යුදෙව් ජාතික බුද්ධිමතුන් ගේ නිතර ආකර්ෂණයට ලක්වුණු දෙයක් බව.//

      මේ ක්‍රමය යුදෙවුවන්ගේ ආගම හා සංස්කෘතිය තුළ ඓන්ද්‍රීය ලෙස හැදුනු දෙයක් මිසක් මනෝරාජික සමාජවාදී අදහස් මත හදපු එකක් නෙමෙයිනේ. ඊශ්‍රායලයේ කිබුට් හැදෙන්න වගේම ඔවෙන් ඇමරිකාවට එන්නත් පෙර සිටම ඇමරිකාවේ සියොන්වාදීන් අතර මේ ක්‍රමය තිබුණා.

      //ඔව් අපේ කට්ටියක් ගොවිතැන් කරන්න ගියා පවුල් පිටින් අක්කර ගානක් අරගෙන . මට හරියට තැන මතක නැහැ. කුරුණෑගල පැත්තේ//

      ලංකාවේ මම දන්න ඔය වගේ දේවල් කළ අය ඉන්නවා. ඉඳහිට ටික දෙනෙක් ඔය වගේ වැඩ කළත් ඒවා දිගුකාලීනව සාර්ථක වී නැහැ.

      //එතකොට ටිටිකාකා කියන (පේරු රටේ ) වැව ළඟ ජිවත් වෙන මිනිස්සු ගැන අහල තියනවද?//

      ඔය ලින්ක් එකේ පැහැදිලිව පෙනෙන පරිදි මෙහි තිබෙන්නේ සම්ප්‍රදායික සමාජයක්නේ. මම හිතන්නේ ඔබ කියන බෝට්ටු සමාජයත් ඒ වගේ එකක්. එහෙමනම් ඇමරිකාවේ ඉන්න අමීෂ් වරු ඊට වඩා ගොඩක් විශාල ප්‍රජාවක්. ළමයි පාසැල් නොයවා වෘත්තීය දැනුම ලබා දෙනවා. එන්නත් කරන්නේ නැහැ. අශ්ව කරත්ත වලින් යන්නේ. ඔය අශ්ව කරත්තයක් පස්සට වැටුනොත් සමහර වෙලාවට ට්‍රැෆික් එකක් හැදිලා හැතැම්ම දෙක තුනක් යන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ මිනිස්සු සත පහකට ගණන් ගන්නේ නැහැ. මේ වගේ ක්‍රමයක් දියුණු අනාගත සමාජයක් කියා කියන්න බැහැ නේද? මූලික දේවල් ටිකකින් සෑහීමකට පත් වෙනවානම් ඔය වගේ ස්වයංපෝෂිත ඒකක ස්ථායීව පැවතිය හැකියි. ලංකාවේ පැරණි ගම් වගේ. නමුත්, ලෝකයම එවැනි තැනකට යනවා කියන්නේ ඉතිහාසය දිගේ ආපසු යාමක්.

      යුරෝපයේ රටවල් ගණනාවක ඔවෙන්ගේ හා විශේෂයෙන්ම ෆුරියේගේ සමාජ හැදුවා කියලා මම දන්නවා. ඉතිං ඕවා එකෙන් එක කියන්න ඕනෑද? ඒවාට වුනෙත් එකම දේනේ.

      Delete
    2. //ඉන්දියාව හෝ ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ//
      ඒ වගේ රටවල් මෙවැනි පර්යේෂනාත්මක කොමියුනිටි තිබ්බ කියල හෙව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. ඒවා අන්තර්ජාලයේ නැති නිසා දමන්න විධිහක් නැහැ. අර ලංකාවේ එක ගැන යාළුවෙක් ගෙන් අහන්න ඕනේ . දැනට එයාඑක්ක තිබුන සම්බන්ධය කැඩිලා වෙනත්දේශපාලන ප්‍රශ්නයක් නිසා.
      //මේ ක්‍රමය යුදෙවුවන්ගේ ආගම හා සංස්කෘතිය තුළ ඓන්ද්‍රීය ලෙස හැදුනු දෙයක් මිසක් මනෝරාජික සමාජවාදී අදහස් මත හදපු එකක් නෙමෙයිනේ. ඊශ්‍රායලයේ කිබුට් හැදෙන්න වගේම ඔවෙන් ඇමරිකාවට එන්නත් පෙර සිටම ඇමරිකාවේ සියොන්වාදීන් අතර මේ ක්‍රමය තිබුණා// ඉතින් මම කොහේ හරි කීවද එහෙම දෙයක්. බොහොමයක් මනෝරාජික සමාජවාදීන් ඒ අදහස් ගත්තේ ඒවා අධ්‍යනය කරලා. මාක්ස් ඒවා ගත්තේ මනෝරාජික සමාජවාදීන් ගේ අදහස්, හේගල්, ඩාවින් ගේ පරිණාමවාදය ය හා ආදී බොහෝ දේ සමග ඔහුගේ අධ්‍යයනයන් එකතු කරල. මමත් ඉතින් උඩ කීවනේ ඒවා සාර්ථක වුනේ නැහැ කියල. නමුත් පර්යේෂණ කරන් යන්න ඕනේ. ධනවාදී දියුණුව අත්‍යවශ්‍ය ඒකයි රටකට. දුප්පත් රටක සාමුහික ක්‍රමය හදන්න පුළුවන් නමුත් අර දියුණුවට ඉඩ දීල. දැන් වියට්නාමය තරමක් දුරට එහෙම ක්‍රමයක් අත්හදා බලාගෙන යනවා. //යුරෝපයේ රටවල් ගණනාවක ඔවෙන්ගේ හා විශේෂයෙන්ම ෆුරියේගේ සමාජ හැදුවා කියලා මම දන්නවා. ඉතිං ඕවා එකෙන් එක කියන්න ඕනෑද? ඒවාට වුනෙත් එකම දේනේ.// දැන් මොකක්ද ඔයාගේ තර්කය. ඔයා ඇමරිකාවේ විතරක් කියපු කතාවට තමයි මම ඔය ප්‍රතිචාරය දැම්මේ. (ප්‍රතිචාර දෙකටම එක උත්තරයක් තමා හොඳ. දිග වැඩි නිසා මම දෙක වෙන් කරලා දැම්මේ.) දැන් කොහෙවත් මනෝරාජික සමාජවාදීන් කියල තියනවද "හලෝ මෙන්න පුර්ණ සමාජවාදී කොමියුන් එකක් හැදුව කියල". කවුරුත් කොහෙවත් එහෙම එකක් කියල නැහැ. විද්‍යාත්මක පර්යේෂණයකදී වුනත් තියරියක් එලියට දාන්නේ පර්යේෂණය සාර්ථක වුවොත් විතරයි. //ඔය ලින්ක් එකේ පැහැදිලිව පෙනෙන පරිදි මෙහි තිබෙන්නේ සම්ප්‍රදායික සමාජයක්නේ.// ඒක මම දන්නවා ඔයා කියන්න ඕනෙය ඒක . මගේ බිරිඳ ඕක බලන්න ගියා එයා පේරු ගිය වෙලේ. මට යන්න බැරිවුනා. ඒවා මේ අධ්‍යයනයන්ට අවශ්‍යයි. අමිශ් වරු ගැනත් මම ම්කලෙකට කලින් හැදෑරුවා. ඒවා අපි කියන මනෝ රාජික සමාජවාදය අදහන කොමියුන් නොවේ. එනමුත් ඔවුන්ගෙන් ඉඑගන ගත හැකි දේ තිබෙනවා. අමිශ්වරු වගේ ක්රියදමයක්ට් තමයි පොල්පොට් එක්තරා විධිහකට කරන්න හැදුවේ. අතීත ක්‍රමයට යන එකේ භයානක කම ඒකයි. මනෝරාජික සමාජවාදීන් සාමාජිය දියුණුව ගැන මිසක් අතීතයට යමක් ගැන කතා කරන්නේ නැහැ. ස්වයං පෝෂිත වන්නේ නම් ධනවාදී ක්‍රමයේ ඉතා හොඳ දියුණුවක් තිබිය යුතුයි කියලයි බොහෝ අය විශ්වාස කරන්නේ .

      Delete
    3. පළමුව, මෙතැන තිබෙන තේරුමක් නැති අඩුවෙන්ම වැදගත් කරුණට පිළිතුරක් දීල ඉන්නම්.

      //ඔයා ඇමරිකාවේ විතරක් කියපු කතාවට තමයි මම ඔය ප්‍රතිචාරය දැම්මේ.//

      මේක අජිත්ගේ හිතේ තියෙන එකක් මිසක් මම කියපු එකක් නෙමෙයිනේ. මම හිතන්නේ ඔය අජිත් කියන්නේ "සමාජවාදී වේවා ආගමික වේවා මනෝරාජික අදහස් තිබෙන ගොඩක් අයගේ තේරීම වෙන්නේ ඇමරිකාව වගේ නිදහස් රටක්." කියන කොටස ගැන වෙන්න ඇති. මම මෙහි "ඇමරිකාව වගේ නිදහස් රටක්" කියා මිසක් "ඇමරිකාව පමණයි" කියා කිවුවද? ලෝකයේ තිබෙන එකම නිදහස් රට ඇමරිකාවද? අනිත් හැම රටක්ම නිදහස් නැති රටවල්ද? එහෙම ඉරි ගසා වෙන් කළ හැකිද? ඒ වගේම මම "ගොඩක් අයගේ" කියා මිසක් "සියල්ලන්ගේම" කියා කිවුවේත් නැහැනේ. අනිත් එක මම මේ කතා කරන්නේ ඇමරිකාවේ සිදු වූ දෙයක් ගැන. ඒ නිසා ඔතැන ඇමරිකාව වෙනුවට "ස්ව්ට්ස්ර්ලන්තය වගේ නිදහස් රටක්" කියන එකේ තේරුමක් නැහැනේ. තරහ වෙන්න එපා. මේක තනිකරම ඇමරිකාව හා ඇමරිකාවේ ජීවත්වන අය සම්බන්ධව අජිත්ගේ ඔලුවේ තිබෙන ප්‍රශ්නයක්.

      මේ සමාජවාදී පරීක්ෂණ ගැන පොදු අවකාශයේ නැති බොහෝ ඓතිහාසික ලේඛන ඇමරිකාවේ සරසවි වල සංරක්ෂණය කර තිබෙනවා. මට ඒවා ලබා ගත හැකියි. එහෙත් මට වෙන රටවල එවැනි තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ එහෙම මීට වඩා දේවල් ඇති. මම ලන්ඩන් හිටියානම් එවැනි තොරතුරු පරිශීලනය කරනවා. වෙන රටක හිටියනම් ඒ රටේ තොරතුරු පරිශීලනය කරනවා. ඒ වගේම, ෆුරියේ හා අදාළ ගොඩක් දේවල් තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. මම ලියන්නේ මට පහසුවෙන් ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව. මම හිතන්නේ මේ කරුණ පැහැදිලි විය යුතුයි. නැවත මේ ගැන කතා කරන්නේ නැහැ.


      //දැන් කොහෙවත් මනෝරාජික සමාජවාදීන් කියල තියනවද "හලෝ මෙන්න පුර්ණ සමාජවාදී කොමියුන් එකක් හැදුව කියල".//

      ඔවෙන් හා ෆුරියේවාදීන් විසින් කළේ ඒක තමයි. ඔවුන් මුලින්ම න්‍යාය හදලා ඒ න්‍යාය අනුව තමයි ප්‍රජාවන් හැදුවේ. එකින් එක හදාගෙන යද්දී තමයි තවත් අය ආකර්ෂණය වුනේ. අජිත් ෆුරියේගේ පොත් කියවා ඔහුගේ න්‍යායයන් හදාරා ඇතැයි මම හිතනවා. මුහුදු වතුර ලෙමනේඩ් වෙන එකට පවා පැහැදිලි කිරීමක් තිබෙනවානේ. ඔවෙන් හා ෆුරියේවාදීන් විසින් ප්‍රජාවන් හැදුවේ න්‍යාය නිවැරදි බව ඔප්පු කරන්න. ඒවා ඒ කාලයේ හැටියට අලුත්ම තාක්ෂනය මත පදනම්වයි හැදුවේ. ඔවුන් අතීතයට ගියේ නැහැ. නමුත් දිගුකාලීනව අසාර්ථක වුනා. හැබැයි සමහර ඒවා වසර දහයක් පමණ තිබුණා. මේවා ඇමරිකාවේ වගේම යුරෝපය පුරාම තිබුණා. රැල්ල නැවතුනේ විද්‍යාත්මක සමාජවාදීන්ගේ විවේචන නිසා. ඊට පස්සේ වුනෙත් ඒකම තමයි. මාක්ස් හා එංගල්ස් වෙනම න්‍යායක් හැදුවා. ඒ න්‍යාය අනුව තමයි විප්ලව කරන්න පටන් ගත්තේ. මනෝරාජික පරීක්ෂණ වලට සාපේක්ෂව මාක්ස්වාදී පරීක්ෂණ සාර්ථක වුනා. දිගුකාලීනව අසාර්ථක වුනත් අභ්‍යවකාශ තරණය වගේ දේවල් පවා කළානේ.

      මට තේරෙන විදිහට අජිත්ගේ මනෝරාජික සමාජවාදය අජිත්වත් හරියට නොදන්නා නිකම්ම නිකම් විශ්වාසයක් පමණයි. අජිත් ගන්න උදාහරණ වලින් පෙනෙන්නේ කිබුට්, සම්ප්‍රදායික සාමූහික ප්‍රජා ආදිය අධ්‍යයනය කරලා අනාගතයේදී හැදිය හැකියැයි සිතන අලුත් ක්‍රමයක් ගැන අජිත් කතා කරන බවයි. එහෙම එකක් ගැන අඩු වශයෙන් න්‍යායයක් හෝ නැතුව මට අදහස් ප්‍රකාශ කරන්න බැහැ. අජිත් කවුරු හරි මනෝරාජික සමාජවාදියෙක්ව අනුගමනය කරනවද කියලා ඇහුවේ සමහර අයට නිශ්චිත න්‍යාය තියෙන නිසා. ඒ වගේම විවිධ අයගේ න්‍යාය එකිනෙකට සමාන නැති නිසා. අනිවාර්යයෙන්ම අජිත් එහෙම එක් අයෙක්ව අනුගමනය කළ යුතු නැහැ. හැබැයි එහෙමනම් අජිත්ගේම වූ මොකක් හරි අදහසක් තියෙන්න ඕනෑ. පන්ති අරගලයක් නැත්නම් සමාජ පරිණාමය සිදුවෙන ගාමක බලවේගය මොකක්ද? ෆුරියේට අනුවනම් ග්‍රහයන්ගේ හා පෘථිවියේ චක්‍රීය චලන. ඔය වගේ මොකක් හෝ ක්‍රමයක් තිබිය යුතුයිනේ. හරි හෝ වැරදි හෝ මාක්ස්ගේ ප්‍රවාදය ඉතාම පැහැදිලියි. එහෙම එකක් නැත්නම් මට අදහස් දක්වන්න කිසිම පදනමක් නැහැ. නිශ්චිත අර්ථකථනයක් හා න්‍යායක් නැත්නම් මට අජිත්ගේ මනෝරාජික සමාජවාදය දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම වැනි පරීක්ෂාවට ලක් කළ නොහැකි තවත් එක් අදහසක් පමණයි.

      Delete
    4. දෙයියෝ සාක්කි එකොන්, හුඟක් වැදගත් තැනකට ඇවිත්. දැන් එකොන් මනෝරාජික සමාජවාදය ගැන හරිහැටි දැනන් හිටියේ නැති නිසා තමයි මම ෆුරියේ, ඔවෙන් ආදීන් ගැන ලිව්වේ. ඇත්තටම කියනවනම් ඔවෙන් ගේ සමහර අදහස් බිඳ වැටිලා තමයි./මේ සමාජවාදී පරීක්ෂණ ගැන පොදු අවකාශයේ නැති බොහෝ ඓතිහාසික ලේඛන ඇමරිකාවේ සරසවි වල සංරක්ෂණය කර තිබෙනවා.// මේකනම් වැදගත්. උදහස්රනයක් වශයෙන් ඇකඩමික් ලොගින් එකක් නැතිව මට මේවාට යන්න බැහැ . ක්වීන්ස් මේරි එකේ ඉගෙන ගන්න කාලේ ගිය. නමුත් මම වදිය කියෙව්වේ අභ්‍යවකාශ බුඅතික විද්‍යාව නිසා මේවා මග අහ්රුන.
      https://www.routledgehistoricalresources.com/economic-thought/sets/the-selected-works-of-robert-owen/volumes/early-writings

      Delete
    5. ෆුරියේ ගැන බැලුවොත් මම සම්පුර්ණ ෆුරියෙවාදියෙක් කියල එකොන් හිතනවද? එයාගේ අර මුව්මන්ට් හතර (Social movement, animal movement, organic movement සහ material movement ) එයා දෙවියන් මේ ව බෙදා දුන් හැටි ගැනනේ කතා කරන්නේ. ඔවෙන් ගේ ලර්නාර්ක් (ස්කොට්ලන්තයේ) ඉට වැඩිය දියුණු එකක්. ඔවෙන් ගැන ඉගෙන ගන්න පුළුවන් මේ ෆ්‍රී කෝස් එකෙන් ටිකක් විතර. අනිත් පොත් ගණන් වැඩියි.
      https://www.open.edu/openlearn/history-the-arts/history/history-art/robert-owen-and-new-lanark/content-section-3
      ෆුරියේ ගේ පොතක් මෙතනින් බාගන්න පුළුවන්. මේවා මං ළඟ තියනවා. එවැන්න පුළුවනි.
      https://libcom.org/library/charles-fourier-theory-four-movements

      Delete
    6. මට වෙලා නැති නිසා මේ උපුටා ගැනීම දානවා.
      //In 1800, Owen decided to create such a utopian community in New Lanark, Scotland. Owen reformed the textile mill industry at New Lanark and provided workers with good living conditions, a 10-hour day, free school for their kids, and other incentives designed to encourage good work. Eventually, Owen reduced work to an 8-hour day and proclaimed laborers should have the right to 8 hours of work, 8 hours of recreation, and 8 hours of sleep. The factory and Owen both made a profit, and New Lanark became known far and wide across Europe as a model of industrial efficiency. In many ways, however, this would be the positive limits of Owen's vision.// මේවා එකොන්ටත් ලෙහෙසියන්ම හොයා ගන්න්පුලුවන්.
      https://study.com/academy/lesson/robert-owen-utopian-socialism.html#:~:text=Robert%20Owen's%20Utopian%20Socialism&text=In%201800%2C%20Owen%20decided%20to,community%20in%20New%20Lanark%2C%20Scotland.&text=Buoyed%20by%20this%20success%2C%20in,%2C%20in%20general%2C%20was%20communal.

      Delete
    7. දැන් මම මේ සංවාදයේ මුලින්ම කීව වගේ මට න්‍යායයාචාර්යවරයෙක් නැහැ. ලංකාවේ නම් මම දීප්තිගේ ලියවීම් වලට කැමතියි . මම ජිජැක් වඩා හොඳින් අධ්‍යනය කරන්න ගත්තෙත් එයා නිසා. ඔක්කොම පොත් කියෙව්වට පස්සේ ජිජැක් ටිකක් හිරවෙලා කියල මම දැක්ක. මාක්ස්වාදය ඉගෙන ගැනීමේදී මාක්ස් ගේ වැරදි කිහිපයක් මම දුටුවත් ආර්ථික විද්‍යාව ඉතා හොඳින් හදාරා මිස මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. ඔබේ කෝබ් ඩග්ලස් ශ්‍රිත පිලිබඳ ලිපි එහෙම ඉතා වැදගත් කියා මා කීවේ ඒ නිසයි. මොකද අපට හැම දෙයක්ම ඉගෙන ගන්න වෙලාවක් නැහැනේ. සෝවියට් සමාජවාදය ඔබ කියන්නා වගේ අභ්‍යවකාශ තරණය හෙම බැලුවහම හොඳයි. ඒකනේ මගේ බ්ලොගයේත් ඒවා ගැන ප්‍රසංශා කරලා මම ලියන්නේ. ඉතා මුල් කලේ අපි කාපු චිකන් ඕගනික් , බීපු පලතුරු යුෂ ඕගනික්. ඔවුන් ඒ දවස් වල පුන පුනා කීව කොකා කොළ සහ අනිත් පැණි බිම හොඳ නැහැ කියල. අපි වත් රුස්සෝ වත් ඒවා විශ්වාස කලේ නැහැ. නමුත් ෆුරියේ සහ ඔවෙන් තුලත් ඒ අදහස් තිබ්බ. ඕව නිකම්ම නිකම් මාක්ස් ගෙන් විතරක් ආවේ නැහැ. මේ ගොල්ල ඔය ඔක්කොම මාක්ස් ට බැර කළා. උදාහරණයක් වශයෙන් ජර්මන් සමාජවාදියෙක් වන ලොරෙන්ට්ස් ස්ටයින් ගැන කවුරුත් දන්නේ නැහැ. මාක්ස් එයාගේ අදහස් බොහොමයක් උස්සල තිබ්බ.ඉතින් මම මනෝරාජික සමාජවාදීන්ගේ මුලික අදහස් සොයා බැලුව. එතකොට මට තේරෙන්න ගත්ත ද්වන්ධාත්මක භෞතික වාදය තියරියක් හැටියට ගත්තොත් සහ පන්ති අරගලය එතනට ආදේශ කලොත් ඒක වෙන්න පුළුවන් බව ඇත්ත වුනත් ඔවෙන් ගේ කොමියුන් බිඳ වැටුනේ හරියටම ඒක නැති නිසා කියල. එයාත් තරඟය අත හැරියනේ. එතකොට ඒවා වැටුන. අර ප්‍රතිවිරෝධය හා තරඟය නැතිව ඒවා sustainable කරන්න බැහැ. අදත් ධනවාදය ඇත්තටම දියුණු වෙමින් පවතින්නේ ඔය ද්වන්ධාත්මක ප්‍රතිවිරෝධය නිසා තමයි. ඒක නිසා ධනවාදය බිඳ වැටුනේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉංග්‍රීසියෙන් ලීවා නම් හොඳයි මේක. මට ඔප්පු කරන්නත් පුළුවන් ඕක. ඔයාටත් පුළුවන්. මම න්‍යාය හදන්න ඕනේ නැහැ. ඔහොම ගිහිල්ල එකොන්ම හදයිද කවුද දන්නේ. තව රිසර්ච් එකක් කරන්න. අපි බලාගෙන ඉන්නවා.

      Delete
    8. //ෆුරියේ ගැන බැලුවොත් මම සම්පුර්ණ ෆුරියෙවාදියෙක් කියල එකොන් හිතනවද?//

      මම අජිත්ව හෝ වෙනත් කෙනෙක්ව ලේබල් කරන්න යන්නේ නැහැ. අජිත් කියන මනෝරාජික සමාජවාදය (මම හරි හැටි නොදන්නවා කියන මනෝරාජික සමාජවාදයේ අජිත්ගේ වර්ෂන් එක) කුමක්ද කියා දැන ගන්නයි මම දිගින් දිගටම ප්‍රශ්න අහන්නේ. මේ ප්‍රශ්නයට මට තවමත් නිවැරදි පිළිතුරක් ලැබී නැහැ.

      //ඔවෙන් ගේ ලර්නාර්ක් (ස්කොට්ලන්තයේ) ඉට වැඩිය දියුණු එකක්. //
      මේ ගැන මම දන්නවා. නමුත් මගේ තර්ක බිඳ වැටෙන්න තරම් වෙනසක් එහි නැහැ. මේ එකින් එක ගැන කතා කරන්න කාලය නාස්ති කිරීම තේරුමක් නැති වුවත් අජිත්ට ඉතාම වැදගත් කියා හිතනවානම් මෙයත් සාර්ථක නොවූ බව විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන්.

      //ෆුරියේ ගේ පොතක් මෙතනින් බාගන්න පුළුවන්. මේවා මං ළඟ තියනවා. එවැන්න පුළුවනි.
      https://libcom.org/library/charles-fourier-theory-four-movements//

      මෙය මා ළඟ තිබෙනවා. සම්පූර්ණයෙන්ම වගේ කියවා තිබෙනවා. අවශ්‍යනම් එහි ඕනෑම දෙයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්.

      //මම ජිජැක් වඩා හොඳින් අධ්‍යනය කරන්න ගත්තෙත් එයා නිසා. //
      මම දන්නා තරමින් ජිජැක්ට මාක්ස්ට හෝ ෆුරියේට මෙන් ධනවාදයට විකල්පයක් විය හැකි ප්‍රවාදයක් නැහැ. වෙන කිසිම මෑතකාලීන සමාජවාදී චින්තකයෙකුට භක්තිවාදී නොවන විකල්පයක් තිබෙන බවක් මම දන්නෙත් නැහැ. සරලව කිවුවොත් මූලධාර්මික හේතු මත ප්‍රතික්ෂේප කළත් මාක්ස්ට හා ෆුරියේට ධනවාදයට විකල්ප තියෙනවා. ජිජැක්ට, කෝබින්ට, කෙරෙන්ස්කිට හෝ වෙනත් ඕනෑම මනෝරාජික සමාජවාදියෙකුට එහෙම එකක් තිබෙනවානම් පෙන්වා දුන්නොත් මම එය කියවා ඒ ගැන සාකච්ඡා කරන සූදානම්. ඒ විකල්පය අප සාකච්ඡා කරන මූලික ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන එකක් විය යුතුයි. "පෞද්ගලික දේපොළ ක්‍රමය අහෝසි විය යුත්තේ ඇයි? පෞද්ගලික දේපොළ ක්‍රමය අහෝසි වන්නේ කොහොමද?" ඔය ප්‍රශ්න දෙකට පිළිතුරු නැති කිසිම ප්‍රවාදයක් මට ධනවාදයට විකල්පයක් ලෙස භාර ගන්න පුළුවන්කමක් නැහැ. කිබුට් ක්‍රමය කොහොමටත් සෝවියට් සමාජවාදයට වඩා අසාර්ථක ක්‍රමයක්. සමාජවාදී ක්‍රමයක් නොවුනත් එයත් මූලධාර්මික ලෙස ඔවෙන්/ෆුරියේ අච්චුවේම ක්‍රමයක්. ඒ ගැන ඉදිරි ලිපියක කතා කරන්න ඉන්න නිසා දැන් වැඩිපුර ලියන්න යන්නේ නැහැ.

      //අදත් ධනවාදය ඇත්තටම දියුණු වෙමින් පවතින්නේ ඔය ද්වන්ධාත්මක ප්‍රතිවිරෝධය නිසා තමයි. ඒක නිසා ධනවාදය බිඳ වැටුනේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉංග්‍රීසියෙන් ලීවා නම් හොඳයි මේක. මට ඔප්පු කරන්නත් පුළුවන් ඕක.//

      ඔප්පු කළාට පස්සේ අදහස් දක්වන්නම්.

      //ඔයාටත් පුළුවන්. මම න්‍යාය හදන්න ඕනේ නැහැ. ඔහොම ගිහිල්ල එකොන්ම හදයිද කවුද දන්නේ. තව රිසර්ච් එකක් කරන්න. අපි බලාගෙන ඉන්නවා.//
      මට එහෙම තේරුමක් නැතිව න්‍යාය හදන්න අවශ්‍ය නැහැ. මාක්ස්වාදය කියා කියන්නේ බොහොම පරණ, යල් පැන ගිය න්‍යායක්. ෆුරියේවාදය වගේ ඒවා ඊටත් පරණයි. ඒ කාලේ හැටියට ඒවා දියුණු න්‍යාය.කොමියුනිස්ට්වාදයට තාර්කික පදනමක් තියෙන්නේ ඔය යල් පැන ගිය න්‍යායයන් තුළයි. ඊට පස්සේ ආර්ථික විද්‍යාව අවුරුදු 150ක පමණ කාලයක් තිස්සේ දියුණු වෙලා තිබෙනවා. අලුත් න්‍යාය ඕනෑ තරම් තිබෙනවා. තව දහස් ගණනක් පිරිස් දිනපතා අලුත් න්‍යාය හදනවා. මම අලුත් න්‍යායයක් ගැන හිතනවානම් එසේ හිතන්නේ මේ වන කොට මිනිස්සු දන්නා හා පිළිගත් දේ වල ඉඳලා. දැන් භෞතික විද්‍යා න්‍යායක් හදන කෙනෙක් ගැලීලියෝගේ කාලයට ගිහින් එතැන සිට අලුතෙන් මුල ඉඳන් පටන් ගන්නේ නැහැ. ආර්ථික විද්‍යාවේ පසුගිය වසර පණහක ප්‍රගතිය වුවත් සමාන කළ හැක්කේ භෞතික විද්‍යාවේ වසර පන්සීයක පමණ ප්‍රගතියට. මොකද ආර්ථික විද්‍යාව කියන්නේ සාපේක්ෂව අලුත් විෂයයක්. මාක්ස්ගේ, ඇඩම් ස්මිත්ගේ කාලයේ විෂය දියුණු වී තිබුණේ නැහැ. අද විකාර වගේ පෙනෙන ෆුරියේගේ අදහස් වලට ඒ කාලයේ පිළිගැනීමක් ලැබුණේ ඒ නිසයි. නමුත් අද දැනුම ගවු ගණනක් ඉදිරියට ගිහින්. මට සාපේක්ෂවනම් පොළොව පැතලියි කියා පෙන්නන්න න්‍යාය හදන්න එකේ තේරුමක් නැහැ. හැබැයි කවුරු හෝ පොළොව පැතලියි කියා ඔප්පු කළොත් ඒ ගැන සාකච්ඡා කරන්න තරම් මම විවෘතයි. මොකද ඔය වගේ දෙයක් වුවත් පිළිගන්න පිරිස් තවමත් ඉන්න නිසා.

      Delete
    9. //මම හරි හැටි නොදන්නවා කියන// මට මතාක් විධිහට මම මුලින්ම මනෝරාජික සමාජවාදය ගැන කියන කොට ඔබම කීව ඒ ගැන වැඩිපුර දන්නේ නැහැ කියල. ඒ කියන්නේ ඒ ගැන හෙව්වේ නැහැ වගේ කතාවක්. අද ඔබ කියනවා ෆුරියේ ගේ පොටත් සම්පුර්නයෙන්ම කියෙව්වා කියල. ඒ කියන්නේ එදා ඒ ලියපු දවසෙන් පස්සේ නම ඉතා හොඳයි, මම ඔය ෆුරියේ සහ ඔක්කොමල ගැන කිවේ මනෝ රාජික සමාජවාදය ආවේ කොහොමද කියන්න. දැන් හදිසියේම ඔයා ඒවා ඔක්කොම දන්නවා. හොඳයි කමක් නැහැ. පැරණි බ්ලෝග ලිපියම ආපහු ගිහින් බලන්න මගේ මනෝ රාජික දහස ගැන ඔබ ලීවේ මොකක්ද කියල. ගැලීලියෝගේ හෝ නිව්ටන්ගේ වැට් යන්න ඕනේ නැති වුනත් අපි ඒවා තවම හදාරනවා. කොපර්නිකස්, කෙප්ලර් හා නිව්ටන් ගැන දැන ගන්නවා ක්වන්ටම් භෞතිකය ඉගෙන ගත්තට. මුලින්ම ඒ ගැන අවධානය අඩුයි කියල හදිසියේම ඒ ගැන සම්පුර්ණයෙන්ම දන්නවා කියන්නේ ඔබ ඉතා ඉක්මනින් කියව තිබෙනවා. ඒකෙ අවුලක් නැහැ. මම දැනුත් ඉන්නේ ධනවාදයේ දියුණුව සමග සමාජවාදය පන්ති රගලයකින් තොරව ඒ කියන්නේ ප්‍රචණ්ඩ විප්ලවයකින් එන්න පුළුවන් කියන අදහසේ. මෙපමණ දුරක් ආවේ ඒ නිසා. මනෝරාජික සමාජවාදීන් ගේ මුඛ්‍ය අදහසත් එයයි. මේ ගැන තව දුරත් ලියන්නේ හෝ තර්ක කරන්නේ නැහැ.

      Delete
    10. අජිත් ඔබ කියන මනෝරාජික සමාජවාදය කුමක්ද කියලානම් මම තවමවත් හරියටම දන්නේ නැහැ. මාක්ස්ගේ කාලයට පෙර තිබුණු මනෝරාජික සමාජවාදය ගැනනම් ගොඩක් කුඩා කාලයේ ඉඳලම දැනගෙන හිටියා. මගේ ළඟ සිංහලට පරිවර්තය කළ සෝවියට් පොතකුත් තිබුණා "ඓතිහාසික භෞතිකවාදය මනෝරාජිකයෙන් විද්‍යාත්මක සමාජවාදයට" වගේ නමක් තිබුණු. හරියටම නම මතක නැහැ. ෆුරියේ, ඔවෙන් හා (ඔබ සඳහන් කර නැති) සෙන්ට් සයිමන් ගැනත් කොමියුනිස්ට් ප්‍රකාශනයේ පවා සඳහන් කරලා තියෙනවනේ. මේ අයගේ අදහස් ගැනත්, තෝමස් මෝර් ගැනත් වෙනත් විවිධ තැන් වලින් පසුකාලීනව කියවා තිබුණා. සංවර්ධන ආර්ථික විද්‍යාවේදී සාකච්ඡා කෙරෙන පැරණි යුතෝපියානු අදහස් ගැන වගේම දිස්තෝපියානු අදහස් ගැනත් මම විධිමත් ලෙසම හදාරා තිබෙනවා. මැල්තුස් ගැන එහෙම මෙහි ලිපි පළ කරලත් තිබෙනවා. මොකද සමාජවාදය පැත්තකට දැම්මත් චින්තකයෝ විදිහට මේ අයගේ අදහස් බොහෝ තැන් වල සාකච්ඡාවට ලක් වෙන නිසා. හැබැයි මම කියවපු බොහෝ දේවල් ධනවාදී දෘෂ්ඨි කෝණයකින් ලියපුවා. තවත් ඒවා මාක්ස්වාදී දෘෂ්ඨි කෝණයකින් ලියපුවා. මාක්ස්වාදීන් පෙර යුගයේ මනෝරාජික සමාජවාදීන්ව ඉතා අඩු තක්සේරුවකින් සැලකූ බව ඔබ එකඟ වෙනවා ඇතිනේ.

      මම කලින් කියා ඇති පරිදි ජෙරමි කෝබින්ගේ මනෝරාජික සමාජවාදී න්‍යායන් ගැන මම දැනටත් දන්නේ නැහැ. ඔහුව දේශපාලනඥයකු ලෙස දන්නවා පමණයි. ඊට අමතරව ටෝල්ස්ටෝයිගේ පොත් කියවා තිබුණත් මම ඔහුව මනෝරාජික සමාජවාදියෙකු ලෙස දන්නේ නැහැ. ජිජැක්වත් මම වැඩිය කියවා නැහැ. සෑහෙන්න ලියල තියෙනවනේ. දැනටනම් කියවන්න උනන්දුවකුත් නැහැ. මම මේ බ්ලොග් එක හරහා දිගින් දිගටම විවේචනය කළේ විද්‍යාත්මක සමාජවාදයේ මධ්‍යගත සැලසුම් ක්‍රමය. මනෝරාජික සමාජවාදය ගැන කතා කරන එකවත් තේරුමක් නැති බවයි මගේ අදහස වී තිබුණේ (දැනටත් ඒ අදහසේ වෙනසක් නැහැ). විකල්ප මතයක ශක්තිමත්ම තැන විවේචනය කළ හැකිනම් දුර්වල තැන් විවේචනය කරන්න කාලය නාස්ති කරන එකේ තේරුමක් නැති නිසා. ඒ වගේම, දේශපාලනිකව ලොකු වැදගත්කමක් නැති දෙයකට වැඩිපුර වාද කරලා කාගෙවත් හිත් රිදවන්න මට අවශ්‍ය නැති නිසා. වෙනත් අයට හානියක් නැති භක්තිවාද මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ගොඩක් දේවල් මම විවේචනය නොකරන්නේ ඒවා පිළිගන්න නිසා හෝ විවේචනය කරන්න බැරි නිසා නෙමෙයි. මෙය කියවන්න එන ටික දෙනාව චප්ප කරලා දමලා මෙහි එන එක නවත්වන්න මට අවශ්‍ය නැති නිසා. එහෙත්, විවේචනය නොකරම බැරි මූලික දේවල් වලට ප්‍රතිචාර දක්වන්න වෙනවා. අජිත්ව ටිකක් වැඩිපුර විවේචනය කරන්නේ අජිත්ගේ tolerance ටිකක් වැඩියි කියා හිතන නිසා. අජිත් එක්ක වුනත් හැම පොඩි දේකටම පැටලෙන්නේ නැහැ. ඒ තරම් වැදගත් නැති ඒවා නිදැල්ලේ යන්න අරිනවා.

      මධ්‍යගත සැලසුම් මාක්ස්ගේ අදහසක් නෙමෙයි පුලුවන්නම් එහෙම කියන තැනක් පෙන්නන්න කිවුවහම මම ඔබට එය පෙන්නුවා. ඊට පස්සේ ඔබ මාක්ස්ට පෙර තිබුණු මනෝරාජික සමාජවාදයක් ගැන කිවුවා. මම මගේ පෞද්ගලික මතක හැර මෙහි ලියන ඕනෑම ලිපියක් ලිවීමේදී මම කලින් දන්නා දෙයක් වුවත් නැවත කියවා තහවුරු කර ගන්නවා. කෙටි ලිපියක් වුවත් ලියා පළ කරන්නේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සූදානම් වීමෙන් පසුවයි. මම නොදන්නා හෝ විස්වාස නොකරන දේවල් මෙහි ලියන්නේ නැහැ. අජිත්ගේ ප්‍රතිචාර අනුව මාක්ස්ට පෙර සිටි මනෝරාජික සමාජවාදීන් ගැන මා දන්නා දේවල් මාක්ස්වාදීන් විසින් විකෘති කළ දේවල්ද කියන සැකය මට ඇති වුනා. ඒ නිසා, මම මුල් ප්‍රකාශන කියෙවුවා. හඳවල් හයේ කතාව, මුහුදු වතුර ලෙමනේඩ් වන කතාව ආදිය ගැන ලිවුවේ මුල් පොත කියවා තහවුරු කර ගැනීමෙන් පසුවයි. මට ඇමරිකාවේ බොහෝ පුස්තකාල පරිශීලනය කළ හැකිවාක් මෙන්ම සාමාන්‍යයෙන් වේගයෙන් කියවන්නත් පුළුවන්. මේ වැඩේ මම ඕනෑම ලිපියක් ලියා පළ කරන්න පෙර කරන දෙයක්. අජිත්ගේ මැදිහත්වීම නැත්නම් මේ අයගේ මුල් ප්‍රකාශන කියවන්න කාලය යොදවන්නේ නැහැ. හැබැයි මේ වෙනුවෙන් යෙදවූ කාලයේ ඒ තරම් ප්‍රයෝජනයකුත් නැහැ. ධනවාදයට පිළිගත හැකි විකල්පයක් ඔය කිසිම තැනක නැහැ. එහෙම දෙයක් තිබෙනවානම් ඒ ගැන හදාරන්න දැන් වුවත් මා ඉතා උනන්දුවෙන් හා කැමැත්තෙන් කාලය යොදවනවා. ඒ අතරම, කවුරු තරහ වුනත්, ධනවාදයට එරෙහි ව්‍යාජ විකල්ප අදහස් වල ආගමිකත්වය දිගින් දිගටම එළිදරවු කරනවා. පිළිගත හැකි ප්‍රවාදයක් නැති අනාගත කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ අදහසක් තවත් එක් ආගමික විශ්වාසයක් පමණයි.

      Delete
    11. ඔබ කියන්නේ ඇන්ටි දුරින්ග් එකේ එංගල්ස් ලියපු එක ගැන. ඒක මම හිතන්නේ ප්‍රගති ප්‍රකාශකයන්ගේ එකක්. මං ලඟත් තිබ්බ.
      https://www.marxists.org/archive/marx/works/download/Engels_Socialism_Utopian_and_Scientific.pdf
      සෝවියට් යනකොට ඒ පොත් ටික නව සම සමාජේ කෙනෙකුට දුන්න. එකොන් කිසි අවුලක් නැහැ. මම හිතන්නේ මනෝරාජික සමාජවාදය ගැන ලියනවට වඩා ඔබේ ලිපි පෙළ ලියාගෙන යන්න. ඒක වඩා වැදගත්. මේ ඔක්කොම අපි දෙන්නම දන්නවා කියල හිතාගෙන අවසන් කරමු. මගේ අදහසේ වෙනස් වීමක් මෙතන නැහැ. මනෝ රාජික සමාජවාදයේ අවසානය ආගමික ඇදහීමක් හැටියට මම විශ්වාස කරන්නෙත් නැහැ. අනික මම කොහොමත් අදේවවාදී නිරාගමිකයෙක්. නමුත් දවසක ලිපි පෙළක් මගේ අදහස් දක්වා ලියන්නම්. බ්ලොග් වල ප්‍රතිචාර වලින් ඒක කරන්න මගේ කැමැත්තක් නැහැ. මම ඔබගේ බ්ලොගයේ කොටස් වලට තමයි උත්තර ලියන්නේ. මම කිසියම් සැලසුමකට අනුව ලියන කෙනෙක්. මේ දවස් වල ඔක්තෝබර විප්ලවය පිලිබඳ අපට කිවූ බොරු හෙළි දරව් කරමින් ඉන්නවා. ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය එනිසා ලියූවක් . ඊළඟට තව සැලසුමක් තියනවා. මේවා අවුරුදු දෙකකට කලින් හදාගත් නිසා ඉන් පිටතට යන්න කැමති නැහැ. මට අවශ්‍ය සමහර දේ ඔබේ බ්ලොගයෙනුත් දැන ගන්නවා. මනෝ රාජික සමාජවාදය පිලිබඳ හැදෑරීම් මම අලුත් කළේ එංගල්ස් ගේ ඓතිහාසික භෞතිකවාදය පිලිබඳ පොත නැවත කියවල. ඒක කියෙව්වේ නලින්ද සිල්වාගේ "මගේ ලෝකය " සහ හපුගොඩ ගේ පොත ගැන විවේචනයක් ලියන්න. ඔබගේ ලිපි පෙලකදී එක හදිසියේ මතුවුනා. එපමණයි. ඇත්තටම මේ ගැන වෙලාව නාස්ති නොකර ඔබේ ලිපි පෙළ ලියන්න.

      Delete
    12. //මම කොහොමත් අදේවවාදී නිරාගමිකයෙක්.//
      මම ආගමික කියා කියන්නේ විශ්වාසය මත පමණක් පදනම් වූ දෙයක් කියන අදහසින්. එවැනි දේවල් ගැන මට ප්‍රශ්නයක් නැහැ. නමුත්, එවැනි දේ හරි හෝ වැරදියි කියා තර්ක කරන්න කිසිම පදනමක් නැහැ. ඔබට කොමියුනිස්ට් සමාජයක් එනවා කියා කියන්න පුළුවන්. නමුත් ඔබ එසේ කියූ පමණින් මට එය එසේ වෙනවා කියා පිළිගන්න හෝ එසේ නොවනවා කියන්න කිසිම පදනමක් නැහැ. එපමණයි. මම ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ විශ්වාසය මත පදනම්ව නෙමෙයි. පැහැදිලි න්‍යාය හා එම න්‍යාය වල නිරවද්‍යතාවය තහවුරු කරන ආනුභාවික නිරීක්ෂණ මත.

      //නමුත් දවසක ලිපි පෙළක් මගේ අදහස් දක්වා ලියන්නම්. බ්ලොග් වල ප්‍රතිචාර වලින් ඒක කරන්න මගේ කැමැත්තක් නැහැ.// මෙය මම පිළිගන්නවා. අවංකවම ඔබ කරන්නේ මම නොකරන දෙයක්.

      //හපුගොඩ ගේ පොත ගැන විවේචනයක් ලියන්න.//
      මේ පොත හා ඔබ සඳහන් කළ අනෙක් පොත කියවන්න කැමති වුනත් කියවන්න විදිහක් නැහැ. ලංකාවේ පළවන මුද්‍රිත සිංහල පොත් මට කියවන්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. නලින් ද සිල්වාගේ පසුකාලීන පොතුත් කියවන්න කැමති ලැයිස්තුවේ තියෙනවා.

      Delete
  8. ඊළඟට එකොන් මෙහෙමත් බලන්න. මේ අය සහ අප එවැනි පර්යේෂණ වලින් ගත්ත අත්දැකීම් තිබෙනවා. ඒවා හරියන්නේ නැත්තේ ධනවාදය තවමත් අර දියුණු කොටසට ඇවිත් තිබුනේ නැති නිසා. තවම ඒ ධනවාදී දියුණුව නැහැ. එහෙම නැතිව ලෙනින් වැරදියට දැන් තියෙන ධනවාදය අධිරාජ්‍යවාදයේ උපරිම අවධිය කීව නිසාම ඕක වෙන්නේ නැහැ. මාක්ස් සහ ලෙනින් විද්යත්මකයි කීවේ ඔවුන් කියන දයලෙක්තික භෞතික වාදයට අනුව. නමුත් එතැනදී ඔවුන් කලෙත් පර්යේෂණයක්. ප්‍රංශ කොමියුනය හා සෝවියට් විප්ලවය. විද්‍යාත්මක විධිහට බලය ගන්න පුළුවන්. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් එකොන් ඉතා නිවැරදිව මේ බ්ලොගයේ තැනක කියල තිබ්බ ඒ ක්‍රමයෙන් අනිවාර්යයෙන්ම මිනිස්සු මරනවා කියල. සහ මැරෙනවා. නැතිව ඒ ක්‍රමයන්ගෙන් රාජ්‍යයක් පිහිටුවන්න බැහැ. නමුත් බලවත් රාජ්‍යයක් පිහිටවපු ගමන් මාක්ස් ගේම නියමයන් අහෝසි වෙලා යනවා. කොතන හරි වැරැද්දක් තියනවා නේද?

    දැන් බලන්න සුර්ය කෝෂ වලින් බලය ගන්න එක ගැන. ඒ කාලේ තිබ්බේ නැහැ. එතකොට කියුබාව වගේ රටවල ඒ වගේ එන දියුණුව නැතිව ජිවත් වෙන එක අමාරුයි කියල පේනවනේ. ඒ වගේ ධනවාදයේ දියුණුවෙන් එන උසස් ජිවන තත්වයට පිටුපාලා ජිවත් වෙන්නත් පුළුවන්. නමුත් මනෝරාජික සමාජවාදයේ එහෙමම වෙන්නේ ඕනේ කියල අක්වුරුත් කියන්නේ නැහැ. මටනම් ඒක වඩා විද්‍යාත්මකයි . චාල්ස් ඩාවින් පවා මාක්ස් ට ලිවේ නැහැනේ. පරිණාමික දියුණුව අපට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ආර්ථික හා සමාජීය පරිණාමය අපට වෙනස් කරන්න පුළුවන්. නමුත් එන්නේ හරි සත්වයාද විකෘතියක් ද කියන එක අප දන්නේ නැහැ.
    මාක්ස් තාර්කිකව පර්යේෂණාත්මකව ලීව දේවල් සහ මනොරජිකයන් අතර මුලික වෙනසක් නැහැ කියන්න බැහැ මාක්ස් ඔවුන්වවිවේචනය කලෙත් ලෙනින් විවේචනය කලෙත් ඒකයි . නමුත් මාක්ස්/ලෙනින්/ස්ටාලින් ගේ ක්‍රමය දැන් තියෙන්නේ උතුරු කොරියාවේ හා ලාඕසයේ සහ තරමක් දුරට කියුබාවේ නේද? මනෝරාජික සමාජවාදීන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ එහෙම බලය ගන්න බැහැ කියල. ;පුළුවන්. නමුත් පුද්ගල නිදහස රැකීම සහ ලාභාංශ බෙදීයාමක් නැති වැඩි ප්‍රමානයක් මිනිසුන් හොදින් ජිවත් වන්නේ නැති මාෆියා පන්නයේ රාජ්‍ය මනෝරාජික සමාජවාදීන් අනුමැත කරන්නේ නැහැ. සිරිමා රජයත් ඒ වගේ එකක්නේ. (අන්තිම කාලේ) මිනිසුන් නිදහසේ ඉන්න තරමට තමයි ඔවුන් සමූහ වශයෙන් ඉන්න බලන්නේ. ඒ නිදහස ගන්න බලන්න. ඔවුන් හොරෙන් හරි ඒ නිදහස භුක්ති විඳිනවා. ඒක තමයි ඇත්ත. ඇමෙරිකාවේ එවැනි කොමියුන් පිහිටුවන් පුළුවන් වෙලා තියෙන්නෙත් ඒකයි. නමුත් තනි රටක සමජව්දය අනිත් දියුණු ධනවාදී රටවල් වටේ තියෙද්දී පවතින්න අමාරුයි කියන එකම තමා අතනත් වෙන්නේ. එහෙම පවතින්න නම් අර වගේ ඒකාධිපති වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. //නමුත් බලවත් රාජ්‍යයක් පිහිටවපු ගමන් මාක්ස් ගේම නියමයන් අහෝසි වෙලා යනවා. කොතන හරි වැරැද්දක් තියනවා නේද?//

      ඉතිං ඕක තමයි මාක්ස්වාදයේ තිබෙන මූලිකම ප්‍රතිවිරෝධය.

      //ඒ වගේ ආර්ථික හා සමාජීය පරිණාමය අපට වෙනස් කරන්න පුළුවන්. නමුත් එන්නේ හරි සත්වයාද විකෘතියක් ද කියන එක අප දන්නේ නැහැ.//

      ඒ නිසා තමයි විවිධ අදහස් අතර තරඟයක් අවශ්‍ය වෙන්නේ. නැත්නම් කොහොමද විකෘතිය නිශේධනය වෙලා යන්නේ.

      Delete
    2. හරි ඒකට අපි දෙන්නම එකඟයි නේ. එතන විවාදයක් නැහැ. මාක්ස්වාදීන් කියනවා මනෝරාජික සමාජවාදීන් ප්‍රතිසන්ස්කරනවාදීන් කියල. එහෙම කියන්නේ මාක්ස් ගේ අදහස් අප්‍රතිශෝධ්නයට ලක් කළා කියල. නමුත් ඇත්ත නම් මාක්ස් මනරාජික අදහස් අරගෙන එක වෙනත් මාර්ගයකට යොමු කරපු එක. ඉතින් ඇත්ත ප්‍රතිසංස්කරණය කලේ මාක්ස් සහ ලෙනින්. (පසුව ස්ටාලින්) මාක්ස්වාදයේ ඔය මුලික් ප්‍රතිවිරෝධයන් නිසාම තමයි ලෙනින් ගේ තනි රටක සමාජවාදය බිඳ වැටුනේ. අති විශාල රාජ්‍යයක් ලෙස රුසියාවට පවතින්න තිබ්බ. උතුරු කොරියාව වගේ වෙලා. නමුත් අප අවසාන කාලයේ හොඳින් ම දැක්ක දේ තමයි මිනිසුන්ට ඒක අවශ්‍ය නැහැ කියල. ලෙනින් 1921 අන්තිම කාලේ ඒකදැක්ක හැබැයි එතකොට ප්‍රමාද වැඩියි. එයාගේ බලය ගිලිහෙමින් තිබුනේ. තනි රටක සමාජවාදය ගොඩ නගන්න පුළුවන් කියන අදහස ලෙනින් ගෙනාවෙම මනෝරාජික සමාජවාදීන්ගේ අදහස වැරදියි කියල වෙනම ලිපි පවා ලියලනේ. කෙරෙන්ස්කි කියන්නේ සමාජවාදියෙක්. (මගේ ලිපියේ මම ඒ බව ලියල තියනවා - ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය ) දැන් ජිවත් වෙලා හිටියනම් ලෙනින් කියයි - ආ ඔයගොල්ල හරිනේ කියල.

      Delete
    3. //නමුත් ඇත්ත නම් මාක්ස් මනරාජික අදහස් අරගෙන එක වෙනත් මාර්ගයකට යොමු කරපු එක. ඉතින් ඇත්ත ප්‍රතිසංස්කරණය කලේ මාක්ස් සහ ලෙනින්.//

      මේකට එකඟයි.

      Delete
  9. ලංකාවේ කුරුණෑගල පැත්තේ කෙරුනු පර්යේෂණය කියන්නේ ඉබ්බගමුවේ දේවසරණ කේන්ද්‍රය වෙන්න ඇති,යොහන් දේවනන්ද දේවගැතිවරයාගෙන් පසුව එය ක්‍රිස්තියානි පල්ලිය විසින් කොල්ලකාගත්තාය කියා සුනන්ද දේශප්‍රිය මැතක ලියා තිබුනා දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සංවෘත පද්ධතියක් ඇතුළේ සාමූහික ලෙස වැඩ කරන හා පරිභෝජනය කරන කණ්ඩායම් වරින් වර හැදෙන්න පුළුවන්. එය පුද්ගල කැමැත්ත මත සිදු වන දෙයක්. ධනවාදී ක්‍රමයක් ඇතුළේ කැමති පිරිසකට එකතු වී ඔය වගේ වැඩක් කරන්න කිසිම න්‍යායාත්මක බාධාවක් නැහැ. නමුත්, ඔය වගේ ක්‍රමයකට හැමෝම කැමති වෙයි කියා හිතන එක තනිකරම මනෝරාජික අදහසක්. බොහෝ විට ඔය වගේ ප්‍රජාවක් ඇතුළේ හැදෙන දරුවෝ සෑහෙන පිරිසක් ලොකු වුණාම එළියට යනවා. ඉතිරි වන අය හිටියත් ඒ අයගේ දරුවෝ ලොකු වුනාම ඒ දරුවෝ එළියට යනවා. එය වලක්වා ගත හැක්කේ බලය යෙදවීම මගින් පමණයි. කුඩා කණ්ඩායමක් ඇතුළේ විශාල ලෙස බලය යෙදවීමක් කරන්න අමාරුයි. සෝවියට් ක්‍රමයේ විශාල රාජ්‍යයකට එය කළ හැකියි. පොදු දේපොළ ක්‍රමයක් දිගුකාලීනව පවත්වා ගන්නනම් බලය යෙදවීමක් කරන්නම වෙනවා. මේ වැනිම හේතුවක් නිසා මනෝරාජික ශුද්ධ ධනවාදයකටත් පවතින්න බැහැ. ලෝකයේ කිසිම රටක් සම්පූර්ණයෙන්ම ධනවාදී නැත්තේත්, ස්වභාවිකම හැදී තිබෙන ද්වි පක්ෂ ක්‍රමයකින් ධනවාදය නියාමනය වෙන්නේත් ඒ නිසයි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...