මේ වෙද්දී හඳුනා ගෙන සිටින මිලියන තුනකට අධික කෝවිඩ්-19 ආසාදිතයින්ගෙන් මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇමරිකානුවන්. තනි රටක් ලෙස බැලුවොත් වැඩිම මරණ ගණන වාර්තා වී තිබෙන්නේ ඇමරිකාවෙන්. ඒ වගේම වැඩිම පිරිසක් සුව වූ බව වාර්තා වී තිබෙන්නේත් ඇමරිකාවෙන්. කොහොම වුනත් ඇමරිකාවේ විශාල ජනගහණය ගැන නොසලකා මේ එක දෙයක් ගැනවත් විශ්ලේෂණය කරන්න යාම තේරුමක් නැති දෙයක්.
ඇමරිකාව කෝවිඩ්-19 ඉදිරියේ දණ ගහලද? සමහර අයනම් එහෙම කියනවා. එහෙත්, ඇමරිකාව කිසි විටෙකත් කෝවිඩ්-19 ඉදිරියේ දණ ගැහුවේ නැහැ. කෝවිඩ්-19 වලට බයෙන් හැංගුනෙත් නැහැ. හැබැයි එහෙම කියලා නිරායුධව සතුරා ඉදිරියට පැනලා නිස්කාරණේ විනාශයක් කර ගත්තේත් නැහැ. ඇමරිකාව සතුරාට මුහුණ දුන්නේ ඉතාම සැලසුම් සහගත ලෙසයි. ඒ සැලසුම් වල සාර්ථකත්වය මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
මෙහිදී මා ඇමරිකාව කියා කියන්නේ රටේ ජනාධිපති හෝ වෙනත් තනි පුද්ගලයෙක් නෙමෙයි. ඇමරිකාව සම්බන්ධව කිසිදු තනි පුද්ගලයෙකුට තීරණ ගන්න බැහැ. ඒ වගේම රටේ හැම පුද්ගලයෙක්ම එකාවන්ව එකතු වී තීරණ ගත්තා කියා කිවුවොත් එයත් විශාල බොරුවක්. එහෙම දෙයක් වුනෙත් නැහැ. එහෙත්, ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගත හැකි වූ විශාල පිරිසක් රටේ හිටියා. ඒ අයට ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳව වගේම එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් තනි තනිව හිතා නිගමන වලට එන්න පුළුවන් වුනා.
මේ නිගමන වලට පැමිණුනේ එකම දැනුම් රාමුවක් මත සාක්ෂි මත පදනම්ව නිසා එසේ තනි තනිව නිගමන වලට පැමිණුනු අයට බොහෝ දේ පිළිබඳව පොදු එකඟතාවන්ට පැමිණෙන්නත් පුළුවන් වුනා. ඇමරිකානු ක්‍රමය තුළ ඔවුන්ට ඒ දේවල් ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුනා.
අලුත් තොරතුරු ලැබෙන විට ඇතැම් විට කලින් ගත් තීන්දු තීරණ වෙනස් කරන්න සිදු වුනා. එහෙත්, එහිදී වුවත් බොහෝ දෙනෙකුට එකඟ වෙන්න අපහසු වුනේ නැහැ. කවුරුත් තීන්දු ගත්තේ සාක්ෂි මත පදනම්ව වීම එයට හේතුවයි. පැවති තත්ත්වය තනි තනිව විශ්ලේෂණය කර ගැනීමට තරම් විෂය දැනුමක් නොතිබුණු අය එවැනි දැනුමක් තිබුණු අය කෙරෙහි විශ්වාසය තබන අතරම තම තමන්ගේ විෂය දැනුම පුළුල් කර ගත්තා. විෂය දැනුමක් තිබුණු අය එයට උදවු කළා.
ඇමරිකානු ක්‍රමය තුළ ප්‍රමුඛතාවය ලැබුණේ හැකි තරම් විශාල පිරිසකට කරුණු ඇති සැටියෙන් දැන ගන්නට ඉඩ සැලැස්වීමට මිස බොරු කියා බය තුනී කරන්නට හෝ වැඩියෙන් බය කර පාලනය කරන්නට නෙමෙයි. මේ දෙකෙන්ම අවසාන වශයෙන් වෙන්නේ හානියක්. කරුණු ඇති සැටියෙන් දැන ගත් විට ඕනෑම කෙනෙකුට තමන්ට වඩාත්ම හොඳ තීරණය ගන්න පහසු වෙනවා.
ඇමරිකාව කෝවිඩ්-19 ප්‍රශ්නය මාසයකින් දෙකකින් කෙළවර නොවන ප්‍රශ්නයක් බව මුලදීම නිවැරදිව හඳුනා ගත්තා. ඒ නිසා, හැකි ඉක්මණින් අවසන් කෝවිඩ්-19 ආසාදිතයත් සුව කර වසංගතය රටෙන් තුරන් කිරීම වැනි කළ නොහැකි ඉලක්ක පසුපස ඇමරිකාව හඹා ගියේ නැහැ. ඇමරිකාවට දැනටත් එවැනි ඉලක්කයක් නැහැ. වසංගතයට මුහුණ දෙන්නට අනිවාර්යයෙන්ම සිදු වන බව ඇමරිකාව නිවැරදිව ගණනය කළා.
එහෙත්, සාමූහික ප්‍රතිශක්තිය ඇති වී ප්‍රශ්නය ස්වභාවිකව විසඳෙන තුරු කිසිවක් නොකර බලා සිටීමේ ප්‍රතිපත්තියක ඇමරිකාව සිටියේත් නැහැ. මුල් අවස්ථාවේ පෙනෙන්නට තිබුණු කරුණු මත පදනම්ව එක්සත් රාජධානිය විසින් ආරම්භයේදී එම විකල්පය සලකා බැලුවත්, වසංගතය පිළිබඳ වැඩිමනත් තොරතුරු ලැබෙද්දී ඉතා ඉක්මණින් ඔවුන්ගේ ස්ථාවරයද වෙනස් කර ගත්තා. ඇමරිකාවේ ස්ථාවරය වුනේ රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමයි.
කිසිවක් නොකර සිටියේනම් සාමූහික ප්‍රතිශක්තිය ඇති වී ප්‍රශ්නය ස්වභාවිකව විසඳෙන විට ඇමරිකානුවන්ගෙන් 60-70%ක් පමණවත් ආසාදනය වී සිටිය යුතුයි. එහෙත්, මේ වන විටත් කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන්නේ ඇමරිකානුවන්ගෙන් 0.3%ක් පමණයි. හඳුනා නොගත් ආසාදිතයින් පිළිබඳව තවමත් තිබෙන්නේ සීමිත දැනුමක්. මේ ප්‍රමාණය හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මෙන් දහ ගුණයක් වුවත්, තවමත් ඇමරිකානුවන්ගෙන් 97%කටම වෛරසය ආසාදනය වී නැහැ. ඇමරිකානුවන් 57,000කට අධික පිරිසක් මිය ගොස් තිබෙන්නේ එවැනි තත්ත්වයක් යටතේදීයි.
ඇමරිකාවේ මරණ ගණන මෙපමණකින් සීමා කර ගත හැකි වූයේ රටේ සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි තරමට රෝගය ව්‍යාප්ත නොවූ නිසයි. එසේ වූවානම්, මරණ ගණන ගණන් කරන්න වෙන්නේ මිලියන වලින්. දැනට සිදුව ඇති මරණ රෝගීන්ට අවශ්‍ය සත්කාරක සේවාවන් ලබා දීමෙන් පසුව සිදුව ඇති මරණයි.
වසංගත වක්‍රය සමතලා කිරීම (Flattening the Curve) ලෙස හැඳින්වුණු ඇමරිකානු උපාය මාර්ගයේ ඉලක්කය වුනේ දිනකට හමුවන අලුත් රෝගීන් ප්‍රමාණය නිශ්චිත උපරිම සීමාවකට පහළින් තබා ගැනීමයි. මේ සීමාව රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව නො ඉක්මවන සීමාවක්. මේ වන විට ඇමරිකාව විසින් මේ ඉලක්කය සපුරාගෙන තිබෙනවා.
දැනට ඇමරිකාවේ රෝග ව්‍යාප්තිය පාලනය වී තිබෙන සීමාව රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවට වඩා බොහෝ පහළ සීමාවක්. රෝගීන්ගෙන් 30%ක් පමණම හඳුනා ගැනුණු නිවුයෝර්ක් ප්‍රාන්තයේදී හෝ දෙවන හා තෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණ වාර්තා වී ඇති නිවු ජර්සි හා මැසචුසෙට්ස් ප්‍රාන්ත වල පවා සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාමක් සිදු වී නැහැ. අනෙක් බොහෝ ප්‍රාන්ත වල රෝගීන් ප්‍රමාණය සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව කිට්ටුවකටවත් ඇවිත් නැහැ.
Tuesday, April 28, 2020
පාත් කළ කන්ද
Labels:
ඇමරිකාව,
වසංගත,
වසංගතවේදය,
සංඛ්‍යාලේඛණ,
සෞඛ්‍යය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
ශ්‍රී ලංකාවේ රෝගය ව්‍යාප්ත වීමේ වේගය ඇමෙරිකාවට වඩා වැඩියි. ලෝකෙන්ම 1. ඒත් ඉකොනෝ, සෑහෙන දවසක ඉඳලාම අපේ කොරෝනා මරණ ගණන 7 යි! කොහොමද අපේ හපන්කම්?
ReplyDeleteFDA may approve emergency use authorization of Ebola drug remdesivir TODAY after Dr Fauci praised the results of one study as 'proof that a drug can block this virus'
ReplyDelete(Daily Mail)