Thursday, April 23, 2020
කෝවිඩ් මරණ අනුපාතය
කෝවිඩ්-19 තර්ජනයට ලෝකයේ හැම රටක්ම මුහුණ දෙන්නේ බටහිර විද්‍යා දැනුම මත පදනම්වයි. ඒ දැනුම අසම්පූර්ණ එකක්. ඉතා පැහැදිලිවම රෝගය හඳුනා ගැනීම, රෝගීන් හඳුනා ගැනීම, රෝගය පැතිරීම වැළැක්වීම, මරණ වැළැක්වීම ආදී හැම දෙයක්ම කෙරෙන්නේ විශාල අවිනිශ්චිතතා සමඟයි. එසේ වුවත්, මේ කරන දේවල් කිසිවක් අසාර්ථකයි කියා කියන්න බැහැ.ලෝකයේ බොහෝ රටවල් මේ වන විට මේ එක් එක් පියවර තුළ කවර ප්‍රමාණයකින් හෝ සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා.
බටහිර විද්‍යා දැනුම පැත්තකට දමා කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දිය හැකි වෙනත් විකල්ප දැනුමක් අහලකවත් පෙනෙන්න නැහැ. එවැනි විකල්ප දැනුමක් තිබෙනවානම් මේ වෙලාවේ එවැනි දැනුමක් තිබෙන අය සද්ද වහගෙන ඉන්න හේතුවක් නැහැ. බටහිර විද්‍යාව අසරණ වෙලා කියා කෑගහන එකේ කිසියම් හෝ තේරුමක් තියෙන්නේ කිට්ටුවෙන් හෝ යන මොකක් හෝ විකල්පයක් තිබේනම් පමණයි. බටහිර දැනුමෙන්ම ගොඩ යන්න බලාගෙන ඉන්න ගමන් එම දැනුම විවේචනය කරන එකේ කිසිම තේරුමක් නැහැ.
කෝවිඩ්-19 සම්බන්ධව ලෝකයේ හැම රටක්ම වගේ එකඟ වන කරුණු රාශියක් තිබෙනවා. මේ රෝගය වෛරසයක් නිසා ඇති වන බව, එම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බව, වෛරසය ආසාදානය වන අයගෙන් වැඩි පිරිසකට ලොකු සංකූලතා ඇති නොවන බව, එහෙත් කිසියම් පිරිසක් මේ රෝගයෙන් මිය යන බව හා වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම සීමා වන විට වසංගතය පාලනය වන බව මේ විදිහට කවුරුත් එකඟ වන පොදු කරුණු. එහෙත්, වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම සීමා කිරීමේ (හෝ නොකිරීමේ) කටයුත්තේදී ලෝකයේ විවිධ රටවල් විවිධ ක්‍රමෝපායයන් අනුගමනය කරනවා
ස්වීඩනය වැනි රටක් පාසැල්, ක්‍රීඩාගාර, අවන්හල් ආදිය විවෘතව තබා ගෙන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී තවත් ඇතැම් රටවල් සියළුම ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් දැඩි සේ පාලනය කර තිබෙනවා. රෝගයට හේතුවන වෛරසය එකම වුවත්, ආසාදනය වන මිනිසුන්ගේ සංස්කෘතිය හා සමාජ වටපිටාව සමාන නැති නිසා එක රටක් කරන දෙයක් දෙස බලා තවත් රටක් කරන දේ වැරදියි කියා කියන්න අමාරුයි. ඒ වගේම හේතු ගණනාවක් නිසා රට රටවල සංඛ්‍යාලේඛණ සංසන්දනය කරන එකත් ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්.
කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දෙන රටවල් අතරින් අයිස්ලන්තය සුවිශේෂී වන්නේ රටේ ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් මේ වන විට පරීක්ෂාවට ලක් කර තිබෙන්නේ එරට නිසයි. මෙය ලියන මොහොත වන විට අයිස්ලන්තය විසින් අහඹු නියැදි කිහිපයක්ද ඇතුළුව එරට ජනගහණයෙන් 13%ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම, රටේ ජනගහණයෙන් 4.0%ක් කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට අයිස්ලන්තයේ කෝවිඩ්-19 පැතිරීම සෑහෙන දුරකට අවසන්ව තිබෙනවා. වැදගත්ම කරුණ අයිස්ලන්තයේ කෝවිඩ්-19 මරණ අනුපාතයයි. එම අනුපාතය තිබෙන්නේ 0.56% තරම් පහළ මට්ටමකයි. මෙය යුරෝපයේ බොහෝ රටවල පෙනෙන්නට තිබෙන මරණ අනුපාතයට වඩා බෙහෙවින්ම අඩුයි.
අයිස්ලන්තයට පසුව ජනගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් පරීක්ෂාවට ලක් කර තිබෙන රට එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. රටේ සියලුම පුරවැසියන් හා නේවාසිකයින්ව කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කිරීමේ ඉලක්කයක සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය එරට ජනගහණයෙන් 8%ක්, එනම් 790,000 දෙනෙකු, මේ වන විට පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සංඛ්‍යාව අනුව බැලුවත් ඊට වඩා වැඩි පිරිසක් පරීක්ෂා කර තිබෙන්නේ තවත් රටවල් පහක් පමණයි. මේ වෙද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරණ අනුපාතයද 0.59%ක් පමණයි.
ඇමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී මිලියන 4.2ක පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහෙත් මෙසේ පරීක්ෂාවට ලක් කර ඇති පිරිස ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි. බොහෝ විට ඇමරිකාවේදී කෝවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක් වන්නේ රෝග ලක්ෂණ ඇති අය පමණයි. ඒ නිසා, කෝවිඩ්-19 ආසාදනය වී රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක් දැනට හඳුනාගෙන ඇති කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවට ඇතුළත්ව නැහැ. ඒ ප්‍රමාණය කොපමණද කියා අප දන්නේ නැහැ.
මේ වන විට ඇමරිකාවෙන් හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් අතරින් මිය ගොස් ඇති ප්‍රතිශතය 5.6%ක් පමණ වෙනවා. මෙය අයිස්ලන්තයේ මෙන් දහ ගුණයක මරණ අනුපාතයක්. එහෙත්, මේ වන විට කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කර තිබෙන්නේ ඇමරිකාවේ ජනගහණයෙන් 1.3%ක් පමණයි. අයිස්ලන්තයේ මේ ප්‍රතිශතය ඇමරිකාවේ මෙන් 10 ගුණයක්.
ජර්මනියේ හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් අතරින් මිය ගොස් ඇති ප්‍රතිශතය 3.5%ක් පමණ වෙනවා. මෙය ඇමරිකාවට සාපේක්ෂව 1.6 ගුණයකින් අඩුයි. එහෙත් ජර්මනිය එරට ජනගහණයෙන් 2.1%කට ආසන්න ප්‍රතිශතයක් පරීක්ෂා කර තිබෙනවා. දෙරටේ පරීක්ෂා කර ඇති ප්‍රතිශත අතර අනුපාතයද 1.6ක්. ඇමරිකාවේ පරීක්ෂාවට ලක් වූ අය අතරින් ආසාදිතයින් 19.7%ක් හමු වී ඇතත් ජර්මනියේ පරීක්ෂාවට ලක් වූ අය අතරින් හමු වී තිබෙන ආසාදිතයින් ප්‍රතිශතය 8.7%ක් පමණයි.
මේ දේවල් ඇසුරින් බරපතල හා නිශ්චිත නිගමන වලට එළැඹෙන්න බැහැ. එහෙත්, පෙනෙන්නට ඇති මරණ අනුපාතය සැබෑ අනුපාතයට වඩා බොහෝ වැඩි එකක් බව පෙනෙන්නට තිබෙනවා. ඇමරිකාවේ පරීක්ෂාවට ලක් වූ අයගෙන් පහෙන් එකක් පමණම ආසාදිතයින් වීමෙන් පෙනෙන්නේ ඇමරිකාවේදී පරීක්ෂාවට ලක් වන්නේ ආසාදිතයෙකු වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන අයෙකු පමණක් බවයි. ඇමරිකාවේ මරණ වලින් අඩක්ම වාර්තා වී තිබෙන නිවු යෝර්ක් හා නිවු ජර්සි ප්‍රාන්ත වල පරීක්ෂා කර ඇති අයගෙන් අඩක්ම කෝවිඩ්-19 ආසාදිතයින්.
ඇමරිකාවට සාපේක්ෂව බැලූ විට ජර්මනියේදී අඩු අවදානමක් ඇති අයද පරීක්ෂාවට ලක්වන නිසා වැඩි ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනෙනවා. අයිස්ලන්තයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින කෝවිඩ්-19 ආසාදිතයෙකු පරීක්ෂාවට ලක් වෙන්න තිබෙන ඉඩකඩ ජර්මනියට සාපේක්ෂව වුවත් කිහිප ගුණයකින් වැඩියි.
අවදානම අඩු පිරිස්ද වැඩි වැඩියෙන් පරීක්ෂා කරන තරමට හඳුනා ගැනෙන ආසාදිතයින් ප්‍රමාණය ඉහළ ගොස් මරණ අනුපාතය පහළ යනවා. නමුත්, එය කෝවිඩ්-19 මරණ අනුපාතය ලෙස පෙනෙන අගය තීරණය කරන එක් සාධකයක් පමණයි. ඒ නිසා, කෝවිඩ්-19 මරණ අනුපාත සංසන්දනය කිරීම ඉතා අසීරු කටයුත්තක්.
Labels:
අයිස්ලන්තය,
ඇමරිකාව,
ජර්මනිය,
වසංගත,
වසංගතවේදය,
සංඛ්‍යාලේඛණ
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
ඉකොනෝමැට්ටා මහතා,
ReplyDeleteලංකාවේ මිනිසුන්ගේ සහ ආණ්ඩුවේ වාසනාවකට හරි වෙන මොනයම් හේතුවක් නිසා හරි ලංකාව කොරෝනා මරණ ඉතාම අඩුයි. දැන් සමහරු කියනවා ලංකාවේ කොරෝනා රෝගීන් ගණන හදුනාගෙන තියෙන ප්‍රමාණයට වඩා ඉතා වැඩියි කියලා. එහෙම උනා උනත් කොරෝනා යයි සැක මරණ වාර්තා වෙන්නේ නැහැ රටේ. මොකද කොරෝනා රෝග ලක්ෂණ සහතව කවුරුහරි මියයනවා නං ඒ කෙනා ගෙදර ඉදන් මියගියත් ඒක හංගන්න බැහැ. එව්වා වාර්තා වෙනවා. ඒ නිසා ආණ්ඩුව කියන සංක්‍යා ලේඛන හරි.
කෝවිඩ්-19 හා හා අදාළව ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක ආණ්ඩුවක් හිතා මතා බොරු නොකීවේ වුවත් මරණ ගණන වගේම ආසාදිතයින් ගණනත් අඩු ඇස්තමේන්තු වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. බොහෝ විට ආසාදිතයෙකු හඳුනා නොගැනීමේ සම්භාවිතාවට වඩා මරණයක් හඳුනා නොගැනීමේ සම්භාවිතාව අඩුයි. එහෙත්, හැම කෝවිඩ්-19 මරණයක්ම නිවැරදිව හඳුනා ගැනෙනවා කියා කියන්න බැහැ. ඊට අමතරව ඇමරිකාවේනම් කෝවිඩ්-19 මරණ අර්ථ දක්වන ආකාරය පිළිබඳවත් විවේචන තිබෙනවා. හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයෙකු මිය ගිය විට එය කෝවිඩ්-19 නිසා සිදු වූ මරණයක් ලෙස ගණන් ගත්තත් මේ ඇතැම් මරණ සිදු වන්නේ වෙනත් හේතුවකින්. උදාහරණයක් විදිහට කෝවිඩ්-19 නිසා කිසිදු බරපතල රෝග ලක්ෂණයක් නොපෙන්වන කෝවිඩ්-19 ආසාදිතයෙකුට වෙනත් හේතු මත හිටි හැටියේ හෘදයාබධයක් හැදෙන්න පුළුවන්.
Deleteකොරෝනාවට එරහිව රට ජාතිය ආගම වෙනුවෙන් සටන් වදිනා ඇමරිකන් හමුදාවේ රණවිරුවන්ට තෙරුවන් සරණයි.
Deleteකීල්ස් එකෙන් බඩු ගෙන්න ගත්තා හුරේ !!! කියලා පෝස්ට් දාන උන් දිහා මෙච්චර දවස් මන් බැලුවෙ වට්ද ෆක් මොන සමයමක් මේ ? ��වගෙ හැඟිමකින්
ReplyDeleteඒත් පහුගිය ටිකේ තමයි තේරුනෙ ඒ ලෙවල් වලින් ලංකාවෙ පලවෙනියා වෙන එක ලේසියි කීල්ස් සුපර් එකෙන් බඩු ඕඩර් කරලා ගෙන්න ගන්නවට වඩා කියලා
ඔන්න පලවෙනි දවස යනවා රෙජිස්ට්‍රර් වෙන්න.. එදාට බඩු ඕඩර් කරන්න වෙන්නෙ නෑ සයිට් එක විනාඩි 15 න් වහනවා
ඔන්න දෙවනි දවසෙ එලාම් තියලා ඇහැරුනා උදේ 5.45 ට .. කීල්ස් එකෙ වෙබ් එක ඕපන් කරන්නෙ උදේ 6.ට .. මීටර් 100 දුවනවා වගෙ පට ගාලා බඩු ටික සිලෙක්ට් කරද්දිත් 6.10 වගෙ වෙද්දි විනාඩි දහයයට ඕඩර්ස් 1000 ක් අරන් ඉවරයි සයිට් එක ක්ලොස්..
ඔන්න ඔහොම මම උදේට එලාම් තියන් ඇහැරන් දවස් 5 ක් ට්‍රයි කලා.. ඕඩරේ දාන්න විතරක්..ම්හ් හරි යන්නෑ��
පස්සෙ ඒක අල්ලලා දාලා පික් මී එකට බැස්සා ඒකෙත් ඉතින් සිලෙක්ට් කරන්න බෑ.. ෆුඩ් පැක් එකෙ තියෙන දේවල් වැඩකට නැති උනත් සිලෙක්ශන්ස් නෑ.. වැඩකට ඇති නැති ඔක්කොම ගන්න වෙනවා
ඉතින් ඔහොමයි මේ දවස් වල ජිවිත ගත වෙන්නෙ. වෙනදා මහලොකුවට ඔලුවට නොගත්ත දේවල් ගැන පණ දාගෙන ඔට්ටුවීමක් තියෙන්නෙ.
ඒ අතරේ බුකියෙ ටිකක් ජනප්‍රිය එක්තරා වයසක මනුස්සයෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා
" මේ වෙලාවෙ එක මනුස්සයෙක් හරි බඩගින්නෙ හිටියොත් ආණ්ඩුව අසමත් ලු"��
සංසාරේ ඉතින් කියන්න දාහක් ජාති කටට ආවත් මේ වෙලාවෙ මගෙ කොමෙන්ට් බ්ලොක් නිසා ඉවසන් උන්නා ����
මේ පණ්ඩිත උද්දචච්ච කුක්කුච්චලා හදෙන් පාත් වෙච්ච උන් වෙන්නැති.. ලංකාවෙ එකෙක්ට නම් කටක් ඇරලා කියන්න පුලුවන් ඇති කියලා හිතන්න අමාරුයි..
ඇමරිකාව ,මහා බිත්‍රාන්‍ය ඉතාලිය වගෙ යුරෝපා රටවල පවා මේ වෙලාවෙ " බඩගින්න නිවීම" කියන සාධකය දෙවනි තැනට දාලා මූලීකත්වය දීලා තියෙන්නෙ මේ රෝගය පාලනය හා නිවාරණයට..
වැඩිය ඕන්නෑ අසල්වැසි ඉන්දියාව පවා හිටපු ගමන් දවස් 21 ට ඒ තරම් විශාල රටක් ලොක් ඩවුන් කලා.. අනේ කන්න ගන්න කියලා එක් රැස් කරගන්න තිබ්බෙ රටේ මිනිස්සුන්ට පැය කීපයක් විතරයි.. දවස් 21 ම හුලං බිබි හරි ගෙදර ඉදපන් එලියට බැසසොත් රතු වෙන්න තලනවා කියන තියරිය තමයි එහෙ තියෙන්නෙ..
නමුත් මමත් ඇතුලුව බහුතර රටේ ජනතාව ලොක් ඩවුන් කරපිය කියලා කෑගහද්දිත් ජනාධිපතිතුමා කර්ෆිව් දාලා ඒකත් සතියකට සැරයක් දෙකක් අයින් කරන හේතුව මට දැන් හිතාගන්න පුලුවන්
මොකද ජනාධිපතිට උනත් තේරෙනවා
" අපි කා කියගත්ත ගමන් ම ඉන්න කන්න තියෙ නම් මොකුත් ඕනෙ නැති ජාතියක් කියල "��
ලොක් ඩවුන් කියලා කෑහහපු උන්ම අනික් අතට දවස් 5න් පහට කර්ෆිව් අයින් කලත් බෙරිහන් දෙනවා
" කන්න නෑ මැරෙන්න යනවා කියලා"��
ඉතින් එහෙම බලද්දි මට හිතෙනවා මාසයක් වගෙ ලොක් ඩවුන් කලොත් අපි කටින් නෙමෙ ඊගාවට කතා කරන්නෙ පුපෙන් කියලා එතුමට ඉවෙන් වගෙ තේරෙන් ඇති..��
අන්න ඒ නිසා කර්ෆිව් දදා අයින් කරනවා " හා එහෙනම් කෑම හොයන් වරෙන් " කියලා
ලෝකෙ අනික් දියුනු රටවල් එක්ක බලද්දි එච්චර මානුශියව සහන දීලත් අර වගෙ වලපයයි ගොඩ පයයි ඉන්න වයසක ඩෑල් ටික කෑගහනවා
Delete" එක පවුලක් හරි බඩගින්නෙ හිටියොත් ආන්ඩුව අසමත් ලු"��
අද මම යෙහෙලියක් එක්ක දුරකතනයෙන් කතා කරද්දිත් ඇත්තටම අපි කතා උනෙ
උදාහරනෙකට අන්තිමට කන්න නැති උනොත් බිස්කට් හරි කනවා කියලා මායි තාත්තායි බිස්කට් පැකට් එක එක ජාති වලින් මහ ගොඩක් ගත්තා ..
පලවෙනි දවස් දෙකතුනෙ රස බලන්න කියලා කාලා ඒ ඔක්කොම ඉවරයි සුමානයක් යන්න කලින්��
අපි අන්න එහෙම කෑම ගොඩක් ගත්තා බත් කන්න හාල් හිගයක් ආවොත් අපි ඒවා කාලා හරි ඉම්මු අනෙ කියලා.. ��
අන්න එහෙම වැඩි හොදට ගෙනාපුවා තමයි ඔක්කොටම කලින් කාලා ඉවර උනෙ..����
ඉතින් යාලුවනි පොඩි එකෙක්වත් නැති අපේ ගෙවල් වල තත්වෙ ඕක නම් පොඩි උන් ඉන්න ගෙවල් වල මේක මීට වඩා දරුනු ඇති..
අපේ තියෙන කාලකන්නිකමද? කෑම හිග වෙයි කියලා අර හිතේ තියෙන නිසාද මන්දා මේ දවස් වල සාමාන්‍ය වෙන දවසකට වඩා කනවා.. කන එකම තමයි වැඩේ.. හැමතිස්සෙම හිතෙන්නෙ මොනාහරි කන්න තිබ්බා නම් හොදය කියලා��
අපි ගෙදර කතා වෙනවා ඉන්න ගමන් දවසට තුන් වේලක් උයන්න ඕන් නෑ මේ දවස් වල අපි ඔන්න ඔහෙ රෑට සුළුවට මොනා හරි හදමු කියලා��
ඔහොම හිතන් කුස්සියට යනවා සුලුවට මොනා හරි හදන්න හිතන්
හිතපන්කො සුලුවට රොටියක් හදන්න හිතුවා කියලා
ඔන්න එකෙක් කුස්සියට ඔලුවට දාලා කියනවා රොටී කන්න ලුනුමිරිස් එපා චිකන් කරි හදමු කියලා..
හා එහෙනම් කියලා චිකන් කරියක් හැදුවම තව එකෙක් හොම්බ දාලා කියනවා චිකේ මට නම් රොටී එපා චිකන් හදපු එකෙ බතුත් උයනවා කියලා��
හා එහෙනම් බත් එකකුත් උයන්නම් කියලා ටිකකින් ආච්චි ඇවිත් කියනවා ඈ කෙල්ලෙ මන් රොටි කන්නෙත් නෑඅ චිකන් කන්නෙත් නෑ මට කන්න පරිප්පුවක්වත් හදහන් කියලා☹️
ඉතින් යාළුවනි ,
උබලටම පේනවද "සුළු " කියලා කිසි දෙයක් නෑ ඔක්කොම " මහා පරිමාණව " තමයි වෙන්නෙ����
ඉතින් ආහර හිගයක් තියා මොකක් ආවත් ඔන්න ඕකයි සාමාන්‍ය ගෙදරක තත්වෙ..
නමුත් මගෙ පෞද්ගලික අදහස මේ.. මන් දන්නවා ලමයි ඉන්න ගෙවල් වල මන් මේ කියන්න යන කතාව ප්‍රායෝගිකව කරන්න අමාරුයි
නමුත් පුළු පුලුවන් හැටියට එක වේලක් හරි කාලා , කන්නම නැති උනොත් බිස්කට් එකක් කාලා තේ එකක් හරි බීලා ගෙවල් වලටම වෙලා ඉදන් ආණ්ඩුව මේ ගෙනියන වැඩපිලිවෙලට පාට පක්ශ නොබලා සහය වෙන්න පුලුවන් නම් ඒක අපි අපිටම කරගන්න යහපතක්..
මේ දවස් වල කවදටත් වඩා දැනෙන " බඩගින්න" කියන හැගිම ඇත්තටම බඩගින්නද හිත පිරුන් නැතිකමද? " කාලා මැරෙමු" වගෙ තීම් එකක් ඇක්ටීව් කරන්ද කියන එක හරියටම හිතලා බලන්න
මන් වැඩිය බණ අහන මනුස්සයෙක් නෙමෙ.. ඒත් ඊයෙ භද්දිය හාමුදුරුවන්ගෙ බණක් අහම්බෙන් ඇහුවා .. උන් වහන්සෙ කියනවා
" ඉතාලියෙ වගෙ මීනිකදු ගොඩගැහෙන්න ගත්තොත් ලංකාවෙ මීනිස්සු අන්න එදාට කියාවිලු අනේ අපිට කන්න නැතත් කමක් නෑ වතුර බිබි හරි ඉන්නම් ජිවිත බේරලා දෙන්න කියලා "��
මටත් හිතෙන්නෙ ඒ කතාව හරි කියලයි..
වසංගත රෝග කියන්නෙ ආණ්ඩුවලට තියා දෙයියන්ටවත් පාලනයක් නැති තත්වයක්.. ඒක ගෝටාභය හිටියත් එකයි සජිත් හිටියත් එකයි. ඔබාමා හිටියත් එකයි ට්‍රම්ප් හිටියත් එකයි
ත්‍රස්ත්‍රවාදී උවදුරකදි වගෙ හෝ වෙනත් කරදරේකදි වගෙ ආණ්ඩු වලට බැන බැන ඉදලා තේරුමක් නෑ..
ලෝකය දිහා බලන්න.. ඔයා අකමැති ආණ්ඩුව හැදි ගෑවිලා යන්න මේක මරු චාන්ස් එක කියලා ගොන් ආතල් නොගෙන ඔයා කැමති උනත් අකමැති උනත් අඩු ගානෙ පුරුදු පරිදි තමන් ගැන විතරක් හරි හිතලා පවතින ආණ්ඩුවට සහය දෙන්න මේක පාලනය කරගන්න ..
මේක තව උඩු දිව්වොත් ආණ්ඩුවට බන්නිනවත් ඔයා ඉතිරි වෙන එකක් නෑ
පොඩ්ඩක් කණ බනේ පැත්තක තියලා සකසුරුවමින් ජිවත් වෙන්න බලමු !!
චාන්‍යා හේරත්
මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බෑ මල්ලි. දෙමලු මැරෙනකන් බලං ඉන්නේ ඇයි? ඇයි මේ කොරෝනා? කොවිඩ්. අපි පනුවෝ මල්ලි. අපි පනුවෝ. සරුංගලේ වරල් සැලෙ, උපන් බිමේ. යන්න හදයි රටින් රටට...
ReplyDelete