වෙබ් ලිපිනය:

Tuesday, February 15, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (හයවන කොටස)

පසුගිය ලිපියෙහි සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2015ට පෙර අතීතයේ සිදුව ඇති වැරදි හෝ අඩුපාඩු පැත්තකින් තබා 2015 සිට 2020 දක්වා කාලය දෙස හැරී බැලුවොත්, අදාළ පස් වසර තුළ ශ්‍රී ලාංකිකයන් විසින් භාණ්ඩ හා සේවා පරිභෝජනය වෙනුවෙන් වැය කළ ඩොලර් ප්‍රමාණය එම කාලය තුළම භාණ්ඩ හා සේවා අපනයනය කිරීමෙන් හෝ ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ලැබී තිබෙනවා. ඊට අමතරවද සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් බිලියනය ඉක්මවන මුදලක් ලැබී තිබෙනවා.    

කෙසේ වුවත්, ශ්‍රී ලාංකිකයින්ට ඩොලර් අවශ්‍ය වන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා පමණක් නෙමෙයි. වසරකට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ශ්‍රී ලාංකිකයින් විසින් ඩොලර් ලෙසම රටින් එළියට යවනවා (මෙහිදී ඩොලර් යන්නෙන් මා අදහස් කරන්නේ ඩොලර් ඇතුළු සියළුම විදේශ විණිමය). මෙයින් විශාල කොටසක් යැවෙන්නේ විදෙස්ගතව ඉගෙනුම ලබන දරුවන්ගේ නඩත්තුව පිණිස විය හැකියි. එය වෙනම විස්තරාත්මකව කතා කළ යුතු ප්‍රශ්නයක්.

පසුගිය ලිපිය සමඟ පළ කළ, පහත නැවත පළ කෙරෙන, වගුවෙහි පෞද්ගලික ප්‍රේෂණ ලෙස පෙන්වා දී තිබෙන්නේ එම කොටසයි.


ඉහත වගුවෙහි අනෙකුත් ලැබීම් (ශුද්ධ) ලෙස පෙන්වා තිබෙන සාපේක්ෂව කුඩා මුදලක්ද තිබෙනවා. එයට ඇතුළත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයෝජන, විශේෂයෙන්ම නිල සංචිත, වෙනුවෙන් ලැබෙන පොලී ආදායමට ශ්‍රී ලාංකිකයින් විසින් ලංකාවේ සිට විදේශ සමාගම් හෝ ආයතන වලින් ලබා ගන්නා වැටුප් හෝ විශ්‍රාම වැටුප් එකතු කර ලංකාවේ සිටින ලංකාව වෙනුවෙන් සේවය කරන විදේශිකයන් වෙනුවෙන් ගෙවන වැටුප් අඩු කිරීමෙන් පසු ඉතිරි වන මුදලයි. මේ කොටස්ද එකතු කර පෞද්ගලික ප්‍රේෂණ කොටස අඩු කළ විට ලැබෙන්නේ රටේ බැරකම් වෙනුවෙන් ගෙවන ප්‍රතිලාභ හැර ජංගම ගිණුමේ ශේෂයයි.

රටේ බැරකම් වෙනුවෙන් ගෙවන ප්‍රතිලාභ හැර ජංගම ගිණුමේ ශේෂය 2018 වසරේදී පමණක් යම් තරමකින් සෘණ පැත්තට ගොස් ඇතත් 2015-2020 අතර අනෙකුත් හැම වසරකදීම එය ධන අගයක්. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ ගොඩ ගැසී තිබෙන විදේශ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවීමට අවශ්‍ය නොවුනානම් ශ්‍රී ලාංකිකයින් විසින් උපයන ඩොලර් ප්‍රමාණය ඔවුන්ගේ අවශ්‍යතා සඳහා හොඳටම ප්‍රමාණවත් බවයි.

කෙසේ වුවත්, විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ නොගෙවා සිටිය නොහැකියි. ඒ කොටස එකතු කළ විට ලංකාවේ ජංගම ගිණුමෙහි වසරකට ඩොලර් බිලියන 2ක පමණ හිඟයක් ඇති වෙනවා. ඒ මුදල ආයෝජන හෝ ණය ලෙස රටට පැමිණිය යුතුයි. එසේ නොපැමිණෙන්නේනම් සංචිත පහළ යා යුතුයි. වසර තුළ පරිභෝජන වියදම් සඳහා අවශ්‍ය වූ ඩොලර් ප්‍රමාණය ණයට නොගත්තත්, 2015-2019 අතර කාලය තුළදීද විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ වලින් වැඩි කොටසක් ආපසු ගෙවා තිබෙන්නේ ණය අරගෙනයි. 

හරියටම ගණන් කියනවානම් විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ ලෙස ඉහත වසර පහ තුළ ඩොලර් මිලියන 11,834ක් ගෙවා තිබෙනවා. එම වසර පහ තුළ, ඩොලර් මිලියන 1,267ක් ඉපැයූ ආදායම් වලින් ඉතිරි කර ගෙන තිබෙනවා. ඔය කාලය තුළ රටේ නිල සංචිත ඩොලර් මිලියන 566කින් අඩු වී ඇතත්, අනෙකුත් සංචිත ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් ඇති නිසා, සමස්තයක් ලෙස රටේ සංචිත ප්‍රමාණය ඩොලර් 9,884 සිට ඩොලර් මිලියන 10,402 දක්වා ඩොලර් මිලියන 518කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඉතිරි කරගත් ඩොලර් වලින් මිලියන 750ක් විදේශ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවීමට වැය වී තිබෙනවා. ඉතිරි ඩොලර් මිලියන 11,084 ගෙවා තිබෙන්නේ ණය වෙලා. 

ඉහත වසර පහ තුළ නූපයූ ඩොලර් වියදම් නොකළත් රටේ විදේශ ණය ඩොලර් බිලියන 11කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියේ ඔය හේතුව නිසයි. මේ විදිහට රටේ බැරකම් ඉහළ යද්දී, ඒ වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභද සමානුපාතිකව මෙන් ඉහළ යනවා. 2019 වන විට මෙම මුදල ඩොලර් මිලියන 2,583ක්.

කෝවිඩ් වසංගතය නිසා ඔය ආකෘතියේ විශාල වෙනසක් වුනේ නැහැ. 2020 වසරේදී විදේශ බැරකම් හැර ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,084ක අතිරික්තයක් තිබුණා. ඇතැම් විට එය වසරක් තුළ ඉතිරි කරගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය හැකියි. වාහන ආනයනය පාලනය කිරීම මේ අතිරික්තය මේ තරම් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. කෙසේ වුවත්, එවැනි පාලනයක් නොතිබියද මෙය අතිරික්තයක් මිස හිඟයක් වීමේ ඉඩක් නැහැ. 

රටේ විදේශ බැරකම් ඉහළ යද්දී ඒ වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභද සමානුපාතිකව ඉහළ යන බව අපි දැන් දන්නවනේ. කෙසේ වුවත්, බැරකම් ඉහළ යාමේ ප්‍රශ්නය මෙසේ ගෙවිය යුතු ප්‍රතිලාභද ටිකෙන් ටික ඉහළ යාම පමණක් නෙමෙයි. බැරකම් වලින් කොටසක්ද වාර්ෂිකව ආපසු ගෙවිය යුතුයි. සරලව කිවුවොත් හැම වසරකම තිබෙන ණය වල ණය වාරික ගෙවිය යුතුයි.

ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන්නේ ඒ හිඟය පියවන්නත් ණය ගන්න වෙනවා කියන එකනේ. එහෙම තියෙද්දී ණය වාරික ගෙවන්න පුළුවන් එකම ක්‍රමය තවත් ණය ගැනීම පමණයි. ඒ කියන්නේ පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න වසරකට ඩොලර් බිලියන දෙකකට වඩා ණය ගන්න වෙනවා වගේම ඒ ණය වල වාරික ගෙවන්නත් ණය ගන්න වෙනවා. ණය ඉහළ යද්දී මේ වාරික ගෙවීම් ප්‍රමාණයද ඉහළ යනවා. 2020දී ලංකාවට මුහුණ දෙන්න සිදු වූ ප්‍රශ්නය මේ සඳහා ණය ගැනීම අපහසු වීමයි.

දිගින් දිගටම ජංගම ගිණුමේ තිබුණු හිඟය පියවුනේ මූල්‍ය ගිණුමේ අතිරික්තයෙන්. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවානම් එයින් කියැවෙන්නේ විදේශ වැය ඉක්මවා විදේශ ආදායම් ලැබී තිබෙන බවයි. එය හොඳ දෙයක්. එහෙත්, මූල්‍ය ගිණුමේ අතිරික්තයක් යන්නෙන් අදහස් වන්නේ තවත් රටේ විදේශ බැරකම් තවත් ඉහළ ගොස් ඇති බවයි. කෙටිකාලීනව මෙය සතුටට කාරණයක් වෙන්න පුළුවන්. මොන විදිහෙන් හෝ ඩොලර් ඇවිත්නේ. හැබැයි මූල්‍ය ගිණුමට එන ඩොලර් කවදා හෝ පොලියත් එක්ක ආපහු ගෙවන්න වෙනවා. 2020 අර්බුදය ජංගම ගිණුමේ අර්බුදයක් නෙමෙයි. මූල්‍ය ගිණුමේ අර්බුදයක්.

විදේශ බැරකම් සඳහා ගෙවිය යුතු ප්‍රතිලාභ යන්නේ ජංගම ගිණුමෙන් වුවත්, ආපසු ගෙවන ණය හෝ වාරික අඩු වෙන්නේ මූල්‍ය ගිණුමෙන්. 2020 දක්වාම මෙසේ මූල්‍ය ගිණුමෙන් අඩු වී රටින් එළියට ගිය ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් මූල්‍ය ගිණුම හරහා රටට ආ නිසා ඒ ඩොලර් වලින් ජංගම ගිණුමේ හිඟයද පියවා ගත හැකි වුනා. ඒ කියන්නේ එළියට යනවාට වඩා ඩොලර් බිලියන දෙකක් පමණවත් මූල්‍ය ගිණුම හරහා රටට ආවා. එහෙත්, 2020දී ගිය ප්‍රමාණවත් නැවත එකතු කරගන්න බැරි වුනා. 

මෙතෙක් කලක් ජංගම ගිණුමේ හිඟය පියැවුයේ මූල්‍ය ගිණුමේ අතිරික්තයෙන්. දැන් මූල්‍ය ගිණුමේත් හිඟයක්. පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගාණය! 

ජංගම ගිනුමේත් හිඟයක්නම්, මූල්‍ය ගිණුමේත් හිඟයක්නම්, ඔය ඩොලර් ටික එන්න ක්‍රමයක් තියෙන්නත් ඕනෑනේ. මොකද ඩොලර් මහ පොළොවෙන් මතු වෙන්නේ නැහැ. මේ ඩොලර් ටික ආවේ සංචිත වලින්. 2020 වසරේදී රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 10,402 සිට ඩොලර් මිලියන 8,521 දක්වා ඩොලර් මිලියන 1,881කින් අඩු වුනා. මෙයින් ඩොලර් මිලියන 1,084ක් ජංගම ගිණුමේ හිඟය. ඉතිරි ඩොලර් මිලියන 797 මූල්‍ය ගිණුමේ හිඟය. 

මේ විදිහට මූල්‍ය ගිණුමේ හිඟයක් ඇති වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ රටේ විදේශ බැරකම් යම් තරමකින් අඩු වෙනවා කියන එක. එහිදී විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභද අඩු වෙනවා. නමුත්, මෙතැන තිබෙන ප්‍රශ්නය බැරකම් අඩු වුනාට වඩා වැඩියෙන් වත්කම් අඩු වී තිබීමයි. ඒ නිසා, ශුද්ධ වශයෙන් සිදු වී තිබෙන්නේ විදේශ බැරකම් තවත් ඉහළ යාමක්. 

මේ කතා කළේ 2020 අවසාන වන විට තිබුණු තත්ත්වය. 2021 ගැන ඉදිරි කොටසින් කතා කරමු.

23 comments:

  1. ප්‍රාග්ධන ගිණුම මෙතැනට සම්බන්ධ වෙන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ප්‍රාග්ධන ගිණුම හරහාත් (ශුද්ධ වශයෙන්) සුළු මුදලක් එනවා. 2019දී ඩොලර් මිලියන 23ක්. 2020දී ඩොලර් මිලියන 28ක්. එහි ලොකු බලපෑමක් නැති නිසා ඒ ගැන කතා කළේ නැහැ.

      Delete
    2. ප්‍රතිචාරයට ස්තුතියි. මට ඇත්තටම දැන ගන්න ඕන උනේ ප්‍රාග්ධන ගිණුම ට ඇතුළත් වන්නේ මොනවාද කියලා

      Delete
    3. ශ්‍රී ලාංකිකයෙකු විසින් මූර්ත වත්කමක් මුදල් කර නැවත රටට ගෙන නොඑන්නට රටින් ගෙන යන මුදල් හා එහි අනෙක් පැත්ත. උදාහරණයක් විදිහට වෙනත් රටකට සංක්‍රමණය වන අයෙක් තමන්ගේ ඉඩකඩම් විකුණා එම රුපියල් ඩොලර් කර රටින් ගෙන ගියොත් එය යන්නේ ප්‍රාග්ධන ගිණුමට. ලංකාවේ ප්‍රාග්ධන ගිණුම විවෘත නැති නිසා මෙවැනි ගනුදෙනු ඉතා අඩුයි. ණය දුන් අයෙකු විසින් ණය කපා හරින අවස්ථාවක එයත් ප්‍රාග්ධන ගිණුමට ලැබීමක් ලෙස එකතු වෙනවා (ආපසු යාමට නියමිතව තිබුණු මුදලක් දැන් ආපසු නොයන නිසා).

      Delete
  2. දුෂිත දේශපාලකයන් අඩු (හෝ නැති) අනිකුත් දුප්පත් රටවල් ඉතා වේගයෙන් විද්‍යාව,තාක්ෂනය නව ආර්ථික කළමනාකරණ තත්ව යටතේ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතිනවා. අපි ඒ වේගයෙන්ම මිත්‍යාව, අවිද්‍යාව, පොල් බූරුවන් සහ කපටි නරියන් රැලක් විසින් හසුරුවන ආර්ථිකයක් තුල ආපස්සට ගමන් කරමින් පවතිනවා.

    ReplyDelete
  3. ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින බැවින් 2021 වසර අවසන්වීමට පෙර එක්සත් ජනපද ඩොලරයක අගය රුපියල් 300 ඉක්මවනු ඇති බවත් ඒ සමගම ලංකාවෙ ජීවත් වෙන එක අතිශයින් වේදනාකාරී සහ දුෂ්කර එකක් විය හැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද ඉතා දැඩි ලෙස අවධාරණය කර පැවසුවා. 2015 - 19 කාලයේ අති විශාල ප්‍රමාණයක් රාජපක්ෂ ණය ගෙවන්න තිබ්බ එක කළමනාකරණය කරමින් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කර ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 180 සීමාව තුළ ස්ථාවර කර ගැනීම සඳහා එවකට පැවති මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේද සහය ඇතුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලය මහත් වෙහෙසක් දරා කටයුතු කළත් වත්මන් රජයේ දූෂිත ඒකාධිපති අදූරදර්ශී පවුල් පාලනය තුල ඒ සියල්ලම විනාශ වී ඇති පසුබිම ඔහු ඉතා මැනවින් සහ කණගාටුවෙන් තදින්ම හිතට දැනෙන පරිදි පැහැදිලි කළා.

    "ලංකාවෙ ආර්ථිකය තවමත් පිරිහෙනවා. ඩොලර් හිඟය විසදලා නෑ. රුපියලේ හිඟය තවමත් විසදලා නෑ, අද රුපියලේ නියම වටිනාකම වෙලදපොලේ වටිනාකම ඇත්ත වශයෙන්ම ඩොලරයට රුපියල් 250 ක් නෙවෙයි ඊටත් වඩා වැඩි ද මන්දා ගොඩක් වැඩියි. මේ යන විදිහට මේ ඇමරිකා ඩොලරයක් ළඟදිම රුපියල් 275 ටත් යන්න පුළුවන්. මොන ජාතියකින් හරි එතැනදී නවත්තගත්තේ නැත්තන් අනිවාර්යයෙන්ම රුපියල් 300 ඉක්මවමින් යනවා අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා..

    ඒ නිසා අන්න එහෙම තත්වයක් ලංකාවට ආර්ථික වශයෙන් වෙලා තියෙන්නේ ඒ නිසා විශාල හානියක් සිදුවෙලා තියෙනවා, විශේෂයෙන්ම ලංකාවේ දිළිඳු ජනග්‍රහණය 2019 ට වඩා තවත් ලක්ෂ 5 කින් වැඩිවෙලා තියෙනවා. තවත් වැඩිවෙන්න යනවා ..'' යයි ද හිටපු අගමැති ආචාර්ය රනිල් වික්‍රමසිංහ ආර්ථික අනාවැකියක් ද පළකළා.

    ඔහු මේ ගැන වැඩි විස්තර සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින්, මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම

    https://youtu.be/6m0r-VdCNw0


    මේ වගේම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී මෙසේද පවසයි.

    ''ලංකාවේ මධ්‍යම පන්තිය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා ජීවත්වෙන්නේ සෑහෙන අසීරුවෙන්''

    ලංකාවේ නාගරික සහ ප්‍රාදේශීය මධ්‍යම පන්තිය මුළුමනින්ම කඩාවැටිලා ඉතාමත්ම අමාරුවෙන් ජිවත් වෙන්නේ, සමහරුන්ට මධ්‍යම පන්තියෙන් පිටවෙන්න සිද්ධවෙලා ඒ අය දිළිඳු බවට පත්ව තිබේ.

    එක්සත් ජාතික පක්ෂය 1950 සිට ගොවි ජනපද ව්‍යාපාර ඇති කර 1980 කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘති, 1988-93 සුළු අපනයන භෝග අපනයන ව්‍යාපාර වලින් වසර පණහක් පමණ කාලයක් තිස්සේ වර්ධනය කරපු ලංකාවේ සියලුම ආකාරයේ ගොවිතැන් විනාශ වෙලා.

    රටපුරා කුඩා හා විශාල ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ කටයුතු කරන්න ආනයනය කරන ලද වාහන, පරිගණක, ජංගම දුරකථන සහ උපකරණ, වෙනත් භාණ්ඩ ලබාගන්න බැරිවෙලා තියෙන්නේ ඒ ප්‍රශ්න එහෙමම තියෙද්දී ඒවගේම ජුනි, ජුලි මාස වෙද්දී අපිට යලිත් බොන්ඩ් ණය ගෙවන්න සිදුවෙනවා. මේ අවුරුද්දේ සම්පුර්ණයෙන්ම ඩොලර් බිලියන 6 ක් ණය ගෙවන්න තිබෙනවා.

    ලංකාවේ නියෝජිතයන් තාම මේ ගැන IMF එක්ක සාකච්ඡා කරලා වත් නෑ, මෙහෙම ගියොත් ඉතාමත් බරපතල විදිහට ඉක්මනට ලංකාව බංකොලොත් වෙලා රටේ ජනතාව කන්න නැතුව පාරේ මැරිල යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ සේරටම වඩා 2022 ජුනි, ජුලි වලට වාරික වශයෙන් ඩොලර් බිලියන ගණනක් වූ ණය ගෙවන්න ලංකාවේ ආණ්ඩුවට මුදල් හොයාගන්න තිබෙනවා. තවත් අලුත් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා.

      මේ ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය පිළිබද කළකිරී විදේශ විනිමය විශේෂයෙන්ම ඩොලර් ගනුදෙනු බැංකු වලින් ඉවත්වෙලා දැන් කරන්නේ නීති විරෝධී හවාලා ක්‍රමයට, උණ්ඩියල් සහ හවාලා ක්‍රම කියන නීති විරෝධී හොර ක්‍රමවලට තමයි ඒ වැඩකටයුතු කරන්නේ. ඒ නිසා නීත්‍යානුකූල බැංකු ක්‍රමය අතහැරලා තියෙන්නේ.

      මේ නිසා මහබැංකුවට මේකෙන් මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. බැසිල් රාජපක්ෂ පවසන්නේ මේක හොඳ වැඩක් බවත් ජනතාවට කොහොම හරි වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබෙන නිසා ඔහු ඊට විරුද්ධ නැති බවයි. නමුත් කබ්රාල් මේක වලක්වා පාලනය කරගන්න හදනවා.

      ඊට අමතරව බැසිල් සහ කබ්රාල් යන දෙදෙනාම පවසන්නේ එන සතියේ IMF සංවිධානයේ ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය යටතේ හැම සාමාජික රටක් එක්කම අවුරුද්දට සැරයක් ඒ ආර්ථික තත්වය ගැන සාකච්ඡා කරලා වාර්තාවක් දෙන්න ඕන නිසා ඒ සඳහා ගිය 2021 දෙසැම්බර් මාසේ IMF කණ්ඩායම ලංකාවට පැමිණිය බවත් ඒ වාර්තාව එන සතියේ ඉදිරිපත් කරනවා කියල තමයි ආණ්ඩුවේ ඉහළම ලොක්කන් පිරිස පවසන්නේ. ඒ වගේම එය IMF අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා පිටකරන වැඩසටහනක්.

      හැබැයි මේ ගැන විපක්ෂයේ අපේ ඉල්ලීම තමයි මේ කියන වාර්තාව ලැබුණු ගමන් රජය එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඊටපස්සේ ඒ ගැන අපි විවාදයක් පවත්වමු. අපි ආණ්ඩුවට ඊට බල කරනවා.

      එහෙම IMF වාර්තාවේ යෝජනා අනුව පාර්ලිමේන්තුව තුළ, මාධ්‍ය මගින් සහ වෙනත් සෑම ආකාරයකින්ම රජයට එරෙහිව සටන් කරන විපක්ෂ කණ්ඩායම් වල සියලු දෙනා ඒකාබද්ධව සාකච්ඡා කරමු. එතනින් අපි බලමු මේ ගැන විපක්ෂ කණ්ඩායම් වල පොදු එකඟතාවයකට මුලික ප්‍රතිපත්ති ගැන පොදු එකඟතාවයකට එන්න පුලුවන්ද කියල. අපි එහෙම එකකට එන්න ඕනේ. එක අපේ යුතුකමක්, ඊට පස්සේ අපි ආණ්ඩුවට බල කරමින් අරගලයක් කළ යුතුයි ඒකාබද්ධව.


      ''ඒ වගේම ලංකාවේ අපට තියන ජාතික සම්පත තමයි තරුණ පරපුර''

      ඇත්තටම ලංකාවේ තියෙන්නේ එක ජාතික සම්පතයි. ඒ ජාතික සම්පත තමයි ලංකාවේ තරුණ පරපුර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවනම් MILLENNIALS හා GEN Z. ඔය කණ්ඩායම ගැන අපි හිතන්න ඕනේ. ඒ අයට අනාගතයක් ඇතිකරන්න ඕනේ. දැන් ඒ අයට ලංකාවේ ආණ්ඩුව ගැන අනාගතය ගැන විස්වාසය නැතිවෙලා තියෙන්නේ. ආණ්ඩුව වගේම ආණ්ඩුවට 2/3. අසාධාරණ ලෙස බලයක් ඇති බව පේන පාර්ලිමේන්තුව ගැන විස්වාසය කඩවෙලා තියෙන්නේ...

      මේකට විරුද්ධව අපට කරන්න දේවල් ගොඩක් තියෙනවා, එහෙනම් ඒ අයට අනාගතයක් ඇතිකරන්න සැලැස්මක් තියෙන්න ඕනේ. අපිට කෙටිකාලින සැලැස්මකුත් ඕනේ. ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න මධ්‍යම කාලීනව දීර්ඝ කාලීන සැලැසුම් ඕනේ.. මේ සැලසුම් හදන්න අපිට එකඟවුණ එක ආර්ථික රටාවක් තියෙන්න ඕනේ.. අවුරුදු 10, 15, 20 ගෙනියන එක ඒ අපේ යුතුකම. එකෙන් අපිට පැනලා යන්න බැහැ..

      අපි එතනින් පැනල ගියොත් මේ රටේ තරුණ තරුණියෝ අපිට සාප කරයි.. ' උඹ රටේ අනාගතයත් නැතිකළා අපේ අනාගතයත් නැතිකළා ' කියල අපිට බනී . ඒ නිසා අපිම ඒ වගකීම ඉෂ්ට කරන්න වුවමනායි. අපි විපක්ෂ කණ්ඩායම් එකට එකතු වෙලා ආණ්ඩුවට එරෙහිව උපරිම වශයෙන් බලපෑම් එල්ල කළ යුතුයි නැතුව මේ වගේ කාරණා රාශියකට පිළිතුරු ලබා ගන්න පුළුවන් කමක් නැහැ.

      Delete
  4. //කෙසේ වුවත්, එවැනි පාලනයක් නොතිබියද මෙය අතිරික්තයක් මිස හිඟයක් වීමේ ඉඩක් නැහැ. //
    ඒ මොකද?

    ReplyDelete
    Replies
    1. ආනයන පාලනයක් නොතිබුණු 2019දී වාහන ආනයනය වෙනුවෙන් වැය වූ මුදල ඩොලර් මිලියන 815.7යි. 2020දී ආනයන නැවැත්වීමට පෙර ඩොලර් මිලියන 282.9 ක් වාහන ආනයනය වෙනුවෙන් වැය වුනා. එසේ නොවුනානම් 2019 තරමටම ඩොලර් ප්‍රමාණයක් වාහන ආනයනය වෙනුවෙන් වැය විය හැකිව තිබුණා කියා උපකල්පනය කළොත් වෙනස ඩොලර් මිලියන 532.8යි. පොලී හා ප්‍රතිලාභ ගෙවීම් හැර ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,084ක අතිරික්තයෙන් ඩොලර් මිලියන 533ක් අඩු වුනත් තව ඩොලර් මිලියන 551ක් ඉතුරුයි.

      Delete
    2. වාහන පාලනය පමනක් ගැන කියපු දෙයක්ද.
      මගෙ තේරුම් ගැනීමේ වරදක්.
      වාහන සහ අනෙකුත් සියලුම දේ පාලනය නොකලානම් මොකක්ද වෙන්න තිබුනෙ?

      Delete
    3. අනෙක් බොහෝ දේ පාලනය කිරීම සිදු වුනේ 2021දී නේද?

      Delete
    4. මම හිතන්නෙ ටයිල්ස් වගෙ ඒව ට කලින්ම වැඩේ දුන්න

      Delete
    5. ඔවු. ටයිල් කලින්ම නැවැත්තුවා මටත් මතක විදිහට.

      Delete
  5. ඉකොන් ඔබ 43 සේනාංකයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ගැන දැනුවත් ද?

    See followings;

    https://www.facebook.com/login/?next=https%3A%2F%2Fwww.facebook.com%2F43Brigade.lk

    43 Brigades 05 point short term strategy FYI;

    https://www.dailynews.lk/2022/01/25/local/270986/%E2%80%9843-brigade%E2%80%99-introduces-five-point-short-term-strategy-avert-looming


    For Further info, 43 Brigade මේ කෙටි සාකච්ඡාව අනිවාර්යයෙන් බලන්න;


    https://youtu.be/uENpUx6hX7c


    ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව මෙන්ම තවත් විහිළුවක් බවට පත්වී ඇති සමගි ජන බලවේගය නමැති අසාර්ථක පක්ෂය නිර්මාණය කිරිම සඳහා ද තමන් ද මූලික වූ බව කණගාටුවෙන් වුවත් පිළිගන්නා චම්පික රණවක කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පසු නැවත දේශපාලනයට පැමිණි අවස්ථාවේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට එහි නායකත්වය සඳහා ඔහු යෝජනා කිරීම සඳහා පුරෝගාමී වූයේ තමන් බව ද අවධාරණය කළා.

    නමුත් පසු කාලීනව පැහැදිලි වැඩපිළිවෙලක් නැතුව ඉබාගාතේ යමින් හිතෙන හිතෙන පැත්තට මනස්ගාත කියවමින් යන ආතක් පාතක් නැති සමගි ජන බලවේගය පක්ෂය සමඟ පැහැදිලි වැඩපිළිවෙලක් සහ පුළුල් දූර දර්ෂී අරමුණු රැසක් පෙරටු කොට ක්‍රියා කරන තම කණ්ඩායමේ අරමුණු නොගැලපෙන බැවින් 43 වන සේනාංකය සමඟ වෙනම දේශපාලන මගකට අවතීරණය වීමට තමන් ඇතුළු කණ්ඩායම තීරණය කළ බවද ඔහු පවසනවා.

    ලංකාවේ දේශපාලනයේ දශක ගණනාවකට කලින් මළ කුප්‍රකට පියවරුන් හෝ මේ දිනවල විශ්‍රාම සුවයෙන් සිටිය යුතු වයස අසූවට කිට්ටු වයස්ගත දේශපාලකයන්ගේ පුත්‍රත්වය/ ඥාතීත්වය මත ගොඩනැගෙන පරම්පරා උරුමයෙන් බිහිවන ගෝත්‍රික රාජත්ව සම්ප්‍රදායේ පුද්ගල වන්දනා වෙනුවෙන් ගොඩනැගෙන කඳවුරු වලට කිසිසේත්ම අනාගතයක් නොමැති බව පවසන පාඨලී චම්පික රණවක තමන් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නෙකු මිසක එබඳු පවුල්වාදී නායකයන් පසුපස ගමන් කරන්නෙක් නොවන බව ද දැඩිව අවධාරණය කරයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා රටේ බෞද්ධ ජනතාව මුලා කරමින් ඇතැම් භික්ෂූන් විසින් ගෙන ගිය අශෝභන වැඩපිළිවෙළ හමුවේ බුදුදහම විනාශ වී ඇති බව පවසන පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා අද වන විට බෞද්ධයකු ලෙස නොව කාලි මෑණියන්ගේ නූල දරන පුද්ගලයකු වී ඇති බවයි. එමෙන්ම දැනටමත් විභාග කොට අවසන් කර ඇති නඩු විභාගයක් නැවත ඉදිරියට ගෙන බිය වැද්දීම් සහ විවිධ අඩත්තේට්ටම් සිදු කරමින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව ද පාඨලී චම්පික රණවක එම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කරන අතර ලංකාවේ බහුතර රටේ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මොහොතක මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් වැඩ ලක්ෂයක් නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හරහා උත්සාහ කරන්නේ තම දේශපාලන හිතමිතුරන්ට කප්පම් ලබා දී හොරු ලක්ෂයක් බිහිකිරීම බවද පාඨලී චම්පික රණවක මෙහිදී හෙළිදරව් කළා.

    In Conclution, කෙටියෙන් කිව්වොත් සජිත් වගේ නිසි සාමාන්‍ය බුද්ධියක්වත් නැති කෙනෙක්ට ලංකාවේ බලය ලබා ගන්න බෑ, අනිත් විකල්ප දිහා බලද්දී චම්පික රණවක හා අනුර කුමාර සන්සන්දනය කරද්දී අනුර කුමාර අධ්‍යාපනයෙන් උගත් කමින් සහ ටැලන්ට් එකෙන් අහස හා පොළව වගේ. ඒ වගේම දැනුම ගැන කිව්වොත් අනුර අනුරාධපුරයෙන් ඉතා අඩු ලකුණු වලින් එකල රන්කින්ග්ස් වල පහලම මට්ටමේ තිබූ කැළණිය විද්යාලයට යන්තම් රිංග ගත්තත් චම්පික ඉහලම ලකුණු වලින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉංජිනේරු පීඨයට තේරුනු කෙනෙක්. අනුරට පක්‍ෂ නායකත්වය ලැබෙන්නේ ඒ වනවිට ජවිපෙ අනෙක් අයට ඔහු තරමටවත් අධ්‍යාපන සුදුසුකම් නැති නිසා, ඒ වගේම අනුරට රාජපක්ෂලාගේ වැරදි පෙන්නුවාට රට මෙතනින් ඉස්සරහට ගෙන ගිහින් ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනගන්න චම්පිකට මෙන් නිර්මාණශිලී ඉදිරි දැක්මක් නැහැ. සජිත් මෝඩයෙක්, ගෝටා වැඩ බැරි ටාර්සන් කෙනෙක්, මෛත්‍රී වැනෙන පඹයෙක්, රනිල් ජනප්‍රසාදයක් නැති එකෙක්, අනුර නොලැබෙන එකෙක්. දැන් ඉන්නේ පාටලී විතරයි රට බේර ගන්න නම්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. //ඉකොන් ඔබ 43 සේනාංකයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ගැන දැනුවත් ද?//

      දෙවන මොනාක් ප්‍රකාශනය
      http://economatta.blogspot.com/2022/01/blog-post_24.html

      //සජිත් මෝඩයෙක්, ගෝටා වැඩ බැරි ටාර්සන් කෙනෙක්, මෛත්‍රී වැනෙන පඹයෙක්, රනිල් ජනප්‍රසාදයක් නැති එකෙක්, අනුර නොලැබෙන එකෙක්. දැන් ඉන්නේ පාටලී විතරයි රට බේර ගන්න නම්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?//

      පාඨලීගෙන් රට බේර ගන්නා දියසේන කුමාරයෙක් බලාපොරොත්තු වුනොත් පාඨලීට වෙන්නෙත් අනෙක් අයට වූ දෙයමයි. වැදගත් වන්නේ වැඩ පිළිවෙළ මිසක් පුද්ගලයින් නෙමෙයි.

      Delete
  6. ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඉතා වැදගත් කතාවක් සිදු කළා, ඒ මගින් ජාතික ජන බලවේගයේ ඉදිරි පාලන ප්‍රතිපත්ති සහ සැලසුම් ගැන හොඳින් විස්තර කෙරුණා.

    ටිල්වින් සහෝදරයා පැවසූ කරුණු වලින් වැදගත් කරුණු මේවායි;

    ‘ජාතික ජන බලවේගය විදිහට අපි ලංකාවේ ආණ්ඩු බලය ගත්ත ගමන් කරුණු දෙකක් වෙනස් කරනවා.

    01. ලංකාව තුළ මූලික වශයෙන් නිශ්පාදන ආර්ථිකයක් පටන් ගන්නවා. ලෝකයේ මිල අධිකම ටයිටේනියම් හදන්නේ ඉල්මනයිට් වලින්. පුල්මුඩේ ඉල්මනයිට් තිබෙනවා. ගොඩබිම වගේ 08 ගුණයක් විශාල මුහුදු ප්‍රදේශයක් තිබියදී උම්බලකඩ මාල-දිවයිනෙන්. හාල්මැස්සෝ තායිලන්තයෙන්. ටින්මාළු චීනයෙන් ගේනවා. මේවට අපි අත ගහන්න ඕනෑ’

    මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසූ වැදගත් කරුණු;

    02. ලංකාවට විදේශ රැකියා වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය එන්න එන්නම අඩු වන බවත් එසේ කරන්නේ ආණ්ඩුවේ නාස්තිය දූෂණය විදේශ ශ්‍රමිකයින්ට අවබෝධ වෙලා තිබෙන නිසා බවත් මෙහිදී ප්‍රකාශ කල ටිල්වින් සිල්වා සහෝදරයා, නිදහස් උත්සවය වෙනුවෙන් නයට ගෙනා රුපියල් කෝටියක තෙල් පුච්චා දැමූ බවද අවධාරණය කළේය.

    ජවිපෙ NPP බළපිටිය ආසන බල මණ්ඩලය විසින් ‘ගමෙන් පටන් ගනිමු’ යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීම සදහා පවත්වන ලද ජන හමුවේදී බළපිටිය දුම්රිය පොළ පාරේ රිවර් පැලස් උත්සව ශාලාවේදී පැවති මෙම ජන හමුවේදී වැඩි දුරටත් වැදහත් දේශපාලන සැලසුම් විස්තර කල ටිල්වින් සිල්වා සහෝ;

    01. ලංකාව තුළ ආණ්ඩු මාරු කරන ඡන්දයක් දැන්ම නැහැ. එහෙම ආවත් එන්න තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය විතරයි. නමුත් මේ වෙලාවේ ජනතාවට මොන ජාතියෙන් හරි ආණ්ඩු මාරු කිරීම අත්‍යවශ්‍යයි යනුවෙන් තීන්දුවක් ගනිමින් සිටිනවා. වසර 70 කට අධික කාලයක් මේ රටේ ආණ්ඩු හදල තිබෙන්නේ එජාපය හෝ ශ්‍රිලනිපය එහෙම නැතිනම් ඔවුන් මූලික කරගත් සන්ධානයන් විසින්. එයින් එහා ආණ්ඩු මාරු කිරීමේ තීන්දුවකුයි ජනතාව මේ වන විට ගනිමින් සිටින්නේ. ආණ්ඩු කරපු සෑම දේශපාලන පක්ෂයක් විසින්ම ජනතාව රවට්ටල තිබෙන නිසා ජනතාවට දේශපාලනය තිත්ත වූ තත්ත්වයක්ද තිබෙනවා.

    02. මේ වගේම පසුගිය 2019 ජනාධිපතිවරණයේදී රටේ වෙනසක් කරයි කියල ජනතාව හිතුව. අපි ඡන්දය නොදුන්නත් ගෝඨාභය රාජපක්ෂ යම් වෙනසක් කරයි කියල අපිත් හිතුවා. ඒ නිසාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාම රටේ තරුණයෝ තාප්ප වල චිත්‍ර ඇන්දා. පුරන් කුඹුරු අස්වද්දන්න පටන් ගත්තා. වසරක් යද්දි තරුණයන්ගේ සිහින බිද වැටුණා. තරුණයෝ රට හැර යන්න පාස්පෝට් පෝලිම් වලට ගියා. රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු බිද වැටුණා. ගුරුවරුන්ට අපහාස කරන්න පටන් ගත්තා. කාගෙදෝ ලණුවක් කාල ගොවිතැන එක රැයින් කාබනික කරන්න ගිහින් ගොවියෝ තරහා වුණා. පක්ෂව හිටපු හාමුදුරුවරුන්ගේ ප්‍රමාණයත් අඩු වුණා. මේ අඩුවීම අපි පසුගියදා සල්ගාදු පිටියේදී දැක්කා. සල්ගාදු පිටියට ආපු අයත් හිටියේ අහක බලාගෙන. ජනතා සහය ආණ්ඩුවට නැතිබව තේරිලයි, අහක බලන් හිටියේ. දැන් ආණ්ඩුව කලබල වෙලා. ඒ නිසයි, ජනතාවට ගහන්නේ. අපේ අනුරාධපුරයේ රැස්වීමට කුණු බිත්තර ගහපු දෙන්නෙක් අල්ලල දුන්නා. අදටත් පරීක්ෂණ නැහැ. ආණ්ඩුව විවේචනය කරන නිසා චමුදිත සමරවික්‍රමටත් අසූචි ගැහුවා.

    ලංකාව තුළ අද අඛණ්ඩව වැඩිවන බඩු මිළක් තිබෙනවා. සාමාන්‍යයෙන් බඩුමිළ වැඩි වීම ස්වභාවිකයි. නමුත් යමක් රුපියල් 5/- කින් 10/- වැඩි වුණාම ඒ තත්ත්වය මාස 08 ක් 10 ක් තිබෙනවා. නමුත් දැන් අද ගත්ත ගානට හෙට ගන්න නැහැ. වසරක් ඇතුලත රුපියල් 900/- ට තිබුණ සිමෙන්ති කොට්ඨය 2000/- වුණා. ගෝඨාභය කොරෝනා මුල් කාලයේ ජාතිය අමතල රුපියල් 65/- ට දුන්න පරිප්පු දැන් 350/- යි. ලෝකයේ වැඩිම ආහාර උද්ධමනය තිබෙන රට වලින් අපේ රට ලංකාව තිබෙන්නේ 12 වැනි තැනයි.

    මේ ගැන ආපහු හිතල බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ මුල් කාලයේ මේ තත්ත්වය වෙනස් කරන්න යම් උත්සාහයක් ගත්තා. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගිහින් තොග වෙළෙන්දන්ට කතා කරල හාල් මිළ එහෙම අහන අයුරු අපි දැක්කා. නමුත් අද ජනාධිපතිවරයාටවත් මිළ පාලනය කර ගන්න බැහැ. දැන් හාල් මිළ තීරනය කරන්නේ ඩඩ්ලි සිරිසේන. නැතිනම් නිපුණ හාල් කාරයා. අද තෙල් අරබුදයක් තිබෙනවා. විදුලි අර්බුදයක් තිබෙනවා. මේ තත්ත්වය කොතරම්ද කියනවා නම්, නයට තෙල් නැවක් ආවම ඒක බාර ගන්න ඇමතිවරු දෙන්නෙක්ම වරායට යනවා.

    ReplyDelete
    Replies
    1. මේ සේරටම හේතුව අපේ රටට අද නිශ්පාදන ආර්ථිකයක් නැහැ. වත්කම් උපයන, ඩොලර් උපයන ආර්ථිකයක් නැහැ. 1977 න් පස්සේ නයට කාල ජීවත් වෙන ජාතියක් බවට අපි පත් වෙලා. 1977 ට කලින් අපේ රටේ කර්මාන්ත ආර්ථිකයක් තිබුණා. 70-77 කාලේ සමාජවාදී රටවල් අපේ රටට කර්මාන්ත රැසක් ලබා දීල තිබුණ. ඔරුවල වානේ, තුල්හිරිය පූගොඩ වැල්ලවත්ත පෙහෙ කම්හල්, කැළණි ටයර්, ගිංතොට තැනී ලෑලි, කන්තලේ සීනී, ඇඹිලිපිටිය වාලච්ඡේන කඩදාසි, අද මේවා සියල්ලම වහල දාලා. කෘෂිකර්මාන්තය වෙනුවෙන් බීජ පර්යේෂණ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. අපි පොඩි කාලේ 1970 දශකයේ පොලොන්නරුවේ පැරකුම් ටින්කිරි අපේ ගෙවල් වලට ගෙනාව, අද වගේ මතකයි. අද මේවා කිසිවක් නැහැ.

      මේ සේරටම හේතුව 1977 න් පස්සේ ගත්ත ඩොලර් බිලියන් ගනනින් විදෙස් ණය වලින් ආදායම් උපදවන කිසිම වැඩක් කළේ නැහැ. වැඩිහරියක කෑම බීම ආනයනටත් ඉතුරු ටිකෙන් ගොඩනැගිලි පාරවල් වගේ ඉදිකිරීම් විතරයි, කළේ. අද ණය ගෙවා ගන්න ආදායමක් නැහැ. ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් තිබෙද්දී සූරයවැවත් තව එකක් හැදුවා. නෙලුම් කුළුණක් හැදුවා. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. මේවා තවත් ණය අරන් කරන්න ඕනෑ වැඩද? මේ නය වලින් 90% ක් හොරා කාලා තිබෙන්නේ. හිටපු විගණකාධිපතිවරයත් මේ බව කිව්වා. ට්‍රිලියන් 10 ක් ණයෙන් වැඩ කරල තියෙන්නේ ට්‍රිලියන් එකයි. ඒ නිසා අපි ගත්ත ණය කන්දරාව නාස්ති කරලයි, තිබෙන්නේ. චීනය වැනි මිතුරු රටකින් ණයට අරන් හම්බන්තොට වරායක් හැදුවා. ණය ගෙවා ගන්න බැරුව වරාය චීනයට දුන්නා. දැන් වැඩක් තියෙනවද?

      අපි කියන්නේ සල්ලි නැත්නම් ණය ගන්න එක වරදක් නොවෙයි. ඒත් ගත්ත ණයෙන් කරන දේවලුයි, වැදගත් වෙන්නේ. කොළඹ පෝට් සිටිය හැදුවා. දැන් ඒක කාටද අයිති. පොටෝ එකක් ගහන්නත් චීන පුද්ගලික සමාගම් වල අයට සල්ලි දෙන්න ඕනෑ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14 ක් ඉන්දියාවට දීල. ඒකේ බදු කාලය තවත් දීර්ඝ කලා. අපට මෙතෙක් විශාල වශයෙන් සහාය ලබා දුන් මිතුරු රටක් වූ චීනය හතුරු කර ගනිමින් ඉන්නවා, ලංකාවේ මුග්ධ පාලකයන්ගේ මුදලට බලයට කෑදර කමේ උපකාරයෙන් චීනය පළවා හැර ඉන්දියාව අද ලංකාව තුළ බොර දියේ මාළු බානවා.

      Delete
    2. ලංකාවේ ආණ්ඩු ඉස්සර ණය ගත්තේ ඉදිකිරීම් වලට. අද ණය ගන්නේ කන්න බඩු ටිකක් ගේන්න. අද නයට අරන් කන රටක් බවට අපේ රට පත් වෙලා. කොරෝනා නිසා පාඩු වුණේ සංචාරක කර්මාන්තයට විතරයි. තේ කර්මාන්තය බිද වැටුණේ, කුඹුරු පුරන් වුණේ කොරෝනා නිසාද? කාබනික පොහොර වගාව නරක වැඩක්ද? ලෝකයේ 100% ක් කාබනික වූ කිසිම රටක් නැහැ. කාගෙද ලණුවක් කාල එක රැයින් රට කාබනික කරන්න පටන් ගත්තා. දැන් මියන්මාරයෙන් ගේන හාල් කාබනිකද?

      මේ අර්බුදයට විසදුම නිකන්ම නිකන් මුහුණු මාරු කරන එක නොවෙයි. සජිත් ප්‍රේමදාස ලග විසදුම් තිබෙනවාද? සජිත් වගේ නිකන්ම නිකන් කිසිම ප්‍රායෝගික දැනුමක් හෝ කිසිම practical අත්දැකීමක් නැති කෙනෙක්ට ලංකාවේ මේ ප්‍රශ්න විසඳලා ආර්ථිකය නිසි මගට ගන්න බෑ. ජාතික ජන බලවේගයේ NPP අපි ආණ්ඩු බලය ගත්ත ගමන් කරුණු දෙකක් වෙනස් කරනවා.

      01. රට පුරාම නිශ්පාදන ආර්ථිකයක් පටන් ගන්නවා. 2019 චිත්‍ර ඇදපු තරුණයෝ ඒ සදහා එකතු කර ගන්නවා. අපිට පුල්මුඩේ ඛණිජ වැලි නිධියක් තිබෙනවා. ලෝකයේ මිල අධිකම ටයිටේනියම් හදන්නේ ඉල්මනයිට් වලින්. පුල්මුඩේ ඉල්මනයිට් තිබෙනවා. අපි අද කරන්නේ ඒවා අමුදව්‍ය ලෙස රට පටවන එක විතරයි. ලංකාවට ගොඩබිම වගේ 08 ගුණයක් විශාල මුහුදු ප්‍රදේශයක් තිබෙනවා. නමුත් අපි උම්බලකඩ ගේන්නේ මාල දිවයිනෙන්. හාල්මැස්සෝ තායිලන්තයෙන්. ටින්මාළු චීනයෙන්. මේවටයි, අපි අත ගහන්න ඕනෑ.

      02. ලංකාව පුරාම වංචාව, දූෂණය අවම කරන්න ඕනෑ. විදේශ රැකියා වලට යන්නේ පුහුණු ශ්‍රමිකයෝ නොවෙයි. ගෘහ සේවයට අම්මල අක්කල යවනවා. වෘත්තීය පුහුණුව කාර්මික අධ්‍යාපනය බිද වැටිල. දොස්තරල, ඉංජිනේරුවෝ රට යවන්න ඕනෑ. අඩුම වශයෙන් වෙල්ඩින්, වායු සමීකරණ ශිතකරන අංශයෙන් මෝටර් කාර්මිකයින් වත් යවන්න ඕනෑ. අපේ ආණ්ඩුවක් යටතේ ඒ සදහා වැඩ පිළිවෙලක් සකසනවා.

      03. මේ වන විට කලින් වසරට සාපේක්ෂව විදේශ රැකියා වලින් අපේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා. විදේශ ශ්‍රමිකයෝ ආණ්ඩුවට ඩොලර් එවන්නේ නැහැ. ආණ්ඩුව ගන්නේ 212 ට. පිට 240 ට විකුණන්න පුළුවන්. රුපියල් දහයක් වැඩියෙන් දෙනවා කිව්වත් 222 යි වෙන්නේ. ආණ්ඩුවට නොලැබෙන විදියට ටිකක් එවනවා. මේ අයටත් ආණ්ඩුවේ නාස්තිය දූෂණය අවබෝධ වෙලා.

      04. ඒ වගේම 2022 ආණ්ඩුව නිදහස් උත්සවය වෙනුවෙන් රුපියල් කෝටියක තෙල් පිච්චුවා. මේවා ණයට තෙල් අරන් කරන්න ඕනෑ දේවල්ද? දෙසැම්බර් මාසයේ ඇමති මණ්ඩලයේ භාගයක් රට ගියා. අගමැති මහින්ද පුද්ගලික ජෙට් යානයකින් වන්දනාවේ ගියා.

      05. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව අල්ලපු හොරෙක් කියන්න? අන්තිමට හොරු විසින් ආණ්ඩුව අල්ලා ගත්තා. සජිත් කවදාවත් හොරු අල්ලන්නේ නැහැ. එයා සංස්කෘතික අරමුදලේ කෝටි ගානක පොස්ටර් ගහල. එහෙම කෙනෙක්ට හොරකම් නවත්තන්න පුළුවන්ද?

      06. අපි කියනවා ජනාධිපතිවරයා ඇතුළු සියළු දේශපාලනඥයින්ට දෙන විශ්‍රාම වැටුප නතර කරන්න ඕනෑ. වාහන පර්මිට් දෙන්න වුවමණාවක් නැහැ. මාසයකටම දවස් 08 යි පාර්ලිමේන්තු යන්නේ. සමහර මන්ත්‍රීවරුන් අවුරුදු 05 ටම කට ඇරල තිබෙන්නේ පාර්ලිමේන්තු කැන්ට්මෙන් කන්න විතරයි.

      07. වියත් මගත් එක්ක ඇවිත් රට හදයි කියල අපි හිතුවා. විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් දානවා කිව්වා. ආයතන වලට දාපු සමහර සභාපතිවරුන්ට ඒ විෂය ගැන කිසිම දැනුමක් නැහැ. අපේ රටේ ඉතාම වැදගත් නාවික හා වරාය අමාත්‍යාංශය. ඒකට දාල තිබෙන්නේ රෝහිත අබේගුණවර්ධන. ඩොලර් ගේන්නේ නැවෙන් කියල එක පාරක් එයා කිව්වා. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගත්ත වෙලාලේ නැවේ උෂ්නත්වය 80% කින් වැඩිවෙලා කියලත් එයා කිව්වා. පොඩි ළමයිනුත් දන්නවා උෂ්නත්වය මනින්නේ ෆැරන්හයිට්, සෙල්සියස් වගේ ඒකක වලින් කියල. ජොන්ස්ටන් ප්‍රනාන්දු දේශපාලනය කරන්නේ තමන්ගේ එතනෝල් ව්‍යාපාර ටික රැක ගන්නයි.

      08. ඊළඟට හොද මිනිස්සු ඉන්නේ ජවිපෙට විතරක් නොවෙයි. සෑම පක්ෂයකම හොද මිනිස්සු ඉන්නවා. නමුත් ධනවාදී පක්ෂ වල හොද මිනිස්සුන්ට ඡන්දය ඉල්ලන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒවායේ සිද්ධ වෙන්නේ හොද මිනිස්සු නරක මිනිස්සුන්ට ඡන්දය දීමයි. මේ ක්‍රමයෙන් බැහැරව හොද මිනිස්සු වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට යවන්න තීන්දුවක් ගනිමු. ඒකට තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු දිනවන්න බලාත්මක කරන්න සියලු ජනතාවගේ උපරිම සහාය අවශ්‍යයි.

      Delete
    3. http://w3lanka.blogspot.com/2022/02/blog-post_31.html

      Delete
  7. 2020දි සේවා අපනයන කලින් අවුරුදු වලට වඩා සියයට පනහක විතර ප්‍රතිශතයකින් අඩුවෙලා. 2020 සේවා ආනයනත් ඒවගේම ප්‍රතිශතයකින් කලින් අවුරුද්දට වඩා අඩුවෙලා, and the trend seems to continue in 2021. Interesting! බලමු ඉකොන් 2021 ගැන කතා කරද්දි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මෙයට හේතුව සංචරනය සීමා වීම. ප්‍රධාන වශයෙන්ම සංචාරක කර්මාන්තය. එහි ලැබීම් බිලියන 2.9ක පමණ සහ යාම් බිලියන 1.2ක පමණ අඩු වීමක් තිබෙනවා. ශුද්ධ වශයෙන් බිලියන 1.7ක පමණ අඩු වීමක්. මුහුදු හා ගුවන් සේවා සැපයීම් වලද අඩුවීමක් දෙපැත්තටම දැකිය හැකියි. ඔබ කියනවාක් මෙන් මේ ප්‍රවණතාව 2021දීද එලෙසම පැවතී තිබෙනවා. ඒ වගේම 2022ටත් continue වෙනවා. 2022 මැද වන විට වෙනස් වෙයි කියා හිතනවා.

      Delete
    2. පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි, ඉකොන්.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...