වෙබ් ලිපිනය:

Saturday, February 12, 2022

පානදුරා වාදය


පානදුර නගර නාමයේ සම්භවය ගැන අදහසක් ඉදිරිපත් කරන නලින් ද සිල්වා විසින් එම නගර නාමය පාණ්තුරෙයි යන දෙමළ නමෙහි විකාශනයක්යැයි අදහසක් ඉදිරිපත් කරනවා. ඒ එක්කම පානදුරට දකුණෙන් පිහිටි "නල්ලූරුවට හා පාණදුරේට එක් කලෙක දෙමළ කතා කරන ජනයා පැමිණ ඇති බවත් ඔවුන් එහි බහුතරයක් වී ඇති බවත්" ඔහු කියනවා.

මේ වගේ ප්‍රකාශ වලින් නලින් ද සිල්වාගේ ජාතිකවාදය හා වෙනත් ඇතැම් අයගේ ජාතිකවාද අතර වෙනස පැහැදිලිව ලකුණු කෙරෙනවා. නලින් ද සිල්වාගේ ජාතිකවාදය සංස්කෘතිය මත පදනම් වූවක් මිසක් ජාන මත පදනම් වූවක් නෙමෙයි. ඒ නිසා, ඔහුට මේ වගේ අදහස් සංස්කරණය කර බයක් නැතිව එළියට දමන්න පුළුවන්කම තිබෙනවා. ඔහු කියන විදිහට මෙය ඔහු දන්නා තරමින් පොතක පතක තියෙන හෝ ඔහු විසින් අසා ඇතිි දෙයක් නොවෙයි. 

කාලයක සිටම ටැමිල්නෙට් වෙබ් අඩවියේ ලංකාවේ ග්‍රාම නාම වල නිරුක්ති පිළිබඳ පැහැදිලි කිරීම් කෙරුණා. දැන් බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇතත්, මේ වෙබ් අඩවිය යුද්ධය නිමා වීමට පෙර අප දිනපතාම වාගේ පිවිසුණු වෙබ් අඩවියක්. යුද්ධයේ ශ්‍රී ලංකා රජය විසින් නොපෙන්වූ පැත්ත ගැන අදහසක් ගැනීමට මෙය හොඳ මූලාශ්‍රයක්ව තිබුණා.

නලින් ද සිල්වාගේ සංස්කෘතික ජාතිකවාදය ඔහුගේ අදහස් ප්‍රචලිත වීමට සමගාමීව ජනප්‍රිය වූ මෑතකාලීන දෘෂ්ඨිවාදයක්. උතුරේ සිවිල් යුද්ධය ආරම්භ වන කාලය දක්වාම දෙමළාට එරෙහි සිංහල ජාතිවාදය හෝ ජාතිකවාදය තුළ ආර්යවාදයට සැලකිය යුතු ඉඩක් වෙන් වී තිබුණා. මෙය අඩු වැඩි වශයෙන් ජාන මත පදනම් වූ අදහසක්. ඒ වගේම, මහා වංශයේ කරුණු එලෙසම ගැනීම මත පදනම් වූ මතවාදයක්.

උතුරේ සිවිල් යුද්ධයට සමගාමීව දෙමළ ජාතිවාදීන් හෝ ජාතිකවාදීන් විසින් මතවාදී මෙහෙයුමක්ද කළා. ඒ මතවාදී මෙහෙයුම ඇතුළේ සිංහල ආර්යවාදයට පැහැදිලි අභියෝගයක් කිරීමට ඔවුන් සමත් වුනා. ඔවුන්ට සැලකිය යුතු තරමකින් සංගත විකල්ප ඉතිහාස කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වුනා. ඒ අනුව, විජය පැමිණීමට පෙර ලංකාවේ ජීවත්ව සිට ඇත්තේ ද්‍රවිඩ සම්භවයක් තිබුණු, අනාර්ය භාෂාවක් කතා කළ, ශිව දෙවියන් ඇදහූ ජනතාවක්. යක්ෂ ගෝත්‍රිකයින් හා රාවණ ආදීන් මේ කණ්ඩායමේ අයයි. සිංහලයින් පැවත එන්නේ වසර දෙදහස් පන්සීයකට පෙර ලංකාවට පැමිණෙන ආර්ය සංක්‍රමණිකයින්ගෙන්. ඔවුන් ලංකාවේ මුල් පදිංචිකරුවන් නෙමෙයි. වත්මන් දෙමළා යනු මේ ආර්ය ආක්‍රමණය හමුවේ රටේ අනෙක් ප්‍රදේශ අහිමි වෙද්දී දිගින් දිගටම උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සිය සම්ප්‍රදායික නිජ භූමි ආරක්ෂා කරගෙන සිටින පිරිසයි. ඔවුන්ට දැන් සටන් කරන්න සිදු වී තිබෙන්නේ ආක්‍රමණික සිංහල හමුදාව මේ කොටසත් අල්ලා ගන්න හදන නිසයි.

ඉහත ප්‍රවාදයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආර්යවාදයට ශක්තිමත් පදනමක් තිබුණේ නැහැ. මොකද මේ ප්‍රවාදය තුළ ආර්යවාදීන් කියූ දේ ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුනේ නැහැ. ආර්යවාදය සිංහල සමාජයෙන් ක්‍රමයෙන් අතුරුදහන් වී යක්ඛ පුතුන්, හෙළයන් හා රාවණාවාදීන් ආදී කණ්ඩායම් බිහිවන්නේ මේ පසුබිම තුළයි. 

ටැමිල්නෙට් වෙබ් අඩවියහි ලංකාවේ ග්‍රාම නාම වල නිරුක්ති පිළිබඳ පැහැදිලි කිරීම් තුළ වූ දේශපාලන ව්‍යාපෘතිය වූයේ ඉහත මතවාදය තහවුරු කෙරෙන සාක්ෂි සැපයීමයි. සිංහල සමාජය තුළ ආර්යවාදය වියැකී ගොස් ඒ වෙනුවට නලින් ද සිල්වාගේ සංස්කෘතික ජාතිකවාදය හා පූර්ව-ඓතිහාසික කතිකාව ඉස්මතු වෙද්දී ඉහත දේශපාලන ව්‍යාපෘතිය තේරුමක් නැති දෙයක් බවට පත් වුනා. කෙසේ වුවත්, මේ ව්‍යාපෘතිය තුළ කරුණු ඉදිරිපත් කිරීමේදී එය කළ කවුරු හෝ පිරිස කිසියම් සංයමයකින් යුතුව, ශාස්ත්‍රාලීය ප්‍රවේශයකින් ඒ වැඩේ කළා. ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන පුද්ගලයෙකු ලෙස මම මේ පැහැදිලි කිරීම් කියෙවුවේ ඉතා උනන්දුවෙන්.

පානදුර නගර නාමයේ සම්භවය ගැන නලින් ද සිල්වා දැන් ඉදිරිපත් කරන අදහස (දුර හා තුරෙයි අතර සම්බන්ධය) ටැමිල්නෙට් අඩවියෙහි කලින්ම ඉදිරිපත් කර තිබුණා. 

"The component Dura has many shades of meanings in Sinhala, which are discussed in another column. But in the context of the place name Pāna-dura, it is very likely that Dura means a seaport and is a variation of Tura/ Tara in Sinhala and Tuṟai in Tamil."

කෙසේ වුවත්, එහි පානදුර නම හැදෙන්නේ පාණ්තුරෙයි යන්නෙන් බවක් ඔවුන් කීවේ නැහැ. "පාන" යන්නට ඔවුන් සැපයූ නිරුක්තිය වූයේ "පාෂාණ" යන්නයි. දෙමළ නිරුක්තියක් අමාරුවෙන් හෝ හොයා ගන්න පුළුවන් වුනානම් ඔවුන් එය නොකර ඉන්නේ නැහැ. 

"Pāṇa, meaning stone in Sinhala, corresponds to Pāṣāṇa meaning the same in Sanskrit."

මට මතක ඇති කාලයේ පානදුර පැත්තට සම්බන්ධයක් තිබුණු මගේ ඥාතීන් විසින්ද මේ නගර නාමය වැහැරුවේ "පානදුරේ/ පාණදුරේ" ලෙසයි. ඉහත දුම්රිය ස්ථාන නාම පුවරුවෙහි සඳහන්ව ඇත්තේත් එලෙසයි. දෙමළෙන් මෙය ලියා තිබෙන්නේ "පාණත්තුරෛ" ලෙස. එහි "තුරෛ" කොටස ලියා තිබෙන්නේ කාඞ්කේසන්තුරෛ (කන්කසන්තුරේ) යන්නෙහි අවසන් කොටස දෙමළ බසින් ලියන ආකාරයටමයි. කෙසේ වුවත්, "දුර" හෝ "දුරේ" යන කොටස් දෙමළ "තුරෛ" අර්ථයෙන් සිංහල භාෂාව තුළම ව්‍යවහාර වුනා වෙන්නත් පුළුවන්. 

මෙයට තවත් උදාහරණයක් ලෙස තවත් වෙරළබඩ නගරයක් වූ "කැකුණදුර" දැක්විය හැකියි. "පාණදුර" "කැකුණදුර" ආදී තැන් වල මූර්ධජ "ණ" කාරයෙන් පරව එන "තුර" දුර වී "මාතර" "කළුතර" "බෙන්තර" වැනි වෙනත් තැන් වල එය "තර" වෙනවාද? "ගන්දර" "මෝදර" වැනි තැන් වල "දර" වෙන්නෙත් මෙයමද? එහෙම නැත්නම් "දොර" යන්න "දර" වෙනවද? "දුර" වෙන්නෙත් "දොර" වෙන්න වුනත් බැරිද?

"නල්ලුරුව" නමෙහි ද්‍රවිඩ ස්වරූපය වඩා පැහැදිලිව පෙනෙනවා. එහෙත්, "නල්ලුරුව" නම හැදෙන්නේ "නල්ලූර්" නම හැදෙන විදිහටම නොවෙන්න පුළුවන්.  "නල්ලූර්" යන්නෙහි සම්භවය "නල්ල ඌර්" යන්නයි. ඌර් කියන්නේ ගම. නල්ල ඌර්, හොඳ ගම. හැබැයි "නල්ලුරුව" කියන එක විසන්ධි වෙන්නේ "නල්ල + උරුව" කියලයි. "උරු" කියන වචනයේ දෙමළ හා මලයාලම් තේරුම "ඔරුව" කියන එකයි. මලයාලම් බසින් "උරුවු" කියාත් කියනවා. මෙහි නල්ලුරුව හැදුනේ නල්ල උරුවු කියන මලයාලම් වචන වලින් වෙන්න පුළුවන්. 

"උරු", "ඌරු" හෝ "උරුවු" හෝ ලෙස හඳුන්වන නාවික යාත්‍රා කේරළයේ සියවස් ගණනක් තිස්සේ හදනවා. මෙය පරම්පරාවෙන් පැවත එන ශිල්පයක්. කේරළයට මේ ශිල්පය ලැබෙන්නේ අරාබි වෙළඳුන් කේරළයේ පැලපදියම් වීමට සමගාමීවයි. ඒ අරාබි වෙළඳ කණ්ඩායම් ලංකාවටත් පැමිණි බව සහතිකයි. "ඔරු" යන වචනය සිංහලට බිඳී එන්නේ මේ "උරු" යන වචනයෙන් විය හැකියි. 

"උරු" "ඌරු" ආදී වචන සිංහලයින් හෝ සංක්‍රමණික වෙන්ඩ-සිංහලයින් විසින් සමාන අර්ථයකින් එළෙසමද භාවිතා කර තිබෙනවා. දැන් ඔරුගොඩවත්ත සේ හැඳින්වෙන ප්‍රදේශය කලකට පෙර හැඳින්වුණේ ඌරුගොඩවත්ත ලෙසයි. පානදුරා වාදයෙන් පසුව මොහොට්ටිවත්තේ ජනානන්ද හිමි පස් වන වාදය පැවැත්වුවේ ඌරුගොඩවත්තේ මිසක් ඔරුගොඩවත්තේ නෙමෙයි. කොහොම වුනත් මේ නම් දෙකේම තියෙන්නේ එකම තේරුම. ඌරුගොඩවත්තට "ඌරු" හෙවත් "ඔරු" වල මිස ඌරන්ගේ සම්බන්ධයක් නැහැ. ඌරුබොක්ක වගේ තැන් වලටත් මේ කතාව අදාළයි කියා මම හිතනවා.


12 comments:

  1. නලින්ද සිල්වාට මඟහැරුණ දෙයක් ඔබ මතක්කලා. ලංකාවට දෙමළ බස විතරක් නෙමෙයි මලයාලි බස කතාකරන අයත් ආවා. සමහරවිට ඉංග්‍රීසි-ලන්දේසි බලපෑමට පෙර වැඩිපුර එන්න ඇත්තේ මලයාලි කතාකරන අය.නලීන් ද සිල්වාට එයා සිල්වා වෙලත් ඒක අමතකවුන එක පුදුමයි.

    තාමත් විග්නේෂ්වරන් වගේ අය මනසින් ඉන්නේ ආර්ය ද්‍රවිඩ වාද තිබුන යුගයේ.

    ReplyDelete
    Replies
    1. බටහිර වෙරළ තීරයට පැමිණ තිබෙන සංක්‍රමණිකයින් බොහෝ දෙනෙකු කේරළයෙන් පැමිණි අය විය යුතුයි. මතභේදයට ලක්ව ඇති එහෙත් ප්‍රචලිත මතයක් වන්නේ දුරාව කුලයේ සම්භවය කේරළය බවයි. මේ වචනයෙහිත් "දුර" ශබ්දය තිබෙනවා.

      Delete
  2. මේක මම ලියපු අදහසක්. දෙමල අයෙක් එක්ක ඔය කතාව ගැන තර්ක කරද්දී. මට වෙලාවක් නැහැ ඒ වෙලාවේ මම ඉදිරිපත් කරපු මුලාශ්‍ර ආයි හොයන්න්. ගූගල් කලොත් පුළුවන්. ඒ තමයි ඔය පපූර්ව දෙමල කියල ඔවුන් කියන යක්ක , නාග වගේ අය ඕස්ට්‍රේලියානු අබෝරිජින් හා අන්දමන් දූපත් වල සිටින දූපත් වාසීන් සමග සම බව. වෙල්ලස්සේ කැරැල්ලේ ඉංග්‍රීසින් වැඩිපුරම මරා දැමුවේ මේ අය . ඉංග්‍රීසින් ඔවුන් ගිය හැම තැනම මුල් පදිංචිකරුවන් මරා දැමුවා. එයට හේතුව ඔවුන් තමා ඉස්සෙල්ලම සටන් කරන්නේ. එම අයගෙන් සමහරු නැගෙනහිරට පැන මුස්ලිම් වුනා. බේරෙන්න. දැන් ඒ කට්ටියත් බදුල්ල ,මහියංගන, බිබිල මීමුරේ ඔය පැතිවල ඉන්න සමහර අයත් , අන්දමන් දූපත් මිනිසුන් නුත් එක වගේ. එක රිසර්ච් එකක පොලිනිසියාවේ මිනිසුන් හා මේ ආදී සිංහලුන් (යකුන් හෝ ) එකද කියල හොයනවා, කවුද කියා මතක නැහැ. යාපනේ ද්‍රවිඩ ජනතාව විජය ලාගෙන් ආව කට්ටිය වගේම ඉන්දියාවෙන් ආපු අය . ඔවුන්ද අර මූලික ජන කොටසට මිශ්‍ර වුනා කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. කොහෙද ඔබ ඔය කියන අදහස මුලින් ලිව්වේ? ඒ ගැන විස්තර දෙන්න මුලාශ්‍ර සහිතව. එහෙම නැතිනම් ඔබ මෙතන කියන්නේ අසත්‍ය බව පෙනෙන්නේ.

      අජිත් ධර්මගේ තිබෙන ගැටලුව තමයි කවුරුන් හෝ කුමක් හෝ දෙයක් ගැන අදහසක් කිව්වම ඒක මුලින් කිව්වේ මම, එහෙම නැතිනං ඔය දේ ගැන හොදින්ම දන්නේ මම. මාත් ඕක කරලා ලියලා තියෙනවා කියලා එයා එකේ පේටන්ට් බලපත්‍රය ගන්න එන එක.

      කොටින්ම කිව්වොත් අපි හිතමුකෝ කවුරුහරි බ්ලොග් එකේ ලිව්වා කියලා අද ඒ බ්ලොග්කරුට ටිකක් බඩ රිදෙනවා කියලා. එතකොට අජිත් ධර්ම ඊට යටින් කියන්නේ අයියෝ මට මේ දැන් සතියක ඉදන් එක හුස්මට බඩ බුරුල්වෙලා තියෙන්නේ ඒ කියලා.

      ඒ වගේ තමයි. මේ වගේ ය තමයි පොඩි කාලේ පාසලේ පන්ති කාමරයේ ඇතුලේ කක්කා කරලා හරි කැපී පේන්න හදන්නේ.


      -රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

      Delete
    2. මම ඒ අදහස ලීවේ අර රිසර්ච් එක බලල. රිසර්ච් එකේ conclusion එක ඒක නොවෙන නිසා. ඔයත් හොයන්න් ගූගල් කරලා.

      Delete
  3. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි

    ReplyDelete
    Replies
    1. ගුණානන්ද හිමි සහභාගී වුනේ පානදුරා වාදය තෙක් පළමු වාද හතරට පමණයි. ඌරුගොඩවත්තේ පස් වන වාදය පැවැත්වෙන විට ගුණානන්ද හිමි අපවත් වෙලා.

      Delete
    2. කියෙව්වට මොකෝ මදි-මදි වගේ හිතෙයි
      හිතනකොට පෙනුනෙ කලියෙන් ආව වගෙයි
      comment වැටෙන්නට තව කල් යා යුතුමයි
      ආපහු එන්නෙ ඒවා කියවන්නටමයි!

      Delete
    3. නොදැණ හිටි විස්තර ටිකක්. ස්තූතියි

      Delete
  4. අපි කියන්නේ පානදුර කියලා.

    ReplyDelete
  5. නලින් ද සිල්වාත් පාණදුරේ.වැඩිපුර ලියන්නෙත් දේශපාලන කාරනා.මේ මොහොත වනවිට නලින්ලගේ මතවාදය ජය අරගෙන.හැබැයි රටේ භාණ්ඩාගාරය හිස්.මටනම් නලින් ද සිල්වා පේන්නෙත් රටේ භාණ්ඩාගාරය වගේ.

    ReplyDelete
  6. bfldfkduegsgd uy;dg#
    zzmdKoqr$mdkoqrzz jsjdohg uf.ka o iq`M ueosy;a jSuls fus.
    .%du$ia:dk kdulrKfhaoS fjk;a lreKq w;r msysgs jgmsgdj o ie<ls,a,g f.k ;sfns. ra wkqj .x.d wdY%s; j mek ke`.qKq kus o yuq fjs. m%dfoaYSh jYfhka .x.dfjs tf;r fuf;r hk tk ia:dk iy jvdla mqM`,a f,i .x.d uqjfodrj,a o fus kus lsrSusj,g n, md we; .
    ;Sra: ^il=& hkakg jvd ;s;aa: ^md,s& hkafkka f;dgqm, wra:h fok zzf;dgzz hkak ;oaNj jS we;. iuqo%dikak iy .x uqjfodrj,g wdikak iuyr ckdjdi ta wkqidrfhka kus ,nd ;sfns.
    uyd;s;a: udf;dg jS kej; ud;r jS we; zzf;dgzz zz;rzz jQ ;j;a wjia:d we; . ld<;s;a: - l`Mf;dg - l`M;r ^l`M .f`.a uqjfodr&
    NSu;s;a: - fnusf;dg - fnkaf;dg - fnka;r
    .susy ;s;a: - .susf;dg - .sxf;dg
    .sx .`. we;eus wjia:dj,oS zz.skaoqr .`.zz hkqfjka o ye`oskajS we; .

    by; lS kus iuqo%dikak iy .x uqjfodrj,g wdikak k.rj,g wod< tajd h. rg ;=< .`.lska tf;r fuf;r jk ia:dk o fus wkqj lshejsh yels h. w;aje,af;dg - m,df;dg - w`.=rejdf;dg - myqref;dg wdosh WodyrK fjs.
    fus wkqj mdKoqr iusnkaOfhka lsj yels l=ula o@
    mdKoqr fjr<ska ;rula wE; uqyqfoa zzf.daK.,zz kue;s jsYd, .,a mraj;hla msysgd ;sfns. mdIdKhla ^myK& f,i th y`oqkajkafka kus uyd .,la wdikakfha we;s f;dgqm, hk wra:fhka ku ,nkakg we;ehs ug isf;a. mdidK;s;a: - myKa f;dg. fuysoS .`. udra.fhka k.rhg ku tkjd fjkqjg k.rh udra.fhka .`.g ku ,enS we;s nj fmfka. tfia kus myKaf;dg mdkoqr jQfha flfia o@ hus lf,l .sxf;dg .`. .skaoqr .`. jQjd fia myKaf;dg .`. mdKoqrd .`. jkakg w;ehs is;us.
    mdKoqr$mdkoqr fhoSug wod< ;j;a js.%yhla ud wid we; . tkus m%foaYfha OSjrhka rd;%s ux i<l=Kla f,i f.dak., u; jsYd, m%oSmhla ^mykla& o,ajkakg mqreoq jS isgs nj;a ta wkqj zzmykaf;dgzz jS oeka zzmdkoqrzz jS we;s nj hs.
    k.r iNd ldrahd,hh mdKoqr hkak Ndjs; lrk w;r oqusrsh ia:dkfha fjsosld foflys fohldrfhka kus lr we;ehs ug isysm;a fjs.



    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...