පසුගිය ජනවාරි මාසය වෙද්දී ඇමරිකාවේ උද්ධමනය 7.5%ට නැග්ගා. මෙය අවුරුදු හතළිහකින් ඇමරිකාවේ වාර්තා වූ ඉහළම උද්ධමනය. මෙයින් අදහස් වන්නේ වසරක් ඇතුළත ඩොලරය 7.5%කින් බාල්දු වී ඇති බවයි.
ඩොලරය මේ විදිහට බාල්දු වෙද්දී අනෙක් මුදල් ඒකක වලින් ඩොලරයක මිල පහළ යා යුතුයි. හැබැයි අනෙක් මුදල් ඒකක ඊටත් වඩා බාල්දු වෙලානම් එහෙම වෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉහළ උද්ධමනය හමුවේ ගොඩක් රටවල් පරාද වී ඇතත්, ලංකාවනම් සෙකන්ඩ් වෙලා නැහැ. ජනවාරි මාසයේ ලංකාවේ උද්ධමනය 14.2% දක්වාම ඉහළ ගියානේ. ඩොලරය 7.5%කින් කෙට්ටු වෙද්දී රුපියල 14.2%කින්ම කෙට්ටු වෙලා. කෙට්ටු ඩොලරය එක්ක දුවලා වුවත්, රුපියල ගිහින් තියෙන්නේ තවත් පස්සටයි.
හැබැයි කෙට්ටු වෙන ඩොලරය එක්ක රුපියල හරියට හෙට්ටු වෙන්නේ නැහැ. රුපියල තාම ඉන්නේ ඇඟේ තරමට වඩා ලොකු ඇඳුමක් ඇඳගෙන. මේ ඇඳුම නඩත්තු කරන්න ලංකාවට ලොකු වියදමක් යනවා. ආණ්ඩුව ණයට කමින් ඇඳුම නඩත්තු කරනවා.
හැපී වැලන්ටයින්!
වැලේ වැල් නැතිව උන්නත් කමක් නැත
ReplyDeleteබාල්දුවට සීමා මායිම් නොමැත
කයිවාරුවට නම් අප වගෙ දැයක් නැත
වැලන්ටයින් ආවා, දියසෙනුත් එත!
හෙට්ටු කරන්නේ කොහොමද යක්කු ඇවිස්සෙනවනේ.
ReplyDeleteමැතිවරණ ඉලක්ක කරගෙන මෙහෙම ආර්ථික මිරිඟුවක් මවා පෑම ඇමරිකාවේත් සිදුවනවාද?
ReplyDeleteලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ රජය ඉතාම දුර්වල රජයක්. ලංකාවේ මෙන් දේශපානඥයින්ට තමන් කැමති දේවල් කරන්න බැහැ. කෙසේ වුවත්, කෝවිඩ් වල උදවුවෙන් ඇමරිකාවේද රජය වඩා බලවත් වුනා.
Delete2018, 225.51 වටින එකට 162.54යි. එතකොට මිනිස්සු සල්ලි එව්වනේ. 2022, 254.22 වටින එකට 201.19 ගන්න අකමෑති Cash Flow අවුලක් (e.g Tourism impact) සහ Media Hype නිසා නෙමේද?
ReplyDeleteමේ වගුවේ සඳහන් ගණන් පිළියෙල කර තිබෙන්නේ ක්‍රය ශක්ති සාම්‍යය කියන අදහස මත. එයින් පැහැදිලි කෙරෙන්නේ විණිමය අනුපාතයේ පැවතිය යුතු දිගුකාලීන සමතුලිතතාවය. කෙටිකාලීනව එය විවිධ හේතු නිසා වෙනස් වෙනවා. අවසාන වශයෙන් කෙටිකාලීන මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. ඔබ කතා කරන්නේ ශ්‍රමික ප්‍රේෂණ ගැනනේ. මිනිස්සු සල්ලි එවද්දී ඔය විදිහට ක්‍රය ශක්ති සාම්‍යය ගණන් බල බලා සල්ලි එවන්නේ නැහැ. සල්ලි එවන්න අවශ්‍ය වූ විට තමන්ට ලැබෙන ඉහළම මිලට ඩොලර් විකුණනවා. 2018දී ලංකාවේ කාට හෝ ඩොලර් මිල දී ගන්න අවශ්‍ය වුනානම් බැංකු පද්ධතියෙන් මහ බැංකුවේ මිලට හෝ ආසන්න මිලකට ඩොලර් මිල දී ගත හැකිව තිබුණා. ඒ නිසා, වැඩි මිලක් ගෙවා කළු කඩෙන් ඩොලර් මිල දී ගන්න අවශ්‍ය වුනේ නැහැ. නමුත් දැන් එහෙම ඩොලර් මිල දී ගන්න බැරි නිසා ඩොලර් අවශ්‍ය අය කළු කඩෙන් වැඩි මිලට ඩොලර් ගන්නවා. කළු කඩෙන් වැඩි මිලට ඩොලර් ගන්න අය ඉන්න නිසා රටට ඩොලර් එවන අයට කළු කඩේට වැඩි මිලකට ඩොලර් විකුණන්නත් පුළුවන්. ඒ නිසා, නියම පාරෙන් එන ඩොලර් අඩු වී තිබෙනවා. ඒ වගේම, පවතින විනිමය අනුපාතය (ක්‍රය ශක්ති සාම්‍යය අනුව හරි වුනත් වැරදි වුවත්) එලෙසම පවත්වා ගන්න බැරි බව යමක් කමක් තේරෙන කෙනෙකුට පැහැදිලි කරුණක්. මොකද එය ඉල්ලුම සැපයුම සමතුලිත වන මිලක් නෙමෙයි. ඒ නිසා අත්‍යවශ්‍ය හේතුවක් නැති අය ලංකාවට මේ වෙලාවේ සල්ලි එවන්නේ නැහැ. 2018දීත් ඇත්තටම මෙවැනි තත්ත්වයක් යම් තරමකින් තිබුණා. මෙහි 168.54 වාර්ෂික සාමාන්‍ය අගය. 2018 වසර මුල සිට අග දක්වා ඩොලරයක මිල 152.85 සිට 182.75 දක්වා 20%කින් පමණ ඉහළ ගියා. ඒ විදිහට ඩොලරයේ මිල ඉහළ යන්න දුන් නිසා දැන් ඇතිව තිබෙන ප්‍රශ්නය ඇති වුනේ නැහැ.
Deleteස්තුති, "2018දී ලංකාවේ කාට හෝ ඩොලර් මිල දී ගන්න අවශ්‍ය වුනානම් බැංකු පද්ධතියෙන් මහ බැංකුවේ මිලට හෝ ආසන්න මිලකට ඩොලර් මිල දී ගත හැකිව තිබුණා", මෙක දැන් නොවෙන්න ජන්ගම ගිනුම් හිගය, Dollar නය ලබා ගත නොහකිවිම වගෙම, සමහර විට ඉටත් වඩා බැංකු වල Cash Flow කෙල විම කියන එක valid argument එකක් නෙමෙද?
Delete"බැංකු වල Cash Flow කෙල විම" කියා එකක් වසංගතය නිසා හෝ පාලනය කළ නොහැකි හේතුවක් නිසා සිදු වී නැහැ. බැංකු කරන්නේ අතරමැදි ගනුදෙනුවක්. විණිමය අනුපාතය පාලනය කර නොතිබුනානම් ඔවුන් කීයට හරි ඩොලර් අරගෙන අනෙක් පැත්තට විකුණනවා. එහෙම වුනානම් දැන් කළු කඩේ හරහා සිදු වන ගනුදෙනු සිදු වෙන්නේ බැංකු වල. "බැංකු වල Cash Flow කෙල විම" සිදු වන්නෙම මෙය කිරීම වලක්වා තිබෙන තත්ත්වය යටතේ. ජංගම ගිණුම් හිඟයට හේතුවත් විණිමය අනුපාතය පාලනය කිරීමයි.
Deleteස්තුති.
ReplyDelete