ලොතරැයි ගැනීම කියා කියන්නේ නරක දෙයක් නෙමෙයි. ආර්ථික විද්‍යා අර්ථයකින් ගත්තොත් අප එදිනෙදා කරන ගොඩක් දේවල් ආකෘතිමය වශයෙන් ලොතරැයි ගැනීමකට සමානයි. ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ලොකු අවිනිශ්චිතතාවයක් තිබියදී සැලකිය යුතු ප්‍රතිලාභයක් හිමි වීමේ යම් ඉඩකඩක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් මිලක් ගෙවන අවස්ථාවක් ආර්ථික විද්‍යා අර්ථයෙන් ලොතරැයියක් ගැනීමක්. රක්ෂණ ගිවිසුම් වල සිට සමාගමක කොටස් මිල දී ගැනීම දක්වා බොහෝ දේවල් වල අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණය තිබෙනවා.
ධනවාදී ක්‍රමයක් ඇතුළේ ලොතරැයි ක්‍රම බිහි වෙනවා වගේම ලොතරැයි ක්‍රම වලින් ඇතැම් ප්‍රශ්න වලට විසඳුම්ද ලැබෙනවා. මෙයින් අදහස් කළේ ලොතරැයි දිනුමකින් තනි පුද්ගලයෙකුගේ යම් යම් ප්‍රශ්න විසඳෙන එක වැනි සරල දෙයක් නෙමෙයි. සමස්තයක් ලෙස ලොතරැයි ක්‍රම හරහා ඇතැම් සමාජයයීය ප්‍රශ්න විසඳෙනවා. සමාජවාදීන් වුවත්, ලොතරැයි නරක දෙයක් සේ සලකන්නේ නැහැ. සෝවියට් දේශය වැනි සමාජවාදී රටවල රජය මුල් වී ලොතරැයි ක්‍රම හඳුන්වා දී තිබෙනවා. ලංකාවට ලොතරැයි හඳුන්වා දී තිබෙන්නේත් රජය විසින්.
පොන්සි ක්‍රීඩාවක් සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවකින් වෙනස් වන ප්‍රධාන කරුණක් වන්නේ ක්‍රීඩකයන් අතර තිබෙන අසමමිතියයි. ඊටත් වඩා වැදගත් වෙනස සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවක ආකෘතිය ස්ථිතික ආකෘතියක් වුවත් පොන්සි ක්‍රීඩාවක ආකෘතිය ගතික ආකෘතියක් වීමයි. ඇත්තටම පෙර විස්තර කළ ක්‍රීඩකයින් අතර තිබෙන අසමමිතිය ඇති වන්නේම ක්‍රීඩාවේ මේ ගතික ස්වභාවය නිසයි.
සාමාන්‍ය ලොතරැයි ක්‍රීඩාවකදී ජයග්‍රාහකයා විසින් ප්‍රතිලාභ එකතු කර ගන්නා මොහොතේම ඒ ප්‍රතිලාභ වෙනුවෙන් මිලක් ගෙවන අනෙකුත් තරඟකරුවන් පරාජිතයින් සේ තරඟයෙන් ඉවත් වීමද සිදු වෙනවා. එතැනින් එහාට ක්‍රීඩාව ඉවරයි. පොන්සි ක්‍රීඩාවකදී ඒ වැඩේ වෙන්නේ නැහැ. තරඟයෙන් ඉවත් වෙන්නේ ජයග්‍රාහකයින් පමණයි. පරාජිතයෝ ජයග්‍රහණය ලැබෙන තුරු තව දුරටත් තරඟයේ රැඳී ඉන්නවා.
කොහොම වුනත්, පොන්සි ක්‍රීඩාවක් කියන්නේත් ශුන්‍ය-ඓක්‍ය ක්‍රීඩාවක් නිසා ජයග්‍රහණ තරමටම පරාජයන්ද තිබිය යුතුයි. පරාජිතයින් ක්‍රීඩාවෙන් ඉවත් නොවන නිසා කාලයත් සමඟ පරාජිතයින් එක්රැස් වීමක් සිදු වෙනවා. මේ බොහෝ දෙනෙකුට සෛද්ධාන්තිකවම කවදාවත් ජයග්‍රාහකයින් වෙන්න බැහැ.
අජිත් ධර්මා ලියලා තිබුණා "ධනවාදය එනකොට ඉස්සෙල්ලම එන්නේ ඔය පිරමිඩ් ස්කීම්" කියලා. ඔහු මේ කියන්නේ සමාජවාදය බිඳ වැටී ධනවාදය ආදේශ වන අවස්ථාවන් ගැන. මේ කතාවේ ඇත්තක් තියෙනවා. රුසියාව නෙමෙයි ලංකාව දිහා බැලුවත් මේ කරුණ පේනවා. ලොතරැයි ක්‍රම වගේම පිරමිඩ් ක්‍රමත් හැදෙන්නේ ධනවාදී ක්‍රමයක් තුළයි. රජය මුල් වී පිරමිඩ් ක්‍රමයක් හඳුන්වා දුන්නොත් මිස, සමාජවාදී ක්‍රමයක් ඇතුළේ පිරමිඩ් ක්‍රම හැදෙන්න විදිහක් නැහැ. හැබැයි රජයයන් මුල් වී පිරමිඩ් හදන අවස්ථානම් සුලභයි.
ධනවාදී ක්‍රමයක් තුළ පිරමිඩ් හැදුනත් ඒ පිරමිඩ් ස්වභාවික ලෙසම කඩා වැටී සමතුලිත වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ කඩා වැටීමට වඩා කඩා නොවැටීමයි. මොකද පිරමිඩයක් කඩා නොවැටී දීර්ඝ කාලයක් වැවුනොත්, එය කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නේ සමාජයීය ප්‍රශ්න රාශියක් ඇති කර ගෙනයි.
ධනවාදය පිළිබඳ මාක්ස්වාදී දෘෂ්ඨිය ඇතුළේ සමස්ත ධනවාදී ක්‍රමයම පිරමිඩ් ක්‍රමයක් එහෙමත් නැත්නම් පොන්සි ක්‍රීඩාවක් සේ දකින ස්වභාවයක් තිබෙනවා. එයට හේතුව වෙළඳපොළ තුළ සිදුවන අතරමැදි ගනුදෙනු වලද පොන්සි ක්‍රීඩාවක තිබෙන ඇතැම් ලක්ෂණ තිබීමයි.
අතරමැදියෙකු විසින් අයෙකුගෙන් අඩු මිලකට මිල දී ගන්න භාණ්ඩයක් වෙනත් අයෙකුට වැඩි මිලකට විකුණනවා. මේ වැඩේ අනත්ත වාරයක් කිරීමෙන් අතරමැදියාට ලෝකයේම තිබෙන ධනය තමන් අතට එකතු කර ගන්න පුළුවන්ද? එහෙම බැරි බව අපේ සාමාන්‍ය බුද්ධිය අපට කියනවා. ධනවාදී වෙළඳපොළ තුළ සිදු වන්නේ සරල ආකෘතියකින් පැහැදිලි කළ හැකි ඔය වගේ දෙයක්නම් ධනවාදය කඩා වැටෙන එක අහන්නත් දෙයක් නැහැ.
පොන්සි ක්‍රීඩාවක තිබෙන ඇතැම් ලක්ෂණ තිබෙන හැම ක්‍රියාවලියක්ම පොන්සි ක්‍රීඩාවක් නෙමෙයි. භාණ්ඩයක් එහි බාහිර පෙනුමෙන් සමාන වුවත්, එක් එක් පුද්ගලයා විසින් එයට ලබා දෙන වටිනාකම් වෙනස්. ඒ නිසා, අතරමැදියෙකුට කිසියම් භාණ්ඩයක් එයට අඩු වටිනාකමක් දෙන කෙනෙකු අතේ තිබෙන අවස්ථාවක් හොයලා එය මිල දී ගෙන ඒ භාණ්ඩයටම වැඩි වටිනාකමක් දෙන අයෙකුට විකිණීමෙන් ලාබයක් ලබන්න පුළුවන්. හැබැයි මෙය කළ හැක්කේ අදාළ භාණ්ඩයට වැඩි වටිනාමක් දෙන කෙනෙක් හොයා ගත හැකිනම් පමණයි. එසේ නැතිව අතරමැදියෙකුට ඕනෑම භාණ්ඩයක් ඕනෑම මිලකට විකුණන්න පුළුවන්කමක් නැහැ.
ධනවාදී ක්‍රමයක් තුළ සිදු ඇතිවන ගතික ක්‍රියාවලියක් ස්ථායී සමතුලිතතාවයක් වීමටනම් එවැන්නක් කාලයත් සමඟ යම් දිශාවකට ගලා යාමේදී ඇති වන අසමතුලිතතාවය නිශේධනය කර දිශානතිය වෙනස් කළ හැකි යාන්ත්‍රනයක්ද පද්ධතිය ඇතුළේම තිබිය යුතුයි. බොහෝ විට මෙවැනි හැරවුමක් අනිවාර්යයෙන්ම සිදුවන ස්වභාවික සීමාවක් තිබෙනවා.
සමහර අය ඉන්නවනේ වීසා කාඩ් එකේ ණය මාස්ටර්කාඩ් එකෙන් ගෙවලා ඊළඟ මාසයේ මාස්ටර්කාඩ් එකේ ණය වීසා කාඩ් එකෙන් ගෙවන. ඔය වගේ දෙයක් දිගින් දිගටම කරන්න බැහැ. එහෙම පුළුවන් කියා හිතලා හදන ආකෘතියක් ස්ථායී ආකෘතියක් නෙමෙයි. කාඩ් දෙකෙන් එකක ණය සීමාවට ආවට පස්සේ ක්‍රියාවලිය නවතිනවා.
රාජ්‍ය අයවැය ගනිමුකෝ. රජයේ ආදායමට වඩා වියදම් අඩුනම් වෙනස ඉතිරි වෙනවා. එසේ එකතු කරගත් අරමුදල් තිබෙන තුරු ආදායම ඉක්මවා වියදම් කරන්න පුළුවන්. ඊට පස්සේ ණය ගන්න වෙනවා.
රජයකට කොයි තරම් ණය ගන්න පුළුවන්ද? ණය දෙන අය සිටින තුරු ණය ගන්න පුළුවන්. හැබැයි ණය දෙන අයගෙන් ගත හැකි ණය අසීමිත නැහැ. යම් සීමාවක් තිබෙනවා.
තව අවශ්‍යනම් සල්ලි අච්චු ගහන්නත් පුළුවන්. සල්ලි අච්චු ගැසීමේ සීමාව කොතැනද? උද්ධමනය කියා කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන යාන්ත්‍රනයයි. ඒ යාන්ත්‍රනය නැත්නම් අසීමිත ලෙස සල්ලි අච්චු ගහන්න පුළුවන්. කිසිම මහන්සියක් නොවී හැමෝටම කැමති තරමකට පරිභෝජනය කරන්න පුළුවන්.
ඒ වගේ දෙයක් වෙන්න විදිහක් නැහැ කියන එක පැහැදිලියිනේ. ඒ කියන්නේ එහෙම පුළුවන් කියා කිසියම් ආකෘතියකින් පෙන්වනවානම් ආකෘතියේ අඩුපාඩුවක් තිබිය යුතුයි. ගතික සාර්ව ආර්ථික ආකෘතියකට "පොන්සි-නොවන කොන්දේසිය" පිළිබඳ පරීක්ෂාව අවශ්‍ය වෙන්නේ මේ හේතුව නිසා. වැරදි ආකෘතියක් ඇතුළේ පොන්සි ක්‍රීඩාවක් තිබිය හැකි වුවත්, සැබෑ ලෝකයේ කඩා නොවැටෙන පොන්සි ක්‍රීඩා තියෙන්න බැහැ.
හදිස්සියෙ පිරමීඩ් ගැන ලියන්නෙ මොකකට හරි ප්‍රවේශය්ක් විදියටද?
ReplyDeleteහදිසියක් නැහැ, ඇනෝ. මේ වියුණුවේ බොහෝ දේවල් ගැන ලියා තිබෙනවනේ. ඔබේ ප්‍රශ්නයට සෘජු, කෙටි පිළිතුරක් අවශ්‍යනම්, පිළිතුර "ඔව්". ලංකාවේ වත්මන් සාර්ව-ආර්ථික ආකෘතියේ ප්‍රශ්නය එය "පොන්සි-නොවන කොන්දේසිය" නොසලකා හැර තිබීමයි. ඒ නිසා, දිගින් දිගටම ජයග්‍රාහකයින් තරඟයෙන් ඉවත් වුවත් පරාජිතයින් ඉතිරි වෙනවා. ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාව සෛද්ධාන්තිකවම කිසිදා ඉටු නොවන අපේක්ෂාවක්. නමුත්, එය බලපාන්නේ ආකෘතියේ පොන්සි ක්‍රීඩා සේ සැලසුම් කර තිබෙන කොටස් වලට පමණයි. ලොතරැයි කොටස් වලට තව දුරටත් ස්ථායී පැවැත්මක් තිබෙනවා.
Deleteඇනෝ අහලා තියෙන දේම හිතමින් මමත් පෝස්ට් එක කියෙව්වෙ අන්තිම වෙන කම් කියෙව්වට පස්සෙ ගන්න යන ප්‍රවේශය ගැන දළ වශයෙන් හිතා ගත්තා.
Delete'දිගින් දිගටම ජයග්‍රාහකයින් තරඟයෙන් ඉවත් වුවත්' මේ කතා කරන context එකේ ජයග්‍රාහකයින් කවුද. ඉස්සහරහට කියවෙයිනේ.
සාර්ව ආර්ථික ආකෘතියක් කියන්නෙ generalised? එහෙම නැත්නම් one size fits all? නැත්නම් වෙනත් තේරුමක්ද.
ගතික සාර්ව ආර්ථික ආකෘතිය = dynamic macroeconomic model
Delete//අන්තිම වෙන කම් කියෙව්වට පස්සෙ ගන්න යන ප්‍රවේශය ගැන දළ වශයෙන් හිතා ගත්තා.//
Deleteමේ ටික ලිවුවේ ඉහත සඳහන් කළ හේතුව මත මෙන්ම, මේ වියුණුවට බාහිර වෙනත් තැනක මතු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරක්ද වශයෙන්. ඒ පිළිතුරද තවමත් අසම්පූර්ණයි.
තැන්ක් යූ, ඉකොන්.
Deleteමේ බලන්න ලංකාවේ ගොබ්බ ආණ්ඩුව පිට රටවල් වලින් එළවලු පවා ගේන්න පටන් අරන් ලංකාවේ දුප්පත් ගොවීන් ඉවරෙටම ඉවරයි
ReplyDeletehttps://youtu.be/mOWgFrqQ41c
මේවා නවත්වන්න සාමාන්‍ය ජනතාව වශයෙන් කළ හැකි හොඳම ක්‍රමය මොකක් ද? ලංකාවේ මෝඩ මිනිස්සු ලාබෙට දෙනවා නම් ඕන කුණු ජරාවක් ගන්න නිසාත් කිලෝ එකක් රු සියයකටත් වඩා අඩුවෙන් ලැබෙන නිසාත් කොයි තරම් දේශීය දේවල් ගන්න කියලා කෑ මොර දුන්නත් වැඩක් නැහැ මිනිස්සු මේ ආනයනික ලඩගොඩවල් ගන්නවා අධිකරණ වාරණ නියෝගයක් ගන්න පුළුවන් වේවි ද මන්දා
මට නම් මේ පිරමීඩ කේස් එක මොකවත් තේරෙන්නේ නැහැ. මේකෙදි වෙන දේ මීට වඩා සරලව කියන්න පුළුවන් ද?
ReplyDeleteමම හිතන්නේ පොදුවේ ධනවාදී සමාජ ආර්ථික ක්‍රමයක් ඉතා අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින අස්ථාවර සුළු පිරිසක් අත අති විශාල දැවැන්ත ධනයක් රැස් වන අති බහුතරයක් සමස්ත ආදායමෙන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් හිමි වන පිරමීඩ ක්‍රමයක් බව ඔබ පෙන්වාදුන් කරුණු සත්‍ය බවයි.
ඒ නිසා සාපේක්‍ෂව වඩාත් ස්ථායී භාවයක් ඇති සමාජ ආර්ථික දේශපාලනික ක්‍රමය නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මිශ්‍ර ආර්ථික ක්‍රමයක් බවයි.
ලංකාවේ තත්ත්වය ගැන කියනවනම් ධනවාදී පාලනයක් ඇති රටක කාලය සෑම විටම සේවය කරන්නේ විපක්ෂයට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රෝහණ විජේවීර සහෝදරයා වරක් ප්‍රකාශ කොට තිබිණි. ඔහු ඉන් අදහස් කළේ ධනවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන ආණ්ඩු පක්ෂයකට කිසිසේත්ම රටේ ප්‍රශ්න විසඳිය නොහැකි නිසා දිනෙන් දින උත්සන්න වන ජනතා අප්‍රසාදය විරුද්ධ පක්ෂවලට කාලය ඉතාමත් වාසිදායක වන බවයි.
ලංකාවේ පසුගිය දූෂිත ප්‍රජාතන්ත් රවිරෝදී යහපාලන ආණ්ඩුවේ මෙන්ම වත්මන් අන්ත අශික්ෂිත දූෂිත ඒකාධිපති පවුල් පාලක ආණ්ඩුවේ නායකයන්ද මැතිවරණ කල්දැමීමෙන් පෙනෙන්නේ ඔවුන් මෙම කාරණය වටහා ගෙන නැති බවයි. පසුගිය එජාපයේ දූෂිත යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණේ 2015 වසර මැදදී උනත් ප්‍රෝඩාවක් කරමින් පළාත් පාලන මැතිවරණ මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවත් පළාත් පාලන ආයතන වලට අලුතින් සීමා නිර්ණය කළ යුතු බව කියමින් වසර තුනක් කල් දැමූ අතර ඊට පෙර පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම එජාප ප්‍රමුඛ ආණ්ඩුවද එම කටයුත්ත දිග්ගැස්සෙන්නට ඉඩ හරිමින් අවසානයේදී මැතිවරණ පැවැත්වුණේ 2018 පෙබරවාරි 19 වැනිදාය.
ලංකාව බහුතර ජනතාව අතර ඒ වනවිට එජාප ප්‍රමුඛ ආණ්ඩුව අධික බදු බර, ආනයන වල මිල ගණන් වැඩි වීම, ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල අධික මිල, අධික උද්ධමනය සහ ජීවන වියදම් ඉහළ යෑමත් සමඟ ඇතිවූ ආණ්ඩුවේ දේශපාලනික අස්ථාවරත්වය නිත් විශාල වශයෙන් දැඩි අප්‍රසාදයට ලක් වී තිබිණි. ඒ අනුව පළාත් පාලන ආයතන 341න් 239ක්ම දිනා ගැනීමට විපක්ෂයේ පොදුජන පෙරමුණට හැකි විය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහගේ අදහස් මත පාලනය වූ එම ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණ මෙන්ම පළාත් සභා මැතිවරණයද කල් දැමීමට අවශ්‍ය විය. පළාත් සභා 9 සඳහාම එකම දිනයේ මැතිවරණ පැවැත්වීම සඳහා එම ආණ්ඩුව 2017 සැප්තැම්බර් මාසයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළේය. එමගින් පළාත් සභා මැතිවරණ කල් දැමෙන හෙයින් අදාළ වගන්ති සංශෝධනය කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. පසුව ආණ්ඩුව ඒ දිනවලම වෙනත් පනතක් පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේදී පළාත් සභා සඳහා ද මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙමින් සංශෝධනයක් ඉදිරිපත් කළේය. එය සම්මත වීමෙන් සීමා නිර්ණය පිළිබඳ ප්‍රශ්නය මතු වී අද පවා පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි තත්ත්වයක් මේ වන විටත් ලංකාවේ උදා වී තිබේ.
කෙසේ වෙතත් 2015 වසරේ අග භාගයේදී හෝ 2016 මුලදී ජනතාවට දුන් පොරොන්දු විශාල වශයෙන් කඩ කරමින් තකතීරු ලෙස කටයුතු කළ රනිල් සහ මංගල ඇතුළු එජාප නායකයන් බිය වුවද 2015 මහ මැතිවරණය පැවැත්වූ වහාම හෝ අවම වශයෙන් 2017 මුලදී වත් පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේ නම් එජාපය පළාත් පාලන ආයතන එතරම් බරපතල ලෙස පරාජය නොවී කොළඹ දිස්ත්‍රික්කයේ වත් යම් තරමකින් හෝ සභා සංඛ්‍යාවක් දිනා ගන්නට ඉඩ තිබණි. නැත්නම් අන්ත පරාජයක් අත්වීමෙන් වැළකෙන්නට ඉඩ තිබිණි. ඒ සමඟම පළාත් සභා මැතිවරණද පැවැත්වූයේ නම් එයටද ඉන්පසු මහ මැතිවරණයටද පළාත් පාලන මැතිවරණයේ ඉහත ප්‍රතිඵලවලින් බලපෑමක් එල්ල වන්නට ඉඩ තිබුණු බවත් එසේ වූයේ නම් 2020 දී පොදුජන පෙරමුණ ජය ගත්තද තුනෙන් දෙකක අනවශ්‍ය බලයක් ලබා නොගන්නට ඉඩ තිබිණි.
Deleteකෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඒ මැතිවරණ කල් දැමීමේ ප්‍රතිවිපාක තේරුම් ගත්තේ 2018 පළාත් පාලන මැතිවරණ හා ඉන්පසු පැවැති මැතිවරණවල ප්‍රතිඵලවලිනි. එය දැනට ලංකාවේ බලයේ සිටින පොදුජන පෙරමුණද ඉගෙන ගත යුතු පාඩමකි.
ඒ නිසා ලංකාවේ වගේ ලුම්පන් ධනවාදී සමාජ ක්‍රමයක් පවතින රටක ආණ්ඩු පක්ෂයකට පළාත් පාලන වැනි මැතිවරණ කල් දැමීමට නීතිමය බලයක් තිබිය හැකි වුවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන්ට එසේ කිරීමට කිසිම විදිහකින් සදාචාරමය අයිතියක් නැත. එය අනෙක් තරගකරුවන් හා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කොට සාමූහිකව එකඟතාවෙන් ගත යුතු තීරණයක් වෙනනේ මැතිවරණ සාධාරණව පැවැත්විය යුතු නිසයි.
//මට නම් මේ පිරමීඩ කේස් එක මොකවත් තේරෙන්නේ නැහැ. මේකෙදි වෙන දේ මීට වඩා සරලව කියන්න පුළුවන් ද?//
Deleteඔබ අහන්නේ පොදුවේ පිරමිඩ් ක්‍රම ගැනද? ලංකාවේ ක්‍රියාත්මක සාර්ව-ආර්ථික ආකෘතිය ගැනද?
දෙවසරකට පමණ පෙර ලංකාවේ කොවිඩ් 19 වසංගතය ඉතා බරපතළව පැතිරෙමින් තිබූ කාලවල මැතිවරණ පැවැත්වීමට උනන්දු වූ පොදුජන පෙරමුණු ආණ්ඩුව දැන් එම රෝගය මැතිවරණ කල් දැමීමට හේතු වශයෙන් දැක්වීම බොහෝ දෙනකුගේ සිනහවට හේතු වී ඇති අතර එය ඔවුන්ම පසුගිය කාලයේ ඉදිරිපත් කළ තර්කවලට පටහැනි වගේම බිය නිසා මැතිවරණ කල් දමන බවට පොදුජන පෙරමුණ පසුගිය එජාපයේ යහපාලන ආණ්ඩුවට චෝදනා කොට තිබුණා.
Deleteකෙසේ වෙතත් එය නම් සත්‍ය වූ චෝදනාවක්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම ආණ්ඩුව පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ කල් දැමීමට විවිධ සටකපට තුච්ඡ උපක්‍රම යෙදූ අතරම මෙතනදි වඩාත් හාස්‍යජනක කරුණ නම් එදා ආණ්ඩු පක්ෂයේ සිටි පිරිස්ම අද විලි ලැජ්ජා නැතුව ආණ්ඩුව කරවන පොදුජන පෙරමුණට එම යෝජනාවෙන්ම දමා ගසන තත්ත්වයක් උදාවී තිබීමයි.
දෙවසරකට පෙර 2020 මාර්තු පළමු ලාංකික කොවිඩ් රෝගියා සොයා ගන්නා විට මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවා තිබූ අතර ඒ දිනවල මෙම රෝගය සම්බන්ධයෙන් රට තුළත් ජාත්‍යන්තර වශයෙනුත් පැවැති බිය හේතුවෙන් 2020 මාර්තු 12 දෙවැනි රෝගියා සොයා ගැනීමත් සමඟ ආණ්ඩුව සියලු පාසල්වලට නිවාඩු දී නිවසේ සිට රාජකාරි කිරීමට රාජ්‍ය සේවකයන්ට අනුමැතිය දුන්නේය. එහෙත් ආණ්ඩුව නාම යෝජනා කල් දැමීමට එකඟ වූයේ නැත. ඒ අනුව 2020 අප්‍රේල් 25 වැනිදාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියම කෙරිණි.
එහිදි පොදුජන පෙරමුණේ තර්කය වූයේ මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බවත් පැවැති නීතියට පටහැනිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයා (රනිල් වික්‍රමසිංහව) ඉවත් කොට 2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමෙන් ඇතිවූ අර්බුදය හමුවේ ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විටත් එජාප ප්‍රමුඛ විරුද්ධ පක්ෂ ඊට එරෙහිව අධිකරණය හමුවට ගිය නිසා එවිටද පොදුජන පෙරමුණේ නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑ මෝර දෙන එජාප හා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට බිය මන්දැයි ප්‍රශ්න කළහ.
එහෙත් දැන් සම්පූර්ණයෙන්ම කණපිට හැරෙමින් එම ප්‍රශ්නය අසන්නේ අනෙක් පක්ෂ පොදුජන පෙරමුණ වෙතිනි. 2020 අප්‍රේල් 25ට නියමිතව තිබූ මහ මැතිවරණය කොවිඩ් තත්ත්වය උග්‍ර වීම නිසා ජාතික මැතිවරණ කොමිසම විසින් දින නියමයක් නැතිව එම වසරේ මාර්තු 19 වැනිදා කල් දමනු ලැබූ අතර ඉන් දින කිහිපයකට පසු අගමැති මහින්ද රාජපක්ෂ පැවසුවේ මැතිවරණ කොමිසමට මැතිවරණ කල් දැමීමට බලයක් නැති බවයි.
ඒ අනුව එදා රට පුරා විශාල කොවිඩ් බියක් පැතිර පවතිද්දී මැතිවරණ පැවැත්වීමට උනන්දු වූ පොදුජන පෙරමුණ අද සියලු පාසල් විවෘත කරන්නට ඉඩ දී, සියලු රාජ්‍ය සේවකයන් සේවය සඳහා කාර්යාලයට කැඳවා කොවිඩ් 19 තත්ත්වය නිසා මැතිවරණ පැවැත්වීමට නොහැකි යැයි කීම තර්කානුකූල නොවේ. මේ කාරණයේදී පොදුජන පෙරමුණ හා පසුගිය ආණ්ඩුවේ සිටි එජාප හා සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් අතර වෙනසක් නොමැති බවත් ලංකාවේ වඩාත්ම තකතීරු අසික්කිතම පක්ෂය වන සමගි ජන බලවේගය තරමටම ආණ්ඩු බලය හිමි පොදු ජන පෙරමුණත් කෙමෙන් කෙමෙන් කුජීත වෙමින් පවතින බවත් මේ හරහා පෙනෙන්නට තියෙනවා නේද?
මේ නිසා මේ දෙකම පරාජයට පත් කර අලුතින් කණ්ඩායමක් ලංකාවේ බලයට පත් කිරීමට අවශ්‍ය බව ඉතාමත් පැහැදිලියි. ඒ නිසා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරන්න අත්‍යවශ්‍යයි.
//ඔබ අහන්නේ පොදුවේ පිරමිඩ් ක්‍රම ගැනද? ලංකාවේ ක්‍රියාත්මක සාර්ව-ආර්ථික ආකෘතිය ගැනද?//
Deleteමේ දෙකම ගැන කෙටියෙන් කිව්වොත් පිරමීඩ ගැන මම දන්න තරමින් මේ ජාවාරම්වල කොතැනවත් ඇත්තම පාරිභෝගිකයො නැහැ. ඉන්නෙ අලෙවිකරුවො විතරයි. අලෙවිකරුවෙක් භාණ්ඩය අරගෙන තවත් පිරිසකට අලෙවිකරුවන් ලෙස භාණ්ඩ විකුණන්න අයිතිය දෙන්න ඔවුන් ඒ සඳහා බඳවා ගන්න ඕන. ඒ විදියට සාමාජිකයන් බඳවා ගැනීමේ අයිතිය ගත්තට පසුව තවත් දන්නා හඳුනන අය යටතේ පිරමීඩ යෝජනා ක්‍රමය තුළට ගෙන ආ යුතුයි. ප්‍රතිලාභ ලෙස හිමි වන්නේ තමන් යටතේ ගොඩනැඟෙන තමන් බඳවා ගත් අය ගෙවන මුදලෙන් කුඩා ප්‍රතිශතයක්. ඒ බඳවා ගත් අය ගෙවන මුදලෙන් විශාල කොටසක් තමන් නොදැනුවත්වම ජාවාරම්කරුගේ සාක්කුවට යනවා.
කෙසේ නමුත් මේකෙදි Multi-level හෝ Network Marketing ලෙස හඳුන්වන ජාලගත පිරමීඩ අලෙවිකරණයේදී භාණ්ඩ විකුණන්නේ ධනවාදී සමාජ ක්‍රමයක් වගේම ඒවා සැබැවින්ම අවශ්‍ය පාරිභෝගිකයන්ට. සාමාජිකත්වයට බඳවා ගැනීමේ අරමුණින් අලුත් පුද්ගලයන්ට නෙවෙයි. ඒ වගේම එහිදී තම ආදායම වැඩි කර ගත හැක්කේ තමන්ගේ අලෙවිය වැඩි කර ගැනීම තුළින්ලැබෙන නව සාමාජිකයන්ගෙන්. හැබැයි සත්‍ය අවශ්‍යතාවක් නොමැතිව මිල දී ගන්නා මේ භාණ්ඩ කිසිවකුට අලෙවි කිරීමට නොහැකියි. ඒ වගේම ආයතනය කිසිදු විටෙක අප දුන් මුදලට එම භාණ්ඩය නැවත ආපසු ගන්නේත් නැහැ. එකම විකල්පය තමාගේම මිතුරකු හෝ ඥාතියකු මේ උගුලට පටලවලා තමා ගෙවූ මුදලෙන් කොටසක් පියවා ගන්න එක විතරයි. අන්න ඒ නිසා තමයි නොයෙකුත් කතා කියමින් ලාභ ලැබිය හැකි බව කියමින් ඔවුන් අන් අයව එවැන්නකට පොලඹවන්නේ. සරලව මේ ව්‍යාපාර සෑම විටම නීත්‍යානුකූල ව්‍යාපාර ලෙස විවිධ ලියාපදිංචි සහතික ඉදිරිපත් කරමින්, ඔවුන් කරන්නේ නෙට්වර්ක් මාකටින්/ ඩිරෙක්ට් සේල්ස්/ මල්ටි ලෙවල් මාකටින් කියමින් තම ජාවාරම පිරමීඩ නොවන බව ඒත්තු ගන්වන්නට නොයෙකුත් උපායන් යොදයි.
තව සරලවම කිව්වොත් මේ ගොඩාක් ව්‍යාපාරවලට කියන්නේ network marketing කියලා, හැබැයි මම දන්න තරමින් Network marketing නම් ආයතනයක් හෝ ඒ ආයතනයේ ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයකු විදිහට සම්බන්ධ වෙලා යම්කිසි භාණ්ඩයක් හරි සේවාවක් හරි විකිණීම තමයි කළ යුත්තේ. ඒකට යම්කිසි ආදායමක් ලැබීම, ඒ කියන්නේ වැටුපක් ආකාරයට හෝ කොමිස් එකක් ආකාරයට මේ ආදායම ලැබීම සිදු විය යුතුයි. එසේ නොමැතිව සාමාජිකයන් බඳවා ගැනීම නිසා මුදලක් හෝ කොමිස් ලැබීමක් සිදුවෙනවා නම්, ඒ වගේම බඳවා ගන්නා සාමාජිකයන්ගේ විකුණුම් මඟින් ආයතනයට අමතරව හඳුන්වා දීම කළ අයට මුදල් ලැබීමක් සිදු වේ නම් ඒවා network marketing නොවෙයි.
මගේ හැඟීම සැබෑ නෙට්වර්ක් මාකර්ටින් වලදී භාණ්ඩය හෝ සේවාව වෙළෙඳපොළේ තරගකාරි මිලකට විකිණීම කළ යුතුයි. ඒ වගේම ඒක අවශ්‍ය පාරිභෝගිකයන්ට අවසාන පාරිභෝජනය සඳහා විකුණනවා මිස ආයතනයට හෝ ජාලයකට බඳවා ගැනීමේ අරමුණෙන් භාණ්ඩ විකිණීමට සිදුවන්නේ නැහැ.
නමුත් පිරමීඩ ජාවාරම් වල වෙන්නේ මේ නම අවභාවිත කරමින් අශිෂ්ඨ ලෙස මහජන මුදල් සූරා කෑමයි.
ලංකාවේ රජය විසින් නඩත්තු කරන ලද පිරමීඩ ජාවාරම් ගැන මට අවබෝධයක් නෑ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට?
//ලංකාවේ රජය විසින් නඩත්තු කරන ලද පිරමීඩ ජාවාරම් ගැන මට අවබෝධයක් නෑ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට?//
Deleteඉදිරියේදී පැහැදිලි කරන්නම්.
බඩ ගැන හිතා බල තණ්හාවෙන් වෙළිලා
ReplyDeleteරට ගැන රටේ මිනිසුන් ගැන නොතකාලා
තීරණ ගන්න පාලකයන් පත් කරලා
යවනවට අපට මදි මේ කෙළවීලා!
මෙහෙමයි නිමල්,
Deleteලංකාවේ ආර්ථිකය විනාශ වීමට මූලික හේතුව වූයේ සංචාරක කර්මාන්තය හෙවත් ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක් විතර ගෙනත්දීපු කර්මාන්තය 2019 වසරේ පාස්කු කේස් එක සහ ඊට පස්සේ ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය යටතේ විශාල වශයෙන් කඩා වැටී බංකොලොත් වීම. පහුගිය අවුරුදු 2 තුල කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තය අඩපණවීම නිසා අපිට ඩොලර් බිලියන 9කට එහා පාඩුවක් වෙලා තියෙනවා.
ඒ බිලියන 9 නැතුව අපේ රටට වෙලා තියෙන අවුල පේනවනෙ.
2018 වසරේ ලංකාවට සංචාරකයන් ලක්ශ 23.3ක් ඇවිත් තියෙනවා. මාසෙට ආසන්නව ලක්ශ 2ක් විතර.
කෙසේ නමුත් 2021 වසරේ මුල්මාස 8 සාමන්‍ය අගය 2000ක් විතර. 100 ගුණයක අඩුවක්.
අවුරුද්දේ අවසන් වෙනකොට සංචාරකයන් පැමිණේමේ යම්කිසි වර්ධනයක් පේනවා. මේක සතුටුදායක පුවතක්. වැඩිම සංචාරකයන් එන රටවල් වෙන්නේ රුසියාව, ඉන්දියාව, යුක්‍රේනය, එංගලන්තය, ජර්මනිය.. ආදිය
ලංකාවට සංචාරකයන් පැමිණීම වැඩිවෙනකොට සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සපයන එක රජයක වගකීමක්. ඊයේ නිව්ස්වලට පෙන්නුවා සීගිරිය. ටොයිලට්වල තත්වය අප්‍රසන්නයි, වීදි සුනඛයන් විදෙස් සංචාරකයන්ට බුරනවා. පහුගිය කාලේ මේවා අතඇරලා දාලම තිබ්බනේ.
ඒ වගේම ආයේ සංචාරක පොලිසිවගේ ඒවා බලගන්වන්න ඕනි. Safety එක ගොඩක් වැදගත්.
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් ආණ්ඩුවට මේවට පිලියම් යොදන්න වෙනවා ඉක්මනට. රටට ගොඩ එන්න තියෙන හොඳම මාර්ගය එයයි නමුත් ලංකාවේ සංචාරක හෝටල් වල සේවකයෝ විශාල ප්‍රමාණයක් පහුගිය කාලෙ විදේශ රැකියා වලට පිටත් වී ගිහින් අලුතින් පුහුණු කරන ගොඩක් අය මැදපෙරදිග කලාපයේ සහ මාලදිවයින, සීෂෙල්ස්, මොරිෂස්, ඉන්දුනීසියාව මැලේසියාව ආදී විවිධ රටවලට ගියා.
අනෙක තමයි කෘෂි කර්මාන්තයට imported රසායනික පොහොර යෙදීම වගේ සංචාරක කර්මාන්තයේ import වලින් කවර් වෙන ඇතැම් පහසුකම්, 5 star hotel එකක් ගත්තම කරන food catagory වලන් 50% කට වඩා, guest ලා ඉල්ලන liquor එහෙම 75%ක් විතර import liquor. දැනට ඒවා 90%ක් විතර out of stocks, කලිං ගෙනත් තිබුන inputs වලිං මෙච්චර කාලයක් දිව්වේ. ඒ inputs නැතුව හරි අමාරුයි industry standerds maintain කරන්න, maldives එහෙම තනිකරම දුවන්නේ tourism වලින් නිසා, උන් කොහොමහරි බඩු ටික ගේනවා, ලංකාව කියන destination එකට නිකන්ම guest ලා සෑහෙන එනවා වැඩියි මොකද පිහිටීම නිසා, ඒත් ඔය inputs වල තියෙන අවුල නිසා risk එකක් තියෙනවා.. ඒවට රජය පොඩ්ඩක් මැදිහත් වෙන්න ඕන.. ලොකු ගානක් නෙවෙයි tourism වලින් ඩොලර් බිලියන පහක් විතර ලැබෙන එකේ මේ දේවල් වලට ඩොලර් මිලියන දෙතුන් සීයක් වියදම් කරාට ගානක් වත් නෑ, මේ නීසා ඒ ගැන ලංකාවේ රජයට යම් යෝජනාවක් කරන්න පුළුවන් වෙයි ද ඔබට?
කොළඹ පරිබෝගික මිල දර්ශකයෙ, පසු ගිය මිල අගයන් අනුවද ඉදිරියේ ඇතිවන උද්ධමනය පුරෝකතනය කරන්නේ,
ReplyDelete2.එහෙම පුරෝකතනය කරනවා නම් ඒ සදහා multiple linear regression යෝදා ගත හැකිද කියල පොඩ්ඩක් කියන්න පුලුවන් ද ඉකොනොමැට්ටා
1.සාමාන්‍යයෙන් උද්ධමනය පුරෝකථනය කරද්දී පසු ගිය දර්ශක අගයන් ඒ සඳහා යොදා ගන්නවා. වෙනත් සාධක ඇසුරෙන් උද්ධමනය පුරෝකථන කරන ආකෘතිත් තිබෙනවා. බොහෝ විට පසු ගිය දර්ශක අගයන් හා වෙනත් සාධක මිශ්‍ර ලෙස යොදා ගන්නවා. එය තීරණය වන්නේ පුරෝකථනය කරන පුද්ගලයා හෝ කණ්ඩායම මත.
Delete2.බැරිකමක් නැති වුවත්, එසේ කර තේරුමක් නැති තරමටම සාර්ථකත්වය අඩුයි.
ඉකොනොමැට්ටා
ReplyDeleteජපානයේ රජයේ ණය සහ ලංකාවේ රජයේ ණය ගැන මෙතන කියන කතාවේ ඇත්තක් තියෙනවා නේද?
https://www.facebook.com/101097068638069/posts/302663715148069/?app=fbl
ඒ වගේම ලංකාවේ දේශපාලනඥයන් විසින් රජයේ රැකියා ලබා දීම ගැන ඔබට දළ අදහසක් ලබාගැනීමට මේක බලන්න
https://www.facebook.com/531283580289879/posts/4225585137526353/?app=fbl
තව ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමෙන් පසුව ඒවායින් ලබා දී ඇති වාර්තා ගැන කෙටියෙන් කියනවනම් මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි
https://www.facebook.com/CitiHitzTV/videos/394535855734209/?app=fbl
ඒ වගේම ලංකාව අයි එම් එෆ් එක සහ IBRD/ ඒ ඩී බී වෙනුවට එකල ඉන්දියාවේ කොන්ග්‍රස් ආණ්ඩුව තිබුණ කාලේ ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ සංකල්පයක් අනුව BRICS රටවල් සමූහය මගින් ආරම්භ කළ NDB New Development Bank ආයතනයේ වැඩ පිළිවෙළක් වෙත යාමටත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා AIIB සමග ව්‍යාපෘති වලට යාමටත් සැලසුම් සහගතව වැඩ කරගෙන යනවා නේද මේ දවස් වල?
බංග්ලාදේශයේ සහ ඊජිප්තුව වගේ රටවල් මෑතකදී BRICS රටවල් වල NDB එක හරහා මේ වගේ ආර්ථික සංවර්ධන සැලසුම් වලට පහුගිය දෙසැම්බර් මාසයේ විතර ගියා නේද ඒ වැඩපිළිවෙළ IMF program වලට වඩා ගොඩාක් එම සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් වලට වාසිදායක සහ සාර්ථක බව ආර්ථික විශේෂඥයින් පවසන්නේ, ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබටත්?
ඒ වගේම ඉදිරියේදී ඉන්දියාවේ ඇමරිකානු හිතවාදී මෝදි රජය වෙනස් වී රුසියානු හිතවාදී සහ චීන පකිස්ථානු සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කැමති කොන්ග්‍රස් ආණ්ඩුවක් බිහි වුණොත් ලංකාවට කුමන ආකාරයේ බලපෑම් එල්ල වේවිද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ඉකොනොමැට්ටා.
ජපානයේ රජයේ ණය සහ ලංකාවේ රජයේ ණය ගැන ආරම්භයේදී කරන සංසන්දනය කරුණුමය සත්‍යයක්. එහෙත්, මේ සම්පත්දායකයා සාකච්ඡාවේදී ඔහු සඳහන් කරන මේ නිවැරදි දෙය තහවුරු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. ඉතා කෙටි පිළිතුරක් ලෙස ජපානයේ රාජ්‍ය ණය වල ඩොලර් අගය ට්‍රිලියන 12ක් පමණ. එහෙත්, මේ ණය සියල්ලම දේශීය ණය. ජපානය (ශුද්ධ ලෙස) විදේශයන්ට ණය නැහැ. ජපානය සතුව ඩොලර් ට්‍රිලියන 3-4කට ආසන්න ශුද්ධ විදේශ වත්කම් තිබෙනවා. ලංකාවේ රාජ්‍ය ණය ඩොලර් බිලියන 85ක් පමණ. එහෙත්, ලංකාවේ ප්‍රශ්නය එය නෙමෙයි. සැබෑ ප්‍රශ්නය ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 50-60ක් පමණ වීමයි. ඒ කියන්නේ රාජ්‍ය ණය වලින් වැඩි කොටසක් සෘජුව හෝ වක්‍රව විදේශ ණය. පසුව කියන කරුණු අධ්‍යයනයක් නොකර කියන නිකම්ම කරුණු. ඇතැම් විට අදාළ සම්පත්දායකයා විසින් මෙහිදී සඳහන් නොකළත් එවැනි අධ්‍යයයනයක් කර තිබෙනවා විය හැකි වුවත් කතා කරන ස්වරූපයෙන් පෙනෙන්නේ එම අදහස් ඔහුගේ සාමාන්‍ය පෞද්ගලික අදහස් පමණක් බවයි. මා මෙයින් කියන්නේ පසුව කියන දේවල් වැරදි බව හෝ මා එකඟ නොවන බව නෙමෙයි. මේ වගේ දේවල් කරුණු සහිතව, විශ්වාසනීය ලෙස පෙන්වා දිය යුතුයි. එසේ නැත්නම් ඒවා දේශපාලනික ප්‍රකාශ වලින් වෙනස් වන්නේ නැහැ. මේ දේවල් ඉදිරි කාලය තුළ අපි කතා කරමු. සංකීර්ණ ප්‍රශ්නයකට කෙටි පැහැදිලි කිරීම් වලින් පිළිතුරු සපයන්න අමාරුයි. ඉතිරි ප්‍රශ්න පුළුල් පරාසයක විසිරී තිබෙන ප්‍රශ්න. කෙටි පිළිතුරු දෙන්න අමාරුයි.
Deleteබොහොම ස්තූතියි. ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය අති විශාල විදේශ ණය ප්‍රමාණය විශේෂයෙන්ම 1980 දශකයේ මුල් භාගයේ පමණ ඇරඹී 90 දශකයේ සහ 20 වන සියවස පුරාම 2019 දක්වා අති විශාල ලෙස ඉහළ ගිය විදේශ ණය බර නිසා මේ ප්‍රශ්නය ඇතිවී තිබෙන බව නිගමනය කරන්න පුළුවන්.
Deleteලංකාවේ ආණ්ඩුව ව්‍යාපෘති සඳහා ගත් සියලු විදේශ ණය ඉතා කුඩා ප්‍රමාණයක් ඩොලර් බිලියන 4 - වගේ හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩි ඇති. නමුත් ආනයනය කිරීම සඳහා සහ රජයේ අයවැය හිඟය පාලනය කරගන්න සහ ඩොලර් එකට සාපේක්ෂව රුපියල ඉහළින් තබා ගැනීමට අවශ්‍ය වීම වැනි දේ නිසා දේශීය ණය වෙනුවට ලංකාවේ ආණ්ඩුව විදේශීය ණය විශාල වශයෙන් ලබා ගැනීමට 1980 - සිට අද දක්වාම කටයුතු කර ඇති බව පේනවා.
විශේෂයෙන් 2019 / 20 / 21 වසරවල එක දිගටම සංචාරක ව්‍යාපාරය කඩා බිඳ වැටීම සමග උතුරේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ඉතාමත්ම වේගයෙන් දියුණු වුණ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වාර්ෂිකව 10% - 15% කට එහා වර්ධනයක් පෙන්නුම් කළ අතර 2018 දී ඩොලර් බිලියන 4.5 ක් පමණ ආදායමක් උපයා ගැනීම මත රජය ගෙවිය හැකි බව ඇස්තමේන්තු කර විශාල වශයෙන් සවරීන් බොන්ඩ් ආදී බැඳුම්කර විශාල ප්‍රමාණයක් ණය ලබා ගත්තා. සවරීන් බොන්ඩ් පමණක් 2019 අග වන විට ඩොලර් බිලියන 13 කට වඩා අධික වීමත් සමග 2019 අභ්‍යන්තර ත්‍රස්ත ක්‍රියාවන් නිසා සංචාරක ව්‍යාපාරය 4.5 සිට 2.5 කට කඩා බිඳ වැටීම සහ 2020/21 කොවිඩ් නිසා තවත් ඩොලර් බිලියන 8 - 10 ක් පමණ ඇස්තමේන්තු ගත ආදායමට වඩා අඩු වෙලා තියෙනවා.
ඒ දවස්වල ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ සියලු ආදායම් වගේම සංචාරක ව්‍යාපාරයේ විශාල වර්ධනයක් අපේක්ෂා කරමින් 2019 මැද ඩොලර් බිලියන 4.4 ක් පමණ වූ බොන්ඩ් ආදී බැඳුම්කර ඇතුළු මේ ණය ආධාර ලබා ගැනීමෙන් විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7 කට වඩා වැඩි කරගෙන තිබුණා. ඒ නිසා මම හිතන්නේ ඔබ විසින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විවේචනය කරන එකට මම එකඟ නැහැ. කොටින්ම වත්මන් ජනපති වෙනුවෙන් පෙනී සිටි අය සෞභාග්‍යයේ දැක්ම නමින් 2019 දී ජනගත කළ ප්‍රබල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා තියෙන්නේ 2018 සංචාරකයින් මිලියන 2.3 ක් විතර ලංකාවට ඇවිත් ඩොලර් බිලියන 4.8 ක් විතර ආදායමක් උපයා ගැනීමට පුළුවන් වූ නිසා ඔවුන් බලයට ඇවිත් රටේ ආරක්ෂාව තර කර දේශපාලනික ස්ථාවරත්වය ඇති කර 2025 වන විට සංචාරකයින් වාර්ෂිකව මිලියන 6 ඉක්මවමින් ඩොලර් බිලියන 12.4 ක පමණ ආදායමක් උපයා ගැනීමට කටයුතු කරන බව. මේ නිසා ලංකාවේ හැමෝම සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමෙන් විශාල වශයෙන් රටේ විදේශ විනිමය ආදායම් වැඩි කර ගැනීමේ අරමුණින් යුතුව සිටි බව පේනවා. කොටින්ම ජේ ආර් ලොක්කත් 80 දශකයේ එයාර් ලංකා සමාගම අරඹා ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කළා. නමුත් 1987 එල් ටී ටී ඊ සංවිධානය කටුනායක ගුවන් තොටුපලේ බෝම්බ පිපිරීම් වලින් සංචාරකයින් ඝාතනය කරමින් මේ වැඩේ කඩාකප්පල් කළ අතර අනුව දශකය පුරාවට සහ 2009 දක්වා කොළඹ බෝම්බ පිපිරීම් වලින් සංචාරක ව්‍යාපාරය අවුල් කළා. නමුත් 2010 - 2018 ඉතා විශාල වශයෙන් සංචාරක ව්‍යාපාරය වර්ධනය වීම සමග ආනයන වැඩි කර ගැනීම සහ විදේශ ණය වලින් ආරම්භ කරපු දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති මේ ආදායම් ගැන දැඩි ලෙස විශ්වාස කරමින් කළ බව සිතිය හැකියි.
කෙසේ වෙතත් මේ පහත ලින්ක් එකේ කියැවෙන ලෝකයේ සහ විශේෂයෙන්ම චීනයේ අධිවේගී දුම් රිය මාර්ග ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
https://youtu.be/9wJCltuawSs
ලංකාවේ අධිවේගී නැතත් හයි කැපෑසිටි මෙට්රෝ එකක් කොළඹ නගරයට යෝජනා කළ නොහැකි ද?
ඒ වගේම ඉකොනොමැට්ටා
Delete///ලංකාවේ රාජ්‍ය ණය ඩොලර් බිලියන 85ක් පමණ. එහෙත්, ලංකාවේ ප්‍රශ්නය එය නෙමෙයි. සැබෑ ප්‍රශ්නය ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 50-60ක් පමණ වීමයි. ඒ කියන්නේ රාජ්‍ය ණය වලින් වැඩි කොටසක් සෘජුව හෝ වක්‍රව විදේශ ණය.//
මේකේ තියෙන විස්තර මම දන්න කරුණු සමග පොඩි පරස්පරයක් තියෙනවා.
මම දන්න තරමින් 2019 අග වෙන කොට ලංකාවේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 56 ක් පමණ වූ අතර ඉන් රජයේ ණය පැවතියේ ඩොලර් බිලියන 32 ක් පමණ වූ අතර ඉතිරිය පෞද්ගලික අංශයේ විදේශ ණය මුදල්.
පස්සේ රජයේ ණය 2021 අග වන විට ඩොලර් බිලියන 30 ක් පමණ වූ අතර පුද්ගලික අංශයේ බිලියන 20 ක් පමණ සමග මුළු ණය ඩොලර් බිලියන 50 පමණ විය හැකියි.
නමුත් ඔබ පවසන පරිදි රජයේ සමස්ත ණය ඩොලර් බිලියන 85 ක් නම් රජයේ විදේශ ණය 30/85 එනම් 30 - 35% පමණක් විය හැකියි නේද? නමුත් මෙයත් අති විශාල ගණනක් තමයි.
AnonymousJanuary 16, 2022 at 3:56 PM,
Deleteඔය ඔබ කියන දෙය ඇතුළේ තමයි ලංකාවේ ආර්ථිකයේ පොන්සි ක්‍රීඩාව සැඟවී තියෙන්නේ. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේත්, දැන් කරන්නේත් සෘජු ලෙස විදේශ ණය නොගෙන රජයේ විදේශ ණය externalize කරන එකයි. මේ නිසා, රාජ්‍ය ණය නිසා ඇති වූ විදේශ ණය උගුලේ රජයට අමතරව රටම හිරවුනා. මෙහිදී මහ බැංකුව විසින් විණිමය අනුපාතය පහළින් තියාගෙන පෞද්ගලික අංශය විසින් විදේශ ණය ගැනීම ප්‍රවර්ධනය කරනවා. පෞද්ගලික අංශය විසින් ණයට ගන්න ඩොලර් රුපියල් වලට මාරු කර රජයට ණය ලෙස ලබා දෙනවා. ඩොලර් වෙළඳපොළට අඛණ්ඩව එන නිසා විණිමය අනුපාතය පහළින් තියා ගන්න පුළුවන්. යම් මොහොතක කඩා වැටෙන තුරු ඔය පොන්සි ක්‍රීඩාව කළ හැකියි. අර්බුදය ඇති වුනේ ඔය කාරණාව නිසා මිසක් ණය ගැනීම නිසා හෝ ඵලදායී නොවන ආයෝජන කළ නිසාම නෙමෙයි. පැහැදිලි මදි විය හැකි වුවත්, ඉදිරියේදී ලිපි මාලාව තුළ විස්තර කරන්න අපේක්ෂා කරන නිසා ප්‍රතිචාර කොටසේ දිගින් දිගට විස්තර කරන්න යන්නේ නැහැ. දැන් විණිමය හුවමාරු ගිවිසුම් කියලා කරන්නෙත් ඕකමයි. රජයේ ණය ඉහළ යන්නේ නැහැ. ඉහළ යන්නේ මහ බැංකුවේ ණය. නමුත්, වක්‍ර ලෙස සල්ලි ගන්නේ රජය. සංඛ්‍යාලේඛණ අනුව රජයේ විදේශ ණය 35% පමණ වුවත්, සංඛ්‍යාලේඛණ බොරුද නොවූවත්, ඇත්තටම රජයේ විදේශ ණය එමෙන් දෙගුණයක් පමණ.
බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ගැන, නමුත් මට තවමත් ඔබ පවසන මේ Ponzi scheme එක හරියටම තේරුම් ගැනීමට අපහසුයි. ඉදිරි ලිපි වලින් මේ ගැන විස්තර සහිතව පැහැදිලි කෙරෙන නිසා තේරුම් ගන්න පුළුවන් වේවි.
Deleteකෙසේ වෙතත් ලංකාවේ 2021 වසරේ ආනයන වියදම් නැවත 2018 වසරේ ආනයන තරමටම ඉහළ ගිහින් ඩොලර් බිලියන 21.6 ක් විතර වෙලා. 2019 මේක 19.9 කට අඩු වෙලා 2020 ඉතාමත්ම අඩු වී ආනයන ඩොලර් බිලියන 16 කට පමණ අඩු වුණා ඔබට මතක ඇති. නමුත් මේ තරම් ලංකාවට එන ආනයන පාලනය කරලාත් වොලියුම් එක අඩු වෙලා අගය වැඩි වෙලා තියෙන්නේ ලෝක වෙළඳ පොළේ මිල ගණන් වැඩි වෙලා නිසා ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්?
Sri Lanka’s imports have soared to 21.6 billion US dollars in 2021, the highest since the money printing year of 2018, amid what is popularly characterized as ‘foreign exchange shortages’, according to provisional data in the public domain.
Central Bank Governor Nivard Cabraal in a twitter.com message said "2021 imports are estimated at 21.6 billion US dollars, up from 16.1 billion US dollars in 2020 and 19.9 billion US dollars in 2019."
In 2020 imports fell sharply as lockdowns slashed domestic consumption and private credit collapsed.
The 2021 imports are the highest since 2018 when the central bank also printed money and created forex shortages, driving the rupee down from 151 to 182 to the US dollar.
After printing money and de-stabilizing the external sector, Sri Lanka usually controls imports based on Mercantilist dogma, due to the lack of classical economics knowledge in the country.
However the printed money flows into permitted goods, which economic planners consider good.
In October 2021 for example consumer goods imports fell 7 percent to 233 million US dollars and food and beverage imports fell 20.5 percent to 97.7 million US dollars.
But machinery and equipment imports grew 12.3 percent to 205.5 million US dollars and building materials grew 18.5 percent to 103.7 million US dollars.
ලංකාවේ 2021 වසරේ නැවතත් පහුගිය 2018 වසරේ මෙන් අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා මේ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල අධික ලෙස අවප්‍රමාණ වීම සමග ආනයනත් වැඩි වී මෙම අර්බුදය ඇති වූ බව පැවසුණා. මේ ගැනත් විස්තර කළ හැකි ද?
The current administration has been trying to boost the construction sector with 7 percent interest loans and government projects, while injecting money into the banking system.
“..Balance of Payments difficulties cannot be solved by intensifying the rigorous of exchange control and import restrictions; nor by extending the schemes for expanding domestic production to substitute import goods — the so called measures for “economising” on foreign exchange,” B R Shenoy, a classical economist wrote in 1966, in a policy document to the then government.
“Intensification of the rigorous of exchange control and import restrictions may reduce the quantum of import goods flowing into the market. It cannot reduce the flow of moneys seeking to purchase goods, either for consumption or for investment.”
“This flow of money is determined by the national product and the inflationary part of the Net Cash Operating Deficit,”
“The remedy to this problem lies in putting a stop to inflationary financing, not in tampering with the normal course of international trade.”
In the 1960s money was mostly printed for rural credit (central bank re-finance), a practice which was halted by then Governor A S Jayewardene. Central Bank re-finance was a culprit in the 1980s high inflation and currency trouble.
In 2018 the central bank printed money injecting as much as 60 billion rupees of excess Liquidity to money market.
මෙතනදි මේක ගැන තව දුරටත් විස්තර කරලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි.
DeleteIn 2018 the central bank printed money injecting as much as 60 billion rupees of excess liquidity to money markets to keep interest rates below a ceiling policy rate.
By the beginning of 2020 the central bank injected excess liquidity as much 200 billion rupees (about a billion US dollars) which were rapidly used up as the economy recovered.
In 2018 money was printed through the purchase of Treasury bonds, shattering ‘bills only’ policy established by the late Governor Jayewardne, who was also a classical economist.
Money was printed by the central bank in 2018 to keep interest rates down despite politically difficult tax increases to bring the budget deficit down.
The central banks forecasts on imports, trade deficits and year end foreign reserve projections are blown apart every year inflationary policy is followed, triggering currency crises and balance of payments deficits.
However the central bank for 70 years has printed money to keep rates down, finance rural credit or past as well as current deficits.
The inflationary policy (printing money above the anchor) has pushed up inflation as well as imports and triggered balance of payments deficits, or declines in forex reserves as dollars are given by the central bank for imports or other payments.
In the absence of the central bank, spikes in imports or outflows in a pegged regime are met through short term falls in liquidity, rises in interest rates and higher domestic savings.
Though forex shortages are triggered by ‘excess rupees’ in the popular media, financial press and Mercantilists characterizes inflationary policy in a pegged regime as ‘forex shortages’.
Sri Lanka is no longer printing money to finance deficits and keep short term rates below the ceiling rate, but the country has no working exchange rate regime, and is forced to give ‘reserves for imports’.
After giving reserves for imports, the liquidity shortage is sterilized with new money to maintain a policy rate of 6.0 percent giving resources to banks which give Treasury bills to the central bank to get printed money and also boost investment and discourage savings.
The cycle continues until the central bank raises rates. A switch to a floating rate (suspending convertibility or completely halting giving ‘reserves for imports) is usually also required to restore a working exchange rate regime with a spot market.
In the absense of money printing, either to finance the deficit or sterilize ‘reserves for imports’ inflows and outflows of foreign exchange match and the exchange rate stops falling.
- Source:
https://economynext.com/sri-lanka-imports-soar-to-three-year-high-amid-forex-shortages-89675/
ඇත්තටම ලංකාවට 2022 වසරේදී දැවැන්ත බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන ඉතා පැහැදිලිව අනතුරු අඟවමින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ ලංකාවේ බැංකුවලට විදෙස් විනිමය සහ පහසුවෙන් ලබාගත හැකි රුපියල් නොමැති බවත් මහ බැංකු දත්තවලට අනුව ලංකාවේ බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 456 ක හිඟයක් පවතීන බවත් දැනට පවතින මෙම මුදල් හිඟය පියවීමට මහ බැංකුව මගින් අනෙකුත් වාණිජ බැංකු සඳහා 6% ක පොලියක් යටතේ මුදල් ලබා දෙන නමුත් ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මේ ගැන පවසන්නේ මෙම තත්ත්වය ඇතිවීමට හේතුව විනිමය අනුපාත සහ පොලී අනුපාත කෘතිම ලෙස පාලනය කිරීම බවයි මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
ReplyDeleteමේ පුවත්පත් ලිපියේ සඳහන් විස්තර තව ටිකක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මේ කියපු ආකාරයේ නව කරෙක්ටිව් පැකේජ් එකක් හඳුන්වලා දීලා ලංකාවේ ආර්ථිකය ප්‍රශ්නෙන් ගොඩ ගන්න පුළුවන් වෙයි නේද?
https://island.lk/sri-lanka-needs-corrective-economic-package-wijewardena/
// ධනවාදී වෙළඳපොළ තුළ සිදු වන්නේ සරල ආකෘතියකින් පැහැදිලි කළ හැකි ඔය වගේ දෙයක්නම් ධනවාදය කඩා වැටෙන එක අහන්නත් දෙයක් නැහැ.// මතක් කලාට ස්තුතියි. මම හිතන්නේ මාක්ස්වාදයේ ඊට වඩා ගැඹුරට ධනවාදය ගැන විස්තර කරනවා කියල. මාක්ස් පොත් දෙකහමාරක් ම ලිව්වා. එකොන් "ඇමෙරිකන් හනි" චිත්‍රපටය බලල තියෙනවද? ඇමෙරිකාවේ පහල ස්ථරය ගැන. අමාරුවෙන් ජීවත්වෙන ටිනේජර්ස් ලා මැගසින් සබ්ස්ක්‍රිප්ෂන් විකුනන හැටි. හැම වෙලේම එයාලට ඒක කරන්න බැහැ සීමාවක් තිබෙනවා. පිරමිඩ් වගේම තමා.
ReplyDelete