ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 14% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 21.5%ක් දක්වා ඉහළ ගිහින්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 12.1% මට්ටමට ගොස් තිබුණා. මහ බැංකුව කියන විදිහට මේ විදිහට මිල මට්ටම ඉහළ යන්නේ "සැපයුම් සාධක" නිසා මිසක් සල්ලි අච්චු ගැසීම නිසා නෙමෙයි.
සැපයුම් සාධක නිසා මිල මට්ටම් ඉහළ යද්දී මුදල් වලට තිබෙන ඉල්ලුමද ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන සේ මුදල් සැපයුම වැඩි නොකළොත්, සැපයුම් සාධක නිසා ඉහළ ගිය මිල නැවත පහත වැටී උද්ධමනය සෘණ පැත්තට යා යුතුයි. එහෙත්, ඉහළ යන මුදල් ඉල්ලුම හා ගලපමින් මුදල් සැපයුම වැඩි කළොත් ඉහළ ගිය මිල ඒ මට්ටමේම නවතිනවා. ඒ නිසා, උද්ධමනය පහළ ගියත් සෘණ පැත්තට යන්නේ නැහැ.
මහ බැංකුව කියන විදිහට, මිල මට්ටම ඉහළ යන්නේ සැපයුම් සාධක නිසානම්, ඔය දෙකෙන් කොයි එක වුනත් ඉතා ඉක්මණින් උද්ධමනය අඩු විය යුතුයි. මොකද උද්ධමනය අඩු වීමෙන් අදහස් වෙන්නේ මිල මට්ටම ඉහළ යන වේගය අඩුවීම මිසක් මිල අඩු වීම නොවන බැවින්. ඒ නිසා, මහ බැංකුව කියන්නේ ඇත්තද කියලා බලා ගන්න වැඩි කාලයක් යන එකක් නැහැ.
ආණ්ඩුව විසින් අළුතෙන්ම රුපියල් බිලියන 227ක සහන පැකේජයක් ඉදිරිපත් කළා. කියන විදිහට මේ අමතර වියදම් නිසා සමස්තයක් ලෙස රජයේ වියදම් වැඩි වෙන්නේ නැහැ. වියදම් කරන බව කියන්නේ අයවැයෙන් වෙන් කළ වෙනත් ප්‍රතිපාදන කපලා ඒ හරහා ඉතිරි වන සල්ලි වලින්. කපන්නේ මොන වියදම්ද කියන එක පැහැදිලි නැහැ. කියන විදිහටම කෙරුණත් නැතත් අයවැය හිඟය තව දුරටත් ඉහළ නොදැමිය යුතුය යන ස්ථාවරයට එන්න ආණ්ඩුවට සිදු වී තිබෙනවා. මේ බතල කොළ කටින් හිටවන ඒවා පමණක්ද?
පසුගිය 2021 වසරේ පළමු මාස දහය තුළ රජය විසින් උපයාගෙන තිබෙන ආදායම රුපියල් බිලියන 1,156.5ක් පමණයි. අයවැය සම්මත කර ගනිද්දී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව වසර තුළ ලැබීමට තිබුණු ආදායම රුපියල් බිලියන 2,029ක්. මේ අනුව, මාස දහයක් අවසාන වෙද්දී උපයාගෙන තිබෙන්නේ ඇස්තමේන්තු කළ අදායමෙන් 57%ක් පමණයි. ඇස්තමේන්තු නිවැරදිනම් අවසන් දෙමස තුළ රුපියල් බිලියන 872.5ක් ලැබී තිබිය යුතුයි.
අයවැය ඇස්තමේන්තු අනුව, 2021 වසරේ රජයේ වර්තන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,534ක්. පළමු මාස දහය තුළ වර්තන වියදම් සේ වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 2,319.0ක්. ඒ කියන්නේ ඇස්තමේන්තු කළ වියදම් වලින් 91.5%ක්ම පළමු මාස දහය තුළ වියදම් කරලා. වර්තන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ වියදම්. අවසන් මාස දෙක තුළ වියදම් කළේ රුපියල් බිලියන 215ක් පමණක්ද?
ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද?
රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ?
අයවැයෙන් යෝජිත රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 1,070ක් වුවත් පළමු මාස දහය තුළ සිදු කර තිබෙන රාජ්‍ය ආයෝජන ප්‍රමාණය එයින් 38.6%ක් හෙවත් රුපියල් බිලියන 412.8ක් පමණයි. ඇස්තමේන්තු කර තිබුණු ඉතිරි ආයෝජන අවසන් මාස දෙක තුළ සිදු වුනා කියා හිතන අයෙකු ඉන්නවාද?
ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා රාජ්‍ය අයවැය කියා කියන්නේම සංදර්ශනාත්මක බොරුවක් පමණයි. අයවැය ඇස්තමේන්තු අනුව, වසර තුළ ලබා ගැනීමට අපේක්ෂා කළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,563ක් පමණයි. එහෙත්, සාමන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් ඇස්තමේන්තු වැඩි කර පෙන්වන නිසා ආයෝජන වියදම් සේ වෙන් කරන ප්‍රතිපාදන කපා හැරීමෙන් පසුවද රජය නඩත්තු කිරීම සඳහා ඇස්තමේන්තු කරනවාට වඩා ණය ගන්න වෙනවා. ඇස්තමේන්තුව අනුව, ණය ගැනීමට නියමිතව තිබුණේ පහත ආකාරයෙනුයි.
ශුද්ධ විදේශ ණය - රුපියල් බිලියන 99ක් (විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 507ක් අවශ්‍ය නිසා මුළු එකතුව රුපියල් බිලියන 606ක්).
දේශීය ණය රුපියල් බිලියන 1,466ක්. මෙයින් බැංකු අංශයෙන් ගන්නා ණය ප්‍රමාණය රුපියල් බිලියන 310ක්. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් තවත් රුපියල් බිලියන 60ක්. ඉතිරි රුපියල් බිලියන 1,086 බැංකු නොවන අංශ වලින් ගන්නා ණයයි.
ඇත්තටම සිදු වී තියෙන්නේ කුමක්ද?
පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 2,226.7කින් රාජ්‍ය ණය ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තුළ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබුණු රුපියල් බිලියන 1,563ක ණය ප්‍රමාණයට වඩා 14.7%කින් වැඩියි. අවසන් මාස දෙක තුළ, මේ වැඩිපුර ගත් ණය ආපසු ගෙවලාද?
පළමු මාස දහය තුළ පමණක් විදේශ ණය ඉහළ යාම රුපියල් බිලියන 464.20ක්. එම කාලය තුළ දේශීය ණය ඉහළ යාම රුපියල් බිලියන 1,762.40ක්.
පළමු මාස 11 තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක්. එයින් රුපියල් බිලියන 1,124.80ක් කෙළින්ම මහ බැංකුවෙන් ගත් ණයයි.
රජයට ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශිකයන්ට විකිණූ විට රජයට ලැබෙන්නේ රුපියල් වුවත් රටට ඩොලර් ලැබෙනවා. එහෙත්, පසුගිය වසර තුළ සිදු වී තිබෙන්නේ විදේශිකයන් සතු වූ රුපියල් බිලියන 6.9ක පමණ වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින්ද රුපියල් බිලියන 5.1ක ප්‍රමාණයක් විකුණා දමා එම මුදල් ආපසු රැගෙන යාමයි. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් රජයට කෙළින්ම ඩොලර් ලැබෙනවා. එහෙත්, වසර තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර වලින්ද සැලකිය යුතු කොටසක් නැවත විකුණාගත නොහැකි වීම නිසා රජයට අයවැය ඇස්තමේන්තුව අනුව අමතර රුපියල් බිලියන 60ක් හොයා ගැනීම කෙසේ වුවත් රුපියල් බිලියන 34.6ක් ආපසු ගෙවන්න සිදු වී තිබෙනවා.
ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී ඇති පසුබිමක රජය විසින් ප්‍රධාන වශයෙන්ම අයවැය හිඟය පියවාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 1,879ක පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙනුයි. මෙයින් රුපියල් බිලියන 330ක් පමණ ණය අරගෙන තිබෙන්නේ දෙසැම්බර් මාසය තුළයි. ඒ අනුව, පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 1,548ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුනා ණය අරගෙන තිබෙනවා. එම කාලය තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක් බව කලින් කිවුවනේ. ඒ කියන්නේ රජයට ඩොලර් ණය ගන්න බැරි වී තිබෙනවාක් මෙන්ම උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමටද හැකි වී නැහැ.
පවතින වාතාවරණය යටතේ විණිමය අනුපාතය ඉහළ නොයවා වෙළඳපොළෙන් ඩොලර් වලින් ණය ගැනීමේ හැකියාවක් රජයට නැහැ. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ නොදමා උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමේ හැකියාවද මේ වන විට ගිලිහෙමින් තිබෙනවා. විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි නොකරන්නේනම් හා අයවැය හිඟය පාලනය කර නොගන්නේනම් මේ වන විට රජය සතු එකම විකල්පය උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ණය ගැනීම පමණයි.
විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි කළහොත් ඒ හේතුව නිසාම අයවැය හිඟය ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එහෙත්, එසේ නොකළා කියා ප්‍රශ්නයෙන් ගැලවී සිටින්න පුළුවන් වෙන්නේ උද්ධමනය විශාල ප්‍රශ්නයක් බවට පත් වන තුරු පමණයි. උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් තව තවත් ණය ගනිමින් උද්ධමනය පාලනය කිරීමේ හැකියාවක් නැහැ.
පසුගිය සතියේ රජය ඩොලර් මිලියන 100ක සංවර්ධන බැඳුම්කර වෙළඳපොළට ඉදිරිපත් කළත් 8%ක පමණ විශාල පොලී අනුපාතයක් ගෙවීමේ පොරොන්දුව යටතේ වුවත් විකුණා ගත හැකි වූයේ ඩොලර් මිලියන 11ක පමණ ප්‍රමාණයක් පමණයි. ඩොලර් වලින් පොලී ගෙවන්නට රට ඇතුළේ ඩොලර් හැදෙන්නේ නැති නිසා මේ වෙලාවේ කිසිවෙකු පොන්සි ක්‍රීඩාවකට එළැඹී අවදානමක් ගන්න බයයි.
මේ වන විට රජයට භාණ්ඩාගාර බිල්පත් විකුණා දේශීය වෙළඳපොළෙන් මාස තුනකට රුපියල් ණය ගත හැක්කේත් 8.5% පමණ පොලියකටයි. මහ බැංකුව විසින් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන වාණිජ බැංකු වලට හා ප්‍රාථමික අලෙවිකරුවන්ට විකුණන විට මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. එහෙත්, ඇත්තටම මෙහිදී වෙන්නේ සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගැසීමක්ම තමයි.
මාස තුනකට රජයට 8.5% පොලියට ණය දෙන වාණිජ බැංකු විසින් ඔවුන් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියා දිනපතා මහ බැංකුවෙන් 6.5% පොලියට ණය ගන්නවා. මේ වැඩෙන් වාණිජ බැංකු වලට (හා අනුබද්ධ ප්‍රාථමික ගැනුම්කාර සමාගම් වලට) කෙළින්ම 2%ක "කොමිස් මුදලක්" ලැබෙනවා. අන්තිමට වක්‍ර ලෙස රජයට ණය දෙන්නේ මහ බැංකුවම තමයි. ඒ කියන්නේ අච්චු ගහන සල්ලි!
ඔය විදිහටනම් දේශීය වෙළඳපොළෙන් ඕනෑ තරම් ණය ගන්න පුළුවන්. ඇයි සල්ලි තමන්ගේ සල්ලිත් නෙමෙයිනම්, 2%ක ලාබයකුත් ලැබෙනවානම් කවුද වැඩේට අත නොගහන්නේ. හැබැයි ඔය අවස්ථාව සාමාන්‍ය මිනිහෙකුට ලැබෙන අවස්ථාවක් නෙමෙයි.
පසුගිය සතියේ පමණක් ඔය ක්‍රමයට රුපියල් බිලියන 97ක භාණ්ඩාගාර බිල්පත් විකිණුවා. ඕකෙන් 2%ක් කියා කියන්නේ රුපියල් බිලියන දෙකක්. කෝටි දෙසීයක්!
දැන් රජය 8.5% පොලියට ණය ගන්නවා. මහ බැංකුව 6.5% පොලියට ණය දෙනවා. ඒ ණය ගන්න අය 8.5% පොලියට රජයට ණය දෙනවා. ලැබෙන එකම වාසිය, මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගහලා නැහැ!
ඔය භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් කෙළින්ම මිල දී ගත්තානම් 8.5% පොලිය ලැබෙන්නේ මහ බැංකුවට. ඒ පොලිය මහ බැංකුවේ ලාබ වලට එකතු වෙලා, ඒ ලාබ භාණ්ඩාගාරයට යවද්දී නැවත රජයටම ලැබෙනවා. ඒ කියන්නේ රජය ඇත්තටම පොලියක් ගෙවන්නේ නැහැ. දැන් වෙන්නේ එයින් 2%ක් අඩු වෙන එක පමණයි.
මේ අඩුවත් එකතු වෙන්නේ අයවැය හිඟයටයි. උද්ධමනයට තිබෙන බලපෑම කොහොමටත් ඒ විදිහටම තියෙනවා. මොකද සංඛ්‍යාලේඛණ කොහොම වුවත් අච්චු ගහපු සල්ලි සංසරණයට එකතු වෙලා. ඒ කියන්නේ උද්ධමන බද්දක් ලෙස ඔය 2%ත් ගෙවන්න වෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට.
ආර්ථිකය වැඩ කරන්නේ ගිණුම්කරණ මූලධර්ම අනුව නෙමෙයි. හොඳ ගණකාධිකාරීවරයෙකුට ගිණුම් නැවත සකස් කරලා පාඩු ලබා ඇති බව පෙනෙන ආයතනයක් ලාබ ලබා ඇති බව පෙන්වන්න පුළුවන්. අනෙක් පැත්ත කරන්නත් පුළුවන්. එහෙම කරලා රජයට ගෙවන බදු අඩු කරගන්නත් පුළුවන්. හැබැයි එහෙම කළා කියලා සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. සංඛ්‍යාලේඛණ කියන්නේ ඇත්ත තත්ත්වය බලා ගන්න යොදාගත හැකි දර්ශක මිසක් ඇත්ත තත්ත්වය නොවන නිසා සංඛ්‍යාලේඛණ මොන විදිහෙන් හෝ වෙනස් කළත් ඇත්ත තත්ත්වය එලෙසමයි.
නිල සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,343ක් පමණයි. සංඛ්‍යාලේඛණ වලට එකතු නොවන කොටස රුපියල් බිලියන 543ක්. ඒවත් අච්චු ගහපු සල්ලිම තමයි!
පළමු මාස එකොළහ තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,526ක් බවත් එයින් රුපියල් බිලියන 1,125ක්ම අරගෙන තියෙන්නේ මහ බැංකුවෙන් බවත් කලින් කිවුවනේ. එතකොට අනෙක් බැංකු වලින් අරන් තියෙන්නේ රුපියල් බිලියන 401ක් පමණයි. මේ වෙද්දී වාණිජ බැංකු විසින් දෛනිකව මහ බැංකුවෙන් 6.5% පොලියට ණයට ගන්න මුදල රුපියල් බිලියන 543ක්.
ඒ කියන්නේ, සෘජුව හෝ වක්‍රව රජයේ අයවැය හිඟය මුළුමනින්ම වාගේ පියැවෙන්නේ මහ බැංකුවේ සල්ලි වලින්. සංඛ්‍යාලේඛණ වලට වංගු ගහන්න පුළුවන් වුනත් වංගු ගහලා උද්ධමනය වලක්වන්න බැහැ.
රුපියල් බිලියන 543න් 2%ක් අරගෙන 365න් බෙදලා බලන්න. දවසකට රුපියල් කෝටි තුනක්! මිලියන 30ක්!! මහ බැංකුවෙන් 6.5% පොලියට ගන්න සල්ලි රජයට 8.5% පොලියට දෙන එකෙන් යම් පිරිසකට දවසකට ලැබෙන ලාබය! ඕකේ අරමුණ සංඛ්‍යාලේඛන වලට වංගු ගහන එක පමණක්මද?
එක්තරා පුද්ගලයෙක් මහ බැංකුව ඇරෙන වෙලාවට මහ බැංකුව ඉදිරිපිටට ඇවිදින් මහ බැංකුවේ නිලධාරීන්ට හා පවුල් වල අයට හෙණ ඉල්ලනවා. සාප කරනවා. මේක රූපවාහිණි නාලිකාවක මාධ්‍ය සංදර්ශනයක් හෝ කාගේ හෝ සැලසුමක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි ඔයිට වඩා පිරිසක් ඔය වැඩේම කරන දවසක් වුනත් එන්න පුළුවන්!
//During the auction week ending 20 January, only bids to the value of $ 86 million had been received. Of that CBSL accepted only bids worth $ 11.35 million.//
ReplyDeleteSource: https://www.ft.lk/front-page/Latest-SLDB-issue-of-100-m-gets-undersubscribed/44-729471
Can you pls explain this? Does this mean the balance $75m bids were asking for a much higher rate or is there more to the story? I am confused as to why wouldn’t gvt accept only $11m of the $86m bids.
I feel gvt is trying to pass some profits/cash to banking sector to strengthen their balance sheet/reserves. From your past posts I get the impression banks have been funding the gvt and may have taken a hit to their Balance Sheet?
Thank you very much for your time spent for this blog.
//Does this mean the balance $75m bids were asking for a much higher rate or is there more to the story?//
DeleteYes. You always have funds if you are ready to pay its price. In addition, $61m of this total was offered only for 5 months, which means they wanted the money back before the next ISB payment.
ලස්සන දේවලුයි සිරිලක දැන් වෙන්නේ
ReplyDeleteසිදුවෙන දේට කිසිවෙක් වග නොකියන්නේ
කසාය බිවු ගොළුවන් වාගෙයි ඉන්නේ
මර නින්දකද උතුමන්ලා සැතපෙන්නේ?
රිපෝටර්ල විදුලි ඇමති ප්‍රශ්න කරනවා
Deleteවිදුලි බිඳ වැටීමක් ගැන හෙමින් අහනවා
අද දවසේ නැහැ අවුලක් උත්තර දෙනවා
එතකොට හෙට මොනව වේද කියා අහනවා
ඒක ඉතින් හෙට උදේට බලමු කියනවා!
විදි ලාම්පුවටත් කන කොකා අඬනවා
ඇත්ත තමයි සිරිලක ලස්සන දේ වෙනවා
Liquidity deficit කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද
ReplyDeleteවැඩිය සංකීර්ණ නොකර සරල හා කෙටි පිළිතුරක් දෙන්නම්. මිනිස්සුන්ට සල්ලි (කාසි හා නෝට්ටු) අවශ්‍ය වූ විට බැංකු ගිණුම් වලින් සල්ලි අදිනවා. එදිනෙදා වියදමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අතේ සල්ලි තිබෙන විට සල්ලි බැංකුවේ දමනවා. මේ ක්‍රියාවලිය තුළ හැමදාම බැංකු පද්ධතියට එක්කෝ වැඩිපුර සල්ලි එනවා. නැත්නම් සල්ලි මදි වෙනවා. සල්ලි වැඩි වූ විට එය ද්‍රවශීලතා අතිරික්තයක් ලෙසත් අඩු වූ විට ද්‍රවශීලතා හිඟයක් ලෙසත් හැඳින්වෙනවා.
Deleteමහ බැංකුව සිදු කරන ඕනෙම වියදමක් මුදල් අච්චු ගැසීමක් ලෙස සලකන්න පුළුවන් ද? එහෙම නම් ඒවායින් මොන දේවල් ද සංචිත මුදල් ලෙස ගිණුම් වල දක්වන්නේ?
ReplyDelete//මහ බැංකුව සිදු කරන ඕනෙම වියදමක් මුදල් අච්චු ගැසීමක් ලෙස සලකන්න පුළුවන් ද?//
Deleteඔව්. මහ බැංකු සේවකයෙක් ගෙදර ගන්න ටැක්සියක් ගත්තත් (මහ බැංකුවේ වියදමින්), මහ බැංකුවේ ප්‍රසිද්ධ දේශනයකින් පසු සහභාගී වන්නන්ට තේ සමඟ දෙන්න කේක් ඇනවුම් කළත්, සංචිත මුදල් ඉහළ යනවා. ඒ වගේම, මහ බැංකුව විසින් ආදායමක් උපයද්දී (මහ බැංකු ප්‍රකාශනයක් විකුණද්දී) සංචිත මුදල් පහළ යනවා.
//එහෙම නම් ඒවායින් මොන දේවල් ද සංචිත මුදල් ලෙස ගිණුම් වල දක්වන්නේ?//
සාමාන්‍යයෙන් හැම ගනුදෙනුවක්ම ගිණුම් වල තිබෙනවා. දෛනික පදනම මත ණය දීමේදී හවසට මහ බැංකුවෙන් යන මුදල පොලියත් සමඟ පසුදා උදේ නැවත මහ බැංකුවට ලැබෙන නිසා ගනුදෙනු දෙකම එකවර ගිණුම් වල සටහන් වෙනවා. සංචිත මුදල් වල වෙනසක් වෙන්නේ නැහැ. මේ ප්‍රමාණය සුළු මුදලක්නම් හා දවසින් දවස හිඟ/අතිරික්ත සේ වෙනස් වෙනවානම් එයින් දිගුකාලීනව ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. නමුත්, සංචිත මුදල් ප්‍රමාණයෙන් බාගයක පමණ මුදලක් හැමදාම හවසට නැවත නැවත ණයට දෙද්දී එය දිගුකාලීනව (මාසයකට හෝ මාස තුනකට) ණයට දීමකින් වෙනස් වන්නේ නැහැ.
මාතෘකාවෙන් සුළු වශයෙන් අපගමනය වෙමින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉකොනොමැට්ටාගෙන් අහන්න. චීනය නිපදවූ සැබෑ සූර්යයාට වඩා පස් ගුණයකින් උණුසුම් කෘත්‍රිම සූර්යයා ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? වෙන පෝස්ට් එකක් වුණත් කමක් නැහැ.
ReplyDeleteඇත්තටම ලෝකය ම කෙමෙන් කෙමෙන් ඇදීයන්නේ විශාල බලශක්ති අර්බුදයක් දෙසට නිසා දැන් දැන් විද්‍යාඥයන් නව බලශක්ති ප්‍රභේද සොයා ගැනීම සඳහා විශාල උත්සාහයක් දරනවා. පසුගිය දිනෙක බලශක්තීන් සොයා යන ගමනේ නව පරිච්චේදයක් ආරම්භ වුණේ චීනයේ විද්‍යාඥයන් පිරිසක් දැඩි පරිශ්‍රමයකින් පසු කෘත්‍රිම සූර්යයකු නිර්මාණය කිරීමත් සමඟ.
මේ ගැන තවදුරටත් විස්තර සෙවීමේ දී චීනයේ විද්‍යාඥයන් පිරිසක් වසර ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයකින් අනතුරු ව නිර්මාණය කළ එම කෘත්‍රිම සූර්යයා (artificial sun) ගැන මේ දවස්වල දැඩි කතාබහක් ඇති ව තියෙනවා. සිදු කළ නවත ම අත්හදා බැලීමකදී මේ කෘත්‍රිම සූර්යයා සෙල්සියස් අංශක මිලියන හැත්තෑවක අති දැවැන්ත උණුසුමක් වෙත ළඟාවෙන්නට හැකි වුණාලු.
ඒ වගේම මේ සූර්යයාගේ තියෙන තවත් විශේෂත ම ලක්ෂණයක් තමයි මේ කෘත්‍රිම සූර්යයා සැබෑ සූර්යයාට වඩා පස් ගුණයකින් උණුසුමින් වැඩි වීම. පර්යේෂකයන් "කෘත්‍රිම සූර්යයා" මිලියන 70°C ක උෂ්ණත්වයක් යටතේ තත්පර 1,056 විනාඩි 17 තත්පර 36 ක් ධාවනය කිරීමට සමත් වූ බවට South China Morning Post වාර්තා කරනවා. මේක ඇත්ත ද?
එම චීන කෘත්‍රිම සූර්යයා විනාඩි 17 කට වඩා වැඩි කාලයක් සූර්යයාට වඩා පස් ගුණයක උෂ්ණත්වයකට ප්ලාස්මා ලූපයක් අධි තාපනය කිරීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටවූ බවත් සැබෑ සූර්යයා තුළ ස්වභාවිකව ම සිදුවන ප්‍රතික්‍රියා අනුකරණය කරමින් "unlimited clean energy" යන ශක්තිය නිර්මාණය කිරීම සඳහා මනුෂ්‍ය වර්ගයා එක් පියවරක් සමීප කරවන nuclear fusion reaction බලය උපයෝගී කරගන්නට මේ කෘත්‍රිම සූර්යයා උපකාර වෙයි කියලා විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ වියදම් වෙලා තියෙනවා.
ඒත් මම අහල තියෙනවා මේ දවස්වල පර්යේෂකයන් එහි සහායක තාපන පද්ධතිය වඩාත් “උණුසුම්” සහ “කල්පවත්නා” බවට පත් කරන්නට තවදුරටත් පර්යේෂණ සිදු කරමින් සිටින බවටත්. Xinhua News Agency වාර්තාවල හැටියට මේ කෘත්‍රිම සූර්යයා වඩාත් උණුසුම් සහ කල්පවත්නා බවට පත් කරන්නට මේ විද්‍යාඥයන් පිරිස nuclear fusion reaction පහසුකමක් වන Experiential Advanced Superconducting Tokamak (EAST) වැඩිදුර පර්යේෂණ සමඟින් මේ දිනවල බෙහෙවින් ම කාර්යබහුල වී ඇති බවටත් වාර්තා වෙනවා.
කෙසේ හෝ මොවුන්ගේ මේ නව සොයා ගැනීම සැබෑ සූර්යයා බලගන්වන nuclear fusion reaction ප්‍රතික්‍රියාව අනුකරණය කරන නිසාම තමයි මේ විශිෂ්ට නිර්මාණයට කෘත්‍රිම සූර්යයා (artificial sun) කියන නම දාලා තියෙන්නේ. මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ඉන්ධන විදියට භාවිත කරන්නේ හයිඩ්රජන් සහ ඩියුටීරියම්.
Deleteඒත් චීනුන් තමයි මේ nuclear fusion reaction පහසුකමක් වන Experimental Advanced Superconducting Tokamak (EAST) පද්ධතිය නිර්මාණය කරලා ඒක තවදුරටත් සංවර්ධනය කරල තියෙන්නෙ. කොහොම හරි මේක තවදුරටත් සංවර්ධනය කිරීමෙන් 2006 වර්ෂයේ සිට ලොව පුරා සිටින බහුතරයක් විද්‍යාඥයන් nuclear fusion reaction ආශ්‍රිත පර්යේෂණ සිදු කරන්නට EAST භාවිත කරල තියෙනවා. මේ වෙද්දි ඔවුන්ගේ වසර ගණනාවක උත්සාහය සාර්ථක බවට කියාපාමින් මේ EAST ව්‍යාපෘතිය වැදගත් සන්ධිස්ථානයකට ඇවිත් තියෙනවා.
මේ ගැන චීන විද්‍යා ඇකඩමියේ Plasma භෞතික විද්‍යා ආයතනයේ පර්යේෂකයකු වන Gong Xianzu Xinhua පැවසුවේ මෑතකාලීනව සිදු කළ විශේෂ මෙහෙයුම මඟින් fusion reactor ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් විද්‍යාත්මක සහ පර්යේෂණාත්මක පදනමක් සකසන බව. නැගෙනහිර Anhui පළාතේ Hefei භෞතික විද්‍යා ආයතනයේ නවතම අත්හදාබැලීම භාරව සිටි පර්යේෂකයා වූයේ Gong Xianzu යි.
චීන මෙන් ම විදේශීය විද්‍යා පර්යේෂකයන් 10,000 කට අධික පිරිසක් මේ කෘත්‍රිම සූර්යයාට (artificial sun) ජීවය දීම සඳහා පරීක්ෂණ කටයුතුවල නියැළිලා තියෙනවා. EAST මඟින් හයිඩ්‍රජන් සමස්ථානික ප්ලාස්මාවක් බවට පත් කිරීම සඳහා අතිශය ඉහළ උෂ්ණත්වයන් භාවිත කරනවා. ඒවා එකට විලයනය වීම මඟින් අති විශාල ශක්තියක් නිකුත් කරනවා.
හැබැයි මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ හේතුව නිසාම මේ ව්‍යාපෘතිය සඳහා චීනය දැනටමත් ඩොලර් ට්‍රිලියන එකක් පමණ වියදම් කරල තියෙනව කියල තමයි වාර්තා වෙන්නේ.
මේ වගේ එවැනි අති විශාල වියදමක් දරලා ඔවුන් විශාල අවදානමක් ගත්තත් මේ වෙද්දි ඔවුන් ඒ ගත් අවදානම සාර්ථක වෙන බවට ඉඟි ලැබෙමින් පවතිනවා.
2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මුල් හරියේ දී ආරම්භ වුණ මේ කෘත්‍රිම සූර්යයාගේ නවතම අත්හදා බැලීම ජුනි මාසය දක්වා පවතිනු ඇති බවටත් වාර්තා වෙනවා. Plasma භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ Song Yuntao ඔවුන්ගේ එම අත්හදා බැලීම ද නැවත වාරයක් ලෝක වාර්තාවට අභියෝග කළ බව පවසා තියෙනවා. ඔහු තවදුරටත් පවසා සිටින්නේ ඔවුන් එහි තාක්ෂණය සවිස්තරාත්මකව තහවුරු කර ඇති බවත් එය මූලික පරීක්ෂණවල සිට ඉංජිනේරු යෙදුම් දක්වා ප්‍රධාන පියවරක් ලෙස ඉදිරියට ගෙන යන බවත්.
මේ වගේම 2040 වන විට මේ ශක්තිය මඟින් විදුලිය උත්පාදනය කිරීමට ද බලාපොරොත්තු වන බව Hefei භෞතික විද්‍යා ආයතනයේ පිහිටි Plasma භෞතික විද්‍යා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Song Yuntao වැඩිදුරටත් පවසා සිටිනවා. පර්යේෂක Song Yuntao ගේ ප්‍රකාශයට අනුව මෙය සම්පුර්ණයෙන් ම නිම වෙන්නට තවත් වසර 10ක් පමණ ගතවෙන බවත් සඳහන්. එම ඉදිකිරීම්වලින් අනතුරුව ඔවුන් විදුලි ජනකය ඉදිකර 2040 වර්ෂය පමණ වන විට විදුලිය නිෂ්පාදනය කිරීමත් ආරම්භ කරන බවටයි වාර්තා වෙන්නේ.
විදේශ මාධ්‍ය සහ විද්‍යාඥයන්ට අනුව මේ ඉදිකිරීම් සිදු කරන අතරතුර දී ඔවුන්ට පැන නඟින ප්‍රධානතම අභියෝග දෙක තමයි උෂ්ණත්වය මිලියන 100°C ඉක්මවීම සහ දිගු කාලයක් මේ පද්ධතිය ස්ථාවර මට්ටමක ක්‍රියාත්මක කරවීම. ඉතින් මීට පෙර පැන නැඟුණු ගැටලුවට සාර්ථක ව මුහුණ දුන්නාක් මෙන් ම ඒ අභියෝග දෙකටත් ඔවුන් ඉතා හොඳින් මුහුණ දෙනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරනවා. මේ ගැන තවදුරටත් විස්තර සහිතව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද?
මේ ගැන කතා කළ හැකි විෂය ප්‍රවීණත්වයක් මට නැහැ. කෙසේ වුවත්, මගේ ජීවිත කාලය තුළ නැත්නම් අඩු වශයෙන් මගේ දරුවන්ගේ ජීවිත කාලය තුළ මිනිසා බලශක්ති බාධකය ජය ගනිමින් විශාල ඉදිරි පිම්මක් පනිනු ඇති බවත්, පොසිල ඉන්ධන භාවිතය යල් පැන ගිය දෙයක් වනු ඇති බවත් මගේ විශ්වාසයයි. අනාගතයේදී බලශක්ති හිඟය රටේ සංවර්ධනයට ලොකුම බාධාව වන්නේ චීනයට හා ඉන්දියාවට නිසා ඒ රටවල් වලින් අළුත් දේ බිහිවීමේ ඉහළ ඉඩක් තිබෙනවා.
Delete@ Ano 1.22 AM,
DeleteWhich country has the honour to create such masterpiece? It deserves Nobel. It is paying back to all those innovating countries who shared their hard-earned secret technology to save few dollars of production costs, now getting bleeded with the multiple times to loose same dollars.
In China they have been making better hardware (keyword here is hardware!) versions of the iphone, for example, that have been cheaper for years. China actually makes great electronics. It's just US based companies outsource to China for cheap parts/labor and sell those cheap devices back to other countries. Then China will quickly learn and adapt technology & that design and make better versions that they sell inside China.
The difference in this situation is when buying the real iphone you are paying for the security, software and ecosystem.
https://www.youtube.com/watch?v=dguoYsfcH6M
ඉකෝන්,
ReplyDeleteලංකාවේ සහල් මිල පාලනය කිරීමෙන් ඉවත් වෙමින් වර්තමානයේ ලංකාවේ දූෂිත පවුල් රෙජීමය සහල් මිල ස්වභාවිකව පාලනය කිරීමට බවට පුහු මත සමාජගත කරමින් ලංකාවට පිටරටින් සහල් ආනයනයට ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදීම නිසා ලංකාවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දෙදෙනෙක් සහ වෙනත් අලුත් ආනයනික වෙළඳුන් පිරිසක් විදෙස් රටවලින් අඩු මිලට සහල් ගෙන්වා නැවත සකස්කර ඔවුන්ගේ වෙළෙඳ නාමයෙන් වෙළෙඳ පොළට මුදාහැරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක කර ඇතැයි ජාතික ජන ගොවිජන සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සහෝදරයා පැහැදිලිව අනාවරණය කළා.
මෙම මහා පරිමාණ හාල්මෝල් හිමියන් සිය මුදල් යොදවා ව්‍යාජ සහල් ආනයනයකරුවන් මගින් ගෙන්වා ඇති සහල් කන්ටේනර් 300 ක් පමණ දැනටමත් ඔවුන්ට අයත් සහල් මෝල් වෙත වරායෙන් ගෙනගොස් ඇති බවද මෙම හාල් මෝල් හිමියන් විදෙස් රටවලින් ගෙන්වා ඇති සහල් පොලිෂ් කර ලංකාවේ නිෂ්පාදනය කළ සහල් ලෙස ඔවුන්ගේ වෙළෙඳ නාමයන් යටතේ වැඩි මිලට වෙළෙඳ පොළට නිකුත් කර අධික ලාභයක් ලබන බවත් තෙන්නකෝන් සහෝදරයා අනාවරණය කළා.
ඒ වගේම මෙවැනි මෝල් හිමියන් විසින් වී කිලෝව රුපියල් 90ක් වැනි මිලකට මිලදී ගන්නා බවට ප‍්‍රකාශ කර ගොවීන් නිෂ්පාදනය කරන වී මිලදී ගන්නා බවත් වී කිලෝවක් සකස්කිරීම සඳහා වී කිලෝ 1.6ක් වැයවන බවත් ඒ අනුව සහල් කිලෝවක් නිපදවීම සඳහා රුපියල් 145ක් 150ක් වැනි වියදමක් දැරීමෙන් පසු නාඩු සහල් කිලෝවක වෙළෙඳපොළ මිල රුපියල් 175 – 180 වීම වැළැක්විය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නා.
මීට අමතරව ආණ්ඩුව චීනයෙන් ලැබීමට නියමිත හාල් ටොන් මිලියනයක් පමණ ලබන අප්‍රේල් මාසේ මුල ගොවීන් අස්වනු විකුණා අලුත් සහල් මංගල්‍යයෙන් පස්සේ ක්ෂණිකව ලබා ගැනීමටත් ඒ සමගම උත්සව සමයේ ක්ෂණිකව වෙළඳ පොළට එන චීන සහල් නිසා ලංකාවේ ගොවීන් අමාරුවේ වැටෙන බව පවසනවා. මේ සම්බන්ධයෙන් පොදු ජනතාවට කළ හැකි දේ කුමක්ද?
//සහල් කන්ටේනර් 300 ක් පමණ දැනටමත් ඔවුන්ට අයත් සහල් මෝල් වෙත වරායෙන් ගෙනගොස් ඇති බවද මෙම හාල් මෝල් හිමියන් විදෙස් රටවලින් ගෙන්වා ඇති සහල් පොලිෂ් කර ලංකාවේ නිෂ්පාදනය කළ සහල් ලෙස ඔවුන්ගේ වෙළෙඳ නාමයන් යටතේ වැඩි මිලට වෙළෙඳ පොළට නිකුත් කර..//
Deleteයමෙක් මෙසේ කරන්නේනම් එය පැහැදිලි වංචාවක්. ඒ ගැන දන්නා අයෙක් සිටීනම් වංචාව හෙළිදරවු කළ යුතුයි. මම හිතන්නේ මාධ්‍ය වලට කතා කිරීමට පෙර හෝ සමාන්තරව පාරිභෝගික අධිකාරියට හෝ වෙනත් අදාළ ආයතනකට පැමිණිලි කළ යුතු බවයි.
//. දවසකට රුපියල් කෝටි තුනක්! මිලියන 30ක්!! මහ බැංකුවෙන් 6.5% පොලියට ගන්න සල්ලි රජයට 8.5% පොලියට දෙන එකෙන් යම් පිරිසකට දවසකට ලැබෙන ලාබය! ඕකේ අරමුණ සංඛ්‍යාලේඛන වලට වංගු ගහන එක පමණක්මද?//
ReplyDeleteඔබ කියන්බෙ ම්ව්ව් ලාබය යන්නෙ බැන්කු වලට නෙමෙයි කියලද?
උද්ධමනයේ මිල රටේ හැමෝම ගෙවනවා. බැංකු වල කොටස් හිමියන් කියන්නේ ඉතා සීමිත පිරිසක්. යම් හෙයකින් මහ බැංකුවේ වට්ටම් පොලී නොතිබුණානම් බැංකු විසින් තැන්පතු පොලිය ඉහළ දමා මුදල් ආකර්ෂණය කර ගැනීමෙන් වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය නැති කර ගන්නවා. එහිදී රටේ හැමෝටම මේ ලාබ බෙදී යනවා. දැන් වෙන්නේ ඒ ලාබ සීමිත කණ්ඩායමක් අතේ සංකේන්ද්‍රණය වන එකයි. මහ බැංකුවක් විසින් මුදල් සැපයුම පාලනය කරන ප්‍රධානම මූලධර්මයක් වන්නේ පොලී අනුපාත හා මුදල් ඉල්ලුම අතර තිබෙන සම්බන්ධයයි. මහ බැංකුවේ මුදල් මණ්ඩලයට මේ මූලික න්‍යාය පවා ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් පත් කළ විට මීට වඩා වෙනස් දෙයක් වෙතැයි බලාපොරොත්තු වෙන්නත් අමාරුයි.
Deleteබලන් ගියහම පොන්සි ක්‍රීඩාවෙන් විතරක් නෙමෙයි රජයට නයට දීලත් හම්බ කරන සෙට් එකක් ඉන්නවා. හැබැයි ඒ ගාන අතේ ඇගිලි ගානටත් අඩු ඇති මට හිතෙන විදියට. අන්තිමට ඔක්කොම සල්ලි ටික එකතු වෙන්නේ ඉතා සුළු පිරිසක් අතට. මේවා අඩු වැඩියෙන් හැම ආන්ඩුවකම උනත් දැන්නම් ගේම සුපිරියටම ගහනවා වගෙයි පෙන්නේ.
ReplyDeleteසල්ලි අච්චු ගැසීමේ ක්‍රීඩාවෙන් හැමදාම දිනන්නේ ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පාලනය කරන සීමිත පිරිසයි.
Delete//එහෙත්, වසර තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර වලින්ද සැලකිය යුතු කොටසක් නැවත විකුණාගත නොහැකි වීම නිසා//
ReplyDeleteකල් පිරුණු SLDB නැවත විකුණනවා කියන එක වෙන්නේ කොහොමද
ලංකාවේ රජය නිදහසින් පසු කවදාවත්ම ගත් ණය ගෙවා නැති බව මම පෙර ලිපි මාලාවක පැහැදිලි කළානේ. අයවැය හිඟය පියවීම කියා කියන්නේ ඊට අමතරව අලුතෙන්ම ණය ගැනීමක්. පරණ ණය ගෙවන්න කොහොමටත් අලුතෙන් ණය ගන්න වෙනවා. ඒ නිසා, සංවර්ධන බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් ආදී කොයි එකක් වුවත් කල් පිරෙන විට ඊට සමාන අලුත් එකක් නැවත විකුණනවා. 2020 වසර අවසාන වෙද්දී රුපියල් බිලියන 496ක සංවර්ධන බැඳුම්කර විකුණා තිබුණා. අයවැය ඇස්තමේන්තුව අනුව වසර තුළ සංවර්ධන බැඳුම්කර වලින් රුපියල් බිලියන 60ක් හොයා ගන්නනම්, වසර තුළ කල් පිරෙන ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක් හා තවත් රුපියල් බිලියන 60ක ප්‍රමාණයක් විකිණිය යුතුයි. අමතර ප්‍රමාණය කෙසේ වුවත් කල් පිරුණු ප්‍රමාණයවත් විකුණා ගන්න හැකි වුනේ නැහැ. ස්වෛරිත්ව බැඳුම්කර වලට චෙලා තියෙන්නේත් ඒකමයි. ඇත්තටම කියනවානම් භාණ්ඩාගාර බිල්පත් වලට වෙලා තියෙන්නේත් ඒකයි. සංඛ්‍යාලේඛන වල එය නොපෙනෙන්නේ මෙම ලිපියේ විස්තර කර තිබෙන හේතුව නිසා.
Deleteඅරක්කු භාගයක් හරි බියර් බෝතල් දෙල තුනක් හරි බීලා, කටට රසට රයිස්, කොත්තු කාලා ඩන්හිල් එකක් බීලා හාන්සි වෙමු. සැපේ ඉමු.
ReplyDeleteඋද්ධමනය වැඩි වෙද්දී ඔය හිතාගෙන ඉන්න දේ කරන්න වෙන්නෙත් නැහැ!
Deleteඇත්තටම ඉකොනො ලංකාවේ මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පුළුවන් වන්නේ කෙසේද? IMF ගියත් ප්‍රශ්ණ විසඳෙන්නේ නෑනේ. මට තේරෙන විදිහට ලංකාවේ තියන ආර්ථික අර්බුදය විසඳන්න ලංකාවට ගැලපෙන විසඳුම් ඕන. ක්ෂණික, කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන්. IMF යනව කියන එක ක්ෂණික හෝ කෙටිකාලීන "හොරි කැසීමක්" විතරයි මට තේරෙන හැටියට. ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ප්‍රශ්නය ටික ටික වැඩි වෙනව මිසක්. මොකද 2009 ඉඳන් 2012/13 වෙනකම් ලංකාවේ IMF program එකක් තිබුණා. ඊට පස්සේ 2016 ඉඳන් 2020 වෙනකම් තව IMF program එකක් තිබුණා ඒ දෙකෙන් කළේත් ඊට කලින් කළා වගේම අර්බුදය කල් දාගෙන ඊට අවුරුදු කීපයකට පස්සේ තවත් විශාල වශයෙන් අර්බුදය උත්සන්න වෙන එක බව පේනවා නේද? හොරිත් කහන කල් ආතල් නේ.
ReplyDeleteමම හිතන්නේ ලංකාවෙ සියලු ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂවල සහ ප්‍රධාන ආර්ථික විශේෂඥයින්, මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ මුදල් මණ්ඩලයේ පිරිස ඇතුළු විශාල පිරිසක් සහභාගි වන පුළුල් සහ විවෘත සාකච්ඡා සම්මන්ත්‍රණ මාලාවක් හරහා පොදු එකඟතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය බවයි. මේකට IMF, ADB, IBRD, Jaica, Exim bank of China, Reserve bank of India, Koica, AIIB, NDB සහ ක්ෂුද්‍ර ණය ලබා දෙන USaid වැනි ආයතන වල නියෝජිතයන් සහ විශේෂඥයින්ගේ ද සහය ලබා ගැනීමට පුළුවන් වේවි.
කෙසේ වෙතත් රට අද කඩා වැටෙනවා, හෙට උදේ පාන්දරම කඩා වැටේවි යැයි යටිගිරියෙන් බෙරිහන් දෙමින් රටේ වැසියන් බියෙන් ත්‍රස්ත කරන්න හදන සමගි ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු විශාල පිරිසක් විදේශ විනිමය අර්බුදයට විසඳුම ලෙස මූලිකව යෝජනා කරන්නේ IMF එකට යෑම පමණයි. වෙන විසඳුමක් ඔවුන්ටත් නැත. නමුත් එයින් කළ හැක්කේ කුමක්දැයි අප තාර්කිකව විමසිය යුතුයි නේද? ඇත්තටම IMF ගිය පලියට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි.
මම හිතන්නේ IMF යනු ලෝකයේ අන්තර්ජාතික මූල්‍ය ක්‍රියාවලිය ස්ථාවරව පවත්වාගෙන යෑමට හදාගෙන ඇති ආයතනයයි. ඔවුන් කරන්නේ සිය සාමාජික රටවලට උපදෙස් දීම, හදිසි අවස්ථාවලදී ණය දීම, අභ්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්ති සඳහා බලපෑම් කිරීම වැනි දේවල්.
නමුත් සජිත් ප්‍රේමදාසට අනුව අසල්වැසි රාජ්‍යයන්ගෙන් කෙටිකාලීන ණය අරගෙන හදිසි විදේශ විනිමය අවශ්‍යතා සපුරාගැනීම හිඟාකෑමක්. නමුත් ඔහුට අනුව IMF එකෙන් ණයගැනීම හිඟාකෑමක් නොවෙයි. නමුත් ඇත්තටම IMF එක ණයට දෙන්නෙත් එහි සාමාජික රටවල මුදල් තමයි. ඒ අනුව ඔය හිඟාකෑම තර්කය බිඳ වැටෙනවා නේද? ඒක මම හිතන්නේ පොදු ජනතාවගේ හැඟීම් අවුස්සන්න කරන appeal to emotion වර්ගයේ තර්කණ වරදක් විතරක් බවයි පේන්නේ.
හැබැයි මම හිතන්නේ IMF එකට කරන්න පුළුවන් තව දෙයක් තමයි දැනට අපට තියෙන විදේශ ණය restructure කරගන්න අතරමැදියෙක් ලෙස කටයුතු කිරීම. ඒක අපිට IMF එක නැතුවත් කරන්න පුළුවන්. නමුත් එයින් අපේ ණය නැති වෙන්නේ නැහැ. ගෙවිය යුතු කාලය තව වැඩිවෙන්නත් පුළුවන්. මේ වෙලාවේ අපේ ණයහිමියන් ඉන්නෙත් අමාරුවෙන් නිසා ණය කපාහැරීම් හෝ අඩුකිරීම් ගැන එතරම් විශ්වාසය තියන්න බැහැ. දැන් එහෙම කරන්න කියා අප ඉල්ලුවත් එතකොට ඒකත් සජිත් කියන ආකාරයේ හිඟාකෑමක් වෙනවනේ! “අපිට ගෙවාගන්න බැහැ, ඒ නිසා සහනයක් දෙන්න.” වගේ කීමක්. නමුත් එහෙම සහනයක් දුන්නත් ඒක නිකම් “හා හොඳයි මෙන්න” කියා දෙන්නෙත් නැහැනේ. IMF එක ඒ සඳහා කොන්දේසි පනවනවා. එතකොට අපට අභ්‍යන්තර මූල්‍ය කළමනාකරණයටත් සීමා වැටෙනවා. උදාහරණයක් හැටියට ඔවුන් අපිට කිව්වොත් වාණිජ බැංකු වල තැන්පතු පොලිය ඉහළ දමා මුදල් ආකර්ෂණය කර ගැනීමෙන් වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය නැති කරනු පිණිස පොලී අනුපාත ඉහළ දාන්න හෝ මුදල් සංසරණය අඩුකරන්න කියා, සමහර විට ලංකාව ආර්ථික අවපාතයකට (economic depression) යන්නත් පුළුවන් නේද? සජිත් කතා කරන්නේ හරියට IMF එකට ගියාම ඔක්කොම ගැටලු විසඳෙනවා වගෙයි. එහෙනම් ඉතින් මේ ලෝකේ මේ වෙනකොට කිසිම ආර්ථික අර්බුදයක් තියෙන්න බැහැනේ. මොකද IMF එකට පුළුවන් වෙන්න ඕනා සියලු රටවල ආර්ථික අර්බුද මේ වෙනකොට විසඳා තියෙන්න. නමුත් එහෙම වෙලා නැහැනෙ. අපට අත්‍යවශ්‍ය අවස්ථාවක සුදුසු ආකාරයෙන් IMF එකේ සහාය ගන්න පුළුවන්. ඒක මහ බැංකුවේ සහ රටේ පිළිගත් ආර්ථික විශේෂඥ උපදෙස් මත ආණ්ඩුව තීරණය කළ යුතුයි. ඒ සඳහා කරුණු රාශියක් පැති ගණනාවකින් අප සලකා බැලිය යුතුයි. විදේශ ණය අර්බුදයෙන් ගොඩ එන්න අපට options තව තියෙනවා. ඒවා ගැන දැන් ආණ්ඩුව විසින් ඉතා පුළුල් ලෙස ජනතාව සහ ආර්ථික විශේෂඥයින් සමග සංවාදයක් ගොඩ නගන්න අවශ්‍යයි. එසේ කළොත් අප කළ යුත්තේ ඒ සඳහා හැකි උපරිමයෙන් සහාය දීමයි. නමුත් ආණ්ඩුව එහෙම නොකර වෙන වෙන බයිලා නේද මේ දවස් වල කරන්නේ? නිකම් ඔහේ එදා වේල ටුවර්ස් වලින් නම් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න බෑ නේද? ඒකට මීට වඩා ගොඩාක් සීරියස් විදියට ක්‍රියාකරන්න ඕනේ.
නමුත් තව පැත්තක් තියෙනවා ඉකොනො, අපට පේන විදිහට IMF එකට නම් සෑහෙන අවශ්‍යතාවයක් තියෙනවා මේ වෙලාවේ ලංකාවට මැදිහත් වෙන්න. සමගි ජන බලවේගයටත් පුදුම අමාරුවක් තියෙනවා වගේ ඒක කරන්න. ඒ මොකද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
Deleteජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයත් මේකට පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ. මෙහෙම ගියොත් ඔවුන් ගැන ඇති බලාපොරොත්තු මේ නිසා කෙමෙන් කෙමෙන් බිඳ වැටීමට පුළුවන්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මීට වඩාත් විශ්වාසනීය භාවයෙන් යුතු නිර්මාණශීලී විසඳුමක් යෝජනා කළ යුතුයි. ඔවුන් ඊට උපරිම වශයෙන් උනන්දුවකින් කටයුතු කළ යුතුයි ඉක්මනටම. නැත්නම් ආණ්ඩුව තව ටික දවසකින්, මාස කීපයක් ඇතුලත නැවත ජනතාව කන්වින්ස් කරන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට. සංචාරක ව්‍යාපාරය වර්ධනය වීමත් සමග දැන් ලංකාවේ විදේශ ආදායම් මාර්ග වැඩි වුණොත් මේ අවුරුද්දේ මැද විතර ඉඳලා ආපහු මොකක් හරි ගේමක් ගහලා අර්බුදය කල් දාගෙන ආණ්ඩුව ආයේ ස්කෝර් කරන්න ඉඩ තියෙනවා. එසේ වීමට නොදී දැන්ම හරි දෙයක් කරන්න පීඩනය එල්ල කර එය කළ යුතුයි. එවිට 2024 ඡන්දෙදී ඒක මාකට් කරන්න පුළුවන් ලේසියෙන්ම.
මේ තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව සතුව පවතින මුදල් සංචිත ඩොලර් ටොන් ගණනක් උගන්ඩාවට පටවපු එක ගැන විස්තර;
ReplyDeletehttps://m.youtube.com/watch?v=8qbnQ0m4A5s
ඇත්තටම ලංකාවේ ආණ්ඩුව කරවන හොර පවුල උගන්ඩාවට පටවපු මේ ඩොලර් තොගය ගැන විස්තර පැහැදිලි කිරීමක් කරන්න ඉකෝන්, මෙතන කොච්චර ඩොලර් බිලියන ගණනක් තියෙන්න ඇත්ද?
ඒ වගේම මේ කෙටි වීඩියෝ එකේ ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් හොඳම විසදුම තියෙනවා මේක බලන්න ඉතාමත් සරලව කෙටියෙන් කියන එකක්
https://m.youtube.com/watch?v=tJPFZoxyA4s
මේක පමණයි එකම විසඳුම ජවිපෙ ජාතික ජන බලවේගය දිනවන්න ඕන. පොහොට්ටුව ඉවරෙටම ඉවරයි. එකම ප්‍රශ්නය අර මන්ද මානසික ස ජ බ හොර හැත්ත පරදවන එක, මුන් දෙගොල්ලොම එක හා සමාන මට්ටමේ හොර මුල් දෙකක්. මුන් දෙගොල්ලොම පරදවා මේ පාර ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් අලුත්ම අලුත් ආණ්ඩුවක් බිහි කරගෙන සියලුම ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් ලබාදීමට පියවර ගනිමු.
//සංඛ්‍යාලේඛණ වලට වංගු ගහන්න පුළුවන් වුනත් වංගු ගහලා උද්ධමනය වලක්වන්න බැහැ. // ඒක ඇත්ත. දැන් සංචාරක ව්‍යාපාරය හා ගාමන්ට් පැත්ත ආයි නැගල එන නිසා තත්වය හොඳ වෙන්න පුළුවන් නේද? එහෙම වුනොත් ලංකාවේ චන්ද දායකයා ගේ හැටි දන්නවනේ
ReplyDeleteගාමන්ට් හා සංචාරක ව්‍යාපාරයේ ශුද්ධ විදේශ ඉපයීම් එතරම් ලොකු නැහැ. ඒක හින්දා ඔය දෙකෙන් විතරක් ගොඩයන්න මේ පාර පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.
Delete@ අජිත්,
Deleteලංකාවේ අපනයන volume එක සහ ආදායම් යම් තරමකින් වැඩි කර ගෙන තියෙනවා ඒත් ලංකාවේ ප්‍රධාන අපනයන වන branded ඇඳුම් පැළඳුම්, තේ, පොල්, කුරුඳු වගේ දේවල් වල ගෝලීය තොග මිල ඒ තරම් විශාල වශයෙන් වැඩි වෙලා නෑ. ඒත් අනිත් පැත්තෙන් ලංකාවේ ආනයනික භාණ්ඩ වන ඛණිජ තෙල්, ගල් අගුරු, ගෑස්, ඉලෙක්ට්‍රොනික උපාංග, පොහොර, ආහාර පාන, බෙහෙත්, වගේ දේවල් අම්බානක මිල ගණන් වැඩි වෙලා නිසා ලංකාවේ ආනයන වියදම් ඊට වඩා සෑහෙන්න දුරට වැඩි වෙලා.
ලංකාවේ මේ අර්බුදයට ප්‍රධානතම හේතුව 2019 - 2020 - 2021 වසර තුනේම එක දිගටම සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමයි මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරෙන විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන අනුව 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,380.6 ක් වූ බව වාර්තා වෙයි.
පාස්කු ප්‍රහාරයේ දැඩි බලපෑම සමග 2019 වසරේදී එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,606.9ක් ලෙස වාර්තා වී ඇති අතර මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 773.7 ක පහත බැස්මකි (Approx. 17.7% ක පහත වැටීමක්). මෙම පහත බැසීම සහ තවදුරටත් සිදු වූ පහත බැසීම් සම්පූර්ණයෙන්ම පාහේ 2019 අප්‍රේල් මාසයෙන් පසුව සිදුවී ඇති අතර, 2018 මැයි සිට දෙසැම්බර් දක්වා කාලය හා සැසඳීමේදී, 2019 මැයි සිට දෙසැම්බර් දක්වා කාල පරාසය තුළ, ඇමෙරිකානු ඩොලර් මිලියන 816.8 ක පහත වැටීමක් සිදුව තිබේ.
Source: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector
එමෙන්ම කොවිඩ් වසංගතය සමගින් 2020 දී සංචාරක කර්මාන්තයෙන් වාර්තා වූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 682.4 ක් දක්වා තව දුරටත් පහත බැස ඇත (මෙය 2018 වසර හා සැසඳීමේදී 84.4% ක පහත වැටීමක්). 2020 වසර තුළ ලංකාවේ වාර්තා වූ සියළුම සංචාරක ඉපැයීම් පාහේ වාර්තාගතව ඇත්තේ 2020 ජනවාරි සිට මාර්තු දක්වා වන අතර, ඉන් පසු පැමිණි මාස නවය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියනයකටත් වඩා අඩු වුණා.
මෙසේ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයත්, කොවිඩ්-19 වසංගතයත් සමඟින් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු සේම මෙම පාඩුව මෙම වසර දෙකේදී Average ඇමෙරිකා ඩොලර් බිලියන 5 ක සාමාන්‍යයක් බවද පේනවා,
මොකද සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායමේ වාර්ෂික වර්ධනය 2018 ට පෙර 10% ඉක්මවා ගොස් ඇති නිසාත් 10% ක් පමණක් වූ වර්ධන වේගයක් සහිතව වුවත්, 2019 සහ 2020 වසර වලදී සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,818.7 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 5,300.6 ක් වන්නට තිබුණි. එය වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක සාමාන්‍යයකි.
ඒ අනුව ගත් විට,
01. 2019 පාස්කු ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතු කොට ගෙන සංචාරක කර්මාන්තය බිඳ වැටුණු බව
02. එබැවින් වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් අහිමි වූ බව දත්ත ඇසුරින් සනාථ වෙනවා.
ලංකාවට එන සංචාරකයෝ එන්නේ ලංකාව ගැන හොදින් දැනගෙන මොකද මොකා පාලනේ හිටියත් ලංකාවේ සංචාරක ස්ථාන නිසි පිළිවෙලකට නැහැ. ඒවා සංවර්ධනය කරන්නේ නැහැ වගේම දැනට පවතින විදියට සංචාරය කර්මාන්තය පවතින්නේ හොටෙල් කේෂ්ත්‍රයේ සහ සංචාරය රියදුරන් නිසා මිසක්. ඒවා බලන ලංකාවේ රජයේ නිලධාරීන් සහ බලධාරීන් කරන කෙන් ගෙඩියක් නැහැ. ඔය සංචාරකයන් එන තැන්වලට හොඳ වැසිකිලි පද්ධති හැදෙන්න ඕන.
2009 හෝ 2010 දි ගෝඨා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විදියට ඉන්න කාලේ කොළඹ තියන පොදු වැසිකිලි පද්ධති වගයක් ප්‍රති සංස්කරනය කරා, ඒක මුලින් බලන්න යන එකට මගේ මිතුරෙක් ඉංජිනේරුව විදියට ගිහින් මරදානෙ සහ කොටහේනෙ දෙකක් බලන්න ගියාම ඒවා ඉතාම අපිරිසිදු නිසා වෙලාවෙම ගෝඨා ඔහුට කිව්වාලු European standerd එකට 5 star හොටෙල් එක වගේ design එකක් ඕන කියලා, ඒ වෙලාවෙ මගෙ යාලුවා design එක දෙන දවස අහපුවම දවස් තුනකින් වගේ දවසක් කිව්වම ඒ වෙලාව හවස දෙකට විතර ඔහුට කිව්වාලු "I need it tomorrow 2 o'clock" කියලා. ඌ රෑ එලි වෙනකං drawing ඇඳලා ඒක ඊ ළඟ දවසෙ දුන්නාලු. හැදුවෙ forces වල අයමයි.
නමුත් දැන් ඒ කාලේ වගේ වැඩ කරන්නේ නැහැනේ ජනපති වුණාට පස්සෙ. සල්ලි නැති නිසා වෙන්න ඇති. ඒ නිසා කවුරු හරි එහෙම කෙනෙක් මේකට බහින්න ඕන.
ඇනෝ ඔය අන්තිම හරිය නම් - හිට්ලර් කෙනෙක් ඕනේ - ප්‍රේමදාස වගේ කෙනෙක් ඕනේ - වගේ කතාවක්. නමුත් මිනිසුන් හරියට වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. තද පාලකයෝ ඉන්න තැන තියනවා. ලංකාවට හරියයිද දන්නේ නැහැ. සමහර විට. මම ඉහත කතාව ලීවේ යාළුවෙක් කිව ගාමන්ට් වලින් බිලියන් 5 විතර 2022 ලැබුන, නමුත් 2019 ගානට මදි. මේ අවුරුද්දේ ඒ ගාන එයි කියල බලාපොරොත්තුවක් තියනව කියලා. අපේ පරණ මිත්‍රය ජීවන දාල තිබ්බ ජනවාරි වල සංචාරකයන් ඇවිල්ල තියනවා මුළු 2021 අවුරුද්දේ ආවට වැඩිය කියල සංඛ්‍යා ලේඛන සහිතව. ගාමන්ට් කතාවේ සංඛ්‍යා ලේඛන නැතිව කීවේ . කොහොමවත් ආණ්ඩුව පැත්තෙන් සුභවාදී කියල එයා ලා හිතන්නේ/කියන්නේ.
Deleteඇමරිකාවවේ හා යුරෝපයේ ආර්ථිකයන් යථා තත්ත්වයට පැමිණීමට සාපේක්ෂව ඇඟලුම් කර්මාන්තය පෙර මට්ටමටම වගේ ඇවිත් තිබෙනවා. සංචාරක ඉපැයීම් යම් වර්ධනයක් වුනත් තවමත් මුල් මට්ටමට පැමිණීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. කොහොම වුනත් ඔය දෙකෙන් යම් ඩොලර් ප්‍රමාණයක් ලැබෙයි. නමුත් ප්‍රශ්නය වන්නේ දැන් තිබෙන ආනයන සීමා ඉවත් කළොත් ඊට වඩා ඩොලර් ප්‍රමාණයක් එළියට යන එකයි. ඒ වගේම ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමේ ප්‍රශ්නයත් තිබෙනවා. තියෙන තත්ත්වයට සාපේක්ෂව තත්ත්වය හොඳ වෙයි. නමුත් නැවත ජාත්‍යන්තර වෙළඳපොළට ගොස් ණය නොගෙන තත්ත්වය කළමනාකරණය කරගන්න අමාරුයි. ඒ නිසා, දැනට පෙනෙන්න තියෙන්නේ ටිකක් කල් ගන්න පුළුවන්කමක් පමණයි.
Deleteකණගාටුවට කරුණ නම් මෙම කිසිවක් විපක්ෂය විසින් කරුණු සහිතව ජනතාව අතරට ඉදිරිපත් නොකිරීමයි. ජනවාරි 18දා ගෙවපු ISB එක ගැන සජබේ කාන්තා මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවේ කතා කලා. එත් ඇය අලුත් මුහුණක් නිසාත් කාන්තාවක් නිසාත් එම ප්‍රශ්න කිරීම් වලට වැඩි ප්‍රචාරයක් සිදුඋනේ නෑ. එහෙම නැත්නම් රටේ මාද්‍ය විසින් එම පුවත උපන් ගෙයිම මරලා දැම්මා. නමුත් එම ඉදිරිපත් කිරීම හර්ෂ ඩි සිල්වා මන්ත්‍රීතුමා විසින් හරි කලා නම් මිට වැඩිය ජනතාව අතරට යන්න තිබ්බා. ජවිපෙත් මෙම කරනා හොදින් විශ්ලේෂණය කර නැති බවයි හිතෙන්නේ.
ReplyDelete@ මහසෝනා,
Deleteආචාර්ය හර්ෂ ද සිල්වා ඔය ගැන ඉත විශාල වශයෙන් සමාජ ජාල හරහාත් වෙනත් මාධ්‍ය මගිනුත් මුලු රටම දැනුවත් කළා පහුගිය මාස කීපය පුරාම.
ලංකාවේ දුප්පත් අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට බෙහෙතක් ගන්න පාන් ගෙඩියක් සැමන් ටින් එකක් ගන්න තියෙන සල්ලි ටික ජාවාරම් කරමින් සුළු පිරිසක් වන ධනවත් බලවත් ආයෝජකයන් වෙනුවෙන් ගෙවීමට ලංකාවේ තියෙන ඉතාමත් කුඩා සංචිත වලින් පවා ඩොලර් මිලියන 500 ක් ලබන අවුරුද්දේ මුල විතර එන ජනවාරි මස ගෙවීමටත් වර්තමානයේ පවතින දූෂිත ජඩ ආණ්ඩුව තීරණය කරලා කියලා ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැන පැහැදිලි කිරීමක් කරල තියෙන්නෙ. මේ ලින්ක් වලින් ගිහින් බලන්න.
https://www.facebook.com/harshadesilvamp/videos/247875240780377/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C
//ඉන්දියාව මටත් කතා කළා. ජනතාවගේ බෙල්ල හිර කරලා කාගේ සාක්කුද මේ පුරවන්න හදන්නේ?
ජනවාරි 18 කල් පිරෙන බැඳුම්කරයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදීගෙන තිබෙන්නේ ලංකාවේ අය. ආණ්ඩුව කියන්නේ එයින් වැඩිම කොටස මිලදීගෙන තිබෙන්නේ ලංකාවේ බැංකුලු.
ඉතිරිය මිලදී ගත්තේ කවුද? ඇයි මම එහෙම ප්‍රශ්න කරන්නේ? ජනතාවට අවශ්‍ය බෙහෙත් ළදරු කිරී පිටි, පාන් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් ගෙනාපු කන්ටේනර් වලට පවා ඩොලර් දෙන්නෙ නැතිව වරායේ ගොඩ ගහගෙන දැනට තියන ඩොලර් ටික හිර කරගෙන ඉන්නවා මේ ධනවත් බලවත් පුද්ගලයන් සුළු පිරිසකට ගෙවන්න. මොවුන්ට ඉතිහාසයේ කවදාවත් නොලැබුණු ප්‍රතිලාභයක් ලැබෙන්නයි යන්නේ. ලංකාවේ තියෙන බරපතල අර්බුදයත් සුළු පිරිසකට මහා වාසියක් වෙලා.
මේ ලින්ක් වලින් ගිහින් බලන්න සම්පුර්ණ වැඩසටහන: https://bit.ly/3F9Asc8//
මේකත් බලන්න
//බෙහෙත් ටික කපලා කාටද ඉතිහාසයේ ඉහළම ප්‍රතිලාභය ගෙවන්න හදන්නේ?
ලංකාවට කිරිපිටි ගේන්න, ඹෟෂධ ගේන්න, අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් නෑ. මිනිස්සු මාර කට්ටක් කනවා. රටක් අර්බුදයට ලක් වෙනකොට එහෙම වෙනවයි කියමුකෝ.
නමුත්, ආණ්ඩුව කරන්නේ ලංකාවේ ද්විතීයික වෙළෙඳපොළෙන් ජාත්‍යන්තර බැඳුම්කර ගත් සුළු පිරිසකට ඉහළ ප්‍රතිලාභයක් ගෙවන්න, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ගෙවන්නෙ නැතිව ඩොලර් යම් ප්‍රමාණයක් තියන් ඉන්න එක.
ඒක අසාධාරණයි. මිලියන 22 ක මිනිස්සු කට්ට කනකොට කාටද මේ ඉහළම ප්‍රතිලාභයක් ගෙවන්න හදන්නේ? කෝ සමාජ සාධාරණත්වය ? කවුද ලංකාවේ මේ බැඳුම්කර ගත්තේ?
සම්පුර්ණ වැඩසටහන: https://bit.ly/3yk6gII
#HarshadeSilva #IMF #SJB #Lka//
https://fb.watch/9-Qb53Oyk2/
2022 අවුරුද්දේ ජනවාරි මාසයත් අප්‍රේල් මාසයත් අතරතුර ලංකාව ස්ථිර වශයෙන්ම බංකොලොත් වෙනවා
-මාධ්‍යවේදී වික්ටර් අයිවන්-
අදාළ කෙටි වීඩියෝව නරඹන්න -
https://youtu.be/EuV3nXekSEA
ලංකාවේ වත් මන් ජරාපස්ස ආණ්ඩුව විසින් ට්‍රිලියන ගනනක් මුදල් නෝට්ටු අච්චු ගහල බෙදාදුන් නිසා උද්ධමනය ඉහළ යාමත් සමඟ රුපියල් 10,000 වටිනාකම සහිත නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමට යන බව සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර ඇතුළු පිරිසක් පහුගිය දවස් වල අනාවරණය කළා, මෙහෙම යද්දී ලංකාවේ හාල් කිලෝවක් ගන්න දාහෙ කොලයක් දෙන්න වෙන දවස වැඩි ඈතක නෙමේ කරුමෙ කියන්නෙ මෙහෙම නෙමේ කොහොම කෙලවුනත් රටේ ආර්ථිකය අද තියෙන්නෙ කොතනද ඒවට පාලකයො ලග මොනවද තියෙන විසදුම් කියල ප්‍රශ්න කරන්න පුලුවන් ජනතාවක් නොමැති වීම ඉන්නෙ කොදු නාරටි කඩා ගත්තු බොරු ජාති ආල දේශප්‍රේමී මනෝරාජික හෙළ ආතල් ගුලි ගිලපු වහල් මීහරක් රැලක්.
@ Ian,
Deleteබොරු නම් වලින් ඇවිත් ජවිපෙට මඩ ගැහුවාට අපිට සතා කවුද කියල තේරෙනවා ඉයන් ආතේ?
//ජවිපෙත් මෙම කරනා හොදින් විශ්ලේෂණය කර නැති බවයි හිතෙන්නේ.//
නිකන් බොරුවට මනස්ගාත නොලියා ජවිපෙ ජාතික ජන බලවේගයේ සැබෑ ප්‍රතිපත්ති පිලිබඳව අවධානය යොමු කර පහත link එක හරහා එම ප්‍රතිපත්ති මාලා ලබා ගෙන කියවා දැනුවත් වන
https://www.npp.lk/policies/
ලෝකයේ වෙනත් රටවල් වල, විශේෂයෙන්ම කියුබාව වැනි සමාජවාදී රාජ්‍ය වල මෙන්ම සහ ධනවාදී සමාජ ක්‍රමයක් පවතින බොහෝ ස්කැන්ඩිනේවියානු රටවල් වල පවා රජයේ ආයතන ඉතා හොඳින් ලාභ ලබනවා, නමුත් ඔය කියන ධනවාදී සමාජයේ එහෙම නෑ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ගැන වෙනම කතා කරන්න ඕන. නමුත් ලංකාවේ ප්‍රශ්නයට ආවාම ලංකාවේ රජයේ ආයතන මහජන මුදල් නාස්ති කරන සුදු අලි වෙලා තියෙන්නේ දූෂිත දේශපාලකයන් සහ උන්ගේ ගෝලයන් හෙංචයියන් දමාගෙන කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වංචා කරමින් හොරා කන එක නිසා තමයි රටට ඇත්තටම ආදරේ කරන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රටේ යහපත උදෙසා කැපවීමෙන් කටයුතු කරන්න විශාල පිරිසක් ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම කණ්ඩායමට එක්වී සිටින නිසා මේවා ලාභ ලබන ආයතන බවට පත්කරන්නට ඉතා පහසුවෙන් පුළුවන්. ජවිපෙ ජාතික ජන බලවේගය ඒ ගැන ජනතාවට සහතික කොට ඉතා වගකීමෙන් පොරොන්දුවක් දී තියෙනවා.
සියලුම රාජ්‍ය සේවකයන් දූෂිත නෑ ගොඩාක්ම දූෂිත රාජපක්ෂ හොර හැත්තගේ වන්දිභට්ට අමන හොර රැල තමයි,
https://www.facebook.com/726587577439285/posts/4474946239270048/
https://fb.watch/9ZU2jVd1Do/
රට ජනතාව දිනවීමට අපි දිනනවා !
බලයට පත්වන පක්ෂය ප්‍රතිපත්ති ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක් කරන්න ඕනෑ..
සම්පූර්ණ වීඩියෝව
https://youtu.be/zDaaCxx9S0g
මේක බලන්න සේරටම කලින්
https://www.facebook.com/726587577439285/posts/4474794069285265/
මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි
https://fb.watch/9ZUYEIops2/
බලෙන් ඩොලර් එක 200ට අල්ලන් ඉන්නෙ කලුකඩ වලට ඩොලර් ටික පොම්ප කරල ලන්කාවෙ ජාවරම්කාරයින්ග් රුපියල් ඩොලර් වලට කන්වර්ට් කරන්න කියන කතාව ගැන ඉකොනො මොකෝ හිතන්නෙ?
ReplyDeleteමහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ලංකා ටෘත් වෙබ් අඩවියට ඔය ගැන ඇත්ත තත්වය අනාවරණය කරලා තියෙනව;: “විදේශ ණය බැඳුම්කර ආපසු ගෙවනවා කියලා මහබැංකු අධිපතිවරයා කිව්වා. ඩොලර් මිලියන 500ක්. කවුද ඩොලර් මිලියන 500ක බැදුම්කරවලට සල්ලි ආයෝජනය කළේ. මේ කාරණා හරියට දන්නෙ නෑ මිනිස්සු. ඔවුන් හිතන්නෙ ණය ගෙවන්න ලෑස්ති වෙනවා කියලා. නෑ… ඇත්ත කාරණේ බැඳුම්කරවල ආයෝජනය කරලා තිබෙන්නේ රාජපක්ෂලගේ අජිත් නිවාඩ් කබ්රාල්ලගෙ ඥාතියො, හිතවත්තු, මිත්‍රයෝ. ඒ මිත්‍රයන්ට වැඩි ගාණක් සල්ලි දෙන්න තියන හින්දා තමයි ඔය බැඳුම්කර ඉක්මනින් ගෙවන්නෙ. ලෝකයෙ ඉන්න සෑම ආර්ථික විද්‍යාඥයෙක්ම කියනවා, මේ වෙලාවෙ බැඳුම්කර ගෙවන්න ඕන නෑ බැඳුම්කරවලට ගෙවන්න කල් ඉල්ලන්න. ලෝකයේ සෑම රටක්ම මේ වගේ ආපදා අවස්ථාවක ණය ගෙවන්න කල් ඉල්ලනවා. දේශපාලනිකව මිනිස්සු මෝඩයො කරලා අඳබාලයො කරලා මිනිස්සුන්ගෙ ඇස් බන්දලා මිනිස්සුන්ට කියනවා අපි ණය ගෙව්වා කියලා. නෑ… එහෙම වෙලා නෑ.”
Delete2021 ඔක්තෝබර් 01දා “6-month Road Map for Ensuring Macroeconomic and Financial System Stability” නමින් වාර්තාවක් ඉදිරිපත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසූ කාරණයක් වන්නේ 2022 ජනවාරි හා ජුලි මාසවල කල්පිරෙන බැඳුම්කර ආපසු මිලදීගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහබැංකුව සොයාබලනු ඇති බවයි.
2021 සැප්තැම්බර් 24 වන විට 2022 ජනවාරි කල්පිරෙන බැඳුම්කර සම්බන්ධයෙන් ද්විතීයක වෙළඳපොළේ පැවති yield level වූයේ 69%කි. ශ්‍රී ලංකා මහබැංකුවේ මෙම ප්‍රකාශයෙන් පසු 2021 ඔක්තෝබර් 10 වන විට yield level 40% දක්වා පහත බැස තිබිණි.
රටක් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් පවතින අවදානම ඉහළ යනවිට ද්විතීයක වෙළඳපොළේ yield level ඉහළ යයි. ණය ආපසු ගෙවීම සම්බන්ධ අවදානම අවම වන විට yield level පහළ බසියි.
2021 ඔක්තෝබර් 10දා නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව පැවසුවේ එම බැඳුම්කර ආපසු මිලදී ගැනීමක් සිදුකළ නොහැකි බවයි. සැප්තැම්බර් මාසය වන විට එම බැඳුම්කර ද්විතීයක වෙළඳපොළේ අලෙවි වෙමින් තිබුණේ වට්ටම් සහිත මිලකටය. එහෙත්, ඔක්තෝබර් 10 වන විට ද්විතීයක වෙළඳපොළේ එම බැඳුම්කර වට්ටම් සහිත මිලකට අලෙවි කිරීම සිදුවූයේ 5%ක් පමණ ප්‍රමාණයක් බව ද ඒවා මිලදීගැනීමෙන් ඒවා නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහබැංකුවට සැලකියයුතු වාසියක් ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු බව ද මහබැංකුව නිවේදනය කළේය. එම නිවේදනය මෙතැනින්
මහබැංකුවට ඕනෑ නම් වැඩි සද්දයක් නොදමා මෙම බැඳුම්කර ආපසු මිලදී ගැනීමේ හැකියාව තිබුණේ නැද්ද? එසේ නොකළේ ඇයි? මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියන පරිදි මෙම බැඳුම්කර කෙසේ හෝ ආපසු ගෙවන්නට ආණ්ඩුවට උවමනා වූයේ ඒවා හිමිකරගෙන තිබුණේ රාජපක්ෂ පවුලේ හා අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ හිතවතුන් නිසාද?
ඩොලර් සීයේ මුහුණත් වටිනාකමක් සහිත මෙම බැඳුම්කර ද්විතීයක වෙළඳපොළේ 2020 මැයි මාසයේ ඩොලර් 53.50ක් තරම් අඩු මිලට අලෙවි විය.
රූපයේ ඊතලවලින් දැක්වෙන්නේ 2022 ජනවාරි 18 කල්පිරුණු බැඳුම්කරවල yield level පහළ වැටුණු ආකාරයයි.
අජිත් නිවාඩ් කබ්රාල්ගේ සැබෑ රෝඩ් මැප් එක කුමක්ද?
ජනවාරි 18දා කල්පිරුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කරනු ලැබුවේ 2016 වර්ෂයේය. එහි වාර්ෂික පොළිය 5.75%කි. මෙම පොලිය වසරකට දෙවරක් ගෙවනු ලබන අතර කල්පිරීමේදී මුහුණත වටිනාකම වන ඩොලර් 100 සමග අර්ධ වාර්ෂික පොළිය වන ඩොලර් තුනකට ආසන්න මුදලක් හිමිවේ.
https://lankatruth.com/si/?p=127853
පසුගියදා ඩේලිමිරර් පුවත්පතේ ජමිලා හුසේන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියතාවය මහජනයා හමුවේ මේ වනවිට පහත වැටී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ පිළිගෙන තිබේ. මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්න හමුවේ ඇමතිවරය ලබා දුන් පිළිතුර මෙසේය;
”ඕනම දේශපාලන්ඥයෙකුගේ ජනප්‍රියත්වය සෑම විටම හිණිපෙත්තේ රැඳී පවතින්නේ නැහැ. නායකයන්ගේ ජනප්‍රියත්වය හැමවිට ම උච්චාවචනය වෙනවා. අපි එකවරම රසායනික පොහොර වෙනුවට රසායනික නොවන පොහොර භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල තීරණයක් ගන්නා විට, ඔව්, අපේ ජනප්‍රියත්වයට එය බලපෑවා. වසර 10 – 12 ක කාලයක් අඛණ්ඩවම කිසිදු දේශපාලඥයෙක් හෝ දේශපාලන පවුලක් ඉහළ ජනප්‍රියත්වයක් අත් කරගෙන නැහැ. රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබුණත් එය තාවකාලික පහත වැටීමක් බවයි මගේ විශ්වාසය.”
ලංකාවේ මේ දවස් වල පවතින ආර්ථික අර්බුදය ඇත්තටම මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරමින් ආර්ථික අර්බුදය ඇතිවීමට හේතුව මොකක්ද කියල සහ ආර්ථික අර්බුදයට විසදුම මොකක්ද කියන සියලුම දේවල් ඉතාමත් මැනවින් පැහැදිළි කිරිමට පාඨළි චම්පිකට හැකිවුණා. මෑතකදි දේශපාලකයෙක්ගෙන් ඇසු හොදම කතාව ඒකයි. ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ ප්‍රධාන දේශපාලන ධාරා දෙකට බලපෑම් කල හැකි තවත් දේශපාලන ධාරා දෙකක් ඉස්මතු වෙන එක රටේ අනාගතයට හොදයි.
ReplyDeleteමෙතනදි ජවිපෙ මම දකින ප්‍රශ්ණය, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියලා හරියටම කියන්නේ නැති එකයි. හැබැයි පාඨළි අභියෝගයක් අරගෙන ඔහු ලබාදෙන ආර්ථික විසදුම කියනවා. එය විශිෂ්ඨයි. දැන් ජවිපෙට අවස්ථාව තියෙනවා, පාඨළීව අභිබවා යන්න. මේ තරගයට මම මාරම කැමතියි.
https://www.facebook.com/PataliChampika/videos/895788691108790
https://43-brigade-all-three-languages-pdf-books.vercel.app/?fbclid=IwAR1Zzt2t_ngsg-EvKCchpKvAfVX8LUOqpZ8P1GvKrAEnZPPwFgy3L8QH8wA
මේක අනිවාර්යයෙන්ම බලන්න ඉකොනොමැට්ටා මේ ගැන ඔබේ විග්‍රහයක් අත්‍යවශ්‍යයි අනිවාර්යයෙන්ම.
ඉකොනෝ,
ReplyDeleteපහත දැක්වෙන ලිපිය ගැන මොකක්ද ඔබගේ අදහස? මෙහි සත්‍යතාවයක් තිබෙනවද?
ජනවාරි 16 වැනිදා ගාල්ල හබරාදූව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් සිදුකළේය. එනම් ජනවාරි 18දා ඩොලර් මිලියන බැඳුම්කර මුදල් ගෙවීමට මහ බැංකු අධිපතිවරයාට හදිසියක් ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට බවයි. මෙම ඩොලර් මිලියන 500 ආපසු ගෙවනු ලැබුවේ රටේ මිනිසුන්ට ආහාර, ගෑස්, විදුලිය වැනි අර්බුද රැසකට මුහුණදීමට සිදුව තිබියදීය.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙසේ කී බව ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කළේය: “විදේශ ණය බැඳුම්කර ආපසු ගෙවනවා කියලා මහබැංකු අධිපතිවරයා කිව්වා. ඩොලර් මිලියන 500ක්. කවුද ඩොලර් මිලියන 500ක බැදුම්කරවලට සල්ලි ආයෝජනය කළේ. මේ කාරණා හරියට දන්නෙ නෑ මිනිස්සු. ඔවුන් හිතන්නෙ ණය ගෙවන්න ලෑස්ති වෙනවා කියලා. නෑ… ඇත්ත කාරණේ බැඳුම්කරවල ආයෝජනය කරලා තිබෙන්නේ රාජපක්ෂලගේ අජිත් නිවාඩ් කබ්රාල්ලගෙ ඥාතියො, හිතවත්තු, මිත්‍රයෝ. ඒ මිත්‍රයන්ට වැඩි ගාණක් සල්ලි දෙන්න තියන හින්දා තමයි ඔය බැඳුම්කර ඉක්මනින් ගෙවන්නෙ. ලෝකයෙ ඉන්න සෑම ආර්ථික විද්‍යාඥයෙක්ම කියනවා, මේ වෙලාවෙ බැඳුම්කර ගෙවන්න ඕන නෑ බැඳුම්කරවලට ගෙවන්න කල් ඉල්ලන්න. ලෝකයේ සෑම රටක්ම මේ වගේ ආපදා අවස්ථාවක ණය ගෙවන්න කල් ඉල්ලනවා. දේශපාලනිකව මිනිස්සු මෝඩයො කරලා අඳබාලයො කරලා මිනිස්සුන්ගෙ ඇස් බන්දලා මිනිස්සුන්ට කියනවා අපි ණය ගෙව්වා කියලා. නෑ… එහෙම වෙලා නෑ.”
2021 ඔක්තෝබර් 01දා “6-month Road Map for Ensuring Macroeconomic and Financial System Stability” නමින් වාර්තාවක් ඉදිරිපත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසූ කාරණයක් වන්නේ 2022 ජනවාරි හා ජුලි මාසවල කල්පිරෙන බැඳුම්කර ආපසු මිලදීගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහබැංකුව සොයාබලනු ඇති බවයි.
2021 සැප්තැම්බර් 24 වන විට 2022 ජනවාරි කල්පිරෙන බැඳුම්කර සම්බන්ධයෙන් ද්විතීයක වෙළඳපොළේ පැවති yield level වූයේ 69%කි. ශ්‍රී ලංකා මහබැංකුවේ මෙම ප්‍රකාශයෙන් පසු 2021 ඔක්තෝබර් 10 වන විට yield level 40% දක්වා පහත බැස තිබිණි.
රටක් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් පවතින අවදානම ඉහළ යනවිට ද්විතීයක වෙළඳපොළේ yield level ඉහළ යයි. ණය ආපසු ගෙවීම සම්බන්ධ අවදානම අවම වන විට yield level පහළ බසියි.
2021 ඔක්තෝබර් 10දා නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව පැවසුවේ එම බැඳුම්කර ආපසු මිලදී ගැනීමක් සිදුකළ නොහැකි බවයි. සැප්තැම්බර් මාසය වන විට එම බැඳුම්කර ද්විතීයක වෙළඳපොළේ අලෙවි වෙමින් තිබුණේ වට්ටම් සහිත මිලකටය. එහෙත්, ඔක්තෝබර් 10 වන විට ද්විතීයක වෙළඳපොළේ එම බැඳුම්කර වට්ටම් සහිත මිලකට අලෙවි කිරීම සිදුවූයේ 5%ක් පමණ ප්‍රමාණයක් බව ද ඒවා මිලදීගැනීමෙන් ඒවා නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහබැංකුවට සැලකියයුතු වාසියක් ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු බව ද මහබැංකුව නිවේදනය කළේය. එම නිවේදනය (link inpraja.lk website)
මහබැංකුවට ඕනෑ නම් වැඩි සද්දයක් නොදමා මෙම බැඳුම්කර ආපසු මිලදී ගැනීමේ හැකියාව තිබුණේ නැද්ද? එසේ නොකළේ ඇයි? මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියන පරිදි මෙම බැඳුම්කර කෙසේ හෝ ආපසු ගෙවන්නට ආණ්ඩුවට උවමනා වූයේ ඒවා හිමිකරගෙන තිබුණේ රාජපක්ෂ පවුලේ හා අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ හිතවතුන් නිසාද?
ඩොලර් සීයේ මුහුණත් වටිනාකමක් සහිත මෙම බැඳුම්කර ද්විතීයක වෙළඳපොළේ 2020 මැයි මාසයේ ඩොලර් 53.50ක් තරම් අඩු මිලට අලෙවි විය.
රූපයේ ඊතලවලින් දැක්වෙන්නේ 2022 ජනවාරි 18 කල්පිරුණු බැඳුම්කරවල yield level පහළ වැටුණු ආකාරයයි.
අජිත් නිවාඩ් කබ්රාල්ගේ සැබෑ රෝඩ් මැප් එක කුමක්ද?
ජනවාරි 18දා කල්පිරුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කරනු ලැබුවේ 2016 වර්ෂයේය. එහි වාර්ෂික පොළිය 5.75%කි. මෙම පොලිය වසරකට දෙවරක් ගෙවනු ලබන අතර කල්පිරීමේදී මුහුණත වටිනාකම වන ඩොලර් 100 සමග අර්ධ වාර්ෂික පොළිය වන ඩොලර් තුනකට ආසන්න මුදලක් හිමිවේ.
https://www.facebook.com/ajithperakumjayasinghe/posts/10159612838799326
100 million SLDB වලට 78 million USD හම්බවෙලා තියනවා කියලා ඊයේ අලුත් report එකක් දාලා තියනවා. මේ මොන වගේ වංගුවක් වෙන්න පුළුවන්ද? සංචිත වියදම් කරලා මහ බැංකුව SLDB අරගෙන ද?
ReplyDeleteලින්ක් එකක් දාන්න පුළුවන්ද?
Deleteසෘජු නිකුතු ලෙස ඩොලර් මිලියන 66ක් පමණ විකුණලා නේද? සමහර විට රාජ්‍ය බැංකුවකට විකිණුවා වෙන්න පුළුවන්. රාජ්‍ය බැංකුවකට (හෝ වෙනත් වාණිජ බැංකුවකට) සංචිත විකුණා වක්‍ර ලෙස මහ බැංකුවේ සංචිත වලින්ම ගත්තා වෙන්නත් පුළුවන්. සෘජු නිකුතු විකල්පය තිබෙන නිසා වෙන්දේසියට ඉදිරිපත් වූ ඇතැම් බැංකු විසින් කලින් ලොකු පොලී ඉල්ලලා පසුව බරිත සාමාන්‍ය පොලියට සෘජු නිකුතු ලෙස මිල දී ගත්තා වෙන්නත් පුළුවන්. මොකද මෙයින් වැඩි කොටසක් මාස 5කට දුන් ණය. මාස 5කින් ණය ආපසු නොලැබීමේ අවදානමක් ලොකුවට නැති නිසා 7.7%ක් හොඳ පොලියක්. වාණිජ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා එපමණ පොලියක් නොගෙවන නිසා මේ පොලිය බැංකු වලට වාසිදායකයි. කොහොමටත් මහ බැංකුවේ සංචිත වලට අමතරව වාණිජ බැංකු සතුව ඩොලර් බිලියන 3කට වඩා වැඩි සංචිත ප්‍රමාණයක් තිබෙනවා.
Delete