මහපොළ සංවත්සර උත්සව අවස්ථාවේදී මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට උත්සවාකාරයෙන් පළමු ශිෂ්‍යත්ව දීමනාව ලබා දෙන එක කාලයක් තිස්සේ සිදු වුනු වැඩක්. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ නිර්මාතෘ කාලයක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති සේ කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි බව කවුරුත් වගේ දන්නවා ඇතිනේ. ඉතිං විය යුතු පරිද්දෙන්ම ඔය උත්සව අවස්ථා වලදීත් වැඩි තැනක් ලැබුණේ ලලිත් ඇතුලත්මුදලිටයි.
මහපොළ දහවෙනි සංවත්සරේ පැවැත්වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නගරයක. හැබැයි ඔය වෙද්දී ලංකාවේ දේශපාලනයේ සුවිශේෂී පෙරළියක් වෙලා. හැත්තෑ හතේ සිට එක දිගට අපරාජිතව හිටපු එජාපය දෙකඩ වෙලා. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජීඑම් ප්‍රේමචන්ද්‍ර වගේ එජාප දැවැන්තයෝ ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමින් පක්ෂය ඇතුළේ විශාල කැරැල්ලක් ගහලා.
මේ වැඩෙන් රට පුරා හිටපු එජාප විරෝධීන් ප්‍රීතියෙන් පිනා ගිහිනුයි හිටියේ. වසර දෙකකට පසුව එජාප ආණ්ඩුව වට්ටවන්න පුළුවන් වුණෙත් පක්ෂයේ වූ මේ බෙදීම නිසා. ශිෂ්‍යත්ව ප්‍රදානය නිසා මහපොළ උත්සව භූමිය සරසවි සිසුන්ගෙන් පිරිලා. සරසවි සිසුන් අති මහත් බහුතරය ආණ්ඩු විරෝධීන් හා එජාප විරෝධීන් බව කියන්නත් දෙයක් නෙමෙයිනේ. ජනාධිපති ප්‍රේමදාස එක්ක තිබුණු තරහත් එක්ක ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කණ්ඩායම හිටිවනම යම් තරමකින් හෝ සරසවි සිසුන්ගේ වීරයන් වෙලා. සතුරාගේ සතුරා මිතුරාය කියනවනේ.
ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ප්‍රේමදාස වුවත්, සංවිධායකයින්ට ලලිත් ඇතුලත්මුදලිට මහපොළ සංවත්සර වේදිකාවට ආරාධනා නොකර ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔහු වේදිකාවට ගොඩවන විට විශාල ලෙස එක් රැස්වී සිටි සරසවි සිසුන් ඇතුළු ජනකායෙන් නැඟුනේ දීර්ඝ, උත්කර්ෂවත් අත්පොළසන් නාදයක්. ඒ වන විටත් ජනප්‍රියත්වයෙන් පිරිහී සිටි, සරසවි සිසුන්ගේ ප්‍රසාදය කොහොමටත් දිනා නොසිටි රාජ්‍ය නායකයාට ලැබුණේ මෙවැනි පිළිගැනීමක් නොවන බව කියන්නත් දෙයක් නැහැනේ.
ලංකාව වගේ විශාල රජයක් තිබෙන රටක රාජ්‍ය නායකයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ නිකම්ම මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කිරීමක් නෙමෙයිනේ. ඔය වගේ දෙයක ප්‍රතිඵලය රටටම දැනෙන එකක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදීනම් ප්‍රතිඵලය දැනුනේ සරසවි සිසුන්ගේ මුදල් පසුම්බියට. නරක ප්‍රතිඵලයක් නෙමෙයි. මහපොළ දීමනාව එකපාරම සැලකිය යුතු ලෙස වැඩි වුනා. කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් සත පහකට මායිම් නොකළ සිසුන්ගේ ඉල්ලීමක් ක්‍රියාත්මක වෙන්න ගියේ මිනිත්තු ගානයි.
ටික දවසකට කලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හූ පාරක් කාපු කතාව කවුරුත් දන්නවනේ. ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඔය සම්මානය ලැබෙන එක සුලබ දෙයක් නෙමෙයි. ඒ නිසා නිසා හෝ වෙනත් හේතුවක් නිසා ආණ්ඩුව එක පාරම සල්ලි දන්සැලක් දාලා.
බැසිල් රාජපක්ෂ නිවේදනය කර තිබෙන විදිහට ලක්ෂ 21කට වැඩි රාජ්‍ය සේවකයන්ට හා රජයේ විශ්‍රාමිකයන්ට වසරකට රුපියල් 60,000ක දීමනාවක් ලැබෙනවා. මුළු වියදම රුපියල් බිලියන 127ක් බවයි කියන්නේ. ලක්ෂ 17ක් වන සමෘද්ධිලාභීන්ගේ දීමනාවත් වැඩි කරලා. එතැනත් අඩු වශයෙන් රුපියල් බිලියන 20ක වියදමක්. ලැයිස්තුව තව දිගයි. මුළු වියදම රුපියල් බිලියන 200ක් පමණවත් වෙන්න පුළුවන්. සත පහක්වත් බදු වැඩි කරන්නෙත් නැහැ කියනවා.
මහ බැංකුවේ සංචිතත් හිටිවනම ඩොලර් බිලියන 1.5කින් වැඩි වෙලා. මැණික් මල්ලක්වත් හම්බ වෙලා ඇමරිකාවට ගෙනත් වෙන්දේසි කළාද කියලා හොයලා බැලුවත් ආරංචියක් නැහැ. කොහෙන් හරි ඩොලර් බිලියනයක් ලැබුණානම් එතැනම රුපියල් බිලියන 200ක් තියෙනවනේ. එහෙම කොහෙන් හරි සල්ලි ලැබුණද? කට්ටකාඩුවේ ලියල තිබුණු අරාබි නිසොල්ලාසයේ වෙළෙන්දාගේ සත්තුන්ට කතා කරන රහස වගේ කාටවත් කියන්න බැරි විදිහේ රහසක්වත්ද?
පසුගිය වසරේ අවසන් මාස තුන තුළ පමණක් කොළඹ පාරිභෝගික මිල දර්ශකය 7.4%කින් ඉහළ ගිහින්. ඒ අනුපාතයට තව මාස නවයක් මිල දර්ශකය ඉහළ ගියොත් උද්ධමනය 32.8% මට්ටමට යනවා. ඒ මෙතෙක් අච්චු ගහපු සල්ලි වල ප්‍රතිඵල. හූව මකා ගන්න හෝ වෙනත් හේතුවකට සල්ලි දන්සැල දැම්මේ අච්චු ගහලා නෙමෙයි කියලා හිතලා අපි හිත හදා ගනිමු!
මේ සතියේ ඩොලර් බිලියන එකහමාරක් ලැබෙනවා.. එන මාර්ගය රහසක්…
ReplyDeleteපෞද්ගලික ජෙට් යානා අරන් යන්නේ ඇයි කියල දන්නැති උදවිය :)😀 හැමෝම හිතන් ඉන්නේ ප්‍රංශ ජනාධිපති මැක්රෝන් ලුර්දු වඳින්න ගියා කියල.
Deleteඉකොනොගේ පේරාදෙණි දැනුමට අහුවෙන්නේ නැති දැනුමක් කබ්රාල්, බැසිල් ලග තියෙනවා වගේ. ඉකොනෝ නං බලාගෙන ඉන්නේ අර එළුවාගේ බිජ්ජ වැටෙනකන් හිටපු කවුද වගේ ආර්ථිකේ මේ දැන් වැටෙයි කියලා. ඉකොනොට දුක ඇති.
ReplyDeleteබිජ්ජ වැටුනට පස්සෙත් බිජ්ජ වැටිලා කියලාවත් නොදැන එඩේරා පස්සේම යන එළුවන්ට "බිජ්ජ නැතත් සුබ අනාගතයක්!" කියනවා ඇර වෙන කියන්න දෙයක් නැහැ.
Deleteපෞද්ගලික ජෙට් යානා අරන් යන්නේ ඇයි කියල දන්නැති උදවිය :)😀 හැමෝම හිතන් ඉන්නේ ප්‍රංශ ජනාධිපති මැක්රෝන් ලුර්දු වඳින්න ගියා කියල.
Deleteප්‍රංශ ජනාධිපති මැක්රෝන් එක්ක සමලිංගික සේවනයේ නිරත වෙන්න ආසද ආජිත් ධර්මා?
Deleteඅනේ නෑ එයා යන්නේ නාකි ගැහැණු පස්සෙලු. ඇත්තම කියනවා නම් මගේ කොමෙන්ට් එක දැම්මේ බස්සට . වැටිලා තියෙන්නේ වැරදි තැන.
Deleteආජිත් ධර්මාත් බැන්දේ නාකි ගැහැණු කෙනෙක් නේද?
DeleteAno 5.16 AM
Deleteඕස්ට්‍රේලියාවේ හිටපු කාලේ මම වැඩ කරපු බැංකුවෙන් නිවාස ණයක් ගන්න සිඩ්නි නුවර බ්‍රාන්ච් එකකට ගියා. පර්සනල් බෑන්කර් හිටිය කෙනා ලංකාවේ නමක් තියෙන කෙනෙක් නිසා මට පුංචි සතුටක් දැනුනා.
මේ සාකච්ඡාව ඉංග්‍රීසි භාෂාවෙන් කල එකක්. ඒත් මේ බ්ලොග් එක සිංහල එකක් නිසා මම සිංහලෙන් ලියන්නෙ.
එයා වැඩිය ෆ්‍රෙන්ඩ්ලි නැති නිසා මම ' ඔයා ලංකාවේද කියලා අහන්න ගියේ නෑ'. ලෝන් එකේ අවශ්‍යතාවයට එයා මගේ ජොබ් එකේ ඉතිහාසය ඇහුවම ලංකාවේ කතාව නිකන්ම එළියට ආවා. 'ආ ඔයා ලංකාවේ නේද? මමත් ලංකාවේ' කියලා එයාම කිව්වා.
ඉතින් සුපුරුදු ප්‍රශ්න කිරීම වන 'කොයි කාලෙද ඔස්ට්‍රේලියාවට ආවෙ? ඉන්නෙ මොන 'සබර්බ්' එකේද? මොකක්ද ෆීල්ඩ් එක කියන ප්‍රශ්න පත්තරේට උත්තර බැන්දා. මමත් කඩඉම් ප්‍රශ්නය වන 'ඔයාව ලංකාවේ කිසිම ෆන්ක්ශන් එකක හරි පන්සලේදි හරි දැකලා නෑනෙ' කියලා ප්‍රශ්න කරා.
එතකොට අපෝ මම ඔය ලංකාවේ මිනිස්සු එක්ක 'මිංගල්'(මිශ්‍රවීම) වෙන්න යන්නේ නෑනෙ. 'ඒගොල්ලන්ගෙ 'ගොඩේ' වැඩ මට චුට්ටක්වත් අල්ලන්නෙ නෑ'.
ඒ කතාව ඇහුවට පස්සේ මාව නිකන් 'හයිබර්නේට්' උනා. ඒත් එයාගෙ ප්‍රශ්න කිරීම දිගටම කෙරුනා. ඒ වෙනකොට මම සිඩ්නි සිංහල පාසලේ කමිටුවක ස්වේච්ඡාවෙන් සේවාවන් කරපු නිසා 'ළමයි සිංහල ඉස්කෝලෙට එවන්නෙ නැද්ද කියලා නිකමට ඇහුවා'.
'ඒ ගොල්ලන්ට හොදට ඉංග්ලිෂ් පුලුවන් ජර්මනුත් පුලුවන් ඉතින් සිංහල මොකටද,?' කියලා ඇය පෙරලා මගෙන් ඇහුවා.
'අඩු තරමෙ ලංකාවට හොලිඩේ ගියාම එහෙ අයත් එක්ක සිංහලෙන් කතා කරන්න පුලුවන්නෙ කියලා මමත් වැඩේ සාධාරනීකරණය කරන්න බැලුවා.
'හපෝ අපේ අය ඉංග්ලිෂ් විතරයි කතා කරන්නෙ ඉතින් සිංහල මොකටද' නැවතත් ඇය සිංහල දෙකයි පනහට දැම්මා.
Deleteඉතින් කොහොම හරි මගේ වැඩේ කරගෙන මම එන්න ආවා. යන්න හදනකොට එයාගෙ බිස්නස් කාඩ් එකක් දීලා මට කිව්වා ලංකාවේ අදුරන අයව ඉන්ට්‍රඩියුස් කරන්න කියලා එයාගෙ හෝම් ලෝන් ටාගට් එක ගහගන්න. 'ඔයාට ලෝන් දෙන්න ලංකාවේ අය ගොඩේ නැද්ද' කියලා හිතින් ප්‍රශ්න කරලා මම යන්න ගියා.
'එළියට ආපුවහම ආප්පෙට මතක නෑලු හිටියෙ තාච්චියෙ කියලා' කව්දෝ කියපු කතාවක් මට මතක් උනා.
මවුරට ගැන මෙහෙ අය අඩු තක්සේරුවකින් කතා කරොත් ලොකු උත්සාහයක් අරන් ඒ වැරදි මත ගැන නිවැරදි තත්වය පැහැදිලි කරන්න උත්සාහ ගැනීම අපි කට්ටිය උවමනාවෙන්ම කරන දෙයක්. ඒත් අපේම කළු සුද්දියෙක්ට බඩ පිරෙන්න දෙකක් කියන්න මට බැරි උන එක ගැන පොඩි දුකක් ඇති නොවුනා නෙමෙයි. එකම ආයතනයේ වැඩ කරන කෙනෙක් නිසාත් ආයිත් සැරයක් හම්බ වෙන්න වෙයි සිතුන නිසාත් මම මගේ කට වහගත්තා.
ඊට පස්සේ එක පාරක් බැංකුවේදි හමුවෙලා 'හලෝ' කිව්වා මතකයි.
කාලය ගෙවී ගිහින් අවුරුදු 5-6කට විතර පස්සේ එයාව මට ලංකාවේ ස්පයිසස් (කුලුබඩු) ගන්න කඩයකදි හම්බ උනා. මම හිමින් මග අරින්න හැදුවත් එයා අදුරගෙන කතා කලා.
පොඩි වල්පල් ටිකකින් පස්සේ 'අනේ අපේ පුතාට ලංකාවේ ගර්ල් කෙනෙක් හොයනවා මැරි කරන්න දන්න කවුරු හරි ඉන්නවානම් කියන්න' කියලා එයා කිව්වාම මට ඇතිඋන හිනාව අධෝමාර්ගයෙන් ෆාර්ට් එකක් බවට පත්වී පිටවෙන්න යෑම නවතා ගත්තේ ඉතාමත් අසීරුවෙන්.
පුතාට සිංහල කතා කරන්න පුලුවන්ද කියලා අනවශ්‍ය ප්‍රශ්නයක් මම ඇහුවා. 'අනේ එයාට සිංහලනම් බෑ අපරාදෙ අපි එයාට සිංහල ඉගැන්නුවෙ නෑනෙ'.
හැබැයි ඒත් කොහොමහරි අපි ලංකාවේ හොද හැදිච්ච ගර්ල් කෙනෙක් තමයි හොයන්නෙ. දන්නවනෙ මෙහේ සුද්දෝ හරිම පණ්ඩිත නිසා අපිව ගණන් ගන්නේ නැහැනේ ඒ නිසා මේ ළමයා මෙහෙ සුද්දියක් බැන්දොත් ඉවරයි.'
'කොච්චර උනත් ලංකාවේ අය හරි කල්චර්ඩ්නෙ (සංස්කෘතියකට අනුව හැදීම) නේද?' කියලා අපේ දේවල් වල හොද ගැන එයා මට කියලා දෙනවා.
ඒ අම්මිට දැන් ශ්‍රිලාංකික වැලියුස් (වටිනාකම්) තම පුතාගෙ අනාගතය වෙනුවෙන් දැනෙන්න පටන් අරන්.
අම්මිට නැති ශ්‍රිලාංකිය සංස්කෘතික වටිනාකම් 'වෙන්ඩ ලේලිගෙන්' හොයන බව මට තේරුණා. 'වටම ගිහින් ගෙටම ඇවිත්' නේද කියලා මට දුකත් හිතුණා.
මට එයාගෙ ෆෝන් නම්බර් එක දුන්න කවුරු හරි හම්බ උනොත් කියන්න කියලා.
එයාගෙ පුතාට සහකාරියො හොයනවට වඩා ගෙදර නෝනා දුන්න බඩු ලිස්ට් එක වැදගත් බව හදිසියේ තේරුනු මම ලහි ලහියේ තුණපහ බඩු ටික ගත්තා.
එයාගෙ පුතාට හොද කෙනෙක් හම්බ වෙන්න ඕනෙ මොකද ඒක ඒ දරුවගෙ වැරැද්ද නෙමේ. දෙමව්පියන්ගෙ මහන් තත්වය නිසා ඇති උන දෙයක් නේද කියලා හිතින් හිතාගෙන මම යන්න ගියා.
අහෝ 'අපේ කම' ඔබ කලකට පෙර ජීවත්වූ ප්‍රබන්ධයක් පමණක්ද? ඔබ යන්නම යන්න ගිහින්ද? ��
@AnonymousJanuary 6, 2022 at 5:16 AM - නැහැ ඇනෝ . මට වැඩිය බාලයි . හැබැයි ඕවයේ අවුලක් නැහැ මේ රටවල නේද . මැක්රෝන් බැන්දේ ආදරේ කරලනේ.
Deleteහූව මොකක් උනත්. Election එකක් නම් ළඟ ළඟම එනවා වගේ දැනෙනවා.
ReplyDeleteවෙන්න පුළුවන්. දැන් ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට බනින ගොඩක් අය තරහ අමතක කරලා නැවත ආණ්ඩුව එක්ක එකතු වෙනවා. ආණ්ඩුව ඒ වාසිය ගන්න උත්සාහ කරන්න බැරි කමක් නැහැ. ඊට අමතරව ජවිපෙට කලින් ලැබුණාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්න ඉඩ තිබෙන නිසා එහි වාසියත් ආණ්ඩුවට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනාගතය කොයි වගේ එකක්ද කියන එක වඩාත්ම හොඳින් දන්නේ ආණ්ඩුව. හරියට 2015දී වගේ. රාජපක්ෂලා මැතිවරණ වලට යාමේ අවදානම ගන්න බය නැහැ.
Deleteපළාත් සභා election එක, දෙනවා කියන ඉන්දියන් economic package එකේ condition එකක් වෙන්නත් පුළුවන්. මේ election ready වෙන්න කරන දෙයක් වෙයි ගොඩක් වෙලාවට. මොනවා උනත් government එකට මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න ස්ථිර තිරසාර solution එකකට යන්න කිසිම උවමනාවක් නෑ කියන එක තමයි පේන්නේ. Root causes treatment එකක් කවදාවත් වෙන්නේ නැති වෙයි.
Deleteඔව්. එසේ විය හැකියි.
Deleteජේ ආර් ගේ මුග්ධ පාලනය සහ තකතීරු විදේශ ප්‍රතිපත්තිය නිසා 1987 ඉන්දියාව ජේ ආර් ට පාඩමක් ඉගැන්වීමට ඉන්දු ලංකා ගිවිසුම අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ලංකාවේ බලෙන් ඇඟෙ ගහපු මෙලෝ රහක නැති කාලකන්නි සුදු අලි විගඩමක් සමයි ඔය පළාත් සභා කියන්නේ, නූතන දූෂිත ආණ්ඩුව ඉන්දියාවෙන් හිඟා කන්න ගිහින් දැන් රනිල් වික්‍රමස්ංහ සූක්ෂ්මව කල් දාල තියපු පළාත් සභා විගඩම ආයෙත් අරන් එන්න හදන්නේ, නොදකින්
Deleteඔය පළාත් සභා ආයතන නිකන් සල්ලි කන වැඩ. ඕව තිබුන කියල උතුරු පලාතේ මිනිස්සුන්ටවත් දකුණු පළාත්වල මිනිසුන්ටවත් උන සෙතක් නෑ ඒ සල්ලි බිලියන් ගානක් නිස්කාරනේ මහා නාස්තියක් ඊට වඩා ඒවායින් කොච්චර විශාල ප්‍රමාණයක් ඉතුරු කරලා රෝහල් පාසල් ආදිය විශාල ප්‍රමාණයක් දියුණු කරනවානම් ඒක තමයි වටින්නේ.
ලංකාවේ ජනතාව ඉතිහාසයේ කවරදාටත් වඩා විශාල අර්බුද රැසකට මුහුණදෙමින් ඉන්නවා. භාණ්ඩ මිල වැඩිවෙලා, භාණ්ඩ හිගයක් ඇතිවෙලා, පෝලිම් හැදිලා, පොහොර නැහැ කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. උයාගන්න ගෑස් නැහැ. මේවැනි මහා අර්බුදයක් තියෙද්දී ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ඉතාම බරපතලයි. ජනාධිපති කිසි ප්‍රශ්නයකට වගකියන්නේ නැහැ. ජනාධිපති නන්දසේන ඇතුළු ආණ්ඩුව රටට විහිළු සපයමින් ඉන්නවා. වියත් මගේ අය කිව්වේ සුපිරිම ආණ්ඩුව හදනවා; ගෝටාභය තමයි මේ රටේ බිහිවෙන හොඳම නායකයා කියලා. විමල් වීරවංශ කිව්වේ ගෝටාභය ලීක්වාන් යූ, මහින්ද මහතීර් මොහොඩ් වගේ, දෙන්නම එකතු වුණු ආණ්ඩුවක් කොහොම වෙයිද කියලා. දැන් අපිට පේනවා දෙන්න එකතුවෙලා රටට කරන විනාශය මොකක්ද කියලා. බොරු කියලා ආණ්ඩුවක් හදපු වියත්මඟට, විමල් වීරවංශලා ඇතුළු ආණ්ඩුවට මේ විනාශයේ වගකීමෙන් මිදෙන්න පුළුවන් එකම ක්‍රමය දැන් මේක වෙනස් කරන්න අලුත්ම පිරිසක් සමග එකතු වෙලා වෙනත් බලවේගයක් බලයට ගේන එක විතරයි.
ReplyDeleteපහුගිය කාලේ ජනාධිපති නන්දසේන කඩේ ගියා, පොලේ ගියා; හමුදාව දැම්මා ඒ හැම දේම කරලා අන්තිමට මිල පාලනයත් ඉවත් කළා. දැන් මිල හිතුමතේ වැඩි වෙනවා. හාල් මුදලාලිලා එළවලු තොග මුදලාලිලා කීප දෙනෙක් රටේ මිල පාලනය කරනවා. ඒ වගේම භාණ්ඩ හිගයක් ඇතිවෙලා. ගෑස්, කිරිපිටි, සහල්, සිමෙන්ති සෑම දේම හිගයි. පෝලිම් හැදිලා. ආණ්ඩුවේ වගකීම තමයි ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව ලබාදීම. ගෑස් නැතුව ජනතාව බරපතල ගැටලුවකට මුහුණ පාලා. මහා පරිමාණ හෝටල්වල, සංචාරක හෝටල්වල ගෑස් නැතුව උයන්න පුළුවන්ද? තරු පහේ හෝටල්වල දර ලිපේ උයන්න පුළුවන්ද? සංචාරකයින් පවා ගෑස් පෝලිම්වල. ගෑස් සංයුතිය වෙනස් කරලා ගෑස් ලිප් පිපුරුවා, දේපළ හානි වුනා. ජීවිත හානි වුනා. ජනාධිපතිට තවමත් මේකට විසඳුමක් දෙන්න බැරි වුනා. කොමිසමක් දාලා වාර්තාවක් ගත්තා. සති දෙකක් පහුවෙලා ගත්ත ක්‍රියාමාර්ගයක් නෑ. ගෑස් සංයුතිය වෙනස් කරලා මේ තරම් විනාශයක් කරපු නිලධාරීන්ට ගන්නා පියවර මොකක්ද? ජනතාවට වෙච්ච හානියට වන්දි ගෙවනවද? මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ.
ජනතාව තුනේ දෙකේ ආණ්ඩුවක් දුන්නා. 20 සම්මත කරලා දුන්නා. ඉල්ලපු බලතල සියල්ල දුන්නා. 20 සම්මත කරලා ගත්ත බලයෙන් මොනවද කරල තියෙන්නේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික දෙන්න බැහැ. බලය පාවිච්චි කරලා ජනාධිපති කරන්නේ කිරි කඩ වහන එක. ෆේස්බුක් එකේ ලියන අය සීඅයිඩීයට ගෙන්වන එක. ජනතාව වෙනුවෙන් නම් විධායක බලය පාවිච්චි කරලා වැඩක් කරල නැහැ. ජනතාවට වග නොකියන ආණ්ඩුවක් නිසා රට අරාජික වෙලා. 2015 -19 හදපු ආණ්ඩුව පැවති කාලේ රට අරාජික වුණු නිසා තමයි ගෝටාභය බලයට ගෙනාවේ. නමුත් දැන් ඊට වඩා අරාජිකවෙලා. රටේ ආණ්ඩුවක් නැති තරම්. ආණ්ඩුවේ ලොක්කෝ නෑදෑ ගමන්, වන්දනා ගමන් යනවා රට අයාලේ යනවා.
මේ අර්බුදය ස්වාභාවික අර්බුදයක් කියල පෙන්වන්න ජනාධිපතිවරයා උත්සහ කරමින් ඉන්නවා. මේ අර්බුදය ස්වභාවික නැහැ. වසර 73ක් අනුගමනය කළ ධනවාදී දූෂිත ආර්ථික ගමන්මගේ තර්කානුකූල ප්‍රතිඵලය මේක තමයි. ඒ වගේම මේ ආණ්ඩුව භාවිතා කළ මෝඩ මුග්ධ අඥාණ ක්‍රියාමාර්ග විසින් තමයි මේ අර්බුදය කැඳවලා තියෙන්නේ. ආහාර ප්‍රශ්නයක් ඇතිවෙලා, එළවලු ගිනි ගණන්. සහල් හිගයක් ඇතිවෙලා. ආනයනය කරන්න වෙලා. ඒත් ආනයනය කරන්න ඩොලර් නැහැ. මේ සියල්ල සිදුවුණේ ස්වභාවික ව්‍යවසනයක් නිසාද? නැහැ. මේක ගෝටාභය විසින් හදපු විනාශයක්. කෘෂිකර්මය ගොඩගන්න බැරි තැනකට වැටිලා. එහෙම වෙලත් ආණ්ඩුව වැරැද්ද හදාගන්න සූදානම් නැහැ. නිලධාරීන් එලවලා මේක යටගහන්න හදනවා. මේ ආහාර හිගයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි.
Deleteඒ වගේම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ තමන්ගේ ගජමිතුරු ධන්වත් ව්‍යාපාරික හිතවතුන්ගේ ලාබය වැඩි කරන ක්‍රමයක්. එහෙම නැතුව ආණ්ඩුවට ආදායම් එකතු කර ගන්නා බදු ප්‍රතිපත්තියක් නෙවෙයි. වැට් බදු අඩුකරනවා කිව්වා. ඒ වාසිය ගියේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට. ජනතාවට වෙච්ච වාසියක් නැහැ. සීනි බදු අඩු කළා. පොල් තෙල් බදු අඩුකළා. ඒ වාසිය ගත්තේ හිතමිතුරු ධනවත් ව්‍යාපාරිකයින් මිස ජනාතාව නෙවෙයි. අල සහ ළුෑණු බදු අඩු කරනවා කිව්වා. මිල පාලනයක් නැතුව බදු අඩු කළාට ඒ වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. වාසිය ලැබෙන්නේ ආනයනකරුටයි. බදු අඩු කළාට මේ වෙනකොටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1500ක් පමණ වරායේ හිරවෙලා ඩොලර් නැතුව නිදහස් කර ගන්න බැරිව. ඒ නිසා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සියල්ල තිබෙන්නේ රට විනාශ කරන පැත්තටයි.
මේ ආණ්ඩුව ගෙනාවේ රට රකින්න කියලා. රට රකින විරුවා කියලා සිංදුත් කිව්වා. සම්පත් විකුණන්නේ නෑ විකුණපුවත් ගන්නවා කිව්වා. නමුත් දැන් රටට ඉතාම වැදගත් සම්පත් කීපයක් විකුණන්න යනවා. නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව විශාල විරෝධයක් ආවා. ආණ්ඩුව ඒ වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දුන්නා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් ඉන්දියානු සමාගමකට දෙන්න හදනවා. විරෝධයන් මැද ප්‍රමාද වුනාට කයිවාරු ගහන පච කෙලින ඊනියා දේශප්‍රේමී ගම්මන්පිල මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න හදනවා. ඉන්දියානු සමාගමට බදුදීලා තිබුණ තෙල් ටැංකි නැවත ලංකාවට තෙල් සංස්ථාවට ලබාගන්න පුළුවන්කම තිබියදී තවත් අවුරුදු 50කට ඉන්දියානු සමාගමට බදු දෙන්න යනවා. ඩොලර් ලබාගන්න පුළුවන් මාර්ග විකුණලා දානවා. අවුරුදු 05ට බලයට ඇවිත් රටේ සම්පත් අවුරුදු 50ට 60ට බදු දෙනවා. රනිල් මෛත්‍රී ආණ්ඩුවත් කළේත් එහෙමයි. ජනතාවට කොලේ වහලා සමාගමක් හදල තෙල් ටැංකි 61ක 49%ක අයිතිය ඉන්දියාවට දෙන්න යනවා. ණයට අරන් කාලා විනාශ කරලා දැන් ණයෙන් බේරෙන්න රට පාවාදෙමින් ඉන්නවා. ඉන්දියාව පාවිච්චි කරන තෙල් ටැංකිවලට අමතරව ඉතිරි තෙල් ටැංකි ටිකත් ඉන්දියාවටම දෙන්න ගහන අමන ගේමක් මෙතන තියෙන්නේ.
ඒ වගේම කෙළවරපිටිය එල්එන්ජී බලාගාරයේ 40%ක අයිතිය ඇමරිකාවට දුන්නා. රටේ ස්වෛරීත්වයට ජාතික ආරක්ෂාවට වැදගත් සම්පත් සියල්ල ආණ්ඩුවේ අයිතිය අහිමිකරගෙන පිටරටවල්වලට විකුණමින් යනවා. බලශක්ති ක්ෂේත්‍රය කියන්නේ ජාතික ආරක්ෂාව සමඟ ගැටගැහුණු එකක්. මේ ආණ්ඩුව බල ශක්ති ක්ෂේත්‍රයට අදාල සියල්ල පිටරට සමාගම්වලට පාලනය කරන්න ඉඩ හදමින් ඉන්නවා. රට රකින්න, මව්බිම ආරක්ෂා කරන්න, මව් බිම වෙනුවෙන් පණ දෙන්න කියලා ආපු ආණ්ඩුව රටේ සම්පත් ටික විකුණමින් ජාතික අපරාධයක් කරනවා. වරාය කියන්නේ රටේ ආර්ථිකයට වැදගත් එකක්.
රාජ පක්ස පවුලේ ඥාතියෙක් වූ රනිල් ඒ කාලේ හම්බන්තොට වරාය වසර 99කට චීනෙට දීලා. කොළඹ වරායේ තියෙන ජැටි කිහිපයක්ම ලංකාවට අයිති නැහැ. වරාය සේවා, විදුලි බෙදාහැරීම, ඉන්ධන බෙදාහැරීම රට සතුව නැත්නම් ලංකාවේ ස්වෛරීත්වය ගැන විශ්වාසයක් කොහෙන්ද? අපේ රට විදේශ රටක කොලණියක් බවට පත්වෙනවා.
ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට මොකද වුනේ. රටක මිනිස්සුන්ට කන්න තියෙනවනම් රටේ ආහාර සුරක්ෂිතතාවය තියෙනවනම් ඒ රට වට්ටන්න බැහැ. නමුත් පහුගිය කාලේ මේ ජනාධිපති සහ ආණ්ඩුව රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කරලා දැම්මා. තමන්ගේ හීනයක් වෙනුවෙන් කෘෂිකර්මාන්තය විනාශ කරල දැම්මා. ආහාර ආනයනය කරන්නත් ඩොලර් නැහැ. රටේ ජනතාවට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. රටක කෘෂිකර්මාන්තය නැත්නම් ඒ රට යටත් කර ගන්න පහසුයි. රාජපක්ෂලා රටට කරන්න පුළුවන් බරපතලම විනාශය කරලා ඉවරයි. විදුලිය කැපෙන තෙල් නැතිවෙන කන්න නැති රටක් බවට පත්වෙනවා. එහෙම තත්වයක් තියෙද්දී රටේ ජනතාව අන්දන්න හිතාගෙන බොරු කියනවා. මහබැංකු අධිපති ඩොලර් ගැන බොරු කයිවාරු කියනවා.
එහෙන් දිනපතා ලේකම්ලා මාරු කරනවා. කැබිනට් සංශෝධන ගේන්න හදනවා. එකම කුට්ටම ඇණුවට වැඩක් නැහැ. මේ රටට ලොකු වෙනසක් ඕනෑ. මේ අසමත් පාලනයෙන් අපේ රටේ ජනතාව මිදෙන්න ඕනෑ. පහුගිය ආණ්ඩුව තිත්තවෙලා තමයි මේ රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවේ. ඉතිං ඒ ආණ්ඩුවත් මෙහෙම නම් තව මොනවද ඉතිරි වෙලා තියෙන්නේ. මේ හොරු නඩ දෙකම ඉවත් කරලා රට හදන්න පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒක තමයි එකම උත්තරය.
උත්තරයක් හොයන කොට අපට පේන්න ඉතා වටිනා බලාපොරොත්තුවක් තියෙනවා, දැනටම ජාතික ජන බලවේගය මේ රට හදන්න පුලුවන් හැමෝටම පිළිගන්න පුළුවන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. රට හදන්න පුළුවන් බලවේගයක් ජාතික ජන බලවේගය සතුව ඉන්නවා. ඒ නිසා ජනතාවට අපි කියනවා රටේ දූ දරුවන්ගේ අනාගතය තවත් ඛේදවාචකයකට යන්න ඉඩ නොදී පෝලිම් යුගය නිමා කරලා සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න රට විනාශ කරපු හොරු කණ්ඩායම් දෙක්ම එළවලා රට ගොඩනගන වැඩපිළිවෙලක් සමඟ අත්වැල් බැඳගන්න කියලා”
Deleteලංකාව එක දිගටම පාලනය කළේත් දැනට පාලනය කරන්නේත් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි අසමත් පාලකයෝ පිරිසක්. එක පැත්තකින් පහුගිය අන්ත දූෂිත එජාප සජබ හොර මුළේ ආණ්ඩුව බැඳුම්කර හොරකම ඇතුලු කෝටි ප්‍රකෝටි ගණන් හොරාකෑම් කළා, බදුපිට බදු ගහල මිනිස්සු පාරට ඇදල දැම්මා, ඒ නිසා ඒ හොරමුල කරපු විනාශයත් අපි අමතක නොකල යුතුයි. ඊට පස්සේ ආණ්ඩුව වෙනසක් සෙව්වා, ජවිපෙ ජාතික ජන බලවේගය වෙනසක් සඳහා ඉතා පැහැදිලි වැඩ පිළිවෙලක් සමග දැඩිව පෙනී සිටියත් හොරා කෑමෙන් ගොඩගසා ගෙන සිටි කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වීසි කරමින් සිදුකළ විවිධ ප්‍රෝඩාකාරී කැම්පේන් හරහා රාජ පක්ස හොර මුල ජන මනස වෙනස් කොට බලය ඩැහැ ගත්තා, දැන් මොකද වෙලා තියෙන්නේ?
ReplyDeleteමේ වෙනකොට ලංකාවේ දුප්පත් මිනිස්සු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගන්න බැරිව ඉතාම පීඩාවකට පත්වෙලා. පාලකයින්ට අවුරුදු/ ජනතාවට පෝලිම්. භාණ්ඩ මිල 40%කින් 50%කින් වැඩිවෙලා. සමහර භාණ්ඩ 100%කින්ම වැඩි වෙලා. පෝලිම්වල ඉඳගෙන මිනිස්සු ආණ්ඩුවට දෙස් දෙවොල් තියනවා. කුඩා දරුවා වඩාගෙන අම්මලා පෝලිම්වල. පාන්දර තුනට හතරට ඇවිල්ලා පෝලිම්වල හිටියත් ගෑස් එකක් ගන්න බැහැ. වසර ගානක් ජනතාව භාවිතා කරපු ගෑස්වල ප්‍රමිතිය හදාගන් ආණ්ඩුවකට බැරිවෙලා. ගැඹිණි මව්වරු, දරුවන් වඩාගත්ත අම්මලා තවත් දවස් කීයක් ගෑස් පෝලිම්වල ඉන්නද?
දිනෙන් දින භාණ්ඩ මිලි වැඩිවෙන එක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවෙන ගානට තමයි ඇමතිවරු කතා කරන්නේ. වසරකට කී සැරයක් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවෙනවද කියලා ආණ්ඩුව දන්නේ නැහැ. කිරි පිටි පෝලිම්, ගෑස් පෝලිම්, හාල් පෝලිම් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මිල පාලනයක් කරන්න ආණ්ඩුවට නොහැකි වෙලා. සිමෙන්ති කොට්ටෙක මිල දිනෙන් දින ඉහල යනවා. රුපියල් නවසිය ගණන් වල තිබුණ සිමෙන්ති කොට්ටය දැන් 1500කටවත් ගන්න විදියක් නැහැ. කිරි පිටි මිල දෙවතාවක් වැඩි කළා. වැඩි මිලටවත් කිරිපිටි පැකට් එකක් ගන්න නොහැකි වෙලා. දරුවන්ට වැඩිහිටි දෙමාපියන්ට කිරි උගුරක් බොන්න නැතුව ගිහිල්ලා. පාන් ගෙඩියක් රුපියල් 66 - 70 ක් වගේ ගිණි ගනන්. රුපියල් 100 ක් වෙන්නත් පුලුවන් මෙහෙම ගියොත්. සැමන් ටින් එකක් රුපියල් 300ක් විතර තව ටික දවසකින් 400 ක් විතර වෙයි. පරිප්පු රුපියල් 280 ක් විතර, කඩල කවුපි සීනි හැමදේම ගිණි ගනන්.
රුපියල් බිලියන 200 ක වියදමක්. එතකොට මේක අයවැයට එකතුකරේ නැත්තේ ඇයි. මෙහෙම දවසින් දෙකින් මෙච්චර මුදලක් වෙන් කරන්න පුලුවන්ද? ඒ මදිවට තිබ්බ බඩුත් අඩු කරලලු. ටිකක් කොන්ෆියුස් වගේ.
ReplyDeleteඇට නැති දිව නවා කොච්චර කිය හැකිද
ReplyDeleteකියූ දේවල් කොච්චර ඉටු කෙරිලාද
කියලා හොයන්නට ඉන්නේ කවුරුන්ද
බෙදන්නට යන්නෙ ගෙදරින් ගෙනල්ලද?
ayya kayya pada badinawa hondata
Delete@ ඉකොනොමැට්ටා
ReplyDelete//මහපොළ සංවත්සර උත්සව අවස්ථාවේදී මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට උත්සවාකාරයෙන් පළමු ශිෂ්‍යත්ව දීමනාව ලබා දෙන එක කාලයක් තිස්සේ සිදු වුනු වැඩක්. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ නිර්මාතෘ කාලයක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති සේ කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි බව කවුරුත් වගේ දන්නවා ඇතිනේ. ඉතිං විය යුතු පරිද්දෙන්ම ඔය උත්සව අවස්ථා වලදීත් වැඩි තැනක් ලැබුණේ ලලිත් ඇතුලත්මුදලිටයි. //
මේකේ නිධාන කතාවේ හැටියට ලලිත් ඇතුලත්මුදලිගේ පියා වන දොන් ඩැනියල් ඇතුලත්මුදලි 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම ආසනය නියෝජනය කළ මන්ත්‍රී ලෙස 1947 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ආසනය සඳහා තරග වැදුණු ඩැනියල් ඇතුලත්මුදලි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් තරග කළ විල්මට් පෙරේරාට පරාජය වුණා. ඩැනියල් ඇතුලත්මුදලිගේ පුත්‍රයා වුණු ලලිත් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයෙකු වුණ නිසාම ඔහුගේ තීරණය අනුව 1955 දී සිය පුතු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් කළ පසු ලලිත් ඇතුලත්මුදලි ඉතාමත් හොඳින් සිය අධ්‍යයන කටයුතුවල නිරත වුණා. එසේම බාහිර වැඩ කටයුතුවල ද නිරත වුණු ඔහු 1957 ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වුණේ ලංකාවට විශාල ගෞරවයක් හිමිකර දෙමින්. නමුත් 1958 වසරේ නොවැම්බර් 10 ලලිත් ඇතුලත්මුදලිගේ පියා මිය යාමත් සමගම ආර්ථික අර්බුදය නිසාඅ ඔහුගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉතාමත් අපහසු වාතාවරණයක් උදා වුණා.
මෙයින් පසු වෙන කිසි පිළිසරනක් නැතිව අසරණ වූ ලලිත් එවකට අගමැති සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හමුවීමට ගිහින් ඔක්ස්ෆර්ඩ් රෝඩ්ස් ශිෂ්‍යත්වයට ඉල්ලුම් කිරීමට අවසර ඉල්ලා සිටියා. එයට ප්‍රතිචාර දක්වමින් බණ්ඩාරනායක අගමැතිවරයා පවසා සිටියේ "රෝඩ්ස් ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළොත් ඔබට එය හිමිවනවා සිකුරු නමුත් එවිට ලංකාවේ පළමු රෝඩ්ස් ශිෂ්‍යත්වලාභියා සහ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ පළමු ලාංකික සභාපතිවරයා වන්නේ ඔබ, නමුත් අපි රෝඩ්ස් ශිෂ්‍යත්වය ලබාගන්න වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. මන් ඔබට විශේෂ ශිෂ්‍යත්වයක් සකස් කර දෙන්නම්. මෙසේ බණ්ඩාරනායක අගමැතිවරයා ඇතුලත්මුදලිට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා මූලික පියවර ක්‍රියාත්මක කළේ 1959 එවකට අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක විසින් ඇතුලත්මුදලිගේ දෙවසරක අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 5,000ක මුදලක් වෙන් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා.
කෙසේ හෝ එම යෝජනාව වෙනුවෙන් විවාදය පැවතුණු අවස්ථාවේ සමසමාජ පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යෝජනාවට විරුද්ධ වන විට කොමියුනිස්ට් පක්ෂය නිහඬව සිටියා.
නමුත් එවකට ආණ්ඩු පක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ බණ්ඩාරනායක, එච් ශ්‍රී නිස්සංක, ඩී.ඒ. රාජපක්ස, ඩබ්. දහනායක ඇතුළු පිරිසගේ දැඩි සහයෝගය සහ උතුරේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ නිසා නිසා යෝජනාව සම්මත වුණේ වැඩි ඡන්ද 20කින්. එදා ලලිත් ඇතුලත්මුදලි තරුණයාට රජයෙන් ලැබුණු ශිෂ්‍යත්වය නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකිරීමට අවස්ථාව ලැබුණා.
මෙසේ සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරයකු සහ නීතිඥයෙකු ලෙස කටයුතු කළ ඇතුලත්මුදලි මුල්ම වරට මහා මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණේ 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රත්මලාන අසුනට තරග කළ ඇතුලත්මුදලි සිය ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 7,841ක් ලබාගනිමින්.
Delete1977 පාර්ලිමේන්තුවට තේරී පත් වුණු ඇතුලත්මුදලිට ජේ. ආර්. අගමැති යටතේ වෙළඳ අමාත්‍යධූරය හිමි වුණා. උසස් අධ්‍යාපනය ලබමින් සිටින ලංකාවේ දරු දැරියන් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කළ යුතු බවට අදහසක් පෙර සිටම පහළ වී තිබුණේ බණ්ඩාරනායක රජයෙන් ඔහුට ලැබුණු ශිෂ්‍යත්වය නිසා යි. මෙසේ රත්මලාන ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත් වුණු ඇතුලත්මුදලි තම ආසනයේ සංවර්ධන කටයුතු කිරීම සඳහා රත්මලාන ආසන සංවර්ධන පදනම නමින් ව්‍යාපාරයක් ආරම්භ කළා. එම පදනම මඟින් රත්මලාන ආසනය තුළ පැවැත් වූ වෙළඳ ප්‍රදර්ශනයෙන් විශාල ලාභයක් ලැබුණා. එදා ඇතුලත්මුදලිගේ ආසනය තුළ ක්‍රියාත්මක වුණු අරමුදලෙන් ප්‍රදේශයේ දුප්පත් දරු දරියන්ට නොමිලේ අධ්‍යාපන පහසුකම් ලබාදුන්නා.
එසේ රත්මලාන ආසනය තුළ පැවති වෙළඳ ප්‍රදර්ශනය සාර්ථක වුණු නිසා ඇතුලත්මුදලි ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාල්ලේ එම්. එස්. අමරසිරිගේ ආසනය වුණු හිනිදුම ද වෙළඳ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. 1980 ජනවාරි 2 පැවැත්වුණු එම වෙළඳ ප්‍රදර්ශනය සඳහා "මහපොළ" ලෙස භාවිත කළ හෙයින් ඉන් පසුව එම වසරේ දී තවත් ප්‍රදේශ රැසක මහපොළ ප්‍රදර්ශන පවත්වා එම මහපොළ ප්‍රදර්ශනවලින් සැලකිය යුතු මුදලක් වුණු බැවින් එම මුදල්වලින් අදාළ ප්‍රදේශවල දරු දැරියන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමට ඇතුලත්මුදලිට අදහසක් පහළ වුණා. ඔහු පෙර සිටම එවැනි ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව සිහින මවමින් සිටි නිසා එම සිහිනය සැබෑ කරගැනීමට මෙය කදිම අවස්ථාවක් වුණා.
Deleteකෙසේ හෝ 1981 වසරේ ඇමති ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල පිළිබඳව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රටේ දිළිඳු දරු දරියන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීම සඳහා ඉදිරිපත් වුණු එම පනත් කෙටුම්පත 5/6 එජාප මන්ත්‍රී පිරිසගේ සහයෙන් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කරගෙන එම නිසාම 1981/82 අධ්‍යයන වර්ෂයේ සිටම මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ක්‍රියාත්මක කරමින් මහපොළ ප්‍රදර්ශනවල දී ලොතරැයියකුක් අලෙවි කිරීමට ලලිත් කැබිනට් අනුමැතිය ලබා ගෙන එලෙස අලෙවි කළ ලොතරැයිය මඟින් එකතු වුණු මුදල් මහපොළ අරමුදල සඳහා බැර වුණා. එහි දී රුපියල් 2ක් වැනි මුදලකට අලෙවි වන එම ලොතරැයිය නිකුත් කරනු ලැබුවේ මහපොළ ප්‍රදර්ශන භූමියට ඇතුල්වීම සඳහා යි. එලෙස අලෙවි වුණු ලොතරැයි සඳහා අවසානයේ දී දිනුම් ඇඳීමක් සිදු කර ත්‍යාග ප්‍රදානයක් ද සිදු වුණා. එදා ලලිත් ඇතුලත්මුදලි ආරම්භ කළ එම අරමුදලට සහාය දුන් රටේ බහුතර ජනතාව මහපොළ ප්‍රදර්ශනවල දී හැකි පමණින් ලොතරැයි මිල දී ගත් බව පැවසෙනවා. එලෙස ජනතාව විශාල ලෙසින් ලොතරැයි මිල දී ගත්තේ එමඟින් අනාගත පරපුරට ලැබෙන ප්‍රයෝජනය ගැන සිතීම නිසා බව කියැවෙනවා. අද අපටත් ඕනේ ඒ වගේ රට ගැන අනාගතය ගැන සැබැවින්ම හිතන නායකයෝ ඉකොනොමැට්ටා, නැතුව මෙලෝ වැඩක් බැරි පල් හොරු නෙමෙයි.
මහපොළ ගැන කියද්දි මතක් වුණ දෙයක්, මේ වෙනතෙක් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා, ඒ ඇමති සුසිල් පසුගියදා දෙල්කඳ පොළ භූමියේදී පැවසුව "අපේ ඔලමොට්ටල ආණ්ඩුව කරන්න බැරි දේවල් කිරීමට ගොස් රට අමාරුවේ දැමූ" බව නිසා බව සමහරු කියන්නේ, ඇත්ත හේතුව මොකක් වෙයිද? එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් රටට හඳුන්වා දුන් ඊනියා සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසූ අතර දැනටමත් තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට මෙය තාවකාලික සහනයක් ලෙස බැලූ බැල්මට පෙනුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අතිශය භයානක බරපතල මට්ටමේ අධි උද්ධමනයක් නැත්නම් හයිපර් ඉන්ෆ්ලේශන් තත්වයක් ඇති වී ඉතාමත් බරපතල විනාශයකට මුළු රටම ඉක්මනින්ම ඇද වැටිය හැකි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා ඉතා මැනවින් පැහැදිලි කළා.
ලංකාවේ රජයේ නිල සංඛ්‍යාලේඛන අනුව පවා රට තුළ උද්ධමනය 12.1කින් සහ ආහාර උද්ධමනය සියයට 22 කින් වැඩිවී ඇති අවස්ථාවක රජය මෙම තීරණය ගැනීම මහත් භයානක ව්‍යසනකාරී විශාල විනාශයක මුල බවත් ඔහු පැහැදිලි කළ අතර මෙහෙම ගියොත් ඩොලර් එක රුපියල් 1,000 ට පමන යා හැකි බවත් පැවසූවා. මමත් හිතන්නේ මෙය අනිවාර්යයෙන්ම විය හැකි බව. එහෙම නේද?
මීට අමතරව සමගි ජන බලවේගය පවසන්නේ රටේ සැබෑ උද්ධමනය හරියටම 58.3% වන බවයි, නමුත් ජාතික ජන බලවේගයේ අදහස සැබෑ උද්ධමනය 43.9% පමණ විය හැකි බවයි. ඊයේ පැවති රූපවාහිනී වොයිස් කට් වල පැවසූ මෙම අගයන් නිවැරැදිද? නැත්නම් සැබෑ අගය කුමක්ද?
//මන් ඔබට විශේෂ ශිෂ්‍යත්වයක් සකස් කර දෙන්නම්. මෙසේ බණ්ඩාරනායක අගමැතිවරයා ඇතුලත්මුදලිට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා මූලික පියවර ක්‍රියාත්මක කළේ 1959 එවකට අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක විසින් ඇතුලත්මුදලිගේ දෙවසරක අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 5,000ක මුදලක් වෙන් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා.//
Deleteදැන් ජනාධිපති අරමුදල යොදා ගන්නා ආකාරයෙන්ම ඒ කාලයේ සිටම සමාජවාදීන් විසින් පොදු අරමුදල් වැය කර තියෙන්නේ හැන්ද අතේ තිබෙන අයගේ අභිමතය අනුව බව පෙන්වන හොඳ නිදර්ශනයක්. ඔය රුපියල් 5000 සහ පොලිය තවමත් රාජ්‍ය ණය ගොඩේ ඇති. කොහොම වුනත්, සල්ලි දෙන එක පාර්මේන්තුවට යෝජනා කරලා අනුමත කරගෙන පාරදෘශ්‍ය ආකාරයෙන් කරලා තියෙනවා. මෙයින් ලලිත් ඇතුළත්මුදලිට මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කිරීමට උත්තේජනයක් ලැබුනානම් එයින් යහපතක් වී තිබෙන අතර තමන් පොදු අරමුදල් පෞද්ගලික අරමුණකට ලබා ගැනීම පිළිබඳව ඔහුට වරදකාරී හැඟීමක් තිබී එයින් මිදෙන්න මෙය කළා වෙන්නත් පුළුවන්. ඔබ කියන විදිහට ඔහු ඉල්ලා තිබෙන්නේ රෝඩ්ස් ශිෂ්‍යත්වයට ඉල්ලුම් කිරීමට අනුමැතිය මිසක් පාර්ලිමේන්තුවෙන් සල්ලි පාස් කරන්න කියලත් නෙමෙයිනේ. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ සංකල්පය හා ආකෘතිය ඉතා හොඳ එකක්.
උදාවූ අලුත් 2022 නව වසරේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සැලසුම් සකස් කරන බවද නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මාධ්‍ය අමතා නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් වන මුලික වටයේ සාකච්ඡා මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ එකමුතුව ඉදිරියේ දී ආණ්ඩුව නියෝජනය කරන තවත් සෙසු පක්ෂ සියල්ලම පාහේ සමග ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් ගොඩ නගන නව බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට බවද ඔහු අවධාරණය කළා.
ReplyDeleteදැනට පැවසෙන පරිදි ජවිපෙ ජාතික ජන බලවේගයේ බිහිකිරීමට නියමිත රජයන් යටතේ ආගම් වාදී අයට ඇමතිකම නෑ. ඇමතිකමක් දරන්න අඩුම සුදුසුකම විශ්වවිද්‍යාල උපාධිය අනිවාර්‍යය කිරීම හා අදාල විෂය පථයේ සුදුසුකම් හා පලපුරුද්ද අවශ්‍යයි. නමුත් ජවිපෙ නොවන ජා.ජ. බ. අයට මෙය තරමක් ලිහිල් කරන ලෙසට දැනට කෙරෙන සාකච්ඡා ඉදිරියේදී සාර්ථක වේවි. ජාතික බලවේග වහා ක්‍රියාත්මක නොවුනහොත් ඇති නැතී සැමට පකෂ විපකෂ සැමට දරුණු ප්‍රතිඵල වළට මුහුණ දී මට සිදුවන බව අවධාරණය කර සිටින අතර, බළය සහ හොරකම පමනක් අරමුණු කරනා දූෂිත රාජ පක්‍ෂ චංචනිකයන් පන්නා දමා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහගත කර දශක අටකට ආසන්න කාලයක් දුෂිත වහල් පාළකයන් විනාශ කරනා ලද සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය වහාම ප්‍රතිසංස්කරනයකට ලක්කළ යුතුයි. එමෙන්ම මන්ද බුද්ධික SJB සහ එජාප UNP අමන රැලද සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අතුගා දමා මංමුලා වි සිටිනා අසරණ ජනතාව පළදායි ළෙස නගාසිටුවීමට නව ක්‍රම සම්පාදනය කළ යුතුයි.
රට පුරා දූෂණය මර්දනය කර විනාශවු හර පද්ධති නැවත වේගයෙන් ස්ථාපිත කළ යුතුයි. දූෂණ නිසා වීනාශවූ ජන ජීවිත සැබැ ලෙසම ප්‍රකුර්ථිමත් කලයුතුයි. ජාතික සම්පත් රැකගනිමින් රාජ්‍ය හාන්ඩාගාරය පෝෂනය කිරීම වහාම ක්‍රීයාත්මක කළ යූතුයි.
විනාශකාරී කොල්ලකාරී අධිරාජ්‍යවාදී රටවල් වන ඇමරිකන් සහ ඉන්දියන් ගැති නූතන රූකඩ පාලකයන් එලවා දමා චීනය වැනි මිතුරු රටවල් වල සම්පූර්ණ සහාය සහිතව නැවත මේ රට ගොඩ නැංවීමට ජාතික ජන බලවේගය ඉතාමත්ම ශක්තිමත්ව ජවිපෙ, නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී/ සමසමාජ/ කමියුනිස්ට් ආදී සියලු වාමාංශික දේශපාලන ප්‍රවාහයන්, එකතු කරගෙන මහින්ද අමරවීර සහ ලාල් කාන්ත සහෝදරයා සහ තවත් සම කැඳවුම්කරුවන් කිහිපදෙනෙකුගේ නායකත්වයෙන් පුළුල් සංධානයක් ගොඩ නැගීමට නියමිතයි. ඉතාමත් ඉක්මණින් මැද මුලන / වික්‍රමසිංහ/ ප්‍රෙමදාස හොර හවුල සහ උන්ගේ චක්ගෝල හෙංචයි කුජීත බොරුකාර හොර රැලත් එම පවුල්වල වහල්ලුන්ගේත් අවසානය අත ළඟයි. අලුත්ම දේශපාලන සංස්කෘතියකට මග විවර වෙමින් පවතී.
මෙය කැස්බෑව හිටපු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරිට හූ කියූ අවස්ථාවක ඔහු කී කවියක් බව පැවසේ
ReplyDeleteමිනිහෙකු උපන්නොත් නරියෙකු හට දාව
උපතින් ඌට හිමිවනවා ම ය හූව
එම්බල කොල්ලනේ මට දැන් හූ කීව
අම්මා ළගට ගොස් මකවාපං හූව
//බිජ්ජ වැටුනට පස්සෙත් බිජ්ජ වැටිලා කියලාවත් නොදැන එඩේරා පස්සේම යන එළුවන්ට "බිජ්ජ නැතත් සුබ අනාගතයක්!" කියනවා ඇර වෙන කියන්න දෙයක් නැහැ.// බිජ්ජ නැති වෙනන්ම කෙළ විය යුතුය. එවිට සියල්ල අළුතින් පටන් ගත හැකිය. යෝජිත පැලැස්තර විසඳුම් මගින් කිසි විටෙක මේ රට ගොඩ යන්නේ නැත. සියල්ල කණපිට හැරී සියල්ල අළුතින් ඇරඹිය යුතුව ඇත. රුපියල එහි උපරිමයට අවප්‍රමාණය වීමෙන් පසු ස්ථාවර විය හැක. එය ඉතා වේදනාකාරී විය හැකි වුවද මෙලෙස ණය ගනිමින් රැක ගන්න හදන ආර්ථිකය අපට කිසිසේත් දිගුකාලයක් නඩත්තු කල නොහැක. IMF නොගියාට කම් නැත. නමුත් අති විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අප සූදනම් විය යුතුය. රාජ්‍ය සේවය මේ මට්ටමින්ම පවත්වාගෙන යාමට 40% අඩු ප්‍රමාණයක් ප්‍රමාණවත් වනු ඇත යන්න මා විස්වාස කරන අතරම එය එක් උදාහරණයක් පමණි.
ReplyDeleteග්‍රාමීය කෘෂිකර්මාන්තය වනසන රිලවුන් ඇතුළු සත්ව හානි වලක්වන්නේනම් තව දුරටත් ග්‍රාමීය ආහාර සුරක්ෂිත තාවයට තල්ලුවක් ලබා දිය හැක. තේ ඇතුළු අපනයන සඳහා ඩොලරයේ සැබෑ වටිනාකම පිරිනමන්නේනම් අති විශාල පිරිසකට සහනයක් වනු ඇත. කෙසේ වෙතත් දුෂ්කර ප්‍රතිසංස්කරණවලට නොයන්නේනම් ඉතා සිඝ්‍රෙයන් මෙම බිඳවැටීම සිදුවිය යුතුය.
@ Buwa
Deleteලංකාවේ මේ අර්බුදයට ප්‍රධානතම හේතුව 2019 - 2020 - 2021 වසර තුනේම එක දිගටම සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමයි මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරෙන විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන අනුව 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,380.6 ක් වූ බව වාර්තා වෙයි.
පාස්කු ප්‍රහාරයේ දැඩි බලපෑම සමග 2019 වසරේදී එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,606.9ක් ලෙස වාර්තා වී ඇති අතර මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 773.7 ක පහත බැස්මකි (Approx. 17.7% ක පහත වැටීමක්). මෙම පහත බැසීම සහ තවදුරටත් සිදු වූ පහත බැසීම් සම්පූර්ණයෙන්ම පාහේ 2019 අප්‍රේල් මාසයෙන් පසුව සිදුවී ඇති අතර, 2018 මැයි සිට දෙසැම්බර් දක්වා කාලය හා සැසඳීමේදී, 2019 මැයි සිට දෙසැම්බර් දක්වා කාල පරාසය තුළ, ඇමෙරිකානු ඩොලර් මිලියන 816.8 ක පහත වැටීමක් සිදුව තිබේ.
Source: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector
එමෙන්ම කොවිඩ් වසංගතය සමගින් 2020 දී සංචාරක කර්මාන්තයෙන් වාර්තා වූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 682.4 ක් දක්වා තව දුරටත් පහත බැස ඇත (මෙය 2018 වසර හා සැසඳීමේදී 84.4% ක පහත වැටීමක්). මෙම වසර තුළ ලංකාවේ වාර්තා වූ සියළුම සංචාරක ඉපැයීම් පාහේ වාර්තාගතව ඇත්තේ 2020 ජනවාරි සිට මාර්තු දක්වා වන අතර, ඉන් පසු පැමිණි මාස නවය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියනයකටත් වඩා අඩු බව වාර්තා වීය.
මෙසේ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයත්, කොවිඩ්-19 වසංගතයත් සමඟින් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු සේම මෙම පාඩුව මෙම වසර දෙකේදී Average ඇමෙරිකා ඩොලර් බිලියන 5 ක සාමාන්‍යයක් බවද පේනවා,
මොකද සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායමේ වාර්ෂික වර්ධනය 2018 ට පෙර 10% ඉක්මවා ගොස් ඇති නිසාත් 10% ක් පමණක් වූ වර්ධන වේගයක් සහිතව වුවත්, 2019 සහ 2020 වසර වලදී සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,818.7 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 5,300.6 ක් වන්නට තිබුණි. එය වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක සාමාන්‍යයකි.
ඒ අනුව ගත් විට,
01. 2019 පාස්කු ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතු කොට ගෙන සංචාරක කර්මාන්තය බිඳ වැටුණු බව
02. එබැවින් වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් අහිමි වූ බව දත්ත ඇසුරින් සනාථ වේ.
පොදුවේ ගත්තාම ලංකාව කියන්නේ බොහෝ දුරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබ සාධන රාජ්‍යයක්. නොමිලේ බෙහෙත් දෙනවා. පාසල් දහසක් සඳහා ප්‍රතිපාදන දෙනවා. රෝහල් නඩත්තු කරනවා. මිලියන එකයි දශම අටකට සමෘද්ධී සහනාධාර දෙනවා. ඇතැම් රෝගාබාධ ඇති අයට වකුගඩු ආබාධිත සහනාධාර දෙනවා.
මීට අමතරම ඇතැම් ස්කැන්ඩිනේවියානු රටවල් සහ ඕස්ට්‍රේලියාව වැනි විශාල සුභසාධක රාජ්ය මෙන්ම ලංකාවේත් රාජ්‍ය ව්‍යවසාය 300 පමණ වෙනවා. මේ රාජ්‍ය ව්‍යයසාය ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන හත්සියයක් ආයේජනය කරලා තියනවා. හැම වසරකටම බිලියන 75පමණ නඩත්තු කිරීමට වැය වෙනවා. මේ සියල්ල ගත්විට ආණ්ඩුවට ආයෝජනය කරන්න සල්ලි නැහැ.
මේ නිසා ලංකාවේ ආණ්ඩුවලට හැකියාව තියෙන්නේ එදිනෙදා වියදම් පියවා ගන්න මුදල් වෙන් කරන්න පමණයි. රජයේ වියදම් යම් ආකාරයට ජාතිකකරණයකට ලක් කළයුතුයි. දැනටමත් මුදල් ඇමැතිවරයා ප්‍රතිපත්ති සම්පිණ්ඩනයක් කරලා තියනවා. ඒ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව තීරණාත්මක ප්‍රතිපත්ති මාලාවක්. සියලුම අංශ ආවරණය වන පරිදි ඉදිරිපත් කර තියනවා. රජයේ ආදායම වැඩි කරන්න සහ රජයේ වියදම ජාතිකකරණය කිරීම එහි යෝජනාව වෙනවා. මේ දෙකම නොකර අපිට තහවුරු කරගත යුතු අනාගතය තහවුරු කරගන්න බැහැ. ඒ නිසා රජයේ වියදම සැලසුම් සහගත ලෙස පාලනය කරන්න කටයුතු කරන්න ඕන. එමෙන්ම රජය දෙනු ලබන සුබසාධනයන් ඉලක්කගත කණ්ඩායම් වලට ලබා දිය යුතුයි. සමහරු සමහර කාලවලට ගේන සටන් පාඨ අදට ගැළපෙන්නේ නැහැ/ කලින් කලට ගේන සටන් පාඨ අදට වලංඟු නැහැ. වෘත්තීය අයිතීන් ආරක්ෂා කරනවා කියන පාරමාර්ථයෙන් රටේ ව්‍යාපාරික සාමය විනාශ කරනවා නම් ආයෝජන අධෛර්යවත් කරනවා නම් ආණ්ඩුව මීට වඩා දැඩිව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි.
එමෙන්ම ලංකා මහ බැංකුව/ රජය වහා කළ යුතුව තිබුණේ විදෙස් සංචිත ආරක්ෂා කර ගැනීමයි. අපිට එයට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළොන් ඈත් කරලා තියන්න බැහැ. අත්‍යවශ්‍ය ආහාර ඖෂධ පොහොර ඇතුළු සියලු දේවල් ගෙන්නුවේ නැතිනම් අපේ ආර්ථිකය අකර්මණ්‍ය වෙනවා. ප්‍රති-අපනයනයන් සහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල අපි ගෙන්විය යුතුයි. ආනයනයන් සීමාව කියන්නේ දිගු කාලයක් පිටරටින් භාණ්ඩ ගේන එක නැවැත්වීම නොවෙයි. පවත්නා තත්ත්වය නිසා තාවකාලික පිළියමක් පමණයි. ආනයන ආදේශනයන් රටේ බිහි කරන්න පුළුවන් ද කියන කාරණාව පිළිබඳව වෙනමමම් සැලකිලිමත් විශ්ලේශණයක් විය යුතුයි.
Deleteසමහර භාණ්ඩවලින් අපි ස්වංපෝෂිතව හිටියා. යහපාලන කාලයේදි කළ ඇතැම් බදු වෙනස්කම් සහ රජයේ තීරණ නිසා මෙය සම්පූර්ණයෙන් අනික් පැත්ත පෙරළුණා. ඒ නිසා දැන් ආනයන ආදේශන කියන්නේ එක් පිළිතුරක්.
අනිත් පැත්තෙන් එසේ ම අපනයන ආදායම් වැඩි කරගැනීමයි දෙවැනි විසඳුම. දැන් විදෙස් වත‍්කම් උපයා ගන්න තිබුණ ප්‍රධාන මාර්ග ඇහිරිලා. විදෙස් ශ්‍රමිකයන් විදෙස් ආයෝජකයන් සංචාරකය කර්මාන්ත වැනි ක්ෂේත්‍රයන් නඟා සිටුවන්න අවශ්‍යයි. අපනයනය ප්‍රමාණාත්මක ලෙස විවිධාංගීකරණය වි නැතිනම් අපි අපනයනයන් විවිධාංගීකරණයට යා යුතුයි. අපිට සංචාරක ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරන්න පුළුවන්.
මීට අමතරව අපිට උදව් උපකාර කළ හදිසි අවස්ථාවක පෙනී සිටි රටවල් තිබුණා. ඒ රටවල් ද ව්‍යයසනයත් සමඟ යම්කිසි කම්පනයනට ලක්වෙලා. මේ වෙද්දී ලෝක ආර්ථිකය යම් පිපිරීමකට ලක්වෙමින් පවතිනවා. එසේ වුවහොත් අපිට විශ්වාසය තබා ගැනීමට පුළුවන්. පුරුදු පරිදි අපේ රටේ සමාජ ආර්ථික තත්ත්වය යහපත් වන පසුබිමක් ඒ හරහා නිර්මාණය වෙයි.
ඒ වගෙම මෙම විනිමය අර්බුදය ඇතිවූ කාලසීමාමේ ඇතිවූ දෙයක් නොවෙයි. මෙය සනාථන ලෝක සත්‍යයක්. නිදහස් වෙළඳ පොළ (විවෘත) ආර්ථිකයත් සමඟ හැම රටකම වගේම දේශීය නිෂ්පාදනයන්ට වඩා පහසු මිලට වඩා අඩුවෙන් පිටරටින් ගෙන්වා ගැනීමට හැකිවුණා. එවිට කළ යුත්තේ අපට වඩාත් ලාභ දේවල් අපනයනය කර ආනයන වලට අවශ්‍ය මුදල් සොයා ගැනීමයි, නමුත් මෙය නිසි පරිදි වුණේද?
ඇත්තටම මේ නිසා මෙය ප්‍රතිපත්ති ගැටලුවක් බවට පත් වුණා. එක් ආණ්ඩුවක් එනවා හදන්න; අනෙක් ආණ්ඩුව එනවා වහන්න. මේ තියෙන්නේ ප්‍රතිපත්ති අඛණ්ඩතාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉන්දියාවේ කවුරු බලයට ආවත් ඒ අය ඒ රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. විරෝධාකල්පවලට රට ඉස්සරහට අරන් යන්න බැහැ. වචනවලින් හරබ කරලා විනාශ කරන කණ්ඩායමක් ඉන්නවා. එය රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන.
මේ වගේම ලංකාවේ පොදුවේ දේශපාලනය ගත්විට හැම පක්ෂයක්ම වගේ කළේ විපක්ෂයේ ඉන්න කොට සටන් පාඨවලින් මුසාවාද සමාජගත කිරීම මගින් මිනිසුන් පීඩනයට පත් කරලා රාජ්‍ය බලය ලබාගන්න හදන එක, එම නිස එම අයගෙන් රට බේරගන්න අවශ්‍යයි සේරටම කලින්, දැන් මේ ආණ්ඩුව කරපු මේ ගොන් සහන වැඩ පිළිවෙලත් මේ පීඩනය නිසා කරපු ගොන් වැඩක්, මෙයින් දිගුකාලීනව රට කබලෙන් ලිපට වැටේවි.
// බිජ්ජ නැති වෙනන්ම කෙළ විය යුතුය. එවිට සියල්ල අළුතින් පටන් ගත හැකිය. යෝජිත පැලැස්තර විසඳුම් මගින් කිසි විටෙක මේ රට ගොඩ යන්නේ නැත. සියල්ල කණපිට හැරී සියල්ල අළුතින් ඇරඹිය යුතුව ඇත. රුපියල එහි උපරිමයට අවප්‍රමාණය වීමෙන් පසු ස්ථාවර විය හැක. එය ඉතා වේදනාකාරී විය හැකි වුවද මෙලෙස ණය ගනිමින් රැක ගන්න හදන ආර්ථිකය අපට කිසිසේත් දිගුකාලයක් නඩත්තු කල නොහැක. IMF නොගියාට කම් නැත. නමුත් අති විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අප සූදනම් විය යුතුය. රාජ්‍ය සේවය මේ මට්ටමින්ම පවත්වාගෙන යාමට 40% අඩු ප්‍රමාණයක් ප්‍රමාණවත් වනු ඇත යන්න මා විස්වාස කරන අතරම එය එක් උදාහරණයක් පමණි.
Deleteග්‍රාමීය කෘෂිකර්මාන්තය වනසන රිලවුන් ඇතුළු සත්ව හානි වලක්වන්නේනම් තව දුරටත් ග්‍රාමීය ආහාර සුරක්ෂිත තාවයට තල්ලුවක් ලබා දිය හැක. තේ ඇතුළු අපනයන සඳහා ඩොලරයේ සැබෑ වටිනාකම පිරිනමන්නේනම් අති විශාල පිරිසකට සහනයක් වනු ඇත. කෙසේ වෙතත් දුෂ්කර ප්‍රතිසංස්කරණවලට නොයන්නේනම් ඉතා සිඝ්‍රෙයන් මෙම බිඳවැටීම සිදුවිය යුතුය. ///
ග්‍රීසිය බංකොලොත් වුණේ අයි එම් එෆ් වැඩ පිළිවෙලක් යටතේ කටයුතු කරමින් සිටිද්දීමයි ඒ 2010 දී, එදා ග්‍රීසිය යුරෝ බිලියන 110 ක ණයක් වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (ඇයි එම් එෆ්) ගිය අතර අයි. එම් එෆ් ආර්ථික විශේෂඥයන් ග‍්‍රීක ආණ්ඩුව දරුනු කප්පාදු වැඩසටහන් ක‍්‍රියාත්මක කල යුතු යයි නිර්දේශ කරමින් වසරකට පෙර යුරෝපීය සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ) ග්‍රීසිය සඳහා යුරෝ බිලියන 110ක ගලවා ගැනීමේ වැඩසටහනකට එකඟ විය. මේ වැඩසටහන නිසා ම හෝ එය තිබිය දී ම ග‍්‍රීසිය තව තවත් ගැඹුරට උග්‍ර වූ ණයගැති භාවය කරා වලපල්ලටම ගිය බව දැන් පැහැදිලිව තිබේ.
IMF උපදෙස් මත 2010 දී ග්‍රීක රාජ්‍ය අංශයේ වැටුප් සියයට 30න් පහතට හෙලන ලද අතර රාජ්‍ය වියදම් දරුනු ලෙස කප්පාදු කිරීමේ මාවතෙහි පැපැන්ද්‍රියෝ ආන්ඩුව ගමන් කලේය. එහෙත් අනෙක් අතට එම දැඩි කප්පාදු පියවර ආර්ථික පසුබෑමක් (Economic slowdown) මුදාහල අතර එය සියලූ ඉතිරි කිරීම් (Savings) ගිල දමා තිබේ. ග්‍රීක් මුදල් අමාත්‍යාංශයට අනුව 2011 වසරේ පලමු කාර්තුවේ ආන්ඩුවේ ආදායම යුරෝ බිලියන 1.3කි. එය යුරෝ සංගමයේ හා ජා.මූ.අ. අවශ්‍යතාවන් ඉටුකිරීමට අවශ්‍ය ප‍්‍රමානයට වඩා යුරෝ බිලියන 1.3න් අඩු වීමකි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස 2010 වසරේ ග්‍රීක් ආර්ථික නිෂ්පාදනය සියයට 4.5% කින් පහත වැටුනු අතර දල දේශීය නිෂ්පාදිතයට අනුව (ද.දේ.නි) සමස්ත ණය ප‍්‍රමානය සියයට 142% දක්වා ඉහල ගියේය. පුද්ගලික සමාගම් බංකොලොත්වීම් 65,000ක් ද රැකියා අහිමි වූවන් සංඛ්‍යාව 200,000 දක්වා ද ඉහල නැඟුනි. ඇතන්ස්හි සෑම සාප්පු පහකින් එකක්ම වැසී ගිය අතර ගම්බදට වන්නට තත්වය තවත් නරක විය. නියමිත දිනට ණය ගෙවීමට නොහැකි විම නිසා දින 20 කින් ග්‍රීසිය ණය ගෙවා අවසන් කරන විට ඔවුන්ට බංකොළොත් ලේබලය ඇලවී තිබුණි. රටවල් දෙකේම කතාව එකය. අද මේ වෙනකන් ග්‍රීසියට එයින් ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ලෝකයේ දියුණු යැයි සම්මත රටක්. ඒ වගේම යුරෝපා සංගමයේ සාමාජික රටක් වන ආජන්ටිනාවත් එහෙමයි. විටින් විට ගොඩ එමින් නැවත යටයමින් යන තත්වයක් තමයි තියෙන්නේ. මේ වගේම මෙවැනි අර්බුදවලට 2012 හා 2015 ග්‍රීසිය, 1998 රුසියාව, 2000 කෙන්යාව හා සිම්බාබ්වේ, 2020 ආජන්ටිනාව, 2017 වෙනිසියුලාව මුහුණ දුන්නේ අයි එම් එෆ් සහය ඇතුව හා නැතුව යන දෙවිදියෙන්මයි.
මේ නිසා ලංකාවත් ලංකාවට සැබැවින්ම අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, අවංක ජනමතයක් ගොඩනගා ගැනීම අවශ්‍යයි. හුදෙක් ඔලුගෙඩි මාරුවක ආණ්ඩු පෙරැළීම වෙනුවට, ආකල්ප වෙනසකින් ජන මත අලුත් කරන බලවේගයක් තිබිය යුතුයි. ජන සමාජය තුළම සමාජ ආර්ථික සහ දේශපාලන විප්ලවය සිදුවිය යුතු අතර එය කළ හැක්කේ රටේ දැනුම් තේරුම් ඇති ආගමික නායකයන්, රටට ආදරය කරන විද්වතුන් සහ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් පටු පරමාර්ථවලින් තොරව කැපවී ක්‍රියාකරන පසුබිමක් තුළ පමණයි. එවන් තත්වයක් ගොඩ නගා නොගෙන තට්ටු මාරු සෙල්ලම් දැමීමෙන් රට ගොඩ ගත නොහැකි අගාධයක හිර වේවි.
//ලෝකයේ දියුණු යැයි සම්මත රටක්. ඒ වගේම යුරෝපා සංගමයේ සාමාජික රටක් වන ආජන්ටිනාවත් එහෙමයි. // - Incorrect - typing error
DeleteCorrected
////ඒ වගේම ලෝකයේ විශාලතම ආර්ථිකය වන යුරෝපා සංගමයේ සාමාජික රටක් පවා වන ග්‍රීසියට පවා එසේ වූ පරිදිම ලංකාවට වඩා සෑහෙන දියුණු යැයි සම්මත රටක් වුණ ආජන්ටිනාවත් එහෙමයි. තවමත් ගොඩ ගිහින් නෑ, ග්‍රීසිය දැන් අවුරුදු දොළහක් තිස්සේ වල පල්ලේ තියෙන ආර්ථිකයක් තියෙන රටක්////
Ano.... //Even with the EU-IMF rescue, the Greek economy continued to struggle mightily. Growing dissatisfaction with the draconian budget cuts, reductions in benefits and pensions, and tax increases, as well as with Papandreou’s handling of the crisis in general, led to more strikes and demonstrations in Athens, Thessaloníki, and elsewhere in the country. In June 2011 weeks of mass demonstrations outside the Greek parliament building—by protesters labeled the “indignants” (associated with similarly disenchanted Spaniards who had taken to the streets in response to the Spanish government’s handling of its own debt crisis)—culminated in an eruption of violence. After failing in his attempts to form a government of “national unity,” Papandreou reshuffled his cabinet, most notably appointing a new finance minister. All these events came as the EU and IMF contemplated delivery of the latest installment of the bailout, which was contingent on Greek implementation of ever-greater austerity measures along with the partial privatization of some state-owned companies. On June 21—facing the looming threat of default and all the ramifications it would entail for Greece and the euro zone—Papandreou’s government narrowly survived a vote of confidence that set the stage for parliament to pass the necessary austerity measures on June 29 (contingent upon enactment the next day of new laws to facilitate the specific measures). Again the legislation was greeted with angry protests outside the parliament building, where demonstrators clashed with police.// ඔව් ඇනෝ කියන දේ තමයි ග්‍රීසියෙත් වෙලා තියෙන්නෙ. IMF යෝජනා අනුව බොහෝ දේ එයාල කරල තියෙනව. නමුත් කඩා වැටීම තව දුරටත් සිදුවෙනව. මේ කඩා වැටීමෙන් පසුව ඔවුන් තමන්ට අනන්‍ය වූ ප්‍රතිකර්ම සෙයො ගනීවි. ඒ සඳහා අපි කතා කරන ප්‍රතිසංස්කරණ අනිවාර්යයනේම ඉවහල් වනවා නොවෙිද? අකාර්යක්ෂම රාජ්‍ය සේවය සීමා කිරීම නිෂ්ඵලද? අය වැය හිගය අවම කිරීම නිෂ්ඵලද? විනිමය අනුපාතිකය එහි සැබෑ අගයට පත්වීමට හැරීම නිෂ්ඵලද? කිසිදු ඵලක් නැති සුබ සාධන සේවා කපා නොහැර සිටීම කව දුරටත් කළ හැකිද? මෙවැනි බොහෝ ප්‍රතිසංස්කරණ අතිශයින්ම බහුතරයකට වේදනා කාරී වුවද අතිවිය හැකි දිගුකාලීන ප්‍රතිඵලය අයහපත් විය නොහැක. කුමන ආණ්ඩුවක් වුවද මේ යථාර්තයට මුහුණ දිය යුතු අතර වැදගත්වන්නේ බලය වෙනුවෙන් බොරු කියා ඇන ගන්නවා වෙනුවට ඇත්ත ප්‍රකාශ කර යථාර්තයට මුහුණ දීමය.
Deleteඑසේ නොවුණහොත් හොම්බෙන්වත් යාමට නොහැකි වනවා ඇත.
@ ඇනෝ....
Delete//පොදුවේ ගත්තාම ලංකාව කියන්නේ බොහෝ දුරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබ සාධන රාජ්‍යයක්. නොමිලේ බෙහෙත් දෙනවා. පාසල් දහසක් සඳහා ප්‍රතිපාදන දෙනවා. රෝහල් නඩත්තු කරනවා. මිලියන එකයි දශම අටකට සමෘද්ධී සහනාධාර දෙනවා. ඇතැම් රෝගාබාධ ඇති අයට වකුගඩු ආබාධිත සහනාධාර දෙනවා.
මීට අමතරම ඇතැම් ස්කැන්ඩිනේවියානු රටවල් සහ ඕස්ට්‍රේලියාව වැනි විශාල සුභසාධක රාජ්ය මෙන්ම ලංකාවේත් රාජ්‍ය ව්‍යවසාය 300 පමණ වෙනවා. මේ රාජ්‍ය ව්‍යයසාය ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන හත්සියයක් ආයේජනය කරලා තියනවා. හැම වසරකටම බිලියන 75පමණ නඩත්තු කිරීමට වැය වෙනවා. මේ සියල්ල ගත්විට ආණ්ඩුවට ආයෝජනය කරන්න සල්ලි නැහැ.//
ඉතින් අපි මේ මගුල නවත්තමුකො. අධ්‍යාපනය නොමිලෙ දුන්නනෙ 45% වඩා වැඩි පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉද්දි. දැන් එය 5% විතර. (හරියට බලන්න වෙනව මට ) සමෘද්ධි ව්‍යාපාරයේ නඩත්තු පිරිවැයම විකාරයක්. නිළධාරි කීයක් ඉන්නවද? අවශ්‍ය පවුල් ප්‍රමාණය ඉතාම සීමිත ප්‍රමාණයක් බව අපි දන්නව. රොහල් වුනත් එහෙමයි. සාමාන්‍ය මිලක් ගෙවල හොඳ සේවවාක් ලබා දීම මීට වඩා හොඳවෙයි නොමිලේ නොමිලේ කිය කියා ඉන්නවට වඩා.
@ buwa,
Deleteමේ වන විට ලංකාවේ බහුතර දිළිඳු ජනයා මත පටව ඇති අධික බදු බර තවත් වැඩිකරමින් අලුතෙන් ජී එස් ටී භාණ්ඩ හා සේවා බදු පැනවීමට ලංකාවේ වත්මන් ආණ්ඩුව තීරණය කිරීම නිසා ජනතාව නව වසරේ කබලෙන් ලිපට;
ECONOMYNEXT – Sri Lanka’s cabinet of ministers had cleared a Special Goods and Services Tax law and changes to the Value Added Tax, a government statement said.
The Special GST consolidates several taxes on liquor, cigarettes, telecommunications, betting and gaming and vehicles, the government said.
Sri Lanka’s Attorney General had cleared the draft law to be published in the Government Gazette and presented to parliament.
Sri Lanka had raised a so-called Financial value added tax on banks. (Colombo/Jan05/2022)
Ref: https://economynext.com/sri-lanka-clears-draft-law-for-special-gst-89326/
පැවති යහපාලන රජය සමයේද ලෝක වෙලඳ පොළේ සියලු භාණ්ඩ හා සේවා ඉත අඩු මිලට පැවති සමයක ලංකාවේ අධික ලෙස උද්ධමනයක් පැවති අතර එම උද්ධමනයේ සැබෑ හේතුව 2017/18 කාලයේ පැනවූ අධික බදු යැයි කියනු ලැබුවේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසිනි. මීට අමතරව 2018 වසර තුළ පමණක් රුපියල 16% කින් පමණ අවප්‍රමාණයවී තිබේ. 2018 ආරම්භයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 154 ට ආසන්න අගයක් වූ අතර, 2018 දෙසැම්බර් 31 දින වන විට එය රුපියල් 183 ට ආසන්න අගයක් දක්වා අවප්‍රමාණය වීමත් එම කාලයේ පැවති අධික උද්ධමනයට හේතු වූ බව කුමාරස්වාමි මහතා පැවසූවා.
Ref:
https://www.sundayobserver.lk/2018/02/18/features/how-can-sri-lanka-tackle-cost-living
https://www.ft.lk/w-a-wijewardena-columns/An-economic-crisis-worsened-by-a-political-crisis--Time-is-running-out-for-Sri-Lanka/885-649689
සැබැවින්ම ලංකාවේ මේ ආණ්ඩුව බලයට පත්වන විට කී එක් කතාවක් වූයේ පසුගිය යහපාලන රජය මගින් පණවා තිබූ දැඩි බදු බර අඩුකරමින් සෘජු හා වක්‍ර බදුවල ඇති විෂමතාව දුරලීමය. එහෙත් ඒ වෙනුවට පසුගිය කාලය පුරාම සිදුවූයේ සාමාන්‍ය ජනයා මත තව තවත් අධික ලෙස බදු පැනවීමය. අද වනවිට සාමාන්‍ය ජනතාව මත ආර්ථික තෙරපුම ඇතිකරන ප්‍රධාන සාධකයක් වී ඇත්තේ මේ අධික බදුය. සාමාන්‍ය ජනතාව මත බදු බර පටවා ආර්ථිකය කළමනාකරණය කිරීමට බලපා ඇති ප්‍රධාන කරුණ වන්නේ රජයේ අධික ණය බරයි. ණයෙහි ප්‍රශ්නය වන්නේ ගැනීමටත් වඩා එය අර්ථාන්විතව භාවිත කිරීමයි. විශේෂයෙන්ම වාණිජ ණය ගෙන ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය නොකිරීමෙන් සිදුවන්නේ ජනතාවගෙන් බදු මගින් උපයන මුදල් ණය ගෙවීමට යෙදීම ලංකාව රටක් හැටියට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්නයයි.
දැනට ලැබෙන සංඛ්‍යාලේඛන වලට අනුව, පිටකොටුවේ සාමාන්‍යයෙන් රු. 350 කට (මෙයම සුපර්මාකර් වල රු. 450 ක් විතර වේවී) මිල දී ගන්නා කුඩා ප්‍රමාණයේ සිල්ලර භාණ්ඩ ලැයිස්තුවක් වෙනුවෙන්, අප රජයට රු. 150 කට වඩා බදු ගෙවන බව ලංකාවේ ආර්ථික විශ්ලේශකයින් පෙන්වා දුන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ, දැන් මේක තවත් වැඩි වීනම නියමිත බව පෙනී යයි. රු. 150ක් යනු ලංකාවේ කෙනෙක්ට දිවා ආහාරයට ගත හැකි සාමාන්‍ය බත් පාර්සලයක මිලට සමානයි.
ලංකාවේ රජය අපගෙන් බදු අය කරනු ලබන්නේ කරණා දෙකක් තකා, එකක් මේ බදු රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් වන අතර ශ්‍රී ලංකා රජයේ 80% පමණ ආදායම මෙම වක්‍ර බදු අය කිරීම තුලින් සම්පුර්ණ වේ. වක්‍ර බදු පැනවෙන්නේ භාණ්ඩ හා සේවා සඳහා වන අතර එමෙන්ම, සෘජු බදු පැනවෙන්නේ ආදායමය.
Deleteමෙහි දෙවැන්න ලෙස රජය පවසන්නේ බදු අය කිරීම මඟින් දේශීය නිෂ්පාදකයින්, ආනයන මගින් ඇති කරන තරඟයෙන් ආරක්ෂා කල හැකි බවට බහුබූත තර්කයකුයි.
නමුත් ලංකාවේ ඉතා දිළිඳු සාමාන්‍ය ජනයා එදිනෙදා මිලට ගන්නා පාරිභෝගික භාණ්ඩ සඳහා මෙවැනි අධික බදු අය කිරීම රජය විසින් සාධාරණිකරණය කරනු ලබන්නේ, එමගින් දේශීය නිෂ්පාදකයින් ආනායන වලින් ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම් තර්කයක් ලෙස ගනිමිනි. ඒ අනුව ආනයන සඳහා තීරුබදු පැනවූ විට, ආනයනවල මිල අධික ලෙස ඉහළ යන අතර, දේශීය නිෂ්පාදකයින්ට වඩා ලාභදායී විකල්පයක් සමඟ තරඟ කිරීමට අවස්ථාව ලබා දෙන බව ට්පැවසෙයි.
මීට උදාහරණයක් ලෙස දැනට ලංකාවේ බෝංචි කිලෝ එකක් සඳහා රජය 101% බද්දක් පනවා ඇති බැවින් එනම් ඔබ ලංකාවේ ආනයනික බෝංචි කිලෝ එකක් සඳහා එහි සැබෑ වටිනාකම මෙන් දෙගුණයක් ගෙවනු ලබයි. මෙය ලංකාවේ බොහෝඅ ආනයනික භාණ්ඩ වලට ලක්වී ඇති ඉරණමයි. ලෙහෙසියෙන්ම වාහන/ විදුලි උපකරණ/ ස්මාට් ෆෝන්/ ලැප්ටොප් මෙන්ම එදිනෙදා ආනයනික පරිප්පු/ සීනි/ ලොකු ළුුණු/ ටින් මාලු/ කිරිපිටි ආදී හැම එකකටම මේ සංතෑසිය බලපා තිබේ.
කෙසේ හෝ මෙම ආනයනික තීරු බදු නිසා දේශීය නිෂ්පාදකයින්ට ආනයන කරන භාණ්ඩ වලට වඩා සාපේක්ෂව අඩු මුදලකට ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළඳපොල තුල විකිනීමට හැකි වීම බැලු බැල්මට දේශීය නිෂ්පාදකයින්ට වාසි ප්‍රතිපත්තියක් ලෙස පෙනුනත් සැබවින්ම දිගුකාලීනව මෙය යහපත් ප්‍රතිපත්තියක් නොවන අතර බහුතර දේශීය පාරිභෝගිකයාට පාඩු පිට පාඩු සිදුවන මහත් ව්‍යසනයකි.
මෙසේ දේශීය නිෂ්පාදකයින්ට සහනයක් ලෙසට මිලෙන් අඩු ආනයන සමඟ තරඟ කිරීම පහසු වීමට රජය විසින් තීරු බදු පැනවූ විට, දේශීය නිෂ්පාදකයින්ට කාර්යක්ෂ්මව හා ඵලදායීව කටයුතු කිරීමට ඇති සියලුම වෙළඳපල දිරිගැන්වීම් ඉවත් වෙයි.
සැබැවින්ම මෙහිදී මිලෙන් අඩු ආනයනික භාණ්ඩ මත අධික තීරු බදු හේතුවෙන්, එම භාණ්ඩයේ මිල දේශීය නිෂ්පාදිත භාණ්ඩ වඩා ඉහල යන නිසා දේශීය පාරිභෝගිකයන් වන අපි දෙයාකාරයකින් පාඩු විඳිමු. අපට දේශීයව නිෂ්පාදිත භාණ්ඩයක් මිල දී ගැනීමට අවශ්‍ය වූවත්; දේශීය නිෂ්පාදකයින්ට උසස් තත්ත්වයේ, ආකර්ශනිය භාණ්ඩයක් පාරිභෝගිකයාට ලබාදීමට කිසිඳු විශේෂ හේතුවක් නැත.
නැතිනම් යම් අවස්ථාවක පාරිභෝගිකයා දේශීය නිෂ්පාදන පිළිබඳව සෑහීමකට පත් නොවී ආනයනික විකල්පයක් මිලට ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එම භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගේ "යහපත" වෙනුවෙන් පැනවූ තීරු බදු ගාස්තු අනුපාතයකට යටත් වන බැවින් වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවේ.
කෙසේ හෝ ලංකාවේ මෙම විකාර බදු මඟින් අනයනය කරන භාණ්ඩයේ අවසාන මිලත්, දේශීයව භාණ්ඩය නිෂ්පාදනය කිරීමේදී වැයවන පිරිවැයත් අතර විශාල වෙනසක් ඇති කරයි. දේශීය නිෂ්පාදකයින්ට මෙම වෙනස අති විශාල ලාභයක් බවට ලක්කර ගත හැක. නමුත් තමන් නිපදවන භාණ්ඩ වල තත්වය උසස් කිරීමට හෝ වඩා ආකර්ශනීය භාණ්ඩ නිපදවීමට කිසිම උනන්දුවක් ඔවුන්ට මෙමඟින් ඇති නොවේ.
මෙම ඊනියා ආරක්ෂණවාදයට ඉඩ දිය යුතු නැති අතර හුදෙක් බදු වලින් මිල වැඩි කිරීම පමණක් කරමින් වෙනත් දිරිගැන්වීම් නොමැතිකම නිසා ලංකාවේ නිෂ්පාදකයින් අකාර්යක්ෂම නිෂ්පාදන රටාවකට හුරුවී ඇත. මෙම අවස්ථාවේ දී රජය තවදුරටත් දේශීය නිශ්පාදකයින් ආරක්ෂා කල යුතුද? එසේ නම්, පාරිභෝගිකයින් සඳහා වන පිරිවැය නම් අපි මේ සඳහා කරන කැපකිරීම ගැන අප සැලකිලිමත්ද?
දැනටමත් ලංකාවේ දේශීය පාරිභෝගික පීඩනය මත ආරක්ෂණවාදය රටේ උණුසුම් මාතෘකාවක් බවට පත් 1977 ලංකා ආර්ථිකය විවෘත වූ දා සිටම දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරමුණු කරගත් විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක කරන ලදී. ලංකාව දකුණු ආසියානු කලාපයේ තම ආර්ථිකය විවෘත කල පළමු රට වුවුද වසර 40කට පසුවත් අප විවෘත ආර්ථිකයේ ඵල නෙලාගෙන නැති බවත් බොහෝ දේ වලින් අප සිටින්නේ පසුගාමී තැනක බවත් ආරක්ෂණවාදය විකල්පයක් ලෙස රජයට කළ හැකි දෙයක් වන්නේ වෙනත් රටවල් සමඟ තාක්ෂණික ආයෝජන ඇති කර ගැනීම සහ එමඟින් රටේ අඩු ප්‍රතිලාභ ලබා දෙන අඩු කාර්යක්ෂම, ආරක්ෂිත කර්මාන්ත, කාර්යක්ෂම සහ ලාභදායක කර ගැනීමට හැකි තාක්ෂණය අත්පත් කර ගැනීම පමණක් බව අපේ අදහසයි.
දැනට ලංකාවේ රජය විසින් පනවන අධික බදු සහ නියාමනය ලිහිල් කර විදේශ ආයෝජන සඳහා ආර්ථිකය විවෘත කිරීම සහ ආයෝජකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම තුලින් මෙය සිදු කල හැකි බවත් දශක ගණනක් තිස්සේ අප සිදු කරන ආරක්ෂණවාදී පියවර දිගින් දිගටම අසාර්ථක වී ඇති බව දැන දැනම, අපගේ නිෂ්පාදකයින් විදේශ තරඟයෙන් ආරක්ෂා කරන මේ විගඩම නැවැත්විය යුතු බව අපේ අදහසයි. මේ ගැන ඔබේ අදහස කෙසේද? මීට ඔබටත් යමක් එකතු කළ හැකියිද?
Ano.... මේ සාකච්ඡාව ගැන මා අපමණ සතුටු වෙමි. ඒ සඳහා ඉඩ හසර සලසන ඉකොනොට බෙහෙවින්ම තුති. අප මුලින්ම තේරුම් ගත යුත්තේ අප ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්ද හෝ වෙනත් දෙයක්ද යන්නයි. සම්පූර්ණයෙන්ම රාජ්‍ය මැදිහත් වීම්වලින් තොර ධනවාදී අර්ථ ක්‍රම ලොව කොතැනකවත් ක්‍රියාත්මක නොවූවද බොහෝවිට ආර්ථික මිණුම් දඩු අනුව දියුණු යැයි සම්මත රටවල රාජ්‍ය මැදිහත් වීම් අවමය. ආර්වෙථිකය වෙළඳඵල මිල ක්‍රමය අනුව ක්‍රියාත්මක වන්නේනම් එහි මූලිකම එකඟතාවයනට අනුව ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුය. රජය විසින් සියළු දේ සුබසාධන අර්ථයෙන් ක්‍රියාත්මක සහ පාලනය කරන්නේනම් එය විවෘත ආර්ථික ප්‍රතිපත්තියට පටහැනිව යන්නකි. අප දැනට මුහුණ දෙමින් ඉන්නේ එම විකෘතියේ ප්‍රථිළුලවලටය. සුබසාධනය අත්‍යවශ්‍යම අයට සැලසීම පරිස්සමින් කළ යුතුවන අතර එය දේශපාලනික අර්ථයෙන් නොගත යුතුව ඇත. නමුත් ජනසවිය, සමෘද්ධි ව්‍යාපාරය, පාසැල් නිල ඇඳුම්, පෝෂණ මල්ල මේ සියල්ල එකම අච්චුවේ ව්‍යාපෘති මිස සැබෑ අවශ්‍යතා අවශ්‍ය අයට ක්‍රියාත්මක වූවා නොවේ.
Deleteඅපගේ නිෂ්පාදකයින් විදේශ වෙළඳපලින් ආරක්ෂා කිරීමේ බදු ප්‍රතිපත්තියද මීටම සමගාමී වූවක් මිස අන් යමක් නොවේ. ඉතින් අපට නායකයින් අවශ්‍ය වන්නේ කෙටි කලකට ජනප්‍රිය තීන්දු ගැනීමට නොව වේදනා සහිත වුවද සැත්කම කළ හැකි අයය. එවැන්නන් මේ පෝලිමේ අගට යන තුරුම හමු නොවන බව නම් සහතිකය. සියල්ල එන්නේ අපි ආවම සියල්ල දෙන්නම් කියාගෙනය. රැකියා ලක්ෂයක්, උපාධිධාරීන් සැමට රැකියා ඒ සියල්ලට 5000.00 ...... මේ ලැයිස්තුව හරි දිගයි ඇනෝ....
ජීවිකයේ එකම ඉපයීම ආහාර, ඇඳුම්,නිවාස වගේ දේවල්වලට මිසක් වින්දනීය කොටසට නොවන විට කොයිතරම් දුකක්ද? සංගීතය, පොත්,චාරිකා...... නැති රළු ජීවිත මිසක් වෙන් දෑ අහිමි රටක පුරවැසියො මොන තරම් අවාසනාවන්තද?
AnonymousJanuary 5, 2022 at 7:01 AM, ඔබේ අදහස් දැක්වීම ගැන ස්තුතියි! ඒ වගේම buwaටත් ස්තුතියි! හොඳ සාකච්ඡාවක්.
Deleteබහුතරේ හැමදාම කරේ හිත හදාගෙන අතපිහිද ගත්ත එක තමා ඉකොනො. එදා වෙලා ටුවර්ස් ගිය අපිම තමයි මෙතනට රට ගෙන්න ගත්තෙ
ReplyDeleteඔය වගේ වැඩක් යහපාලන රජය කාලේ එජාපය විසින් 2015 දී කරලා තමයි රට අවුලට දැම්මේ. රජයේ සේවකයන්ට රුපියල් 10,000 කින් පඩි වැඩි කළා, ඒකේ සැබෑ අගය අද කාලේ හැටියට රුපියල් 20,000 ක් විතර වෙයි මයේ හිතේ. ඒ වගේ බදු අඩු කරලා 150 ට විකුණපු පෙට්රල් 117 කලා තව ආනයනය කරන ලද කිරි පිටි, ටින් මාලු පරිප්පු අල ළූණු වගේ ගොඩක් දේවල් වල ආනයන බදු විශාල වශයෙන් අඩු කරලා තව ආදායම් අහිමි කර ගත්තා. මේ සමහරක් අය එතකොට නම් ඒ වැඩේට සපෝට්.
ReplyDeleteදැන් මේ ආණ්ඩුවත් ඒකම රුපියල් 5000 බැගින් වැඩි කරලා, ඒ නිසා ඇත්ත වශයෙන්ම වෙන්නේ පඩි අඩු වීමක් මොකද Purchasing power එක අඩු වේවි උද්ධමනය ඉහළ යනවාත් සමගම.
රාජ්‍ය සේවක පඩි වැඩි කිරීමේ උද්ඝෝෂන මෙහෙයවන්නෙ විපක්ශය සහ ජවිපෙ... මිනිස්සුන්ට කන්න නෑ, බඩු මිල වැඩියි කිය කියා උදේ රෑ නැතුව කෑ ගහල කෑ ගහල උද්ඝෝෂණ කරල මිනිස්සු කුලප්පු කරනව. අන්තිමට ජනාධිපතිට හූ කියලා වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මා. මම මේ ආණ්ඩුවේ ගොබ්බ ගොන් තීරණ අනුමත කරන්නේ නැහැ ඒත් දැන්, ඔය අපහාස උපහාසවලින් බේරෙන්නත්, මිනිස්සුන්ව බැලන්ස් කරන්නත් ආන්ඩුවේ පිරිස් මේ වගේ ඒව නොකර වෙන මොනව කරයි කියලද ඉකොනොමැට්ටා බලාපොරොත්තු වෙන්නෙ?
අර ඉස්සර හිරු කිව්වත් සල්ලි වගේ දැන් හූ කිව්වොත් සල්ලි ලැබේ.
අනිත් පැත්තෙන් ඔය කියන සෝ කෝල්ඩ් ලංකාවේ ආර්ථික විශේෂඥයෝ (විශේශඟඳයෝ) කියන විදියට ලංකාව බංකොලොත් උනා නම් ලංකාව 2005 -2015 එතකොට 2015 - 2019 කාලෙයි ඒ වගේම පහුගිය 2020-2022 කාලෙයි එකසිය පනස් පාරකට වඩා බංකොලොත් වෙලා. අනේ මන්දා.
මේක ගැන මොකද හිතන්නේ?
"“මේක අපේ පෞද්ගලික කොන්ත්‍රාත් වැඩක් නෙමෙයි. මේක සමාජයේ සාමුහීක වැඩක්. මේ පත්වෙලා තියෙන ව්‍යසනයෙන් විපතෙන් ගොඩනැගීමට අපි විතරක් ගත්ත කොන්ත්‍රාත් එකක් නෙමෙයි. නැහැ, අපි ඔක්කොම එකතු වෙලා මේක කරන්න ඕනේ. අවංකවම වෙනස් වෙලා එන ඕනේම කෙනෙක් සමග මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්න කැමතියි“
-අනුර කුමාර දිසානායක-"
මේ නිසා ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම විවිධ පාර්ශව සමග හැදෙන පුළුල් සංධානයකට මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. බලමු ඒකවත් කරලා.
ඉකොනෝ,
ReplyDeleteමේ වන විට මහ බැංකුවට ඉන්දීය සහ චීන ණය යෝජනා ක්‍රම හරහා ඉන්දීය රුපියල්, ඩොලර් සහ රෙන්මින්බි වලින් ලැබී ඇති ඩොලර් බිලියන 3.1 ක් පමණ වන විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් වලින් තව දුරටත් වැඩි කර ගැනීමක් ලෙස ඩොලර් බිලියන 07 ක් පමණ දක්වා වැඩි කර ගැනීම පිණිස ඉතාමත් ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද මාධ්‍ය හරහා තහවුරු කළා. මම හිතන්නේ මේ නිසා ජාත්‍යන්තරමූල්‍ය අරමුදල මගින් ණය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රධානතම කොන්දේසියක් විදිහට රුපියල ඉතාමත් ඉක්මනින් අවප්‍රමාණ කිරීමට අවශ්‍ය වේවි. ඊට අවශ්‍ය මූලික කටයුත්තක් ලෙස මේ වැටුප් වර්ධකය ලබා දී ඇති බව හිතන්න පුළුවන්. ඊට අමතරව තව ඉතාමත් නොබෝ දිනකින් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුගමනය කරමින් අධික ලෙස බදු අය කිරීම සඳහා බදු පිට බදු ගැසීමට නියමිත බවත් ඒ සමගම ලංකාවෙ ජීවත් වෙන එක අතිශයින් වේදනාකාරී සහ දුෂ්කර එකක් විය හැකි බවත් මේ නිසා බොහෝ දෙනෙක් රට හැර යන එක ඉතාමත්ම ඉක්මනින් දකින්නට පුළුවන් වේවි.
දැනටමත් ආණ්ඩුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා වසරකට විදේශ රැකියා සඳහා මැද පෙරදිග රටවල්, දකුණු කොරියාව, මැලේසියාව, සයිප්‍රස්, ඊශ්‍රායෙල්, රුමේනියාව සහ වෙනත් යුරෝපීය සහ ආසියාවේ අනෙක් රටවල් වලට කොන්ත්‍රාත් පදනම් මත රැකියා අවස්ථා වලට යන අය වැඩි කරමින් වසරකට අවම වශයෙන් ලක්ෂ තුනක් වත් විදේශ රැකියා සඳහා පිටත් කිරීමට ඉලක්ක ලබා දී ඇති නමුත් මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වේවි ද ඉකොනො?
මීට අමතරව කබ්රාල් කියලා තියෙනවා ඉන්දියාව චීනය ඇමරිකා එක්සත් ජනපදය ජපානය වැනි රටවල් සමගත් IBRD ලෝක බැංකුව, European union යුරෝපා සංගමය වැනි ආයතන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බව, මේ හරහා ඩොලර් බිලියන 10 ක් පමණ ඉලක්ක කරගෙන යන නමුත් ඉන් බාගයක් වත් ලබා ගැනීමට පුළුවන් වේවි ද ඉකොනො?
මීට අමතරව ඒ ඒ රටවල් සමඟ සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් වෙත පවරා ඇති බවද බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.
තවද මෙම ක්‍රමය හරහා විවිධාකාරයෙන් එක රටක් හෝ එක ආයතනයක් සමග සාකච්ඡා කර සහන ලබා ගැනීමේ වගකීම එක් විශේෂිත ඇමතිවරයෙකුට පැවරීමටත් මගින් ඒ සියළු වගකීම ඇමතිවරුන් පිරිසකට ලබා දීමටත් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීන්දු කළ බවද ඔහු වැඩිදුරටත් කියන්නේ මේ කියන දේවල් කරන්න පුළුවන් නම් හොඳයි වගේ නමුත් මට නම් හිතෙන්නෙ මේක ඉතාමත් අසීරු කටයුත්තක් විය හැකි බවයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද?
මේ තියෙන්නේ මූලාශ්‍ර කිහිපයක්;
Deletehttps://www.aljazeera.com/economy/2022/1/3/sri-lanka-unveils-1bn-relief-plan-as-soaring-food-prices-bite
https://www.japantimes.co.jp/news/2021/12/30/world/sri-lanka-bailout/
ඒ වගේම මේ කතාව ඇත්ත ද?
https://youtu.be/stw94sBXLBw
ලලිත්ට ෂොට් එක දෙන්ටත් ඔය වගේ සිදුවීම් හේතු වෙන්ට ඇති නේද
ReplyDeleteනැහැ ලලිත් ඇතුලත්මුදලිට ෂොට් එක ප්‍රේමෙට හොරෙන් දුන්න බවටත් කතාවක් තියෙනවා නේද? පස්සෙ ප්‍රේමේ වැඩේ එළි කරන්න මැයි පළවෙනිදා කතාවක් කරන්න ට්‍රයි කරදදි මෑන්ටත් ෂොට් එකක් වැදුනා කියලත් කියනවා. ඇත්තටම මොකක්ද වුණේ කියලා කියන්න දන්නේ නැහැ නේද කවුරුවත්.
Deleteඒ වගේම රජයේ ලිට්රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් එක, ප්‍රයිවට් බස් කාරයෝ, බේකරි කාරයෝ, වී මෝල් කාරයෝ අවුරුද්ද ගානේ මිල උස්සනකොට හිතෙන්නෙ නෑ නේද ඒ උංගෙ අකාර්යක්ෂමතාවය කියලා?
හැබැයි විදුලිබල මණ්ඩලය අවුරුදු හතක් ලයිට් බිල වැඩි නොකර තියෙද්දිත් "මණ්ඩලේ පාඩුයි" කියල ඇහිච්ච ගමන් "මුංව නං පුද්ගලීකරණය කරලා දාන්න තියෙන්නේ" කියල හිතෙනව නේද?
ඒකට තමයි මොළ හෝදනවා කියන්නේ..
ඇත්තටම කොවිඩ් පිට දාල විදුලි බිල ගෙවීම පැහැර හැරපු පුද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන ගණනාවකට 2020 මාර්තු ඉදන් තාම ලයිට් කපන්න අවසර දෙන්නෙ නෑ ලංකාවේ දේශපාලන අදිකාරිය විසින්. නමුත් බැරි මිනිහා නොගෙව්වට ඇති හැකි බොහෝ දෙනා බිල් ගෙවන්නෙ නෑ අවුරුදු ගනන් ඇරියස්. ඉතිං ආයතන පවත්වාගෙන යන්නෙ කොහොමද? මොබයිල් ෆෝන් ටෙලිෆෝන් බිල්, සැට් ටීවී බිල් ගෙවන මිනිස්සු ලයිට් කපන්න උනොත් කඩු පොලු මුගුරු අරන් බුරාගෙන එන්නෙ. පුදුම ආණ්ඩු මේවා. ආයතන දියකරලා දලා වැරදි ඉමේජ් හදනවා. මේවන විට බිලියන ගානක් තීයෙනවා හිඟ බිල්..., අපිත් අවුරුදු 12 ක්ම පුද්ගලික අංශෙ හිටියේ, එතකොට අපි හිතුවේ අපි තමයි පොරවල් ආණ්ඩුවේ ඉන්නේ අල ගෝනි කියලා. දැන් මම ඉන්නෙ ආණ්ඩුවෙ, සූර්ය බල සංවර්ධන ව්‍යාපෘති වල කළමනාකරණයට අතගහපු එක අවස්ථාවක අපි දැක්කෙ ප්‍රයිවෙට් කම්පැනි වල තිබෙන බරපතල අඩුපාඩු. මම දැන් ඔවරෝල් අවුරුදු 18 කට වැඩියි. දැන් තමයි තේරෙන්නෙ රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසාය දෙකේම හොද නරක අඩු වැඩි වශයෙන් තියෙනවා කියලා. හැබැයි රජයේ ආයතන වල පවා හොඳ ක්‍රමවේදයක් හදලා පාලනාධිකාරියට හොඳ වෘත්තීමය පළපුරුද්දක් සහ නිපුණතාවයක් යන අංශ දෙකම සම්පූර්ණ වෙන මිනිසුන් දැම්මම ගොඩයන්න පුළුවන්. අවාසනාවකට මානව සම්පත් කළමනාකරණය ඉතාම පටු සහ ඌන විදියට තමයි රජයේ බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙන්නෙ.
ඇතුලත්මුදලිලා කොහොම වුණත් නන්දසේන සහ බැසිලිකා කරන්නේ ආයතන අකාර්යක්ෂමයි කියලා විකුණං කන්න හදන එක, රට කන්නම බලන් එන උන් මිසක් වැඩ්ඩො නොවෙයි. ඔය මොල හතාණෝ... නෑ.. නෑ පස්සෙ කතා කරමු.
යුධ ගනව් බලාගාරය ගත්තේ ඇමෙරිකාවේ ඉන්න ධනවත් ශ්‍රී ලාංකික හෝ එම සම්භවයක් පවුලක් විසින් වෙන කොම්පැනියක් ප්‍රොක්සි කරලා කියල කියන්නේ ඇත්තද එකොන්. ඒ සල්ලියි හදිසියේ ලැබුණු සල්ලියි අතරෙත් සම්බන්ධයක් තියෙනවද
ReplyDeleteකොහොමද ඇමෙරිකන් උපක්‍රමය, සමාගමේ සිංහල කෙනෙක් ඉන්නව ඒ හරහා වැඩේ දෙනව. ඔය ඇමරිකන්කාරයින්ගෙන් ලංකාව පුරවන අලුත්ම ක්‍රමේ... ලංකාවේ ජනාධිපති, මුදල් ඇමති, දැන් ෆොර්ට්‍රස් MD, සේරම ඇමරිකන් රූකඩ ටිකක්... ඇමෙරිකානු මංකොල්ලකාරී සමාගමක් වන නිව්ෆෝට්‍රස් එනජි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වෙන්නේ ලංකාවේ උපන් ආචාර්ය ජටිල රණසිංහ කියලා හාදයෙක්. මූ ලංකාවේ ඉපිද , හැදී වැඩී පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා පසුව ඇමරිකාවට සංක්‍රමණය වූ ආචාර්ය ජටිල රණසිංහ වෘත්තීයයෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන . අතර දැනටමත් ඔහු සතුව නිර්මාණ 43 ක පේටන්ට් බලපත්‍ර ඇති අතර ජටිලයා නිව්ෆෝට්‍රස් සමාගම හා සම්බන්ධ වන්නේ 2018 වසරේදී.
Deleteජටිලයා හැදී වැඩුණේ ලංකාවේ බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉගෙන එම් එස් සී උපාධිය අධ්‍යාපනයට ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ඇමෙරිකානු පතල් සමාගම්ක තෙල් හා ගෑස් අංශයේ ජ්‍යෙෂ්ඨ තාප හුවමාරු ඉංජිනේරුවරයෙකු ලෙස වසර හයක් වැඩ කිරිමෙන් පසු ජටිල වෙනසක් සඳහා සුදනම් වෙමින් "මම අමාරු ගැටලු විසඳීමට, අලුත් අලුත් දේ ඉගෙන ගැනීමට සහ විශිෂ්ට කණ්ඩායම් වල සාමාජිකයෙකු වීමට කැමතියි," කියා පොර ටෝක්ස් ටිකක් දීලා ජපානයේ ප්‍රථම එච්. පන්තියේ ඒකාබද්ධ චක්‍ර ගෑස් ටර්බයින බලාගාරය සංවර්ධනය කිරිමේ බලශක්ති උත්පාදනය සැලසුම් කිරීම දක්වා වූ ගැටලු සඳහා පර්යේෂණ වලට සම්බන්ධ වෙලා නිව්ෆෝට්‍රස් බලශක්ති සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ බලශක්ති ප්‍රධානීයා ද වෙමින් ආචාර්ය ජටිල රණසිංහ බලශක්ති කර්මාන්තයේ වැඩ කිරීමේ ඉතිහාසයක් ඇති පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන හා ඉංජිනේරු විධායක නිලධාරියෙකු, දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධිය ද හිමි පර්යේෂකයකු, ඉංජිනේරු හා බලශක්ති ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා වසර 23 කට පසුවත්, විශේෂයෙන්ම පසුගිය වසර පහක කාලය තුළදීත් විවිධ නිෂ්පාදන කාර්යයන්ට නායකත්වය දෙමින් නිවිෆෝටස් හී සාර්ථකත්වය වෙනුවෙන් කැප වී කටයුතු කළ වෘත්තීයවේදීයකු බව කියන්නේ ඇත්ත ද? කොහොම වුණත් මෑන් අජිත්ලා වගේ හොර ඉන්ජෙක් නෙවෙයි නමට ඉංජිනේරු දාගෙන මිනිස්සු රවටන කෙනෙක් නෙවෙයි ඉතින්, කොලිෆිකේෂන් තියෙනවා ඒත් කරන්නේ රාජපක්ෂ හොර හැත්ත එක්ක එකතු වෙලා හොර වැඩ ඒකයි අවුල තියෙන්නෙ.
ඒක නෙමෙයි අජිත්/ ඉකොනොමැට්ටා මෙන්න මේ මැණික් මිලට ගත් ඩුබායි සමාගම මොකක් ද සහ ඒකේ සැබෑ අයිතිය තියෙන්නේ කාට ද දන්නේ නෑ නේද? මේ ගැන හොයල බලල විස්තර කියන්න පුළුවන් නේද?
��
https://youtube.com/watch?v=MihWO0SGbdo&feature=share
//කොහොම වුණත් මෑන් අජිත්ලා වගේ හොර ඉන්ජෙක් නෙවෙයි නමට ඉංජිනේරු දාගෙන මිනිස්සු රවටන කෙනෙක් නෙවෙයි // රුසියාවේ ඩිග්‍රිය ගැන වෙන්නැති කියනව ඇත්ත. දැන් ඒ ඩිග්රියාම ගත්ත ගොඩක් අය ඕස්ට්‍රේලියාවේ, ඇමෙරිකාවේ, නවසීලන්තයේ, බ්‍රිතාන්‍යයේ තමයි වැඩ. අබ සරණයි ඔයාලට.
Deleteකෙසේ වෙතත් ඔත්තුවට ස්තූතියි ඇනෝ. ඉතින් එහමනම් ඔය බලාගාරය දුන්නට වැරැද්දක් නැහැනේ ඒ කොම්පැනියට .
https://www.newfortressenergy.com/about/jatila-ranasinghe-working-empower-world-powered-zero-emissions-energy
අජිත් අංකල්, මම හිතන්නේ වෘත්තීකයෙක් වෙනවා කියන්නේ මොකක් හරි කැම්පස් එකකට ගිහින් ඩිග්‍රිය කියලා කොළ කෑල්ලක් අරන් පස්සේ තව ටිකක කාලයක් එක එක ජල්තර කර කර ඉඳලා තව ටික කාලෙකින් මෙම්බර් සබ්ස්ක්‍රිප්ශන් වලින් නඩත්තු වෙන අයි. ඊ. ඊ. ඊ/ තාරකා විද්‍යා සංගම් කියාගන්න අටමගලවල් වල මැම්බර්ශිප් එකක් අරන් "අඩෝ මෙන්න ම්ගේ සහතික" කියලා ගොන් පාට් දමමින් ලෝකෙටම විහිළුවක් වෙන එකටම නෙවී නේද?
Deleteකොටින්ම කියන්වා නම් තම දෑතේ ශක්තිය සවිමත් කිරීමත් තමන්ගේ සහජයෙන්ම ගෙනාපු හැකියාවන්ට පන්නරය ලබාගැනීමත් යහපත් මනුස්සයෙක් හැටියට සමාජ ගතවීමටත් ඕන වෙන අක්ත පත්‍ර තමයි ඕනෑම ඉගෙනීමක/ වෘත්තීය සුදුසුකමක තියෙන්නේ. ඇත්තටම වයසෙන් මුහුකුරා යෑමේදී ජීවිතයෙන් ලබන ඉගෙනීම කිසිම අධ්‍යාපන ආයතනයකින් ලබාගන්නත්, මොන උපාධි ලබාගත්තත් දෑතේ සවියෙන් කල හැක්කක් නොමැති නම් තමයි වරද.
@ Ajith Dharma,
Deleteමට මතකයි 2016 AL බැච් එකට උගන්නපු අපේ ඉස්කෝලේ ෆිසික්ස් සර් ඉස්සර කියනවා "අයිසේ කරන මොකක හරි කමක් නෑ හරියට කරනවා, රස්තියාදු ගැහුවත් කමක් නෑ ඒක දිගටම හරියට කරනවා , තමුසෙලා ඒක කරන්නෙත් බාගෙට" කියලා. ඇත්තටම මේ ඉකොනොමැට්ටලා වගේ වගේ බෙල්ල කඩාගෙන පොත් කට පාඩම් කරලා විතරක්ම මදි, විභාගයක් ලියලා සමත් වෙන්නත් ස්කිල් එකක් තියෙන්න ඕන. මෙමරි එක ට්‍රේන් කරන් ප්‍රශ්න වලට ආන්ස්වර් කරන රටා දැන ගන්න ඕන, අපිට ඒ ලෙවල් පංතියෙදි අපේම පංතියේ හිටපු යාලුවෙක් කෙමිස්ට්‍රි ටියුශන් දුන්නා, අපි තුන් දෙනෙක් කැම්පස් ආවා (ඉන්ජෙකුයි, ආකියෙකුයි, ටෙක්ස්ටයිල් පොරකුයි හැටියට) ඒත් ටියුශන් දුන්න යාලුවා හැලුනා මොකෝ ඌ විශය දැනගත්තාට ඌ දන්නේ නෑ විභාගයක් ජයගන්න විදිය. මොකද අම්බානක් කඩප්පුලි වැඩ කරල, උන්නු ගමන් ට්‍රැක් එකට වැටෙනවුන් දන්නෙම නැතිව විභාග කඩඉම් පැන ගන්නව. පොතේම ඇලී ගැලී උන්න එවුන් කප්පරකට ඇනගන්න වෙලාවලුත් තියෙනව. ජීවිතේ ඒකායන අරමුණ විය යුත්තේ ඉංජෙක්වෙක්, දොස්තරෙක් හෝ වෙන ගෝතයෙක් වෙන එක නොව ඉගෙනගන්න දේ හරියට කිරීමයි. ඒ ලෙවල් කියන්නෙ ජීවිතෙන් බොහොම පොඩි කෑල්ලක්. හොඳින් විභාගෙට මුහුණ දෙන්න. ජීවිතේ දිනන්න කැම්පස් යන්නම ඕනෙ නෑ. ඔයාගෙ හීනෙ ඉංජිනේරුවෙක් වෙන එක උනත්, ගිටාර් වාදකයෙක් වෙන එක වුනත්, අයිස්ක්‍රීම් වෙලෙන්දෙක් උනත් කමක් නෑ. හිතන්නකො ඔයා ලෝකෙ හොඳම අයිස්ක්‍රීම් නිපදවන්නා වෙලා, ඔයාගෙ අයිස්ක්‍රීම් කන්නම ඇමරිකානුවො යූකේ වලට එන දවසක කාටද ආඩම්බර? අපිටද?
(හැබැයි ලංකාවේ කට්ටිය නම් මූණට කියයි “හරි ෂෝක්, හොඳට සල්ලි හම්බකරන්න පුළුවන් ව්‍යාපාරයක්නෙ පටං අරං තියෙන්නෙ‘ කියල... අනිත් පැත්ත හැරිල කියයි "දැං ඔය කොච්චර සල්ලි හම්බකරං කාර් බාර් අරං හිටියට ඔය යකා ඒ ලෙවලුත් ෆේල්" කියල. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඇති වෙන්න අහල තියෙනව අපේ කට්ටිය ඔය වගේ කතා කියනව)
නමුත් මේ සේරටම වඩා අතේ පැලවෙන බොරු ටොන් ගනණින් කිය කියා අන්ත දූෂිත දේශපාලුවන්ගේ පස්සේ යමින් උන්ගේ දේශපාලන කැම්පෙන වලට ස්වාධීන මිනිසුන් නතු කරමින් කෝටි ගණනින් මුදල් හම්බ කිරීම/ තව අයට මුදල් වංචා කිරීම වගේ දේවල් ඉතාමත් වැරදි වැඩ. ඔබටත් දැන් ලංකාවේ පවතින වර්තමාන දූෂිත පවුල් පාලක රෙජීමයට සම්බන්ධ වෙලා ගජබින්න කෙලිමින් මිනිසුන් රවට්ටමින් ආණ්ඩුවේ පැවැත්ම රැක දෙන්න ආරාධනයක් ලැබුණොත් හොඳ ගණනක් ලැබෙනවා නම් ඔබ අනිවාර්යයන්ම ඊට ඉදිරිපත්වෙන බව හැමෝම දන්නවානේ? අන්න ඒ වගේ දේවල් තමයි වැරදි, නැතුව රුසියන් ඩිග්‍රියේ වරදක් මම දකින්නේ නෑ. අනිත් පැත්තෙන් දෑතේ ස්කිල් එකක් ඉගෙනගත්ත එකා ගොඩ. කවද හරි රස්සාවෙන් එලව්වත් තමන්ගේම කියලා කඩයක්/ වැඩපොළක් බැරිනම් ගෙදර හරි පටන් අරන් බුකියෙන් පබ්ලිසිටි දීලා යාලුවොන්ගේ සපෝට් එකෙන් මාකටින් පාරක් දාගෙන දෙකයි පනහ හොයා ගත්තෑකි.
හැබැයි මේ අපි උපදින්නත් ඉස්සර ද කොහෝදෝ ඉස්සර හද්දා ආදි කාලේක ලංකාවේ කැම්පස් වල ආට් කට්ටිය ලියපු කුරුටු ගීය අජිත්ට ගැලපෙනවා නේද බන් අජිත් අංකල්?
කඩ්ඩයි පන්දමයි ඇත්නම් නුඹට මලේ
රස්සාවකට ඩිග්‍රියකින් කිම ද පලේ
ඩිග්‍රිය මිසක් කඩු පන්දම් නොමැති කලේ
කොටහන් පුරන් බැහැලා උඹ ගමේ වෙලේ
//ඉතින් එහමනම් ඔය බලාගාරය දුන්නට වැරැද්දක් නැහැනේ ඒ කොම්පැනියට//
අදාල ගිවිසුමේ නම් සඳහන් සමාගම පිළිබඳ තමන් සොයා බැලූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ "ඒකේ ඇඩ්රස් එක අපි හෙව්වා. ඇඩ්රස් එක තියෙන්නේ අමෙරිකාවේ සුපර් මාර්කට් එකක. ඒ තියෙන ඇඩ්රස් එක දැන් අපි හොයන්න ඕනේ අමෙරිකාවේ ඒ ගෑස් ගේන කොම්පැනියේ එක ද කියලා. මේවා මේ රටේ ජනතාවට ආදරයට ගහපු ගිවිසුම් ද? 1987 දී 5/6 බලය පාවිච්චි කරලා වගේ තමයි අද 2/3 බලය පාවිච්චි කරලා කෙරවලපිටිය අපේ රටෙන් විකුණලා දාන්නේ. ඒ විතරක් නොවෙයි ලංකාවට ගෑස් විදුලිබලය සැපයීම, ගබඩා පහසුකම, නල පද්ධතිය ඔක්තොම තනි එකාට ලියලා දෙනවා. මොකට ද? කොමිස්වලට. ඒක එහෙම ගැහුවාම වෙන එකවුන්ට් එකකට යනවා සල්ලි ටික. පැන්ඩෝරා ගිණුම්වලට. පැන්ඩෝරා ගිණුම් හෙළිදරව් වෙනකොට තව අවුරුදු පහක් විතර ගිහිල්ලනේ. දැන් ඕකේ කොමිස් මුදල යන්නේ කවද්ද? ඒවා හෙළිදරව් වෙනකොට ලෙඩා මැරිලා බඩ සුද්ද යි."
හඳුන්නෙත්ති තවදුරත් පවසන්නේ ගිවිසුම අත්සන් තැබීමේදී එහි රජය පාර්ශ්වයෙන් අත්සන් තැබූ මුදල් අමාත්‍යංශයේ ලේඛම් එස් ආර් ආටිගලගේ සාක්ෂියට අත්සන් තබා ඇති විදුලිබල මණ්ඩලයේ සභාපති ෆෙර්ඩිනැන්ඩස් ම මුදල් අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස ඇමරිකානු සමාගම වෙනුවෙනුත් සාක්ෂියට අත්සන් තබා ඇති බවයි. ඇමරිකානු සමාගමේ අනෙක් ශාක්ෂි කරුවශයෙන් අත්සන් කල අනෙක් පුද්ගලයාත් ශ්‍රී ලංකාවේ පුරවැසියකු බව තවදුරටත් හඳුන්නෙත්ති පැවසිය.
Deleteමේ ලෑස්ති වෙන්නේ, මිග් යානා ගනුදෙනුව වගේ ගැහිල්ලකට ද ලෑස්ති වෙන්න ද? අපිට ඉතිහාසය මතක යි. හදාගන්නවා කොම්පැණිය, හැබැයි හදාගෙන මාසයක්, දෙකක්, තුනක් යනකොට, වැඩේ වුණාට පස්සේ, ගිවිසුම අත්සන් කළාට පස්සේ, සල්ලි ටික හුවමාරු වුණාට පස්සේ, හොයා ගන්නත් නැහැ කොම්පැණිය, අජිත් අංකල්ලට නම් ඉතින් මේවගේ හොර වැඩ හොඳටම හුරු ඇති, ජල්තර කාපර් කෙනෙක්නේ නේද?
@AnonymousJanuary 6, 2022 at 1:56 AM - ඇත්තමයි පුතා , මම මේ දර පලන් ඉගෙන ගණන් කෝස් එකකට ඇප්ලිකේෂන් දැම්ම. අලුත් අවුරුද්දේ වත් ඉගෙන ගන්න. මොකද අයිටි කියන ඒවා ඔයාගේ රටෙත් ගණන් ගන්නේ නැතිව ඇති නේද
Delete@AnonymousJanuary 6, 2022 at 2:00 AM හා මචං . කලින් උත්තරේ තමා. දර පලන්න යනවා. මටනම් හිතෙන්නේ එකොන් කරන්නේ හොඳ වැඩක් කියල. අපට දේශපාලන ආර්ථිකය කියල එකක් ඉගැන්නුවා. "ප්‍රග්ධනය" එක්කම. නමුත් එකොන් ගේ පැහැදිලි කිරීම් හරහා මටනම් තවත් නොදන්නා පැති ඉගෙන ගන්න ලැබුන. අනේ මන්ද ඇනෝ මම නම් කිසිම දේශපාලකයෙකුට කඩේ ගියේ නැති නිසා දන්නේ නැහැ ඒ ගැන. හැබැයි මම අර ප්‍රයිවෙට් ගුවන් යානා මැක්රෝන් භාවිතා කළ කතාව ගොඩක් අයට වැදිලා තියෙන බවයි පේන්නේ. මිනිස්සු ඒ යානා ගන්නෙම නොයෙකුත් දේවලට භාවිතා කරන්න. රටක් සාමාන්‍ය කස්ටම් නිති අභිබවා යන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා කියල තමා ඔය ගැන කීව මිතුරෙක් පැවසුවේ.
Deleteඇත්තටම අජ්ජෝ උඹේ මොළේ පිහිටලා තියෙන්නේ නිතඹේ ද මචන්? පොඩ්ඩක් මොළේ පාවිච්චි කරලා කල්පනා කරල බලපන්කො බං රෙද්ද?
Deleteමේ දවස්වල මැදමුලන වල පයයි ගොඩ පයයි ඉන්න නාකි මයිනා රටේ විශාල වශයෙන් විදේශ විනිමය හිඟකම සහ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින වෙලාවක සුඛෝපභෝගී ප්‍රයිවට් ජෙට්වල ෆුල් ආතල් එකේ ෂපාන් එකේ තිරීපති වන්දනා වලට පවුල් පිටින් යනවා, අපි මෙහේ නිතඹ ඉරාගෙන කාඩපක්ෂ හොර රැලගේ ගොන් පාට් විවේචනය කරමින් උන්ට ආයේ කවමදාවත් නැගිටින්න බැරි වෙන්නම පච කරමින් නැති කරල දාන්න නිදි මරාගෙන දඟලනවා, උඹ යූකේ වල ඉඳන් ගොනා වගේ මැකරෝන් ගෝතයෙක් ගේ ජෙට් ගැන මෙතන වැල් බයිලා ගහලා අපි අච්චර අමාරුවෙන් ගොඩ නගන තර්කය ජෝක් එකක් කරනවා. යකෝ මැක්රෝං ගේ බයිලාව උඹ වෙන වෙලාවක ගහපන් මෙතන කට්ටිය හෙන අමාරුවෙන් තැටිය රත් කරන වෙලාවේ වතුර ගහල මොරාල් බස්සල දාන්නේ නැතුව, බොටත් මැදමුලනේ හොර හැත්තගෙන් අතයට බර ගානක් කැපෙන අයි ටී කොන්ත්‍රාත් එකක් වත් ලැබිල තියෙනව කියලත් හිතෙනවා මේ වැල් බයිලා දකිනකොට නම්...
හෑ ඇනෝ උඹලා දෙන්නගෙම මොලේ තියෙන්නේ නිතඹටත් පහලද කොහෙද/ කවදද මම ඔය කියන උන්ට කඩේ ගියේ බං. මම මගේ නමින් ලියන කොට පුලුවන්ද මචං කෙලින්ම ලියන්න. එකොන් ටයි මටයි දෙන්නටම තහනම් වෙන්න. කල්පනා කරල් බලපන් උඩම කොමෙන්ට් එකට ගිහින්. මකරෝන් ගේ නමට ආදේශ කරපන් ඔය උඹ කියන අනිත් මයන්න. ලුර්දු දේවාලෙට දාපන් ඉන්දියාවේ තියෙන එක. ප්‍රයිවෙට් ජෙට් එකට දාපන් මොණරාගේ පාටෙන් ගිය එකට. ඔය බුකියේ තියෙන්නේ. කබ්බගේ මාර්ග විස්තරේ තමයි යකෝ කීවේ. කොහෙද බං උඹල එක්ක වැඩක් කරන්නේ.
Deleteඉකොනොමැට්ටා,
ReplyDeleteමේ තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව අවුරුදු දෙකක් ඇතුලත පළවා හැරීමට පහසුවෙන්ම අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය;
https://www.youtube.com/watch?v=ZLda3vNFPdI
කෙසේ නමුත් ලංකාවේ ආණ්ඩුවක් අවුරුදු පහක් සම්පූර්ණ වීමට පෙර මේ ආකාරයට ගෙදර යවන්න පුළුවන් වේවි ද?
මෙහි ඇති නීතිමය පසුබිම සහ ව්‍යවස්ථාවේ ඇති බලතලවලට අනුව මෙම ක්‍රමය හරහා ලංකාවෙ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් වේවි ද ඉක්මනින් කියා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?
මේ බලන්න ලංකාවේ වටින ඉඩම් විදේශිකයන්ට/ විදේශීය බහු ජාතික මංකොල්ල කාර සමාගම් වලට විකුණන එක ගැන විස්තර;
ReplyDeletehttps://www.facebook.com/indu.malalasiri/videos/277161887791399/
ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයම පෙරට ආ යුතු බව මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි
https://www.facebook.com/indu.malalasiri/videos/227105899559675/