ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා.
ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි.
දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්.
ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.
ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්.
https://www.youtube.com/watch?v=qz1xFcF3m6k
ReplyDeleteඔව්. මෙයත් පන්සලක් වූ පල්ලියක්. ඉලිනෝයි ප්‍රාන්තයේ.
Deleteසුජාත හාමුදුරුවන්ගේ ඔය වීඩියෝ එක කලින් බලල තිබුණේ නැහැ. බොහොම විවෘතව ඇත්ත තත්ත්වය පැහැදිලි කරනවා.
Deleteහුම්ම්.. ඕක දැං ලංකාවෙ ගොසිප් සයිට් හුටමො ටික දකින්ඩ විතරයි තියෙන්නෙ 😃😃😃
ReplyDelete//ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. //
ReplyDeleteLand of the free??
ඇමරිකාව කියන්නේ සාමූහික සමාජයක්. ඇමරිකාවේ වුවත් පෞද්ගලික නිදහස කියන එක තීරණය වන්නේ සාමූහික තීරණ වල සීමාව තුළයි.
Deleteඅපේ අසල්වාසීන්ගේ ස්වයං නිර්ණ අයිතිය
http://economatta.blogspot.com/2017/03/blog-post.html
Land of free to make their own laws
DeleteYes.
Deleteලංකාවෙ තියෙන්නෙ ලවුඩ්ස්පීකර්
ReplyDeleteපන්සල මොකද පල්ලිය මොකද ඉන්නව නං ගුණවත්තු
ReplyDeleteදැන් වැඩි හරිය ඉන්නේ හොර සිල්වත්තු
උන්දැල වඳ වෙලා වැඩිවී නැණවත්තු
ලෝකය පුරා වැඩි වේවා පින්වත්තු!
ඉකොනොමැට්ටා මෙතන ජාතිවාදී ආගම්වාදී ගැටුම් ගැන කතා කරලත් දන්නේ නැති කරුණ තමයි ඔය විදියට පකිස්තාන සියල්කෝට් අවාසනාවන්ත සිදුවීමේදී ඝාතනයට ලක්වු ප්‍රියන්ත කුමාරගේ පවුල වෙත ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක වන්දියක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක්) ගෙවීමටත්, ඔහුගේ වැටුප අඛණ්ඩව ලබා දීමටත් පාකිස්ථානය තීරණය කර ඇති බව. මේවා ගැන කතා නොකර විවේචනය පමණක් කිරීම සුදුසු නෑ නේද?
ReplyDeleteමේ වන විටත් ලංකාවෙ සහ ජාත්‍යන්තර මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ පකිස්ථානය තුළදී අවාසනාවන්ත ආකාරයට අනතුරකින් ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබෙන අතර මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බව පකිස්තාන මාධ්‍ය සහ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය පවා ඉතා පැහැදීමෙන් වාර්තා කර සිටී.
මේ වගේම තවත් වැදගත් තීරණ අතර හොඳ ආරංචියක් තමයි මියගිය ප්‍රියන්ත කුමාර ලැබූ මාසික වැටුප සම්පූර්ණයෙන්ම එලෙසම ඔහුගේ පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තහවුරු කිරීම.
ඒ අනුව එම අනතුරින් අපට අහිමි වූ ලාංකිකයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ උත්සවයකට එක්වෙමින් පකිස්තාන අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තහවුරු කර ඇත.
තවත් මේ ගැන ඔහු පවසා ඇත්තේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බවත් උත්සවය අවසානයේදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මිය ගිය ප්‍රියන්ත කුමාරව බේරා ගැනීමට උත්සාහ දැරූ පකිස්තාන ජාතික මලික් අද්නන් වෙත පකිස්ථාන් සිවිල් වැසියකුට පිරිනමන දෙවැනි උසස්ම විශිෂ්ටතමයන්ට පිරිනමන සිවිල් සම්මානය වන "තම්ගා අයි ෂුජාත් " සම්මාන පිරිනැමීමයි. නමුත් ඉකොනොමැට්ටා මේවා උවමනාවෙන්ම අමතක කිරීම සුදුසු නෑ නේද?
පඩිය එවනකොට උන්ඩියල් විදියට එවන්න කියන්න. නැතිනම් ඒකෙන් කොටසක් ආණ්ඩුව හොරා කනව
Deleteමේ දවස් වල කාලකන්නි තැරිදාර පුන්නක්කු මී හරක් බයිසන් ගවරැල;
Delete"අර මැරිච්ච මහත්තයගෙ දරු පවුල් දකිද්දි හරිම දුකයි. පාඩුවෙ හිටපු මිනිස්සු.. අර දරුවො ඒ වීඩියො දකිද්දි, තමුන්ගෙ තාත්තට මැරෙනකං ගහනව...අම්මෝ....."
යකෝ මේක මේ හදිසි කෝපය නිසා සුළු පිරිසකගේ අතින් සිදුවූ යම් කිසි සිදුවීමක් විතරයි. නමුත් රාජ්‍ය බලය සහිතව රජයේ පාලක තනතුරු දරන පිරිසක් විසින් නීතිය අතට අරගෙන ලංකාවෙත් සුද්දියක් දූෂණය කරල, එයාගෙ සැමියා මරල, ප්‍රා.ස සභාපති කෙනෙක් ගණං කරල දූෂණය කරද්දි රටේ පාලකයා රාජපක්ෂ කෙනෙක්...!
එතකොට වසීම් තාජුද්දීන් රාජ්‍ය බලය අවභාවිත කරමින් අතිශය අශිෂ්ඨ තිරශ්චීන ලෙස අමානුෂික ආකාරයේ වධ බන්ධන හිංසා පමුණුවා ඝාතනය කර පුළුස්සා මැරීමට කටයුතු කළේ කවුද? ඒ ගැන මුන් සද්ද නෑ?
//AnonymousDecember 7, 2021 at 11:58 AM//
Deleteඔබ කියන දේවල් මේ විදිහට වුනේ ලොව පුරා බොහෝ දෙනෙක් මේ ගැන කතා කළ නිසා වෙන්නත් පුළුවන් නේද?
මේ පින්වතුන් නිදහස් වෙලාවක විශිෂ්ට ධර්ම දැනුමැති විචිත්‍ර ධර්ම කථික අතිපූජ්‍ය ඥාන සාර ස්වාමීන් වහන්සේට දුරකතන ඇමතුමක් දී කතා කරන්න. උන්වහන්සේ ඉතා මැනවින් ධර්මය දේශනා කරමින් බුදු දහම ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරනවා.
ReplyDeleteමේ කෙටි වීඩියෝ ක්ලිප් එක ඊට හොඳ උදාහරණයක්.
https://www.facebook.com/100000214614781/posts/5213530581997377/?app=fbl
උන්වහන්සේ මේ දිනවල ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු නිසා බොහෝ විට කාර්යබහුල වන නමුත් ධර්ම සාකච්ඡා සඳහා ඕනෑම වේලාවක ඔබට ප්‍රශ්න ඇසීමට සහ නිරාකරණය කර ගැනීමට පුළුවන් වෙයි.
ආගමක් මිනිසාට කොයිතරම් වැදගත් දැයි කියා ප්‍රශ්ණ කෙරෙණ සමාජයක අළුතින් පංසලක් පිහිටුවීමට පල්ලියක් ලබාදීම පිළිබඳව අප නැවත් හැරී බලමින් නොව නැවතී කථා කල යුත්තේ; එම ප්‍රධානයට සිත හදා ගත් පල්ලියේ පූජකතුමා ඇතුළු ආගමික බලධරයින් හා එම පල්ලිය පරි හරණය කල සාමාන්‍ය ජනතාව ඒ සඳහා කෙසේ සිත එකඟ කර ගත්තේද කියනා කාරණය සිතට එන විටයි.
ReplyDeleteසත්තකින්ම බුදු දහමේ කියැවෙන "අත් හැරීමට" මීට වඩා සාර්ථක උදාහරනයක් වෙත්ද?
අපේ මාතලන් තුමා කියපු විදියට බුද්ධාගම කියන්නේ පට්ට සෙල්ෆිෂ් ආගමක්.
ReplyDeleteඇමරිකා ඔරුමත්තුනාඩුවේ අය ඒකට විරුද්ධ නැත්තේ ඒ නිසා වෙන්න ඇති.
සාමූහිකත්වය ගරු කරන කතෝලික, ඉස්ලාම් වගේ ආගම් වලට එච්චර සුහදත්වයක් නෑ.