ඇමරිකාවේ ශීත සෘතුව හා වසරාන්ත නිවාඩු කාලය එළැඹෙමින් තිබෙනවා. මේ නිවාඩු සමයේ දන්නා කියන කීප දෙනෙක්ම ලංකාවට යන්න සූදානමින් ඉන්නවා. වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට පෙර දෙවසර තුළ ලංකාවට යන්න ලැබුණේ නැහැ. ඔමික්‍රෝන් නිසා අනාගතය පිළිබඳව තිබෙන්නේද අවිනිශ්චිත තත්ත්වයක්. ග්‍රීක හෝඩියේ අකුරු ඉවර වෙනකම් කෝවිඩ් ප්‍රභේද අලුතෙන් එන එක ඉවර වෙන එකක් නැහැ.
ඇමරිකාවේ ඉන්න ගොඩක් අය ලංකාවට යන්න මේ කාලය තෝරා ගැනීම තේරුම් ගත හැකියි. ගුවන් ගමන්පත් මිල වුවත් සාමාන්‍ය වසරකදී තරම් වැඩි නැහැ. එහෙත්, සංචාරය කරන්නෙකු විසින් අනුගමනය කළ යුතු නියාමන රෙගුලාසි ගණනාවක් තිබෙනවා. පෞද්ගලිකව සංචාරයට කොයි තරම් ලැදි කෙනෙක් වුවත්, සංචාරය කිරීමේදී සැපිරිය යුතු විවිධ කොන්දේසි එක්ක රටින් එළියට යන එක ගැන මටනම් තවමත් හිතන්න අමාරුයි. රට ඇතුළේ වුවත් ගුවනින් යන ගමනකින් සතුටක් ලැබිය හැකි තත්ත්වයක් තවමත් නැහැ.
ඇමරිකාවේ සිට ලංකාවට යන අයට කොහොමටත් ලංකාවෙන් විවිධ ඉල්ලීම් එනවා. ගොඩක් වෙලාවට මේ වගේ ඉල්ලීම් එන්නේ සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට සංචාරය නොකරන, බොහෝ විට රටින් එළියට ගිහින්ම නැති, නෑදෑයන් වගේ අයගෙන්. පෙනෙන විදිහට දැන් මේ තත්ත්වයේ වෙනසක් වෙලා. ලංකාවට යන ගොඩක් අයට මෙවර විවිධ ඉල්ලීම් කර තිබෙන බව පෙනෙන්නේ සාමාන්‍යයෙන් නිතර රටින් පිට සංචාරයෙහි යෙදෙන ඉහළ මධ්‍යම පාංතික යහළු යෙහෙළියන් විසින්. ගොඩක් අයට අවශ්‍ය මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ. විශේෂයෙන්ම විවිධ සන්නාම වල සුවඳ විලවුන්, චර්මාලේප වගේ දේවල් හා පරිගණක උපාංග, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය.
ගොඩක් අය කියන්නේ "සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔය බ්‍රෑන්ඩ් එකම ගේන්න. ලංකාවට ආවහම සල්ලි දෙන්නම්" කියලා ලංකාවේ යාලුවෝ කියනවා කියලයි. ටික දවසකට ලංකාවට යන මේ ගොඩක් අයට දැන් තිබෙන ප්‍රශ්නය ලංකාවේදී ලැබෙන රුපියල් වලට කරන්නේ මොකක්ද කියන එකයි. සාමාන්‍යයෙන් ලංකාවට යන අය සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලංකාවේදී රුපියල් වලට මාරු කරන නමුත් මෙවර මේ ගොඩක් අය එහෙම කරන එකක් නැහැ. ඉලෙක්ට්‍රොනික බඩු, රූපලාවන්‍යය සඳහා අවශ්‍ය දේ පමණක් නෙමෙයි. ඉස්සර ලංකාවෙන් ඇමරිකාවට එද්දී කහ කුඩු අරගෙන ආපු අය දැන් ලංකාවට කහ අරගෙන යනවා. මම හිතන්නේ කොළඹ අවට ඉන්න දෙමළ අයට එහෙම කහ නැතුවම බැරි දෙයක්.
මේ යන අයට ඒ අයගේ ලංකාවේ යාලුවෝ රුපියල් දෙද්දී ඩොලර් එකකට කීය ගානේ රුපියල් දෙයිද? හොඳ ප්‍රශ්නයක් වුනත් පෞද්ගලික කරුණක් නිසා ආපසු ආවට පස්සේ ඔය වගේ දේවල් හාරා අවුස්සා අහන්න බැහැ. සමහර විට නිල අනුපාතය වන රුපියල් 200 බැගින් හෝ පොඩ්ඩක් වැඩියෙන් දෙයි.
ලංකාවේ ඩොලර් සංචිත පිළිබඳ අලුත්ම තත්ත්වය ගැන කිහිප දෙනෙක් විසින්ම දැනුවත් කිරීම් කර තිබුණා. නොවැම්බර් අවසානය වෙද්දී නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. මේ ගණනට රන් සංචිත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති වත්කම් ආදියත් ඇතුළත්. නොවැම්බර් මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ඩොලරයේ මිල තිබෙන මට්ටමේ තියා ගැනීම සඳහා ඩොලර් මිලියන 311ක් විකුණා තිබෙනවා.
ඔක්තෝබර් මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ඩොලර් මිලියන 1,260ක් පමණ දක්වා ඉහළ ගිහින්. බැංකු පද්ධතියම ගත්තොත් ඩොලර් බිලියන 4,180ක පමණ හිඟයක් තිබෙනවා. නොවැම්බර් මාසය තුළ මේ තත්ත්වය තවත් දරුණු වී තිබිය යුතු බව පැහැදිලියි.
විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර්ද විශාල ලෙස පහළ යමින් තිබෙනවා. මහ බැංකුව හදන්නේ මුදල් හුවමාරු කරන්නන් බය කර ඩොලරයේ කළු කඩ මිල පාලනය කරන්නයි. එයින් සිදු විය හැක්කේ කළුකඩය හරහා එන ඩොලර් වලින් කොටසක් අඩුවන එක පමණයි. ඩොලර් ඇති අය ඩොලර් රුපියල් නොකරන්නේ මිල සාධාරණ නැති නිසා. කළුකඩ විකල්පය නැති වුනා කියා මේ සල්ලි බැංකු පද්ධතියට එන්නේ නැහැ. යම් ප්‍රමාණයක් පමණක් එයි. බොහෝ විට එහි වාසියට වඩා ශුද්ධ ලෙස රටට ඩොලර් නොපැමිණීමේ පාඩුව වැඩියි.
සංඛ්‍යාලේඛණ පිරික්සා නැතත් ලංකාවට එන සංචාරකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය. විදේශයක පුරවැසිභාවය ලබාගත් අයෙක් සංචාරක වීසා මත රටට පැමිණෙන විට සංඛ්‍යාලේඛණ වල ඔවුන් පෙනෙන්නේ අදාළ රටෙන් පැමිණි සංචාරකයන් ලෙසයි. ඔවුන් වගේම ද්විත්ව පුරවැසියන්ද ලංකාවේ සංචාරය කරද්දී ඩොලර්, පවුම්, යුරෝ ආදිය අරගෙන ඇවිත් මාරු කරනවා. සංචාරක ඉපැයීම් වල මෙවැනි ලැබීම්ද සැලකිය යුතු කොටසක් තිබෙනවා. මා ලිපිය මුලින්ම විස්තර කළ තත්ත්වයන් යටතේ වෙන්නේ මෙවැනි ලැබීම් අහිමිව යාමයි.
ඩොලරයේ මිල ස්ථිරව තියා ගන්න යාම නිසා ලංකාව විශාල වන්දියක් ගෙවා තිබෙනවා. වත්මන් අර්බුදයට පාදක හේතුව රජයේ අයවැය හිඟය වුවත් ආසන්නම හේතුව විදේශ ණය යොදවා ඩොලරයේ මිල පාලනය කිරීමයි. අයවැය හිඟය 1947 සිට පවතින ප්‍රශ්නයක් වුවත්, වත්මන් ඩොලර් හිඟයට හේතු වී තිබෙන අවුලේ ලංකාව පැටලුනේ 2010 වසරේදී. ඩොලරය 200 මට්ටමේ තියා ගන්නා තුරු සිදුවන්නේ විනාශය තවතවත් දරුණු වීම හා ඉක්මන් වීම පමණයි.
දැන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ගොඩ දාගන්නවත් කාලයක් නැහැ. ලංකාවට ඉතා ඉක්මණින් ඉන්දියාවෙන්, චීනයෙන් හෝ බටහිර රටකින් ලොකු ඩොලර් ණයක් ගන්නම වෙනවා. ඉතිරිව තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් ආර්ථිකයේ හෙළුව වහගෙන ඉන්න කොයි තරම් හැදුවත්, ඔය සොච්චම් ඩොලර් ටික පොඩ්ඩක් එහාමෙහා වූ විට කාලයක් තිස්සේ වහගෙන ඉන්න අවලස්සන දේවල් ඔක්කොම එළියේ!
(Image: https://cartoonmovement.com/cartoon/fistful-dollars-0)
පිල් කළඹට ලැදිව ඉන්නා මොනර කුලේ
ReplyDeleteඈයෝ නටනවා ලජ්ජා නැතිව බොලේ
උන්දැල නටද්දී පෙන්නා තියෙන මොළේ
අධෝ මුඛය මැනවින් පැහැදිලිව දිලේ!
ලන්කාවට ගියාම දැන් කෙලින්ම ගෙවල් වලට යවනවද? හොටෙල් නිරෝදායන බෛල නැතිද දැන්?
ReplyDeleteඑන්නත් කර තිබේනම් නිරෝධායනය වීමක් අවශ්‍ය නැහැ.
Deleteඔක්කොම් සන්චිත ඉවර උනාට පස්සෙ ඩොලර් එක ස්තාවරව තියගන්න පුලුවන්දද ආනයන තහනම මගින් විතරක්?
ReplyDeleteබැසිල් කියනවනෙ සන්චිත විකුනල නය ගෙවනව කියල. දැන් ඇත්‍තටම ලන්කාවෙ විදේශනය අඩු වෙලාද?
//ඔක්කොම් සන්චිත ඉවර උනාට පස්සෙ ඩොලර් එක ස්තාවරව තියගන්න පුලුවන්දද ආනයන තහනම මගින් විතරක්?//
Deleteකිසිසේත්ම බැහැ. සංචිත අවසන් වුනොත් ඩොලරය එක වර විශාල ලෙස ඉහළ යන එකයි වෙන්නේ.
//බැසිල් කියනවනෙ සන්චිත විකුනල නය ගෙවනව කියල. දැන් ඇත්‍තටම ලන්කාවෙ විදේශනය අඩු වෙලාද?//
සංචිත වලින් ණය ගෙවීම නිසා විදේශ ණය යම් අඩු වීමක් තිබෙනවා. එහෙත් සංචිත අඩු වී තිබෙන තරමට විදේශ ණය අඩු වී නැහැ.
2019 නොවැම්බර් වල විදෙශ ණය ප්‍රමානයයි, දැන් ප්‍රමානයයි දන්නකො අපිටත්බලන්න.
Delete2019 දෙසැම්බර් - ඩොලර් මිලියන 54,811.5යි.
Delete2021 ජූනි 30 - ඩොලර් මිලියන 50,438යි.
දන්නා තරමින් මීට වඩා අලුත් සංඛ්‍යාලේඛණ නැහැ. මෙහි පෙනෙන්නට තිබෙන අඩු වීමට හේතුව ණය ආපසු ගෙවීමම නෙමෙයි. කලින් විදේශ ණය යටතේ තිබුණු ණය ප්‍රමාණයක් මේ වන විට දේශීය ණය ලෙස වර්ගීකරණය කර තිබෙනවා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම විශාල ලෙස පහත වැටීම නිසා ණය ප්‍රමාණයේ වත්මන් අගය විශාල ලෙස අඩු වී තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් 100ක බැඳුම්කරයක මිල ඩොලර් 50 දක්වා අඩු වූ විට සංඛ්‍යාලේඛණ වල එම ණය ප්‍රමාණය බාගයකින් අඩු වෙනවා. එහෙත් කල් පිරුණු විට ඩොලර් 100 සහ පොලිය ආපසු ගෙවිය යුතුයි.
රජයේ විදේශ ණය
Delete2019 දෙසැම්බර් - රුපියල් බිලියන 6,402
2021 අගෝස්තු- රුපියල් බිලියන 6,753
(ඉහත වර්ගීකරණ වෙනස මෙහිද තිබෙනවා)
// ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම විශාල ලෙස පහත වැටීම නිසා ණය ප්‍රමාණයේ වත්මන් අගය විශාල ලෙස අඩු වී තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් 100ක බැඳුම්කරයක මිල ඩොලර් 50 දක්වා අඩු වූ විට සංඛ්‍යාලේඛණ වල එම ණය ප්‍රමාණය බාගයකින් අඩු වෙනවා. එහෙත් කල් පිරුණු විට ඩොලර් 100 සහ පොලිය ආපසු ගෙවිය යුතුයි.//
Deleteහරිශ ද සිල්ව කියන්නෙ මේ ආඬුවෙ උන් අඩු ගානට බැඳුම්කරටික වෙලඳපොලෙන් අරගෙන කල් පිරෙනකම් ඉන්නව කියල 81% ලාබයක් ගන්න. ඒ වෙනුවෙන් තියෙන ඩොල්‍රර් ටික ඉතිරි කරගෙන මිනිස්සුන්ට බඩ ඉරිඟුකවනවලු. ඔබ ඒ කතාව ගැන අදහස මොකක්ද?
හර්ෂ ද සිල්වා එසේ කියා තිබෙන තැනක් මම දැක්කේනම් නැහැ. කොහොම වුනත් ඔය අදහස අත් හැරිය බව මත බැංකුව විසින් පසුව නිල වශයෙන්ම කියා තිබුණා.
Deleteමහ බැංකුව නැවතත් රෝදය සොයා ගනී!
http://economatta.blogspot.com/2021/10/blog-post_12.html
හර්ශගෙ ෆේස්බුක් එකේ තිබ්බෙ.
Deleteඔබගෙ පෙර ලිපියෙ අදහස නෙමෙයි.
හර්ශ කියන්නෙ දැන් ද්විතීක වෙලඳපොලේ තියෙන බැඳුම්කර ඩිස්කෞන්ට් රේට් එකට ආන්ඩුවෙ ජාවාරන්කාරයො ටික අරගෙන කල්පිරෙනකම් බලන් ඉන්නවලු. රජයෙ තියෙන ඩොලර් ටික රැක්ගෙන ඉන්නෙ ඒකලු මිනිස්සුන්ව බඩගින්නෙ තියල
//හර්ශ කියන්නෙ දැන් ද්විතීක වෙලඳපොලේ තියෙන බැඳුම්කර ඩිස්කෞන්ට් රේට් එකට ආන්ඩුවෙ ජාවාරන්කාරයො ටික අරගෙන කල්පිරෙනකම් බලන් ඉන්නවලු. රජයෙ තියෙන ඩොලර් ටික රැක්ගෙන ඉන්නෙ ඒකලු මිනිස්සුන්ව බඩගින්නෙ තියල//
Deleteමට මේ කියන දෙය පැහැදිලි නැහැ. කවුරු හෝ ලාංකිකයෙක් (ලාංකික බැංකුවක කොටස්හිමියෙක් කියමු) ද්වීතියික වෙළඳපොලේ තියෙන බැඳුම්කර ඩිස්කෞන්ට් රේට් එකකට අරගෙන කල්පිරෙනකම් බලන් ඉන්නවානම් එහි කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේම, එහෙම වෙලානම් එය රටට හොඳයි. මොකද රටෙන් එළියට යන ඩොලර් යම් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. නමුත් "රජයෙ තියෙන ඩොලර් ටික රැකගෙන ඉන්නේ" කියන එක මේ කතාව සමඟ ගලපාගන්න අමාරුයි. එසේ ඩොලර් රැක ගැනීමක් පෙනෙන්න නැහැ. තියෙන ඩොලර් ටිකත් විකුණන එකයි වෙන්නේ. ඒ වගේම බැඳුම්කර අරගෙන තියෙන්නේ ආණ්ඩුවේ හිතවතුන්නම් ඩොලර් එක ඉහළ යාමෙන් ඔවුන්ට වෙන්නේ වාසියක්.
පොඩ්ඩක් ඉන්න වීඩියො එක හොයල දාන්නම්
Deleteවීඩියෝ එක බැලුවා. "ආණ්ඩුවේ ජාවාරම්කාරයෝ" කියන වචනයනම් මට අහු වුනේ නැහැ. ආණ්ඩුවේ ජාවාරම්කාරයෝ වුනත් නැතත් කවුරු හෝ කෙනෙක් ද්වීතියික වෙළඳපොලේ තියෙන බැඳුම්කර ඩිස්කෞන්ට් රේට් එකකට අරගෙන කල්පිරෙනකම් බලන් ඉන්නවානම් එහි කිසිම වැරැද්දක් නැහැ. මෙය ආණ්ඩුවට පාලනය කළ නොහැකි, ජාත්‍යන්තර නිදහස් වෙළඳපොළක්. මේ වගේ අවස්ථාවක සල්ලි තියෙන, අවදානමක් ගන්න කැමති කෙනෙක් ඔය වැඩේ කරනවා. ඉඩක් ලැබුනානම් මම වුනත් ඔය වැඩේ කරනවා. ලබන වසරේ ඩොලර් බිලියන 1.5ක බැඳුම්කර කල් පිරෙනවා. ආණ්ඩුව කෙසේ හෝ එම මුදල් ආපසු ගෙවීමේ අධිෂ්ඨානයක ඉන්නවා. මට පේන විදිහට හර්ෂ ද සිල්වා ඇතුළු සජබය ආණ්ඩුවට ණය ගෙවා ගන්න බැරි වී රට ණය පැහැර හැරි රටක් වන තුරු උනන්දුවෙන් බලා ඉන්නවා වගේ. ඔහු කියන්නේ අතේ තියෙන ඩොලර් ටික ණය ගෙවන්න තියා ගන්නේ නැතුව ආනයන සඳහා නිදහස් කරන්න කියලයි. එහෙම කළා කියලා ආනයන ඉල්ලුම අවසන් වෙනවද? ඩොලරයේ මිල දැන් තියෙන මට්ටමේ තිබෙන තුරු මහ බැංකුවේ තිබෙන සීමිත සංචිත ප්‍රමාණය නිදහස් කරලා ආනයන ඉල්ලුම නැති කරන්න බැහැ. ඒ වැඩෙන් වෙන්නේ තියෙන ඩොලර් ටිකත් නාස්ති වී ඉතා ඉක්මණින් ණය පැහැර හරින්න වෙන එක පමණයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ කෙසේ හෝ ණයක් ගන්නයි. ණය පැහැර හැරියොත් එය කරන්නම බැරි වෙනවා. ණය පැහැර නොහැරියත් මේ වැඩේ අමාරු වැඩක්. එය වෙනම කතාවක්. හැබැයි මාස ගණනක් හෝ අල්ලාගෙන ඉන්න පුළුවන්.
Deleteඔව්. මම හර්ශගෙ කතාව පැහැදිල් කරගන්න ඇහුවෙ. මටත් හිතුනෙ ඔය ටිකමයි. අනික 80% ලාබයක් එන්නෙ නෑ නේද?
Deleteහැබැයි ආන්ඩුව කොහොම හරි ණය ගෙවන බව ආන්ඩුව දන්නවනම්, ආන්ඩුවට සම්බන්ද කවවුරුහරි බැඳුම්කර ගත්ත කියන එක වැලිඩ් පොඉන්ට් එකක් නේද? රිස්ක් 0 නෙ.
ජනවාරි 19 කල් පිරෙන 5.75% බැඳුම්කරය මේ වන විට විකිණෙන්නේ 89.579ට. ඒ අනුව වාර්ෂික ඵලදා අනුපාතිකය 217.041%ක්. හර්ෂ බලන අවස්ථාවේ එය 82% පමණ වෙන්න ඇති. වාර්ෂික ඵලදා අනුපාතිකය 217.041% යන්නෙන් අදහස් වන්නේ ඩොලර් 100කට ඩොලර් 217ක් වැඩියෙන් ලැබෙනවා කියන එක නෙමෙයි. ඩොලර් 89.579කට ලැබෙන්නේ ඩොලර් 102.875ක් පමණයි. ඒ අනුව ලැබෙන්නේ 14.84%ක ප්‍රතිලාභයක් වුවත් ඒ දින 39කට. මෙය සමාන වන්නේ වර්ෂයකට 217.041%ක ප්‍රතිලාභයකටයි. 82% ගණන් හදා තියෙන්නෙත් ඔය ක්‍රමයටයි. මෙය ඵලදා අනුපාතික ගණනය කරන සාමාන්‍ය ක්‍රමය. මේ ප්‍රකාශයේ වැරැද්දක් නැහැ.
Deleteඅනෙක් කරුණට ආවොත් කොහොම හරි ණය ගෙවනවා කියන එක ආණ්ඩුව ප්‍රසිද්ධියේ කියන දෙයක්නේ. ගෙවන්නේ නැහැ කියා කියන්නේ විපක්ෂය. මෙතැන ආණ්ඩුවේ හිතවතුන්ට අමුතුවෙන් දැන ගන්න කිසිම රහසක් නැහැ. ගොඩක් අයට ආණ්ඩුවට ණය ගෙවන්න තිබෙන හැකියාව ගැන විශ්වාසය නැති ප්‍රශ්නයක් මෙතැන තියෙන්නේ. ආණ්ඩුවේ හිතවතුන්ට ආණ්ඩුව ණය ගෙවන එක ගැන විශ්වාසනම් ඔවුන් ඒ විශ්වාසය මත පදනම්ව බැඳුම්කර මිල දී ගෙන ලාබයක් ලැබීමේ කිසිදු වැරැද්දක් හෝ අසාධාරණයක් නැහැ. ජනවාරි බැඳුම්කරය පියවයි කියන එක ගැන පෞද්ගලිකව මටත් සැකයක් නැහැ. මට සල්ලි තිබුණානම් සහ පහසුවෙන් මේ බැඳුම්කර මිල දී ගත හැකි ආකාරයක් තිබුණානම් මමත් මේ වෙලාවේ මේ බැඳුම්කර ගන්නවා. ඒකට ආණ්ඩුවේ හිතවතෙක් වෙන්න අවශ්‍ය නැහැ. එවැන්නක් කවුරු හෝ කියනවානම් එය ආණ්ඩුවට කරන ද්වේශ සහගත විවේචනයක්. මිනිස්සු රැවටීමක්.
ඔව්. ඔබ හරි.
Deleteමටත් හර්ශගෙ ක්තාව ඇහුනම හිතුනෙ ඔහු කපටිකමක් කරන්නෙ කියල.
පැහැදිලි කිරීමට ස්තුති.
විදේශ ණය යම් ප්‍ර්මානයක් දේසීය නය ලෙස වර්ගීකරනය් කිරීම ගැන පැහැදිලි කඑඅපු ලිපියක් එහෙම නැතිද?
තව ප්‍රශ්නයක් තියෙනව. NRFC වල තියෙන ඩොලර් වෙලඳපොලට මුදා හැරීමක් හෝ රජයෙ බැඳුම්කර වල ආයෝජනය කිරීමක් වෙනවද? ඒවත් එතකොට රටේ විදේශ ණය වලටද ඇතුලත් වෙන්නෙ?
//විදේශ ණය යම් ප්‍ර්මානයක් දේසීය නය ලෙස වර්ගීකරනය් කිරීම ගැන පැහැදිලි කඑඅපු ලිපියක් එහෙම නැතිද?//
Deleteමේ ගැන යම් ලිපියක හෝ කිහිපයක සඳහන් කළ බව මතකයි. වැඩි විස්තරයක් ලිවුව බවක් මතක නැහැ. හර්ෂ, WAW වැනි අයද මේ ගැන කතා කර තිබුණා.
//තව ප්‍රශ්නයක් තියෙනව. NRFC වල තියෙන ඩොලර් වෙලඳපොලට මුදා හැරීමක් හෝ රජයෙ බැඳුම්කර වල ආයෝජනය කිරීමක් වෙනවද? ඒවත් එතකොට රටේ විදේශ ණය වලටද ඇතුලත් වෙන්නෙ?//
අනිවාර්යයෙන්ම. වාණිජ බැංකු වල ශුද්ධ වත්කම් සෘණ වී තිබෙන්නේ මේ නිසා. පාරිභෝගිකයින්ගෙන් ගත් මේ ඩොලර් මේ වන විට වාණිජ බැංකු වල නැහැ.
//ඩොලර් 102.875//
Delete5.750% බැදුම්කර සඳහා මෙය 105.75 වෙන්නේ නැත්තේ ඇයි?
වසරකට ගෙවන කූපන් පොලිය ගෙවන්නේ සයමාසයකට වරක්. එක පොලී වාරිකයක් වාර්ෂික පොලී වාරිකයෙන් බාගයයි.
Delete//
ReplyDelete2019 දෙසැම්බර් - රුපියල් බිලියන 6,402
2021 අගෝස්තු- රුපියල් බිලියන 6,753//
මේ බලන්නෙ ඒ අවස්තාවෙ තිබුන ඩොලර් රේට් එකට නිසා ඩොලර් වලින් බැලුවොත් අඩුවීමක් තියෙනව.
මම හරිද?
ඔව්.
DeleteIMF ගියොත් ඩොලර් එක බලෙන් තියාගෙන ඉන්න තැනින් අතාරින්න වෙයි නේද? එතකොට ඇතිවෙන තත්ත්වය මීට වඩා නරක නේද?
ReplyDeleteIMF ගියත් නොගියත් වැඩි කලක් ඩොලරය දැන් තියෙන තැන තියා ගන්න බැහැ. ශ්‍රමික ප්‍රේෂණ වලට රුපියල් 10ක් වැඩියෙන් ගෙවන්න තීරණය කර තිබෙන්නේත් ඇන ගත්ත බව තේරීමෙන් පසුවයි. එහෙත් එය අතීසාරයට අමුඩෙ ගැසීමක්. කොටි වලිග අල්ල ගත්තහම අත අරින්න අමාරුයි.
Deleteඒ උනාට ඉකොන් කබ්රාල් නම් කියල තිබ්බේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙන ගාන දැනටත් වැඩි කියලා. මේ තියෙන්නේ එයාගේ වචන වලින්ම. (12/4/2021)
ReplyDelete"විපක්ෂ මන්ත්‍රීවරයෙක් රු.240ට පිටකොටුවෙන් ඩොලර් ගන්න යැයි කියා තිබෙනවා මා දිටුවා. එතුමා මුදල් අමාත්‍යාංශයෙත් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු නිසා, එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව එතුමන් දැන සිටිය යුතුයි. එවැනි නීතිවිරෝධී කටයුත්තක් එතුමන් ප්‍රවර්ධනය කරන්නේ ඇයි දැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ කාරණය පසෙකින් තිබුනොත්, මෙවැනි දේ හරහා තමයි, මුදල් විශුද්ධිකරණය සිදුකරන්නේ. අද කුට ව්‍යාපාරිකයන්ටත් වඩා ඇතැම් දේශපාලනඥයන්ට මේ ගැන රිදීලා. දැනටමත් රුපියල අවප්‍රමාණය වී ඇති ප්‍රමාණය වැඩියි. ඉතිං සමහර අයට අවශ්‍ය විනිමය අනුපාතය තවදුරටත් අවප්‍රමාණය කිරීමට සලස්වමින් මේ රටේ විශාල අර්බුදයක් ඇති කරන්නටයි. ඔවුන් කියන විදියට ඩොලරය රු.240ක් 250ක් වුණත්, ඒ කියන්නේ 20%කින් රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නෙ, සියලුම භාණ්ඩ මිල 20%කින් වැඩිවීමක්, ඒ අය කැමතියිද, රුපියල අවප්‍රමාණය කරල පෙට්‍රල් මිල 20%කින් වැඩි කරනවාට. ඒ අය කැමතිද, කිරිපිටි මිල 20%කින් වැඩි කරනවාට. ඒ අය කැමතිද, ආනයනික සියලු භාණ්ඩ මිල 20%කින් වැඩි කරනවාට.
රටේ තීන්දු තීරණ ගන්නේ මේ වගේ රට හරක් ඉකොන්. ඔව්න්ට ඕනේ අයවැය පරතරය අඩු කරනවත් විදේශ සංචිත වැඩිකරගෙන නය ගෙවන්නවත් නෙමෙයි. ඩොලරය පුළුවන් තරම් අඩුවෙන් තියාගෙන බඩුමිල පුළුවන් පාලනය කරමින් ආණ්ඩුවට එන්න පුළුවන් මහජන අප්‍රසාදය පාලනය කරන එක. ඔබ කියනවා වගේ ලගදීම චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ලොකු නයක් අරන් 2025 වෙනකල් මේ විදියට ඇදගෙන යයි. එකම අරමුණ 2025 ආයිත් බලය අල්ලගන්න එක. (බැසිලාගමනය) රටට ඉතින් අබසරණයි තමා.
මුලදී විනිමය අනුපාතය පාලනය කළේ නොතේරුම්කමට වෙන්න පුළුවන්. එහෙත් දැන් එසේ කරන්නේ දේශපාලනික හේතු මත අත අරින්න බැරි කමට.
Deleteපෝස්ට් එකට අදාළ නැති වුණත් ඔබෙන් සපෝට් එකක් අවශ්‍යයි.
ReplyDeleteමෙන්න මේ පහත දැක්වෙන සමාජ ජාල වීඩියෝ report කරලා block කිරීම හා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැන විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන් ද?
මේකේ තියෙන report කියන එක හරහා spam/ hate speech සහ abusive contents වගේ දේවල් යටතේ කීප වතාවක් account ගණනාවක් යොදා ගෙන report කලත් තවමත් මේක ඉවත් කරලා නෑ. මේ වගේ වීඩියෝ report කරන විදිය ගැන කවුරු හරි දන්න කෙනෙක් විස්තර කියන්න.
ඒ වගේම මේ ලින්ක් එකෙන් ගිහින් හැමෝම මේක නොබලා report කරන්න යාලුවන්ටත් report කරන්න කියන්න.
මේ තවත් එකක් මේකත් රිපෝට් කරන්න
https://www.facebook.com/102800632111024/posts/122574973466923/?app=fbl
උඩ link එක වැටිල නෑ, ඇත්තටම අනිවාර්යයෙන්ම report කළ යුතුයි මේ video එක නම්, පට්ට හොරෙක් රට කාල දාපු :
Deletehttps://www.facebook.com/78094558443/posts/10159429874893444/?app=fbl
මේක හැමෝම report කරන්න.
කිසිම රටක් මේ වෙලාවේ ණයක් දෙන්න කැමති වෙයි ද? ගෙවන්න බැහැ කියලා හොඳටම පේනවනේ
ReplyDeleteලංකාවේ ඩොලර් හිඟය නිසා චීනයට හා ඉන්දියාවට පාඩුයි. ඩොලරයේ මිල පහළින් තිබෙන තරමට ඔවුන්ට ලංකාවට වැඩියෙන් භාණ්ඩ අපනයනය කළ හැකියි. ඒ නිසා, ඒ රටවල් දෙකට ලංකාවට කොන්දේසි සගගත ණයක් දීමේ වාසියක් තිබෙනවා. ණය යොදා ගත හැක්කේ තමන්ගේ රටින් ආයනයනය කිරීම සඳහා පමණක්ය යන කොන්දේසිය යටතේ ණය දෙන්න ඉඩ තිබෙනවා. මෙහිදී ඇත්තටම ඩොලර් සම්ප්‍රේෂණය වීමක් නොවන නිසා ඔවුන්ට තිබෙන අවදානම අඩුයි. රටට එන්නේ ඔවුන්ගේ බඩු.
Deleteනැහැ ඉකොනොමැට්ටා චීනය සහ ඉන්දියාව යන රාජ්‍යයන් දෙකම ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර චීනය හා රුසියාව පවසන්නේ ලංකාවට ආධාර උපකාර ලබා දීමට ඕනෑ තරම් තමන්ට විදේශ මුදල් සංචිතය තිබෙන නමුත් ලංකාවේ ආණ්ඩුව ඇමරිකානු සහ ඉන්දීය රූකඩයක් බවට පත්ව ඇති නිසා දේශපාලන හේතු මත ලංකාව කපා හරින ලද බවත් ඉදිරියේදී යම් හෙයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවට එරෙහිව චෝදනා එල්ල වෙතොත් මේ දක්වා කළ පරිදි ලංකාවට නිශේධ බලය යොදා ලබා දුන් සහය බොහෝ දුරට නොදී සිටීමටත් ඉඩ ඇති බව. චීනයේ විදේශ වෙළඳ පොළ කොහොමත් තව පුළුල් වන නිසා ලංකාවේ වෙළඳ පොළ ජය ගැනීමට අමුතුවෙන් මහන්සි නොවිය යුතු බවත් ඩොලර් එකක් රුපියල් 500 - 1000 දක්වා ඉහළ ගියත් ලංකාවේ පවතින මාකට් එක වෙනස් වන්නේ යන්තමින් බව චීනයේ මතයයි.
Deleteඉන්දීය ජාතික පුවත්පත් වල ආර්ථික දේශපාලනික විශේෂඥයන් ලංකාව ගැන කියා ඇති දේවල් මා පහුගිය කාලේ පුරාම කියවා බැලුවා. ඔවුන් පවසන්නේ ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් ඉන්දියාව ඕනැවට වඩා මුදල් නාස්ති කරන බවයි. දේශපාලන හේතු මත චීනය ලංකාවෙන් පිට කිරීමට ඉන්දීය රජය ලංකාවට ආධාර ලබා දීම ආර්ථික වශයෙන් ඉන්දියාවට පාඩු බවත් එසේ නොකළ යුතු බවට ඔවුන් දැඩිව අවධාරණය කරයි. උදාහරණයක් විදියට ලංකාවේ උතුරේ චීන ආයෝජන ලංකාවට ඇවිත් කරන්න හදපු සූර්ය විදුලි බලාගාර රැසක් ඉන්දීය සමාගම් වලට හිමි කර දෙමින් චීනය පිටමන් කළ නමුත් එය ආර්ථික වශයෙන් ඉන්දියාවට පාඩු බවත් ඒවා තමිල්නාඩු වැනි පළාත් වල ඉදි කිරීම මීට වඩා ගොඩාක් වාසි සහගත බවයි කියන්නේ.
ඉන්දියාවේ ආර්ථික විශේෂඥයින් ලංකාවේ ඩොලර් හිඟය ගැන පැහැදිලි කිරීමක් කර තිබුණා. එහිදී ඔවුන් පවසන්නේ ලංකාව වැනි ප්‍රාග්ධනය, තාක්ෂණය, අමුද්‍රව්‍ය, පුහුණු ශ්‍රමිකයින්, යටිතල පහසුකම් ආදි නිෂ්පාදන සාධක ඉතාමත්ම දුර්වල කුඩා වෙළඳ පොළක් රටක් චීනය වැනි බලවත් රටක සමහර නොලැබෙන පසුබිමක කාර්මීකරණය වීම සිහිනයක් නිසා ඩොලර් එක කීයට ගියත් ලංකාවේ ආනයන අනිවාර්යයෙන්ම කිරීමට සිදුවන අතර ලංකාවේ ජනයා තව දුරටත් විදේශ ගතවෙමින් අවශ්‍ය මුදල් සපයා ගනු ඇති බව. මේක බොහෝ දුරට කේරළ ප්‍රාන්තයේ ආර්ථිකය වගේ වෙන බවත් කියනවා.
අනෙක් පැත්තෙන් ඩොලරය ඉහළ නැංවීම සමග සාපේක්ෂව තත්ත්වය ඉහළ චීන ආනයන වල මිල තව දුරටත් ඉහළ යන කොට සාපේක්ෂව මිලෙන් අඩු build quality අඩු ඉන්දීය නිෂ්පාදන තව දුරටත් ලංකාවේ මාකට් එකට එවිය හැකි නිසා ඉන්දියාව ලංකාවේ ඩොලරය ඉහළ නැංවීම සදහා සහය දිය යුතුයි කියලා කියන්නේ. මේ නිසා ද මන්දා ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ ආධාර උපකාර කීප සැරයක්ම ඉල්ලා සිටියත් ඉන්දියාව ෂේප් එකේ දෙන්න හදනවා වගේ රඟපාල නොදී හිටියේ පහුගිය කාලේ පුරාම. මේ නිසා ලංකාවේ ආණ්ඩුවට අනිවාර්යයෙන්ම IMF ගිහින් ලංකාවේ විශාල වශයෙන් system change එකක් කරන්න වෙනවා, ගොඩක් වෙලාවට පවත්නා ඇමති මණ්ඩලය පරාජයට පත් කර වෙන කණ්ඩායමක් පත් කිරීමට හෝ අලුත් මහමැතිවරණයක් පවත්වා වෙනසක් කරන්න වේවි මහා පරිමාණයෙන් විශාල ජනතා නැගිටීම් පාලනය කර ගෙන යන්න ඕන නම්. සමහර වෙලාවට ජනපතිවරණයක් පවා තියන්න ඕන වේවි.
//මෙහිදී ඇත්තටම ඩොලර් සම්ප්‍රේෂණය වීමක් නොවන නිසා ඔවුන්ට තිබෙන අවදානම අඩුයි. රටට එන්නේ ඔවුන්ගේ බඩු//
Deleteමේ වගේ ණයක් රටේ භාවිතා වෙන currencies (INR, RMB) වලින් නොදී dollars වලින් දෙන එකෙන් ණය දෙන රටට විශේෂ වාසියක් හෝ අවාසියක් තියනවාද
මෙවැනි ණයක් දෙනවානම් බොහෝ විට ඔවුන්ගේ මුදල් ඒකක වලින් දෙයි. එවිට ඉහත කී පරිදි කොන්දේසි දමන්න අවශ්‍ය නැහැ. කොන්දේසි දමන්න අවශ්‍ය වෙන්නේ ඩොලර් වලින් ණය දෙනවානම් පමණයි. අපි හිතමු යුවාන් වලින් ණය දුන්නා කියලා. දැන් ප්‍රායෝගිකව මේ යුවාන් ප්‍රයෝජනයට ගත හැක්කේ චීනයෙන් බඩු ගේන්න හෝ චීන ණය ගෙවන්න පමණයි. එහෙත් ලංකාවට ඩොලර් නැති නිසා, වෙන රටවලින් යම් යම් දේවල් ගේන්න අවශ්‍යත් නිසා, යුවාන් වලින් ගෙවා බඩු මිල දී ගන්න ලංකාව වෙනත් තෙවන පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන්න ඉඩ තිබෙනවා. යම් හෙයකින් කිසියම් රටක් වැඩේට කැමති වුනොත් එය චීනයට දිගුකාලීන වාසියක්. ඩොලර් වලින් ණය දුන් විට ඒ වාසිය නැති වෙනවා. දැනටමත් චීනය ලංකාවට ලොකු යුවාන් ණයක් දීලා තියෙන්නේ. එහෙත් ඒ යුවාන් වෙන රටවල් ගන්නේ නැති නිසා ණය මුළුමනින්ම ප්‍රයෝජනයට ගන්න හැකි වී නැහැ. මේ තත්ත්වය යටතේ තවත් යුවාන් ණය ගැනීමේ ප්‍රයෝජනයක් නැහැ. යම් සීමාවක් දක්වා ඉන්දියන් රුපියල් වලින් ණය ගැනීමේ වාසියක් තිබෙනවා. එහෙත්, ලොකු ණයක් අරගෙන වැඩක් නැහැ. ඩොලර් වලින් ණය ගත්තොත් ඒ ඩොලර් ඕනෑම රටක වියදම් කළ හැකියි. නමුත්, කොන්දේසියක් දමා දුන්නොත් එය කළ නොහැකි වෙනවා. මෙහිදී ඉන්දියාවේ (හෝ චීනයේ) පැත්තෙන් ඉන්දියානු රුපියල් (හෝ චීන යුවාන්) ණයට දීමේ හා ඩොලර් ණයට දීමේ වෙනස අඩු වෙනවා. කොහොමටත් සල්ලි නැවත එන්නේ තමන්ගේම රටට නිසා. හැබැයි තවත් පොඩි වෙනසක් තිබෙනවා. ඉන්දියානු රුපියල ඉදිරි කාලයේදී ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වුනොත් ඉන්දියාවට ඩොලර් ණයට දීමේ ප්‍රතිලාභ වැඩියි. එහි අනෙක් පැත්ත වුනොත් පාඩුයි. මෙය තීරණය වන්නේ ඩොලර්/ඉන්දියානු රුපියල් විනිමය අනුපාතයේ අපේක්ෂිත වෙනස් වීම හා ණය වෙනුවෙන් අය කරන පොලී අනුපාතය මත.
Deleteඉකොනොමැට්ටා
ReplyDeleteමේකේ ලංකාවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ඉතා දක්ෂ ලෙස ලංකාවේ වැඩවසම් සමාජ ක්‍රමය යටතේ පැවති ආර්ථිකය හා එමගින් අසරණ දුප්පත් ජනතාව දුක් විඳින ආකාරය සහ අසාධාරණයට එරෙහිව සටන් කරන ආකාරය ගැන හොඳ ආදර්ශයක් සහිත සිනමා නිර්මාණයක්, මේ කෙටි clip එකෙන් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
https://www.facebook.com/100008931429944/posts/2639876772986678/?app=fbl
මේ තත්ත්වය දිගටම ගිහින් තමයි දැන් තියෙන ආර්ථික අර්බුදය බිහි වී තියෙන්නේ එහෙම නේද?
ඉකොනෝමැට්ටා මේ ලිපියේ කියන දේ දැන් අවුරුදු ගානක ඉදන් කියන්නේ. කෝ තාම ඔය කියන දෙයක් උනේ නැහැනේ. ඉකොනෝමැට්ටාගේ ආර්ථික දැනුම පුස්සක්. ඉකොනෝමැට්ටා පහුගිය මැතිවරණයෙදී කරපු පුරෝකථන වගේ වැරදියි. පේරා ඩිග්රිකාරයෙක් වගේ අමු මෝඩයෙක්නේ ඉකොනෝමැට්ටා බලං ගියාම.
ReplyDeleteමේ වන විට දැඩි ලෙස ආර්ථිකය කඩා වැටී බංකොලොත් වී නන්නත්තාර වී අනාථ වූ ලංකාවේ ඖෂධ වර්ග, ඉන්ධන, විදුලි බලාගාර වලට අවශ්‍ය ගල් අගුරු ආදිය ගෙන්වීම සම්පූර්ණයෙන්ම ඇණ හිට රට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති පසුබිමක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1,500 ට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇති වී තිබෙන උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වෙන කිසිම තෝරාගැනීමක් නැති නිසා අකමැත්තෙන් උනත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට සිදුවීම නිසා එම තීරණය නිල වශයෙන් ගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් දෙසැම්බර් 13 වෙනිදා කැබිනට් මණ්ඩලය විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව අද මාධ්‍ය වාර්තා වල මම දැක්කා.
ReplyDeleteඒ අනුව මෙම විශේෂ ආර්ථික අර්බුදය පිළිබඳ වූ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පැවැත්වීමට තීරණය වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් වී ඇති අතර වාසුදේව, විමල් වීරවංශ සහ සමසමාජ කොමියුනිස්ට් ආදී මිතුරු පක්ෂ වල නියෝජිතයන් මේ ගැන අදහස් දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මගින් විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවයි. එමගින් පහුගිය කාලේ යහපාලන රජය ජනතාවට එපා වූ ආකාරයටම මෙම රජයටත් හොඳ පාඩමක් ඉගෙන ගෙන අනිවාර්යයෙන්ම ගෙදර යාමට සිදු වන බව නිසැක බවට ඔවුන් ඔප්පු කර පැහැදිලි කර තිබුණා.
නමුත් අනෙක් බහුතර පිරිස වන පොදුජන පෙරමුණේ සහ වියත් මග කල්ලියේ වැඩි පිරිසක් පෙන්වා දෙන්නේ ඩොලර් හිගයට විසඳුමක් ලෙස වඩාත් විශ්වාසනීය භාවයෙන් යුතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බව සහ ඒ හරහා අවශ්‍ය කඩිනම් වැඩ පිළිවෙළක් දෙපාර්ශ්වයේ එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි පේන්නේ. විශේෂයෙන්ම ගම්මන්පිල පෙන්වා දෙන්නේ දැන් අපි IMF ගියොත් දෙපයින් නැගී සිට සාකච්ඡා කර කොන්දේසි වලට යටත් විය හැකි බවත් තව ටික දවසකින් අපට බඩගාගෙන ගිහින් කොන්දේසි විරහිතව යටත් වී හිඟා කෑමට සිදුවන නිසා ඊට පෙර දැන්ම අනිවාර්යයෙන්ම යා යුතු බව. ධම්මික පෙරේරා වැනි අය කියනවා IMF එක යක්ෂයෙක් ලෙස නොව අපට සාකච්ඡා කර සහය ලබාගත හැකි ඔප්ෂන් එකක් ලෙස ඒ දිහා බලන ලෙස.
මෙම අදහස් අනුව ජනපති පවසන්නේ මේ ගැන අනිද්දා කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර දෙකින් එකක් ගැන තමන් තීරණයක් ගන්න බවයි. ජනපති වෙනුවෙන් පෙනී සිටීමට මෙම හමුව සඳහා මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැඳවා තිබේ.
කෙසේ නමුත් මේ වනවිට ලංකාවේ දැනට රට තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් වශයෙන් වියදම් කිරීමට හැකියාව ඇත්තේ ඩොලර් මිලියන 1100ක් පමණ වන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට සති දෙකක පමණ ආනයන වියදම් වෙනුවෙන් පමණක් බව මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් මෙම තීරණය ගැන පැහැදිලි කිරීමක් කරමින් ඇමති විදුර වික්‍රමනායක පැවසුවේ ආණ්ඩුව මෙම IMF යන ගමන පිළිබඳව අවංකවම කණගාටුවක් ඇති ව තිබෙන බව පැවසූ අමාත්‍යවරයා මේ යන විදියට IMF කොන්දේසි වලට යටත් වී වෙනසක් ඇති කිරීම සමග ඉතාමත් බරපතල විදිහට ඉක්මනටම ආණ්ඩුවට ගෙදර යාමට සිදු වී අලුත් පිරිසකට බලය ලැබෙන බව ඉතාමත් පැහැදිලි බවයි. මමත් හිතන්නේ බොහෝ දුරට මෛත්‍රිපාල සිරිසේන සහ තවත් මැති ඇමතිවරු 60 - 70 අතර පිරිසක් ඉදිරියේ ගන්න ජනප්‍රිය නොවන තීරණ සමග විපක්ෂයට යාමත් සමඟ ඇතිවන තත්ත්වය නිසා අලුත් ඇමති මණ්ඩලයක් පත් කර ගන්න පුළුවන් වෙයි සමගි ජන බලවේගයේ නායකත්වය යටතේ. ලබන අවුරුද්දේ මැද විතර වෙනසක් දකින්න පුළුවන් වෙයි.
ලිපියට අදාල නැති දෙයක් අහන්න තියෙනවා, පොයිසෝන් ව්‍යාප්තියක mean ,සහ variance එක සමානයි නේ, මෙය යම්කිසි අකාරයට mean < variance ලෙස නව පොයිසෝන් ව්‍යාප්තියක් ලෙස පෙන්නුම් කර ගත්තොත් මුල් පොයිසෝන් ව්‍යාප්තියට(mean=variance ) වඩා නව පොයිසෝන් ව්‍යාප්තියේ (mean < variance ) මොන වගේ ප්‍රයෝජනයකට ගත හැකිද ??
ReplyDeleteමෙය හැඳින්වෙන්නේ over-dispersion ලෙස. ප්‍රායෝගිකව සරල පොයිසොන් ව්‍යාප්තියකින් උපකල්පනය කෙරෙන equi-dispersion උපකල්පනය (mean = variance) දත්ත සමඟ ගැලපෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා, බොහෝ විට යොදා ගන්නේ ඔබ යෝජනා කරන ආකාරයේ ව්‍යාප්තියක්. එවැනි ව්‍යාප්ති ගණනාවක් තිබෙනවා. ඇතැම් විට under-dispersion තත්ත්වයක්ද දැකිය හැකියි. එවිට ඒ හා ගැලපෙන පරිදි පොයිසොන් ව්‍යාප්තිය වෙනස් කර ගන්න වෙනවා.
Delete
Delete// එවිට ඒ හා ගැලපෙන පරිදි පොයිසොන් ව්‍යාප්තිය වෙනස් කර ගන්න වෙනවා ///
මෙන්න මෙය උදාහරණයක් සමග තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද කරුණාකරල ?
Quasi-Poisson, negative binomial වැනි ව්‍යාප්ති ගැන හදාරලා නැද්ද?
DeleteNegative binomial නම් හදාරල තියෙනවා
Deleteover-dispersion ඇති විට NB ජනප්‍රිය තේරීමක්. තවත් විකල්ප ගණනාවක් තිබෙනවා. වඩාත්ම සුදුසු එක තීරණය වන්නේ ආකෘතිය (උපකල්පිත DGP එක) හා දත්ත මත.
Deleteඉකොනොමැට්ටා,
ReplyDeleteආසියානු සංවර්ධන බැංකු වෙබ් අඩවියේ තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය ගැන කරපු සමීක්ෂණයකදි STEM විෂයයන් වන විද්‍යාව (Science), තාක්ෂණය (Technology), ඉංජිනේරු විද්‍යාව (Engineering) සහ ගණිතය (Mathematics)යන STEM විෂයයන් හැදෑරීම විචාරශීලී පුද්ගලයන් නිර්මාණය කරන්නට, විද්‍යා සාක්ෂරතාවය ඉහළ නංවන්නට සහ මීළඟ පරම්පරාවේ නව නිර්මාණකරුවන් බිහිකරන්නට හේතු වෙන බවත් එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුවට අනුව STEM විෂයයන්ට අදාල රැකියා වාර්ෂිකව 24%කින් ඉහළ යද්දි අනෙකුත් විෂයයන්ට අදාල රැකියා ඉහළ යන්නෙ 4%කින් බවත්. ඒ වගේම STEM විෂයයන් හැදෑරූවන් අනෙකුත් ක්ෂෙත්‍රවල රැකියාවලදීත් වැඩි දක්ෂකම් පෙන්වන බවත් අනාගත ලෝක රැකියා වෙළඳපල එම විෂයයන් හදෑරෑවන්ට වඩා නැඹුරු වේවි කියලයි විශ්ලේෂකයන් කියන්නෙ.
ලංකාවේ සිසුන් වැඩි පිරිසක් STEM විෂයයන්ට යොමු කරවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල මහාචාර්යවරයා කියන්නේ විශේෂයෙන් පහසුකම් අඩු ගම්බද දුප්පත් දරුවන්ව. ගණිතය සහ විද්‍යාව මැනැවින් ඉගැන්නුවොත් දරුවන් ඒ විෂයයන්ට පෙම් බඳීවි. එහෙම නූනොත් ඒවා අමාරු විෂයයන් විදිහට අත් හරීවි. එවිට ඔවුනට අත හැරෙන්නේ ලෝක රැකියා වෙළඳපලට ප්‍රවිශ්ඨ වීමේ අවස්ථාවයි. නමුත් ලංකාවේ මේකට තියන බාධකය හොඳින් තේරුම් ගන්න පුළුවන් විදියට ඉගැන්විය හැකි දක්ෂ ගුරුවරුන්ගේ හිඟය.
කෙසේ හෝ කොරෝනා කාලෙදි ලංකාවේ අධ්‍යාපනය ගැන අධ්‍යයනයක් කල ආසියානු සංවර්ධන බැංකුව දුටුවේ කොරෝනා නිසා තාවකාලික පිළියමක් ලෙස යොදා ගත් ඔන්ලයින් අධ්‍යාපනය ගුරුවරු හිඟයට හොඳ පිලියමක් කියලයි. ලංකාවේ රජය ඔන්ලයින් අධ්‍යාපනයට ඇති තාක්ෂණික බාධා ඉවත් කලොත් ගම්බද දුප්පත් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය මගින් ඔවුනට අහිමි කර ඇති සම අධ්‍යාපන අවස්ථා තහවුරු කල හැකි බවයි බැංකුව කියන්නෙ. මොකද කොහෙවත් ඉන්න මිනිස්සු ඇවිත් අපේ ජීවිතේ සකසාගන්න ඕනෙ විදිහ අපිට උගන්නන කල් ලංකාවේ රජයේ මැදිහත්වීමක් ඒ ගැන නොවන හැටි?