වෙබ් ලිපිනය:

Tuesday, December 21, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පළමු කොටස)


ලංකාවේ සමාජවාදී, සුබසාධනවාදී ආර්ථික ආකෘතිය ඉතා වේගයෙන් එහි තාර්කික අවසානය කරා ඇදී යමින් තිබෙනවා. ආර්ථිකය කඩා වැටෙන දවසක් පිළිබඳව අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ, කිසිවකුට එසේ කළ හැකියැයි අප සිතන්නේද නැහැ. කොහෙන් හෝ ඩොලර් ටිකක් හොයා ගත්තොත් එයින් මාස ගණනක් ඇදගන්න පුළුවන්. එහෙත්, මේ වැඩේ තව වැඩි කාලයක් දිගින් දිගටම කරන්න බැහැ. 

රට මේ තත්ත්වයට වැටුණේ මේ ආණ්ඩුවේ වරදින් නෙමෙයි. කෝව්ඩ් නිසාත් නෙමෙයි. එහෙත්, මේ ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති වගේම වසංගතය විසින්ද පරිහානිය ඉක්මන් කළා. පාලකයින්ගේ වරදින් මේ තත්ත්වය ඇති වූ බව කියන්න පහසුයි. එහෙත්, අහම්බයන්ද සිදු වුවත්, පාලකයින් බිහිවන්නේද පවතින ඓතිහාසික තත්ත්වයන් තුළයි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූයේත්, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය වූයේත්, ජනතාවගේ ඇසින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වීම තුළයි. ජනතාවගේ ඇසින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වූයේ පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිව තිබූ අසමතුලිතතාවන් සමතුලිත කරන්නට යාම තුළයි. පෙර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිද අහම්බයන් නෙමෙයි. රාජපක්ෂ ආණ්ඩුව විදේශ ණය පිරමිඩයක් බිහි කළේ එවකට පැවති තත්ත්වයන් තුළ උපාය මාර්ගයක් ලෙසයි. මේ ආකාරයෙන් පසුපසට ගියොත් අපට නිදහසට පෙර කාලය දක්වාම හා හැකියි.

වත්මන් ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය නිවැරදිව තේරුම් නොගෙන අර්බුදයට පිළියම් කළ නොහැකියි. සැලසුමක ඉලක්කය විය යුත්තේ ඉතිහාසයේ නිශ්චිත තැනකට ආපසු ගොස් නැවත මුල සිට පටන් ගැනීමයි. මේ තැන කොතැන විය යුතුද?

ලංකාවේ ධනවාදය යුරෝපයේ මෙන් ඓන්ද්‍රීය ලෙස වර්ධනය වූවක් නෙමෙයි. එය ඉංග්‍රීසින් විසින් ආනයනය කර පැල කරනු ලැබූවක්. දහනවවන සියවස වන තුරුද ලංකාවේ තිබුණේ වැඩවසම් ආකෘතියක ක්‍රියාත්මක වූ ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථිකයක්. එහි ගනුදෙනු තිබුණත් එම ගනුදෙනු සඳහා මුදල් භාවිතා වුනේ ඉතා අඩුවෙන්. යුරෝපයේ වුවද මේ තත්ත්වය වෙනස් වී ඒ වන වැඩි කාලයක් ගත වී තිබුණේ නැහැ.

යුරෝපීයයන් ලංකාවට පැමිණෙන කාලය දක්වාත්, ඉන් පසුව කාලයක් යන තුරුත්, රටේ ඉඩම් ඇතුළු ස්වභාවික සම්පත් වල අයිතිය තිබුණේ රජු සතුවයි. එහෙත්, මේ ස්වභාවික සම්පත් භුක්ති විඳීමට රටවැසියන්ට විශාල බාධාවන් තිබුණේ නැහැ. ඔවුන්ගේ එදිනෙදා ජීවිත වලට, එදිනෙදා ආර්ථිකයට රජයේ හෝ රජුගේ බලපෑමක් නොතිබුණු තරම්. 

ඉතිහාසය පුරාම ලංකාව ලෝකය සමඟ ගනුදෙනු කළත් ඒ ගනුදෙනු වලට සාමාන්‍ය පුද්ගලයින් සම්බන්ධ වූයේ නැහැ. ඒ වගේම අපනයනය කළානම් කළේ කිසියම් ස්වභාවික සම්පතක්. අලි ඇතුන් අපනයනය කර අශ්වයින් ආනයනය කළා. මුතු හා මැණික් අපනයනය කර රන් රිදී ආනයනය කළා. කුරුඳු අපනයනය කළත් වාණිජ බෝගයක් සේ කුරුඳු වගා කිරීම සිදු වුනේ පසුකාලීනවයි. මුලදී එයද ස්වභාවික සම්පතක්. 

ලංකාවේ පැරණි ගැමි ආර්ථිකය පදනම්ව තිබුණේ කම්මැලි ජීවන රටාවක් මතයි. වී වගා කිරීමෙන් පසු වී පැහෙන තුරු කරන්න ලොකු වැඩක් තිබුණේ නැහැ. අනෙකුත් බෝග ගණනාවක්ම පිළිවෙලකට වගා කිරීමක් සිදු වුනේ නැහැ. මිනිස්සු පුරුදු වී හැටියේ හැදෙන හෝ ලැබෙන දෙයක් කා පාඩුවේ ඉන්නයි. ඉංග්‍රීසින් විසින් කළේ ලංකාවේ කාලයක් තිස්සේ පැවති සම්ප්‍රදායික ආර්ථිකය එලෙසම තිබියදී එයින් බාහිරව වාණිජ බෝග මත පදනම් වූ සමාන්තර ආර්ථිකයක් ඇති කිරීමයි.

ලංකාවට ධනවාදය පැමිණියේ මේ සමාන්තර ආර්ථිකය හරහායි. ලාංකිකයන්ගේ පැත්තෙන් මුඩුබිම් පණත ආදිය අසාධාරණ ක්‍රියාවන් සේ සැලකිය හැකි වුවත්, ඉංග්‍රීසින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන් කළේ ඒ වන විට ප්‍රයෝජනයට නොගැනුණු සම්පත් නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගැනීමක්. රජයේ අයිතියට යටත් කෙරුණු මේ ඉඩම් යුරෝපයේ සිට පැමිණි පෞද්ගලික ව්‍යවසායකයින් විසින් රජයෙන් මිල දී ගත්තා. ඉංග්‍රීසි ආණ්ඩුව කෙසේ වෙතත්, මේ ව්‍යවසායකයින් ඉඩම් බලහත්කාරයෙන් අයිතිකරගත්තේ නැහැ. 

අවදානමක් ගෙන තමන්ගේ මුදල් ලංකාවේ ආයෝජනය කළ මේ ව්‍යවසායකයින්ට නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රමය රට තුළින් මිල දී ගත හැකි වූයේ නැහැ. ලාංකිකයින් තුළ සම්ප්‍රදායික ආර්ථිකයෙන් මිදෙන්න කැමැත්තක් නොතිබීම ඊට හේතුවයි. ඔවුන් ලැබෙන හෝ හැදෙන දෙයක් කා සතුටින් හිටියා. බැහැරින් ලංකාවට ප්‍රාග්ධනය ගෙන ආ ඔවුන්ට බැහැරින් ශ්‍රමයද ගෙන එන්නට සිදු වුනා. 

ලංකාවේ වාණිජ බෝග ව්‍යාප්ත වෙද්දී බැහැරින් ගෙන ආ ශ්‍රමය නිසා ආහාර ප්‍රශ්නයක් ඇති වුනා. ලංකාවේ පැවති සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය තුළ හුවමාරු කළ හැකි අතිරික්තයක් තිබුණේ නැහැ. ඒ නිසා, සමාන්තර ආර්ථිකයට අවශ්‍ය හාල් ඇතුළු ආහාර ආනයනය කරන්න සිදු වුනා. ඒ සඳහා අවශ්‍ය වූ විදේශ විණිමය එම ආර්ථිකය තුළින්ම උපයා ගත හැකි වූ නිසා මෙය ප්‍රශ්නයක් වූයේ නැහැ. එයින් බාහිරව සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකය එලෙසම පැවතුනා. මේ ආර්ථිකයේ නෂ්ඨාවශේෂ අනූව දශකයේ  මුල් කාලය පමණ දක්වා දැකිය හැකිව තිබුණා.

ලංකාවේ වත්මන් රජයේ පූර්වගාමියා වූ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආදායම් වලින් වැඩි කොටසක් එකතු වූයේ ආනයන හා අපනයන බදු ලෙසයි. සම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථිකයෙන් රජය නඩත්තු කිරීමට එතරම් දායකත්වයක් ලැබුණේ නැහැ. එම ආර්ථිකයට රජයෙන් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබුණේත් නැහැ. මාර්ග සංවර්ධනය වැනි අංශ වලදී ඔවුන්ට ලැබුණු බැහැර කළ නොහැකි වාසි වෙනුවෙන් යම් බද්දක් රජයට ගෙවන්න සිදු වුනා. එහෙත්, මේ සම්ප්‍රදායික ආර්ථිකය බොහෝ දුරට වාණිජ ආර්ථිකයට සමාන්තරව නිදහසේ ක්‍රියාත්මක වූ වෙනම ආර්ථිකයක්. 

ගනුදෙනු අඩු, ශ්‍රම විභජනය අඩු, ලංකාවේ සම්ප්‍රදායික ආර්ථිකයට සාපේක්ෂව වාණිජ ආර්ථිකය වඩා කාර්යක්ෂම වූ නිසා සම්ප්‍රදායික ආර්ථිකය එක තැන පල් වෙද්දී වාණිජ ආර්ථිකය දිනෙන් දින දියුණු වුනා. මේ හරහා දේශීය ධනවතුන්ද ගොඩ නැගුනා. ලාංකිකයන්ද තමන්ගේ ශ්‍රමය විකිණීමට පටන් ගත්තා. වාණිජ ආර්ථිකය විසින් ටිකෙන් ටික සම්ප්‍රදායික ආර්ථිකය ගිල ගත්තා. එහෙත්, මේ කටයුත්ත සම්පූර්ණ වී ලංකාවේ සම්ප්‍රදායික ආර්ථිකය මුළුමනින්ම දිය වී ගියේ නිදහස ලබා දශක හතරක් පහක් ගියාට පසුවයි. 

වාණිජ ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී, ධනවාදය දියුණු වන විට සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් විෂමතා ඉහළ ගියා. ආදායම් හිනිපෙතේ ඉහළින්ම සිටියේ ඉංග්‍රීසීන්. ඒ ඔවුන් ලාංකිකයින් සතු ශ්‍රමය සූරා කෑ නිසා නොවූවත් කවර හෝ නොදන්නා හේතුවක් නිසා ඉංග්‍රීසින් තමන්ට වඩා හොඳින් ජීවත් වන බව ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට පෙනුනා. ඉංග්‍රීසින්ගේ පසුව මේ ධුරාවලියේ උඩින්ම සිටියේ වඩාත් හොඳින්ම ඉංග්‍රීසීන්ව අනුකරණය කිරීමට සමත් වූ "කළු සුද්දන්". සිංහලයන්ගේ වචන වලින් ඔවුන් ඉංග්‍රීසින්ට කත් ඇදපු අය. 

ඉංග්‍රීසීන්ට කත් ඇදීම කියන්නේ රටේ ජීවත් වූ ස්වදේශිකයන් හා යුරෝපීයයන් නොවූ විදේශිකයින් රට තුළ සමාන්තරව ගොඩ නැගෙමින් තිබුණු ධනවාදී ආර්ථිකය තුළට මුලින්ම අන්තර්ග්‍රහණය වූ ආකාරයයි. ඔවුන් දේශීය නිෂ්පාදන එකතු කරගෙන කරත්ත (කත්) වලින් ඇද සුද්දන්ට විකිණුවා. කරත්ත පාරවල් හැදී නොතිබුණු තැන් වල කදවල් උරිස්සේ තබාගෙන අදින්නත් ඇති. මේ සැපයුම් වෙනුවෙන් ඔවුන්ට සෘජුව මුදල් ලැබුණා. මෙය සම්ප්‍රදායික ආර්ථිකය තුළ සිදු වූ සෘජු භාණ්ඩ හා සේවා හුවමාරුවෙන් වෙනස් වූ අලුත් තත්ත්වයක්.

සමාජයේ යම් ස්ථරයක් වඩා හොඳින් ජීවත් වන විට ඔවුන් භුක්ති විඳින සම්පත් වලට වෙනත් අයට ආශාවක් ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ පිරිස රටට පිටින් පැමිණි, තමන්ට වඩා බාහිර පෙනුමෙන් වෙනස්, විදේශිකයින් පිරිසක් වූ විට ඔවුන් සැප විඳින්නේ තමන් සතු දෙයක් ලබා ගනිමින් යන හැඟීමද ඇති වෙනවා. 

සමාජවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය වීමට මේ තත්ත්වය බලපෑවා. අධිරාජ්‍ය විරෝධය හා මාක්ස්වාදීන්ගේ සූරාකෑම පිළිබඳ අදහස එකිනෙක හා හොඳින් පෑහුනා පමණක් නොව මහ පොළොවේ දැකිය හැකි වූ තත්ත්වයන් සමඟද පහසුවෙන් ගලපා ගත හැකි වුනා. එහෙත් ඇත්තටම ඉංග්‍රීසින් විසින් භුක්ති වින්දේ ඔවුන් විසින් ජනනය කරගත්, ඔවුන් විසින් නිර්මාණය කරගත් සම්පත් මිසක් වෙනත් අයෙකුගෙන් පැහැරගත් සම්පත් නෙමෙයි. ඒ නිසා, සුද්දා එළවීමෙන් පසුව ඔවුන් අතින් සිදු වූ සම්පත් ජනනයද නැවතුනා.

මිනිස්සු බලාපොරොත්තු වී සිටියේ එවැන්නක් නෙමෙයි. ඔවුන් බලා සිටියේ තමන්ගේ කම්මැලි ජීවන රටාව එලෙසම පවත්වා ගන්නා අතර සුද්දා එළවා සුද්දා භුක්ති විඳින සම්පත් බෙදා ගන්නයි. එය කළ හැකි බව සමාජවාදීන් විසින් මිනිස්සුන්ට ඒත්තු ගැන්වුවා. සමාජවාදී අදහස් ලංකාවේ ජනප්‍රිය වුනා.

කෙසේ වුවත්, නිදහසින් පසු ලංකාවේ පාලන බලය ලැබුණේ සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පක්ෂ වලට නෙමෙයි. එජාපය වැනි පක්ෂ වලටයි. එයට හේතු වූයේ එජාපය විසින් සාර්ථක ලෙස සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය (internalize) කර ගැනීමයි. සුද්දා එළවීමෙන් පසු සුද්දා නිෂ්පාදනයට එකතු කළ දෙයද අහිමි වන බව එජාපය තේරුම් ගත්තා. නිදහස ලබාගත් පමණින් සමාජයේ පහළ ස්ථර වලට වඩා හොඳ ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට උදවු කිරීම පිණිස නිදහසේ සල්ලි බෙදන්න පුළුවන්කමක් ස්වදේශිකයන්ගේ රජයකට තිබුණේ නැහැ. 

සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පක්ෂ වලට වැඩි බලයක් ලැබුණු අවස්ථා වල යම්තාක් දුරකට ඔවුන් කළේ දේශීය ධනවතුන් සතු දේ රජය සතු කර ගෙන සහනාධාර සේ බෙදා දීමයි. මෙය සෘජුව හෝ වක්‍රව සිදු වුනා. මෙයින් සමාජයේ ඉහළ ස්ථර අසතුටු වුවත්, පහළ ස්ථර සතුටු කළ හැකි වුනා. එජාපයට සමාජයේ ඉහළ ස්ථරද සතුටු කරන්න අවශ්‍ය වුවත්, සර්වජන ඡන්ද ක්‍රමය යටතේ පහළ ස්ථර වල සහයෝගය නොමැතිව ඔවුන්ට බලය ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එජාපය මේ කණ්ඩායම් දෙකම සතුටු කළ හැකි ක්‍රමයක් හොයා ගත්තා. ඒ ඉහළ ස්ථර පීඩාවට පත් නොකර, පහළ ස්ථරද සතුටු කළ හැකි ක්‍රමයක්. ණය මත දුවන සුබසාධන ආර්ථිකය මේ ක්‍රමයයි.

දළ ප්‍රකාශයක් ලෙස වත්මන් ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ කේන්සියානු මතවාද කෙරෙහි විශ්වාසය තැබූ ජේආර් ජයවර්ධනයි. එහෙත් මේ ක්‍රමය ඔහු ලංකාවට හඳුන්වා දුන්නේ හැත්තෑ හතේදී නෙමෙයි. හතලිස් හතේදී මුදල් ඇමති වූ වහාම ජේආර් වැඩ පටන් ගත්තා. රාජපක්ෂලා ජේආර්ගේ ක්‍රමයේ මෑතකාලීන ප්‍රකාශකයෝ.

මෙයින් අදහස් වන්නේ ජේආර් නොවන්නට ලංකාවේ විකල්ප ආර්ථික ඉතිහාසයක් නිර්මාණය විය හැකිව තිබුණා කියන එක නෙමෙයි. ඒ ජේආර් කියන්නේත් ඓතිහාසිකව සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිස අහම්බයක් නොවන නිසයි. ජේආර්ගේ ක්‍රමය ලංකාවේ සමාජ-ආර්ථික පරිණාමය තුළ ඉතිරි වූ, පැවති බාහිර තත්ත්වයන් හමුවේ වඩාත්ම සාර්ථක විය හැකි වූ ක්‍රමයයි. එයට ප්‍රතිපක්ෂව පැවති ජාතික සමාජවාදයටද යම් සාපේක්ෂ වාසියක් තිබුණා. එහෙත්, වැඩි වාසි තිබුනේ කේන්සියානු ආකෘතියටයි.

සුබසාධනයට මුල් තැන දුන් ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය වගේම කේන්සියානු ආකෘතියද බොහෝ ලාංකිකයින්ගේ අවිඥානික මනෝභාවය සමඟ හොඳින් පෑහුනා. වාණිජ බෝග වගාව සඳහා ලංකාවට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වන්න සිදු වුනේ හැමදාම මහන්සි වී වැඩ කරන්න සිදුවන එවැනි රැකියාවකට සිංහලයින් කැමති නොවූ නිසා. වී ගොවිතැන් හේන් ගොවිතැන් කරද්දී ලොකු නිවාඩු කාල ලැබෙනවා. වාණිජ බෝග වගාවේදී එවැනි ඉන්ටවල් ලැබෙන්නේ නැහැ. නිදහස ලැබෙන කාලයේදීත්, ඉන් පසුවත් බොහෝ ලාංකිකයන්ට අවශ්‍ය වූයේ සම්ප්‍රදායික වී ගොවිතැන කරද්දී මෙන් ටික කාලයක් වැඩ කර වැඩි කාලයක් විවේක ගන්නා අතරම සුද්දන් මෙන් ඉහළ පරිභෝජන මට්ටමක්ද පවත්වා ගන්නයි. මෙය සිදු විය හැකිව තිබුණේ රජය විසින් සහනාධාර ලබා දෙන්නේනම් පමණයි.

ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය තුළ මේ සහනාධාර තිබුණා. එහෙත්, ආර්ථික වර්ධනය තිබුණේ නැහැ. සහනාධාරද සමඟ ආර්ථිකයේ සමතුලිතතාවය පවත්වා ගන්න යාමේදී ආර්ථික වර්ධනය අඩාල වෙනවා. පොදුවේ සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවල සිදු වුනේ මෙයයි. කේන්සියානු විකල්පය ක්‍රියාත්මක කළ අයටද මේ සහනාධාර කප්පාදු කරන්න හැකි වූයේ නැහැ. එසේ කරන්න උත්සාහ කළ අවස්ථා වලදී ඔවුන්ට දේශපාලන බලය අහිමි වී එම බලය ජාතික සමාජවාදීන් අතට ගියා. ඒ නිසා, ඔවුන්ට ජාතික සමාජවාදීන් සමඟ තරඟ කරමින් දේශපාලන බලය නඩත්තු කළ හැකි වූයේ සහනාධාරද දිගටම නඩත්තු කරන අතරම ආර්ථික වර්ධනයද පවත්වා ගන්නා විකල්පයක් තුළින් පමණයි. එහෙත් ප්‍රශ්නය මේ ඉලක්ක දෙකම එකවර ලඟා කරගන්නා අතර ආර්ථිකයේ සමතුලිතතාවයද නඩත්තු කළ නොහැකි වීමයි. 

සුබසාධනය මෙන්ම ආර්ථික වර්ධනයද පවත්වා ගන්නා අතර කම්මැලි ජීවන රටාවටද බාධා නොවන ක්‍රමයක් කාට වුනත් ආකර්ශනීයයි. එහෙත්, රජයකට සම්පත් නිර්මාණය කරන්න බැහැ. රජයකට බෙදා දිය හැක්කේ කාගෙන් හෝ ගන්නා දෙයක්  පමණයි. ලංකාවේ ආණ්ඩු මේ නැති සම්පත් ලබා ගත්තේ අනාගත පරපුරේ වියදමින්. ඉදිරියේදී නිවැරදි වීමට නියමිතව ඇත්තේ මෙය දිගින් දිගට සිදු වීමේදී ගොඩ නැගුනු අසමතුලිතතාවයයි.

මේ සමතුලිතතාවය දිගටම පවත්වා ගත නොහැකි බව දැන් කාට කාටත් පැහැදිලි වී තිබෙනවා. එහෙත් විසඳුම ජාතික සමාජවාදය නෙමෙයි. එය අත්හදා බලා අසාර්ථක වූ ක්‍රමයක්. ජාතික සමාජවාදය හරහා අසමතුලිතතා අඩු කර ගන්න පුළුවන්. එහෙත් ඒ එක්කම මෙතෙක් පවත්වාගත් ආර්ථික වර්ධනයද අහිමි වෙනවා. අසමතුලිතතා තිබුනත් කේන්සියානු ක්‍රමය තුළ ආර්ථිකය වර්ධනය වූ බව බැහැර කළ නොහැකියි. අවශ්‍ය වන්නේ මේ ආර්ථික වර්ධනය අහිමි කර නොගනිමින් අසමතුලිතතා බැහැර කළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්.

මතු සම්බන්ධයි.

28 comments:

  1. Mokadda කේන්සියානු kiyanne?

    ReplyDelete
    Replies
    1. බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයෙක් වූ ජෝන් මේනාර්ඩ් කේන්ස් විසින් ඉදිරිපත් කළ න්‍යාය මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්ති. ණය අරගෙන ආර්ථිකය පිම්බීම කරන්නේ මෙම න්‍යාය ඉදිරියට දමලයි.

      Delete
    2. මේ ගැන WA විජේවර්දන විස්තර කලා.
      https://www.youtube.com/watch?v=6LGFR99AtVk&t=3291s&ab_channel=UpulShanthaSannasgala
      13.30 සිට බලන්න

      Delete
  2. කම්මැලිකමට හේතු හොයල ඒක නැති කිරීම නේද මුලින්ම වෙන්න ඕන?

    ReplyDelete
    Replies
    1. කම්මැලි වෙන්න අවශ්‍ය කෙනෙකුට කම්මැලි වීමට ඉඩ දීම ඔවුන්ගේ පෞද්ගලික තේරීමට ඉඩ දීමක්. වැරැද්ද සුබසාධනය හරහා අනුන්ගේ වියදමෙන් එය ප්‍රවර්ධනය කිරීමයි. එහෙත්, අවස්ථා අහිමිවීම අදාළ පුද්ගලයන්ගේ වරදක් නොවන නිසා අවස්ථා අහිමි අයව සුබසාධනය කිරීමේ වරදක් නැහැ. අවස්ථා අහිමිවීම සමාජයේ වැරැද්දක් නිසා සිදු වන දෙයක්.

      Delete
    2. නමුත් ඔබේ ලිපියෙනුත් කියල තියෙන පරිදි ලන්කාවෙ අර්බුදයට මූලික හේතුව කම්මැලියන් ඉන්න රටකට ආර්තික වර්දනය ලබාදෙන්න නයට අරන් ක්න්න දීපුඑකනෙ.
      එහෙමනම් තිබෙන්නෙ විසඳිම් දෙකයි
      1. කම්මැලියන්ට පරන පුරුදු පරොදිම කම්මලිකමේ ඉන්න ඇරල ලැබෙන දෙයක් කාල ජීවත් වෙන ක්‍රමේකටපුඑඋදු කිරීම
      2. මිනිස්සු කම්මැලි නොවන ජීවන ක්‍රමයක් ප්‍රවර්දනය කිරීම

      දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ සන්ස්කෘතියෙන් ආපු කම්මැලිකම එහෙම්ම තියෙද්දි ඒ හැමෝටමට්ජ් එක්කම ආර්තික වර්දනේ ලබාදෙන්න යාම නේද?

      Delete
    3. කම්මැලි නැති වුවත් අවස්ථා නැති වීමේ ප්‍රශ්නයට මුහුණ දෙන පිරිසක්ද ඉන්නවා. ඒ වගේම සංස්කෘතියෙන් හා පාරිසරික සාධක වලින් ආ කම්මැලිකම සමාජ ආර්ථික ක්‍රමය හරහා ප්‍රවර්ධනය කිරීමේ ප්‍රශ්නයද මෙහි තිබෙනවා. එය එසේ නොවුනානම් ඔබ කියන (1) හෝ (2) වෙනවා.

      Delete
  3. හොඳයි, ඒත් සමඟි පෙරමුණේ(තුන් හවුල) "සමාජවාදී" අත්හදා බැලීම ගැන කතා නොකලොත් අසම්පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. ජාතික සමාජවාදී ආර්ථික ආකෘතිය යන්නෙන් අදහස් වන්නේ එම ක්‍රමයයි. සමගි පෙරමුණු යුගය ලංකාව තුළ මේ ක්‍රමයේ එක්තරා අවසානයක් වුවත් ආරම්භය නෙමෙයි.

      Delete
  4. බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට. සරලයි හොදට තේරුම් යනවා.

    ReplyDelete
    Replies
    1. උබලා වගේ හරකුන්ට මුන් වගේ තක්කඩි කියන මේ අතාර්කික ගොන් බොරුත් හෙන ලොකු තියරි වගේද බන් පෙන්නේ....................??? පව් බන් උබලා.......................

      Delete
  5. // ලංකාවේ සමාජවාදී, සුබසාධනවාදී ආර්ථික ආකෘතිය ඉතා වේගයෙන් එහි තාර්කික අවසානය කරා ඇදී යමින් තිබෙනවා. ආර්ථිකය කඩා වැටෙන දවසක් පිළිබඳව අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ, // . කවුද ගමරාල කෙනෙක් හොදටම ජරාව කළා කාළා රෙද්දේම ගූ ගියාලු. අනේ ඉතින් අන්ත අසරණ වුනු ගමරාල කිව්වලු කවුද මගේ අමුඩේ රීලා කියලා.................................රෙද්දේ ගූ ගිය මෝඩ ධනවාදී වහල්ලුන් දැන් කියන්නේ ඔහොම එකක් තමයි.......................... . අන්ත බටහිර වහලෙක් වෙච්ච මෝඩ කාලකන්නි JR තිරිසනා ලංකාවේ මිනිස්සුන්ට ඇට අටක් දෙනවා කියලා ඇවිල්ලා ගෝටා කරපු විදියටම උගේ බටහිර අධිරාජ්යයේ හාම්පුතාලට ඕන විදියට කොල්ලකාරී විවෘත්ත ආර්ථිකේ හැදුවා......................එකෙන් ලංකාවේ සම්පත් කොල්ලකන්නත්, උන්ගේ නිෂ්පාදන අපේ උන්ටම විකුනලා සල්ලි ටික නැවත උන් ලගට ගන්නත් අවස්තාව ලැබුනා(කුට්ටිය සුද්දට, කටු ටික දේශීය නියෝජිතයන්ට, පිහාටු ටික ජනතාවට හොදේ)....................1980 වෙනකොටම JR ඇට අට දෙනවා තියා තිබ්බ දෙකටත් කෙලියා නේද කියලා ඔලිවක් තියන වුන් තේරුම් ගත්තා.....................අන්න එතකොට 1983 කලුජුලිය ගෙනල්ලා දෙමල මිනිස්සු පණපිටින් පුච්චලා, සුදු අධිරාජ්‍යවාදයේ සුපුරුදු ආයුධය ජාතිවාදී යුද්දය ස්ථාපිත කරලා ජනතාව ජාති වශයෙන් සදාකාලික බෙදෙව්වා.......................JR ගේ ඇට අටේ ගොන් ධනවාදේ අර්බුධය නිසා රට වැටෙනවා නෙවේය යුද්දය නිසාය කියන බොරුවෙන් මිනිස්සු ආය ඇන්දුවා....................ඔලුවක් තියන කොල්ලෝ මරලා දැම්මා.....................ඉතුරු උන්ට කුඩු ගස්සලා අයිස් ගස්සලා පිස්සෝ පිහට්ටෝ කළා..........................ඊට පස්සේ චන්ද්‍රිකා ළමා තැනී................මහින්ද හාමු, ඇමරිකන් ගෝටා අන්දරේ මේ ඔක්කොම ඉස්සරහට අරන්ගියේ බහු ජාතික සමාගම් වලට පුප දෙන නව යටත් විජිත ධනවාදී ආර්ථික චක්කරේ ම තමයි.........................දැන් ධනවාදි මංකොල්ලකාරී ආර්ථිකේ එහි නියත අවසානයට හිතුවාටත් කලින් පියමන් කරලා තියනවා මිනිසුන් දසලක්ෂ ගානකගේ මරණත් සමගම.............................අනේ ඉතින් මෙච්චර කල් ධනවාදී මිනීමරු ආර්ථිකේ මස් කටු උර උර පක්කලි කම් කරපු උන් දැන් කියනවාලු ලංකාවේ සමාජවාදී ආර්ථිකේ නිසා ලු මෙහෙම උනේ.....................JR පප්පා, මිනීමරු ප්‍රේමදාස කුක්කා පටන අරන් චන්ද්‍රිකා හාමු, රනිල් හාමු මහින්ද හාමු හරහා ඇමරිකන් ගොටභය හාමු ලංකාවේ ගොඩනගපු සමාජවාදය මොකද්ද කියලා කියපන්කො ඉස්සල්ලා බන්....................??? අපි කතාකරමු ඇමරිකන් හාමුලා ගොඩනගපු සමාජවාදය ගැන එහෙනම්.........................ඇමරිකන් හමුලාගේ අමුඩේ සමාජවාදියෝ රිලා......................හා හූ අම්මෝ

    ReplyDelete
  6. ධනවාදයේ සාර්ථකත්වය ගැන පොඩි උදාහරණයක් කියන්නම්කො.....................ධනවාදේ කොච්චර ගූ ද කියනවා නම් ධනවාදී ඇමරිකාවේ කොරෝනා වලින් මිනිස්සු මිලියනයක් විතර බල්ලෝ බළල්ලු වගේ මැරෙන්න ඇරියා.......චීනය වියට්නාමය එක්ක සැසදුවොත් ඇමරිකන් ධනවාදී වහල්ලු මාර පව් ........................කොටින්ම ඉතියෝපියාව වත් ඔහොම බලු වුනේ නෑ.........................කැප්ටන් ඇමරිකා, සුපර් මෑන්, ඉස්පයිඩර් මෑන්, මිනීමරු ධනවාදීන්ගේ මොලහෝදන ජිල්මාට් බලලා මොලේ හිරිවට්ටගෙන ඇමරිකන් කාරයෝ ලෝකේ බේරාගන්නවා කියලා හිතන් ඉන්න අපේ මෝඩයෝ පව් ඉතින්............................මම කියන්නේ උබලවගේ උන් සුද්දගේ කාලෙත් හිටියා..................ඒ එක්නලිගොඩලා වගේ මුදලට පාවාදෙන්නෝ...................එක උන්ගේ ජම්ම ගතිය................අරින්න බෑ මුදලට සැප සම්පත් වලට පාවාදීම (එකත් කෙලවර වෙන්නේ උන්ටම සිදුවෙන විනාසයකිනි)....................හැබැයි මේ අතාර්කික බොරු වලට රැවටෙන මිනිස්සු පව්....................ජනතාවයි බුද්දිමත් විය යුත්තේ.........මේ ගොබෙල්ස්වාදී ඇමරිකන් බයියන්ගෙන් අපේ ජනතාවත් ඇමරිකානු ජනතාවත් රැකේවා කියලා දෙවියන් යදිමු...................!

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් ඔබතුමා දන්නා ටිකත් ලියන්නකෝ නානසාර වගේ බනින්නේ නැතුව. මම දන්නා විදියට ඉකොන් කාගෙවත් කොමෙන්ටු මකන්නේ නෑ කුමන මතයක් ඉදිරිපත් කලත්.

      Delete
    2. AnonymousDecember 22, 2021 at 12:25 AM

      බොලා වගේ මේවාට උඩගෙඩි දෙමින් මේ කාලකන්නි අමන රජයට කඩේ යන තැරිදාර පුන්නක්කු මළපෙරේත සක්කිලි සාඩිං බයියන් කියන අමු මී හරක් රැල වෙනුවෙන් නාත්ති කරන වචන කාලය ශ්‍රමය අපරාදේ............. මේ තුප්පහි පාලකයන් කිසිම දිනක රටෙන් ඩොලර් අනවශ්‍ය විදියට එලියට යන ක්‍රම.......... රටට ඩොලර් එන ක්‍රම ගැන හෙව්වේ නැහැ.....

      ලංකාවේ ඩීසල්.... පෙට්රෝල් වලට යන වියදමෙන් ලොකු ප්‍රමාණයක් ප්‍රයෝගික ව ඉතිරි කරගන්න ක්‍රම තියෙද්දී......... රටේ ජනතාවටත් සිහින ලෝක පෙන්නවල නටපු නාඩගම් වල අන්තිම ප්‍රතිපල........ දැන් පොලි මුදලාලිලා පස්සේ ඩොලර් හිඟා කනවා....... තව V8 ටිකක් ගෙන්වල පාරට දායි, සින්ගපුරුවේ දැනුත් රට තුල තියෙන මිලියනයක වාහන ප්‍රමාණය (අති බහුතරයක් ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් විතරයි ) අඩු කරලා පොදු ප්‍රවාහනය තවත් දියුණු කරන්න ක්‍රම හොයනවා.......

      ලංකාවේ බාන්ඩාගාරෙට කෙලියා..... මහ බැන්කුවට කෙලියා..... නීතියට කෙලියා
      ගුවන් සමාගමට කෙලියා...... වරායට කෙලියා...... පොලිසියට කෙලියා
      හමුදාවට කෙලියා...... අදිකරනෙට කෙලියා.....
      දැන් හෙන්චයො දාල අද්‍යාපනයට කෙලිනවා.....
      ඊයේ මේ මුන්ගේ කාලකන්නි ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 207 ක් කරලා... එත් මුන්ට ගානක් නෑ... හෙට අනිද්දා අනිවාර්යෙන්ම රුපියල් 400 ට විතර යයි... කෝමද... ශැපද....

      මේකත් බලපන් ගොන් හිවලා....

      //අද වන විට රට තුළ ඇති අර්බුද හේතුවෙන් ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පවසයි. කිසියම් ලෙසකින් ආහාර අර්බුදයක් ඇති වුවහොත් ආහාර හුවමාරු ක්‍රමවේදයකට යා යුතු බවත් එනම් අප සතුව බඩඉරිඟු අතිරික්තකයක් ඇති නම් වෙනත් රටකින් ඊට සරිලන වෙනත් ආහාර ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් ඔහු පැවසීය. ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි.

      අත්‍යවශ්‍ය නොවන ආහාරපාන ආනයනය සීමා කර කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යව පමණක් ආනයනයට අවධානය යොමු කිරීම උචිත බවත් ඒ මහතා පෙන්වා දේ.//

      …….කෝ අර සිංහ නාදේ ……… දැන් සැප ද? කියලා අහන්න කෙනෙක් නැති හැටි.... 69 ලක්ෂෙ මීහරක් කාලකන්නි බයියන්ට නම් කන්න තණකොළ තියෙනවා.... කරේ බැඳන් ඇදන් යන්න බර කරත්ත තියෙනවා....... පැට්‍රල් ඩීසල් ලීටරේ 500 ගියත් සංතෝසයි. මැරුණත් පොහොට්ටුවට තමයි...... නෙද්දකින් ......

      Delete
    3. ප්‍රශ්න වගේම ඒවාට උත්තරත් ඕනේ. නිකන් නානසාර වගේ කටින් ගහල බේරෙන්න හදන්න එපා. මේ බ්ලොග් එකේ තියෙන අනිත් ලිපිත් ටිකක් බලහන්.

      Delete
    4. FYI

      කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක පත් කර තිබේ. ජනපති ගෝටාභය රාජපක්‍ෂ විසින් මෙම පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

      මහාචාර්ය උදිත් ජයසිංහ මෙතෙක් එම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබීය.

      ඔහු ඊයේ දිනයේ මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි ආහාර හිගයකදී අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරන බවයි.

      මේ අතර ජනවාරි මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට පත් කර ඇත.

      Delete
  7. ඉකොනොමැට්ටා,

    මේ බලන්න ආණ්ඩුව තවත් ගොන් වැඩක් කරලා;

    https://economynext.com/sri-lanka-inks-us251mn-tea-for-oil-debt-deal-with-iran-88995/

    ඇමරිකන් සම්බාධක නොතකා ඉරානයෙන් තෙල් වෙනුවට තේ ගිවිසුමක් ගහලා, මේක ඉවරවෙන්නේ තේ ත් නැතිකරගන තෙලුත් නැතිවෙලා. ඉරානෙත් චීනේ වගේ නඩුව දාලා වන්දි ඉල්ලා යාලු කමත් නැති කරගන. 2012 වනවිට ඉරාන තේ වෙළඳපොලේ සියයට 47ක් පමණ හිමිකරගෙන සිටි ලංකා තේ කර්මාන්තය 2015 වසර වනවිට සියයට 43 දක්වාත් පසුව 2015 පමණ වනවිට 16% දක්වාත් පහත වැටුණේ ඉරානයට එරෙහිව ජගත් සංවිධාන වලින් සිදු වූ වෙළඳ භාදක, ගෙවීමේ ගැටළු, ඉරාන රියාල් ක්ෂයවීම වැනි ගැටළු ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලැබූ අතර 2012 නොවැම්බර් මස ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාදක පැනවීමත් සමඟ බැංකු පද්ධතිය හරහා මුදල් ගෙවීමට පිළිගත් යාන්ත්‍රණයක් නොමැතිවිය. එවකට පැවති දූෂිත රෙජෙමය එකල යම් ජාවාරම් ක්‍රම හරහා උමා ඔය ව්‍යාපෘතිය වැනි විගඩම් සහ අතරමැදි රටවල් හරහා යම් ආකාරයකින් දිගටම කරගෙන ගියත් පසුව ලංකාව ජාත්‍යන්තර නීතියට අනුකූල නීතිගරුක නීත්‍යානුකූල ගණුදෙනු පමණක් කිරීම හේතුවෙන් ලංකා තේ අපනයනකරුවන්ට ඉරාන ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබාගැනීම අපහසුවිය. මේ වනවිටත් වන සුළු ගණුදෙනු ප්‍රමාණයත් වර්තමානය වනවිටත් අතරමැදි රටවල් හරහා ගෙවීම් සිදුවන අතර එයද බො‍හෝ බාදාකාරී තත්ත්වයන් ඇති කරන අතරම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මගින් ලංකා තේ වැඩිවශයෙන් ඉරානයට අපනයනය කිරීමට හැකියාව ලැබෙන බවත් එමඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට දිගුකාලීනව ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් 250,925,169 ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමටද මෙම අවබෝධතා ගිවිසුම මගින් යෝජනාකර ඇති නමුත් මම හිතන්නේ මේක කරගන්න බැරි වන බවයි. මුන්ට මොකක්වත් හරියට කරන්න දන්නේ නැ. එක්කෝ දේව සාපයකින් (දේව කියුවට පාස්කු) කරන කරන වැඩේ වරදිනවා. ඒ නිසා ස්ථිරවම මේකත් කෙලව ගන්නවා. මේ ගැන ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    ReplyDelete
  8. ඇත්තටම ලංකාවේ ඉතිහාසය ගැන ඉකොනොමැට්ටා කියා ඇති බොහෝ දේ මනූමූලික මනස්ගාත සහ අතාර්කික හිතළු මත ලියා ඇති පල් හෑලි බව පෙනෙයි. ලංකාවේ ආර්ථිකය මෑත කාලීනව මුහුණ දෙන අර්බුදයේ ස්වභාවයන් අවස්ථා කිහිපයකදී නියමුවා පුවත්පත හරහා ලංකාවේ වීවීධ බුද්ධිමතුන්, ආර්ථික විශේෂඥයන් සහ වෙනත් දාර්ෂනිකයන්, කලාකරුවන් රැසක් සමග පහුගිය කාලේ පුරාම සාකච්ඡාවට ලක් කළ අතර ඉකොනොමැට්ටා මේ වගේ අදහස් ප්‍රසිද්ධියේ පළ කිරීමට පෙර එම ලිපි කියවා නිසි පරිදි දැනුවත් වීම වඩාත් සුදුසු බව පැහැදිලිවම පේන කරුණක්.

    ලංකාවේ මෑත ආර්ථික කටයුතු දෙස බැලීමේදී විටෙක කෘෂි නිෂ්පාදනයේ අර්බුදයක් ලෙසත්, තවත් විටෙක ආදායම හා ණය අර්බුදයක් ලෙසත් විවිධ පැති මගින් අප දැක ඇත්තේ දුබල ධනවාදී සමාජ ක්‍රමය ලංකාවේදී ලබා ඇති අසාර්ථකත්වයයි. අවුරුදු 73ක් පක්ෂ දෙකකට බෙදී පවත්වාගෙන ආ ධනපති ක්‍රමය තවත් දශමයකින් හෝ ජනතාවගේ ගැටලුවලට විසඳුම් නොදෙන සමාජ ක්‍රමයක්ය යන්න ඔප්පුකර හමාරයි. ඇත්ත වශයෙන්ම ලංකාවේ තියෙන්නේ වැඩියෙන් ධනවාදී නමට පමණක් සුළුවෙන් සමාජවාදී ක්‍රමයක්. එමෙන්ම එම සමාජවාදී ක්‍රම තුලින් ලැබෙන සුළු සහනත් දිනපතා කප්පාදු වෙමින් පවතිනවා.

    ලංකාවේ ජවිපේ ප්‍රමුඛ සමාජවාදී බුද්ධිමතුන් කලක සිට පැවසූ සැබෑ ප්‍රශ්න සහ ක්‍රමයේ අසාර්ථකත්වය මීට කලින් පිළිනොගත් කටවල්වලින්ම දැන් මේ ක්‍රමය අසාර්ථක බව පිළිගනිමින් සිටිනු දැකිය හැකි වීමම සතුටට කරුණක්. ණය ගැනීම තමන් මුහුණ දෙන අර්බුදයට විසඳුම ලෙස දක්වමින් තමන්ගේ පාලන කාලයේ ණය ගැනීමට හැකිවීම තම ආණ්ඩුවේ දක්ෂතාවයක් යැයි පාරම් බෑ පාලකයෝම දශකයකට පසුව තමන් ණය අර්බුදයකට මුහුණ දී ඇතැයි පවසති. විපක්ෂයේ සිටින විට පෞද්ගලීකරණයට විරුද්ධව සටන් පාඨ කියමින් වීදි බසිමින් සිට බලයට පැමිණි විගස එක්කෝ මානුෂික මුහුණුවර, ජනතාකරණය ආදී විවිධ වැල් බෞඉලා නම් යොදා ගනිමින් රාජ්‍ය සම්පත්, කර්මාන්ත, ආයතන විකුණා දැමූ පාලකයින්ම අද රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය අසාර්ථක බව කියමින්ම තවත් විකිණීමට යමක් ඇත්දැයි සොයා බලති.

    මීට අමතරම අධිපරිභෝජනවාදී ධනවාදී ආත්මාර්ථකාමී කෑදරයින් බෝකරන තුච්ඡ ක්‍රමය තුළ නාස්තිය, දූෂණය පැවති හා මෙතෙක් පැවති සෑම පාලනයකම ජාති ලක්ෂණයක් බවට පත්ව ඇත. මෙම කුණුවීම නිසා දේශපාලන ධූරාවලියද නිලධාරී යාන්ත්‍රණයද ඉහළ සිට පහළටමද ඕජස් ගලා හමාරය.

    මීට කලකට පෙරදී තුච්ඡ ධනවාදී රාජ්‍යයේ අශිෂ්ටත්වය වසා ගැනීමට එම නග්නත්වය වැසූ රෙදිකඩක් බඳු ඊනියා ශක්තිමත් නීති හා ආයතන පද්ධතිය නමැති ප්‍රෝඩාව නව ලිබරල් ධනවාදයේ වත්මන් අවශ්‍යතාවයට අනුව ඔවුන්ටම බාධාවක් වී ඇත. ඒ නිසා ඒ ආයතන හා නීති අහෝසි කිරීමට දැන් යෝජනා කරන්නේද එම නීති හා ආයතන පිහිට වූ ඔවුන්මය. මේ හැම ක්‍රියාමාර්ගයක්ම දැනටමත් කෙළවර වී ඇත්තේ ධනවාදී ආර්ථික අර්බුදයට උත්තර සොයනු වෙනුවට විසඳුම අර්බුදයේම ප්‍රකාශනයක් බවට පත් කරමිනි.

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා ඉතිහාසය විකෘති කර බහුබූත දොඩවා ඇති නිසා සැබෑ ඉතිහාසය කෙටියෙන් කියන්නම්. පුනරුද සමයෙන් පසුව යුරෝපයේ සිදු වූ විවිධ හැලහැප්පීම්හි ප්‍රතිඵලයක්‌ වශයෙන් යුරෝපීය ජාතීන් ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකානු ප්‍රදේශයන් සියතට ගන්නා ලදී. ප්‍රංශ, ඕලන්ද, ස්‌පාඤ්ඤ, ඉංග්‍රීසී ආදී විවිධ ජාතීන් එයට ප්‍රමුඛත්වය ගන්නා ලදී. ඔවුන් එම රාජ්‍යයන් යටත් කරගනිමින් එම රාජ්‍යයන්හි සමාජ, ආර්ථීක, දේශපාලන ආදී ව්‍යුහයන් වෙනසකට ලක්‌ කොට ඔවුන්ට හිතෛෂී ව්‍යුහයන් නැවත එම රාජ්‍යයන් තුළ ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. අනෙකුත් යටත් විජිත රාජ්‍යයන්ට සමාන්තරව ලංකාවට ද එය පොදු කරුණක්‌ විය. මේ සඳහා විශාල වියදමක්‌ දැරීමට වූ අතර ඔවුන්ගේ මූලික පරමාර්ථය වූයේ හැකි ඉක්‌මණින් එම වියදම් පියවා ගැනීම වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ආර්ථීක ව්‍යුහය මේ හරහා නිර්මාණය වීය. සමාගම විසින් තමන් අල්ලා ගත් පහතරට මුහුදු බඩ ප්‍රදේශයන්වලින් අධික ලෙස බදු අය කරමින් සහ විවිධ ව්‍යාපාරයන්වල නිරත වෙමින් ඔවුන් සිය ආදායම වර්ධනය කරලීම උදෙසා කටයුතු කරන ලදී. ඒ අනුව පහතරට මුහුදු බඩ ප්‍රදේශයන්හි සමාගම විසින් ගෙන ගිය ආර්ථීක ව්‍යුහය පිළිබඳව ද මඳක්‌ අවධානය යොමු කළ යුතුය. ලන්දේසීන් විසින් මේ යුගයේ ඉතා සාර්ථක ලෙස කුරුඳු වගාව සිදු කරන ලදී. ඔවුන් ඉන් විශාල ආදායමක්‌ ලබා ගත් බව පෙනේ. බ්‍රිතාන්‍ය සමාගමේ ලක්‌ෂණයක්‌ වූයේ ඔවුන් විසින් බොහෝ භාණ්‌ඩ වෙන්දේසි කළ ද කුරුඳු එලෙස වෙන්දේසියේ නොවිකිණීමයි. අනෙක්‌ අතට බ්‍රිතාන්‍යයන් විසින් පහතරට කුරුඳු වගා කිරීම සඳහා විශාල වෙහෙසක්‌ ගන්නා අතරම ඔවුන් මුතුපර වලින් ද විශාල ආදායමක්‌ ලබා ගැනීම සඳහා කටයුතු කළේය. 1796 සිට 1798 දක්‌වා ඉංග්‍රීසීන් මුතුපරවලින් එකතු කළ ආදායම පවුම් 396,000 ක්‌ වීය. ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ලා ගැනීම සඳහා 1797 සමස්ත යුධ වියදම් සහ පසුකාලීන පරිපාලන බල ස්ථාපනය සඳහා වැය වූයේ පවුම් 12,000 ක්‌ පමණ ප්‍රමාණයක්‌.

      Delete
    2. මේ අනුව පෙනී යන්නේ ඉංග්‍රීසීන් සිය ආර්ථීක ව්‍යුහය තමන්ගේ ආර්ථීක වාසි සඳහා විශේෂයෙන්ම යොදා ගත් බවයි. ඔවුන් කුරුඳු හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය වෙන්දේසි කරන ලදී. රා සහ අරක්‌කු වෙන්දේසිය මෙකල ඉතා ජනප්‍රිය වීය. එමෙන්ම මුතුපර වෙන්දේසි ලබා ගැනීමට වෙන්දේසි කරුවන් උනන්දු වූහ. බෙල්ලන් ඇල්ලීම, කැස්‌බෑවන් ඇල්ලීම, මැණික්‌ හෑරීම විශේෂයෙන් වෙන්දේසියේ විකුණන ලදී. දේශීයන් අතර මුස්‌ලිම්වරුන් සහ හෙට්‌ටීන් මේ සඳහා විශාල උනන්දුවක්‌ දක්‌වන ලදී. අනෙක්‌ අතට පෞද්ගලික ව්‍යවසායක මූලික අරමුණ වන්නේ සිය ආදායම වර්ධනය කර ගැනීමයි. සමාගම සිය ආදායම වැඩි කර ගැනීම සඳහා පහත රට ප්‍රදේශයන්ට නව බදු වර්ග හඳුන්වාදෙමින් හා නව ක්‍රමවේදයන් හඳුන්වාදීම නිසා පහතරට යටත්විජිත ආර්ථීක ව්‍යුහයේ නව වෙනස්‌කම් ඇතිවීය. ඔවුන් කලෙක්‌ටර්වරුන් ලෙස හැඳින්වූ බදු එකතු කරන්නන් හඳුන්වා දුනි. ලන්දේසි සමය දක්‌වාම දේශීයන් ඒ සඳහා යොදාගත් නමුත් බ්‍රිතාන්‍යයන් මේ සඳහා දේශීයයන් පිළිබඳව කිසිදු අවබෝධයක්‌ නොවූ පිරිස්‌ මේ සඳහා පත් කරන ලදී. එමෙන්ම එකල භාණ්‌ඩ හුවමාරු ක්‍රමය මත සිදු වූ ක්‍රියාවලිය වෙනුවට මුදලින් බදු ගෙවීමටත් ජනයා පීඩාවට පත් කරන ආකාරයේ නව බදු වර්ග විශේෂයෙන්ම පොල් බද්ද වැනි බදු හඳුන්වාදීමට කටයුතු කරන ලදී. තවත් බදු පැනවීමේ දී (විශේෂයෙන්ම පොල් පහතරට ඉතා විශාල වශයෙන් පැවති වගාවක්‌) ඉහත බද්ද හරහා ඵලදාව ලබා නොගත් ගස්‌වලින්ද ගස්‌ ප්‍රමාණය අනුව බදු මුදල තීරණය කරන ලදී. ඒ අනුව සමාගම ලංකාවේ පහතරට මුහුදුබඩ ප්‍රදේශයන්වල ඉතා අමානුෂීය ආර්ථීක ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළෙන් මෙම ආර්ථීක ව්‍යුහය ජනතාව ඉතා පීඩාවට පත් කළ අතර ඇතැම් ජනතාව බදු ගෙවීමට ඇති දිනයන්හීදී ගම්මාන අත්හැර ගිය බව ඇතැම් බ්‍රිතාන්‍ය පාලන වාර්තාවන් අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. එසේම ඇතැම් අවස්‌ථාවල ජනයා කලෙක්‌ටර්වරුන්ට පහරදුන් අවස්‌ථාවන් ද සඳහන් වේ.

      මේ නිසාම පහතරට ප්‍රදේශයන්වල ජනතාව මේ සඳහා විවිධ ප්‍රතිරෝධතාවන්වල නිරත වූ බව දක්‌නට ලැබෙයි. ලංකාවේ යටත් විජිත සමයේ ආර්ථීක ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ මුල් කාලයේ එනම් බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම් පාලනය යටතේ ඇති වූ තත්ත්වයන් සමනය කර ගනිමින් ඔවුන් ලංකාවේ යම් ස්‌ථාවර ආර්ථීක ක්‍රමයකට අවතීර්ණ වූ බවයි. එනම් පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් එතෙක්‌ යොදා ගත් ක්‍රමවේදයන් ආර්ථීක කළමනාකරණයට යොදා ගත් අතර එය සාර්ථක වූ බවක්‌ පෙනේ. ලුණු සහ දුම්කොළ රජයේ ඒකාධිකාරය යටතේ වීය. අරක්‌කු හා රා වෙළෙඳාම රජය යටතේ තිබූ අතර මුතු කර්මාන්තය හා මැණික්‌ ගැරීම බදු දෙන ලදී. මෙලෙස බ්‍රිතාන්‍යයන්ද පෘතුගීසීන් හා ලන්දේසීන් මෙන් වෙළෙඳාම සඳහාම ප්‍රමුඛත්වයක්‌ ලබාදුන් අතරම කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රාග්ධනය යෙදවීම සඳහා කිසිදු දිරිගැන්වීමක්‌ නොකරන ලදී. නිදසුනක්‌ වශයෙන් අපනයනය සඳහා වැඩි ප්‍රමාණයක්‌ අවශ්‍ය වූ විට නිෂ්පාදකයාගෙන් ලබාගත් අතිරික්‌තය වැඩි කළා මිස නිෂ්පාදනයේ සමාජීය සහ තාක්‌ෂණික පදනම වඩාත් දියුණු කිරීමට කටයුතු නොකරන ලදී. ඒ බව දේශීය කෘෂි කර්මාන්තය කඩා වැටීම තුළ මෙන්ම මුල්කාලීන බ්‍රිතාන්‍ය නිලධාරීන් ආරම්භ කළ කුඩා වතු වගාවන් බිඳවැටීම තුළ දක්‌නට ලැබේ. කෝල්බෲක්‌ වාර්තාවල සඳහන් වන ආකාරයට 1816 සිට 1823 දක්‌වා වාර්ෂිකව සහල් බුසල් 870,734 පමණ ලංකාවට ආනයනය කොට තිබේ. එසේම නෝර්ත් සහ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරුන්ගේ සමයේ සහල් අපනයනය සඳහා වන වියදම් අවම කිරීමට උත්සාහ දරා ඇත. මේ අනුව පෙනී යන්නේ ඔවුන් වගාවන් සඳහා මුල් කාලයේ කිසිදු ආයෙජන දිරිගැන්වීමක්‌ නොකොට ඇති බවත් රාජ්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යැමට උත්සාහ දරා ඇති බවයි. 1833 දී බ්‍රිතාන්‍ය කොමිෂන් සභාවක්‌ විසින් ඉදිරිපත් කළ වාර්තාවක එය ඉතා හොඳින් සඳහන් වේ. ඒකාධිකාර ක්‍රමය පවත්වාගෙන යාමත් සමහර අවස්‌ථාවල රජය විසින් ඒවා දීර්ඝ කිරීමත් පමණක්‌ නොව, ආණ්‌ඩුකාරයා විසින් තීරු බදු ප්‍රමාණ වෙනස්‌ කිරීමත් නව බදු පැනවීමත්, වෙළෙඳාමට මෙන්ම ප්‍රාග්ධනය ගලා ඒමට හා එක්‌ රැස්‌වීමට ද හානිකර වීය. ආණ්‌ඩුව විසින් සියල්ල මෙහෙයවීම රාජ්‍යයේ ප්‍රාග්ධනය ගලා යැමට බාධාවක්‌ බව කොමිෂන් සභාව විසින් පෙන්වාදී ඇත.

      Delete
    3. මෙසේ යුරෝපයේ සංක්‍රාන්ති සමයක්‌ වූ එම යුගයේ ඉන්ග්‍රීසීන් ලංකාවේ අනුගමනය කළ ආර්ථීක පිළිවෙත වාණිජවාදී ආර්ථීක රටාවෙන් මිදී යුරෝපයේ මෙන්ම ලිබරල් ආර්ථීක ප්‍රතිසංස්‌කරණයන්ට යොමු වූ අතර ඔවුන් ඇඩම් ස්‌මිත්ගේ ජාතීන්ගේ ධනය (Wealth of Nations) කෘතිය සහ සම්භාව්‍ය ලිබරල්වාදීන් වූ ඩේවිඩ් රිකාර්ඩෝ, ජෙෆ'ර්සන්, මෙඩිසන් වැනි නිදහස්‌ ආර්ථීකවාදීන්ගේ දර්ශනයන් සමඟ සන්නද්ධව සිටි අතර ආන්ද්‍රෙ ගන්දර් ෆ්‍රෑන්ක්‌ පෙන්වාදෙන පරිදිම බ්‍රිතාන්‍යයන් විසින් යොදා ගෙන ඇත්තේ පැරනි ග්‍රීක සිටි ස්ටේට් පෞර රාජ්‍ය වල පැවති කේන්ද්‍ර පරිවාර න්‍යායයි. මෙහි කේන්ද්‍රය නම් යුරෝපීය රාජ්‍යයන්ය. පරිවාරයේ කටයුතු කරන්නේ ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකානු යටත් විජිත රාජ්‍යයන්ය. පරිවාරයේ ඇති රාජ්‍යයන් විසින් වහලුන් ලෙස කේන්ද්‍රයේ ඇති රාජ්‍යයන් පෝෂණය කිරීමට වෙහෙසෙයි. සියලුම නිෂ්පාදනයන් කේන්ද්‍රයේ ඇති රාජ්‍යයන්ගේ පරිභෝජනය සඳහා යොදවයි. මේ අනුව බලන කල ලංකාවෙහි යටත් විජිත ආර්ථීකය දෙස අවධානය යොමු කරන විට පෙනෙන මුඛ්‍ය ලක්‌ෂණය වන්නේ මෙයයි. බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරය ලංකාවේ ආර්ථීක ව්‍යුහය ඔවුන් විසින් නිර්මාණය කරන ලදී. පූර්ව යටත් විජිත සමය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එකල පැවතියේ ස්‌වයංපෝෂිත යෑපුම් කෘෂිකර්මාන්තයකි. එනම් තමන්ට එදිනෙදා අවශ්‍ය කරනු ලබන ආහාර තමන් විසින්ම නිපදවා ගනු ලබන ක්‍රමයකි. සාමාන්‍ය කන්ද උඩරට ගමක්‌ කුඹුරු තීරයක්‌ ද, නිවෙස්‌ වටා කුඩා වත්තක්‌ද වරින් වර වගා කළ (වියළි බිමක්‌) හේනක්‌ද, ඊට පිටස්‌තර කැලෑ බිමකින්ද සමන්විත වීය යන නිදසුන හරහා පූර්ව යටත්විජිත සමාජයේ ලංකාවේ ආර්ථීකයේ එක්‌ පැතිකඩක්‌ හඳුනාගත හැකිය. නමුත් තත් ආර්ථීක ව්‍යුහය බ්‍රිතාන්‍යයන් විසින් අංශක එකසිය අසූවක්‌ අනෙක්‌ දෙසට යොමු කරයි. ඒ අනුව ස්‌වයං පෝෂිත ආර්ථීකයේ සිට ඔවුන් ලංකාවේ ආර්ථීකය ධනේශ්වර වාණිජ ආර්ථීකයකට යොමු කරනු ලබයි. ආනයනය හා අපනයනය, වෙළෙඳ ආයෝජනයන් මත පදනම් වූ ආර්ථීකයක්‌ නිර්මාණය කරනු ලබයි. නිදහසින් පසුව ඉන්ග්‍රීසීන්ගේ ක්‍රමයම අනුකරණය කළ ඊනියා කලු සුද්දන් නමැති අනුකාරකවාදීන් කෘෂිකර්මයට යම් සහනදායී ක්‍රමයක්‌ අනුගමනය කළ අතරම ලංකාවේ වී වගාව වර්ධනය කිරීම උදෙසා විවිධ වැව් ප්‍රතිසංස්‌කරණ යෝජනා ආදිය ක්‍රියාත්මක කළත් සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් නොලැබුණි. විශේශයෙන්ම දශක හතරකට පමණ කලින් ලංකාව තුළ පැලකල අපට පමනක් නොව මුළු ලොවටම නොගැලපෙන උත්තරාරෝපිත ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගුණේ පියවර කිහිපයකිනි. එසේම සමාන ගුණාංග සහිතව වගේම එක් එක් පාලන කාලයන් තුළ විවිධත්වයන් සහිතවය. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ හැක. ඇත්තටම 1977ට පෙර පැවැති රාජ්‍ය ඒකාධිකාරී පාලනය තුළ ඉඩම්, රාජ්‍ය ව්‍යාපාර, කර්මාන්ත රජය ඒකාධිකාරය රටේ පාලන බලය හිමි රදල/ වෙලඳ මූලික පිරිසක් අත පාලනය කේන්ද්‍ර විය. ඔවුන් පාලනයට යොදාගත්තේ සංස්ථා මණ්ඩල ආකෘතියයි. 1977 න් පසුවද සංස්ථා මණ්ඩල පැවැතියද එම යාන්ත්‍රණය දුර්වල කරමින් වඩාත් ලිහිල් ප්‍රතිපත්ති මත එම රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය මගින් තම ගජමිතුරන්ට විකුණන ලදී. ඒ යටතේ වානේ, ටයර්, පිඟන්, තුනීලෑලි, සිමෙන්ති, සීනි ආදී වශයෙන් ලංකාවට විදේශ විනිමය ඉතිරි කළ හැකි ජාතික සම්පත් රැසක් ඉතාම අඩු අගයන්ට හා අසාර්ථකම ක්‍රමයන්ට විකිණීම සිදුවිය. රාජ්‍ය ඒකාධිකාරයේදී මෙන්ම එම විකිණීමෙන්ද වාසි ලද්දේ සුළු පිරිසකි; ආණ්ඩුවලට සමීප ගජ මිතුරන් පිරිසකි.

      අසූව දශකය තුළ ආණ්ඩුව මෙහෙයවූ නායකයන්ගේ හිත මිතුරන් සහ ආධාරකරුවන් වූ සුළු පිරිසකගේ පෞද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන් කර්මාන්තවලට අමතරව, සෞඛ්‍ය යටතේ රෝහල්ද අධ්‍යාපනය යටතේ පෞද්ගලික අධ්‍යාපන කඩ සහ ජාත්‍යන්තර පාසල් ක්‍රමයද ගමනාගමන සේවය යටතේ බස් සේවය හා ගුවන් සේවයද පෞද්ගලීකරණයට ගොදුරු විය.

      මැදමුලනේ බ්‍රෝකර් කල්ලිය යටතේ පවතින වෙන්දේසි ඉඩමක් බවට පත්වී ඇති ලංකාව තුළ අද එහි තර්කානුකූල ඉදිරි පියවර වී ඇත්තේ ජනතාව (ඉතිරිව ඇති කර්මාන්ත නොමැති නිසා) සතු ඉඩම් හා වනාන්තර සහිත අනාගත පරපුරට සුරැකිව තිබිය යුතු ස්වාභාවික සම්පත් මිල කිරීමය. කොළඹ නගරයේ වටිනා ආර්ථික මර්මස්ථානයන්හි ඉඩම්වල සිට ඈත ආදිවාසී වැදි ජනතාව ජීවත්වන සාම්ප්‍රදායික වන බිම් තීරු දක්වා අද මේ ඉඩම් මංකොල්ලය රට පුරා දියත් කර ඇත.

      Delete
    4. ලංකාවේ බහුතර සාමාන්‍ය ජනතාවගේ අත්‍යාවශ්‍යම මහජන අවශ්‍යතාවයන් වන විදුලිබලය, ඛණිජ තෙල්, ජල සැපයුම පිළිබඳ රජයේ කාර්යභාරය විය යුත්තේ සාධාරණ ක්‍රමයකට එම මහජන වුවමනාවන් ඉටු කිරීම බව ජපිපෙ මෙන්ම ලංකාවේ බහුතර පොදු ජනයා ඉතා පැහැදිලිව පිළිගන්නා කරුණක්. එමෙන්ම ලංකාවේ ජනතාව වක්‍රව හා ඍජුව ආණ්ඩුවට බදු ගෙවන්නේ ඒ වෙනුවෙනි. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව හා ජල සම්පාදන මණ්ඩලය පිහිටුවා ඇත්තේ රාජ්‍ය ව්‍යාපාර ලෙස පීඩාවකින් තොරව ජනතාවට විදුලිය, ඉන්ධන හා ජලය භුක්ති විඳීමේ වුවමනාව ඉටු කර දීමටයි.

      ලංකාවේ මහජන උපයෝගීතා කොමිසම රාජ්‍ය ආයතනයක් වුවත් රාජ්‍ය ව්‍යාපාරයක් නොවන අතර එහි වගකීම රාජ්‍ය ව්‍යාපාර ලෙස විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය (එසේම තෙල් සංස්ථාවටද) තම සේවාවන් අසාධාරණ කොන්දේසි හා මිල ගණන් යටතේ සැපයීම වළක්වා මහජනතාව හිතසුව පිණිස සාධාරණ මිල හා ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමය. විදුලිය, ජලය, ඉන්ධන සැපයීමේ කටයුතු කරන්නේද ආණ්ඩුව විසින් පත්කළ ඇමතිවරයා හා රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම යටතේම නම් රජයේම තවත් නිලධාරීන් පත්කර එම කටයුතු සොයා බැලීමට යාන්ත්‍රණයක් (ප්‍රමිති ආයතනය, මහජන උපයෝගීතා කොමිසම වැනි) අවශ්‍ය වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවිය හැකිය. එසේ එවැනි ආයතන පිහිටුවීමේ අරමුණ වූයේ රාජ්‍ය යාන්ත්‍රණය ජනතාවට සාධාරණයක් ඉටු නොවන පරිදි ව්‍යාපාර කරන බව ඔවුන්ටම පැහැදිලි නිසාය. නමුත් දැන් රාජපක්ෂවරුන් ධනවාදයේ මේ පරාජිත ඉනිමේදී යෝජනා කරන්නේ විදුලිය, ජලය පෞද්ගලීකරණය කිරීමට ඉඩක් ඇත්තේ නැතිනම් ඒවායින් තම ගජ මිතුරන්ට හොරාකෑමට බාධා කරන, එම ආයතනයන්හි ගුණාත්මක සේවයක් ජනතාවට ලැබීම සහතික කරන ආයතන ව්‍යුහයන් අහෝසි කිරීමටය.

      මේ නිසා මහජන උපයෝගිතා කොමිෂම අහෝසි කිරීමට ‘සෞභාග්‍යයේ ගෝඨාභය දැක්ම’ නමැති වත්මන් දූෂිත ආණ්ඩුව ටික කලකට පෙර කැබිනට් අනුමැතිය ඉල්ලමින් ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එහි ‘අපූරුවට’ දක්වා ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම “ආයෝජකයින්ට අහිතකර පරිසරයක් නිර්මාණය කර ඇති” බවයි. ඉදිරි වසර තුළ ඇ. ඩොලර් මිලියන 2,000ක පමණ විදුලි බල ක්ෂේත්‍රයේ සිදු කරනු ලබන ආයෝජන කඩිනම් කිරීම ඉලක්ක කරගෙන ඒ සඳහා බාධා වී ඇති මහජන උපයෝගිතා කොමිසම ඉවත් කිරීමට අවශ්‍ය නීති හැදීමේ බලය එයින් ඉල්ලා ඇත. කාරණය ඉතා පැහැදිලිය. ධනවාදය මුල් යුගයේ ස්ථාපිත කළ රාජ්‍ය ව්‍යාපාර, කර්මාන්ත ඊළඟ පියවරේදී විකිණීමට අවශ්‍ය විය. ආණ්ඩුවලට ඒ ඒ මොහොතේ පැවති ඡන්ද පදනමේ බලය හමුවේ සැලකිය යුතු ප්‍රමාණයක් විකිණීමට හැකි විය. නමුත් කම්කරු පංති බලය හා වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ශක්තිමත් තැන්වලදී ඒ ඉලක්ක එලෙසම ඉටු කරගත නොහැකි විය. මේ නිසා දැන් ඒ අවශ්‍යතාවයම ඉටු කරන්නේ පොත්ත තිබියදී මදය කන්නාක් මෙන් ආයතන ලෙස විදුලිය ජලය තෙල් සංස්ථා තිබියදී ඒවා තම ගජමිතුරන්ට හා විදේශීය බහුජාතික සමාගම් වලට “ආයෝජන” මුවාවෙන් සූරාකෑමට මඟ සකස් කර දීමය. ඒ සඳහා බාධා ලෙස ඇති ආයතන ඉවත් කිරීමට දැන් 69 ලක්ෂයේ ඡන්ද බලය හා 20වැනි සංශෝධනයේ 2/3 බලය යොදා ගැනීම අරඹා ඇත.

      Delete
    5. මේ වන විට ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පවතින්නේ දැඩි අර්බුදකාරී ස්වභාවක නිසා ගෙවිය යුතු විදෙස් ඩොලර් ණය පංගුව විදේශ වත්කම් සංචිතයද ඉක්මවා ගොස් ඉතා බරපතල වී ඇති අතරම මේ අර්බුදය කලින් දකින කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ විදේශ ආයෝජකයින් මෙම අස්ථාවර වාතාවරණය තුළ තම ආයෝජන කොටස් වෙළඳපොළේ තවදුරටත් රඳවා තබා ගන්නේ නැත. ඔවුන් මුලින්ම අස්ථාවර මූල්‍ය වෙළඳපොළින් ඉවත්වේ. ෆිච් (සෙඑජය) මූඩීස් (පදදාහි) හා එස් ඇන්ඩ් පී (ී)ඡ) වැනි ඇමරිකන් ගැති ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව තවදුරටත් මූල්‍ය සුරක්ෂිත රටක් වෙනුවට දැඩි අවදානම් රටක් ලෙස නම් කිරීමත් සමග තත්වය තවත් බරපතළ වූ බැවින් ආණ්ඩුව දැන් උපක්‍රමය මාරුකර ඇත්තේ කොටස් වෙළඳපොළට ඩොලර් කැඳවීම වෙනුවට ඉඩම් වෙළඳපොළට ඩොලර් ගෙන්වා ගැනීම ලෙසටය.

      ලංකාවේ අති අසාර්ථක මූල්‍ය වෙළපොළට ඒමට අකමැති ධනවාදී ආයෝජක ‘ගිජුලිහිණීන්’ සාර්ථක ආයෝජන ලෙස කුණු කොල්ලයට මිලදී ගත හැකි වරාය, ගුවන්තොටුපොළ, රක්ෂිත වනාන්තර, මෙන්ම විදුලිබල, ජලය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවාවන්හි ආයෝජන සඳහා ඩොලර් ගෙන ඒමට සූදානම්, හේතුව බහුත්‍ර සාමාන්‍ය ජනයාට මිල කීය වුණත් ගෙවල් උකස් කර හෝඅ මේවා වෙනුවෙන් ගෙවීමට සිදුවන නිසායි.

      ඇත්තටම් අප ඉහතින් මැනැවින් පැහැදිලි කළ පරිදිම ධනවාදයේ ස්වභාවයම වන්නේ වෙළඳ පොළට ඉදිරිපත් ක්‍රමින් මිල කළ හැකි සමස්තයම එම විකිණිය හැකි උපරිම මිලට විකිණීම (ගැනුම්කරුවාගේ පැත්තෙන් වෙළඳහ් පොළේ මිලට ගත හැකි සෑම දෙයම අඩුම මිල අගයක් නියම කර මිලට ගැනීම ) බව අපට අරුමයක් නොවේ. ගැටලුව වී ඇත්තේ විකිණීම වෙනුවට දේශප්‍රේමී සටන්පාඨ භාවිතා කරමින් කලින් ආණ්ඩුවද විකුණා ඇති ආර්ථිකය අපි ඇවිත් කණපිට හරවා හදන්නේ යැයි කියූ පිරිසක්ම අද ඒ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය ඊටත් වඩා හොඳින්ම කර තියාගෙන යාමය. අපි තමයි හොඳටම කළේ කියා අධිරාජ්‍යවාදීන් සතුටු කරමින් අනික් පැත්තෙන් ඒ සඳහා රටේ බහුතර ජනතාව කිසිදු හිරිකිතයකින් තොරවම මුලා කර තිබීමයි. ඒ නිසා පාලකයින්ට තවත් නිවැරදිවීමේ ක්‍රියාමාර්ග ඇත්තේ නැත. ඔවුන්ට ඇත්තේ කඹේ දිග තරමට උලාකන ගවයා මෙන් කෙළවරටම විකිණීමය. අර්බුදයේ කරවටක් හිරවී ඇති රටක ආර්ථිකයක් යළි කෙලින් කර ශක්තිමත් කළ හැක්කේ දුබල මිය යමින් තිබෙන ලෝකයේ බොහෝ කලකට පෙරදීම යල්පැනීමට ලක් වූ මේ නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්තිවලින් නොව නවීන සමාජවාදී දැක්මක් හා වැඩපිළිවෙළක් තුළම පමණි. ඒ පරම සත්‍ය බව තේරුම් ගත යුත්තේ මේ සියලු අහිමිවීම හා පීඩාවන් භුක්තිවිදින අපේම පංතියේ ජනතාවය. ලංකාවේ දැනටමත් කඩා වැටී ඇති ආර්ථිකයට පමණක් නොව මුළු මහත් සමාජයටම නව පනක් ලබා දී යළි නැගිටුවාලීඑමේ නැවුම් බලාපොරොත්තුව ඇත්තේ එම තේරුම් ගැනීම සංවිධානාත්මක බලයක් බවට පත්කර රටට සතුරු ලිබරල් ධන්වාදී බලවේග පරාජය කර නවීන සමාජවාදී බලගතු රටක් බහුතර ජනතා සහයයෙන් ස්ථාපිත කිරීමෙන්ම පමණි.

      Delete
  9. ලංකාවේ තෙල් මිල වැඩි කිරීමට සිදු වූ සැබෑ හේතු

    https://www.youtube.com/watch?v=_ON1oeoGRaI

    සමන්ත විද්‍යාරත්න ඉතා මැනවින් පැහැදිලි කරනවා...



    මීට අමතරව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක විසින් නිකුත් කරන ලද නිවේදනයක්...

    //වත්මන් ආණ්ඩුව තෙල් මිල වැඩිකර ඇත. ඒ මේ දිනවල ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල අඩුවෙමින් පවතිද්දී ය. තෙල් මිල අඩු වීමට බටහිර ලෝකයේ කොවිඩ් වසංගතයත්, එක්සත් ජනපදය, චීනය හා ඉන්දියාව තම තෙල් සංචිත වලින් කොටසක් වෙළෙඳ පොලට දැමීමත් හේතු විය.

    2021 දෙසැම්බර් මස පෙට්‍රල් 92 හා 95 සාමාන්‍යයෙන් ගෙනවිත් ඇත්තේ තෙල් බැරලය ඩොලර් 85 කටය. (දෙසැම්බර් 15 දා 92 පෙට්‍රල් ඩොලර් 84.81 කටත් 95 පෙට්‍රල් ඩොලර් 87.260 කටත් ලෙසය). එනම් බැරලය සාමාන්‍යයෙන් රුපියල් 17,255/= කටය. (නිල ඩොලරයක අගය රු. 203 ලෙස ගෙන). ඒ අනුව සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයක් මිල රු. 108/= කි. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් ලැබෙන ලාභය රුපියල් 69/= ක් හා 95 පෙට්‍රල් ලීටයකින් ලැබෙන ලාභය රුපියල් 99/= කි.

    ප්‍රවාහන වියදම්, සංස්ථාවේ වියදම්, අලෙවිකරුවන්ගේ වියදම් සියල්ල ලීටරයකට රු. 10/= ලෙස ගතහොත් පෙට්‍රල් ලීටරයකින් (92) රුපියල් 59/= ක් හා පෙට්‍රල් (95) ලීටරයකින් රුපියල් 89/= ක් ලාභ ඇත. මේ මුදල් කාර් රේස් පැදීමට බේබිලාට යන වියදම් ආදිය සඳහා ජනතාව ගෙවනු ඇත.

    ඩීසල් වර්ග දෙක ද දෙසැම්බර් මස ගෙන්වා ඇත්තේ සාමාන්‍යයෙන් ඩොලර් 85 කට ය.

    එනම් ඩීසල් වර්ග දෙකෙන් ද පිළිවෙලින් රු. 26/= ක් හා රු. 41/= ක් බැගින් ශුද්ධ ලාභයක් ඇත. එයින් ද රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ගේ සුපිරි ජීවිත සදහා ගෙවීමට ජනතාවට සිදුවනු ඇත.

    ඉන්ධන මිල වැඩිකළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාට මුදල් ඇමතිගේ අනුමැතිය ඇතිව ය. මිල වැඩිකිරීම ඉල්ලුවේ මහා බැංකුවේ අධිපති ය. මිල වැඩි කිරීම සංස්ථාව විසින් සිදු කර ඇත.

    බලශක්ති අමාත්‍යංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, තෙල් සංස්ථාව ඇතුළු ආයතන වල චෝදනා, ප්‍රතිචෝදනා ‍සහිත මාධ්‍ය සංග්‍රාමයක් මගින් මිල වැඩි වීම යටපත් කරන මාධ්‍ය සංග්‍රාමයක් ද ඉදිරියේ දියත් වනු ඇත.

    ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය ලෙස (බිලියන 600 ක) නව තෙල් පිරිපහදුවක් ගැන ද මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේශණයෙන් රුපියල් බිලියන 47 ක් (ඩොලර්) ණය‍ ගෙවීම් ගැන ද වූ සුරංගනා කතා කීව ද තෙල් ඉතුරුකර ගැනීමට ජනතාවට දඩුවමක් ලෙස තෙල් මිල ඉහල දමා ඇත්තේ ඉතිහාසයේ පළමු වරට ය.

    – Champika Ranawaka Media unit//


    https://www.facebook.com/PataliChampika



    https://www.facebook.com/Siyatha-TV-Live-151021762251109/posts

    ReplyDelete
  10. // ලංකාවේ සමාජවාදී, සුබසාධනවාදී ආර්ථික ආකෘතිය ඉතා වේගයෙන් එහි තාර්කික අවසානය කරා ඇදී යමින් තිබෙනවා. ආර්ථිකය කඩා වැටෙන දවසක් පිළිබඳව අපට නිශ්චිත අනාවැකි කියන්න බැහැ, // .

    කවුද ගමරාල කෙනෙක් හොදටම ජරාව කළා කාළා රෙද්දේම ගූ ගියාලු. අනේ ඉතින් අන්ත අසරණ වුනු ගමරාල කිව්වලු කවුද මගේ අමුඩේ රීලා කියලා.................................රෙද්දේ ගූ ගිය මෝඩ ධනවාදී වහල්ලුන් දැන් කියන්නේ ඔහොම එකක් තමයි........................යැංකි ඩිකී හාමු ගෙන් පටන් අරන් ඇමරිකන් මොළ හතා බැසිල් හාමු හරහා ඇමරිකන් ගෝතා හාමු දක්වා කරේ තියාගෙන ආපු ආර්ථිකේ සමාජවාදී ආර්ථිකයක් කියන්නේ.....................කියපන්කො අපිටත් දැනගන්න යැංකි ඩිකී ඇමරිකන් හාමුවා ඉදන් ඇමරිකන් ගෝතා හාමු දක්වා ලංකාවේ සමාජවාදය ගොඩ නගපු හැටි...........................ඇමරිකන් ධනවාදීන්ගේ අමුඩේ රීලා තියෙන්නේ සමාජවාදියෝ.......................හා හා හා

    ReplyDelete
  11. තාර්කිකව සරල බසින් ලියූ ඉතා වටිනා ලිපියක්. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  12. This is an excellent article on the historical perspective, from a macro economic view. In my opinion most of the people are in dilemma over whom to be selected in the next election, which will materialize only in 2024/5. I assume this hype is too premature.
    Apart from socialist ideology their is a nationalistic ideology which also plays an important part. Both these factions are systems that are deviant from the modern capitalist system. Sri Lankan nationalist ideology promotes by Prof. Nalin De Silva is different from the popular nationalistic ideology visible in Europe. AS such. in my view both these factions has to be beaten in order for Sri Lanka to thrive.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...