පෙරේදා (ජනවාරි 20) ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන්නා. අලුත් ජනාධිපතිවරයා වගේම ඔහුගේ දේශපාලන පක්ෂයත් පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු රටේ ජනාධිපති සේ දිවුරුම් දෙන දවසේම වත්පොත විසින් ඉකොනොමැට්ටාගේ බොජුන්හල අසාදුගත කර වත්පොත හරහා මෙහි පිවිසීම තහනම් කර තිබීම අපූරු අහම්බයක්.
ඇමරිකාවේ බලයේ සිටි ජනාධිපතිවරයාගේ සමාජ ජාලා ගිණුම් පවා තහනම් වූ පසුබිමක මේ වගේ දෙයක් වෙන එකේ ලොකු අමුත්තක් නැතත්, මෙය ඇමරිකාවේ පැත්තෙන් සිදු වූ දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඇමරිකාවේ නීතියට, සම්මත වලට හෝ පොදු සදාචාරයට එරෙහි දෙයක් මෙහි පළ කර නැහැ. කෙසේ වුවත්, සිදු වුනේ කුමක්ද කියා නිශ්චිතව කීමේ හෝ දැන ගැනීමේ හැකියාවක් අපට නැහැ.
මේ වන විට මෙම වියුණුවේ ලිපි 889ක් පළ කර තිබෙනවා. එම ලිපි වලින් අඩුම වශයෙන් අටසීයක්වත් වත්පොත හරහා බෙදාගෙන තිබෙනවා. ඇතැම් ලිපි දහස් ගණනක් විසින් නැවත පළ කර (ශෙයා කර) තිබෙනවා. මේ බෙදා ගැනීම් බොහොමයක් මට නොපෙනෙන නිසා හරියටම ගණනක් දන්නේ නැති වුවත්, මෙතෙක් ලියා ඇති ලිපි වත්පොතේ බෙදාගෙන ඇති තැන් ප්‍රමාණය දස දහස් ගණනක් විය යුතුයි. කාලයක් තිස්සේ සංසරණය වූ මේ පැරණි බෙදා හැරීම් හරහා දිනපතාම සැලකිය යුතු පිරිසක් මෙහි පිවිසුනා. වත්පොත විසින් මේ වෙද්දී පසුගිය වසර හය තුළ ඉකොනොමැට්ටා මෙන්ම වෙනත් අය විසින්ද වත්පොත හරහා ප්‍රචාරය කළ එම ලිපි සියල්ලම ඉවත් කර ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
අප කිසිම විටක මෙම වියුණුව හරහා හදිසියේ මතුවන වෙළඳ දැන්වීම් (පොප් අප් ඇඩ්ස්) පළ කර නැහැ. අඩු වශයෙන් සාමාන්‍යයෙන් බ්ලොගර් හරහා දැන්වීම් පළ කර මුදල් සෙවීමට ඉඩ සලසන ආකෘතිය හෝ ප්‍රයෝජනයට ගෙන නැහැ. කිසිදු ප්‍රසිද්ධ සන්නාමයක නම ව්‍යාජ ලෙස යොදාගෙනද නැහැ. ඒ වගේම, කෝවිඩ් හා අදාළ හෝ වෙනත් දේවල් හා අදාළ වැරදියයි සම්මත තොරතුරු ප්‍රචාරය කර නැහැ. ඇත්තටම අප විසින් දිගින් දිගටම කර තිබෙන්නේ නොමඟ යවන සුළු හෝ වැරදි තොරතුරු ප්‍රචාරය වෙද්දී ඒවාට එරෙහිව නිවැරදි තොරතුරු පළ කිරීමයි. වත්පොත විසින් අපගේ වියුණුව අසාදුගත කර ඇතත් වත්පොත් පිටු අවහිර කර නැති නිසා මෙය වත්පොත් පිටුව පිළිබඳ ප්‍රශ්නයක්ද විය නොහැකියි.
ඇතැම් දේවල් ලියන විට ඇතැම් කණ්ඩායම් වලට වැඩියෙන් රිදෙනවා. දොරවල් වසාගෙන හතර අතට නෙලන්නේ නැතිව, අප සමඟ එකඟ නොවන අයට තමන්ගේ අදහස්ද ප්‍රතිචාර සේ මෙහි පළ කරන්නට අප විසින් අවස්ථාව සලසා ඇතත් තමන් රැඳී සිටින්නේ බොරුවක් මත බව හොඳින්ම දන්නා සිටින අයට ඒ අවස්ථාවෙන් වැඩක් වෙන්නේ නැහැ. අප ලියන සමහර දේවල් වලින් එවැනි අයගේ ලෝක කඩා වැටී, පැවැත්මවල් බිඳ වැටෙන විට එය පිළිබිඹු වන්නේ මෙවැනි දේවල් වලින්. මීට පෙරද, ඇතැම් දේ ලියද්දී ආරම්භක ඉකොනොමැට්ටා ගිණුම ව්‍යාජ ගිණුමක් බව හදිසියේම වත්පොතට වාර්තා වුනා. එහෙත්, ඒ අවස්ථාවේදී එය ව්‍යාජ ගිණුමක් නොවන බව තහවුරු කරන්නට වත්පොත අපට අවස්ථාව ලබා දුන්නා. මෙවර එවැනි අවස්ථාවක් හෝ අඩු වශයෙන් කරුණු දැක්වීමක් හෝ නැති නිසා "මැරුණට පස්සෙවත් මැරුණේ කොහොමද කියලා දන්නේ නැති" තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.
මෙම වියුණුව ආරම්භ කළ දවසේ සිටම අප විසින් වියුණුව හා අදාළව අනුගමනය කළේද අප වියුණුව හරහා පෙනී සිටින මතවාදයට ගැලපෙන භාවිතාවක්. නිදහස් අදහස් වෙනුවෙන් පෙනී සිටින අප අප ලියන දෙයට එකඟ නොවීමේ පදනම මත කිසිදු අදහසක් වාරණය කර නැහැ. එමෙන්ම පාරිභෝගික ඉල්ලුම සපුරනු මිස අප කිසි විටෙකත් ඇඟේ ගසා බඩු විකුණා නැහැ. මේ වියුණුව ආරම්භ කළ දවසේ සිටම එය ප්‍රචාරය කළේ කෙසේ හෝ එය හොයා ගෙන කියවූ අයයි. ලේඛකයාගේ කිසිදු පෞද්ගලික මිතුරෙකුට හෝ මෙය කියවන ලෙස ඉල්ලා සිට නැතුවාක් මෙන්ම අඩු වශයෙන් මෙවැන්නක් ගැන කියා නැහැ.
අප වියුණුව පටන් ගත් කාලයද සිංහල වියුණු වල හොඳම කාලය නොවුනත් අදට වඩා සිංහල වියුණු ජනප්‍රියව තිබුණු කාලයක්. ඒ කාලයේ වැඩි දෙනෙක් වියුණු වලට පැමිණියේ බ්ලොග් සින්ඩිකේටර හරහා. ඇතැම් බ්ලොග් සින්ඩිකේටර විසින් අපගේ ඉල්ලීමක් නැතිවම මෙම වියුණුවද එකතු කර ගැනීම නිසා ඒ හරහා සැලකිය යුතු පාඨක පිරිසක් මෙහි පැමිණියා. එක් අවස්ථාවක එවැනි එක් බ්ලොග් සින්ඩිකේටරකින් මෙම වියුණුව ඉවත් කිරීම නිසා මෙහි පැමිණෙන්නන් යම් තරමකින් අඩු වුනා. ඉන් පසුව, බොහෝ දෙනෙක් මෙහි පැමිණියේ වත්පොත හරහා.
මේ වන තුරු අවම වශයෙන් පන්සීයක් වෙත වත්පොත හරහා මෙහි පළ වන දේ ගියා. ඒ සියලුම දෙනා තමන්ගේ කැමැත්තෙන් වත්පොත් පිටුව සමඟ එකතු වූ අයයි. වත්පොත් පිටුව සමඟ එක් වන මෙන් අප විසින් කිසිවෙකුට ආරාධනා කර නැහැ. ඒ වගේම, මේ පිටුව යොදා ගෙන තිබෙන්නේ වියුණුව වෙත ප්‍රවේශ වීමේ දොරටුවක් ලෙස පමණයි. ඉතා කලාතුරකින් හැර එහි වෙනත් දේ පළ කර නැහැ.
මෙයින් ඉදිරියට අපට වත්පොත හරහා මෙහි පළවන අලුත් ලිපි පිළිබඳව දැනුම් දීමේ හැකියාවක් නැහැ. වත්පොතට වංගු ගසන්නට පුළුවන් වුවත්, වත්පොත වුවත් එන්නේ ගේමටනම් අප කරන්නේ ලේන් අම්මා මුහුදට කළ දෙයයි. දැවැන්තයින් සේ පෙනෙන හැම දෙනෙක්ම වාගේ රැඳී සිටින්නේ ඔවුන් මත විශ්වාසය තබන ඒකීය මිනිසුන් මත. මේ ලිපිය මුළුමනින්ම වත්පොතේ පළ කෙරෙන නමුත් මෙයින් ඉදිරියට දිගින් දිගටම එවැන්නක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා, වියුණුව කියවන්න අවශ්‍යනම් ඔබට වරින් වර වියුණුවේ ලිපිනය භාවිතා කර සෘජුවම එහි පිවිසෙන්න වෙනවා.
පසුගිය දින දෙක තුළ ස්වීඩනයේ සිට මෙම වියුණුවට පිවිසුම් හාරදහසකට වැඩි ප්‍රමාණයක් දැකිය හැකියි. එය අසාමාන්‍ය දෙයක්. මෙය කියවන අයගෙන් 40%ක් පමණ විදේශගත ලාංකිකයින් වුවත්, ස්වීඩනය පාඨකයින් සැලකිය යුතු පිරිසක් මෙහි පිවිසවන රටක් නෙමෙයි. ඒ වගේම, මේ පිවිසුම් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ මැකින්ටොෂ් පරිගණකයකින්. එයද සාමාන්‍ය දෙයක් නෙමෙයි. කුමක් හෝ අසාමාන්‍ය දෙයක් සිදු වී ඇති බව පැහැදිලියි.
අප ලියන දෙයින් යම් අයට රිදෙනවා විය හැකි වුවත් ඒ අයද අපේ පාඨකයින් බව අපට නොසලකා හරින්න බැහැ. අපේ පාඨකයින් යම් ප්‍රමාණයකට ඒ තරමටම රිදෙනවානම් අපට ඒ ගැනත් නොසලකා ඉන්න බැහැ. ඔවුන්ගේ කැමැත්ත වන්නේ මෙම ලිපි වත්පොත හරහා බෙදා හැරීම වැළැක්වීමනම්, වෙනත් පාඨකයින් විශාල පිරිසකට වත්පොත හරහා මෙම ලිපි බෙදාගන්නට අවශ්‍ය වන තුරු වැඩි පාඨක පිරිසකගේ අවශ්‍යතාවය එලෙසම සිදු වනු ඇති. මේ වියුණුවේ වෙබ් ලිපිනය වත්පොතේ පළ කරන්නට උත්සාහ කරන හැම විටකම වත්පොත විසින් එය වලක්වනවා. එහෙත් අවශ්‍ය අයෙකුට දිගටම ඉදිරියට ගොස් එයට තමන් එකඟ නොවන බව කියා සිටින්න පුළුවන්.
ප්‍රමාණවත් පිරිසක් විරුද්ධ වුවහොත් වත්පොතේ තීරණය ඇතැම් විට වෙනස් විය හැකියි. එහෙත්, අප ඒ ගැන හරියටම දන්නේ නැහැ. මෙතෙක් වත්පොත හරහා මෙහි පැමිණි පාඨකයින්ට ඉදිරියේදී එම සේවය සලසන්නට නොහැකි වීම පිළිබඳව අපගේ කණගාටුව!
ඉකොනොමැට්ටා ඔබට සිදු වී ඇති දෙය සම්බන්ධයෙන් ඔබේ පෝස්ට් නිතරම කියවන පාඨකයකු වශයෙන් මම ඉතාමත්ම කණගාටුවට පත් වනවා. මම බොහෝ විට ඔබේ අදහස් වලට එරෙහිව මෙහි වසර ගණනාවක් තිස්සේ විවිධාකාර මතවාදී විවේචන ඉදිරිපත් කළත් ඔබට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිබඳව ඕනෑම අවස්ථාවක ඔබ වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම ඔබ වෙනුවෙන් සටන් කිරීමට ද සූදානම්. මම හිතන්නේ ඔබේ පාඨකයන් වන අප සියලු දෙනාම එක්සත්ව එක්සිත්ව සමගියෙන්ව කටයුතු කිරීමට හැකියාවක් තිබේ නම් ඔබගේ තහනම ඉවත් කරගන්න හැකි වනු ඇති බවයි. මේ ගැන වැඩ පිළිවෙලක් සකසා ඉදිරිපත් කර අපව දැනුවත් කළොත් අපි උපරිම ලෙස සහය ලබා දෙන්නෙමු.
ReplyDeleteසාමාන්‍යයෙන් මෙය සිංහල බසින් කියවන පාඨක පිරිසක් මෙය මුහුණු පොතේ තහනම් කිරීමට ඔබව රිපෝට් කරන්නට කටයුතු කරන්නට ඇති බවට සැක කළ හැකියි.
සාමාන්‍යයෙන් සිංහල බසින් කියවන පාඨකයන් අතර විරුද්ධ මතධාරීන්ට එරෙහිව ඔවුන් නිහඬ කිරීමට සංවිධානාත්මකව මෙබඳු කටයුතු කරන බවට මා විසින් නිරීක්ෂණය කර ඇති අය මෙසේයි.
01. ෆේස්බුක් තුල අධික ලෙස ක්‍රියාශීලී නමුත් ඉතා සීමිත පිරිසක් මැනැවින් සංවිධානය වී මෙහෙයවන ලංකාවේ සමාජවාදී පක්ෂයක ලොව පුරා සිටින ලාංකීය සාමාජිකයන් - මොවුන් මෑතදී විශාල පිරිසක් සංවිධානාත්මකව බ්ලොක් කළ බව ඔබට මතක ඇති. ඔබගේ නිදහස් වෙළඳ පොළ සහ සමාජවාදයට එරෙහි අදහස් නිසා ඔවුන් අධික ලෙස කෝප විය හැකියි.
02. ලංකාවේ වෙසෙන උතුරේ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාර සහ ලංකාවේ සුළුතර ආගමික අන්තවාදීන් වෙනුවෙන් සිංහල බසින් ක්‍රියාකාරී වන සංවිධාන හා කණ්ඩායම් - මේ අයට විරුද්ධව ඔබ අදහස් දක්වා නැහැ නේද?
මේ කණ්ඩායම් වලට අමතරව ලංකාවේ රජයට (රාජපක්ෂ වාදීන්) සම්බන්ධ පිරිස් හෝ සිංහල ජාතිවාදීන්/ බෞද්ධ අන්තවාදීන් පිරිස් බලය අතින් විශාල ප්‍රමාණයක් සිටින නමුත් මේ දක්වා බ්ලොක් කිරීම් වලට හිත යොමු කරලා තිබුණේ නෑ මම දන්න තරමින් - මේ අයට විරුද්ධව ඍජුවම ඔබ අදහස් දක්වා නැහැ නේද? හැබැයි ගොඩක් ඉස්සර ලංකා ඊ නිව්ස් එක වගේ දේවල් තහනම් කිරීමට රාජ පක්ෂ කණ්ඩායම් කටයුතු කළා 2010 - 12 කාලේ හැබැයි මෑත කාලයේ මේ තාක් එවැනි දේ දුටුවේ නැත.
ඔබට මතක ඇති දේවල්/ නිරීක්ෂණ සහ සැක සහිත කණ්ඩායම් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? ඒ අනුව අපට ඔබට සහය වීමට සුදානම් විය හැකියි.
ඔබේ සහයෝගය පිළිබඳව ස්තුතියි!
Delete//මේ ගැන වැඩ පිළිවෙලක් සකසා ඉදිරිපත් කර අපව දැනුවත් කළොත් අපි උපරිම ලෙස සහය ලබා දෙන්නෙමු.//
මෙය සිදු වී ඇති ආකාරය අනුව, එවැනි වැඩ පිළිවෙලක් ගැන මට කිසිදු අදහසක් නැහැ. හේතුව නිශ්චිතව දන්නවානම් යමක් කළ හැකියි. එහෙත් එවැනි කිසිදු දැනුම්දීමක් කර නැහැ. මෙවැනි දෙයක් යම් දිනක වෙයි කියා මට අදහසක් තිබුණා. වැඩිය තේරුමක් නැති දෙයක් ලෙස කාට වුවත් පෙනෙන කටයුත්තක් වූ දෙවන වෙබ් අඩවියක්ද (ඉකොනොමැට්ටාගේ සතපහ) හැදුවේ හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න. දැනට මෙම බ්ලොග් එක පවත්වාගෙන යාම ප්‍රශ්නයක් නොවුනත්, යම් මොහොතක එයට වුවත් ප්‍රශ්නයක් ඇති විය හැකියි. එසේ වුවහොත්, විකල්ප ක්‍රියාමාර්ගයක් ගැන හිතන්න වෙනවා.
//ඔබට මතක ඇති දේවල්/ නිරීක්ෂණ සහ සැක සහිත කණ්ඩායම් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?//
හරියටම නොදැන කිසිවෙකුට චෝදනා කරන්න මම කැමති නැහැ. හැම කඳවුරකම අන්තවාදීන් ඉන්නවා. නමුත්, සියලු දෙනාම අන්තවාදීන් නෙමෙයි.
"පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති." - ශු. ලූක් 23:34.
මම නම් මෙම වතපොත භාවිතා කරන්නේ නැති තරම්. නමුත් මෙය නැවත වතපොතේ හරහා ප්‍රවේශය වීමට හෝ ඉකොනොමැට්ටගේ වතපොතේ පිටුව නැවත ලබා ගැනීමට පාඨක අප විසින් යමක් කල යුතු නම් එය කියන්න ඉකොනොමැට්ට . වතපොත භාවිතයක් නැති වුවත් එම කටයුත්ත සදහා යම් කාලයක් වැය කර එම කටයුත්ත කල හැකි.
ReplyDeleteකොහොමත් මේ බ්ලොග් එක ලියන එක නවත්වන්න එපා. මම නම් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙක් ලෙස මෙ බ්ලොක් එකෙන් සෑහෙන දෙවල් ඉග්‍ර්න ගත්තා සහ ප්‍රශ්න අහල ගැටලු තැන් ලිහා ගත්තා .
ස්තුතියි! වත්පොත හරහා එන අනන්‍ය පාඨක පිරිසක් ඉන්නවා. ඔවුන් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දමන්නේ නැහැ. ප්‍රශ්නය වන්නේ පිළිතුරු දීමට ඉඩක් නොතබා ගෙන තිබෙන මෙම තීරණය මුළුමනින්ම පදනම් විරහිත එකක් වීමයි.
Delete'වතපොතේ පිටුව නැවත ලබා ගැනීමට පාඨක අප විසින් යමක් කල යුතු නම් එය කියන්න ඉකොනොමැට්ට'x2. Me too. Happy to help in some way, although not on FB.
Deleteඅපිට ලැබෙන දැනුමත්, පුලුවන් හැම වෙලේම ඉකොන් අපි අහන ප්‍රශ්න වලට හොඳ පැහැදිලි කිරීම් සහිතව උත්තර දෙන එකත් ඉතාම අගය කරනවා.
ස්තුතියි, Lotus! ඩේටා ප්‍රශ්න හා වෙනත් මම නොදන්නා තාක්ෂනික ප්‍රශ්න නිසා වත්පොත හරහා පමණක් මෙහි පිවිසීමේ හැකියාව තිබෙන ටික දෙනෙක් ඉන්නවා. ඒ හැර ලොකු ප්‍රශ්නයක් නැහැ. ලින්ක් එක දමන්න බැරි වුනත් තනිකර පෝස්ට් එකම කොපි කරලා දමන්න පුළුවන්. එහෙත් මම වඩා කැමති වත්පොත හරහා මගේ ලිපි නොකියවා මෙහි පැමිණ කියවනවටයි. මම ලියන දේ වගේම මගේ ප්‍රතිචාරත් එක තැනක තියා ගන්න අවශ්‍ය නිසා මම වත්පොතේ ප්‍රශ්න වලට සාමාන්‍යයෙන් පිළිතුරු දෙන්න යන්නේ නැහැ. අවශ්‍යමනම් අනෙක් බ්ලොග් එකේ ලින්ක් එක භාවිතා කරන්නත් පුළුවන්. ඇත්තටම ප්‍රශ්නය මේ වැඩේ වැරදියි. වියුණුව මගේ වුනත්, යම් හෙයකින් වෙන කෙනෙකුගේ වුනත් බ්ලොක් කරන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ.
Deleteමෙම විමත්, යහපාලන රජය බිහිවීමත් එකම කලක වීම අහම්බයක්ද?
ReplyDeleteලක්බිම පුවත් පත බිහිවීමත්, චන්ද්‍රිකා අගමැති වීමත් එකම සතියක වීමත් අහම්බයක්ද?
මෙම වියුනුව අරඹීමත්, යහපාලන රජය බිහිවීමත් එකම කලක වීම අහම්බයක්ද?
Deleteලක්බිම පුවත් පත බිහිවීමත්, චන්ද්‍රිකා අගමැති වීමත් එකම සතියක වීමත් අහම්බයක්ද?
මෙම වියුණුව ආරම්භ කිරීම හා යහපාලන රජය බිහිවීම අතර කිසිදු සම්බන්ධයක් නැහැ. පෞද්ගලිකව මෙම ලේඛකයාට යහපාලන රජය බිහිවීමේ කිසිදු හොඳ හෝ නරක බලපෑමක් තිබුණේ නැහැ.
Deleteලක්බිම ආරම්භ කිරීම හා චන්ද්‍රිකා අගමැති වීම එකම සතියක සිදු වූ බව හෝ ඒ දේවල් අතර සම්බන්ධයක් ඇති බව හෝ නැතිබව මා දන්නේ නැහැ.
සැලෙන්න එපා. දිගටම ලියන්න.
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteමගේ සැකය නලින් නැට්ටං සහ නලින් පඩියං ගැනයි.
ReplyDeleteමම කිසිවකුට චෝදනා කරන්න කැමති නැහැ. කවුරු වුනත් මෙවැනි දෙයක් කරන්න පෙළඹවීමක් ඇති වුනානම් එයින් අදහස් වන්නේ අප ලියන දෙයින් විශාල බලපෑමක් වී ඇති බවයි.
Deleteඔන්න ඔහේ කුණුහරිපයක් දෙකකුත් ලියන්ටකෝ, එතකොට සින්ඩිකේටර් වලට ඇදලා දාගනී
ReplyDeleteසින්ඩිකේටර් යුගය දැන් ඉවරයි, ඇණයා. ඇත්තටම සින්ඩිකේටර් ගණනාවක මෙය තිබෙනවා. සින්ඩිකේටරයකට පැමිණෙන මුළු ප්‍රමාණයට වඩා පිරිසක් පසුගිය කාලය මුළුල්ලේ මෙහි පිවිස තිබෙනවා. ඒ වගේම මේ වියුණුව ආකර්ශනීය වන්නේ සින්ඩිකේටර හරහා බ්ලොග් බලන අයගෙන් ඉතා සුළු ප්‍රතිශතයකට පමණයි.
Deleteකොටස් වෙළදපොලේ සෙල්ලං ආයේ පටන් අරගෙනලු කියා අහන්න ලැබෙනවා,ඒත් ඒගැන තේරුමක් නෑ,ඒවා වෙන හැටි ගැන ලියන්ට පුළුවන්ද?
ReplyDeleteචන්දිම ගෝමස්ගේ වඳුරු වෙළෙන්දා කියවන්න ඇති නේද?
Deletehttp://chandimagomes.blogspot.com/2021/01/blog-post.html
පහත තිබෙන්නේ ඔබ කියවා තිබෙන පැරණි ලිපියක්.
කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රාතිහාර්ය සිදුවන හැටි!
ඉකොනෝ වත් පොතේ ඉන්න බව මම දැකලා නැහැ. මට මතක විධිහට් මුලින්ම නෙළුම් යායට එකොන් ලියුම් පලකරන්න පටන් ගත්තේ මමයි. සමහර අදහස් වලට මම එකඟ නොවුනත් සංවාදයක් ඇතිවීම සඳහා හා සංවාදයෙන් සත්‍යය ඉස්මතු කිරීම සඳහා ඒවා පළ කළා. මේ බ්ලොගයේ කුණුහරුප නොලියන බ්ලොගය නිසා කුණුහරුප වලින් විතරක් කතාකරන්න දන්නා ඇතැමුන්ට රිදෙනවා ඇති. ඔබ ඔය ස්වීඩන් වලින් එනවා වගේ කියනවනම් බොහෝ දුරට ඒ ස්වීඩන් නෙමේ. විපිඑන් එකක් මගින් හෝ වෙනත් අයි පි ඇඩ්රස් මාරු කිරීමේ සේවාවක් මගින් වෙන තැනක සිට එනවා ඇති.
ReplyDeleteවත්පොතේ පිටු දෙක තවමත් තිබෙනවා. ඒ පිටු භාවිතා කළේ මෙහි අලුත් ලිපි පළ කරන විට ලින්ක් දැමීම සඳහා පමණයි. ලංකාවේ ඉන්න සමහර අය දන්නේ හා ඩේටා ප්‍රශ්න නිසා ඔවුන්ට හැකියාව තිබෙන්නේ මේ ක්‍රමයට එන්න පමණයි.
Deleteමමත් හිතන්නේ ඇත්තටම ස්වීඩන් නෙමෙයි කියලා. කෙසේ වුවත් කිසියම් සැලසුම්සහගත දෙයක් බව පෙනෙනවා.
ඔබ නෙළුම්යායේ ලිපි පළ කිරීම අවතක්සේරු කිරීමක් නෙමෙයි. දැන් LNW එකත් මෙහි පළවන ලිපි නැවත පළ කරනවා. ඒ නිසා සෘජුව මෙහි පැමිණ කියවන පිරිසට වඩා විශාල පිරිසක් මේ ලිපි කියවනවා. එහෙත්, එයින් සංවාදයක් ඇති වෙන්නේනම් නැහැ. එකම දෙය ඒ අතරින් ඉඳහිට කෙනෙක් සෘජුවම මෙහි පැමිණීමයි. වත්පොතේ මුළු ලිපියම පළ කළ විටත් වෙන්නේ එයයි. මම මුළු ලිපියම නොදා ලින්ක් පමණක් දමන්න කැමති ඒ නිසා.
Deleteනෙලුම් යාය අයිතිත් LNW ටම තමා . මම හිතුව එකොන් ඒක දැනගෙන හිටිය කියල
Deleteමම දන්නවා. මම මෙසේ සඳහන් කළේ මුල් කාලයේ හා දැන් ආකෘතියේ වෙනස්කම් තිබෙන නිසා. දැන් බොහෝ විට මෙහි ලිපි LNWහි නෙලුම්යාය කොටසේ මෙන්ම ප්‍රධාන කොටසේද පළ වෙනවා. ඔවුන්ගේ වත්පොත් පිටුව හරහාත් ප්‍රචාරය වෙනවා වගේම ශෙයා වෙනවා. ඒ නිසා, බොහෝ ලිපි මෙහි පැමිණ කියවන පිරිසට වඩා විශාල පිරිසක් කියවනවා. පැහැදිලිවම එය හොඳයි. නමුත්, මෙහි ඇවිත් කියවන සීමිත පිරිස වෙනම market segment එකක්. මට පෞද්ගලිකව වැඩි උත්තේජනයක් සැපයෙන්නේ මෙහි පැමිණෙන අයගෙන්. ඒ වගේම LNW එකට අවශ්‍යනම් ඕනෑම වෙලාවක ලිපි පළ කරන එක නවත්වන්න පුළුවන්. එය ඔවුන්ගේ අතේ තිබෙන වැඩක්. එසේ කළා කියා මට විරුද්ධ වෙන්න බැහැ. ඒ නිසා, මම ඒ පාඨක පිරිස අගය කරන නමුත් ඔවුන් ඉලක්ක කර ලියන්නේ නැහැ.
DeleteReally sorry to hear about the issue you are facing. This is one of the few blogs I regularly visit and your writing actually widened my thinking, though I do not agree with your faith on American System. I think you are giving something rare to Sinhala reading audience , and by extension doing a service to Sri Lanka. Therefore, thought to let you know that there are various people that admires your blog and with you at this moment.
ReplyDeleteThis gives us all an opportunity to think about the future where AI rules many aspects of people’s day to day lives. With one algorithm deciding fate of millions, I think there will be a lot of this kind of injustices, with nowhere to complain to. In your case even though you are (may) not getting any financial implications, it doesn’t take away the fact that an injustice has been carried out, and people who know how to, can manipulate the algorithms/system and harm others. And, it will take a tremendous effort, time and resources to get the justice prevailed.
There are many examples of governments and big companies using algorithms to vindicate having to take unfair decisions. Incidents like - UK government deciding university entrance qualifications without conducting advance level exams, US city authorities using expensive AI based tools to predict whether a person is likely to be a criminal could be reversed because of the mass campaigns by the victims. But decisions that made individuals suffer, are difficult to get reconsidered (or at least looked at again) as that is part of the objectives to use algorithms. Everyday there are millions of people who get refused a bank loan, mortgage, university admission of their choice, refused by a mobile phone service provider, missed out on a job interview due to a background check they don’t reveal etc. with no fault of them, but have no means to appeal as any process to challenge those decisions are prohibitively expensive or designed to be impossible.
[Also about why big businesses are preferring AI based algorithms to decide on customers, but never on their business decisions- MIT research – https://tinyurl.com/yxsojmzl
For those who don’t like reading, what happens when AI decisions are manipulated by humans – movies: Changing Lanes, Minority Report]
Thank you for your compliments and moral support. The point you raise is a very valid and relevant one. Whether good or bad, I anticipate that AI rules will decide many aspects of our day-to-day life in not-so-distance future. In this specific case, as you have correctly diagnosed, a group of people who are equipped with the know-how to manipulate the algorithms have done so to gain an unfair advantage out of an otherwise fair rule. A broader social issue is that a selected few will decide what these AI rules would be. When I wrote ට්‍රොලි ප්‍රශ්නය, my intention was to set the background to discuss this issue. In our contemporary world, there will be mass resistance when a rule is grossly unfair which will correct the situation but individual incidences like this will easily go unnoticed as you point out. However, in my view, that can be a best-case scenario in soon-to-be future. A worst-case scenario would be that these AI rules (the few individuals who have the power to design those rules) would ultimately determine who we are and what we think the fairness is and therefore there will not be any resistance.
DeleteAgree with you that AI rules will decide many aspects of our life in not-so-distance future, and with carefully designed education and clever coercing, people’s understanding of fairness can be re-adjusted so there will not be any resistance.
DeleteOne scenario that is widely ignored is, effect of AI on (soon to be generally accepted) euthanasia. Though it is openly not discussed as a main issue, it is bound to happen that euthanasia is widely accepted throughout the world with very pliable rules within next 20 - 40 years. Ironically, by then AI will be playing a big part in ‘recommending’ a human for this process. Once recommended, (on predetermined reasons or by error), whether you agree with the decision or not will have no significance. Even those who manages to avoid going through the life ending procedure, will have condemned lives that may not worth living, as a worldwide system has put your ID in to such a category.
Sorry to be the bearer of a bad news, but these are very plausible scenarios in the not so distance future. As today’s burning issue is the corruption among Sri Lankan politicians, next one could be who writes the algorithm. (more accurately who pays for writing).
Agree with you 100%. I have no idea where you live but in the US "algorithms" already determine many aspects of our lives including defining what death is. They may not be smart algorithms in a strict sense but a set of professional guidelines with some room for human input today but things can change dramatically very soon. On the last sentence, when I read the post by Chandima Gomez proposing this idea, the exact points came to my mind.
Deleteඒ අතරේම වෙනත් ප්‍රශ්නයක් අහන්න කැමති වෙලාවක් තිබෙනවානම් දැන් එකොනොගේ ආර්ථික අදහස් අනුව බැලුවහම කොළඹ ජැටිය ආයෝජනයට ඉන්දියාවට දීම සහ රත්නපුරේ කුලුන ගැන අදහස මොකක්ද? මම සාමාන්‍යයෙන් මට අවාසි වුනත් දේශපාලන බයස් එකක් නැතිව අදහස් කියන කෙනෙක්. එකොන් ගේ ආර්ථික මතයන් අනුව ගත්තොත් ආරක්ෂණ වාදී පිළිවෙතකට යන්නේ නැතිව ජැටිය ආයෝජනය සඳහා දීම හොඳ දෙයක්ද නේද? අනික රජයට මුදල් හිඟ මොහොතක. වාරයේ සිදුවන නොයෙකුත් දුෂණ වංචා අවම කරන්නත් පුළුවන්.
ReplyDeleteකුළුණ කියා කීවට එක ඔෆිස් සංකීර්ණයක්, වෙළඳ සංකීර්ණයක් සහ තවත් දේවල් තියෙන එකක්. ඒවා හැදීමෙන් අවට රැකියා නිපදවෙන්නේ නැත්ද? එසේම රත්නපුර අවට මුදල් සන්සරණයද වැඩිවී ඒ ප්‍රදේශයේ ආර්ථිකය නැංවෙන්නේ නැත්ද? ණයට අරන් හැදුවොත් ආර්ථිකයේ පිබිදීමක් (එම ප්‍රදේශයේ) ඇති වෙනවා නේද? මොකක්ද ඔබේ අදහස
මේ දෙකම නිශ්චිත දේවල් නිසා මූලධර්ම මත පමණක් පදනම්ව සාධාරණ ප්‍රකාශ කරන්න මම කැමති නැහැ. මේ දෙකෙන් එකක් ගැනවත් කරුණු සොයා බලන්න මට තවම ඉඩක් ලැබී නැහැ.
Deleteඅයිසේ අජිත්, මං දන්න ලස්සන කෝපි කඩයක් (Coffee shop එකක්, බොලා වගේ එඬ්ගලංතේ පොස් උන්ට) තියනව කොළඹ. ඕක තියෙන්නෙ මුහුද අයිනෙ සුපිරි ලොකේසන් එකක. ඕකෙ ඉතිං කෝපි එකක් රු. 1,500ක් විතර වෙනවා. (මේක නිකං අර අපේ ගෙදරට නයෙක් ඇවිල්ල නයා ටීවී එක උඩිං ගියා, වොසිං මැසින් එක උඩිං ගියා කියල ගෙදර තියන බඩු ඔක්කොම කියන කතාවක් වගේ මං බොන කෝපි එකේ ගාන බලන්න මෙයා කියන කතාවක් නෙවෙයි ඕයි. ඔය යාලුවෙක් එක්ක හරි meeting එකකට හරි ගියොත් ඇරෙන්න ඉතිං 1500 කෝපි හැමදාම බොන්නෙ නැහැ, බඩ වේලනවා)
Deleteඉතිං දවසක් මං මගෙ යාලුවෙක් එනකං කරන්න දෙයක් නැති කමට ඔතෙන්ට වෙලා කෝපි බිබී ඉදිද්දි ඔය කඩේ දාල තියන බිල්ඩිම අයිති මනුස්සයව මට අහම්බෙන් හම්බවුනා. බිල්ඩිම අයිති එයාට, කෝපි කඩේ දාල තියෙන්නෙ වෙන කවුද ව්‍යාපාරික හාදයෙක්. ඉතිං කතාවට වැටිල මං කිව්ව "අපරාදෙනෙ අයියා මේක rent එකට දීල තියෙන්නෙ, අයියටම කෝපි කඩෙත් දාගන්න තිබ්බනෙ, වියදමක් නැහැනෙ" කියල.
එයා මට කිව්ව "පිස්සු කතා කරනවද මල්ලි, මං කෝපි ගැන මෙලෝ මගුලක දෙයක් දන්නෙ නැහැ. ඉතිං මං කෝපි විකුණන්න ගත්තොත් මේ කඩේට (අවන් හලට?) මෙච්චර තියා මේකෙන් අරික් කාලක් මිනිස්සු එන්නෙත් නැහැ. මං කරන්නෙ ලොකේසන් (location) බිස්නස් එක. ඔයා බොන කෝපි එකෙනුත් වැඩිම ගාන එන්නෙ මටනෙ කියල".
මං ඇහුව "ඒ කොහොමද මගේ කෝපි එකේ වැඩිම ගාන ඔයාට එන්නෙ කියල". මල්ලිගෙ කෝපි එකෙන් රු. 765 ක් විතර තියෙන්නෙ රෙන්ට් එක. මොකද මේ ලොකේශන් එක unique නිසා මල්ලි ඇත්තටම කෝපි බොන්න කියල ඇවිල්ල තිබුනට එන්නෙ location එකටනෙ. කෝපි එකට ඕනනං රු. 200ක් විතර යයි. මල්ලි කෝපි එකට කියල හිතාගෙන ගෙව්වට වැඩිපුරම ගෙවන්නෙ මට. ඉතිං කෝපි විකුණල නිකං මහන්සි වෙන්නෙ මොකටද?” කියල
එතකොට තමයි මගෙ ටිකිරි මොලේට තේරුණේ අඩේ ඇත්තනෙ කෝපි කියල වැඩිපුරම ගෙවන්නෙ location එකටනෙ කියල. (ඒකනෙ මං ඔය මිල පාලනය දානවට විරුද්ද. දැන් ආණ්ඩුවෙන් කිව්වොත් කෝපි එකක් උපරිමය විකුණන්න පුලුවන් රු. 100 යි කියල මේ කෝපි කඩේ දවසින් බංකොලොත් වෙනව. මොකද කෝපි නැතුව location එක විකුනන්න බැහැ. Location එක නැතුව කෝපි විකුනන්න බැහැ. තව පොඩ්ඩෙන් කතාවෙන් පිට පනිනවා)
ඉතිං ඔය කතාවම කන්වර්ට් කරල කියනවා නම් කොළඹ වරායේ ඊස්ට් කන්ටේනර් ටර්මිනල් එක හරියට location එක වගේ. ඕකෙ terminal එක operate කරන කවුරු හරි වේවා හරියට කෝපි බිස්නස් කරන ව්‍යාපාරිකය වගේ.
නැගෙනහිර ටර්මිනල් එකේදි වෙලා තියෙන්නෙ අපි rent කරල ලාභ ලබන්න පාවිච්චි කරන්න ඕන එකකට අයිතිය හොය හොය කෝපි business කරන්න යනවා.
නැගෙනහිර ටර්මිනල් එක ගැන අදහස් දක්වන අජ්ජා වගේම හැමෝම අහන්නෙ "මේක අයිතිය කාටද? මේක රජයටම කරන්න බැරිද?” කියල. වරාය ටර්මිනල් කියල කියන්නෙ අපේ අයිතිය තහවුරු කරන, කාටද අයිතිය තියෙන්නෙ කියල බලන, අයිතිය තිබ්බොත් අභිමාණයක් තියනව කියල හිතන සමරු පලක නෙවෙයි. මේක යකෝ ලාභ ලබන්න කරන ව්‍යාපාරයක්, රටේ අනෙක් සමස්ත ආර්ථිකයේ පද්ධතියටම එක එල්ලේම බලපාන ව්‍යාපාරයක්. හැබැයි ඒක ලාභ ලබන්න කරන ව්‍යාපාරක් වුනාට අපිට වැඩිපුර ලාභ ලබන්න පුලුවන් rent කරලද කෝපි විකුණලද කියල හොඳින් ඇනලයිස් කරලා බලන්න ඕන. අපි නැගෙනහිර ටර්මිනල් ව්‍යාපාරය කරගෙන යන්න අවස්ථාව දීල උදව් කරල ඒකෙන් එන ආර්ථික වාසි ගන්න එක තමයි කරන්න ඕන මගේ අදහසේ හැටියට.
//හැබැයි ඒක ලාභ ලබන්න කරන ව්‍යාපාරක් වුනාට අපිට වැඩිපුර ලාභ ලබන්න පුලුවන් rent කරලද කෝපි විකුණලද කියල හොඳින් ඇනලයිස් කරලා බලන්න ඕන.//
Deleteඔබ හරි, ඇනෝ. මම අදහස් පළ නොකළේ මට මේ ගැන දැනුමක් නැති නිසයි. මේ කරුණු දෙක වගේම වෙනත් ආර්ථික කරුණු වල හා ආර්ථික නොවන අවශේෂ කරුණු වල ආර්ථික බලපෑම් ගැනද සලකා නොබලා අදහසක් පළ කළ නොහැකියි.
ඒ වගේම තමයි අජ්ජෝ කෙලින්ම ඔය නැව් සේවා සපයන බිස්නස් එක සෑහෙන වෙනස් බිස්නස් එකක්. ඔහේ හාබර් එකක් තියාගෙන ටර්මිනල් එක දැම්ම කියල ඔතන පහු කරං යන නැව් කෙළගෙන ඇවිත් ඕකෙ නවත්තන්නෙ නැහැ. අත වනල අනේ එන්නකො කියල වරායෙ ජැටියෙ ඉදං කෑ ගහල අර මල් විකුනන/ කජුගම ළදුන් වගේ "අනේ අනේ අපෙනුත් ගන්නකෝ" වගේ 'අනේ අපේ වරායටත් එන්නකෝ' කියල නැව් ගෙන්න ගන්න බැහැ. වරායක් කියල කියන්නෙ මුහුදෙ හරි, ගගක හරි වැවක හරි තියන ක්ර්මෝ පායික මධ්‍යස්ථානයක්.
Deleteවරාය ටර්මිනල් කියල කියන්නෙ ඔය වරායට එන නැව් වලට බඩු පටවන්න, බාන්න, තෙල් ගහන්න වගේ ඔවුන්ගෙ අවශ්‍යතා සපයන්න පිහිටුවල තියන පසුකම් මධ්‍යස්ථානයක්. අදාල අවශ්‍යතා අනුව ටර්මිනල් වෙනස් වෙනවා. කොළඹ වරායෙ වැඩිපුර තියෙන්නෙ බහාලුම් පර්යන්ත නැත්නං කන්ටේනර් ටර්මිනල් (Container terminal). බල්ක් කාගො ටර්මිනල් (Bulk cargo terminal , එල් එන් ජී ටර්මිනල් (LNG terminal) වගේ විවිද ටර්මිනල් වර්ග තියනවා.
එකම වරායෙ ටර්මිනල් කිහිපයක් තියෙන්න පුලුවන්. එකම වර්ගයේ හෝ විව්ද වර්ග වල ටර්මිනල් තියෙන්න පුලුවන්. කොළඹ වරායෙ කන්ටේනර් ටර්මිනල් (Container terminal) කිහිපයක් තියනවා.
1. CICT – Colombo International Container Terminal
2. ECT - East Container Terminal
3. JCT – Jaya Container Terminal
5. SAGT – South Asia Gateway Terminal
6. UCT – Unity Container Terminal
අන්තර්ජාතික වෙළදාමෙදි ආනයන සහ අපනයන වලට වැඩිපුරම දායකත්වයක් දෙන්නෙ මේ කන්ටේනර් ටර්මිනල්. සරලවම කිව්වොත් ආනයනය කරන සහ අපනයනය කරන භාණ්ඩ ඉතිං පෙට්ටි වල දාල (TEU කියල ඔය පෙට්ටියකට කියන්නෙ සහ ගනං හදන්නෙ. Twenty foot equivalent Unit) එක රටක ඉදන් තවත් රටකට යවන්න එපයි. ඉතිං ඒක නිසා මේ කන්ටේනර් ටර්මිනල් බිස්නස් එකට බිස්නස් ප්‍රමාණය නැත්තං business volume එක මාර වැඩියි.
ඕනම වරායකට නැවක් ගෙන්න ගන්න මූලික වශයෙන් සාධක දෙකක් බලපානවා.
Delete1. එකක් තමයි ඔවුන් නැව් සමාගම් එක්ක තියන සබඳතාවය. ඔය නැව් සමාගම් ගොඩක් එකට එකතු වෙලා ඔවුන් එකිනෙකාගෙ සමාගම් වල කොටස් මිලදී අරෙගෙන ව්‍යාපාර සංයුක්ත විදියට තියෙන්නෙ. (Shipping alliances) ඔය ගුවන් ගමන් යද්දි one world කියල Network එකක් තියනවා. (Star alliance කියල තව ගුවන් ව්‍යාපාර හවුලක් තියනවා) ලෝකෙ හැම රටකම ඉදල හැම රටකටම ගුවන් ගමන් නැති වුනාට ඔය එකම Network එක ඇතුලෙ වෙන ගුවන් ගමන් වලට ගනං බොහෝදුරට අඩුයි සහ පහසුයි. අන්න ඒ වගේ එක එක නැව් තිබුණට, එක එක නැව ඔය මහා පරිමාණ සමාගම් කිහිපයක් එක්ක සංදාන ගත වෙලා තමයි ඔය බිස්නස් එකේ ඉන්නෙ. ඒ සමාගම් ආයෝජනය කරල තියනවා ලෝකයේ විවිද රටවල් වල නැව් ටර්මිනල් වල වගේම තව ව්‍යාපාර වල. ඉතිං නැවක් මොන ටර්මිනල් එකටද යන්නෙ කියල තෝර ගනිද්දි ඔවුන්ගෙ සමාගමේ සල්ලි අයෝජනය කරල තියන ටර්මිනල් තමයි බොහෝ විට තෝර ගන්නෙ. එහෙම නැත්තං ඔවුන් සමග මොනම ව්‍යාපාරික සබඳතා තියන ටර්මිනල් සහ ව්‍යාපාර එක්ක තමයි ගනුදෙනු කරන්නෙ. සාමාන්‍ය ව්‍යාපාරත් ඉතිං එහෙමනෙ. ඒ වගේම විවිද සේවා (නැව් සදහා) ලබා ගැනීමෙදි තිබෙන අවබෝදතාවයන් සහ ගිවිසුම් බලපානව. ඒක හරියට Keells supermarket එකේ දාන්නෙ Elephant house Ice cream විතරයි මොකද දෙකම එකම JKH සමාගමේ.
ඒවගේම ඔය නැව සමාගම් වලට භූ දේශපාලනික කාරණා සහ ඔවුන් අනිත් රටවල් වල රජයන් එක්ක තියන සම්භන්දතා හරියට බලපානවා.
2.නැවක් ටර්මිනල් එකකට එන්න බලපාන දෙවනි හේතුව තමයි ටර්මිනල් එකේ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාව වැඩි වන තරමට වියදම අඩුයි. නිකං ආණ්ඩුවෙ කන්තෝරුවකින් වැඩක් කරගන්න ගියා වගේ නැව ටර්මිනල් එකට අරන් ඇවිල්ල පෝලිමේ ඉන්න, ආගමන විගමන කටයුතු කරන්න, බඩු පටවන්න, බාන වැඩ අපේ බසින් කියනවනං පට් පට් ගාල වෙන්න ඕන. ලතැවි ලතැවි හුරතලේට නැලවෙන්න බැහැ. මොකද හැම විනාඩියකටම මුදල් වැය වෙනවා. ඒවගේම වියදම් වැඩියි. ඒ නිසා දොඹකර හරහා සහ සියලුම වැඩ ඉක්මනට වෙන්න ඕන.
කාලෙකට කලින් සාමාන්‍ය නැවකට කොන්ටේනර් පෙට්ටි (TEU) 10,000ක් වගේ තමයි ප්‍රවාහණය කරන්න පුලුවන් වුනේ. ඒත් වැඩිපුර පෙට්ටි ප්‍රවාහනය කරන්න පුලුවන් තරමට එක ඒකකයකට (TEU එකකක්ට) නැවේ වියදම අඩුයි. ඒ නිසා නිව් පැරමැක්ස් (New Paramax) වගේ කන්ටේනර් පෙට්ටි 12,500, සහ 18,000 වගේ ප්‍රමාණ ප්‍රවාහනය කරන්න පුලුවන් නැව් ලෝකෙ නිපදවූවා. ඉතිං එච්චර ප්‍රමාණයක් කන්ටේනර් පෙට්ටි පැටෙව්වම නැව නවතන ටර්මිනල් එක ගැඹුර වැඩි වෙන්න ඕන. අඩුම තරමේ මීටර් 18ක් වත් ගැඹුර තියෙන්න ඕන. අන්න ඒ වගේ ටර්මිනල් වලට තමයි කියන්නෙ ගැබුරු ටර්මිනල් කියල.(Deep ports) ගැඹුරු පර්ර්‍යන්තයක් තියනවනං ලොකු නැව් එනව වගේම බිස්නස් වලට හොදයි.
ඔතනදි තමයි නැගෙනහිර ටර්මිනල් පර්ර්‍යන්තය සහ කොළඹ වරාය වැදගත් වෙන්නෙ.
කොලඹ වරායෙ ඔය වගේ ගැබුරු පර්ර්‍යන්ත දෙකක් තියනවා. එකක් CICT (Colombo International Container Terminal) . අනෙක පහුගිය දූෂිත රාජ පක්ෂ රෙජී මය කාලේ ඉදිකරපු නැගෙනහිර පර්‍යන්තය (Esat Container Terminal - ECT)
CICT එකේ අයිතිය මෙහමයි.
85% - China Merchant Port Holdings [for a period of 35 years, starting in 2013]
15% - Sri Lanka Ports Authority [SLPA] [අයිතිය ශ්‍රී ලංකා රජයට]
නොගැඹුරු පර්යන්ත කිහිපයක් තියනව. එම ටර්මිනල් සහ ඒවායේ අයිතිය මෙහෙමයි
JCT (100% owned by the SLPA)
SAGT (owned by John Keells Holdings – 42% , Mearsk – 26%, SLPA – 15%, A.P. Moller – 7%, Evergreen – 5%, and other investors – 5%)
UCT (owned by SLPA)
ඒ වගේම අපි බැලුවොත් කොළඹ වරායට business එන්නෙ කොහෙන්ද කියල, කොලඹ වරායෙ වැඩිපුරම වෙන්නෙ Transshipment. ඒ කියන්නෙ පොඩි නැව් වලින් ලොකු නැව්වලටත් ලොකු නැව් වලින් පොඩි නැව්වලටත් container පෙට්ටි හුම්වමාරු කරන එක. දල වශයෙන් අවුරුද්ද්කට ඔය වගේ පෙට්ටි මිලියන 7 ක් විතර එහෙට මෙහෙට මාරු කරනවා. කොළඹ වරායෙන් එහෙට මෙහෙට මාරු කරන කන්ටේනර් වලින් 70%ක්ම යන්නෙ ඉන්දියාවට. මොකද ඉන්දියාවෙ ජනගහණය සහ වෙළද විභවය වැඩියි. ඔවුන් පාවිච්චි කරන භාණ්ඩ ප්‍රමාණය ඉතා වැඩියි.
අන්න ඒකයි ඉන්දියාවේ අලුත් සමාගමක් ඔය වරාය ටර්මිනල් එකට ඇහැ ගහන් ඉන්නේ. ඒ වගේම අනෙක් ගැඹුරුතම ටර්මිනල් එක අයිති චීන සමාගමකට. මේ නැගෙනහිර ටර්මිනල් එකත් චීනයට ගියොත් එතන ගැඹුරුතම ටර්මිනල් වලට චීන සමාගම් යටතේ ඒකාධිකාරයක් (monopoly) හැදුනොත් චීනය විතරක් හිටියම ඒක භූ දේශපාලනික (geo politics) වශයෙන් සමතුලිත නැහැ. මෙතන ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව ඉන්නෙ එකම පැත්තක. අන්න ඒ බලපෑම මත තමයි මේක ඉන්දියාවේ Adhani Ports & FEZ සමාගමට යන්නෙ. ඉන්දියාවෙන් Covid 19 එන්නත ගෙන ඒමෙ ඉඳල, පළාත් සභා පැවැත්වීම දක්වා එන ඒ අයුතු ජඩ බලපෑම අපිට එන එක නවත්තන්න බැහැ. ඒක තමයි යථාර්තය. ඉන්දියාවට පුලුවන් අපේ කොලඹ වරායට බලපෑම් කරන්න, ඔවුන් දැනටමත් ඉඟි පළකරල තියන $ බිලියන 1.33 ක නිකොබාර් දූපතේ වරාය ඉක්මන් කිරීම හරහා කොලඹ වරායට එන බිස්නස් වලින් කොටසක් ඒකට යනවා කියලා තර්ජනය කරමින් සිටිනා ආකාරය නම් විහිලු සහගතයි ඒත් අපි ටර්මිනල් තියාගෙන වරායෙම කොටසක් නැති කර ගන්නවද, අකමැත්තෙන් උනත් දූෂිත ඉන්දියානු ජඩ සමාගම් වල පරිපාලනය යටතේ ඔවුන් එක්ක මේ ගමන යනවද කියල තීරණය කරන්න අමාරුයි තමයි.
Deleteහම්බන්තොට වරායෙදි චීනය සමග උපක්‍රමශීලීව ගනුදෙනු කිරීමත් වැදගත් වෙන්නෙ ඒ නිසා. අපි රනිල් වික්‍රමසිංහ වගේ මෝඩ නිගමන වලට එන්න හොඳ නෑ වරායවල් දුවන්නෙ නෑ සහ නිකම් ණය ගෙවන්න වෙනවා ඒ අයිතිය නිසා කියල චීනයට 100% අවුරුදු 99කට දුන්න එක ගොන් වැඩක්.
නමුත් අපි අවම වශයෙන් 51% වත් අයිතිය තියාගෙන නැව් සමාගම් වල නැව් වලට සපයන සේවාවන් වල කළමනාකරණය චීන සමාගම් යටතේ ක්‍රියාත්මක කළොත් තමයි ඔය හම්බන්තොට වරාය සක්‍රිය වෙලා අපට සැලකිය යුතු ලෙස ලාභයක් තියෙන්නෙ. අපේ ගේ එහා පැත්තෙ වරායක් හැදුවත් චීනයට සහ ඉන්දියාවට ඔවුන්ගෙ ව්‍යාපාරික සබදතා වලින් වරාය දුවවන්න පුලුවන්. අපේ location එක වැදගත්. ඒත් කෝපි කියල කහට විකුණන මනුස්සයෙක්ට කඩේ දුන්නොත් වැඩ ඔක්ක්ක්ම upset යනවා කියන එකයි මගේ අදහස. දැනටමත් ඔය නැගෙනහිර ටර්මිනල් එක 2015 - 2019 කාලෙ ආපු රජයන් අපේ භාශාවෙන් කියනවනම් හාල තියෙන්නෙ. එක එක විකාර කාරයෝ වරායේ ඉහළ තනතුරු වලට පත් කරලා බහුබූත අවබෝධතා ගිවිසුම් අත්සන් කර කර ඒව ආයෙත් cancel කරල වරාය සම්පූර්ණයෙන් නැති කරල තියෙන්නෙ.
කොළඹ වරාය කාර්යක්ෂමතාව ඉහළ වරායක් වෙලා තියෙන්නෙ CICT එක නිසා. ඔවුත් තමයි වැඩිපුරම containers හසුරුවන්නෙ.
මගේ මතය ලංකාවෙ රජය ඕක කරන්න ගියොත් සාර්ථක මදි. රජය ව්‍යාපාර කරන්නෙ නැහැ. ඒකට හේතුව ලාබ ලබන්න නං සල්ලි ගැන අවදානමක් තියෙන්න ඕන. ඔය ව්‍යාපාර කරන දෙමව්පියො ඉන්න දරුවො දන්නවා ඒ ගොල්ලො හැම එකටම ඇගිලි ගහනවා මොකද අමාරුවෙන් උපයපු සල්ලි නාස්ති වෙන්න දෙන්න බැරි නිසා. රජයක් ව්‍යාපාර කරද්දි කවුද වගකීම ගන්නෙ. කාටද ලාබ ලබන්න චේතනාවක් එන්නෙ සල්ලි ආයෝජනය කරන්නෙ නැතුව. සල්ලි ආයෝජනය කරන්නෙ නැතුව ව්‍යාපාර කරාම එන්නෙ හොරකං කරන චේතනාවක්. මං කියන්නෙ බොරුනං රජය කරන ව්‍යාපර ලයිස්තුවේ ලාබ පාඩු බලන්නකො. ඒ පාඩු වලට සල්ලි ගෙවන්න ඕන බදු ගෙවන අහිංසක මිනිස්සු. රජය ලාභ ලබන ව්‍යාපාර කියල පෙන්නන ගොඩක් ව්‍යාපාර ඒකාධිකාර. නැත්තං වෙන කාටවත් තරග කරන්න බැරි විදියට සහගහන බදු ගහල කරන ව්‍යාපාර. ඔය වෘත්තීය සමිති වර්ජනයක් දෙකක් කරපු ගමං නැගෙනහිර ටර්මිනල් එක හාන්සි. මේක පිටිපස්සෙ ඉතිං ලොකු දේශපානයක් තියනවා. දේශීය සම්පත් විකුණනවා කිව්වද නැද්ද සහ පොරොන්දු දුන්නද නැද්ද කියල. ඒව ඉතිං දේශපාලනය කරන අය විසදගන්න ඕන. මං මේක දකින්නෙ යථාර්තවාදී පැත්තෙන්. මේ නැගෙනහිර ටර්මිනල් එක රජයෙන් කරල නිකං ව්‍යාපාරික අවස්ථා නැති කර ගන්නවට වඩා හොදයි මේක කරන්න පුලුවන් හොද කෝපි කඩයකට දීල rent එක අරං ලාභයක් ගන්න එක.
හැබැයි නැගෙනහිර ටර්මිනල් එක සම්බන්දයෙන් පැවති රජයෙන් වැරදි කිහිපයක් කරා.
Delete1.එකක් තමයි මේ ව්‍යාපාර වලට විශාල බදු සහන දීපු එක. Strategic location එකක වරායත් දීල බදුත් එපා කියන්න හේතුවක් නැහැ. හේතුවක් තියනවා. ඒව ඉතිං කියන්න ඕන නැහැනෙ. අපි කෝපි කඩයක් දැම්මොත් බදු ගන්න ආණ්ඩුව ටර්මිනල් එකත් දීල බදුත් එපා කියන එක පොඩ්ඩක් upset
2.දෙවනි වැරැද්ද තමයි මේකට අවබෝදතා සහ සහයොගිතා ගිවිසුම් ගණානාවක් අත්සන් කරල ඒව හිතු හිතු වෙලාවට අහෝසි කරන එක. Business proposal ලියන එකෙක් විදියට මං දන්නවා මිනිස්සු ඔය proposal එකකට මහන්සි වෙන තරම. ඕක ඉතිං cancel කරාම ව්‍යාපාර වලට තියන විශ්වාසය සම්පූර්ණයෙන් නැති වෙනවා.
3.තුන් වැනි වැරද්ද තමයි Adhani සමාගම තෝර ගත්තු විදිය. හරි විදියටනං සමාගම් වලට proposal හදල pitch කරන්න කියල කියන්න ඕන. එතකොට තරගකාරීව එක එක business option දුන්නම හොදම එක වැඩි වාසියකින් අපිට ගන්න පුලුවන්. (ඩීල් නොදමා හරි ක්‍රමයට ගියොත්) ඒත් මෙතන Adhani සමාගම ඉන්දියානු අගමැතිගේ දැන හැදුනුම්කම මත යෝජනාවූවක් බවයි පේන්නෙ. ඒකට ප්‍රායෝගික හේතුවකුත් තියනවා. ඕක අපි open tender ක්‍රමයට ගියොත් ලෝකයේ දැවැන්තම වරායන් පණහකින් 70%ක් පාලනය කරන චීන සමාගම් ලේසියෙන්ම වැඩිම මුදලකට ඉල්ලුම් කරල ඕක ගන්නවා. එතකොට ඉන්දියාවත් එක්ක ආයෙත් ප්‍රශ්ණයක්. ඒක නිසා 3 වැනි වැරැද්ද ටිකක් සංකීර්ණයයි.
සරලවම කියන්න තියෙන්නෙ ඕනම ව්‍යාපාරයක අපි බලන්නෙ අයිතියට වඩා ලාභ කොච්චර ලබන්න පුලුවන්ද කියල. අයිතිය තිබුණට වැඩක් නැහැ ලාභ ලබන්න බැරි නං. අනිත් එක අපිට අයිතියි කිව්වට ඔය ජනතාවට අයිති කියන කිසිම එකක් ජනතාවට අයිති නැහැ. අපි අයිතිය තියාගෙන කරන්න ගිහිල්ල හොම්බ බිම ඇන ගත්තු ව්‍යාපාරක් තමයි ගුවන් සමාගම් ව්‍යාපාරය. නිකමට ගන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ජනතාවට අයිතියි කිය කිය හැමෝම කියනව. ඕකෙ යන්න පුලුවන්ද සාමාන්‍ය මනුස්සයෙක්ට නිකං. සල්ලි දීල යන්න ගත්තත් අනිත් ගුවන් සේවා වල ගාන සප්පෙක්ෂව අඩුයි ශ්‍රී ලංකන් එකේ ගනං වලට වඩා. 2019 ඕකෙ පාඩුව බිලියන 44. දල වශයෙන් දුපත් මිනිස්සුන්ගෙ සමෘද්ධියට වෙන් කරපු මුලු මුදලත් බිලියන 45යි. ඒ කියන්නෙ මුලු ලංකාවෙම සමෘද්ධිලාභීන් ගන්න මුදල ශ්‍රී ලන්කන් එකෙන් එක අවුරුදකදි නාස්ති කරනවා. 2020 අගෝස්තු වෙනකං ශ්‍රී ලංකන් එකේ පාඩුව බිලියන 36ක්. අවුරුද්ද අවසානයට ගාන ආවම ඕක තවත් වැඩි වෙනවා කෝවිඩ් තත්වයත් එක්ක. නැගෙනහිර ටර්මිනල් එක රජය කරන්න ගියොත් වෙන්නෙ ඔය වැඩේ තමයි. වරායවල් කියල කියන්නෙ වැඩ වර්ජන කරමින් රජයට මෙහෙයවන්න පුලුවන් ව්‍යාපාරයක් නෙවෙයි.
මේ අයිතිය කියන කාරණාවෙදි බොහෝ දෙනෙක් හිතන්නෙ අයිතිය තියෙද්දි මාර අභිමානයක් තියනව කියල. ඒකෙ පොඩි ගැම්මක් තියනව වගේ එකක් එනවා. Sri Lankan Airline වගේ අවුරුදු 10කට වඩා පාඩු ලබන ආයතයනක් තියාගෙන දුප්පත් මිනිස්සුන්ට මාසිකව ලැබෙන සම්පූර්ණ මුදල හා සමාන සල්ලි ප්‍රමාණයක් නාස්ති කරන ආයතයක් තියාගෙන ඒකෙ අපේ කොඩියත් ගහගෙන ගිහිල්ල මාර අභිමානයක් කියල ඇත්තටම කියන්න පුලුලුවන්ද? මට නං හිතෙන්නෙ බැහැ කියල.
බොහෝ දෙනෙක් කියන්නෙ වූහාන් වල කලා වගේ මානුශීය මෙහෙයුමක් කරන්න අපිට ගුවන් සමාගමක් රජයට තියෙන්න ඕන කියල. ඒ වගේම හදිස්සියකදි ගන්න වරාය් ටර්මිනල් , තෙල් සමාගම්, විදුලි සමාගම් වගේ හැම එකෙන්න කොටසක් රජයට තියෙන්නෙ ඕන කියල. ඒක හරියට හදිස්සි ලෙඩක් හැදුනත් ඉස්පිරිතාලෙ යන්න ඇම්බුලන්ස් එකක් සල්ලි දීල ගන්නව වගේ වැඩක්. ලෝකෙ ඒ වගේ දේවල් වලට සල්ලි දීල කුලියට ගන්න පුලුවන් ගුවන් යානා, නැව් වගේ ඕන තරම් options තියනවා. ඇත්තටම ඔය ජනතාවට අයිති කිව්වට රජයට අයිති එකක්වත් ජනතාවට අයිති නැහැ. ඒව අයිති ඒ ඒ ඇමති තුමාට සහ ඔවුන්ගේ ගජමිතුරු දේශපාලන කල්ලි වලට. අඩුම තරමෙ කියන්නකො ජනතාවට අයිති කියන කන්තෝරුවකින් වැඩක් වත් කරගන්න පුලුවන්ද කියල. බැහැ නේද. ඉතිං ඕව අපිට අයිතියි නෙවෙයි. ඕව අපිට වියදම් වගේම මහා බරක්. රජයට ව්‍යාපාර කරන්න බැහැ කිව්වම සමහරු කියනවා ඒව පැරැණි සංකල්ප. දැන් රජයට පුලුවන් කියල. ඕනම ව්‍යාපාරක මූලික සිද්ධාන්තයක් තියනවා අවදානම ගැනීම ගැන. ඒක හරියට ගණිතයේ එකතු කිරිම, අඩු කිරීම, බෙදීම වැඩි කිරීම වගේ. අලුත් විදියට ගණන් හැදුවට මූලික සංකල්පය කවදාවත් යල් පනින්නෙ නැහැ.
ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කෝපි විකුණන්න ඕන business මොණවද, rent එක ගන්න ඕන business මොනවද කියල දන්නෙ නැහැ. දොඩං ගොඩ වගේ ඔක්කොම බදා ගන්නවා. ඒට පස්සෙ හෝ ගාල හොරකං කරල ඔක්කොම පාඩු කරල ආයෙමත් ඇවිල්ල අපිටම කියනවා මේව ලාභ කරල දෙන්න අපට ඡන්දෙ දෙන්න කියල. අපිත් එතකොට විරුද්ධ දේශපාලන විපක්ෂ කල්ලිවල අයට ඡන්දෙ දෙනවා. ඒ ගොල්ලත් අරකම හරි ඊට හපන් රට කෝලම් කරනවා.
මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් නේද?
අයිසේ ඇනෝ , බොහොම හොඳ විස්තරයක්. ස්තූතියි
Delete//නැගෙනහිර ටර්මිනල් එක ගැන අදහස් දක්වන අජ්ජා වගේම හැමෝම අහන්නෙ "මේක අයිතිය කාටද? මේක රජයටම කරන්න බැරිද?” කියල.//අදහසකට වඩා මම ප්‍රශ්නයක් ඇහුවේ එකොන් හේන්. එකොන් අපට කියා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රමුඛ ආර්ථික මූලධර්ම වලට අනුව මේක ආයෝජනයට දීම හොඳ වැඩක් නේද කියල ඇහුවේ. ගෝඨාභය හෝ රනිල් ගැන හිතන්නේ නැතිව. එකොන් ප්‍රශ්නය ට පිළිතුරු දීම සංගා සාර්ථක ලෙස පන්දුවට තට්ටුවක් දමා විකට් එක බේරා ගත්තා වගේ එකක් කළා. අවුලක් නැහැ . එම උත්තරයත් හොඳයි. මේක වඩා හොඳයි. මටත් ඕකට එහෙමට කියන්න අදහසක් නැහැ. හම ආණ්ඩුවක්ම වරායට ඕනෑවට වැඩිය තමන්ගේ හෙන්චයියෝ පුරවලා ඉන්නේ කියන එකයි මගේ දළ අදහස. අර ඉස්සර පාඩු පිට දිව්ව ලංගමය වගේ.
ඇනෝ, ඔබේ දිගු පිළිතුරට ඉතාම ස්තුතියි! මේ හා අදාළ ඔබ සඳහන් කර තිබෙන විස්තර බොහොමයක් පිළිබඳව මම හදාරලා නැහැ. මේ වෙලාවේ මට මේවා හැදෑරීම සඳහා කාලය වැය කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ වගේම උනන්දුවකුත් නැහැ. ගුවන් සේවා කර්මාන්තය ගැනනම් ටිකක් හදාරලා තියෙනවා. ටික කලකට කලින් ලිපි පෙළක් ලියන්න හිටියත් ලියන්න ඉඩක් ලැබුණේ නැහැ. අජිත් කියා තිබෙනවා "එකොන් ප්‍රශ්නය ට පිළිතුරු දීම සංගා සාර්ථක ලෙස පන්දුවට තට්ටුවක් දමා විකට් එක බේරා ගත්තා වගේ එකක් කළා." කියලා. එය බොරුවක් නෙමෙයි. ඇනෝ ලියා තිබෙන පසුබිම් කරුණු හෝ නොදැන මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයකට සරල ඔවු නෑ පිළිතුරක් දෙන්න බැහැ. මම සාමාන්‍යයෙන් මෙවැනි කරුණක් හා අදාළව අදහසක් පළ කරන්නේ පසුව මතුවන අතුරු ප්‍රශ්න වලටත් පිළිතුරු දිය හැකි තරමේ හැදෑරීමක් කර ලබාගත් පසුබිම් දැනුමක් ඇත්නම් පමණයි. ප්‍රශ්නයට අදාළ නිශ්චිත පසුබිම් කරුණු හදාරා නැතත්, ඔබ සඳහන් කරන ඇති මූලධාර්මික කරුණු සමඟ එකඟ විය හැකියි.
Deleteඇනෝ ගෙ පැහැදිලිකිරීම නම් හරි ප්‍රයෝජනවත්, ඒත් එයා ඇත්ත තත්වය විග්‍රහ කරනවද, ආණ්ඩුව කොහොමත් කරන්න යන දෙය සාධාරණීකරණය කරන්න කලින්ම එලියට ඇවිල්ලද කියල පැහැදිලි නෑ .
Deleteවාණිජව හෝ ව්‍යාපාරමය වශයෙන් ලංකාවට වඩාත් වාසිදායක තීරණය මොකක් උනත් ඒ තීරණ ගැනීමේ හැකියාවක් රටක් වශෙන් අපට තියෙනවද කියන එක තමයි ප්‍රධානම ප්‍රශ්නය.
ඇනෝ මෙහෙම කියන කොට "..හම්බන්තොට වරායෙදි චීනය සමග උපක්‍රමශීලීව ගනුදෙනු කිරීමත් වැදගත් වෙන්නෙ ඒ නිසා. අපි රනිල් වික්‍රමසිංහ වගේ මෝඩ නිගමන වලට එන්න හොඳ නෑ වරායවල් දුවන්නෙ නෑ සහ නිකම් ණය ගෙවන්න වෙනවා ඒ අයිතිය නිසා කියල චීනයට 100% අවුරුදු 99කට දුන්න එක ගොන් වැඩක්. .." යතාර්ථය නම්, අද තත්වය යටතේ අපට චීනයත් සමග උපක්‍රමශීලීව ගනුදෙනු කිරීමේ හැකියාවක් නැති බවයි. ඒ උන් අපට වඩා උපක්‍රමශීලී සහ බලවත් නිසයි. රනිල් වරාය පාඩු නිසා විකිණුවා කියන විට, ඇත්ත තත්ත්ව නම් චීනට ඕන නිසා ඌ වරාය තුට්ටු දෙකට බලෙන්ම අරගත් වගයි. එවකට තිබි රාජපක්ෂ විපක්ෂය හම්බන්තොට විකිණීමට විරුද්ධ නොවුනේත්, ඔය බලහත්කාරකම නවත්වන්න ගොස් චීනය තරහ කර ගැනීමට ඇති නොහැකියාව බව නොදන්නේ බයියන් පමණි.
එසේම නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තියෙන්නේත් ඉන්දියාවේ බලහත්කාරයක් බව නොතේරෙන්නේ එය ඕනෑ කමින්ම නොදකින්නෙකුට පමණි. මෙහි ඇති ඇත්ත ප්‍රශ්නය නම්, අපට මෙම බලහත්කාරයෙන් ගැලවී යා හැකිද, හෝ ගැලවී යා යුතුද යන්නයි.
බලහත්කාරයට නතුවීමෙන් ලංකාවට ලැබිය හැකි ආර්ථික වාසි ගැන ගණන් හැදීම, දූෂණයකට ලක්වන පුද්ගලයකු එයින් තෘප්තියක් ලබන්නේද යන්න ගැන සාකච්චා කිරීම වැනිය. අජිත්ගේ ප්‍රශ්නය ගොන් ප්‍රශ්නයක් වන්නේ එතැනදීය.
ඔය කියන්නේ අද නන්දන වීරරත්න ෆේස්බුක් එකේ දාපු කතාවනේ ඇනෝ . ජවිපෙ පන්ති පහේ අන්තිම පන්තියනේ. ඕක දන්නා මිත්තණිය ගේ රෙද්දනේ. අනික නන්දන වීරරත්න කියන මගේ යහළුව මට මුලින්ම මුණ ගැහුනේ නිර්මාණ සංවාද කුලකයේ 1983 විතර. මම උසස් පෙළ කරන කාලේ. අද එයා නව යත් ව්ජිත වාදය කියල හඳුන්වල තියෙන්නේ හැමෝම දන්න ටිකනේ. අපි ඒකට ඒ දවස්වල ඉඳන්ම කිව්ව්වේ නව යටත් විජිතවාදය, දැන් නව ලිබරල් වාදය. පාස්කු ප්‍රහාරය ඇත්තටම දුන්නේ කවුද කියල මම ලීවහම ගොඩක් අයට ඒක දිරෙව්වෙ නැහැනේ. මේ ඒ ප්‍රහාරයේ ඉතුරුවා. ඒ දේශපාලන පැත්ත. මේ කතා කලේ ආර්ථික පැත්ත. ඔය දෙක හැම වෙලේම අඩු වැඩි වශයෙන් තියනවා .
Delete//අජිත්ගේ ප්‍රශ්නය ගොන් ප්‍රශ්නයක් වන්නේ එතැනදීය.// ඒ ගොන් ප්‍රශ්නේ ඇහුවේ නැත්නම් ආර්ථික හා දේශපාලන පැත්ත ගෙන මෙහෙම හොඳ සංවාදයක් යනවාද? අනික ඇනෝ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න මහන්සි වෙන්නේ ඇයි ? උම්බෑ කියල තණකොළ ටිකක් කෑව නම් හරිනේ.
බොහොම කණගාටුයි පොතේ තහනම ගැන.
ReplyDeleteදොරවල් වසාගෙන හතර අතට නෙලන ලොක්කා තමා මටත් මුලින්ම සිහියට ආවේ.
සබ්ජෙක්ට් එක දන්නා කෙනා ගේ ඇතුලේ ඉඳන් හූ කියන්නේ නෑ ඉකනෝ! එලියට ඇවිත් ගේම ඉල්ලනවා මිස.
අපි ඔහොම යං.
ජයවේවා!
Myself Hattor
ස්තුතියි, හැට්ටර්! කාටවත් තනි පුද්ගලයෙක්ට ඇඟිල්ල දික් කරන්න අවශ්‍ය නැහැ. පිරිසක් එකතුව "abusive content" තිබෙන බවට රිපෝට් කර ඇති බවයි පෙනෙන්නේ.
Deleteමූණුපොතේ බ්ලොක් කිරිල්ල ගැන නම් දන්නේ නෑ, බ්ලොගර්ගෙ බ්ලොක් කිරිල්ල ගැන නම් ටිකා..ක් ඉතර දන්නවා. මගේ අනුමානය, දෙකේම බොහෝවිට එකම ක්‍රමවේදය පාවිච්චි වෙනව ඇති.
ReplyDeleteපලවෙනි ක්‍රමය කවුරුහරි රිපෝට් කිරීම. මේ බ්ලොග් එකේ වැඩිවශයෙන් දේශපාලනික ස්වරූපයක් ඇති නිසාත්, සමාජවාදයට රිදෙන්නම බෙදන නිසාත්, එහෙම වෙන්න සෑහෙන සම්භාවිතාවක් තියනවා. සාධාරණ නූනත්, මේ ලිපිවල මොකක් හරි වැරැද්දක් වගේ එකක් අල්ලගන්න එච්චර අමාරු නෑ.
දෙවනි ක්‍රමය, ක්‍රෝලර්ස්/බොට් නමින් හැඳින්වෙන කුඩා ඔත්තුකාර ප්‍රෝග්‍රෑම්. එව්වා ස්කෑන් කරන්නෙ නිශ්චිත "කී වර්ඩ්ස්". කියන දේ සාධාරණ වුනත් එයින් එක "කී වර්ඩ්" එකක් තිබ්බොත්, බඩුම තමා. පටස් ගාලා "ෆ්ලෑග්" කරනවා, සෙස්ස පස්සට.
මටත් බ්ලොග් එකේ, ඔය "බොට්" අලකලංචිය වෙලා තියෙනවා. ඇපීල් කරහම, කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරගෙන කියවලා, රිලීස් කරනවා. එකම දේ, ලියල තියෙන්නෙ සිංහලෙන් නිසා ටික දවසක් යනවා.
ඉකනො මූණුපොතට යන්නෙ ප්‍රචාරක කටයුතුවලට වෙන්ටෑ? මට නං ඒකෙ වැඩපිලිවෙලත්, ඉන්න කට්ටියත් දෙකම දිරවන්නෙ නෑ.
//ඉකනො මූණුපොතට යන්නෙ ප්‍රචාරක කටයුතුවලට වෙන්ටෑ? මට නං ඒකෙ වැඩපිලිවෙලත්, ඉන්න කට්ටියත් දෙකම දිරවන්නෙ නෑ.//
Deleteවත්පොත් පිටුව හරහා කරන එකම දේ මෙහි පළ කරන ලිපි වලට ලින්ක් දමන එක. පිටුව follow කරන අය එම ලින්ක් හරහා මෙහි පිවිසෙනවා. ඒ හැර වෙනත් කිසිවක් කරන්නේ නැහැ. වත්පොත් පිටු වාරණය කිරීමක් කර නැහැ. මේක ටිකක් වෙනස් වැඩක්. ෆේස්බුක් එකේ මේ බ්ලොග් එකේ ලින්ක් දැමීමයි වාරණය කර තිබෙන්නේ. එසේ මේ බ්ලොග් එකට ලින්ක් දමන්නේ මම පමණක් නෙමෙයි වෙනත් බොහෝ දෙනෙක් ඔවුන්ගේ කැමැත්තෙන් එය කරනවා. බොහෝ විට මම දන්නේත් නැහැ. දැන් පසුගිය අවුරුදු පහ හයක් තිස්සේම මෙම බ්ලොග් එකට ලින්ක් සමඟ කවුරු හෝ විසින් දැමූ පෝස්ට් ඉවත් කරලා. (ඔබේ වත්පොතට ගොස් economatta.blogspot.com කියා පෝස්ට් කර බලන්න. එවිට ඔබට වැඩේ හරියටම තේරෙයි.)
බස්සා මටත් පොඩ්ඩක් වෙන්න සමාජවාදී අදහස් තියෙන නිසා මම හිතන්නේ සමාජවාදීන් ට මේ වගේ දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැති බව. එහම් හුඟක් අය මම සෝවියට් දේශය විවේචනය කරල ලිපියක් දැම්මොත් ඇවිත් බැනල යනවා. ඒලෙවල් ෆේල් කියල තව මොකක් හරි ගොන් කතාවක් කියල. සහයට ලීවොත් මුකුත් කියන්නේ නැහැ එහෙම හුඟක් අය කියවන්නේ තමන්ට පක්ෂ දේවල් හා පොත පත පමණයි. නිදහස් ලිපි කියවනව අඩුයි. මෙම මම නිරීක්ෂණය කලදේ. මම හිතන්නේ දන්නා බ්ලොග් කෙනෙක් හෝ වත්පොතේ ඉන්න කෙනෙක් ඉරිසියාවට කරන වැඩ කියල මේකේ යන සංවාද අරවට මේවට ඉරිසියා ඇති.
Deleteඅජිත් ඔබ විතරක් නොවේ, මමත් සමාජවාදය න්‍යාත්මිකව ප්‍රතික්ශේප කරන්නෙ නෑ.
Deleteඉකනොගෙ සමහර අදහස් සමඟ එකඟ නොවන්නේ ඒකයි.
මම කිව්වෙ උග්‍ර සමාජවාදීන් ගැනයි, අර අයිස් පොරවෙන් ඔලුවට කොටන ජාතියෙ අය ගැනයි. ඉරිසියාවට කරන වැඩක් වෙන්නත් පුළුවන්, ඒත් එක්කෙනෙක් නං, VPN එකකින් ඊමේල් කීපයක් යවන්න මහන්සි වෙන්න වෙනවා.
//අජිත් ඔබ විතරක් නොවේ, මමත් සමාජවාදය න්‍යාත්මිකව ප්‍රතික්ශේප කරන්නෙ නෑ.
Deleteඉකනොගෙ සමහර අදහස් සමඟ එකඟ නොවන්නේ ඒකයි.//
මා සම්බන්ධවනම් කියන්නට තිබෙන්නේ තනිකරම අනෙක් පැත්තයි. දයා පතිරණ ඝාතනය කළ කාලයේ සිටම මට සමාජවාදයේ භාවිතය පිළිබඳ ප්‍රශ්න තිබුණත් එම ප්‍රශ්න සැබෑවටම න්‍යාය පිළිබඳ ප්‍රශ්නම බව අවබෝධ වී තිබුණේ නැහැ. මුල් කාලයේ මට බොහෝ සමාජවාදීන් සමඟ තිබුණු ප්‍රශ්නය ඔවුන් ඇත්තටම සමාජවාදීන් නොවීමයි. එහෙත්, න්‍යාය පිළිබඳව වැඩි වැඩියෙන් විමසද්දී වැඩි වැඩියෙන් පෙනී යන්නේ භාවිතාවේ ප්‍රශ්න සේ පෙනී යන බොහෝ දේ සැබෑවටම න්‍යාය පිළිබඳ ප්‍රශ්න මිස භාවිතාවේ ප්‍රශ්න නොවන බවයි. අයිස් පොරවෙන් ඔලුවට කොටන්නේ නැතිව සමාජවාදය පවත්වා ගෙන යාමේ න්‍යායාත්මක හැකියාවක් ඇතැයි මම හිතන්නේ නැහැ. ඔබ විසින් න්‍යායාත්මකව ප්‍රතික්ෂේප නොකරන දේවල් කිහිපයක් කරුණු වශයෙන් සඳහන් කළොත් (සමාජවාදය ලෙස එක් එක් පුද්ගලයා අදහස් කරන දේ වෙනස් නිසා) වැඩිදුර සාකච්ඡා කළ හැකියි.
// දයා පතිරණ ඝාතනය කළ කාලයේ සිටම මට සමාජවාදයේ භාවිතය පිළිබඳ ප්‍රශ්න තිබුණත් එම ප්‍රශ්න සැබෑවටම න්‍යාය පිළිබඳ ප්‍රශ්නම බව අවබෝධ වී තිබුණේ නැහැ.// මට ඔය ප්‍රශ්නය ආවේ දයා පතිරණ ඝාතනය වෙන්න කලින් ඉඳලම. නමුත් ඒ ගැන කතා කරපු ගමන් ජේවීපී සමහර අය කෙලින්ම ඇවිත් අපව අර කමල් ධර්මසිරිගේ පස්සේ ආපු සන්නද්ධ ස්වාධින සෙට් එකත් එක්ක දානවා. එක නිසා කියන්නත් මතක් කරන්නත් අපහසු දෙයක්. නමුත් මම 1987 විතර ජවිපෙ මාර්ගය වැරදියි කියපු වෙලේ මගේ ජවිපෙ යාළුවෙක් මට කෙලින්ම චෝදනා කළා සුළු ධනේශ්වර සෝවියට් හිතවාදී සංශෝධන වාදී ඔන්න ඔහොම වචන ගොඩක්. (හැබැයි එයා දැන් රජයේ ලොකු තනතුරක ඉන්නේ ජවිපෙත් අත හැරලා ඔන්න ඔහොමයි
Deleteඑයාගේ ඒ හස්රිමෙන්ම පේන්නේ එයාල වුනත් විශ්වාස කලේ නැහැ කියන එක./අයිස් පොරවෙන් ඔලුවට කොටන්නේ නැතිව සමාජවාදය පවත්වා ගෙන යාමේ න්‍යායාත්මක හැකියාවක් ඇතැයි මම හිතන්නේ නැහැ// ඔය කියන සමාජවාදය නම් එහම තමයි. කොටිනම් විජේවීරට වුනත් මම කෙලින්ම වරද කියන්නේ නැත්තේ ඒ ඔක්කොම ඔය මාර්ගයේ ගියේ. ස්ටාලින් විප්ලවයේ හිටි ඔක්කොම මැරුව වගේ විජේවීරත්, මාඕ සහ පොල්පොට් නුට් කළා. නමුත් සමාජවාදී සංකල්පය ස්ටලින්ට කලින් ආපු එක්ක. ලෙනින් වුනත්. උදාහරණයක් වශයෙන් එංගලනතේ නැෂනල් ට්‍රස්ට් එක ගැන මම ලිපියක් ලීවා බලන්න. ඒක මාජවාදී සංකල්පයක්. රැජිනගේ සහෝදරියක් පවා ඒකට උදව් කළා.
Deleteජෝන් රරස්කින් ලා වගේ ය.
මේ ඒ ලිපිය. https://kolambagamaya.blogspot.com/2020/09/blog-post_24.html අපි හැම වෙලේම සමජවාදී න්‍යායන් හැටියට ගත්තේ මාක්ස්, ලෙනින්, ස්ටාලින්, මාඕ ,කස්ත්‍රෝ, චේ ආදීන් . නමුත් අපි කවුරුත් හොයන්නේ නැත්තේ ඒ ගොල්ලෝ කොහෙන්ද ඒ අදහස් ගත්තේ කියල. තව ප්ලේහනොව්, කාල් ලිබ්නෙක්ට් , රෝසා ලක්සම්බර්ග්, ඕස්ට්‍රේලියන් කම්කරු පක්ෂ රජය 1899, රස්කින් තව ගොඩක් ඉන්නවා මෙතන. ඕක අර ගොල්ලන්ගේ බූදලයක් නෙමේ. ප්‍රශ්නේ වුනේ ඒක එහම බූදලයක් කර ගත්ත එක. මම හිතන්නේ බස්සා කියන්නෙත් ඒක
.
බොහොම ස්තූතියි අජිත්, පැහැදිලි කිරීම ගැන.
DeleteMoney as an Instrument of Change
//උදාහරණයක් වශයෙන් එංගලනතේ නැෂනල් ට්‍රස්ට් එක ගැන මම ලිපියක් ලීවා බලන්න. ඒක මාජවාදී සංකල්පයක්.//
Deleteමට පැහැදිලි නෑ, අජිත් කියන දෙය. මෙහි සඳහන් ස්වභාවික සම්පත් පවා පෞද්ගලික අයිතියට පවරන එක 100%ක් ධනවාදී අදහසක්නේ. උදාහරණයක් විදිහට ඇමරිකාවේ වනාන්තර වලින් 56%ක් තිබෙන්නේ පෞද්ගලික අයිතිය යටතේ. ඔය වගේ දෙයක් ධනවාදී රටක මිස සමාජවාදී රටක කරන්න තියා හිතන්නවත් පුළුවන්ද? අඩු ගානේ ලංකාව වගේ රටක. ස්වභාවික සම්පත් පෞද්ගලික අයිතියට යටත් කිරීම වෙනුවෙන් පෙනී සිටින සමාජවාදී න්‍යායයක් තියෙනවද? (ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ).
// මෙහි සඳහන් ස්වභාවික සම්පත් පවා පෞද්ගලික අයිතියට පවරන එක 100%ක් ධනවාදී අදහසක්නේ.// ඒක තමයි ඔය අදහසේ තිබෙන මුලිකම වැරැද්ද. කොහොමද එහෙම වෙන්නේ. බ්‍රිතාන්‍ය සමාජවාදයේ පියා රොබට් ඔවෙන් නේ. එයාගේ අදහස් හොයන්නකෝ. මාක්ස්ට කලින් හිටියේ.නැෂනල් ට්‍රස්ට් එකේ පෞද්ගලික් අයිතිය පටන්ගත්තේ සාමූහික අයිතියක් විධිහට. මිනිසුන්ගෙන් ගෙවල් අරගෙන දුප්පත් අයට ඉන්න දුන්න. හැබැයි නිකන් නෙමේ මුදලට. කාර්මික විප්ලවය නිසා වනගහන විනාශ වෙනකොට සල්ලි එකතු කරලා ගත්ත. ඒවාට අපි දැන් ගිහිල්ල බලනවනම් ටිකට් ගන්නවා. මට නම් මෙම්බර්ෂිප් එක තියනවා . ඒ ට්‍රස්ට් එකේ ලාභය යන්නේ ඒකටමයි. ඒක ධනවාදී වෙන්නේ කොහොමද?තනි මිනිහෙකුගේ පවුලක් හදන්නේ නැහැනේ (මෙහෙම කීවට මම බිල් ගේට්ස් ට සහ ඇපල් කාරයට විරුද්ධ නැහැ) // ස්වභාවික සම්පත් පෞද්ගලික අයිතියට යටත් කිරීම වෙනුවෙන් පෙනී සිටින සමාජවාදී න්‍යායයක් තියෙනවද// තනි මිනිහෙකුගේ නෙමේ සමුහයකගේ. මුලික සමාජවාදී අදහසත් ඒකම තමයි. වැඩවසම් රදලය ගෙන් ඉඩම් සහ දේපල ප්‍රාග්ධනය ධනපති ප්‍රහතිශීලි විප්ලවයෙන් ඒවා ධනපතියට අයිති වෙනවා. ඒක ප්‍රගතිශිලියි. නමුත් සාමූහික අයිතියට යන එක ඊට වඩා ප්‍රගතිශිලියි. පෞද්ගලික අයිතිය තමයි. නමුත් සමුහයකගේ. මාක්ස් කීවෙත් කොමියුනිස්ට් වාදයේදී රජය ක්‍රමයෙන් අහෝසි විය යුතුයි කියල. ලෙනින් ල ස්ටාලින් ල පිස්සු කෙළියට සමාජවාදය පලි නැහැ. ඒ ගොල්ලෝ කලේ ටෙස්ට් එකක්. ඒගොල්ලත් ඒක දැනන් හිටිය. ලැබ් රැට් ල උනේ සෝවියට් ජනතාව. ප්‍රශ්නේ තමයි ඒ ටෙස්ට් එකෙන් සෑහෙන ප්‍රමාණයක් මැරුණ එක. ලෙනින්ගේ ක්‍රමයෙන් රජය අහෝසි වෙන්නේ නැහැ. තවතවත් ශක්තිමත් වෙනවා මිසක්. ඒක කවුරු අනුගමනය කලත් ඒ ගානක් මැරෙනවා. එතන එකොනෝ හරි. මේකේ මේ ප්‍රශ්නේදී ලේබර් සාමාජිකයන් හිතන්නේ සමාජවාදය, කොමියුනිස්ට්වාදය කියන්නේ සුභ සාධන රාජ්‍යයක් කියල. වැරදියි. සුභ සාධනය දෙන්න නම් හැමෝම වැඩ කරන්න ඕනේ. කොමියුනිස්ට්වාදී සමාජයක හැමෝම වැඩ කරන්න ඕනේ. සුභ සාධන නිකන් හම්බවෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ ටික දෙනෙක් වැඩ කරලා ගොඩ දෙනෙක් සුභ සාධනයට හුරුවී සිටීම. ඒ අතරේ ධනපති රෑනක් ඉන්නවා බිලියන ගණන් තියෙන ඒක තේරුමක් නැහැ. මිනිහෙකුට බිලියනයක් තමන්ගේ ජිවිත කාලේදී පාවිච්චි කරන්න බැහැ. අඩුම ගානේ බිල් ගේට්ස් වගේ සමාජ සුභ සිද්ධියට යොදවන්න ඕනේ.
Delete//ඒක ධනවාදී වෙන්නේ කොහොමද?//
Deleteමේක ධනවාදී වෙන්නේ කාගේවත් දෙයක් බලහත්කාරයෙන් උදුරාගන්නේ නැති නිසා. අජිත්ට කැමතිනම් අජිත්ගේ සල්ලි වලින් ඕනෑම දෙයක් මිල දී ගෙන එය වෙනත් අජිත් කැමති කෙනෙකුට නොමිලේ දෙන්න පුළුවන්. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහි කිසිම මංකොල්ලයක් හෝ බලහත්කාරයක් නැහැනේ. අජිත් වගේ හිතන පිරිසකට එකතු වෙලා එම කණ්ඩායම විදිහට ඒ දෙයම කරන්නත් පුළුවන්. ධනවාදය තිබෙන කිසිම රටක එහෙම කරන්න බාධාවක් නැහැනේ.
//කාර්මික විප්ලවය නිසා වනගහන විනාශ වෙනකොට සල්ලි එකතු කරලා ගත්ත. ඒවාට අපි දැන් ගිහිල්ල බලනවනම් ටිකට් ගන්නවා. මට නම් මෙම්බර්ෂිප් එක තියනවා . ඒ ට්‍රස්ට් එකේ ලාභය යන්නේ ඒකටමයි.//
ඇමරිකාවේ රෝහල්, විශ්ව විද්‍යාල, කෞතුකාගාර ආදී ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන්නේ ඔය ආකෘතියට තමයි. මෙය තනිකරම ධනවාදී වෙළඳපොළ ආකෘතියක්. ස්වභාවික සම්පත් රැක ගැනීම සඳහා ඔය වගේ යෝජනා ඉදිරිපත් කරන කොට තමයි වනාන්තර විකුණනවා කියලා විරෝධතා එන්නේ.
//පෞද්ගලික අයිතිය තමයි. නමුත් සමුහයකගේ.// ඔය දෙකේ තාක්ෂණික වෙනසක් නැහැනේ. සමූහය කියන්නේ තමන් මුදල් ගෙවා අයිතිය මිල දී ගත් තනි පුද්ගලයින්ගේ එකතුවක්. එහෙම නැතුව රටේ හැමෝම නෙමෙයිනේ. දැන් ඔබ කියන ස්ථානයට යන්න ප්‍රවේශපත්‍ර මිල දී ගත යුතුයි. නැත්නම් සාමාජිකත්වය ලබා ගත යුතුයි. අදාළ සම්පත ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියන එක, වෙනත් අයට නරඹන්න දෙනවානම් අය කරන මිල, නැරඹිය හැකි දවස් ආදිය තීරණය කරන්නේ අදාළ දේපොළේ අයිතිකරුවන් විසින්. අයිතිකරුවන් එක් කෙනෙක්ද සීයක්ද කියන එක මත සිදුවන වෙනස කුමක්ද? අයිතිකරුවන් නොවන අයට කොහොමටත් මෙහි යා හැක්කේ අයිතිකරුවන්ගේ කොන්දේසි වලට යටත්ව. අයිතිකරුවන් ගණන කීයද කියන එක මත අනෙකුත් අයට කිසිදු වාසියක් හෝ පාඩුවක් වෙන්නේ නැහැ.
//ලෙනින් ල ස්ටාලින් ල පිස්සු කෙළියට සමාජවාදය පලි නැහැ.//
අජිත් කියන විදිහට (සහ අජිත් වැනි තවත් ඇතැම් සමාජවාදීන් කුලකයක් විසින් කියන විදිහට) මෙතෙක් ලෝකයේ කොහේවත් නියම සමාජවාදයක් තිබී නැහැ. ඒ කියන්නේ අජිත් කියන සමාජවාදය මනෝරාජික නොවේනම් අඩු වශයෙන් වියුක්ත අදහසක් පමණයි. අජිත්ම කියන විදිහට සෝවියට් ජනතාව ලැබ්රැට්ලා වී තිබෙනවා. නමුත්, ලැබ්රැට්ලා වුනේ සෝවියට් ජනතාව පමණක් නෙමෙයිනේ. ඔය පරීක්ෂණය එහි පරාමිතීන් වෙනස් කරමින් නැවත නැවත ලෝකයේ රටවල් ගණනාවක සිදු කරනු ලැබුවා. නමුත්, ඒ කිසිම ආකෘතියක් සාර්ථක වෙලා නැහැනේ. අජිත් කියන සමාජවාදය (ඒ මොකක් වුනත්) මෙතෙක් ලෝකයේ කොහේවත් හරියට ක්‍රියාත්මක කරන්න හැකි වී නැත්නම්, ක්‍රියාත්මක කළ හැම තැනකදීම විශාල විනාශයකින් අවසන් වෙලා තිබෙනවානම්, මෙතෙක් හරි නොගිය අනාගතයේදී හරියන සමාජවාදී ආකෘතිය කුමක්ද? එය හරියන බවට තිබෙන සහතිකය කුමක්ද? ඒ ආකෘතිය යටතේ ලබා ගත හැකි ධනවාදය යටතේ ලැබෙන්නට ඉඩක් නැති දේවල් මොනවාද?
//ඒ අතරේ ධනපති රෑනක් ඉන්නවා බිලියන ගණන් තියෙන ඒක තේරුමක් නැහැ. මිනිහෙකුට බිලියනයක් තමන්ගේ ජිවිත කාලේදී පාවිච්චි කරන්න බැහැ.//
කිසියම් රටක සිටින අජිත් ඇතුළු සුළුතර කණ්ඩායමක් මෙය වැරැද්දක් ලෙස දකිනවානම් (49%ක් කියා කියමු) , ඔය ඔබ කියන ධනපති රෑන සහ තවත් පිරිසක් (51%ක් කියා කියමු) මෙහි වැරැද්දක් නැහැ කියා සිතනවානම් අජිත්ගේ සමාජවාදී විසඳුම කුමක්ද? [ඇත්තටම ඔය බිලියනපතියන්ගේ ධනය illusion එකක්. ඔය ධනය ධනයක්ව පවතින්නේම ඒ අය සතුව තිබෙන නිසා. ඒ කතාව අපි අමතක කරමු.]
ඔබ මහන්සිවී වැඩ කලොත් ධනවාදය ඔබව බලාගනීවි කියන දේ වගේම කවදාහරි කොහේ හෝ පූර්ණ සමාජවාදයක් බිහිවේවි කියන එකත්, දෙකම මනංකල්පිත විතරයි මට හිතෙන්නෙ. හැබැයි, සාපේක්ෂ ලෙස වඩා සාධාරණ සමාජ බිහිවේවි.
Deleteසීතල යුද්ධයෙන් සමාජවාදී කඳවුර පැරදුනා. "ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහිකයන් අතිනි" කියල කතාවක් තියනවා. අද සේවකයො භුක්ති විඳින බොහෝ වරප්‍රසාදවල ස්තූතිය ධනවාදයට බැරවෙන්නේ ඒකයි. කොහොමත් අනුකම්පා විරහිත ධනවාදය තමන්ව බලාගන්නතුරු ඉන්නෙ නැතුව, තමන්ම තමන් ගැන බලාගන්න කියනදේ තමා මම නං ඉගෙන ගත්තෙ.
කොහොමත් ලෝකයේ දේශපාලන සමබරතාවය නැතිවීම ගැන මම නං සතුටු නෑ. දේශපාලනයේ වමක්, මැදක් නැති ඇමරිකන් දේශපාලනය යන්නෙ රුයිතෙට. චීනෙට , රුසියාවට වඩා මම ඇමරිකාවට ලෝක බලවතා වෙලා ඉන්නවාට මගේ අකමැත්තක් නැති වුනත්, ඇමරිකාවත්, ඇමරිකන් දේශපාලනයත් ගැන අන්ධ විස්වාසයක් ඇති කරගන්න ඒක හේතුවක් නෙමෙයි.
උදාහරණයක්: ලෝකයේ හොඳම "safety standards" තියෙන්නෙ ඇමරිකාවෙ කියලයි මම හිතාගෙන හිටියෙ. ඒ අතරින්නුත් ඉහලම තැන ලැබෙන්නෙ ගුවන් යානා safety standard වලට. මතකනෙ, FAA එක බෝයිං වලට "self certify" කරගන්න දීලා වෙච්ච දේ. මගේ පොයින්ට් එක, කොච්චර දෑවැන්ත, හොඳයි සේ පෙනෙන සිස්ටම් එකක් වුනත්, යම් පාලනයක් නැත්නම් රුයිතෙට යෑමේ සම්භාවිතයක් ඇති බවයි
//මගේ පොයින්ට් එක, කොච්චර දෑවැන්ත, හොඳයි සේ පෙනෙන සිස්ටම් එකක් වුනත්, යම් පාලනයක් නැත්නම් රුයිතෙට යෑමේ සම්භාවිතයක් ඇති බවයි.//
Deleteඅනිවාර්යයෙන්ම. නමුත්, ප්‍රශ්නය පාලනය කළ යුත්තේ කවුද කියන එකයි. ධනවාදය තුළ මේ පාලනය සිදු කරන්නේ ඒ සඳහා වඩාත්ම සුදුසුකම් තිබෙන කණ්ඩායම් දෙක විසින්. එනම් පාරිභෝගිකයා හා අනෙකුත් තරඟකාරී නිෂ්පාදකයින් විසින්. හොඳම දෙය කුමක්ද කියන එක තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. හොඳම දෙය ලබා නොදෙන නිෂ්පාදකයින්ව වෙළඳපොළ විසින් ප්‍රතික්ෂේප කරනවා. හොඳම දෙය අඩුම මිලකට දෙනවාද කියන එක තීරණය කරන්නේ තරඟකාරී නිෂ්පාදකයින් විසින්. හොඳම දෙය අඩුම මිලකට ලබා නොදෙන නිෂ්පාදකයින්ව තරඟකාරී නිෂ්පාදකයින් විසින් ඉවත් කරනවා. ඔය කාර්යයන් දෙකෙන් එකක්වත් පැත්තක ඉන්න රජයකට වඩා සාර්ථකව කරන්න බැහැ.
//චීනෙට , රුසියාවට වඩා මම ඇමරිකාවට ලෝක බලවතා වෙලා ඉන්නවාට මගේ අකමැත්තක් නැති වුනත්, ඇමරිකාවත්, ඇමරිකන් දේශපාලනයත් ගැන අන්ධ විස්වාසයක් ඇති කරගන්න ඒක හේතුවක් නෙමෙයි.//
Deleteඇමරිකාව ලෝක බලවතා වී සිටිය යුතුයි කියා මම කිසිසේත්ම හිතන්නේ නැහැ. ඒ තත්ත්වය වෙනස් කරන්නනම් ඇමරිකාව ලෝක බලවතා වී ඉන්නේ කොහොමද කියන එක නිවැරදිව තේරුම් අරගෙන අනෙක් අයත් ඒ ක්‍රම අනුගමනය කරලා ඇමරිකාවට තරඟයක් දිය යුතුයි. දිගින් දිගටම අසාර්ථක වූ පාරවල් වල ගිහින් එය කරන්න බැහැ. අනෙක් අය එසේ කරන තුරු ඇමරිකාවට ලෝක බලවතා වී ඉන්න පහසුයි.
//කොහොමත් අනුකම්පා විරහිත ධනවාදය තමන්ව බලාගන්නතුරු ඉන්නෙ නැතුව, තමන්ම තමන් ගැන බලාගන්න කියනදේ තමා මම නං ඉගෙන ගත්තෙ.//
Deleteධනවාදය කියන්නේ රජය තමන් ගැන බලාගන්නතුරු ඉන්නෙ නැතුව තමන්ම තමන් ගැන බලා ගැනීමක් තමයි.
//අජිත් කියන විදිහට (සහ අජිත් වැනි තවත් ඇතැම් සමාජවාදීන් කුලකයක් විසින් කියන විදිහට) මෙතෙක් ලෝකයේ කොහේවත් නියම සමාජවාදයක් තිබී නැහැ. ඒ කියන්නේ අජිත් කියන සමාජවාදය මනෝරාජික නොවේනම් අඩු වශයෙන් වියුක්ත අදහසක් පමණයි.// ඔව් ඒ සමාජවාදී ආකෘතිය තවම ඇවිත් නැහැ. එක ඇත්තටම කොමියුනිස්ට්වාදය. ලෙනින් අපි වගේ අයට කිව්වේ ඔය එකොන් කියන එකම තමයි. මනෝරාජික සමාජවාදීන්. එකොනෝ කියවල නැතිව ඇති. ලෙනින් සෑහෙන්න විවේචනය කල අදහස් සමුහයක්. වැඩියෙන්ම එංගලන්තෙයෙන් හෙම ආව නිසා වෙන්න ඇති.
Deleteධනවාදය කියල මාක්ස් කිව්වේ - නිෂ්පාදන මාර්ග සියල්ලම තමන් අයිති කරගෙන කම්කරුවන්ගේ ශ්‍රමය මැති පොහොසත් වන තමන්ගේ ප්‍රාග්ධනය වැඩි කරගන්න ක්‍රමයට. ඔය සාමුහික අයිතිය සහිත දෙයක් (නැෂනල් ට්‍රස්ට් වගේ ධනවාදී වෙන්නේ නැහැ ඒවා ධනවාදී සමාජයේ තිබ්බට. වැඩවසම් යුගයේ ධනවාදී ලක්ෂණ තියනව වගේ ධනවාදී යුගයේ සමාජවාදී/කොමියුන්සිට්වාදී ලක්ෂණ තියනව. කෞතුකාගාර හා ඒවි ඕන දෙයක් ගත්තත් ඒකම තමයි කියන්න තියෙන්නේ. ඉස්රයාලයේ කිබුට් ක්‍රමයත් ඒ වගේ දෙයක්. කිබුට් ක්‍රමය වැඩි දියුණු කිරීමේ අදහස බෝල්ෂෙවික් විප්ලවය කලට පස්සේ යුදෙව් සම්භවය සහිත නායකයන් අතර තිබුන. නමුත් ස්ටාලින් ඔවුන් ඔක්කොම වගේ මැරුව
Deleteඋදාහරණයක් වශයෙන් සාමුහික ගොවිපල පිලිබඳ සමාජවාදී අදහස වුනේ මොකක්ද? ගොවියෝ කවදාවත් විප්ලවයක ගාමක බලවේගය ලෙනින්ලා සැලකුවේ නැහැ. ඔවුන්ට වදගත් වුනේ අර මාක්ස් ගේ ලාභය කියන අදහස සහ කම්කරුවන්. නමුත් සමාජවාදී අදහස වුනේ ගොවීන් ගේ ඉඩම් වැඩි වෙන්නේ නැහැ. එන්න එන්නම වියදම් වැඩි වෙනවා. නිපදවන් දෙහි මිල වැඩි වෙනවා. හොඳම දේ විශාල ලෙස ගොවිතැන් කරන එක කියල එනිසා ගොවින් ස්ව කැමැත්තෙන් එකතු වෙලා තමන්ගේ ට්‍රැක්ටරේ , අනිකාගේ හරකා, දැකැති එකතු කරලා , ඉඩම් එකතු කරලා සමුහ ගොවිපලක් හදනවා. අස්වැන්න බෙදා ගන්නේ තමන් යොදපු ආයෝජනයේ ප්‍රමාණයට. ඉඩම් වැඩි වෙනකොට ලොකු අක්කර ගනනකට ලොකු යන්ත්‍ර සූත්‍ර යොදන්න පුළුවන්. මේක තමා මනෝරාජික අදහස. ලෙනින් කැමති වෙලා හිටියේ ඒකට . ලෙනින් අසනීප වෙච්ඡ ගමන් ස්ටාලින් ඕක අත හැරිය. මුන් කවදාවත් එකතු වෙන්නේ නැහැ බලෙන් කලොත් මිසක් කියල. විරුද්ද වුනු ගොවීන් මරල බලෙන් සමූහ ගොවිපලවල් හැදුව. මේවල අයිතිය තිබුනේ රජයට. ඒකෙන් වුනේ උක්රයිනයේ සාගතයක් ඇවිත් මිලියන් ගානක් මැරුණ එකනේ. ඒක එකොන් දන්නවා ඇතිනේ. හැබැයි දැන් යුරෝපා සංගමයෙන් කරන්නේ මොකද්ද. subsidiary දීල ප්‍රංශ ගොවින් උඩ නග්ගනව. මම ඒකට විරුද්ධයි. බංකලොත් වෙන ගොවීන් බලෙන් තියා ගන්නවා මිනිසුන්ගේ බදු මුදලින්. මේක හරියට ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පාඩු වෙන ධනපතියන්, බැංකු වලට මිනිසුන්ගේ බදු සල්ලි වලින් බේරා ගන්නවා වගේ. නියම ධනවාදයේ නම් රජය ඇඟිලි ගහන්න හොද නැහැ.
Deleteහරි. කොමියුනිස්ට්වාදය සහ සමාජවාදය අතර වෙනස ගැන මම දන්නවා. අනිවාර්යයෙන්ම අජිත් තරම් කියවලා හෝ හදාරලා නැතුව ඇති. නමුත්, අඩු වශයෙන් ඔය දෙකේ මූලික වෙනස්කම් පටලවා ගන්න තරම් අවුලක් නැහැ. මම කතා කරන්නේ කොමියුනිස්ට්වාදය ගැන නෙමෙයි සමාජවාදය ගැන. දැන් ලෝකයේ විවිධ රටවල් වල සමාජවාදය වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස පෙනී සිටින දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් තියෙනවනේ. ඒ වගේම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. ඔය අයගෙන් අති මහත් බහුතරය පෙනී සිටින්නේ පක්ෂය මුල් වී බලය ලබා ගෙන රජය හෝ පක්ෂය විසින් සම්පත් පාලනය කරන සමාජවාදයක් හදන්නනේ. කොමියුනිස්ට් ක්‍රමයක් කොහොමටත් එක පාරට හදන්න බැහැනේ. අජිත් කියා ඇති දේවල් අනුව පෙනී යන්නේ අජිත් කොමියුනිස්ට්වාදයක් ඇති වන තුරු බලා සිටින නමුත් බොහෝ දෙනෙක් සමාජවාදය ලෙස හඳුන්වන ආකාරයේ සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බවයි. ඒ කියන්නේ අජිත් ලෙනින්ගේ අර්ථයෙන් මනෝරාජික සමාජවාදියෙක්ද? කොමියුනිස්ට්වාදය කරා යාමේ අතරමැදි පියවරක් ලෙස ඉහත කී ආකාරයේ සමාජවාදයක් ඇති කළ යුතුයැයි නොසිතන කෙනෙක්ද? එසේ නොවන්නේනම්, අජිත් හිතන කොමියුනිස්ට්වාදය කරා යාමේ ක්‍රමවේදය කුමක්ද?
Delete//එනිසා ගොවින් ස්ව කැමැත්තෙන් එකතු වෙලා තමන්ගේ ට්‍රැක්ටරේ , අනිකාගේ හරකා, දැකැති එකතු කරලා , ඉඩම් එකතු කරලා සමුහ ගොවිපලක් හදනවා. අස්වැන්න බෙදා ගන්නේ තමන් යොදපු ආයෝජනයේ ප්‍රමාණයට.//
Deleteමෙය පැහැදිලියි. අජිත් සමාජවාදය කියා කියන්නේ මෙයටනම් ලෝකයේ වඩාත්ම සමාජවාදී රට ඇමරිකාව විය යුතුයි. මොකද ඇමරිකාවේ නිෂ්පාදනය මුළුමනින්ම වගේ වෙන්නේ ඔය ක්‍රමයටනේ. නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයකට දායක වෙන ලොකු සමාගම් හැම එකක්ම වගේ තිබෙන්නේ දස දහස් ගණනකගේ හෝ ලක්ෂ ගණනකගේ සාමූහික අයිතිය යටතේ. තම තමන් ආයෝජනය කළ තරමට ප්‍රතිලාභ ලැබෙනවා.
//අජිත් සමාජවාදය කියා කියන්නේ මෙයටනම් ලෝකයේ වඩාත්ම සමාජවාදී රට ඇමරිකාව විය යුතුයි//
Deleteහ්ම්...බහුජාතික සමාගම් සහ බනානා රිපබ්ලික්. මේ සමාගම් ඇමරිකාවට නං සමාජවාදී ඇති. ඒත් රටින් පිටත ගෙන යන්නේ වෙනම ක්‍රමවේදයක්.Well, that rabbit hole goes deeper than that.
//අනිවාර්යයෙන්ම. නමුත්, ප්‍රශ්නය පාලනය කළ යුත්තේ කවුද කියන එකයි. ධනවාදය තුළ මේ පාලනය සිදු කරන්නේ .....පාරිභෝගිකයා හා අනෙකුත් තරඟකාරී නිෂ්පාදකයින් විසින්//
Shadow Government. Some say, it's just a conspiracy theory. May be not?
එකොන් මම එහෙම එකක් දන්නේ නැහැ. ඇමෙරිකාවේ ගොවින් එකතු වෙලා තමන්ගේ ඉඩම් වපසරිය විශාල කරගෙන වඩා කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර යොදා ගන්නවද? මම හිතන් හිටියේ ඇමෙරිකාවේ ඉන්නේ තනි ගොවින් කියල. ඔය ඉහත ක්‍රමය තමයි මනෝරාජික සමාජවාදීන් යෝජන කලේ (ලෙනිනුත් පිලි ගත්තේ )
Delete// සමාජවාදය ලෙස හඳුන්වන ආකාරයේ සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බවයි. ඒ කියන්නේ අජිත් ලෙනින්ගේ අර්ථයෙන් මනෝරාජික සමාජවාදියෙක්ද? කොමියුනිස්ට්වාදය කරා යාමේ අතරමැදි පියවරක් ලෙස ඉහත කී ආකාරයේ සමාජවාදයක් ඇති කළ යුතුයැයි නොසිතන කෙනෙක්ද?//එකොන් මම මේකට ලිපියක් ලියන්නම්. වචන දෙකකින් කියන්න පුලුවන්ද දන්නේ නැහැ.
Deleteඋත්සහ කලොත් - තනි රටක සමාජවාදය ලෙනින් මාක්ස්වාදය වැඩි දියුණු කරලා ගත්ත අදහසක්.ඒකයි මාක්ස් ලෙනින් වාදය කියන්නේ. මාක්ස්වාදය කියන්නේ නැතිව. එතකොට තනිරටක සමාජවාදය පිහිටුවල සමාජවාදී සංක්‍රාන්ති සමයෙන් පස්සේ කොමියුනිස්ට් වාදයට පිවිසීම ස්ටාලින්/මාඕ වාදය. ඔය ගොඩට කස්ත්‍රෝ ත් වැටෙනවා. තනිරටක සමාජවාදය පිහිටුවන්න බැහැ කියපු අය ට්‍රොට්ස්කි සහ චේ ගෙවේරා. ලෙනින් ට්‍රොස්ට්කි ට රතු හමුදාව භාර දුන්නේ තව රිපබ්ලික් එකතු කරන්න 15 ම දාගත්තේ එහෙම. ලෙනින් ට්‍රොස්ට්කිව ඉවසපු නිසා. ලෝක විප්ලවය කරන්න ඕනේ නිසා. ස්ටාලින් තව ඇද ගත්ත දෙවන ලෝක යුද්ධයෙන්. කස්ත්‍රෝ චේට යන්න දුන් ඕන මගුලක් කරගනින් කියල ලෝක විප්ලවේ කරන්න
මනෝ රාජික සමාජවාදීන් පන්ති වෛරය විශ්වාස කරන්නේ නැහැ, ඔවුන් සහ මාක්ස් අතර වෙනස ඒක. ඒ කියන්නේ මාක්ස් ගේ අදහස වුනු නිර්ධන පන්ති වෛරයකින් ධනපති පන්තිය අයින් කරන එක හෝ පන්ති අරගලය පිළිගන්නේනැහැ හුඟක් අය. දැනට මනෝරාජික සමාජවාදීන් හුඟක්ම ඉන්නේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ සහ ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂයේ මන් හිතන්නේ. ඔවුන්ට පක්ෂයක් නැහැ. කලින් අය කියන්නේ තිබෙන එක විනාශ කරලා හදන්න හදනව අලුත් එකක්/සමාජයක් . පැරණ එක විනාශ කරල අලුත් එකක් හැදෙන්නේ භෞතික විද්‍යාවේ විතරයි. (එංගල්ස් ගේ ඓතිහාසික භෞතිකවාදය) . ටෙලෙවිෂන් එකක් එක පාර පැතලි , HD වුනේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් එතනට ආවේ. පැරණ දේ නැතිව අපට අලුත් දේ එකපාර එන්නේ නැහැ. ඕනෑම අලුත් නිර්මාණයක් වුනත් අරන් බලන්න. ලෝකේ හැම දෙයක්ම එහෙමයි වෙන්නේ. සමහර තැන්වල අරගල වෙනවා ප්‍රතිරෝධය වැඩිනම් නමුත් බොහෝවිට එහෙම වෙන්නේ නැහැනේ. පැරණි එක විනාශ කරල අලුත් එකක් හදන තියරියට නේ පොල්පොට් ගියේ . එනිසා එකොනෝ එතැන නිවැරදියි. ඔය වයලන්ස් එක ඔය කියන ක්‍රමයට නැතිව බැහැ. මනෝරාජික සමාජවාදය ඕක ප්‍රතික්ෂේප කරනවා. මට පුළුවන් තරම තමා ඔය කිව්වේ.
Deleteඅවසාන වශයෙන් මම මේ ලිපියේ පැහැදිලි කරනවා වගේ කියුබාව සහ උතුරු කොරියාව කියන්නේ මනෝ රාජික සමාජවාදීන් කැමති ක්‍රම දෙකක් නොවේ. මිනිසුන් සමාජවාදයට කැමති වෙන්න මේ රටවල් දෙක ඉවත් විය යුතුයි. නැත්නම් රාවුල් කරනවා වගේ වෙනස් කල යුතුයි. ඒක තමයි අදහස.
Deletehttps://kolambagamaya.blogspot.com/2020/12/blog-post_6.html
අජිත්ගේ පිළිතුරු මට පැහැදිලි නැහැ. වචන දෙකකින් කියන්න පුලුවන්ද දන්නේ නැහැ කියා අජිත් කියන නිසා අජිත් විස්තරාත්මකව පැහැදිලි කරන තුරු ඉඳලා ප්‍රතිචාරයක් දක්වන්නම්. බාගෙට කියපු එකක් අල්ලගෙන විවේචනය කරන එක නිවැරදි නැහැනේ. අජිත්ගේ ප්‍රකාශයේ තිබෙන වැදගත්ම කොටස "අස්වැන්න බෙදා ගන්නේ තමන් යොදපු ආයෝජනයේ ප්‍රමාණයට" කියන එක. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ පෞද්ගලික අයිතිය පිළිගැනීම හා එම ප්‍රාග්ධනය ආයෝජනය කර ප්‍රතිලාභ ලැබීමේ අයිතිය පිළිගැනීම. මේ අයිතීන් පිළිගත් වහාම පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ අයිතිය මූලධර්මයක් විදිහට පිළිගෙන ඉවරයි. හැමෝටම සමසමව සම්පත් බෙදී යා යුතු නැති බවත් පිළි අරගෙන. අජිත් කියන සමාජවාදය ඔය වගේ එකක්නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අජිත් වෙන නමකින් හැඳින්වුවත් සාමාන්‍යයෙන් ධනවාදය කියා හඳුන්වන, දැන් ඇමරිකාවේ තිබෙන ක්‍රමයට ඉතා කිට්ටු ක්‍රමයක්නේ.
Deleteඅන්තිම ප්‍රතිචාර දෙක පළ වී තිබෙන්නේ මගේ ප්‍රතිචාරය ටයිප් කරද්දී. ප්‍රතිචාරය දැම්මේ මුල් ප්‍රතිචාර දෙක පමණක් කියවලා. ඒ දෙක කියෙවුවහම අජිත් කියන දෙය වඩාත් පැහැදිලියි. ඒ අනුව පෙනෙන්නේ අජිත් කියන මනෝරාජික සමාජවාදීන් විසින් ඉහත මා ලියූ කරුණු වලට අමතරව පංති වෛරය, නිර්ධන පන්ති විප්ලවය වගේ අදහස්ද ප්‍රතික්ෂේප කරන බවයි. දැන් මට තිබෙන ප්‍රශ්නය මනෝරාජික සමාජවාදීන් විසින් ප්‍රතික්ෂේප කරන්නේ ධනවාදයේ මොන කොටසද කියන එකයි. ඔය අදහස් සියල්ලම එකට ගත්තහම ධනවාදයේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ.
Delete//හැමෝටම සමසමව සම්පත් බෙදී යා යුතු නැති බවත් පිළි අරගෙන. අජිත් කියන සමාජවාදය ඔය වගේ එකක්නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අජිත් වෙන නමකින් හැඳින්වුවත් සාමාන්‍යයෙන් ධනවාදය කියා හඳුන්වන, දැන් ඇමරිකාවේ තිබෙන ක්‍රමයට ඉතා කිට්ටු ක්‍රමයක්නේ.//එකොනෝ මොන කොමියුනිස්ට්වාදය ගැන කියෙව්වද මම දන්නේ නැහැ. කොමියුනිස්ට් සමාජයේත් සම සමාව බෙදෙනවා කියල නැහැ. ඔය දහස එන්න ඇත්තේ ලංකා සම සමාජ පක්ෂය නිසා වෙන්න ඇති. වඩා සම සමාජයක් තමයි. නමුත් කොමියුනිස්ට්වාදය කියන්නේ "තමන්ගේ හැකියාව අනුව අතමන්ගේ අවශ්‍යතාවයට අනුව සම්පත් බෙදීම". එතකොට හැකියාව වැඩි කෙනාට වැඩියෙන් හම්බ වෙන්න ඕනේ. ඇමෙරිකාවේ ඔය ක්‍රමය නැහැ. තනි බිලියන් පතියන් බිහි වෙන්නේ නැහැ එහෙම ක්‍රමයක.
Delete//ධනවාදයේ මොන කොටසද කියන එකයි.//ධනවාදය කියන්නේ වැඩවසම් යුගය වගේ තවත් එක අවධියක් පමණයි. මම ප්‍රතික්ෂේප කළා කියල ඒක නැතිවෙන්න නැහැ. // ඔය අදහස් සියල්ලම එකට ගත්තහම ධනවාදයේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ.// ධනවාදයේ ඕන තරම් ප්‍රශ්න, අසාධාරනකම් තිබෙනවා. එකොන් දැකල නැතිව ඇති. මාඕරාජික සමාජවාදයෙත් මාක්ස් ලෙනින්වාදය වගේම ධනවාදය අවසන් යුගය කියල පිලි ගන්නේ නැහැ.
Delete//ඇමෙරිකාවේ ඔය ක්‍රමය නැහැ. තනි බිලියන් පතියන් බිහි වෙන්නේ නැහැ එහෙම ක්‍රමයක.//
Deleteඅජිත් කතා කරන්නේ ලෝකයේ කොහේවත් නැති අජිත් ඇතුළු පිරිසකගේ මනසේ තිබෙන වියුක්ත තත්ත්වයක් ගැන නිසා මට අජිත් මේ කියන දෙයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. (මම මෙය ලියන්නේ කිසිදු අපහාසාත්මක අර්ථයකින් නෙමෙයි. ඒ වගේම මම කියන්නේ අජිත් කියනවා වගේ තත්ත්වයක් ඇති වෙන්න බැහැ කියන එකත් නෙමෙයි.) වියුක්ත අදහසක් ගැන කතා කරන්න පුළුවන් සෛද්ධාන්තික පදනමක පමණයි. ප්‍රාග්ධනයේ පෞද්ගලික අයිතියට හා එම ප්‍රාග්ධනය ආයෝජනය කර ප්‍රතිලාභ ලැබීමේ අයිතියට ඉඩ දුන් පසු පෞද්ගලික ප්‍රාග්ධනය විශාල ලෙස එක්රැස් වෙන එක සෛද්ධාන්තිකව සිදු විය හැකි දෙයක්. එහෙම වෙනවා කියන එක මට සෛද්ධාන්තිකව පෙන්වන්න පුළුවන්. ප්‍රායෝගික උදාහරණ වලින් එය තහවුරු වෙනවා. මේ ගැන අජිත්ම ලියා තිබෙන නිසා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙය මෙසේ සිදු නොවෙන්නනම් වෙනත් කවර හෝ ස්වභාවික හෝ කෘතීම ක්‍රියාවලියක් විසින් ප්‍රාග්ධනය එක්රැස් වීමට බාධා කරන්න ඕනෑ. අජිත් කියන විදිහට දැන් පවතින ධනවාදී සමතුලිතතාවය හා අජිත් කියන මනෝරාජික තත්ත්වය තුළ තිබෙන එකම හෝ ප්‍රධානම වෙනස පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය යම් ආකාරයකින් එක් සීමාවකදී නවතින එකයි. එය වෙන්නේ කොහොමද?
//මාඕරාජික සමාජවාදයෙත් මාක්ස් ලෙනින්වාදය වගේම ධනවාදය අවසන් යුගය කියල පිලි ගන්නේ නැහැ.//
ඔය යුග බෙදන එක මාක්ස්වාදීන්ගේ වැඩක්නේ. ධනවාදය කියන්නේ ආගමක් නොවන නිසා එය හැමදාම වෙනස් වෙනවා. අජිත්ම කලින් ලියා තිබෙන විදිහට යුග කතා අදාළ වෙන්නේ එක පාරටම රූපවාහිණී සියල්ලම HD වෙනවානම් පමණයි. සන්තතික ලෙස වෙනස් වන දෙයක් කැමති කෙනෙකුට කැමති විදිහකට කොටස් කර ගන්න පුළුවන්. ධනවාදය කියා කියන්නේ මිනිස්සු සාමූහිකව කටයුතු කරන්න පටන් ගත් කාලයේ සිට තිබුණු ස්වභාවික ක්‍රමය. එය හැමදාම පරිණාමය වෙනවා. අවසන් යුගය කියා එකක් නැහැ. අවසන් යුගය කියන එක ආගමික අදහසක්.
//නමුත් කොමියුනිස්ට්වාදය කියන්නේ "තමන්ගේ හැකියාව අනුව අතමන්ගේ අවශ්‍යතාවයට අනුව සම්පත් බෙදීම"//
හැකියාව සහ අවශ්‍යතාවය කියන්නේ දෙකක්නේ. අවශ්‍යතාවයට වඩා හැකියාව වැඩිනම් ඉතිරි වීමක් වෙනවා. කෘතීම බාධාවක් නැත්නම් ප්‍රාග්ධනය ලෙස එක්රැස් වෙන්නේ එම කොටස.
//මම හිතන් හිටියේ ඇමෙරිකාවේ ඉන්නේ තනි ගොවින් කියල.//
Deleteකෘෂිකාර්මික අංශය කියන්නේ ඇමරිකාවේ ආර්ථිකයෙන් 1%ක පමණ කොටසක් පමණයි කියා මම කලින් ලිපි ගණනාවක විස්තර කරල තියෙනවනේ. ඒ නිසා, ඇමරිකාවේ ආර්ථිකය තේරුම් ගන්න ගොවීන් ගැන පමණක් බලන එකේ එතරම් තේරුමක් නැහැ. රටක ආර්ථිකයට කෘෂිකාර්මික අංශය විශාල ලෙස වැදගත් වුනේ කාල් මාක්ස් ජීවත් වූ කාලයේ. කොහොම වුනත්, ඔබේ ප්‍රශ්නය කෘෂිකාර්මික අංශය හා අදාළව නිසා සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න පුළුවන්. තනි අයිතිය යටතේ තිබෙන්නේ ඇමරිකාවේ බෝග ගොවිපොළවල් වලින් 36%ක්, සත්ත්ව ගොවිපොළවල් වලින් 35%ක් හා වන වගා වලින් 28%ක් පමණයි. වෙළඳපොළ යාන්ත්‍රනය දියුණු වෙද්දී මේ ප්‍රතිශත ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. තවමත් තනි අයිතිය යටතේ තිබෙන ගොවිපොළවල් විශාල පිරිසක් අතර බෙදී ගොස් තිබෙන කුඩා ගොවිපොළවල්. ඒවා සාපේක්ෂව අකාර්යක්ෂම නිසා වෙළඳපොළ දියුණු වෙද්දී තවත් අඩු වෙලා යයි. හැබැයි තනි අයිතිය නැති හැම ආකෘතියක්ම තිබිය යුතු හොඳම ආකෘතිය ලෙස මම සලකන්නේ නැහැ. දහ දෙනෙක් එකතු වෙලා ඔවුන්ගේ ගොවිපොළවල් එකතු කරලා හවුල් ව්‍යාපාරයක් කළා කියලා පැත්තක ඉන්න මට එහි කොටස්කරුවෙක් වෙන්න බැහැනේ. වඩාත්ම දියුණුම සාමූහික ආකෘතිය වන්නේ කැමති ඕනෑම කෙනෙකුට ඩොලර් පණහක් සීයක් වැනි සුළු මුදලක් වුවත් ගෙවා අයිතිකරුවෙකු විය හැකි පොදු සමාගම්.
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ග බීබීසී සිංහල සේවයට පැවසීය.
ReplyDeleteඇයට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ.(BBC- Sinhala)
ඔව්. මම මේ පුවත දැක්කා.
Deleteඅප Facebook හා blogspot මතම රැඳී නොසිට tumblr, Medium වැනි මාධ්‍ය කරාත් සිංහල ලියමන් ව්‍යාප්ත කළ යුතු යයි මම සිතමි.
ReplyDeleteඔබ හරි. අවුලකට තිබෙන්නේ ඔය හැම එකකටම යන්න ඉන්නේ සීමිත පිරිසක් වීමයි.
Deleteවිමසුවයි යමෙක් යා නම් නරකාදී
ReplyDeleteමට සුවයි එහිම යනු වෙනතක නෑදී
කියන අය කොහෙද ඉකොනෝ අද කලදී
හැංගිල ගහන අයමයි වැඩි සිරිලකදී
ඔබ වැනි අයට වුව මේ දේවල් වේ නම්
කවර කතා, අප වැනියන් ගැන විමසුම්
කරනු පවා නොවටී, ලෙසකින් කිසියම්
වැඩියෙන් ලියනු මැන, වෙනු ඇත උන්ට රිදුම්
ඔව්, නිදී. තත්ත්වය පැහැදිලි කර දැනුම් දීමක් කර තිබෙන නිසා කියවන්න කැමති අය කෙළින්ම මෙහි එයි.
Deleteඑකොනො,
ReplyDeleteපේස්බුක්කෙකේ අයිතිකාරයා තහනං කරලා දාපු පලමු පේස්බුක් ගිණුම හෝ අවසන් ගිණුම ඔබේ නොවන නිසා මේ සිද්ධිය මට පෙනෙන්නේ එතරම්ම ගණං ගන්න ඕනෙම සිද්ධියක් ලෙසම නෙවේ.
Just see it with an equanimity.
පේස්බුඃකාරයා බුඃ ගාගෙන, බුරාගෙන එනවා නම් අපිට තියෙන්නේ පොල්පිත්ත ගන්න එක තමයි, ඔබත් ඒකම කියලා තියෙනවානේ. මොකද කියනවා නම් පේස්බුක්කෙකට වඩා අදහස් අතර අරගලය වැදගත් නිසා. එනම්, ප්‍රාග්ධනයට වඩා ජීවිතය සහ පරිසරය බලවත් සහ වටිනා නිසා.
අපි සියල්ලෝම මේ වැඩ දාන්නේ ධනවාදය විසින් හදලා දීපු වේදිකාවක. එ වේදිකාවේ සැලැස්ම, කාර්යය සහ පවත්වාගෙන යාම සිද්ධ කරන්නේ අපි දන්නේ නැති, එහෙත් අපිට වඩාත් සමීප පිරිසක්. ඒක නිසා ඕනෑම වේලාවක අපේ ගෙදරට එන ධාරාව විදුලි බලාගාරයෙන්ම off කරලා දාන්න උන්ට පුලුවන්. Snowden ගේ Permanent Record පොත මේ ගැනම කතා කරන ශුද්ධ ලියවිල්ලක්.
ඒ වුනාට මේක සංවදයට අකමැති, confront වෙන්න අකමැති පිරිසකගේ ගේමක් බව හැඟෙන නිසා (අරගලයේදී දැනුමට වඩා හැඟීම බලවත් නිසා) මේක ලේසියෙන් අතෑරලා දාන්න හිතෙන්නෙත් නැහැ. අරගලය තුල ඓන්ද්‍රීය ලෙස ඉන්න එකාට ඇමරිකාවත් එකයි, පේරාදෙණියත් එකයි, තොටලඟ වැලි -ගොඩවත්තත් එකයි
ගේම නං ගේම!
1. බස්සා කියලා තියෙනවා වාගේ මෙය කවුරු හරි කරපු පැමිණිල්ලකින් පෙරට ආපු දෙයක් නම් සහ උන් සමාජවාදීන් නම් මට බොහොම වැදගත් විධියට කියන්න තියෙන්නේ අනේ සුකුරු සුනඛයනි, ඇයිද තොප තමන්ගේ අතථ්‍ය වෘෂණ ඉසිඹු නොබලා ලොවට පෙන්වන්නේ කියාය. මතුගම අජිත්ගෙන් ණයට ගත් අදහසක් මෙයට එක්කරනවා නමි, එකොනො ඔබ නලින්ගේ වලිග කෑලි සමඟ මේස චාරිත්‍ර පවත්වන්නට උත්සාහා කලාට එසේ කිරීම භයානක වැඩක් වනුයේ ඔබත් සමඟ බොජුනට වාඩි වෙන එකා ඌරකු නම්, ඌරන්ට මේස චාරිත්‍ර වලංගු නොවන නිසාය. නලින් යනු තව බොහෝ කාලයකට එන්නතක් සොයා ගැනීමට නොහැකි වෛරසයක් නිර්මාණය කල අයෙකි. මියැන්මාරයට envoy කෙනකු ලෙසට ඔහුව යවන්නේ ඇයිදැයි අයකුට තේරුම් ගැනීමට cosmology කිරීම අනවශ්‍යය.
2. එකොනො ඔබ ලියන එක ආයේ මදිපාඩු ඇති නොවෙන්නටම ලියලා තියෙන නිසා විරුද්ධවාදීන්ට කල හැකි එකම දෙය මුහුණට මුහුණ ගහ ගන්නේ නැතුව ඈත ඉඳන් හූ කියන, කුණු හරුප කියන එක විතරයි. මේවා මහා ලැජ්ජා නැති රාජපක්ෂ type ගේම් වනවා මිස අන් දෙයක් නොවේ. යම් අදහසක්/මතයක් , tangible අනුභූතික සාක්ෂි මෙහෙයවා උපදවා ගන්නා ලද අදහසකින්ම මරා දමනවා විනා ගේම් ගැසීමෙන් අදහස් විනාශ කිරීම මඟින් සිදුවන්නේ පහර ලබන අදහස අමරණීය වීමය. අද දවසේ මාක්ස්වාදියා තේරුම් ගත යුතු සත්‍ය එයයි.
3. Myself Hattor: කවුද බං හැට්ටර් මලේ ඔය දොරවල් වහගෙන හතර අතට නෙලන පොර? අවංකවමයි මේ අහන්නේ.කෙලින්ම කියන්න බැරිනං හින්ටෙකක් දාපංකෝ.මට ඇත්තටම නිනව් නැහැ කාවද මේ flag කරන්නේ කියලා.
4. පංචතන්තරේ: ඔබත් කියන්නැහේ සැඟවී සිට පහර දීම සාර්ථක ගරිල්ලා ප්‍රහාරක විධියක් වුනත් ගහන්නේ කවුද කියා ප්‍රකාශ නොකිරීම නපුංසක, බියගුළු කමක් නොවේද? සිංහල කතා කරන, ලියන වැඩි හරියක් මුං තමයි මලේ. crypto currency අස්සේ SLR ගැහුවත්, තෝරු මෝරු අස්සේ පිහිනන හාල් මැස්සන් වුවත් පසු නොබා ඉඳිං මලේ. සල්ලි සල්ලිමයි.මාලු මාලුමයි.
අපිටත් මෙලොවේ කොටන්න අයිතියක් ඇත.
CP-C
ඔබ කියනවාක් මෙන් ඌරන්ට මේස චාරිත්‍ර ඉගැන්වීම අසීරු වුවත් මම හිතන විදිහට අමාරුවෙන් හෝ කළ යුත්තේද එයයි. මේස චාරිත්‍ර දන්නා අය සමඟ සතුටු සාමීචි පවත්වමින් කෑම ගත හැකි වුවත් ප්‍රායෝගිකව එතැනින් එහාට කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. අන්තිමේදී සිදු වන්නේ ඌරන්ට මේසය භාර දී නැගිට යන්නටයි. මෙය ඇමරිකාවටද පොදු තත්ත්වයක්.
DeleteCP-C,
Deleteකෙලින්ම කියනවනං නලින් උන්නැහේගේ කාලය ඩොට් org
බලු පූට්ටුවේ අනිත් ඒක - බලන්ඩ පුළුවන් පස්නයක් අහන්ඩ බෑ. එව්වා වානා.
දිනපතා පෝස්ට් එකක් දාන කෙනාට කොමෙන්ට් එකක් බලලා උත්තරයක් දෙන්ඩත් බැරිකමක් නැතුව ඇතිනේ.
කොහොමත් එයා පස්නවලට බයයි. නැත්තන් නාථ දෙය්යෝ වකුගඩු ලෙඩේට හේතුව ආසනික් කිව්වම දෙය්යනේ ඕකට බෙහෙත මොකක්ද කියල අහන්ඩ තිබ්බනේ.
හැබැයි, එකක් කියන්ඩ ඕනේ, සෞම්‍ය ලියනගේගේ කේස් එක ගැන නං නිවැරදිවම ලියල තිබුණා. එකට සීයට සීයක් ලකුණු දෙනවා මං.
ජයවේවා!
Myself Hattor
Dear econo,
ReplyDeleteI have been a following your blog for a longtime and it has been one of the few sinhala blogs to have original content.
In facebook you can request them to review. The final review in such case would be done by a fb employee if there is enough weight, on your page.
This is risk associated with any platform, while many countries are pursuing ways to hold fb accountable for what they display.
In your case i suggest you backup the entire site because this will get hacked in the coming days.
Also you could repost all of these articles in medium, as a author which i personally think is a better platform.
As a facebook algorithm is just counts the number of reports this kind of thing is often achieved via cordinated reporting.
Thanks, Deco! Yes, reposting in Medium would be a better idea. Need to think about it. I already took a backup yesterday. I also have an unpublished mirror site. It's pretty easy to upload the contents from a backup even to a brand new blog.
Deleteමොනවා උනත් මේවා කොන්ද පණ නැති උදවිය කරන වැඩ. මං හිතන්නේ ඔබට මෙයින් ලොකු සහතිකයක් ලැබිලා තියෙනෙවා. ඒ වගේමයි මේ සිද්දිය දකින අයට හිතන්නට යමක් ඉතුරු කරලා තියනවා. ලෝකේ කොච්චර ඉස්සරහට ගියත් පසුගාමී, කුහකයින්ගේ වැඩ අතරින් පතර මතුවෙනවා. තව තවත් ලියන්න. නව ප්‍රකාශන මාධ්‍යයන් සොයන්න. අවශ්‍යතාවය තියෙන අය කොහොමත් කියවනවා.
ReplyDeleteස්තුතියි, අමරින්! අදහස් ඒ අදහස් වලම තිබෙන අඩුපාඩු නිසා මිසක් වාරණය නිසා මැරෙන්නේ නැහැ. සැපයුමට කොපමණ බාධා කළත් ඉල්ලුමට බාධා කරන්න බැහැ.
Deleteඉකොනොමැට්ටාගේ වත්පොත් පිටුවට වාර කිහිපයක් පමනක් පිවිස ඇත.
ReplyDeleteමෙම බ්ලොගයේ ඇති ලිපි හැර වෙනත් දෙයක් එහි පල නොකරන නිසා එය නැරඹීමේ අවශ්‍යතාවක් නොතිබුනි.
වත්පොත් පිටුව වාරණය වීම නලීන් නැට්ටන්ගේ වැඩක් වීමට ඇති ඉඩ ඉතා අල්පය.
ඔවුන්ට තහනම් කරනවා නම් තහනම් කරන්නට ඕනෑ තරම් වත්පොත් පිටු තිබේ.
වත්පොත් ආයතනයෙන් එවා ඇති පනිවිඩ කියවීමේදී මෙය ස්පෑම් වාරණය සම්බන්ධ සිද්ධීයක් යැයි සිතේ.
වත්පොත් ආයතනය ඔබ වෙනත් අයකු කරන ඉකොනොමැට්ටා වියුනුවෙන් අනවසරයෙන් කොපිකල ලිපි වත්පොත් පිටුවේ පලකරනවා යැයි නිගමනය කලා විය හැක.
විය හැකියාවක් ලෙස හොඳ පැහැදිලි කිරීමක් වුවත් මෙය සිදු වී තිබෙන්නේ මේ පදනමින්නම් වාරණය විය යුත්තේ වත්පොත් පිටුවයි. එහෙත් වත්පොත් පිටුව වාරණය වී නැහැ. වාරණය වී තිබෙන්නේ වියුණුවයි. වියුණුව අයිතිකරු විසින් එහි ඇති ලිපි කොපි කර ඉහත කී වත්පොත් පිටුවේ පළ කිරීම ගැන වාර්තා කර නැතුවාක් මෙන්ම මෙම වත්පොත් පිටුව හදා තිබෙන්නේම පෞද්ගලික වියුණුවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සඳහන් කරමින්. මීට පෙර එක් අවස්ථාවක හින්දි ගීතයක යූටීයුබ් වීඩියෝවක් සමඟ පළ කළ ලිපියක් වත්පොත් පිටුවේ ප්‍රචාරය කරද්දී පමණක් හිමිකම් ප්‍රශ්නයක් මතු වී එම පෝස්ට් එක ඉවත් කළත් අදාළ වීඩියෝව ඉවත් කිරීමෙන් පසුව ප්‍රශ්නය විසඳුනා. මෙවර මේ තීරණයට හේතු වී තිබෙන්නේ වෙනත් අය මෙහි අපහාසාත්මක දේ පළ වන බව වාර්තා කර තිබීමයි. මේ වියුණුවේ දකුණු පස තීරුවේ "බොජුන්හලේ වත්පොත් පිටුව" යන්නට පහලින් තිබෙන "Share" බොත්තම එබූ විට ඔබට වුවත් පහත සඳහන් පණිවුඩය පෙනෙනු ඇති.
Delete"Your message couldn't be sent because it includes content that other people on Facebook have reported as abusive."
අනේ මන්දා.
ReplyDeleteමගේ කතාව (දෙතිස් කතාව) මා විසින් fb නොදාන නිසා මේ ප්‍රශ්නය මට පෞද්ගලිකව ඇති වේ යැයි සිතන්නේ නැත. නමුත් අන් අය විසින් එය දමන බව නිරීක්‍ෂණය වී තිබෙන බැවින් කතාවේ කතෘ ලෙස එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වීමේ සම්භාවිතාවක් ඇත. එසේ වුවත් මෙවැනි දේ ගැන සිත යෙදවීමේ උනන්දුවක් දැනට නම් නැත. සිත යෙදවුවොත් එහි ප්‍රතිඵලය වටිනා කාලය අපතේ යාමයි.
ඔබේ වචනයෙන් කීවොත් මෙවැනි ප්‍රශ්න විසඳීමට ගියහොත් එහි ආවස්ථික පිරිවැය ප්‍රශ්නය විසඳීමෙන් ලැබෙන වාසිය ඉක්මවා යයි.
මෙවැනි ප්‍රශ්න පිළිබඳව ඕනෑවට වඩා කාලය යෙදවීම එතරම් තේරුමක් නැති වැඩක්. එහෙත්, මෙය වත්පොත් පිටුවක් හා අදාළ ප්‍රශ්නයක්ම නෙමෙයි. මෙවැනි තත්ත්වයක් යටතේ වියුණුවම වුවත් වාරණය විය හැකියි. එය බොහෝ දෙනෙකුගේ කැමැත්තනම් අප ඒ කැමැත්තට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න යන්නේ නැහැ. මේ වියුණුව ගැන වාර්තා කිරීමට අවශ්‍ය කෙනෙකුට එසේ වාර්තා කිරීම වඩාත් පහසු කරමින් වියුණුවේ උඩින්ම ඒ සඳහා පහසුකම් සැලසීමක් කිරීමටද අප තීරණය කළා. මෙවැනි තත්ත්වයක් යටතේ සිදු විය හැකි නරකම දෙය කාලයක් තිස්සේ ලියා සංරක්ෂණය කර ඇති සියලු දේ එක මොහොතකින් අහිමි වී යාමයි. එයට පිළියමක් ලෙස වරින් වර වියුණුවක බැක්අප් එකක් ගැනීම නරක අදහසක් නෙමෙයි.
Delete"එය බොහෝ දෙනෙකුගේ කැමැත්තනම් අප ඒ කැමැත්තට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න යන්නේ නැහැ."
Deleteඑය බොහෝ දෙනෙකුගේ කැමැත්තද , කීපදෙනෙකුගේ (හෝ එක අයෙකුගේ) කඩාකප්පල්කාරී වැඩක්ද යන්න දැනගන්නේ කොහොමද? මේ මතය අනුව, ඔබේ අදහස් ප්‍රචලිත වෙනවාට අකමැති එක අයෙකුටත් ඔබව නිහඬ කිරීමේ අවස්තාව ලැබෙනව .