වෙබ් ලිපිනය:

Monday, December 13, 2021

ආණ්ඩුව අයිඑම්එෆ් යයිද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද නැද්ද කියා තීරණය කරන්න කැබිනට් මණ්ඩලය අද රැස් වන බව කියනවා. එය එසේනම් මේ වෙද්දී මේ සාකච්ඡාව සිදු වී තියෙන්න පුළුවන්. ලිපිය පළ වන විට තීරණය අරගෙන තියෙන්න පුළුවන්. මා මේ ලිපිය ලියන්නේ එවැනි තීරණයක් ගැන නොදැන.

ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන බව මේ වෙද්දී හැමෝම වගේ එකඟ වන, ඇහැට පෙනෙන්න තියෙන දෙයක්. ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පාන්න වෙනවා කියන එක තව දුරටත් අනාවැකියක් නෙමෙයි. මෙතැනින් එහාට ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වනු ඇත්තේ කොයි ආකාරයකටද?

වහා විසඳිය යුතු, කෙටිකාලීන ප්‍රශ්නය ඩොලර් හිඟයයි. ඒ ප්‍රශ්නය පසුපස දිගුකාලීන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න නිදහස ලැබූ දා සිට හා යම් තරමකට ඊටත් පෙර සිට, ඇතැම් විට සර්වජන ඡන්දබලය ලැබූ කාලයේ සිට, ලංකාවේ ක්‍රියාත්මක වූ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්න. එහෙත්, වත්මන් ඩොලර් හිඟයට මුල් වී ඇති ප්‍රශ්නය උතුරේ සිවිල් යුද්ධය අවසන් වූ පසු ඇති වූ ප්‍රශ්නයක්. ප්‍රශ්නයේ මුල් පිළිබඳව විස්තරාත්මක තොරතුරු තවදුරටත් ලියන්න පුළුවන්. එය පසුවට තබමු.

ප්‍රශ්නයක මුල් ගැන කතා කළ යුත්තේ ප්‍රශ්නය විසඳීම සඳහා මුලින්ම ප්‍රශ්නය නිසියාකාරව හඳුනා ගෙන ප්‍රශ්නයේ මුල් ගලවා දැමිය යුතු නිසා මිසක් කාවවත් විවේචනය කරන්න නෙමෙයි. කෙටිකාලීන ප්‍රශ්නය විසඳීම සඳහා අප යෝජනා කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ. එයට පළමු හේතුව ඒ සඳහා වෙනත් අය යෝජනා කර නැති අළුත් යෝජනා කිසිවක් අපට නැති වීමයි. දෙවන හේතුව මේ කෙටිකාලීන ප්‍රශ්නය ඉදිරි වසර තුළ කවර ආකාරයෙන් හෝ විසඳෙන ප්‍රශ්නයක් වීමයි. වෙළඳපොළ බලවේග විසින් එය සිදු කරනු ලැබීම තවදුරටත් වැළැක්විය හැකි දෙයක් නෙමෙයි.

කෙටිකාලීන ප්‍රශ්නය මොන විදිහකින් විසඳුනත් දිගුකාලීන ප්‍රශ්න ඉතිරි වෙනවා. දිගුකාලීන ප්‍රශ්න ඉතිරිව තිබෙන තුරු, දැනට මොන විදිහකින් හෝ විසඳා ගත්තත්, කෙටිකාලීන ප්‍රශ්නය නැවතත් වසර කිහිපයකින් මතු වීම වැළැක්විය නොහැකියි. කෙටිකාලීන ප්‍රශ්නය විසඳාගන්න මේ වෙද්දී රටේ හැමෝටම වගේ උවමනාවක් තිබුණත්, දිගුකාලීන ප්‍රශ්න විසඳාගන්න එවැනි උනන්දුවක් තවමත් නැහැ. දිගුකාලීන ප්‍රශ්න පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට අවබෝධයක්ද නැහැ. මේ අවබෝධය බොහෝ දෙනෙකුට ලැබෙනු ඇත්තේ මීට වඩා විශාල විනාශයකින් පසු වෙන්න පුළුවන්.

කෙටිකාලීන ප්‍රශ්න වලට විසඳුම් ගැන කතා කරන එකේ තේරුමක් නැතත්, දිගුකාලීන ප්‍රශ්න වලට තිබෙන විසඳුම් ගැන කතා කරන්න පටන් ගන්න මේ හොඳම අවස්ථාව කියා අප සිතනවා. ඒ වැඩේ අපි ඉදිරි වසර තුන තුළ කරමු. එසේ කර, දැනට පෙනෙන තෙක් මානයකවත් නැති ලංකාවට අවශ්‍ය දේශපාලන විකල්පය අනාගතයේදීවත් හැදෙයිද කියා බලා සිටිමු. 

හැබැයි ඊට කලින් ලංකාවට ක්ෂණිකව විසඳාගත යුතු කෙටිකාලීන ප්‍රශ්නයක් තිබෙනවා. මෙයට දැනට ඉදිරිපත්ව තිබෙන්නේ විසඳුම් දෙකක් පමණයි. පළමුවැන්න, හැකි ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මුල සිටම මේ අදහස වෙනුවෙන් පෙනී සිටියා. සජබයේ හර්ෂ ද සිල්වා වැනි අය දකින විසඳුමත් මෙයයි. සජබ නිල ස්ථාවරයද මෙවැන්නක් විය හැකියි. දේශපාලන පක්ෂයකට සෘජු සම්බන්ධයක් නැති ආර්ථික විද්‍යාඥයින් ගණනාවක්ද මේ අදහස දරනවා. දිගුකාලීනව ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම පිළිබඳ ජවිපෙ හා එජාප උපාය මාර්ගයන් අහසට පොළොව මෙන් දුරස්ථ වුවත්, කෙටිකාලීනව පවතින ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම පිණිස ජවිපෙ දකින විසඳුමද එජාප විසඳුමෙන් වෙනස් බවක් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ද මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තිබෙන එකම විසඳුම බව පිළිගන්නා තැනකට තල්ලු වී තිබෙනවා. ආණ්ඩු බලය එජාප හෝ සජබ සතුව තිබුණානම් මීට බොහෝ කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා හැකිව තිබුණා. එසේ වුනානම් අද තිබෙන ඩොලර් ප්‍රශ්නය මේ තරම් දරුණු මට්ටමකට ඔඩු දුවන්නේ නැහැ.

කෙටිකාලීන ප්‍රශ්නයට අප සතුව වෙනත් විසඳුමක් නැති බව අප කලින්ම කිවුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට විකල්පව ඉදිරිපත්ව තිබුණු දෙවන යෝජනාව ආණ්ඩුවේ දේශීය (homegrown) විසඳුමයි. මේ විකල්පය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේත්, ඒ අනුව ලංකාවේ ආර්ථිකය මෙහෙයවමින් ඉන්නේත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්. ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සඳහා හේතු ගණනාවක් තිබෙනවා. පළමු හේතුව ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්නය දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගත යුතු නැති, කොත්තමල්ලි බී සනීප කරගත හැකි, පොඩි හෙම්බිරිස්සාවක් පමණක් වීමයි. දෙවන හේතු වන්නේ දොස්තර බෙහෙත් වල අතුරු ආබාධයි.

තමන්ගේ කොත්තමල්ලි විසඳුම පසුගිය ඔක්තෝබර් මාසය ආරම්භයේදී අධිපති කබ්රාල් විසින් රටට හා ලෝකයට ඉදිරිපත් කළා. වැඩි දෙනෙකු එතරම් බරපතල සේ නොසැලකූ මේ සැලසුමේ තිබුණු දේවල් මා පෙර ලිපියකින් විස්තර කළා.

"කබ්රාල්ගේ මාස හයේ මාර්ග සිතියම කුමක්ද? 

ඉතා කෙටියෙන් කිවුවොත්, කබ්රාල් විසින් කරන්න යන්නේ ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඩොලර් කෙසේ හෝ හොයා ගැනීමයි. වැල් වටාරම් ඉවත් කර මාර්ග සිතියමේ අදාළ කරුණු පමණක් ගත්තොත්, විණිමය අනුපාතය මේ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ඩොලර් හොයා ගන්න යන්නේ කොහොමද? 

- රජයක් විසින් රජයකට දෙන (G2G) ණය ලෙස කෙටිකාලීනව ඩොලර් බිලියනයක් (ඉදිරි මාස තුන ඇතුළත මිලියන 500ක්) ලබා ගැනීම.

- රාජ්‍ය දේපොළ විකිණීමෙන් ඩොලර් බිලියනයක් ලබා ගැනීම. 

- බදු සමා පනතේ උදවුවෙන් ඩොලර් මිලියන 100ක් හොයා ගැනීම.

- කෙටිකාලීන විණිමය හුවමාරු ගිවිසුම් හරහා ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීම 

- රට තුළට රැගෙන විත් නැති අපනයන ආදායම් ඩොලර් බිලියන 1.8ක් (මාසයකට ඩොලර් මිලියන 300 බැගින්) රටට ගෙන්වා ගැනීම.

- ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම.

- ඩොලර් මිලියන 300ක පමණ සංවර්ධන බැඳුම්කර විදේශිකයන්ට විකිණීම. 

- බැංකු/ මූල්‍ය ආයතන විසින් ඩොලර් බිලියන 1.5ක විදේශ ණය ලබා ගැනීම.

දැන් මේ ටික එකතු කළොත් සාරාංශයක් ලෙස ඩොලර් හොයා ගන්න යන්නේ ඩොලර් බිලියන 4.3ක ණය ලබා ගැනීම, ඩොලර් බිලියන 1.1ක විදේශ ආයෝජන ගෙන්වා ගැනීම හා ආපසු නොයන ඩොලර් බිලියන 2.8ක් රට තුළට ගෙන්වා ගැනීම ලෙසයි. එකතුව ඩොලර් බිලියන 8.2ක් පමණ වෙනවා. 

ඉදිරි මාස හයක කාලය තුළ ඔය විදිහට ඩොලර් බිලියන 8.2ක් හොයා ගන්න පුලුවන්නම් එම කාලය තුළ ගෙවිය යුතු ණය ගෙවා, අපනයන වෙනුවෙන්ද අවශ්‍ය පමණ ඩොලර් වැය කර, සංචිතද නැවත ඉහළ නංවා ගන්න පුළුවන්. එවැනි ඩොලර් ප්‍රමාණයක් ලැබේනම් ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න බැරිකමක් නැහැ.

මේ ඇස්තමේන්තු කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. එහෙත් ඉලක්ක සේ සැලකුවොත් නරක නැහැ. දැන් අපට තියෙන්නේ ඉදිරි මාස හය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය දෙස බලා ඉන්නයි."

දැන් මේ සැලසුම ඉදිරිපත් කරලා මාස දෙකහමාරක් ගත වෙලා. එම කාලය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය කොහොමද? 

රටට විශාල හානියක් කරමින් ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගැනීමට විශාල උත්සාහයක් දැරුවත් මේ වෙද්දී එය කර ගන්න බැරුව ඩොලරය රුපියල් 210 බැගින් මාරු කරන්න ඉඩ දෙන්න වෙලා. නමුත් ඒ ගාණට වුනත් ඩොලර් මාරු කරන්න කවුරුවත් කැමති නැහැ. කොත්තමල්ලි විසඳුමේ විදිහට බිලියන ගාණක් ඩොලර් හොයා ගන්න එක කොහොම වෙතත්, තමන්ට අවශ්‍ය මට්ටමේ විණිමය අනුපාතය නඩත්තු කරන්න මේ වෙද්දී තිබුණු සොච්චම් සංචිත වලිනුත් සෑහෙන කොටසක් විකුණලා. 

කොත්තමල්ලි විසඳුම කියා කිවුවේ කබ්රාල් මේ වචනය යොදාගත් නිසා මිසක් කොත්තමල්ලි බොන අයට කරන අපහාසයක් විදිහට නෙමෙයි. කොත්තමල්ලි කියන්නේ කෝකටත් තෛලයක් නොවන බව කොත්තමල්ලි බොන දන්නවා. ලංකාවට හැදිලා තියෙන ලෙඩේ කොත්තමල්ලි බීලා සනීප කළ හැකි පොඩි හෙම්බිරිස්සාවක් නෙමෙයි.

කබ්රාල් අධිපති ධුරය භාර ගත්තේ සැප්තැම්බර් මැද. සැප්තැම්බර් මාසය පටන් ගනිද්දීත් මහ බැංකුවේ ඩොලර් මිලියන 3,550ක සංචිත ප්‍රමාණයක් තිබුණා. නොවැම්බර් අවසාන වෙද්දී මේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. කබ්රාල්ගේ කොත්තමල්ලි විසඳුමේ සාර්ථකත්වය මේ ගණන් දිහා බැලූ විටම පැහැදිලි වෙනවා.

කෙසේ වුවත්, ඔහුගේ පැත්තෙනුත් ප්‍රශ්නය දිහා බලමු. කබ්රාල් ඉදිරිපත් කළේ සයමාසික වැඩපිළිවෙලක්. ඒ වගේම, වැඩපිළිවෙළ ආරම්භයේදී යම් තරමකින් සංචිත අඩු වෙන බවත් ඔහු කිවුවා. ඒ නිසා තවත් මාස තුනකින් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හත අටක් වෙයි කියලා අපිට හිතන්න බැරිද? කබ්රාල් ඉදිරි මාස තුනේදී වැඩ පෙන්නයිද?

පළමුව, මේ වැඩපිළිවෙළ ප්‍රායෝගික නැති වැඩ පිළිවෙලක් බව මුලදීම බොහෝ දෙනෙකුට පැහැදිලිව පෙනෙන්න තිබුණා. ඒ හැමෝටම වැරදිලා කබ්රාල්ගේ ඇස්තමේන්තු නිවැරදි වෙන්නනම්, එහෙම වෙන බව මුල සිටම පෙනී යා යුතුයි. නමුත් පේන්නේ අනෙක් බොහෝ දෙනෙක් දුටු දෙය මිසක් කබ්රාල් දුටු දෙය නෙමෙයි. ඉතිරි මාස තුනේ මෙතෙක් සිදු නොවුණු අමුතු මැජික් එකක් වෙයි කියා හිතන්න බැහැ. කබ්රාල් මේ ඇස්තමේන්තු හා සැලසුම ඉදිරිපත් කළේ තනි පුද්ගලයෙක් ලෙස නොවන නිසා ආර්ථිකය වල පල්ලට දැමීමේ අපකීර්තිය සමස්ත මහ බැංකුවටම බාර ගන්න වෙනවා.

කබ්රාල් ඇතුළු ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තරම් අසාත්මික වුනේ ඇයි? 

බන්දුල ගුණවර්ධන විසින් කියා ඇති පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් ආණ්ඩුවට අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීමට හා ඒ වෙනුවෙන් සේවක වැටුප් මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමටත්, ගෑස් මිල ඉහළ දැමීමටත් සිදු වෙනවා. ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු වෙනවා. කබ්රාල් විසින්ද මෙවැනි ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණා.

කලින් විස්තර කර ඇති පරිදි, ණය ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි පනවන්නේ නැහැ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමුපකාර සංගමයක් වැනි තැනක්. ඔවුන් සාමාජික රාජ්‍යයන්ට ණය ලෙස ලබා දෙන්නේ ලංකාව ඇතුළු සාමාජික රාජ්‍යයයන්ගේම මුදල්. එම මුදල් ආපසු ලැබෙන බවට ඔවුන් වග බලාගත යුතු වෙනවා. ඒ නිසා, ණය ලබා ගන්නා රටට තමන් රටේ තත්ත්වය යහපත් කරගෙන ණය ආපසු ගෙවන ආකාරය අරමුදලට කියන්න වෙනවා.

ඉහත ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ රටේ ආර්ථික තත්ත්වය ණය ආපසු ගෙවිය හැකි මට්ටමකට වැඩි දියුණු කර ගැනීම සඳහා අයවැය පරතරය අඩු කර ගැනීම හා ඩොලරය පාවෙන්නට ඉඩ දීම වැනි දේ කරන්නම වෙන බව බන්ධුල ගුණවර්ධන, කබ්රාල් වැනි අයද විශ්වාස කරන බවයි. වෙනත් විසඳුමක් ඇත්නම් ඔවුන්ට ඒ විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට හැකි විය යුතුයි. අනෙක් අතින් එයින් අදහස් වන්නේ කබ්රාල්ගේ කොත්තමල්ලි විසඳුම යම් හෙයකින් විසඳුනත්, එය තවත් ණය ගන්නා සැලසුමක් මිසක් එසේ ගත් ණය ආපසු ගෙවිය හැකි ආකාරයේ සැලසුමක් නොවන බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම මෙයින් වෙනස් වන්නේ එයද තවත් ණය ගන්නා සැලසුමක් වුවත් එසේ ගත් ණය ආපසු ගෙවිය හැකි ආකාරයේ සැලසුමක්ද එයට අඩංගු වීම යන කරුණ මතයි. එහෙත්, එවැනි සැලසුමකින් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අලුතෙන් ගන්නා ණය ආපසු ගෙවන ආකාරය මිස ලංකාව කාලයක් තිස්සේ ගොඩ ගසා ගෙන සිටින දැවැන්ත ණය කන්දෙන් නිදහස් වීමේ සැලසුමක් අඩංගු නොවන නිසා නැවතත් වසර කිහිපයකින් පසුව ප්‍රශ්නයේ මුලට එන එක වලක්වන්න බැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ගැන ආණ්ඩුව මේ වෙද්දී සලකා බලමින් ඉන්නේ ඇයි?

මෙයට ආසන්න හේතුව මේ වන විට ලංකාවේ නිල සංචිත, රත්රන් ආදියද ඇතුළුව, ඩොලර් බිලියන 1.5 පමණ දක්වා පහත වැටී තිබීමයි. මේ තත්ත්වය යටතේ වුවද ජනවාරි මාසයේ පියවිය යුතු ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කරය පියවිය හැකි වුවත්, ජූනි මාසයේ පියවිය යුතු ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ හැකියාවක් නැහැ. කබ්රාල්ගේ කොත්තමල්ලි වැඩසටහන වැඩ නොකරන බවත් ඉතා පැහැදිලියි. මේ තත්ත්වය යටතේ, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියත්, අදාල කටයුතු අවසන් වීමට මාස හයකට වඩා වැඩි කාලයක් යා හැකි නිසා, වසර මැද ගෙවිය යුතු ඩොලර් බිලියන ගෙවිය නොහැකි වීමට ඉඩ තිබෙනවා.

ආණ්ඩුව අද ගන්නා තීරණය කුමක් වෙයිද?

මෙය තීරණය වන්නේ ආණ්ඩුවේ තක්සේරුව අනුව ජූලි මාසයේදී ඩොලර් බිලියනයක් ගෙවීමට රජයට තිබෙන හැකියාව මතයි. යම් හෙයකින් තව දුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා සිටීමේ මතය තුළම ආණ්ඩුව රැඳී සිටියහොත් එයින් අදහස් වන්නේ වසර මැදදී මෙම බැඳුම්කරය පියවීම සඳහා ඩොලර් හොයා ගත හැකි වනු ඇති බවට ආණ්ඩුවට දැඩි විශ්වාසයක් ඇති බවයි. එසේ නොවී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ආණ්ඩුව අද තීරණය කළහොත් එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ බහුතර මතය අනුවම ණය පැහැර හරින්නට සිදුවන තැනට ලංකාවේ රජය වැටී තිබෙන බවයි.

තව දුරටත් කොත්තමල්ලි විසඳුම තුළම රැඳී සිටින්නට ආණ්ඩුව තීරණය කළා කියා අපි හිතමු. එම විසඳුම තුළ වුවද, කීයටවත් ණය පැහැර හරින තැනකට වැටෙන්නට ආණ්ඩුවට අවශ්‍ය නැහැ. එවැනි තත්ත්වයක් ඇත්නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යනවා. දැන් තිබෙන තත්ත්වය අනුව ජනවාරියේදී ස්වෛරීත්වය බැඳුම්කරය පියවීමට අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 500ක් යන නිසා නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයක් දක්වා පහත වැටෙනවා. ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 600ක් පමණ දක්වා පහත වැටෙනවා. ඊට අමතරව, විණිමය අනුපාතය පවතින මට්ටමේ නඩත්තු කරමින් අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා දෙසැම්බර් හා ජනවාරි දෙමස තුළ තවත් ඩොලර් මිලියන 500-600 පමණ ප්‍රමාණයක් වැය විය හැකි නිසා වසර මැද දක්වා ඇද ගන්න එක කළ නොහැකි තරම් අසීරු දෙයක්.

ඉන්දියාවෙන් ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබුනා කියා හිතමු. කොහොමටත් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙනුත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවන්නත් මේ මුදල් යොදා ගන්න පුළුවන්. චීනයෙන් දැනටමත් ලැබී තිබෙන ණය මුදල චීන ආනයන හා චීන ණය වෙනුවෙන් තව දුරටත් වැය කළ හැකියි. එසේ කළත් වසර මැද ඩොලර් බිලියනයක් ආපසු ගෙවන එක අසීරු ඉලක්කයක්. ඒ නිසා, මහ බැංකුවට ඊට පෙර අනිවාර්යයෙන්ම විනිමය අනුපාතය අවප්‍රමාණය කරන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියා කියා මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ.

ආණ්ඩුවේ වියදම් සීමා කර අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන ආණ්ඩුව දැනටමත් කියා අවසන්. ඒ වගේම, ලබන වසරේ රාජ්‍ය සේවකයින් අලුතෙන් බඳවා නොගන්නා බවත් කියා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියත්, එම අරමුදල විසින් දමන කොන්දේසි සේ ආණ්ඩුවට සම්බන්ධ අය විසින් හඳුන්වන ක්‍රියාකාරකම් කරන්න මේ ආණ්ඩුවට කොහොමටත් සිදු වෙනවා.

විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම ගැන පමණක් අපි බලමු. මෙහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. උද්ධමනය වැඩි වෙනවා. රජයේ විදේශ ණය වල රුපියල් වටිනාකම වැඩි වී අයවැය හිඟය ඉහළ යනවා. එය පියවීමට එක්කෝ තවතවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැත්නම් පොලී අනුපාතික විශාල ලෙස වැඩි වෙන්න ඉඩ දෙන්න වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස වැඩි වන විට ඒ හේතුවෙන්ද ආණ්ඩුවේ වියදම් වැඩි වී අයවැය හිඟය ඉහළ යනවා. සහන කපා බදු වැඩි කරන්න වෙනවා. ආණ්ඩුවේ කිසියම් ජනප්‍රියත්වයක් තවදුරටත් ඇත්නම් එයද පහළ වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියා කියා මේ දේවල් වලක්වා ගන්න බැහැ.

විපක්ෂයේ පක්ෂ බලා ඉන්නේ මේ ටික වෙන තුරුයි. ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙද්දී විපක්ෂයට බලය ලැබෙනු ඇතැයි සජබ සිතනවා. ජවිපෙටද එවැනි යම් බලාපොරොත්තුවක් තිබෙනවා. යම් හෙයකින් ආණ්ඩුව මේ මොහොතේ වැටී විපක්ෂයේ පක්ෂයක් බලයට ආවොත් ඔවුන්ට තිබෙන එකම විකල්ප විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හා එම අරමුදල වෙත යාමේ උදවුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඔවුන් සතු වෙනත් විකල්පයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තුළ ඉහත අහිතකර තත්ත්වයන් වැළකෙන්නේ නැහැ. ඒ නිසා, ප්‍රශ්නය කවර ආකාරයකින් හෝ විසඳෙන තුරු ආණ්ඩු බලය ගන්න විපක්ෂයට ඇත්තටම අවශ්‍ය නැහැ.

කෙසේ වුවත්, මේ දේවල් වෙන්නේ ආණ්ඩුව මාරු වුනොත් පමණයි. ඒ වගේම, ආණ්ඩු මාරුවක් වීම පරිකල්පනීය අදහසක් පමණයි. අරමුදල් විකල්පය හෝ කොත්තමල්ලි විකල්පය යන දෙකෙන් කොයි එක තෝරා ගත්තත් ඇති වන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ මේ ආණ්ඩුවටයි.

මට පෙනෙන විදිහට ආණ්ඩුව විසින් කරන්නේ සියුම් දේශපාලන ක්‍රීඩාවක්. ආණ්ඩුව විසින් හිතාමතාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රතික්ෂේප කරමින් එහි අහිතකර විපාක ගැන ජනතාව දැනුවත් කරමින් සිටිනවා. විපක්ෂය, විශේෂයෙන්ම එජාප සහ සජබ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන මෙන් ආණ්ඩුවට බල කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ කොයි වෙලාවක හෝ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමෙන් පසු විපක්ෂයට තව දුරටත් ආණ්ඩුවට චෝදනා කරන්න ඉඩක් ඉතිරි වන්නේ නැහැ. ඉන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට තබා ආණ්ඩුවට අර "නරක දේවල්" සියල්ල පහසුවෙන් කළ හැකියි. කෝවිඩ් පාලනයේ සිට රසායනික පොහොර තහනම දක්වා බොහෝ අවස්ථා වලදී ආණ්ඩුව අනුගමනය කළේ මේ එකම උපක්‍රමයයි.

25 comments:

  1. මේකට එකඟ වෙන්නේ නැහැ

    //ආණ්ඩුව විසින් හිතාමතාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රතික්ෂේප කරමින් එහි අහිතකර විපාක ගැන ජනතාව දැනුවත් කරමින් සිටිනවා. විපක්ෂය, විශේෂයෙන්ම එජාප සහ සජබ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන මෙන් ආණ්ඩුවට බල කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ කොයි වෙලාවක හෝ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමෙන් පසු විපක්ෂයට තව දුරටත් ආණ්ඩුවට චෝදනා කරන්න ඉඩක් ඉතිරි වන්නේ නැහැ. //

    හැම දෙයක්ම අසුබවාදී ලෙස දකින්න එපා ඉකොනොමැට්ටා අපි මේක දිහා සුබවාදී ඇසකින් බලන්න ඕන..

    ලංකාවේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියාගන්න පුළුවන් සති දෙකක් විතර කෙටි කාලයක් විතරයි. දැන් ආණ්ඩුව IMF යන්න බෑ කියලා කියනකොට අපි කියන්නේ අනිවාර්යයෙන්ම IMF යා යුතු මයි කියලා.

    නමුත් IMF ගිහින් හැම දෙයක්ම කෙළවිලා ගියාම මේක IMF එකේ වරද නෙවෙයි ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය කියලා සමාජ ජාල වල සහ මාධ්‍ය වල නිතර නිතර දැඩි ලෙස විවේචනය කරමින් මාධ්‍ය මගින් දැවැන්ත ලෙස විවේචනාත්මක අදහස් විවිධ පුද්ගලයන් සජබ හිතවාදී සහ ජවිපෙ ජාතික ජන බලවේගයේ ආචාර්ය මහාචාර්ය වරු, වෙනත් සියලුම ආණ්ඩුවට එරෙහි බලවේග වල සිටින දක්ෂ කථිකයන් ලවා දැඩි විරෝධය සහ බාධා එල්ල කළ හැකියි. ඔන්න බලන්න තව ටික දවසකින් දැන් IMF යන්න යෝජනා කරන අයටම ආණ්ඩුව මොකද IMF ගියේ කියලා උනත් එතකොට අහන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ලංකාවේ හොඳ මතකයක් තියෙන සහ විචක්ෂණශීලී අය ඉන්නේ ඉතාමත් සුළු පිරිසක් නිසා බහුතර ජනමතය ආණ්ඩුවට එරෙහිව නිතරම තබා ගැනීමට පුළුවන් වෙයි. ලංකාවේ නිතරම මිනිස්සු බනින්නේ ආණ්ඩු බලය අත්පත් කරගෙන ඉන්න කණ්ඩායමට මිසක් විපක්ෂයට නෙවෙයි. මීට උදාහරණයක් විදියට පහුගිය යහපාලන රජය සමයේ විපක්ෂ කණ්ඩායම් මොන තරම් ගොන් වැඩ කරත් ආණ්ඩුවට බනිනවා නම් මිනිස්සු චූන් කරන්න පුළුවන්. දැනුත් ඒ දේම අනිත් පැත්තෙන් රාජපක්ෂ කල්ලියටත් රිටන් එක දෙන්න ඕන නැතිවෙලා යන්නම. ආයේ කවමදාවත් අමතක නොවන ලෙස රාජපක්ෂ බලය ලංකාවේ සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට ලැබුණ වටිනා අවස්ථාවක් නිසා සියලුම රාජපක්ෂ විරෝධී බලවේග උපරිම වශයෙන් බලය යොදා රාජපක්ෂ කල්ලියට නැති වෙන්නම ගහල දාල පොහොට්ටු පක්ෂය නැති කරල දාන බව පේනවා. කෙසේ හෝ ඒ මගින් ලංකාවේ පවතින දූෂිත අකාර්යක්ෂම ජනප්‍රියවාදී දේශපාලනික ක්‍රමය වෙනස් කිරීමට පුළුවන් වෙයි තව වසර දෙකකින් විතර පස්සෙ. දිගුකාලීන විසඳුම් ගැන ඊළඟට බලන්න පුළුවන් ඉස්සර වෙලා ආණ්ඩුව වට්ටලා දාන්න ඕන මොන මගුලක් රටට වුණත් කමක් නෑ බංකොලොත් වුණොත් බංකොලොත් වුණාවේ. පස්සෙ කාලෙක ආයෙත් ගොඩ දාගන්න පුළුවන් නේ වසර කීපයකට පස්සේ අලුත් ආණ්ඩුවක් බිහි කරගෙන සියලුම දේවල් වල වරද රාජපක්ෂ කල්ලියේ පිට පටවලා ෂේප් එකේ ඔය ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න ඕන හෙමිහිට.

    ReplyDelete
    Replies
    1. //ඔන්න බලන්න තව ටික දවසකින් දැන් IMF යන්න යෝජනා කරන අයටම ආණ්ඩුව මොකද IMF ගියේ කියලා උනත් එතකොට අහන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා.//

      මේකනම් අනිවාර්යයෙන්ම වෙනවා.

      Delete
    2. ඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
      ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

      Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
      හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

      Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

      නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

      Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

      කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
      මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
      මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්.

      -රංග තේනුවර-

      Delete
    3. //මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
      මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්.//

      විනිමය අනුපාතය එකතැන තියාගෙන විශාල ලෙස සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලය. මේ බඩු විකුණන්නේ රුපියල් වලට. මිනිස්සු අතේ තිබෙන රුපියල් ප්‍රමාණය වැඩි වූ විට buying power එක වැඩි වෙනවා. ඩොලරය ඉහළ යන්න දුන්නොත් එයට අනුපාතිකව ආනයනික භාණ්ඩ වල මිලද ඉහළ ගොස් buying power එක අඩු වන නමුත් ස්ථිර විනිමය අනුපාතය නිසා එය වෙන්නේ නැහැ. මෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය තමයි මේ ප්‍රතිචාරයේ විස්තර කර තිබෙන්නේ.

      Delete
  2. ලංකාවේ ආර්ථිකය ගැන දීප්ති කුමාර ගුණරත්න මෙහි සඳහන් කරන දේවල් ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොකද? (පොඩි ක්ලිප් එකක්)

    https://fb.watch/9TesrxSaqs/

    මේ කතාවේ ඇත්තක් තියෙනවා කියලා හිතෙනවා මට නම්, මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

    ReplyDelete
    Replies
    1. //මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.//

      පැහැදිලි කිරීමක් කළ යුතු කරුණ කුමක්ද?

      Delete
    2. ඔය වීඩියෝ එකේ දීප්ති කියන්නේ ලංකාවෙ ආණ්ඩුවට අවශ්‍ය නම් ඩොලර් බිලියන පහක් විතර ණය ගන්න පුළුවන් ඒත් නොගෙන ඉන්නේ වැඩේ අවුල් යනවා වගේ පෙන්වලා අවසාන මොහොතක මුදල් හොයාගෙන රට බේරා ගත්ත වගේ දෙයක් කරන්න රාජපක්ෂ රෙජීමයේ බලකණු තුනෙන් කෙනෙක් ප්ලෑන් කරලා තියෙනවා කියලා. ඇත්තටම එහෙමද?

      ලංකාවේ ආර්ථිකය ගැන දීප්ති කුමාර ගුණරත්න කියන්නේ ලංකාවෙ ආර්ථිකය අමාරුවෙන් දුවන බවත් එන්ජිම හිටිය නිසා නැවත ස්ටාට් කරන්න ඉතා අමාරුවෙන් යන්තම් තල්ලු කරගෙන යනවා කියලා මේ කතාව ඇත්ත ද?

      ලංකාවේ ආර්ථිකය ගැන ඔහුගේ පොදු විග්‍රහය සමග ඔබත් එකඟ වෙනවා නේද?

      ඊළඟට මෙහි පවසන කරුණු කාරණා ඇත්ත ද?

      https://fb.watch/9TlHjL5wDX/

      Delete
    3. //ඔය වීඩියෝ එකේ දීප්ති කියන්නේ ලංකාවෙ ආණ්ඩුවට අවශ්‍ය නම් ඩොලර් බිලියන පහක් විතර ණය ගන්න පුළුවන් ඒත් නොගෙන ඉන්නේ වැඩේ අවුල් යනවා වගේ පෙන්වලා අවසාන මොහොතක මුදල් හොයාගෙන රට බේරා ගත්ත වගේ දෙයක් කරන්න රාජපක්ෂ රෙජීමයේ බලකණු තුනෙන් කෙනෙක් ප්ලෑන් කරලා තියෙනවා කියලා. ඇත්තටම එහෙමද?//

      මම එසේ හිතන්නේ නැහැ. ලංකාවට ඩොලර් බිලියන 5ක් ගේන්න අවශ්‍යනම් හෙට එය කරන්න පුළුවන් තනි පුද්ගලයෝ ("පොරවල්") ලංකාවේ ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම, අවසාන මොහොතේ මුදල් හොයාගෙන වීරයා වෙන්න කවුරු හරි බලාගෙන ඉන්නවා කියන එකත් පදනමක් නැති නිකම්ම නිකම් කතාවක්. පදනමක් නැති කියන එකෙන් අදහස් කෙරෙන්නේ සිදු විය නොහැකි කියන එක නෙමෙයි. එවැනි නිගමනයකට එන්න තරම් කිසිදු පැහැදිලි හේතුවක් පෙනෙන්න නැහැ කියන එක. සමහර විට මට නොපෙනෙන, මම නොදන්නා දෙයක් වෙනත් අයෙක් දන්නවා වෙන්න පුළුවන්. හැබැයි මෙහි වෙනත් මානයක් තිබෙනවා. ඩොලර් බිලියන 5ක් කියන්නේ ලංකාවේ ආර්ථික අර්බුදයේ ස්වරූපය ක්ෂණිකව වෙනස් කළ හැකි තරම් විශාල මුදලක් වුවත්, එය ලෝක මට්ටමේදී සුළු මුදලක්. ඔය වගේ මුදලක් ලංකාවට දිය හැකි පාර්ශ්ව ඉන්නවා. ඉන්දියාවට, චීනයට වගේම ඇමරිකාවට වුවත් එවැන්නක් කළ හැකියි. එය සිදු වනවාද යන්න ලෝක භූ දේශපාලනය මත තීරණය වන දෙයක්. අවශ්‍යනම් ඔය රටකට සල්ලි දෙන අතරම අන්තිම මොහොතේ ලංකාව ඇතුළේ වීරයෙක් හදන්න එවැනි රටකට පුළුවන්.

      //ලංකාවේ ආර්ථිකය ගැන දීප්ති කුමාර ගුණරත්න කියන්නේ ලංකාවෙ ආර්ථිකය අමාරුවෙන් දුවන බවත් එන්ජිම හිටිය නිසා නැවත ස්ටාට් කරන්න ඉතා අමාරුවෙන් යන්තම් තල්ලු කරගෙන යනවා කියලා මේ කතාව ඇත්ත ද?//

      ඕක ආර්ථික විද්‍යාව ගැන කිසිදු හැදෑරීමක් කර නැති, පහේ පංතියට උගත් කෙනෙකුට කළ හැකි ආකාරයේ සරල ප්‍රකාශයක්. කවුරු හෝ කෙනෙක් ලංකාවේ ආර්ථිකය ඔය වගේ ඉතාම සරල ආකෘතියක් ඇතුළේ සිට දකිනවානම් එහි වැරැද්දක් පෙන්නන්න බැහැ. මෙවැනි ප්‍රකාශයක් බොරු කියා කියන්නත් බැහැ. මෙය විග්‍රහයක් කිරීමට තරම් ගැඹුරක් නැති, ඒ වගේම ඕනෑම පැත්තකට හැරවිය හැකි, සරල ප්‍රකාශයක්.

      //ලංකාවේ ආර්ථිකය ගැන ඔහුගේ පොදු විග්‍රහය සමග ඔබත් එකඟ වෙනවා නේද?//

      එකඟ වෙන්න හෝ නොවෙන්න තරම් බැරෑරුම් හෝ නිශ්චිත දෙයක් මෙහි නැහැ. ඔය වගේ කතාවක් කවුරු හරි මගේ මුහුණට කිවුවොත් මම වාද නොකර එකඟ වෙනවා.

      වීඩියෝ එකනම් බැලුවේ නැහැ. කෙටි වීඩියෝවක් නිසා හැකි වුනොත් පසුව බලන්නම්.

      Delete
  3. ඉකොනොමැට්ටා මෙතන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ගැනීම ගැන කියන කතාව සම්පූර්ණයෙන්ම වැරදි මතයකි.

    "/කලින් විස්තර කර ඇති පරිදි, ණය ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි පනවන්නේ නැහැ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමුපකාර සංගමයක් වැනි තැනක්. ඔවුන් සාමාජික රාජ්‍යයන්ට ණය ලෙස ලබා දෙන්නේ ලංකාව ඇතුළු සාමාජික රාජ්‍යයයන්ගේම මුදල්. එම මුදල් ආපසු ලැබෙන බවට ඔවුන් වග බලාගත යුතු වෙනවා. ඒ නිසා, ණය ලබා ගන්නා රටට තමන් රටේ තත්ත්වය යහපත් කරගෙන ණය ආපසු ගෙවන ආකාරය අරමුදලට කියන්න වෙනවා/"

    මේක සම්පූර්ණයෙන්ම වැරදි කතවක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ගැනීමට ඉල්ලුම් කළ විට එම ආයතනය මඟින් විශාල පිරිසක් ආර්ථික විශ්ලේෂකයන් ලංකාවට එවා ලංකාවෙ ආර්ථිකය ගැන හොදින් අධ්‍යයන කර උඹලාගේ මෙන්න මේ වගේ අංශවල මෙන්න මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඒ නිසා ඒවාට මෙන්න මේ දේවල් සහිත පැකේජ් එකක් කරන්න විසඳුම් වශයෙන්, එතකොට දිගුකාලීනව මෙහෙම දෙයක් වෙයි කියල තමයි කියන්නෙ.

    නමුත් මේ පොඩි වීඩියෝ එකේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පැහැදිලිව පවසන දේවල් තේරුම් ගන්න. ඔහු ඉතා මැනවින් පවසන ආකාරයට ලංකාවෙ ජනතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බල කල යුතුයි කළ යුතු දේවල් සම්බන්ධයෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය බර පොදු ජනතාව මත නොපටවා එම බර ඒවා හොරකම් කරපු දේශපාලකයින් මත පටවා දැනට කරන හොරකම් දැඩි ලෙස පාලනය කිරීමට ක්‍රියා කිරීමගැන ජනතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බල කල යුතුයි.

    මේ කෙටි සාකච්ඡාව බලන්න

    Link - https://fb.watch/9Tfj2AV8sG/

    මෙහි ඒ ගැන ඉතාමත් සරල බසින් ඉදිරිපත් කරන සංක්ෂිප්තව විස්තර සියල්ල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ගැනීමට ඉල්ලුම් කළ විට එම ආයතනය මඟින් විශාල පිරිසක් ආර්ථික විශ්ලේෂකයන් ලංකාවට එවා ලංකාවෙ ආර්ථිකය ගැන හොදින් අධ්‍යයන කර උඹලාගේ මෙන්න මේ වගේ අංශවල මෙන්න මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඒ නිසා ඒවාට මෙන්න මේ දේවල් සහිත පැකේජ් එකක් කරන්න විසඳුම් වශයෙන්, එතකොට දිගුකාලීනව මෙහෙම දෙයක් වෙයි කියල තමයි කියන්නෙ.//

      ඔය කියන්නේ Article IV consultation ගැන. ණය ගත්තත් නැතත් ඔය දේවල් කරනවා. ණය ඉල්ලුම් කළ විටද IMF ආර්ථික විශ්ලේෂකයන් ලංකාවට එනවා. ඇවිත් ලංකාවේ යෝජනා වල ශක්‍යතාව පරීක්ෂා කර ගැටළු ඇති තැන් ප්‍රශ්න කරනවා. ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරනවා. එහෙත් එම යෝජනා පිළිගැනීම හෝ නොගැනීම ලංකාවේ වැඩක්. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ යෝජනා ඇඟේ ගහන්නේ නැහැ.

      //ඔහු ඉතා මැනවින් පවසන ආකාරයට ලංකාවෙ ජනතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බල කල යුතුයි කළ යුතු දේවල් සම්බන්ධයෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය බර පොදු ජනතාව මත නොපටවා එම බර ඒවා හොරකම් කරපු දේශපාලකයින් මත පටවා දැනට කරන හොරකම් දැඩි ලෙස පාලනය කිරීමට ක්‍රියා කිරීමගැන ජනතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බල කල යුතුයි.//

      මෙහිදී සුනිල් හඳුන්නෙත්ති විසින් එක්කෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරිත්වය හා ආර්ථිකය ගැන ඔහුගේ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරනවා. එසේ නැත්නම් හිතාමතා මිනිස්සු නොමග යවනවා. සමස්තයක් ලෙස ජවිපෙ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය තුළින් පෙන්වන්නේ ඔවුන් අගමුල පටලවාගෙන කරලන දැඟලීමක් පමණක් නිසා මෙය ඔය දෙකෙන් පළමුවැන්න කියා මම හිතනවා.

      ලංකාවේ හොරකම් පාලනය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පොලිස් කාරයෝ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසි විටෙකත් හොරකම්, දූෂණ, නාස්ති වලට එරෙහිව මිස ඒවා වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. හොරකම්, දූෂණ, නාස්ති කියන්නේ ජවිපෙ පෙනී සිටින මධ්‍යගත සැලසුම් ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණයි. මධ්‍යගත සැලසුම් ක්‍රමය පවතින තුරු හොරකම්, දූෂණ, නාස්ති නැති වෙන්නේ නැහැ.

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය දෙන්නේ මහ බැංකුවට. එසේ කිරීමේදී රජය හෝ රටේ ජනතාව මත අමුතුවෙන් ණය බරක් පැටවෙන්නේ නැහැ. ණය ආපසු ගෙවන එක මහ බැංකුවේ වැඩක්. රජයේ දැනට තිබෙන ණය ඒ ණය දුන් අයට කොහොමටත් ගෙවිය යුතුයි. රජය ගත් ණය වැය වී තිබෙන්නේ හොරකම්, දූෂණ, නාස්ති වෙනුවෙන්නම් එය රට ඇතුළේ තිබෙන දේශපාලන ප්‍රශ්නයක්. කොහේවත් ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකට සම්බන්ධයක් නැහැ.

      Delete
    2. "ලංකාවේ අධික විදේශ ණය කන්ද ඉහළ යාමෙන් හා ගෝලීය වෙළඳපොලේ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම, රැකිය අවස්ථා අහිමි වීම සහ කොවිඩ් කාලේ මුදල් අච්චු ගැසීමත් සමගම උද්ධමනය සමග ආර්ථික පීඩාව වැඩිවීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම සමග විදේශ විනිමය අර්බුදය උග්‍ර වීමෙන් ආණ්ඩුවට IMF වෙතින් ණය ගැනීමට දැන් විපක්ෂයේ SJB/ UNP සහ එම කඳවුරේ සියලු කණ්ඩායම් විවෘත ලෙස බලපෑම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙනවා. පසුගිය කාලයක් ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති මාර්ගයේම යමින් ණය කන්ද ජනතාව මත පැටවීම මිස ආර්ථික වැඩපිළිවෙළක් හරහා අර්බුදය විසඳන තත්වයක් පාලකයන්ට නෑ.

      ඇත්තටම ඉතිහාසය දෙස බැලීමේදී 1975 ෆිලික්ස් ඩයස් බන්ඩාරණායක විසින් ගෙන ආ යෝජනාවක් වුවත් 1977 ජේ ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කළ වෙළඳපොළ ආර්ථිකය නැතහොත් නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ලංකාවේ ආර්ථිකය අද මුහුණ දෙන අර්බුදයට ඇද වැටී තිබෙනවා.

      ලංකාව මේ දක්වා පාලනය කළ ලංකාවේ පාලක කණ්ඩායම් මේ වන විට ලංකාවේ ආර්ථිකය ඇද වැටී ඇති අර්බුදයට මෙන්ම ජනතාව මුහුණ දෙන ප්‍රතිඵලවලට වග කිව යුතුයි වගේම දැන් මේ ණය ගන්න වෙත යන්න උපදෙස් දෙන නායකයන්, ඉදිරියේදී ඒ නිසා ඇතිවන ජනතා පීඩාවටත් වගකිව යුතු බව අපි කල්තියාම කියනවා.

      ලංකාවේ මේ වනවිට මුල්‍ය අරමුදලට යන්න කියලා UNP + SJB ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් පවසා තිබෙනවා. නමුත් මුල්‍ය අරමුදලෙන් ණය ගන්නා විට ඉතාමත් බරපතල අන්දමින් කොන්දේසි පැමිණවීමක් සිදුවන බවත් එහිදී සිදුවන සුබසාධන කප්පාදුව, රාජ්‍ය සේවය හැකිලවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා ‌ෞද්ගලිකකරණය වැනි ප්‍රතිඵල නිසා නැවත වරක් ජනතාව බැට කන්නට නියමිතයි. ඒ නිසා මේ සැරේ ආණ්ඩුව මුල්‍ය අරමුදලට යන්නෙ ප්‍රධාන විපක්ෂයේ ආශිර්වාදය ඇතිව.

      හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලා කියන්නෙ දැන් නම් මුල්‍ය අරමුදලට නොගිහින් බෑ කියලා. අනිත් පැත්තෙන් ආණ්ඩුවටත් මුල්‍ය අරමුදලට නොගිහින් ඉන්න තරම් අමුතු දේශප්‍රේමයක් නෑ. බොරු දේශප්‍රේමය පෙන්නුවට මේ අය අවශ්‍ය වුණාම ජනතා අයිතිවාසිකම් කප්පාදු කරමින් මුල්‍ය අරමුදලට අවශ්‍ය කොන්දේසි ඉටු කරනවා. නමුත් මේ වෙලාවෙ ආණ්ඩුව ඒක කරද්දි ප්‍රධාන විපක්ෂයෙත් ආශිර්වාද අරගෙන කරන්නෙ. ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස ප්‍රධාන විපක්ෂය විසින් වැඩපිළිවෙලක් යෝජනා කරන්නෙ නෑ. ඔවුන් ගෙන එන උත්තරය මුල්‍ය අරමුදලින් ණය ගන්න එකයි. තව ණය ගත්තම හරි යයි ... මගුලක්..

      අද පොහොට්ටු/ අලි/ ටෙලිෆෝන් එක හා සමාන ධනවාදී පක්ෂවල ඒ අය සියලු දෙනාම එකම වැඩපිළිවෙළක් ලෙස සමාන අදහස් දරණ බව පිළිගන්න පුළුවන්. සමාගි ජන බලවේගයේ සජිත්, එ.ජා.ප.යේ රනිල්, ශ්‍රීල.නි.ප. මේ සියලු දෙනා නව ලිබරල් ආර්ථික පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පක්ෂ අය. ඒ අයගෙ වැඩපිළිවෙළයි අනෙක් වැලපිළිවෙළ අතර වෙනස මොකක්ද? අපි අහන්නෙ මේ විසඳුම් දෙන්නෙ ජනතාවගේ ආර්ථික ගැටලු වලටද නැත්නම් මේ ආර්ථික අර්බුදය නිසා ඇතිවන පාලකයන්ගෙ අර්බුදයටද?"

      Cont...

      Delete
    3. දැන් මේ අය හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලා ආණ්ඩුව සමග එක පෙළියට ඉඳගෙන IMF යන්න කියලා ගායනා කරලා ඒකෙ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කරන කොට, මහජන සුබසාධන කප්පාදු කරනකොට, අධයාපනයට සෞඛ්‍යට කප්පාදුව ගේනකොට ඒකට විරුද්ධව බොරුවට නාහෙන් අඬන්න එපා. ඒ සඳහා විරෝධය දක්වද්දි බොරුවට IMF විරෝධී බෝඩ් අල්ලන්න එන්න එපා. ඒක තමයි දේශපාලනයෙ තියෙන නරකම තක්කඩිකම. තමන් කරනකොට හොඳයි, අනුන් කරගොට හොඳ නෑ කියලා මේ අය බොරු උද්ඝෝෂන කැඳවන්නෙ. ජනතාව මේ කප්පාදු කිරීම්වලට විරෝධය පළකරනකොට ඒ විරෝධය ගසා කමින් මැතිවරණ වලදි බලය ගන්න විතරයි මේ බොරු විපක්ෂය සටන් කරන්නෙ. බලය අරගත්තම ආපහු මේ පිළිවෙතමයි ක්‍රියාත්මක කරන්නෙ.

      නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ අපි ජනතාවට කියන්නෙ මේ ව්‍යාජ විරෝධතා දේශපාලනයට රැවටෙන්න එපා. මේ අය ජනතාව වෙනුවෙන් කියලා ගෙන යන ව්‍යාජ දේශපාලන රැවටිලිවලට හසු නොවී ඇත්ත ජනතා බලයක් වෙනුවෙන් සංවිධානය වෙමු, IMF ණය ගැනීමට ආණ්ඩුව තීරණය කළාම නැවත වරක් ජනතාවගේ විශේෂයෙන් වැඩකරන ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම් ඉදිරියට පැමිණීමට නියමිතයි.

      ඇත්තටම ආණ්ඩුව දැනටමත් විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ධ සංවාදයක් පැමිණ තිබෙනවා. ඒ ආකාරයෙන් ජනතා අයිතිවාසිකම් අහිමි කිරීම් ඉදිරියේත් පැමිණෙන විට මේ පාලක කණ්ඩායම් වගේම ව්‍යාජ විරෝධතා පරාජය කරලා සැබෑ ජනතා බලයක් වෙනුවෙන් කටයුතු කරමු, මේ ජනතා විරෝධී ආර්ථික පිළිවෙත වගේම ජනතා විරෝධී දේශපාලන සෙල්ලම නවත්වන සැබෑ ජනතා බලයක් වෙනුවෙන් ඒකරාශි වෙමු කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා.

      ලංකාවේ බහුතර පොදු අසරණ ජනතාව අද මුහුණ දෙන ජීවන දුෂ්කරතා මේ පාලක කල්ලි විසින් ගෙන ගිය ආර්ථික පිළිවෙත්වල ප්‍රතිඵලයක් නිසා නැවත ඔවුන්ගෙන් විසඳුම් සොයනවාට වඩා ජනතා බලයක් ගොඩනඟමින් ආර්ථික වැඩපිළිවෙළක් තුළින් විසඳුම් සෙවීම පිණිස ක්‍රියාකාරී විය යුතු ජනතාවයි. ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඇත්තේ ඔවුන් මේ රටේ ආර්ථිකයේ තීරකයන්, මෙහෙයවන්නන් බවට පත්වන ආර්ථික-දේශපාලන ක්‍රියාකාරිත්වයකින් පමණයි.”

      - ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති

      1.) කෙටි විස්තරයක් විනාඩි 01.06 යි

      2.) කෙටි විස්තරයක් විනාඩි 01.33 යි

      Delete
  4. ඉකොනොමැට්ටා,

    කලින් පෝස්ට් එකක කමෙන්ට් එකක්

    // ඉතා වෙහෙසකර රැකියාවල යෙදී මුදල් සොයනා මැද පෙරදිග ශ්‍රමිකයා එවන ඩොලරයට නිසි අගයක් ලබා නොදීමෙන් රජය කරන්නේ ඔවුන් මංකොල්ල කෑමක්, ඩොලරයට කළු කඩයේ රුපියල් 240-250 ආදී ලංසු තැබෙන්නේ රජයේ අනුවණ මූල්‍ය කළමනාකරණය සහ අධික දුෂණය නිසා බව කුඩා දරුවෙකුට වුවත් පැහැදිලිය.//

    මැදපෙරදිග පමණක් නෙමෙයි ලංකාවේ පිටත ඉන්න හැමොම වගේ (blue or white-collar) වෙහෙසකර රැකියා කරන බවයි මගේ මතය.

    කුඩා දරුවෙකු යමක් තේරුම් ගන්නා ආකාරයෙන් රටක ආර්ථිකය හසුරුවන ආකාරයත් ආර්ථික ප්‍රතිපත්තිත් විනිමය පාලනයත් තේරුම්ගැනීමට යෑමේදී "මංකොල්ල කෑමක්" වගේ අර්ථකථන වලට ඒම වැලැක්විය නොහැකියි.

    ලංකාවේ ජනතාවගේ වැඩි ප්‍රතිශතයකට මේ සම්බන්ධව න්‍යායාත්මක හා ප්‍රායෝගි දැනුම ඇමෙරිකා එක්සත් ජනපදය වගේ රටවලට සාපේක්ෂව අඩු නිසා ඔවුන් මෙවන් මත වලට පහසුවෙන් අහුවෙනව.

    මම හිතන්නේ ලංකාවේ රජය 2019 ඉඳන් භාවිතා කරන්නෙ flexible exchange (soft-peg) විනිමය පාලනය ක්‍රමයයි. ඊට පෙර රජය භාවිතා කරපු floating ක්‍රමයෙන් රුපියල ඩොලරට සාපේක්ෂව 131 ඉඳන් 182 වැටුනා පමණක් නෙමෙයි වේගවත්ව විචලනයට ලක්වුනා. ඒ නිසා තමයි ගුවන් සමාගම් රුපියල් අයින් කරල ඩොලර් වලින් ටිකට් නිකුත් කරන්න ගත්තේ.

    https://economynext.com/sri-lanka-in-stagflation-after-flexible-exchange-rate-collapse-30579/

    දැනට පවතින බරපතළ ආර්ථික අර්බුදය තුල හා අත්‍යාවශ්‍ය දේවල් පවා ආනයනය කරන නිසා peg ක්‍රමය floating ක්‍රමයට වඩා යෝග්‍ය බව මගේ අදහසයි. ඒ අනුව ඩොලරයේ අගය තීරණය කරන්නේ currency-peg අනුව මහ බැංකුවයි.

    හැමදාමත් කලු කඩේ ගෙව්වේ වැඩි අගයක්. එහෙම නැත්තම් කලු කඩෙන් ඩොලර් මාරු කරන්නේ කවුද? රුපියලට ගෙවන වෙනස ලොකුයි වගේ පෙනෙන්නේ ඩොලරයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස කොමිස් ගණනය කරන නිසයි.

    ඒ වගේම දූෂණ වංචා අලුත් දේවල් නෙමෙයි. කොරෝනා වසංගත නිසා ඇතිවුන සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීමත් විදේශ ශ්‍රමිකයන්ගේ රැකියා අහිමිවීමත්, රට වසා දැමීමත්, අපනයනය අඩුවීමත්, වර්ජන උද්ගෝෂණ නිසාත් ආර්ථිකයට වූනු හානිය වංචා දූෂණ වලට වඩා ඉතා වැඩි බව මගේ මතයයි.

    Chandima Gomes

    //මැති ඇමතිවරු යෙහෙන් වැජබෙද්දී විදේශගත ශ්‍රමිකයාට පමණක් කැප කිරීම් කරන්න යැයි කීම සාධාරණ නැත. එසේම එවන් අසාධාරණ පසුබිමක ශ්‍රමිකයා තමන්ට සාධාරණය සොයා අන්තරායයන් ගැනීම නීති මගින් නැවැත්විය නොහැක. ඔබ හෝ මා ඔවුන්ට මේ දේ කරන්න හෝ මේ දේ නොකරන්න යයි කීවාට ඔවුන් එය කරන්නේ නැත. රජය මේ බව තේරුම් ගැනීමට පමා වන සැම දවසක්ම රටට අයහපත වැඩි කරනු ඇත.//

    මැති ඇමතිලා යෙහෙන් වැජඹුනේ අද ඊයෙ ඉඳන් නෙමෙයි. හැබැයි මේ දවස් වල තියෙන ආර්ථික අර්බුදය නිසා දැන් ඔවුන් ඉන්නේ වෙනදාට වඩා හිරවෙලා, හිටියත් කැපවීම මදි තමයි. ඒ ඔවුන්ගේ රැකියාව. ඡන්දෙට වියදම් කරල ඒවා හම්බකර ගන්න බැරුවත් තම ඡන්ද දායයන්ට මූණ දීගන්න බැරුයි ඉන්නෙ. ඒ වුනාට දූෂණ වංචා ගැන වැලපෙන අනෙක් බොහෝ දෙනා අනුගමන කරන්නේත් අනුබල දෙන්නෙත් මැති ඇමතිලාගේ ක්‍රමයටම වීම අවාසනාවක්. නමුත් බලාපොරොත්තු වෙන්නේ නිර්මල ක්‍රමයක්.

    උණ්න්ඩියල් ක්‍රමයට සල්ලි යැවීමෙන් නීති විරෝධී කුඩු පාතාල ඇතුලු අනේකවිධ ජාවාරම් කාරයන්ටත් ඒවා පස්සෙ ඉන්න දේශපාලකයන්ටත් තමයි වැඩියෙන්ම වාසිවෙන්නේ.

    https://www.sundaytimes.lk/150301/sunday-times-2/on-the-trail-of-money-laundering-138022.html

    අවසානයේ ආර්ථිකය වැටුනුවිට බඩගින්නේ මිය යන්නේත් එකිනෙකා මරාගන්නේත් ජනතාවමයි. ඒ ගැන හිතල බලද්දී නම් විදේශයෙන් මේ වෙලාවේ හරි ක්‍රමයට සල්ලි යැවීම නීතිගරුක කමක් පමණක් නෙමෙයි රටට ආදරය කරන හැමෝගෙම යුතු කමක් නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. //ඒ ගැන හිතල බලද්දී නම් විදේශයෙන් මේ වෙලාවේ හරි ක්‍රමයට සල්ලි යැවීම නීතිගරුක කමක් පමණක් නෙමෙයි රටට ආදරය කරන හැමෝගෙම යුතු කමක් නෙවෙයි ද?//

      සාමාන්‍යයෙන් විදේශයක සිට ලංකාවට සල්ලි එවන කෙනෙක් ඒ සල්ලි එවන්නේ ලංකාවේ නිශ්චිත පුද්ගලයෙක්ට මිසක් "රටට" නෙමෙයි. ගෙදරට කියා හිතමු. රටට ඩොලර් එන එක එහි අතුරු ප්‍රතිඵලයක්. ඩොලරයට රුපියල් 250 බැගින් දෙන කෙනෙක් ඉන්නවානම් රුපියල් 200 බැගින් බැංකු හරහා එවන එකෙන් වෙන්නේ ගෙදරට ලැබෙන රුපියල් ගණන අඩු වෙන එකයි. බැංකු හරහා එවන එකෙන් වෙන්නේ තමන්ගේ පවුලේ අයට ලැබෙන රුපියල් වලින් කොටසක් අහිමි වෙන එක පමණයි. මේ අඩුවන කොටස වක්‍ර ලෙස ලබා ගන්නේ රජයයි. මෙය බදු අය කිරීම වැනි නීත්‍යානුකූල මංකොල්ලයක්. අනෙක් අතට උන්ඩියල් ක්‍රමයට එව්වත් අදාළ ඩොලර් ප්‍රමාණය රටට එනවා. රජයට එම ඩොලර් පාලනය කරන්න නොලැබෙන එක පමණයි වෙන්නේ. එක පැත්තකින් උන්ඩියල් ක්‍රමයට රටට සල්ලි එවන එක රජයේ විනිමය පාලනය නිසා පීඩාවට පත්ව ඉන්න ඩොලර් අවශ්‍ය ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන උදවුවක්. ඩොලරයේ කළුකඩ මිල මේ මට්ටමේ හෝ තියෙන්නේ උන්ඩියල් ක්‍රමයට රටට ඩොලර් එන නිසා.

      මම කවදාවත් උන්ඩියල් ක්‍රම භාවිතා කර නැහැ. ඒ ගැන හොයා බලලත් නැහැ. පහසුවෙන් යැවිය හැකිනම් සහ අවදානමක් නැත්නම් මේ වෙලාවේ මගේ තේරීම වන්නේ උන්ඩියල් ක්‍රමයක් භාවිතා කිරීමයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වැරදි වෙනුවෙන් මිලක් ගෙවන්න මට අවශ්‍ය නැහැ. එහෙත්, නීතියට පිටින් යාමේ අවදානම ගන්න මම කැමති නැහැ. ඒ නිසා, අත්‍යවශ්‍ය නැත්නම් මම මේ වගේ වෙලාවට ලංකාවට සල්ලි යවන එක ගැන හිතන්නේ නැහැ. කොයි වෙලේ හෝ විනිමය අනුපාතය නිවැරදි වන තුරු බලා ඉන්නවා. රටක් ලෙස ලංකාවට වැඩිම හානියක් වෙන්නේ මා මෙන් නීතිගරුක පුද්ගලයින් සල්ලි නොඑවා සිටීමෙන් මිසක් උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන අයගෙන් නෙමෙයි. ඒ අය පෞද්ගලිකව අවදානමක් ගෙන රටට සල්ලි එවනවා. රටට නොලැබී යන්නේ බැංකු ක්‍රමයෙන් පිට සල්ලි එවන්න කැමති නැති මා වැනි අය විසින් එවිය හැකිව තිබුණු ඩොලර්.

      Delete
  5. "⁣ඕක නම් ඇත්ත තත්වය ලංකාව අමාරුවේ වැටෙන්න අපි ඉඩ තියෙන්නෙ නැහැ. අපට පුළුවන් හැම දේම කරන්නම්" කියන තැනට බැසිල් ඉන්දියාව නම්‍යශීලී කරගෙන තිබුණේ ය. මීට මාස කීපයකට පෙර නැගෙනහිර ජැටිය ප්‍රශ්නය නිසා දැඩි සේ ලංකාව සමග උරණ වී සිටි ඉන්දියාව බැසිල් හමුවේ ඒ සියල්ල අමතක කර ඇත. අමාරුම අවස්ථාවක බැසිල් ඉන්දියාව රටේ වාසියට හරවාගත් පළමු අවස්ථාව මෙය නොවේ. යුධ සමයේ අවසාන මෙහෙයුම සිදුවන විට ද ඔහු ඉන්දියාව තමන්ගේ කැමැත්ත තුළට දමාගෙන සිටියේ විවිධ බටහිර බලවේග පවා මවිත කරමිනි.

    මේ අතර "ලංකාවට ලඟදිම සාගතයක් එනව. ඒ මදිවට තෙල් හා බෙහෙත් ගන්න ඩොලරුත් නැති වෙනවා" යැයි විපක්ෂය" මතයක් පා කර හැර තිබු⁣⁣ණේ ය. කිසියම් අතිශෝක්තියකින් හා කාලකන්නි සතුටකින් යුතු ඒ ප්‍රකාශයෙහි යම් ඇත්තක් නැත්තේ ද නැත. ලංකාවට ඩොලර් එන මාර්ග ඇහිරුණේ පාස්කු ප්‍රහාරයත් සමගය. වසංගතය එය තවත් උග්‍ර ක⁣⁣ළේ ය. මේ තත්වය තුළ මුදල් ඇමතිවරයා ලෙස තමන් වහා ක්‍රියාත්මක විය යුතු බව ඔහුට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මේ මොහොතේ රට හා ආණ්ඩුව බේරාගත හැකි එකම පුද්ගලයා තමන් බව බැසිල් අවබෝධ කරගෙන තිබුණි. ප්‍රායෝගික විසඳුම්වලින් වැඩ පෙන්වන බැසිල් ඉක්මන් විය. ඔහු මේ අවස්ථාවේ කළ හැකි හොඳම දෙය ඉන්දියාවේ සහාය ලබා ගැනීම බව තීරණය කළේ ය. ඔහු ඉන්දියා ගියේ එහි වැඩක් කළ හැකි ඉහළම නායකයින් හමුවීමටය. සංචාරය හිතුවාටත් වඩා සාර්ථක විය. ඉන්දියාව බැසිල්ට කොතරම් කුළුපග වූයේ ද කිවහොත් ඇතැම් ඇමතිවරු නිල සාකච්ඡාවේ දී කිව යුතු කරුණු ගැන පවා ඔහුට පුද්ගලික ව කලින් පවසා තිබූ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වාර්ත කර තිබූණි. ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස මෝදි ආණ්ඩුව ඔහුට සහතික කර තිබුණේ ලංකාවට අවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන පමණක් නොව ඩොලර් ද ලබා දෙන බවය.

    "බැසිල් මොනවාහරි කරයි" යන පාඨය තරමක් පැරණි වුවත් එය නැවත නැවතත් රටේ තීරණාත්මක අවස්ථාවල මතු වන සත්‍යක් බව පසුගිය කාලයේ ම අප කළ නිරීක්ෂණයකි. දැන් එය නැවතත් කරලියට පැමිණ ඇත. මීට පෙර දේශපාලනය සම්බන්ධයෙන් එය මතු වූ අතර බැසිල් එය සත්‍ය බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූයේ ය. මේ වන විට එය ආර්ථිකය සම්බන්ධයෙන් ද පැමිණ ඇත.

    තොර තෝංචියක් නැතිව මේ දිනවල ආණ්ඩුව එරෙහි තොරතුරු යුද්ධය ක්‍රියාත්මක වන්නේ ය. "ලංකාව අද වැටෙනවා. නැ හෙට වැටෙනවා" යැයි කියමින් විපක්ෂය ලංකාවට ලෝක විනාශය සිදුවන තුරු බලා⁣⁣ගෙන සිටින අතරතුර බැසිල් පසුගිය දා පාර්ලිමේන්තුවේ සිට විපක්ෂය දෙසට අතිශය දරුණු බෝම්බ ප්‍රහාර කීපයක් එල්ල ක⁣ළේ අනපේක්ෂිත ලෙසය. ජීවන වියදම් ප්‍රශ්න, ⁣ඩොලර් ප්‍රශ්න මැද උකටලීව සිටි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එම ප්‍රහාරය ලබා දුන්නේ නවතම ප්‍රාණ ජීවයකි. "අපි විදේශවලට ගෙවන්න තියෙන එක ඩොලරයක්වත් පැහැර නොහැර ගෙවන බවට සහතික කරනවා" යැයි බැසිල් කීවේ අන් කිසි තැනක නොව පාර්ලිමේන්තුවේ දී ය. මේ සහතිකය දිය හැකි ලංකාවේ දැන් සිටින එකම පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවට කවුරුත් වාද කරන්නේ නැත. එසේ ම එම සහතිකය දිය හැකි සුදුසුම ස්ථානය ද පාර්ලිමේන්තුව බවට විවාදයක් නැත.

    ReplyDelete
    Replies

    1. බැසිල් සාමාන්‍යයෙන් අනෙකුන්ට චෝදනා කරන්නේ නැත. එහෙත් විපක්ෂය රටේ වත්මන් අර්බුදය දකින "මැරිලා ඉපදුන දැක්ම" ඔහු කුපිත කර තිබුණි. "වසංගතයට අමතර ව මේ අර්බුදයට තවත් එක හේතුවක් තිබෙනවා". බැසිල් එසේ කියන විට ⁣ඊළඟ හෙණගෙඩිය ද පාත් වෙන්නේ තමන් මත බව විපක්ෂය සිතුවේ නැත. "ඒ හේතුව තමා ඔබලා පහුගිය ආණ්ඩුව තුළ කළ දේවල්" යැයි බැසිල් කියන විට ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මුහුණු කළු වී ගියේ අනපේක්ෂිත ලෙසය. බැසිල් ඒ වන විටත් ඔවුන් කළ හරිය ගැන සාධක ඉදිරිපත් කර තිබුණි. ආචාර්ය හර්ෂ ද සිල්වා ඔහුගේ කතාවේ දී අවධාරණය කළේ ඔවුන්ගේ කාලයේ මංගල සමරවීර පමණක් ධන ප්‍රාථමික ෂේශයක් සහිත අයවැයක් ඉදිරිපත් කළ බවය. බැසිල් තම කතාව පටන් ගනිමින් ම කීවේ ඒ ධන ශේෂය ලැබුණේ රුපියල් බිලියන 454ක බිල් නො⁣ගෙවා පැහැර හැර සිටි නිසා එය ධන වූ බවයි. විපක්ෂය නිරුත්තර විය.

      බැසිල්ගේ කතාව තුළ තිබුණේ රටේ වත්මන් තත්වය ගැන මැදිහත් ව බලන ලෙසට වන ඉල්ලීමකි. රට දුෂ්කර අවස්ථාවක තිබෙන බව ඔහු සඟවා තැබුවේ නැත. එය විසඳන වගකීම ද ඔහු ගත්තේ ය. එහෙත් මේ රෝග නිධානය කුමක්ද යන්න ගැන වන සංවාදය තුළ අසාධාරණ ලෙස වත්මන් ආණ්ඩුව ගිලටිනයට දක්වනවාට ඔහු එරෙහි වන්නේ විපක්ෂයට බිව් මව්කිරි සිහිපත් කරමිනි.

      මේ අතර, විපක්ෂය මේ වන විට සිටින්නේ රජ ඇඳුම් මසමිනි. ඔවුන් සිතන්නේ ආණ්ඩුවට වැඩි කළ දුවන්නට නොහැකි බවයි. එහෙත් 2022 අය වැය තුනෙන් දෙකද ඉක්ම වූ බහුතරයකින් සම්මත වීම ඔවුන්ට ගෙන දුන්නේ දැඩි මානසික වියවුලකි. විවිධ ප්‍රශ්න නිසා ජනතාව අතර ආණ්ඩුවට පස් පඩංගුවේ බණින සෙයක් තිබෙන බව කවුරුත් දන්නා කාරණයකි. එහෙත් එම ජනතා නොමනාපය දේශපාලන තීන්දුවක් බවට පත්ව නැති බව දේශපාලනය දන්නා බොහෝ අය දනිති. ඉදිරි කාලයේ දී ආණ්ඩුවට මේ රැල්ල හැරවිය හැකි බව වි⁣ශේෂඥ මතයයි. එය කළ හැකි එකම පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවද පක්ෂ විපක්ෂ සැම අදහති. ඒ අනුව ආණ්ඩුව තුළ සිටින ඇතැම් සුළු පක්ෂ මේ ගැන වැඩිපුර සිතන බව පසුගිය සතියේ පෙනී ගියේ ය. මන්ද බැසිල් වැඩකට බැස්සොත් එය නාගන්නේ නැති බවත්, කුමන තත්වය යටතේ හෝ ව්‍යාපෘතිය ගොඩදාන බවත් මොවුහු දනිති. ඒ අනුව, කෙසේ හෝ රටට ඩොලර් එන ආයෝජන වැළකීම සඳහා ආණ්ඩුව තුළම සිටිමින් කටයුතු කළ යුතු බව මොවුන් අදහස් කර ඇත. එය රටට එන්නට සිටින සෙසු ආයෝජකයිනට දෙන්නේ ද නිෂේධනාත්මක පණිවුඩවකි. LNG ආයෝජනයට එරෙහිව ආණ්ඩුවේ ම සුළු පක්ෂ තුනක් විපක්ෂය ද සමග අධිකරණය හමුවට ගියේ මේ අරමුණු සියල්ල සිත තබා⁣ගෙනයි.

      පිස්සන් කලබල වූවාට දොස්තර කලබල නැත. බැසිල් අයවැයෙන් පසු බත්තරමුල්ල තම නිවසට පැමිණ තම ඊළඟ සැලසුම ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය උපදෙස් දුන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටය. ඒ මෙවර අයවැය තුළින් ඉතිහාසයේ පළමු වරට ගමට වෙන් කර ඇති රුපියල් මිලියන 85000ක මුදල් කන්දරාව ගමේ මිනිහාගේ ජීවනෝපාය හා සෙසු පහසුකම් වර්ධනය කරමින් ව්‍යාපෘති රටේ සෑම බිම් අඟලකම ක්‍රියාත්මක කිරීම ගැනය. එම ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම යනු ආණ්ඩුව දේශපාලනිකව ශක්තිමත් වීම පමණක් නොව, රට ආර්ථිකමය වශයෙන් ද ස්ථාවර වීම බව බැසිල් දන්නේ ය. ඒ බැසිල් විස්වාස කරන ව්‍යාකරණයයි.

      Delete
  6. එහෙම පිට්න්ම අන්දොස් වී සිටින්නෙමි!

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා, ලංකාවට මෙවරත් හැදෙන්න වෙන්නේ නැහැ වගෙයි, අමන මල්වානේ මාළිගා ගෝතයා මේ පාරත් අර්බුදය කල් දාගන්න පොටක් පාදගෙන, නොදකින්.

    මේ අනුව මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබෙනව, මේ තියෙන්නේ ලින්ක් එක;

    https://economictimes.indiatimes.com/news/india/india-working-on-urgent-economic-package-to-help-lanka-tide-over-crisis/articleshow/88213984.cms

    මේ ලියමනේ හැටියට නම් ලංකාවේ ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව කියන්නේ මේකෙන් ලංකාවේ ආර්ථිකය ඉන්දියාවට ඕන පරිදි නැටවෙන රූකඩ රටක් හැදෙන බව විපක්ෂයේ අදහසයි.

    පහුගිය දවස් කීපයේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරය තුළ දමාගත් ඩීල් අනුව ලංකාවේ පිරමිඩ් එක තව දුරටත් නඩත්තු කිරීමට මෙම පියවර ගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස් වාර්තාව බැලුවම පේනවා, මේ අනුව අපි බලාපොරොත්තු වූ පරිදි ඩොලරය ෆ්ලෝට් කිරීම, අධික ලෙස බදු වැඩි කිරීම, රජයේ වියදම් සහ සහනාධාර කප්පාදුව වගේ දේවල් එක පාරටම නැතුව හෙමිහිට කරන්න හදන නිසා මේකෙන් අප බලාපොරොත්තු වූ වෙනස තව දුරටත් කල් යාම හෝ ආණ්ඩුව ජන මත්ය රිවස් කරන්න කටයුතු කරයිද දන්නෙත් නැහැ. අනේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඉකොන්?

    ReplyDelete
    Replies
    1. India’s Exim (export and import) Bank has discussed possible future infrastructure projects with Sri Lanka after channeling over 440 million US dollars into water supply projects in the country.

      India, as the regional power, is looking to increase its clout over Sri Lanka amid a worsening debt crisis in the island nation and a diplomatic tussle with easy-loan provider China.

      Last week’s visit of a three-member team from the Exim Bank of India came days after India pledged a 400 million US dollar swap, a 1 billion US dollar import loan for food, drugs, and essential items, and 500 million US dollars in fuel credit when Finance Minister Basil R visited New Delhi.

      “[Exim bank officials and Sri Lanka] also discussed projects which could be taken up under the BC-NEIA Programme in the future,” Indian High Commission in Sri Lanka said in a statement referring to Buyer’s Credit facilities under the National Export Insurance Account (BC-NEIA), a non-recourse loan facility by the Exim Bank.

      The bank has lent 441.42 million US dollars to Sri Lanka’s National Water Supply and Drainage Board (NWSDB) to finance four water supply projects.

      India has been increasingly engaging with Sri Lanka since mid this year despite Prime Minister MR unilaterally cancelling a 500 million US dollar East Container Terminal (ECT) deal at the Colombo port in February.

      However, higher level visits by Indian Foreign Secretary Shri Harsh Vardhan Shringla, top investor and Billionaire Gautam Adani, chairman of the Adani Group that has been chosen to develop the West Container Terminal (WCT), and top military officials have eased the diplomatic row between the two countries.

      India also has pledged to invest in the Trincomalee oil tank farm of which Sri Lanka owns 99 large oil storage tanks but can be developed at the behest of India because of a 2003 lease agreement.

      The Exim Bank officials’ visit also took place at a time when Sri Lanka’s ties with its deep-pocketed lender China are strained over a contaminated organic fertilizer consignment and the Sri Lankan government’s hesitation to allow a Chinese firm chosen through proper tender procedure for renewable energy projects in three islands in the north, 50 km away from South India.

      China recently said it is being suspended from the northern energy projects due to security concerns raised by a “third party”.

      China has become Sri Lanka’s largest lender since the end of the 26-year war. Beijing also assisted Colombo with arms in the final phase of the war in which India had initially helped the Tamil Tiger separatists with military training in the mid 1980s.

      Analysts say India is trying to win the confidence of the Sri Lankan government and people to drive out China and release Sri Lanka from Chinese influence, but at the expense of Sri Lanka becoming increasingly dependent on India for everything.

      Indian assistance, however, comes at a time when Sri Lanka is facing its worst ever economic crisis, risk of possible sovereign debt default and a shortage of foreign exchange threatening the country’s imports including essential food and medicines.

      Sri Lanka’s official reserves have plummeted to 1.6 billion US dollars, their lowest in more than a decade and the 81 billion dollar economy has to repay 500 million US dollar international sovereign bonds in mid-January.

      Delete
  8. ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයන් පස් දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබන කණ්ඩායම ඉහළම ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේ හෙල නිලධාරීන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනකුම ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන සමස්ථ ලංකා හෙද සංගමයන් පත්ව ඇත්තේ 66% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි.

    මීට අමතරව ජයග්‍රහණය කර ඇත්තේ ස්වාධීනව තරග කරන ලද කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යා ද සොයිසා පමණි, අනෙක් පැත්තෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 18% ක ප්‍රතිශතයක් සහ සමන් රත්නප්‍රිය මහතා මෙහෙයවන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 16% ක ප්‍රතිශතයක් ලබා ගෙන ඇත. මෙහිදී ශ්‍රී ලංකා හෙද සභාවට තවත් ක්‍ෂෙත‍්‍ර කිහිපයකින් නිලවරණ පවත්වා සාමාජිකයන් හය දෙනකු තෝරා ගන්නා අතර නිල බලයෙන් තවත් ක්ෂේත්‍ර නියෝජනය කරන අටදෙනෙකු පත් වෙයි. මෙහිදී සමස්ත හෙද සභාවේ නියෝජනය වන්නේ දහ නව දෙනෙකි.

    එමෙන්ම කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන කොටපොල විවිධ සේවා සමුපකාරය සුරැකීමේ සංවිධානය අති බහුතර බලයක් සහිතව ජයග්‍රහණය කළ අතර මහ සභාවේ සභික දුර 100ක් ඇති නියෝජනයෙන් එම පාර්ශවය සෘජුවම ආසන 55 ක් ලබාගත් අතර ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබන පාර්ශවය ලබාගත්තේ ආසන 35ක් පමණයි.

    ඉතිරි ආසන 10 දිනාගත් ස්වාධීන කණ්ඩායමේද සහායද ජවිපෙ පාර්ශවයට ලබා ගැනීම සඳහා සාකච්ඡා සිදුවන බවත් බොහෝ දුරට එම ඔවුන්ගේ සහාය ද තම පාර්ශවයට ලැබෙන බව පේනවා දැනටමත්.

    ReplyDelete
  9. මේ දිනවල ඌව වෙල්ලස්ස බින්තැන්න කලාපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක වටිනා සාරවත් ඉඩම් අක්කර 65,000 කට අධික ප්‍රමාණයක් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට වර්තමාන ආණ්ඩුව ද සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ හෙළිදරව් කළා.

    ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරයා සදහන් කරන්නේ ඩොලර් වෙනුවෙන් ඌව වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට දීමට නැවතත් සැලසුම් සකස් වෙමින් ඇති බවයි. මේ ගැන විස්තර සහිතව සියල්ල පැහැදිලි කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ——–

    //ඩොලර් වෙනුවෙන් ඌව වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට දීමට නැවතත් සැලසුම්

    ඌව වෙල්ලස්ස බින්තැන්න කලාපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක වටිනා සාරවත් ඉඩම් අක්කර 65,000 ක් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට වර්තමාන ආණ්ඩුව ද සූදානම් වෙයි.

    2006 දෙසැම්බර් 6 වන දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන කාලයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කොට මුලින්ම මීට ආසන්න පෙදෙසකින් ඉඩම් අක්කර දහසක් පමණ බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමක් වූ බූකර්ට්‍රේට් සමාගමට ලබාදීමට එවකට පැවති රජය ජවිපෙ ප්‍රමුඛ මහජන විරෝධය නොතකා හරිමින් කටයුතු කළා.

    ඉන් අනතුරුව බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙකී ඉඩම් සිංගප්පූරුවේ ගzසල් වෙන්චර්ස් බහුජාතික සමාගමට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තේ පෙරකී සමාගම් දෙකම ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ප්‍රධාන කාර්යාලයක් ද බිබිල කේන්ද්‍ර කරගනිමින් තවත් කාර්යාල ද විවෘත කර ගනිමින් මෙම ඉඩම් කොල්ලයට සුදානම් වන අතරයි.

    කෙසේ හෝ මේ සියලු උත්සාහයන් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ ලෙස මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් මේ රටේ පරිසර වේදීන් හා පරිසර සංවිධානවල සහාය ද ගනිමින් පසුගිය වසර පහළොවක් පුරාවට අප පරාජය කර තිබේ.

    ඉතිහාසයේ ඓතිහාසිකව සිදුවූ පොදු මහජනයාටත් පරිසරයේ ගහකොළ සතා සීපාවාටත් හිමි සම්පත් වූ මෙම ඉඩම් මංකොල්ලයන්ගෙන ජනාධිපතිවරු දෙදෙනෙක් ගත් උත්සාහයන් වලින් එකක් පරාජය කළ අපට තුන්වන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ යටතේද මෙම ඉඩම් කොල්ලය පැරදීවීමට දැන් සිදුවී ඇත.

    කෙසේ නමුත් මෙම ඉඩම් දඹාන, පොල්ලෙබැද්ද, රතුගල, ආදිවාසී ජන කොට්ඨාස තුන භුක්ති විඳින මෙන්ම ප්‍රදේශය සාමාන්‍ය ගොවිජනතාව භුක්තිවිදින ඉඩම් ද වේ. නිල්ගල ඖෂධ වනය, මාදුරුඔය රක්ෂිත වනය, සේනානායක සමුද්‍රයේ රක්ෂිත වනාන්තර, ප්‍රධාන රක්ෂිත වනාන්තර ගණනාවක සීමාවන්ට ආසන්නයේ පවතින ප්‍රේරණ කලාපයන්ගේ ඉඩම් ද මෙලෙස ගොදුරු කර ගැනීමට නියමිතව ඇත.

    තවත් පැත්තකින් මෙම සමාගමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට යෝජිත අක්කර 372 ක ඉඩම තුළ , පුරාවිද්‍යාත්මක ස්ථාන හතක් හඳුනාගෙන තිබේ. ඒ අතර ස්ථූප ගොඩැල්ලක්, කටාරම් සහිත ගල් ලෙනක් මුරගල්, සඳකඩ පහණ අවශේෂ මේ බිම තුළ හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික විශාලතම කටුඋන ප්‍රජාව මේ තුළ පිහිටා තිබේ. ගල්ඔය, මාදුරුඔය, උල්හිටිය ඔය, හෑපොල ඔය ආදී ප්‍රධාන ජල පෝෂිත ප්‍රදේශ මෙම දැවැන්ත අක්කර 65,000 තුල පිහිටා තිබේ.

    කෙසේ නමුත් මෙම දැවැන්ත සම්පත් මංකොල්ලයට එරෙහිව අරගල කරන අපට මහියංගන උසාවියේ නඩු 52 පසුගිය කාලය තුළ රජය විසින් ගොනුකළ අතර, මේ විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය මැදිහත්වීමෙන් බදුල්ල මහධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු කීපයක්ද ගොනු කර තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් ප්‍රදේශයේ අහිංසක ගොවි ජනතාවගේ ඉඩම් සංවර්ධනය උදෙසා මේ මොහොත වන විටත් අතහිත දෙමින් තිබිය දී දූෂිත මුදලට කෑදර දේශපාලුවන් යටතේ පවතින රජය මහා පාරිසරික විනාශයකට මග පාදමින් ඇති අතර අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශයක් වන මෙහි මෙවැනි දැවැන්ත පාරිසරික විනාශයක් සිදුකරමින් සමාජ ආර්ථික ගැටලු නිර්මාණය කරන මෙවැනි ව්‍යාපෘතියකට කිසිසේත් ඉඩදිය නොහැක.

    පහුගිය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය මෙන්ම වර්තමාන රජය යටතේ ද නැවතත් බහුජාතික සමාගමක් සඳහා මෙම ඉඩම් ලබාදීමේ සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. රටේ සම්පත් එකිනෙක විකුණා දමමින් ඩොලර් සොයන ආණ්ඩුව ඓතිහාසික ඌව වෙල්ලස්ස බින්තැන්නේ වටිනා ඉඩම් කුණු කොල්ලයට කොල්ලකෑමට මේ ගන්නා උත්සාහය පැරදීම වෙනුවෙන් අප සංවිධානය යෝජිත කර්මාන්ත ශාලා භූමියේ ජනතාවගේ ගොවිබිම් මධ්‍යයේ සිට විරෝධතාවයක් දක්වමින් රට දැනුවත් කිරීමක නිරත විය. මීට තව තවත් පුළුල් ලෙස මහජන සහාය අත්‍යවශ්‍යයි//

    මේ නිසා ඔබගේත් නොමසුරු සහාය මේ සඳහා හැකි පමණින් ලබා දෙන්න.

    ReplyDelete
  10. President NG Raja paksa left for Singapore for a medical check up Monday, hours after proroguing parliament, a move that dissolved most of the oversight committees, officials said.

    NG Raja paksa who had undergone heart bypass surgery at Singapore’s Mount Elizabeth hospital in May 2019 returned for a close medical examination, officials close to him said.

    The 72-year-old leader was a no show at a diplomatic reception in Colombo on Sunday night and invitees were told that the president was indisposed.

    Hours before flying out, he prorogued parliament till January 18, a week later than it was scheduled to reopen after the assembly took a one-month recess following the 2022 budget debate.

    Related

    Sri Lanka President prorogues parliament -
    https://economynext.com/sri-lanka-president-prorogues-parliament-88797/#modal-one

    With the president proroguing parliament, most of its committees automatically get dissolved, including the Committee of Public Enterprise (COPE) which recently questioned the actions of senior Board of Investment (BOI) officials.

    The BOI board quit following the allegations, but the president had asked them to stay on as they were his handpicked nominees to attract much needed foreign direct investment into the island.

    Meanwhile, a cabinet minister said they were due to discuss the IMF issue at Monday’s cabinet meeting, but the matter was put off as the president had suddenly travelled abroad.

    “We were to take up the IMF issue and the Yugadhanavi deal at today’s cabinet meeting, but since the president is out, there will be no discussion on those two issues,” the minister said.

    ReplyDelete
  11. මට පෙනෙන විදිහට ආණ්ඩුව විසින් කරන්නේ සියුම් දේශපාලන ක්‍රීඩාවක්. ආණ්ඩුව විසින් හිතාමතාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රතික්ෂේප කරමින් එහි අහිතකර විපාක ගැන ජනතාව දැනුවත් කරමින් සිටිනවා. විපක්ෂය, විශේෂයෙන්ම එජාප සහ සජබ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන මෙන් ආණ්ඩුවට බල කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ කොයි වෙලාවක හෝ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමෙන් පසු විපක්ෂයට තව දුරටත් ආණ්ඩුවට චෝදනා කරන්න ඉඩක් ඉතිරි වන්නේ නැහැ. ඉන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට තබා ආණ්ඩුවට අර "නරක දේවල්" සියල්ල පහසුවෙන් කළ හැකියි. කෝවිඩ් පාලනයේ සිට රසායනික පොහොර තහනම දක්වා බොහෝ අවස්ථා වලදී ආණ්ඩුව අනුගමනය කළේ මේ එකම උපක්‍රමයයි.

    කබ්රාල්ගේ 3 වෙනිදා කතාවෙන්ම මට ඕක තේරුණා ඉකොන්. මේගොල්ලන්ට ඕනේ ඕක කාගේ පිටින් හරි තියලා අතහොදගෙන 2024 ජනදිපතිවරනෙට මුහුණ දෙන්න. කොටින්ම මේ විනිමය අර්බුදය නෙමේ මේ මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ. ආයිත් කොහොමද 2024 බලය අල්ලගන්ගේ කියන එක. ඒවාට නම් හොදට මොලය තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාව මේ දක්වා 16 වතාවක් අයි එම් එෆ් ප්‍රොග්‍රෑම් වලට ගිහින් තියෙනවා, තව ලංකාවේ අනුකාරක පොතේ උගතුන් වන මහාචාර්යවරුන් අයි එම් එෆ් ගිය කාලවල ලංකාවේ ආර්ථිකය අම්මට සිරි වෙන්න වර්ධනය වෙලා තියෙනවා කියල පර්යේශණ වාර්තා පවා හදලා නිකුත් කරලා, කබ්‍රාල්ගේ මහ බැංකු වාර්තා වගේ වෙන්න ඇති.

      ගෝලීය වශෙයෙන් ගත්තම කෙසේවත් අයි එම් එෆ් ප්‍රෝග්‍රෑම් එකකට ගිය පළමු රට ලංකාව නොවේ. ඇත්තටම යුද්ධය කාලෙ මේ වගේම 2009 ආර්ථික අර්බුදය සමගම ලංකාව බරපතළ විදේශ මුදල් හිඟයකට මුහුණ දී නන්නත්තාර වුණ වෙලාවේ නාකි මයිනා මහින්දත් යූ.එන්. පී එකෙන් පැනපු රනිල්ගේ ආර්ථික ප්‍රති පත්ති විස්වාස කරපු කබරයගේ උපදෙස් පිට ඒ කාලෙත් ඒ වගේ එකකට ගියා මතකයි නේද? මිලින්ද මොරගොඩලා පොර ටෝක් නහුතෙට ඉශූ කළත් දැං ඒකෙන් හොදක් උනාද? 2009 - 2012 අයි එම් එෆ් වැඩපිළිවෙළින් වුණේ රු. 107 ට තිබ්බ ඩොලර් එක 2012 රු. 122 ක් විතර වැඩිවෙලා හැම දේම ගිණි ගණන් ගිහින් ආණ්ඩුව පිරිහෙච්ච එක.

      2015 වෙද්දි රනිල්ගේ වාසනාව නිසා 2014 දෙසැම්බර් වල පටන් අරන් 2018 විතර වෙනකම් ලෝක තෙල් මිල ගෑස් මිල සහ ඒ ආශ්‍රිත අනෙක් නිශ්පාදනවල මිල ඉතාමත් විශාල ලෙස පහළ ගිය එකෙන් තාවකාලිකව බඩුමිල පහළින් තියා ගත්තත් 2018 විතර වෙද්දි වැඩේ ගැස්සිලා කෙළවෙලා ගියා.

      ඇත්තටම අයි එම් එෆ් ගැන මාතෘකාවට ආයෙත් ආවොත් යුක්රේනය, ග්‍රීසිය, පෝලන්තය ඉන්දුනීසියාව ආදියත් මෑත කාලයෙ එකකට අය් එම් එෆ් බේලවුට් එකකට ගියපු රටවල්. ඒව දැං ගොඩද? ඉන්දුනීසියාව ඩොලර් බිලියන 43 ක පැකේජ් එකකට ගියා, පකිස්තාන් මාසයක ඇතුලත ඩොලර් බිලියන් 6 ක පැකේජ් එකකට ගිගින් ඓත්හාසික විදිහර පකිස් රුපියල අවප්‍රමාණය කරගේන චොර වෙලා ඉන්නවා.

      ලෝකයේම සුප්‍රකටම අයි එම් එෆ් වැඩසටහන කරපු ග්‍රීසියනං අන්තිමට අයි එම් එෆ් එකෙන් ගත්තු ණය ටික පවා ණයත් ගෙවන එක බෑ කිව්ව. ඒක පහු ගිය කාලේ පුරාම මහ ලොකු කේස් එකක් පත්තු වෙලා හෙනම කචල් එකක් උනා. චෝදනාව උනේ අයි එම් එෆ් එක ගෝලීය ධනවත් බලවත් පෞද්ගලික බැංකුවලට අතිශය වාසි සහගත වෙන වෙන විදියට ග්‍රීසිය තව හිර කරා කියන එකයි.

      ඇත්තටම අයි එම් එෆ් බේලවුට් (IMF Bailout) එකකට ගිහිල්ල 'ගොඩ ගිය' බංකොලොත් වෙන්න ඕන්න මෙන්න තිබ්බ එකම රටකට හරි උදාහරණයක් දෙන්න පුළුවන්ද? එකක් කියන්න බලන්න.


      IMF has utterly failed to achieve the objective of eliminating exchange controls and trade restrictions. It has not succeeded to restrictions on foreign trade of member countries. In the present era, even the most developed countries like USA and UK are adopting protective policies in the field of trade.



      https://www.aljazeera.com/economy/2021/10/26/world-bank-turns-down-imf-bosss-appeal-to-defend-herself-report



      https://www.aljazeera.com/program/the-bottom-line/2021/9/30/whats-behind-the-world-bank-scandal-of-country-rankings

      Delete
  12. ඉකොනොමැට්ටා,

    ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටීමේ අවස්ථාවට මුහුණ දී සිටින ලංකාවේ දැනට රට තුළ ඇති ඩොලර් සංචිතය සති 2කටවත් ප‍්‍රමාණවත් නොවන බැවින් මෙය ඉතිහාසයේ දරුණුතම විදේශ සංචිත පහත වැටීමේ අවස්ථාව නිසාම ඉදිරි මාස දෙක කාලයේ දී අවම වශයෙන් ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට පවත්වාගෙන යාමට අපහසු වන බවත් ලංකාව සතුව ඇති දැනට ඇති විදේශ සංචිත අතරින් වහාම භාවිතා කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 1,100ක් පමණ වන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන තහවුරු කළා, ඒ අනුව ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසඳීමේ දී එය ප්‍රමාණවත් වන්නේ සති දෙක හමාරකට පමණයි

    නමුත් 2022 වසරේ ලංකාවේ ආනයන අවශ්‍යතාවය ඇමරිකානු ඩොලර් බිලියන විසි තුනක් (23 Billion US$) පමණ වන බව ද ඔහු පෙන්වා දෙමින් පැවසූවේ මෙය ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටිමේ අවස්ථාව හින්දා රජය මේ අවස්ථාවේ වහාම රටේ තත්ත්වය විශ්ලේෂණය කරමින් ගත යුතු ඉදිරි පියවර ගැනීමට ක්ශ්ණිකවම හැකි ඉක්මණින් තිරණය කිරීම කළ යුතු බවත් මෙම මාසය ඇතුළත ලංකාව මහා පරිමාණයෙන් විදේශ විනිමය නොලැබුණොත් ලංකාව ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව ද ලංකාවේ පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ද දැනටමත් බරපතල ලෙස ප්‍රමාද වැඩි බව කී ඔහු චීනය ඇමරිකාව වැනි රටකින් ඩොලර් කෝටි 500ක පමණ විදේශ විනිමය සපයා ගැනීමට රජයට මේ අවස්ථාවේ සිදුවන බවද කියා සිටියේ ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් ගිවිසුමක් ඇතිකර ගතහොත් එම අරමුදල ප්‍රතිපත්තිමය කොන්දේසි සඳහා එකඟ වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන තහවුරු කළ පසුවයි.

    බන්දුල ගුනවර්ධන කියන විදිහට ජා. මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නේ නම් ඊට ප්‍රථම ලංකාව විසින් සලකා බැලිය යුතු කරුණු බොහෝමයක් තිබෙන බවත් එමෙන්ම පුළුල් සංවාදයක් රට තුළ ඒ ගැන ඇති කළ යුතු බවත් උදාහරණයක් ලෙසින් රජයේ අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීම හා ඒ වෙනුවෙන් සේවක වැටුප් හා මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමට සිදුවන බවත් පැවසූ ඔහු ගෑස් මිල තව දුරටත් දැනට පවතින 12.5 බර සිලින්ඩරයක් රුපියල් 3,000 සිට තවත් වැඩි කරමින් තවත් රුපියල් 4,300 තරම් ඉහළ අගයකට ඉහළ දැමීමට සිදුවනු ඇති බවද පෙට්‍රල් මිල රු. 157 සිට රු. 200 ඉක්මවාත් ඩීසල් රු 111 සිට රු. 160 පමණ දක්වාවත් ඉහළ දමමින් ආනයන වෙළඳ පොළ තව දුරටත් විවෘත කරමින් නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත් ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ජනතාව ඊට කැමති දැයි විමසා බැලිය යුතුව ඇති බව ද පැවසීය.

    හැබැයි මේ සමගම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සඳහා එකඟ වුවහොත් ඇතිවන තත්ත්වයන්ට ජනතාවගේ කැමැත්ත ගැන විමසිලිමත් විය යුතු බවද ඔහු පවසයි. මෙහිදී රජය කළ යුත්තේ කුමක්ද?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...