වෙබ් ලිපිනය:

Thursday, April 21, 2022

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද?


පසුගිය ලිපියෙන් පසුව ගොඩක් අය භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ හා අදාළ තවත් ප්‍රශ්න ගණනාවකුත් ඇහුවා. ලංකාවේ බොහෝ දෙනෙක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි බව දන්නේ නැහැ. දැනගත්තත් එය කරන හැටි දන්නේ නැහැ. එහි වාසිය සුළු පිරිසක් විසින් ගන්නවා.

භාණ්ඩාගාර බිල්පත් කියා කියන්නේ මොනවාද?

සරලව කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් කියන්නෙත් ස්ථිර තැන්පතුවක් වගේ දෙයක්. වෙනස්කම් තිබෙනවා. ස්ථිර තැන්පතුවක් දමද්දී ඔබ කරන්නේ බැංකුවකට ණය දෙන එක. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරද්දී කරන්නේ රජයට ණය දෙන එක. 

භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන එක අවදානම්ද?

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප අතරින් අවදානම අඩුම සේ සැලකෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එකයි. ස්ථිර තැන්පතු ආදියේ සල්ලි දමන එක ඊට වඩා අවදානම්. බැංකුවක් පහසුවෙන්ම බංකොලොත් විය හැකි නමුත් රජයක් ඒ තරම් පහසුවෙන් බංකොලොත් වෙන්නේ නැහැ. 

එහෙමනම් දැන් වෙලා තියෙන්නේ මොකක්ද?

දැන් වෙලා තියෙන්නේ රජය බංකොලොත් වීමක් නෙමෙයි. එය එක විදිහකින් රට බංකොලොත් වීමක් කියා කියන්න පුළුවන්. ඩොලර් නැති නිසා රජය විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරලා තිබෙනවා. නමුත්, රජයේ රුපියල් ණය හා අදාළව මෙවැනි අවදානමක් ඇති වෙන්න තිබෙන ඉඩ ඉතාම අඩුයි. රජයකට බදු වැඩි කිරීම, සල්ලි අච්චු ගැසීම වැනි බැංකුවකට හෝ වෙනත් අයෙකුට නැති විකල්ප හරහා සල්ලි හොයා ගෙන ණය ගෙවන්න පුළුවන්. දැන් වුනත් ලංකාවේ රජයට ඩොලර් ණයට දී තිබෙන අයෙකුට රුපියල් වලින් එම ණය හා පොලිය ආපසු ගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ගන්නේ කොහොමද?

මුලින්ම රජය විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ හෝ වෙන්දේසියට පිටින් විකුණන කොට ඒවා කෙළින්ම මිල දී ගන්න පුළුවන් වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන කිහිපයකට පමණයි. වෙනත් අයෙකුට මිල දී ගන්න අවශ්‍යනම් වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු මාර්ගයෙන් මිල දී ගත යුතුයි. මේ විදිහට "ප්‍රාථමික වෙළඳපොළෙන්"  භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ සැලකිය යුතු මුදලක් ආයෝජනය කළ හැකි අයයි. අනෙක් බොහෝ දෙනෙකු කරන්නේ වාණිජ බැංකුවක් හෝ ප්‍රාථමික ගැනුම්කරුවකු විසින් වෙන්දේසියෙන් මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් ඔවුන්ගෙන් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ "ද්වීතියික වෙළඳපොළෙන්" මිල දී ගන්න එක.

එතකොට මහ බැංකුවේ තිබෙන සම්බන්ධය කුමක්ද?

මේක ටිකක් පැටලිලි සහගත දෙයක්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයට දෙන ණය මිසක් මහ බැංකුවට දෙන ණය නෙමෙයි. එහෙත්, රජය වෙනුවෙන් වෙන්දේසිකරු ලෙස කටයුතු කරන්නේ මහ බැංකුව. ණයකරුවන්ගේ ගිණුම් නඩත්තු කරන්නෙත් මහ බැංකුව. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයක්. ඇත්තටම මේ වැඩේ මහ බැංකුවක් විසින් කළ යුතු වැඩක් නෙමෙයි. වෙන රටවල මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාරය.

වෙන්දේසිකරු ලෙස කටයුතු කරන අතරම මහ බැංකුවත් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා. ඒ කියන්නේ රජයට ණය දෙනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහනවා කියා කියන්නෙත් මේ වැඩේට. (කොහොම වුනත් සල්ලි අච්චු ගැහීම මීට වඩා සංකීර්ණ දෙයක්. කලින් ලිපි බලන්න.)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න කොපමණ මුදලක් අවශ්‍යද?

අවම වශයෙන් රුපියල් 50,000ක් ආයෝජනය කර ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකියි. (අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල කොපමණ කාලයකට ආයෝජනය කළ යුතුද?

මාස තුනකට, හයකට හෝ වසරකට ආයෝජනය කළ හැකියි. (අවම වශයෙන් මාසයකට ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා)

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක අමාරු, සංකීර්ණ වැඩක්ද?

කොහෙත්ම නැහැ. ස්ථිර තැන්පතු දමනවා වගේ තමයි. ලඟම තිබෙන බැංකු ශාඛාවෙන් වැඩේ කරගන්න පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ස්ථිර තැන්පතු දමන එකට වඩා පාඩුද?

කලින් කිවුවා වගේ භාණ්ඩාගාර බිල්පත් වල අවදානම ස්ථිර තැන්පතු දමන එකේ අවදානමට වඩා අඩුයි. හරිනම් ස්ථිර තැන්පතු දමනවැඩි එකට වැඩි ප්‍රතිලාභයක් ලැබිය යුතු වුවත්, ලංකාවේ තිබෙන විකෘති තත්ත්වය නිසා අවදානම අඩු භාණ්ඩාගාර බිල්පත් වලට වැඩි ප්‍රතිලාභයකුත් ලැබෙනවා. පහත තියෙන්නේ අද (අප්‍රේල් 22) සිට බලපාන සම්පත් බැංකුවේ පොලී අනුපාතික. මේ අනුපාතික රුපියල් 50,000 ආයෝජනයකට. ආයෝජනය වැඩි වෙද්දී මේ අනුපාතික තවත් ටිකක් වැඩි වෙනවා.

මාස 3 - 20.80%

මාස 6 - 20.80%

වසර 1- 21.05%

ඉහත පොලී අනුපාතික සම්පත් බැංකුවේම ස්ථිර තැන්පතු පොලී අනුපාතික සමඟ සසඳා බලන්න.

මාස 3 - 6.25%

මාස 6 - 7.00%

වසර 1- 7.50%

අවම වශයෙන් රුපියල් 10,000ක් ආයෝජනය කළ හැකි ක්‍රමයක්ද තිබෙනවා කිවුවා නේද? ඒ මොකක්ද?

භාණ්ඩාගාර බිල්පතක් මිල දී නොගෙන බැංකුවට අයිති බිල්පතක කොටසක් යම් කාලයකට "කුලියට ගන්නවා" වගේ වැඩක් කරන්නත් පුළුවන්. මේ ක්‍රමයට මාසයකට මුදල් ආයෝජනය කරන්න වුනත් පුළුවන්. එහිදී බැංකුවට අයිති බිල්පතකින් කොටසක් යම් කාලයකට ඔබට අයිති වෙනවා. ඒ කාලයට අදාළ පොලිය ලැබෙනවා. 

සල්ලි දැම්මට පස්සේ කල් පිරෙන්න කලින් සල්ලි ආපසු ගන්න බැරිද?

පුළුවන්. එහිදී බිල්පත ඒ වන විට එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්න වෙනවා. එය තීරණය වන්නේ ඒ වන විට තිබෙන පොලී අනුපාතය අනුව. බිල්පත ගත්තට පස්සේ පොලී ඉහළ ගිහින්නම් සාමාන්‍යයෙන් පාඩුවක් හෝ ලාබය අඩු වීමක් වෙනවා. පොලිය අඩු වෙලානම් මුලින් බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ලාබයක් ලැබෙනවා.

සල්ලි දැම්මට පස්සේ බැංකුව බන්කොලොත් වුනොත් මොකද වෙන්නේ?

කිසි ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩාගාර බිල්පතක් බැංකුවකින් ගත්තත් ඔබේ නමින් එම බැංකුවේ වගේම මහ බැංකුවේත් ගිණුමක් ආරම්භ වෙනවා. ඔබේ බැංකුවෙන් වගේම මහ බැංකුවෙනුත් ඔබට ගිණුම් ප්‍රකාශ ලැබෙනවා. වක්‍ර ලෙස ඔබේ ගිණුම තිබෙන්නේ මහ බැංකුවේ කියන්නත් පුළුවන්.

භාණ්ඩාගාර බිල්පත් ඔය තරම් වාසිදායකනම් හැමෝම භාණ්ඩාගාර බිල්පත් නොගෙන ස්ථිර තැන්පතු දමන්නේ ඇයි?

මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. කෙටි පිළිතුර ලංකාවේ බොහෝ දෙනෙකුට මූල්‍ය සාක්ෂරතාවය නැති වීම. ඇතැම් අය හිතාමතා කියන බොරු වලට වෙනත් ක්ෂේත්‍ර වල විශේෂඥයින් පවා පහසුවෙන් අහුවෙන්නේ ඒකනේ. මිනිස්සු 7% පොලියට බැංකුවේ සල්ලි දානවනම් ඒ සල්ලි අනෙක් පැත්තට 24% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා විශාල ලාබයක් ගන්න පුළුවන්කම තියෙද්දී, පොඩි කොමිස් මුදලකට මිනිස්සුන්ට විකුණන්න මහන්සි වෙන්නේ මොකටද? ඒ නිසා, කිසිම බැංකුවක් සක්‍රිය ලෙස භාණ්ඩාගාර බිල්පත් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. කවුරු හරි ගිහින් ඇහුවොත් විතරක් භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දාලා දෙනවා. නැත්නම් ස්ථිර තැන්පතුවකට ඒ සල්ලි අරගෙන බැංකුවේ නමට භාණ්ඩාගාර බිල්පත් ගන්නවා. 

54 comments:

  1. මම කමෙන්ට් එකක් දාන්න හැදුව විතරයි මේ ගැන ලිපියක් ලියන්න කියල. ටෙලිපතිද?
    ලිපිය කියෝල තව ප්‍රශ්න අහ්න්නම්.

    ReplyDelete
    Replies
    1. අපැහැදිලි තැනක් තියෙනව.
      ලිපියේ විදියට 50000ක් ආයෝජනය කලොත් බැන්කුව ද්විතීක පවෙලඳ පොලෙන් භාන්ඩාගාර බිල්පතක් අරන් දෙන් එක ද කරන්නෙ? නැතිනම් බැන්කුවට අයිති එකකින් කොටසක් අපිට මාස 3ට දෙනවද? මේකෙදි වෙන ටයිම් ලයින් එක පහැදිලි මදි

      Delete
    2. ඇත්තටම ප්‍රායෝගිකව ඕක කොහොම වුනත් ලොකු වෙනසක් නැහැ. අවසාන වශයෙන් තමන්ගේ නමට භාණ්ඩාගාර බිල්පතකින් කොටසක් ලැබෙනවා. 50,000ක් වගේ ගාණක් නෙමෙයි මිලියනයක් දෙකක් වුනත් දමද්දී බැංකුවක් ප්‍රාථමික වෙළඳපොළෙන් හෝ ද්වීතියික වෙළඳපොළෙන් එය මිල දී ගන්න යන්නේ නැහැ. බැංකුවට අයිති ගොඩෙන් එකක් (ක්ෂණිකව) දෙන එකයි කරන්නේ. ඊට වඩා දෙයක් කරන්නේ මිලියන ගණනාවක විශාල ආයෝජනයක් ආ විට පමණයි.

      Delete
    3. ඊයෙ මම ගිහින් මේක ගැන බැන්කුවෙ මැනේජර්ගෙන් ඇහුවම ඌ කිව්වනෙ මිලියන් ගානක් දැම්මොත් විතරයි බිල් වල ආයෝජනය කරන්න පුලුවන් කියල. ඌ මොත්තයක්ද දාන්නෙ?

      Delete
    4. පැහැදිලි කිරීමට ස්තුතියි ඉකොනෝ. මම බැංකුවට ගිහිං ඇහුවා. මගේ ලක්ෂ 5 ක්‍ තියෙනවා. බිල් එකක් දාන්න ලෑස්ති මම.

      Delete
    5. //ඊයෙ මම ගිහින් මේක ගැන බැන්කුවෙ මැනේජර්ගෙන් ඇහුවම ඌ කිව්වනෙ මිලියන් ගානක් දැම්මොත් විතරයි බිල් වල ආයෝජනය කරන්න පුලුවන් කියල. ඌ මොත්තයක්ද දාන්නෙ?//

      මොන බැංකුවද?

      Delete
    6. ලංකා බැංකුව

      Delete
    7. ඕක රාජ්‍ය බැංකු වල ප්‍රශ්නය. බැහැ කියල නිකම් හිටියාම ලේසියිනේ. හොරකම් ගැන බර දාලා කතා කළත් ඕක තමයි ඇත්ත ප්‍රශ්නය.

      කැමතිනම් ආපසු ගිහින් මේ වෙබ් පිටුව පෙන්වන්න.

      ලංකා බැංකුව මගින් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය

      "ලංකා බැංකුවේ ප‍්‍රාථමික වෙළඳ අංශය විසින් රජයේ සුරැකුම්පත් ගණුදෙනු සිදු කරනු ලබයි.
      ලංකා බැංකු ශාඛා ජාලයේ ඕනෑම ශාඛාවක් හරහා රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේ පහසුකම මහජනතාවට සලසා තිබේ.
      භාණ්ඩාගාරක බිල්පත්
      ප‍්‍රධාන ලක්ෂණ:

      ආපසු ගෙවීම පිළිබඳ රජයේ තහවුරුව
      ආයෝජන කාලය-මාස 03,මාස 06,මාස 12
      අවම ආයෝජනය-රු.10,000.00
      ආයෝජන ඒක පුද්ගල හෝ බද්ධ වශයෙන් කළ හැක.
      හිමිකම අන් අයට පැවරීමට හැකිවීම.
      ආයෝජනය ඇපයට තබා බැංකුවලින් ණය මුදල් ලබාගැනීමේ පහසුකම.
      පුද්ගල ආයෝජකයන් ආදායම් බදුවලින් තොරය."

      https://gic.gov.lk/gic/index.php/en/component/info/?id=793&task=info


      ඊට වඩා ලේසියි සම්පත් බැංකුවට හරි කොමර්ෂල් බැංකුවට හරි ගියානම්. සල්ලි දෙන්න හදන කොට එපා කියනවානම් බලෙන් දෙන්නේ මොකටද?

      Delete
    8. ඇත්තටම මට හිතෙන්නේ ඉකොනෝමැට්ටා මම ගිය ලංකා බැංකුවේ සේවකයා බිල්පත් ගැන දන්නේ නැහැ කියලයි. ඒ නිසා ඔහු මාව හරවලා යැව්වා.

      අනික තමයි මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරියක් වන ම‍ගේ ලගම ඥාතිවරියකගෙන් මේ ගැන ඇහුවම ඇයත් හරි විස්තරයක් නොදැනීම. දැන් කාටහරි හිතෙන්න පුළුවන් ලංකාවේ අයගේ තියෙන ඉර්ෂියාව නිසා ඇය විස්තර නොදන්නා විදියට හැසිරුනායි කියලා. ඒක එහෙම නොවෙයි කියලා මම දන්නේ ඇයත් ඉන්පසු විවිද අයට ඇමතුම් දෙමින් මේ ගැන විස්තර අහපු නිසා.

      පුද්ගලික බැංකු සමග ගනුදෙනු වලට මම කැමැත්තක් නැහැ ඉකොනෝ. මොන මොන ප්‍රශ්න තිබුනත් මගේ වගා නය පවා කපා හැරියේ රජයේ බැංකු. පුද්ගලික බැංකු වලට ඕනි ලාබය. ඒකට වරදක් කියන්නත් බැහැ. ඒත් රජයේ බැංකු වලට තමයි අවශ්‍ය ජනතාව සවිබල ගැන්වීම.

      ඉහත මාගේ ගැටලුවේදී වෙලා තියෙන්නේ නිලධාරීන් විස්තර නොදැනීම. එම දුර්වලතා තිබුනත් රජයේ බැංකු හොදයි.

      Delete
    9. //පුද්ගලික බැංකු සමග ගනුදෙනු වලට මම කැමැත්තක් නැහැ ඉකොනෝ. මොන මොන ප්‍රශ්න තිබුනත් මගේ වගා නය පවා කපා හැරියේ රජයේ බැංකු. පුද්ගලික බැංකු වලට ඕනි ලාබය. ඒකට වරදක් කියන්නත් බැහැ. ඒත් රජයේ බැංකු වලට තමයි අවශ්‍ය ජනතාව සවිබල ගැන්වීම.//

      ඔබේ අරමුණ ලාබය නොවේනම්, ඔබ හිතන විදිහට රාජ්‍ය බැංකු වල අරමුණද ලාබය විය යුතු නැත්නම්, හොඳම වැඩේ භාණ්ඩාගාර බිල්පත් අමතක කර 4% පොලියට ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දමන එක. අඩු ගානෙ බැංකුවට ලාබෙට ලැබෙන සල්ලි වලින් රජයේ හිතවත් ව්‍යාපාරිකයන්ගේ හා රජය තීරණය කරන වෙනත් අයගේ ණය කපා දමන එක හරි වෙයිනේ. පාඩු ලබලා බැංකුව වැහිලා ගියත් ජනතාව සවිබල ගන්වන්න ගිහින්නේ මගේ සල්ලි නැති වුනේ කියා ඔබට සතුටු විය හැකි වෙයි.

      (භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරද්දීනම් මොන බැංකුව හරහා කළත් සල්ලි යන්නේ රජයට.)

      Delete
    10. මම 15% පොලියට වැඩිහිටි රජයේ බැංකු ගිණුම් වල සල්ලි දාලා තියෙන්නේ ඉකොනෝමැට්ටා.

      අමතරව තමයි බිල්පත් ගැන ඇහුවේ.

      Delete
    11. දැන් වැඩිහිටි බැංකු ගිණුම් කියලා පොලියේ සැලකිය යුතු වෙනසක් නැහැ. වසරකින් පසු කල් පිරීමේදී පොලිය ගන්නවනම් ලංකා බැංකුව වැඩිහිටි ස්ථිර තැන්පතු ගිණුම් වලට 15%ක් ගෙවනවා. මාස්පතා පොලිය ගන්නවානම් ඊටත් ටිකක් අඩුයි. ඕනෑම කෙනෙකුට ස්ථිර තැන්පතු වලට ලැබෙන පොලියත් ඒ ගාණටම කිට්ටුයි. මාස තුනකටනම් 15%යි. ඉතා ඉක්මනින් සාමාන්‍ය පොලිය 15% ඉක්මවා යයි.

      Delete
    12. ඔයිට වඩා ලේසියෙන් ලංකාවේ ආණ්ඩුවට විශ්‍රාමික වැඩිහිටි ජනයා සහ සමෘද්ධි ආධාර ලබා දීමට බදු වැඩි නොකර කළ හැකි බොහෝ දේ තියෙනවා නේද ඉකොනොමැට්ටා?

      මේ කෙටි වීඩියෝ එකේ ඉතාමත් පැහැදිලිව කියන දේවල් ඇත්ත නේද?

      https://fb.watch/cyuiKk-Sl6/

      මේවා කරන්න ලංකාවේ ආණ්ඩුවට බැරි ඇයිද?

      Delete
    13. කුම්මැහි ඉකොනෝමැට්ටා
      ගූත් පුච්චන් කෑවා

      Delete
    14. 'හොඳම වැඩේ භාණ්ඩාගාර බිල්පත් අමතක කර 4% පොලියට ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දමන එක.'

      'දැන් වැඩිහිටි බැංකු ගිණුම් කියලා පොලියේ සැලකිය යුතු වෙනසක් නැහැ. වසරකින් පසු කල් පිරීමේදී පොලිය ගන්නවනම් ලංකා බැංකුව වැඩිහිටි ස්ථිර තැන්පතු ගිණුම් වලට 15%ක් ගෙවනවා.'

      ??

      Delete
    15. ප්‍රශ්නාර්ථය කුමක්ද? 4% හා 15% වෙනසද? 4% ලංකා බැංකුවේ වැඩිහිටි ඉතිරි කිරීමේ ගිණුම් වලට ගෙවන පොලිය. 15% ස්ථිර තැන්පතු පොලිය.

      Delete
    16. එහෙනං ඉකොනෝමැට්ටා උඩින් කියලා තියෙන්නේ පොලියේ ලොකු වෙනසක් නැහැ කියලත්. මේ කියන එක මේ දැන් අමතක වෙන්නේ ඉකොනෝමැට්ටාට දැන් නාකි නිසා මහින්ද මහත්තයට වගේ මැන්ටල්ද?

      Delete
  2. Menna meja hindayi...sataje ekkenne nathiwa liyana eka hindyi

    Thanks

    ReplyDelete
  3. කලින් ලිපියේ දාල තිබ්බ විදියට , දැන් භාණ්ඩාගාර බිල්පත්වවල මුදල් අයෝජනය කිරීම පාඩු ලැබෙන වැඩක් නේ , මොකද ඉස්සරහට පොලී අනුපාත කොහොමත් තව වැඩි වෙනවා නේ

    ReplyDelete
    Replies
    1. කල් පිරෙනකම් තියාගන්න කලින් විකුනන්නෙ නැතිව

      Delete
    2. ඒක තීරණය වෙන්නේ අනෙක් විකල්ප වලට සාපේක්ෂවනේ. 20%ට දමන්න පුළුවන්කම තියෙද්දී පොලිය වැඩි වෙනකම් කියලා 8%ට ස්ථිර තැන්පතු වල සල්ලි තිබ්බොත් පාඩුව ඊට වඩා වැඩියි නේද?

      Delete
    3. කල් පිරෙන්නෙපා හදවතට මගේ..

      Delete
  4. මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු අට දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්චා කිරීම සඳහා මේ වන විට ඇමෙරිකාවේ වොෂින්ටන් නගරය වෙත පැමිණ ඇත. මෙසේ දුත පිරිසක් පැමිණි පළමු අවස්ථාව මෙය නොවුවත්, මෙපමණ අභාග්‍ය සම්පන්න මොහොතක වොෂින්ටන් වෙත දුත පිරිසක් පැමිණි වෙනත් අවස්ථාවක් ඉතිහාසය තුල අපි අත්දැක නොමැත. ගෙයත් ඉඩමත් උකසට සින්න වී දරු පවුල ද මහලු දෙමාපියන් ද බල්ලන් පූසන් ද සමග මහ මගට වැටි ඇති පියකු, යමක් ඇති මිනිසකු ඉදිරියේ දනින් වැටි දෙපා සිප වැළඳ තම අවසාන අවස්ථාව අයැද සිටීම සඳහා පැමිණි ගමනක ද අලි සබ්‍රි ඇතුළු පිරිසගේ වොෂින්ටන් ආගමනය ද අතර ඇති වෙනස කුමක්ද? අපිට එසේ පෙනුන ද ඒ අයට එසේ සිතෙනවාදැයි සැක සැහිතය.

    ඒ මන්ද යත් අප්‍රියෙල් 17 සිට 23 දක්වා මෙම පිරිසගේ පරිහරණය සඳහා පැයකට $100 කුලී පදනම යටතේ දැවැන්ත රථ දෙකක් කුලියට ගෙන ඇත. අවම වශයෙන් මේ සඳහා $ 8000 ක් වත් වැයවනු ඇත. මෙම වියදම දරා ඇත්තේ දැනට වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතුව අතිසුඛෝපභෝගී Mercedese S550 රථයක්, 2021 Chevrolet Suburban රථයක්, අතිනවීන 2022 Toyota Sienna වර්ගයේ වැන් රථ දෙකක්, Toyota Higlander SUV රථයක් සහ Toyota avalon කාර් රථයක් සහිත වාහන සංචිතයක් පවතින තත්වයක් යටතේය. එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා ගන්නා රියදුරු මහතුන් 4 දෙනෙක් ද එහි සේවය කරති.

    මෙම වාහන සහ රියැදුරන් තානාපති කාර්යාලයේ පරිහරණය සඳහා වන නමුත් මේ පවතින තත්වය යටතේ සහ මෙම දුත ගමනේ ඇති අතිශය වැදගත් කම සලකා, දැනට තානාපතිකම් කරන පැන්ෂන් ඇමතියා ඇතුළු සම්පුර්ණ කාර්‍ය මණ්ඩලයම ගෙදර නවතා හෝ මෙම වාහන දුත පිරිසේ පරිහරණය සඳහා ලබා දිය යුතුව තිබිණි. මෙම පිරිස නවාතැන් ගෙන ඇත්තේ Dupont Circle හි පිහිටි සුඛෝපභෝගී St. Gregory හෝටලයේය.මෙම හෝටලයේ සිට මුල්‍ය අරමුදලේ ගොඩනැගිල්ල වෙත පයින් යාමට ගත වන්නේ විනාඩි දහයක් පමණි. සුඛොපභෝගී Uber රථයක් කැඳඋවහොත් $40 ක් වැනි මුදලකට මුළු දුත පිරිසටම මෙම ගමන අවසන් කළ හැකිය. St. Gregory හි කාමරයක රැයක කුලිය $400 ක් පමණ වේ.

    ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සුවිශාල ශ්‍රී ලංකා තානාපති නිල නිවසක් වොෂින්ටන් නගරය තුල පිහිටා ඇත. සිරිමා බණ්ඩාරනායක මැතිනිය පරිහරණය කළ සුඛෝපබෝගී කාමරය (Mrs B Suite) ඇතුළු කාමර රාශියක් සහිත මෙම මන්දිරය මෙම පිරිසගේ පරිහරණය සඳහා යොදාගත නොහැකි වූයේ මන්ද? රනිල් වික්‍රමසිංහ පවා මෙහි නැවතී සිටි බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත. රජයේ තනාතිපති නිල නිවාසයෙහි අරක්කැමියන් සහ සේවකයන් ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් සේවය කරති.

    ReplyDelete
    Replies
    1. සබ්‍රිලා නන්දලාල්ලා අයිඑම්එෆ් ගියේ ණය ගන්නද? ෆන් ගන්නද? මෙන්න සාක්කි..! (Video available)

      - සමගි ජන බලවේගයේ එක්සත් ජනපදයේ ප්‍රධාන සංවිධායක ඩොන් ඉන්දික කොස්තා වොෂින්ටනයේ සිට වාර්තා කරයි

      Detailed Report - https://www.lankaenews.com/news/13436/si

      සබ්‍රිලාගේ ෆන් ගැන සාක්කි සහිත පහත වීඩියෝව බලන්න

      https://www.youtube.com/watch?v=uXipIXkRddY&t=2s

      ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක, Please donate maximum possible amount you could afford on behalf of future generations to make corruption free state;

      මේ නිසා අපි හැමෝම ජවිපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කරගෙන සියලු හොරුන්ට දඬුවම් දිය යුතුයි.

      https://www.paypal.com/donate?token=YevuTjlg-TmHNxgYFW4afuDu6bB-Gcef6sHNSJi-hD5kGHnaeVH2-a5z6eGeQJTbtvGNAoL79Bk19C6R


      Donations to.
      Janatha Vimukthi Peramuna

      Ac 5238957

      (BOC Nugegoda, Sri Lanka)

      Paypal - https://www.paypal.com/donate/?cmd=_s-xclick&hosted_button_id=NX6AJJ4G2E3GY

      Delete
  5. හොඳ පෝස්ට් එකක් ඉකොනොමැට්ටා, ලංකාවේ අපේ පවුලේ අයටත් බැංකු වල ඇති මුදල් වෙනුවට ට්‍රෙෂරි බොන්ඩ් වල මුදල් ආයෝජනය කරන්න කියන්න පුළුවන්. මගේ මව සහ පියා දෙදෙනාට රුපියල් මිලියන 10 බැගින් මෙම ක්‍රමයෙන් treasury bonds/ treasury Bill's දමන එක ඔබ හිතන විදියට ස්ථිර තැන්පතු දමන එකට වඩා හොඳයි ද? නමුත් මාසිකව පොළී ආදායම ලබා ගැනීමට පුළුවන් ක්‍රමයක් තියෙනවා ද භාණ්ඩාගාර බිල්පත් වලත්? මම දන්න විදිහට නම් නෑ නේද?

    ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා ඔබෙන් විමසීමට, එක්සත් ජනපදයේ වොෂින්ටන් වල අලුත් තොරතුරු අනුව IMF අපට උදව් කරන්න් බෑ කියලද? IMF සාකච්ජා අසාර්ථකද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

    මම ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි වල කියවපු ලිපි වලට අනුව නම් IMF එක දාහත්වන වතාවටත් ලංකාවට උදව් කරන්න සූදානම්. ඒක තමයි IMF ප්‍රධානී Kristalina Georgieva ජාත්‍යන්තර මාධ්‍යන්ට ප්‍රකාශ කරල තිබ්බෙ. ඒකත් හරියට අපි ලෝන් එකක් ගන්න බැංකුවකට ගියාම "හරි, වැඩේ කරමු" මෙන්න මේ ලියකියවිලි ටික අරන් ආවොත් වැඩේ ශුවර් කියනව වගේ කතාවක්. හැබැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි පලමු වටයේ IMF සාකච්ජා වලදි ලංකාවට Rapid Financing Instrument (RFI) පහසුකමක් ඉල්ලා තිබෙනවා. එය IMF ආයතනය විසින් සාමාජික රටවල දැඩි මූළ්‍ය අස්ථාවරත්වයන්/ගෙවුම් ශේෂ අර්බුද (Balance of Payment crisis) විසඳගැනීමට ලබාදෙන ඉක්මන්(urgent) මූල්‍ය පහසුකමක් බවයි පැවසෙන්නේ. නමුත් IMF ආයතනය එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස දක්වා ඇත්තේ ඩොලර් බිලියන පනස් හයක් පමන වන ලංකාවට දැනට තිබෙන ණය ප්‍රමාණය ගෙවීම සම්බන්ධය නිසි සැලැස්මකින් තොරව අලුත් ණය ලබාදිය නොහැකි බවයි.

    මේකේ තේරුම අර සාමාන්‍ය බැංකුවක් පොඩි ණය මුදලක් දීමට පෙර බලන ආදායම් වියදම් ලියකියවිලි වගේ IMF සහ ලෝක බැංකුව වැනි සංවිධාන රටකට ණය පහසුකම් ලබාදිමට පෙර ඉල්ලන ප්‍රධාන වාර්ථාවක් තමයි Debt Sustainability Framework (DSF). ඒක ඉතාම සරළව අදාල රටට අළුතින් ණය නොවී පරණ ණය ගෙවන්න හැකියාව තිබෙන බව පෙන්වීම. එතනදි IMF වගේ සංවිධාන බලන්නෙ අලුත් ණය මුදලත් වැය කරන්නෙ පරණ ණය ගෙවන්නද නැත්නම් පවතින අර්බුදයෙන් ගොඩ එන්නද කියන එක නේද?

    මට තේරෙන විදිහට ලංකාවේ තත්ත්වය ගත්තොත් අපට ඩොලර් බිලියන හතක පමණ විදෙස් ණය හා පොලී (Bloomberg වාර්තාවට අනුව දේශීය විදේශීය මේ වසරේ ගෙවීමට ඇති සියළු ණය හා පොලිය $ බිලියන් 8.6) ගෙවීම මේ 2022 වසරේ තියෙනව. ඒ අස්සෙ අපට එදිනෙදා වියදම් පිරිමහගන්නත් මුදල් නැහැ. ඉදිරි මාස තුන හතරෙ ඉන්ධන, ආහාර සහ බෙහෙත් වැනි අපේ මූලික අවශ්‍යතා සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන හතරක් පමණ අවශ්‍යයි. එතකොට අපේ ගොඩඒමේ මාර්ගය මොකක්ද?

    දැන් අපි හොඳටම වතුරෙ ගිලිල නහය ගාවට වතුර ඇවිත් තියෙන්නෙ. නමුත් මම හිතන්නේ කවුරුහරි අපිට පුංචි තල්ලුවක් දුන්නොත්, උඩට යන්න අතපය ගහල පීනගන්න උත්සාහයක් දෙන්න අපට හැකිවේවි. ඒ පුංචි තල්ලුව ඉදිරි මාස තුන හතරෙ රට දුවාගන්න අවශ්‍ය බිලියන හතර ඉක්මනින් ලැබීම. ඒක ලැබුනොත් පැට්‍රල් ඩීසල් ටික තියෙයි, ලයිට් කැපිල්ල නැතිවෙයි, පොහොර ටික ලැබෙයි, ආපහු කෘෂිකර්මාන්තය සහ අනෙකුත් අපණයන කර්මාන්ත පනගහල ගන්න හැකිවේවි, ඒත් එක්ක රට යම් දේශපාලන ස්ථාවරත්වයකට ගියොත් සංචාරකයන් ඒවි. ආයෝජකයො ඒවි, ලෝකය කෝවිඩ් අර්බුදයෙන් ගොඩ ඒමත් එක්ක අපේ විදෙස් ශ්‍රමිකයන්ගෙ ප්‍රේශණ වැඩිවේවි. ඩොලරයට නිසි අගයක් ලැබීමත් සමග ඒ ප්‍රේශණ හොර පාරෙන් නොව හරි පාරෙන් රටට ලැබේවි. එතකොට දැනට ඩොලර් බිලියනකට වගේ අඩුවෙලා තියෙන අපේ විදේශ සංචිතය වර්ධනය වේවි. ඒ හරහා අපේ රට ආර්ථික ප්‍රශ්ණයෙන් ගොඩඑනව කියන අවම විශ්වාසයක් හෝ ජාත්‍යන්තරයට ලැබෙයි, දැනට පතුලටම බැහැල තියෙන ශ්‍රේණිගතකිරීමවල යම් ප්‍රගතියක් වෙයි නේද?

    මගේ විශ්වාසය අනුව ඒක තමයි ඉතා සුබවාදී ලෙස හිතුවොත් අපේ ගැලවීමේ මාර්ගය.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විපක්ෂයේ කණ්ඩායම් වල අදහස් අනුව "අයියෝ එහෙනම් ප්‍රශ්ණයක් නෑනෙ,.. IMF එක අපට ගිලෙන්න දෙන එකක් නෑ" කියලා කියනවා ඒත් අයි එම් එෆ් එක තමයි කාලයක් තිස්සෙ ඔඩුදුවපු ආණ්ඩු ගණනාවක් නිසි පිලිතුරක් හොයපු නැති ණය ප්‍රශ්ණෙට දැන් හෝ තිරසාර විසඳුමක් හොයාගන්න ඉන්න එක් හොඳ මිත්‍රයෙක්. ඒත් ප්‍රශ්ණෙ පටන් ගන්නෙ ඔය කියන Debt Sustainability Framework (DSF) හදන්න ගියහම. ඉතා පැහැදිලිව අලුතින් ණය නොවී ඩොලර් බිලියන හතක ණය මේ වසරේ ගෙවීමේ හැකියාව අපට නෑ. අළුත් මහබැංකු අධිපති වැඩ පටන් අරගෙන ගෙවන්න ආපු පලවෙනි ණය පොලී වාරිකය නොගෙව හිටිය. ඒ හරහා ඔහු IMF එකට යම් ඇඟවීමක් කලා ශ්‍රී ලංකාව තවදුරටත් ණයවෙලා ණය ගෙවන්නෙ නෑ කියන එක. ඒ වෙලාවෙ ඩොලර් මිලියන 78ක වූ ඒ අන්තර්ජාතික ස්වයිරී බැඳුම්කරයක පොලිය ගෙව්ව නම් චීනය අපට ඩොලර් බිලියන දෙකක් දෙන්න හිටිය කියල මුදල් අමාත්‍යාංශයේ සමහරු නම් කියනව. ඒත් වෙන්නෙ ආයෙ අයෙත් ණය අරගෙන ණය ගෙවීමම තමයි. මේ පඹ ගාලෙම තව තවත් හිරවීම නෙවෙයි ද?

      ඒ නිසා දැන් වර්ථමාන තත්වෙත් එක්ක IMF එක සමග ඉස්සරහට යන්න නම් කිසියම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න වෙනව. ඒක හිතන තරම්ම ලේසි වැඩක් නෙවෙයි. අපට වානිජ ණය, ද්විපාර්ශවීක ණය, බැඳුම්කර ආදී වශයෙන් ණය දුන් පාර්ශව විශාල ප්‍රමාණයක් ඉන්නව. ඔවුන් සමග ණය ගෙවන ආකාරය පිලිඹඳ සාකච්ඡා කරල IMF එක සතුටුවෙන ආකාරයේ වැඩපිලිවෙලක් හදාගන්න යම් කාලයක් අවශ්‍යයි. අපට නැත්තෙමත් කාලය. ඒ නිසාම වෙන්න ඇති ජනාධිපතිවරයාට මෑතකදී පිලිගන්න සිදුවුනේ IMF යන්න තිබ්බෙ මීට බොහෝ කලින් කියල.

      ගිය නුවණ අද්දවන්න බැරි නිසා මේ මොහොතේ අපට ඉන්න හොඳම අන්තර්ජාතික ආර්ථික විශේෂඥඥයන්ගේ සහය ලබාදෙන ඉතා ඉක්මනින් වැඩපිලිවෙලක් හදාගත්තොත් ලංකාවට යම් බලාපොරොත්තුක් තියාගන්න පුළුවන් වේවි. ඒ අතරතුර පාර්ලිමේන්තුව තුල ඇතිකරගන්නා සර්ව පාක්ශික එකඟතාවකින් රටේ දේශපාලන ව්‍යාකූලත්වය නැතිකිරීමට ඔතන ඉන්න 225ටම වගකීමක් තියෙනව. එහෙම උනොත් මේ මොහොතේ මව්බිමට උදව් කිරීමට මැලිවී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයො එක්සත් වෙලා රටට යම් දැනෙන උපකාරයක් කරයි. ඉන්දියාව ප්‍රමුඛ අපේ මිත්‍ර රටවලින් ‍යම් උදව් ලැබෙයි. ලෝක බැංකු මානුශීය ආධාර එවයි. ඒ ඔක්කොටම වැඩිය මේ මොහොතේ ලංකාවට ගේන්නෙ නැතුව විදෙස් ගිණුම්වල තියාගෙන ඉන්න ශ්‍රී ලාංකීය අපණයනකරුවන්ට අයත් ඩොලර් බිලියන හතරෙන් කොටසක් හෝ ලංකාවට එයි. තව ලංකාවේ විදේශ ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල් වල අය සතුව පිටරට ඇති තවත් ඩොලර් බිලියන 3.9 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගන්න පුළුවන් වෙයි.

      මේ නිසා ලංකාවේ ප්‍රශ්ණෙ සංකීර්ණයි,
      උත්තරේ දිගයි, අමාරුයි, අපිව බේරගන්න දියසෙන් කුමාරයෙක් එන්නෙ නෑ
      අපි සමගිවෙලා නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ අමාරුම මොහොතට මුහුණ දිය යුතුයි නැත්නම් අපි හැමෝටම එකට ගිලිල සාමූහික මරණයක් හිමි වෙන එක නියතයි.

      Delete
    2. ඉතිං ඉකොනෝමැට්ටා ඒ නිසා අපි මේ වෙලේ අනුර කුමාර දිසානායක එක්ක එකතු වෙන්න අවශයි.මගේ විශ්වාසය අනුව ඒක තමයි ඉතා සුබවාදී ලෙස හිතුවොත් අපේ ගැලවීමේ මාර්ගය.

      Delete
    3. @ Anonymous April 22, 2022 at 12:54 AM

      අපි හැමෝම ජවිපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කරගෙන සියලු හොරුන්ට දඬුවම් දිය යුතුයි. ජනාධිපති මල්ලිටයි අගමැති අයියටයි තව වැඩි දවසක් ඔය පුටු දෙකේ ඉන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ සඳහා රුපියල් බිලියන ගණනක් වැයවන බැවින් වැයවන බැවින්, රටේ පොදු යහපත තකා හොරුන් සියල්ලම දේශපාලනයෙන් ඉවත් කර එම මුදල් සියල්ලම නැවත අයකරගෙන සොරකමෙන් තොර දේශයක් ගොඩනැගීමේස් අනිවාර්ය අවශ්‍යතාවක් වන්වුඑන් ආයෝජනයක් වන එම මුදල සොයාගැනීමට ඔබ සැමගේ නොමසුරු ආධාරය බලාපොරොත්තු වෙමු.

      පරිත්‍යාගශීලින් වෙතොත් 0777 199524/ 0714458399 / 0718449424 දුරකතන අංක වලට කතා කර උපරිම වශයෙන් ආධාර ලබා දෙන්න, විදේශගත අය ජාතික ජන බලවේගයේ පේපෑල් සහ ෆ්‍රීලන්සර් ආදී විදේශ ගිණුම් වලට ඩොලර් වලින් ආදාර කරන්න.

      Donations to.

      Janatha Vimukthi Peramuna

      Ac 5238957

      (BOC Nugegoda, Sri Lanka)

      Paypal - https://www.paypal.com/donate/?cmd=_s-xclick&hosted_button_id=NX6AJJ4G2E3GY

      https://www.paypal.com/donate?token=YevuTjlg-TmHNxgYFW4afuDu6bB-Gcef6sHNSJi-hD5kGHnaeVH2-a5z6eGeQJTbtvGNAoL79Bk19C6R

      NPP Sri Lanka
      Address: 464/20,
      Pannipitiya Road,
      Battaramulla,
      Sri Lanka.

      Email: contact@npp.lk

      Tel: 0112 785612
      Fax: 0112 786050

      https://www.facebook.com/nppsrilanka/

      Delete
    4. බොහොම හොදයි. මාත් පුංචි රුපියල් 100 කින් ආධාර කරා.

      Delete
  6. ඉකොනොමැට්ටා, මේ වන විට ඉන්දියාව තුළ පෙට්රල් ලීටරයක මිල ඇවරේජ් එක ඉන්දියානු රුපියල් 113.19ක් වන බව සඳහන් වන අතර නේපාලය තුළ නේපාල රුපියල් 158.76ක්ද, පාකිස්තානය තුළ පාකිස්තානු රුපියල් 152.06ක්ද, බංග්ලාදේශය තුළ බංග්ලාදේශ මුදල් ඒකකය වන බංග්ලාදේශ ටාකා 87.49ක් වන බව සඳහන් වේ.

    මෙසේ දකුණු ආසියාවේ අනික් හැම රටකම තෙල් මිල ඉහල අගයක පවතින මොහොතක මේ වන විට ලංකාව තුළ පෙට්රල් ලීටරයක මිල රුපියල් 338ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක් පමණයි.

    මේ නිසා මේ වන විට දකුණු ආසියාවේ වැඩිම පෙට්‍රල් මිල ඉන්දියාවේ, මුම්බායි වල පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රු. 120.51 ක්, අඩුම රු. 105.41 සිට 120.51 දක්වා යනවා, ගොඩක් ප්‍රධාන ස්ටේට්ස් වල 115 - 120 වගේ තමයි තියෙන්නේ, නමුත් අපි ඔය සියලුම ස්ටේට්ස් වල සාමාන්‍යය ගත්තාම ඉන්දීය රුපියල් 113.19 යනු ලංකා රුපියල් වලින් 500 කි. ඒ නිසා ඉන් දියාවේ පෙට්‍රල් මිල 500.00 එල්.එක.ආර්. ඉන්දීය රු. එකක් නිල වශයෙන් ගත්තාම දැන් ලංකාවේ රු. 4.48 ක් වෙනවා, එහෙම ගත්තාම, අපේ පෙට්‍රල් මිල තවමත් ඉන් දියාවෙ මිලට වඩා තවමත් රු 162 ක් අඩුයි. මුම්බායි වල නම් රු. 538 ක් විතර, ලංකාවට වඩා රු. 200 ක් විතර වැඩියි.

    ඒ නිසා දැන් ඉන්දියාවේ මිනිස්සු පෙට්‍රල් ලීටරයක් ගහන්නෙ ඩොලර් 1.49 ට​. නමුත් ලංකාවේ මිනිස්සු තවමත් ගහන්නෙ ඩොලර් 1 ට​ අඩුවෙන්. ඒ නිසා මේ අර්බුධය නවතින්න නම් තවත් රු100 ක් වත් අවම වශයෙන් වැඩි කරන්න සිදුවේනවා මයි.

    ඒනිසා ඉන්දියාව කල් තියාම මිල ඉහලින් පවත්වාගෙන ඇවිත් අධි භාවිතය පාලනය කළ නිසා තමයි ඔවුන් ගේ ආර්ථිකය කෝවිඩ් හමුවේ නොවැටුනේ.

    ලංකාවේ ගෙම්බන්පිලයලාගේ මෝඩ ආණ්ඩුවේ ගොන් කබ්බලා විපක්‍ෂය හා උන් ගේ උද්ගොශන වලට බයේ පෙට්‍රල් අඩු වට දෙන්න ගිහින් කෙළව ගත්තා.

    මේ වන විට දැන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ නිල අගය මේ වන විට රුපියල් 339.99ක් වුණත් බ්ලැක් මාකට් එකේ රුපි. පන්සීයක් විතර වෙනවා, එහෙම බැලුවොත් ලංකාවේ තෙල් වලින් අම්බානක් පාඩුයි නේද?

    ReplyDelete
  7. laksha 10k withara athe thiyenawa karanna puluwan hondama de mokakkda pls

    ReplyDelete
    Replies
    1. ත්‍රිවිල් එකක් අරං හයර් යන්න

      Delete
    2. ත්‍රී වීල් එකක් ලක්ෂ දහයකට හම්බ වෙයි බාප්පාගෙන්, දැන් හොඳ තත්වයේ ඇති ත්‍රී වීල් එකක් රුපියල් ලක්ෂ දොළහ හමාරට වඩා උඩ, පරණ ලට්ටවල් තමයි ලක්ෂ දහයකට ගන්න තියෙන්නේ.

      අනික පෙට්රල් නෑ ඕයි, පෙට්රල් මිල ලීටර් එකක් 92 ඔක්ටේන් රූ. 338 යි ඒ නිසා පොඩි දුරටත් රුපියල් පන්සීයක් විතර ගන්නවා ඒ නිසා ලංකාවේ මේ දවස් වල ගොඩක් මිනිස්සු පයින්, බස් එකේ නැත්නම් පුට් බයිසිකල් පදින එක තමයි කරන්නෙ දැන් ත්‍රී වීල් හයර් දුවන මිනිස්සු අනාථ වෙලා තියෙන්නේ නන්දසේන පර බල්ලාට අමු තිත්ත කුණුහරුප වලින් බැන බැන ගෝටාගෝගම රන් කරන්නෙ ත්‍රී වීල් සෙට් එක ඒකයි.

      Delete
    3. එහෙනං පූට් සයිකල් එකක් අරං පදින්න

      Delete
    4. Naki mayina kaputa ewida dannena mawa hiyagena

      Delete
  8. පොඩි ගැටලුවක් තියෙනවා, භාණ්ඩාගාර බිල්පතක මුදල් අයෝජනය කරල, කාලයත් එක්ක පොලී අනුපාත වැඩි වෙනකොට පාඩුවක් වෙන්නේ කල් පිරෙන්න ඉස්සෙල්ලා කලින් විකිණුවොත් නේද? කල් පිරෙනකන් හිටියොත් ලාභයක් නේද හම්බුවෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ජවිපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කරගෙන සියලු හොරුන්ට දඬුවම් දිය යුතුයි. ජනාධිපති මල්ලිටයි අගමැති අයියටයි තව වැඩි දවසක් ඔය පුටු දෙකේ ඉන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ සඳහා රුපියල් බිලියන ගණනක් වැයවන බැවින් වැයවන බැවින්, රටේ පොදු යහපත තකා හොරුන් සියල්ලම දේශපාලනයෙන් ඉවත් කර එම මුදල් සියල්ලම නැවත අයකරගෙන සොරකමෙන් තොර දේශයක් ගොඩනැගීමේස් අනිවාර්ය අවශ්‍යතාවක් වන්වුඑන් ආයෝජනයක් වන එම මුදල සොයාගැනීමට ඔබ සැමගේ නොමසුරු ආධාරය බලාපොරොත්තු වෙමු.

      පරිත්‍යාගශීලින් වෙතොත් 0777 199524/ 0714458399 / 0718449424 දුරකතන අංක වලට කතා කර උපරිම වශයෙන් ආධාර ලබා දෙන්න, විදේශගත අය ජාතික ජන බලවේගයේ පේපෑල් සහ ෆ්‍රීලන්සර් ආදී විදේශ ගිණුම් වලට ඩොලර් වලින් ආදාර කරන්න.

      Donations to.

      Janatha Vimukthi Peramuna

      Ac 5238957

      (BOC Nugegoda, Sri Lanka)

      Paypal - https://www.paypal.com/donate/?cmd=_s-xclick&hosted_button_id=NX6AJJ4G2E3GY

      https://www.paypal.com/donate?token=YevuTjlg-TmHNxgYFW4afuDu6bB-Gcef6sHNSJi-hD5kGHnaeVH2-a5z6eGeQJTbtvGNAoL79Bk19C6R

      NPP Sri Lanka
      Address: 464/20,
      Pannipitiya Road,
      Battaramulla,
      Sri Lanka.

      Email: contact@npp.lk

      Tel: 0112 785612
      Fax: 0112 786050

      https://www.facebook.com/nppsrilanka/

      Delete
  9. ඇමරිකන් පුරවැසි ඉකොනෝමැට්ටාට විරෝධය පා වොෂින්ටන් අගනුවර ජමුලේ ඉදිරිපිට උද්ගෝෂණය කරනා ජනතාවට බුරියානි කෑමට දෙමු.

    ReplyDelete
  10. ගෝල්ෆේස් විරෝධතා භූමියෙ ඉන්න එක් කෙනෙකුගෙන් හරි අහන්න ආර්ථික ප්‍රශ්නවලට විසඳුම මොකක්ද කියල. කවුරුත් දන්නෙ නැහැ. හැමෝම කියයි ගෝඨාගෝහෝම් කියල. හැබැයි ගෝඨාගෙන් පස්සෙ එන කෙනා මේක විසඳන්නෙ කොහොමද කියල ඔය අය දන්නවද?නැහැ. අඩුම ගානේ රට ගොඩනගන හැටි කියල තමන්ගේ එක යෝජනාවලියක් ඉදිරිපත් කරල තියෙනව ද? නැහැ. බුරියානි කකා ගිරව් වගේ ගෝඨාගෝහෝම් කියනව විතරයි. මේ කියන්නෙ අපට වැඩි වැඩියෙන් ණය වෙලා ඩීසල් කෑම බීම ටික වෙලාවට ගෙනත් දෙන්න කියල. තිරසාර විසඳුම ගැන අවබෝධයක් නැහැ. ආපහු ප්‍රශ්නය ඇතුළටම යන්න විතරයි දන්නෙ. ඔතන පෙරටුගාමී ජවිපෙ කාටවත් මේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. වාමාංශිකයින් කියන්නෙ අපට තව තවත් නොමිළෙ දෙන්න කියල විතරයි. ආදායම් උපයන විදියක් කියන්නෙ නැහැ. මොකද ඔවුන්ගේ පොතේ ඒක නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය දේශපාලන ධාරාවට බලය ලබා දිය යුත්තේ ඒ නිසාම තමයි. දැන් එය කළොත් අවුරුද්දක් යන්න පෙර එන ඊළඟ මහජන නැගිටීමෙන් පසුව රට හරි පාරට ගන්න පුළුවන්.

      Delete
    2. ඇමරිකන් පුරවැසි ඉකොනෝ කියන දේ අහලා අපිට වෙන්නේ ඇමරිකන්කාරයෝ බලයට ගෙනත් උන දේ අනික.

      Delete
    3. ඇමරිකන් කාරයෝ ඔහොම්මමයි, උංගේ රට ඇරුණහම ගිය ගිය තැන විතරක් නෙමෙයි පය ගහපු තැනක් ඇත්නම් එතැනත් විනාසයි. ඇමරිකන් කාරයෝ පකිස්ථානය රූකඩයක් වගේ නැටෙව්වා සෝවියට් රුසියාව, සහ වමට බරවී හිටපු ඉන්දියාවට එදිරිව අවුරුදු හැට හැත්තෑවක කාලයක් අන්තිමට දැන් පකිස්ථානය විනාස වෙලා නන්නත්තාර වෙලා අනාථ වෙලා තියෙනවා. හොඳට තිබ්බ නේපාලයට එම් සී සී ගිවිසුමක් බලෙන් ඇඟේ ගහලා ජල විදුලි ව්‍යාපෘතියක් කියලා අටමගලක් ආරම්භ කළේ දැන් නේපාලයේ ආසියාවේ තිබ්බ විශිෂ්ට පරිසර පද්ධතිය විනාශ වී පරිසර සහ වනසතුන් නැරඹීමට පැමිණි සංචාරක ව්‍යාපාරය හරහා ලැබුණ ආදායම් බාගයකට වඩා අඩු වෙලා, ගම්මාන ගණන් නියඟයෙන් වැනසිලා නේපාලය විශාල ආර්ථික අර්බුදයක ලංකාවට හපන්, ඇමරිකන් කාරයෝ පය ගහලා බලෙන් ඩිමොක්‍රසි දීපු ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් සදා සොත්ථි. ඉරාකය ලිබියාව ලංකාවේ වාර්ෂික ශුද්ධ අපනයන ආදායමට කිට්ටු ගණනක් එක මාසේකට තෙල් අපනයනයෙන් විතරක් හොයනවා ඇමරිකානු තෙල් සමාගම් යටතේ ඒත් ඒ රටවල් තාම අනාථයි. කචල් ගොඩක්. ලංකාවත් 2019 ට කලින් හොඳින් තිබුණා ඊට පස්සෙ ඇමරිකන් කාරයෝ ඉන්දියාවේ සපෝට් එක ඇතුව 2019 පාස්කු කේස් එක කරලා ලංකාවට කෙළවලා ඒක පිට දාල ඇමරිකන් රූකඩ ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු ලංකාවේ පාලනයට පත් කරලා රට විනාශ කරලා තියෙන්නේ දැන් මේක ගොඩ දාගන්න බැරි තරමට කෙළවිලා තියෙන්නේ ඉකොනොමැට්ටාත් හරිම පුදුමයි මේක මෙච්චර කෙළවිලා යද්දී මූ හෙන සතුටින්, ජවිපෙ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවම තවත් කෙළවිලා යයි ඒක මරු කියවලා කියන්නේ ඒකනේ අනේ මන්දා ලෙයින් මසින් සැදුනු මවකගෙන් කිරි බිව් මනුස්සයෙක්ට මෙහෙම නරුම අදහස් පහළ වෙන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න බෑ. මහ පුදුමාකාර ලෝකයක් මේක නම්....

      Delete
  11. මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (21) දිනයේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයට අපූරු සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබිණි.

    එහිදී ඒ මහතා පවසන්නේ තමන් ඩොලරය පා කළ බවකි. (We have floated the Dollar) යම් රටක මුදල් අමාත්‍යවරයෙකු තමන්ගේ රටේ මුදල් ඒකකය පා කිරීම පිළිගත හැකි දෙයකි. එහෙත් ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ඇමරිකානු ඩොලරය පා කළේ කෙසේද යන්න විස්මිත කරුණකි. සමහර විට අලි සබ්‍රි මහතා මුදල් අමාත්‍යාංශයේ සිය කාර්යාලයෙහි සිටින මොහොතක නිලධාරියෙකු ලවා ඩොලර් නෝට්ටුවක් ගෙන්වාගෙන විදුලි පංකාවකට අල්ලා පා කළාදැයි අප දන්නේ නැත. එසේ වුවත් එය බ්ලූම්බර්ග් වැනි ආයතනයකට කිවයුතු තරම් දෙයක් වන්නට බැරිය.

    එසේ නම් අපට සිතන්නට වන්නේ ශ්‍රී ලංකාවේ සිට පසුගිය 18 වැනිදා ඇමරිකාව බලා පැමිණි මොහොමඩ් අලි සබ්‍රි මහතා දින දෙකක් තුළ එරට මුදල් ඒකකයත් පා කරන්නට සමත්ව ඇති බවකි. කුමක් හෝ අධිකරණයක විනිසුරු මඬුල්ලක් හමුවේ කුමක් හෝ දහං ගැටයක් දමා සිය සේවාදායකයාට ගැලවිජ්ජාව ලබාදෙන තවත් එක් නීතීඥයෙකු වශයෙන් අප අලි සබ්‍රි මහතා ගැන සිතා සිටියා වැරදිය. ඇත්තෙන්ම ඔහු “විශ්වය පුරා විහිදී යා යුතු” මට්ටමේ කීර්ති රාවයක් සහිත පුද්ගලයෙකු විය යුතුය.

    කෙසේවෙතත් අපට ඇති ප්‍රශ්නය වන්නේ අලි සබ්‍රි මහතා ඇමරිකාවේ මුදල් ඒකකයත් පා කරන්නට ගත්විට එරට මහාභාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මියටත් රැකියාව නැතිවෙයිද කියාය …

    ReplyDelete
  12. බැන්කු තමන්ට 24% විතර පොලිය හම්බ වෙන බිල් එකක් ආපහු 20% පොලියට අපිට විකුන්නම බැන්කුවට තියෙන ලාබෙ අඩු වෙනව නේද? බැන්කුවට තියෙන වාසිය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. කොහොමද අඩු වෙන්නේ? බැංකුව 4%ක්ම තියාගෙනනේ!

      Delete
    2. අපිට විකුන්නෙ නැතිනම් 24%ක්ම තියෙනවනෙ.

      Delete
    3. බැංකුවට ඉතිරි 20% බිල් පත් කල් පිරුණම ලැබෙනවා මහ බැංකුන්.

      Delete
    4. මහබැන්කුවෙන් බැන්කුවට 24% ලැබිල ඒකෙන් 20% ක් අපිට එන්නෙ. බැන්කුවට 4% යි ඉතුරු.

      Delete
    5. //අපිට විකුන්නෙ නැතිනම් 24%ක්ම තියෙනවනෙ.//

      ඔබ හිතන විදිහ මට තේරෙනවා. බැංකුවට ඉතුරු වෙන්නේ 4%ක් පමණයි. නමුත් යට කරපු සල්ලි ටිකත් නැවත බැංකුවට ඇවිත්නේ. ඒ සල්ලි වලින් තව බිල්පතක් ගන්න පුළුවන්. එතකොට 4% + 24% = 28%යි. පැහැදිලිද?

      Delete
  13. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභාවයට පත්වෙලා කියන්නේ ඇත්තද ඉකොනෝ

    ReplyDelete
    Replies
    1. අභාවයට පත් උන්නාන්සේට අමා මහ නිවනින් බුදුබව අත්වේවා.

      Delete
    2. //ලංකාවේ ආණ්ඩුවේ ප්‍රබල නායකයකු වූ නාකි මයිනෙකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී.

      ලංකාවේ බොහෝ දෙනෙකුට ඊයේ රාත්‍රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී මෙම වූ නාකි මයින උන්නාන්සේ මියගොස් ඇති බවයි.

      නමුත් ලංකාවේ බොහෝ සමීප ආරංචි මාර්ග ඔස්සේ කළ සොයා බැලීමකදී ලංකාවේ බොහෝ දෙනෙකු එවන් සිදුවීමක් සිදුවී නැතැයි තහවුරු කලේ එමෙන්ම එම නාකි මයින උන්නාන්සේ රෝහල් ගතවීමක් සිදු කර නැතැයිද ප්‍රකාශකයා කියා සිටියේ///, ඔය නාකි මයින උන්නැහේ මලත් මමීගත කරලා අගමැති පුටුවේ වාඩිකරවනවා , අර පට්ට පල් හොරු ටික හිරේ ,විලංගුවේ වැටෙන එක ටික කාලෙකට හරි නවත්තගන්න. වැඩක් නෑ ජීවත් උනත් මලමිනීයක් හා සමානයි. තවත් බොරුවක්. ලන්කාවේ තරම් බොරු හදන්නයි, ඒවා ප්‍රචාරය කරන්නයි කාලය නාස්ති කරන රටක් තවත් නැතුව ඇති. අමු මැටි ජෙප්පොයි, පොල් බූරු කාලකන්නි SJP මොන්ගල් පිම්පියොයි කට ඇරියොත් කියන්නෙ බොරු…බොරුවෙන් තොර ලෝකයක් නෑ උන්ට ….කමක් නෑ….තව ටික කාලයයිනෙ…! අපිට වෙන්නෙම ඕකමනේ. නිකන් සුරඟන ලෝක පෙන්නලා, පස්සේ බිමට අත්හරිනවා වගේ. ///"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභාවයට පත්වෙලා/// හෙඩිම දැක්කම සරුවන්ගේම චූන් උනා.

      Delete
  14. ඉකොනෝ,

    https://econometta.blogspot.com
    ලෙස ඇති බ්ලොග් අඩවිය කාගේද?

    ReplyDelete
    Replies
    1. මෙම වියුණුවෙහිම ඡායා වෙබ් අඩවියක්. මෙහි පළවන ලිපි හා ප්‍රතිචාර වරින් වර එහි backup කරනවා. ඊට අමතරව වත්පොතට ලින්ක් දැමීම සඳහාද එය භාවිතා කරනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...