වෙබ් ලිපිනය:

Thursday, October 14, 2021

කොමිස් ගෙවා ගන්න යන ණය


තෙල් සංස්ථාව විසින් 7%ක කොමිස් මුදලක් ගෙවා ඩොලර් බිලියන 2.5ක ණය මුදලක් ගන්න යන බව වාර්තා වී තිබෙනවා. උදය ගම්මන්පිල විසින් මේ කතාව සනාථ කරලා. ඔහුට අනුව මේ ණය ගන්න යන්නේ තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් බිලියන 3.6ක ණය වලින් කොටසක් පියවන්නයි. රාජ්‍ය බැංකු වලින් ලබා ගෙන තිබෙන ණය සඳහා ගෙවිය යුතු පොලිය 5.5%ක් බැවින් මේ ගන්න යන ණය අරගෙන එම ණය පියවීම ලාබ බවයි ගම්මන්පිල කියන්නේ. 

"ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව A ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා."

"මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. .. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා."

ඔය ණය මුදල ලැබෙයිද කියන එක ගැන උදය ගම්මන්පිලටවත් විශ්වාසයක් නැහැ කියා කියනවා. අදාළ සමාගම පිළිබඳවත් ඇතැම් අය ප්‍රශ්න මතු කර තිබෙනවා. මම මෙය ලියන්නේ ඒ කරුණු සාකච්ඡා කරන්න නෙමෙයි. මූල්‍යකරණ විෂය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් සරල විෂය කරුණක් පැහැදිලි කරන්න. 

සියයට 3ක පොලී අනුපාතිකයක් ගෙවන්න පොරොන්දු වී ගන්න ණය මුදලකින් ගන්න කොටම 7%ක් කපා ගත් පසු පොලී අනුපාතිකය ගම්මන්පිල කියන 3.23%ද?

මේ පොලිය කෙසේවත් 3.23% විය නොහැකියි. අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි විය යුතුයි. ගණන තීරණය වෙන්නේ ණය මුදලේ අනෙකුත් කොන්දේසි මත. ඒ සඳහා අදාළ ණය මුදල පියවිය යුතු ආකාරය පිළිබඳව විස්තර අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට මේ ණය වසරකට පසුව පියවනවානම් 7% කොමිස් මුදල නිසා 3% පොලී අනුපාතිකය 10.75%ක් දක්වා වැඩි වෙනවා. වැඩි කාලයකින් පියවනවානම් ඒ තරම්ම වැඩි වෙන්නේ නැහැ.

මාධ්‍ය වාර්තා වල තිබෙන විදිහට ණය මුදල වසර 12කින් පියවිය යුතුයි. මුල් වසර දෙක සමා කාලයක් ලෙස සඳහන්ව තිබෙනවා. ඒ අනුව මේ ණය මුදල හා පොලිය වසර දෙකකට පසුව පටන් ගෙන වසර 10ක කාලයක් තුළ සමාන වාරික වලින් ගෙවන්නේයැයි අපි උපකල්පනය කරමු. ඒ අනුව, මුලින්ම කළ යුත්තේ වාරික මුදල හොයා ගැනීමයි. මේ වාරික මුදල වසරකට ඩොලර් මිලියන 310.92 ක්. එම වාරිකය ගෙවද්දී වසර 12ක් තුළ ණය මුදල ගෙවා අවසන් වෙන්නේ පහත ආකාරයටයි.


දැන් මේ ණය මුදල ලබා ගනිද්දීම 7%ක කොමිස් මුදලක් ගෙවනවා කියා කියන්නේ අතට ලැබෙන්නේම ඩොලර් මිලියන 2,325ක් පමණයි. නමුත්, වාරික ඉහත ආකාරයටම ගෙවිය යුතුයි. මේ අනුව, ඵලදායී පොලී අනුපාතිකය වෙන්නේ අදාළ වාරික ගෙවීම් වල වර්තමාන අගය ඩොලර් මිලියන 2,325කට සමාන කරන පොලී අනුපාතිකයයි. ගණන් හදා බැලූ විට මේ පොලී අනුපාතිකය 4.041%ක් වෙනවා. අදාළ ගණනය කිරීම් පහත තිබෙනවා. 


තෙල් සංස්ථාව සාමාන්‍ය ලාබ ලබන ආයතනයක් සේ සැලකුවොත් 4.04%ක පොලියට ණයක් අරගෙන 5.5%ක ණයක් පියවීම ලාබදායක වැඩක් බව පැහැදිලියි. එහෙත්, මෙහි තිබෙන එක් අවුලක් වන්නේ දැන් රාජ්‍ය බැංකු වල ණය පියවන්න යනවා වගේ හදිසියේවත් මේ ණය මුදල කලින් පියවන්න ගියොත් විශාල අලාබයක් වීමයි. උදාහරණයක් විදිහට වසරකට පසුව කොහෙන් හෝ සල්ලි ලැබී, එහෙමත් නැත්නම් වඩාත් අඩු පොලියකට ණය ලැබී, මේ ණය මුදල පියවන්න ගියොත් පොලිය 10.8%ක් පමණ වෙනවා. 

මේ විදිහට කලින් ණය පියවීම මූල්‍යකරණයේදී සිදුවන සාමාන්‍ය හා දුලබ නැති දෙයක් වුවත්, තෙල් සංස්ථාව හා අදාළව මෙය කීයටවත් නොවන දෙයක්නම් අපට මේ සාධකය නොසලකා හැරිය හැකියි. ඒ කියන්නේ කොහොමටත් ඔය ණය වසර 12කට පෙර ආපසු ගෙවන එක හිතන්නවත් බැහැ කියන උපකල්පනය මත වැඩේ අනිවාර්යයෙන්ම වාසියි. 

තවත් ප්‍රශ්නයක් වන්නේ තෙල් සංස්ථාව කියන්නේ  සාමාන්‍ය ලාබ ලබන ආයතනයක් නොවීම. එය ලංකාවේ රජයේම කොටසක්. එතකොට 5.5% පොලියට ණය අරගෙන තිබෙන්නේත් රජයේම තවත් කොටසකින්. ඒ කියන්නේ, මේ 5.5% ඩොලර් වලින් ලැබෙන රජයේම ආදායමක්. මේ පොලී ආදායම රට ඇතුළෙම ඉතිරි වෙනවා. අඩු පොලියට ගන්න ණය සඳහා ගෙවිය යුතු පොලිය රටින් පිටතට යනවා. ඒ අනුව සමස්තයක් ලෙස රජය කියන තනි ඒකකය ගත්තොත් වෙන්නේ රාජ්‍ය බැංකු වල 5.5%ක ඩොලර් පොලී ආදායම අහිමි වී 4.1%ක පොලියක් වසර දහයක් පුරා ඇමරිකානු සමාගමකට ලැබෙන එකයි. 

මේ විදිහට පොලී විදිහට ගෙවන්න වන මුදල ඩොලර් මිලියන 610.92 ක්. කොමිෂන් මුදල ඩොලර් මිලියන 175ක්. ඒ කියන්නේ මේ ගනුදෙනුව නිසා අතට ලැබෙන මුදල වන ඩොලර් මිලියන 2,325ට අමතරව තවත් ඩොලර් මිලියන 775.92ක් රටින් එළියට යනවා කියන එකයි.

එවැනි පාඩුවක් වුනත් මේ වෙලාවේ ලංකාවේ රජය වැටී සිටින තැන අනුව කොහොමටත් කොහෙන් හෝ විදේශ ණය නොගෙනම බැරි නිසාත්, 4.1%ක පොලියකට ඩොලර් හොයා ගන්න එක ලේසි වැඩක් නොවන නිසාත් මෙය නරක ගනුදෙනුවක් නෙමෙයි. මේ වෙලාවේ ඩොලර් බිලියන 2.5ක් හොයා ගන්නවා කියන්නේ සෑහෙන්න වටිනා දෙයක්. අනිත් එක වසර දෙකක් යන තුරු ණය ගෙවන්නත් අවශ්‍ය නැහැ. ණය ගෙවන එක ඊළඟ ආණ්ඩුවේ හා ඊටත් පසු බලයට පත් වන ආණ්ඩු වල වැඩක්!

35 comments:

  1. ඉකොනොමැට්ටා, ලංකාවට අවශ්‍ය තරමට විදේශ විනිමය සංචිත නැතහොත් විදේශ මුදල් නැතිකම නුතනයේ ලංකාව මුහුණ දී සිටින ඉතාමත්ම බරපතලම ආර්ථික අර්බුදය ලෙස හැදින්විය හැකි අතර මේ පිළිබඳව දැනට මහා බ්‍රිතාන්‍යයේ ඉම්පිරියල් විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීය ඔටෝමේටඩ් තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසු ලිපියක් පහත දැක්වෙනවා, මා සිතන පරිදි ආර්ථික විද්‍යාව ගැන නොදන්නා මෙවැනි ටෙක්නිකල් පොතේ උගතුන් ආර්ථිකමය කාරණා ගැන සාකච්ඡා කිරීම විසුළු සහගත දෙයක්, නමුත් මේ ගැන ඔබේ අදහ්ස් මොනවාද?

    //මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර වසර කීපයකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයකු වන ඒ මහතා, 2004 සිට 2007 දක්වා කාලයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙක් ද වෙයි. මේ ඒ මහතාගේ හඬයි.

    “ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම ආදායම් මාර්ග තුනකි. ඒ, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අපනයන ආදායමයි.

    විදේශ රැකියා කරන අයගෙන් ලැබුණ විදෙස් මුදල් ප්‍රමාණය දැන් පෙර පරිදි නොලැබෙයි. එයට හේතු දෙකකි. එකක් කොරෝනා නිසා විදෙස්වල රැකියා කළ යම් පිරිසකට රැකියා අහිමිව ඔවුන් යළි ලංකාවට පැමිණීමය. අනෙක් කාරණය ලංකාව ඇතුළේ පවතින අවිනිශ්චිතතාවය. එය නම් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමය. විදෙස් මුදල් ඒකකවල වටිනාකම නිතර ඉහළ යාමය. ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 206ක් බව මහ බැංකුව කීව ද නිල නොවන වෙළෙඳපොළෙහි එහි වටිනාකම රුපියල් 230 ද ඉක්මවා පවතී. පවතින මෙම අවිනිශ්චිතතාව නිසා ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ යුරෝපයේ රටවල මෙන්ම මැදපෙරදිග සහ කොරියාවේ පවා දැනටත් රැකියා කරන ලාංකිකයන් අත්‍යවශ්‍යම කරුණකට හැර ලංකාවට මුදල් එවන්නේ නැති තරම්ය. ඔවුන් එසේ කරන්නේ සමපේක්ෂණය (තම විදෙස් මුදල්වලට අදට වඩා වැඩි රුපියල් ගණනක් හෙට ලබාගත හැකිය යන විශ්වාසය) නිසයි. මේ නිසා මෙම ගණන යම් කිසි වෙළඳපොළ තුළිත අගයක ස්ථාවර කළ යුතුයි, හොඳම දේ නිදහසේ නිසි මිළ ලබාදිය යුතු වන ලෙස ඩොලරය නිදහස් කිරීමයි. මෙහිදී රටේ ඉතාමත්ම දිළිඳු ජන්යා ආනයන මිල ඉහළ යාමෙන් වන පීඩා පාලනය කිරීමට රජය හැකිපමණ නිර්මාණශීලී විසඳුම් සොයාගත යුතුයි. හොඳම දේ ජනප්‍රිය මතය වන හැමෝටම සහන නොදී ඒවා ලැබිය යුතු අත්‍යවශ්‍යම අයට පමණක් සහනාධාර ලබා දිමයි.///

    ReplyDelete
    Replies
    1. ///ලංකාවට විදෙස් මුදල් ලැබුණු දෙවැනි ප්‍රධානතම මාර්ගය සංචාරක කර්මාන්තයයි.

      2019 අප්‍රේල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් වැටීම ආරම්භ වූ සංචාරක කර්මාන්තය තවත් බරපතල ලෙස ඇදවැටුණේ කොරෝනා වසංගතය හේතුවෙනි. අවසන් වරට සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලැබුණේ 2018 වසරේදීය. ඒ වසරේදී ඉන් ලැබුණු ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5කි.

      ඒ වසරේදී පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ 23කි. 2020 දී පැමිණි සංචාරකයන් පිරිස 5,07,311කි. 2020 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා කාලයේ කිසිම සංචාරකයකු ලංකාවට පැමිණ නැත. 2020 දෙසැම්බරයේදී පමණක් 393 දෙනෙක් පැමිණියහ. ඒ 393 දෙනාත් සමග එනම්, 2020 දෙසැම්බරයේ සිට 2021 ජුලි දක්වා කාලයේදී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 19,337ක් තරම් සුළුය. සංචාරක කර්මාන්තය වැටී තිබෙන තැන ඉන් පැහැදිලිය. එන්නත්කරණයෙන් ලංකාව ලබා තිබෙන සාර්ථකත්වයත්, යුරෝපයට එළැඹෙන සීත සමයත් නිසා සංචාරක කර්මාන්තය යළි පණ ගසා නැගිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවත් 2018 මට්ටමට යාමට තවත් අවුරුදු දෙක තුනක් යනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

      ලංකාවට විදෙස් විනිමය ලැබෙන අනෙක් මාර්ගය අපනයන කර්මාන්තයයි.

      සියවස් ගණනක සිට ලංකාව අපනයන කර්මාන්තයේ යෙදී සිටියත්, ඒ ක්ෂේත්‍රයෙන් ලබා සිටින ප්‍රගතියක් නැති තරම්ය. රජයේ සංඛ්‍යා ලේඛනවලින්ම ඒ බව අනාවරණය වෙයි. භාණ්ඩ හා සේවා අපනයනයෙන් 2017 දී ලංකාව ලබා තිබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 19,084කි. 2018 දී එය 20,264කි. 2019 දී ඒ සංඛ්‍යාව ඇමෙරිකන් ඩොලර් මිලියන 19,414කි. මා ඒ සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංඛ්‍යා දත්තය. ඒ දත්තවලින් අනාවරණය වන්නේ, ලංකාවේ අපනයන ආදායමෙහි වර්ධනයක් නැති බවය. නැතහොත් ලංකාවේ අපනයන එක තැනක පල්වන බවය.

      පවතින ඇත්ත තත්ත්වය එය නම්, ලංකාව විදෙස් විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ගවලට යොමු විය යුතුමය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය එයට හොඳ මාර්ගයකි.

      එහෙත්, ලංකාව ඉන් නිසි ප්‍රයෝජන ලබාගෙන නැති බව අවංකව පිළිගත යුතුය. රට ඇතුළේ තිබෙන ඇතැම් සමාගම් විදෙස් රටවලට එවැනි සේවා සැපැයුව ද ලංකාවේ ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණ සේවා සපයා ගන්නේ විදෙස් රටවලිනි. එමගින් වන්නේ රටේ තිබෙන විදෙස් විනිමය සංචිත ටිකත් හිස් වීමය. ඒ ප්‍රතිපත්ති නිවැරැදි විය යුතුය.///

      Delete
    2. ///මා සිතන පරිදි ලංකාවට විදෙස් විනිමය උපයාගත හැකි හොඳම මාර්ගය අධ්‍යාපනයයි. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව පමණක් නොව ලංකාව පිහිටි කලාපයේ තිබෙන නේපාලය ද විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් ආදායම් උපයයි.

      මා සේවය කරන ඉම්පීරියල් විශ්වවිද්‍යාලය මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල අතරින් හිමි කරගෙන සිටින්නේ තෙවැනි තැනය. එහි පළමු තැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට හිමි වී තිබෙන අතර, දෙවැනි තැන හිමි කරගෙන සිටින්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. 2020 ලෝක වාර්තාව අනුව ඉම්පීරියල් විශ්වවිද්‍යාලයට සමස්ත ලෝකයෙන්ම හිමි වී තිබෙන්නේ අට වැනි ස්ථානයයි. 2020 දී ඉම්පීරියල් විශ්වවිද්‍යාලයෙහි සිටි සිසුන් සංඛ්‍යාව 18,264කි. ඒ සිසුන් අතරින් සියයට 60.5ක් මහා බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා සංගමයේ රටවල සිසුහුය. ඉතිරි සියයට 39.5ම වෙනත් රටවලින් පැමිණි සිසුහුය. 2020 දී ඉම්පීරියල්හි සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 42.7ක් පශ්චාත් උපාධි හදාරණ සිසුහු වෙති. මහා බ්‍රිතාන්‍යයේ හා යුරෝපා රටවල ළමයින්ගෙන් එක හා සමාන මුදලක් අය කරන ඉම්පීරියල් විශ්වවිද්‍යාලය වෙනත් රටවල සිසුන්ගෙන් එමෙන් තුන් ගුණයක් අය කරයි.

      ඒ අනුව, 2020 දී ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 1,367කි. 2019 දී ලංකාවේ ආණ්ඩුව මුළු රටේම අධ්‍යාපන ක්ෂේත්‍රයට වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1,695කි. ඒ දෙකෙහි පරතරය ඩොලර් මිලියන 328කි.

      විදෙස් රටවල සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් මහා බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලය පමණක් එතරම් විශාල මුදලක් උපයන්නේ නම්, මහා බ්‍රිතාන්‍යයේ සියලුම විශ්වවිද්‍යාල කොපමණ මුදලක් උපයනු ඇති ද? එහෙත් ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් තම වියදමෙන් සියයට 25ක්වත් උපයා ගන්නේ ද?

      එහෙයින්, අධ්‍යාපන ක්‍රමය සහ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති නූතන ලෝකයට ගැළපෙන ලෙස සංශෝධනය කර අධ්‍යාපනයෙන් ඩොලර් ඉපයීමට ලංකාව වහා යොමු විය යුතුය.///

      Delete
    3. ///ලංකාවේ පාලන තන්ත්‍රයෙහි පවතින දුර්වලතා කෙරෙහි ද අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.

      1948ට පෙර අවුරුදු 200ක් පමණ ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. එනම්, ලංකාව පාලනය කළේ මහා බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසුව එරටට යුරෝපා වෙළෙඳපොළෙහි ප්‍රශ්න ඇති විය. කොරෝනා වසංගතයෙන් ද ප්‍රශ්න ඇති විය.

      මොන ප්‍රශ්න ඇති වුණත් මහා බ්‍රිතාන්‍යයේ පාලන තන්ත්‍රය හැරෙන්නේ රටේ ආර්ථිකය පෝෂණය කරන වාණිජ ප්‍රජාව දෙසටය. රජය සිටින්නේ ඔවුන් සමගය. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ වාණිජ ප්‍රජාවගේ අදහස් විමසීමෙනි.

      රටේ පුරවැසි සැමට ආණ්ඩුව පෙන්වන්නේ මොන ප්‍රශ්න තිබුණත් ඕනෑම අර්බුදයක් තමන්ට ජයගත හැකි බවය. ආණ්ඩුවත්, වෙළෙඳ ප්‍රජාවත්, ජනතාවත් එක්ව රට ගොඩගත යුතු බව ආණ්ඩුව නිතර ප්‍රදර්ශනය කරයි. කවර පක්ෂයක් බලයට පැමිණියත් කවරකු අගමැති වුවත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එයයි.

      ඇති වී තිබෙන්නේ රටේ ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නම්, ආණ්ඩුව කතා කරන්නේ රටට ආදායම් උපයා දෙන අය සමග මිස වෙනත් අය සමග නොවේ. ලංකාව හිතන්නේ විදේශ මිනිමය හිඟකම නිසා විදෙස් විනිමය රටින් පිටට යන ආනයන නැවැත්වීමටය. එසේ කරමින් අපනයන වැඩි කරන්නට සැරසෙයි.

      ඇතැම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පිටරටවලින් අමුද්‍රව්‍ය ආනයනය කළ යුතු වෙයි. එහෙත්, ආනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම් ආනයනික අමුද්‍රව්‍ය හා උපාංග මත පදනම් වන අපනයන දිරිගන්වන්නේ කොහොම ද? එවැනි අවස්ථාවල බ්‍රිතාන්‍ය රජය කතා කරන්නේ අපනයනකරුවන් සමගය. ඔවුන්ගේ අදහස් විමසීමෙන් තොරව ඒ පිළිබඳව තීන්දු නොගනියි.

      විශ්වවිද්‍යාලවල ආදායමෙහි ප්‍රශ්නයක් තිබේ නම්, ඒ ගැන සාකච්ඡා කරන්නේ විශ්වවිද්‍යාල සමගය. අනෙක බ්‍රිතාන්‍යයේ ආදායම් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල විවිධාකාරයෙන් දායක වෙයි. සිසුන් සංඛ්‍යාව ඉහළ තබාගෙන උපයන ආදායම ඉහළ නැංවීම එක් ක්‍රමයකි. විශ්වවිද්‍යාලවලට වැඩි ආදායමක් ලැබෙන්නේ විදෙස් සිසුන්ගෙනි.

      මහා බ්‍රිතාන්‍යයේ හා යුරෝපා සංගමයේ රටවල් සිසුවකුගෙන් අවුරුද්දකට පවුම් 900ක් අය කරන අතර, වෙනත් රටවල සිසුන්ගෙන් අවුරුද්දකට පවුම් 24,000ක් අය කරයි. වෙනදා විදෙස් සිසුන් සංඛ්‍යාව සියයට 30ක් පමණ වුවත්, මෙවර එය සියයට 39ක් පමණ දක්වා ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කළේය. අපේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ පමණක් රටවල් 131ක සිසුවෝ ඉගෙන ගනිති. විශ්වවිද්‍යාල පරිපාලනය රටට ආදායම් ඉපයීමට කැපවන්නේ එලෙසිනි.

      ආර්ථිකයේ මර්මස්ථාන මොනවා ද කියා සොයා බලා ඒ තැන්වලට හා පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ රජයෙනි. රජය ක්‍රීඩා නොකරයි. රජය කරන්නේ ක්‍රීඩා කරන අයට පහසුකම් සැලසීමය. අධ්‍යාපනය ලැබීමට බ්‍රිතාන්‍යයට එන සිසුන්ට අදාළ වීසා කොන්දේසි පවා අපේ නිර්දේශ මත රජයෙන් වෙනස් කර දෙයි. කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නම් තණතිල්ල (Pitch) සකසා දිය යුත්තේ පන්දු යවන්නා කියන ලෙසටය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කරන්නේ ද එලෙසිනි. ඒ නිසා පන්දු යවන්නා විකට් ගනියි. අනෙක, යම් වැඩක් සාර්ථක වුවහොත් එහි ගෞරවය දෙන්නේ එය කළ පුද්ගලයාට මිස වෙන අයකුට නොවේ. එහෙත් ලංකාවේ එසේ නොවෙයි. සාර්ථක වුවහොත් එහි ගෞරවය ආණ්ඩුව ලබාගන්නා අතර, අසාර්ථක වුවහොත් එහි වගකීම ජනතාව මත පටවයි.///

      Delete
    4. ///රටක ප්‍රශ්න තිබෙන අවස්ථාවක සිය හැකියාවට අනුව පුද්ගලයන්ට මුදල් හා බලය ලැබෙන ක්‍රමය (මෙරිටොක්‍රසි Meritocracy) ඉතා වැදගත්ය. ඉන් අදහස් කෙරෙන්නේ කුසලතා හා දක්ෂතා තිබෙන පුද්ගලයන්ට ප්‍රමුඛතාව පිරිනැමිය යුතු බවය. හේතුව, අර්බුදවලින් ගොඩ ඒමට අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන් මිස පාලක පක්ශයේ වන්දිභට්ටයන් හෝ වහලුන් ලෙස ක්‍රියා කරන අවස්ථාවාදී පුද්ගලයන් නොවේ. කුසලතා සහ දක්ෂතා තිබෙන පුද්ගලයන්ට ලංකාවේ සැලකිලි අඩුය. අර්බුදවලින් ගොඩ ඒමට නොහැකිව රට අගාධයටම යන්නේ එහෙයිනි. දක්ෂතා හා කුසලතා පිරි මිනිසුන් දිරිගන්වන ක්‍රමවේදයක් (මොරල් බූස්ට් Moral Boost) රටේ පවතින්නේ නම්, අර්බුද විසඳීම මහා බරපතළ ප්‍රශ්න වන්නේ නැත.

      ලංකාවේ අද පවතින තත්ත්වය මත රටට ආදායම් උපයා දෙන මිනිසුන් සිටිය යුත්තේ පාලන තන්ත්‍රයේ ඉහළ (කrවන් Crown) තනතුරුවලය. හේතුව, ආදායම් උපයන ක්‍රමත්, ඒ සඳහා තිබෙන අවස්ථා සේම බාධකත් මැනවින් දන්නේ ඔවුන් නිසාය. යටත් විජිත යුගයේ රටවල් ආක්‍රමණය කළේ අමුද්‍රව්‍ය සොයා ගැනීම සඳහාය. එහෙත්, නූතන යුගයේ ඒ අවශ්‍යතා සපුරා ගන්නේ ගනුදෙනු මගිනි. දෙපාර්ශ්වයටම ජයග්‍රහණ අත්වෙන වෙළෙඳ ගිවිසුම් මගිනි. පාලන තන්ත්‍රයේ මුදුණේ (කrව්න් Crown) සිටින පුද්ගලයන් ඒවා නොදන්නේ නම්, රට වළටම වැටෙනවා මිස ගොඩට ඒමට නොහැකි වෙයි. අනෙක් කාරණය, රටේ දියුණුව සඳහා රටෙහි සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව ඉහළ නැංවිය යුතුය. පහළ සිටින අයට දිරිගැන්වීම් දී ඔවුන් ඉහළට ගැනීම බ්‍රිතාන්‍ය ක්‍රමයයි. ඒ සඳහා නව ව්‍යාපාර බිහි කිරීමට විශ්වවිද්‍යාලවලට විවිධ දීමනා හා සහන ද ලැබෙයි.

      බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාව/ යුරෝපය තුළ අලුත් නිෂ්පාදන හා සමාගම් බිහිවන්නේ විශ්වවිද්‍යාලවලින් කරන පර්යේෂණවල ප්‍රතිඵල ලෙසය. ඉන්ටෙල්, ගූගල්, ෆේස්බුක් වැනි සමාගම් සියල්ල විශ්වවිද්‍යාල පර්යේෂණවල ප්‍රතිඵලය. එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාලවලින් එවැනි සැලකිය යුතු මෙහෙවරක් නොවෙයි. මා උගත් සහ කලක් ඉගැන්වූ මොරටුව විශ්වවිද්‍යාලයෙන් එවැනි සාර්ථක පර්යේෂණ හා පුද්ගලයන් බිහි වුවත්, ඒවාට සහ ඔවුනට අත දී ඉදිරියට ගන්නා ක්‍රමවේදයක් රට තුල ක්‍රියාත්මක නොවෙයි.

      ලංකාවේ විශ්වවිද්‍යාල රටේ කර්මාන්ත සමග ඍජුව බද්ධ කළ යුතු බව මගේ අත්දැකීමයි. උපකුලපතිවරුන්ට ඉලක්ක දිය යුතුය. ඒ ඉලක්ක සපුරන්න බැරි අය නෙරපා දැමිය යුතුය. එසේම ඉලක්ක සපුරන අය දිරිගැන්විය යුතුය. අගය කිරීමෙන්, දීමනා දීමෙන් දිරිගැන්විය හැකිය. ලංකාව දක්ෂයන් හා කුසලතා පිරි මිනිසුන් ඕනෑ තරම් සිටින රටකි. ප්‍රශ්නය, ඔවුනට නිසි තැන හිමි නොවීමය. ලංකාවේ ආණ්ඩුව කරන බරපතළම වරද ව්‍යාපාර කිරීමය. වෙළෙඳ ව්‍යාපාර කිරීම භාර දිය යුත්තේ පෞද්ගලික අංශයටය. මහා බ්‍රිතාන්‍ය ආණ්ඩු මීට අවුරුදු 200කට පෙරත් ව්‍යාපාර කළේ නැත.

      අවුරුදු 200කට ඉහතදී ලංකාව ඇතුළු රටවල් යටත් කරගත්තේ පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම් විසිනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කළේ, ඒ සමාගමෙන් යටත් කරගන්නා රටවල පාලනය භාර ගෙන ඒ සමාගම්වලට සහ ඒ රටවල ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමය.

      ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ පහසුකම් සලසන්නකු (ෆැසිලිටේටර් Facilitator) ලෙසමය. විවේචන තිබුණත්, මහා බ්‍රිතාන්‍යය ලංකාව පාලනය කළේ එලෙසිනි.

      1942/43 මුදල් වර්ෂයේ ලංකාවේ අය රුපියල් විසි කෝටි හය ලක්ෂ හත්සිය හතළිස් හතකි (20,00,06,747). වැය රුපියල් දහඅට කෝටි පනස් ලක්ෂ හය දහස් පන්සිය හයකි (18,50,06,506). ඒ අනුව, අපි බනින දොස් කියන සුද්දන්ගේ පාලන කාලයේ වෙනත් දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්න කෙසේ වෙතත් ආර්ථිකය ගත් විට ලංකාවේ තිබුණේ අය වැය අතිරික්තයකි. එහෙත්, දැන් ණය ගෙවීමටත් විදෙස් රටවලින් ණය ගනී. ආණ්ඩුව මගින්ම ව්‍යාපාර කිරීම එයට මූලිකම හේතුවක් බව මගේ තක්සේරුවයි.”/////

      මේ සාකච්ඡාව ගැන හිතන්නේ මොකක්ද? මෙහි ඇති වැරදි ආර්ථික සංකල්ප ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද මේවා (අධ්‍යාපනය විකුණන උපාධි කඩ වැනි සංකල්ප) සමාජගතවීම එතරම් හොඳ දෙයක් නොවෙයි නේද?

      Delete
    5. //මෙහි ඇති වැරදි ආර්ථික සංකල්ප ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?//

      ඔබ හඳුනාගෙන තිබෙන මෙහි ඇති වැරදි ආර්ථික සංකල්ප පෙන්වන්න. එවිට පැහැදිලි කරන්නම්.

      Delete
    6. මම හිතන්නේ මේ කියන පුද්ගලයා එංගලන්තයේ වාසය කරන එරටට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ආවඩන බව පෙනෙන පුද්ගලයෙක් විය හැකි බවයි. මෙබදු පොත් කටපාඩම් කර සහතික පත්‍ර පමණක් ලබා ගෙන මහා බුද්ධිමතුන් මෙන් පෙනී සිටින ව්‍යාජ උගතුන්ගේ අධ්‍යාපනය යනු වෙළඳ ව්‍යාපාරයක් කළ යුතු බවට වන මතය විහිළු සහගතයි නේද? මේ කියන දේවල් කළොත් ලංකාව උපාධි මුදලට විකුණා මුදල් හම්බ කරන සේරිවාණිජ වෙළෙන්දන් ගෙන් පිරී යයි, දේශීය රජයේ විශ්ව විද්‍යාල අර කලින් ලංගම බස් වලට වුණා වගේ වැහිලා ගිහින් පුද්ගලික මුදලට විකුණන උපාධි කඩ සාප්පු රට පුරා ව්‍යාප්ත වේවි.

      මේ ගැන ඉතාමත් සරල ලෙස ඉදිරිපත් කරන කෙටි වීඩියෝ ක්ලිප් එකක් මේක බලන්න;

      https://www.facebook.com/MawathaSL/videos/3006886942874147/

      මෙහි මහින්ද පතිරණ ඇතුළු ආණ්ඩුවේ සට්ටැඹියන් ගෙනෙන පුහු තර්ක බිඳ වැටීම තුල මෙම කාර්යයේ ඇති භයානක කම පැහැදිලි වෙනවා.

      දැනටමත් ලංකාවෙ මේ මුදලට උපාධි පාඨමාලා විකුණා මුදල් හම්බ කරන ආයතන හැදීමට නන්දසේන බ්‍රෝකර් පුදුම විදියට උත්සාහ කරන්නේ ඒ හරහා මුළු පවුලටම විශාල වශයෙන් කොමිස් ගැසීමට බවයි පැවසෙන්නේ;

      මේකේ තියෙන විස්තර ටික බලන්න;

      https://bit.ly/3mUPyKx

      මේ ගැන වඩාත් පැහැදිලිව විස්තර කර තිබෙනවා.

      Delete
    7. නන්දසේන රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය විකිණීම අරභයි. වෛද්‍ය උපාධිය රුපියල් කෝටි 04 යි.”

      Inter University Students’ Federation

      ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ආසිරි රෝහල් ව්‍යාපාරය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සැරසෙයි. ඇබර්ඩීන් වෙබ් පිටුවේ සඳහන් පරිදි එය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. sri lankan pathway ලෙස නම් කරමින් ඇබර්ඩීන් මගින් ලබාදෙන MBchB උපාධිය මෙමගින් ලබාගත හැකි අතර පළමු වසර තුන ස්කොට්ලන්තයේදීත් අවසන් වසර දෙකෙහි සායනික පුහුණු මෙරට ආසිරි රෝහල් තුළදීත් සිදුකිරීමට සැලසුම් කර ඇත. අවශ්‍ය කෙනෙකුට ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කිරීමට හැකියාව තිබේ. sri lankan pathway ක්‍රමය අනුව මේ උපාධිය සඳහා සිසුන්ගෙන් අයකරන මුදල රුපියල් කෝටි 3.6 කි. ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කරන්නේ නම් මිල රුපියල් කෝටි 6.5කි.

      දූෂිත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2008දී ආරම්භ කළ, යහපාලන ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය Saitm හොර උපාධි කඩය තුළින් උත්සාහ කළේ ද අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළඳභාණ්ඩ ලෙස භෞතීස්ම කිරීමයි. රු. ලක්ෂ 120කට වෛද්‍ය උපාධියට එහි මිල කර තිබිණි. අවසානයේදී ගමක් නගරයක් පාසා ඇවිළ ගිය දැවැන්ත ජනතා විරෝධය විසින් Saitm ව්‍යාපෘතිය අහෝසි කරන ලදී. පාලකයන් Saitm ව්‍යාපෘතියෙන් පරාජය වී වසර දෙකක් ඉක්ම යන තැන දැන් නැවතත් එවැනිම විකෘතියක් සමාජගත කරමින් සිටියි.

      ජනාධිපතිවරණ වේදිකාවල නම් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන බව විනා විකුණන බවට පොරොන්දු දුන්නේ නැත. නමුත් ජනාධිපතිවරයා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කළ ඉදිරි ආර්ථික ඉලක්කයන්ගේ අධ්‍යාපනය විකිණීමට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. අධ්‍යාපන විකිණීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව දෙන බව ඔහු විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. ඇබර්ඩීන් සමඟ එක්ව උපාධි කඩයක් හැදීමට අවසර ලබා දී ඇත්තේ ඒ අනුවය.

      මේ වන විටත් නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපය නමින් හොරණ මිල්ලණියේ ආරම්භ කිරීමට සැරසෙන උපාධි පාඨමාලා සහතික තොග වශයෙන් හෝල් සේල් දමා විකිණීමට තබා ඇති සල්පිල් කඩපිළට අනුමැතිය ඉල්ලමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ තිබුණේ එමගින් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි වන බවයි. මේ ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගෙන තිබෙන්නේ එහි යථාර්ථයයි. දෛනික වැටුපට වැඩකරමින් එදිනෙදා ජීවිතය ගැට ගසාගන්නා ජනතාව ජනගහනයෙන් 40% ක් වන රටක කෝටි හතරකට උපාධිය විකුණන්නට සැරසෙන්නේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යැයි පැවසීමම විහිළුවකි.

      කොරෝනා වසංගතයට මුහුණ දීමට මහා ආර්ථික බලවතුන්ටවත් නොහැකි වී ඇති මොහොතක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව වැනි සමාජ ආරක්ෂණයන් නොවිකිණිය යුතු බවට ලෝක මට්ටමින් සාකච්ඡාවක් ගොඩනැගී තිබේ. වෙනකක් තබා පසුගිය දිනෙක ජාත්‍යන්තර සමුළුවක් අමතමින් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයට මේ මට්ටමින් හෝ මුහුණ දීමට හැකි වූයේ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා වන බවයි. නමුත් යථාර්ථයේදී එම නිදහස් සෞඛ්‍යම, එම නිදහස් අධ්‍යාපනයම වලපල්ලට යැවීම සඳහා පිඹුරුපත් අදිමින් සිටියි. ගෝඨාභය ආණ්ඩුවේ වැඩපිළිවෙළ ද ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ පන්නයේ වන බවට මෙයම කදිම නිදසුනකි.

      Delete
  2. මේ වනවිට ලංකාව පවතින්නේ ඉතාමත් බරපතල අධි උද්ධමන තත්වයයක පාමුල බව ඩබ්. ඒ විජේවර්ධන ඇතුළු ආර්ථික විශේෂඥයෝ මාධ්‍ය වලට වාර්තා කළේ ගැසට් ඉවත් කර ගැනීමත් සමග මර්දිත උද්ධමනය (Repressed Inflation) විවෘත උද්ධමනයක් (Open Inflation) බවට පත් වී ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව වහාම මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් පවසමින්.

    CBSL ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන පවසන්නේ පවතින ඉතාමත් බරපතල අධි උද්ධමනකාරී ආර්ථික පරිසරය පිළිබඳ විග්‍රහයක නිරත වෙමින් මහ බැංකුව තව දුරටත් මුදල් අච්චු ගැසීම කර ගෙන ගියහොත් එය අධි උද්ධමනයක් (Hyperinflation) බවට පත් වීම නොවැලැක්විය හැකි බවයි. එසේම විනිමය අනුපාතය පිළිබඳව ද එය එසේම ආදාළ වන බව ආචාර්ය විජේවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

    “අද ලංකාවේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සහ එමගි න් ඇතිවිය හැකි උද්ධමනකාරී බලවේගය අපට හඳුන්වන්න පුළුවන් මර්ධිත උද්ධමනයක් (Repressed Inflation) ඉවත් කළ පසු පැන නැගුනු තත්ත්වයක් හැටියට. මෙතෙක් කල් රජය ක්‍රියාත්මක කළේ උපරිම සිල්ලර මිලක් නියම කරලා, ගැසට් මගින් ඒ උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කිරීම මගින් වෙළෙඳපොළ මර්ධනය කිරීමට තමයි කටයුතු කරලා තිබුණේ. නමුත් එම කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින නිසා.”

    “මේ නිසා මේ ගැසට් ඉවත්කර ගත් පසුව (ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ වැඩිදියුණු වෙලා තිබෙන ප්‍රෙෂර් එක සේෆ්ටි වෑල්ව් එක හරහා එලියට පනිනවා වගේ) අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙනවා. මෙහිදී ඇතිවෙන උද්ධමනකාරී බලවේගය අපට එකවරක් ඇතිවන මිල වැඩිවීමකට සීමා කරගන්න පුළුවන්, මහ බැංකුව නැවත වරක් මුදල් නෝට්ටු මුද්‍රණය කරලා, මේ උද්ධමනයට තව බලයක් සැපයූවේ නැත්නම්. නමුත් මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇතිවෙච්ච මිල වැඩිවීමට බලයක් සැපයූවහොත් ඇත්තවශයෙන්ම සිදුවන්නේ එකවරක් පමණක් වැඩිවුණු මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා අධි උද්ධමනයක් (Hyperinflation) බවට පාත්‍ර වෙන්න පුළුවන්.”

    “අපේ විනිමය අනුපාතිකයත් අද තියෙන්නේ මෙන්ම මේ තත්ත්වයේ. විනිමය අනුපාතිකයේ වටිනාකම මහ බැංකුව විසින් රු. 203කට නියම කරලා තියෙන එක අපිට හඳුන්වන්න පුළුවන් MRP (Maximum Retail Price) එකක් නියම කරපු එකක් හැටියට. නමුත් ඒ ප්‍රමාණයට වෙළෙඳපොළේ ඩොලර් ලැබෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක දී මේ MRP එක ඉවත් කරපු ගමන්ම විනිමය අනුපාතිකයත් මේ වගේම උඩට පැනලා මහා භයානක විදියට විනිමය අනුපාතිකය ශ්‍රී ලංකාවේ අඩුවෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන මහබැංකුව සහ රජය කටයුතු කළොත් වඩා සුදුසුයි.”

    එමෙන්ම දැනට ලංකාවේ ආර්ථිකය ඉතාමත්ම භයානක ලෙස අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙනුවෙන් එහි සභාපති ආචර්ය ලක්ෂ්මන් සිල්වා පෙන්වා දෙන්නේ මේ ලංකාවේ ඇති බරපතල ආර්ථික අර්බුදය නිසාම ඒ හේතුවෙන් ලංකාවේ බැංකු පද්ධතිය කිසිදා නොසිතූ විරූ ඉතාමත්ම බරපතළ අවදානමකට පත්ව ඇති බවයි. දැනට ලංකාවේ රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මේ බරපතල ආර්ථික ව්‍යසනය හෙළිදරව් වී තෙබෙන බවයි පවසන්නේ. මේක ඇත්තද?

    (Link - https://www.youtube.com/embed/ZQ9ed0_BuIc?rel=0)

    ReplyDelete
    Replies
    1. //දැනට ලංකාවේ රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මේ බරපතල ආර්ථික ව්‍යසනය හෙළිදරව් වී තිබෙන බවයි පවසන්නේ. මේක ඇත්තද?//

      ඔව්.

      Delete
  3. Replies
    1. ඉක්මනින්ම බේකන් නොකලොත් ටොයිලට් වත් ඉතුරුකරන ඒකකුත් නෑ

      Delete
  4. ISb වලින් ණය ගත්තොත් නේද අවුල්? මේක ISB නයක් නොවන නිසා විදේශ ණය වලට වැටෙන්නෙ නැහැ මහිතෙ.

    ReplyDelete
    Replies
    1. මොන විදිහට ගත්තත් විදේශයකින් ගත්තොත් විදේශ ණය තමයි. මෙය ගත්තොත් විදේශ ණය වලට එකතු කරන්න වෙනවා. ඩොලර් ණය රාජ්‍ය බැංකුවකින් ගත් විටනම් විදේශ ණය වලට එකතු කරන්නේ නැහැ. එහෙත්, මෙය මධ්‍යම රජයේ ණයක් නොවන නිසා රාජ්‍ය ණය වලට එකතු කරන එකක් නැහැ.

      Delete
    2. විහිලුවට කිව්වෙ ඉකොන්.
      මෙන්න මේ ජාතියෙ විහිලු මේ අණ්ඩුවෙන් කරන නිසා.
      යහපාලන කාලෙ ගත්තු ISB ඩොලර් බිලියන 12
      මරාගෙ කාලෙ ගත්තු ISB ඩොලර් බිලියන 5

      නිගමනය, මරාගෙ කාලෙ ගත් විදේශ ණය ප්‍රමාණය වගෙ දෙගුනයකටත් වැඩිය යහපාලනෙන් අරගෙන කරපු ප්ප්‍රොජෙක්ට් එකකුත් නෑ.

      Delete
    3. මෙහෙමයි ඉකොනොමැට්ටා,

      රාජපක්ෂ දශකය තුළ විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ආදී බොහෝ අවකල් ක්‍රියා විශාල වශයෙන් සිදු වුණත් ණය සමබන්ධයෙන් ගත් විට යහපාලන පස් වසර තුළ සිදුවූ විදේශ ණය ඊට වඩා සෑහෙන වැඩියෙන් සිදු කළේ යහපාලන රජය විසින්.

      කෙසේ නමුත් යහපාලන රජය පැමිණීමෙන් පසු භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාද්ය පෙරට සාපේක්ෂව යම් තරමකින් දියුණු වුණා. ඊට පසුව ආර්ථිකය සම්බන්ධයෙන් ගත්විට ඔවුන් බදු වැඩි කිරීම ආදී ක්‍රම වලින් 2017/ 2018 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1800 පමණ දක්වා වැඩිකර ගත් අතර වියදම් සීමා කර ගනිමින් අභ්‍යන්තර අයවැය හිඟය අඩු කර ගැනීමට කටයුතු කළා. කෙසේ නමුත් මෙය රාජපක්ෂලාගේ මුදල් අච්චු ගැසීමේ අනිත් එක, එනම් උද්ධමන වක්‍ර බද්ද වෙනුවට වඩාත් සෘජු බදු අයකිරීමක් හා සමානයි, එකම කාසියේ දෙපැත්තක්.

      ණය ගැන මේ ගැන දේශපාලන ගැති භාවයකින් තොරව කතා කළොත් 2015 ජනවාරි මස සිට 2019 ඔක්තෝබර් දක්වා පැවති ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් යනාදී නොයෙක් මුලාශ්‍ර වලින් ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් ඉක්මවූ මුදලක් දක්වා විදෙස් විනිමය ණය වැඩිකරගෙන තියෙනවා මා දකින අයුරින්.

      For e.g. 2015 Jan - 2016 March:

      USD 6,361 million the SL government borrowings for 2015/16 as follows:

      1. Currency swap of USD 400 million in March 2015 and USD 1,100 million in May 2016. So in currency swaps, the total is USD 1,500 million.

      2. International Sovereign Bond of USD 650 million in May 2015 and another USD 1,500 million ISB in October 2015. So in ISBs, the total is USD 2,150.

      3. Sri Lanka Development Bonds totaling USD 2,711 during the tenor of the new government.

      Further info;

      https://www.ceicdata.com/en/indicator/sri-lanka/external-debt (මෙහි චාට් එක මගින් පසුගිය දස වසර තුළ විදෙස් ණය වැඩිවූ අයුරු දැකිය හැකියි.)

      Sri Lanka External Debt reached 49.2 USD bn in Dec 2020, compared with 50.6 USD bn in the previous quarter. Sri Lanka External Debt: USD mn data is updated quarterly, available from Dec 2012 to Dec 2020. The data reached an all-time high of 55.6 USD bn in Jun 2019 and a record low of 37.1 USD bn in Dec 2012.

      සාමන්‍යයෙන් විදෙස් විනිමය ණය ගත්විට ඒ ණය සියල්ලම විදේශ විනිමයෙන්ම ආපසු ගෙවීමට සිදු වේ. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම වැඩිවන විට විනිමය අනුපොතයේ ඇතිවෙන වෙනස්කම් නිසාද නැවත රුපියල් ඩොලර් බවට හැරවීමේදී රටේ ණය බර නිරායාසයෙන්ම වැඩි වෙයි. එනම් රජය මහ බැංකුවට වැඩි රුපියල් ප්‍රමාණයක් දී ඩොලර් ගැනීමට සිදුවීම මෙහි ඇති අවුලයි.

      මේ නිසා මහා පරිමාණයෙන් විදෙස් විනිමය වානිජ ණය ගැනීම මර උගුලක් වන අතර 2015 - 2019 ආණ්ඩුවේ ණය ගැනීමේ සුවිශේෂම ලක්‍ෂණය වන්නේ ඒ කිසිවක් ප්‍රාග්ධන ආයෝජන කිරීමට ලබාගත් ව්‍යාපෘති ණය නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ලබාගත් වානිජ ණය වීමයි.

      කෙසේ නමුත් රාජප්ක්ෂ ආණ්ඩුවත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුකර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් වැනි මූලාශ්‍ර වලින් වානිජ ණය ලබාගැනීම සිදු කළ අතර දැනට ලංකාවට ගීමට ඇති ඩොලර් බිලියන 14.05 ක අයි.එස්.බී වලින් රාජපක්ෂ වනචර දශකය තුල ගත් ණය වලින් එය ඩොලර් බිලින් 2 ක් ඇති අතර ඊට පසුව ගත් ඩොලර් බිලියන් 12.05 ක් ඇති බව මෙතනින් බලාගන්න පුළුවන්.

      https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/about/outstanding_isb_as_at_01_december_2020_e.pdf

      මෙයින් බිලියන් එකක් පහුගිය ජූලි මාසයේ ගෙවූ නිසා දැන් තියෙන්නේ බිලියන් 13.05 ක් පමණයි, නමුත් වර්තමාන ආණ්ඩුව ගත් ස්වැප් සහ චීන ණය ආදී අලුත් ණය වගේම සිපෙට්කෝ ඩොලර් බිලියන් දෙකේ ණැය වැනි අලුත් ප්‍රශ්න වලට කුමක් කළ යුතුද?

      Delete
    4. එමෙන්ම රාජපක්ෂ රජය ව්‍යාපෘති සඳහා සෑහෙන විදෙස් ණය ගනු ලැබු අතර ඇතැම් ඒවාට 2% වැනි සහනදායි පොලියට දිගු කාලීන ණය වශයෙන් ගෙන ඇති අතර මින් විශාලම එක වන නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට වැය වූයේ ඇ.ඩො. බිලියන 1.35 කි. හම්බන්තොට වරාය අද තිබෙන තත්වයට ගෙන ඒමට ගත් මුලු ණය ඩොලර් බිලියන 1.26 කි. කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740කි. මත්තල ගුවන්තොටුපලට ඩොලර් මිලියන 209කි. (මුළු වියදම ඩොලර් බිලියන 0.247ක් පමණා කටුණායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 292 කි. නෙළුම් කුලුණ ඉදිකිරීමට ගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 67කි (මුළු වියදම ඩොලර් මිලියන් 106 ක් පමණ). මේ සියලුම ව්‍යාපෘති වලට වැය වූ මුදල් එකට එකතු කළත්, යහපාලන ආණ්ඩුව 2019 වසරේදී පමණක් සවරින් බොන්ඩ් දෙකක් හරහා ලබාගත් ඩොලර් බිලියන 4.4ට කිට්ටුවටවත් එන්නේ නැත.

      යහපාලන ආණ්ඩුව විසින් අවරුදු පහකට අඩු කාලයක් තුළ ඇතිකළ මේ අයි එස් බී ණය අර්බුදයේ තරම එය නමුත් එසේ කියා රාජපක්ෂ ණය අඩු වන්නේ නැත. එමෙන්ම අලුතෙන් ගන්න යන ණයක් නේද මෙය? බිලියන් 1.5ක්?

      https://www.channelnewsasia.com/business/sri-lanka-shelves-plan-buy-back-us15-billion-sovereign-bonds-2235391

      කෝමද මේක?

      https://thediplomat.com/2021/02/sri-lankas-foreign-debt-crisis-could-get-critical-in-2021/

      ඇත්තටම මේ අර්බුදය විසඳීමට දැන් කළ යුත්තේ කුමක්ද ඉකොනොමැට්ටා? මීට ඔබේ යෝජනාව අයි එම් එෆ් ගිහින් එයින් සහන පොළියට ණයක් ලබාගෙන මේ ප්‍රශ්නයෙන් තාවකාලිකව ගැලවී පසුව අපනයන සහ සංචාරක සේවා ආදියෙන් ලැබෙන ඩොලර් වලින් එම ණය ගෙවීම වගේ දෙයක් ද? මම හිතන්නේත් එවැනි විසඳුමක් කළ හැකි නම් වඩාත් සුදුසු බවයි.

      Delete
    5. ඒඅතින් යහපාලනය මාරයිනෙ. බිලියන 26ක ණය අරගෙන ගෙවන්න ඕන බිකියන 12විතරයි. නිකම්ම බිලියන 14ක් ලැබිල. යහපාලන ආණ්ඩුවට ලෝකෙ තිබිච්ච පිලිගැනීම නිසා උන දෙයක් මහිතෙ.

      Delete
    6. @ Anonymous October 15, 2021 at 1:47 AM

      ආණ්ඩුවේ ණය විතරක් බිලියන 3ට වඩා වාර්ෂිකව ගෙවන්න වෙනවා. ඊට අමතරව පෞද්ගලික අංශයේ ණයත් තිබෙනවා, දෙකම එකතු කලාම ඩොලර් බිලියන් පහකට වැඩි වෙයි.

      2019 වසර අවසානයේ ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 55ට වඩා වැඩියි. ආණ්ඩුව ගත් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 34ට වැඩියි. ඒ වගේ ම පෞද්ගලික අංශය විදෙස් ණය ලබාගෙන තියෙනවා ඩොලර් බිලියන 21කට වඩා වැඩියෙන්. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට 2020 අග සිට 2021 දෙවෙනි කාර්තුව වනවිට වාර්තා කර ඇති විදෙස් සමස්ත ණය සියල්ලම ඩොලර් බිලියන් 50.438 ක් බවයි මහ බැංකුව කියන්නේ.

      ගොඩක් අය දන්නේ ආණ්ඩුව ගත්ත ණය විතරක් රජයට බලපානවා කියලයි. ඒත් ඒක නෙවේ ඇත්ත. පෞද්ගලික අංශය ගත්ත විදෙස් ණය ගෙවන්න ඒ ආයතනවලට රුපියල් තියෙනවා. ඒත් රුපියල්වලින් විදෙස් ණය ගෙවන්න බෑ. ඒවාට ඇමෙරිකානු ඩොලර් ඕන. ඒත් මහ බැංකුවට ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නෑ. ආණ්ඩුවට රුපියලුත් නෑ, ඩොලරුත් නෑ.

      සංචාරයකයින්ගේ පැමිණීම අඩුවීම, අපනයනය අඩුවීම, ආනයන වැඩිවීම, රුපියලේ අගය පහත වැටීම නිසා විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය අඩුවීම ආදී කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

      මේ අනුව, ණය වාරික පියවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට නම් යළි විදේශ ණය ලබා ගැනීමට හෝ විදේශ ආධාර ලබා ගැනීමට සිදු වේවි, මේක විශම චක්‍රයක්.

      විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා නන්දසේන රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. ලංකාව දැනට සේවා පදනම් කර ගත්ත ආර්ථිකයක් තියෙන්නේ. නිෂ්පාදන සියල්ල ආනයනය කරන්න වෙලා. ඒකෙන් සිද්ධ වෙන්නේ, රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. සේවා ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගුවොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. නැත්නම් රුපියලේ අගය අවප්‍රමාණය වීම වළක්වගන්න බෑ.

      Delete
    7. Ano 1.47

      //කෙසේ නමුත් 2005-2014 & 2019 Onwards ආණ්ඩුවත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුකර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් වැනි මූලාශ්‍ර වලින් වානිජ ණය ලබාගැනීම සිදු කළ අතර දැනට ලංකාවට ගීමට ඇති ඩොලර් බිලියන 14.05 ක අයි.එස්.බී වලින් 2005-2014 දශකය තුල ගත් ණය වලින් එය ඩොලර් බිලින් 2 ක් ඇති අතර ඊට පසුව ගත් ඩොලර් බිලියන් 12.05 ක් ඇති බව මෙතනින් බලාගන්න පුළුවන්.

      https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/about/outstanding_isb_as_at_01_december_2020_e.pdf//

      මෙහි උඩ කියා ඇති කරුණේ පොඩි වැරැද්දක් තියෙනවා නේද?

      මෙම ලින්ක් එකේ සඳහන් වෙලා තියෙන්නේ අයි.එස්.බී පමණයි. අනෙක් ණය මෙහි නැහැ. අයි එස් බී ඇමරිකන් ඩොලර් බිලියන 14.05 ක් මෙහි තිබුණත් දැන් තියෙන්නේ 13.05 ක් පමණයි මොකද මේ අවු. මැද 2011 ජූලිවල ගත් බිලියන එකක් ගෙවලා ඉවරයි. තව මිලියන 500 ක 2016 ජූලි අයි එස් බී එකක් 2022 ජනවාරි වල ගෙවන්න ඕන. තව 2022 ජූලි වල 2012 ජූලි ගත් අයි එස් බී එකක් ගෙවන්න ඕන. ඊළඟට 2018 අප්‍රේල් වල ගත් US$ 1.250 Billion අයි එස් බී එකක් 2023 අප්‍රේල් ගෙවන්න තියෙනවා. 2024 - 1.5 Billion US$, 2025 - US$ 2.150 Billion etc. etc.

      ඔය අයි එස් බී ටික විතරයි, වෙනත් ඩෙවෙලොප්මන්ට් බොන්ඩ් (සංවර්ධන බැඳුම්කර), කරන්සි ස්වෑප්, සින්ඩිකේටඩ් ලෝන්ස් වැනි ගොඩක් ණය වර්ග තියෙනවා, 2015 ඉඳලා ඉන්දියාවෙන් අවස්ථා තුනකදී මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් ගත්ත. ඊට පස්සෙ 2015 මැයි සහ ඔක්තෝබර් වල ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම් දෙකකින් ඩොලර් බිලියන 2.15 ක් ගත්ත. ඒ වගේම 2015 මාර්තු ඉඳල 2016 ජුනි දක්වා අවස්ථා 13 කදී ඩිවෙලොප්මනට් බොන්ඩ්ස් නිකුත් කරල තව ඇමාරිකානු ඩොලර් බිලියන 3.1 ක් ලබා ගත්තා. එතකොට මේ 2015 ජනවාරි ඉඳන් මුල් මාස 18 ඇතුලත යහපාලන ආණ්ඩුවෙන් විතරක් ඩොලර් බිලියන 7.7 ක් ණයට අරගෙන තියෙනව. ඒකෙන් ඩොලර් බිලියන 3.3 ක්ම 2016 අවුරුද්ද ඉවරවෙන්න කලින් වෙවුවා.

      ඒ වගේ මේ ණය වලින් සමහර ඒව ගෙවල ඉවරයි. උදාහරණයක් වශයෙන් මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ මේ අය ඉන්දියාවෙන් මාස 6 කට ලබාගත් ඩොලර් බිලියන 1.1 ගෙවල ඉවරයි. ඒ වගේම සමහරක් කෙටිකාලීන ඩිවෙලොප්මන්ට් බොන්ඩ්ස් කල් පිරුණාම ගෙවල ඉවර වෙනවා. නමුත් මේ හැර තවත් ණය කන්දරාවක් තියෙනව ගෙවන්න. ඉතින් මේ හින්දා ලංකාවට විශාල ණය බරක් ඇවිත් තියෙනව. කලින් ආණ්ඩු ගත්ත ණය කියන්නෙ රාජපක්ශ හෝ යහ පාලන ආණ්ඩුවෙන් ගත්ත ණය විතරක් නෙවෙයි. මේකෙ තියෙනව ජේ.ආර්. ජයවර්ධන රජය කාලෙ ඉඳන් ගත්ත දිගු කාලීන ණය. සෑම ආණ්ඩුවක්ම කලින් තිබුණ ආණ්ඩුවල ණයත් ගෙවනව. එම් ආර් 2005 දී බලයට පත් වුණාට පස්සෙ කලින් ආණ්ඩු වල ණය ගෙව්ව. ඒ වගේ යහපාලන සහ මේ ආණ්ඩුවලටත් ඒ ණය ගෙවන්නම වෙනව ඩිෆෝල්ට් නොවී බේරෙන්න නැත්නම් කෙළවෙනවා.

      Delete
    8. ඔය විදේශ ණය ගැන විතරයි. නමුත් යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ ඒ අය ලංකාව ඇතුළේ රුපියල් වලිනුත් සෑහෙන ණය අරගෙන තියෙනව. මහ බැංකු වාර්තාවට අනුව 2015 එක අවුරුද්දක් ඇතුළත රුපියල් ණය 16% කින් වැඩිවෙලා තියෙනව. ඒ කියන්නෙ 2014 අන්තිමට තිබුණු රුපියල් බිලියන 4,278 ක් වුණ දේශීය ණය 2015 ඉවර වෙනකොට රුපියල් බිලියන 4,959 දක්වා රුපියල් බිලියන 681 කින් වැඩිවෙලා තියෙනව. ඊට පෙර එක අවුරුද්දක් ඇතුළත රුපියල් ණය ඔය වගේ ගණනකින් වැඩිවෙලා නැහැ. 2015 අවුරුද්ද සඳහා පාර්ලිමේන්තුවෙන් නියම කරල තිබුණු ණය සීමාව දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉක්මවල තියෙනවා කියල විගනකාධිපතිවරයත් කියල තියෙනව.

      විණිමය අනුපාතිකය එකදිගටම අවප්‍රමාණය වීම හොඳ දෙයක් නෙමෙයි ඒකෙන් පෙන්වන්නේ පෙනෙන්නේ ආර්ථිකයේ දුර්වල කම, හැබැයි ආර්ථිකය දුර්වලව තිබීම හමුවේ විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට පිළිතුරු ලෙස රජය කළ යුත්තේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි, ඒ වෙනුවට ලංකාවේ ආණ්ඩු කෙටිකාලීන වාසි තකා දිගුකාලීනව ආර්ථිකය තවත් දුර්වල වෙන්නට ඉඩ සලසමින් විදේශ සංචිත වලින් කොටසක් වශයෙන් මුදල් පොම්ප කරමින් කෘතීම ලෙස විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම නැත්නම් ණය ගනිමින් රුපියල ශක්තිමත්ව තබා ගැනීම නිසා තමයි දැනට විදේශ අංශයේ බරපතල අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. මේකට සියළු දේශපාලන පක්ෂ එකතු වී සාමුහිකව පිළියම් සෙවිය යුතුයි, පහුගිය යහපාලන රෙජීමය සමයේ විපක්ෂය කරපු දැඩි විවේචන නිසා යහපාලකයන් තව තවත් ණය අරන් අර්බුදය වැඩි වුණා, මේ නිසා දැන්වත් ආණ්ඩුව සහ විපක්ෂය සමගි වී මේ අර්බුදයට සාමූහිකව පිළියම් සොයා ගත යුතුයි, නැත්නම් මේ ආණ්ඩුව අර්බුදය තල්ලු කරයි ලබන ආණ්ඩුවට මීට වඩා කෙළවෙයි.

      Delete
    9. යහපාලන ණය හා රාජපක්ෂ ණය
      http://economatta.blogspot.com/2021/09/blog-post_25.html

      Delete
    10. //කෙසේ නමුත් මෙය රාජපක්ෂලාගේ මුදල් අච්චු ගැසීමේ අනිත් එක, එනම් උද්ධමන වක්‍ර බද්ද වෙනුවට වඩාත් සෘජු බදු අයකිරීමක් හා සමානයි, එකම කාසියේ දෙපැත්තක්.//

      මේ දෙක එකම කාසියේ දෙපැත්ත නෙමෙයි. දෙකෙන්ම වෙන්නේ මිල දී ගැනීමේ හැකියාව අඩු වෙන එක වුවත්, මුදල් අච්චු ගැසීම පැහැදිලි ලෙසම වඩා භයානකයි. උදාහරණයක් විදිහට බදු වැඩි කිරීම නිසා විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වන්නේ නැහැ. මුදල් අච්චු ගැසීම නිසා එය සිදු වෙනවා. දිගින් දිගටම ඩොලරයේ මිල ඉහළ යන්නේ සල්ලි අච්චු ගැසීම නිසා. උද්ධමනය වැඩි වීම හේතුවෙන් රුපියලේ විදේශ අගය පිරිහුනාට පසු කෘතිමව ඩොලරයේ අගය පහළින් තියා ගැනීමෙන් වෙන්නේ රුපියලේ සැබෑ විදේශ අගය (ඩොලරයේ සැබෑ මිල) තව තවත් වැඩි වන එක පමණයි. බදු වැඩි කළ විට එවැන්නක් වෙන්නේ නැහැ.

      Delete
  5. ඉකෝන්,

    මේ කතාව ඇත්ත ද?


    ///නැති සල්ලි... ඇති සල්ලි...

    ~ගම සමග පිළිසඳර~

    ආණ්ඩුව ගමට සල්ලි බෙදීම ආරම්භ කිරීමට සූදානම්ය. ඡන්දයක් ලඟ බවට එන කස හඩ එයයි. බැසිල්ගේ තීරණයක් ලෙස අයවැයටත් පෙර අයවැය රහස් ක්‍රියාත්මකය. වුවමනාව ජනතාවට එපාවී ඇති පොහොට්ටුව ජන්දයට කෙලින් කිරීමය.

    ග්‍රාමනිලධාරී වසමකට රුපියල් මිලියන 3 කි. . වසම් 14,022කි. එතනට රුපියල් මිලියන 42,066කි. පළාත් පාලන ආයතනයකට මිලියන 04කි. ආයතන 335කි. එතනට රුපියල් මිලියන 1340කි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිට. මිලියන 100කි. කමිටු 232කි. එතනට මිලියන 23,200කි. සභාපතිලා බොහෝවිට ආණ්ඩුවේ ආසනේ පාර්ලිමේන්තු මන්ත්‍රීය. උප සභාපතිටත් රුපියල් මිලියන 20කි. (20*232) එතනටත් රුපියල් මිලියන 4,640කි. ඒ මන්ත්‍රීක්ම් නැති
    සංවිදායකයින්ටය.ඔක්කොම රුපියල් මිලියන 71,246කි. රුපියල් කෝටි 7124 කි.

    මේ ඔක්කොම බඩු මිල අඩු කරන්න, ගෑස් මිල අඩු කරන්න, කිරිපිටි මිල අඩු කරන්න, ගුරු වැටුප් හිගය , ගොවියට පොහොර දෙන්න ගෙවන්න නැති සල්ලිය. පොහොට්ටුව කෙලින් කරන්න ඇති සල්ලිය.

    -------

    ~තෙල් කොමිස්~

    තෙල් මිල අඩු කරන්න ක්‍රමයක් පුළුවන්නම් කියන්න යැයි ඇමති ගම්මන්පිල ජනතාවට අභියෝග කරයි. ජනතාවට බැරි නිසා ඇමතිම ක්‍රමයක් හොයාගනියි. ඒ ගෝඨාභයගේ කැබිනට් එකෙන් අනුමත කර ඇමරිකානු ණයක් ගැනීමයි. ණය සඳහා පොලිය 3%කි. ණය හොයාදෙන කෙනාට කොමිස් මුදල් 7%කි. ණය මුදල ඩොලර් බිලියන 2.5කි. මුලින් හිතුවේ බිලියනයකි. 3%ටම ලැබෙන නිසා ඩොලර් බිලියන 2.5ක්ම ගන්නට අනුමතය. කොමිස් මුදල විතරක් ඩොලර් මිලියන 175කි. රුපියල්වලින් 203 ගානේ රුපියල් මිලියන 35,525කි. රුපියල් කෝටි3552 කි. ඒ කොමිස් මුදල ද ඇතුළු පාඩු අයකර ගන්නේ ලඟදීම තෙල් මිල වැඩිකරලාය.

    ජනතාවට උත්තර නැති නිසා ගම්මන්පිල උත්තරේ හොයා ගන්නේ එසේය. බඩු මිල අඩු කරන්න, තෙල් මිල අඩු කරන්න, ගුරු වැටුප් හිගය ගෙවන්න නැති සල්ලි - කොමිස් ගහන්නට ඇති සල්ලිය.

    -------

    ~ගුරු වැටුප්~

    පොහොට්ටුව කෙලින් කරන්නට ගම සමග පිළිසඳරට රුපියල් කෝටි 7,124ක් ඇත. නැති සල්ලි ඇත. තෙල්වලට ණය ගන්න කොමිස්වලට විතරක් රුපියල් කෝටි 3,552කි.

    ගුරු වැටුපේ හිගය ගෙවන්නට ඔක්කොම වියදම් කළත් මීට වඩා අඩුය. පළවෙනි කොටස තෙල්වල කොමිස් මුදලින්ම ඕනෑනම් ගෙවිය හැකිය. ප්‍රශ්නය විසදීමට උවමනා නම් පොහොට්ටුව කෙලින් කරන ගම සමග පිළිසඳරේ සල්ලිවලින්ම ගුරු වැටුපේ මුළු හිගයම ගෙවිය හැකිය.

    පාසල් විවෘත කළාම දරුවන්ට උගන්වන්නේ ගම්මන්පිලවත් බැසිල්වත් නොව ගුරුවරුන්මය. ආන්ඩුව දගලන්නේ ගුරුවරුන් කාලකන්නි යැයි කිවූ එක ඔප්පු කර ගන්නටය. දෙමව්පියන් ගුරුවරුන් කෙටවීමටය. ගුරුවරුන් ඉඩනොදිය යුත්තේද එයටය.

    සල්ලි නැත්තේ ගුරු වැටුප ගෙවීමටය. බඩු මිල අඩු කිරීමටය. ජනතාවට සහන දීමටය. හොරා කෑමට, ඡන්ද කිරීමට නැති සල්ලි තිබේය .තේරුම් ගැනීම ගුරුවරුන් ට පමණක් නොව සියලු ජනතාව සතුය.

    ~ලේඛණ තේරුම් ගැනීම සඳහා~//

    Reference:

    https://www.facebook.com/386739541473448/posts/2006057799541606/

    ReplyDelete
    Replies
    1. ජවිපෙ විසින් සාමාන්‍යයෙන් කරන ආකාරයේ තවත් කතාවක්. පිළිතුරු දෙන්න මහන්සි වෙන එකේ තේරුමක් නැහැ.

      Delete
  6. කිසියම් සිස්ටම් එකක් ඉක්මණින් සහ පහසුවෙන් විශාල වෙනස්කමක් කිරීමට හැකි නම් එහි ඇත්තේ ඒකාධිපති හෝ කතිපයාධිපත්‍ය තන්ත්‍රයක් විය යුතුයි. මොකද එවැනි රැඩිකල් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට පුළුවන් වෙන්නේ එවිටයි. එහෙම නොවෙන සිස්ටම් එකක් නම් එයින් පෙන්වන්නේ ඒකාධිපති ස්වභාවය අඩු හෝ නැති බවයි. එය බොහෝ විට වෙන්නේ බලය සත්‍යය වශයෙන්ම විමධ්‍යගත වීමෙන්. එවිට ඉතා විශාල පිරිසක් සමාන බලයක් සහිතව තන්ත්‍රය කරනවා. එවිට ඉක්මණින් ලොකු දේවල් කරන්න බැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රයේ දියුණුව. ලංකාවේ තිබෙන්නේ ඉතාම දියුණු ප්‍රජාතන්ත්‍රයක්. මොකද ලංකාවේ කිසිම වැදගත් තරමට ලොකු දෙයක් එහෙම ඉක්මණින් වෙනස් කරන්න බැහැ. ගෝඨාභය වැනි අයෙකුටවත් කිසිම ලොකු වෙනසක් කරන්න බැරි වුණ නිසා පැහැදිලිව පේනවා ලොකු වෙනස්කම් කරන්න යන එක අඥාන කමක් බව, ඡන්දය දුන්නේ නැතත් අපි නම් සමාජ ජාල වල මුල ඉඳලම මේ ආණ්ඩුවට කිව්වේ ලොකු ලොකු වැඩ කරන්න යන්නේ නැතුව හැකි තරම් සරල පහසු කුඩා දේවල් කරන්න කියලයි. එහෙම කළා නම් මේ ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ ඇත්තක් තිබෙනවා. එහෙත් ඇතැම් කරුණු හා අදාළව ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයකට අභියෝග කළ නොහැකි ආකාරයේ ඒකාධිකාරී බලයක් තිබෙනවා. බදු ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය හා විදේශ විණිමය ප්‍රතිපත්තිය වැටෙන්නේ මේ ගොඩටයි. මේ ලොකු දේවල් වෙනස් නොකර පොඩි දේවල් පමණක් වෙනස් කරලා ලංකාවේ (ආර්ථිකය හා අදාළව) දැනෙන වෙනසක් කරන්න බැහැ. අනෙක් හැම ප්‍රශ්නයකම මුල ඔය දේවල් වල බලපෑම තිබෙනවා.

      Delete
  7. ඉකෝන් මේ එම් සී සී ගිවිසුම ගැන මෙහි කියන කතා ඇත්ත නේද?

    https://www.colombotelegraph.com/index.php/the-dangers-of-the-millennium-challenge-corporation-agreement/

    ඒ වගේම මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

    http://koha.ips.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=12837&query_desc=au%3A%22Samaranayake%2C%20D.N.R.%22

    ReplyDelete
    Replies
    1. //ඉකෝන් මේ එම් සී සී ගිවිසුම ගැන මෙහි කියන කතා ඇත්ත නේද?//

      පැහැදිලි බොරු ගණනාවක් තිබෙනවා. එම් සී සී ගිවිසුම ගැන අදාළ කාලයේ මෙහි ලියා පළ කර ඇති දෑ කියවන්න.

      //ඒ වගේම මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?//

      ලොගින් නොවී අදාළ පත්‍රිකාව කියවීමේ හැකියාවක් නැහැ.

      Delete
  8. ඉකොනොමැට්ටා,

    යහපාලන රජය පැමිණීමෙන් පසුව ආර්ථිකය සම්බන්ධයෙන් ගත්විට ඔවුන් බදු වැඩි කිරීම ආදී ක්‍රම වලින් 2017/ 2018 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1800 පමණ දක්වා වැඩිකර ගත් අතර වියදම් සීමා කර ගනිමින් අභ්‍යන්තර අයවැය හිඟය අඩු කර ගැනීමට කටයුතු කළා. කෙසේ නමුත් මෙය රාජපක්ෂලාගේ මුදල් අච්චු ගැසීමේ අනිත් එක, එනම් උද්ධමන වක්‍ර බද්ද වෙනුවට වඩාත් සෘජු බදු අයකිරීමක් හා සමානයි, එකම කාසියේ දෙපැත්තක්.

    ණය ගැන කතා කළොත් 2015 ජනවාරි මස සිට 2019 ඔක්තෝබර් දක්වා පැවති ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් යනාදී නොයෙක් මුලාශ්‍ර වලින් ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් ඉක්මවූ මුදලක් දක්වා විදෙස් විනිමය ණය වැඩිකරගෙන තියෙනවා මා දකින අයුරින්.

    For e.g. 2015 Jan - 2016 March:

    USD 6,361 million the SL government borrowings for 2015/16 as follows:

    1. Currency swap of USD 400 million in March 2015 and USD 1,100 million in May 2016. So in currency swaps, the total is USD 1,500 million.

    2. International Sovereign Bond of USD 650 million in May 2015 and another USD 1,500 million ISB in October 2015. So in ISBs, the total is USD 2,150.

    3. Sri Lanka Development Bonds totaling USD 2,711 during the tenor of the new government.

    Further info;

    https://www.ceicdata.com/en/indicator/sri-lanka/external-debt (මෙහි චාට් එක මගින් පසුගිය දස වසර තුළ විදෙස් ණය වැඩිවූ අයුරු දැකිය හැකියි.)

    Sri Lanka External Debt reached 49.2 USD bn in Dec 2020, compared with 50.6 USD bn in the previous quarter. Sri Lanka External Debt: USD mn data is updated quarterly, available from Dec 2012 to Dec 2020. The data reached an all-time high of 55.6 USD bn in Jun 2019 and a record low of 37.1 USD bn in Dec 2012.

    සාමන්‍යයෙන් විදෙස් විනිමය ණය ගත්විට ඒ ණය සියල්ලම විදේශ විනිමයෙන්ම ආපසු ගෙවීමට සිදු වේ. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම වැඩිවන විට විනිමය අනුපොතයේ ඇතිවෙන වෙනස්කම් නිසාද නැවත රුපියල් ඩොලර් බවට හැරවීමේදී රටේ ණය බර නිරායාසයෙන්ම වැඩි වෙයි. එනම් රජය මහ බැංකුවට වැඩි රුපියල් ප්‍රමාණයක් දී ඩොලර් ගැනීමට සිදුවීම මෙහි ඇති අවුලයි.

    මේ නිසා මහා පරිමාණයෙන් විදෙස් විනිමය වානිජ ණය ගැනීම මර උගුලක් වන අතර 2015 - 2019 ණය ගැනීමේ සුවිශේෂම ලක්‍ෂණය වන්නේ ඒ කිසිවක් ප්‍රාග්ධන ආයෝජන කිරීමට ලබාගත් ව්‍යාපෘති ණය නොව එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ලබාගත් වානිජ ණය වීමයි.

    ReplyDelete
    Replies
    1. කෙසේ නමුත් 2005-2014 & 2019 Onwards ආණ්ඩුවත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුකර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් වැනි මූලාශ්‍ර වලින් වානිජ ණය ලබාගැනීම සිදු කළ අතර දැනට ලංකාවට ගීමට ඇති ඩොලර් බිලියන 14.05 ක අයි.එස්.බී වලින් 2005-2014 දශකය තුල ගත් ණය වලින් එය ඩොලර් බිලින් 2 ක් ඇති අතර ඊට පසුව ගත් ඩොලර් බිලියන් 12.05 ක් ඇති බව මෙතනින් බලාගන්න පුළුවන්.

      https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/about/outstanding_isb_as_at_01_december_2020_e.pdf

      මෙයින් බිලියන් 01 ක් පහුගිය 2021 ජූලි මාසයේ ගෙවූ නිසා දැන් තියෙන්නේ බිලියන් 13.05 ක් පමණයි, නමුත් වර්තමාන 2019-21 ආණ්ඩුව ගත් ස්වැප් සහ චීන ණය ආදී අලුත් ණය වගේම සිපෙට්කෝ ඩොලර් බිලියන් දෙකේ ණය වැනි අලුත් ප්‍රශ්න වලට කුමක් කළ යුතුද?

      https://www.dailynews.lk/2021/10/12/business/261651/sri-lanka%E2%80%99s-int%E2%80%99l-sovereign-bonds-maturing-2022-discounted-prices

      එමෙන්ම රාජපක්ෂ රජය ව්‍යාපෘති සඳහා සෑහෙන විදෙස් ණය ගනු ලැබු අතර ඇතැම් ඒවාට 2% & LIBOR + 4% පොලියට දිගු කාලීන ණය වශයෙන් ගෙන ඇති අතර මින් විශාලම එක වන නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට වැය වූයේ ඇ.ඩො. බිලියන 1.35 කි. හම්බන්තොට වරාය අද තිබෙන තත්වයට ගෙන ඒමට ගත් මුලු ණය ඩොලර් බිලියන 1.26 කි. කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740කි. මත්තල ගුවන්තොටුපලට ඩොලර් මිලියන 209කි. (මුළු වියදම ඩොලර් බිලියන 0.247ක් පමණා කටුණායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 292 කි. නෙළුම් කුලුණ ඉදිකිරීමට ගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 67කි (මුළු වියදම ඩොලර් මිලියන් 106 ක් පමණ). මේ සියලුම ව්‍යාපෘති වලට වැය වූ මුදල් එකට එකතු කළත්, යහපාලන ආණ්ඩුව 2019 වසරේදී පමණක් සවරින් බොන්ඩ් දෙකක් හරහා ලබාගත් ඩොලර් බිලියන 4.4ට කිට්ටුවටවත් එන්නේ නැත.

      Ref:

      http://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=102&Itemid=308&lang=en

      එමෙන්ම Buy back නැවත මිලදී ගැනීම යන විකාර නමකින් අලුතෙන් ගන්න යන ණයක් නේද මෙය? බිලියන් 1.5ක්?

      https://www.channelnewsasia.com/business/sri-lanka-shelves-plan-buy-back-us15-billion-sovereign-bonds-2235391

      කෝමද මේක?

      https://thediplomat.com/2021/02/sri-lankas-foreign-debt-crisis-could-get-critical-in-2021/

      මා හිතන්නේ මෙය දැනටමත් අසාර්ථක වී ඇති බවයි.

      ඇත්තටම මේ අර්බුදය විසඳීමට දැන් කළ යුත්තේ කුමක්ද ඉකොනොමැට්ටා? මීට ඔබේ යෝජනාව අයි එම් එෆ් ගිහින් එයින් සහන පොළියට ණයක් ලබාගෙන මේ ප්‍රශ්නයෙන් තාවකාලිකව ගැලවී පසුව අපනයන සහ සංචාරක සේවා ආදියෙන් ලැබෙන ඩොලර් වලින් එම ණය ගෙවීම වගේ දෙයක් ද? මම හිතන්නේත් එවැනි විසඳුමක් කළ හැකි නම් වඩාත් සුදුසු බවයි. ඒ වගෙම තමයි "වික්කම සිංහලා සහ රාජපක්ස බ්‍රෝකර්ලාගේ බ්‍රෝකර් වැඩ ගැන කතාවත්, ඇත්තටම මගේ පුද්ගලික අදහස රටක ජාතික සම්පතක් වෙන්නනං ඒකෙ ධනයක් උත්පාදනය කරන්න ඕන.

      https://economynext.com/sri-lanka-cant-develop-trinco-oil-tanks-without-india-as-per-1987-accord-minister-86703/#modal-one

      ජාතික ධනය උත්පාදනය කරනව වෙනුවට අපේ තියන ධනයත් නැති කරනවනං හරි, අපි කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව සාමාන්‍ය භාෂාවෙන් කියනවනං “ඔහේ නිකං තියනවනං" ඒක කවදාවත් ජාතික සම්පතක් වෙන්න බෑ. ලංකාවේ ගොඩක් අය හිතං ඉන්න ජාතික සම්පත් ඇත්තටම ජාතික සම්පත් වලට වඩා ජාතික අපරාධ. මේ දවස් වල ආණ්ඩුව ඉන්දියාවට කොමිස් වෙනුවෙන් බදු දෙන්න හදන ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව කතාවත් අන්න ඒ වගේ කතාවක්. නැගෙනහිර පර්යන්තය, පුමුඩේ ඛනිජ වැලි නිධිය, ත්‍රිකුණාමලය වරාය වගේ නිතරම කාලෙන් කාලෙට සැරයක් දේශපාලන වේදිකාවේ එන මෝසම් සුළගක් තමයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි කතාව.

      Delete
    2. අපි තවදුරටත් මේ ගැන හොයල බලන්න ඉතිහාසය විමසද්දී ඔය තෙල් ටැංකි ටික අගලක විතර (25mm) ඝණකම තියන එස්.එස්. ලෝහ (Hatfield patented the 18-8 stainless steel, 18% chromium and 8% nickel.) තහඩු වලින් අප්‍රිකානු ශ්රමයෙන් අඩියක් විතර ඝණකම කොන්ක්‍රීට් වලලු වලින් ආරක්ෂා කරල අපිට හදල දුන්නේ බ්‍රිතාන්‍යන් 1924-1930 කාලයේදී දකුණු ආසියාවේ එනජි සෙන්ටර් එක සිලෝන් කරන්න, පස්සේ ඒ සැලසුම් වලට අනුවම WW-II (දෙවන ලෝක යුද්ධය)ට භාවිතා කරන්න පුලුවන් වුණා. එක් ටැංකියක තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් ගබඩා කරන්න පුළුවන් විදියට ටැංකි 102ක් හදන්න සැලසුම් කරල තිබුණත්, දෙවන ලෝක යුද්ඩයේදී ජපන් නියමුවෙක් හරාකිරි කර වැනසූ ටැංකියත් 1960 දී ගුවන් යානයක් කඩා වැටීම නිසා විනාශවුණු ටැංකි අංක 91 හැරදැමීමෙන් පසුව සහ විවිධ විශ්වාස නිසා ගොඩ නැගීම මග හැරුනු ටැංකි අංක 100 හැරුනු විට තෙල් ටැංකි 99ක් පමණ පවතින බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව මේ ටැංකිවල සමස්ත ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.188 ක්. එය ඉතා විශාල ප්‍රමාණයක්. (චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලයන 72ක් ණයට අරගෙන ඩොලර් මිලියන 157ක් වියදම් කරමින් 2008-2010 MR හදපු මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණයේ ධාරිතාව මෙට්‍රික් ටොන් 250,000කට ආසන්නයි. (221 kT) ඉතින් දළ වශයෙන් ත්‍රිකුණාමලයේ අක්කර 850කට භූමියක ධාරිතාව හිතා ගන්න පුළුවන් නේද?)

      ඒ කාලේ බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව මෙම ටැංකි ඉදිකර මීටර් 30ක් පමණ වන ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමල වරාය හරහා ලංකාව බලශක්ති සහ නාවික කේන්ද්‍රස්තානයක් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා නැව් වලට තෙල් සැපයීමේ මධ්‍යස්තානයක් කිරීමේ අරමුණින්.

      ඔහොම යද්දී සමාජවාදී ආණ්ඩු යටතේ 1960-65 සහ 1970-77 දශකයේදී ලංකාව ආර්ථිකය සංවෘත කිරීමත් සමගම එවකට පැවති විදේශීය බලශක්ති සමාගම් වලට ලංකාවෙන් පිටවන ලෙස නියම කිරීමත් ඒවා රජය පවරා ගැනීමත් ඒ බලශක්ති කෙන්ද්‍රස්තානය වෙන්න තිබ්බ සිහිනය බොඳවුණා. ඒ සමගම එතැන් පටන් තෙල් ටැංකි 100න් තෙල් ටැංකි 15ක් පමණක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2002 දක්වා භාවිතා කළ බව සඳහන් වෙනවා. පැවැති යුදමය කාල වකවානුව නිසා එම තෙල් ටැංකි භාවිතයට යම් අවදානමක් තිබූ බවත් සත්‍යක්.

      ඒ අතරේදී ලංකාව තෙල් ව්‍යාපාරය ජනසතු කරද්දී එපා කියල එලවපු කැල්ටෙක්ස්, එක්සොන් මොබිල්, ශෙල්, බී.පී වගේ දැවැන්ත බලශක්ති විදේශ සමාගම් දෑත් දෙකම දිගුකර වැළඳගන්නා බව සිංප්පූරුව ප්‍රකාශ කිරීමත් ඒ වෙනුවෙන් කැප වීමත් සමග අද වන විට ලෝකයේම බලශක්ති සහ නාවික කේන්ද්‍රස්තානයක් බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. අද ශ්‍රී ලංකාව වැඩිපුර තෙල් ලබා ගන්නේත් සිංගප්පූරුවෙන්ම වන අතර කලාපයේ සහ ලෝකයේ ප්‍රධාන නාවික කේන්ද්‍රස්තානය බවට සිංගප්පූරුව පත් වුණේ එම මොහොතේ ශ්‍රී ලංකාව ලබා ගත් වැරැදි තීරණය නිසා බවයි මගේ අදහස. සිංගප්පූරුව ආයෝජකයන්ට ප්‍රකාශ කළේ ඔබ පැමිණ ඔබේ ආයෝජනය කිරීමෙන් ඔබේ ලාභය ඔබට කැමති නං අරං යන්න කියන එක විතරයි. ආයෝජකයන් ඔවුන්ගේ ලාභය නැවත රැගෙන යාම වෙනුවට එය සිංගප්පූරුවේම ආයෝජනය කිරීම නිසා සිදුවූ විපර්යාසය අපිට හරියටම දැක ගත හැක්කේ අද සිංගප්පූරුව තිබෙන තැන සහ අද ශ්‍රී ලංකාව තිබෙන තැන සංසන්ධනය කිරීමෙන්.

      ඉන් අනතුරව 1960 -69 අපට ඉරානයේ සහායෙන් තෙල් පිරිපහදුවක් නිමවා ගනීමට අමතරව ඛනිජ තෙල් සහ බලශක්ති ක්ෂේත්‍රයට විශාල යමක් කිරීමට හැකි වුණේ නෑ.

      සිංගප්පූරුව ගමන් කළ මාර්ගයේම ගමන් කළ ඩුබායි රාජ්‍යත් කාන්තාරයක්ව පැවති බිම වෙළෙඳ කේන්ද්‍රස්තානයක් බවට පත් කර ගනු ලැබුවා. ඔවුන් නාවික කටයුතු වලින් පමණක් වසරකට උපයන ආදායම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වඩා වැඩියි.

      කොටින්ම UAE ජබෙල් අලි ෆ්‍රී සෝන් (JAFZA / Jabel Ali FTZ) එකේ විතරක් වාර්ෂික ජී ඩී පී එක ඩොලර් බිලියන් 100 ක් විතර කෝමද ඒක? අපි මිලියන් 21 ක් ව.කි.මී. 65,000 ක යාන්තම් 80 යි, ඒකත් ඊට වඩා අඩු වෙන්න ඕනේ ඩොලර් එක 250-270 වගේ ෆ්‍රී ෆ්ලෝට් කළොත්.

      Ref: https://www.dpworld.com/en/uae/services/parks-and-economic-zones/jebel-ali-free-zone#:~:text=The%20free%20zone%20contributes%2023.8,trade%20worth%20US%2499.5%20billion.

      (The free zone contributes 23.8% of Dubai's GDP and it sustains the employment of more than 135,000 people in the United Arab Emirates. In 2019, Jafza generated trade worth US$99.5 billion)

      මේ වගේ දේවල් ගැන ඔබට තවත් හරවත් යෝජනා ඉදිරිපත් කළ හැකි වනු නිසැකයි.

      Delete
    3. //යහපාලන රජය පැමිණීමෙන් පසුව ආර්ථිකය සම්බන්ධයෙන් ගත්විට ඔවුන් බදු වැඩි කිරීම ආදී ක්‍රම වලින් 2017/ 2018 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1800 පමණ දක්වා වැඩිකර ගත් අතර වියදම් සීමා කර ගනිමින් අභ්‍යන්තර අයවැය හිඟය අඩු කර ගැනීමට කටයුතු කළා. කෙසේ නමුත් මෙය රාජපක්ෂලාගේ මුදල් අච්චු ගැසීමේ අනිත් එක, එනම් උද්ධමන වක්‍ර බද්ද වෙනුවට වඩාත් සෘජු බදු අයකිරීමක් හා සමානයි, එකම කාසියේ දෙපැත්තක්.//

      මේ දෙක එකම කාසියේ දෙපැත්ත නෙමෙයි. දෙකෙන්ම වෙන්නේ මිල දී ගැනීමේ හැකියාව අඩු වෙන එක වුවත්, මුදල් අච්චු ගැසීම පැහැදිලි ලෙසම වඩා භයානකයි. උදාහරණයක් විදිහට බදු වැඩි කිරීම නිසා විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වන්නේ නැහැ. මුදල් අච්චු ගැසීම නිසා එය සිදු වෙනවා. දිගින් දිගටම ඩොලරයේ මිල ඉහළ යන්නේ සල්ලි අච්චු ගැසීම නිසා. උද්ධමනය වැඩි වීම හේතුවෙන් රුපියලේ විදේශ අගය පිරිහුනාට පසු කෘතිමව ඩොලරයේ අගය පහළින් තියා ගැනීමෙන් වෙන්නේ රුපියලේ සැබෑ විදේශ අගය (ඩොලරයේ සැබෑ මිල) තව තවත් වැඩි වන එක පමණයි. බදු වැඩි කළ විට එවැන්නක් වෙන්නේ නැහැ.

      //ණය ගැන කතා කළොත් 2015 ජනවාරි මස සිට 2019 ඔක්තෝබර් දක්වා පැවති ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් යනාදී නොයෙක් මුලාශ්‍ර වලින් ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් ඉක්මවූ මුදලක් දක්වා විදෙස් විනිමය ණය වැඩිකරගෙන තියෙනවා මා දකින අයුරින්.//

      අදාළ කාලයේ එපමණකින් විදේශ ණය වැඩි වී නැති බව ඔබේම සංඛ්‍යාලේඛණ පෙන්වයි.

      "https://www.ceicdata.com/en/indicator/sri-lanka/external-debt (මෙහි චාට් එක මගින් පසුගිය දස වසර තුළ විදෙස් ණය වැඩිවූ අයුරු දැකිය හැකියි.)"

      //මේ නිසා මහා පරිමාණයෙන් විදෙස් විනිමය වානිජ ණය ගැනීම මර උගුලක් වන අතර 2015 - 2019 ණය ගැනීමේ සුවිශේෂම ලක්‍ෂණය වන්නේ ඒ කිසිවක් ප්‍රාග්ධන ආයෝජන කිරීමට ලබාගත් ව්‍යාපෘති ණය නොව එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ලබාගත් වානිජ ණය වීමයි.//

      මේ "එදිනෙදා වියදම්" වලින් 90.7%ක්ම පරණ ණය වෙනුවෙන් ගෙවූ පොලී මුදල් බැවින් ආයෝජන වෙනුවෙන් වැය කරන්නට වැඩි මුදලක් ඉතිරි නොවීම පුදුමයක් නෙමෙයි.

      යහපාලන ණය හා රාජපක්ෂ ණය
      http://economatta.blogspot.com/2021/09/blog-post_25.html

      //ඇත්තටම මේ අර්බුදය විසඳීමට දැන් කළ යුත්තේ කුමක්ද ඉකොනොමැට්ටා?//

      අර්බුදය විසඳීමට ක්ෂණික නූඩ්ල්ස් විසඳුම් නැහැ. දිගුකාලීනව අර්බුදය විසඳීමට (1) රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම හා ආදායම නොඉක්මවා වියදම් කිරීම හරහා රාජ්‍ය ණය කළමනාකරණය කර ගත යුතුයි. (2) විණිමය අනුපාතය නිදහස් කර සංචිත ගොඩ නගා ගැනීම හරහා ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කර ගත යුතුයි.

      Delete
  9. ඉකොනො ෆයිට් ක්ලබ් ෆිල්ම් එක බලල තියෙනවා නේද? ඇත්තටම ෆයිට් ක්ලබ් ෆිල්ම් එක කියන්නේ නිකන්ම නිකන් සයිකොලොජිකල් හොරර් එකක් නම් නෙවේ, ඇත්තටම සෑහෙන වෙලා අරන් නාගසලං වෙන්න බීලා හිතන්න ඕනි අන්තර්ගතයක් මෙතන තියනවා. අපි පවත්වාගෙන යන ධනවාදයේ සෝබන ජීවන පැවැත්ම Fight Club නිසා ගුටි කනවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටයක් ඉක්මනට ඉවර වෙනවා. නමුත් මේක ඊට වඩා සෑහෙන වෙලාවක් තියනවා. ඇත්තම කීවොත් ඊට වඩා කෙටි කරන්න තැනක් ෆිල්ම් එකේ නෑ. මේ සිස්ටම් චේන්ජ් සෙල්ලමේ තියන බරපතල ගතිය තේරෙන්නේ කතාව අනෙක් පැත්ත ගැහෙන තැනදී. බ්‍රැඩ් පිට් සහ එඩ්වර්ඩ් නෝර්ටන් ප්‍රධාන චරිතවලට පණ දෙනවා. මේක ගැනත් විවරණය කළ හැකි නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මම බලලා නැහැ. ඔබේ විස්තරයෙන් බලන්න උනන්දුවක් ඇති වෙනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...