වෙබ් ලිපිනය:

Monday, March 29, 2021

අන්දරේ සීනි කෑ හැටි (අටවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

මේ ලිපි මාලාවේ මුල් කොටස් පහෙන් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ඇතුළු ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු ගැන හැදෑරුවා. හයවන හා හත්වන කොටස් වලින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. මේ කොටසින් අපි සීනි වලට බදු ගැසීමේ මෑතකාලීන ඉතිහාසය ගැන කතා කරමු. 

බදු ගහන එකේ ප්‍රධානම අරමුණ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීම. ඊට අමතරව, රටේ ආදායම් විෂමතාවය අඩු කිරීම, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම, අහිතකර පුරුදු අධෛර්යමත් කිරීම වගේ වෙනත් අරමුණු මතද බදු අය කරනවා. වෙනත් අරමුණු තිබෙන අවස්ථා වලදී පවා බොහෝ විට ලංකාවේ බදු ප්‍රතිපත්තිය තුළ වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීමටයි.

ලංකාවේ බදු බොහොමයක් පාරිභෝගිකයින් විසින් ගෙවන වක්‍ර බදු. මේ ආකාරයේ බදු වලින් ආදායම් විෂමතාවය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සීනි බද්දම හොඳ උදාහරණයක්. ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සීනි වෙනුවෙන් වැඩි වියදමක් දරන්නේ පහළ ආදායම් ස්ථර වල අය. ඒ නිසා, සීනි බද්ද වගේ බද්දකින් ඉහළ ආදායම් ස්ථර වල අයගෙන් ඉතා සුළු බදු අනුපාතිකයක් අය කෙරෙද්දී පහළ ස්ථර වල අයගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බදු ලෙස අය කෙරෙනවා.


ඉහත ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ ලංකාවේ එක් එක් ආදායම් කාණ්ඩය තමන්ගේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් සීනි මිල දී ගැනීමට වැය කරනවාද කියන එකයි. පහළම ආදායම් ලබන 10% තමන්ගේ ආදායමෙන් 2.24%ක් සීනි වෙනුවෙන් වැය කරද්දී ඉහළම ආදායම් ලබන 10% සීනි වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 0.22%ක් පමණයි. සීනි වල මිලෙන් 30%ක් බදු සේ සැලකුවොත් පහළම ආදායම් ලබන 10% සීනි බදු විදිහට තමන්ගේ ආදායමෙන් 0.672%ක් ගෙවනවා. නමුත් ඉහළම ආදායම් ලබන 10% ගෙවන්නේ තමන්ගේ ආදායමෙන් 0.066%ක් පමණයි. පහළම ආදායම් ලබන අයගේ "ආදායම් බදු" අනුපාතිකය ඉහළම ආදායම් ලබන අයගේ අනුපාතිකය මෙන් දහ ගුණයකට වඩා වැඩියි. ඕක තමයි ලංකාවේ සමාජවාදය!

ප්‍රශ්නයක් නැහැ. ජනතාවගේ කැමැත්ත කියල කියමුකෝ. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි වියදමත් කවුරු හරි දැරිය යුතුයිනේ. 

සීනි වලින් ලංකාවේ පාරිභෝගිකයන්ගෙන් බදු අය කරන එක කාලයක් තිස්සේම සිදු වන දෙයක්. සීනි වලින් විතරක් නෙමෙයි. තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ හා අදාළව කතාව ඕකයි. නමුත් අපේ දැන් කතාව සීනි ගැනනේ! 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත "විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්" පනවන විට සීනි ආනයන මත බදු වර්ග හතරක් අය කෙරෙමින් තිබුණා.

වැට් බද්ද - 15%

වරාය සංවර්ධන බද්ද - 7.5%

ජාතිය ගොඩනැගීමේ බද්ද - 2%

තීරු බදු - කිලෝ ග්‍රෑමයකට රුපියල් 12/=

මොන නමින් බදු ගැහුවත් ලංකාවේ සීනි වෙළඳපොළේ ස්වභාවය අනුව බද්ද ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට බව මම කලින් පැහැදිලි කළානේ. ඒ වගේම මේ බදු වල බර වැඩිපුරම දැනෙන්නේ පහළම ආදායම් ස්ථර වලට බවත් පැහැදිලි විය යුතුයි. 

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කිරීමෙන් පසුව ඉහත කී බදු හතර වෙනුවට සීනි වලට තනි බද්දක් යෝජනා කෙරුණා. මේ බද්දේ නියම නම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. අපේ පහසුවට අපි මින් ඉදිරියට මේ බද්ද සීනි බද්ද ලෙස හඳුන්වමු. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබුවේ සීනි වලට පමණක් නෙමෙයි. මම මෙහිදී සීනි බද්ද ලෙස හඳුන්වන්නේ සීනි මත පනවනු ලැබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද.

ඔය සීනි බද්ද දැම්මට පස්සේ පැවති ආණ්ඩු විසින් වරින් වර බද්ද සංශෝධනය කර තිබෙනවා. බොහෝ විට බද්ද සංශෝධනය කර තිබෙන්නේ ජාත්‍යන්තර සීනි මිල ගණන් වෙනස් වෙද්දී දේශීය සීනි මිල ස්ථාවරව තබා ගත හැකි ආකාරයකටයි. ඒ කියන්නේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වෙන කොට බද්ද වැඩි කරනවා. ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට බද්ද අඩු කරනවා.

මේ විදිහට බදු වෙනස් කරද්දී බොහෝ විට, ආණ්ඩු භේදයක් නැතිව, කියන බොරු කිහිපයක් තිබෙනවා. එකක් පාරිභෝගිකයන්ට සෙත සැලසීම. පට්ට පල් බොරු!

ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට සීනි බද්ද අඩු කරන එක හරියට ගං වතුර එද්දී ගැට ගහල ඉන්න හරකෙක්ව ලිහනවා වගේ වැඩක්. ඔය වැඩෙන් හරකාගේ ජීවිතේ බේරෙනවා තමයි. හැබැයි ඔය විදිහට ගං වතුරට යට වෙලා මැරෙන්න නොඇර හරකගේ කඹේ කපන්නේ ඇයි? හරකට තියෙන ආදරේකටද?

කඹේ කැපුවට පස්සේ හරකා පණ එපා කියලා දුවලා කොහොම හරි බේරෙනවා. හැබැයි ගංවතුර බැස්සට පස්සේ ඌට තණකොළ ටිකක් උලා කාලා නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. ආපහු අල්ලගෙන ඇවිත් ගහේ බඳිනවා. මොකටද කියල කියන්න ඕනෑ නැහැනේ.

සීනි බද්ද අඩු කරලා පාරිභෝගිකයන්ට සෙත සලසන එකත් ඔය වගේම වැඩක්. ඇයි හත් දෙයියනේ පාරිභෝගිකයන්ට සෙත සලසන්න අවශ්‍යනම් ඔය බද්ද අය නොකරම හිටියහම ඉවරයිනේ! 

අපි කියමු සීනි මිල ස්ථාවරව තිබෙන එක පාරිභෝගිකයාට වාසියක් කියලා. එකම අරමුණ ඕකනම් රජයකට "බදු-උදාසීන (tax-neutral)" මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිල අඩු වෙද්දී බද්දක් අය කළත් මිල ඉහළ යද්දී සහනාධාරයක් විදිහට ඒ අය කරගත් බදු මුදල් ආපසු ගෙවනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මෙතැන තිබෙන අරමුණ රජයේ නඩත්තුවට ආදායම් උපයා ගැනීම කියන එක ආයේ හංගන්න දෙයක් නැහැ.

සීනි මිල ස්ථාවරව තියා ගැනීමේ වාසියත් ඇත්තටම වක්‍ර ලෙස රජයටමයි. මොකද සීනි වගේ පාරිභෝගික භාණ්ඩ වල මිල වැඩි වෙද්දී උද්ධමනය ඉහළ ගොස් ඇති බව පේන්න ගන්නවා. විශේෂයෙන්ම රටේ මුදල් සැපයුම විශාල ලෙස වැඩි වී තිබෙන මේ වගේ කාලයක. මොන විදියෙන් හරි සීනි මිල ස්ථාවරව තබා නොගත්තොත් උද්ධමනය තුළ එය නිරූපනය වෙනවා. එවිට උද්ධමනයට අනුරූපව රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. රජයට විශාල පාඩුවක් වෙනවා. සීනි මිල ස්ථාවරව තබා ගැනීමෙන් උද්ධමනය කෘතීම ලෙස පාලනය කළ හැකියි. පණිවිඩය ලැබෙන්නට පෙර පණිවිඩකරු නැවැත්වීමේ උපාය මාර්ගය!

ලංකාවේ වාර්ෂික සීනි ආනයනය කිලෝග්‍රෑම් මිලියන 600ක් පමණ. මෑත වසර වලදී සීනි බද්ද තිබුණේ රුපියල් 33-35 මට්ටමේ. ඒ කියන්නේ මෑත වසර වලදී සීනි බද්දෙන් රජය වසරකට රුපියල් බිලියන 20ක් පමණ උපයා තිබෙනවා. 

ඔය විදිහට සීනි වලට බදු ගහන්න හේතුවක් විදිහට ඉදිරිපත් කරන තවත් කාරණාවක් වන්නේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමයි. රටවල් වලට ඔය විදිහේ ජාතික අභිලාශ තිබීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම ජාතික අභිලාශ වෙනුවෙන් පිරිවැයක් දරන්නත් වෙනවා. හැබැයි ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතුව කියා කියනවනේ. මේ ජාතික අභිලාශය වෙනුවෙන් කොයි තරම් පාඩුවක් දරන්න වෙනවද?

දේශීය සීනි නිෂ්පාදකයා කිවුවට ලංකාවේ ඉන්න එකම දේශීය සීනි නිෂ්පාදකයාත් ලංකාවේ රජයම තමයි. එතකොට මේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම කියා කියන්නේත් "අපි වෙනුවෙන් අපි" වැඩක්. 

ලංකාවේ සීනි නිෂ්පාදනය මුළුමනින්ම වගේ කරන සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා තිබෙන්නේ රජයට අයිති ලංකා ෂුගර් පෞද්ගලික සමාගම යටතේ. ඒ වගේම දැනට ක්‍රියාත්මක නැති වුවත්, වැටුප් ලබන අධ්‍යක්ෂ්‍ය වරුන් සිටින කන්තලේ සීනි කම්හල වගේම හිඟුරාන සීනි කම්හලත් තිබෙන්නේ රජයේ පාලනය යටතේ. තව සීනි පර්යේෂණ ආයතනයකුත් තියෙනවා. ටික කලකට පෙර වෙනම සීනි ඇමති කෙනෙකුත් හිටියා. දැන් වෙනම අමාත්‍යංශයක් නැතත් එම අමාත්‍යංශය යටතේ වූ ආයතන වල වියදම නැති වී නැහැ. 

පසුගිය 2019 වසර තුළ ලංකා ෂුගර් පෞද්ගලික සමාගම විසින් සීනි කිලෝග්‍රෑම් මිලියන 41.2ක් රුපියල් මිලියන 5,458කට අලෙවි කර තිබෙනවා. ඒ අනුව දේශීය සීනි කිලෝවක් විකුණා තිබෙන්නේ රුපියල් 126.98 බැගින්. එම වසරේදී සීනි කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 104.09ක් පමණයි. සමහර විට තවත් එක් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වන සතොස විසින් සීනි වැඩි මිලට මිලදී ගෙන අඩු මිලට විකිණුවාද කියා මා දන්නේ නැහැ.

ඔය විදිහට සීනි කිලෝවක් රුපියල් 127කට පමණ විකිණීමෙන් පසුවත් 2019 වසර තුළ ලංකා ෂුගර් විසින් ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 1,308ක්. ඒ කියන්නේ සීනි කිලෝවකට රුපියල් 31.77ක්. ඒ අනුව, ලංකා ෂුගර් පෞද්ගලික සමාගමට පාඩු නොලබන්නටනම් සීනි කිලෝවක් රුපියල් 158.75 බැගින්වත් විකුණන්නට හැකි විය යුතුයි. 2019 වසරේදී ආනයනික සීනි කිලෝවක මිල නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ රුපියල් 64.54ක් පමණයි. මේ අනුව ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සෘජුව හා වක්‍රව ගෙවිය යුතු මිල රුපියල් 94.21ක්. 

ලංකා ෂුගර් පෞද්ගලික සමාගම හැම වසරකම පාඩු ලබන්නේ නැහැ. ලාබ ලබන වසරවල්ද තිබෙනවා. හැබැයි පසුගිය වසර පහේ ලාබ අලාබ එකතුව ගත්තත් එකතුව රුපියල් මිලියන 808ක්. ඒ නිසා ඉහත ඇස්තමේන්තුව තරමක් වැඩි ඇස්තමේන්තුවක් විය හැකි වුවත් ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සැලකිය යුතු මිලක් ගෙවිය යුතුයි කියන එක බොරුවක් නෙමෙයි. සීනි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන නඩත්තු කිරීමේ පිරිවැයද මේ මිලට එකතු කළ යුතුයි. සීනි ඇමති කෙනෙක් සිටිද්දී එම අමාත්‍යංශයේ වාර්ෂික වියදම් රුපියල් බිලියන 1.5කට ආසන්න මට්ටමක තිබුණා.

ලංකා ෂුගර් පාඩු, සීනි ඇමැතිලාගේ වියදම් ආදී සියල්ල එකතු කළත් ඕනෑනම් වැඩිම වුනොත් බිලියන දෙක තුනක් වෙයි. ඒ කියන්නේ සීනි බද්ද විදිහට අය කරන රුපියල් බිලියන 20ක පමණ මුදලින් ජාතික අභිලාශ වෙනුවෙන් යම් හෙයකින් මුදලක් වැය කෙරෙනවානම් එසේ වැය කෙරෙන්නේ බදු මුදලෙන් ඉතාම සුළු කොටසක් පමණයි. ඉතිරි කොටස ක්‍රියා කරන්නේ රටේ දුප්පතුන්ට වැඩි බරක් වැටෙන ආදායම් බද්දක් විදිහටයි. ඒ මුදලින් නඩත්තු වෙන්නේ කවුද?

8 comments:

  1. Kleenex ® Eco Toilet Paper is made from 100% bamboo fibre, with the same CleanRipple® texture that you enjoy with our other Kleenex® toilet paper products.

    ReplyDelete
  2. පරිසර දූෂණය හේතුවෙන් වසර ගණනාවක සිට පිරිමින්ගේ ලිංගේන්ද්‍රිය ක්‍රමයෙන් කුඩාවීමට ලක්වී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ. ලිංගේන්ද්‍රිය කුඩාවට පිහිටා පිරිමි දරුවන් බිහිවීමේ ප්‍රතිශතයද ඉහළ ගොස් ඇතැයි මෙම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. පරිසර විද්‍යාඥවරියක වන ශානා ස්වෝන් පසුගියදා ප්‍රකාශයට පත් කළ Count Down නම් ග්‍රන්ථයේ මේ පිළිබඳව සඳහන් කර තිබේ. එමගින් පෙන්වා දෙන ආකාරයට මනුෂ්‍ය වර්ගයා වඳවී යාමේ අන්තයක් වෙත තල්ලු වෙමින් සිටී. මිනිසාගේ ‘ශිෂ්ණය’ ක්ෂීණ වෙමින් පැවතීම හා සඵලභාවය පහළ බැසීම මේ තත්ත්වයට හේතුවන බව ඇය ප්‍රකාශ කරයි. පරිසර දූෂණය මිනිස් ප්‍රජනන අවයවවල ක්‍රියාකාරීත්වය පහත බැසීමටද හේතු වී ඇත. එය දැනටමත් පවතින්නේ අභියෝගාත්මක මට්ටමක බව ස්වෝන්ගේ අදහසයි.

    මේ තත්ත්වයට බලපාන සංඝටකයක් ලෙස ඇය පෙන්වා දෙන්නේ ‘තැලේට’යි. තැලේට යනු ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේදී භාවිත වන රසායනික සංයෝගයක් වන අතර එය මිනිසාගේ අන්තරාසර්ග පද්ධතියට බලපෑම් කරයි.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේ ගැන?

    https://www.facebook.com/173826899983611/posts/737781033588192/?app=fbl

    වර්තමානයේ දූෂිත නන්ද සීනි ආණ්ඩුවේ වංචනිකයන් නිසා ලංකාවේ සම්පත් චීනය සහ ඉන්දියාව වගේම ඇතැම් යුරෝපීය රටවල් සහ ඇමරිකන් එක්සත් රාජ්‍යය පවා මංකොල්ල කන බව පේනවා නේද මේ වගේ වාර්තා වලින්?

    මේ වැනි සම්පත් රැකගැනීම උදෙසා අපේ දායකත්වය ලබාදීම ගැන හිතන්නේ මොකද කියලා ලියන්න පුළුවන් නම් වටිනවා.

    ReplyDelete
  4. ඒක තමයි ඉතින් වැඩේ අපි උගුර ලේ රහ වෙනකම් කෑ ගහල කියන්නේ මේ සේරම දේවල් වලට පිලිතුර ලෙස සමාජවාදී ආර්ථික දේශපාලනික සංකල්ප ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි කියලා. ඒ මගින් බඩු මිල අඩු කර දුප්පත් ගොවි, කම්කරුවන්, දිළිඳු ශ්‍රමිකයින් අඩු ආදායම් ලාභී ජනතාවට සහන සලසා දූෂණ වංචා හොරකම් සියල්ල නවත්වා රට සංවර්ධනය කළ හැකි වනු ඇත.

    මීටත් වඩා අමන වැඩක් තමයි මේක;

    //මහන එකාගේ පඩියෙන් ගන්න පුළුවන් ශෝට් තුනයි! ��
    ..........................................................................

    අද බුකියේ බැලු බැලු අත මේ ශෝට් එක තමයි පේන්න තියෙන්නෙ. අදාළ සමාගමේ ඔරිජිනල් පෝස්ටෙකට ගිහින් කමෙන්ට්ස් බැලුවා. දාස් ගාණක් කමෙන්‍ට්ස්. (ඔයාලත් ගිහින් බලන්න.)

    මේක දැක්කම මට හිතෙන දේ වගේම, "රු. 11 100 කට ශෝටක් විකුණන්න තොපිට පිස්සුද යකුනේ?" කියල අහන අපේ තාරුණ්‍යය දැක්කම මේකෙ දේශපාලන යතාර්ථය පොඩ්ඩක් ලියන්න හිතුනා.

    මේ Tommy hilfighter කියන්නෙ ගෝලීය වශයෙන් නම් දරාපු සන්නාමයක්.( brand එකක්) ඇත්තටම බැලුවොත් ගෝලීය වශයෙන් මේකෙ මිල මේ ගණන් තමයි. ගාණ හදලා බලන්න.

    11 100/193= 57.5 $ �� (ඇමරිකානු ඩොලර් 57.5)

    එහෙම බැලුවම මට තේරෙන විදියට නම් ඒක ඒ රටවලට අදාළව, සන්නාමයේ ජනප්‍රියතාවයත් එක්ක සැළකුවම මහා ලොකු, දරාගන්න බැරි මිලක් නෙමේ. ඒක වෙනම කතාවක්.

    අපි හිතන්න ඕන ප්‍රධාන දේ ඒක නෙමේ. Tommy hilfigter වගේම adidas, nike, victorias secret වගේ ලෝකයේ ජනප්‍රියම සන්නාම සහිත ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නෙ ඒවායෙ විකුණුම් මිල විහිළුවක් වෙච්ච බහුතර තාරුණ්‍යයක් සිටින අපේ වගේ රටවල.

    1980 - 90 දශකවල ඒ කර්මාන්තශාල සියල්ලම වගේ ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවලට ගෙනාවා. ඒකෙ අරමුණත් සමාගමේ උපරිම ලාභය. බටහිර රටවල ඔවුන්ගේ පුරවැසියන්ට ඇති සුරක්ෂිත කම්කරු නීතී ආදිය නිසා ඒ රටවල් වලින් අයින් කරලා අපේ වගේ රටවල මේවා නිෂ්පාදනය කිරීමෙන් සමාගම් ගිනිගහන ලාභයක් හොයනවා.

    නිකමට හිතන්න. අපේ ගාමන්ට් ෆැක්ටරියක මේවා මහන කෙල්ලෙකුගෙ වැටුප කීයද? මම ජීවත්වෙන්නෙ අවිසාවේල්ලෙ. මෙහෙත් තියෙනවා ඊනියා "නිදහස් වෙළඳ කලාපයක්". කොච්චර නිදහස්ද කියනවනන් ඒ කර්මාන්තශාලා ඇතුළෙන් කොරෝනා රෝගීන් එකා පිට එකා වාර්තා වෙද්දි, ඒ අයව රෝහලට යවලා ළඟ හිටිය අය වැඩ කරන්න ඕනෙ. PCR පරීක්ෂණ කරලා රිපෝට් එනකනුත් වැඩ. ආයෙ දවස් කීපෙකින් ඒ ළඟ හිටිය අය කොරෝනා වැළඳිලා එනවා.

    කිසිම සුරක්ෂිතතාවයක් නැතිව, එක ඕඩරයක්වත් පමා කරලා/අතෑරගෙන සතයක්වත් පාඩු ගන්න මේව අයිති "ඩොලර් මිලියනර්ස්"ලා ආස නැති නිසා එයාල රු. 34,000 ට අඩු මාසික වැටුපකට සියළු අවධානම් අරගෙන වැඩ. (ඒ ගාණ එන්නෙ පැමිණීමෙ දීමනා ඔක්කොම ඇතුළත්ව. ඒ කියන්නෙ දවස් 27 ක් වත් වැඩට ආවොත් විතරයි. ��)

    අද හවස මේ ප්‍රදේශය කෝවිඩ් ව්‍යාප්තිය වැඩි නිසා ලොක්ඩවුන් කළා. ඒත් කලින් ලොක්ඩවුන් වලදි වගේම බොහෝ දුරට හෙටත් ඒ තරුණ කම්කරුවෝ කොවිඩ් හදාගනිමින් සහ ව්‍යාප්ත කරමින් මේ "නිදහස් වෙළඳ කලාපය" ඇතුළෙ වැඩ කරයි. ��

    බංග්ලාදේශය, ඉන්දුනීසියාව වගේ රටවල ඇඟලුම් සේවකයන්ගෙ තත්වය මීටත් වඩා ශෝචනීයයි.

    ඒ අනුව මුළු මාසයෙම සියළු අවධානම් අරගෙන වැඩ කළත් ඒව නිර්මාණය කරන කම්කරුවෙකුට මුළු වැටුපෙන්ම ගන්න පුළුවන් මෙන්න මේ ශෝට් තුනයි!

    නිකමට හොයල බලන්න එක පැයකදි, කීපදෙනෙක් ඉන්න "ලයින්" එකකින් මේ වගේ ඇඳුම් කී සීයක් එලියට දානවද කියලා. ඒවගෙ සියළු පිරිවැය අයින් කරලා විකුණුම් මිලත් එක්ක සංසන්දනය කළාම සමාගමේ ලාභය මොනතරම්ද කියලා!

    මීට අවුරුදු 10 කට විතර කලින් වෘත්තීය සමිතියකින් රිසර්ච් එකක් කරලා තිබුනා. ඒක අනුව ඔක්කොම ගණන් හදලා බැලුවම ඇඟලුම් සේවිකාවක් තමන්ට දිනකට ලැබෙන වැටුපට සමාන ලාභයක් විනාඩි 25 ක් වැඩ කළාම හොයල ඉවරයි. ඉතිරි පැය 7 යි විනාඩි 35 ම සමාගමේ ලාභය.
    (ඒ ගාණ හැදුවෙ ඉඩම්, ගොඩනැඟිලි, අමුද්‍රවය ඇතුළු සියලු පිරිවැය සලකලා සහ ඔවුන් වැඩකරන්නෙ දවසට පැය 8 යි ලෙස සලකලා. ��)

    ඔන්න ඕකයි තත්වෙ. නින්දිත සූරා කෑමක්!
    ඕක තමයි ධනවාදය! ඊට සමාන්තරව තමයි අපේ වගේ රටවල අනෙක් බොහෝ දෙනාගෙත් වැටුප් තල නිර්මාණය වෙන්නෙ.

    අන්න ඒ නිසා තමයි ඒ ශෝට් එක අපිට විහිළුවක් වගේ පේන්නෙ. ඒ වගේම අපි එහෙම හිතන එක ලංකාවෙ තවත් සුළු පිරිසකට විහිළුවක් වගේ පේන්නෙ! ��//

    මේක උපුටාගත්තේ සමාජවාදී ශිෂ්‍ය ක්‍රියාකාරී සහ අන්තරේ හිටපු කැදවුම්කරුවකු වූ නජිත් ඉන්දිකගේ සටහනකින්.

    කෙසේ හෝ මේ සඳහා ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් පුළුල් පෙරමුණක් ගොඩ නැගෙමින් පවතින බව ඉතාමත් සතුටින් පවසන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //ඒක තමයි ඉතින් වැඩේ අපි උගුර ලේ රහ වෙනකම් කෑ ගහල කියන්නේ මේ සේරම දේවල් වලට පිලිතුර ලෙස සමාජවාදී ආර්ථික දේශපාලනික සංකල්ප ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි කියලා. ඒ මගින් බඩු මිල අඩු කර දුප්පත් ගොවි, කම්කරුවන්, දිළිඳු ශ්‍රමිකයින් අඩු ආදායම් ලාභී ජනතාවට සහන සලසා දූෂණ වංචා හොරකම් සියල්ල නවත්වා රට සංවර්ධනය කළ හැකි වනු ඇත.//

      මෙවැනි තත්ත්වයක් පැවතීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔබ විසින් ප්‍රවර්ධනය කරන "සමාජවාදී ආර්ථික දේශපාලනික සංකල්ප"යි. සංක්ෂිප්ත ලෙස කියනවානම් ඔබ කියන්නේ ඔබ විසින් නියෝජනය කරන දේශපාලන පක්ෂයට හෝ මතවාදයට රාජ්‍ය බලය ලැබේනම් රජය මැදිහත් වී "බඩු මිල අඩු කර දුප්පත් ගොවි, කම්කරුවන්, දිළිඳු ශ්‍රමිකයින් අඩු ආදායම් ලාභී ජනතාවට සහන සලසා දූෂණ වංචා හොරකම් සියල්ල නවත්වා රට සංවර්ධනය කළ හැකි වනු" ඇති බවයි. මෙහි පදනම මේ හැම දෙයක්ම කිරීමට විශාල රජයක් අවශ්‍ය කෙරෙන බව මිස රජය කුඩා කෙරෙන බව නෙමෙයි. මෙහිදී ඔබ විසින් ප්‍රවර්ධනය කරන මතවාදයේ උදවුවෙන් රජය විශාල වන නමුත් එම රජය තුළ ඔබේ කණ්ඩායම නියෝජනය වනවා වෙනුවට වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගෙන සිටින වෙනත් කණ්ඩායම් නියෝජනය වෙනවා.

      විශාල රජයක් නඩත්තු කිරීමට විශාල පිරිවැයක් අවශ්‍ය වන නිසා එම පිරිවැය කවුරු හෝ විසින් දැරිය යුතුයි. පිරිවැය දරන්න වෙන්නේ රජයට සම්බන්ධ නැති, රජයෙන් යැපෙන්නේ නැති, පෞද්ගලික අංශයේ හා අවිධිමත් අංශ වල රැකියා කරන අයටයි. එවැනි අය ඉන්නේ පහළම ආදායම් ලබන ස්ථර වල. ඒ නිසා විශාල රජයක් නඩත්තු කිරීම හා එයින් පහළම ආදායම් ලබන ස්ථර පීඩාවට පත් වීම එකිනෙකට බැඳී තිබෙන කරුණු දෙකක්.

      //මේක උපුටාගත්තේ සමාජවාදී ශිෂ්‍ය ක්‍රියාකාරී සහ අන්තරේ හිටපු කැදවුම්කරුවකු වූ නජිත් ඉන්දිකගේ සටහනකින්.//

      ඔය වගේ තැන් වල ඉන්න තරුණ දරුවන්ගේ ලෝකය කොයි තරම් පටුද කියන එක තේරුම් ගන්න ඔය ලියවිල්ලම ප්‍රමාණවත් කියා මම හිතනවා. දේශපාලනයට කාලය යොදවන නිසා පොතක් පතක් කියවන්න වෙලාවක් නැතුව ඇති. තරුණ පරම්පරාවේ බහුතරයට ලෝකය ගැන ඔයිට වඩා දැනුමක් අවබෝධයක් තිබීම සතුටට කරුණක්.

      Delete
  5. සීනි සීරීස් එක දිගටම ලියන්න ඒ වගේම පිළිකා කාරක පොල්තෙල් හොරකම ගැනත් ලියන්න පුළුවන්.

    මේකේ විස්තර කරනවා මේ ගැන;


    https://www.facebook.com/173826899983611/posts/737781033588192/?app=fbl

    ReplyDelete
  6. ඉකොනො අහල තියෙනවා ද කෝච්චියක් ඇතුළට ගත්ත යෝධ හාල් ගබඩා, ලී මෝල් ලංකාවේ තිබුණා කියලා

    ඔව්, අදහාගන්න පුලුවන්ද ....?

    ඒ කෝච්චියේ පොළොන්නරුව , අනුරාධපුර ඉඳලා ගේන හාල් වේයන්ගොඩ හාල් ගබඩාව ඇතුළට කෝච්චියම ගෙන unload කලා.

    හාල් ගබඩාවට කෝච්චියක් ගියරේල් පරේ කොටස් විතරක් තාම තියෙනවා විස්වාස කරන්න නොහැකි නම් ගිහින් බලන්න.

    ඔය කාලෙ දී වේරහැරෙන් CTB එකට leyland, isuzu, චැසිවලට පවා බස් බොඩි ගැහුවා....තව ලංකා 1 කියල අපේම බස් එකකුත් හැදුවා!
    දුම්රිය දෙපාර්තමේන්තුව M3 ජයන්ති සහ තවත් locomotive එකකුත් හැදුව.... S2 වල ඉඳල සියළුම බලවේග කට්ටලවලට ඩමියයි
    පෙට්ටියි හැදුවේ ලංකාවෙ... යටත් විජිත කාලයේ ඉඳලම දුම්රියට පෙට්ටි හැදුවේ මෙහෙ.

    අපි ඔරුවල වානේ සංස්ථාවේඇල්පෙනෙත්තේ ඉඳලා...පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.

    ඉන්දියාවට යවන්න කියලා වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහතට
    ලංකාවේ හැදුවා...ඒවා එක දිගටම ඉන්දියානු
    ගොවියට ලංකාවෙන් යැවුනා. ඔව් ඉන්දියාවට උදලු දුන්නේ අපි!

    Unic රේඩියෝව හදලා...ආසියාවේ රටවල් වලට අපනයනය කරා...රටේ හැම ගමකම
    weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා...
    තව මදුරු දැල් හැදුවා ඩියුරෝ කියලා
    සවිශක්තිය අතින් ඉතාම ඉහළයි. ස්වදේශී රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා...පිට රටටත් අපයනය කලා...
    අදටත් චෙන්නායි බසාර් ගිහිල්ලා ඇහුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා...

    ඒකාලේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම් condensed milk... ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා.

    ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි ඉඩ දුන්නෙ නෑ...මොකද අපි
    Upali Fiat එක හදන නිසා...ඒ වගේම තව නොබෝදිනකින් saloon car එකක් ලෝකෙට හඳුන්වාදෙන්න බලාපොරොත්තු තිබුණු නිසා.

    වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන්... ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා... ලංකා සිල්ක්, බතික්
    අපේම අමුද්‍රව්‍ය වලින් හැදුවා... St. Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා!

    ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයර් ඒ ලොකුවට made in Sri Lanka කියලා ලියලා.

    අපිත් බර වාහන දේශීයව හදාගන්න කාලය අතලඟ කියලා හීන දැක්කා.

    චොකලට් කර්මාන්තය පටන් අරන් පිටරටවල පවා කොකෝවා වැව්වා... ලංකා පුත්‍රයන් යටතේ... ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා!

    එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක අද ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය.

    සාඩම්බර ලාංකික ගැහැණිය අපි අරාබියට විකුණලා දැම්මා. පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට
    යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ...

    සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා... මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා... (බොරු නම් ලී ක්වාන්ගේ...Third world to first world
    පොත බලන්න).

    එකල කුඩා දරුවන් නිතරම අධ්‍යාපන චාරිකා ගියා ...අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමට! ඒකට අද ලුණු ටිකත්ඉන්දියාවෙන්.

    ඒකාලේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය තමා...
    ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම....ඒත් අද අපි බෝට්ටුවල පාවෙලා
    ජීවිත පවා නැති කරගෙන....වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා....

    අද එක් ලාංකිකයෙක්.... ජනපති, අගමැති, මැති ඇමතිශෝබන වියදම්, පියවීමට වසරකට රුපියල් 63, 704/=ක්වැය කරනවා.

    මා කලින් කී 70 දශකයේ...රට නව පුනරාගමනයක් වෙත ගමන් කරවූ නියමුවා වුනේ...ආචාර්ය එන්.එම්. පෙරේරාඔහුට දර්ශනයක් තිබුනා...මහා බ්‍රිතාන්‍යයේ රැජිනට
    අයත්ව තිබූ Ceylon 1972 දී ශ්‍රී ලංකා නමින්
    බවුතීස්ම කරල ඔවුන් හා තිබූ සියලු බැමි කපා හැරියා....මේවාට සිරිමා මැතිනිය පූර්ණ අනුග්‍රහය දුන්නත් එහි පීත්තෘන් වුනේ... එන්. එම් සහ කොල්වින් ඔවුන් එහි නොසිටින්න එවැනි පරිවර්තනයක් ලංකාවේ නොවන්න තිබුනා.

    මැණික් සංස්ථාව පිහිටුවල පස් අවුරුදු ඉලක්කය අවුරුදු 2 කින් සාක්ශාත් කරගන්න පුළුවන් වුනා...රටට විදේශ විනිමය ඉතිරි කරල දුන්නා.

    මැතිණියගේ ආණ්ඩුවේ...සංවෘත ආර්ථිකය මිනිසුන්ට දැනුනා වැඩී තමයි. මොකද අපේ මිනිස්සු ඉන්දියානුවෝ වගේ...රට වෙනුවෙන් යමක් දරා ගත හැකිකට්ටක් කන්න කැමති මිනිස්සු කොට්ඨාසයක් නෙවෙයි.

    දැන් අපට ඉස්සර වගේ.... ඒ බැර නිෂ්පාදනවලට එකපාරම යන්න බෑ. නමුත් මේ තත්වයෙන් ගොඩඑන්න පුළුවන් එකම ක්‍රමය තමයි... තොරතුරු තාක්ෂණය ආශ්‍රිත
    නිර්මාණයන් හරහා සේවා අංශය ප්‍රතිනිර්මාණය කිරීම සමග එය නිෂ්පාදන ආර්ථිකයට ඇතුළු කිරීම. මේ ගැන ඔබංත් එකඟ වෙන්න ඕන.

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා,

    මම හිතන්නේ මේ වගේ ආර්ථික විද්‍යාව ඇතුළු නුතන ලෝකයේ දැනුම සම්බන්ධයෙන් ලංකාවෙ වගේම ලෝකයේම තියෙන අර්බුදයක් තමයි නිවැරදි අධ්‍යාපන ක්‍රමවේදයක් නැතිවීම.

    ඔබට තවත් පැහැදිලි කරනවා නම් දැන් බලන්න ඇමරිකාව වගේ මුදල් ඇති නමුත් පසුගාමී සමාජ ක්‍රම සහිත රටවල් වල අධ්‍යාපනය ඉතා අසංවිධානාත්මක සහ අවිධිමත් ලෙස පැවතුනත් යුරෝපයේ ස්කැන්ඩිනේවියානු රටවල් ලෝකයේ උසස්ම අධ්‍යාපන තත්වයක් පවත්වාගෙන යනවා. උදාහරණයක් විදියට ස්විඩනය වැඩිම පිළිගැනීමක් ඇත්තේ ගුරු වෘත්තියටයි. වාර්ෂිකව ගුරු වෘත්තිය සඳහා ලක්ෂ ගණනින් අයදුම්පත් ගලා එන නමුත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෝරාගන්නේ ඉන් විශිෂ්ටතම 10%යි. ගුරුවරයකුගේ සාමාන්‍ය මාසික වැටුප ඇමරිකානු ඩොලර් 4166ක් (ලංකාවේ රුපියල් 633,000ක්) පමණ වන ඉතාමත් විශාල ගණනක් වෙනවා. මේ ගුරුවරුන් කෙතරම් විශිෂ්ටයන්ද කිවහොත් දරුවන් ටියුෂන් හෝ වෙනත් අමතර ඉගැන්වීමවලින් පීඩනයට පත් නොකොට, අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් නොමැරී මැරෙන ඇමරිකානු හා ආසියානු රටවල් වල දරුවන් ඉතාමත් ලෙහෙසියෙන් සහ විශාල පරතරයකින් පවා අබිබවා යමින් ඔවුන් සියලු ගෝලීය මට්ටමේ තරග විභාගවලින් ඉහළම ප්‍රතිඵල සමග පෙරටම ගැනීමට සමත් වී තිබෙනවා.

    ස්වීඩන් ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් වල පාසල් කාලයේ දී ඇතිවන ඒකාකාරී බව ගුරුවරුන් හා ළමුන් බිඳ දමන්නේ සැබෑ ජීවිතයේ දී අත්‍යවශ්‍ය වන මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්, වෘත්තීය ලෙස ශුද්ධ පවිත්‍ර කිරීම්, ගෙදරදොරට අවශ්‍ය සුළුසුළු වැඩුවැඩ, පයිප්ප වැඩ ඉගැන්වීම හරහා. ඉතින් ලොවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ස්කැන්ඩිනේවියානු රටවල බැව් මා පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි.

    ඇමරිකාව වගේ යම් ආර්ථික හා යුධමය වශයෙන් බලයක් තිබුනත් නොදියුණු අධ්‍යාපනයක් සහිත රටවල් වලට මේ වගේ දියුණු අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට තවත් සියවසකට අධික කාලයක් ගතවන බව මට හිතෙනවා. ඒ වගේම ඇමරිකානු අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට ඔබට යෝජනා තියෙනවා නම් මේ ගැන සංවාදයකට මුල පුරනු හැකි වෙයි.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...