වෙබ් ලිපිනය:

Wednesday, March 24, 2021

අන්දරේ සීනි කෑ හැටි (පස්වන කොටස)

පෙර කොටස් හතරෙන් අපි ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය හා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. ඒ වගේම මිල පාලනය හා බදු හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයට බලපෑමක් කළ විට සැපයුම්කරුවන්ගේ ලාබ හා පාරිභෝගික අතිරික්තය වෙනස් වෙන ආකාරය ගැනත්, එහිදී අතුරුදහන් වී යන අතිරික්තය ගැනත් පැහැදිලි කර ගත්තා. මේ හැම දෙයක්ම කතා කළේ බොහෝ දුරට වියුක්ත ලෙසයි. උදාහරණයක් විදිහට ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය ලෙස මා විසින් ඉදිරිපත් කළේ එවැනි වක්‍රයක පොදු ලක්ෂණ නිරූපණය කරන වක්‍රයක් මිස කිසියම් නිශ්චිත භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සැපයුම් වක්‍ර නෙමෙයි.

ඉහත කී ආකාරයේ ආකෘතියක් ඇසුරෙන් සැබෑ ලෝකයේ සිදුවන සංසිද්ධියක් පිළිබඳව ගුණාත්මක පැහැදිලි කිරීමක් කළ හැකියි. උදාහරණයක් විදිහට පාරිභෝගික අධිකාරිය විසින් මිල පාලන නීති දැඩි සේ ක්‍රියාත්මක කළහොත් රටේ භාණ්ඩ හිඟයක් ඇති වන බව නිශ්චිත ලෙස කියන්න පුළුවන්. එහෙත් එතැනින් එහාට ගොස් ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමක් කරන්න බැහැ. උදාහරණයක් විදිහට එවැනි භාණ්ඩ හිඟයකින් රටේ කොපමණ පිරිසක් පීඩාවට පත් වෙයිද කියන එක නිශ්චිත ලෙස කියන්න බැහැ.

කවර හෝ ප්‍රමාණාත්මක ප්‍රකාශයක් කරන්නනම් මුලින්ම අදාළ වෙළඳපොළෙහි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර යම් පරාසයක් තුළ නිශ්චිත ලෙස හඳුනා ගත යුතුයි. මෙය තරමක් අසීරු කරුණක්.

මිල පාලනයක් ක්‍රියාත්මක නොවේනම් අපට නිදහස් වෙළඳපොළ සමතුලිත මිල නිරීක්ෂණය කළ හැකියි. එම මිල පවතිද්දී විකිණෙන භාණ්ඩ ප්‍රමාණය සොයා ගැනීම තරමක් අසීරු කටයුත්තක් වුවත් කළ නොහැකි දෙයක් නෙමෙයි. මේ දත්ත දෙක තිබේනම් අපට ප්‍රස්ථාරයක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය සිදුවන ලක්ෂ්‍යය ලකුණු කළ හැකියි. එහෙත් එම ලක්ෂ්‍යය ඉල්ලුම් වක්‍රය මත හා සැපයුම් වක්‍රය මත පිහිටි එක් ස්ථානයක් පමණයි. වක්‍ර දෙක ඡේදනය වන ස්ථානය හඳුනා ගත හැකි වුවත් එපමණකින් අපට ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය හඳුනා ගන්න බැහැ. ඒ නිසා මෙතෙක් කොටස් වල සාකච්ඡාවට බඳුන් කළ සැපයුම්කරුවන්ගේ ලාබ හා පාරිභෝගික අතිරික්තය වැනි දේවල් හොයා ගන්නත් බැහැ. ඒ සඳහා පළමුව ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය හඳුනා ගත යුතුයි. එය කරන්නේ කොහොමද?

ඉල්ලුම් වක්‍රය එලෙසම නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය පමණක් වෙනස් වුවහොත් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයද වෙනස් වෙනවා. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වන අලුත් ලක්ෂ්‍යයක් හඳුනාගත හැකියි. පෙර ලක්ෂ්‍යය ලකුණු කළ ප්‍රස්ථාරයේම මේ අලුත් ලක්ෂ්‍යයද ලකුණු කළ හැකියි. බදු අඩු වැඩි කිරීම වැනි අවස්ථා වලදී ඉල්ලුම් වක්‍රය එලෙසම නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය පමණක් වෙනස්  වෙනවා. එවැනි අවස්ථා වලදී සමතුලිතතාවය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරයේ ලකුණු කළ හැකියි. මේ මෙවැනි ලක්ෂ්‍යයන් ගණනාවක් එකිනෙක යා කිරීමෙන් අපට ඉල්ලුම් වක්‍රයේ ස්වභාවය ගැන දැනගන්න පුළුවන්.

මේ ආකාරයෙන්ම සැපයුම් වක්‍රය නොවෙස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය වෙනස් වන අවස්ථාවන්ද හඳුනාගන්න පුළුවන්. එවිටද ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් වෙනවා. සැපයුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ ඉල්ලුම් වක්‍රයේ පථය දිගේ. ඒ විදිහටම, ඉල්ලුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ සැපයුම් වක්‍රයේ පථය දිගේ. මේ ලක්ෂ්‍යයන් එකිනෙක යා කිරීමෙන් අපට සැපයුම් වක්‍රයේ නියම ස්වරූපය දැන ගන්න පුළුවන්.

මේ විදිහට විස්තර කළත්, මේ ආකාරයෙන් ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය යන දෙකෙන් එකක් පමණක් වෙනස් වන අවස්ථා හඳුනා ගැනීම තරමක් අසීරු වැඩක්. එවැන්නක් කළ හැක්කේ එවැනි දේ කර පුහුණුවක් තිබෙන ආර්ථික විද්‍යාඥයෙකුටයි. කාලයත් කිසියම් වෙළඳපොළක මිල හා වෙළඳපොළ පරිමාව වෙනස් වන ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හොයා ගන්න පුළුවන් වුවත් එවැනි ලක්ෂ්‍යයන් ප්‍රස්ථාරයක සලකුණු කර එමගින් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය හොයා ගන්න බැහැ. මෙවැනි හැම ලක්ෂ්‍යයකින්ම අලුත් සමතුලිතතාවයක් නිරුපණය වන නමුත් බොහෝ විට එවැනි අළුත් සමතුලිතතාවයක් හැදෙන්නේ ඉල්ලුම හා සැපයුම යන දෙකම වෙනස් වීමෙන්. ඒ නිසා කාලයත් සමඟ සිදුවන සමතුලිත ලක්ෂ්‍යයේ චලනයන්ගෙන් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය නිරුපණය වන්නේ නැහැ.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය අපට හරියටම ඇඳ ගන්න බැරි වුනත් එයින් අදහස් වන්නේ එම වක්‍ර ඕනෑම හැඩයක් ගත හැකියි කියන එක නෙමෙයි. හරියටම නොදන්නවා වුවත් එම වක්‍ර වල හැඩය පිළිබඳ සාමාන්‍ය අදහසක් බොහෝ විට අපට ලබා ගන්න පුළුවන්. එය කළ හැක්කේ අදාළ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තීරණය කරන සාධක තේරුම් ගැනීමෙන්. 

මේ ආකාරයෙන්ම සැපයුම් වක්‍රය නොවෙස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය වෙනස් වන අවස්ථාවන්ද හඳුනාගන්න පුළුවන්. එවිටද ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් වෙනවා. සැපයුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ ඉල්ලුම් වක්‍රයේ පථය දිගේ. ඒ විදිහටම, ඉල්ලුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ සැපයුම් වක්‍රයේ පථය දිගේ. මේ ලක්ෂ්‍යයන් එකිනෙක යා කිරීමෙන් අපට සැපයුම් වක්‍රයේ නියම ස්වරූපය දැන ගන්න පුළුවන්.

මේ විදිහට විස්තර කළත්, මේ ආකාරයෙන් ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය යන දෙකෙන් එකක් පමණක් වෙනස් වන අවස්ථා හඳුනා ගැනීම තරමක් අසීරු වැඩක්. එවැන්නක් කළ හැක්කේ එවැනි දේ කර පුහුණුවක් තිබෙන ආර්ථික විද්‍යාඥයෙකුටයි. කාලයත් සමඟ කිසියම් වෙළඳපොළක මිල හා වෙළඳපොළ පරිමාව වෙනස් වන ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හොයා ගන්න පුළුවන් වුවත් එවැනි ලක්ෂ්‍යයන් ප්‍රස්ථාරයක සලකුණු කර එමගින් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය හොයා ගන්න බැහැ. මෙවැනි හැම ලක්ෂ්‍යයකින්ම අලුත් සමතුලිතතාවයක් නිරුපණය වන නමුත් බොහෝ විට එවැනි අළුත් සමතුලිතතාවයක් හැදෙන්නේ ඉල්ලුම හා සැපයුම යන දෙකම වෙනස් වීමෙන්. ඒ නිසා කාලයත් සමඟ සිදුවන සමතුලිත ලක්ෂ්‍යයේ චලනයන්ගෙන් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය නිරුපණය වන්නේ නැහැ.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය අපට හරියටම ඇඳ ගන්න බැරි වුනත් එයින් අදහස් වන්නේ එම වක්‍ර ඕනෑම හැඩයක් ගත හැකියි කියන එක නෙමෙයි. හරියටම නොදන්නවා වුවත් එම වක්‍ර වල හැඩය පිළිබඳ සාමාන්‍ය අදහසක් බොහෝ විට අපට ලබා ගන්න පුළුවන්. එය කළ හැක්කේ අදාළ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තීරණය කරන සාධක තේරුම් ගැනීමෙන්. 

ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම හැදෙන්නේ කොහොමද?

මෙතෙක් උදාහරණ වලදී මා යොදා ගත්තේත්, වැඩි දෙනෙකුට මුලින්ම මතක් වෙන්නේත් ගෘහස්ථ සීනි පරිභෝජන ඉල්ලුමයි.  ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික සීනි පරිභෝජනය (2016 දත්ත අනුව) කිලෝග්‍රෑම් 4.0 ක්. ඒ වෙනුවෙන් වැය කරන මුදල නිවාස ඒකකයක සාමාන්‍ය ආදායමෙන් 0.67%ක්. පහළම ආදායම් කාණ්ඩ වල සීනි පරිභෝජනය මිල පහළ යද්දී යම් තරමකින් ඉහළ යන නමුත් යම් ආදායම් මට්ටමකින් පසුව එවැන්නක් සිදු වන්නේ නැහැ. මේ වන විට ලංකාවේ නිවාස ඒකක බොහොමයකට සීනි මිල සීමාකාරී සාධකයක් නෙමෙයි. ඔවුන් සීනි පරිභෝජනය සීමා කර තිබෙන්නේ වෙනත් හේතු මතයි. මේ කරුණු සංඛ්‍යාලේඛණ ඇසුරෙන් තහවුරු කළ හැකි වුවත් එතරම් දුර යාම අවශ්‍යයි කියා මම හිතන්නේ නැහැ.

ලංකාවේ නිවාස ඒකක ගණන මිලියන 5.4ක්. මේ අනුව ලංකාවේ වාර්ෂික ගෘහස්ථ සීනි ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 5.4 x 4.0 x  12 = 259.2 ක් වෙනවා. මේ සියල්ල 2016 සංඛ්‍යාලේඛණ අනුව. කෙසේ වුවත්, ගෘහස්ථ සීනි ඉල්ලුම ලංකාවේ සීනි ඉල්ලුමේ ප්‍රධානම සංරචකය නෙමෙයි. ලංකාවේ සීනි ඉල්ලුමේ ප්‍රධානම සංරචකය පැණි බීම, රසකැවිලි ආදී කර්මාන්ත වල අමුද්‍රව්‍යයක් ලෙස වන ඉල්ලුමයි. එම ඉල්ලුම සාමාන්‍යයෙන් ගෘහස්ථ සීනි ඉල්ලුමට වඩා තරමක් වැඩියි. මීට අමතරව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වන ඉල්ලුමක්ද පවතින බව පැහැදිලියි. ගෘහස්ථ සීනි පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තය ලාබයක් වන ආකාරය තේරුම් ගැනීම අසීරු අයෙකුට වුවත්, පැණි බීම, රසකැවිලි හෝ නීති විරෝධී මත්පැන් නිපදවීම සඳහා සීනි මිල දී ගන්නා පාරිභෝගිකයෙකුගේ පාරිභෝගික අතිරික්තය ලාබයක් වන බව සක් සුදක් සේ පැහැදිලි විය යුතුයි.

අනෙක් අතට දේශීයව නිෂ්පාදනය වන්නේ ලංකාවේ සීනි සැපයුමෙන් 5-10%ක පමණ කොටසක් පමණයි. ඉතිරි කොටස මුළුමනින්ම සැපයෙන්නේ ආනයන වලින්. ලංකාවේ සීනි සැපයුම පිළිබඳ සියයට සියයක් නිවැරදි දත්ත නැතත් වාර්ෂික දේශීය සීනි නිෂ්පාදනය හා වාර්ෂික සීනි ආනයන පරිමා පිළිබඳ නිවැරදි දත්ත තිබෙනවා. කිසියම් වසරක් තුළ දේශීය සීනි නිෂ්පාදන පරිමාවේ හා ආනයන පරිමාවේ එකතුව සීනි සැපයුමට හරියටම සමාන සේ සැලකිය නොහැක්කේ පෙර වසරෙන් ඉතිරි වූ හා ඉදිරි වසරට ඉතිරි වන තොගද තිබෙන නිසයි. එහෙත්, මේ එකතුව ආසන්න වශයෙන් සීනි සැපයුම් පරිමාවට සමාන සේ සැලකිය හැකියි. ඒ වගේම ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය මත පදනම්ව දේශීය සීනි ඉල්ලුමටද සමාන සේ සැලකිය හැකියි.

සංසන්දය කිරීම සඳහා 2016 වසරම සැලකුවහොත් එම වසර තුළ දේශීය සීනි නිෂ්පාදිතය කිලෝග්‍රෑම් මිලියන 61ක්ද ආනයනික සීනි පරිමාව කිලෝග්‍රෑම් මිලියන 651ක්ද වෙනවා. මේ අනුව තොග වෙනස්වීම් නොසලකා හැරියොත් මුළු සීනි සැපයුම කිලෝග්‍රෑම් මිලියන 712ක් වන අතර එම ප්‍රමාණයෙන් 91.4%ක්ම ආනයනික සීනි. ඒ වගේම මෙම ප්‍රමාණය අදාළ වසරේ සීනි ඉල්ලුමට සමාන සේ සැලකුවොත් ගෘහස්ථ සීනි ඉල්ලුම එම ප්‍රමාණයෙන් 36%ක් පමණයි. රටේ සීනි ඉල්ලුමෙන් 64% ක්ම ගෘහස්ථ නොවන, නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙස වන ඉල්ලුමක්. සීනි වෙළඳපොළේ පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයේ හා ඉතා පැහැදිලි ලාබයක් වන ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයේ එකතුවයි.

ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් විසින් අමුද්‍රව්‍යයක් සේ යොදා ගැනීමට මිල දී ගන්නා සීනි යොදවා හදන පැණි බීම, රස කැවිලි හෝ නීති විරෝධී මත්පැන් මිල දී ගන්නේද ගෘහස්ථ පාරිභෝගිකයින් විසිනුයි. ඒ නිසා, ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ පැණි බීම, රස කැවිලි හා නීති විරෝධී මත්පැන් සඳහා වන ඉල්ලුම ඉහළ පහළ යන විට ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ගේ සීනි ඉල්ලුමද ඉහළ පහළ යනවා. රටේ මිනිසුන්ගේ ආදායම් මට්ටම ඉහළ යද්දී පැණි බීම, රස කැවිලි ආදිය සඳහා වන ඉල්ලුමද යම් තරමකින් ඉහළ යනවා. පහත වගුවේ පෙන්වා දී තිබෙන්නේ 2001-2019 අතර කාලයේ ලංකාවේ වාර්ෂික සීනි සැපයුමයි.


3 comments:

  1. සීනි සීරීස් එක දිගටම ලියන එක හොඳයි ඉකොනොමැට්ටා, ඒ වගේම තව ටිකක් වෙනත් වෙළඳ පොළ සාධක ගැනත් සාකච්ඡා කිරීම වටිනවා.

    කලින් පෝස්ට් එකේ සඳහන් කළ ජිනීවා මානව හිමිකම් සමුළුවේ ලංකාව ගැන ඡන්දෙ තිබුණට ඇත්තටම වුණේ චීනය සහ බටහිර අතර කඹ ඇදිල්ලක් නේද? මේ ගැන සමහරු කියන හැටියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙදි ලංකාවට එරෙහිව සම්මත වුණු යෝජනාවෙදි ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දී නැත්තේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නය නිසා සහ ඉන්දියාව මගින් බලෙන් අපේ ඇඟේ ගහපු පළාත්සභා නොපැවැත්වීම නිසා.

    ඒ වගේම ජපානය ලංකාවට පක්ෂව ඡන්දය දී නැත්තේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්ණයට අමතරව ජපානයට ඉතා වාසි සහගත අධික මිලකට ජපන් සමාගම් යටතේ කොන්ත්‍රාත් දී තිබුණ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියත් අවලංගු කළ නිසා.

    තව ඇතැම් මුස්ලිම් රටවලින් අවශ්‍ය සහයෝගය ලංකාව ලැබී නැත්තෙ මළ සිරුරු ආදාහනය සහ බුර්කාව සම්බන්ධයෙන් මතුවුණු ප්‍රශ්ණය නිසා. බහරේන් හා ඉන්දුනීසියාවේ ඡන්ද හම්බ උනේ නැත්තෙ බුර්කා නිසා.

    ලිබියාවෙ හිටිය ගඩාෆි මරල දැන් තියෙන්නේ ඇමරිකානු ගැති රූකඩ පාලනයක්.

    බටහිර යුරෝපීය සහ ඇමරිකානු බලපෑම් මත සුඩානෙ දෙකට කඩල රටවල් දෙකක් හැදුව. උතුරු සුඩානය සහ දකුණු සුඩානය. මේ සැරේ කවුන්සිලයේ සුඩානය කියල තියෙන්නේ උතුරු එක. ලංකාව දෙකට කඩන්න ආපු නෝර්වේ කල්ලිය මුල්වෙලා ඕක කරේ. උතුරු සුඩානය කියන්නෙ ලංකාව කැඩුව නම් හැදෙන ඊළම් වගේ කෑල්ල.

    ඔය රටවල් දෙක ඇමරිකානු බටහිර යුරෝපීය රටවල් කියන දේ විතරයි කරන්නෙ. යුක්‍රේනයත් එහෙමයි.

    මමත් හිතන්නෙ මේ විග්‍රහයන් වැරදි නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ තැන්වලත් ගැනෙන තීරණ අවසාන වශයෙන් පදනම් වෙන්නෙ වෙන වෙන ඩීල් මත මිසක් මානව අයිතිවාසිකම් මත නෙමේ කියන එක අපිත් කාලයක් තිස්සෙ කියන දෙයක්. ඒ බව සමාජය තුළ පොදු මතයක් ලෙස මෙසේ පිළිගැනෙන එක ඇත්තටම හොඳ දෙයක්. නමුත් ප්‍රශ්ණෙ මේකයි. අපි මොනවහරි තියෙන දෙයක් දීල ඕක මේ පාර දින්න කියල හිතමුකො. දැන් එහෙම අපි එක පාරක් දින්න කියල ඊලඟ පාර නැවත මේ වගේම යෝජනාවක් ලංකාවට එරෙහිව නොගෙනෙන බවට තියෙන සහතිකය මොකක්ද? එතකොට ඒ පාර දිනන්නත් මේ වගේම තව මොනව හරි දෙන්න වෙනවද?

    නැගෙනහිර ජැටිය, පළාත්සභා, බුර්කාව සහ මළ සිරුරු ආදාහනය සම්බන්ධ ප්‍රශ්ණවලදී මීට වඩා ටිකක් නම්‍යශීලී වුණා නම් මේ තත්ත්වය මගහැර ගැනීමට තිබුණු බවට තර්ක කරන පිරිස් බලාපොරොත්තු වන්නේ මෙවැනිම දොළ පිදේනි ඉදිරියටත් දෙමින් සිටීමටද?

    අපේ තියෙන තුට්‍ටු දෙක එක එකාට දි දී මෙහෙම ඡන්ද දිනනවට වඩා අප කළ යුත්තේ එන තත්ත්වයකට මුහුණ දීමට සූදානම් වෙන එක නොවේද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  2. ඔයාගෙ සීනි සීරීස් එකත් හරියට මෙගා ටෙලියක් වගේනෙ, වටේ යනවා විතරයි, වෙච්ච දේ පැහැදිලි කරල නෑ. ඔච්චර වටේ යන්න ඕනෙ නෑ, වෙච්ච දේ සරළව කෙටියෙන් මෙච්චරයි. සීනි බද්ද තිබුණෙ රු.30ට, ඊට පස්සෙ දේශීය සීනි ව්‍යාපාරිකයා (රජය) නගා සිටුවන්න කියලා බද්ද 50 කළා. ඒක ඉතින් හොඳ දෙයක් කියලා කියමුකො. ඊට පස්සෙ මාස කීපයකින්, රු.50 බද්ද සත 25 කළා, දේශීය වෙලඳ පොළේ සීනි මිළ ඉහල නිසා, මිල අඩු කරන්න බද්ද අඩු කළා කියලා බැන්ඩුල සෑර් කිව්වා. ඒකත් හොඳයි කියමුකො, වුණේ මොකක්ද ? සීනි ව්‍යාපාරිකයො සීනි ගෙනල්ලා ඒවා ෂුගර් බොන්ඩ්ස් විධියට තමන්ගෙ ගුදම්වල තැන්පත් කරගෙන ඉන්නවා, එව්වට බදු ගෙවන්නෙ නෑ. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. වෙලඳ පොළේ ඉල්ලුම එනකොට, එම අවස්ථාවේ පවතින රේගු බද්ද ගෙවලා සීනි වෙළඳ පොළට නිකුත් කරනවා. බද්ද 30 ඉඳන් 50ට වැඩි වුණාම, සීනි ව්‍යාපරිකයො හිතුවෙ, බද්ද තවත් ඉහළ යයි කියලා තමන්ගෙ ෂුගර් බොන්ඩ්ස් ඔක්කොම රු 50ක් ගෙවලා වෙලඳ පොළට දානවා, විල්මා හැර. ඊට පස්සෙ සත 25ට අඩු කරනකොට, විල්මා තමන්ගෙ ෂුගර් බොන්ඩ්ස් ඔක්කොම සත 25ක් ගෙවලා වෙලඳ පොලට දානවා. මෙතන තියෙන ප්‍රශ්නෙ, විල්මා දැනගෙන ඉඳලා තියෙනවා ඉදිරියෙදි මිල අඩු වෙන බව,හරියට ඇලෝසියස් බිලියන 10ක බැදුම්කර ඉදිරිපත් කරද්දි කලින් දැනගෙන හිටියා වගේ. හරිනම්, ගැසට් එක ගහන්න ඉස්සෙල්ලා, රේගු අධ්‍යක්ෂකගෙන් අහන්න ඕනෙ බදු නොගෙවූ ෂුගර් බොන්ඩ්ස් කොච්චර තියෙනවද කියලා, නමුත් ඒක කරන්නෙ නෑ. අන්තිමට වෙන්නෙ මේකයි, වෙළඳ පොළේ තියෙන රේගු බද්ද 50ක් ගෙවපු සීනි අඩු කරන්න බෑ, ඒ නිසා කලින් මිළටම විකුණනවා. විල්මත් ඒ මිලටම විකුණමින් අයුතු ලාභයක් ගන්නවා, ආරංචි විධියට බිලියන 20ක් (කෝටි 2000ක්). ඊළඟට ජෙප්පො මේකට මූලික අයිතිවාසිකම නඩුවක් දානවා, හැබැයි වැඩක් වෙන එකක් නෑ, මොකද බද්ද අඩු කළාම ඕනෙ කෙනෙක්ට ඒ ගානට සීනි ගෙන්වන්න පුළුවන් නිසා, කාගෙවත් මූලික අයිතිවාසිකම් කඩ වෙලා නෑ. බැන්ඩුල සෑර් කියන්නෙත් ඒකමයි, මෙතන වංචාවක් නෑ, ඇත්තේ බදු අඩු කළ නිසා පාඩුවක් පමණයි. හැබැයි කළයුත්තේ අල්ලස් හා දූෂණ එකට පැමිණිලි කිරීම, ඒකෙත් කොන්ද කඩලා නිසා වැඩක් වෙන එකක් නෑ.

    ReplyDelete
  3. ප.ලි.
    මේ දවස්වල ලංකාවෙ ආර්ථික හොඳටම බිම වැටිලා නිසා ණයට සල්ලි අරන් ප්‍රොජෙක්ට් කරලා සල්ලි ගහන්න අමාරුයි. ඉතින් දැන් කරන්නෙ, සීනි වගේ දේවල්වල ක්ෂණික බදු අඩු කරලා, අදාල ආයතනවලින් ගාන කපා ගැනීම, විෂ පොල්තෙල් වගේ දෙවල් රටට එන්න දීල ගාන කපා ගැනීම වගේ දේවල්. ඉදිරියට තව අලුත් ක්‍රම ගෙනල්ලා ගාන කපා ගනී. මීට ඉස්සෙල්ලා කොරෝනා කොරොන්ටීන්වලින් ගාන කපා ගත්තා, ඊට පස්සෙ ට්‍රැවල් බබල් ගෙනාවා. ජනතාවටත් අලුත් අත්දැකීම්, හොරා කන අලුත් ක්‍රම ගැන අහන්න ලැබෙනවා, ඒ ගැන ඉගෙන ගන්නත් පුළුවන් මතු දියුණුව සඳහා. තව ටික කාලෙකින් පොතක් වුණත් ලියන්න පුළුවන්, රටක් කොහොමද සම්පූර්ණයෙන් විනාශ කරන්නෙ කියලා.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...