හැම ජීවයක්ම පැවැත්ම සඳහා නිරන්තර සටනක් කරනවා. එහිදී සමහර වෙලාවට වෙනත් වර්ග වල ජීවීන් එක්ක ගැටුමක් තිබෙනවා. තවත් සමහර වෙලාවට සහජීවනයක් තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ වර්ගයා එක්කම ගැටුමක් හෝ සහජීවනයක් තිබෙනවා. මේ සටන හෝ සහජීවනය හිතාමතා කරන කටයුත්තක් වෙන්න අවශ්‍ය නැහැ. හිතුවත්, නැතත් පරිණාමයේ නීති අනුව එය කොහොමටත් සිදු වෙනවා. අවසාන වශයෙන් සිදුවෙන්නේ පැවැත්ම සඳහා වඩාත්ම හිතකර දෙයයි. පැවැත්මට බාධා කරන ලක්ෂණයක් හෝ චර්යාවක් දිගුකාලීනව පවතින්නේ නැහැ.
ජීව විද්‍යාත්මක නීති මත පමණක් පරිණාමය වූ කාලයේදී මිනිසාගේ පූර්වජයන්ට අනෙක් බොහෝ ජීවයන්ට වගේම තමන්ගේ පැවැත්මට හිතකර ජාන විකෘතියක් සිදු වන තුරු දිගු කාලයක් බලා ඉන්න සිදු වුනා. මිනිස්සුන්ට වියුක්ත ලෙස හිතන්න පුළුවන්කම ලැබීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් වුනා. ඉන් පසුව ගත වුනු කාලයේදී තමන්ගෙන් බාහිර ලෝකයට වඩාත්ම උචිත ලෙස හැඩ ගැහෙමින් පැවැත්ම සහතික කර ගන්න මිනිසාට තවදුරටත් අහඹු ජාන විකෘතියක් වන තුරු බලා ඉන්න අවශ්‍ය වුනේ නැහැ. උපතෙන් ලැබෙන ජාන කට්ටල ඒ විදිහටම තියාගෙන මිනිස්සු සංස්කෘතික ලෙස පරිණාමය වෙන්න පටන් ගත්තා. එහෙම පරිණාමය වෙලා අනෙක් ජීව විශේෂ පහු කරගෙන ගිහින් සමූහයක් විදිහට පෘථිවියේ ආධිපත්‍යය ලබා ගත්තා.
වියුක්තව හිතන්න බැරි ජීවයකට කළ හැක්කේ තමන්ට "උපතින්" ලැබී තිබෙන ජාන කට්ටල වල තිබෙන ඇල්ගෝරිදම් වලට අනුව බාහිර පරිසරයට ප්‍රතිචාර දක්වන එක පමණයි. ඇල්ගෝරිදම් සුසර වෙන්නේ කාලයත් සමඟ අහම්බෙන් සිදුවන විකෘති හා ස්වභාවික වරණය එක්කයි. වියුක්තව හිතන්න පුළුවන් ජීවයකට මේ ඇල්ගෝරිදම් වල වහලුන්ව නොසිට ඇල්ගෝරිදම් වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි යම් සීමාවක් ඇතුළේ පමණයි.
වියුක්තව හිතන්න පුළුවන් අයෙකුට පවතින තත්ත්වයට අමතරව නොපවතින තත්ත්වයන්ද පරිකල්පනය කළ හැකියි. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් තුළ පමණයි. නොපවතින තත්ත්වයන් ගැන පරිකල්පනය කළ හැක්කේ නිරීක්ෂණය කළ හැකි තත්ත්වයන්ගේ මිශ්‍රණයක් හෝ දිගුවක් විදිහටයි.
වසර දසදහස් ගණනක් තිස්සේ මිනිස්සු තමන්ගේ හැඟීම් වලට අනුවම කටයුතු නොකර වෙනස් ආකාර වලින් කටයුතු කරමින් විවිධ පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ ඇතැම් පරීක්ෂණ සාර්ථක වී තිබෙනවා. සාර්ථක වීම කියන එකෙන් අදහස් කරන්නේ මිනිස් වර්ගයාගේ පැවැත්ම වඩා හොඳින් තහවුරු කිරීම යන්නයි. සංස්කෘතිය කියන්නේ එසේ සාර්ථක වූ පරීක්ෂණ.
මේ පරීක්ෂණ දිගින් දිගටම සිදු වෙනවා. එහිදී අකාර්යක්ෂම චර්යාවන් වෙනුවට වඩා කාර්යක්ෂම චර්යාවන් ආදේශ වෙනවා. ඒ නිසා, මිනිස් සංස්කෘතිය එක තැන තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා.
සමහර චර්යාවන් හරහා මිනිස්සුන්ට තමන්ගේ අනාගතය වෙනස් කර ගන්න පුළුවන්. එසේ වුවත්, අනාගතය වෙනස් කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ඇතැම් චර්යාවන් නිසා අවසාන වශයෙන් මිනිස් පැවැත්මට බාධා ඇති වී මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා. මෙසේ වීමේ අවදානම නොගෙන මිනිස් සංහතියට ඉදිරියට යන්න බැහැ. අවදානම් ගන්න වෙනවා. හැබැයි එකම වැරැද්ද නැවත නැවත කළොත්නම් ගොඩයාමක් නැහැ.
අපි කරන සමහර දේවල් වල හොඳ ප්‍රතිඵල තිබෙන බවත් තවත් සමහර දේවල් වල නරක ප්‍රතිඵල තිබෙන බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීම අමාරු නැහැ. ගින්දර ඇල්ලුවොත් අත පිච්චෙනවා. ගින්දරට අල්ලා මස් පිච්චුවොත් මස් මෙලෙක් වී රසවත් වෙනවා.
ගින්දරට අත පිච්චෙන බව අවබෝධ කරගන්න ගින්දර අල්ලලා බලන්න අවශ්‍ය නැහැ. ගින්දර ඇල්ලීමෙන් පසුව සිදු විය හැකි නොපවතින තත්ත්වය ගැන මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්. මස් පිච්චුවහම ඇති විය හැකි නොපවතින තත්ත්වය ගැනත් මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්. අවශ්‍යනම් මේ දෙක පිළිබඳවම පරීක්ෂා කර බලා අවබෝධ කරගන්නත් පුළුවන්.
මිනිස්සු හිතාමතා කරන සමහර දේවල් වලින් ඔවුන්ගේ අනාගත ජීවිතය වඩා සැපවත් කරගන්න පුළුවන් බව පැහැදිලිව පෙනෙන නමුත් අවශ්‍ය තරමට සැපවත් කරගන්න බැහැ. හැබැයි මේ විදිහට අනාගත ජීවිතය යම් තරමකින් සැපවත් කරගන්න පුළුවන් වීම ගැන දිගින් දිගටම හිතුවොත් තමන්ට අවශ්‍ය තරමටම අනාගතය සැපවත් කර ගැනීමේ හැකියාව ගැන මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්.
කාලයක් තිස්සේම මිනිස්සු මේ ගැන හිතා තිබෙනවා. පරීක්ෂාවට ලක් කළ නොහැකි, නිරීක්ෂණය කළ නොහැකි වියුක්ත තත්ත්වයන් තුළ මිනිස්සුන්ගේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් තිබෙන ලෝකයක් මවා ගන්න මිනිස්සුන්ට පුළුවන්. ඉන් පසුව, ඒ තත්ත්වය කරා ළඟා වෙන්න කළ යුතු දේවල් ගැනත් මිනිස්සුන්ට හිතන්න පුළුවන්. දිව්‍ය ලෝකය, පාරාදීසිය, කොමියුනිස්ට් සමාජය වගේ දේවල් ඔය විදිහේ වියුක්ත සංකල්ප.
මේ ආකාරයේ මනෝරාජික තත්ත්වයන් පිළිබඳව පරිකල්පනය කරන එක කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. ඉතාම සාධනීය දෙයක්. ඉන්ද්‍රියයන්ගේ සීමා පැත්තකින් තිබ්බත්, අපට නිරීක්ෂණය කළ හැක්කේ යම් නිශ්චිත කාල-අවකාශයක් පමණයි. එයින් අදහස් වන්නේ වෙනත් ආකාරයන්හි පැවැත්මවල් තිබිය නොහැකි බව නෙමෙයි. තව මාසයකින් කෝවිඩ් පාලනය වෙලා තියෙයිද? දැනටත් වඩා නරක විදිහට ව්‍යාප්ත වී තියෙයිද? මට හරියටම දැන ගන්න විදිහක් නැහැ. හැබැයි ඔය මොකක් හරි තත්ත්වයක් තියෙයි. හරි හෝ වැරදි හෝ මට ඒ තත්ත්වය පරිකල්පනය කරන්න පුළුවන්. මම එවරස්ට් තරණය කරලා නැහැ. නමුත්, එවරස්ට් මුදුන මොන වගේද කියලා මට පරිකල්පනය කරන්න පුළුවන්.
ජාන විකෘතියක් වැනි අහම්බයක් සිදු වන තුරු බලා නොසිට, පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කර ගන්න අවශ්‍යනම් කවර හෝ වඩා යහපත් තත්ත්වයක් ගැන පරිකල්පනය කළ හැකි වීම අනිවාර්ය කොන්දේසියක්. කළ යුතු හෝ නොකළ යුතු දේවල් ගැන පරිකල්පනය කළ හැක්කේ එයින් පසුවයි. ඒ විකල්ප තත්ත්වය සැබවින්ම පැවතිය හැකි තත්ත්වයක් වෙන්න හෝ නොවෙන්න පුළුවන්.
හැබැයි මොනවා හෝ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ අවදානමක් ගනිමින් මේ විකල්ප තත්ත්වය පැවතිය හැකි තත්ත්වයක් ලෙස සැලකුවොත් පමණයි. සමාජවාදය හරහා ගිහින් කොමියුනිස්ට් ක්‍රමයක් හදාගැනීම කියන අදහසට තේරුමක් එන්නේ විය හැකියාවක් ලෙස කොමියුනිස්ට් ක්‍රමයක් පැවතීම පිළිගැනීමෙන් පසුවයි. දෙව්ලොව යන්න පිං කරන එකට තේරුමක් එන්නේ විය හැකියාවක් ලෙස දෙව්ලොව කියා එකක් පැවතීම පිළිගැනීමෙන් පසුවයි. මේ වගේ සංකල්ප විශ්වාස විදිහට ඉතිරි වී තිබෙන්නේ ඒවායින් මිනිසාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා කිසියම් සාධනීය කාර්යයක් සිදු වී තිබෙන නිසයි. එවැන්නක් තව දුරටත් සිදු නොවන තත්ත්වයක් යටතේ මේ සංකල්ප වලටත් පැවැත්මක් නැතුව යයි.
කිසියම් මොහොතක අපේ පැවැත්ම තියෙන්නේ නිශ්චිත ස්ථානයක. අපට මේ ස්ථානය වෙනස් කර ගැනීමේ සීමිත හැකියාවක් තිබෙනවා. එසේ වෙනස් කර ගැනීමෙන් පවතින තත්ත්වය වඩා යහපත් සේ වෙනස් කර ගැනීමේ හැකියාවද තිබෙනවා. ඒ වගේම එහෙම කරන්න ගිහින් තත්ත්වය වඩා නරක වෙන අවස්ථාද තිබෙනවා.
අවුරුදු විසිපහකට කලින් මහ බැංකු බෝම්බය පුපුරද්දී එහි සිටි අනූ ගණනක් මිය ගියා. තවත් පිරිසක් ආබාධිතයින් වුනා. සුනාමිය වෙලාවේ මුහුද අයිනේ සිටි දහස් ගණන් පිරිස් මිය ගියා. මහ බැංකුවේ රැකියා කළ ගොඩක් අය ඒ රැකියාව තෝරා ගන්න ඇත්තේ තමන්ගේ ජීවිත වඩා සැපවත් කර ගන්න. සුනාමිය දවසේ මුහුද අයිනේ සංචාරක හෝටලයක නැවතී සිටි බොහෝ අය එසේ යන්න ඇත්තේ වැඩි සතුටක් ලබන්න.
දඩයමේ යන ආදිවාසියෙකුට කොටියෙක් මුහුණට මුහුණ හමු වුනොත් බොහෝ විට කොටියාගේ ගොදුරක් වෙන්න සිදු වෙනවා. කොටි ඉන්න පැති මග හැරීමෙන් මේ අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මුවෝ, ගෝන්නු නැති පැත්තක දඩයමේ ගියොත් ගෙදර එන්න වෙන්නේ හිස් අතින්. සත්තු වැඩි පැත්තක දඩයමේ ගියොත් ඉක්මණින් දඩයමක් කර ගන්න පුළුවන්. පහළ ආදායම් මට්ටමක ඉන්න රටක ඉඳලා සංවර්ධිත රටකට සංක්‍රමණය වන ගොඩක් අයට තමන්ගේ ජීවිත වඩා සැපවත් කර ගන්න පුළුවන්.
සරලව කිවුවොත් හොඳ තැන් හා නරක තැන් කියා පැහැදිලිව හඳුනා ගත හැකි තැන් තිබෙනවා. හොඳ තැන් අතර වඩා හොඳ තැන් තිබෙනවා. එවැනි තැන් සොයා යාමෙන් ජීවිතය වඩා සැපවත් කර ගන්න පුළුවන්. මෙය ප්‍රත්‍යක්ෂයෙන් දැන ගත හැකි දෙයක්. එහෙමනම්, මේ විදිහට තැන් මාරු කරමින් දැන් මුහුණ දෙන ප්‍රශ්න සියල්ලම හෝ වැඩි ප්‍රමාණයක් විසඳා ගැනීමේ හැකියාවක් නැද්ද?
මේ විදිහට හිතන කෙනෙකුට මෙහි තර්කානුකූල අවසානය විදිහට දිව්‍යලෝකයක් වගේ තැනක් හමු වෙනවා. එහි එක්කෝ මරණය කියා දෙයක් නැහැ. එහෙම නැත්නම් මරණය දක්වා ගත කළ හැකි ජීවිතය ඉතා දිගුයි. වයසට යාමක් කියා දෙයක්ද නැහැ. හැමදාම තරුණයි. එක්කෝ වැඩ කරන්න අවශ්‍ය නැහැ. නැත්නම් වැඩ ඉතාම අඩුයි. සම්පත් වල සීමාවක් නැහැ. කැමති තරම් පරිභෝජනය කළ හැකියි. ඔය වගේ මනෝරාජික තත්ත්වයක් පරිකල්පනය කළාට පස්සේ දෙවනුව ඒ වගේ තැනකට යන විදිහ ගැන හිතන්න පහසුයි. දිගින් දිගටම ලෝකයේ තත්ත්වය වඩා යහපත් වෙනවා කියා හිතන කෙනෙකුට එම තර්කයේම දිගුවක් විදිහට පවතින ලෝකය අනාගතයේ කිසියම් දවසක මේ මනෝරාජික තත්ත්වය දක්වා පරිණාමය වෙයි කියා පරිකල්පනය කරන්නත් පුළුවන්.
හැබැයි මේ විදිහට වඩා හොඳ තැන් හොයන්න ගිහින් වැඩේ වැරදිලා ඇනගන්න වෙන එකත් ප්‍රත්‍යක්ෂ දැනුමක්. හැම වෙලාවෙම හැමෝටම එහෙම නොවුනත් එක දිගටම වැරදීම් වෙලා තත්ත්වය ගොඩක් නරක තැනකට වැටෙන්න පුළුවන්. එහෙම වැටෙන්න පුළුවන් නරකම තැන කුමක්ද? මේකත් පරිකල්පනය කළ හැකි දෙයක්. අපායවල් වගේ තැන් ඔය වගේ තැන්.
අනෙක් අතට අද මේ තිබෙන අවුල් සහගත ලෝකය මේ වගේ කාලයක් තිස්සේ සිදු වුනු වැරදීම් වල ප්‍රතිඵලයක් වෙන්න බැරිද? එහෙමනම් කාලයකට ඉස්සර හැම දේම ඉතා හොඳින් තිබුණා වෙන්න බැරිද? මේකත් පරිකල්පනය කළ හැකි දෙයක්. බ්‍රහ්මජාල සූත්‍රයේ, උප්පත්ති කතාවේ එහෙම තියෙන්නේ ඔය වගේ වඩා යහපත්ව තිබුණු ලෝකයක් ගැන විස්තරයක්. ආදි කොමියුනිස්ට් සමාජය කියා කියන්නේත් ඔය ආකෘතියේම කතාවක්.
මිනිස්සුන්ට පැවැත්මේ ආරම්භය හා අවසානය, පැවැත්ම තුළ සතුට සොයා යාමේ අවසාන ඉලක්කය, පැවැත්මක් පැවතිය හැකි නරකම ආකාරය ආදී දේවල් ගැන විවිධ ආකාර වලින් පරිකල්පනය කළ හැකියි. එහෙත්, එයින් අදහස් වන්නේ පරිකල්පනය කළ හැකි හැම දෙයක්ම නිවැරදි බව නෙමෙයි.
ඉකොනොමැට්ටා ඔබ ප්‍රවේණි විද්‍යා ස්වභාවික වරණය උචිතෝන්නති ආදී විද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ ඥානයක් සහිත කතා කියන අතරම ලංකාවේ ජනාධිපති වරයා වටේ සිටින පුද්ගලයන් (මේ අයව හඳුන්වන්නේ බෝන්-අගේන් කල්ලිය කියලා) එම වරණයන් කරගන්න ආකාරය ගැන තාම පැහැදිලි නෑනේ. ලංකාවේ බෝන් අගේන් කල්ලියට අයත් ඇතැම් පුද්ගලයන් පිළිබඳව මැතිවරණ සමයේදී පවා රටට ප්‍රකාශ කළ නමුත් අද එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇමති තනතුරු පවා දරමින් සිටින බවත් කවුරුත් කතාවෙන කරුණක්. ඇත්තටම ජනාධිපති කාර්යාලයේ සියලු තීන්දු තීරණ ගන්නේ මෙම බෝර්න් අගේන් කල්ලිය විසින් බව පෙන්වා දෙන සිංහල ජාතිවාදී සංවිධාන අවධාරණය කරන්නේ ජාතික සංවිධානවල මතවාදයට ආණ්ඩුව තුළ ඉඩක් නොමැති බවයි. ජනාධිපතිවරයාද තමන්ට මග පෙන්වූ ජාතික සංවිධාන අමතක කර කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවට බෞද්ධ භික්ෂූන් මැසිවිලි නගති. ඒ වගේම ඔබ දන්නවාද කාලයක පටන් ලංකාවට භයානක කථා මාතෘකාවක් වී ඇති මේ බෝර්න් අගේන් නමින් හැදින්වෙන ආගමික සංවිධානය ගෝඨ ජනපති වූ විගස ගාර්ලියා නම් ලාංකික කාන්තාවක් නිසා තානාපති අංශ උඩු යටිකුරු වුන සිද්ධිය? මෙම කාන්තාව ඇය සුදු වෑන් එකකින් පැහැරගත් බවට ප්‍රකාශයක් කළානේ. ඇත්තටම ඔය කාන්තාව බෝර්න් අගේන් ආගමික කල්ලියේ සාමාජිකාවක් වන අතර ඇයගේ මුල් නම ශ්‍රියාලතා වූ අතර මෙම ආගමික කල්ලියට බැදුනුදා සිට ගාර්ලියා බැරිස්ටර් ලෙසින් නම වෙනස් කළා. ඇය බටහිර තානාපති කාර්යාලයක රැකියාවක් සොයා ගත්තේ මෙම ආගමික සංවිධානය හරහා වන අතර එම කල්ලියේම කිලී මහරාජා, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රාජිත සේනාරත්න සහ මංගල සමරවීරගේ සිට නිරාගමික කඩතුරාවෙන් වැසීගෙන රැඩිකල් වගේ රඟන ගමන් බෞද්ධ ආගමික අන්තවාදයට පහර ගසන බෝර්න් අගේන් උපුල් ශාන්ත සන්නස්ගල, චින්තන ධර්මදාස, නිර්මාල රංජිත්, ජවිපෙ ජාජබ බෝර්න් අගේන් කල්ලිය ආදී වශයෙන් විවිධාකාර බෝර්න් කල්ලිවල සහය ඇතුවයි එම නාටකය රඟපෑවේ.
ReplyDeleteමෙම බෝර්න් අගේන් අන්තවාදී ආගමික සංවිධානය මේ වන විට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පුරා ඉතා ශක්තිමත් ලෙසින් පැතිර ගොස් ඇති අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්න්ඩායම මෙම සංවිධානයේ ග්‍රහණය නිසා විනාශ විය. මෙම ආගමික කන්ඩායමට අයත් ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුවද කෙසේ හෝ කණ්න්ඩායමේ ස්ථානයක් ලැබෙයි. අනෙක් ක්‍රීඩකයන් නිරන්තරව කෙනහිලි වලට ලක් වෙයි. බෝර්න් අගේන් ආගමික කල්ලියේ බැලයන්ට මිස දක්ෂයන්ට තැන නැත. ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන ධාරාවේ ආයතන රැසක මේ වන විට මොවුන් සිය ආධිපත්‍ය පතුරුවා ඇත.
රාජ පක්ස පවුලේ මාමණ්ඩිලා බෑනලා හරහා එම පවුල බිලී බා ගැනීම සිදු කළ අතරම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ඔඩොක්කුවේ සිටියදී සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය මුළුමනින්ම පාහේ මෙම සංවිධානයේ ග්‍රහණයට ලක් වී ඇත. සජිත්ගේ පක්ෂයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා වන ඉරාන් වික්‍රමරත්න මෙම ආගමික සංවිධානයේ ප්‍රධාන බල කණුවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයක් වන ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් (AoG) සංවිධානයේ ජාත්‍යනතර කටයුතු සහ ප්‍රධාන භාණ්ඩාගරික ඉරාන් වික්‍රමරත්තය . Assembly of God ලංකාවේ ස්ථාපිත කළේ ඉරාන්ගේ පියා වන කෝල්ටන් වික්‍රමරත්නය.
ඉරාන් වික්‍රමරත්න එජාපයේ සිටින විට මූලධර්ම වාදී අරමුදල් ලැබුණු බව රහසක් නොවේ. නමුත් රනිල් යනු මෙම සංවිධානයේ පුද්ගලයන්ට රිසි පරිදි හැසිරවිය නොහැකි චරිතයක් වූ නමුත් සජිත් එසේ නොවූ අතරම වසර ගණනාවක සිට සජිත් හසුරුවන්නේ කිලී මහරාජා විසිනි. කිලී මහරාජා මෙම ආගමික සංවිධානයේ ප්‍රබලම අනුගාමිකයෙකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ මූලධර්මවාදීන්ට අවැසි පරිදි නැටවිය නොහැකි වූ විට එය ඔහු ඉවත් කිරීමට පෙරමුන ගත්තේ ”බෝන් අගේන් ” සංවිධානය විසිනි.
සජිත්ගේ නැගෙනිය මේ වන විටත් මෙම ආගමික කල්ලියේ ඉතා ශක්තිමත් බලවත් අනුගාමිකාවක් වී ඇති බව වගේම ජලනී මෙම සංවිධානයේ අනුගාමිකාවක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද ඔවුන් සමග ඉතා කිට්‍ටුවෙන් වැඩ කරයි. හරීන් ප්‍රනාන්දු බෝන් අගේන් ආගමික සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකි. පසුගියදා සාහසික ලෙස කතෝලික අගරදගුරු තුමාට අපහාස කළේ ඒ කල්ලියට ඇති විරෝධයට එරෙහිවයි. ජවිපෙ ජාතික බලවේගයේ හරිනි, නිරූපා, කැටිපේ, සරෝජා පෝල්රාජ් ඇතුලු බොහෝ දෙනෙක් මෙන්ම අනුර කුමාර, විජිත හේරත්, බිමල් රත්නායක, ලාල් කාන්ත ඇතුළු බොහෝ අය රහසින් බෝන් අගේන් දහමේ අනුගාමිකයන් වේ.
ඒ වගේම සජිත් බෞද්ධ ගාථාවක් කට පාඩමින් කියන්නේ තමාගේ දේශපාලනය ඔසවා ගැනීමට මිස ආගමික අරමුණකින් නොවේ. සජිත් ප්‍රේමදාස පන්සල්වලට ආධාර කරමින් රට වටේ ගිය ද ඔහු මෙහෙයවනු ලබන්නේ නැවත ඉපදුණු හෙවත් බෝර්න් අගේන් ක්‍රිස්‌තියානි ව්‍යාපාරය විසින්ය. සජිත්ගේ බෞද්ධ ප්‍රතිරූපය හුදු වෙස් මුහුණක් පමණි. මේ වගේම මොවුන්ගේ ග්‍රහණයට නතු වූ රාජ පක්ස පවුල් ගස මෙන්ම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ක්‍රියා කාරකම් සඳහා යොදා ගැනීම සිදු කෙරේ. මේ ගැනත් විස්තර හොයලා බලලා පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි නේද?
ReplyDeleteඋචිතයා ඉතිරි වෙනු ඇත කීමක්ය
ReplyDeleteඅද කාලෙට නම් ගැලපෙන්නේ නැතිය
වෙසෙසින් සිරිලකදි ඒ බැව් සනාථය
හොර-බොරු නොකලොතින් ඒකා කම්මුතුය!
ඉකොනොමැට්ටාත් කියල තියෙන දේවල් වලට අනුව අර herd immunity හදාගන්න එක විසඳුමක් තමයි නේද? ඒත් ඒක නරක විසඳුමක් කියලා මට හිතෙනවා.
ReplyDeleteඒක අපි බාර ගනිමු!
දැන් මට තියෙන ප්‍රශ්න තුන තමයි මෙන්න මේවා..
1. Herd immunity approach එකට වඩා vaccine එක කොපමණකින් efficient ද?
2. Herd immunity approach එකට වඩා vaccine එක කොච්චර safe ද?
3. Herd immunity approach එකට වඩා මේකේ procedural pain, QoL හා satisfaction ගැන මොනවා ද කියන්න පුළුවන්..
මට නම් එන්නත්වල ට්‍රයල්වලින් මේ ගැන අදහසක් ගන්න බෑ.. ඒවායේ තාම බලලා තියෙන්නෙ එක viewpoint එකක්.. ඒකත් සමස්ත වැඩපිළිවෙළක් ලෙස නොවේ හුදෙක් ම යම් උපක්‍රමයක වලංගු භාවය ගැන..
Compare කරලා තියෙන්නෙත් එන්නතට එරෙහිව herd immunity approach නෙමේ එන්නතට එරෙහිව Placebo..ඒ නිසා ඒවායින් තීරණ ගන්න අමාරුයි..
එන්නතටට පක්ෂ විපක්ෂ මධ්‍යස්ථ හා විදගත්ත අයට ඔය තුන ගැන මොනවා ද කියන්න තියෙන්නේ..
ඔය තුන ම සැලකුවහම එකක් හොඳ විකල්පය කියන්න සාධක තියෙනවා ද? නැත්නම් එහෙම කියන්න තරම් සාධකයක් නැද්ද?
ඔබේ ප්‍රශ්නම වැරදියි. ඔබ සාමූහික ප්‍රතිශක්තිය හා එන්නත් කිරීම දෙකක් ලෙස සලකනවා. එන්නත් කිරීමේ අරමුණ සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීමයි. ඔබ ඇත්තටම අහන්නේ එන්නත් හරහා සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම හා රෝගය ස්වභාවික ලෙස ආසාදනය වී සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම කියන දෙක ගැන විය යුතුයි.
Deleteරෝගය ආසාදනය වී සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම කිසිසේත්ම හොඳ විකල්පයක් නෙමෙයි. එහෙත්, එන්නතක් නැත්නම් කොහොමටත් රෝගය ආසාදනය වී සාමූහික ප්‍රතිශක්තිය ලැබෙන එක සිදු වෙනවා. මෙහි තිබෙන ප්‍රශ්නය වන්නේ ඒ විදිහට සාමූහික ප්‍රතිශක්තිය ලැබෙන විට සැලකිය යුතු පිරිසක් මැරිලා. නමුත්, එන්නත ලබා දීම හරහා මරණ සිදුවීම මුළුමනින්ම වගේ අඩු කරන්න පුළුවන්.
මම හිතන්නේ ඉකෝන් මේ වෛරස වැක්සීන ගැන ඔබ දක්වන අදහස් වල අඩුපාඩු රැසක් තියෙනවා කියලා. දැන් ඔබේ බ්ලොග් එකේ පාලනය කරන ලද තත්ත්ත්ව යටතේ දුර්වල කරන ලද වෛරස කොටසක් විදලා ප්‍රතිශක්තිය හදනවාය කියනවා. ඔය ඉකෝන් කියවන්නේ සාමාන්‍ය එන්නත ගැන. මේකේ වෛරසයේ කොටසක් දුර්වල කරලා ගහන්නේ නෑ. මේක viral vector එන්නතක්..
ReplyDeleteමේකේ කොවිඩ්වලින් කොටස් ගහන්නේ නම් නෑ. හැබැයි විකෘති කරපු වානර වෛරසයක විරියෝන නම් අධිමාත්‍රාවෙන් ගහනවා! (හැදෙන වෛරසවලට හරියට ප්‍රජනනය කරගන්න බැරි වෙන්න විකෘති කරලා තියෙන්නේ. හැබැයි මේක ආසාදනය වෙනවා. මේ වානර උණ වෛරසය ඇඟට ආසාදනය නොවුණොත් එන්නත වැඩ කරන්නේ නෑ.) අනික සාමාන්‍ය එන්නත ආසාත්මික වෙන්නේ ඒකේ තියෙන දේකට මොනවා හරි ආසාත්මිකතාවක් ආවොත්! මේකෙ එහෙම නෑ. මේක වැඩකරන්නම ඔබ වානර උණෙන් ආසාදනය වෙන්න ඕනේ.. ඒකයි වැඩි පිරිසකට උණ පාචනය එන්නේ! මොක ද මේක කෙලින් ම තව වෛරසයක් ආසාදනය කරනවා මේකේ ක්‍රියාව සඳහා ම.. ඒක ආසාදනය නොවුණොත් එන්නත වැඩ කරන්නේ නෑ.. ආසාදනය වෙලා රෝග ලක්ෂණ නොආවොත් ඉතින් කිසි අවුලක් නෑ.. රෝග ලක්ෂණ ආවොත් ඉතින් ඇඟට අමාරුයි.. වෙන නම් අවුලක් වෙන එකක් නෑ.
හැබැයි ආසාදනය නොවීම රෝග ලක්ෂණ එන්නත් පුළුවන්. ඒ කියන්නේ වානර උණ ඇඟේ සෛලවලට ආසාදනය වෙන්න කලින් ම ඒ විරියෝන ටිකට ඇඟෙන් කෙළවලා දැමීම.. අන්න එතකොට නම් එන්නතෙන් කිසි ඵලක් නැතේ!!
(මේවයේ දී බොහොම ව්‍යාජ ප්‍රාමාණිකත්වයක් දොස්තරලාට දීලා තියෙනවා.. ඒ අයගෙන් ඇහුවහම එන්නතේ තියෙන්නේ dead antigen, attenuated live virus, antigen segments වගේ වැල් බයිලා කතාන්දර කියනවා! එයාලා කතාකරන්නේ එයාලා ඉගෙනගෙන තියෙන එන්නත මිස මේ එන්නත් ගැන නෙවෙයි. සමහර අය විදගත්තට මොනවා තියෙනවා ද දන්නේ නෑ කියනව! ඉතින් ඒ වගේ විශේෂඥ බයිලාස් නම් කිසිම වැඩකට නෑ.
//මම හිතන්නේ ඉකෝන් මේ වෛරස වැක්සීන ගැන ඔබ දක්වන අදහස් වල අඩුපාඩු රැසක් තියෙනවා කියලා. දැන් ඔබේ බ්ලොග් එකේ පාලනය කරන ලද තත්ත්ත්ව යටතේ දුර්වල කරන ලද වෛරස කොටසක් විදලා ප්‍රතිශක්තිය හදනවාය කියනවා.//
Deleteකරුණාකරලා මම ලියපු දේවල් ගැන කතා කරනවානම් උපුටා පෙන්වන්න. මම ලියා නැති දේවල් ගැන මට අදහස් දක්වන්න බැහැ. කෝවිඩ් එන්නත් වුනත් හැම එකක්ම හදලා තිබෙන්නේ එකම මූලධර්මය මත පදනම්ව නෙමෙයි. ඇමරිකාවේ දැනට භාවිතා වන එන්නත් දෙක වැඩ කරන්නේ එක ක්‍රමයකට. ඇස්ට්‍රසෙනිකා එන්නත හා රුසියානු එන්නත වැඩ කරන්නේ තවත් ක්‍රමයකට. නමුත්, දෙවර්ගයෙන්ම ඉලක්ක කරන්නේ සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ආසාදනය පාලනය කිරීම. විස්තර කරන්න බැරිකමක් නැතත්, එන්නත් වර්ග අතර තිබෙන වෙනස්කම් මේ වෙලාවේ බොහෝ දෙනෙකුට වැදගත් නැහැ. දැනට සැලකිය යුතු තරමේ පරීක්ෂාවට ලක් වී තිබෙන කොයි එන්නත ගත්තත් කෝවිඩ් වලින් නොමැරී බේරෙන එක 100%ටම ආසන්න කර ගන්න පුළුවන්. වැදගත්ම කරුණ එයයි.
ඉකොනොමැට්ටා ඔබ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි ද? එසේ නම් මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට වත්මන් ආණ්ඩුව විසින් කිලෝමීටර් 2 ක් විනාඩි 8 යි තත්පර 35 න් දිවීමේ අභියෝගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාදීලා තියෙන එක ගැන ඔබට අදහසක් තියෙනවා ද?
ReplyDeleteමේ ගැන මාධ්‍ය වාර්තා කර ඇති විදිහට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය බලා පිටත්ව යෑමට නියමිත 35 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් සඳහා අනිවාර්ය වූ නව ශාරීරික යෝග්‍යතා මට්ටමක් හඳුන්වාදී තිබෙනවා. මේ ගැන දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන ආකාරයට එය සදහන් වන්නේ කිලෝමීටර් 2 ක කාලයක් විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් තුළ අවසන් කිරීමයි. මෙම performance පරිසාධන මට්ටම් හදුන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් රජය විසින් බලහත්කාරයෙන් පත් කර ඇති නව අභ්‍යාසකවරයා වන ග්‍රාන්ට් ලූඩන් නමැත්තා වන අතර ඔහු ප්‍රචලිතව ඇත්තේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දැඩි තීන්දු තීරණ ලබාගන්නා නපුරු ගති ඇති රෞද්‍ර අයෙකු ලෙසටයි.
ඒ අනුව ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ පරීක්ෂණය සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප්‍රසිද්ධියේ පැවැත්වීමට නියමිත අතර මීටර් 400 ක ධාවන දුරක් සහිත වට 5 ක් ඒ අනුව ක්‍රීඩකයක් විනාඩි 2 යි තප්පර 35 කට අඩුවෙන් දිවීමට සිදුවනවා.
ඒ කෙසේ නමුත් ග්‍රාන්ට් ලූඩන් නම් නපුරු ගති ඇති අභ්‍යාසකයාගේ පරිසාධන අවශ්‍යතාවය අනුව සාමාන්‍ය පරිසාධන මට්ටම් පන්දු යවන්නෙකු සදහා නම් කිලෝමීටර් 2 ක දුරක් විනාඩි 7 යි තත්පර 30 කින් හා පිතිකරුවෙක් සදහා විනාඩි 8 ක් ලෙස නියමකොට ඇති අතර මෙම පරිසාධන මට්ටම් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හදුන්වාදීමට නියමිතව තිබෙනවා.
යම්කිසි ක්‍රීඩකයෙකු පළමුවර මෙම පරීක්ෂණය අසමත් වුවහොත් ඔහුට දෙවන වර සමත්වීම සදහා දින 40 ක කාලයක් ලබාදී තිබෙන අතර එම දින 40 ක කාලය තුළදී ඔහු දෙවන වරටත් අසමත් වුවහොත් ඔහු කුමන තරාතිරමක සුපිරි ක්‍රීඩා තාරකාවක් වුවත් ඒ සියල්ල අමතක කරලා බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා තෝරා නොගැනීමට ඉතා දැඩි ලෙස තීරණය කොට තිබෙනවා.
ඒ වගේම තමයි දි අයිලන්ඩ් පුවත්පත අනාවරණය කර ඇති අන්දමට දැනට ඉහළම දක්ෂතා සහිත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම පරිසාධන මට්ටම ඉක්මවීමට අවම වශයෙන් විනාඩි 9 යි තත්පර 30 ක කාලයක් හා තවත් බොහෝ ක්‍රීඩකයන් විනාඩි 10 ක කාලයක් ඉක්මවා ලබාගෙන ඇති බව සදහන් කොට තිබෙනවා. මේ අනුව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විනාශය එළඹෙන බව පේනවා මේවායෙන් නේද? මේකට විරුද්ධව ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට කළ හැකි විරෝධතා ව්‍යාපාර මොනවාද?
ජාතික චින්තනයට අටුවාවක් වියනුවෙන් ගත්ත කොටසක් තිනවා පහත
ReplyDelete//
මේකෙ වැක්සින් එකේ සාර්ථකබව පරීක්ෂා කරන්න යොදාගෙන තියේනනෙ Robust poission distribution නම් ගණිතමය ක්‍රමවේදයයි. මේක සාමාන්‍යයෙන් යොදාගැනෙන්නෙ කලාතුරකින් යොදාගන් binary events වලදි. උදා විදියට පළවෙනි පත්‍රිකාවෙ පස්වන වගුවෙ දක්වා තියෙන දත්ත අනුව වැක්සින් ගහපු අය සහ කොන්ට්‍රෝල් ගෘප් එකේ අය හොස්පිටලයිස් විම සහ අනෙකුත් රෝග ලක්ෂණ ආපු අයගෙ ගණන් බැලුවම දෙපැත්තෙම ඒ අගයන් ඉතා අඩු බව. උදා විදියට වැක්සින් එක ගහපු අයගෙන් දින 21කට පසු දෙන්නෙක් ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙලා තියෙනවා කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා (12 174). කොන්ට්‍රෝල් ගෘප් එකේ 6 දෙනෙක් ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලා තියෙනවා (11 879). දැන් මේ අගයන් දෙකම ඉතා කුඩයි. රෝහල්ගත වීම වැළැක්වීමේ සාපේක්ෂ වාසිය ගත්තොත් 4/12000*100 = 0.03% තරම් ඉතා කුඩා අගයක්. පොයිසොන් ව්‍යාප්තියෙන් කරන්නෙ මේ වෙනස විශාලනය කරනවා. දැං මෙහෙම දෙයක් කරන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් එහෙම පොසිසොන් ව්‍යාප්තියක් යොදාගෙන ඇත්තෙම මේ කොන්ට්‍රෝල් ගෘප් එකේ මෙන්ම වැක්සින් දෙන ගෘප් එකේත් මේ අගයන් අඩු නිසායි.
උදාහරණයක් ලෙස pfizer සමාගමේ පරීක්ෂණයෙ මෙහෙම පොයිසොන් ව්‍යාප්තියක් යොදාගෙන නෑ. (https://www.fda.gov/media/144246/download?fbclid=IwAR2mqgF6w0JTSqrpcLlzaFmJfsGX_38yB0gTNVZEuWjA_Q46f7XIJ2ByQXY)
///
මෙම ගණිතමය ආක්‍රතිය , එහි පොයිසන් ව්‍යාප්තිය භාවිතය ගැන තාක්ෂණික කරුණු අඩංගු ලිපියක් පලකල හැකිද ???
එන්නත් වල ඵලදායීතාවය ඇස්තමේන්තු කිරීමේදී පොයිසන් ව්‍යාප්තිය යොදා ගෙන ඇති ආකාරය පිළිබඳව මෙහි සඳහන් කරුණු නිවැරදි නැහැ. යොදා ගත් නියැදිය ඇතුළේ ඵලදායීතාවය ඇස්තමේන්තු කරන්න කිසිදු ව්‍යාප්තියක් යොදා ගන්නේ නැහැ. පළමුව මෙම ලිපියෙහිම ලින්ක් දමා තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් එන්නත පිළිබඳ වාර්තාවේ (https://www.fda.gov/media/144246/download) 61 පිටුවේ තිබෙන 13වන වගුව අනුව එන්නතේ දෙවන මාත්‍රාව අරගෙන දින 14කට පසුව එන්නත ලබාගත් 18198 දෙනෙකුගෙන් 8 දෙනෙකුටත්, බොරු එන්නත ලබාගත් 18325 දෙනෙකුගෙන් 162 දෙනෙකුටත් රෝගය ආසාදනය වී තිබෙනවා. (රෝගය ආසාදනය වීම අර්ථ දක්වා ඇති ආකාරය පිළිබඳව මෙම ලිපිය ලියා ඇති ලේඛකයාගේ විවේචනය ඇතුළු අනෙක් බොහෝ විවේචන වල වැරැද්දක් නැහැ.) මේ අනුව, එන්නත ලබා නොගත් අය අතර රෝගය ආසාදනය වීමේ සම්භාවිතාව 162/18325 = 0.008840382 මට්ටමේ තිබියදී එන්නත ලබාගත් කණ්ඩායමේ එම සම්භාවිතාව 8/18198 = 0.000439609 මට්ටම දක්වා අඩු වී තිබෙනවා. මේ අනුව, එන්නත නොගැනීමට සාපේක්ෂව එන්නත ගැනීමෙන් රෝගය ආසාදනය වීමේ සම්භාවිතාව 0.000439609/0.008840382 = 0.049727348 අනුපාතයකින් අඩු වෙනවා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එන්නත ගැනීමෙන් පසුව රෝගය හැදෙන්නේ එන්නත නොගෙන රෝගය හැදෙන්නට ඉඩ තිබෙන අයගෙන් 4.97%කට පමණයි. රෝගය හැදෙන්නට ඉඩ තිබුණු අයගෙන් 95.03%කටම රෝගය හැදෙන්නේ නැහැ. එන්නතේ ඵලදායීතාවය 95.0% බව කියන්නේ මේ පදනමින්. මේ ඇස්තමේන්තුව හදන්න අපි පොයිසන් ව්‍යාප්තියක් යොදා ගත්තේ නැහැනේ.
Deleteඇස්ට්‍රසෙනිකා එන්නතේ සම්මත මාත්‍රාව ලබා ගත් නියැදිය තුළ එන්නතේ ඵලදායීතාවය 62%ක් බව කියන්නේත් ඔය පදනමින්ම තමයි. ලිපිය සමඟ ලින්ක් එකක් දමා තිබෙන පර්යේෂණ පත්‍රිකාවේම (https://www.thelancet.com/pdfs/journals/lancet/PIIS0140-6736(20)32623-4.pdf) තිබෙන දත්ත අනුව මුලින් සැලසුම් කළ පරිදි සම්මත මාත්‍රාවෙන් එන්නත ගත් කණ්ඩායමේ 4440 දෙනෙකුගෙන් 27 දෙනෙකුටත් බොරු එන්නත ලබාගත් කණ්ඩායමේ 4455 දෙනෙකුගෙන් 71 දෙනෙකුටත් රෝග ලක්ෂණ පෙන්වන මට්ටමට රෝගය ආසාදනය වී තිබෙනවා. මේ අනුව, එන්නත නොගැනීමට සාපේක්ෂව එන්නත ගැනීමෙන් රෝගය ආසාදනය වීමේ සම්භාවිතාව (27/4440)/(71/4445) = 0.380709935
අනුපාතයකින් අඩු වෙනවා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එන්නත ගැනීමෙන් පසුව රෝගය හැදෙන්නේ එන්නත නොගෙන රෝගය හැදෙන්නට ඉඩ තිබෙන අයගෙන් 38.07%කට පමණයි. රෝගය හැදෙන්නට ඉඩ තිබුණු අයගෙන් 61.93%කටම රෝගය හැදෙන්නේ නැහැ. එන්නතේ ඵලදායීතාවය 61.9% බව හෝ 62% බව කියන්නේ මේ පදනමින්. මේ ඇස්තමේන්තුව හදන්නත් අපි පොයිසන් ව්‍යාප්තියක් යොදා ගත්තේ නැහැනේ. ඇස්තමේන්තු දෙකම හදා තිබෙන්න එකම ක්‍රමයටයි. මම හිතන්නේ මේ ගණන් ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි තරම් සරලයි. හයේ හතේ පංතියක අංක ගණිතයට වඩා සංකීර්ණ දෙයක් මෙහි නැහැ.
එහෙමනම් පොයිසන් ව්‍යාප්තියක් හෝ වෙනත් ව්‍යාප්තියක් අවශ්‍ය වන්නේ ඇයි? ඉහත ඇස්තමේන්තු පදනම් වන්නේ අදාළ සසම්භාවී පරීක්ෂණ සඳහා යොදාගත් නියැදි මතයි. එම ඇස්තමේන්තු වෙනත් නියැදි වලට හෝ සමස්ත ජනගහණය සඳහා යොදා ගැනීම නිවැරදි නොවෙන්න පුළුවන්. එසේ යොදා ගැනීම නිවැරදි වෙන්න කොයි තරම් සම්භාවිතාවක් තිබෙනවාද? කිසියම් සම්භාවිතා ව්‍යාප්තියක් යොදා ගන්න අවශ්‍ය වෙන්නේ මෙය ඇස්තමේන්තු කරන්නයි. ඒ කියන්නේ එන්නතේ ඵලදායීතාවය ඇස්තමේන්තු කරන්න නෙමෙයි. නියැදිය මත පදනම් වූ ඇස්තමේන්තුව ජනගහණයට යොදා ගැනීමේදී සිදු විය හැකි ඇස්තමේන්තු වරද ඇස්තමේන්තු කරන්න.