ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර තිබෙන ගැටුම, ප්‍රාග්ධනයේ ගෝලීය හැසිරීම, ලෝක ප්‍රාග්ධනයේ හැසිරීම තුළ ලංකාවට තිබෙන භූ දේශපාලනික බලපෑම වගේ දේවල් ගැන ගොඩක් අය බොහොම බරපතල විදිහට කතා කරනවා. ඔය වගේ දේවල් ගැන ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. එහෙත් එයින් අදහස් වන්නේ ඒ කියන දේවල් වලට හැම විටම තේරුමක් තියෙනවා කියන එක නෙමෙයි. කොහෙන් හෝ අහුලාගත් දෙයක් ගිරවු වගේ කියවන එක අමාරු වැඩක් නෙමෙයි.
බොහෝ විට මේ වගේ දේවල් සම්බන්ධව කළ හැකි ගුණාත්මක විශ්ලේෂණයකට තේරුමක් තියෙන්නේ එවැනි ගුණාත්මක විශ්ලේෂණයක් ප්‍රමාණාත්මක විශ්ලේෂණ මත පාදක වනවානම් පමණයි. සීනි වැඩිපුර ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කියන ගොඩක් අය විසින් කරන්නේ තවත් අයෙක් කියපු දෙයක් පුනරුච්ඡාරණය කරන එක. මුලින් කියපු කෙනා කතාව කියන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් මත පදනම්ව වුවත් පුනරුච්ඡාරණය කරන අය ඒ කොටස ග්‍රහණය කර ගන්නේ කලාතුරකින්. සීනි වැඩිපුර කියා කියද්දී වැඩිපුර කියන්නේ කොපමණද කියන එක නැතුව කතාවට ප්‍රායෝගික තේරුමක් නැහැ. වැරදිලා ඇල්කොහොල් තේ හැන්දක් පෙවුනොත් වකුගඩු වලට කොයි තරම් හානියක් වෙයිද?
මේකෙම අනෙක් පැත්තකුත් තිබෙනවා. ගණිතය හෝ සංඛ්‍යානය ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න තියෙන මෙවලම් මිසක් ප්‍රශ්න වලට අවසාන හෝ නිවැරදි පිළිතුරු නෙමෙයි. ඒ නිසා, ගුණාත්මක විශ්ලේෂණ නැති හෝ වැරදි ගුණාත්මක විශ්ලේෂණ මත පදනම් වූ ප්‍රමාණාත්මක විශ්ලේෂණ ගොඩක් වෙලාවට "පට්ට පල් බොරු".
මම මේ බ්ලොග් එකෙන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හඳුන්වා දුන්නේ ඒ අනුසාරයෙන් තව ගොඩක් දේවල් පැහැදිලි කිරීමේ බලාපොරොත්තුවෙන්. මේ පැහැදිලි කිරීම් සඳහා කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය අවශ්‍ය නොවුනත්, මා එය යොදා ගන්නේ පැහැදිලි කිරීමේ පහසුවටයි. ලෝකයේ වෙනත් බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින්ද එය සුලභව යොදා ගන්නවා. ඒ නිසා, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය කොයි තරම් නිවැරදිද කියන එක වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි. නිවැරදි කෙසේ වුවත්, එය ලියෝන්ටිෆ් නිෂ්පාදන ශ්‍රිතය වැනි වෙනත් බොහෝ විකල්ප වලට වඩා මේ වැඩේට ගැලපෙනවා.
දැන් අපි මේ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගත්තොත්,
∂Y/∂L = (1-α)Y/L
∂Y/∂K = αY/K
∂Y/∂K: ශ්‍රමය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.
∂Y/∂L: ප්‍රාග්ධනය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ශ්‍රමය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.
ධනවාදයේ මූලධර්මය වන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය සපයන අයටත්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නිෂ්පාදනය සඳහා ශ්‍රමය සපයන අයටත් ලැබිය යුතු බවයි. එය කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයට සම්බන්ධයක් නැති දේශපාලනික කරුණක්.
මාක්ස්වාදී අදහස වන්නේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස කිසිවක් ලැබිය යුතු නැති බවයි. ඒ අනුව, ඉහත කොටස් දෙකම නිෂ්පාදනය සඳහා ශ්‍රමය සපයන අයට ලැබිය යුතුයි. මාක්ස්වාදය තුළ ශ්‍රමය සූරාකෑම ලෙස අර්ථ දැක්වෙන්නේ ඉහත කී ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය සපයන අය විසින් ලබා ගන්නා කොටසටයි.
මේ දෙකම මූලධාර්මික අදහස්. ඇත්තටම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදෙන්නේ කොහොමද කියන එක වෙනම ප්‍රායෝගික කරුණක්.
ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.
w = ∂Y/∂L = (1-α)Y/L
r = ∂Y/∂K = αY/K
මාක්ස්වාදී මූලධර්ම අනුව මේ බෙදීම සිදු විය යුත්තේ වෙනස් ආකාරයකටයි.
w = Y/L
r = 0
කෙසේ වුවත් මාක්ස්වාදය අනුවද ප්‍රායෝගික තත්ත්වයන් යටතේදී නිෂ්පාදිතයෙන් කොටසක් නැවත ආයෝජනය කළ යුතුයි. ඒ නිසා, නිෂ්පාදිතය (Y) මුළුමනින්ම ශ්‍රමය ලබා දුන් අය අතර බෙදා හැරීමේ හැකියාවක් නැහැ. අවම වශයෙන් ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කර ගැනීම පිණිස Y වලින් කොටසක් වෙන් කරන්න සිදු වෙනවා. පොදු ප්‍රාග්ධනයක් මිසක් පෞද්ගලික ප්‍රාග්ධනයක් නැති නිසා, පොදු ප්‍රාග්ධනය ක්ෂය වී යද්දී අතිරික්තයෙන් කොටසක් ඒ වෙනුවෙන් නොයෙදෙවුවොත් ක්‍රමයෙන් K ක්ෂය වී යන නිසා Yද ක්‍රමයෙන් අඩු වී යනවා.
මේ අනුව, ඇත්තටම මාක්ස්වාදී ක්‍රමයේදී වුවත් මූලධාර්මික ලෙස බැලුවොත් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීමක් වැනි දෙයක් වෙනවා. මෙය හරියටම ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීමක් ලෙස හැඳින්වීම නිවැරදි නැති වුවත්, සමාජවාදී ක්‍රමයකදී වුවද ප්‍රාග්ධන සංචිත පවත්වා ගැනීම හෝ වර්ධනය කර ගැනීම සඳහා අතිරික්තයෙන් කොටසක් නැවත ආයෝජනය කරන නිසා, අතිරික්තය මුළුමනින්ම ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස බෙදා දීමක් වෙන්නේ නැහැ.
අපි හිතමු මෙසේ නැවත ආයෝජනය කරන කොටස λ කියා. දැන් ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස බෙදා දෙන්න වෙන්නේ (1-λ)Y කියන කොටස පමණයි. මේ λ කොපමණද කියන එක තීරණය කරන්නේ මධ්‍යගත සැලසුම් හදන අයයි. එය ධනවාදී ක්‍රමයකදී මෙන් නිදහසේ තීරණය වන දෙයක් නෙමෙයි. සමාජවාදී රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වනවාද, ක්ෂය වනවාද, ස්ථායී ලෙස පවතිනවාද කියන එක තීරණය වන්නේ මේ වෙන් කිරීම සිදු කරන ආකාරය අනුවයි.
කොහොම වුනත් ප්‍රායෝගිකව යම් වෙන් කිරීමක් කරනවනේ. ඒ නිසා, ධනවාදී ක්‍රමයට මේ දිහා බැලුවොත් r = 0 වෙන්නේ නැහැ. අනෙක් අතට, w = Y/L වෙන්නේත් නැහැ. අපිට මෙය මෙලෙස ලියන්න පුළුවන්.
w = (1-λ)Y/L
r = λY/K
මෙහි මා r ලෙස හඳුන්වා තිබෙන්නේ නිෂ්පාදන අතිරික්තයෙන් නැවත ආයෝජනය කළ කොටස ආරම්භක ප්‍රාග්ධනයේ අනුපාතයක් ලෙස කොපමණද කියන එකයි. මාක්ස්වාදී ක්‍රමයේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ බෙදීමක් සිදු නොවන නිසා මෙහි r ප්‍රාග්ධනය සඳහා ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය ලෙස හැඳින්වීම වැරදි වුවත් මා එසේ කරන්නේ ධනවාදය සමඟ සංසන්දනය කිරීම පහසු කරන්නයි. මා දන්නා තරමින් කිසිවෙකු මෙවැන්නක් කර නැහැ. මා මෙය කරන්නේ මාක්ස්වාදය පමණක් හදාරා ඇති අයට ධනවාදය තේරුම් ගැනීමත්, ධනවාදී ආර්ථික විද්‍යාව පමණක් හදාරා ඇති අයට මාක්ස්වාදය තේරුම් ගැනීමත් පහසු කිරීම සඳහා පමණයි. ඒ නිසා, ප්‍රාග්ධනය පොත ඇතුළු මාක්ස්වාදී ආර්ථික විද්‍යා පොත් වල හෝ ධනවාදී ආර්ථික විද්‍යා පොත් වල මෙවැනි දෙයක් හොයන්න උත්සාහ කරන්න එපා.
දැන් අපි නැවත ධනවාදය වෙත හැරෙමු.
ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදිය යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.
w = ∂Y/∂L = (1-α)Y/L
r = ∂Y/∂K = αY/K
මෙහි එකම වෙනස λ වෙනුවට α තිබීමයි. α යනු λ මෙන් මධ්‍යගත සැලසුමක් යටතේ තීරණය වන දෙයක් නෙමෙයි. ඒ වගේම එය වෙළඳපොළ සාධක මත තීරණය වන දෙයක්ද නෙමෙයි. α යනු නිෂ්පාදන ක්‍රමවේදය හා සම්බන්ධ කරුණක්. එය වෙනස් වෙන්නේ තාක්ෂනය සමඟයි. එහි ධනවාදය හෝ සමාජවාදය සමඟ සම්බන්ධයක් නැහැ. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය නිෂ්පාදන ආකෘතියක් මිසක් දේශපාලනික ආකෘතියක් නෙමෙයි.
එහෙමනම් ධනවාදය හා α අතර තිබෙන සම්බන්ධය කුමක්ද? ධනවාදය විසින් යෝජනා කරන බෙදීම මේ පරාමිතිය සමඟ සම්බන්ධයි. ඒ කියන්නේ අවසාන වශයෙන් ධනවාදය විසින් යෝජනා කරන පරමාදර්ශී බෙදීම තීරණය කරන්නේ නිෂ්පාදන තාක්ෂනය විසින්. මෙයින් වෙනස්ව සමාජවාදී ක්‍රමයකදී λ අගය තීරණය කරන්නේ පොදු ප්‍රාග්ධනය පාලනය කිරීමේ බලය අතේ තිබෙන පිරිස විසින්.
ධනවාදය යටතේ අතිරික්තය බෙදිය යුතු සාධාරණ ආකාරය කියන එකෙන් අදහස් වෙන්නේ හැමවිටම ධනවාදී සේ සැලකෙන රටක නිෂ්පාදන අතිරික්තය ඒ විදිහටම බෙදෙනවා කියා කියන එක නෙමෙයි. එහෙමනම්, ධනවාදය යටතේ මේ පරමාදර්ශී බෙදීම ඒ විදිහටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද? එහෙම වෙන්නනම් ශ්‍රමය සපයන අය අතරත්, ප්‍රාග්ධනය සපයන අය අතරත් ඔවුනොවුන් අතර වගේම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම සමඟද ප්‍රමාණවත් තරඟයක් තිබිය යුතුයි. මේ තරඟය තුළ හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සපයන්න ශ්‍රමිකයින් එකිනෙකා සමඟ තරඟ කරනවා වගේම හැකි තරම් අඩු මිලකට ප්‍රාග්ධනය සපයන්න ප්‍රාග්ධන හිමියන් එකිනෙකා සමඟ තරඟ කරනවා. එම තරඟය තුළ කිසිවෙකුට ලැබිය යුතු ප්‍රමාණයට වඩා දෙයක් නොලැබෙන බව සහතික කෙරෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ තමන්ට "ලැබිය යුතු" කොටස උදුරා ගැනීම සඳහා අරගල කරලා අවසානයේදී ලබාගත හැකි දෙයම තමන් විසින් "දිය යුතු" කොටස ස්වේච්ඡාවෙන් ලබා දීමේ තරඟය තුළද ඒ විදිහටම ලැබෙන එකයි. ශ්‍රමය සඳහා වැඩිම මිල ලබා ගැනීම සඳහා කළ යුතු අරගලයක් බොහෝ විට ප්‍රචණ්ඩයි. හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සැපයීම සඳහා කරන තරඟය තුළ එවැනි ප්‍රචණ්ඩත්වයක් නැහැ. එය සිදු වන්නේ නිදහස් කැමැත්තෙන්. අපූරුම දෙය වන්නේ හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සැපයීම සඳහා කරන තරඟය තුළ අරගල කර ශ්‍රමය සඳහා ලබා ගත හැකි වැඩිම මිල අරගලයකින් තොරවම ලැබෙන එකයි.
මෙය මෙසේ සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද? මෙය සිදු වෙන්නනම් මිනිස්සුන්ට තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීමේ දැනුමක් හා නිදහසක් තිබිය යුතුයි. මේ තත්ත්වය වියුක්ත තත්ත්වයක් බව කාට හරි කියන්න පුළුවන්.
භෞතික විද්‍යාවේදී ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨ ගැන කතා කරනවා. එහෙත් එවැනි ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨ සැබෑ ලෝකයේ නැහැ. ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨයක සිදුවන චලිතයක් ඝර්ෂණය තිබෙන සුමට නැති පෘෂ්ඨයක ඒ විදිහටම වෙන්නේ නැහැ.
මිනිස්සු හැමෝම හැම විටම තමන්ට වඩාත්ම වාසිදායක දේ කරන්නේ නැහැ. හැබැයි එහෙම නොකළා කියලත් ඉහත ධනවාදී සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. පෘෂ්ඨය සුමට නැත්නම් අර අඟහරු වෙත ඊයේ ගිය පර්සිවියරන්ස් රෝවරයට වගේ පාර වෙනස් කරලා පෘෂ්ඨය වඩා සුමට තැනක් හොයා ගන්න මිනිස්සුන්ට පුළුවන්. එහෙම තැන් නැත්නම් සුමට පෘෂ්ඨ හදා ගන්න පුළුවන්. සාමූහික ක්‍රමයක් වන ධනවාදී නිදහස් වෙළඳපොළක් කාර්යක්ෂම වීම සඳහා අවශ්‍ය වන අනිවාර්ය පූර්ව කොන්දේසිය මිනිස්සු හැමෝම හැම විටම තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීම නෙමෙයි. මිනිස්සු වැඩි දෙනෙක් බොහෝ විට තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීම ඒ සඳහා ප්‍රමාණවත්. විශේෂ තත්ත්වයන් තිබුණත්, මේ කොන්දේසිය බොහෝ විට ප්‍රායෝගිකව සම්පූර්ණ වන කොන්දේසියක්.
රුපියල් දාහක් පොල් ගෙඩියකට ගෙවන්න කැමති කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. එහෙත් වැඩි දෙනෙක් පොල් ගෙඩියකට එවැනි විශාල මිලක් ගෙවන්න සූදානම් නැහැ. ඒ නිසා, පොල් ගෙඩියකට රුපියල් දාහක් ගෙවන්න සූදානමින් ඉන්න කෙනාටත් සීයකට එකසිය විස්සකට පොල් ගෙඩියක් මිල දී ගන්න ලැබෙනවා. රුපියල් පණහකට දවසක් පුරා කුලී වැඩ කරන්න කැමති කෙනෙක් හිටියත් බොහෝ විට ඔහුට ඊට වඩා වැඩි කුලියක් ලැබෙනවා. ඒ රටේ ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් ඒ තරම් අඩු කුලියකට වැඩ කරන්න කැමති නැති නිසා. කිසියම් රටක ධනවාදයක් නොතිබුණත් යම් තරමකට හෝ ධනවාදී මූලධර්ම වැඩ කරනවා. ඒ එම මූලධර්ම ස්වභාවිකත්වයට කිට්ටු නිසා. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය තිබුණත් නැතත් පොල් බිමට වැටෙනවා.
ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර අතිරික්තය බෙදිය හැකි වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය (1-α): α අනුපාතයට බෙදීමයි. ධනවාදය යටතේ කාගේවත් සැලසුමක් නැතිවම මෙය සිදු වෙනවා. සමාජවාදය යටතේ මේ බෙදීම වෙන්නේ මා ඉහත විස්තර කළ පරිදි (1-λ): λ අනුපාතයටයි. එම λ අගය කවුරු හෝ පිරිසක් විසින් සැලසුම් කරන දෙයක් මිසක් ස්වභාවික දෙයක් නෙමෙයි. කොහොම වුනත්, එක දෙයක් කියන්න පුළුවන්. λ = α වූ විට සමාජවාදී ක්‍රමයක් ධනවාදී ක්‍රමයක් තරමටම කාර්යක්ෂම වෙන්න පුළුවන්. (මේ කාර්යක්ෂමතාවය නැති වන වෙනත් බොහෝ හේතු තිබෙනවා. ප්‍රස්තුතයට අදාළ නොවන නිසා මෙහිදී මා ඒවා පැත්තකින් තියනවා)
සමාජවාදී රටක් ධනවාදයේ මූලධර්ම පිළි නොගත්තත් ධනවාදය පිළිගත් රටවල් සමඟ ප්‍රමාණවත් තරඟයක නියැලෙනවානම් එහි අවසාන ප්‍රතිඵලය වන්නේ නිසර්ගයෙන්ම λ = α වීමයි. ඒ සමානත්වය ඇති වන තුරුම සමාජවාදී රටේ පාලකයින්ට තමන්ගේ මධ්‍යගත සැලසුම් වෙනස් කරන්න වෙනවා. නැත්නම් ආර්ථිකය ටිකෙන් ටික වල පල්ලට යනවා. චීනය වගේ රටවල් කාලයක සිට මේ වැඩේ සාර්ථක ලෙස කරනවා. දැන් කියුබාවත් වැඩේට බැහැලා.
මා මෙහිදී සමාජවාදී රටවල් සේ හඳුන්වන්නේ පැරණි සෝවියට් දේශය, චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ පොදුවේ සමාජවාදී රටවල් සේ සැලකෙන රටවල් මිසක් කවදාවත් ලෝකයේ තිබී නැති සමාජවාදී රටවල් නෙමෙයි. සමහර අයට අනුව මේ රටවල් වල තිබී ඇත්තේ හෝ තිබෙන්නේ රාජ්‍ය ධනවාදයක් මිසක් සමාජවාදයක් නෙමෙයි. ඔය වචන වැදගත් නැහැ. පොදුවේ මාක්ස්වාදය තුළ කොමියුනිස්ට්වාදයට පෙර එන සමාජවාදය ලෙස හැඳින්වුණේ ඔය රටවල් වල තිබුණු හෝ තිබෙන මධ්‍යගත සැලසුම් ක්‍රමය. ජාතික සමාජවාදය ලෙස හැඳින්වුණු හිට්ලර්ගේ ජර්මනියේත්, රටේ නම අනුව දැනට ලෝකයේ තිබෙන සමාජවාදී රටවල් දෙකෙන් එකක් වූ ලංකාවේත් බොහෝ දුරට තිබෙන්නේ මේ ක්‍රමය. බොහෝ දෙනෙක් විසින් ධනවාදී රටක් ලෙස වැරදියට හඳුන්වන සිංගප්පූරුවේ වගේම රජ පවුල් විසින් තවමත් පාලනය කරන මැද පෙරදිග රටවලත් තියෙන්නේ මේ සමාජවාදී ක්‍රමයට කිට්ටු ක්‍රමයක්. මේ හැම රටකටම පොදු සාධකයක් වන්නේ ඉහත කී λ අගය යම් පිරිසක් විසින් පාලනය කිරීමයි. ඒ නිසා, එම අගය α අගයට සමාන වීමේ සෛද්ධාන්තික අවශ්‍යතාවයක් නැහැ.
හැබැයි මේ ඇතැම් රටවල් ලෝකයට විවෘතයි. ලෝකය සමඟ තරඟ කරනවා. ඒ කියන්නේ රට ඇතුළේ ධනවාදී මූලධර්ම ක්‍රියාත්මක නොවුනත් ජාත්‍යන්තර තලයේදී කටයුතු කරන්නේ යම් තරමකින් ධනවාදී මූලධර්ම වලට අනුගතවයි. චීනය ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරද්දී පුළුවන් තරම් අඩු මිලකට භාණ්ඩ සපයන්න උත්සාහ කරනවා මිසක් ඒ භාණ්ඩ හදන ශ්‍රමිකයින්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් අරගල කරන්නේ නැහැ. මේ ක්‍රමය පැරණි සෝවියට් දේශයේ ක්‍රමයට සාපේක්ෂව සාර්ථක වී තිබෙනවා.
පැරණි සෝවියට් දේශය ජාත්‍යන්තර ගනුදෙනු කළේ බොහෝ දුරට ධනවාදී ලෝකයෙන් වෙන්ව සිටිමින් සමාජවාදී හෝ තුන් වන ලෝකයේ රටවල් එක්කයි. ඒ නිසා, පැරණි සෝවියට් දේශය ධනවාදී රටවල් වල තිබුණු තරඟයට වක්‍ර ලෙස හෝ නිරාවරණය වුනේ නැහැ. තරඟයට වක්‍ර ලෙස හෝ නිරාවරණය නොවුණු නිසා λ = α විය හැකි යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. නමුත්, චීනයට එවැනි යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ නිසා, චීන සමාජවාදය රටෙන් පිටතදී කාර්යක්ෂමයි. චීන සමාජවාදය රට ඇතුළේ ශ්‍රමිකයින්ට සාධාරණය ඉටු කරනවාද නැද්ද කියන එක වෙනම කරුණක්.
References:
Feenstra, Robert C., Robert Inklaar and Marcel P. Timmer (2015), "The Next Generation of the Penn World Table" American Economic Review, 105(10), 3150-3182, available for download at www.ggdc.net/pwt
රට කරවන්න එන අයහට දී ටියුෂන්
ReplyDeleteකියා දෙන්න මේ වගේ තොරතුරු වැඩියෙන්
ක්‍රමයක් හැදෙනවා නං 'දෙවියන් පිහිටෙන්'
සිරිලක 'උතුරු කුරු' වෙයි; වැඩි කල් නොගිහිං!
මෙහෙමයි නිමල් මුළු මහත් ලෝකයේම සියලුම රටවල් ආපස්සට ඇද දමමින්, පුද්ගල ජන ජීවිත උඩු-යටිකුරු කළ කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් සුදුසු ඖෂධයක් හෝ එන්නතක් එන තෙක් අපි නොඉවසිල්ලෙන් බලාහිටියා නේ? දැන් මාසයක් විතර තිස්සේ ලංකාවේත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම කරනවා.
Deleteඑද්දාස් නම සිය අනූ ගණන්වල ඉඳලා ශ්‍රී ලංකාව ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම ඇති රටක් ලෙස ඉතිහාසයකට උරුම කියන ලංකාවේ මෙම කොරෝනා වයිරස් පාලන එන්නත ඉතාම ඉක්මනින් ලබාදීමට හැකිවීමද සුවිශේෂී අවස්ථාවක් ලෙසට සෞඛ්‍ය අංශ කියයි.මේක පළමුවැනි අදියරදී කොරෝනා මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සටන්කරුවන් වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හා ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ට එන්නත ලබාදෙන අතර පස්සේ ප්‍රමුඛතාව අනුව අනෙක් පුද්ගලයන්ට එන්නත නිර්දේශ කෙරෙන අතර කොරෝනා පාලනයට එන්නත මගින් කුමන ආකාරයේ සුබදායී ප්‍රතිඵලයක් ලැබේද බලමු.
දැනට ලංකාව තුළ එන්නත්කරණය කරන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂණයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත(ChAdOx1 එන්නත). ඔක්ස්ෆර්ඩ් ChAdOx1 එන්නත මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක දැනට අනුමත කර ඇති අතර මෙම එන්නත ඉන්දියාවේ “සීරම්” නමැති ආයතනයෙන් නිෂ්පාදනය කෙරෙන අතර එන්නත ලබාදීමේ මූලික අරමුණ කොවිඩ්-19 රෝගය ඇති කරවන SARS Cov2 වයිරසය මැඩපැවැත්වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ශරීරය තුළ ගොඩනංවා ගැනීමය. ඒවගේ ලොව පුරා එන්නත් විශාල සංඛ්‍යාවක් නිපදවා ඇති අතර Pfizer BNTJ6262 එන්නත, Moderne එන්නත, රුසියාවේ Spotnik, ඔක්ස්ෆර්ඩ් ChAdOx1 එන්නත හා චීනයේ SinoVTC එන්නත් ඉන් ප්‍රධාන වේ. මෙම එන්නත්හි ක්‍රියාකාරිත්වය විවිධාකාරයෙන් වන බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කර ඇත.
මේ දවස්වල ලංකාවේ භාවිත කරන ChAdOx1 (Oxford එන්නත) මගින් සිදුවන්නේ කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ප්‍රතිදේහ සෑදීම උපකාර කර එම ප්‍රතිදේහ මගින් පුද්ගල ශරීරයේ ප්‍රතිශක්තිය නංවා ගැනීමට උපකාර කිරීමය. විශේෂයෙන්ම මෙම නව එන්නත නිපදවා ඇත්තේ කොරෝනා වයිරසයේ ‘පිටත ඇති ප්‍රෝටීනය’ (Spike Protein) සෑදීම සඳහා වැදගත්වන ජානය චිම්පන්සියන්ට සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන වයිරසයට සම්බන්ධ කිරීමෙනි (Chimpanzee Aden virus)' මෙම චිම්පන්සි සෙම්ප්‍රතිශ්‍යා වයිරසය මනුෂ්‍ය ශරීරය තුළ විභජනය නොවන අතර එහෙයින් එන්නත ලබා ගන්නා මිනිසුන්ට වයිරසයෙන් බලපෑමක් ඇති නොවේ.
මෙහිලා ඉතාම වැදගත් කරුණ වනුයේ ChAdOx1 එන්නත ලබාදීමෙන් පසුව SARS Cov2 වයිරසයට එරෙහිව මිනිස් ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවීමයි. ඒ නිපදවෙන ප්‍රතිදේහ මගින් මිනිස් සිරුරට ඇතුළුවන SARS Cov2 හෙවත් කොරෝනා වයිරසය විනාශ කර දමා කොවිඩ්-19 රෝගය සෑදීම වළක්වාලීමට උපකාරි වීම ඔක්ස්ෆර්ඩ් (Oxford) එන්නත වඳුරන්ගෙන් කරන ලද මූලික පර්යේෂණයන්ගෙන් පසුව, අදියර තුනක් යටතේ නැවත වරක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 75,000කට ආසන්න සංඛ්‍යාවකට නැවත අත්හදාබැලීම් කර එහි අවසාන ප්‍රතිඵලය ලෙසට ලැබී ඇත්තේ මෙම එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව නියමිත පරිදි ලබාගත් අයකුට රෝගය වැළඳීමේ අවදානම සියයට 70 පමණ අඩුවී යන බවත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ඔක්ස්ෆර්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී මාසයක්, මාස තුනක් අතර කාලයේදී දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇති බවත්.
එනමුදු ලොව පුරා පර්යේෂණ සිදුකළ පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ එන්නතේ දෙවන මාත්‍රාව මාස තුනකින් ලබාදීමෙන් තවත් වැඩි ප්‍රතිඵල ලැබිය හැකි බවයි.
ඒ වගේම එන්නත හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ තත්ත්වයන් ගත්තාම සාමාන්‍යයෙන් ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසුව ඇතැම් පුද්ගලයන්ට ඉතාම සුළු අතුරු ආබාධ තත්ත්වයන් මතුවිය හැකි මුත් අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ.
මේ අනුව ඔක්ස්ෆර්ඩ් ChAdOx1 එන්නතෙහි පළමු මාත්‍රාව ගැනීමෙන් පසුවද සුළු සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි මේ වගේ;
Delete01. එන්නත ලබාදුන් ස්ථානයේ වේදනාවක් දැනීම
02. මඳ උණ ගතියක් ඇතිවීම හෝ,
වෙව්ලා උණ ගැනීම
03. හිසරදය
04. මාංශපේශි වේදනාව
05. වමනය
06. හන්දිපත් වේදනාව
මෙවැනි අතුරු ආබාධ තත්ත්වයන් මතුවිය හැකි මුත් මෙවන් සුළු සංකූලතා ඇතිවීම, ධනාත්මක ලෙස සැලකිය හැක්කේ එන්නත ශරීරය තුළ හොඳින් ක්‍රියාත්මක වන බවට මෙම ශාරීරික වෙනස්කම් සාක්ෂියක් සැපයීමය.
නමුත් යම් පුද්ගලයන් සීමිත පිරිසකට බරපතළ ආසාත්මිකතා ඇතිවිය හැක. එහෙයින් ඔබ මීට පෙර යම් ඖෂධයකට, ආහාරයකට ආසාත්මිකතා දක්වන්නකු නම් ඒ පිළිබඳ එන්නත ලබාගැනීමට පෙර ඒ පිළිබඳ දැනුවත් කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මතක තබාගත යුතුය.
ඒ වගේම ඒ අතුරු ආබාධ තත්ත්වයන් බහුලව දැකිය හැක්කේ අවුරුදු 55ට අඩු තරුණ පිරිසටය. මෙම එන්නතින් වැඩිහිටියන්ට අතුරු ආබාධ තත්ත්වයන් ඉතාම අල්පව මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ.
කොහොම උනත් දෙවන මාත්‍රාව දීමෙන් පසු සංකූලතා ඉතාම අල්ප වේ. ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වී ඇති කරුණු අනුව බරපතළ සංකූලතා වාර්තාවී නැති තරම්ය.
මෙම එන්නත් ගැබිනි මව්වරුන්ට හා කිරි දෙන මව්වරුන්ට ලබාදිය හැකිද?
ගැබිනි හා කිරි දෙන මව්වරුන් සඳහා මෙම එන්නත ප්‍රමාණවත් තරම් අත්හදාබැලීම් කර නැති අතර එම නිසාම මෙවැනි මව්වරුන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත දැනට ලබාදීමක් සිදු නොවේ. කෙසේ වෙතත් මෙම එන්නත සමග ලබාදෙන වයිරසය ශරීරයේ විභජනය වීමක් සිදු නොවන බැවින් ඇතැම් අවදානම් මව්වරුන්ට පුද්ගලානුරූපීව සලකා බලා මෙම එන්නත ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ. ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට එන්නත ලබාදෙන්නේද නැද්ද, ලබා දෙන්නේ නම් කෙසේ ලබා දිය යුතුද යන්න සායනික මට්ටමෙන් දැනට පර්යේෂණ පැවැත්වේ.
එන්නත ලබාගැනීමෙන් සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 රෝගයෙන් මිදිය හැකිද?
මේ ඔබ මෙන්ම මා ද දෑස් දල්වා බලා සිටි ප්‍රශ්නාර්ථයකි. දැනට සනාථ කරගෙන ඇති කරුණු අනුව ඔක්ස්ෆර්ඩ් (ChAdOx1) එන්නතෙහි කාර්යක්ෂමතාව සියයට 70කි. එම නිසා එන්නත් ලබා ගත්තද ඉතාම සුළු පිරිසකට නැවත රෝගය වැළඳීමේ සම්භාවිතාවක් තිබිය හැක. කෙසේ නමුත් මෙම එන්නත ලබාගත් කිසිවකුට බරපතළ රෝග ලක්ෂණ හෝ රෝගය උත්සන්න වීමෙන් මරණයට පත්වීම වැනි තත්ත්වයට පත්වීමක් ඇති නොවේ. එහෙයින් එන්නත ලබාගැනීම ඉතාම වැදගත් හා අත්‍යවශ්‍යම කරුණක් වේ.
එන්නත ලබාගත්තද සෞඛ්‍ය පුරුදු අත්නොහරින්න
එන්නත මගින් වයිරසය මුළුමනින්ම මැඩපවත්වා ගැනීමක් සිදුකර දෙයි සිතා, කලින් අනුගමනය කළ ශ්වසන ආචාරධර්මයන්ගෙන් ඈත්වීම කිසිවිටෙකත් නොකළ යුතුය. විශේෂයෙන්ම එන්නත ලබා ගත්තද පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, මුඛ ආවරණ පැළඳීම, දෑත් නිරතුරුවම පිරිසිදුව තබාගැනීම වැනි සෞඛ්‍ය පුරුදු නිරතුරුවම අනුගමනය කිරීම ඉතාම වැදගත්ය. එවැනි පුද්ගලයකු වාහකයකු විය හැකිය.
එන්නත ලබාගත් පිරිසෙන් වයිරසය පැතිරීම වළක්වාගත හැකිද?
එන්නත මගින් SARS Cov2 වයිරසය වැළඳීම බොහෝ දුරට පාලනය කරගත හැකි වුවද රෝගය අන් අයට පැතිරීම වළක්වා ගත හැකි යැයි පර්යේෂණ මගින් ඔප්පු කර නැත. එහෙයින් යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගැනීම නිරතුරුවම කළ යුතුවේ.
නව වයිරස් ප්‍රභේදය සඳහා එන්නතෙහි ප්‍රතික්‍රියාව කෙබඳු වේද?
දැනට සොයාගෙන ඇති දත්තවලට අනුව ලොව පුරා රටවල පැතිර යන නව කොරෝනා වයිරස් ප්‍රභේදය ඉතා ඉක්මනින් මර්දනය කිරීමේ හැකියාවක් එන්නත් මගින් ලැබෙන බව හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම එංගලන්තයෙන් සොයා ගන්නා ලද B.1.1.7 ප්‍රභේදය එන්නත් මගින් සාර්ථකව මර්දනය කළ හැකි බව හඳුනාගෙන ඇත. නමුත් දකුණු අප්‍රිකාවේ පැතිරෙන B484K ප්‍රභේදය බොහෝ එන්නත් මගින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බව සොයාගෙන ඇති අතර මේ එන්නත ගැන විස්තර විස්තර වෛද්‍ය බෝදිනී සමරතුංග ලංකාදීප පුවත්පතේ සාකච්ඡාවකදී පළ කල අදහස් වලින් ලබා ගත්තා.
කොහොම උනත් WHO සෞඛ්‍ය සංවිධානයට අනුව දැනට බෙදාහැර ඇති එන්නත් ප්‍රමාණය මිලියන 40ක් විතර වෙන අතර ඉන් සියයට 90කට වඩා බව බෙදා දී ඇත්තේ ලොව බලවත්ම ධනවත් රටවල් දහයක් අතරයි.
ඉතින් එවැනි අසාධාරණ ගෝලීය තත්ත්වයක් මත ලංකාවේ අපට ලැබුණු මෙම අවස්ථාවත් සමග සෞඛ්‍ය පුරුදු නිරතුරුවම ආරක්ෂා කරගනිමින් එන්නත් ලබාගැනීමෙන් කොවිඩ්-19 රෝගය මෙරටින් තුරන් කිරීමේ සිහිනය වැඩි ඈතක නොවන බවට සුභ ලකුණු මතුව ඇති බවයි මගේ අදහස. මේ නිසා ඔය වගේ ඉතාමත් පසුගාමී ඍණාත්මක pessimistic අදහස් අතඇරල දාලා අද ඉඳලා වත් ධනාත්මක සිතුවිලි ඇති කරගන්න එතකොට ඔබතුමා ගෙවන ඔය අන්ත දුක්ඛිත ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වෙයි.
තව Motivational quotes සහ Dale Carnage, Napoleon Hill, Dan Lok වගේ අය ලියලා තියෙනවා හොඳින් මේ ගැන Think & Grow Rich වගේ දේවල් බලන්න පුළුවන් නම් හොඳයි.
හොඳ ලිපියක් එකොන්. වැඩ අධික කම නිසා ඉතා ඉක්මනින් කියෙව්වා. පසුව හොඳින් කියවන්න හිතේ තබාගෙන.
ReplyDelete//මා මෙහිදී සමාජවාදී රටවල් සේ හඳුන්වන්නේ පැරණි සෝවියට් දේශය, චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ පොදුවේ සමාජවාදී රටවල් සේ සැලකෙන රටවල් මිසක් කවදාවත් ලෝකයේ තිබී නැති සමාජවාදී රටවල් නෙමෙයි. සමහර අයට අනුව මේ රටවල් වල තිබී ඇත්තේ හෝ තිබෙන්නේ රාජ්‍ය ධනවාදයක් මිසක් සමාජවාදයක් නෙමෙයි. ඔය වචන වැදගත් නැහැ. // මේ වචන ඉතා වැදගත්. utopian socialism හෙවත් මනෝරාජික සමාජවාදීන් ගේ පැත්ත එකොන් වැඩිය හොයල තිබුනේ නැති නිසා එහෙම හිතෙනවා ඇති. රාජ්‍ය ධනවාදය කියන වචනය හදිසියේ ආපු එකක් නෙමෙයි. දශක තුන හතරක් තිස්සේ සංසරණය වන දෙයක්. ඔය ඔබ කියන //අපි හිතමු මෙසේ නැවත ආයෝජනය කරන කොටස λ කියා. දැන් ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස බෙදා දෙන්න වෙන්නේ (1-λ)Y කියන කොටස පමණයි. මේ λ කොපමණද කියන එක තීරණය කරන්නේ මධ්‍යගත සැලසුම් හදන අයයි.// මධ්‍යගත සැලසුම් හදන අය තම /සෝවියට්/ කොමියුනිස්ට් පක්ෂ රාජ්‍ය යාන්ත්‍රණය. සෝවියට් නිෂ්පාදන වල ලාභයක් තිබුනේ නැහැ කියන්න බෑනේ. ඔවුන් ඒ ලාභය ශ්‍රමිකයට දුන්නෙත් නැහැනේ. රාජ්‍ය ධනවාදය කියන වචනය කොයින් වුනේ තරමක් සරල විධිහට එහෙම. වෙනස් වුනේ ධනවාදී රටක තිබෙන තරඟය නැති කරල දැම්මම භාණ්ඩ වල තත්වය බාල වීම.
ReplyDeleteවචනය අලුත්ද පරණ කියන ප්‍රශ්නය නෙමෙයි තියෙන්නේ. ධනවාදයේ ප්‍රතිවිරුද්ධ අන්තය වන මධ්‍යගත සැලසුම් ක්‍රමයකට "රාජ්‍ය ධනවාදය" කියා කියූ විට එය ධනවාදයේම තවත් ආකාරයක් කියන වැරදි අදහස මතු වීමයි ප්‍රශ්නය.
Delete//පොදුවේ මාක්ස්වාදය තුළ කොමියුනිස්ට්වාදයට පෙර එන සමාජවාදය ලෙස හැඳින්වුණේ ඔය රටවල් වල තිබුණු හෝ තිබෙන මධ්‍යගත සැලසුම් ක්‍රමය.// මාක්ස්වාදයේ හෙම කියල තියෙන්නේ කොහෙද කියල පෙන්වන්න? මධ්‍යගත සැලසුම් ක්‍රමය ගෙනාවේ ලෙනින්. මාක්ස් නිර්ධන් පන්ති ආඥා දායකත්වයක් ගැන කීවට එතරම් දුරට ගියේ නැහැ. ලෙනින් වාදය හා ඊට පසුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ න්‍යායාචාර්ය වරුන්ගේ අදහස තමා කොමියුනිස්ට් වාදයට කෙලින්ම යන්න බැරි බවත් අතර මැදි සමාජවාදය ගොඩ නැගීමක් තිබෙන බවත් කීවේ. බ්රෙශ්නෙව් ගේ කාලේ වැඩිපුරම තැනක් දුන්නේ ඔය අදහසට. ඉතින් අතරමැදින් සමාජවාදයක් ගොඩ නගන්නේ නැතිව ධනවාදයට වඩා දියුණු වෙන්න දුන්නම ඉවරයිනේ. ඒ තියරිය තමා මහජන චීනය භාවිතා කරන්නේ. නිර්ධන පන්ති ආඥාදායකත්වය හෙවත් චීන කොමියුනිස්ට් ලොක්කන්ගේ පාලනය මත පුර්ණ ධනවාදයක් ගොඩ නැගීම හා ඉන් කොමියුනිස්ට්වාදයට යාම. චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලන වාර්තා බැලුවොත් ඕක තේරෙයි. ඉතින් මාක්ස් සහ ලෙනින් utopian socialist ලව විවේචනය කලත් අන්තිමට utopian socialist ල කීව තැනටම තමයි ඇවිත් තියෙන්නේ.
ReplyDelete//මාක්ස්වාදයේ හෙම කියල තියෙන්නේ කොහෙද කියල පෙන්වන්න?//
Delete“Between capitalist and communist society there lies the period of the revolutionary transformation of the one into the other. Corresponding to this is also a political transition period in which the state can be nothing but the revolutionary dictatorship of the proletariat.”
- Critique of the Gotha Programme by Karl Marx, 1875.
“The proletariat will use its political supremacy, to wrest, by degrees, all capital from the bourgeoisie, to centralise all instruments of production in the hands of the State.”
“These measures will of course be different in different countries. Nevertheless in most advanced countries, the following will be pretty generally applicable.
1. Abolition of property in land and application of all rents of land to public purposes.
2. A heavy progressive or graduated income tax.
3. Abolition of all rights of inheritance.
4. Confiscation of the property of all emigrants and rebels.
5. Centralization of credit in the hands of the State, by means of a national bank with State capital and an exclusive monopoly.
6. Centralisation of the means of communication and transport in the hands of the State.
7. Extension of factories and instruments of production owned by the State: the bringing into cultivation of waste lands, and the improvement of the soil generally in accordance with a common plan.
8. Equal obligation of all to labour. Establishment of industrial armies, especially for agriculture.
9. Combination of agriculture with manufacturing industries: gradual abolition of all the distinction between town and country, by a more equable distribution of the population over the country.
10. Free education for all children in public schools. Abolition of children’s factory labour in its present form. Combination of education with industrial production, &c., &c.”
- Communist Manifesto by Karl Marx and Frederick Engels, 1848.
He called this as the two phases of Communism. He never used the word Socialism to it. Because both Marx and Engels were against the Utopian Socialists. hence the Critique of Goethe program by the German Social Democratic party. The term "Socialism" was used by the Soviet Communist Party first.
DeleteCheck here: //Vulgar socialism (and from it in turn a section of the democrats) has taken over from the bourgeois economists the consideration and treatment of distribution as independent of the mode of production and hence the presentation of socialism as turning principally on distribution. After the real relation has long been made clear, why retrogress again?//
Deletehttps://www.marxists.org/archive/marx/works/1875/gotha/ch01.htm
මාක්ස් සමාජවාදය කියන වචනය භාවිතා කරන්නවත් කැමති වුනේ නැහැ.
Delete//“The proletariat will use its political supremacy, to wrest, by degrees, all capital from the bourgeoisie, to centralise all instruments of production in the hands of the State.”// දැන් මේකට රාජ්‍ය ධනවාදය කියල කියන්න බැරිද? සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය හා ප්‍රාග්ධනය රජය සතු වෙනකොට
ඉහත ප්‍රතිචාර දෙකින් මම ඇත්තටම ඔබට කියන්න හැදුවේ මාක්ස්වාදී හා සමාජවාදී පක්ෂ හා න්‍යාය ගැන කතා කරන කොට ඔවුන් වචන ගැන ඉතා සැලකිලිමත් වෙන වග. වචන නිසාම ඇමිබවා වගේ පක්ෂ වලට කැඩී යනවා. ඔබේ සමස්ත ලිපියට නොව කිසියම් දෙයක් හැඳින්වීමට යොදන වචන සමාජවාදීන්ට හා මාක්ස්වාදීන්ට, ලෙනින්වාදින්ට හුඟක් වැදගත් බව කියන්න.
Delete//He called this as the two phases of Communism.// Agree.
Delete//දැන් මේකට රාජ්‍ය ධනවාදය කියල කියන්න බැරිද? සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය හා ප්‍රාග්ධනය රජය සතු වෙනකොට//
Deleteකිසිසේත්ම බැහැ. ඒක කළු වලට සුදු කියනවා වගේ. පළමුව ධනවාදය රජය සම්පත් පාලනය කිරීමට සම්පූර්ණයෙන් එරෙහි, හැකි තරම් කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින මතවාදයක්. ඇමරිකානු රජය ගත්තත් ලෝකයේ කුඩාම රජයක් (රටේ ආර්ථිකයට සාපේක්ෂව හා කරන කාර්යයයන් අනුව). රජය මුල් වූ සෞඛ්‍ය සේවයක් හෝ නැත්තේ ඒ නිසා. අධ්‍යාපනය හා අභ්‍යන්තර ආරක්ෂාව පවා ඒ ඒ කවුන්ටි වල මිනිස්සුන්ගේ කැමැත්ත අනුව සිදුවන දෙයක්. ලෝකයේම අනෙක් හැම රටකම ධනවාදය නැති නිසා විදේශ ගිවිසුම් හා ජාතික ආරක්ෂාව සම්බන්ධ කටයුතු වලට ෆෙඩරල් රජය අවශ්‍ය වෙනවා. කොමියුනිස්ට් ප්‍රකාශනයේ යෝජනා කරන්නේ තනිකරම එහි අනෙක් පැත්ත. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය හා ප්‍රාග්ධනයම රජය අතේ. තනිකරම ධනවාදයේ ප්‍රතිවිරුද්ධ පැත්ත.
දෙවනුව රජය පැත්තකින් තිබ්බත් ධනවාදය පෙනී සිටින්නේ ප්‍රාග්ධනයේ ඒකාධිකාරයට එරෙහිව තරඟකාරීත්වය වෙනුවෙන්. ඇමරිකාවේ ඒකාධිකාර නීතියෙන්ම තහනම්. පොඩ්ඩක් හෝ ඒකාධිකාර හදන පැත්තට ගිය වහාම නඩු වැටෙනවා. ගත්ත ලාභ පාරිභෝගිකයන්ට ආපසු බෙදන්න වෙනවා. ඒකාධිකාරයක් කියන්නේ ධනවාදයේ ටැබූ එකක්. දැන් මෙතැන කොමියුනිස්ට් ප්‍රකාශනයේ තියෙන්නේ නිල වශයෙන්ම ඒකාධිකාරයක් වෙනුවෙන් පෙනී සිටීමක්. නැවතත් ධනවාදයේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒකාධිකාරයක් කියන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් අතිරික්තය කැමති තරමක් බලහත්කාරයෙන් ලබාගත හැකි ක්‍රමයක්. සමාජවාදය වැඩවසම් යුගයට ආපසු යාමක් කියා ධනවාදීන් කියන්නේ ඒ නිසයි. ධනවාදය තුල ප්‍රාග්ධනය වෙනුවෙන් එහි දායකත්වය නිසාම හැදෙන දෙය හැර වෙනත් අමතර ලාභ ලබා ගන්න බැහැ. zero economic profit condition කියන්නේ ඒකයි. සමාජවාදය තුළ කැමති තරමක් ගන්න පුළුවන්. සූරාකෑම කියන එක සමාජවාදයේ ප්‍රශ්නයක් මිසක් ධනවාදයේ ප්‍රශ්නයක් නොවන්නේ ඒ නිසයි.
//වචන නිසාම ඇමිබවා වගේ පක්ෂ වලට කැඩී යනවා. ඔබේ සමස්ත ලිපියට නොව කිසියම් දෙයක් හැඳින්වීමට යොදන වචන සමාජවාදීන්ට හා මාක්ස්වාදීන්ට, ලෙනින්වාදින්ට හුඟක් වැදගත් බව කියන්න.//
Deleteඔය කණ්ඩායම් බෙදී තිබීමේ හේතුව නිසාම මොන වචනය යෙදුවත් කවුරු හෝ පිරිසක් ඒ ගැන එකඟ නොවෙන්න ඉඩ තිබෙනවා. (අසාර්ථක දෙයකට ධනවාදය කිවුවොත් විතරක් බොහෝ දෙනෙක් එකඟ වෙයි.) මාක්ස්/එංගල්ස් අනුව යමින් චීනයේ, කියුබාවේ, සෝවියට් දේශයේ ක්‍රමය කොමියුනිස්ට් ක්‍රමයේ මුල් අදියර කියා කිවුවොත් "නෑ. මෙය එහෙම එකක් නෙමෙයි. කොමියුනිස්ට් ක්‍රමයක් තවම ඇවිත් නෑ!" කියලා ඔය හැමෝම වගේ කියයි. සමාජවාදය කියා කිවුවහම සාපේක්ෂව ප්‍රශ්න අඩුයි කියා මම හිතනවා. අඩු වශයෙන් කොමියුනිස්ට් ක්‍රමය කියන වචනයට එකඟ නොවෙන යම් පිරිසකට හෝ එකඟ වෙන්න පුළුවන් වෙයි.
මේක අජිත්ට පෞද්ගලික ප්‍රශ්නයක්. දැන් ඔය මාක්ස් ඇතුළු "විද්‍යාත්මක සමාජවාදීන්" මනෝරාජික සමාජවාදය ප්‍රතික්ෂේප කිරීම පිටුපස ප්‍රායෝගික හේතු වලට වඩා තියෙන්නේ දාර්ශනික ස්ථාවරයේ වෙනසක්නේ. විද්‍යාත්මක සමාජවාදය පදනම් වෙන්නේ ද්‍රව්‍යවාදය මත හා පරම සත්‍යයක් තිබෙනවා කියන දාර්ශනික අදහස මත. ඒ අනුව, විද්‍යාත්මක සමාජවාදීන්ට අනුව ඔවුන් කරන්නේ කොහොමටත් සිදුවන ක්‍රියාවලියක් තේරුම් ගෙන විස්තර කිරීම. නමුත්, මනෝරාජික සමාජවාදය පොදුවේ ගත්තහම (අජිත්ගේ ගුරුකුලය මම හරියටම දන්නේ නැහැ) මිනිස්සුන්ට තිබිය හැකි වෙනස් අදහස් සමූහයක් අතරින් තවත් එක් අදහසක් පමණයි. අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද? අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?
Delete// විද්‍යාත්මක සමාජවාදය පදනම් වෙන්නේ ද්‍රව්‍යවාදය මත හා පරම සත්‍යයක් තිබෙනවා කියන දාර්ශනික අදහස මත. //ඔබ කියන්නේ එංගල්ස් ගේ ඇන්ටි ධුරින්ග් ලිපි හා ඓතිහාසික භෞතිකවාදය ගැන. සයන්ටිෆික් කොමියුනිස්ම් වලදී ඕක තමා අපට ඉගැන්වූයේ. අලුතින් ආපු භෞතික විද්‍යා දැනුමත් එක්ක එංගල්ස් ගේ විවරණය දැන් outdated. විශ්වය හේගලියානු අර්ථයෙන්ම (මේ මම කලින් ලියපු එකක කොටසක් මේ: මෙහි එක ක්‍රියාවලියකදී (මුලික) ප්‍රෝටෝනයක් හා න්යුට්‍රෝනයක් ගැටී ඩියුටිරියම් මුලිකනුවක් හා ශක්තිය (ගැමා ) ෆෝටෝන වශයෙන් නිපද වෙනවා. ඩියුටිරියම් හා ඩියුටිරියම් ගැටී හීලියම් හැදෙනවා. හයිඩ්රොජන් හා හීලියම් ගැටී ලිතියම් හැදෙනවා. මේ ක්‍රියාවලියම තාරකා අතුලේදීත් සිදුවෙනවා . හැබැයි හැදෙන්නේ වෙනත් මුල ද්‍රව්‍ය.) දයලේක්තික භෞතිකවාදයේ පදනම මෙය වුවත් හේගල්ගේ දයලේක්තික තර්කනය development through the stages of thesis, antithesis, and synthesis in accordance with the laws of dialectical materialism තමයි ඒ. නමුත් විශ්වය chaotic එකක්. ජෝර්ජ් ගැමොව් වගේ අය ඇමෙරිකාවට defect වුනෙත් එකයි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ old guard එකට අලුත් භෞතික විද්‍යා සොයා ගැනීම් දිරෙව්වෙ නැහැ. ක්වන්ටම් භෞතිකයේ දියුණුවට සෑහෙන බාධා කළා. (Freedman defect වුනා ඇමෙරිකාවට) එයා තමයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගණිතමය වශයෙන් ඔප්පු කලේ. ස්ටීවන් හෝකින්ස් ගේ කළු කුහර ගැන නියමත් සෝවියට් දේශය ප්‍රතික්ෂේප කළා. මාක්ස් ලා කලින් කියූ මාක්ස් ගේ ඒ විද්‍යාත්මක පැහැදිලි කිරීම සැහෙන දුරට බිඳෙනවා.මම නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකයත් එය විවේචනය කරලා මහේෂ් හපුගොඩ ලියු පොතටත් විවේචනයක් ලියන්න ඉන්නව. තවම වෙලාවක් නැහැ.
Delete// මිනිස්සුන්ට තිබිය හැකි වෙනස් අදහස් සමූහයක් අතරින් තවත් එක් අදහසක් පමණයි. අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද? අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?// එක අදහසක් කියන්නේ ඉතින් එක අවුරුදු ගනනක් තිස්සේ 1700 ගණන් වල සිට ආ අදහස් ගොන්නක්. එක්කෙනක් කියල නැහැ. රොබට් ඔවෙන්, තෝමස් මෝර්, චාල්ස් ෆුරියේ, ක්‍රපොත්කින්, ප්ලෙහනොව් තරමක් දුරට, ටෝල්ස්ටෝයි , ඇලෙක්සැන්ඩර් දුබ්චෙක් වැනි අය තමා
Delete//අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද?// මේක ප්‍රතිචාරයකින් කියන්න අමාරු දෙයක්. නමුත් හුඟක් දුරට ඊශ්‍රායල් කිබුට් ක්‍රමයට සමාන ක්‍රමයක් මයික්‍රෝ ලෙවල් කොමියුනිටි ලෙවල් එකෙන්, මැක්‍රෝ ලෙවල් එකෙන් විශාල නිෂ්පාදන මාර්ග සියල්ල හා ප්‍රාග්ධනය අයිති සාමුහික අයිතියට. රජය පවතින්න පුළුවන් හමුදාව හා විදේශ ප්‍රතිපත්තිය සඳහා පමණක්. ඒත් මිනිසුන්ගේ චන්දයෙන් පත්වූ රජයක්. නමුත් සියලුම දියුණු රටවල් කොමියුනිස්ට් වෙනවා නම් එක හමුදාවක් සැහෙනවා. තව දුරට විශ්ලේෂණය කරන්න ඕනේ// අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?// එහම අය මනෝරාජික සමාජවාදීන්ට නැහැනේ. එක වාදයකට වැඳීම ප්‍රතික්ෂේප කරනවා නේ. එතකොට වෙන්නේ අන්ධ භක්තියෙන් ඒක හරිය කියල විශ්වාස කිරමක්. දැන් ඉන්න කට්ටිය අතරේ ජෙරෙමි කෝබින් මනෝරාජික සමාජවාදියෙක්. (එයා මාක්ස්වාදී කියල කොන්සවේටිව් අය කෑ ගැහුවට) එය සමාජවාදය හදන්න තමා චන්දෙ ඉල්ලුවේ. ස්ලවොයි ජිජැක් තරම් දුරට එහමයි. ගොඩක් සමාජවාදී/කොමියුනිස්ට් පක්ෂ මෑන් ට කැමති නැහැ. එර්නස්ටෝ ලක්ලාව් තව එක්කෙනෙක්.
Delete//දැන් ඉන්න කට්ටිය අතරේ ජෙරෙමි කෝබින් මනෝරාජික සමාජවාදියෙක්. (එයා මාක්ස්වාදී කියල කොන්සවේටිව් අය කෑ ගැහුවට) එය සමාජවාදය හදන්න තමා චන්දෙ ඉල්ලුවේ.//
Deleteමූලධාර්මික පදනමේ විශාල වෙනස්කම් තිබිය හැකි වුවත්, පෙනී සිටින්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ තිබෙන ඉහත ලැයිස්තුවේ ඇති කරුණු වෙනුවෙන්නම් ධනවාදියෙකුට සාපේක්ෂව මනෝරාජික සමාජවාදියෙක් හා මාක්ස්වාදියෙක් අතර ලොකු වෙනසක් නැහැ. ප්‍රචණ්ඩ විප්ලවයක භීෂණය නැති වීම හා ඉන්පසුව ප්‍රජාතන්ත්‍රවාදයක් තිබීම වැනි වෙනත් වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත්, ඉහත කරුණු වෙනුවෙන් පෙනී සිටිනවානම් වෙළඳපොළට ඉඩ නොදීම නිසා ඇතිවන සියලුම අකාර්යක්ෂමතා එලෙසම තියෙනවා.
නැහැනේ එකොන්. කොබින් හෙම කොමියුනිස්ට් ප්‍රකාශනය ගැන කතා කරලම නැහැ. කතා කරලා තියෙන්න සමාජවාදය ගැන. ඒකයි මම කීවේ මෙහෙ කතා අකරණ සමාජවාදය ටිකක් වෙනස් කියල. ප්‍රචණ්ඩ විප්ලවයක් කොහොමත් අනුමැත කරන්නේ නැති එක පැත්තක දමමු. දැන් මම ඔවුන්ගේ වද පිළිවෙල ගැන කතා කල සමුළුවකට ගිය ජෝන් මක්ඩොනල් හා කොබින් හිටිය. තෝරාගත් පිරිසකට එන්න කියල තිබ්බ වැඩ මුළුවක්. එතනදී කතා වුන දෙයින් උදාහරනයක් විධිහට දුම්රිය සේවය ගමු. ඔබ යුරෝපයට ඇවිත් තියනවා නම් යුරෝපයේ දුම්රිය සේවය කොපමන් කාර්යක්ෂමද කියල දන්නවා ඇති. ජර්මනියේ රජය සහ පෞද්ගලික දෙකම තියනවා. යුරෝ 30කට පවුලකට බැවේරියා වටේ යන්න පුළුවන්. මට ඉතාලියේ සිට ජර්මනිය, බෙල්ජියක් හරහා ලන්ඩන් එන්න පවුම් 115 පළමු පන්තියේ වැය වෙනකොට වෙලවට් එන්නැති දුම්රියෙන් දෙවන පන්තියේ සොකට්ලන්තයට් යන්න අවුම් 107-127 යනවා. අපේ පැත්තේ ග්‍රේටර් ඇන්ග්ලියා සර්විස් එක ඊට අන්තයි. වෙලාවට එනේ නැහැ. කැන්සල් කරනවා. පරණ දුම්රිය පෙට්ටි , සංවර්ධිත රටක් කියන්න ලැජ්ජයි. කොබින් කීව රජයට ගන්නවා කියල බලයට ආවොත්. ඒක කියල මාස 6ක් ගියතැන අර ෆැට් කැට් මැනේජර් ල ටික සල්ලි යොදන්න ගත්ත (ලාභය) දුම්රිය සේවයට. මුන් මිලියන් ගණන් බෝනස් ගත්තේ. දැන් යන්තම් ජරා වෙච්ඡ ස්ටේෂන් ටික හදල අලුත් පෙට්ටි දාල. කොබින්ගේ ඒ තර්ජනයට මම කැමතියි. මෙහෙ ගොදක්මිනිස්සුත් කැමැතියි. පැරදුනේ වෙන හේතු නිසා සහ හුඟක්ම කොබින් ගැන බොරු පලවෙච්ච නිසා.
Deleteකොබින්ලා කවදාවත් ස්වයං ආකාරයෙන් දියුණු වෙච්ඡ කම්පැනි ජනසතු කරනවා කියල නැහැ. දුම්රිය සේවය, තේම්ස් වෝටර් ජනසතු කරනවා කිවේ ඔවුන් ගේ අකාර්යක්ෂම පාලනය නිසා. එකට මම කැමැතියි. NHS එක පෞද්ගලික දෙකම තියනවට කැමැතියි. කොබින් ටැක්ස් නොගෙවා සල්ලි offshore බැංකුවල දානවට විරුද්ධයි. එහෙම නැතිව පෞද්ගලික ප්‍රාග්ධනය තියනවට විරුද්ධාවයක් ඔවුන්ගේ නැහැ. තව තියනවා . තේරුමක් නැහැ ලියල.
Deleteඇත්තටම මම කොබින්ගේ ප්‍රතිපත්ති ගැන වැඩි හැදෑරීමක් කරලා නැහැ. මම කියන්න අදහස් කළේ කොන්සවේටිව් අය හිතන පදනම මම ලියපු විදිහේ එකක් විය හැකි බවයි. එහෙම නොවෙන්න පුළුවන්.
Delete//ඉකොනොමැට්ටා EconomattaFebruary 22, 2021 at 7:03 PM// මේ පිළිතුර හොඳයි. මේකටම ම් තමා අපි ඔය අන්ත දක්ෂිනාංශය කියා කියන්නේ. ඔබ ඒ වදනට අකමැති වුනාට. රජයේ පාලනයන් මිදුණු ධනවාදය. ධනවාදී රටවල වුනත් ඒක සම්පුර්ණයෙන්ම එහෙම න්නේ. සමහර බැංකු වැටෙන කොට රජය මැදිහත් වෙනවා. පූර්ණ ධනවාදයක් නැහැ. සමාජවාදය තුල තිබෙන එම සූරාකෑම හයිලයිට් කරන්න තමයි එතන සියලු නිෂ්පාදන මාර්ග සහිත රජය යටතේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ධනවාදයක් යයි කිඅම. හැබැයි මෙයින් මාක්ස් ලෙනින් වාදය බිඳ වැටෙනවා. (ඔබ ඔය ලියල තියෙන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් නිර්ධන් පන්ති රජය. )
ReplyDelete//මම නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකයත් එය විවේචනය කරලා මහේෂ් හපුගොඩ ලියු පොතටත් විවේචනයක් ලියන්න ඉන්නව.//
Deleteපොතක්ද? බ්ලොග් එකේ කොටස් වශයෙන් ලිවුවනම් වැඩේ කෙරෙනවා.
එකොන් මේ වෙලාවට අන්තර්ජාලයේ ඉන්නවා නේද? නැහැ පොතක් නෙමේ. ඒ පොත් දෙක මට දුන්නේ දීප්ති (කියවල අදහසක් ලියන්න කියල) 2019 විතර. නමුත් ඒක එක ලිපියකින් ලියන්න බැරි නිසා කල් දැම්ම. පොත් දෙක නම් කියෙව්වා. බ්ලොග් එකේ ලියන එක තමයි කරන්න ඉන්නේ. ඊට කලින් පොඩි පසුබිම් ලිපි දෙකක් තියනව. ඒක ලියල තමා පටන් ගන්න වෙන්නේ.
Deleteකොහොමත් තව ටිකක් පරක්කු වෙනවා. හෝකින්ස් ගේ පොතක් තිබෙනවා ඉවර කරන්න. උද ප්‍රතිචාර වල සිංහල වචන හරි හැටි නොලියවීම ගැන කණගාටුයි. අදහස කලබලේ ලියන්න ගියහම වෙන දේ. ලියන දේ පෝස්ට් කරන්න කලින් කියවීමේ පුරුද්ද අඩුයි.
Deleteමම මහේෂ් හපුගොඩගේ පොත කියවල නැහැ. මගේ ලෝකයනම් එය ලියා පළ කළ දවස් වල සිටම මට සෑහෙන්න බලපෑමක් කරපු පොතක්. දැන්නම් මගේ ලෝකයේ ගොඩක් දේවල් අත ඇරලා කියලා එම කණ්ඩායමේ අයම කියන නිසා විචාර ලියන එකේ තේරුමක් තියෙනවද මන්දා.
Delete"මගේ ලෝකය " මම කියවල තිබ්බේ නැහැ. හැමෝම කතා කරන නිසාත් හපුගොඩ පිලිතුරක් ලිව්ව නිසාත් කියෙව්වා. ඊට කලින් පුබුදු ජයගොඩ ලිව්ව එකක් නම් කියෙව්වා. // මගේ ලෝකයනම් එය ලියා පළ කළ දවස් වල සිටම මට සෑහෙන්න බලපෑමක් කරපු පොතක්// එපමණ දෙයක් ලියල තිබුනද? මට හිතෙන්නේ දැනට කොහොමත් ලෝකයේ සාකච්ඡා කරන දේවල් ම තමා මහාචාර්ය තුමා ලියල තියෙන්නේ. අමුතුවෙන් යමක් නොවේ. නමුත් එහෙම පොතක් ලියපු එක අගය කරන්න ඕනේ. හපුගොඩ සහ ජාගොඩ ගේ විචාරත් අගය කරන්න ඕනේ. ඒ වගේ සංවාද තිබිය යුතු නිසා. සංස්කෘතික වශයෙන් සමාජයක් ප්‍රගමනයට පාත්‍ර වන්නේ ඒ නිසා නොවෙයිද? ඔහු ගේ තත්වය පහළ වැටුනේ නාථ දේව සංකල්පය උඩ දැමීම , නාමල් රාජපක්ෂට කොන්ද නමන්නට යාම වගේ දේ නිසා කියා මම හිතන්නේ. ඒවා නම් තමන් හිටි ගරු කටයුතු තැන අවතක්සේරු කරගත් නිසා කරගත්ත දේ.
Delete//එපමණ දෙයක් ලියල තිබුනද? මට හිතෙන්නේ දැනට කොහොමත් ලෝකයේ සාකච්ඡා කරන දේවල් ම තමා මහාචාර්ය තුමා ලියල තියෙන්නේ.//
Deleteලංකාවේ වෙනත් කිසිම පොතක් මගේ ලෝකය තරම් බලපෑමක් කරලා තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. අවුරුදු 35කට පස්සෙත් මගේ ලෝකය ගැන තවම වාද විවාද කරන එකෙන් පෙනෙන්නේ තවමත් එහි බලපෑමක් තිබෙන බවයි. දැන්නම් පසුගිය අවුරුදු 35 අමතක කරලා මගේ ලෝකය පහසුවෙන් විචාරය කරන්න පුළුවන්. එහෙත්, 1986දී ලංකාවේ තිබුණේ ද්‍රව්‍යවාදීන්ගේ දැනුම් ආධිපත්‍යයක්. ලෝකයේ වුනත් සෑහෙන තරමකින් එහෙමයි. ඒ වෙද්දී සෝවියට් දේශය කඩා වැටිලා තිබුණේ නැහැ. ජර්මනිය එකතු වෙලා තිබුණේ නැහැ. මගේ ලෝකයෙන් පස්සේ ලංකාවේ වගේම ලෝකයේත් ද්‍රව්‍යවාදී දැනුම් ආධිපත්‍යය ටිකෙන් ටික කඩා වැටුණා. මුලදී හෙමින්. පසුව වේගයෙන්. ලංකාවේදී මගේ ලෝකය මේ පරිවර්තනයට සෘජුව දායක වුනා. මම ඔය පසුකාලීනව ලියපු විචාරනම් කියවල නැහැ.
//නාථ දේව සංකල්පය උඩ දැමීම , නාමල් රාජපක්ෂට කොන්ද නමන්නට යාම වගේ දේ නිසා කියා මම හිතන්නේ. ඒවා නම් තමන් හිටි ගරු කටයුතු තැන අවතක්සේරු කරගත් නිසා කරගත්ත දේ.//
නාථ දේව සංකල්පය ගැන විචාරය කළ යුත්තේ නලින් ද සිල්වාගේ සමස්ත දෘෂ්ඨිවාදයේ කොටසක් ලෙස. නාමල් රාජපක්ෂට කොන්ද නමන්නට යාමනම් එක්තරා පක්ෂයක අය පොටෝෂොප් කරලා ප්‍රචාරය කරපු එකක්නේ.
//මහන එකාගේ පඩියෙන් ගන්න පුළුවන් ශෝට් තුනයි! ��
ReplyDelete..........................................................................
අද බුකියේ බැලු බැලු අත මේ ශෝට් එක තමයි පේන්න තියෙන්නෙ. අදාළ සමාගමේ ඔරිජිනල් පෝස්ටෙකට ගිහින් කමෙන්ට්ස් බැලුවා. දාස් ගාණක් කමෙන්‍ට්ස්. (ඔයාලත් ගිහින් බලන්න.)
මේක දැක්කම මට හිතෙන දේ වගේම, "රු. 11 100 කට ශෝටක් විකුණන්න තොපිට පිස්සුද යකුනේ?" කියල අහන අපේ තාරුණ්‍යය දැක්කම මේකෙ දේශපාලන යතාර්ථය පොඩ්ඩක් ලියන්න හිතුනා.
මේ Tommy hilfighter කියන්නෙ ගෝලීය වශයෙන් නම් දරාපු සන්නාමයක්.( brand එකක්) ඇත්තටම බැලුවොත් ගෝලීය වශයෙන් මේකෙ මිල මේ ගණන් තමයි. ගාණ හදලා බලන්න.
11 100/193= 57.5 $ �� (ඇමරිකානු ඩොලර් 57.5)
එහෙම බැලුවම මට තේරෙන විදියට නම් ඒක ඒ රටවලට අදාළව, සන්නාමයේ ජනප්‍රියතාවයත් එක්ක සැළකුවම මහා ලොකු, දරාගන්න බැරි මිලක් නෙමේ. ඒක වෙනම කතාවක්.
අපි හිතන්න ඕන ප්‍රධාන දේ ඒක නෙමේ. Tommy hilfigter වගේම adidas, nike, victorias secret වගේ ලෝකයේ ජනප්‍රියම සන්නාම සහිත ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නෙ ඒවායෙ විකුණුම් මිල විහිළුවක් වෙච්ච බහුතර තාරුණ්‍යයක් සිටින අපේ වගේ රටවල.
1980 - 90 දශකවල ඒ කර්මාන්තශාල සියල්ලම වගේ ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවලට ගෙනාවා. ඒකෙ අරමුණත් සමාගමේ උපරිම ලාභය. බටහිර රටවල ඔවුන්ගේ පුරවැසියන්ට ඇති සුරක්ෂිත කම්කරු නීතී ආදිය නිසා ඒ රටවල් වලින් අයින් කරලා අපේ වගේ රටවල මේවා නිෂ්පාදනය කිරීමෙන් සමාගම් ගිනිගහන ලාභයක් හොයනවා.
නිකමට හිතන්න. අපේ ගාමන්ට් ෆැක්ටරියක මේවා මහන කෙල්ලෙකුගෙ වැටුප කීයද? මම ජීවත්වෙන්නෙ අවිසාවේල්ලෙ. මෙහෙත් තියෙනවා ඊනියා "නිදහස් වෙළඳ කලාපයක්". කොච්චර නිදහස්ද කියනවනන් ඒ කර්මාන්තශාලා ඇතුළෙන් කොරෝනා රෝගීන් එකා පිට එකා වාර්තා වෙද්දි, ඒ අයව රෝහලට යවලා ළඟ හිටිය අය වැඩ කරන්න ඕනෙ. PCR පරීක්ෂණ කරලා රිපෝට් එනකනුත් වැඩ. ආයෙ දවස් කීපෙකින් ඒ ළඟ හිටිය අය කොරෝනා වැළඳිලා එනවා.
කිසිම සුරක්ෂිතතාවයක් නැතිව, එක ඕඩරයක්වත් පමා කරලා/අතෑරගෙන සතයක්වත් පාඩු ගන්න මේව අයිති "මිලියනර්ස්"ලා ආස නැති නිසා එයාල රු. 33000 ට අඩු මාසික වැටුපකට සියළු අවධානම් අරගෙන වැඩ. (ඒ ගාණ එන්නෙ පැමිණීමෙ දීමනා ඔක්කොම ඇතුළත්ව. ඒ කියන්නෙ දවස් 27 ක් වත් වැඩට ආවොත් විතරයි. ��)
අද හවස මේ ප්‍රදේශය කෝවිඩ් ව්‍යාප්තිය වැඩි නිසා ලොක්ඩවුන් කළා. ඒත් කලින් ලොක්ඩවුන් වලදි වගේම බොහෝ දුරට හෙටත් ඒ තරුණ කම්කරුවෝ කොවිඩ් හදාගනිමින් සහ ව්‍යාප්ත කරමින් මේ "නිදහස් වෙළඳ කලාපය" ඇතුළෙ වැඩ කරයි. ��
බංග්ලාදේශය, ඉන්දුනීසියාව වගේ රටවල ඇඟලුම් සේවකයන්ගෙ තත්වය මීටත් වඩා ශෝචනීයයි.
ඒ අනුව මුළු මාසයෙම සියළු අවධානම් අරගෙන වැඩ කළත් ඒව නිර්මාණය කරන කම්කරුවෙකුට මුළු වැටුපෙන්ම ගන්න පුළුවන් මෙන්න මේ ශෝට් තුනයි!
නිකමට හොයල බලන්න එක පැයකදි, කීපදෙනෙක් ඉන්න "ලයින්" එකකින් මේ වගේ ඇඳුම් කී සීයක් එලියට දානවද කියලා. ඒවගෙ සියළු පිරිවැය අයින් කරලා විකුණුම් මිලත් එක්ක සංසන්දනය කළාම සමාගමේ ලාභය මොනතරම්ද කියලා!
මීට අවුරුදු 10 කට විතර කලින් වෘත්තීය සමිතියකින් රිසර්ච් එකක් කරලා තිබුනා. ඒක අනුව ඔක්කොම ගණන් හදලා බැලුවම ඇඟලුම් සේවිකාවක් තමන්ට දිනකට ලැබෙන වැටුපට සමාන ලාභයක් විනාඩි 25 ක් වැඩ කළාම හොයල ඉවරයි. ඉතිරි පැය 7 යි විනාඩි 35 ම සමාගමේ ලාභය.
(ඒ ගාණ හැදුවෙ ඉඩම්, ගොඩනැඟිලි, අමුද්‍රවය ඇතුළු සියලු පිරිවැය සලකලා සහ ඔවුන් වැඩකරන්නෙ දවසට පැය 8 යි ලෙස සලකලා. ��)
ඔන්න ඕකයි තත්වෙ. නින්දිත සූරා කෑමක්!
ඕක තමයි ධනවාදය! ඊට සමාන්තරව තමයි අපේ වගේ රටවල අනෙක් බොහෝ දෙනාගෙත් වැටුප් තල නිර්මාණය වෙන්නෙ.
අන්න ඒ නිසා තමයි ඒ ශෝට් එක අපිට විහිළුවක් වගේ පේන්නෙ. ඒ වගේම අපි එහෙම හිතන එක ලංකාවෙ තවත් සුළු පිරිසකට විහිළුවක් වගේ පේන්නෙ! ��//
මේක උපුටාගත්තේ අන්තරේ හිටපු කැදවුම්කරුවකු වූ නජිත් ඉන්දිකගේ සටහනකින්.