වෙබ් ලිපිනය:

Friday, June 12, 2020

කොරෝනා කොයිබටද?


මා කොරෝනා වෛරසය ගැන මෙහි ලියන්නේ ජනවාරි මාසයේ සිටයි. ඒ වෙද්දී මේ රෝගය කෝවිඩ්-19 ලෙස නම් කර තිබුණේ නැහැ. ආසාදිතයින් ප්‍රමාණය 7,815ක් වන විට මරණ සිදු වී තිබුණේ 170ක් පමණයි. එය 2.2%ක මරණ අනුපාතයක්. මේ අඩු මරණ අනුපාතය නිසා ඒ දවස් වල බොහෝ දෙනෙක් රෝගය බරපතල ලෙස සැලකුවේ නැහැ. ජනවාරි 30 දින මා මෙසේ ලිවුවා.

"අසල්වැසි ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන්ද නව කොරෝනා රෝගීන් හමු වීමත් සමඟ මේ වන විට චීනයෙන් පිටත රටවල් හා ප්‍රදේශ 20ක් කරා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා."

"මෙය භයානක වන්නේ මරණ අනුපාතිකය නිසා නෙමෙයි. වෛරසය ව්‍යාප්ත වන වේගය නිසයි.". 

මුල් කාලයේදී චීනයේ වෛරසය පැතිරෙද්දී බොහෝ අය චෝදනා කළේ ඇමරිකාවටයි. මෙය චීනයට එරෙහිව ඇමරිකානු මාධ්‍ය මගින් මවන බොරු බියක් බව ප්‍රචාරය වුනා. නිල වශයෙන් චීනයත් එසේ කිවුවා. එය එසේ නොවන බව පෙන්වා දෙමින් රෝගයේ භයානකකම ගැන මා පෙබරවාරි 6 දින අවධාරණය කළේ මෙලෙසයි.

"කොරෝනා භීෂණය මාධ්‍ය මගින් හදපු එකක් කියා ඇතැම් අය කිවුවත් එය නිවැරදි නැහැ. එය සැබෑ ප්‍රශ්නයක්. නව කොරෝනා වෛරසය වැළඳුනු අයගෙන් මිය යන්නේ 2%කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණක් බව ඇත්ත. නමුත්, කොරෝනා වෛරසය භයානක වන්නේ මරණ අනුපාතය නිසා නෙමෙයි. පැතිරෙන වේගය නිසයි.

රෝගය පැතිරීම වලක්වන්න චීනය කොයි තරම් උත්සාහ කළත් තවමත් දවසෙන් දවසම තත්ත්වය දරුණු වෙන එකයි වෙන්නේ. සෑම දවසකම පෙර දවසේ මැරුණු ගණනට වඩා වැඩි ගණනක් මිය යනවා. නිල සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මිය ගොස් ඇති ගණන 638ක්. වෛරසය වැළඳුනු ගණන 31,481ක්."

ඉන් පසුව, චීනයෙන් පිටත දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල වෛරසය පැතිරෙන්න පටන් ගත්තා. පෙබරවාරි 24 දින මා මෙසේ ලිවුවා.

"මේ වන විට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 79,731 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 2,627 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ ආසාදිතයින් අතරින් 97%ක් හමු වී තිබෙන්නේත්, මරණ වලින් 99%ක් පමණම සිදුව තිබෙන්නේත් චීනයේ. ඒ අනුව, මෙතෙක් කෝවිඩ්-19 වෛරසය බොහෝ දුරට චීනයට සීමා වෙලයි තිබුණේ.

මේ වෙද්දී ඉහත තත්ත්වය වෙනස් වී තිබෙන බවත්,  චීනයේ වෛරස් බිය ක්‍රමයෙන් තුනී වෙද්දී චීනයෙන් පිටත වේගයෙන් වෛරසය පැතිරෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා. එසේ කෝවිඩ්-19 වේගයෙන් පැතිරෙන ප්‍රධාන රටවල් තුනක් වන්නේ එකිනෙකට ආසන්නව නොපිහිටි දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයයි."


මාර්තු මැද වන විට කොරෝනා යුරෝපයේ ප්‍රශ්නයක් වී තිබුණා. ඒ වන විටත් ඇමරිකාවේ වෛරසය එතරම් දුරට පැතිරී තිබුණේ නැහැ. මේ මාර්තු 14 වන විට පැවති තත්ත්වයයි.

"මේ වන විට කොරෝනා චීනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැනට ජීවත්ව සිටින හැත්තෑ දහසකට අධික සුව නොවූ කොරෝනා රෝගීන්ගෙන් පනස් අට දහසක්ම ඉන්නේ චීනයෙන් පිටතයි. එයින් රෝගීන් තිස් දහසක් සිටින්නේ දෙවන වටයේදී රෝගය ව්‍යාප්ත වූ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රට වල වුවත්, ඉතිරි විසි අට දහස සිටින්නේ ලෝකය පුරාම අනෙකුත් රටවලයි."

"ආසාදිතයින් ප්‍රමාණය අනුව බැලුවොත් ඇමරිකාව සිටින්නේ අටවන තැනයි. එහෙත්, ජනගහණයේ අනුපාතයක් ලෙස ඇමරිකාවේ කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය තවමත් මිලියනයකට 7.1ක් පමණයි. 

ඇමරිකාවේ දැනට පවතින තත්ත්වය මෙසේ වුවත්, ඉදිරි සති කිහිපය ඇතුළත කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බව පෙනෙන්නට තිබෙනවා."


ඉන් පසුව ඇමරිකාව ක්‍රමයෙන් කොරෝනා ලැයිස්තුවේ උඩට ආවා. මාර්තු 26 දින මා ලිවුවේ මෙලෙසයි.

"මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

චීනය - 81,667
ඉතාලිය - 74,386
ඇමරිකා එක්සත් ජනපදය - 68,572

හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි."



මේ වෙද්දී ඇමරිකාවේ ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය මිලියන දෙක ඉක්මවා ඇති බවත් මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ඇති බවත් (116,000) කවුරුත් දන්නා දෙයක්. චීනයෙන් පසුව කොරෝනා ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයක් වුනේ ඇමරිකාවට හා යුරෝපයට.


කොරෝනා රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය යන රටවල ප්‍රශ්නයක් වන බව මා කිවුවේ දැනට මාස දෙකකටත් පෙරයි. ඒ අප්‍රේල් 10 වෙනිදා. ඒ වන විට එම රටවල් හිටියේ ලැයිස්තුවේ ගොඩක් පහළින්.

"කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි."

අප්‍රේල් 18 මා මේ කරුණ නැවත අවධාරණය කළා.

"මේ වෙද්දී වේගයෙන්ම කෝවිඩ්-19 පැතිරෙන ජනගහණය වැඩි රටවල් වන්නේ රුසියාව, බ්‍රසීලය හා ඉන්දියාවයි."

මැයි අවසානය වන විට මේ රටවල් අතරින් රුසියාව හා බ්‍රසීලය ලැයිස්තුවේ උඩට එන්න පටන් ගෙන තිබුණා. මේ මා මැයි 28 දින තැබූ සටහනයි.

"මා සති ගණනාවකට පෙර කියූ පරිදිම බ්‍රසීලය හා රුසියාව ලැයිස්තුවේ උඩට ඇවිත් තිබෙනවා. ඉදිරි මාසය තුළ ඉන්දියාවත් ක්‍රමයෙන් ලැයිස්තුවේ ඉහළට එයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ලංකාවටත් අමාරු දවස් පැමිණෙනු ඇත්තේ තව පහු වෙලා."

ඉන් පසුව, මා නැවත කොරෝනා ගැන ලියන්නේ අදයි. මේ වන විට ඇමරිකාවට පසුව කොරෝනා ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව හා ඉන්දියාවයි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය බ්‍රික් රටවල් ලෙසද හැඳින්වෙනවා. චීනයෙන් පටන් ගත් කොරෝනා මේ වෙද්දී ඉතිරි බ්‍රික් රටවල ප්‍රශ්නයක් වෙලා.

තවමත් ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඇමරිකාවට පසුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් සිටින බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා එක්සත් රාජධානිය යන රටවල් හතරේම එකතුවට වඩා වැඩියි. මරණ ගණන බැලුවත් එහෙමයි. ඇමරිකාවේ රෝගය පැතිරීම මන්දගාමී වී තිබුණත් තවමත් දවසකට රෝගීන් විසිදහසක්වත් අළුතෙන් හමු වෙනවා. ඒ නිසා, දැනට මතුපිටින් පෙනෙන්නට ඇති ආකාරයට රෝගීන් ප්‍රමාණය අනුව වෙන රටක තත්ත්වය ඇමරිකාවට වඩා දරුණු වීම දුරස්ථ කාරණයක්.

රුසියාවේ ආසාදිතයින් ලක්ෂ පහකට වඩා සිටියත්, ඒ ප්‍රමාණය හදුනාගෙන තිබෙන්නේ මිලියන 14ක පිරිසක් පරීක්ෂා කිරීමෙන් පසුවයි. එහෙත්, බ්‍රසීලයේ තත්ත්වය වෙනස්. ආසාදිතයින් ලක්ෂ අටක් හමු වී තිබෙන්නේ පරීක්ෂා කරනු ලැබූ මිලියන 1.36ක් අතරින්. ඉදිරි කාලයේදී පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යද්දී බ්‍රසීලයේ ආසාදිතයින් ප්‍රමාණය වේගයෙන් ඉහළ යයි. තව සති තුනකින් හෝ හතරකින් බ්‍රසීලය ලැයිස්තුවේ උඩට එන්න බැරිකමක් නැහැ.


දැනට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ප්‍රමාණය ඇමරිකාවේ ආසාදිතයින් ප්‍රමාණයෙන් 15%ක් පමණක් වුනත් ඉන්දියාව ඇමරිකාව මෙන් හතර ගුණයක ජනගහණයක් සිටින රටක්. යම් කාලයක් ගත විය හැකි වුවත් ඉන්දියාව අවසානයේදී ඇමරිකාව හා බ්‍රසීලය පහු කර ලැයිස්තුවේ උඩටම එන්න පුළුවන්. සමහර විට අගෝස්තු මාසය පමණ වෙද්දී විය හැකියි. රුසියාව පහු කරන්නනම් වැඩි කාලයක් ගත වන එකක් නැහැ.



ඉන්දියාවේ ආසාදිතයින් ඉහළ යාමට සමානුපාතිකව පකිස්ථානයේ හා බංග්ලාදේශයේත් ආසාදිතයින් ඉහළ යාමට ඉඩ ඇති බවයි පෙනෙන්නේ. ඉතා ඉක්මණින්ම, බොහෝ විට මේ මාසය අවසන් වන විට, කෝවිඩ් දකුණු ඇමරිකාවේ හා දකුණු ආසියාවේ ප්‍රශ්නයක් බවට පත් වෙයි.

10 comments:

  1. Based on Covid 19 related studies of Ind, Pak, BD & SL, the major four South Asian countries, the overall assessment is that Sri Lanka is by far the best performer. It is more difficult to rank the other three countries. If we use raw case counts and death rates (deaths per 100 confirmed cases), then India is the worst performer; if we use case counts and deaths per million population, then Bangladesh is the worst performer. In both cases, Pakistan falls in between.

    Sri Lanka was the best prepared in terms of infrastructure. It also was the most proactive in taking steps to contain the pandemic early on. The early and effective public health interventions by the government has managed to deal with the pandemic in an exemplary manner. One way to highlight this is to note that Sri Lanka has the lowest COVID-19 death rate, at around 1% of total cases (and 0.42 deaths per million population), despite having a relatively older population (while 10% of Sri Lanka’s population is over the age of 65, the corresponding proportion is only 4-5% in the other three countries).

    Bangladesh was the least prepared to deal with the pandemic in terms of infrastructure. The government did intervene early on, but its response in terms of testing, and the stimulus package has been poorest. Using case count and death rate data that is normalized by population size, Bangladesh has the worst performance among the four South Asian countries we have studied. A large part of the explanation must surely be that it is the poorest of the four countries.

    A common concern about Bangladesh and Sri Lanka relates to the size of their stimulus packages. The relatively small stimulus package, especially in Sri Lanka, might hamper the post-pandemic economic recovery.

    ReplyDelete
    Replies
    1. However, the performance of India and Pakistan falls in between those of Sri Lanka and Bangladesh. If we use case count and death rate data, India is the worst performer, and Pakistan does relatively better. But if we use case count and deaths per million population, India performs better than Pakistan (and also Bangladesh). On the economic front, Pakistan clearly outperforms the other three countries, including India. The size of the COVID-19 stimulus package is by far the largest in Pakistan, at 3.4% of GDP, and is significantly larger than the corresponding stimulus in India, which stands at about 1.3% of GDP.

      By the way, the studies of the pandemic would be incomplete if we did not look at the political dimension of the crisis. In each of these four countries, the response of the state to the pandemic has been shaped by long standing and underlying political faultlines.

      Both Bangladesh and Pakistan, the relationship of the State to the dominant religion has impacted the former’s ability to enforce necessary physical distancing measures. In Sri Lanka, which has seen the best public health response to the pandemic, civil society activists worry about the growing role of the military in society.

      In India, the response to the pandemic has highlighted the grossly anti-working class orientation of the ruling party and the State (which has dealt most callously, in the wake of the lockdown, with the problems of the migrant and informal sector workers). The unplanned announcement of lockdown has created severe hardships for migrant workers, leaving them without any sources of income or means to return to their homes. The pandemic situation has also brought to the fore the continued hold of right-wing Hindu nationalism – the most serious threat to a democratic and secular India – on India’s political life.

      The state in India has been using the pandemic to crush dissent. Alongside, the Hindu nationalist forces with active support of mainstream media and members of the ruling party have systematically demonized Muslims, holding them responsible for the spread of the pandemic and giving out open calls for their economic and social boycotts. The anti-poor and anti-Muslim politics of Hindutva has certainly overshadowed India’s response to the pandemic.

      Conclusion could be observed as COVID-19 situation has tightened the grip of regressive forces in all four countries and has posed new challenges for democracy and social justice isn't it?

      Delete
    2. It, in fact, is a fair comparison and analysis. Thanks to Deepankar and Priyanka.

      Delete
  2. ඔන්න මාමේ, කෙල්ල ගෙට ගං!

    ReplyDelete
  3. ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ලංකාව දියුණු සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඒක කරන හැටි ගැන කියන්න ලිපි ලියන්න දක්ෂයො, දේශපාලුවෝ ඕනැතරම් ඉන්නවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න දක්ෂ අය ඇත්තෙම නැහැ. මේක ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. මගේ අදහස අනුව බැරෑරුම් හේතුවක් තියෙන්නේ!

      ලංකාවේ පාලකයෝ දාර්ශනික නැහැ..නැත්නම් පාලකයා වෙන එකා දර්ශනය දන්නේ නැහැ. මේ අදහස මුලින්ම කීවේ මම නොවෙයි හැබැයි; සොක්‍රටීස් (470-399 BC) මොකද කියනවා නම් දාර්ශනිකයාට විතරයි හොඳ පාලකයෙක් වෙන්න පුලුවන්. මීට මෑත කාලීන හොඳම උදාහරණය වී. අයි. ලෙනින්.

      CP-C

      Delete
    2. In my opinion the first fallacy we are in is that the ideology that Sri Lanka can solve the issues we are faced easily. thats not so. We are in deep trouble due to various reasons and issues are not small. We would need deep analysis. I presume many people outside the issues perceive the issues as simple.

      Delete
  4. ඉකොනොගෙ ගනනය කිරීම් අනාවැකි බොහෝ දුරට හරි. සමස්තයක් ලෙස ගත්තහම ලන්කාව මෙයට හොන්දින් මුහුන දුන්නා. මම රැකියාව කරන සෞදි අරාබියා වලත් කොපමන නිතී රීතී දැම්මත් මෙය තවම පාලනය කරන්න බැරි වෙලා තියෙනවා.

    ඉකෝනෝ වෙලාවක් තිබ්බොත් කොරෝනා හමුවේ මැදපෙරදිග හා එහි ඉන්න අපි වගේ විදේශ සේවකයෝ ගැනත් පෝස්ට් එකක් ලියන්න. ඒක ගොඩක් වැදගත් වෙයි අපි වගේ අයට.

    ReplyDelete
  5. ඉකොනො, මේ කොමෙන්ටුව ජූනි 11 සහ ඊට පෙර මෑත කාලීන ලිපි හා බැඳේ.
    (හදිස්සියක් නැහැ, හෙමින් මම එන්නම්)

    මාක්ස්-ලෙනින්වාදය අනිකුත් සමාජවාදී දර්ශනයන්ගෙන් විශිෂ්ඨ වනුයේ එය මානව ශිෂ්ඨාචාරයේ සිද්ධීන් විශ්ලේෂණයට ඉතිහාසය ගුරු කොට ගන්නා නිසා බව තමයි Jeorge Lukash කියන්නේ. මේක මාක්ස් පාවිච්චි කරන්නේ හේගල්ගෙන් අරගෙන. ඒක නිසා තමයි ඓතිහාසික ලෙස සමාජය සංචලනය වූයේ කෙසේදැයි දැන ගැනීමට, අනාගතය පුරෝකතනය කිරීමට සහ මාක්ස්වාදය පාවිච්චි කරන්න පුලුවන් හොඳම tool එකක් වන්නේ. කෙල්ල වතුරට පැනපු සිද්ධියේදී ඉකොනොත් කිව්වා වාගේ අපි කවුරුත් අපේ ජීවිතයේ සෑම මොහොතකම අරගන්නේ අපිට හොඳයි කියලා අපි තීරණය කරන දෙයයි. ඒ නිසා තීරණ හැම විටම මනෝමූලිකයි. නමුත් ඉතිහාසය කියන්නේ දේශපාලනයේ විෂයමූලිකත්වයේ තිඹිරිගෙය වාගේම සොහොන් ගෙය. දැන හෝ නොදැන ෆ්‍රිඩෙල් කැස්ත්‍රෝ /රෝහන විජේවීර "..history shall absolve me.." කියලා කිව්වේ ඒ නිසා. ඉකොනො මේ ලිපියේදී කියනවා //"... ගොඩක් වෙලාවට ලිපියක් ලියන්න කලින් හරි ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න කලින් හරි මම කරුණු හොයනවා. එසේ හොයන්නේ කිසියම් පූර්ව නිගමනයක සිට නොවන බව කියන්න බැහැ. වෙනත් අයට වගේම මටත් පූර්ව නිගමන තියෙනවා. ....// ආදි ලෙසින්. මෙය තම භාවිතයට අවංක වීමක්. නමුත්
    මේ පූර්ව නිගමන තත්වය අපි හැමෝටම තියෙන දෙයක්. මේ පූර්ව නිගමන, සදාචාරය සහ විශ්වයේ ගතිකත්වයට නොගැලපෙන බව අපි දැක්කාම කාලයක් යනවා ඒ දෙය නිවැරදි කර ගන්න. අපි සියල්ලෝම එකඟ වන පරිදි ප්‍රතිපරිසිද්ධික/counterfactual දේවල්වලදී අපේ විශ්වාසයන්, ඇදහිලි, පූර්ව නිගමන විතරක් නොවෙයි: ආගම, ආදරය, වෛරය, අලස බව වාගේ දේවල්වලටත් තැනක් දෙනවා. නමුත් අවසාන විනිශ්චය දෙන්නේ කාලය.

    නමුත් මේ අප අතර යන සංවාදය ඇතුලේ මෙහෙම දෙයකුත් තියෙනවා.

    ධනවාදය වාගේම සමාජවාදය කියන්නෙත් න්‍යායයක්. මේ න්‍යායය බිහි කරන්න උපකල්පන මහා පිටිවහලක් වෙලා තියෙනවා. විශාල පරාසයක් සහිත වෙනස් වෙනත් නිගමනාත්මක උදාහරණ ලෙසට මා පහත කිහිපයක් ඉදිරිපත් කරනවා.

    1. මාක්ස්වාදීන් ඉතිහාසයේ සමාජ පන්තීන්ගේ චලනය ගුරු කොට ගන්නවා.
    2. ධනේශ්වරය තුල ප්‍රාග්ධනය සංචිත වීම මඟින් පන්ති විශමතාවය අහෝසි වෙනවා.
    3. ජුදෙව්වන්ට දෙවියන්වහන්සේ promised land /'පොරොන්දු දේශයක්' පොරොන්දු වී තිබෙනවා.
    4. නිවන අවබෝධ කර ගත් පුද්ගලයා සංසාරයෙන් සදහටම නික්ම යනවා.
    5. God does not play dice with the Universe .
    6....
    7....
    n.

    ඉහත නිගමන මත පිහිටා ලෝකය දෙකට , තුනට, හතරට ,පහට බෙදෙනවා. ඒ බෙදීම ජීවන ක්‍රමයක් / a way of life බවට පත් වෙනවා. නමුත්, දැන් මේ සියලු වාක්‍ය තුල ගැබ්වන උපකල්පන නිවැරදි දැයි පිටින් ඉඳන් බලන්න පුලුවන් විදියක් තියෙනවාද? මම කියන්නේ එහෙම බලන්න පුලුවන් සාධාරණ විධියක් නැහැ කියලා. මේ සියල්ලම ආකෘති.

    ඒක නිසා මම කියන්නේ, ධනවාදය ස්වභාවිකද නැද්ද කියලා අහන අති මූලික පැනයට අපි ධනවාදීන් හෝ සමාජවාදීන් පැනලා උත්තර දෙන්න ගිහින් ඇන ගන්නවා. මොකද පදාර්ථයේ් සංවර්ධනයත් එක්කම මානව චින්තනයත් සංවර්ධනය වෙනවා. නමුත් ඒක වෙන්නේ හෙන slow rate එකකින්.

    නමුත් වැදගත්ම දෙය තමයි මේ දෙය දර්ශනයෙන් පමණක් නොවේ; ගණිතයෙනුත් හරියි කියලා පෙන්වන්න පුලුවන් දේශපාලන ගුරුකුලය දිනනවා.

    CP-C

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා තිබෙන දේවල් වල සාරය සමඟ එකඟයි.

      //නමුත් වැදගත්ම දෙය තමයි මේ දෙය දර්ශනයෙන් පමණක් නොවේ; ගණිතයෙනුත් හරියි කියලා පෙන්වන්න පුලුවන් දේශපාලන ගුරුකුලය දිනනවා.//

      ඔබ උඩින් ලියා තිබෙන කරුණු වලම ස්වභාවික දිගුවක් ලෙස ඉහත ප්‍රකාශය සමඟ මම එකඟ නැහැ. ගණිතය කියන්නේ මෙවලමක් පමණයි. ගණිතයෙන් යමක් හරියි කියලා පෙන්වන්න පුලුවන් වෙන්නෙත් මූලික උපකල්පන ගණනාවක් මත විශ්වාසය තබමින් පමණයි. ගණිතය යොදා ගන්න කොටම අපි සමහර විකල්ප බැහැර කරලා අවසානයි. ඉතිරි වෙන විකල්ප සසඳන්න ගණිතය යොදා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය වන්නේ වෙනස් මූලික උපකල්පන මත පදනම්ව එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දෙකක් නිවැරදි බව වෙන වෙනම පෙන්වන්න පුළුවන් වීමයි. එවිට තව දුරටත් ගණිතය අවශ්‍ය ප්‍රශ්නය විසඳන්නේ නැහැ. ගණිතය හෝ තර්කනය යොදා ගෙන විකල්ප බැහැර කර ගෙන යා හැකි වුවත් මේ ක්‍රියාවලිය අවසානයේ තනි විකල්පයක් පමණක් ඉතිරි වන බවට සහතිකයක් නැහැ.

      මට මම ලියන බොහෝ දේවල් නිවැරදි බව ගණිතය යොදා ගෙන පහසුවෙන් පෙන්වන්න පුළුවන්. නමුත්, අවංකවම කියනවානම් මම එහිදී කරන්නේ බොරුවක්. බොහෝ අවස්ථා වලදී මට අවශ්‍යනම් වෙන දෙයක් නිවැරදියි කියා පෙන්වන්නත් පුළුවන්. මම ආරම්භයේදී ගණිතය යොදා ගන්නේම යම් විශ්වාස මත රැඳී සිටිමින්. මම හිතන්නේ "මේ සියලු වාක්‍ය තුල ගැබ්වන උපකල්පන නිවැරදි දැයි පිටින් ඉඳන් බලන්න පුලුවන්" හොඳම විදිය අනුභූතික දත්ත මත පදනම් වූ සංඛ්‍යානමය විශ්ලේෂණයි. ඇතැම් විට ඔබ ගණිතය කියන එකෙන් අදහස් කළ දෙයට සංඛ්‍යානමය විශ්ලේෂණ ඇතුළත් ඇති.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...