Friday, June 5, 2020
පොලීසිය කා වෙනුවෙන්ද?
ඇමරිකාවේ මේ දවස් වල වෙන දේවල් ගැන ලංකාවේ ගොඩක් අය උනන්දුවක් දක්වනවනේ. ඇතැම් අය දකින විදිහට ඇමරිකාවේ පොලීසිය හා ජනතාව අතර ගැටුමක් තිබෙනවා. තවත් අය එය කළු හා සුදු වාර්ගිකයින් අතර ගැටුමක් ලෙස දකිනවා. මොන විදිහෙන් හරි ගැටුමක් තිබෙන බව පැහැදිලි කරුණක්නේ. ගැටුම කුමක්ද කියන එක තීරණය වන්නේ එක එක පුද්ගලයා එය අර්ථ විවරණය කරන ආකාරය අනුවයි.
විශේෂයෙන්ම ඇමරිකාවේ හා ලංකාවේ සමාජයීය වෙනස්කම් ගැන අවබෝධයක් නැති අය මෙය දකින්නේ තමන් දන්නා ලංකාවේ තත්ත්වයන් මත පරාරෝපණය කරමින්. කළු හා සුදු වාර්ගිකයින් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් වගේ එකක්. පොලීසිය හා ජනතාව අතර ගැටුමක් ගැන කතා කරද්දී හිතේ මවා ගන්නේ ලංකාවේ පොලීසිය. කවුරු වුනත් තමන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂව ලෝකය දකින එක අමුතු දෙයක් නෙමෙයි.
දැන ගන්නට කැමති අයට දැන ගන්න ඇමරිකාවේ පොලිස් නිලධාරියෙක් කියන්නේ කවුද කියලා ටිකක් පැහැදිලි කරන්නම්.
අපි ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය වෙතම නැවත එමු. ඔහුගේ ගෙල මත දණහිස තබාගෙන සිටි ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. කළුතර පොලීසිය හරි මැදවච්චිය පොලීසිය හරි ශ්‍රී ලංකා පොලීසියේ කොටස් වෙනවා වගේ මේ මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව "ඇමරිකන් පොලිස් දෙපාර්තමේන්තුවේ" කොටසක් නෙමෙයි. ඇමරිකන් පොලීසිය කියා එකක් නැහැ.
ඇමරිකාවේ නීතිය හා සාමය රැකීම ඇමරිකන් ෆෙඩරල් රජයේ කටයුත්තක් නෙමෙයි. බොහෝ විට එය සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමටත් වඩා පහළ මට්ටකමදී. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කියා කියන්නේ මිනියාපොලිස් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව. එය පිහිටුවාගෙන තිබෙන්නේත්, බදු ගෙවා නඩත්තු කරන්නේත් මිනියාපොලිස් නගරයේ වැසියන් විසින්.
මිනියාපොලිස් නගරය 430,000ක පමණ ජනගහණයක් සිටින වර්ග සැතපුම් 54ක පමණ භුමි ප්‍රදේශයක පැතිරුණු මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි නගරයක්. ජනගහණය අනුව ඇමරිකාවේ නගර අතරින් 46 වන තැනටයි වැටෙන්නේ. 1950දී 98.4%ක්ම සුදු ජාතිකයින් සිටි නගරයක් වුවත් 2010 වන විට සුදු ජාතිකයින්ගේ ප්‍රතිශතය 63.8% දක්වා අඩු වී තිබෙනවා. නගර වැසියන්ගෙන් 18.6%ක් කළු ජාතිකයින්. වෙනත් විවිධ ජනවර්ග වලට අයත් පිරිස්ද විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා.
මිනියාපොලිස් නගරයට නගරාධිපතිවරයෙක් ඉන්නවා. ඡන්දයෙන් පත්ව සිටින නගරාධිපතිවරයා ජේකබ් ෆ්‍රේ. ඇමරිකන් යුදෙවුවෙක්. ඔහු නියෝජනය කරන්නේ මිනසෝටා ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයයි. ඩිමොක්‍රටික් පක්ෂය හා වාමාංශික පක්ෂයක් වූ මිනසෝටා ගොවි කම්කරු පක්ෂය සන්ධානගතව හැදුණු පක්ෂයක්. මේ වන විට මිනසෝටා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ ශාඛාව කියා කියන්න පුළුවන්. 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයේ නගරාධිපතිවරයෙක් විසින්. එයින් වසර හතක් නගරාධිපති ලෙස කටයුතු කර තිබෙන්නේ කළු ජාතික කාන්තාවක්. පසුගිය වසර 75ක කාලය ඇතුළත වෙනත් පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු විසින් නගරය පාලනය කර තිබෙන්නේ වසර 9ක කාලයක් පමණයි.
ලංකාවේ පොලීසිය පිහිටෙවුවේ 1866දී ඉංග්‍රීසින් විසින්. ඒ ලාංකිකයින් පොලීසියක් ඉල්ලා සිටි නිසා නෙමෙයි. පොලීසිය පිහිටෙවුවේ ඉංග්‍රීසි ආණ්ඩුව ආරක්ෂා කර ගන්නයි. වොලී බැස්ටියන්ට "මහජන සේවකයා ඔහු පොලිසියෙ නායකයා" කියා කිවුවත් අද දක්වාම ලංකාවේ පොලීසිය එහි ආකෘතිය අනුවම ලංකාවේ රජය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. බොහෝ අවස්ථා වලදී පවතින ආණ්ඩුව වෙනුවෙන්. පොලීසියට මහජනතාව පාලනය කිරීමට මිසක් මහජනතාවට පොලීසිය පාලනය කරන්න ඉඩක් නැති තරම්. එය කළ හැකි පහසුම ක්‍රමය මහජන නියෝජිතයෙකු හරහා බලපෑමක් කිරීමයි. පොලීසියට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම කළ නොහැකි දෙයක් නොවූවත් අසීරු දෙයක්.
ඇමරිකාවේ පොලීසි කියන්නේ ලංකාවේ මෙන් අහසින් පාත් වූ ආයතනයක් නෙමෙයි. මිනිස්සු එකතු වී ඔවුන්ගේ අවශ්‍යතාවය මත පිහිටුවා ගත් ආයතන. තමන්ට පොලීසියක් අවශ්‍යද, එය කොයි තරම් විශාල විය යුතුද වැනි කරුණු කිසියම් ප්‍රදේශයක ජනතාව විසින් තීරණය කරන දෙයක්.
තමන්ගේ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකී තිබීම ඓතිහාසිකව කිසියම් ගමක, නගරයක හෝ ප්‍රදේශයක ජීවත් වූ මිනිසුන්ට අවශ්‍ය වූ දෙයක්. ඒ නිසා මිනිස්සු එකතු වී ෂෙරීෆ් වරයෙකු පත් කර ගත්තා. මේ ෂෙරීෆ් ක්‍රමය ඇමරිකාවේ තවම තිබෙනවා. ගම්, නගර හෝ ප්‍රදේශ විශාල වෙද්දී තනි ෂෙරීෆ් වරයෙකුට නීතිය හා සාමය රකින එක කරන්න අමාරු වෙනවා. එවිට තවත් පිරිසක් බඳවා ගන්න වෙනවා. ඔවුන් ස්වේච්ඡා සේවකයින් හෝ ස්ථිර සේවකයින් වෙන්න පුළුවන්. ස්ථිර සේවකයින් වෙනුවෙන් වැටුපක් ගෙවන්න වෙනවා. එසේ වැටුපක් ගෙවා ස්ථිර සේවකයින් තබා ගත යුතුද කියන එක අදාළ ප්‍රදේශයේ වැසියන් විසින් තීරණය කළ යුතු දෙයක්.
කුඩා ප්‍රදේශයකට විශාල ජනගහණයක් ක්‍රමයෙන් සංක්‍රමණය වී නගර බිහි වන විට එවැනි නගර වල අපරාධ ඉහළ යනවා. නමුත් ෂෙරීෆ් වරයෙක්ට තමන්ගේ වියදම් දරන හැම දෙනෙක් ගැනම පොදුවේ බලනවා මිසක් නාගරික ප්‍රදේශ ගැන පමණක් බලන්න බැහැ. ඒ නිසා, නගරාධිපතිවරුන්ට වෙනම පොලිස් දෙපාර්තමේන්තු ඇති කරන්න සිදු වෙනවා. නගරයේ තිබෙන සරසවියක් වගේ ආයතනයකට නගරයේ පොලීසියෙන් ලැබෙන සේවය ප්‍රමාණවත් නැත්නම් තමන්ගේම පොලිස් දෙපාර්තමේන්තුවක් හදා ගන්න වෙනවා. ඔය විදිහට විවිධ හේතු මත හැදුනු පොලිස් දෙපාර්තමේන්තු ඇමරිකාවේ තිබෙනවා. ඒ පොලිස් දෙපාර්තමේන්තු වල වියදම දරන්නේත්, පොලිස් දෙපාර්තමේන්තු පාලනය කරන්නේත් පොලීසියක් අවශ්‍ය වූ අයයි.
සමීක්ෂණ අනුව ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තු 18,000කට නොඅඩු ප්‍රමාණයක් තිබෙනවා. මේවා එකිනෙකින් වෙනස් ස්වාධීන ආයතන. එහෙම නැතුව ලංකාවේ වගේ නීතිය හා සාමය රකින තනි පොලිස් දෙපාර්තමේන්තුවක් ඇමරිකාවේ නැහැ.
පොලිස් නිලධාරීන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවේ විවිධ පොලීසි වල සේවය කරනවා. සාපේක්ෂව අඩු වැටුපක් ලබමින් ඔවුන් කරන්නේ ජීවිත අවදානමක් තිබෙන රැකියාවක්. 2018 වසරේදී ඇමරිකාවේ පොලිස් නිලධාරීන් පහර කෑමට ලක් වූ අවස්ථා 58,866ක් වාර්තා වී තිබෙන අතර අවස්ථා 18,005කදී ඔවුන්ට තුවාළ සිදු වී තිබෙනවා. වසරකට පොලිස් නිලධාරීන් 100-200 අතර ප්‍රමාණයක් සේවය ඉටු කිරීමට යාමේදී මරණයට පත් වෙනවා. 2019දී මිය ගිය ගණන 147ක්. 2020දී මේ දක්වා 96ක්.
අප කතාව පටන්ගත් මිනියාපොලිස් නගරයේ අඩු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තු පහක් තිබෙනවා. පළමුවැන්න හෙනපින් කවුන්ටි ෂෙරීෆ් කාර්යාලයයි. ඇමරිකාවේ කවුන්ටියක් කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් වගේ එකක්. ෂෙරීෆ් කාර්යාලයට අනුයුක්තව නිලධාරීන් 800ක් පමණ ඉන්නවා. මෙහි ප්‍රධානියා වන ෂෙරිෆ් වරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්.
මිනසෝටා සරසවියට අයිති තවත් පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. එය පාලනය වන්නේ සරසවිය පාලනය කරන බලධාරීන් විසින්. මිනියාපොලිස් ගුවන් තොටුපොළ වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් පොදු ප්‍රවාහන (දුම්රිය) පද්ධතියේ නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත්, මිනියාපොලිස් නගරයේ පොදු උද්‍යාන වල නීතිය හා සාමය රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවකුත් වෙනම තිබෙනවා. මිනියාපොලිස් නගර සභාවට අයත් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මීට අමතරවයි.
මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මිනියාපොලිස් නගරයේ නගරාධිපතිවරයා යටතේ. පොලීසිය නඩත්තු වෙන්නේ නගරයේ වැසියන්ගේ බදු මුදලින්. සාමාන්‍යයෙන් ඇමරිකාවේ බදු මුදල් වැය කරන්නේ බදු ගෙවන අයගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි. නගරාධිපතිවරයා පත් වන්නේ මහජන ඡන්දයෙන්. පොලීසියේ ප්‍රධානියාව පත් කරන්නේ නගරාධිපතිවරයා විසින්. මිනියාපොලිස් පොලීසියේ ප්‍රධානියා වගකිව යුත්තේ මිනියාපොලිස් නගරාධිපතිවරයාටයි. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව හා ඇමරිකාවේ වෙනත් පොලිස් දෙපාර්තමේන්තු අතර සම්බන්ධයක් නැහැ.
මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානියා කළු ජාතිකයෙක්. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කරන බවට මූලිකවම වග බලා ගත යුත්තේ ඔහු විසින්. ඔහු එසේ නොකරන්නේනම් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු පත් කළ යුත්තේ නගරාධිපතිවරයා විසින්. නගරාධිපතිවරයා කටයුතු කරන ආකාරය ගැන අසතුටුනම් ඔහුව ඉවත් කළ යුත්තේ නගරයේ වැසියන් විසින්.
ඩෙරික් චෝවින් මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වන තුරුම කළු ඇමරිකානුවෙකු වන පොලිස් ප්‍රධානියාට ප්‍රශ්නයක් වී නැහැ. පොලිස් ප්‍රධානියාව නගරාධිපතිවරයාට ප්‍රශ්නයක් වී නැහැ. නගරාධිපතිවරයාව හෝ 1978 ජනවාරි 1 දින සිට දිගටම මිනියාපොලිස් නගරය පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ගොවි කම්කරු පක්ෂයේ දේශපාලනය නගර වැසියන්ට ප්‍රශ්නයක් වී නැහැ.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඒ වෙලාවේ සිදු වුනු හුදෙකලා සිද්ධියක්ද, එසේ නැත්නම් ආයතනගත වී තිබෙන ප්‍රශ්නයක කොටසක්ද කියන එක විමසා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටයි.
(Image: https://www.fox9.com/news/councilmembers-vow-to-dismantle-minneapolis-police-department-emergency-meeting-set)
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
You know what? When this pandemic started, they said: the threat is very low and we only operate with scientific data. Then the shit hit the fan and now 396,664 dead. Mind you, that's just the reported number.
ReplyDeleteNow this. It's the elephant in the room, mate. Keep on doing whatever you are doing.
- Martin Niemöller -
සමිල මුතුමිණ කියලා ටෙක්සාස් පැත්තේ ඉන්නා ලාංකිකයෙක් ඉන්නවා. ෆේස්බුක් එකේ හොයාගන්න පුළුවන්. මට නං හිතෙන්නෙම ඉකොනොත් සමිලගේ කාසියේ අනික් පැත්ත කියලා මයි. රාජපක්ෂලා මොනා කිව්වත් සමිලයා එව්වා හොදයි කියන විදිය, ඒ ගැන ලියන පල්හෑලි දැක්කම හිනා කාලා මැරෙනවා. ඉකොනොත් එහෙම ආතල් තමයි දැන් දෙන්නේ. ඉකොනෝත් ෆේස්බුක් එකේ ඉන්නවද? අපිට හිනා වෙන්න පුළුවන් එහෙනං හොදට.
ReplyDeleteමගේ උපන් ගම කඩවත. මම සිංහ සමාජයේ සාමාජිකයෙක් වෙලා ඉඳලා සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝවලට යන්ට මට අවස්ථාවක් පෑදුනා. ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට ඇමරිකන් එක්සත් ජනපදයේම පොඩි ජොබ් කට්ටක් සෙට් උනා, දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යන්න හිතාගෙන ඉන්නේ.
ReplyDeleteමට මෙහෙ රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්. මේ පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි
කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ගෑස් (පැට්‍රල්) ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල් ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු
විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. ඇමරිකාවේ ඉන්න තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල යන්තමට ප්‍රමාණවත්.
ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ මම වගේම නීති විරෝධී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක්
අරින්නවත් වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල
පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී-පෝට්
තමයි.
මේ ඇමරිකන් ඉංග්‍රීසිය මහ අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය වැඩියි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්” කියලා. මමත් සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න වොෂ් රූම්, ඒවාට මෙහෙදි කියන්නේ “රෙස්ට් රූම් ” කියලා.
ඇමරිකා එක්සත් ජනපදය කියලා කියන්නේ තනිකරම ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්.
මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. ඔස්ට්‍රේලියාවේ හෝම්ලස් හිඟන්නන්ටත් වඩා වැඩි ඇති මම දන්න විදිහට නම් ඉතින්... උන්ට කියන්නේ “හෝම්ලස් පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.
මට අ. පො. ස. විභාගයේදී විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා මම හිතාගෙන හිටියේ මම තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. ඒත් මම කියන දේ මුන්ට නොතේරෙන අතරේ උන් කියනා දේ මටද නොතේරෙයි.
ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.
දවසක් දවල් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use
your rest room ” කියල මගෙන් ඇහුවා. ඇමරිකන් සිරිත් විරිත් අනුව “the rest room is only for the customers” කියලා මම මිනිහව එළවල පන්නලා දැම්ම. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි. බැල්ම තියුණුයි.
පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක් උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.
”ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.
හලෝ.. are you singing ? මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින් සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”
මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා. මම ඉන් දෙකක් මම මිනිහට දුන්නා.
- cont'd
Conte's..
Delete"Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?
දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , සුපුරුදු පරිදිම එදත් රෑ ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට ගියා.
රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ. කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක. ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.
එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ” අරයා” ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු කෙස්. ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.
” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.
” මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි කියල. ලංකාවෙ කොහේද ?”
මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.
මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.
//මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම. ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම්
මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක්
අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා.
අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.
මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම නිතර නිතර ලෙඩ වුනා. විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා. පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා.
ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ” drive
through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට.
ඉන්න තැනක් අපි කාටවත් කීවෙ නැහැ. පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රථ හදන
කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා.
ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්. සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි. සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි
මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට ” කිරි සුදු හාවා” ඉගැන්නුවා.
- cont'd...
Conte's..
Deleteඔහොම යනකොට දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what the hell that old man doing here කියල.
Don’t talk like that. He is may dad.
ඒ මගෙ දුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby sitter for 600 dollars for a week.
මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක
මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.”
අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”
පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.
මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.
මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද
අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්දයක් නැහැ. දරුවො හිත් පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”
“ඉතින් කොහොමද මේ තත්ත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.
” අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ
රටට කරන අගෞරවයක්.”
පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක්
තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන.
එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත් ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.”
මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල, පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11
වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.
තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර
ඇති. සේරටම හොඳටම වෙරි.
උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු
උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තව එකෙක්.
මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක් නෑ. “I too have a life තාත්තෙ”
මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක
ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල.
පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා. ” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්‍රේනින් එකකට. සති දෙකකට.”
එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා.
එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත. කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.
නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.
“Your son din’t pay rent. You have to pay or leave the
apartment”
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”
මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.
පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස
3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහැ. පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.
Cont'd...
Cont'ues...
Deleteසපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ
ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම. මම “හලෝ” කිව්වම” ආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ? දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයි පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න”
ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත්
එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.”
ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ?
ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”
ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.
හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රය කරන්නවත්, පංසලකට පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.
මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස් වල කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ. මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක් එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.
මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත් වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.
” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?”
මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක්
නෑ. ඇඩ්‍රස් එකක් නෑ. මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ. වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?”
ඇයි නැත්තෙ ?
දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ
රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.
මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා.
එයා ඇස් උඩ තියා ගත්තා.
” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලට…
බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන් ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න”
ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී. මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස් වෙලා.
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”
මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි
ආයෙ කවදා හමුවෙයිද ?
දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට
දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්
” සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”
ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.”
සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින් මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..”
පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ් බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.
ඒ සපරමාදු. මම 911 කෝල් කළා.
ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන් බලා හිටියා.
සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන් කොහාටද අරන් ගියා.
සපරමාදු මැරිලා...
Elakiriye post methana ussala danna epa. Hoda vedak karanawa.
DeleteGTRZ
(Ranga Thenuwara)
Administrator
Elakiri.com
ඔය කෙටි කතාව ලියපු ලේඛකයා එය ඔහුගේ අනුමැතියකින් තොරව උපුටාගෙන ලේඛකයාගේ නම නැතිව තැන් තැන් වල පළ කිරීම ගැන වසර හත අටකට පෙර කණස්සල්ල පළ කර තිබුණා. මතක හැටියට නිහාල් ගුරුසිංහ වගේ නමක්.
Deleteමචංල එලකිරි අංකල්,
Deleteඔය කතාව ඇතුලේ ඇමරිකන් එක්සත් ජනපදයේ ජීවිතය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ඇත්තටම වෙන දේවල් තියෙන එකක් ද?
උඩ ඇනෝ
Deleteලස්සන කතාවක්... කොපි කරාද මන් දන්නේ නැහැ හැබැයි කවුරු ලියලා තියෙනව උනත් කතාව නම් සහතික ඇත්ත මම හිතන්නේ...
ඔය උඩ කතාවනං තනිකරම කොපි කිරීමක්…. ඕක කාලෙකට කලින් ෆේස්බුක් එකේ සංසරණය වුණා, කතාව ලියලා තියෙන එකත් කියල තියෙන්නෙ බොරු, වුරුදු පහකට වීසා ගැහුවට මේ රැඳිලා ඉන්න බලපත්‍රය හම්බෙන්නෙ මාස හයකට විතරයි, ඒ කියන්නේ ඊට පස්සේ නීති විරෝධීව රැඳී සිටිනවා කියන එක. හරියට දන්නේ නැතුව ඒක ලිව්වා වගේම අනිත් දේවල් මවා ගත්ත මනස්ගාත
Deleteමේ ඇනෝලා වගේ ළිංවල ඉන්න මැඩියන් වගේ ලංකාවේ ඉන්න මෝඩ බයියන් නොදන්න මඟුල් කථා කරල තියෙනවා. මුං හිටපු ආමිකාර ඇමරිකන් පුරවැසියෙක් ජනාධිපති කරගත්ත එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඇත්තටම මේ ඇමරිකන් රටේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම කෙනෙකුට "හෝම්ලස්" වෙන්න, එසේත් නොමැති නම් නිවහනක් අහිමි වන්නට තිබෙන ඉඩකඩ බොහෝයි....
Deleteහදිසියේ රැකියා අහිමි වීම්, රෝගී තත්වයන්, මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හෝ මිනිසුන්ගේ වගකීම් රහිත ක්‍රියාවලියන්... මිනිසෙකුගේ ආර්ථික පරිහාණියට හේතු කාරක වන මේ ඕනෑම හේතුවක් කෙනෙක් "හෝම්ලස්" කරවන්නේ තමුන්ටත් නොදැනීම...
ඇත්තටම එයට හේතුව, බොහෝ විට මෙහි ඔබට ජීවත් වන්නට සිදු වන්නේ කුලී නිවසක හෝ දිගු කාලීන ණයක් දරා සිටින බිත්ති ඇති නිවසක වීම... නිවාස කුලී හෝ ණය ගෙවා ගැනීමේ නොහැකියාවෙන් නිවාස අහිමි වූවන් සේම යම් කිසි හේතුවකින් නිවාස වලින් පිටමං කර දැමූවන්ට, ලිපිනයක් නොමැතිව රැකියාවක් සොයා ගැනීම බොහෝ අසීරුයි...
මේ වගේ ආත්මාර්ථකාමී ජඩ අර්ථ ක්‍රම ඇති රටවල කිසිවෙකුගේ හව්හරණක් නොමැති වූවොත් ඔවුනට උරුම වන්නේ "මහ පාර" පමණයි...
මේ වගේ රටවල ජීවිතය යනු සෑම තත්පරයකම වෙනස් වන්නක් බව මා හොඳින් අත්දැක ඇති හෙයින්, මා පවා කෙදිනක හෝ ඕනෑම මොහොතක ක්ෂණිකව පවා "හෝම්ලස්" විය හැකි වග මෙහේ ඉන්න අති විශාල ප්‍රමාණයක් වන හෝම්ලස් ජනතාව දකින වාරයක් පාසා මට සිහියට නැගෙන කරුණක්... එහෙයින්, මගේ රිය කවුළුව එවන් මිනිසුන් වෙනුවෙන් විවර වන්නේ නිතැතින්...
මේ "හෝම්ලස්" වූවන්ට අනන්‍ය ලකුණක් වූ, ඔවුන් සන්තක දූලි බැඳුන බඩු පොදිය. ඒ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම පසුව පුළුවන්.
හොඳ විස්තරයක්. ඇත්තටම සහෝ, ඇමරිකාවෙ ගිහින් ඔබේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් වෙන මහන්සිය අපිත් සමග බෙදාගැනීම සම්බන්ධව සතුටුයි. වෙන කට්ටිය ඇමරිකන් එක්සත් ජනපදය කියලා කියන්නේ මහා සුරංගනා ලෝකයක් කියලා ලොවෙත් නැති බොරු කයිවාරු එක්ක ලොකු ලොකු පම්පෝරි ගහල ලොකු කම් කියල නොන්ඩි වෙද්දි ඔබ මුලින්ම කරන ලද සහ දැනටත් අර්ධ වශයෙන් කරන රැකියාවේ ස්වභාවය ගැන තොරතුරු සහ ඇමරිකාවේ ජීවිතේ හැටි කොයිතරම් දුෂ්කර කුරිරු එකක් ද කියලා අව්‍යාජව ප්‍රකාශ කිරීම අගය කරනවා. ඔබේ සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ඉකොනො අයියටත් ස්තුතියි මේ වගේ ලිපි පල කිරීම සම්බන්ධව. දෙදෙනාටම ජය වේවා !!!
Deleteඉකොනො ඕස්ට්‍රේලියාවේ Indigenous සහ ඒ අයගේ non-Indigenous counterpart එක අතර අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල පරතරයක් තිබෙනවා. ආර්ථික, සමාජීය වශයෙන් විෂමතාවයන් පැවතීම ට අමතරව, පිරිහුණු සෞඛ්‍යයද මේ පරතරය පියවීමට ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේ ඇති බාධාවන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ReplyDeleteඊට අමතරව සංස්කෘතික විශ්වාසයන් ද බලපානවා. සුද්දන්ගේ සිස්ටම් එක මේ අයට හරි යන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනික වශයෙන් ඔවුන් ගේ context එකට ගැලපෙන සිස්ටම් එකක් හදන්න ඔවුන් අතරින්ම ඉඳහිට මතු වන යෝජනා ක්‍රියාත්මක වන්නේ නැත්තේ නැහැ. නමුත් සමහරවිට මන්දගාමීව.
නවසීලන්තය ගැන කියන්න තියෙන්නේ අශීලාචාර අශික්ෂිත ඔස්ට්‍රෙලියාවට වඩා සෑහෙන ඉහළ මට්ටමකින් ඔවුන් ඔන්න ඔය ස්වදේශිකයන්ට සලකන එක දකින්න පුළුවන්.
හැබැයි ඉතින් නවසීලන්තයේ සුද්දෝත් හිතා මතා එහෙම විශේෂ සැලකීමක් කලේ නෑ. එහෙම කරන්න වෙන තැනට මැඕරි එවුන් සුද්දන්ට කුජීත වෙන්නම ගැහුවා. ලෝකේ වෙන කිසිම ජාතියක් සුද්දන්ට එහෙම ගැහිල්ලක් ගහල නෑ.
කොටින්ම මැඔරි ලා සුද්දන්ව වයිටන්ගි ගිවිසුම වෙනකන් දරුනු ලෙස බිය වද්දලා තිබ්බේ. විශේශෙන් ඔවුන්ගේ සමහර මැඕරි රණ ශූරයන් සටන් වලදී ප්‍රතිවාදීන් අල්ලලා පණ පිටින් සිටියදී හදවත කඩා එලියට ගන්නා බවට තිබුන වාර්තා සහ සුද්දන් ලැබූ සමහර දරුණු පරාජයන් නිසා ඔවුන්ගේ ක්‍රමයටම තමන්ට සලකන මැඔරියන් වෙනුවෙන් යම් බිය මුසු රෙස්පෙක්ට් එකක් තිබ්බා. ශිෂ්ටාචාරයක සර්වයිවල් එකකට තමන් කන්න බලන් ඉන්න කවුරු හරි ඉන්නවා කියන අදහසේ ඉන්න එකම පරිනාමිකව වාසියි. ඒ කන්න බලන ක්‍රමය ආයුධ සන්න්ද්ධ යුද්දයක් නොවෙන්නම පුලුවන් එහෙම නේද?
//ශිෂ්ටාචාරයක සර්වයිවල් එකකට තමන් කන්න බලන් ඉන්න කවුරු හරි ඉන්නවා කියන අදහසේ ඉන්න එකම පරිනාමිකව වාසියි. ඒ කන්න බලන ක්‍රමය ආයුධ සන්න්ද්ධ යුද්දයක් නොවෙන්නම පුලුවන් එහෙම නේද?//
Deleteඔබ කියන දෙය ඇමරිකන් context එකේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
@ Ano 12.34 AM
Delete//හැබැයි ඉතින් නවසීලන්තයේ සුද්දෝත් හිතා මතා එහෙම විශේෂ සැලකීමක් කලේ නෑ. එහෙම කරන්න වෙන තැනට මැඕරි එවුන් සුද්දන්ට කුජීත වෙන්නම ගැහුවා.//
ගැහුව විතරක් නෙවි නඩු දාල ලීගලි දිනාගත්ත. 1870 ගනන් වල වගේ.
යම්කිසි පලාතක ස්ථිර පදිංචි කාරයන්ට සාපේක්ෂව (පිට පලාත්ි වලින් ආපු) සංක්‍රමණිකයෝ වැඩිනම් හරියට නිදහස් වෙළඳ කලාපවල වගේ ගමේ මිනිස්සුන්ගේ සල්ලිවලින් නඩත්තුවන පොලිසියක් ප්‍රමාණවත් නෑ.
ReplyDeleteඔයවගේ පොලිසියක් පන්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලෙට නම් ගැලපෙනවා. මේ ක්‍රමය ලංකාවට ගෙනාවොත් සිංහලයාට හිමිවියයුතුදේ අහිමිවෙන්න පුළුවන්.
ඇමරිකා ඔරුමත්තුනාඩුවේ තියෙන වාසිය තමයි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ තියෙන මෘදු බලය. එහෙම තිබිලත් මෙක්සිකෝ සංක්‍රමණිකයන් වලක්වන්න අවශ්‍යවෙලා තියෙනවා.
Is this video having true footage?
ReplyDelete//US police shoot a man in a wheelchair who is delayed and does not know how to raise his hands. Don't let them delete! Share! They deleted this video. . . They try to hide it. . . Send it to everyone you know. . . And to say that they teach us their shitty democracy.//
https://www.justice.gov/usao-de/pr/federal-officials-close-review-death-jeremy-mcdole
Deletehttps://attorneygeneral.delaware.gov/wp-content/uploads/sites/50/2017/03/WPD_092315.pdf
Delete//සමීක්ෂණ අනුව ඇමරිකාවේ පොලිස් දෙපාර්තමේන්තු 18,000කට නොඅඩු ප්‍රමාණයක් තිබෙනවා.//
ReplyDeleteලංකාවේ ඊට වැඩියි. ගණන හදාගන්න තමා අමාරු.
225x5x25x....පලා- ප්‍රාදේශීය ගණන් මතක නැහැනේ බොලේ.........
සමාවෙන්න...
ඇමරිකාවෙ ප්‍රස්න අපිට වැඩක් නැ. උන් අනික් රටවල කරන විදියට ඔය වලිය අවුස්සලා බ්ලියන 400 ක් 500 ක් එන වැඩ පිලිවෙල්ක් යොදන්නයි ඔනි...අව් කර්මාන්තශාලා වක් දෙකක් තිබ්බා නම් සතියෙන් දෙකෙන් ලංකාව ගොඩෙ ගොඩ.. කොහෙද අපෙ තැරිදාර පුන්නක්කු සාඩිං ටිං වැලි බයි හැත්ත යෝජනා කරන පරණ කඩදාසි ෆැක්ටරියි ඔවා නෙ උන් ගෙ බිස්නස්.. කවුරු හරි ගොනෙක් කියනව ගොනා වගෙ කරනවා. දැන් එයි මෙතන කඩදාසි බයියො පුප්පගෙන..�� 2030 2040 වෙනකොට මෙ ගොන් බයියො දන් නැ කඩදාසි කියන එක නැති වෙලා යන බිස්නස් එකක්... සාඩින් එක ටින් පිටින් ගිල්ලවන්න ඔනි මුංට.
ReplyDeleteඇමරිකාවේ ජනතාවක් ඇමරිකාවේ ජනාධිපති මොකා ආවත් රට දුවන්නෙ ඒජන්සි හයකට හා ඒවායේ ප්‍රතිපත්තියට අනුව විතරයි.. නැත්තං කෙනඩිට වෙච්ච දේ තමයි වෙන්නේ
Econo ලිපිය ඉතාම හොඳයි හැබැයි පොඩි අඩුවක් තියෙනවා, US park police එක ුළු රටේම ක්‍රියාත්මකයි නේද?
ReplyDeleteඇමරිකාව පුරා විසිරී ඇති ජාතික උද්‍යාන ලෙස නම් කර තිබෙන ස්ථාන 62ක් අයත් වන්නේ ෆෙඩරල් රජයටයි. එම ස්ථාන අතරින් වොෂින්ටන් ඩීසී, නිවු යෝර්ක් හා සැන් ෆ්රැන්සිස්කෝ නගර ආශ්‍රිතව යා යාබදව ඇති ප්‍රදේශ තුනක පිහිටි ජාතික උද්‍යාන ඇතුළේ නීතිය හා සාමය රැකීමේ බලය ෆෙඩරල් රජයට අයත් එක්සත් ජනපද උද්‍යාන පොලීසිය සතුයි. ඒ අතරින්ද ස්මිත්සෝනියන් කෞතුකාගාර සඳහාත්, ජාතික සත්වෝද්‍යානය සඳහාත් වෙනම අමතර පොලීසි තිබෙනවා. මීට අමතරව කිසිදු ප්‍රාන්තයකට අයිති නැති වොෂින්ටන් ඩීසීහි පිහිටි පොලිස් දෙපාර්තමේන්තු ගණනාවක් සෘජුවම ෆෙඩරල් රජය යටතේ තිබෙනවා.
DeleteThe United States Park Police (USPP) is one of the oldest uniformed federal law enforcement agencies in the United States. It functions as a full-service law enforcement agency with responsibilities and jurisdiction in those National Park Service areas primarily located in the Washington, D.C., San Francisco, and New York City areas and certain other government lands. The United States Park Police is one of the few full-service police departments in the federal government that possess both state and federal authority. In addition to performing the normal crime prevention, investigation, and apprehension functions of an urban police force, the Park Police are responsible for policing many of the famous monuments in the United States.
ReplyDeleteThe USPP shares law enforcement jurisdiction in all lands administered by the National Park Service with a force of National Park Service Rangers tasked with the same law enforcement powers and responsibilities. The agency also provides protection for the President, Secretary of the Interior, and visiting dignitaries. The Park Police is a unit of the National Park Service, which is an agency of the Department of the Interior. As of 2006, the force consisted of 605 officers.[1]
Economatta; By the way can you explain about the the downfall of Detroit which was a well planned one?
ReplyDeleteYou may know that the majority of the Detroit automaker plants employed colored people with less wages in early 1960s. The wages were enough to sustain life for the workers but less than the national average salary. When the unions of these workers started demanding more from the car companies, to avoid losses they slowly started shifting their manufacturing plants to other states. Workers started to loose jobs and comes the economic downfall to the city. City stated loosing population due to relocation and eventually the city stated loosing taxes from people. Then came the drug lords.
Afterwards they have noticed that they could get an opportunity in Detroit city with the dwindling number of police force due to reduction in staff. They started their business there and the city never responds to the needs of it's remaining residents since the city has no money to curb the increase of drug related activities.
Eventually the residents started leaving the city and now Detroit is run by drug kings. Those abandoned houses you see in the city of Detroit is only upto the 8th mile road only. Beyond that in, suburbs people live comparatively better life and its litte safer to live in suburbs than the city which seems to be the hell on earth.
එකොන් මේක ලියපු එක හොඳයි . මගේ සමහර වාමාංශික මිතුරන්ට මේක පැහැදිලි කරන්න මට ගොඩක් අමාරු වුණා . මිනියපොලිස් වල කළු ජාතික පොලිස් නිලධරයන්ද සිටිය හැකි බව. මෙය ආයතනගත සුදු ජාතික ජාතිවාදය විය හැකි බව. එසේම සමහර විට මට මෙන්න මේ අදහසත් තියනවා.ඔබ ට්රම්ප්වාදියෙක් ද මම දන්නේ නැහැ. මට හිතෙනවා මෙය කුමන්ත්‍රණයක් කියල. කෝවිඩ් 19 මිනිස්සු මැරුණු එක හංගන්න සහ ඊළඟ චන්දය දිනන්න
ReplyDeletehttps://quantumchecks.blogspot.com/2020/06/rioters-and-looters-lost-and-president.html
කුමන්ත්‍රණයක්ද කියන්න මම දන්නේ නැහැ. එහෙම නැද්ද කියන්න දන්නේත් නැහැ. හැබැයි ඇමරිකාවේ කළු සුදු දේශපාලනයක් තියෙනවා. ට්‍රම්ප් ඉන්නේ ඒකේ එක පැත්තක. කළු ජාතිකයෝ ගොඩක් ඉන්නේ අනික් පැත්තේ. කළු ජාතිකයින්ට ඇත්තටම මොනවා හරි යහපතක් වෙන වෙනසක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔවුන්ට මධ්‍යස්ථ සුදු ජාතිකයින්ගේ සහයෝගය හෝ අනුකම්පාව ලබා ගත හැකි තරමටයි. ජෝජ් ෆ්ලොයිඩ් සිද්ධිය නිසා එවැනි සහයෝගයක් ලැබුණා. හැබැයි කඩ කඩන තැනට තල්ලු වෙනකොට ඒ සහයෝගය නැති වෙනවා.
DeleteI think the same. But not all the looters are black. Anyway this is what I found today.
Deletehttps://www.dailymail.co.uk/news/article-8394629/One-officers-charged-George-Floyds-killing-hired-despite-having-criminal-record.html
//But not all the looters are black.// Definitely. I know how careful the organizers were planning to organize protests in our area. They made a deliberate effort to make sure that the protest is peaceful and it was. Some people did not leave the scene when the event was officially over and started looting.
Delete