Tuesday, June 9, 2020
ජෝජ් ෆ්ලොයිඩ් හා ගොනා කෝවිලේ රාජා
තිස්හතේවත්ත ජයසුමනාරාම මාවත රත්මලාන ලිපිනයේ පදිංචිව සිටි රාජා විමලධර්ම නොහොත් ‘‘ගොනා කෝවිලේ රාජා" නැමැති 50 හැවිරිදි පුද්ගලයෙක් පෙරේදා (ජූනි 7) මිය ගොස් තිබෙනවා. මාධ්‍ය වාර්තා අනුව ඔහු "පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර ආපන ශාලාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප‍්‍රධාන සැකකරුවෙක්". රාජා විමලධර්ම මිය ගොස් ඇත්තේ පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමට සැරසෙද්දී සිදු වූවේයැයි පොලීසිය විසින් කියන වෙඩි හුවමාරුවකදී වෙඩි වැදීමෙන්.
පොලීසියට සැකකරුවෙකුව මරා දමන්න කිසිදු අයිතියක් නැහැ. පොලීසිය විසින් කළ යුත්තේ සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමයි. සැකකරු වරදකරුවෙකු බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇත්නම් දඬුවම් දීම අධිකරණයේ කටයුත්තක්. නීති පොතේ තිබුණත් ලංකාවේ රජය විසින් මරණ දඬුවම ලබා නොදෙන නිසා වරද කුමක් වුවත් මේ දඬුවම අනිවාර්යයෙන්ම මරණ දඬුවමට වඩා අඩු එකක්.
ලංකාවේ නීතිය හා සාමය රැකීමේ ක්‍රියාවලිය තුළ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා. පොලීසියට සැකකරුවෙකු මරා දැමිය නොහැකි නිසා පොලීසිය බලය අපහරණය කළේ නැත්නම් මෙය සලකන්න වෙන්නේ ආත්මාරක්ෂාව තකා කළ දෙයක් හෝ අත්වැරදීමක් ලෙසයි. ලංකාවේ පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට යාමේදී මේ විදිහට වරින් වර මිනිස්සු මැරෙනවා. වසරකට මැරෙන ප්‍රමාණය මම හරියටම දන්නේ නැහැ.
ඇමරිකාවේ පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට යාමේදී වසරකට මිනිසුන් දහසක් පමණ මැරෙනවා. ජෝජ් ෆ්ලොයිඩ් එසේ මිය ගිය එක් පුද්ගලයෙක්. එය අදාළ පොලිස් නිලධාරියා විසින් සීමාව ඉක්මවා යමින් කළ බලය අපහරණය කිරීමක් බව මේ වන විට පැහැදිලි වී තිබෙනවා. ඒ වීඩියෝ සාක්ෂි තිබෙන නිසා. එහෙත්, පොලීසිය කියන කතාව පමණක් බැලුවොත් එවැන්නක් පෙනෙන්නේ නැහැ.
රාජා විමලධර්ම මිය ගිය ආකාරය කිසිවෙකු විසින් වීඩියෝ කර නැහැ. ඒ නිසා, ජෝජ් ෆ්ලොයිඩ් සිද්ධියේදී මෙන් රාජා විමලධර්ම සිද්ධියේදීද පොලීසිය විසින් බලය අපහරණය කළාද කියා අපට දැන ගන්න විදිහක් නැහැ. ඇත්ත වුනත් බොරු වුනත් පොලීසිය කියන කතාව පිළිගන්න වෙනවා. රාජා විමලධර්මගේ මරණය සිදු වූ ආකාරය ගැන කිසිවකු විරෝධය පළ කර ඇති බවක් පෙනෙන්න නැහැ.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව ඇමරිකාවේ විශාල විරෝධයක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින්ම විසුරුවා හැර තිබෙනවා. නැවත අළුතෙන් පොලීසියක් පිහිටුවන බවක් කියැවී නැහැ.
කලින් ලියා ඇති පරිදි මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කියා කියන්නේ මිනියාපොලිස් නගරයේ ක්‍රියාත්මක එක් ස්වාධීන පොලිස් දෙපාර්තමේන්තුවක්. එය "ඇමරිකානු පොලිස් දෙපාර්තමේන්තුවක" කොටසක් නෙමෙයි. පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේ නගරයේ වැසියන්ට එවැන්නක් අවශ්‍ය වූ නිසා. ඒ වෙනුවෙන් පිරිවැය දරන්නට ඔවුන් සූදානම්ව සිටි නිසා. දැන් ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවක් එපා කියන නිසා එය විසුරුවා හැර තිබෙනවා. එහි සේවය කළ නිලධාරීන්ට දැන් රැකියා නැහැ.
මිනියාපොලිස් නගරයේ වැසියන්ට පොලීසියක් අවශ්‍ය වී තිබුණේ ජෝජ් ෆ්ලොයිඩ් වැනි මිනිස්සු නගරයේ ඉන්න නිසා. දැන් රැකියා අහිමිව සිටින මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විසින් හඳුන්වා ඇති පරිදි ජෝජ් ෆ්ලොයිඩ් "භයානක අපරාධකරුවෙක්".
අධිකරණ වාර්තා අනුව ජෝජ් ෆ්ලොයිඩ් හොරකම්, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, ආයුධ පෙන්නා මංකොල්ලකෑම, බලහත්කාරයෙන් ගෙවල් වලට ඇතුළු වීම ඇතුළු වැරදි සඳහා අවම වශයෙන් පස් වරක් සිර දඬුවම් ලැබූ අයෙක්. තනිව සිටි කාන්තාවකගේ නිවසට ඇතුළු වී ඇගේ බඩට පිස්තෝලයක් තබා ඇගේ ජංගම දුරකථනය හා කණකර පැහැර ගත් පුද්ගලයෙක්. මේ කිසිවක් සැක කරන දේවල් නෙමෙයි. අධිකරණයේ ඔප්පු වූ හෝ ජෝජ් ෆ්ලොයිඩ් විසින්ම අධිකරණය හමුවේ පිළිගෙන තිබෙන දේවල්.
මිනිසුන්ට පොලීසියක් අවශ්‍ය වන්නේ මහ්මුද් අබුමයියාලේගේ කඩේ වැඩ කළ බාලවයස්කාර දරුවා මෙන් බොහෝ දෙනෙකුට ජෝජ් ෆ්ලොයිඩ් වැනි අපරාධකරුවන්ගෙන් තනිව බේරෙන්න අමාරු නිසයි. පොලීසිය නඩත්තු කිරීම වෙනුවෙන් ඔවුන් මිලක් ගෙවන්නේ ඒ නිසයි.
එහෙත්, මේ කිසිවක් ජෝජ් ෆ්ලොයිඩ්ව පොලිස් අත් අඩංගුවේදී මිය ගිය ආකාරය සාධාරණීකරණය කරන්නේ නැහැ. සැකකරුවෙකු වීම හෝ පෙර වැරදි තිබීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු අතින් සිදු වන මරණයක් සාධාරණීකරණය කළ නොහැකියි. මිනියාපොලිස් නගරයේ වැසියන් පොලිසියට එරෙහිව විරෝධතා දක්වා තිබෙන්නේත්, නගරාධිපතිවරයා විසින් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම විසුරුවා හැර තිබෙන්නේත් ඒ නිසයි. නගරයේ අපරාධ වැඩි වී නගර වැසියන් නැවතත් පොලිස් දෙපාර්තමේන්තුවක් ඉල්ලා සිටියහොත් එයත් සිදු වෙයි. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒ වගේ එකක්.
සමහර විට ජෝජ් ෆ්ලොයිඩ්ට වගේම රාජා විමලධර්මටත් පෙර වැරදි ඇති. ඔහු කී වරක් සිරගත වී තිබෙන කෙනෙක්ද කියා මම දන්නේ නැහැ. සැකකරුවෙක් පමණක්ද කියා දන්නෙත් නැහැ. ඒ මොකක් වුනත් ඔහුට දඬුවම් හිමි විය යුත්තේ නිසි ක්‍රමවේදයකට අනුවයි. පොලීසියට සැකකරුවෙකු වෙඩි තබා මරා දමන්න බැහැ. පොලීසිය කියන විදිහට සිදු වුනේ නොවැලැක්විය හැකි දෙයක් හෝ අත්වැරදීමක් වෙන්න පුළුවන්.
රාජා විමලධර්මගේ මරණය ලංකාවේ කාටවත් ප්‍රශ්නයක් වී නැහැ. නමුත්, ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ගැන විරෝධය පළ කරමින් පෙරටුගාමී පක්ෂය විසින් උද්ඝෝෂණයක් පවත්වලා. එහි ප්‍රශ්නයක් නැහැ. උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ මොන වගේ අවස්ථා වලදීද කියා තීරණය කරන එක එම පක්ෂයේ සාමාජිකයින්ගේ අයිතියක්.
කොහොම වුනත් ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය ගැන විරෝධය පළ කළ ඇමරිකානුවන්ට මෙන් මිනියාපොලිස් නගරාධිපතිගේ හා පොලිස් ප්‍රධානියාගේ රාජ්‍ය ත්‍රස්තවාදය ගැන පුළුල් අවබෝධයක් සහිතව පාරට බැහැපු පෙරටුගාමී පක්ෂයට උද්ඝෝෂණය දිගටම කරගෙන යන්න ඉඩ ලැබී නැහැ. පොලීසිය කට්ටිය කුදලාගෙන ගිහින්. පහුගිය දවස් වල ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වී හිටපු, උද්ඝෝෂකයින් අතර සිට හොරකම් කළ අය පොලීසියෙන් වලක්වන විට පවා ඒ ගැන කණගාටු වුනු, ලංකාවේ ගොඩක් අයට ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි.
ඇමරිකාව හරිම වාසනාවන්ත රටක් කියා කියන්නේ ඒකයි. ඇමරිකාවේ මොකක් හරි වැරැද්දක් වෙන කොට වැරැද්ද හදන්න ඇමරිකානුවන් මැදිහත් වෙනවා. එයට අවස්ථාවත් ලැබෙනවා. වැරැද්දත් හැදෙනවා. ඒ වගේම, ඇමරිකාවේ මොකක් හරි වැරැද්දක් වෙන කොට වැරැද්ද හදන්න ලංකාවේ අයත් උදවු කරනවා. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලෝකයම පෙනී සිටිනවා. කොයි තරම් වාසනාවන්ත රටක්ද?
ලංකාවේ වෙන දේවල් ගැන කතා කරන්න ලංකාවේ මිනිස්සුත් නෑ. වෙන රටවල ඉන්න අය මැදිහත් වෙනවට කැමතිත් නැහැ. ඔහොම යං.
Labels:
ඇමරිකාව,
දේශපාලනය,
පොලීසිය,
ප්‍රජාතන්ත්‍රවාදය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
මම හිතන්නේ ඇමරිකාව මුළු ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා දිවිහිමියෙන් සටන් කරන හින්දා ලංකාවේ මිනිස්සු ඇමරිකාවේ පොඩි දෙයක් දැක්කත් ඕක අල්ල ගන්න හරිම දක්ෂයි, එහෙම කරනකොට තමන්ගේ රටේ තියෙන දහසකුත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියා ඔවුන්ට පේන්නේ නෑ
ReplyDeleteඅමෙරිකාවේ මේ විරොදතා තියෙන්නෙ ඉකෝ කියන විදිහට පොලීසිය බලය ඉක්මවා පාවිච්චි කිරීමට එරෙහිව නොවෙයි. ඇමෙරිකානු පොලීසියේ මෙවැනි බලය ඉක්මවා සිදවන ක්‍රියාකාරකම් වලින් බහුතරයක් කළු ජාතිකයන්ට විරුද්දව සිදු වීම නිසයි (ලංකාවේන් එහෙ ගිහින් ඉන්න උනුත් ලන්කාවේ අපිට පෙන්ඩ ලොකු ටෝක් බ්ලොග් ලිව්වට එහේ පොලීසියෙන් සලකන්නෙ කළු අයගෙ ගොඩටම දාල තමා)
Deleteමමත් අවුරුදු 8යි මාස 4ක් එහෙ හිටිය. (දනටත් මම ඉන්නෙ වෙනත් රටක ඒ නිසා මම දන්නව අනිත් යුරෝපීය රටවල් වල කලු හම තියන අපිට මේ තරම්ම නරක විදිහට සලකන්නෙ නැහැ ) ඒකාලේ මේ වගෙ ලොකු විරෝදතා වගයක් ගිහින් ඔබාමා මිනිහගෙ හිටපු ඇටර්නි ජෙනරල් උනු කලු ජාතික හෝල්ඩර්ව පත් කලා කලු ජාතිකයින්ට විරුද්දව පොලීසිය බලය ඉක්මවා ක්‍රියා කරනවද කියල හොයල වාර්තා කරන්ඩ කියල. මිනිහා හොයා ගත්තු විදිහට පොලීසිය අතින් සිදද වෙන ඔවැනි දේ වලින් 60% ක් විතර (මට මතක විදිහට ) කලු අයට විරුද්දව. කොටින්ම පොලිස් නිලදාරීන් අරන් යන බල්ලන් නිලදාරියට "අකීකරුව" පනල ගිහින් හපන්නෙත් වැඩියෙනම් කලු ජාතිකයො. එතකොට තත්වේ හිතා ගන්ඩ පුලුවන්නෙ. මේ ඉකෝ කියන "ඇමරිකාවේ මොකක් හරි වැරැද්දක් වෙන කොට වැරැද්ද හදන්න ඇමරිකානුවන් මැදිහත් වෙනවා" නම් මේවා හරි ගිහින් දැන් දශක ගනනාවක් වෙන්ඩ එපයි. ඒක තමා පට්ටම බොරුව.
අත්තටම එහෙ ඉන්න ලන්කාවේ උන් සුදු පොලිස් කාරයෙක් දැක්කම චූ යන ගානට බයෙන් තමා ගිහින් කතා කරන්නෙ. නමුත් ඇමෙරිකන් ෆිල්ම් බලල ඉකොලා වගෙ අය ලියන බ්ලොග් බලල ඇමෙරිකාව සුර පුරේ කියල හිත ඉන්න ලංකාවෙන් එලියට අඩියක් තියල නැති උන්ට මේ වගෙ සිද්දි වලින් එහෙ ඉන්න ලන්කාවෙ අයගෙ සැබෑ ඉරනම තේරෙනව. ඒ නිසා ඉකෝ වගේ අය ඉක්මනට පැනල ඇත්ත ත්ත්වය පොඩ්ඩක් විකුර්ති කරල ලන්කාවටත් පොඩි මඩක් ගහල බ්ලොග් එකක් දානව එතකොට ආයිත් අර ගැලවුනු රෙද්ද ඇඳ ගන්ඩ පුලුවන් කියල හිතල
ලංකාවේ අපිට මානව අයිතිවාසිකම් උගන්නන්ඩ එන උන් අපිට වඩා දහස් ගුනයකින් එහේ ඉන්න සුළුතර මිනිස්සුන්ව පාගගෙන ඉන්නෙ
//අත්තටම එහෙ ඉන්න ලන්කාවේ උන් සුදු පොලිස් කාරයෙක් දැක්කම චූ යන ගානට බයෙන් තමා ගිහින් කතා කරන්නෙ.//
Deleteඔබ අවුරුදු අටක් ඇමරිකාවේ ඉඳලා තියෙන්නේ මොන තරම් පීඩනයකින්ද කියලා මට හිතා ගන්න පුළුවන්. මම එහෙමනම් ඔය වගේ බයකින් හිටියානම් අවුරුදු අටක් තියා මාසයක්වත් ඇමරිකාවේ ඉන්නේ නැහැ. බලෙන් තියාගන්න බෑනේ. සමහර විට කියන්නේ හෝ පිටින් පෙන්නුවේ නැති වුනාට පොලිස් කාරයෙක් දකින වාරයක් ගානේ චූ යන නිසා හැම වෙලාවෙම ඩයපර් අඳින තව අය ඉඳලා තියෙනවා හෝ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ බයකින් ඉන්න අය නිර්නාමිකව හෝ ඇත්ත තත්ත්වය කියන එක හොඳයි. එතකොට අපිත් දන්නවා මේ වගේ අයත් ඉන්නවා කියලා. නැත්නම් කොහොමද දන්නේ?
//ලංකාවේ අපිට මානව අයිතිවාසිකම් උගන්නන්ඩ එන උන් අපිට වඩා දහස් ගුනයකින් එහේ ඉන්න සුළුතර මිනිස්සුන්ව පාගගෙන ඉන්නෙ//
ඔබ විසින් "අපි" කියා හඳුන්වන කණ්ඩායම කුමක්ද? ඔබේ කණ්ඩායම විසින් ලංකාවේ සුළුතර මිනිස්සුන්ව පාගගෙන ඉන්නෙ කොයි විදිහටද? කොයි තරමටද?
ලැජ්ජවට ලොකු කතා කිව්වට ඉකෝට ජීවිත කාලෙම ඉන්ඩ වෙලා තියෙන්නෙ ඉතින් ඒ පීඩනයෙන්ම තමා. මම නම් අවුරුදු 8න් මගෙ වැඩේ කර ගත්ත පීඩනය අඩු තැනකට ගියා
Delete//ඔබ විසින් "අපි" කියා හඳුන්වන කණ්ඩායම කුමක්ද?// ශ්‍රී ලාංකිකයින්
//ඔබේ කණ්ඩායම විසින් ලංකාවේ සුළුතර මිනිස්සුන්ව පාගගෙන ඉන්නෙ කොයි විදිහටද? කොයි තරමටද?//
ශ්‍රී ලාංකිකයින් ඇත්තටම සුලුතරයක් පාගා ගෙන ඉන්නවදැයි තේරුම් ගැනීමට මම ඉහත කී හොල්ඩර් ගෙ රෙපොර්ට් එක කියවා බලන්න. ඔබ ඇතුලු කළු ජාතිකයින් ගොඩට වැටෙන් මිනිසුන් කී දෙනෙක් වසරකදී පොලීසිය අතින් මිය යනවාද ? එය ලන්කාවෙ මිලියන 22 වූ මුලු ජනගහනයෙන් සුලු තරයෙ ප්‍රතිශතය සමග ගලපා බලන්න
වැරදි අදිකරන තීන්දු නිසා වසර 20කට වඩා සිරගතව සිට නිදහස් වූ ඇමෙරිකානුවන්ගෙන් අති මහත් බහුතරයත් කලු අයය. අපේ
අදිකරන ස්වාදීන කරන්නට උපදෙස් දෙ අයගේ අදිකරන තරම පෙනේද ? ප්‍රශ්නය ඔවුන්ට කඩේ යන කලු සුද්දන්ට තමුන්ගෙ ඉරනම පිළි ගැනීමට ඇති ලැජ්ජාවය
ඇමරිකාවේ ආක්‍රමණශීලි,මර්ධනකාරී ප්‍රතිපත්තියට එරෙහිව අභිතව සටන් වදිනා ඉස්ලාමිය විමුක්ති සන්නද්ධ අරගලයට අපගේ විප්ලවීය ආචාරය!!
ReplyDeleteඅනුන්ගේ රටක ප්‍රශ්ණයක්ට, තමන්ගේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ශාවට තර්ජනයක් වෙන පරිදි, නිරොධායන නීතී කඩමින් කරපු උද්ගෝෂණයක් මැඩපැවැත්වීම පොලීසීය ක්‍රියා කල ආකරය හොදයි...සැකකරුවන්ව අධීකරණයට පමුනුවල තියෙනවා....මෙහි කිසි වැරැද්දක් නෑ.... මේගොල්ලො අපේ රටේ සැබෑ දැවෙන් ප්‍රශ්ණයකට පාර බැස්සනම් , ඇමෙරිකාවෙ මිනිස්සු වගේම ලංකාවෙ අයත් ඒ අය වෙනුවෙන් පෙනී හිටිනවා....රතුපස්වල උනෙත් ඒ වගේ දෙයක්...
ReplyDeleteඒ වගේම අර පාතාලේ පොරගේ මරණය ගැනත් මහේස්ත්‍රාත්වරයා අදාල සිද්ධිය උනු තැනට ගිහිල්ලා පරීකශණයක් පවත්වා තියෙනවා...එතැන පොලිසීය වැරැද්දක් කරලා තියෙනව නම් , ඒ ගැන මහෙස්ත්‍රාත්වරයා නිසි පියවර ගත යුතුයි...
මෙතැන ඇමෙරිකාවෙ පොරවල් ටොයියො, ලංකාවේ පොරවල් බයියො කියන ඉකොන්ගේ ලියමනේ යටිපෙල හා මට නම් එකඟ වෙන්න බෑ....
තමන්ගේ රට දාල වෙනත් රටවලට සංක්‍රමණය වෙච්චි ගොඩක් අයට තියෙන රෝගයක් ඕක....ඒ තමන් ගත්ත සංක්‍රමණික තීරණට යටි හිතෙන් නිවැරදි කර ගන්න අවිඟාණිකව නැගෙන මනෝමූල සිතුවිල්ලක්...
ඒකෙන් මං කියන්නනෙ නෑ සංක්‍රමණය උනු අය වැරදියි කියලා.....ඒත් ඔය තත්වය ගොඩක් දෙනෙකුට තියෙනවා.
තව දෙයක් කියන්න තියෙනවා...... ගොඩක් පාතාල කාරයන්ව මැරුවම් ඒ පිටුපස හිටපු සැබෑ අපරාධකාරය උන,,, ඔවුන්ව මෙහෙයවපු දේශපාලකයා පහසුවෙන් ගැලවී යනවා....මේවා ගැන මීට වඩා ජණමාධ්‍ය මිනිසුන් අතර මථයක් හදන්න ඕනේ කියන තැන මම ඉන්නවා....දැන් පසු ගිය කාලේ අල්ලපු මධූස්, කංජිපානි වැනි අපරාධකරුව තාම හිරේ...එගොල්ලන්ට අරාක්ශාව දුන්න දේශපාලකයො තාම නිදහසේ...
ReplyDeleteමේවා ලංකාවේ විතරක් නෙවේ,,,ඇමෙරිකාවෙත් තියෙනවා......
පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...
ReplyDeleteඒ සදහා හේතු වූ කරුණු
1) ඇමරිකාවට එරෙහිව අද දින(09) පැවැත්වූ පෙරටුගාමී උද්ගෙෂකයන්ව දරුනු ලෙස මර්ධනය කිරීම හරහා ගෝඨා ඇමරිකන් ගැත්තෙක් බව ඔප්පු වීම ..
2) රාජිතගේ උද්ගෝෂණ ,ඊයේ සිරිකොත උද්ගෝෂණ ,ඩෑන් ප්‍රියසාද්ගේ උද්ගෝෂණ සහ තොන්ඩමන්ගේ අවමගුලට පැමිනි ජනතාව අතඩoගුවට නොගෙන කිසිදු දේශපාලන හයියක් නැති පෙරටුගාමින්ව පමනක් දරුණු ක්‍රියාමාර්ග හරහා අත් අඩoගුවට ගැනීම .
3) නීරෝධන නීති අමු අමුවේ උල්ලoඝනය කර මෙරටට ඇතුලු වූ ඇමරිකන් නිලධාරියා අත් අoඩගුවට නොගැනීමෙන් ගෝඨා ආණ්ඩුව ඇමරිකන් ගැති රනිල්ට පවා නොදෙවෙනි කොන්දක් නැති ආණ්ඩුවක් බව හෙලිවීම .
4) ඇදිරි නීතිය සහ නිරෝදන නීතිය යන නීති 2ක් කැඩූ තොණ්ඩමන්ගේ අවමගුල සoවිධානය කල අයව සහ එය බැලීමට පැමිනි අයව අත් අඩoගුවට නොගෙනීම .
5) තොන්ඩමන්ගේ අවමගුලට සහභාගී වූ ද්‍රවිඩ ජාතිකයින්ව අත් අඩoගුවට නොගැනීමත් බහුතරයක් සිoහල ජාතිකයින් වූ පෙරටුගාමින්ව ඇල්ලීමත් හරහා පොහොට්ටුව ජන වර්ග වලට විවිද ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව හැගී යාම .
6) පොහොට්ටුවේ ඇමරිකන් ගැති හැසිරීම හමුවේ මෙරට දෙකඩ කිරිමේ ඇමරිකන් ගිවිසුම ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පොහොට්ටු ආන්ඩුවක් හරහා සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීම .
7) උස් තැන් දැක හැකිලීමත් මිටි තැන් දැක පිප්පීමත් නිවට ක්‍රියාවක් බැවින් පෙරටුගාමින්ට සැලකූ ආකාරය හරහා මේ ආණ්ඩුව නිවට ආන්ඩුවක් බව හෙළිවීම .
8) කොරෝනා සමයේ රජයේ නිලදාරින්ට සුර සැපත් පෞද්ගලික අoශයට අඩු සැලකිලි ද්ක්වීමත් හරහා සමාජය බෙදීමකට පොහොට්ටුව විසින් කටයුතු කිරීම .
9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම
10) අදිකරණ නියෝග නිසි ලෙස දැනුම් දීමකින් තොරව සාමකාමි පෙරටුගාමීන්ව අත් අඩoගුවට ගැනීම සහ අදිකරණ තහනම් නියෝග නොමැති ස්ථාන වල මීටරයේ පරතරයකින් සහ නීරෝධන ක්‍රියාවලින් අනුගමනය කල පෙරටුගාමින්ව ඇල්ලීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීරෝදන සලුපට හරහා මරා දැමීමට පොහොට්ටුව කටයුතු කිරීම .
11) සාෆිගේ හොර වැඩ ඇල්ලු කුරුනෑගලේ රෝහල් අද්යක්ෂකවරයා ට ස්ථාන මාරු ලබා දීම .
12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .
13) කොරෝනා මර්ධනයට දේශීය වෙදකම යොදාගැනීම පවිත්‍රා විසින් ප්‍රතික්ෂේප කිරිම .
14) ලෝක වෙලදපොලේ තෙල් මිල අඩු වී තිබියදීත් එහි වාසිය ජනතාවට ලබා නොදීමත් ඉහල යන බඩු මිලත්
පක්ෂ පාට වලින් අන්ධ නොවී ගෝඨාට කතිරේ ගැසූ ඔබත් පොහොට්ටුවට ජන්දය දීමෙන් වලකින්න ....ජන්දේ ඉල්ලන්න කලින් මෙහෙමනම් පස්සට කොහොම වෙයිද ?
ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරියේ විමල් උපවාසයක් කරන්න ගත්තා නම් පෙරටුගාමීන්ට කළ මර්දනය විමල්ලාට සිදුවෙන්නේ නෑ සහතිකයි...
ReplyDeleteඔය මුළු සිද්ධියම එකම නාට්‍ය පිටපතක කොටස් වෙන්නත් බැරිකමක් නැහැ. සමහර විට පොලීසියට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තා කියලා තව ටික දවසකින් ඇහෙන්න පුළුවන්.
Deleteඉකොනෝ,
ReplyDelete'මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කියා කියන්නේ මිනියාපොලිස් නගරයේ ක්‍රියාත්මක එක් ස්වාධීන පොලිස් දෙපාර්තමේන්තුවක්. එය "ඇමරිකානු පොලිස් දෙපාර්තමේන්තුවක" කොටසක් නෙමෙයි. '
එතකොට ඒ ඒ පොලිස් දෙපාර්තමේන්තු වලට ක්‍රියාත්මක කිරීමට තිබෙනා නිතිය කොයිවගේද? එක් එක් පොලිස් ස්ථානයෙන් ක්‍රියාත්මක කරන නිතිය එකිනෙකට වෙනස්ද? එක් පොලිස් ස්ථානයකට වරදක් වෙන දෙයක් තවත් පොලිස් ස්ථානයට වරදක් නෙමෙයිද? නැතිනම් ඕනෑම පොලිස් ස්ථානයකට ක්‍රියාත්මක කිරීමට තිබෙනා පොදු නීතියක් තිබෙනවද? පොලිසිය පුද්ගලික එකක්ද? නැතිනම් රාජ්‍ය ආයතනයක්ද? අධිකරණයත් ඒ ඒ පොලිස් කොට්ටාස අනුව වෙනස්ද? දඩ ගසන්නේ, දඩුවම් ලබා දෙන්නේ කොහොමද? පුද්ගලික බන්ධනාගාර නම් තිබෙනවා නේද?
ඉතා වැදගත් ප්‍රශ්න ටිකක්. ලංකාවේ විදිහට ඇමරිකාව ගැන හිතන එක බොහෝ විට නිවැරදි නැත්තේ මේ කරුණු නිසා. ලංකාවේ ගොඩක් අය ඇමරිකාව ලෙස හිතේ මවා ගන්නේ ලංකාවේ තිබෙන ආකාරයේ මධ්‍යගත සමාජවාදී ආකෘතියක්. ඇමරිකාව එවැනි රටක් නෙමෙයි. දැන් ඔය කුමාර් ගුණරත්නම්ලා ඇමරිකාවේ රාජ්‍ය ත්‍රස්තවාදයක් ගැන කතා කරනවා. ඇමරිකාවේ පොලීසියක් කියන්නේ සාපේක්ෂව ඉතා කුඩා ප්‍රාදේශීය ආයතනයක්. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මිනියාපොලිස් නගරාධිපති යටතේ. පොලිස් නිලධාරියෙක් වැරැද්දක් කළොත් ඔහුට නඩු පවරා වන්දි අය කර ගන්න පුළුවන්. පොලිස් දෙපාර්තමේන්තුව වැරැද්දක් කළොත් පොලිස් දෙපාර්තමේන්තුවට නඩු පවරන්න පුළුවන්. පොලීසිය කරන වරදක් ලංකාවේ වගේ රාජ්‍ය ත්‍රස්තවාදයක් වෙන්නේ නැහැ.
Deleteඇමරිකාවේ ව්‍යවස්ථාව හා ෆෙඩරල් නීති හැරුණු විට අනෙක් නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට විශාල ලෙස වෙනස් වෙනවා. ගබ්සා කිරීමේ අයිතිය, විවාහ වන වයස, සමලිංගික විවාහ අයිතිය, ගංජා භාවිතය වගේ ගොඩක් දේවල් එක ප්‍රාන්තයක බරපතල ගණයේ වරදක් වෙන්නත් වෙනත් ප්‍රාන්තයක වරදක් නොවෙන්නත් පුළුවන්. ඇමරිකාවේ මධ්‍යම රජයට ඇමරිකාව ඇතුළේ කරන්න පුළුවන් ඉතා සීමිත දේවල් ටිකක් පමණයි. ඇමරිකාවෙන් පිට කරන දේවල් බොහෝ විට ඇමරිකාව ඇතුළේ කරන්න බැහැ. සමහර නීති ප්‍රාන්තය ඇතුළේ ප්‍රදේශ අනුව වුනත් වෙනස් වෙනවා. එක් එක් පොලිස් දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක විය හැකි සීමාවන් තියෙනවා. භූගෝලීය සීමාවන් වගේම කළ හැකි කටයුතු පිළිබඳ සීමාවන්. රටටම බලපාන පොදු නීති වන්නේ ව්‍යවස්ථාව හා ෆෙඩරල් නීති පමණයි. ඒවා මූලික මට්ටමේ නීති. පොලීසියකට බොහෝ විට ක්‍රියාත්මක කරන්නේ වෙන්නේ ප්‍රාදේශීය නීති. පොලීසිය රාජ්‍ය ආයතනයක්ද ප්‍රශ්නය ඔබ අහන්නේ ලංකාවේ වගේ මධ්‍යගත රජයක් ගැන හිතේ තියාගෙන. මෙය ඔබ රජය කියා හඳුන්වන්නේ කුමක්ද කියන එක මත තීරණය වෙනවා. දළ වශයෙන් ෆෙඩරල් රජයට අයිති වන්නේ ප්‍රාන්තයකට අයිති නැති වොෂින්ටන් ඩීසී වල පොලීසි පමණයි. අනෙක් පොලීසි ගොඩක් රාජ්‍ය ව්‍යුහයේ ප්‍රාදේශීය ආයතන යටතේ තිබෙන ඒවා. පොලිස් කටයුතු පෞද්ගලික අංශයට දුන් අවස්ථාත් තියෙනවා. මේ වගේ දේවල් කිසියම් ප්‍රදේශයක මිනිස්සුන්ගේ තීරණ. අධිකරණ පද්ධතිය ගත්තත් ෆෙඩරල් අධිකරණ අදාළ වෙන්නේ විදේශ වෙළඳාම, ජාත්‍යන්තර ගිවිසුම්, මූලික අයිතිවාසිකම් වගේ දේවල් වලට. ඒ ඒ ප්‍රාන්තයේ අධිකරණ පද්ධතිය ප්‍රාන්තය විසින් පිහිටුවා ඇති එකක්. වෙනත් මට්ටම් වල ප්‍රාදේශීය අධිකරණත් තිබෙනවා. අධිකරණය තුළත් හැම පුද්ගලයෙකුටම වැදගත් තැනක් හිමි වෙනවා. ජූරි සභිකයෙකු ලෙස යන එක විශේෂ හේතුවක් නැත්නම් ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. 8%ක් පමණ රඳවා තබා තිබෙන්නේ පෞද්ගලික බන්ධනාගාර වල. ඇතැම් ප්‍රාන්ත වල 50%කට වඩා වැඩියි.