Saturday, February 2, 2019
ජීවිතය බේරූ ඇඟිලි තුනේ සංඥාව
යුද්ධයක් කියන්නේ මානුෂික හැඟීම් වලට වැඩිපුර ඉඩ ලැබෙන අවස්ථාවක් නෙමෙයි. යුද්ධයක ඉලක්කය වන්නේම තමන්ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා සතුරාට හැකි තරමින් හානි කිරීමයි. ජීවිත හා දේපොළ විනාශ වීම යුද්ධයක හෝ වෙනත් අවිගත් ගැටුමක මූලික ලක්ෂණයක්.
ජවිපෙ දෙවන කැරැල්ල වෙලාවේ ජවිපෙ විසින් තමන්ගේ අරමුණ ඉටු කර ගැනීම පිණිස පොදු හා පෞද්ගලික දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ කළා. ජීවිත විශාල ගණනක්ද නැති කළා. ජවිපෙ මර්දනය කළ ආරක්ෂක අංශ විසිනුත් ජවිපෙ හා ජවිපෙ නොවන විශාල පිරිසක් මරා දැම්මා. ජවිපෙ පළමු කැරැල්ල වෙලාවෙත් මේ දේවල් මේ විදිහටම සිදුවුණත් දෙවන කැරැල්ලේ හානි ඊට වඩා ගොඩක් වැඩියි.
ඔය ආකාරයටම උතුරේ සටන්කාමී කණ්ඩායම්, විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය, විසින් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම පිණිස දශක තුනක් පමණ පුරා විශාල දේපොළ විනාශයක් සිදු කළා. ආරක්ෂක අංශ සාමාජිකයින් වගේම සිවිල් පුරවැසියන් විශාල පිරිසක්ද ඝාතනය කළා. තවත් විශාල පිරිසක් ආබාධිතයින් බවට පත් කළා. රජයේ ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුම් වලදීත් එල්ටීටීඊ සාමාජිකයින් හා එම සංවිධානය සතු වූ භෞතික සම්පත් වගේම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවූ සිවිල් පුද්ගලයින්ගේ ජීවිත හා දේපොළ විශාල ප්‍රමාණයක්ද විනාශ වුණා.
ලංකාවට රස්නය දැනුණේ අඩුවෙන් වුවත්, ලෝක මට්ටමෙන් ගත් විට මෑතකාලීනව වැඩිම ජීවිත හා දේපොළ විනාශයක් සිදු වූ අවස්ථාව දෙවන ලෝක යුද්ධයයි. යුද්ධය හේතුවෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණය මිලියන 70-85 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.
ජපානය දෙවන ලෝක යුද්ධයේ ප්‍රධානම පාර්ශ්වකරුවෙක්. හිට්ලර්ගේ මරණයෙන් හා ජර්මනියේ යටත් වීමෙන් පසුව යුරෝපයේ යුද්ධය අවසන් වුවත් ජපානය යටත් වුණේ තවත් මාස ගණනකට පසුවයි. ඇමරිකාව දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහිව යුද්ධ කරමින් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ සිටි ප්‍රධානම රටක්.
කියන්න යන සිදු වීම සිදු වී තිබෙන්නේ ජපානයේ ඔකිනාවා නගරය ආසන්නයේදීයි. දෙපාර්ශ්වය අතර වූ ගැටුමකදී තුවාළ ලබා වැටී සිටින ඇමරිකන් සෙබළෙක් අධික රුධිර හානිය නිසා සිහි විසංඥ වෙන්න ආසන්නව ඉන්නවා. ජපන් සෙබළෙක් බයිනෙත්තුව උරුක් කරගෙන ඔහු වෙතට දිව එන්නේ සතුරාව ඉවරක් කර දමන්නයි. මොළයට ඔක්සිජන් සැපයුම අඩු වෙද්දී, ඇමරිකන් සෙබළාගේ හොඳ සිහිය ක්‍රමයෙන් අඩුවෙනවා. ඔහුගේ හිත ළමා කාලයට යනවා. ඔහුට මතක එපමණයි.
ඇමරිකන් සෙබළාට සිහිය එන විට ඔහු සිටින්නේ ඇමරිකන් හමුදා කඳවුරක ප්‍රතිකාර ලබමින්. ඔහුගේ සාක්කුවේ කිසියම් තුණ්ඩු කෑල්ලක් තියෙනවා. එහි ජපන් බසින් යමක් ලියා තිබෙනවා. ඔහු ජපන් බස දන්නා අයෙකු ලවා එය කියවා ගන්නවා.
"මා ඔබ වෙත ආවේ ඔබව මරා දමා ඉවරයක් කරන්නයි. ඒ එක්කම ඔබේ සිහිය නැති වී ගියේ ඔබේ අතේ ඇඟිලි වලින් බාලදක්ෂ ආචාරය සටහන් වෙද්දීයි. ඔබ කුඩා කළ මා මෙන්ම බාලදක්ෂයෙක්ව සිට ඇති බව පැහැදිලියි. ලෝකයේ කොහේ හිටියත් බාලදක්ෂයන් කියන්නේ සහෝදරයින්. මට මගේ සහෝදරයෙක්ව මරා දමන්න පුළුවන් කමක් නැහැ. මා ඔබේ තුවාල වලට සාත්තු කර ඉවත්ව යනවා. ඔබ සුවය ලබනු ඇතැයි ප්‍රාර්ථනා කරනවා."
මේ සටහන සමඟ අදාළ සෙබලාගේ නම ඇතුළු විස්තරත් තිබෙනවා.
ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් හා ඉන්පසුව ජපානයද යටත් වීමෙන් පසුව දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවා. පෙර කී හමුදා සෙබළා සුවය ලබනවා. ඔහුව ජපානයේ රැඳී සිටින ඇමරිකන් හමුදා අනු ඛණ්ඩයකට අනුයුක්ත කෙරෙනවා. මේ අතරවාරයේ ඔහු තමන්ගේ ජීවිතයේ බේරූ ජපන් සෙබළා ගැන සොයා බලනවා. එහිදී ඔහුට දැනගන්නට ලැබෙන පරිදි පසුව සිදු වූ සටනකදී මේ ජපන් සෙබළා මිය ගිහින්. ජපානයේ සිටින කාලය පුරා ඇමරිකන් සෙබළා විසින් ජපන් සෙබළාගේ දරු පවුලට හැකි සියළුම අයුරින් උදවු කරනවා.
පසුව මේ සිදුවීම සැමරීමට ස්මාරකයක් හදා තිබෙනවා. මා එය දැක නැහැ. කවදා හෝ එහි ගියොත් යන්න හිතාගෙන සිටින, බකට් ලිස්ට් එකේ තියෙන තැනක්. අන්තර් ජාලයෙන් සොයාගත හැකි වූ අදාළ ස්ථානයේ ඡායාරූප මෙහි තිබෙනවා.
Labels:
ජපානය,
දෙවන ලෝක යුද්ධය,
බාලදක්ෂ ව්‍යාපාරය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
apo,,kodomono kuni.mala jarawak.
ReplyDeleteඇනෝ, ඔබ කියන්නේ මේ ස්මාරකය තිබෙන පැත්ත ගැනද?
DeleteThis one?
Deletehttp://www.kodomonokuni.org/english/
ow
DeleteThanks!
Deleteපාසලේ දී අපි කීවේ බාලයක්‍ෂයින් කියායි!
ReplyDeleteඅපේ එක් ගුරුවරියකුත් ඔය වචනය නිතරම පාවිච්චි කළා.
Deleteපාසලේ කිසිම බාහිර ක්‍රියාකර කමක් නොකර නිකන් සිව්වසරක් මරදාන පාසලේ ගතකරපු එකා මොනවා දන්නවාද බාලදක්ෂයින් කරපු ක්‍රියාකාරම්
Deleteඉකොනොමැට්ටා,
ReplyDeleteඉකොනොමැට්ටාගේ ජනාධිපති නීතීඥ U.R. De Silva මහතා කුඩු නඩුවක චෝදනාව ලැබූ තැනැත්තෙකු හට ඇප ලබාගත්තේ යැයි පවසමිනි ඔහුව විවේචනය කරන post විශාල ප්‍රමාණයක් share වී ඇති බව දුටු නිසා ඉතාමත් සරල බසින් එම share කිරීම් කළ අනවබෝධයෙන් යුත් මිත්‍රයන් වෙත යම් සටහනක් මෙලෙස තබමි.
වෛද්‍යවරයෙකුට සියලුම රෝගීන් එක හා සමානය එය ඔවුන්ගේ ආචාර ධර්ම පද්ධතිය තුළ එන මූලික අංගයකි. නීතිඥවරුන්ගේ වෘත්තිය තුළද එලෙසින්ම වන ප්‍රධානතම ආචාර්යධර්මයක් වනුයේ අපහට එන සේවාදායකයින් තෝරාබේරාගැනීමට හැකියාවක් නොමැති බව යන්නයි. මෙය Cab Rank Rule ලෙසින් හඳුන්වන අතර 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාව තුළ 5 වගන්තිය මගින් නීතීඥවරුන් වෙත පනවා ඇත එම ආචාර ධර්මයන්ට අනුව, එම විශේෂ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම තමා සතුව පවතින්නේ නම් තමා වෙත පැමිණෙන ඕනෑම සේවාදායකයකු හට කිසිදු වෙනසකින් තොරව නීති සේවය ලබාදීම අනිවාර්යෙන්ම කළ යුතුය, එයට නීතීඥවරුන් ලෙස අප දිවුරා බැඳී සිටින්නෙමු එම රීති එලෙසින් පණවා ඇත්තේ සෑම සැකකරුවෙකුටම, සෑම චෝදනාවන් ලැබූ තැනැත්තෙකුටම තමන්ගේ කතාව, ආයාචනය, එම චෝදනාවට පිළිතුරු හෝ වරද පිළිගැනීම අධිකරණය වෙත පවතින නීතීන්ට අනුකූලව ලබාදීමට හැකියාව ඇති කරවීමටයි සමහරවිටක ඔබ ජීවිතයේ කිසිම දිනක අභූත චෝදනාවකට ලක් නොවන්නට ඇත,කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදී නීති ක්‍රමය සෑදී ඇත්තේ යමෙකුට චෝදනාවක් එල්ල කළ පමණින් ඔහු වරදකරුවකු නොවේ යන්න යන පදනම මතය. එම චෝදනාව ලැබූ තැනැත්තා වරදකරු වන්නේ දීර්ඝව සහ ඉතාමත් සූක්ෂම නඩු විභාගයකදී පැමිනිල්ලේ සාක්ෂිද, චෝදනාවක් ලැබූ තැනැත්තා සතු සාක්ෂි හෝ ඔහුගේ පැහැදිලි කිරීම් ද අසා ඒ මත විශේෂඥ පළපුරුද්ද ලැබූ අධිකරණ විනිශ්චයකාරවරයකු විසිනි ඔබට සේයාගේ මරණයේදී මෙලෙසින්ම කුපිත වූ ෆේස්බුක් වාසීන් කොණ්ඩයා එක සැනින්ම එල්ලුම් ගස් යවන්ට සූදානම් වුණා මෙන්ම තමන්ගේ මව මැරූ වේ යැයි චෝදනා ලැබූ අවුරුදු 20ක පමණ පුතෙකු ඔබ වැනි facebook වාසීන් විසින් නඩුවක් නොඅසා මරා එල්ලුම්ගස් යැවිය යුතු යයි තීරණය කළා මතක ඇති යැයි සිතමි. පසුව අනාවරණය වූයේ ඔවුන් දෙදෙනාම මෙම වැරදි නොකළ බවයි.
සැබෑ ලෝකයේ අධිකරණයන් තුල මෙවැනි අවස්ථා බොහෝ සුලභ ය. ඒ නිසාවෙන් සියලුම චෝදනාවක් ලැබූ තැනැත්තන්ට, සැකකරුවන්ට තම කතාව, ආයාචනය, පැහැදිලි කිරීම්, අධිකරණයට ලබාදීම සඳහා අවස්ථාවක් සලසා දිය යුතුමය. නීතිඥවරුන් මෙලෙසින් සමාජය විවේචනයට ලඝු වුණු තැනැත්තන් හට තම සේවය සැපයීම මගහැරීමකළහොත් සිදුවන අගතිය ඉහත පෙන්නු උදාහරණ ද්විත්වය හරහා ඔබට අවබෝධ වී ඇතැයි සිතමි. නීතිඥවරුන් ගේ සේවය ලබන සියලුම සැකකරුවන් අභූත චෝදනා ලැබූවන් යැයි බොළඳ කතාව කීමට මම උත්සාහ නොකරමි. මා ඔබට සරලව පැහැදිලි කර දෙන්නට උත්සාහ කරනුයේ නීතිඥවරු හට තම සේවාදායකයින් තෝරා බේරාගත නොහැකි වන ලෙසින් ආචාරධර්ම රීති පනවා තිබෙන්නේ ඇයිදැයි කියා ඔබ හට තේරුම් කර දීමටය එය යම්තාක් දුරට හෝ ඔබ හට අවබෝධ වී ඇති යැයි සිතමි.
එමෙන්ම මෙම නඩුවේ දී ඇප ලැබී ඇත්තේ නඩුවකින් වරදකාරයෙක් බවට තීරණය කරන පුද්ගලයකු නොව තවමත් අසමින් පවතින නඩුවක වෙනුවෙන් වසර තුන හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයකුට බවත්. සාමාන්‍යයෙන් එල්ලා මැරීමෙන් මරණීය දණ්ඩනය හිමිවන මිනීමැරුම් නඩුවක දී පවා චෝදනා ලැබූ තැනැත්තකුට වසරක කාලයකින් පසුව ඇප හිමිවන බවත් අධිකරණයෙන් දුන් තීන්දුව විවේචනය කිරීමට පෙර ඔබ ඉගෙනගත යුතුය
ඉකොනොමැට්ටා ප්‍රයෝගිකව හා න්‍යයාත්මකව මිත්‍යදෘෂ්ඨික ආගම සහ සමාජවාදය අතර වෙනසක් නැත. සමාජවාදය සුරාකෑම වසන් කරයි. සමාජවාදය සමාජ ප්‍රශ්ණ යටපත් කරයි. සමාජවාදය අඹිං වැනිය. මිනිසුන් වල්මත් කරයි. මෙම යුගයේදී ලබාගත නොහැකි දේ කොමියුනිස්ටි යුගයකදී ලබා දීමට පොරොන්දු වේ. අශිෂ්ඨ, අශිලාචාර, අධර්මිශ්ඨ, අධාර්මික ධනවාදය සුරකින නූතන මුර බල්ලන් තමයි පාදඩ සමාජවාදය.
//නීතිඥවරුන්ගේ වෘත්තිය තුළද එලෙසින්ම වන ප්‍රධානතම ආචාර්යධර්මයක් වනුයේ අපහට එන සේවාදායකයින් තෝරාබේරාගැනීමට හැකියාවක් නොමැති බව යන්නයි. //
Delete//එම රීති එලෙසින් පණවා ඇත්තේ සෑම සැකකරුවෙකුටම, සෑම චෝදනාවන් ලැබූ තැනැත්තෙකුටම තමන්ගේ කතාව, ආයාචනය, එම චෝදනාවට පිළිතුරු හෝ වරද පිළිගැනීම අධිකරණය වෙත පවතින නීතීන්ට අනුකූලව ලබාදීමට හැකියාව ඇති කරවීමටයි//
මේ කරුණු දෙකට සෘජුවම එකඟයි. ඒ වගේම මේ මතයන් වෙනුවෙන් පෙනී සිටිනවා.
හරිම අනුවේදනීය කතාවක්, මේ ජපන් කතාව වගේම මහ දැනමුත්තගෙ කතා, ජාතක කතා, අමතක කරලා සුද්දගෙ Jack and The Bean Stalk කතාව පස්සෙ ගියා.... මායා බෝංචි වැල දිගේ ඉහල ගිය ජැක්,යෝධයාගේ රන් කාසි මල්ල හොරකම් කරලා වීරයෙක් උනා.... සුද්දා තමයි හොරකම් කරන එකා වීරයෙක් කළේ..... තව උදාහරණ එමටයි... මේ එකක් කිව්වේ...
ReplyDeleteසමාජයේ වැඩි දෙනෙක් හිතන ආකාරය එයනම්, හොරකම් කරන එකා වීරයෙක් වෙනවා. මිනී මරන අයත් වීරයෝ වෙනවා.
Deleteඉකොනොමැට්ටාගේ ඊළඟ පෝස්ට් එකට මාතෘකාවක්, ලිංගික දිශානතිය/ ආකර්ෂණය වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇතිවෙන දෙයක් නිසා, සමරිසිතාවය විකෘතියක් නෙමේද ?
ReplyDeleteකලිනුත් ඕක මට තියෙන ප්‍රශ්නයක්. ඒක එහෙමනම් Zoophilia, Necrophilia වගේ ඒවා රෝග ලෙසත් පිළිගන්නේ ඇයි?
නරක අදහසක් නෙමෙයි. මේ ගැන ලියන්න මෙයටම සම්බන්ධ තවත් ගොඩක් දේවල් ගැන ලියන්න වෙනවා.
Deleteඉකොනොමැට්ටා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ 'Scouting for Boys' නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදුකර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය විය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම වූයේය, එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු අස්වී මුළු ජීවිත කාලයම මෙයට කැප කරමින් ලොව වටා සංචාරය කරමින් එය ව්‍යාප්ත කළේය.
ReplyDelete1920දී ලන්ඩනයේදී පළමු වන ජාත්‍යන්තර සම්මේලනය ජමිබෝරිය පවත් වන්නට විය. මේ අයුරින් පියවරෙන් පියවර පැමිනි බාලදක්‍ෂ ව්‍යාපාරය අද වන විට ලෝක තරුණ සංවිධානයන් ලෙස ප්‍රචලිත වී ඇත. වර්තමානය වන විට ලොව පුරා රටවල් 216කට අධික ප්‍රමාණයක් සාමාජිකයන් මිලියන 28කට වැඩි පිරිසක් ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ලියාපදිංචි වී සිටිති.
බාලදක්‍ෂ ආදර්ශපාඨය වන්නේ "සූදානම්ව සිටිනු" යන්නය. මෙයින් අදහස් වන්නේ බාලදක්‍ෂයා සැම විටම කයින් හා මනසින් කම යුතුකම් ඉටු කිරීමට සූදානම්ව සිටින බවයි.
ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් B.P යන ආදර නාමයෙන් හඳුන්වන “ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා” සොල්දාදුවන් සඳහා ලියන ලද "බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්" යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.මෙමගින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනෙකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908 වර්ෂයේදී "බාලදක්ෂ විද්‍යාව" ප්‍රකාශයට පත් කරන ලදී. ඒ හේතුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලටද පැතිර ගියේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුධ සේවයෙන් ඉල්ලා අස්විය. ඔහු 1912 දී “ඔලෙව් සෙන්ටි ක්ලෙයාර් සොමෙන්ස්” මෙනවිය සමඟ විවාහ විය. 1920 දී ලොව මුල්ම බාලදක්ෂ සමුළුවේදී B.P ලෝක බාලදක්ෂ නායකයා විය. 1929 දී V වන ජෝර්ජ් රජු ඔහුට "ගිල්වෙල්හි බේඩන් පවෙල්" යන වංශාධිපති පදවියකින් ගෞරව කරන ලදී.
බාලදක්‍ෂ නීතිය
Delete01. බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි. A Scout Is Trustworthy.
02. බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි. • A Scout Is Loyal.
03. බාලදක්ෂයා හිතවත්ව උදව් කරන්නෙකි. • A Scout Is Friendly And Considerate.
04. බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි. • A Scout Is A Brother To Every Other Scout.
05. බාලදක්ෂයා ආචාරශීලි අයෙකි. • A Scout Is Courteous.
06. බාලදක්ෂයා කරුණාවන්ත තැනැත්තෙකි. • A Scout Is Kind.
07. බාලදක්ෂයා කීකරු තැනැත්තෙකි. • A Scout Is Obedient.
08. බාලදක්ෂයා සතුටින් සිටින්නෙකි. • A Scout Is Cheerful.
09. බාලදක්ෂයා සකසුරුවම් අයෙකි. • A Scout Is Thrifty.
10. බාලදක්ෂයා සිත, කය හා වචනයෙන් පිරිසිදු අයෙකි. • A Scout Is Clean In Thought, Word And Deed.
බාලදක්‍ෂ පොරොන්දුව
"මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද,
සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට ද,
බාලදක්ෂ නීතියට කීකරු වීමට ද,
මාගේ අවංක විශ්වාසය උඩ මාෙග් සම්පූර්ණ උත්සාහය යෙදීමට
ගෞරව බහුමානයෙන් යුතුව පොරොන්දු වෙමි."
On My Honour I Promise To Do My Best To Do My Duty To My Religion And My Country To Help Other People At All Times To Obey To The Scout Law.
ලෝක බාලදක්‍ෂ පදක්කම
•තරු කොන් දහය - බාලදක්ෂ නීති දහය.
•පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන. •ඊ හිස - නිවැරදි දිශාව හා උසස් වීම පෙන්නුම් කරයි.
•වෘත්තාකාර ලණුව - ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමගිය/සහෝදරත්වය/එකට බැඳී සිටින බව
•පිරිමි ගැටය - ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමගිය/එකට එකතුවුණූ සහෝදරත්වය/අනුන්ට උපකාර කිරීමට බැඳී සිටින බව.
ඉකොනොමැට්ටාත් කුඩා කළ මා මෙන්ම බාලදක්ෂයෙක්ව සිට ඇති බව පැහැදිලියි. ලෝකයේ කොහේ හිටියත් බාලදක්ෂයන් කියන්නේ සහෝදරයින්. ඉකොනොමැට්ටාත් මගේ සහෝදරයෙක්.
දාන්න පහක්!
DeleteIn this way most of us are brothers, aren't we all did scouting once? Best was, to go out for days and days with 2 friends (looking for work) and walk in places we were never allowed to go (remember the days (as kids) we have to be home most of the time?)
ReplyDeleteTrue!
Deleteවිජේවීරට සෙවන දෙමින් අවුරුදු ගනාවක් ආරක්ෂා කල දොස්තර බිරිය විජේවීරගේ පුතුට හමුවුණු දවස..!
ReplyDeleteඅදත් වැල්ලවායේ සිට බණ්ඩාරවෙල හරහා නුවරඑළිය දෙසට ගමන් කරන ඔබට පූඬලුඔය සුවිශාල ඩන්සිනන් වතුයාය හමුවෙයි. 1984 පමණ කාලයේ එහි වතු රෝහලේ ආයතන භාර වෛද්‍යවරයා ලෙස සේවය කළේ තරුණ ජයතිලක ෙදාස්තර මහතාය.
ඒ වසරේම අග භාගයේ එක්තරා දිනෙක ෙදාස්තර මහතාගේ ඉතාම කිට්ටුවන්තයන් දෙදෙනකු වන ප්‍රේමසිරි හංවැල්ල හා සිසිර රන්දෙණිය මේ වතු බංගලාවට හදිසියේම පැමිණියේ ඔවුන්ගේ හිතවතකු වන එලියස් ප්‍රනාන්දු නමැත්තාට එහි තාවකාලික නවාතැන් ඉල්ලීම පිණිසය. තිදෙනා ආවේ මෝටර් සයිකල් දෙකකිනි.
රැවුල හොඳින් කපා කොටට කැපූ කොණ්ඩය පැත්තට පීරා සිනහමුසු මුහුණින් සිටි මේ අමුත්තා ඉතාම විනීත තැන්පත් පෙනුමකින් යුත් නිහඬ මිනිසකු බව පෙනිණි. සිත් ඇද බැඳ ගන්නා එහෙත් ඉතා සීමාසහිත ලෙස කතා කළ ඔහු තමන් හඳුන්වා දුන්නේ ඒ ප්‍රදේශයේ මැණික් හා ලී සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල නිරත වන කෙනකු ලෙසිනි. උපතින්ම ගෙනා සුහදශීලී හා මිත්‍රශීලී කාරුණික බවකින් හෙබි ජයතිලක ෙදාස්තර මහතා හිතවතුන් දෙදෙනාගේ ඉල්ලීම ඉවත දැමුවේ නැත. අමුත්තාට මේ ගෙදර නවාතැන් ලැබිණි. ෙදාස්තර බංගලාවේ සිට වතුයාය හොඳින් දර්ශනය වන උස් වහල සහිත නිහඬ විශාල කාමරයක් අමුත්තා සඳහා වෙන්විය.
ගෙවී ගියේ මාස 3කටත් අඩු කාලයකි. අමුත්තා හා ජයතිලක යුවළ අතර ක්‍රමයෙන් දැඩි හිතවත්කමක් ඇතිවන්නට වූයේය. අව්‍යාජ සිනාවෙන්ද ළෙන්ගතු කතාවෙන් ද සෑම දෙයක් ගැනම පූර්වාදර්ශ සම්පන්න පරිණත දැනුමකින් ද හෙබි මේ අමුත්තා තරුණ යුවළගේ සිත් ගත්තේය.
මේ එක්තරා දිනය උදා වූයේ ඔය අතරය. ජයතිලක ෙදාස්තර මහතා වතු රෝහලේ සේවය සඳහා ගොසිනි. ජයතිලක මහත්මිය ගේ ෙදාර අතුපතුගා අස්පස් කරමින් සිටියාය. ඒ අතර අමුත්තාගේ කාමරයට ද ගිය ඇයට එහි මේසය මත කිසියම් ලිපියක් ලියමින් සිට ඇති වගක් පෙනිණ. මඳකට වත්තේ පහළට සක්මන් කළ අමුත්තා එහි විශාල ගස් සෙවණක කල්පනාවේ නිමග්නව සිටිනු ඇයට අෑතට ජනේලයෙන් පෙනිණ. පෑන මඳක් මෑත් කළ ඇය ගැහැනු ගතියට මෙන් ගෙදර නතරව සිටින අර තරුණයාගේ ලියුම දෙස හොරැහින් බැලුවාය. ලිපියෙන් ආමන්ත්‍රණය කර තිබුණේ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනටය. කුතුහලයෙන් මෙළවුණු අෑ කඩදාසි කැබැලි කීපය පෙරළමින් හුස්මට දෙකට ලියුම කියවූවාය.
එය ජනතා විමුක්ති පෙරමුණට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් කරුණු දැක්වූ ලිපියක් විය. දෙවියනේ විශ්වාස කරන්න ලියුමට අස්සන ලෙසින් යටින් නම යොදා තිබුණේ “රෝහණ විජේවීර, සභාපති, ජනතා විමුක්ති පෙරමුණ” යනුවෙනි. තැතිගත් තරුණ ෙදාස්තර බිරිය අඩියට දෙකට වහා කාමරයෙන් පිට වූවාය. ඇයට මහා භීතියක්ද කුතුහලයක්ද දැනිණි. මේ අමුත්තා කවුද? ව්‍යාපාරිකයකු යැය සිතා තම සැමියා නවාතැන් දී තිබෙන එලියස් ප්‍රනාන්දු ඇත්තටම ජේ.ආර්. ජයවර්ධන මරණ වරෙන්තු නිකුත් කර තිබෙන තහනම් ජවිපෙ නායකයාද? මේ සිදුවන්නේ කුමක්ද?
ටික වේලාවකින් නැවත නිවෙස දෙසට ආ අමුත්තා ජයතිලක මහත්මිය දෙස කාරුණික සිනාවක් පා කාමරයට වැදුණේය. කිසිවක් නොසිදුවූවා ලෙස ඇය ද මඳ සිනාවක් සමඟ ඔහුගේ මුහුණ දෙස හොඳින් බැලුවාය. අතුගාමින් සිටි කොස්ස පැත්තකට දැමූ ඇය හනි හනික කණ්ණාඩිය ළඟට ගොස් කෙස්වැටිය අතින් සකස් කර ගනිමින් අමුත්තාට නොපෙනෙන්නට පෑළෙදාරින් එළියට පැන්නාය. තේ පඳුරු අතරින් ගල් ගොඩැලි පනිමින් සැමියාට මේ කතාව කියන්නට වත්තේම මඳක් දුරින් පිහිටි කුඩා වතු රෝහල වෙත හති දමමින් දිව ගියාය.
“කලබල වෙන්න එපා ඔයා යන්න මං එන්නම්” සාවධානව මේ කතාව ඇසූ ෙදාස්තර මහතා කීවේය.
ජයතිලක ෙදාස්තර මහතා සවස ගෙදර පැමිණියේය. මඳක් ගිමන් හැරි සැමියාට ජයතිලක මහත්මිය තමා දහවල් දුටු ජීවිතයේ බියකරුම කතාව හිමිහිට මිමිනුවාය.
දෙදෙනාම පත්වූයේ වචනයෙන් කියා නිම කළ නොහැකි වික්ෂිප්ත භාවයකටය. ෙදාස්තර මහතා නිරායාසයෙන් අසල පුටුවක් මත හිඳගත්තේය. ඉතා තියුණු මුවහත් ආයුධයක් කෙස් ගසකින් හිස උඩින් එල්ලා ඒ යට ජීවත් වීම වැනි තරමේ බියකරු හැඟීමකින් මේ දෙසිත් වෙළී යන්නට විය.
එහෙත් ෙදාස්තර ජයතිලක කලබල වූයේ නැත. එදින රාත්‍රිය මඳක් එළැඹෙන තෙක් ඔහු ඉවසිල්ලෙන් සිටියේය. ඇතුළු වන්නට අසීරු ගල් ලෙනකට පිවිසෙන්නාක් සේ ඔහු තම නිවෙසේ අර අමුත්තා සිටි කාමරයට පිවිසියේය.
නිසොල්මනේ සිටි අමුත්තා වෙත ඉතා සාවධානව තම ප්‍රශ්නය යොමු කළේය. කිසිදු චකිතයක් නොදැක්වූ අමුත්තා හිමින් හිස හරවමින් නැඟිට සිටියේය.
“ඔව්. මා ඔබව විශ්වාස කරනවා. ඒත් ඔබට මාව ප්‍රශ්නයක් වේවි නේද? මම යන්නම්…”
ජයතිලක ෙදාස්තර මහතා කොයි විදියේ තීරණයක් ගත්තේ දැයි දැන් ඔබ සිතනු ඇත. සාමාන්‍ය මිනිසකු සිතන පරිදි නම් එදා රාත්‍රියේම “අනේ අපේ ගෙදරින් ඉක්මනටම යන්න” යැයි ඔහු කියනු ඇතැයි ඔබ සිතනු ඇත.
“නැහැ. එපා. මම ඔබව ආරක්ෂා කරනවා. ඔබ මෙහෙ ඉන්න…” මේ පුදුමාකාර මිනිසා රෝහණ විජේවීරට නොපැකිළව කීවේය.
එක්දහස් නවසිය අසූතුන ජේ.ආර්. ජයවර්ධනගේ අසාධාරණ අත්තනෝමතික පක්ෂ තහනමින් පසු කතරගම, ගලහිටිය, තණමල්විල හා හම්බෙගමුව යන ප්‍රදේශවල වසරක පමණ කාලයක් වනගතව සිටි විජේවීරගේ පළමු රහසිගත නවාතැන නිර්මාණය වූයේ ඔය විදියටය.
Deleteඑතැන් සිට වසර 03කට ආසන්න කාලයක් රෝහණ විජේවීරට රැකවරණ සැපයූ මේ ෙදාස්තර මහතා කලක් යනවිට විජේවීරගේ බිරිය ශ්‍රී මතී හා එවකට සිටි සුපුන් චාගා හා දසුන් ඊෂා කුඩා දියණියන් දෙදෙනාද ළඟට ගෙන්වා ගැනීමට තරම් කාරුණික හා එඩිතර වූයේ මේ ලෝකයේ කිසිවකුත් නොදන්නා රහස රකිමිනි. ඉතා ළෙන්ගතු ඇසුරකට පත්වුණු විජේවීර, ෙදාස්තර යුවළ ඇමතුවේ නංගී හා මල්ලී යනුවෙනි. විජේවීරගේ උපදෙස් මත මේ යුවළ විජේවීර ඇමැතුවේ “ලොකු අයියා” ලෙසිනි.
ඊට ටික කලකට පසු 1985දී පමණ ෙදාස්තර ජයතිලකට ඩන්සිනන් වතුයායෙන් බළන්ගොඩ මැද්දකන්ද වතුයායට රජයෙන් මාරුවීමක් ආවේය. ජ්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ මේ අව්‍යාජ නිර්ධන පන්ති විප්ලවවාදියා දරු පවුල සමඟින් එතැනටද ගෙන ගොස් ආරක්ෂා කිරීමේ අවදානම් තීරණය ගැනීමට මේ අපූරු මිනිසා පසුබට වූයේ නැත. විජේවීර බිරියට තුන්වැනි දරුවා ලැබුණේ ඒ මැද්දකන්ද වතුයායේදීය.
සිය නායකයා හල්දුම්මුල්ල ප්‍රදේශයේ විශේෂයෙන් සූදානම් කළ රහසිගත ආරක්ෂිත නවාතැනකට ගෙන යන්නට එකල විජේවීරගේ කිට්ටුම සගයකු වූ සුමිත් අතුකෝරලගේ මූලිකත්වයෙන් 1985 අගදී පමණ පක්ෂය තීරණය කරන තෙක්ම වසර තුනකට වැඩි කාලයක් විජේවීර සිටියේ ෙදාස්තර ජයතිලක සමඟය. ඉතා ගැඹුරු කෘතඥතාවකින් හදවත පුරවා රෝහණ විජේවීර එදා මේ ආදරණීය යුවළගෙන් සමුගත්තේය. ඊට පසු කවදාවත් ඔවුනොවුන් මුණගැසුණේ නැත. එහෙත් හැම සිංහල අවුරුද්දකට පෙරම මැද්දකන්ද වත්තට මෝටර් සයිකලයකින් පැමිණෙන නාඳුනන සගයකු අත මී පැණි බෝතලයක් එවීමට “ලොකු අයියා” අමතක නොකළ බව ඔහු මා සමඟ කියා තිබිණ.
ජයතිලක ෙදාස්තර මහතා මේ ලියුම්කරුට හඳුනා ගන්නට ලැබුණේ මීට බොහෝ කලකට ඉහතදීය. ඉඳහිට දුරකතනයෙන් කතා කරන තරමට පසුව මා සමඟ බොහෝ සෙයින් මිතුරු වූ ඔහු තහනම් ජවිපෙ නායකයා සමඟ ඉතා දිගු කාලයක් එක වහල යට ජීවත් වීමට තමන් ලද භාග්‍යය ගැන කතා කළේ ඉමහත් භක්තියකිනි. විජේවීර සමඟ එක වහලක් යට ඔහු ලද සුවිශාල අත්දැකීම් ගැන කියන්නට තරමේ කිසිසේත් ප්‍රමාණවත් නොවන කොටසක් 2009දී මම “දිවයින” ඉරිදා සංග්‍රහයට ලියුවෙමි. එදා ජයතිලක ෙදාස්තර මහතා ඉතා හැඟීම්බර ලෙස විජේවීර සිහි කළ අයුරු මට සම්පිණ්ඩනය කර ගත හැකිවූයේ මෙසේය.
Delete“ලෝකයේ ඔහු වැනි මිනිසුන් ඉතා විරල ඇතැයි මා සිතනවා. ඔහු හැම විෂයයක් ගැනම මනා ලෙස හදාරා තිබුණා. හැම දෙයක්ම ගැනම විද්‍යාත්මක විග්‍රහයක් ඔහුට තිබුණා. පරිපාලනය ගැනත් වෛද්‍ය විද්‍යාව ගැනත් එකල තරුණ වෛද්‍යවරයකු වූ මට ඔහු කියා දුන්නා.
“පොදුවේ දරුවන් කෙරෙහි ඔහු තුළ තිබුණේ විශාල ආදරයක්. දැන් 24 වියැති තිළිණි ජයතිලක මගේ දියණිය ලැබෙන්නට ආසන්නව සිටියදී මගේ බිරිය (සුසිලා පද්මිණි) සිටියේ ඉතා අපහසුවෙන්. ඇයට රාත්‍රියට නින්ද ගියේ නැහැ. ඔබ විශ්වාස කරනවද දහවල් කාලයේ සමහර විට දවස් දෙක තුන දේශපාලන කටයුතු සඳහා මගේ නිවෙසින් බැහැර ගොස් බරපතළ දේශපාලන කාරණා ගැන වෙහෙසව එන මේ මිනිසා මගේ බිරියගේ මානසික තත්ත්වයත් අපහසුවත් තේරුම් ගෙන සමහර දිනවල බොහෝ රෑ බෝ වන තෙක් ඇයට සහනයක් වන්නට ඇය සමඟ කතා කරමින් කැරම් ක්‍රීඩා කරනවා. කොටින්ම මගේ කුලුඳුල් දියණිය උපදින විට මගේ බිරියට උපදෙස් දෙමින් උදවු උපකාර කළේ රෝහණ විජේවීර.”
“පසුව මම ඔහුගේ කිට්ටු සගයන් දෙතුන් දෙනකු හඳුනා ගත්තා. ඔවුන් මගේ නිවෙසට ආවා ගියා. එහෙත් ඔහු කවදාවත් අපේ ගෙදර දේශපාලන සාකච්ඡා පැවැත්වූයේ නැහැ. ඔහු ඉතාම සංවේදී පුදුමාකාර සුහදශීලී මිනිසෙක්. කල් නොයවා අද කළ යුතු දේ අදම කරන්නටත් විධිමත්ව වැඩ කරන්නටත් මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. මගේ ජීවිතයේ සාර්ථකත්වයට ඔහු බෙහෙවින් බලපෑවා”
එක්දහස් නවසිය අසූ නවය නොවැම්බරයේදී විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු අගමුල සොයා යන මර්දන බළකායෙන් ජයතිලක යුවළට බොහෝ දුක් ගැහැට සිදුවිය. ඔවුන් අත්අඩංගුවේ වද වේදනා වින්දේය. මේ නිවෙසට එකල ආ ගිය දෙතුන් දෙනාගෙන් විජේවීරගේ ළෙන්ගතුම සගයකු වූ සිසිර රන්දෙණිය තමා මරා දමන අවසන් මොහොත දක්වාම ජයතිලක ෙදාස්තර යුවළ නිර්දෝෂී බවත් ඔවුන්ට නිදහස දෙන ලෙසත් පුන පුනා පැවැසීම නිසා මර්දන වෘකයන්ගේ මරණයෙන් ගැලවීමට ඔවුන්ට හැකි විය. බොහෝ වද වේදනා විඳ මිය ගිය ඒ “සිසිර මල්ලි” පිළිබඳ ජයතිලක ෙදාස්තර මහතා මා සමඟ පැවැසුයේ ඉතා හැඟීම්බර ස්වරයකිනි.
වසර තුනකට අධික කාලයක් රහසිගත විජේවීර සමඟ තමන් සතු අපූරු මතකයන් සහ කිසිවකුට මෙතෙක් හෙළිදරව් නොකළ කතාන්දර ගැන ලියමු යැයි මේ විශ්වාසදායක සාක්ෂිකරුවා මට 2010 වසරේ දිනෙක යෝජනා කළේය. එවකට ඔහු සේවය කරමින් සිටියේ මාතර මාකඳුර රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරිවරයා ලෙසිනි. එහෙත් ඊට ආසන්න කාලයකම අවුරුදු 54ක් වැනි ඉක්මනින් මේ සුන්දර මිනිසා හදිසියේ මිය ගියේය.
ආණමඩුවෙන් එපිට නවගත්තේගමට නුදුරු සිය උපන් ගම වන වෙලේවැව ගම්මානයේ පොදු සුසාන භූමියේදී ඔහු එදා අවසන් ගමන් ගියේ අසමසම පෞරුෂයක් දැරූ උතුම් මිනිසකු වශයෙන් මගේ හදවත තුළ බොහෝ දේ ඉතිරි කර තබමිනි.
Deleteඔහුගේ අවසන් ගමන දකින්නට එදින එහි යන්නට වළක්වා ගත නොහැකි හේතුවක් නිසා ප්‍රමාද වූ මගේ හෘදය සාක්ෂිය ඊට පසුදාම හිමිදිරි පාන්දර බොහෝ දුරබැහැර ගෙවා ඔහුගේ නිවෙස සොයා ගියේය. මේ අව්‍යාජ ගැමියා හැදී වැඩුණු චාම් මහ ගෙදර ඉදිරිපිට විශාල වැලි මිදුලේ ඔහුගේ දිගු කාලීන පෙම්වතිය ද දයාබර බිරිය ද වූ ජයතිලක මහත්මිය මට බොහෝ දේ කීවාය.
මිනිසකුගේ මරණය පිළිබඳ මගේ සිතට ජීවිතයේ දැනුණු ගැඹුරුම වේදනාව පළ කළ මම ඇයට දණ නමා වැඳ එදා ඒ කැලෑබද ගම්මානයෙන් නික්මුණේ මහා රූස්ස ගසක අලවා තිබුණු මා මෙහි පළ කරන ඔහුගේ රුව සහිත ශෝක පණිවුඩය හීන් සීරුවේ ගලවා හදවතට තුරුලු කර ගෙනය.
කාලය දැන් වසර 30 – 40ක් ගෙවී ගොස් තිබේ. මෙම ජනවාරි 18 වැනිදා තිරගත වීමට නියමිත අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ රෝහණ විජේවීර චරිතය ඇසුරින් නිපැයූ “ගින්නෙන් උපන් සීතල” සිනමා පටයට මූලික පදනම වැටුණේ ජයතිලක යුවළ සමඟ තහනම් ජවිපෙ නායකයා එක වහලක් යට ගෙවූ රහසිගත ජීවිතය පිළිබඳ ඒ රසවත් අපූර්ව කතාන්දරය ඇසුරිනි.
පසුගිය දෙසැම්බර් 28 වැනිදා චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ පැවැති එහි මාධ්‍ය දර්ශනය නැරඹීමට මෙම කතාවේ එකම ජීවමාන සාක්ෂිකාරිය වන ෙදාස්තර බිරිය සුසිලා පද්මිණි ජයතිලක මහත්මියටද මම ඇරයුම් කළෙමි. සිය ජීවිතයේ වසර 35ක පමණ වැළලී ගිය ඉතිහාසයෙන් එපිට මේ ලෝකයේ කවුරුවත් නොදැන සිට රහසේ ප්‍රතිනිර්මාණය දකින්නට ඇය බොහෝ දුරබැහැර ගෙවා කොළඹ පැමිණ සිටියාය. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ඇයගේ චරිතයට පණ දෙන්නේ සම්මානනීය රංගන ශිල්පිනී දිල්හානි ඒකනායකය. ෙදාස්තර ජයතිලකගේ චරිතය නිරූපණය කරන්නේ විශ්වජිත් ගුණසේකරය.
මේ කිසිත් නොදන්නා එවකට ඉපදිලාවත් නොසිටි තවත් අමුත්තකු මේ සිනමාපටය නැරඹීම සඳහා එදින පැමිණ සිටියේය. දැනට රුසියාවේ ඉගෙනුම ලබන ඔහු ලංකාවට පැමිණ සිටියේ නිවාඩුවක් සඳහාය. ඒ වෙන කිසිවකුත් නොව රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරය.
තාත්තා ඝාතනය කරන විට 1989දී අවුරුදු එකහමාරක පමණ දරුවකු වූ උවිඳු විජේවීර සිනමාපටය අවසානයේ තරංගනී පරිශ්‍රයේදී මේ අපූරු ගැහැනිය සොයා ආවේ ඒ සිදුවීමේ ප්‍රතිනිර්මාණය දැකීමෙන් මඩනා ලද හැඟීම්බර සිතක් ඇතිව විය යුතුය. ඒ හමුවීම පුදුමාකාර එකක් විය. උවිඳු විජේවීර පුතා මේ මාතාව වැලඳ ගත්තේය. බොහෝ දේ කතා කළේය. තමා මෙලොවට බිහිවෙලාවත් නොසිටි ඉතිහාසයෙන් පමණක් අසා ඇති එක්තරා භීම සමයක තමන්ගේ තාත්තා, අම්මා හා වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා රැක ගත් ජයතිලක යුවළ පිළිබඳ ඔහුගේ හැඟීම මහ මෙරක් තරම් වන්නට ඇත.
ලෝකයේ හොඳම නිර්මාණ බිහි වන්නේත් උපරිම මානව හැඟීම් දනවන සංසිද්ධීන් ඉපදෙන්නේත් හමුවීම් සහ වෙන්වීම්වලිනි. මෙරට ඉතිහාසයේ ගැඹුරුම සිදුවීම්වලට විවේචනයන්ට සහ ප්‍රහාරයන්ට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරය රෝහණ විජේවීරගේ දේශපාලන ව්‍යාපාරයය. ඔහු තරම් ඉහළ අගයක් ගන්නා වූද ප්‍රතිභාසම්පන්න වූද උත්තේජනයක් බෙදාහරිමින් සිය පන්ති යුතුකම ඉටු කළ නායකයකු නැති තරම්ය. ‘ගින්නෙන් උපන් සීතල’ නිර්මාණයක් ලෙස ඔහුට සහ ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට පමණක් නොව ඒ යුගයක අවසානයට යථාර්ථවාදී සහ විචාරශීලී ලෙස කොයිතරම් දුරට සාධාරණය ඉටු කර ඇද්දැයි වෙනම කතා කළ යුතු වන්නේය.
තිස්ස කොරතොට
http://lankanewswire.com/ginnen-upan-seethala/?fbclid=IwAR0nY_1830o-K4_wrPyo37G8BTCWmTXNznhwliWSsbfONoYPP97z-YZXAqg
!!!!! සමාවෙන්න,එහෙම දාන්නේ මොකුත් කියන්න වචන තෝරාගන්න බැරි හින්දයි!
ReplyDelete!!!!! !!!!!
Deleteඉකොන්, මෙය අපූරු කතාවක්. මමත් බාලදක්ෂ නායකයෙක් හැටියට මෙය හදවතට සමීප පුවතක් උනා. දිනෙක ඔබේ bucket list පැතුම මල්පල ගැන්වෙනු ඇතැයි පතමි.
ReplyDeleteස්තුතියි, කෞශල්‍ය!
Deleteඉකොනොමැට්ටා ඇමරිකාවේ මිනිසොටා -45°C චිකාගෝ -40°C වෙලා සීතලේ මිනිස්සු මැරෙනකොට ලෝකේ අනිත් පැත්තේ ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ +40°c ට උෂ්ණත්වයෙන් මිනිස්සුත් සතා සිව්පාවත් පීඩා විදිනවා
ReplyDeleteඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිසා කැලෑ අශ්වයින් 90 ක් මැරිලා මිලියන ගානක් මාළු මැරිලා මිනිස්සු රෝහල් ගත කරනවා.
අපේ රට ලංකාව තමයි ''පතිරූප දේස වාසේච '' කියල බුදුහාමුදුරුවෝ දේශනා කලේ (සුදුසු ප්‍රදේශ වාසයට)
හැබයි දැන්නම් එහෙම කියන්න පුළුවන්, ලංකා දෙශපාලකයෝ 225 නැත්නම් විතරයි .
අපටත් සෑහෙන තරම් සීතල වුනා, ඇනෝ! හැබැයි ලොකු අවුලක් වුනේනම් නැහැ. ගිය සතියේ දවස් තුනක් පාසැල් වැහුවා.
Deleteමේ වගේ කතා කොච්චරක් නම් වෙන්න ඇතිද ඒ කාලෙ. සමහරවෙලාවට, යුද්ධයට බෑ මිනිසත්කම් විනාස කරන්න.
ReplyDelete