වෙබ් ලිපිනය:

Monday, September 24, 2018

අපි කෑ හැටි කවුරු දනී?

ලංකාව වගේ රටවල් ගත්තහම මහ බැංකු ස්වාධීනත්වය කියන එක තවත් එක සංකල්පයක් පමණයි. වෙනත් රටවල් හා අදාළව වුවත් ඔය සංකල්පයේ ප්‍රායෝගික තේරුම කුමක්ද කියන එක ගැටළු සහගත කරුණක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පහත වීඩියෝවේ තිබෙන කතාවෙන් ප්‍රායෝගික තලයේදී මේ සංකල්පය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අදහසක් ගන්න බැරිවෙන එකක් නැහැ.


මෙහිදී රනිල් වික්‍රමසිංහ වෙනත් රාජ්‍ය නායකයින්ගෙන් වෙනස් වන්නේ ඔහු මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ කියන්නට පෙර දෙවරක් නොහිතීම යන කරුණෙන් පමණයි. මහ බැංකුව තීන්දු තීරණ ගන්නේ පවතින ආණ්ඩුවේ ඉහළ සිටින අයගේ රුචිඅරුචිකම් වලට යටත්ව කියන එක රනිල් වික්‍රමසිංහ විසින් මේ කතාවේදී තහවුරු කරනවා.

රටේ පොලී අනුපාතික හා විණිමය අනුපාතික තීරණය කිරීම මහ බැංකුවේ වපසරිය ඇතුළේ තිබෙන දේවල් මිසක් රජය විසින් කළ යුතු දේවල් නෙමෙයි. නමුත්, එයින් අදහස් වෙන්නේ ඒ දේවල් රජයේ කටයුතු වලින් ස්වායත්තව සිදුවන බව නෙමෙයි.

සමහර කාලවල් වල මහ බැංකුව කියන දෙයක් තමයි විණිමය අනුපාතිකය වෙළඳපොල සාධක මත වෙනස් වෙන්න අරිනවා මිසක් මහ බැංකුව විසින් මැදිහත්වීමක් කරන්නේ නැහැ කියන එක. ඒ වගේ වෙලාවක මහ බැංකුව විසින් ඩොලර් විකිණීම හා මිල දී ගැනීම නොකරනවා වෙන්න පුළුවන්. නමුත්, රජය කොහෙන් හෝ විදේශ ණයක් අරගෙන ඒ ඩොලර් ටික වෙළඳපොළට දමන බව මහ බැංකුව දන්නවා. විණිමය අනුපාතිකය හා අදාළව ගත්තොත් මේ වැඩෙන් වෙන්නෙත් මහ බැංකුව විසින් සංචිත එළියට දමන විට වෙන දෙයම තමයි.

විණිමය අනුපාතිකය නිදහසේ පාවෙන්නට ඉඩ ඇරපු 2001 අවුරුද්දේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 650කින් අඩු වුනා. විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 107කින් ඉහළ ගියා. ඒ අනුව, රටේ ශුද්ධ ඩොලර් බැරකම් ඩොලර් මිලියන 757කින් අඩු වුනා.

මෙය කළේ ඩොලර් මිලියන 757ක් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීම මඟිනුයි. එසේ කිරීමේදී ඩොලරයක මිල රුපියල් 80.06 සිට 90.13 දක්වා 16.4%කින් අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න වුනා.

ඉහත කී නිවැරදි වීම සිදුවෙන්න ඉඩ දෙන්න පෙර 2000 අවුරුද්දේදී ලංකාවේ ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 1,066ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. ජංගම ගිණුමේ හිඟයක් පවතින්නනම් ඒ හිඟයට සමාන ඩොලර් ප්‍රමාණයක් රට ඇතුළට වෙනත් ක්‍රමයකින් එන්න ඕනෑ. ලංකාව හා අදාළව ගත්තම බොහෝ විට ඔය වෙනත් ක්‍රමය විදේශ ණය ගැනීමනේ!

ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම හා මූල්‍ය ගිණුම අතර තිබෙන සම්බන්ධය අනුව මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් ඩොලර් ඉවත් කරගත් විට ජංගම ගිණුමේ හිඟය පහළ යා යුතුයි. ඩොලර් වෙළඳපොළට මුදා හැරිය විට ජංගම ගිණුමේ හිඟය අඩු විය යුතුයි. 2001 වසරේදී ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 215ක් දක්වා අඩු වුණා.

එය එසේ වුණත්, 2002-2005 අතර කාලයේදී රජයේ විදේශ ණය ඩොලර් බිලියන 3 කින් පමණ ඉහළ ගියා. නමුත්, විදේශ සංචිත ඉහළ ගියේ ඩොලර් බිලියන 2කින් පමණයි. ඉතිරි ඩොලර් බිලියනයෙන් කළේ රුපියල අනවශ්‍ය ලෙස ශක්තිමත් කරන එකයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ අවුරුදු තුනේ ගෙවුම් ශේෂ හිඟයන්ගේ එකතුවත් ඩොලර් බිලියන 1.6ක් පමණ වුණා. එයින් පසු කාලය සැලකූ විටනම් මෙය සුළු ප්‍රශ්නයක්.

2006-2014 අතර අවුරුදු වලදී රටේ විදේශ ණය ඩොලර් බිලියන 31කින් පමණ ඉහළ ගියත්, එයින් විදේශ සංචිත වලට එකතු වුණේ ඩොලර් බිලියන 6කටත් අඩු ප්‍රමාණයක්. ඉතිරි ඩොලර් බිලියන 25න්ම කළේ රුපියල ශක්තිමත් කරන එක. එයින් වුනේ ආනයන අපනයන පරතරය පුළුල් වී අපනයන වටිනාකමට වඩා වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් රට ඇතුළට පැමිණීමයි. මේ අවුරුදු 9 තුළ පැවති ජංගම ගිණුම් හිඟයන්ගේ එකතුව ඩොලර් බිලියන 21කට වඩා වැඩියි. පැහැදිලියි නේද ආනයන ඉහළ ගියේ කොහොමද කියන එක?

2015-2017 අවුරුදු තුනේදී තවත් ඩොලර් බිලියන 8කින් පමණ විදේශ ණය ඉහළ ගිහින් තිබෙනවා. සංචිත වැඩි වී තිබෙන්නේ ඩොලර් බිලියන බාගයකින් පමණ. ඉතිරි ඩොලර් බිලියන හත හමාරෙන් කරලා තියෙන්නෙත් රුපියල ශක්තිමත්ව පවත්වා ගන්න එකයි. මේ කාලයේදී රුපියල සෑහෙන්න පිරිහුණු බව ඇත්ත. නමුත්, එය තිබුණු තැන අනුව ඔය ගාණට පිරිහුණත් තවමත් ශක්තිමත් වැඩියි. ඒ නිසා පහුගිය අවුරුදු තුනේදීත් ඩොලර් බිලියන හයකට ආසන්න ගෙවුම් ශේෂ හිඟ එකතුවක් දැකගන්න පුළුවන්.

2001-2017 මුළු කාලයම ගත්තහම විදේශ ණය ලෙස ඩොලර් බිලියන 43.5ක් රට ඇතුළට ඇවිත් තිබුණත් රට ඇතුළේ ඉතිරිව තිබෙන්නේ එයින් ඩොලර් බිලියන 8ක් පමණයි. රුපියල ශක්තිමත්ව තබා ගැනීම සඳහා ඉතිරි ඩොලර් බිලියන 35 ම රටින් එළියට යන්න ඉඩ දුන් නිසා තමයි පහුගිය කාලයේ ආනයන අපනයන පරතරය මේ තරම් වැඩි වෙලා තියෙන්නේ. ඒ ඔය කාලය ඇතුළත ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි අඩු වශයෙන් ඩොලර් බිලියන 65 කට වඩා වැඩි මුදලක් එළියට යැවීමට අමතරවයි. එකතුව ඩොලර් බිලියන 100කට වැඩියි.

අමුවෙන්ම කියනවනම් මේ සහස්‍රයේ මුල පටන් ලංකාවේ මිනිස්සු රට ඇතුළෙන් ඉපැයූ ආදායමට වඩා ඩොලර් බිලියන 100කට වඩා වියදම් කරල තියෙනවා. එහෙම නැතුව පහුගිය කාලයේ පෙනෙන්න තිබුණු සෞභාග්‍යය රටේ මිනිස්සුන්ගේ මහන්සියේම ප්‍රතිඵලයක් නෙමෙයි.



11 comments:

  1. ඉකොනොමැට්ටා,

    ලංකාවේ උග්‍ර ලෙස පවතින බරපතල ආර්ථික අර්බුදය හේතුවෙන් මහ බැංකුව විසින් ලංකාවේ වාණිජ බැංකුවල තබා ගැනීමට හැකිව තිබූ විදේශ විනිමය ප‍්‍රමාණයන් සීමා කර තිබේ.

    මහ බැංකු නව රෙගුලාසි අනුව වාණිජ බැංකුවල සීමාව ඉක්මවා ඇමරිකා ඩොලර් ඇතුළු විදේශ විනිමය තබා ගැනීම තහනම්කර තිබේ.

    බැංකුවෙන් බැංකුවට එම සීමාවන් වෙනස් වන බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

    මේ බව දන්වමින් චක්‍රලේඛයක්‌ සියලු වාණිජ බැංකුවලට මහ බැංකුව විසින් දැනටමත් යවා තිබේ.

    මහ බැංකුව මෙ මගින් බලාපොරොත්තු වන්නේ වාණිජ බැංකුවල ඇති අතිරේක ඇමරිකානු ඩොලර් වෙළෙඳ පොළට කැදවීමයි.

    ReplyDelete
  2. ශ්‍රී ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, මේ අවස්ථාව වන විට, ආර්ථික ප්‍රතිපත්ති අතින් බැලුවොත් සමස්තයක් ලෙස වඩාත්ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසය දිහා බැලුවත් බොහෝ විට අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරලා තිබෙන්නේ කිසියම් කාල පමාවකින් පසුව එජාපය සිටි තැනටම එන එකයි. ජවිපෙ පවා අන්තිමට කැරකිලා එන්නේ ඒ පාරටමයි. රාජපක්ෂ හොර කල්ලියේ කාලකණ්ණි වහල් බයි හැතිකරය තවත් ශ්‍රී ලංකා රටේ එමට සිටිති'යි යන කාරණය ඉතා බරපතලයි.

    පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, හොරකම් කරමින් රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

    මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මහ බයියා කියන මීහරකාගේ පාලනයේ පැවති වනචර දශකය තුල රාජපක්ෂ හැතිකරේ විසින් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගණනින් හොරකම් කල දූෂිත කලු සල්ලි යොදවා මෙම හොර කල්ලි සහ ඒවා පවත්වාගෙන යන කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී ගොන් මානසිකත්වයයි.

    මේ නිසා වත්මන් රජයට කිසිදු කලමණාකරන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට මෙම රාජපක්ෂ හොර කල්ලියේ වහලුන් ඉඩ නොදේ. රටේ තීරන ගන්නා සෑම තැනකම සිටින්නේ මහින්දගෙ මිනිස්සු.

    මීට පිළියමක් ලෙස අප කළ යුත්තේ දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් උන්ට ගෑවුණ කිසිම හාල්පාරුවෙක්ටවත් කිසිසේත්ම නැවත බලයට ඒමට ඉඩ නොදී ඔවුන් මුළුමණින්ම විනාශ කොට 2020 තනිකර 2/3 එජාප රජයක් බලයට පත්කොට ගෙන ඉන් පසු දිගටම එජාප රජයක් 2150 පමණවත් වෙනතෙක් බලයේ තබා ගැනීමය. විසඳුම එය පමණි.

    රනිල් ඇතුළු පිරිස ක්‍රම ක්‍රමයෙන් මේ ප්‍රශ්න සියල්ල එකින් එක විසඳා ඉතා ඉක්මණින්ම රට සංවර්ධනය කරනු නිසැකය. විපක්ෂය වශයෙන් ජවිපෙ / ටී.එන්.ඒ වැනි පිරිසිදු ප්‍රවීණ බුද්ධිමතුගෙන් සමන්විත පක්ෂ පත්කොට ඒ බුද්ධිමතුගෙන් එම රාජකාරිය කරගත යුතුය.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා වගේ උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්ගේ කඩවූ බලාපොරොත්තු සඵල කිරීමට යල් පැනපු පරණ UNP ආර්ථික න්‍යායයන්, ප්‍රතිපත්ති, ක්‍රම විසින් සිදුකළ පීඩනය දරාගැනීමට නොහැකි වූ කළ එහි වත්මන් නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ සමාජයේ උදහසට ලක්වූ අතර ජනප්‍රිය දේශපාලන නායකත්වයක් සතු විය යුතු ගුණාංග අහිමිවීම මත තව දුරටත් රනිල් වික්‍රමසිංහ මෙන්ම එජාපයද තව තවත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප් විම මත සජිත් මෙතෙක් අනුගමනය කර ඇති දේශපාලන දර්ශනයට සමගාමීව ඔහු විසින් දියත් කිරීමට නියමිත ආර්ථික,දේශපාලනික දර්ශනය ගැන යම් විමසීමක් සිදුකළ හැක.

    ජාතික දේශපාලනයේ තීරණාත්මක චරිතයක් වත්ම ඔහුගේ බොහෝ අදහස් වලින් එජාපය විසින් ඉදිරියට ගෙන යනු ලබන නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය විවේචනයට ලක්වූයේ එය බටහිරවාදී වූවක් බව අඟවමිනි.

    සජිත් ඊට එරෙහිව සුබසාධන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යැයි කිව හැකි වුවද, එමඟින් රටේ සමස්ත ආර්ථිකයේ ගමන්මාර්ගය ගැන අදහසක් ලබාගත නොහැක. විශේෂයෙන් මේ වන ඔහු විසින් දියත් කර තියෙන වැඩසටහන් පිළිබඳව නිරීක්ෂණය මඟින් පැහැදිලි වන්නේ ඒවා ජනප්‍රියවාදී වැඩසටහන් මිසක රට පිළිබඳව ඉදිරි දැක්මකින් යුතු ඒවා නොවන බවයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරන "ජන සුවය" ප්‍රජා සත්කාරක වැඩසටහන මඟින් දිස්ත්‍රික්කය පුරා යම් යම් සුභසාධන ක්‍රියා ප්‍රමාණයක් දියත්කරද එමඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යූහාත්මක තලයේ ආර්ථික, සමාජයීය දේශපාලන වෙනසක් කිරීමට අපොහොසත් විය.

    සජිත්ගේ අදහස් දැක්වීම් තුළදී වුවද වෙනසක් වීමේ අවශ්‍යතාවයක් ගැන සඳහන් වුවද එකී වෙනස විනිවිද දැක එය යථාර්ථයක් බවට පත්කරගැනීමේ පළල් දෘෂ්ඨියක ලක්ෂණ පෙනෙන්නට නැත.

    ඒ වෙනුවට ලිබර්ල්වාදී වෙළඳපොළ ආර්ථිකය විසින් සිදුකරන්නාක්‍ මෙන් සමාජයේ පීඩිත බහුතරය සුභසාධනය කිරීම සඳහා යම් යම් 'දේවල්' ටිකක් කිරීමට උත්සාහ දැරීමක් පමණක් දැකගත හැක.

    සරලව ගතහොත් සජිත් ප්‍රේමදාස විසින් ‍රටේ ප්‍රශ්ණ ලෙස හඳුනාගෙන ඇති 'මන්දපෝෂණය' 'මූලික අවශ්‍යතාවන් ඉටු නොවීම' 'විරැකියාව' වැනි දහසකුත් කාරණා සඳහා ඔහු විසින් සිදුකර ඇත්තේ ගැබිණි මාතාවන්ට පොෂණ මලු ලබාදීම, දුප්පත් පාසැල් සිසුන්ට පොත්පත් ලබාදීම, පෙරපාසැල් දරුවන්ට කිරි වේලක් දීම වැනි 'දේවල්' ටිකකි. සිවිල් පුරවැසියෙකු ලෙස මෙ ආකාරයේ දායකත්වයක් දැක්වීම් සතුටුදායක වුවද ජාතික නායකත්වය සඳහා පිවිසෙන පුද්ගලයෙකු තුළින් මීට වඩා පළල් දර්ශනයක් මත පදනම් වුණු දේශපාලන ආර්ථික ක්‍රම වේදයක මූලාරම්භයක් දැකිය යුත්තේ 1994 න් ආරම්භ වුණු දේශපාලන ගමන් ම‍‍ඟෙහි වන අත්දැකීම් හා අධ්‍යාපන පසුබිම ඒ සඳහා ප්‍රමාණවත් දුප්පත්කම වැළැක්වීම සඳහා යැයි කොටි ගණනින් මුදල් රට තුළට පොම්ප කරමින් රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වූ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග තුළද දක්නට ලැබුණේ මෙ ආකාරයේ තත්ත්වයක්ම මිස ‍අන්කිසිවක් නොවේ.

    ReplyDelete
    Replies
    1. සජිත්ට නායකත්වය පිළිබඳ ඉව වැටුණු සැනින් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් නොව සමස්ත රටම ආවරණය වන පරිද්දෙන් සිය සුභසාධන වැඩකටයුතු ව්‍යාප්ත කරන ලදී. එහිදී "සසුනට අරුණ" මඟින් වෙහෙර විහාර නඟාසිටූවීමටද, රනිල්ගේ නායකත්වය මඟින් දියත්කළ "ග්‍රාම චාරිකා" වට එරෙහිව "ග්‍රාම සංවර්ධන චාරිකා" ද ක්‍රියාත්මක වුනි.

      රටේ තිබෙන ප්‍රශ්ණ අතරින් කේන්ද්‍රීය ප්‍රශ්ණයක් වනුයේ බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය යැයි ඔහු විසින් තීරණය කිරීම මඟින් සෘජුවම දක්නට හැක්කේ එය ජනප්‍රියවාදී වූවක් මෙන්ම ඒ පසුපසින් තිබෙන සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයේ නැඹුරුවයි. මහින්ද රෙජිමය මඟින් උත්කර්ෂයට නංවන ලද මෙ කී සංකල්ප ක්‍රියාත්කම කිරීම මඟින් ක්ෂණිකවම රටේ තිබෙන අධිපතිවාදී බෞද්ධ සමාජයේ සහයෝගය තමන්ට ලබාගැන්මට හැකිවේ යැයි ඔහු උපකල්පනය කරන්නට ඇත.

      රනිල් වික්‍රමසිංහ මෙන්ම කොළඹ රෝයල් ගිය අයෙකු වුවද (රනිල් උසස් අධ්‍යාපනය ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් වන අතර සජිත් එංගලන්තයෙනි) තමන්ගේ වන ගොඩේ පෙනුම මඟින් ජාතික සහ‍යෝගය ලබාගැනීම ඉලක්ක කොටගෙන ඇත. ඒ අනුව මෙතෙක් සජිත් විසින් ඉදිරිපත් කරන්නට යෙදී ඇති ප්‍රායෝගික වැඩපිළිවෙළ මඟින් ඔහු සතුව දිගුකාලීනව රටට ඵලදායීව වැදගත්විය හැකි දැක්මක් හෝ සැලැස්මක් දක්නට නෑත. ඒ වෙනුවට මෙතෙක් ලංකාවේ දේශපාලනයේ දේශපාලඥයින් විසින් යහමින් කරගෙන යන "අවස්ථාවාදී දේශපාලනය" පමණක් දක්නට හැක.

      රටක් ලෙස පශ්චාත් නිදහස් කාලසීමාව තුළ විඳවමින් සිටින ප්‍රශ්ණ සඳහා පිළිතුරු ඇතුලත් පළල් දේශපාලන ආර්ථික දැක්මක් සජිත් ‍සතු වේ යැයි ඉඟියක් වත් මෙතෙක් පළව නැත. ඒ අතරින් යුද්ධයෙන් කෙළවර නොවූ ජාතික ගැටළුවට පටු මානසිකත්වයකින් බැලීමත්, බටහිර ධනවාදය දෙසට නපුරු බැල්මක් හෙළමින් ඊට විකල්පයක් ඉදිරිපත් නොකිරීමත් පැහැදිලිව දැකගත හැක.

      ඒ අනුව රටට හිතැති ජනයා වෙත දැන්වීමට ඇත්තේ සජිත් යනු එජාපයට කෙසේ වුවත් රටටනම් කණාමැදිරි එළියක් වත් වේද යන්න සැකසහිත බව පමණි.

      ඉකොනොමැට්ටා වෙත ප්‍රශ්ණයක්???

      අනාගතයේ උදාවන දේශපාලන සන්දර්භයකට සාපේක්ෂව ඉදිරිපත්වන හොඳම දේශපාලන උපායමාර්ය ලෙස සජිත් ප්‍රේමදාස රටේ නායකයා ලෙස පත්කිරීමට ජවිපෙ සහයෝගය දෙන තත්ත්වයක් උදාවිය හැකිද?

      Delete
  4. This is about economics, not bloody politics. Next govt did worse than the previous one (as you can see from above graphs) This trend will continue until we become banana republic.

    Question to econ. What are the things govt do to strengthen the Rs using USD loans (I do not understand this point)

    ReplyDelete
    Replies
    1. Please read this in case if you didn't.

      http://economatta.blogspot.com/2018/09/blog-post_7.html

      That may not fully clarify your doubts- There'll be another post to follow, when I find time, which would hopefully clarify this.

      Delete
    2. Thanks Machang, will read this.

      Delete
  5. ඉකොනො අද (25 Sept) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතවලින් ඩොලර් මිලියන 60ක මුදලක් වෙලදපලට මුදා හැර රුපියල පාලනය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වීම සිදු කර ඇත.

    අද US$ 1 ක ගැනුම් මිල LKR 166.52 වූ අතර විකිණුම් මිල LKR 170.39ක්, සිකුරාදා (22 Sept) දැක්වූනේ ගැනුම් මිල LKR 166.78ක් හා විකිණුම් මිල රුපියල් LKR 170.65ක් ලෙසයි.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා,

    රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ඩොලරය හමුවේ දිනෙන් දින අවප‍්‍රමාණය වන ශ්‍රී ලංකා රුපියල රැක ගැනීම සඳහා සහය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

    ඇමැති හර්ෂ ද සිල්වා ඉල්ලීමක් කරන්නේ මෝටර් රථ මිලදී ගැනීම,යොදා ගෙන ඇති විදේශ විනෝද සංචාර රට වෙනුවෙන් කල් දමන ලෙසත් රුපියල රැක ගැනීම සඳහා රජයට සහයෝගය දෙන ලෙසයි. කෙසේ වෙතත් මීට ටික දිනකට පෙර ඇමැති හර්ෂ ද සිල්වා කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම රජයට විශාල වශයෙන් අවාසියක් නොවන බවයි.

    ReplyDelete
  7. ශ්‍රී ලංකාවේ ආනයන පාලනය කිරීමට විශාල වශයෙන් තවත් තීරුබදු පැනවීමට අගමැති රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කර ඇතැයි සදහන්.

    අගමැති රනිල් මෙම ක‍්‍රමය මගින් ඩොලර් මිලියන 5,00-1,000ත් අතර ප්‍රමාණයක් රගවා ගැනීමට අපේක්ෂා කරයි, අද තිබෙන බරපතල ලෝක ආර්ථික අර්බුද තත්වනට මුහුණ දීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරණ බවද අගමැති රනිල් කියයි.

    This is his speech -https://youtu.be/Fy9Ajda98dU

    ReplyDelete
  8. කවුද මේ තරම් හොද බ්ලොග් අඩවියක් ගද ගස්සන දේශපාලන සට්ටැබියා

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...