වෙබ් ලිපිනය:

Friday, November 26, 2021

විණිමය අනුපාතය, නිෂ්පාදන පිරිවැය හා බඩුමිල


මේ ලියන්න යන්නේ මීට කලින් කිහිප වරක්ම පැහැදිලි කර තිබෙන කරුණු දෙකක් ගැන. මේ පැහැදිලි කිරීම් කළ තැන් දැන් මට හොයා ගන්න බැහැ. බොහෝ විට ප්‍රතිචාර කොටස් වල වෙන්න ඇති. නැවත නැවතත් මතු වන ප්‍රශ්න නිසා මේ පැහැදිලි කිරීම් පෝස්ට් එකක් විදිහට ලියා තබන එක හොඳයි කියා හිතුණා.

පළමු ප්‍රශ්නය විණිමය අනුපාතය ඉහළ යද්දී බඩුමිල වැඩි වන්නේ කොහොමද කියන එක. දෙවන ප්‍රශ්නය විණිමය අනුපාතය ඉහළ යද්දී නිෂ්පාදන පිරිවැය ඉහළ යන්නේ කොහොමද කියන එක. මේ දෙක එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්.

අපි මුලින්ම A කියන සෛද්ධාන්තික භාණ්ඩය හෝ සේවාව ගනිමු. මෙය 100%ක් දේශීය නිෂ්පාදනයක්. ඒ කියන්නේ මේ භාණ්ඩය හෝ සේවාව නිපදවන්න ආනයනික යෙදවුම් කිසිවක්ම යොදා ගන්නේ නැහැ. දැන් මේ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය සඳහා විණිමය අනුපාතයේ කිසිදු බලපෑමක් නැහැ. එය ඉතාම පැහැදිලියි.

දෙවනුව අපි E කියන සෛද්ධාන්තික භාණ්ඩය හෝ සේවාව ගනිමු. මෙය 100%ක් ආනයනික නිෂ්පාදනයක්. ඒ කියන්නේ මේ භාණ්ඩය හෝ සේවාව නිපදවන්න දේශීය යෙදවුම් කිසිවක්ම යොදා ගන්නේ නැහැ. දැන් මේ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය සඳහා විණිමය අනුපාතයේ පූර්ණ බලපෑමක් තිබෙනවා. ඩොලරයේ මිල 10%කින් වැඩි වුනොත් භාණ්ඩයේ මිලත් හරියටම 10%කින් වැඩි වෙනවා. අඩුත් නැහැ. වැඩිත් නැහැ.

ප්‍රශ්නය තිබෙන්නේ ඔය A සහ E කාණ්ඩ වලට වැටෙන භාණ්ඩ හා සේවා ප්‍රායෝගිකව ඉතාම සීමිත වීමයි. දේශීය නිෂ්පාදන සේ සැලකෙන බොහෝ භාණ්ඩ හා සේවා නිපදවීමේදී කිසියම් ප්‍රමාණයකට ආනයනික යෙදවුම් අවශ්‍ය වෙනවා. ඒ වගේම, හැම විටම වාගේ ආනයනික භාණ්ඩයකට හෝ සේවාවකට රට ඇතුළේදී අගය එකතු වීමක් සිදු වෙනවා. ඒ නිසා, බොහෝ භාණ්ඩ හා සේවා හැදෙන්නේ ආනයනික හා දේශීය යෙදවුම් කිසියම් අනුපාතයකින් මිශ්‍ර වීමෙන්. ඒ තත්ත්වය යටතේ මුලින් ඉදිරිපත් කළ ප්‍රශ්න දෙක බොහෝ දෙනෙකුට මතුවන පැහැදිලි ප්‍රශ්න දෙකක්.

ප්‍රශ්නය විශ්ලේෂණය කිරීම සඳහා අපි B, C හා D නම් වූ තවත් භාණ්ඩ හෝ සේවා තුනක් උදාහරණ ලෙස ගනිමු.

B - දේශීය යෙදවුම් 80%යි. ආනයනික යෙදවුම් 20%යි.

C - දේශීය යෙදවුම් 50%යි. ආනයනික යෙදවුම් 50%යි.

D - දේශීය යෙදවුම් 20%යි. ආනයනික යෙදවුම් 80%යි.


ඉහත කී භාණ්ඩ පහේම, පාරිභෝගිකයා අතට එන තුරු සමස්ත නිෂ්පාදන පිරිවැය (හා මිල) රුපියල් 1000ක් සේ සලකමු. දැන් රුපියල් 200ට තිබෙන ඩොලරයක මිල රුපියල් 250 වුනොත් මේ භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ කොහොමද?

A - රුපියල් 1000මයි. මිල වැඩි වීමක් නැහැ.

B - ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,050 දක්වා වැඩි වෙනවා.

C - ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,125 දක්වා වැඩි වෙනවා.

D - ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,200 දක්වා වැඩි වෙනවා.

E - රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.


මට පැහැදිලි කරන්න අවශ්‍ය වූ ප්‍රධාන කරුණ මේකයි. ඩොලරයේ මිල වැඩි වෙද්දී භාණ්ඩයක හෝ සේවාවක මිල කිසිම විටෙක ඩොලරය වැඩි වූ අනුපාතයට වඩා වැඩියෙන් වැඩි වෙන්නේ නැහැ. ඩොලරය වැඩි වූ අනුපාතය භාණ්ඩයක හෝ සේවාවක මිල වැඩි විය හැකි උපරිම අනුපාතයයි. 

අපි හිතමු දේශීය යෙදවුම් 50%ක් හා ආනයනික යෙදවුම් 50%ක් යොදා හදන C+ කියා වෙනත් භාණ්ඩයක් ගැන. මේ භාණ්ඩය හදන්න ගන්න දේශීය යෙදවුම් දේශීය කියා කිවුවට ඇත්තටම දේශීය නෙමෙයි. ඒ දේශීය යෙදවුම් හදන්නෙත් 50%ක් ආනයනික යෙදවුම් උපයෝගී කරගෙන. ඔය වගේ අවස්ථා තිබෙනවානේ. ඉහත විශ්ලේෂණය කළේ ඔය වගේ අවස්ථාත් සැලකිල්ලට අරගෙනයි. ඒ කියන්නේ C+ කියන භාණ්ඩය හදන්න අවශ්‍ය ආනයනික යෙදවුම් ප්‍රමාණය ඇත්තටම 75% බවත්, දේශීය යෙදවුම් ප්‍රමාණය ඇත්තටම 25%ක් පමණක් බවත් සලකලා.

වෙනත් විදිහකින් කිවුවොත් ආනයනික යෙදවුම් යොදා ගැනෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ කොයි තරම් පහළ අදියරකදීද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. උදාහරණයක් විදිහට තේ කිලෝවක් නිපදවීමේදී යොදා ගන්නා පොහොර, කෘෂි රසායන ආදිය ආනයනික නිපැයුම් විය හැකියි. තේ කම්හලේ යන්ත්‍ර සූත්‍ර, තේ ප්‍රවාහනය කරන වාහන, ඒවාට යොදා ගන්නා ඉන්ධන ආදිය ආනයනික නිපැයුම් විය හැකියි. තේ දළු කඩන ශ්‍රමිකාව පෙරදා රෑට කාපු පාන් බාගය හදන්න ගත් තිරිඟු පිටි හා පරිප්පු ආනයනික භාණ්ඩ නිසා ඇයට ගෙවන වැටුප තුළත් ඩොලරයක මිලේ බලපෑම තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම එකතු කළත් ආනයනික යෙදවුම් ප්‍රමාණය කිසි විටෙකත් 100% ඉක්මවන්න බැහැ. ඒ නිසා, ඩොලරයේ මිල වැඩි වූ අනුපාතයට වඩා වැඩියෙන් නිෂ්පාදන පිරිවැය කෙසේවත් වැඩි වෙන්න බැහැ.

ඩොලරයේ මිල ඉහළ යද්දී දේශීය යෙදවුම් 1%ක් හෝ යොදා ගන්නා ඕනෑම නිෂ්පාදනයකට හැම විටෙකම A ලෙස අප හැඳින්වූ 100% ආනයනික භාණ්ඩයට හෝ සේවාවට සාපේක්ෂව වාසියකුයි සිදු වෙන්නේ. දේශීය යෙදවුම් ප්‍රතිශතය වැඩි වන තරමට වාසිය වැඩියි. ඒ නිසා, ඩොලරයේ මිල ඉහළ යද්දී මුලින්ම වෙළඳපොළෙන් හැලෙන්නේ ආනයනික යෙදවුම් වැඩිපුර යොදා ගැනෙන නිෂ්පාදන. අන්තිමට ඉතුරු වෙන්නේ දේශීය යෙදවුම් වැඩිපුර යොදා හදන නිෂ්පාදන. 

ඩොලරයේ මිල පහළ යද්දී වෙන්නේ ඕකෙම අනික් පැත්ත. නැවත අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැනේ!

ඩොලරයේ මිල පහළ යද්දී දේශීය නිෂ්පාදන එකින් එක හැලිලා ගිහින් ආනයනික නිෂ්පාදන ඉතිරි වෙනවා. අපි හිතමු ඩොලරය රුපියල් 200 සිට රුපියල් 150 දක්වා අඩු වුනා කියලා.

A - රුපියල් 1000මයි. මිල අඩු වීමක් නැහැ.

B - ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 150 දක්වා අඩු වන නිසා මිල රුපියල් 950 දක්වා අඩු වෙනවා.

C - ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 375 දක්වා අඩු වන නිසා මිල රුපියල් 875දක්වා අඩු වෙනවා.

D - ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 600 දක්වා අඩු වන නිසා මිල රුපියල් 800 දක්වා අඩු වෙනවා.

E - රුපියල් 750 දක්වා අඩු වෙනවා.


දැන් පැහැදිලියිනේ ඉස්සෙල්ලාම වෙළඳපොළෙන් ඉවත් වන්නේ කොයි නිෂ්පාදනයද, අන්තිමට ඉතිරි වන්නේ කොයි නිෂ්පාදනයද කියලා. 

හරි. දැන් ඔය වැඩේ වෙන්නේ ඩොලරයක මිල අඩු වුනහමනේ. එහෙමනං ඩොලරය එක තැන තියා ගන්න එකේ වැරැද්ද මොකක්ද?

සල්ලි අච්චු නොගහන තාක් ප්‍රශ්නයක් නැහැ. සුද්දා අවුරුදු එකසිය ගාණක් ඔය වැඩේ කළානේ. ඔය දැනුත් ඔය වැඩේ හරියට කරන රටවල් තියෙන්නේ. ප්‍රශ්නය ඩොලරය එක තැන තියා ගෙන සල්ලි අච්චු ගහන එකයි. අපි හිතමු සල්ලි අච්චු ගැහීම නිසා රට ඇතුළේ උද්ධමනය 25%කින් වැඩි වුනා කියලා. නමුත් විණිමය අනුපාතය එක තැන නිසා ආනයනික යෙදවුම් වල පිරිවැය වෙනස් වෙලා නැහැ. දැන් මොකද වෙන්නේ? 

A - රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

B - දේශීය යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,200 දක්වා වැඩි වෙනවා.

C - දේශීය යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,125 දක්වා වැඩි වෙනවා.

D - දේශීය යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,050 දක්වා වැඩි වෙනවා.

E - රුපියල් 1000මයි. මිල වැඩි වීමක් නැහැ. 


පේනවනේ වැඩේ. ඩොලරයක මිල අඩු වූ විට ඇති වන තත්ත්වයමයි. දේශීය නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත් වෙලා ආනයනික නිෂ්පාදන ඉතිරි වෙනවා. ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. 

දැන් මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

අවම වශයෙන් ඩොලරයක මිල උද්ධමනය වැඩි වූ ප්‍රමාණයට ඉහළ යන්න දුන්නා කියා කියමු. ඒ කියන්නේ ඩොලරයක මිලත් 25%කින් වැඩි වෙනවා.

A - තවදුරටත් රුපියල් 1,250 මට්ටමේමයි.

B - ආනයනික යෙදවුම් කොටස රුපියල් 200 සිට රුපියල් 250 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

C - ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

D - ආනයනික යෙදවුම් කොටස රුපියල් 800 සිට රුපියල් 1000 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.

E - රුපියල් 1,250 දක්වා වැඩි වෙනවා.


දැන් දේශීය නිෂ්පාදකයාට විශේෂ වාසියක් නැතත් සමාන තරඟයකට මුහුණ දීමේ අවස්ථාව තවදුරටත් ඉතිරිව තිබෙනවා. එහෙමයි කියලා එක පාරටම දේශීය නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. මේ තත්ත්වය ව්‍යවසායකත්වය ඇති අයට නිරීක්ෂණය වී ඔවුන් නිෂ්පාදනයට පෙළඹෙන්න යම් කාලයක් යනවා. ආණ්ඩුව නැවතත් විණිමය අනුපාතය පාලනය කරයිද කියන බය තිබෙන තුරු ඔවුන් එසේ නොපෙළඹෙන්න ඉඩ තිබෙනවා. බය ඇරෙන්නත් යම් කාලයක් යනවා. කෙසේ වුවත් විණිමය අනුපාතය පාලනය කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ඇත්නම් දිගුකාලීනව තරඟකාරිත්වය ඇති වී ප්‍රශ්නය විසඳෙනවා.

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආනයන පාලනය කළ විට සිදු වන්නේ කුමක්ද? 

දැන් B, C, D හා E තව දුරටත් නිපදවන්න බැහැ. ඒ නිසා, A වලට අවස්ථාවක් ලැබෙනවා. මිල රුපියල් 1250යි. හැබැයි රටින් එළියේ මිල තවමත් රුපියල් 1000 නිසා මේ නිෂ්පාදනය කවදාවත් අපනයනය කරන්න බැහැ. ඒ නිසා, ආනයන අඩු වුනත් අපනයන වර්ධනය වෙන්නේ නැහැ. අනෙක් අතට ආනයන පාලනය ඉවත් කළ ගමන් තමන් අමාරුවේ වැටෙන බව නිෂ්පාදකයෝ දන්නවා. ඒ නිසා, ඔවුන් නිෂ්පාදනය පටන් ගන්නේ දිගින් දිගටම ආනයන පාලනය එලෙසම පවතිනු ඇති බවට විශ්වාසයක් ඇත්නම් පමණයි. මේ වැඩේටත් කාලයක් යනවා. ඒ නිසා පෙර අවස්ථාවේ වගේම දේශීය නිෂ්පාදනය ක්ෂණිකව ඉහළ යන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමට සාපේක්ෂව මේ ක්‍රමයේ අවාසි ගණනාවක් ඇතත් කිසිම වාසියක් නැහැ. හැබැයි මිනිස්සු භාණ්ඩ හිඟය එක්ක ජීවත් වෙන්න කැමතිනම් මේ ක්‍රමයත් ඩොලර් හිඟයට තාවකාලික විසඳුමක්.

60 comments:

  1. ඉකොනොමැට්ටාගේ පළමු උපකල්පනය වැරදියි. සෛද්ධාන්තිකව එසේ කිව හැකි වුණාට සත්‍ය තත්ත්වය මීට වඩා වෙනස්, දේශීය මිල ගණන් උද්ධමනය නියතව පවතින වෙලාවක උනත් වෙනස් වෙනවා ආනයන මිල වැඩි වෙද්දි දේශීය නිෂ්පාදිත පවා වහා මිල වැඩි කරනවා.

    ඒ වෙනුවට අපේ ආර්ථික සංවර්ධන සැලැස්ම ඔබට ඉදිරිපත් කරන්නම්. මේකෙන් ලංකාවේ නූතන දේශපාලනික තත්ත්වය ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් මේ;

    shorturl.at/qwDEU

    මේක අනිවාර්යයෙන්ම බලන්න. අනාගතය සුභ දායකයි.

    https://m.facebook.com/story.php?story_fbid=676827959963176&id=267207983433656

    මේ ක්‍රමය හරහා පමණයි ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය හැකකේ. ලංකාවේ සෑම පලාතක්ම අවම වශයෙන් ජනගහනයට සහ භූමි ප්‍රමාණයට සාපේක්ෂ වශයෙන් දේශීය නිෂ්පාදිතයට දායක කර ගැනීම සහ ආදායම් විෂමතා ඉවත් කිරීම මුලින් කළ යුතු බවත් ඊටම සරිලන පරිදි විනිමය අනුපාතය සකස් කිරීමට අවශ්‍යයි. එමගින් පමණයි මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පුළුවන් වන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අනුර කුමාර ජාතික ගිණුම් ගැන උනත් හරියට දන්නෙ නෑ වගේ නේද?

      උතුරු මැද පළාත ගත්තම වැඩි බහුතරයක් ඉන්නෙ අවිධිමත් ආර්ථිකයක.

      එයාලගෙ දත්ත ජාතික ගිණුම් වල නෑ.
      තිබුණත් තියෙන්නෙ අඩුවෙන්.

      @ඉකොනො ජාතික ගිනුම් දත්ත ගැන අදහස වැරදි නම් කියන්න.

      එහෙම ජාතික ගිණුම් අරගෙන මෙයාල කියන ඒවා විශ්වාස කරනවා නම් ඉතින් හරි ශෝක්..

      ඔයා ඔයිට වඩා හොඳයි සමබිම පක්ෂෙ දීපති කුමාර ගුණරත්නගෙ ආර්ථික විග්‍රහයන් අහල බලන්න.

      අඩුම හොඳ දැනුමක් ඔයාට ගන්න පුලුවන් වෙයි.

      Delete
    2. මට දීප්තිමත් දීප්ති කුමාර ගුණරත්නගේ අනුග්‍රාහක භවතෙක් වුණ ටිරාන් අලස් ගැන මට දැනගන්න කාරණයක් තියෙනව. දීප්ති කියනව ටිරාන් කියන්නෙ මූල්‍ය ධනපතියෙක් කියල. ඒ කියන්නෙ මූල්‍ය ධනපතියො අනිත් ධනපතියන් ගෙන් ගති ගුණ අතින් වෙනස් ද?

      මොකද ටිරාන් අලස් මූල්‍ය ධනපතියෙක් ද කියල අපි දන්නෙ නැහැ. හැබැයි එයා ගේ ව්‍යාපාර ඉතිහාසය නම් ඊට වෙනස්. ආරම්භයේදී ඔහු සන්නිවේදන සහ ව්‍යාපාර උපකරණ විකුණන කුඩා සමාගමක හිමිකරුවෙක්. 2002 දී රනිල් ගේ ආණ්ඩුව කාලෙ යුද විරාමයත් එක්ක ඔහු ඩයලොග් එකත් එක්ක එකතු වෙලා උතුරු නැගෙනහිරට ජංගම දුරකතන සේවා විකුණනව. 2004 දි ඔහුට එවකට පැවති දූෂිත රාජපක්ෂ රෙජීමයේ විදේශ හා සංචාරක ගුවන් සේවා ඇමති මංගල සමරවීර විසින් ගුවන් තොටුපල සමාගමේ උප සභාපති තනතුර පිරිනමනව, 2005 දි ඔහු එහි සභාපති වෙනව. ඔහුගෙ සේවා කාලය තුළ ගුවන් තොටුපළ ප්‍රති ව්‍යුහගත කිරීමට විශාල ඩොලර් මිලියන 550 ක් විතර ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් කරනව. 2005 ජනාධිපතිවරණයෙදි ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එල්ටීටීඊ එක හමුවෙලා ඩීල් එකක් දාල ගිවිසුමක් ගහපු කතාව ඔහුම කියල තියෙනව මාධ්‍ය වලට පස්සෙ කාලෙක. ඉතින් 2006 - 2007 කාලයේ දීප්තිට මූල්‍ය ධනපතියෙක් වන ටිරාන් අලස් එක්ක වැඩ කරන්න ලැබුණා කියන එක දීප්ති පැහැදිළි කරන්න තියෙන දෙයක්. මූල්‍ය කියන්නෙ අතේ සල්ලි තියෙන එක කියන එක නම් ඒක හරි.

      ඔය කියන වෙබ් අඩවියේ තියෙන්නේ දීප්තිමත් දීප්ති හරකුන්ට පුන්නක්කු කවනව වගේ ඉදිරිපත් කරන අති සරල තර්ක. දීප්තිගේ තිබෙන මූලික ගැටලුව ඔහුට උසස් අධ්‍යාපනයක් නොතිබීමයි. නිසි පරිදි ක්‍රමානුකූලව හැදැරූ උසස් අධ්‍යාපනයක් නොතිබීම නිසා ඔහුට ඇකඩමික විනයක් නැත​. ඔහුගේ භාෂා දැනුමද  ඉතා දුර්වලය​. ඔහුට නිවැරදිව ඉංග්‍ර්‍රිසියෙන් කියවීමට හෝ ලිවීමට නොහැක​. එම නිසා ඔහු අන්තර්ජාලයෙන් යමක් කියවා සිංහලට පෙරලන්නේද දෝෂ සහිතවය​.

      මේ තත්වය ඔහු තුල දැඩි හීනමානයක් ඇති කර තිබේ. එම නිසා ඔහු කරන්නේ නිර්දය ලෙස පුද්ගලික පහරදීමේ කලාවයි. අසූචි ගා ගත් ඌරාද සිංහයා සමග සටනේදී අනුගමනය කලේ මේ කලාවයි.

      මේ දීප්ති කුමාර ගුණරත්න සමග බොහෝ කාලයක් එකට වැඩ කළ අජිත් පැරකුම් ජයසිංහගේ අදහස් මෙහෙමයි;

      // දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. (දෙවන ඡේදය කියවන්න.) ඔහු මූලික ව්‍යාකරණය ‍පවා නො දනියි. මේ තේරුමක් නැති වාක්‍යවල තේරුමක් ඇතැයි සිතූ සමහරු කලක් ඔහු පසුපස යමින් තේරුම් සෙවූ හ. තමන්ට නොතේරෙන දෙයක් අනුන්ට තේරුම් කරන්නට බැරි ය. දීප්ති නිතර ම 'මං කියන දේ තේරුණා ද දන්නෙ නැහැ,' යි කියන්නේ ඇත්තෙන් ම ඔහු කියන දේ ගැන ඔහුට ද තේරුමක් නැති නිසා ය. සමහරු මේවා තේරුන බව පෙන්නන්නට ‍ගොස් විහින් ගොන්නු වූ හ.

      චින්තකයකු වන්නට තිබෙන උන්නතිකාමී ආශාව හා ගැඹුරින් යමක් සිතන්නට තරම් පුළුල් මනසක් නොමැතිකම හා එවැනි පුළුල් මනසක් ගොඩනගා ගත හැකි මිනිස් ගුණ ධර්මවලින් තොර වීම අතර ඇති පරස්පරයන් පියවා ගන්නට දීප්ති කරන්නේ කොහෙන් හෝ චින්තකයකු සොයාගෙන බාගෙට කියවා තමන්‍ට ත‍ේරුන තැන් කීපයක් අල්ලාගෙන නන් දෙඩවීමයි. // (Source: W3 Lanka)

      බොහෝ විට දීප්තිගේ නූතන අනුග්‍රාහක භවතුන් වන්නේ රාජපක්ෂ දූෂිත රෙජීමය පවා විය හැකි බව පේනවා නේද මචන් මේවායින්?

      Delete
    3. //ඉකොනොමැට්ටාගේ පළමු උපකල්පනය වැරදියි. සෛද්ධාන්තිකව එසේ කිව හැකි වුණාට සත්‍ය තත්ත්වය මීට වඩා වෙනස්, දේශීය මිල ගණන් උද්ධමනය නියතව පවතින වෙලාවක උනත් වෙනස් වෙනවා ආනයන මිල වැඩි වෙද්දි දේශීය නිෂ්පාදිත පවා වහා මිල වැඩි කරනවා.//

      "සෛද්ධාන්තිකව එසේ කිව හැකි වුණාට" කියලා ඔබම කියන නිසා මම වියුක්ත ලෙස හෝ මගේම උදාහරණයක් අරගෙන පැහැදිලි කළාට වැඩක් නැහැනේ. ඔබ කියන්නේ "ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය අනුව සෛද්ධාන්තිකව පොල් බිමට වැටිය යුතු වුවත් සත්‍ය තත්ත්වය මීට වඩා වෙනස්, පොල් බිම නොවැටී අහසේ පාවෙනවා" වගේ කතාවක්. එවැනි අවස්ථා තියෙන්න පුළුවන්. මගේ උපකල්පන වැරදි සේ ඔබට පෙනී යන අවස්ථා පිළිබඳ සංයුක්ත නිදර්ශන කිහිපයක් ඉදිරිපත් කළොත් වැඩිදුර අදහස් දැක්විය හැකියි.

      අනුර කුමාරගේ සැලැස්ම ගැන කියනවානම් ඔහුගේ කෙටිකාලීන විසඳුම් පිළිබඳව මට එතරම් ප්‍රශ්නයක් නැහැ. ඔහු කියන්නේ අපිත් ප්‍රධාන පක්ෂ වගේම කොහොම හරි රෝල ගහනවා කියන එකනේ. එක ක්‍රමයක් ණය ප්‍රතිව්‍යුහගත කරන එක. එජාපයේ විසඳුමද එයමයි. ඒ කියන්නේ දැන් ගෙවිය යුතු ණය මොන විදිහකින් හෝ අනාගතයට තල්ලු කිරීම. දෙවන ක්‍රමය රටින් පිට ජීවත් වන අයගෙන් උපකාරයක් ලබා ගැනීම.

      පවතින ආණ්ඩුව කරන්න හදන්නෙත් මොන විදිහකින් හෝ රෝලක් ගහලා මේ මොහොතේ ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගැනීම. ජවිපෙ විසඳුමද එයින් වෙනස් නැහැ. ඒ හැර ජවිපෙ විසින් කිසිදු දිගුකාලීන විසඳුමක් ඉදිරිපත් කර නැහැ.

      ණය ප්‍රතිව්‍යුහගත කළත් පහුවෙලා හරි පොලියත් එක්ක ගෙවන්න වෙනවනේ. අනාගතයේදී මේ ණය හා පොලිය ගෙවන්නේ කොහොමද? වසරින් වසර එකතු වන ගෙවුම් ශේෂ හිඟයට විසඳුම කුමක්ද? විදේශගත ශ්‍රමිකයන්ගෙන් එක වරකදී ආධාරයක් ඉල්ලා සිටිය හැකි වුවත් ඒ වැඩේ හැමදාම කරන්න පුළුවන්ද? සරලව, රටේ ආර්ථිකයේ දිගුකාලීන නිදන්ගත ප්‍රශ්න වලට විසඳුමක් ගැන අදහසක් හෝ ජවිපෙට තිබෙනවාද?

      Delete
    4. //උතුරු මැද පළාත ගත්තම වැඩි බහුතරයක් ඉන්නෙ අවිධිමත් ආර්ථිකයක.

      එයාලගෙ දත්ත ජාතික ගිණුම් වල නෑ.
      තිබුණත් තියෙන්නෙ අඩුවෙන්.//

      නවීන්, ඔබ මතු කරන කරුණට පදනමක් තිබෙනවා. එහෙත් එය සැලකිල්ලට ගත්තත් අනුර කුමාර කියන කතාව තර්කයක් ලෙස අවලංගු වන්නේ නැහැ. වඩා වැදගත් ප්‍රශ්නය ඒක නෙමෙයි. දළ දේශීය නිෂ්පාදිතයට උතුරු මැද පළාතෙන් එකතු වන කොටස බස්නාහිර පළාතෙන් එකතු වන කොටසට සමාන විය යුත්තේ ඇයි? එසේ සමාන වීමෙන් ලැබෙන වාසි මොනවාද? (ජනගහණයට හා භුමි ප්‍රමාණයට ගැලපුවා කියමු. මගේ තර්කය පදනම් වන්නේ එවැනි වෙනස්කම් මත නෙමෙයි.)

      මේ තර්කය තවත් දුර ගෙනිච්චොත්, බටහිර කොළඹ ආසනයෙන් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන කොටස කඩුවෙල ආසනයෙන් හෝ මිහින්තලේ ආසනයෙන් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන කොටසට සමාන විය යුතුයි (ඉහත ගැලපීම් කිරීමෙන් පසුව). තවත් දුර ගියොත් ග්‍රාමසේවා කොට්ඨාශ දක්වාත්, ඒකීය පුද්ගලයින් දක්වාත් තර්කය දිගු කළ හැකියි.

      මෙහි ලස්සන දවටනයක අසුරා ජවිපෙ විසින් එළියට දමන්නේ ඔවුන් හැමදාම පෙනී සිටි යල් පැන ගිය සම්ප්‍රදායික මාක්ස්වාදී අදහස්. වෙනස තිබෙන්නේ වචන සෙට් එකේ පමණයි. මාක්ස්වාදය අනුව භාණ්ඩ හා සේවා වල වටිනාකම් හැදෙන්නේ නිෂ්පාදනය සඳහා යෙදවූ ශ්‍රමය මත. සියලු මිනිස්සු සමාන සේ සැලකීමෙන් පසු සියලු මිනිසුන්ගේ ශ්‍රමයද සමානයි. ඒ නිසා, උතුරු මැද මිනිසුන්ගේ ශ්‍රමය වැය කිරීමේදී දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන ප්‍රමාණය හා බස්නාහිර මිනිසුන්ගේ ශ්‍රමය වැය කිරීමේදී දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන ප්‍රමාණය සමාන විය යුතුයි. එසේ නොවන්නේනම් එයට හේතුව බස්නාහිර පළාතේ මිනිසුන් විසින් උතුරු මැද මිනිසුන්ගේ ශ්‍රමය සූරාකෑමයි. එම සූරාකෑම නැවැත්වූ පසු පළාත් දෙකේ ආදායම් සමාන වෙනවා. මෙය කිරීම සඳහා රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය රජයේ මධ්‍යගත සැලසුමක් ඇතුළට ගන්න වෙනවා. මිනිසුන්ට ව්‍යාපාර ආදිය කළ හැකියි. හැබැයි අර මධ්‍යගත සැලසුම ඇතුළේ සිට එහි කොටසක් ලෙස. ජවිපෙ කියන කතාවේ හරය ඕකයි. එහෙම නෙමෙයිනම් කවුරු හරි විස්තර කරන්න.

      මාක්ස්වාදය ගැනත්, මධ්‍යගත සැලසුම් ගැනත් ලිපි ගණනාවකින් විස්තර කර, මතු කරනු ලැබ ඇති සියලු ප්‍රශ්න වලට පිළිතුරු දී අවසන් නිසා නැවත ඒ වෙනුවෙන් කාලය වැය කරන්න අදහසක් නැහැ. ජවිපෙ සැලසුම මාක්ස්වාදී ඉගැන්වීම් මත පදනම් වූ මධ්‍යගත සැලසුමක් නොවේනම් එය කුමක්දැයි කිවුවොත් වැඩිදුර අදහස් දැක්විය හැකියි.

      Delete
    5. ඇනෝ,

      දිප්තිගෙ ආර්ථික අදහස් දැක්වීම ගැනයි මම කතා කරෙ.

      ඔයා අපිට යෝජනා කරාම ජ.වි. පෙ අනුරගෙ අදහස් දැක්වීම ගැන, අපි ඒක ගැනයි කතා කරෙ.

      මේකත් ඒක ගැන කතා කරන්න.

      ඇකඩමික් විනය ගැන කතා කරන ඔයාට මම ඉදිරිපත් කරපු එකවත් තේරුම් ගන්න බැරිද?

      අනික් ඒවා දීප්තිගෙන් අහන්න.

      දීප්ති ගැන තව කෙනෙක්ගෙ අදහසක් උපුටල පෙන්නනෙ අඩුම තරමෙ ඔයාගෙ අදහස කියාගන්නත් කොන්දක් නැද්ද?

      දැනුම නම් ඇක්ඩමික් ද, නැද්ද කියන එක වැදගත් නෑ, ඒක නිවැරදි නම්, එච්චරයි.

      අනික ලංකාවෙ ඇකඩමියාවෙ ඉන්න අය ගැනත් දීප්තිගෙ කතා 2,3ක් අහල බැලුවම තේරුම් ගන්න පුලුවන්.

      Delete
    6. ඉකොනො,

      බොහොම පැහැදිලි.
      මට මෙතන මතු කරන්න ඕනි උනේ ලංකාවෙ මිනිස්සුන්ට මොනව හරි කීවම කිසිම දෙයක් නොදැන ඉස්මුදුනින්ම පිලිගන්න එක,

      අඩුම එයා ජාතික ගිණුම් වල දත්ත අරගෙන ඉදිරිපත් කරනකොට, ජාතික ගිණුම් වල කොච්චර සීමා තියෙනවද කියලවත් කවුරුත් දන්නෙ නෑ.

      අනුරත් අනිත් අය වගේ පොඩ්ඩක් කරකවල බොරු ඇදබාන එකයි කරන්නෙ මට නම් පේන්නෙ.

      ජ. වි. පෙ ගැන අදහසට එකඟයි.

      සමාජවාදය 20 සියවසේ fail වෙච්ච ලොකුම project එක වෙන්න ඕනි නේද?





      Delete
    7. ජවිපෙට inbreeding ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ගොල්ලන්ගේ රාමුව ඇතුළේම හිතන්න පුරුදු වෙලා රාමුවෙන් පිටට යනවා කියලා හිතලා නොදැනීම වගේ කරන්නේත් ආපහු හිටපු රාමුව ඇතුළටම එන එක.

      Delete
    8. ජවිපෙ විරෝධී රාජපක්ෂ කල්ලියේ සහ උන්ගේ උප කොන්ත්‍රාත්කරුවන්ගේ ගෝලයන්ට රිදී ඇති බව පේනවා.

      මේ බලන්න ලංකාවේ ආර්ථික අර්බුදය ගැන සහ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති ගැන අනුර කුමාර සහෝදරයා ඉතාමත් පැහැදිලිව විස්තර කර තිබෙනවා

      https://www.facebook.com/pasindu.ashan.334/videos/1243973022785159/

      මේවා ඒ කාලේ බහුතරයක් හොරුන්ට කඩේ ගිය අපතයන්ට තේරුනේ නැහැ දැන් තමයි ටික ටික තේරුම් ගන්නේ.

      ලංකාවේ පොදු ජනතාවගේ ප්‍රශ්ණ ගැන පාර්ලිමේන්තුවේ කතාකරන්නේ “අනුර“ සහ ජවිපෙ පමණි. හැමෝටම ආණ්ඩුවේ නායකයන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්ණ අහන්නේ “අනුර“ පමණයි. රටේ මිනිස්සුන් හිතන විදිය ගැන දැනගෙන කතාකරන්නේ “අනුර“ පමණයි.

      ඒ වගේම 2022 අයවැය විවාදයේදි, කාබනික පොහොර මාෆියාව ගැන අනුර කල කතාව අහන්න. ඒ අහන හැම ප්‍රශ්ණයටම අණ්ඩුව උත්තර දෙන්න ඕනේ. එහිදි අනුර මතුකල යම් කරැණු කිහිපයක් මෙතන දක්වන්න කැමතියි.

      01. පහුගිය මැයි මාසයේදි ගැසට් එකක් නිකුත් කරනවා, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සියළුම යෙදවුම් නතර කරන්න කියලා. රසායනික පොහොර, පළිබෝධනාශක හා සියළු යෙදවුම් ඒ අතර වුණා. එතකොට ටික දවසක් ගිහිල්ලා, පළිබෝධනාශක ඇතුළු කෘෂි රසායන ඉවත්කරන්න තමුන්වහන්සේලා පියවර ගන්නවා. ආයිමත් ටික දවසක් ගිහිල්ලා තේ, රබර්, පොල් ඇතුළු වගාවන්ට යූරියා නිකුත් කරන්න පියවර ගන්නවා. ආයිමත් ටික දවසක් ගිහිල්ලා යූරීයාත් ගේන්න පුළුවන් හැබැයි පෞද්ගලික අංශයට. හැබැයි තමුන්වහන්සේලා කිවුවේ මොකක්ද? පෞද්ගලික අංශයේ පොහොර මාෆියා එකක් තියෙනවා. ඒ මාෆියා එක තමයි සල්ලි වියදම් කරන්නේ මේකට එරෙහිව කියලා. අවසානයේදි ඔබලා පියවර ගන්නේ මොකක්ද? පෞද්ගලික අංශයට කියලා පොහොර ගෙන්වන්න. දැන් අවසානයේදි වෙලා තියෙන්නේ පෞද්ගලික අංශය රසායනික පොහොර ගේනවා. ආණ්ඩුවෙන් කාබනික පොහොර බෙදනවා. ඕකනේ සිද්ධ වෙන්නේ. හැබැයි තරගයට ගොවිපොලට ගියොත් ගොවිජනතාව ගන්නේ මොකක්ද? යූරියා. ඒකයි ස්භාවය. අවසානයේදි සිදුවෙලා තියෙන්නේ මොකක්ද? සමාගම්වල වලවල්වට අහුවෙලා තියෙන්නේ තමුන්වහන්සේලා. ලක් පොහොර එකත්, කොමර්ශල් පොහොර එකත් පොහොර ගේන එක නවත්වලා පෞද්ගලික අංශයට පැවරීම හරහා, ඒ පෞද්ගලික අංශ මාෆියාවක්නම්, ඒ මාෆියාවේ ඒජන්තවරැ විදියට තමයි තමුන්වහන්සේලා පත්වෙලා තියෙන්නේ.

      02. ණයවර ලිපියක් නිකුත් කරනවා කියන්නේ, අවසාන වශයෙන් සැපයුම්කරැවා හා ගැණුම්කරැවා අතර ඇතිවෙන පොදු සම්මූතීන්. සැපයුම්කරැ වෙන කින්ඩාවෝ සමාගම පොහොර එවුවා. දැන් තමුන්වහන්සේලා කියනවා ගන්නේ නැහැ කියලා. ගන්නත් බැහැ. හැබැයි අපි දැනගන්න කැමතියි, ශාඛ නිරෝධායන සේවයේ සාම්පල් පරික්ෂාවට පෙර මේ ණයවර ලිපිය නිකුත් කලේ කවුද කියලා?.

      03. ගරැ කථානායකතුමනි, භාණ්ඩාගාරය සතු ධනය පුද්ගලයෙකුගේ පෞද්ගලික ගිණුමේ තියෙන්න පුළුවන්ද? දැන් තමුන්වහන්සේලා අපේ රටේ භාණ්ඩාගාරයේ සතු මුදල් ප්‍රමාණය කොච්චරද කියලා කිවුවොත් කියන්න වෙන්නේ මොකක්ද? ඒකාබද්ධ අරමුදලේ මෙච්චර තියෙනවා. මොහාන් ටී පෙරේරාගේ ගිණුමේ මෙච්චර තියෙනවා. ආණ්ඩුවේ සල්ලි එහෙම මොහාන් ටී පෙරේරාගේ ගිණුමේ තියෙන්න පුළුවන්ද?

      https://www.youtube.com/watch?v=xNLu7Xfuetc

      Delete
    9. විශාල, බලවත් රජයක් තිබෙන තුරු එම රජයට සම්බන්ධ අය හොරකම්, දූෂණ, නාස්ති කිරීමේ ඉඩක්ද තිබෙනවා. ඒ නිසා, රජය කුඩා හා දුර්වල එකක් වන තුරු හොරකම්, දූෂණ, නාස්ති ගැන කතා කිරීමේ අවස්ථාවන්ද අඩු වෙන්නේ නැහැ. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක කරන විශාල, බලවත් රජයක් නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින සමාජවාදී මතවාදය පරාජය කළ යුත්තේ ඒ නිසයි.

      Delete
    10. ප්‍රශ්නය ඇත්තේ රජයේ නෙවෙයි රජය පාලනය කරන අයගේ. එහෙම නම් පුද්ගලික ආයතන වල හොරකම් අඩු වෙන්න හේතුව කුමක්ද? පුද්ගලික ආයතන වල අයිතිකරුවන් නිතර ඒ ගැන හොයා බලමින් හොරකම් කරලා තියෙනවා නම් ඔවුන්ට ක්ෂණිකව දඬුවම් කර හොරකම් කරන එක වලක්වන්න නීතියට අනුව කටයුතු කරන නිසා. ලංකාවේත් අවුරුදු 73 ක් පාලනය කළ කම්බා හොරු රැල එළවා දමා හොරකම් නොකරන විනය ගරුක රටගැනත් ආර්ථිකය ගැන හොදින් දන්නා බුද්ධිමත් පාලකයන් පත් කර ගැනීම මගින් ලේහෙසියෙන්ම ඔය වගේ පුහු ආකල්ප සහ පුස් තර්ක බිඳ දමා පෙන්වන්න පුළුවන්.

      ඉතාම සරල උදාහරණයක් විදියට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහාභාගි වූ “හිරැ සළකුණ“ වැඩසටහනත්, ජවිපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහාභාගි වූ “ස්වර්ණවාහිණි ඉර“ වැඩසටහනත් බැලුවා නම් පහසුවෙන් අවබෝධ කරගත හැකි සත්‍ය තත්වය. මේ වැඩසටහන් දෙකේදීම කතාකලේ 2022 අයවැය ගැනයි. ඉතාමත් පැහැදිළිවම කියන්න පුළුවන් දේනම්, අයවැය හැදුවා කියන මුදල් ඇමති බැසිල් රාජපක්ෂට අයවැයේ තියෙන දේවත් හරියට පැහැදිළි කරන්න බැරිවුණු බවයි. අඩුම වශයෙන් ඔහුට රටේ දැනට තියෙන ආර්ථික අර්බුදය මොකක්ද කියලාවත් පැහැදිළි කරන්න බැරිවුණා. 2022 අයවැය හරහා රටේ ආර්ථික අර්බුදයට විසදුම් ලබාදෙන්නේ කොහොමද කියලාවත් ඔහුට පැහැදිළි කරන්න බැරිවුණා. ඒ වෙනුවට සෑමවෙලාවකම ඔහු ඉස්මතු කලේ යුද්ධය දිනපු අපිට මේක කරන්න පුළුවන් කියන එකයි. හැබැයි ඒ කොහොමද කියලා ඔහු කිවුවේ නැහැ. ඒ වගේම ඉදිරියට ක්‍රියාත්මක කරන්න හදන ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියලාවත් ඔහුට පැහැදිළි කරන්න බැරිවුණා.

      හැබැයි ජවිපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සාකච්ඡාව ආරම්භ කලේම රටේ මේ වෙනකොට පවතින ආර්ථික අර්බුදය කොච්චරක්ද කියලා පැහැදිළි කරලයි. සංඛ්‍යා දත්ත මුලාශ්‍ර කරමින් ඔහු ඉතාමත් හොදින් ඒ විග්‍රහය කලා. ඒ වගේම මුළු සාකච්ඡාවේදිම ඔහු කතාකලේ මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එන්නේ කොහොමද කියලයි. එය ඉතාමත් හොදින් ඔහු පැහැදිළි කලා. රටේ ණයබර, ණය ගැනීමේදි කරනු ලැබු අක්‍රමිකතා, මේ තත්වයට රටේ ආර්ථිකය පත්වීමට හේතුව, මේ යෝජිත 2022 අයවැයේ අඩුපාඩු, වෙළද ඒකාධිකාරිත්වයක් ඇතිවෙන්න ඉඩ නොදී රජය මගින්ම කාර්යක්ෂමව රටේ ආර්ථිකය හසුරුවන විදිය වැනි මාතෘකා ගොඩක් ඔහු ඉතා හොදින් කරැණු සහිතව විග්‍රහ කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දෙයක්.

      රටේ මුදල් ඇමතිවරයා කියන්නේ පාර්ලිමේන්තුවේ අයවැය කියවන කෙනා විතරක් නෙමෙයි. ඔහුට රටේ ආර්ථිකය ගැන, ආර්ථිකය මෙහෙයවීම ගැන හරි හැටි දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනේ. එලෙස අයවැය යෝජනා ගැන ගැබුරින් සාකච්ඡා කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. අයවැය කියවනකොට සිංහල වැරැද්දුව එක අවුලක් නැහැ. කතාකරන එක තේරැනේ නැතත් අපිට කියවලා තේරැම් ගන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ, ඒ අයවැය යෝජනා ගැන ඔහුගේ ඇති දැනුමයි. ඔහුගේ කතා අනුවනම් ඔහුට ඒ දැනුමක් නැතිබවයි පෙනුනේ. හුදෙක්ම ඔහුවත් මේ අයවැය යෝජනා දන්නේ පාර්ලිමේන්තුවේ අයවැය කතාව කරනකොට කියලා හිතුනා. අයවැය ගැන කතාවෙනවා කියන්නේ රටේ පක්ෂයක් පාලනය කරනවා කියන එක නෙමෙයි කියන එක මෙයාලා තේරැම් ගන්න ඕනේ. මේ මම කියන නිසා පිළිගන්න එපා. මේ වැඩසටහන් දෙකම බලන්න. බලලා රටේ ආර්ථිකය ගැන යම් දැනුමක් තියෙන්නේ කාටද කියලා තීරණය කරන්න.

      මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහාභාගි වූ “හිරැ සළකුණ“ වැඩසටහන:

      https://www.youtube.com/watch?v=2S18fNuyGRI

      ජවිපේ නායක අනුර කුමාර දිසානයක මහතා සහාභාගි වූ “ස්වර්ණවාහිණි ඉර“ වැඩසටහන:

      https://www.youtube.com/watch?v=LS6wwEY58nc

      ඒ වගේම සජබ සහ එක්සත් ජාතික පක්ෂය කියන දෙකම පට්ට ෆේල් ඒ ගැන කතා කරලත් වැඩක් නැහැ. එකම විසඳුම ජවිපෙ ජාතික බලවේගය පමණයි.

      Delete
    11. //ප්‍රශ්නය ඇත්තේ රජයේ නෙවෙයි රජය පාලනය කරන අයගේ. එහෙම නම් පුද්ගලික ආයතන වල හොරකම් අඩු වෙන්න හේතුව කුමක්ද? පුද්ගලික ආයතන වල අයිතිකරුවන් නිතර ඒ ගැන හොයා බලමින් හොරකම් කරලා තියෙනවා නම් ඔවුන්ට ක්ෂණිකව දඬුවම් කර හොරකම් කරන එක වලක්වන්න නීතියට අනුව කටයුතු කරන නිසා. //

      රජය කියන්නේ රජය පාලනය කරන අය තමයි. රජය පාලනය කරන අයගේ ප්‍රශ්නය නෛසර්ගික ප්‍රශ්නයක්. එහෙම නැතුව අදාළ පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. "පුද්ගලික ආයතන වල අයිතිකරුවන් නිතර ඒ ගැන හොයා බලමින් හොරකම් කරලා තියෙනවා නම් ඔවුන්ට ක්ෂණිකව දඬුවම් කර හොරකම් කරන එක වලක්වන්න නීතියට අනුව කටයුතු කරන්නේ" ඇයි? එසේ නොකළොත් තමන්ට පාඩු වෙන නිසා. එසේ නොකරන අයත් ඉන්නවා. නමුත්, වෙළඳපොළක් තුළ එවැන්නන්ට පැවැත්මක් නැහැ. පාඩු සිදු වන විට එවැනි පුද්ගලික ආයතන වැසී යනවා. වෙළඳපොළ තුළ ඉතිරි වන්නේ "හොරකම් කරලා තියෙනවා නම් ඔවුන්ට ක්ෂණිකව දඬුවම් කර හොරකම් කරන එක වලක්වන්න නීතියට අනුව කටයුතු කරන" කාර්යක්ෂම අය පමණයි. ධනවාදී තරඟය කියන්නේ ඒකයි. හරියට කරන කෙනා ඉතිරි වෙනවා. නොකරන කෙනා ඉබේටම හැලෙනවා. ඇත්තටම බොහෝ විට පුද්ගලික ආයතනයක සේවකයෙක් හොරකම් නොකළත් කාර්යක්ෂම නැත්නම් ඔහුට හෝ ඇයට රැකියාව අහිමි වෙනවා. පුද්ගලික අංශයේ ඉතිරි වන්නේ කාර්යක්ෂම අය පමණයි. සමහර විට සමාජවාදී පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති බලවත් තැන් වලනම් අකාර්යක්ෂම අයත් ඉතිරි වෙනවා.

      නමුත්, රජයේ ආයතනයක් පාඩු වුනා කියලා රජය පාලනය කරන අයට පෞද්ගලිකව පාඩු වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ එහි අනෙක් පැත්තයි. හොරකම්, දූෂණ කරන තරමට ඔවුන්ට පෞද්ගලිකව වාසියි. රජය පාලනය කරන අය පාලනය කරන්නේ පොදු අරමුදල් මිසක් තමන්ගේ සල්ලි නෙමෙයි. ඒ නිසා, ඔවුන් හොරකම් කරද්දී ඔවුන්ට වෙන්නේ වාසියක්. පාඩුව වෙන්නේ වෙනත් අයට. මෙයින් කියන්නේ රජය පාලනය කරන හැමෝම හොරකම් කරන බව නෙමෙයි. නමුත්, ලොකු, බලවත් රජයක් තිබෙන තුරු හැමදාම හොරු අල්ල අල්ල ඉන්න වෙනවා. වෙළඳපොළ මූලධර්ම යොදාගෙන හොරකම් කරන්න තිබෙන අවස්ථා නැති කළ විට රජය පාලනය කරන අය හොරුද, අවංක අයද කියන එක ගැන හොයා හොයා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රජය පාලනය කරන අයගේ හොරකම්, දූෂණ, නාස්ති කියා කියන්නේම ජවිපෙ පෙනී සිටින සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ප්‍රශ්නයක්. රජයේ හොරකම්, දූෂණ, නාස්ති ආදිය පිළිබඳ ලොකුම විවේචකයා වී සිටින්නේ ජවිපෙ වුවත් මේ හොරකම්, දූෂණ, නාස්ති ආදිය සිදු වන්නේම ජවිපෙ විසින් රැක ගන්නට මරාගෙන මැරෙන හා තව දුරටත් ශක්තිමත් කරන්න හදන මධ්‍යගත සැලසුම් යාන්ත්‍රනය නිසයි. රජය කුඩා කර රාජ්‍ය පාලනයටද වෙළඳපොළ මූලධර්ම හඳුන්වා දුන් විට තව දුරටත් රජය පාලනය කරන අයගේ හොරකම්, දූෂණ, නාස්ති ආදිය ගැන කතා කරන්න අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. මේවා (සමාජවාදී) ක්‍රමයේ ප්‍රශ්න මිසක් රජය පාලනය කරන පුද්ගලයන්ගේ ප්‍රශ්න නෙමෙයි. ක්‍රමය එලෙසම තියෙන තුරු හොඳ පුද්ගලයෙක් වුවත් බලය අතට ලැබුණු පසුව ඕනෑම වෙලාවක හොරෙක් විය හැකියි.

      Delete
    12. මේ කෙටි වීඩියෝ එකේ කියන දේවල් සිහි බුද්ධියෙන් කරුනු විමසා බලන්න මේ ආණ්ඩුව අධික ලෙස බදු අය කිරීම නිසා රටේ සාධාරණ නීත්‍යානුකූල ව්‍යාපාර වැසී යන ආකාරය;

      https://m.facebook.com/story.php?story_fbid=432786451545751&id=100044431986343

      රජයේ සේවය කාර්යක්ෂම කරන එක ඔය කියන වගේ මහ මැජික් එකක් නෙවෙයි ඕන තරම් වැඩි අධ්‍යාපනයක් නැති සාමාන්‍ය මිනිස්සු ව්‍යාපාර කරලා විශාල වශයෙන් ලාභ ලබනවා අවශ්‍ය වන්නේ නිසි පරිදි දැනුමක් ඇති අයට හොඳින් කළමනාකරණය කිරීමට උවමනාව සහ රජයේ ආයතන වල ඔඩු දිවූ අධික දූෂිත ක්‍රියාකාරකම් සහ අනවශ්‍ය නාස්ති අවම කිරීම පමණි.

      https://mawbima.lk/news/27/news-more/50745

      Delete
    13. මේක කියවලා බලන්න,

      "මා හිතවත් මිත්‍රයෙකි. සිදුවීම වන විට ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ තරුණ සහකාර ලේකම් වරයෙකි. සිදුවීම 2004 වසරේදීය.

      සවස් යාමයේ මාගේ නිවසේ දුරකථනයට ඇමතුමක්.

      - හෙලෝ....!
      - චන්දන ඉන්නවද?
      - චන්දන තමයි කතා කරන්නේ!
      - මචං මම ........ ඉතිං කොහොමද?

      මසකින් පමණ ඔහුගෙන් ලැබුණු ඇමතුමක් හෙයින් මිනිත්තු කිහිපයක්ම ආගිය තොරතුරු කතා කලෙමි.

      - අද මරු සිද්ධිය බං. මට එක අතකට මාර සතුටක් තව
      අතකට පට්ට දුකක්
      - මොකද්ද?
      - අපේ අලුත් ඇමති!
      - අනුර නේද?
      - හ්ම්......

      වේලාව කෑම විවේකයයි. එදින පාර්ලිමේන්තු දිනයකි. දවල් වරුවේ පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව තිබුණි. විවේකයට පෙර කඩිමුඩියේ ෆයිල් ටික අතේ තදකරගෙන ඔහු ඇමතිගේ කාමරයට දිවගිය බව පැවසීය.

      - එන්න!
      - සර් පොඩි වැඩක්. මේ ටික පොඩ්ඩක් බලලා දෙන්නකෝ

      අනුර වාර්තා බලමින් සිටින අතරතුර රියදුරු එතනට පැමිණි බව ඔහු පැවසීය.

      - අනුර සහෝදරයා. කෑම නම් හරි! තව පැය කීපයක්
      තියනවා පාර්ලිමේන්තු යන්න.
      - හරි මල්ලී. මේ ටික බලලා එන්නම.

      අනුර එකවරම මාගේ මිතුරා දෙසට හැරුනු බව ඔහු මට කීවේය.

      - මල්ලී කාලද ඉන්නේ?

      මගේ මිතුරා එම මොහොත වන විට ආහාර ගෙන නොමැති බවත් ඔහුගෙන් එකවරම ප්‍රශ්නය ඈසූ විට ඊට සිනහ වී නිහඬව සිටි බවත් මට පැවසීය.

      - කාලා නෑ වගේ?
      - ඔය වැඩේ ඉවර උනාම කනවා සර්. ඒක අවුලක් නැහැ.

      අනුර සිනාසී පුටුවෙන් නැගිට ඔහු ලඟට පැමිණ උරහිසට තට්ටුවක් දමා.....

      - මල්ලී! එන්න යමු! මොනවා හරි කාලා ප්ලේන්ටියක් බොමු!

      ..... යැයි පවසා ඇත.

      - නෑ! නෑ! සර් ඕන නෑ! මම පස්සේ කන්නම්.
      - ලැජ්ජ වෙන්න එපා මල්ලී. එන්න යමු!

      අනුර ඔහුගේ මිතුරු රියදුරුට වාහනය සූදානම් කරන ලෙස
      දන්වා මාගේ මිතුරා සහ රියදුරුද කැටුව පාර අද්දර පිහිටි කඩයකට ගොස් රොටී කා ප්ලේන්ටී පානය කල බව ඔහු මට පැවසීය.

      - සර්, මම ගෙවන්නම්
      - එපා! එපා! ඔයා ඉන්නකෝ මම ගාන ගෙවන්න
      - ඒත් සර්!

      අනුර සිනා සිසී මුදල් ගෙවන ලදී.

      නැවත මාගේ නිවසට පැමිණි දුරකථන ඇමතුමටයි

      - මචං මම මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි ඇමති
      කෙනෙක් එක්ක එක මේසේ කෑවේ. ඇමති කෙනෙක්
      වෙලත් අනුර සර් ලේකම් කෙනෙක් එක්ක පාර ලඟ
      කඩේකින් රොටී කාලා ප්ලේන්ටී බීලා තමයි එදා
      පාර්ලිමේන්තු ගියේ!

      ������������������������������������������

      ඒ අනුර දිසානායකය. 2004 වසරේදී ලංකාවේ ප්‍රධානම අමාත්‍යාංශයක් වන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය ඔහු භාරගත්තේය. වැඩ භාරගෙන කෙටි කලකින් ලංකාවේ ඉතිහාසගත වැඩිම වී අස්වැන්න නෙලීමට ඔහුගේ පාලනයට හැකිවිය.

      ඔහු වැඩ භාරගන්නා විට රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් ක්‍රියා කල මිල්කෝ ආයතනය ඔහු වැඩ අවසන් කරන විට රුපියල් මිලියන දෙසීයක ස්ථාවර තැන්පතුවක් සහිතව තිබුනි.

      එමෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට මිල්කෝ ආයතනය විසින් ගොවීන්ට සෑම කිරි ලීටරයක් සඳහාම ප්‍රසාද දීමනා ගෙවන ලදී. තවද කෘෂි රක්‍ෂණ මණ්ඩලය, ලංකා පොහොර, NLDB, පශු සම්පත් වැනි ආයතන කෝටි ගණන් ලාභ ලැබුවේද ඔහුගේ පාලනය යටතේදීය.

      තමන්ට රජයෙන් අමාත්‍ය ප්‍රතිපාදන යටතේ වෙන් කල මුදල් ඉතිරි කර එම මුදලින් කාර්යාල සේවකයන්ට ඔවුන්ගේ ගමනාගමනය පහසු වීමට බස් රථ දෙකක්ද ලබා දුන්නේ ඔහුය. වර්තමානයේදී දැනුත් එම බස් රථ ක්‍රියාත්මක වේ! ලද සීමිත බලයෙන් අසීමිත ලෙස රටටද, ජනතාවටද සේවය කල ඔහු අනුර දිසානායකයි.

      සටහන - ආර් චන්දන දිසානායක"

      සහකම්පනයක් තියන මිනිස්සු. අනුරට රට භාර දුන්නොත් හදන හැටි ලෝකෙටම පෙන්වයි. "මේක බත් කන හැමෝගෙම අරගලයක්" ලාල් කාන්ත සහෝදරයා කිව්වේ එහෙමයි, ඇත්තටම ඇත්ත කතාවත් ඒකයි. හැබැයි පුන්නක්කු වෙනුවට බත් කන උන්ට අදාල නැත.

      Delete
    14. //ඔහු වැඩ භාරගන්නා විට රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් ක්‍රියා කල මිල්කෝ ආයතනය ඔහු වැඩ අවසන් කරන විට රුපියල් මිලියන දෙසීයක ස්ථාවර තැන්පතුවක් සහිතව තිබුනි.

      එමෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට මිල්කෝ ආයතනය විසින් ගොවීන්ට සෑම කිරි ලීටරයක් සඳහාම ප්‍රසාද දීමනා ගෙවන ලදී. තවද කෘෂි රක්‍ෂණ මණ්ඩලය, ලංකා පොහොර, NLDB, පශු සම්පත් වැනි ආයතන කෝටි ගණන් ලාභ ලැබුවේද ඔහුගේ පාලනය යටතේදීය.

      තමන්ට රජයෙන් අමාත්‍ය ප්‍රතිපාදන යටතේ වෙන් කල මුදල් ඉතිරි කර එම මුදලින් කාර්යාල සේවකයන්ට ඔවුන්ගේ ගමනාගමනය පහසු වීමට බස් රථ දෙකක්ද ලබා දුන්නේ ඔහුය. වර්තමානයේදී දැනුත් එම බස් රථ ක්‍රියාත්මක වේ! ලද සීමිත බලයෙන් අසීමිත ලෙස රටටද, ජනතාවටද සේවය කල ඔහු අනුර දිසානායකයි.//

      ඔබට හැකිනම් අනුර කුමාර විසින් පාඩු ලැබූ මිල්කෝ ආයතනය ලාබ ලබන ආයතනයක් කළ ආකාරය පිළිබඳව විස්තරාත්මක තොරතුරු, ගිණුම් හා සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න. අපිත් ඒ ගැන විශ්ලේෂණය කර ලියන්නම්. මෙය ඔබ කියන දෙයට අභියෝග කිරීමක් ලෙස වරදවා වටහා ගන්න එපා. ඔබට මේ විස්තර ඉදිරිපත් කළ හැකිනම් ඒ මගින් නාස්ති, දූෂණ ආදියේ සැබෑ බලපෑම ඇස්තමේන්තු කළ හැකියි.

      Delete
    15. //රජයේ සේවය කාර්යක්ෂම කරන එක ඔය කියන වගේ මහ මැජික් එකක් නෙවෙයි//

      2020 අයවැය ඇස්තමේන්තු:

      මුළු ආදායම - රුපියල් බිලියන 2,284යි.

      වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික - රුපියල් බිලියන 1,531යි.
      පොලී වියදම් - රුපියල් බිලියන 1,115යි.
      අනෙකුත් වියදම් - රුපියල් බිලියන 2,797යි (මෙයින් විශාල කොටසක් රාජ්‍ය සේවක වැටුප්)
      අගය වෙනස් වීම සඳහා ප්‍රතිපාදනද සමඟ එකතුව - රුපියල් බිලියන 5,461යි.

      බදු වැඩි කරන්නේත් නැතිව, හොරකම් දූෂණ වංචා අඩු කර ආදායම් වියදම් ගලපන ආකාරය කියන්න පුළුවන්ද?

      Delete
    16. //ඕන තරම් වැඩි අධ්‍යාපනයක් නැති සාමාන්‍ය මිනිස්සු ව්‍යාපාර කරලා විශාල වශයෙන් ලාභ ලබනවා//

      ඔව්. ඒක ඇත්ත. ව්‍යාපාර කරලා ලාබ ලබන්න වැඩි අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට ලාබ ලැබීමේ උවමනාව ස්වභාවයෙන්ම තිබෙනවා. එය ප්‍රමාණවත්. රජයේ බාධාවන් නැත්නම් මිනිස්සු ලාබ ලබනවා. ලාබ ලබන්න බැරි වෙන්නේ සමාජවාදය විසින් යෝජනා කරන පරිදි විශාල රජයක් නඩත්තු කරන්න වූ විටයි.

      Delete
  2. ඉකොනො,
    හොඳට තේරුණා පැහැදිලි කිරීම🤗

    ReplyDelete
  3. මේ තියෙන්නේ ලංකාවේ ආර්ථිකයේ ඇති සැබෑ ප්‍රශ්න ගැන ඉතා පැහැදිලිව පවසන විග්‍රහයක්

    https://youtu.be/WUekwQzvv-E

    මෙතනදි මහාචාර්ය චන්දිමා ඉතා නිර්දය ලෙස වත්මන් රජයේ මුග්ධ ක්‍රියා කලාපය නිසා වන බරපතල තත්වය ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

    ReplyDelete
    Replies
    1. හැබැයි සාමාන්‍ය පුද්ගලයක් හෝ දේශපාලනඥයෙක් විසින් කරන විවේචනයකට වඩා අමුතු දෙයක් නැහැ නේද?

      Delete
  4. පෝස්ට් එකේ මුල් කොටසේ, ඩොලරය 250 වීමේදී, 'සී - ආනයනික යෙදවුම් කොටස රුපියල් 500 සිට රුපියල් 600 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,100 දක්වා වැඩි වෙනවා'- රුපියල් 500 සිට 625 දක්වා වැඩි වන නිසා මිල රුපියල් 1,125 දක්වා වැඩි වෙනවා නේද. පොඩි ටයිපො එකක්. නිකන් කිව්වෙ. පහල කොටස්වල හරියට තියෙනවා.

    ReplyDelete
  5. ප්‍රශ්ණයකට විසඳුමක් හොයා ගන්න වැය කරන කාලයෙන් සියයට අනූපහක් විතරම ප්‍රශ්ණය තේරුම් ගන්න යොදා ගන්න කියලා සාමාන්‍යයෙන් කියන නිසා, කලින් පෝස්ට් එකක ඉකොන් කියලා තිබුනා වගේ ප්‍රශ්ණය තේරුම් කරලා දෙන්න උත්සාහ කිරීම ඉතා හොඳයි. විසඳුම් හොයන අය නිර්මාණශීලීත්වය කෙසේ වෙතත් සුරංගනා කතා කියමින් තමන්ම ඒවයින් මත්වෙලා ඉන්නවට වඩා ඔබ්බට එක ස්ටෙප් එකක්වත් ඉස්සරහට යනවද. අයවැය විවාදයේදි මහරජ ගැමුණු කරපු යෝජනා ඇහුවම ඇත්තටම ඒ වගේ මිනිස්සුන්ට stand-up comedians විදිහට පුහුණුවක් දීලා, ඉන්ග්ලිශ් එහෙම ටිකක් පොලිශ් කරලා අරගෙන, ලංකාවෙ international comedy festival එකක් තියන්න පුලුවන්. seriously, ඒවත් ආදයම් මාර්ගනෙ.

    ReplyDelete
    Replies
    1. ටික වෙලාවකට කලින් අපේ ගෙදර ඇත්තෝ එක්කත් ඕකම කතා වුනා. හිනා ගියාට අඬන්න ඕනෑ කාරණයක්!

      Delete
    2. අනුර සහෝදරයා පවසන මේ කතාව 100%ක් ඇත්ත බව ඉතාමත් පැහැදිලියි.

      “මේක ඉතාම සුන්දර රටක්. අපේ රටේ ජනතාව අතර සහමිකත්වය කුළුගන්වන්න පුළුවන් අධ්‍යාපනයක් තියෙන රටක්. ඉතාමත්ම වාසනාවන්ත රටක්. වර්ග කිලෝමීටර 65,610 ක ගොඩබිමක් හා ඒකට ගැලපෙන පරිදි විවිධ දේශගුණික කලාප පවතින රටක්. විශාල සම්පත් ගණනක් තියෙන රටක්. රට වගේ අටගුණයක් මහමුහුදක් තියෙන රටක්. බුදුදහමෙන්, කිතුනුදහමෙන්, හින්දුදහමෙන්, ඉස්ලාම් ධර්මයෙන්, පෝෂණය වුණු රටක්. ඒ වගේම සොයා නොගත් විශාල සම්පත්වලින් පිරැණු රටක්. මේ රාජ්‍යය, අපේ මවුබිම, ඇයගේ ඉතිහාසය අසරණභාවයට හෙළපු මවුබිමක් බවට පත්කරලා තියෙනවා“

      -අනුර කුමාර දිසානායක-

      මේකත් බලන්න;
      https://m.facebook.com/story.php?story_fbid=917860169160313&id=100028090154780

      ඒ වගේම මේකත් බලන්න;

      https://m.facebook.com/story.php?story_fbid=915522026060794&id=100028090154780

      Delete
  6. ඉකොනො ඔබට මේ වර්චුවල් ලෝකයේ වර්චුවල් මුදල් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    https://www.facebook.com/nasdaily/videos/267912324832663/

    මෙය සාර්ථක ආයෝජනයක් සේ සළකා ලංකාවේ ආණ්ඩුවට ඩොලර් සංචිත වැඩිකර ගන්න පුළුවන් වෙයි ද මේ වගේ දේවල් වල එම මුදල් ආයෝජන වලින්?

    ReplyDelete
    Replies
    1. ආයෝජනය කරන්නේ කොහේ තියෙන ඩොලර්ද, ඇනෝ? තෙල් ටිකවත් ගන්න ඩොලර් නැතුවනේ ඉන්නේ.

      Delete
    2. ඇත්තටම ඉකොනොමැට්ටා මෙම cryptocurrency මුදල් ආයෝජනය කරමින් පුද්ගලයන්ට (හෝ රටකට) ඉක්මනට ධනවත් විය හැකි බව පේනවා නේද මේවායින්?

      Delete
    3. තමන් සතුව තමන්ගේ පෞද්ගලික සල්ලි ගොඩක් තිබෙන, අවදානමක් ගන්න කැමති අයට කැසිනෝ ගහනවට වඩා පොඩ්ඩක් හොඳ විකල්පයක්. ධනවත් වෙන්න වගේම අතේ තියෙන සල්ලි නැති වෙන්නත් පුළුවන්.

      Delete
  7. තර්කයක් මෙහෙම ගොඩනැගුවොත්, ඩොලර් අගය එකතැනක තියගෙන ඉන්නවා හෝ, ඩොලර් අරය අඩු කරනවා, එතකොට අනයනික භාණ්ඩ මිල සපේක්ෂව අඩු වෙනවා, ඊට සාපේක්ෂව දේශීය භාණ්ඩ මිල වැඩි. දැන් අනයනික භාණ්ඩ සමග දේශීය භාණ්ඩ වලට ලොකු තරගයක් තීනවා. ඒ නිසා දේශීය කර්මාන්ත කරුවන් තම කාර්‍යක්ෂමතාව වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ අනුව ඵලඵලදායිතාව වැඩී කරගන්නවා. අවසානයේ දේශීය වශයෙන් ඉහල භාණ්ඩ, හොද කර්‍යක්ෂමතාවයකින් සපයනවා. ඒ නිසා ඩොලරයක අගය අඩුවීම හෝ, ඩොලර් අගය එක තැනක තියගෙන සල්ලී අච්චු ගැහුවා කියන්නෙ දේශිය කර්මාන්ත කර්‍යක්ෂම කරල වර්ධනය කරන්න පුලුවන් වෙනවා

    මෙ විදියට තර්ක කලොත්

    ReplyDelete
    Replies
    1. කබ්රාල්, බැසිල් ප්‍රමුඛ පොහොට්ටු පාලකයන් මේ තර්කය ගේන්නත් පුළුවන්. එහෙමට ඩයල්. :)

      Delete
    2. ඔය වැල් බයිලා නෙවෙයි මේ රට ඇත්තටම ගොඩ ගන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් මේකේ තියෙනවා මේක බලලා වත් තේරුම් ගන්න රටේ තියෙන සැබෑ ගැටළු ගැන;

      https://m.facebook.com/story.php?story_fbid=10159404555148444&id=78094558443

      Delete
    3. //තර්කයක් මෙහෙම ගොඩනැගුවොත්, ඩොලර් අගය එකතැනක තියගෙන ඉන්නවා හෝ, ඩොලර් අරය අඩු කරනවා, එතකොට අනයනික භාණ්ඩ මිල සපේක්ෂව අඩු වෙනවා, ඊට සාපේක්ෂව දේශීය භාණ්ඩ මිල වැඩි.....//

      ඩොලර් අගය එක තැනක තියාගෙන ඉන්නේ හෝ ඩොලර් අගය අඩු කරන්නේ කොහොමද කියලා කියල තර්කය පටන් ගන්නකෝ.

      Delete
    4. //ඩොලර් අගය එක තැනක තියාගෙන ඉන්නේ හෝ ඩොලර් අගය අඩු කරන්නේ කොහොමද කියලා කියල තර්කය පටන් ගන්නකෝ//


      දැන් මේ ආණ්ඩුව කරන්නෙත් ඒකමනේ ඩොලර් නැති උනාට 200ට ආසන්නයේ තියගෙන ඉන්නවා, ඩොලර් අගය අඩු කරන්න නම් සංචිත වෙලදපොලකට මුදා හැරියොත් හරි නේ.

      Delete
    5. //ඩොලර් අගය අඩු කරන්න නම් සංචිත වෙලදපොලකට මුදා හැරියොත් හරි නේ.//

      එහෙම කරන්න සංචිත තිබිය යුතුයිනේ. දැන් ප්‍රශ්නය සංචිත නැතිකමනේ. සංචිත ඉවර වුනාම මොකක්ද කරන්නේ?

      Delete
  8. සල්ලී අච්චූ නොගහ ,ඩොලර් යම් ස්ථාවර අගයක තියා ගත්තොත් ආර්තිකයට මොන වගේ බලපෑමක් ද වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දිගුකාලීනව කළ යුත්තේ.

      Delete
  9. සරලයි, පැහැදිලියි, ස්තුතියි.

    ReplyDelete
  10. @ඉකොනො මේ ජ. වි. පෙ ඇනො අනේ මන්දා

    ඇයි මිනිස්සු එහෙම වෙන්නෙ අප්ප😑

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔයා වගේ තරුණ තරුණියන්ට මේ වගේ දේවල් වැදගත් වේවි;

      https://m.facebook.com/story.php?story_fbid=445541726936254&id=100044412906994


      ලංකාවේ අයවැය යෝජනා ගැන ඉතාමත් කෙටියෙන් හොඳින් පැහැදිලි කිරීමක් මේකෙන් බලන්න පුළුවන් වේවි;

      https://www.facebook.com/jvpsrilanka/videos/323731359264167/

      Delete
  11. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete
  12. මේක බලන්න මේකේ තියෙනවා ලංකාවේ බිම් මට්ටමේ සැබෑ තොරතුරු, ලංකාවේ සැබෑ ප්‍රශ්නය මීට වඩා ගොඩාක් භයානක දෙයක් බව තේරුම් ගන්න මේ වගේ පුංචි වීඩියෝ ක්ලිප් එකක් ඇති...

    https://www.facebook.com/100044431986343/posts/439916187499444/

    ReplyDelete
  13. ඔය වගේ තවත් කාරණයක්, මේ ලෝකයේ මනුස්සයෙකුට ඇතිවෙන්න පුළුවන් වාසනාවන්ත ම සිතිවිල්ල තමයි "දැන් ඇති" කියන සිතිවිල්ල.

    තව දුරටත් පැහැදිලි කළොත් තමන් දීර්ඝ කාලයක් තිස්සේ කරමින් හිටපු දෙයක්, දරපු තනතුරක්, උසුලපු වගකීමක් ගැන සෑහීමකට පත්වෙලා, "දැන් ඇති" කියලා හිතලා ඒක අතෑරලා දාන්න තියෙන පුළුවන්කම.

    අන්න ඒ වගේ තමන් කරමින් හිටපු දේ ගැන "දැන් ඇති" කියලා හිතන්න පුළුවන් මිනිස්සු නිතර ම අලුත් දේවල් හොයාගෙන යනවා. ඒ නිසා ඔවුන් ගේ ජීවිත යාවත්කාලීන වෙනවා. එවිට ඔවුන් එහෙම හිතන නිසා ආයතනයක නම් ඔවුන්ට පහළින් ඉන්න අයට ඉහළට එන්න අවස්ථාව ලැබෙනවා. මොන ක්ෂේත්‍රයක වුණත් අලුත් මුහුණුවලට අවස්ථාව ලැබෙනවා. අලුත් අවස්ථා නිර්මාණය වෙනවා. අලුත් රැකියා, අලුත් වැඩ හැදෙනවා. ලෝකය එක තැනක නවතින්නේ නැතිව, නොනවත්වා ගමනක යෙදෙන්න මෙහෙම "දැන් ඇති" කියලා කියන්න පුළුවන් මිනිසුන් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා.

    හැබැයි මීට සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට ලංකාවේ නම් මෙහෙම "දැන් ඇති” කියලා කියන්න පුළුවන් මිනිසුන් සාපේක්ෂව ඉතා ම අඩුයි, මොකද ලංකාවේ රැකියා කරන අය සදාකල් ඒ රැකියා කරන්න බලාපොරොත්තු වෙනවා. තනතුරු දරන අය සදාකල් ඒ තනතුරුවල ඉන්න බලාපොරොත්තු වෙනවා. වගකීම් දරන අය තමන්ට සදාකල් ඒ වගකීම් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ඒ නිසා තමන් යමක් හොඳින් කරමින් ඉන්න වෙලාවේ ඒක නවත්තලා, ඒකට සමුදීලා වෙනත් දෙයක් කරන්න පුළුවන් මිනිස්සු මට ලංකාවේ හමුවෙලා තියෙන්නේ ඉතා ම අඩුවෙන්. මේ ගැන සමහරුන් හිතන්නේ මේක ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා වෙන දෙයක් කියලා. ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සුන්ට තියෙන තෝරාගැනීම් අඩු නිසා හුඟක් මිනිසුන් තමන්ට ලැබෙන මොකක් හරි දේක පුළුවන් තරම් කල් එල්ලිලා ඉන්න උත්සාහ කරනවා. තමන් මේ වෙලාවේ අල්ලගෙන ඉන්න එක අත හැරුණොත් තවත් කොච්චර කාලයක් බඩගින්නේ ඉන්න වෙයිද දන්නේ නැහැ කියලා සාධාරණ බයක් මිනිසුන් ගේ හිත්වල තියන නිසා ඒක යම් තරමකට ඇත්ත වුණාට අසම්පූර්ණ තේරුම් ගැනීමක්.

    හැකි තරමට දියුණු සංවර්ධිත රටවල මිනිසුන් තමන්ගේ රැකියාවන් කරන්නේ රැකියාවන් විදියට පමණයි. වෛද්‍යවරයාත්, ඉංජිනේරුවාත්, මහාචාර්යවරයාත්, මාධ්‍යවේදියාත්, රියැදුරාත්, කම්කරුවාත් තමන් කරන්නේ රැකියාවක් පමණක් බව දන්නවා. රැකියාව කරන වෙලාවෙන් පස්සේ පිටත සමාජයට ගියාම ඔවුන් සාමාන්‍ය ජීවිත ගතකරනවා. ඔවුන් තමන් ගේ රැකියාවන් නිසා විශේෂ කොට සැලකීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    ඒ වුණාට ලංකාවේ නම් රැකියාවක් කියන්නේ රැකියාවක් විතරක් නෙවෙයි. ලංකාවේ සමාජයේ විශේෂිත රැකියා කරන යම් බලවත් මිනිස්සු තමන් ගේ රැකියා පදනම්
    කරගෙන අනෙක් අයගෙන් විශේෂ ගෞරවයක්, සැළකීමක්, පිළිගැනීමක් බලාපොරොත්තු වෙනවා, ඒ නිසා රැකියා ඉතාම දරුණු ලෙස වර්ගීකරණය කරලා තියෙනවා. හුඟක් වෙලාවට මේ වර්ගීකරණයේ පදනම වෙන්නේ හීනමානය මිස වෙන දෙයක් නෙවෙයි.

    උදාහරණයක් විදියට ලංකාවේ නම් වෛද්‍යවරුන් තමන් අන් අයට වඩා ගොඩක් උසස් ගොඩක් බුද්ධිමත් දක්ෂ අය කියලා හිතනවා. ඒ වගේම කැම්පස් ආචාර්ය මහාචාර්යවරුන් තමන් අන් අයට වඩා ඉහළයි කියලා හිතනවා. මාධ්‍යවේදීන් තමුන් රටේ හතරවෙනි ආණ්ඩුව කියලා ඔලුව උදුම්මවාගෙන තමන්ට විශේෂ සැළකීම් බලාපොරොත්තු වෙනවා. ඔය වගේම යුද්ධය නිසා හමුදාවල, පොලීසිවල ඉන්න මිනිස්සු තමන් රටේ අනෙක් අයට ඉහළින් ඉන්න මුර දේවතාවුන් කියලා හිතනවා. හැමෝම එකිනෙකාට වඩා ඉහළින් ඉන්න බලු කපුටන් වගේ පොරකනවා.

    ඔන්න ඔය වගේ තමන් කරන රැකියාවන් තමන් ගේ හීනමානය වහගන්න පාවිච්චි කරන්න පුරුදු වුණාට පස්සේ හුඟක් මිනිසුන්ට "දැන් ඇති" කියලා හිතෙන්නේ නැහැ. තමන් කරන රැකියාවෙන් එහාට වෙන කිසිම අනන්‍යතාවක්, ජීවිතයක් ඔවුන්ට නැහැ. ඒ නිසා ඔවුන් ජීවිතය තියෙනකල් තමන් කරමින් ඉන්න මොකක් හෝ දෙයක එල්ලිලා ඉන්න උපරිම උත්සාහය දරනවා. මේක වෙනවිදියකට කිව්වොත් ජීවිතය ගැටගහගන්න ඕන නිසා මොකක් හරි වෙස්මුහුණක් දාගෙන චරිතයක් රඟපාන නළුවෙකුට ටික කාලයක් යනකොට ඒ වෙස්මුහුණ ඇත්ත මුහුණ කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒ වෙස්මුහුණට මිනිසුන් විශේෂ සැලකිලි දැක්විය යුතු බව, විශේෂ වරප්‍රසාද හිමි විය යුතු බව නළුවා හිතනවා. ඒ නිසා මැරෙනකල් ම ඒ වෙස්මුහුණ දාගෙන ඉන්න එක එක විදියට උත්සාහ කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔය දේවල් නිසා මිනිසුන්ට අලුත් දේවල් කරන්නට, වෙනස් දේවල් කරන්නට අවස්ථාව හිඟ එක තැන පල්වෙන සමාජයක් නිර්මාණය වෙන්නට මේ "දැන් ඇති" කියලා හිතන්න පුළුවන් මිනිසුන් නැතිකම ලොකු හේතුවක්.

      ඔය කාරණා අනුව ලංකාව ඇත්තට ම වෙනස් කරනවා නම් වෙනස් කරන්න වෙන්නේ මේ වගේ තැන්වලින්. නිවැරදි ම අවස්ථාවේ දී "දැන් ඇති" කියලා නවත්තලා, අයින් වෙලා යන්න දන්න මිනිස්සු ජීවිතයේ අනෙක් හුඟක් දේවල් පටලවාගන්නේ නැතුව කරන විදිය දන්නවා. මේකෙම තවත් පැත්තක් හිතනවා නම් හුඟක් මිනිසුන් අප්‍රසන්න ‍රැකියාවල, අයහපත් සම්බන්ධතාවල, තමන් අකැමැති තත්ත්වයන් තුළ හිරවෙලා ඉන්න ලොකු ම හේතුව "දැන් ඇති" කියන්න නුපුළුවන් වීම නේද?

      ඔය වගේම තමයි විකල්ප නැති අය විතරක් නෙවෙයි විකල්ප තියන අයට පවා තියන ලොකු ම බාධාව "දැන් ඇති" කියලා කියන්න බැරිකම නේද?

      Delete
    2. මමනම් පෞද්ගලිකව ජීවිතයේ විශාල වාර ගණනාවක් ඔය අසීරු තීරණය ගත් කෙනෙක්. දැනට වුනත් එල්ලිලා සිටින දේවල් අත අරින්න ලොකු පැකිලීමක් නැති කෙනෙක්. පොදුවේ සංක්‍රමණිකයන් කියා කියන්නේ ජීවිතයේ යම් අවස්ථාවක ඔය "දැන් ඇති" තීරණය ගත් අය. ඔබ ලියා ඇති බොහෝ දේවල් වලට එකඟ වුවත්, එක් දෙයකට එකඟ නැහැ.

      ඔබම ලියා තිබෙන පරිදි "ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සුන්ට තියෙන තෝරාගැනීම් අඩු නිසා හුඟක් මිනිසුන් තමන්ට ලැබෙන මොකක් හරි දේක පුළුවන් තරම් කල් එල්ලිලා ඉන්න උත්සාහ කරනවා. තමන් මේ වෙලාවේ අල්ලගෙන ඉන්න එක අත හැරුණොත් තවත් කොච්චර කාලයක් බඩගින්නේ ඉන්න වෙයිද දන්නේ නැහැ කියලා සාධාරණ බයක් මිනිසුන් ගේ හිත්වල තියන නිසා ඒක යම් තරමකට ඇත්ත වුණාට අසම්පූර්ණ තේරුම් ගැනීමක්."

      මම හිතන විදිහට මෙය ඔබ හිතනවාට වඩා බරපතල තත්ත්වයක්. මිනිස්සු අල්ලාගත් දේවල් අත නොහරින්න ප්‍රධාන හේතුව තෝරාගැනීම් අඩුකමම තමයි. ඔබ කියනවා වගේම මේ තත්ත්වය වෙනස් වෙන්න යම් පිරිසක් විසින් අවදානම ගෙන තමන් අල්ලා ගෙන සිටින දේවල් අත හැරිය යුතුයි. එහෙත් මේ දෙක එකට වෙනස් වෙනවා මිසක් දෙකෙන් එකක් පමණක් ලොකුවට වෙනස් වෙන්න පුළුවන්කමක් නැහැ.

      ධනවාදය දියුණු වෙනවා කියන්නේ මේකම තමයි. මිනිස්සු තමන් අල්ලාගෙන ඉන්න දේවල් ඉක්මණින් අත හරිනවා කියා කියන්නේ හැම විටම වගේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා කියන එක. එහිදී අවස්ථා වැඩි වෙනවා. අවස්ථා වැඩි වෙද්දී තවත් අයට තමන් අල්ලාගෙන ඉන්න දේවල් ඉක්මණින් අත හරින්න පහසු වෙනවා. ඔය ක්‍රියාවලිය ගොඩක් දුර යද්දී වැඩ කිරීම සහ විනෝදය ලැබීම අතර බෙදුම් ඉර මැකී යනවා. බොහෝ දෙනෙකුට විනෝදය ලැබීමේ පූර්ව කොන්දේසියක් ලෙස වැඩ කරන්න සිදු වෙනවා වෙනුවට විනෝදය ලැබීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වැඩ ඉබේටම සිදු වෙන්න පටන් ගන්නවා.

      Delete
  14. ඉකොනොමැට්ටාගේ පෝස්ට් එක ඉතා වැදගත් ආර්ථික දේශපාලනික වශයෙන්, නමුත් මෙතනදී ඇඩ්රස් නොවිච්ච තරමකින් වෙනස් කාරණයක් ගැන සඳහන් කරන්න හිතුවා, ඒ තමයි ලංකාවේ සමාජ ක්‍රමය තුල කිසිම කෙනෙක් මේ දක්වා ඇඩ්රස් කර නැති කාරණයක් වන ලංකාවේ (සහ ඒ වගේ රටවල) මිනිසුන් තමන්ගේ ජීවිතයෙන් සැළකිය යුතු කාලයක් ගත කරන්නේ "බලහත්කාරකම්" කරන්න කියන කාරණය.

    ඇත්තටම වර්ග කළොත් මේවා අතරින් සමහර බලහත්කාරකම් තමන් විසින් අනුන්ට කරන ඒවා, ඒත් ගොඩක් බලහත්කාරකම් තමන් විසින් තමන්ටම කරගන්න ඒවා.

    මේ ගැන තවදුරටත් විස්තර කළොත් තමන් අනුන්ට කරන බලහත්කාරකම් සහ තමන් තමන්ටම කරගන්න බලහත්කාරකම් අතර අනුපාතය එක් එක් අයගේ ජීවිතයේ ස්වභාවය අනුව වෙනස් වෙනවා.

    මේකට සරල උදාහරණයක් විදියට බොහෝ මිනිසුන් උදේ වැඩට යන්න ඇඳෙන් නැගිටින්නේ බලහත්කාරයෙන්. තමන් හුඟක් ඉගෙන ගෙන, මහන්සි වෙලා, කැපකිරීම් කරලා ලබාගත්ත රස්සාවට යන්නේ බලහත්කාරයෙන්. ඇත්තට ම රස්සාවට යන්න අකැමැති වුණත් රස්සාවට නොගියොත් ජීවත් වෙන්න මුදල් නැති වෙන හින්දා, තමන් ගේ ජීවන තත්ත්වය දැන් පවතින විදියට පවත්වාගෙන යන්න බැරි වෙන හින්දා උදේ නැගිටලා රස්සාවට යන්න කියලා තමන් තමන්ටම බලකරගන්නවා. ඒවා තමන් විසින් තමන්ටම කරගන්න බලහත්කාරකම්.

    මේ නිසා මේවා පිළිබඳ ඉතාම විමසිල්ලෙන් බැලුවොත් ලංකාවේ පුද්ගලයන් බැඳිලා ඉන්න හුඟක් සම්බන්ධතා වුණත් බලහත්කාරකම්ම තමයි. තමන්ට ඇත්තටම ඒ සම්බන්ධතා අවශ්‍ය නැති වුණත් සමාජයේ අපවාදයට බය නිසා, ඒ සම්බන්ධතා අත්හැර දැම්මොත් ලෝකයා මොනවා කියයිද කියලා නොදන්නා නිසා, අනෙක් පාර්ශ්වය ප්‍රතික්‍රියාවක් විදියට මොනවා කරයිද කියලා නොදන්නා නිසා, දැනට තියන ආර්ථික සුරක්ෂිතතාව නැතිවෙනවට බය නිසා වගේ නොයෙකුත් බාහිර හේතු නිසා ඒ සම්බන්ධතා බලහත්කාරයෙන් ම පවත්වාගෙන යනවා.

    හරියට ම බැලුවොත් අප පවත්වන බොහෝ හිතවත්කම් වුණත් අවසානයේ දී වැටෙන්නේ බලහත්කාරකම් කාණ්ඩයට. ඔබ ඇසුරු කරන හිතවතුන්ගෙන් කී දෙනෙකුට ඔබ ඇත්තට ම කැමතියි කියලා කියන්න පුළුවන්ද? ඒ පිරිස බොහෝ විට අත් දෙකේ ම ඇඟිලි ගණනට වඩා අඩු ඇති. අනෙක් බොහෝ අය ලංකාවේ පුද්ගලයන් ආශ්‍රය කරන්නේ කවදා හෝ දවසක කුමක් හෝ දෙයකට ඔවුන් අවශ්‍ය විය හැකි නිසා. ඒ නිසා ඔවුන්ව තරහ කරගන්නේ නැතුව එක එක විදියේ බොරු කියමින්, බොරු කරමින් ඒ හිතවත්කම් ටිකත් පවත්වාගෙන යනවා. තාම තේරුණේ නැත්නම් මේ ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන් ලංකාවෙන් පිට රටකට ඇවිත් ලංකාවේ අය එක්කෙනෙක්වත් නැති තැනක වැඩ කරනකොට තමයි, මොකද මට තේරුණේ එහෙමයි.

    ඉතින් ඔන්න ඔහොම ලංකාවේ සමාජ ජීවිතය විග්‍රහ කරලා බැලුවත්, විනෝදාස්වාදය වෙනුවෙන් කරන කියන දේ විග්‍රහ කරලා බැලුවත්, ආගමික වතාවත් කියලා කරන දේ දිහා බැලුවත් ඒ හැමතැනකම තියෙන්නේ විවිධ මට්ටම්වලින් තමන් තමන්ට ම කරගන්න බලහත්කාරකම් විතරයි. මේ සියල්ල එකින් එකට අරගෙන පැහැදිලි කරන්න බැරි තරමට ලංකාවේ විතරක්ම නෙවෙයි ලොව පුරා අඩු වැඩි වශයෙන් මිනිස් ජීවිතයක් තුළ තිබෙන බලහත්කාරකම් ලැයිස්තුව දිගයි.

    දැන් කෙනෙක් අහයි එතකොට මේ බලහත්කාරකම්වල තියෙන ප්‍රශ්නය මොකක්ද? මොනවා හරි ප්‍රයෝජනයක් තියෙනවා නම්, මේ බලහත්කාරකම් නිසා ජීවිතය කිසියම් ආකාරයකින් පවත්වාගෙන යන්න පුළුවන් නම් මිනිස්සුන්ට තමන් මැරෙනකල්ම බලහත්කාරකම් කර කර ජීවත් වෙන්න බැරිද? එහෙම නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. මේකට මම පිළිතුරු දෙන්නේ මෙහෙමයි "මමත් දන්නවා ඒක වැදගත් ප්‍රශ්නයක් බව, ඒත් ඒකට මගේ උත්තරය නම් අප කැමති වුණත්, නැතත් මේ බලහත්කාරකම් දිගුකාලීනව කරගෙන යන්න බැහැ" කියන එක.

      තවත් මෙය පැහැදිලි කරන්නම්, ඉකොනොමැට්ටා තමන් ගැනම අපක්ෂපාතීව හිතන්න අකැමැති වුණත් අඩු තරමින් ඔබ අවට ඉන්න හුඟ දෙනෙක් ගැන හිතුවොත් මම වගේ වයස තිස් ගණන්වලට පා තැබූ අය කොහොම වුණත් මැදි වයසේ ඉන්න අය ගත්තාම ඔවුන්ට ජීවිතයේ අවුරුදු 40-45 පහුවෙන කොට ම ලොකු වෙහෙසක් දැනෙන්න පටන් ගන්න බව තේරිලා ඇති. අපි වගේ ටිකක් අමුතු ඩයල් වන සමහරුන්ට නම් මේක ඊටත් කලින් සිදුවෙනවා.

      ඇත්තටම ඉකොනොමැට්ටා මේක නිශ්චිත ක්‍රියාකාරකමක් එක්ක බැඳුණු වෙහෙසක් නෙවෙයි. පොදුවේ ජීවිතය පිළිබඳ වෙහෙසක්. හුඟක් දුර දුවලා හති වැටුණම දැනෙන වෙහෙස වගේ එකක්.

      තව දුරටත් හිතලා බලන්න මේ වෙහෙස දැනෙන්නේ මතක ඇති කාලයේ පටන්ම එක එක මුහුණුවරින්, එක එක නම්වලින්, එක එක විදියට කරගන්න මේ බලහත්කාරකම් නිසා.

      ඒ නිසා මේ වගේ අපිට සිදු කරන/ කරගන්නා බලහත්කාරකම්වලින් නිදහස් වෙන්න නම් කරන්න ඕනෙ මොනවද කියලා හුඟක් අය දැන් මගෙන් අහයි. නමුත් මම හිතන්නේ ඒකට උත්තරය හම්බ වෙන්නේ බලහත්කාරකම්වලින් නිදහස් නොවී ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය තමන් තමන්ගෙන්ම අහනකොට.

      මගේ අත්දැකීම් අනුව මිනිස්සු දිගින් දිගටම මේ බලහත්කාරකම් කරගන්න පෙළඹෙන්නේ වෙන මොන දේටත් වඩා මේ බලහත්කාරකම් නැවැත්තුවොත් තමන්ට මේ තියන දේත් නැතිවෙයි කියන බය නිසා. ඒත් ඉකොනොමැට්ටා මේ දැනට "තියෙන" දේ තිබුණයි කියලා බොහෝ අයට අමුතු හොඳක් වෙලත් නැහැ නේද? මේ බලහත්කාරකම් හරහා එකතු කරගත්ත බොහෝ දේ නිසා අන්තිමට ඉතුරු වුණේ අර කලින් කියපු විදියට වෙහෙසක් විතරයි නේද? එතකොට මේ සෝ කෝල්ඩ් "තියෙන දේ" කියලා ආරක්ෂා කරගන්න හදන්නේ මොකක්ද?

      ඔන්න ඔය වගේ දේවල් නිසා මගේ අදහස මේ ගමනේ එක වැදගත් පියවරක් විදියට තමන් තමන්ට කරගන්න බලහත්කාරකම් වගේ ම තමන් අනුන්ට කරන බලහත්කාරකමුත් බලහත්කාරකම් විදියටම දකින එකෙන් පටන් ගන්න පුළුවන් වෙයි. ඒවට නොයෙකුත් ආකාරයෙන් ලස්සන අයිසිං තවරන්නේ නැතුව ඒවායේ ඇත්ත ස්වභාවය එක්ක ගනුදෙනු කරන එක තමයි හොඳම දේ.

      ඔහොම යනකොට ඉන්පස්සේ ටිකෙන් ටික මේ දිග බලහත්කාරකම් ලැයිස්තුව කෙටි කරගන්න බලන එක. සමහර බලහත්කාරකම් නැවැත්තුවට පස්සේ තමන්ට හිතන තරම්ම දෙයක් නැතිවෙනවද කියලා තමන්ම බුද්ධියෙන් විමසලා බලන එක වැදගත් වේවි.

      මම හිතන්නේ ඒ විදියට ඔය බලහත්කාරකම් ලැයිස්තුව ටිකෙන් ටික කෙටි වෙනකොට ටිකෙන් ටික ජීවිතයට සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. සුළං හමන දිශාවට රුවල් ඔරුවක් ගමන් කරනවා වගේ ජීවිතයත් බලහත්කාරය දිශාවට නොව මේ සැහැල්ලුව දිශාවට ගමන් කරන්නට පටන් ගන්න බව තේරෙනවා. මේ මගේ පුද්ගලික අත්දැකීම් තුලින් ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනික ක්‍රමය වෙනස් කිරීමට කළ සරල යෝජනාවක් පමණයි. මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ කුමක්ද?

      Delete
    2. මෙය ඔබ ලෝකය දකින ආකෘතියක් වෙන්න ඇති. එහෙම නැත්නම් වෙනත් තෙවන පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කර තිබෙන ආකෘතියක් වෙන්න ඇති. ඔබ විසින් "තමන් තමන්ටම කරගන්න බලහත්කාරකම්" ලෙස හඳුන්වන්නේ ආර්ථික විද්‍යාවේදී disutilities ලෙස හඳුන්වන දේවල්. සරලව කිවුවොත් තමන්ට සතුටක් නොලැබෙන, යම් කිසි ආකාරයක අකැමැත්තකින් කරන දේවල්. ඔබ ඉදිරිපත් කර තිබෙන උදාහරණයේදී පරිදිම මේ දේවල් මිනිස්සු කරන්නේ තමන්ට සතුටක් ලැබෙන දේවල් කිරීමේ පූර්ව කොන්දේසියක් ලෙස මේ දේවල් කරන්න වෙන නිසා. ("ඇත්තට ම රස්සාවට යන්න අකැමැති වුණත් රස්සාවට නොගියොත් ජීවත් වෙන්න මුදල් නැති වෙන හින්දා, තමන් ගේ ජීවන තත්ත්වය දැන් පවතින විදියට පවත්වාගෙන යන්න බැරි වෙන හින්දා උදේ නැගිටලා රස්සාවට යන්න කියලා තමන් තමන්ටම බලකරගන්නවා. ඒවා තමන් විසින් තමන්ටම කරගන්න බලහත්කාරකම්.")

      අවසාන වසයෙන් මේ වගේ දේවල් මිනිස්සු කරන්නේ තමන්ගේ කැමැත්තෙන්. ඒ වගේම ශුද්ධ වශයෙන් තමන්ට වාසියක් ලැබෙන නිසා. ලංකාව වගේ රටක හිටියත්, ඇමරිකාව වගේ රටක හිටියත්, දඩයම් යුගයේ කැලෑවක හිටියත් මෙහි වෙනසක් නැහැ. කැමැත්තෙන් සතෙකුගේ මස් කන්න අකැමැත්තෙන් දඩයමේ යන්න වෙනවා. කැමැත්තෙන් අල කන්න අල හාරන්න මහන්සි වෙන්න වෙනවා. අතරින් පතර දඩයමේ යන්න කැමති, දඩයමේ යාම වෙනුවෙන්ම දඩයමේ යන කෙනෙක් ඉන්න පුළුවන්. අල හැරීමෙන් සතුටක් ලබන අල හැරීම වෙනුවෙන්ම අල හාරන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙත් එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. නිදහස් ගනුදෙනු නිසා මේ විදිහට අසතුටෙන් කරන දේවල් කරන්න තිබෙන අවශ්‍යතාවය අඩු වෙනවා. මස් කන්න කැමති නැති, එහෙත් දඩයමේ යන්න කැමති, අල කන්න කැමති, එහෙත් අල හාරන්න කැමති නැති අයෙකුට අකැමැත්තෙන් අල හැරීම වෙනුවට කැමැත්තෙන් දඩයමේ යන්න පුළුවන්. ඊට පස්සේ මස් සමඟ අල හුවමාරු කරගෙන අල කන්න පුළුවන්. දැන් දඩයමේ යාමෙන් වගේම අල කෑමෙනුත් ලැබෙන්නේ සතුටක්. ඔබේ ආකෘතියට අනුව "තමන් තමන්ටම කරගන්න බලහත්කාරකම්" නැතුව යනවා.

      මේ වගේ වෙනත් අවස්ථාද තිබෙනවා. උදාහරණයක් විදිහට ඇතැම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය එම මත්ද්‍රව්‍ය ගන්නේ නොගෙන හිටියොත් දැනෙන "සික් එකේ" අමාරුව නිසා මිසක් තවදුරටත් එයින් සතුටක් ලැබෙන නිසා නෙමෙයි. එහිදී අදාළ මත්ද්‍රව්‍යය ගැනීම ඔබේ ආකෘතිය අනුව තමන් තමන්ටම කරගන්න බලහත්කාරකමක්. සමහර වෙලාවට මිනිස්සු අකැමැති රස්සාවක් දිගටම කරන්නේ, අකැමැති විවාහයක දිගටම ඉන්නේ, මේ වගේ හේතුවක් නිසා. ඒ කියන්නේ විකල්පය වඩා නරක එකක් නිසා. එහෙම නැත්නම් එසේ හිතන නිසා. එහි සමාජයීය බලපෑමක් තියෙන්න පුළුවන්. සමාජයීය සත්ත්වයෙක් ලෙස මිනිස්සුන්ට යම් දුරකට මේ ආකාරයෙන් කටයුතු කරන්න වෙනවා. ලංකාවේ හිටියත්, ඇමරිකාවේ හිටියත් එහි වෙනසක් නැහැ. නමුත් යම් ප්‍රමාණාත්මක වෙනසක් තිබෙනවා.

      මම හිතන්නේ බොහෝ දෙනෙකුට බාත්රූම් එකක් ඇතුළේ ඇඳුම් ගලවා නිරුවත් වූ පසු විශාල සැහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ ඇඳුම් අදින එක තමන් තමන්ටම කරගන්න බලහත්කාරකමක්. එහෙත් බාත්රූම් එකෙන් එළියේ ජීවිතය තුළ මේ බලහත්කාරකම කර නොගෙන ඉන්න බැහැ. නිදහස තියෙන්නේ බාත්රූම් එක ඇතුළේදී පමණයි. ගඟක, වැවක නාන කෙනෙකුට ඒ නිදහසත් නැහැ. ලංකාව වැනි රටක හා ඇමරිකාව වැනි රටක වෙනස ඔය වගේ වෙනසක්. විකල්ප අඩු වෙද්දී සමාජයට අවශ්‍ය පරිදි ජීවත් වීමේ අවශ්‍යතාවයද වැඩියි. සමාජයට අවශ්‍ය පරිදි ජීවත් වීමේ අවශ්‍යතාවය වැඩි වෙද්දී සමාජය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමේ අවශ්‍යතාවයද වැඩි වෙනවා. එහිදී ඔබ කියන "තමන් අනුන්ට කරන බලහත්කාරකම්" වැඩි වෙනවා.

      Delete
  15. ඉකොනොමැට්ටා,

    මේ වන විට ඔබේ හිතවතෙක් බව පෙනෙන කබරයා (ගවනර් නිවාඩ්) ජනපති ප්‍රමුඛ ආණ්ඩුවද සමගින් පසුගිය යුධ සමයේ ලුතිනන් සාලිය උපුල් අලදෙණිය, කෝප්‍රල් ගාමිණී කුලරත්න, ලු. කර්නල්වරුන් වන අස්ලාම් ෆස්ලි ලාෆීර් සහ ලලිත් ජයසිංහ ආදීන් මෙන් දිවි නොතකා රටේම ඉරණම සිය දෙවුර මත හොවා සිටිද්දී අයවැය ගැන විවිධ පුද්ගලය්න්ගේ අදහස් විමසා බලද්දී මා දුටු එකම දේ රජයට සහයෝගය දෙන්නන් දැක ඇත්තේ අයවැයෙහි යහපත් බව පමණක් වන අතර විවේචකයන් එයින් සිදුවන කිසිදු සුගතියක් දැක නැති බවයි. ජනපතිවරයා දැඩි විවේචන බැට්ල් හාඩ්න්ඩ් වෙතරානු හේවාරාළ කෙනෙක් මෙන් දැඩි අධිශ්ඨානයකින් දරා සිටියත් තීන්දු තීරණ ගැනීමට ඔහුට උපදෙස් දෙන්නේ මහෞෂධලා, චානක්‍යලා, සං ත්සූ ලා හෝ නිකොලා මැක්යාවිලී ලා තබා ගිරා පණ්ඩිතයෙක්වත් නැති කල නොයෙක් කේවට්ටයන් කණයන් බකපඬි උපදෙස් දෙනු පෙනෙයි.

    මෙවරත් ආණ්ඩුවේ පැත්තෙන් සුපුරුදු පරිදි අයවැයට පක්‍ෂ මන්ත්‍රීවරුන් එය සංවර්ධනය අරමුණු කරගත් වටිනා අයවැයක් ලෙස වර්ණනා කළේ එහි වැය සටහන්වල පාරිභෝජනය හැර කිසි ආයෝජනයක් නොමැති වෙද්දීයි. අයවැය ගැන මහත් කයිවාරු ගසමින් සුරාන්තයට පත්වී ජය ඝෝෂා නගන්නන් සහ එයට එරෙහිම පොළවේ පස් කමින් මරහඳ නගමින් ලතෝනි දෙන්නන්ට මඟහැරුණු ප්‍රධානතම දේ නම් රට අද වන විට මුහුණ පා ඇති දැවෙන ප්‍රශ්නවලට කෙතරම් ප්‍රබල අයුරින් අයවැයෙන් විසඳුම් සොයා ඇත්තේද සහ අයවැය තුළ මගහැරී ඇත්තේ මොනවාද කියන දේ.

    ඒ නිසා මේ දැවෙන ප්‍රශ්න හිසට හොඳින් කාවැදෙන සේ, මීට මාසයකට පෙර බදු සංශෝධනපනත සහ සුරැකුම් හා විනිමය හුවමාරු කොමිසමට අදාල පණත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බැසිල්, අතිශය ජනප්‍රිය උපහැරණයක් වූ වනේ ගිජිඳාය - දුටුවොත් වනසාය ... මරණ තුනක් ඇති මිනිසෙක් - පැණි කෑය යන බෞද්ධ ජන සාහිත්‍ය කවි උපයෝගී කර ගනිමින් අද ලංකාව මරණ තුනක් ඉදිරියේ තබා පැණි කෑ මිනිසාට සමාන කළා. කෙසේ හෝ ඒ වනවිට පැවැති මරණ තර්ජන තුන නම්, විදේශ විනිමය සංචිත ශීඝ්‍රයෙන් ක්‍ෂය වී යාම, විදේශ ණය ගෙවා ගැනීමේ ප්‍රශ්නය උග්‍ර අතට හැරීම සහ රුපියලේ වෙළෙඳපොළ අගය පිරිහී යාම කෙරේ බලපෑම් එල්ලවීම යන ඒවා වුණත් ඉන් මසක් ඉකුත්ව ගිය පසුව ඊට අමතරව තවත් මරණ තර්ජන තුනක් එම ලැයිස්තුවට ඇතුළත් වූයේ අඩු නිෂ්පාදනය නිසා හටගත් දරුණු ආහාර හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ ඉන්ධන/ ආහාර වර්ග විදේශ විනිමය හිඟකම නිසා ආනයනයට නොහැකි වීම සහ රජය කෙමෙන් කෙමෙන් බංකොළොත් වෙමින් පැවතීම යන මරණ තර්ජන තුනයි. රජය බංකොළොත් භාවයට පත් වන්නේ සාමාන්‍ය බදු ආදායම් මාර්ග ඔස්සේ වැය කළ යුතු කාර්ය සඳහා මුදල් යොදවා ගත නොහැකිව එම අඩුව පුරවන්න මහ විසාල වශයෙන් මුදල් අච්චු ගැසීමට සිදුවන නිසා.

    ReplyDelete
    Replies
    1. මුදල් නිකුත් කිරීමේ කේස් එක හැරෙන්නට මේ සියලු ඒවා රටෙන් පරිබාහිර අංශයට සම්බන්ධ බිඳ වැටීම් නිසා ආණ්ඩුවට සෘජුව දොස් කිව නොහැකි නමුත් අවසාන වශයෙන් කී මුදල් පිරිහීමේ අහේනිය සිදුවූයේ රජය විසින් හිතාමතාම ආදායම් බදු සහ එකතු කළ අගය සහිත බදු සඳහා පිරිනැමූ සිත්ගන්නාසුළු සහන සහ රජයේ විශාලතම බදු ආදායම වූ වාහන ආනයනය තහනම් කිරීමෙනි. එහි ප්‍රතිඵලය වූයේ රජයේ ආදායම, 2020 සහ 2021 දෙවසර සඳහා අවම වශයෙන් රු. බිලියන 500 - 600 කින් පමණ (බදු අඩු කිරීමෙන් බිලියන් 230 - 250 සහ වාහන ආනයන බදු බිලියන් 250 - 300ක් වගේ) පහත වැටීමයි.

      වියත් මගේ හිටපු මහාචාර්ය ලක්ෂ්මන් මෙම යෝජනාව ගෙන ආ විට 2019 දෙසැම්බර් මස මෙය ක්‍රියාත්මක නොකරන ලෙස ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන ඇතුලු විශාල පිරිසක් රජයට අනතුරු අඟවමින් කියා සිටියේ අනිවාර්යයෙන්ම ඉන් රජයේ ආදායමට පහර වදින නිසාය. නමුත් රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන නායකයන් වූ කබ්‍රාල් සහ බැසිල් පවා එය පිලිගනිමින් ම්හැදුරු ලක්ෂ්මන් වර්ණනා කළේ එය ආර්ථික වර්ධනයට උත්තේජනයක් වන බව කියමිනි. එසේ සිදුවූයේ ‘‘ආර්ථීකයේ සැපයුම් පර්ශවයෙන්’’ බවද ම්හැදුරුතුමා කී නමුත් ඊට එකඟ නොවෙමින් අනෙක් පිළ තර්ක කළේ, ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක ගැටලු හේතු කොටගෙන එසේ නොවන බව පෙන්වා දෙමිනි. (ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය - RAMIS - Lanka Clear මෙහෙයුම් වගේ Lanka Pay බදු ගෙවීම් පිළියෙළ කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැරෑරුම් ගැටලුවක් නොවූ නිසා දැනට තිබෙන මානව සම්පත්වලින් බදු ගොණුවල කටයුතු කිරීමට එම පද්ධතිය වැඩි දියුණු කළ හැකි නමුත් ඒ සඳහා කාලයක් ගතවනු ඇත). පරෙස්සමෙන් එය හසුරුවාගැනීම නොකළහොත්, උත්තේජන පැකේජය අයවැයෙහි මූල්‍ය යෙදවුම්වල මහා හිදැසක් නිර්මාණය කරමින් ආපසු කැරකී වැඩේ ගැස්සෙනු නියතය. මෙම වළේ නොවැටී බේරෙන්නට, ගෝඨාභය රාජපක්‍ෂ පාලනය ඉහළම ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතු වුණා. ඉහත අනතුරු හැඟවීමට කන් නොදී, රජය එකී යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ නමුත් දැන් වැඩේ වැරදී ගොස් ඇති විට වැපිරූ සුළඟෙන් වර්ධනය වී ඇති චණ්ඩ මාරුතය නෙළා ගන්නට බැසිල්ට සිදුව තිබේ.

      ලංකාවේ ආර්ථිකය කාලයක පටන් ලෙඩ ගානේ පවතින නමුත් දැන් මරණයෙන් අවසාන වන තරමට රෝගය උත්සන්න වී ඇති මේ පසුබිම යටතේ බැසිල් මුදල් අමාත්‍ය ධුරය භාර ගත්තේ මුළු රටම, මෙම නොකළ හැකි දේ බැසිල් කරාවි යයි බලාපොරොත්තුවෙන් පසු වෙද්දී, නමුත් අසාධ්‍ය ලෙස ලෙඩින් වැටී ඇති පුද්ගලයාව, ඔහු සුව කළ යුත්තේ අති ප්‍රබල වෛද්‍ය සත්කාරවලින්. කෙසේ වුවද ඔහු ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලින්, මෙම අවශ්‍යතා බොහෝමයක් සපුරාගත නොහැකි බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කරන අසාධ්‍ය දරුවකු හිමි දෙමාපිය යුවලකගේ උපමා කතාවක් සිහි ගන්වමින් බැසිල් මීට පෙර ඉදිරිපත් කළ ආප්තෝපදේශය තුළින්ම මෙම තත්ත්වය විස්තර කළහැක. යම් දරුණු පිළිකාවක් වැනි අසාධ්‍ය රෝගයකින් පෙළෙන දරුවකු ගෙදර සිටින්නේ යයි සිතමු. දරුවා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගෙන යාම ප්‍රතික්ෂේප කරන මවුපියෝ, තමුන් ඊට වඩා දේ දන්නවා යයි සිතා දරුවා ගෙදරම තබාගෙන ගොඩ බෙහෙත් ප්‍රතිකාර දී සුව කරන්නට තීරණය කරති. මෙම දේශීය ගොඩ බෙහෙත් ප්‍රතිකාර සමන්විත වන්නේ, හිතවතුන්ගෙන් තාවකාලිකව ඉල්ලා ගන්නා වටපිටින් නෙළා ගත් ගොඩ බෙහෙත් වැනි ව්‍යාජ ප්‍රතිකර්ම වලින්ය. පිටරට වෙසෙන නෑ හිත මිතුරන්ට කියා ගෙන්වා ගත් වෛවාරන්න සෙල්ලම් බඩු වැසි වස්සවා ඔවුහු දරුවා නහවති. එයින් දරුවා සතුටු වන බවත්, ඒවායින් දරුවා ඉකිමනින් සුවපත් වෙන බවත් ඔවුහු අවංකවම විශ්වාස කරති. දරුවා බලන්නට පැමිණෙන නෑදෑයෝ, ලෙඩ දරුවා සුවපත් කරන්නට දේශීය වෙදකම් තෝරා ගැනීමට ගත් එඩිතර පියවර ගැන මවුපියන් මුරුංගා අත්තේ තබා කතා කරති.

      කෙසේ අමාරුවෙන් අඬා දොඩා ණයට ගත් මුදලින් මවුපියන් ගෙන්වාගත් කෙළි බඩු ගැන ඔවුන් ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ මවුපියන් එම ණය කෙසේ ගෙවා දමන්නේද යන්න පවා නොසිතාය. යම් දැනුවත් පුද්ගලයකු දරුවා රෝහලට ගෙන යන ලෙස ඔවුනට උපදෙස් දුන් විට ඔවුන් අතවනා එය ප්‍රතික්ෂේප කරනුයේ තමන් වඩාත් හොඳින් ලෙඩේ සුව කරන හැටි දන්නා බව කියමිනි.

      ඔය අතරෙදි ගොඩ බෙහෙත් ප්‍රතිකාරවලින් දරුවාගේ රෝගය සුව නොවී ඔහුගේ තත්ත්වය තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත් වන්නේ නැවත සුවපත් කළ නොහැකි තරමටයි. ඒ වනවිට දරුවා රෝහලට ගෙන යන්නට පමා වූවා වැඩිය. දරුවා රෝගයෙන් මිය යයි. ඔය වගේ 2022 අයවැය එන්නේ මේ පසුබිමේ, අයවැයෙහි මග හැරී ඇත්තේ ආර්ථීකයේ රෝගී බවට අදාළ පිළියම්ය. ආර්ථිකයේ ඇති ව්‍යාධිය ගැන අයවැය පළ කරන්නේ නිහඬතාවකි. ප්‍රමාණවත් ආදායම් පදනමකින් තොරව එයින් වැය යෝජනා ඉදිරිපත් කෙරේ.

      Delete
    2. අයවැයේ ආදායම් යෝජනා දක්වා ඇතත් එවැනි තාවකාලික පියවර තුළින් රජය පොරොන්දු වී ඇති වියදම් වැඩසටහන් එක දිගට පවත්වා ගත නොහැකි නිසා රෝගය අසාධ්‍ය වීමෙන් ආර්ථිකය මිය ඇදුනහොත් සෞභාග්‍යයේ දැක්ම වෙත තැබූ සියලු බලාපොරොත්තුද මියැදෙන නිසා වර්තමාන ලක් ආර්ථිකය පවතින තත්ත්වය ගැන බැසිල්ට සෑහීමකට පත්විය නොහැකි ඔහුගේ අයවැයෙහි මූල්‍ය ප්‍රතිඵලය ගැනද සෑහීමකට පත්විය නොහැකි නිසයි.

      නූතන ලංකා ආර්ථීකයේ අවදානම් තත්ත්වයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ අතිශය අසාධ්‍ය බවට පත් බාහිර අංශය බැවින් මෙය අලුත වර්ධනය වූ තත්ත්වයක් නොව, 2010 තරම් අතීතයක පටන් දැනගන්නට ලැබුණු කාරණයකි. මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් භාවිතා කරන ලද දේශීය ආර්ථිකය මත පදනම් වූ, ආර්ථික මොඩලය හේතුකොටගෙන අපනයන වර්ධනය සිදුවූයේ, ආර්ථික වර්ධනය තුළ ඉතාමත් මන්දගාමීවය.

      මේ නිසා ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය තුළ අපනයනවල දායකත්වය 2010 දී සියයට 15% ක්ව තිබී 2014/2015 වන විට එය සියයට 13.3% ක් දක්වාත් 2018/19 වන විට 12.4 % තරමට පහළ වැටුණේය. ඒ කාලය තුළම, ආනයනය වියදම් දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව ඉහළ යන්නට පටන් ගත්තේය. 2010 දී සියයට 24 ක් තිබූ එම ප්‍රතිශතය 2014/2015 දී සියයට 24.1% දක්වාත් 2018/19 25.9 දක්වා වැඩි වූ නමුත් කොවිඩ් නිසා පැනවූ ආනයන සීමානිසා එය 2020 දී සියයට 19 දක්වා පහත වැටිණි.

      මේවා මෙහෙම වෙද්දී ලංකාවේ විදේශ විනිමය (පිටතට) ගෙවීම් රට තුළට ගලා එන විදේශ විනිමයට වඩා වැඩි වීම, හේතුවෙන් දිගුකලක පටන් ඇතිවූ විදේශ විනිමය හිඟය 2021 වන විට අතිශය උග්‍ර තත්ත්වයට පත් වූයේ 2006 මැයි මාසයේ පටන් වාණිජ බැංකුවල ශුද්ධ විදේශ වත්කම් ඍණ අගයක් ගත් නමුත්, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අගයක් ගත් නිසා රටේ සමස්ත විදේශ විනිමය තත්ත්වය ධනාත්මක ලෙස පවත්වාගත හැකි වුණත් මහ බැංකුවේ ශුද්ධ විදේශ විනිමය වත්කම් පහත වැටීමත් සමග මෙම තත්ත්වය 2020 මැයි සිට වෙනස් වෙමින් බැංකු අංශයෙන් සමස්ත ශුද්ධ විදේශ වත්කම් ඍණ බවට පත්වූයේ ඉන්පසුව එළඹුණු මාස කීපයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ විනිමය වත්කම තියුණු ලෙස පහත හෙළමින් විදේශ වත්කම් රට තුළට ගලා එමින් හානි පූරණයක් සිදු නොවී පිටතට කරන ගෙවීම් ඉහළ යාමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2021 අගෝස්තු මාසය වන විට මහ බැංකුවේ විදේශ විනිමය වත්කම් ඇ. ඩොලර් මිලියන 400 ක ඍණ අගයකට වැටුණා, 2021 සැප්තැම්බර් වෙද්දී මෙම ඍණ වත්කම ඇ.ඩො. මිලියන 790 දක්වා වැඩී වී, ඔක්තෝබර් වන විට එය තවදුරටත් ඇ.ඩො. මිලියන 1200 ක ඍණ අගයකට පත්විය. මහ බැංකුවේ දළ වත්කම් ඇ.ඩො. බි. 1.6 ට වැටුණු බව වාර්තා වීමත් සමග, ඍණ ශුද්ධ වත්කම් තත්ත්වය මේ වන විට ඇ.ඩො. බිලියන 2 ට වැඩි වනු අතැයි නිශ්චය කළ හැකිය.

      කෙසේ හෝ මෙහෙම ගිහින් මීළඟ හය මාසය තුළදී මහ බැංකුවට තෙල්, ඖෂධ, ආහාර වැනි අත්‍යවශ්‍ය දේ ආනයනය උදෙසා වැය කිරීමට, විදේශ විනිමය අවශ්‍ය බැවින් එම කාලය තුළ මහ බැංකුවට ණයට නොගන්නා මූලාශ්‍රවලින් ශුද්ධ විදේශ විනිමය ප්‍රවාහයන් ඇ.ඩො. බිලියන 3 ක පමණ ප්‍රමාණයක් උත්පාදනය කර ගත නොහැකි වුවහොත් මහ බැංකුවේ ඍණ විදේශ විනිමය වත්කම් තත්ත්වය තවදුරටත් පිරිහී 1997 තායිලන්තයේ සිදුවූ විදේශ විනිමය බිඳ වැටීම ශ්‍රී ලංකාවේ යළි සිදුවූවේද?

      Delete
  16. ලංකාවේ ආර්ථිකය කෙසේ හෝ නොසිතන අයුරින් ඉදිරියේදී ඉතාමත්ම භයානක අතිදරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනවිටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩියකට වැටී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන් දර සඳහන් කර ඇත. ලංකාවේ ආර්ථිකය ධාවනය කරවන ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් විශාල ප්‍රමාණයක් දැනටමත් බිඳවැටී ඇති පසුබිමක ලංකාවට නරක කලදසවක් උදා වී ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ප්‍රධාන පෙළේ ජර්මානු Brands ලංකාවට ගෙන්වීම පිළිබඳව පැවති උත්සවයකදී, තවදුරටත් අදහස් දක්වා ඇති හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයකුද වන ආචාර්ය පී.බී ජයසුන්දර පවසන්නේ තම ජීවිත කාලය තුළ මෙවැනි අසීරු ආර්ථිකමය අවදියකට මුහුණ දී නොමැති බව.

    “නිදහසින් පසුව මීට කලින් හැම කලකම පාහේ කලින් රටේ වෙළඳ ශේෂය මීට පෙර වඩා ඉතාමත්ම හොඳ මට්ටමක පැවතුණා. 2020 සීමා පැනවීමට පෙර නිදහසින් පසුව මීට කලින් හැම කලකම පාහේ නිතරම ඉතාමත්ම ලංකාව 1980 දශකය මුල සිටම දශක ගනනක් තිස්සේ ලංකාවේ අපනයනය කළාට වඩා දෙගුණයක් ආනයනය කරමින් සිටියා. ලෝකයේ නැව් සහ භාණ්ඩ මිල දැන් ඉහළ ගිහින්. සංචාරක හා විදේශ ප්‍රේෂණ එන විටපවා කවදාවත් නැති විදිහට වෙළෙඳ හිඟය මසකට ඩොලර් බිලියන 10ක් වෙලා. අද වන විට රට ඩොලර් බිලියන 4ක ණය බරකට කොටුවී සිටිනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

    නිදහසින් පසුව මීට කලින් හැම කලකම පාහේ ලංකාවට අතීතයේ සිය වගකීම් ඉටුකිරීමේ දුෂ්කරතා නොතිබූ බවද පෙන්වා දුන් ජනාධිපති ලේකම් PB, 2020 දී ක්‍රියාත්මක කළ වෙළෙඳ සීමා හේතුවෙන් බොහෝ දෙනෙකුට අපහසුතා ඇතිවු බවද පැවසීය.

    https://youtu.be/rfCq-SeFgA0

    විදේශ සංචිත පහළ වැටීම, ජීවන වියදම ඉහළ යාම, මුදල් මුද්‍රණය වැනි කාරණා මත ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව ලංකාවේ ආර්ථිකය ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයකට සමාන කළ හැකි බව nikkei සගරාව වාර්තාවක් ප‍්‍රසිද්ධ කර තිබේ.

    විදේශ සංචිත පහළ වැටීම, ජීවන වියදම ඉහළ යාම, මුදල් මුද්‍රණය වැනි කාරණා මත ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි එම වාර්තා දැක්වෙයි.

    ඔක්තෝබර් මාසයේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130 ක් ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවත් පවසන එම වාර්තාව මෙම තත්ත්වය ග්ලැසියරයක උඩ කොටස පමණක් යැයිද කියා සිටී. වත්මන් රජය විසින් 2022 වසර සඳහා මෙවර ඉදිරිපත් කරන ලද අයවැය හමුවේ ආණ්ඩුව විසින් භාණ්ඩ හා සේවා 622 ක් මත අධික ලෙස බදු පනවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි. බඩු මිල වැඩි වීමට, ගෑස් හිගකමට හා පොහොර ප්‍රශ්නය ඇතුළු ගැටලු වලට විරුද්ධව ජනතාව පාරට බැසීමේ නැවැත්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් අවසරය ලබා ගන්නා ලෙස වෘත්තිය සමිතිවලට රජය විසින් දැන් කොන්දේසි පනවා ඇත්තේ ඒ නිසා බවත් ඔහු පැවසීය. මෙම කටයුත්ත ආණ්ඩුව පැහැදිලිවම විරෝධතා මර්දනය කිරීමට සැලසුම් කළ උපක්‍රමයක් බවත් ඔහු පැවසීය.

    මේ කුමන දේවල් කළත් දුප්පත් අහිංසක පොදු ජනයා මහපාරේ සිටින ආකාරය ආණ්ඩුවට බරක්සේ සලකා එය මර්දනය කිරීමට යන්නේ නම් ඉදිරියේ දී සියලු ජනතාව එකට පෙළ ගැසී ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු තවදුරටත් කියා සිටියේ මාධ්‍ය අමතමින.

    සිරි ලාංකිකයන් වශයෙන් අප වැපිරූ දේ අප නෙලනු ඇත.අපිට ඕනැ වුනේ බදු අඩු, සහනාධාර වැඩි පෙන්ශන් සමෘද්ධි වගේ දේවල් දෙන ආණ්ඩුවක්නෙ. ඉතිම් එන එන ආණ්ඩුත් ඡන්ද බලාගෙන ණය අරං කන්ඩ දුන්න..කාලම වරෙවු දැන් කියල;

    https://asia.nikkei.com/Economy/Sri-Lanka-s-economy-seen-as-a-ticking-time-bomb

    ReplyDelete
  17. ඉකොන් ලංකාවට ඉන්ධන විකිණීමේ අයිතිය ඉන්දියාවට ලබා දීමේ සූදානමක් ඇති බවට ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර කිහිපයක්ම හරහා තම පක්ෂය වන සමගි ජන බලවේගයට සියලු තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කතාව ඇත්ත ද? මම හිතන්නේ මෙය විය හැකි බව.

    ඒ වගේම ඔහු අනාවරණය කළේ ඉන්දියාවට ලංකාවේ ඉන්ධන සැපයීමේ ඒකාධිකාරය දී ඉන්දියාවෙන් ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ගැනීමට සූදානමක් ඇති බවට මාධ්‍ය කිහිපවරක්ම වාර්තා පළ කරමින් අනාවරණය කළ බව ද ඔහු පැවසීය. ජවිපෙ ජාතික බලවේගයද මේ ගැන මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යන්නේ එම මුදල ලබා ගැනීම සඳහා බවයි. මේ ගැනත් කිරිඇල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතරේ ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරන ලද්දේ ලංකාවේ ඉන්ධන තෙල් සැපයීමේ ඒකාධිකාරිය කිසිම ලෙසකින් ඉන්දියාව ලබා නොදෙන බවත් ඉන්දියාව එවන් ඉල්ලීමක් සිදු කර නැති බවත්. මෙතනදි කවුද ඇත්ත කියන්නේ? මොකක්ද වෙන්නෙ ලංකාවට?

    ReplyDelete
  18. ඉකොනොමැට්ටා මේ වීඩියෝ clip එක අනුව ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඒවි ද?

    https://youtu.be/iiUe5MDd0Jo

    ReplyDelete
  19. ඇමරිකන් එක්සත් ජනපදයේ ඉන්න ලංකාවේ තරුණයෙක් කරන මේ වගේ දේවල් ලංකාවට කෙසේ බලපාවි ද?

    https://youtube.com/watch?v=mN6Oyq_JIGs&feature=share

    ඒ වගේම මේ වගේ සිනමා නිර්මාණ හරහා ලංකාවේ කලාව සහ සිනමා කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වේවි ද?

    https://youtu.be/QtIcNSmGoWc

    ReplyDelete
  20. ලබන අවුරුද්දෙ බිලියන 7ක් ණය ගෙවන්න තියෙනව කියන්නෙ රාජ්‍ය ණයද?
    නැතිනම් රටක් වශයෙන් සමස්ත විදේශ (මුදල්) ණයද පෞද්ගලික ආයතන වලොන් ගත්තු ණයත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ලංකාවට මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 50,438 ක විදේශ ණය ගෙවීමට සිදු වී තිබෙන බව මහ බැංකු වාර්තා වල කියනවා, මෙයින් ඩොලර් බිලියන් 20ක් විතර තියෙන පෞද්ගලික අංශයේ ආයතනවල ණය මුදල් ගෙවන්න එම පුද්ගලික ආයතන මහ බැංකුවට රුපියල් ලබාදී ඉන් ඩොලර් ලබාගත යුතුයි, නමුත් ඩොලර් නැති නිසා වැඩේ අවුල් ගිහින්. මෙයින් රාජ්‍ය ණය ඩොලර් බිලියන තිහක් පමණ වුණත් එම රාජ්‍ය ණය මුදලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් බොන්ඩ්ස් ආදිය වශයෙන් ලබා ගෙන ඇති නිසා එම මුදල් වාරික නිශ්චිත දිනයටම ගෙවිය යුතුයි. මේ ගැන ඉදිරි 2021-22 වසරක කාලය සඳහා ලංකාවේ ණය වාරිකය ඩොලර් මිලියන 6,250 ක් බව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් සමගි ජනබලවේග මන්ත්‍රී Dr. හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේ දැනට දින කීපයකට පෙර පැවසූවේ.

      මෙතනදි මේ විදේශ ණය ප්‍රශ්නයට මූලික හේතුව තමයි 2018 අප්‍රේල් මාසයේ සිට 2019 ජූනි මාසය දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් ලංකාවට අයි.එස්.බී සහ වෙනත් බොන්ඩ් ඇතුළුව විදේශ ණය හැටියට අරන් තියෙනවා ස්වෛරීත්ව බැඳුම්කරවලින්. ඒ කාලය වෙනකොට ලංකාවේ තිබුණු ණය ප්‍රමාණයට ISB's වලින් සෑහෙන දැඩි පීඩනයක් ආවා. 2014 දී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 5 යි. රටේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ බිලියන 79 යි. 2019 අග වෙන කොට ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර තිබුණා USD බිලියන 15 ක්. රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩිවෙලා තිබුණේ USD බිලියන 84 දක්වා පමණයි. සියයට 6 ක ස්වෛරීය බැඳුම්කර තිබුණු ප්‍රතිශතය සියයට 18 දක්වා වැඩිවෙලා තිබුණා. එතනදී මහ බැංකුව 2020 දී තීරණයක් ගත්තා තවදුරටත් ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරවලින් ණය අරගෙන අපි ණය උගුලක වැටෙන්න පුළුවන් නිසා එතනින් එහාට ගිහිල්ලා වෙනත් ක්‍රමවලට ණය ගැනීමත්, සමහර ණය අඩුකර ගනිද්දී විවිධ වෙන ක්‍රම පාවිච්චි කිරීමටත්. පේන විදිහට ඒකට තමයි දැන් කටයුතු කරගෙන යන්නේ, ඒ වගේම මම හිතන්නේ එහෙම කරගෙන යාම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වුණත් ඇවිල්ලා අපිට දෙන උපදෙස. වෙන උපදෙසක් නෙමෙයි දෙන්නේ. ණය ප්‍රතිව්‍යූහගතකරණය කියලා කියන්නේ වෙනත් ක්‍රමවලට ණය ගෙවීමට පෙළඹීම. ඉතිං ඒ නිසා ඒ කටයුත්ත ඉතාමත්ම කල්පනාකාරීව විද්‍යාත්මකව කළ යුතුයි, ඒක් ඉතින් ආණ්ඩුව අතේ තියෙන්නේ, අපට කරන්න දෙයක් නැහැ. හැබැයි දැනට ඒක කරගෙන යන නිසා පිටස්තර කෙනෙක්ගේ අවශ්‍යතාවයක් උපකාරයක් අවශ්‍ය නැති බවයි රජයේ තීරණය.

      රජය ඒත් එක්කම ඒත් එක්කම තවත් තීරණ අරන් තියෙනවා. කලින් මිලන පාලනය කරන්න ගිහින් ඇනගත්ත රජය දැන් උපරිම සිල්ලර මිල ගණන් වගේ විගඩම් වෙනස්කරලා තියෙනවා. සමහරක් තැන්වල දී අයින් කරලා තියෙනවා. ඒ වගේ දේවල් IMF කියන්න පුළුවන් දේවල්. ඊට අමතරව IMF කියන්න පුළුවන් තවත් දේවල් තමයි රුපියල් අවප්‍රමාණය කරන්න කියන්න පුළුවන්. ඒ වගේම බැංකු පොළී අනුපාතය තවදුරටත් සියයට 30 කින්/ 40 කින්/ 50 කින් වැඩිකරන්න කියන්න පුළුවන්. රජයේ සේවකයින්ගේ ප්‍රමාණය අඩුකරන්න කියන්න පුළුවන්. විශ්‍රාම වැටුප් පරණම අයට තව අඩු කරන්න සහ අලුතෙන් යන අයට කප්පාදුවක් කරන්න කියන්න පුළුවන් බොහෝ දුරට. ඒ වගේම තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, තවත් රජයේ ආයතන රැසක් වගේම විවිධ රාජ්‍ය දේපලවල විකුණන්න කියන්න පුළුවන්. ඒ වගේ කොන්දේසි සාමාන්‍යයෙන් රිෆෝම් ඇජෙන්ඩා (Reform Agenda) එකකට ඒගොල්ලෝ ගේනවා. ඒ රිෆෝම් ඇජෙන්ඩා එකක් අපිට දැන් අත්‍යාවශ්‍ය නැහැ කියන එක තමයි කබර ගුලියා ඇතුලු ආණ්ඩුවේ මතය. ඒක නොකර අපිට ණය දීලා තියෙන අයට කරදරයක් කරන්නේ නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන් කියන එක තමයි වත්මන් රජයේ මතය සහ අරමුණ, කබ්‍රාල් කියන්නේ දැනට පවතින විදේශ ණය 60% දේශීය ණය 40% අනුපාතය ඉක්මනින්ම විදේශීය ණය 50% දේශීය ණය 50% මට්ටමට ගෙන ඒමටයි. ඉදිරියේදී එය විදේශීය ණය 40% සහ දේශීය ණය 60% දක්වා ඉහළ නංවාගැනීමේ දීර්ඝකාලීන අරමුණක් ආණ්ඩුවට තිබෙන බව.

      Delete
    2. ඒ වගෙම ආණ්ඩුවට කේවට්ට උපදෙස් දෙන සෝ කෝල්ඩ් ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවට ප්‍රයෝරිටි ලිස්ට් එකක් හදාගෙන අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි. කෙසේ වෙතත් එම අත්‍යවශ්‍ය නොවන ආහාර වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ආදේශක ද්‍රව්‍ය භාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත. අද සුපර්මාකට්වල 80% විතර තියෙන්නේ ඔය වගේ අත්‍යවශ්‍ය නොවන ආනයනික භාන්ඩ. දවසට ඩොලර්වලින් ශතයක්වත් උපයන්නේ නැති ලංකා මධ්‍යම පාන්තිකයෝ ඔවා කකා අණ්ඩුවලට බනිනවා ලෝකෙට ණය වෙනවා කියලා. මේ නිස ඇපල් දොඩම්, චොකලට්, පැස්ටා, ඒ වගේ වෙනත් ආනනනික විවිධ ෆැන්සි භාණ්ඩ වර්ග රාශියක් වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ලංකාවට බලපා ඇති විදේශ විනිමය අර්බුදය දඩමීමා කරගෙන මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටියි. මේ නිසා ලංකාවේ මධ්‍යම පාන්තිකයන් දැඩි කෝපයෙන් සිටින බව සමාජ මාධ්‍ය තුළ පේනවා, මීට අමතරව තවත් ඩොලර් මිලියන 300 ක ණය මුදලක් චීනයෙන් ලංකා රජය විසින් ලබා ගැනීමට නියමිතව ඇති නමුත් මෙම මුදල ඩොලර්වලින් නොව රෙන්මින්බි යුආන වලින් ලැබෙනු ඇතැයිද සති අන්ත පුවත්පත් වාර්තා කරන්නේ.

      "කොන්දේසිවලට යටත්ව IMF වෙත ගොස් ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකොට හැකි තරම් ආර්ථිකයේ වර්ධනයක් ඇති වන ආකාරයේ සුබවාදි ගමනක් කොවිඩ් වසංගතය මැද පවා ඉදිරියට යෑමට බිඳවැටී ඇති සංචාරක කර්මාන්තය පුබුදුවා ඉහළ ආදායමක් ලැබීම, අපනයන ආදායම වැඩි කර ගැනීම, හැකි තරම් ආනයනය ආදේශන කර්මාන්ත දියුණු කිරීම හරහා එක්සත් ජනපද ඩොලර් දිනාගැනීම, ඍජු විදේශ ආයෝජන වැඩිවශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වේගවත් කිරීම, දේශීය වශයෙන් ශක්තිමත් ආයෝජක පිරිසක් බිහි කිරීම සඳහා විවිධ පියවර ගෙන මේවා තුළින් හැකි තරම් රටේ ණය ගෙවීමේ කටයුතු විදේශීය අරමුදල්වලින් මිදී දේශීය ණය වශයෙන් ලබාගෙන කිරීම" රජයේ අරමුණ බවට කබරෙයා වහසි බස් දොඩනවා, මොන මගුලක් කරයිද මන්දා මේ ගෝතයා.

      මොකද ලංකාවේ බහුතර ජනතාව හිතන්නේ IMF ණය අරගෙන තමයි රවී කරුණානායක Moble phone card (Rs. 49, 99, 199 etc.) වලට 49% ක්‌ බදු ගැහුවේ, ඒක මේ රජයෙන් 25% දක්වා අඩු කෙරුව බවත්, රවී පුංච් ළමයින්ගේ බැංකු පොත් වලට ලැබෙන පොලියෙන් පවා 5% ක විත් හෝල්ඩින් ටැක්ස් බද්දක් ගත්තා. ඒ ටී එම් (ATM) වලින් සල්ලි ගන්න කොට බැංකු වලින් අයකරන මුදලින් බදු ගත්තා, රුපියල් 1000 සිට රු. ලක්ශය දක්වා සියලු මුදල් ගැනීම් වලින් රුපියල් 15 කපා ගන්නවා, බැන්කු පොත් වලින් මුදල් ගැනෙමේදී රු. පණහක්, ඔන්ලයින් ගෙවද්දිත් එහෙමයි, වක්‍ර සහ සෘජු බදු බැංකු ණය වලිනුත් ගත්තේ IMF එකේ කීමට බව, කොටින්ම පෙන්ෂන් කාරයින්ට පවා බදු ගෙවන්න වුණ බව මතක නිසා රජයේ සේවකයෝ %25කින් අඩු කරන්න, රජයේ පාසැල් අඩු කරන්න, රජ්‍යය සෞක්‍යය වියදම % ගණනකින් අඩු කරන්න වගේ දේවල් කරන්න ගියොත් ලංකාවේ ආණ්ඩුවලට තවත් අමාරු වේවි.


      මේ වගෙම චීනය විසින් ලංකාව බටහිර රටවල ‘ණය උගුලෙන්’ බේරාගත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බවයි.

      එහිදී චීනය ප්‍රකාශ කරන ආකාරයට 2017දී ශ්‍රී ලංකාවට හම්බන්තොට වරාය බදුදීමට සිදුවූයේ ඒ වනවිට ගෙවීමට නියමිතව පැවැති අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (ඓSඹ්) ‍වෙනුවෙන් ඩොලර් නොමැතිවීම හේතුවෙනි. එසේ නොමැතිව චීන ‘එක්සිම් බැංකුවට’ ගෙවීමට තිබූ ණයක් පියවීම සඳහා වරාය චීනයට ලබානොදුන් බව තානාපති කාර්යාලය සඳහන් කරයි. එම අර්ථයෙන් ගත් කළ 2017දී චීනය විසින් හම්බන්තොට වරාය බදු පදනමින් ලබා ගැනීමෙන් ලංකාව සිරවීමට තිබූ අන්තර්ජාතික ණය උගුලෙන් බේරා ගැනීමට තම රාජ්‍යය දායක වී ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

      ඔය වගේම මේ දක්වා ලංකාව ලබාගෙන ඇති සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් චීනය වෙතින් ලබාගෙන ඇත්තේ 10%ක් එනම් ඩොලර් මිලියන 3,388.2ක් පමණක් බවද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා උපුටා දක්වමින් තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

      මේ කතාවේ ඇත්තක් තිබේද?

      Delete
  21. ඉකොනොමැට්ටා ඉතාමත් දුක්බර ආරංචියක් තියෙනවා, ඔබට මතක ඇති 1989 - 90 කාලයේ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෙක් වෙමින් එවකට පැවති භීම සමයට නිර්භයව මුහුණ දෙමින් තම සගයන් සමග උරෙනුර ගැටී හිටගෙන පක්ෂය ආරක්ෂා කළ සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වූ බවයි. ඔහුට නිවන් සුව පතමු.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...