වෙබ් ලිපිනය:

Wednesday, September 15, 2021

කහ ගන්නවත් බැරිතැනට වැටුනේ ඇයි?

 

ටික කලකට පෙර ලංකාව කහ ආනයනය තහනම් කළා. රටේ කහ හිඟයක් ඇති වුනා. කහ මිල විශාල ලෙස ඉහළ ගියා. හැබැයි ඉන් පසුව බොහෝ දෙනෙක් කහ වවන්න පෙළඹුනා. දැන් ලංකාවේ කහ නිෂ්පාදනය ඉහළ ගිහින්. එහෙත් මිල පහත වැටී නැහැ. රටේ බොහෝ දෙනෙකුට කහ ගන්නවත් බැරි තරමට කහ මිල ඉහළ ගිහින්. එහෙම වුනේ ඇයි?

වෙනත් ඕනෑම භාණ්ඩයක වගේම කහ වලත් නිෂ්පාදන පිරිවැය නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙනවා. ඇතැම් අය අනෙක් නිෂ්පාදකයන්ට වඩා කාර්යක්ෂමයි. මෙහිදී කාර්යක්ෂමයි කියන එකෙන් අදහස් වන්නේ දක්ෂකම, මහන්සි වී වැඩ කිරීම වගේ දේවල්ම නෙමෙයි. කාලගුණය, දේශගුණය, පසේ ස්වභාවය ආදී විවිධ හේතු මත නිෂ්පාදන පිරිවැය වෙනස් වෙන්න පුළුවන්.

කහ නිෂ්පාදකයින් දහ දෙනෙකුගේ කහ කිලෝවක නිෂ්පාදන පිරිවැය පහත ආකාරයෙන් වෙනස් වෙනවා කියලා අපි හිතමු.

අමල් - රුපියල් 500යි 

බිමල් - රුපියල් 1000යි 

චමල් - රුපියල් 1500යි 

දිලාන් - රුපියල් 2000යි 

එරාන් - රුපියල් 2500යි 

ෆයිසාල් - රුපියල් 3000යි 

ගයාන් - රුපියල් 3500යි 

හෙක්ටර් - රුපියල් 4000යි 

අයිවන් - රුපියල් 4500යි 

ජෙගන් - රුපියල් 5000යි 

මේ එක් එක් නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව හරියටම කිලෝ 1000 බැගින් බවත්, රටේ සමස්ත කහ ඉල්ලුම කිලෝ 8000ක් ලෙසත් අපි සලකමු. මේ අනුව, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 4000ක්. එම මිලට ලැයිස්තුවේ හෙක්ටර් දක්වා සිටින අය කහ සපයනවා. අන්තිම දෙන්නා කහ සපයන්නේ නැහැ. එසේ කළොත් ඔවුන්ට පාඩුයි. එහෙත් ඔවුන් නැතුව ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

හැබැයි මේ වැඩේ වෙන්නේ කහ ආනයනය නොකරනවානම්නේ. අපි හිතමු ආනයනික කහ කිලෝවක මිල රුපියල් 1000ක් කියලා. ඒ මිලට ඕනෑ තරම් කහ සපයන්න පුළුවන්. දැන් වෙළඳපොළේ කහ මිල රුපියල් 1000 දක්වා අඩු වෙනවා. ඒ එක්කම අමල් සහ බිමල් හැර අනෙකුත් සියලුම නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් වෙනවා. අමල් හා බිමල් පමණක් තව දුරටත් කහ සපයනවා. දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණක් රට ඇතුළේ හැදෙනවා. ඉතිරි 75% ආනයනය කෙරෙනවා.

ඔහොම තියෙද්දී එකවරම ආනයන තහනම් කළාම මොකද වෙන්නේ? දැන් ඉල්ලුම කිලෝ 8000ක් වුනත් සැපයුම කිලෝ 2000ක් පමණයි. රටේ විශාල කහ හිඟයක් ඇති වෙනවා. අමල් හා බිමල් රුපියල් 7000 දක්වා කහ මිල ඉහළ දමනවා. පාරිභෝගිකයන්ගෙන් යම් පිරිසක් ඒ මිලට කහ මිල දී ගන්නවා. අමල් හා බිමල් සතු කහ ප්‍රමාණය විකිණෙනවා. කහ කිලෝවකට රුපියල් 7000ක් ගෙවන්න සූදානම් නැති පාරිභෝගිකයන්ට කහ ගන්න වෙන්නේ නැහැ. එහෙත් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

දැන් ඉහළ ගිය කහ මිල නිසා දිරිමත් වන දිලාන්, ෆයිසාල් වැනි අයත් කහ හදන්න පටන් ගන්නවා. කහ සැපයුම ඉහළ යනවා. අවසානයේදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. එහෙත් මිල රුපියල් 1000 දක්වා පහත වැටෙන්නේ නැහැ. මිල ස්ථාවර වන්නේ රුපියල් 4000 මට්ටමේ. මොකද හෙක්ටර්ට ඊට වඩා අඩුවෙන් කහ සපයන්න බැහැ. හෙක්ටර් කහ සැපයුවේ නැත්නම් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැහැ.

මිල අඩු කිරීම සඳහා රජය විසින් සුළු කහ ප්‍රමාණයක් ආනයනය කරන්න ඉඩ දුන්නා කියා කියමු. උදාහරණයක් ලෙස කිලෝ 1000ක්. දැන් වෙන්නේ කුමක්ද?

ආනයනික කහ කිලෝ 1000ක් සැපයෙන නිසා දේශීය ඉල්ලුම කිලෝ 7000 දක්වා අඩු වෙනවා. හෙක්ටර්ට වෙළඳපොළෙන්  ඉවත් වෙන්න සිදු වෙනවා. ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. කහ කිලෝවක මිල රුපියල් 4000 සිට රුපියල් 3500 දක්වා අඩු වෙනවා. ආනයනකරු විසින්ද එම මිලට කහ විකුණා හොඳ ලාබයක් ලබා ගන්නවා. 

රට ඇතුළේ නිපදවිය හැකි ඕනෑම දෙයක් ආනයන වලින් ආරක්ෂා කළ විට වෙන්නේ ඔය වගේ දෙයක්. ආනයන පාලනය තිබෙන තුරු දේශීය නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත් ඒ සමඟම මිලද ඉහළ යනවා. කොයි වෙලාවක හෝ ආනයන පාලනය ඉවත් කළ වහාම දේශීය නිෂ්පාදකයා වෙළඳපොළෙන් ඉවත් වෙනවා. 

ඩොලරයක මිල රුපියල් 200 සිට 400 දක්වා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? 

දැන් ආනයනික කහ කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළ යනවා. ඒ එක්කම චමල්ට හා එරාන්ටද වෙළඳපොළ අවස්ථාවන්  හිමි වෙනවා. ආනයන ආවා කියා ඔවුන්ව වෙළඳපොළෙන් ඉවත් කෙරෙන්නේ නැහැ. දැන් දේශීය ඉල්ලුමෙන් 50%ක් රට ඇතුළේ හැදෙනවා. ආනයනය කෙරෙන්නේ 50%ක් පමණයි. එයට අනුරූපව වෙළඳ හිඟය පහළ යනවා. ආනයන පාලනයේදී මෙන් නොව මෙය ස්ථිර තත්ත්වයක්.

37 comments:

  1. කමෙන්ට් එක කුයික් ලිපියක් කලාද?

    ReplyDelete
  2. ඉකොන් මහත්තයා. පුළුවන් නම් ගොවියාගෙන් රුපියල් 50-55 ගත්ත වී මාස ගණනකට පස්සේ පරිබෝගිකයා වන අප විසින් රුපියල් 200-220 මිලදී ගන්න උන හැටිත් පෙන්නලා දෙන්නකෝ. ඇත්තටම වී පරණ කරලා, සහල් කරලා පොලිෂ් කරලා වෙළද පොලට දාන්න මෙච්චර වියදමක් යනවද?

    ReplyDelete
    Replies
    1. මේකත් පැහැදිලි කළ හැකි දෙයක්. ඉදිරි වැඩ ලැයිස්තුවට දමා ගන්නම්.

      Delete
  3. කහ නං ආනයනය තහනම් කරපු එක ඉතාම හොද වැඩක්. ඔය තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක උනොත් ගොඩක් හොදයි.

    මීට අවුරුදු 20 කට වගේ කලින් මට මතකයි අපේ ගෙදර කහ, ඉගුරු වගේ දේවල් හදලා තිබ්බා. හදලා තිබ්බ කිව්වට පොළොවේ නිකං ඉන්දලා තියෙන එක තමයි එකම මහන්සිය. ආයේ ඒවාට වතුර දාන්න, සත්තු කරන්න යන්නේ නැහැ.

    අවශ්‍ය උනාම ඒවා ගන්නවා කෑමට.

    කොහොම හරි පස්සේ පස්සේ කම්මැලි කම නිසාමද කොහෙද ඔය දෙක කඩෙන්ම ගන්න පුරුදු උනා.

    ඊට පස්සේ මෑත කාලීනව කහ ආනයනය තහනම් උනාම පස්සේ ආයේ ඉතිං ගෙදරම හැදුවා. හැදුවා කියන්නේ ඕකට මහන්සියක් වෙන්න දෙයක් නැහැ. මල් පෝච්චියක උනත් ඉඩ ඇති. බිම හිටවනවා නං ලොක් පැවිල්ලක් එන කලෙක ඇරෙන්න වතුර දාන්න අවශ්‍යත් නැහැ.

    කොහොම හරි අස්වැන්න බලපුවම අපිට අවුරුද්දකට විතර සැහෙන ප්‍රමානයක් ලැබුනා. සුවඳ ,පාට එහෙම අනර්ඝයි.

    ලංකාවේ ඕනිම කෙනෙක්ට, බෝඩිමක උයා පිහා ගෙන ඉන්න කෙනෙක්ට උනත් පොඩි භාජනයක මේකක් හදාගන්න බැරි කමක් නැහැ මගේ අත්දැකීම අනුව නං.


    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි! ගන්න කැමතිනම් පමණක් මගේ පළමු ප්‍රශ්නය ඔබ ඔය වැඩේ කරන්න කහ ආනයනය තහනම් කරන තුරුම සිටියේ ඇයි? දෙවන ප්‍රශ්නය කහ හැර ඔය විදිහට ඔබට තනිවම හදාගත හැකි වෙනත් දේවල් නැද්ද?

      Delete
    2. 1) මගේ මුල් කොමෙන්ට් එක හරියට කියෙව්වේ නැද්ද? එකේ මෙහෙම දාලා තියෙනවා,
      'කොහොම හරි පස්සේ පස්සේ කම්මැලි කම නිසාමද කොහෙද ඔය දෙක කඩෙන්ම ගන්න පුරුදු උනා.'

      2) අපොයි තියෙනවා. දැන් ගෙදරිම තමයි පොල් තෙල්, අමු මිරිස්, ගම්මිරිස්, ගොටුකොල, ඉගුරු, මැල්ලුම් වර්ග, ලෙමන්,කෙසෙල් ඇතුළු පලතුරු කීපයක් වගේ ගොඩක් දේවල් හදා ගන්නේ. ඉස්සර මේ සේරම වගේ කඩෙන් ගත්තේ. රම්පෙ, කරපිංචා පවා. දැන් නං සේරම ගෙදරින්.

      මට නං ලොකු වත්තක් ඇත්තෙත් නැහැ. පර්චස් 25 ක් වගේ ඉඩම. එකෙන් පර්චස් 10 ක ගේ, වාහන නවතන්න ඉඩ ගියාම ඉතිරි ඉඩේ ඔය වගාවන් දාලා තියෙන්නේ.


      Delete
    3. //'කොහොම හරි පස්සේ පස්සේ කම්මැලි කම නිසාමද කොහෙද ඔය දෙක කඩෙන්ම ගන්න පුරුදු උනා.'//

      දැන් මෙහි ඔබ කම්මැලිකම කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ කිසියම් ආවස්ථික පිරිවැයක් දරන්න තිබෙන අකැමැත්ත. දැන් ගොඩක් අය උයන කොට එකතු කරන්නේ කහ කුඩුනේ. වත්තේ හෝ පෝච්චියක හිටෙවුවට පස්සේ වැඩි මහන්සියක් නැතිව කහ හැදුනා වුවත් ඔය කහ ගලවලා, සෝදලා, අඹර ගන්න වෙනවා. ලොකු ප්‍රමාණයක්නම් වේලලා මෝලකින් කුඩු කරගන්න පුළුවන්. නමුත් ඔබ කියන්නේ ඊට වඩා පොඩි ප්‍රමාණයක් ගැනනේ. ඔබේ ගෙදර වගේම අපේ ගෙදරත් කලකට පෙර ඔය විදිහට කහ, ඉඟුරු වත්තෙන්ම ගලවගන්න එක කළා. ලොකු මහන්සියක් දැරිය යුතු වැඩක් නොවුනත් මේ වැඩේට යම් සුළු හෝ කාලයක් වැය කළ යුතුයි. මෙහි ඔබ කම්මැලිකම කියා කියන්නේ කවර හෝ හේතුවක් නිසා එම කාලය යොදවන්න තිබෙන අකැමැත්ත. එය නිකම්ම එන අකැමැත්තක් නෙමෙයි. අකැමැත්ත එන්නේ වඩා පහසු තෝරා ගැනීමක් ලැබීමත් එක්ක. හරියටම කියනවානම් සෝදා, වියලා, කුඩු කළ කහ කුඩු ඉතා අඩු මිලකට මිල දී ගැනීමේ අවස්ථාව හිමි වීමත් එක්ක. ඒ වගේම, කහ වැවීම සඳහා යොදවන කාලය පොඩි කාලයක් වුවත්, එම කාලය වඩා ඵලදායී වැඩකට යොදවා කහ මිල දී ගන්න වැය වන මුදලට වඩා වැඩි මුදලක් උපයා ගැනීමේ අවස්ථාවක් ලැබීමත් එක්ක. උදේ බත් උයාගෙන කෝච්චියට දුවලා වැඩට ගොස් රෑ වෙලා ගෙදර එන ගෘහිණියකට කහ ඉවර වී ඇති විටක පෝච්චියෙන් කහ ගලවන්න යන මිනිත්තු කිහිපය වුවත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබට ඇතැම් විට අතිරික්ත කාලයක් ඇති. දැන් මේ වගේ වෙලාවක බොහෝ දෙනෙකුගේ "කම්මැලිකම" නැති වෙන්නේ කලින් තිබුණු අවස්ථාව අහිමි වීමත් එක්ක. දැන් කහ මිල වැඩි නිසා, ගෙදර කහ වවන එකේ ආවස්ථික පිරිවැය දරන එක වඩා වාසියි. බොහෝ දෙනෙකුගේ හැසිරීම වෙනස් වෙන්නේ අවස්ථාවන් අහිමිවීම නිසා මිසක් කම්මැලිකම අඩුවීම නිසා නෙමෙයි. කම්මැලිකම කොහොමටත් එලෙසම තියෙනවා. නමුත්, කහ වල අධික මිල ගෙවනවාට වඩා එම කම්මැලිකම හැර ගෙදර කහ වවා ගැනීම වාසියි. ඔය විදිහටම නිමි ඇඳුම් විශාල ලෙස ගණන් ගියොත් මිනිස්සු ගෙදරම ඇඳුම් මහ ගනියි. ගෑස් විශාල ලෙස ගණන් ගියොත් හෝ ගෑස් නැති වුනොත් කොහෙන් හරි දර කපාගෙන එයි. නල ජලය විශාල ලෙස ගණන් ගියොත් ගෙදර ළිඳෙන්ම වතුර ගන්න පටන් ගනියි. මෙය කම්මැලිකම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. තේරීම් අහිමිවීම පිළිබඳ ප්‍රශ්නයක්. මෙය ඔබ කරන දේවල් ගැන විවේචනයක් නෙමෙයි. ඔබ ඒ දේවල් කිරීමෙන් සතුටු වෙනවා ඇති. අපේ වත්තෙත් පොඩි ඉඩක බොහෝ දේ වවා තිබෙනවා. ඒ අප එයින් සතුටු වන නිසා. නමුත් අපට අවශ්‍යනම් ඒ වවන බොහෝ දේවල් අඩු මිලට මිල දී ගැනීමේ අවස්ථාව අපට තිබෙනවා.

      Delete
    4. කම්මැලි කම කුසිත කම කියන්නේ මෝඩ කම බවයි මගේ හැගීම. මගේ තියෙන අනුවන කම නිසා ලොකුවට සල්ලි දීලා කඩෙන් ගත්තා. දැන් ඉතින් ඉතාම සුළු මුදලකින් ගෙදරදීම හදා ගන්නවා.

      අනික අපිට සර්වර්න්ට්ලා ඉන්නවා. ඒ අය තමයි කහ හෝදලා වේලලා කුඩු කරන්නේ.

      මගේ කම්මැලි තමයි ඒ අයට අවශ්‍ය කහ පැලයක් ගෙනත් නොදීම හිටවන්න. කහ කුඩු ආනයනය තහනම් නිසා තමයි මොලේ පෑදුනේ.

      සතුට ගැන කියනවා නං ඉතින් ෂොපින් කරන එක තමා මට වැඩි සතුට.

      Delete
    5. වෙන ඇනෝ කෙනෙක්. මේ මනුස්සය උඩ කියපුවයෙ ගොබ්බකම පෙන්නල දුන්නම වෙන බයිල ගහනව නේද. අනේ අනිච්චන්

      Delete
    6. # AnonymousSeptember 16, 2021 at 7:17 PM

      ඉකොනෝ කියපුවායේ ගොබ්බ කම පෙන්නලා දුන්නම මිනිහා ඒ පාර ඇනෝ ඇවිත් වගේ නේද?

      Delete
    7. ඉකොනොගෙ ගොබ්බකම කෙසේ වෙතත් මේ මනුස්සයනම් පිලිගෙන තියෙනව තමන් ගොබ්බයෙක් කියල.

      Delete
    8. ඔව්. අනුවන කම නිසා තමයි ගෙදරිම අඩු මුදලට ගුණාත්මකව හදා ගන්න තිබුන දේ වැඩි මුදලක් දීලා කඩෙන් ගත්තේ අවුරුදු ගානක් තිස්සේ. ඕක හංගන්න දෙයක් නැහැනේ.

      Delete
    9. ගොබ්බයට තමන් ගොබ්බයෙක් කියල දැනගන්න උදව් කරපු ඉකොනොට පින්.

      Delete
    10. ඉකොනෝ නිසා නෙමෙයිනේ අනුවන කම තේරුනේ. ඒ නිසා ඉකොනෝට පින් සිද්ද වෙන්න දෙයක් නැහැ. අනික ඉකොනෝ වගේ හැම දේම මුදලින් මනින මිනිහෙක්ට පින් දුන්නට ඇති වැඩකුත් තියෙයිද?

      මම කහ ගෙදරදීම හදාගන්න මොලේ පෑදුනේ ජනාධිපතිතුමා කහ ආනයනය සීමා කර නිසානේ. ඒ නිසා ඒකට පින් සිද්ද වෙනවා නං ඒක සිදුවෙන්න ඕනි ජනාධිපතිතුමාට.

      Delete
    11. අනේ වාසනාවන්. මොකෙක්ගෙ හරි පිහිටෙන් තමන් ගොබ්ස් කියල තේරුම් ගත්තනම් එච්චරයි.

      Delete
    12. ඔව්, අනුවන කම වැටහුන නිසා තමයි මම දැන් ගෙදරදීම කහ හදා ගත්තේ. ඒක වාසනාවක් තමයි. නැත්තන් කම්මැලි, කුසිත අනුවන කම නිසා අඩු මුදලකට, ගුණාත්මකව ගෙදරීම හදාගන්න තිබ්බ දේ වැඩි මුදලක් දීලා කඩෙන් ගන්නවනේ.

      Delete
    13. ඇයිබන් හැමදේම මුදලට මනින්නෙ?

      Delete
    14. ඒක නං මමත් දන්නේ නැහැ, ඉකොනෝගෙන්ම තමයි අහන්න වෙන්නේ ඇයි ඒ කියලා.

      Delete
    15. ගොබ්සන් නේද දැන් සල්ලි ඉතිරිකරගන්න ගෙදරදිම කහගන්නෙ?

      Delete
    16. "කුසිත අනුවන කම නිසා අඩු මුදලකට, ගුණාත්මකව ගෙදරීම හදාගන්න තිබ්බ දේ වැඩි මුදලක් දීලා කඩෙන් ගන්නවනේ. "

      "කොහොම හරි අස්වැන්න බලපුවම අපිට අවුරුද්දකට විතර සැහෙන ප්‍රමානයක් ලැබුනා. සුවඳ ,පාට එහෙම අනර්ඝයි. "


      ගුණාත්මක බව මම විශේෂයෙන් සදහන් කරලා තියෙනවා.

      Delete
    17. හොඳ පැන්ච. ගොබ්සන් කියල කතා කලාම හොඳට තේරෙනව.

      Delete
    18. බලන මිනිස්සු තේරුම් ගනියිනේ කාටද අදාල නම්බු නාම දෙන්න ඕනි, ඇනෝ එන්නේ කවුද කියලා කියලා නං. තැන්කු.

      Delete
    19. නැතුව නැතුව. ඒකනෙ මේ වෙලා තියෙන්නෙ.

      Delete
    20. නැතුව. ඒකනේ මේ අදාල නැති, අනුන්ගේ සංවාද මැදට පැනලා වෙලා තියෙන්නේ.

      Delete
  4. ** කහගන්න නියපොත්තවත් නැති රටක බන්ධනාගාර නියෝජ්‍ය ඇමතිගෙ හැසිරීම එලියට ආවෙ ජිනීවා වලට කියාපු වෙලාවට!

    ReplyDelete
    Replies
    1. දැන් ඔය පුද්ගලයාට විරුද්ධව ප්‍රදර්ශනාත්මකව දැඩි ක්‍රියාමාර්ගයක් අරගෙන ජෙනීවා වලට පෙන්නන්නත් බැරිකමක් නැහැ නේද?

      Delete
  5. කොරෝනා ආවත් එක්කම වගේ කහ නැති වුණාම මම වත්තේ අයිනක වවලා තිබුණු කහ පඳුරු ටික ගලවලා,කොලත් එක්කම තම්බලා හීනි කෑලිවලට කපලා තැටියක දාලා ෆ්‍රිජ් එකේ (යට කොටසේ) තියෙන්න ඇරලා වේලාගෙන අන්තිමට අව්වේ වේලලා කුඩු කර ගත්තා. නන්ගිලාටත් දුන්නා. අවුරුද්ද්දකට ඇති. ඒවා ඉවර වෙනකොට ආයෙ හිටවපුවා ගලවන්න කාලය හරි!

    මගේ ගෙයත් එක්කම ඉඩම පර්චස් දහයටත් දශම ගාණක් අඩුයි. නමුත් වත්තේ තිත්ත අඟුණ, කිරි අඟුණ, කර, කතුරුමුරුන්ගා. මුරුංගා, තෙබු, වැටේ මුරුංගා (සිංගප්පූරු), මිංචි විතරක් නෙවෙයි තැල් කොලත් වවාගෙන තියෙනවා. කැඳවලට ගන්න කරපිච, හාතාවාරිය, හීන් බෝවිටියා හා හීන් නාරං ගස් දෙක තුනකුත්, මිරිස්- කොච්චි ගස් ටිකකුත් රම්පෙත්. මතක දවසක සලාද කොලයි, අසමෝදගම් කොලයි, කොත්තමල්ලි කොලයි විතරයි ගෙනත් තියෙන්නේ. අහල පහළ අයටත් දෙනවා. දෙහි, අමුමිරිස් ගෙනල්ලත් නෑ අවුරුදු ගාණකින්.

    හීන් නාරංවලින් ලුණු දෙහි හදලා දුන්නාම යාළුවන්ට හරි අගෙයි.
    මේවා කරද්දී දැනෙන සතුට..... කාටද පුළුවන් මිල කරන්න?

    ReplyDelete
    Replies
    1. තිප්පිලි හරි ගණන් නිසා පැළ කිහිපයක් හිටෙව්වා. දැන් කරල් එනවා. කැලේට බෝවෙන්න අරගෙන!

      Delete
  6. ඉකොනොමැට්ටා,

    ලංකාවේ ආණ්ඩු හැම එකක්ම වගේ රජයේ ආදායම් වැඩි කරන්න කළේ එකම කාසියේ දෙපැත්ත වන එක්කෝ මුදල් නිකුත් කරන එක (මුදල් සැපයුම් වැඩි කිරීමෙන් රජයේ වියදම් පියවා ගැනීම) නැත්නම් ඒකෙම අනිත් එක වන අධික ලෙස බදු වැඩි කිරීමෙන් ආර්ථිකයේ සංසරණය වන මුදල් ටික රජයේ ආදායමට එකතු කර වියදම් කිරීම. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ. නමුත් මීට වෙනස් අස්ථානයක් දරමින් රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් කාරණයක් තමයි රට පුරා ඛණිජ ද්‍රව්‍ය සොයා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ලංකාවේ මේ දවස් වල කරගෙන යන මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය ඉලක්ක කරගෙන ප්‍රථම වරට ගුවන් මගින් සිදුකෙරෙන ගුරුත්වාකර්ෂණ හා චුම්බක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය.

    මේ වන විට ඊට බ්‍රිතාන්‍ය බෙල් ජියෝස්පේස් පුද්ගලික සමාගමක් මෙම ගවේෂණ කටයුතු කරද්දී බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි.

    මේ ගැන මාධ්‍ය හමුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පවත්වා බලශක්ති ඇමති උදය ගම්මන්පිල කියුවේ "ලංකාවේ තෙල් ගවේෂණය පිලිබඳ වැදගත් සන්ධිස්ථානයකට මේ වන විට පැමිණ තිබෙන බවත් ලබන මාසයේ ඛනිජතෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට හිතන බවත් බලාපොරොත්තු වුණ පරිදි පසුගිය මාසයේ කොවිඩ් තත්වය එක්ක පාර්ලිමේන්තුවේ දින ගණන අතිශය සීමාකාරී වීම නිසා එය ලබන මසට කල් දමා ගැනීමට සිදු වුණත් මෙම පනත සම්මත කල පසු ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවා වහාම ලංකාවේ තෙල් ගවේෂණයට සහ උකහා ගැනීමට විදේශීය ආයෝජකයන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

    ලංකාවේ කෙසේ හෝ දීර්ඝ කාලයක් තිස්සේ ඛනිජතෙල් තිබිය හැකි භූමි ප්‍රදේශය බිම් කැබැලි 20කට කඩලා තිබුණේ. බිම් කැබැලි විශාල වුනාම එක් සමාගමකට තනියම එක බිම් කැබැල්ලක් ගවේෂණය කරන්න දිගු කාලයක් යනවා වගේම විශාල වියදමක් දරන්නත් වෙනවා. ලංකාවට පැමිණීමට ආයෝජකයින් මැළි වීමට මේ කාරණයත් බලපෑවා. මෙයට විසදුමක් විදිහට දැවැන්ත කැබැලි 20 ට කඩලා තිබුණු බිම් ප්‍රමාණය අපි කුඩා කැබැලි 873කට කඩලා ගවේශණ සිතියම් නැවත සකස් කලා. ලංකාවට එන ඛනිජතෙල් ආයෝජකයින් තමන් මේ කොටස් 873 න් ගවේශනය කිරීම සඳහා තෝරා ගත යුත්තේ කුමන කැබැල්ල දැයි තීරණය කිරීමට නම් මෙම කැබැලිවල භූ විද්‍යාත්මක තොරතුරු අවශ්‍යයි.

    මේ නිසා ඊට ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ බෙල් ජියෝස්පේස් ආයතනය ගුවන් යානයක් යොදා ගෙන කරන්නේ ආයෝජකයින්ට ලබා දීමට අවශ්‍ය කරන දත්ත රැස් කිරීමයි. මෙම සමීක්ෂණය සඳහා ලංකාවේ රජයට කිසිම මුදලක් වැය වන්නේ නෑ. සමස්ත වියදම දරන්නේ බෙල් ජියෝස්පේස් සමාගම. ඔවුන් සොයාගන්නා තොරතුරු හා දත්ත වල අයිතිය තියේනනේ ශ්‍රී ලංකා ආණ්ඩුවට. ඒ නිසා අනාගතයේ එන ආයෝජකයන්ට අවශ්‍ය තොරතුරු මේ සමාගම වසින් විකුණලා ලැබෙන ලාභය ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග හවුලේ බෙදාගන්නවා. ඉතාම සරලව කිව්වොත් මේක අපෙන් රුපියලක් වත් වැය නොවී රටට විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් බවට මේ ව්‍යාපෘතිය පත්වෙනවා.

    මන්නාරම් ද්‍රෝණියේ පමණක් අප හඳුනාගෙන තිබෙනවා බොරතෙල් බැරල් බිලියන 2ක් පමණ පවතින බව. තෙල් බැරලයක මිල ඩොලර් 75 ක් ලෙසින් අප ගණන් හැදුවොත් ඩොලර් බිලියන 150ක් වටිනා තෙල් නිධි පවතිනවා. ගෑස් සම්බන්ධයෙන් ගත්තොත් ඝණ අඩි ට්‍රිලියන නවයක් පවතිනවා. ස්වාභාවික වායු එක් ඝණ අඩියක වටිනාකම සත 13ක් ලෙස ගණන් හැදුවොත් ඩොලර් බිලියන 117 වටිනාකමක් එහි තිබෙනවා. ඒ වගේම මේ දෙකේ වටිනාකම එකතු කර බැලුවොත් ඩොලර් බිලියන 267 යි. ආයෝජකයාට 50% සහ අපට 50% ක් විදියට ගණන් හැදුවත් ඩොලර් බිලියන 133.5 ක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ආණ්ඩුවට උපයා ගැනීමට පුළුවන්. ආණ්ඩුව සහ ආණ්ඩුවේ සියලුම ආයතන එක්ව ගත්තොත් විදේශ ණය තියෙන්නේ ඩොලර් බිලියන 47යි. නමුත් ඒ වගේ තුන් ගුණයක වගේ ආදායමක් මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා." කියලා. මේක ඇත්ත ද? ඊට පස්සේ;

    ReplyDelete
    Replies
    1. මංගොං පිල තව දුරටත් කතා කළේ "මේ දවස්වල කොවිඩ් වසංගතය අභියෝගයක් වුණත් ඊටද මුහුණ දී ඉතා වේගයෙන් වැඩ කර අපි අලුත් පනත හදාගත්තා. විෂය ප්‍රවීණයන් නිලධාරීන් විදිහට බඳවා ගත්තා. මේ සිතියම අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරලා හැදුවා. දත්ත ටිකත් මෙම සමීක්ෂණය මගින් ලබාගත්තාට පස්සේ අපට තියෙන්නේ ආයෝජකයන්ට ආරාධනා කරන්නයි.

      මේ වනවිට මන්නාරමේ එම් 2 කියන කොටසේ ලිං හාරලා ගෑස් සහ තෙල් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. එම් 2 කියන කොටස අපි ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතිරි කොටස් ඕනෑම ගවේෂණය කිරීමට කැමති සමාගමක් සමඟ ගවේෂණය සඳහා අපි ගිවිසුමකට එළඹෙනවා. ගිවිසුමෙන් පසුව ඒ අය වියදම් කරලා ගවේෂණය කරලා හොයාගන්න දත්ත අප සතු වෙනවා. එසේම එම ගවේෂණයෙන් තෙල් හො ගෑස් ඔවුන් සොයා ගත හොත් ඔවුන්ට එම තෙල් හා ගෑස් ගොඩගැනීමට අපි ගිවිසුමකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

      මීට අමතරව මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ මේ නිලධාරීන් උදය ගම්මන්පිල ඇමති සමඟ ලෝකයේ විවිධ රටවල තියෙන තෙල් සහ ගෑස් සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන වලට සහභාගී වෙමින් ලංකාවට ඇවිත් ආයෝජනය කරන්න කියන ඉල්ලීම කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ දැවැන්ත තෙල් සමාගම් මේ කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වනවා. ලබන සතියේ ඇමති ගම්මන්පිල නිලධාරිනුත් සමග ඩුබායිවල තිබෙන ගෑස්ටෙක් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශණය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. ඊලග මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහාත් අපි සහභාගී වෙනවා. නොවැම්බර් මස අබුඩාබි සහ දෙසැම්බර් මස ඇමරිකාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් හා සම්බන්ධ වෙමින් ලංකාව සොයා ගත්ත දත්ත සහ ලංකාවේ සිදු කරලා තිබෙන කාර්යභාරය ලෝකයේ සිටින ආයෝජකයන්ට පෙන්වා මේ රටේ ආයෝජනය කරන්න කියන ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වෙනවා.

      ඇත්තටම විශාල අභියෝගයක් වෙන්නේ තෙල් ගවේෂණ කාර්යයේදී ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කරන්නට සිද්ධ වෙන එක, ලංකාවේ කිසිම ධනවතෙක් නැහැ ඩොලර් බිලියන ගණනින් එවැනි අතිවිශාල මට්ටමේ ආයෝජනයක් කරන්න පුළුවන්. එනිසා අපට අනිවාර්යෙන්ම විදේශීය ආයෝජකයා මත රැඳිලා තමයි මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්නට සිද්ධ වෙන්නේ.

      අපට මෙම ව්‍යාපෘති සාර්ථක වීම සඳහා කොපමණ කාලයක් ගත වෙයිද කියලා කියනවා නම් ඒ එන ආයෝජකයාගේ ශක්තිය මතයි එය තීරණය වෙන්නේ. පහසු තැනක නොවේ මේ නිධි තියෙන්නේ. මුහුදු මතුපිට සිට කිලෝමීටර් එක හමාරක් පමණ ගියාම මුහුදේ පතුල හමු වෙනවා. එතැන් සිට තවත් කිලෝමීටර් දෙකක් පමණ ඇතුලට ගියාමයි දැනට හඳුනාගෙන තිබෙන ගෑස් නිධි පවතින්නේ. මුහුදේ කිලෝමීටර් තුන හමාරක් පමණ ගැඹුරේ කැණීම් කරනවා කියන එක අතිශය දුෂ්කර කටයුත්තක්. මේ තාක්ෂණය තියෙන දැවැන්ත සමාගම් රටට දිනා ගැනීමයි අභියෝගය. එම් 2 කියන බිම් කැබැල්ලේ ගෑස් තිබෙන තැන තෙල් තියෙන තැන නිශ්චිතවම හදුනාගෙන තියෙන නිසා අපට ආයෝජකයා ලංකාවට පැමිණිලා වසර තුනක් ඇතුළත තෙල් සහ ගෑස් ගොඩට ගැනීමේ හැකියාව තියනවා.

      කෙසේ නමුත් සාකච්ඡාවට ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම, බෙල් ජියෝස්පේස් ආයතනයේ අධීක්ෂණ නිලධාරී ඇන්ඩෘ ජෝෂප් සියර්ල් ද පැමිණියා. මේ කියන තරම් ලේසියෙන් මේ දේවල් කරන්න පුළුවන් වෙයි ද? මංගොංපිල ගෝතයා ගහන බයිලා ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද? අනෙක මේ ආණ්ඩුව පරාජය කර බලයට පත්වෙන 2024 - 29 ආණ්ඩුවට මේ හරහා රටේ සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි වෙයි ද? මෙය සාර්ථකව සිදුවිය හැකි බව පේනවා නම් ගෞරවය මෙම ආණ්ඩුවට නොලැබෙන ලෙස විපක්ෂ දේශපාලන කණ්ඩායම විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් නම් වඩාත් වැදගත්.

      Delete
  7. ඉකොන් පහත් වෙබ් අඩවිය, විවිධාකාර දත්ත සහිත වන අතර ( ලෝක බැංකු දත්ත වලට වඩා සෑහෙන වැඩි ප්‍රමාණ්‍යක් ඇත) එය පිලිගත් ,විශ්වාසදායක දත්ත සහිත වෙබ් අඩවියක් ද කියන්න පුලුවන් ද දන්නවා නම් ???

    https://data.humdata.org

    ReplyDelete
    Replies
    1. ඔව්. මෙය UN අනුබද්ධ ආයතනයක වෙබ් අඩවියක්.

      Delete
  8. සිංහල බ්ලොග් අඩවි ගැන

    සිංහල බ්ලොග් අඩවි ගැන රූපණ අන්තරජාල රූපවාහිනිය වෙනුවෙන් කෙටි වැඩසටහනක් කරන්න අදහස් කරනවා. ලංකාවේ මුල්ම සිංහල බ්ලොග් අඩවිය. මේ වනවිට සිංහල බ්ලොග් අඩවි කීයක් විතර තියෙනවාද ? සිංහල බ්ලොග් සින්ඩිකේටර් වල නම් වගේ ඔබ දන්නා විස්තර තියෙනවා නම් ඉක්මණින් මට කියන්න පුළුවන්ද..... අනුරුද්ධ වැලිගමගේ ....අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය ..... anuruddhawe@yahoo.com . https://rupane.com/

    ReplyDelete
    Replies
    1. මෙම තොරතුරු ලබා ගැනීම සඳහා හොඳම පුද්ගලයා රසික සූරියාරච්චි කියා මම හිතනවා.

      Delete
    2. රසික සෑහෙන කාලයක් හිටි මුලින්ම වගේ හිටි කෙනානේ

      Delete
  9. මම අතටම මාතෘකාව කියෙව්වේ වෙන විධිහකට

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...