වෙබ් ලිපිනය:

Wednesday, July 24, 2019

ලී ක්වාන් යූ මිථ්‍යාව


මේ වන විට ආසියානු කලාපයේ වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරන රට සිංගප්පූරුවයි. සිංගප්පූරුවට මෙවැනි තැනකට එන්න අඩිතාලම වැටුණේ ලී ක්වාන් යූ එරට අගමැති ධුරය දැරූ දශක තුනක කාලය තුළදීයි. එම කාලය තුළ සිංගප්පූරු ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වී සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුනා.

ලී ක්වාන් යූ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය රාජ්‍ය මූලික එකක්. ඒ වගේම, ඔහුගේ පාලන කාලය තුළ සිංගප්පූරුව තුළ ඉතා දැඩි නීති ක්‍රියාත්මක වුනා. ඒ නීති නොපිළිපදින අයට දැඩි දඬුවම් ලබා දෙනු ලැබුවා. මේ නීති හා දඩුවම් මොනවාද කියා විස්තර කරන්න මා වචන නාස්ති කරන්නේ නැහැ.

සිංගප්පූරුව ලංකාවේ බොහෝ දෙනෙකුගේ පරමාදර්ශී රටක්. ලංකාවේ ලී ක්වාන් යූ කෙනෙකු බිහි වී ලංකාව කෙටි කලක් තුළ සිංගප්පූරුවක් වනු දැකීම මෙවැනි අයගේ අභිලාෂයයි. මේ අය දරන අදහස් දළ වශයෙන් පහත ආකාරයට පෙළ ගැස්විය හැකියි.

1. ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.

2. සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි.)

3. සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.

4. මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.

5. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.

6. සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා. (එසේ නැත්නම් එකතැන නැවතී තිබුණා.)

7. ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.

8. "xxx"ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි. (මේ අවස්ථාවේදී, ගොඩක් අයට මේ "xxx" ගෝඨාභය රාජපක්ෂ. නමුත්, ඉහත 1-6 අදහස් ගෝඨාභය රාජපක්ෂ ගැන කතාබහක් ඇතිවෙන්න පෙර සිට කාලයක් තිස්සේ පවතිනවා.)

මේ අදහස් ගැන මට කියන්න තියෙන්නේ මේ කියන දේවල් සාවද්‍ය ප්‍රකාශ නොවේනම් වැඩිම වුවහොත් අර්ධ සත්‍ය බවයි.

ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.

අද ලෝක සිතියමේ දැකිය හැකි ආසියානු රටවල් බොහොමයක් ලංකාවට නිදහස ලැබෙන විට ස්වාධීන රටවල් සේ පැවතුණේ නැහැ. උදාහරණයක් විදිහට සිංගප්පූරුව, මැලේසියාව හෝ බංග්ලා දේශය නමින් ස්වාධීන රටවල් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අද රටවල් සේ තිබෙන බොහෝ බිම් පෙදෙස් වල ඒ වන විට ලංකාව සමඟ සංසන්දනය කළ හැකි සංවර්ධන නිර්ණායක නැහැ. ඒ වගේම, ඒ වෙද්දී පැවති ස්වාධීන රටවල් සියල්ලේම ඒක පුද්ගල ආදායම වැනි සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කෙරුණේත් නැහැ.

ඇතැම් ආසියානු රටවල 1960 හෝ ඊට පසු වසරක සිට ඒක පුද්ගල දදේනි පිළිබඳ දත්ත ලෝක බැංකු වෙබ් අඩවියේ තිබෙනවා. ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 142ක්. මහ බැංකු වාර්තා වල තිබෙන ලංකාවේ ආර්ථික වර්ධන වේගයන් හා ජනගහණ වර්ධන වේගයන් අනුව නිදහස ලැබෙන විට ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 118කට ආසන්න විය යුතුයි. 1960 වන විට ජපානයට අමතරව සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, පිලිපීනය, හොංකොං ආදී තවත් රටවල් ගණනාවක ඒපුදදේනි ඒ වසරේදී ලංකාවේ ඒපුදදේනිට වඩා වැඩියි. ඒ වෙද්දී තිබුණු පරතරය අනුව, මේ වෙනස වසර 12ක් තුළ ඇති වූ එකක් වෙන්න ඉඩක් තිබෙන්නේ කොරියාව හා අදාළව පමණයි. ඒ අනුව, ලංකාව හිටියේ  ජපානයට පමණක් පසුපසින් කියන එක පිළිගතහැකි කරුණක් නෙමෙයි.

සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි.)

මේ ප්‍රකාශය කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් නිතර නිතර කියන එකක් වුවත් මෙවැන්නක් කියා ඇති තැනක් මට හමු වී නැහැ. මෙය ඔහුගේ කිසියම් ආසන්න ප්‍රකාශයක් මත පදනම්ව බිහි වූ "කතන්දරයක්" විය හැකියි. මේ කතාව ඇත්තක්නම් ඔහු ඒ ගැන පසුකාලීනව සඳහන් කිරීමට සැලකිය යුතු ඉඩක් තිබුණා. ලී ක්වාන් යූ විසින් වරින් වර ලංකාව ගැන නිශේධනාත්මක ප්‍රකාශනම් ගණනාවක්ම කර තිබෙනවා.

සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.

මේ කතාව හරියට ලංකාවේ සිවිල් යුද්ධය දිනුවේ රාජපක්ෂලා නිසා කියනවා වගේ කතාවක්. ලංකාවේ සිවිල් යුද්ධය දිනන්න රාජපක්ෂලාගෙන් විශාල දායකත්වයක් ලැබුනා වගේම සිංගප්පූරුව දියුණු රටක් වෙන්න ලී ක්වාන් යූගෙන් විශාල දායකත්වයක් ලැබුණා තමයි. වෙනත් අයෙක් ලංකාවේ බලයේ සිටියානම් ඇතැම්විට යුද්ධය නොදිනන්න ඉඩක් තිබුණා වගේම වෙනත් අයෙක් සිංගප්පූරු අගමැතිව සිටියානම් ඇතැම්විට සිංගප්පූරුව මේ තරම් ඉක්මණින් දියුණු රටක් නොවෙන්නත් ඉඩ තිබුණා.

නමුත්, ලංකාවේ සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීම වගේම සිංගප්පූරුව දියුණු වීමත් සාධක විශාල ප්‍රමාණයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. මේ දෙකම වෙන කිසියම් අයෙකු අතින් වුවත් සිදුවිය හැකිව තිබුණා. (එයින් අදහස් කරන්නේ වෙන ඕනෑම අයෙකු අතින් කියන එක නෙමෙයි).

වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ ලංකාවේ ජනාධිපති ජේආර් ජයවර්ධන නොවී මහින්ද රාජපක්ෂ වුනානම් ඒ වෙලාවේ යුද්ධය අවසන් වෙනවා කියා කවුරු හරි හිතනවානම් එය මුලාවක්. සිංගප්පූරුව දියුණුවීම ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි. යුද්ධයක් දිනීම හෝ රටක් දියුණු කිරීම සඳහා පාලකයෙක් අවදානම් තීන්දු ගත යුතුයි. නමුත්, මේ අවදානම් ගැනීම් වලින් හැම විටම අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය යම් තරමකට වාසනාව මතත් තීරණය වන දෙයක්. ලැබෙන ප්‍රතිඵලය අනුව කෙනෙක් වීරයෙක් හෝ දුෂ්ඨයෙක් විය හැකියි. බලාපොරොත්තු වූ විදිහට වැඩේ කෙරුණොත් වීරයා වන කෙනාගේ වාසියට ඉතිහාසය ලියැවිලා අවශේෂ කරුණු අමතක වී යනවා.

අවසන් ප්‍රතිඵලය පැත්තකින් තිබ්බොත්, ලංකාව සම්බන්ධවම වුවත් මෙවැනි අවදානම් තීන්දු ගත් පාලකයින් ඉන්නවා. සිරිමාවෝ බණ්ඩාරනායක හා ජේ ආර් ජයවර්ධන උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. වැඩේ පත්තු වුනානම් මේ අයත් ලී ක්වාන් යූලා. ලී ක්වාන් යූ කියන්නේ දැවැන්ත චරිතයක්. නමුත්, ලී ක්වාන් යූ ප්‍රතිරූපය මේ වෙද්දී එය පුම්බලා තියෙන තරමටම ලොකු එකක් නෙමෙයි.

මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.

එළියට දැමීමේ කතාවෙන් පටන් ගත්තොත්, සිංගප්පූරුව නිදහස් රටක් වුනේ 1965දී. ඊට පෙර සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්ව පැවතුනා. නමුත්, සිංගප්පූරු මැලේසියා දීගය දෙවසරක ඉතා කෙටි දීගයක්. 1963 දක්වා  වසර 16ක පමණ කාලයක් සිංගප්පූරුව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ස්වාධීන පාලනයක් ලෙස හා වෙනම බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස මැලේසියාවෙන් වෙන්ව පැවතුනා. මැලේසියාවට නිදහස ලැබෙන විට මැලේසියාව සමඟ  එකතු වෙන්න වැඩිපුරම අවශ්‍ය වුනේ සිංගප්පූරුවටයි. ඒ වන විටත් (1959 සිට) සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ. පසුගිය සියවසේ මුල භාගයේදී ලංකාවේ ඇතැම් දෙමළ නායකයින්ට මුළු රටේම නායකයින් වීමට තිබුණු ආකාරයේ උවමනාවක් සමහර විට ලී ක්වාන් යූටත් තිබුණා වෙන්න පුළුවන්.

සිංගප්පූරුව හා මැලේසියාව එකතුව සිටි දෙවසර තුළ වුවත් රටවල් දෙක හරියටම එකම රටක් විදිහට ක්‍රියාත්මක වුනේ නැහැ. මේ දීගය මුල සිටම අවුල් ගොඩක් තිබුණු දීගයක්. මැලේසියාවෙන් එළියට දැම්මේ හදිසියේ වුවත් එය කොයි වෙලාවක හෝ සිදුවන දෙයක් බව ලී ක්වාන් යූ පැහැදිලිවම දැන සිටියා.

සිංගප්පූරුව කියන්නේ කිසිදු වගාවක් කරන්න ඉඩක් ඉතිරිව නොතිබුණු බිමක් බව ඇත්ත. නමුත්, ඉංග්‍රීසින් විසින් කාලයක් තිස්සේම සිංගප්පූරුව වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබුණා. එය ලී ක්වාන් යූගේ දැක්ම මත සිදු වූ සුවිශේෂී දෙයක් නෙමෙයි. ඒ වගේම,  ලී ක්වාන් යූ විසින් භාරගත් සිංගප්පූරුව සංවර්ධිත රටක් නොවූවත් සැලකිය යුතු ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් එක් රැස්වී තිබුණු තැනක්. එය කිසිවක් නොතිබුණු දුප්පතුන් පිරී සිටි මුඩුබිමක් නෙමෙයි.

සිංගප්පූරුව නිදහස් රටක් වූ 1965දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 516.5ක්. නමුත්, ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 152.9 ක් පමණයි. ලී ක්වාන් යූ අගමැති ධුරය භාරගත් කාලයට ගියත් සිංගප්පූරුව කියා කියන්නේ ඒ වන විටත් ජපානය හැරුණු විට ආසියාවේ හොඳම ජීවන තත්ත්වයක් තිබුණු තැනක්. 1960දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක්. ලංකාවේනම් ඇමරිකන් ඩොලර් 142ක් පමණයි. ඒ වගේම මැලේසියාවත් මේ කාලය වෙද්දී පවා හිටියේ ලංකාවට වඩා උඩින්. 1960දී මැලේසියාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 235ක්. එසේ නැත්නම්  ලී ක්වාන් යූ මැලේසියාව සමඟ එකතු වෙන්න හිතන්නේ නැහැ.

ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.

ලී ක්වාන් යූගේ දරදඬු පාලනය සිංගප්පූරුව අද තියෙන තැනට එන්න උදවුවක් වුවත් සිංගප්පූරුව අද තියෙන තැනට ආවේ ඔහුගේ දරදඬු පාලනය නිසාම කියා කියන්න බැහැ. මේ දරදඬු පාලනය වගේම රාජ්‍යමූලික සංවර්ධන උපාය මාර්ගයත්  සිංගප්පූරුවට වාසිදායක වුණේ සුවිශේෂී හේතු කිහිපයක් නිසා. ඒ ගැන පසුව වැඩිපුර කතා කරමු.

සිංගප්පූරුවට වේගයෙන් දියුණු වෙන්න මූලික වශයෙන්ම උපකාරී වුනේ එහි ආනයන අපනයන ආර්ථිකයයි. සිංගප්පූරුවට ආනයන අපනයන වේගයෙන් වර්ධනය කර ගනිමින් දියුණු වීමට උපකාරී වූ කරුණු අතර ලී ක්වාන් යූගේ දරදඬු පාලනයට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කර තිබීම, භූගෝලීය පිහිටීම, කුඩා දූපතක් වීම, කුඩා ප්‍රදේශයක ජීවත් වූ නොවිසුරුණු කුඩා ජනගහණයක් සිටීම, සංස්කෘතික සාධක (චීන සම්භවය හා ඉංග්‍රීසි සංස්කෘතිය යටතේ පුහුණු වී සිටීම) ආදී කරුණු ගණනාවක් බලපා ඇති බව සිතිය හැකියි.

මේ කරුණු අතරින් ලී ක්වාන් යූගේ දරදඬු පාලනයේ දායකත්වය කුමක්ද කියා අපට බැලිය හැක්කේ ආසන්න වශයෙන් හෝ අනෙක් සාධක ගැලපෙන වෙනත් තැනක් ඇත්නම් පමණයි. එසේ නැතුව සිංගප්පූරුව ලංකාව හෝ වෙනත් අහඹු තැනක් සමඟ සසඳා අපට නිගමන වලට පැමිණිය නොහැකියි.

හොඳ වෙලාවට එවැනි තැනක් තිබෙනවා. ඒ හොංකොං. හොංකොං කියා කියන්නේත් බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ, චීන සම්භවයක් සහිත මිනිසුන් වෙසෙන, කුඩා දූපතක්. දුපතේ ප්‍රමාණය හා ජනගහණය අනුව හොංකො බොහෝ දුරට සිංගප්පූරුවට සමානයි. බ්‍රිතාන්‍යය විසින් චීනයෙන් 99 අවුරුදු බද්දට ලබාගෙන තිබුණු හොංකො දූපත 1997දී නැවත චීනයට භාර දෙනු ලැබූ නිසා සිංගප්පූරුව හා සංසන්දනය කළ යුත්තේ ඊට පෙර කාලයයි. මේ කාලයෙන් වැඩි කොටසක් ලී ක්වාන් යූ සිංගප්පූරුවේ අගමැති සේ කටයුතු කළ අතර ඉතිරි කාලය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළා.

1960දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක්. 1997දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 26,276ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 27,330ක්. රටවල් දෙකේම ආදායම් වර්ධනය වී තිබෙන්නේ එකම රටාවකට බව පහත ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලි වෙනවා. (චීනයේ කොටසක් වුනාට පස්සේ හොංකොං වලට සිංගප්පූරු ගැම්මටම යන්න බැරි වුනා.) ඒ කියන්නේ ලී ක්වාන් යූ හා ඔහුගේ දරදඬු නීති සමඟ සිංගප්පූරුව යම් ප්‍රගතියක් අත්පත් කරගත්තානම් ලී ක්වාන් යූ කෙනෙක් නොසිටි හොංකොං රටත් ඒ කාලය තුළ එවැනිම ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.


ගොනා එක්ක කරත්තයත් යා යුතුයි. නමුත්, කරත්තය ගොනාට කලින් යා යුතු නැහැ. රටවල් දියුණු වෙන කොට මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන හිතන්න ඉස්පාසුවක් ලැබෙනවා. එතකොට ටිකින් ටික විනය හැදෙනවා. එය ස්වභාවිකවම වෙන දෙයක්. ලංකාවෙන්ම උදාහරණ පෙන්වන්න පුළුවන්. ලිපිය දිග් ගැහෙනවා.

සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා.

කලින් කිවුවා වගේ සිංගප්පූරුව කවදාවත් ලංකාවට පසුපසින් හිටියේ නැහැ. සිංගප්පූරුව කියන රට හැදෙන විටත් එහි ඒපුදදේනි ලංකාවේ මෙන් තෙගුණයකටත් වඩා වැඩියි. ඒ වගේම ලංකාව පසුපසට ගිහින් නැහැ. 1960දී ඇමරිකන් ඩොලර් 142ක් පමණක් වූ (නිදහස ලැබෙන විට ඇමරිකන් ඩොලර් 118ක් පමණක් වූ) ලංකාවේ ඒපුදදේනි මේ වෙද්දී ඇමරිකන් ඩොලර් 4000 පන්නා තිබෙනවා. ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වී තිබෙනවා. 1960දී ලංකාවට වඩා පසු පසුපසින් සිටි තායිලන්තය වැනි ඇතැම් ආසියානු රටවල් මේ වෙද්දී ලංකාව ඉක්මවා ඉදිරියට ගොස් ඇති බව ඇත්තක් වුවත් පිලිපීනය වැනි වෙනත් ඇතැම් ආසියානු රටවල් හා 1960දී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අප්‍රිකානු රටවල් ගණනාවක් පසුකරන්න ලංකාව සමත් වී තිබෙනවා. සිංගප්පූරුව තරම්  වේගයෙන් ලංකාව ඉදිරියට ගොස් නැතත් ලංකාව එන්න එන්නම පස්සට ගියා කියන එක බොරුවක්. (ඒ වගේම පහුගිය දශක දෙක දිහා බැලුවොත් ලංකාව සිංගප්පූරුවට වඩා ගොඩක් වේගයෙන් ඉදිරියට යනවා.)

ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමන එක හොඳ අදහසක් නෙමෙයි. රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, වංචාව දූෂණය නාස්තිය අවම කිරීම වගේ දේවල් කළ යුතුයි. හැබැයි මේ දේවල් කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. සිංගප්පූරුව සිංගප්පූරුවක් වෙන්න හේතු වූ සුවිශේෂී තත්ත්වයන් සියල්ල ඒ ආකාරයෙන්ම ලංකාවට ආදේශ කරන්න බැහැ.

කලකට පෙර ඔය කුරුණෑගල පැත්තේ මීවැල්ලාව කියා පන්සලක බෝධියකින් බුද්ධ රූපයක් මතු වුනා. ඒ එක්කම රටේ හැම පැත්තෙන්ම ඔය ගමට ට්‍රිප් යන්න පටන් ගත්තා. ඒ එක්කම මේ අභ්‍යන්තර සංචාරකයින් ඉලක්ක කරගත් ආර්ථිකයක් ගමේ හැදුණා. ඔය වගේ සිද්ධියකින් පස්සේ ගමක් කෙටි කලක් ඇතුළත වේගයෙන් දියුණු වෙන්න පුළුවන්.

මීවැල්ලාව රැල්ල ටික කාලයකින් නැතුව ගියා. ඔය වගේ සමහර රැළි කාලයක් දිගටම තියෙනවා. ඉන්දියාවේ පුත්තපාර්තිය ගැන හිතන්න. සායි අනුගාමිකයින් නිසා  ඇති වුනු විශාල ආර්ථිකයක් එහි තිබෙනවා. නමුත්, මෙවැනි ආර්ථිකයක් විශාලනය කරන්න බැහැ (unscalable). සිංගප්පූරු ආර්ථිකයත් ඒ වගේ එකක්. එය හොංකොං වගේ තැනකට හරියනවා. නමුත්, ලංකාවට හරියන්නේ නැහැ.

මාල දිවයින වගේ රටකට සංචාරක ව්‍යාපාරය වගේ දෙයකින් පමණක් ගොඩ යන්න පුළුවන්. රටේ ජනගහණය ලක්ෂ හතරකට පොඩ්ඩයි වැඩි. අවුරුද්දකට ඒ වගේ තුන් ගුණයක් සංචාරකයෝ එනවා. දැනට එහි පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය දහ ගුණයකින් වැඩි කරන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. මිලියන් දොළහක් මාල දිවයිනට ගෙන්වා ගන්න තරම් සංචාරක ඉල්ලුමක් ලෝකයේ තියෙනවා. එවිට රටට එන සල්ලි වලින් මාල දිවයිනේ ඒක පුද්ගල ආදායම හත් අට ගුණයකින් ඉහළ යන්න පුළුවන්. එක මාල දිවයින් වැසියෙකුට වසරකට සංචාරකයෝ තිහක් විතර එනවනේ.

හැබැයි ලංකාවට ඔය ඉලක්කයට යන්නනම් වසරකට සංචාරකයෝ මිලියන හයසීයක් ගෙන්න ගන්න වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටක් කුඩා වෙද්දී බාහිර ඉල්ලුම ගැන වැඩිපුර අවධානය යෙදිය යුතු වුවත් රටක් ලොකු වෙද්දී අභ්‍යන්තර ඉල්ලුම ගැන හිතන්න වෙනවා. ඇමරිකාව, ඉන්දියාව, චීනය, සෝවියට් දේශය වගේ රටකට ජාත්‍යන්තර වෙළඳාම කොයි තරම් වාසිදායක වුවත්, ලොකු දේශීය ඉල්ලුමක් හා දේශීය නිෂ්පාදිතයක් නැතුව වැඩිදුර යන්න බැහැ. මොකද ඒ රටවල්වල තරමට අවශ්‍ය තරම් විශාල බාහිර ආර්ථිකයක් නැහැ.


ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටකට අවශ්‍යනම් ස්වයංපෝෂිත ආර්ථිකයක් පවත්වා ගන්න බැරිකමක් නැහැ. නමුත්, ලංකාවට ඒක කරන්නත් බැහැ. කරන්න ගියොත් දැන් ඉන්න තැනිනුත් පහළට වැටෙනවා. හැබැයි එහෙම කියලා දේශීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අමතක කරලා සිංගප්පූරුව වගේ වෙන්නත් බැහැ. ඔය දෙකේ මනා සංකලනයක් ලංකාවට අවශයි. මේක මීට වඩා බර විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අවශ්‍ය නැහැනේ.

සිංගප්පූරු ආර්ථිකය පදනම් වෙලා තියෙන්නේ ආනයන අපනයන වෙළඳාම මතයි. දළ වශයෙන් කිවුවොත් සිංගප්පූරුව කරන්නේ ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වලින් වැඩිපුර ආනයනය කරලා චීනය, කොරියාව වගේ රටවලට වැඩිපුර අපනයනය කරන එකයි.

සිංගප්පූරු ජාතිකයින් බහුතරය මැන්ඩරීන් චීන්නු. ඒ නිසා, ඔවුන්ට අනෙක් කහ මිනිස්සු එක්ක ගණුදෙනු කරන එක පහසුයි. ඒ එක්කම බටහිර එක්ක ගණුදෙනු කරන්න අවශ්‍ය සංස්කෘතික පුහුණුවත් ඔවුන්ට තිබෙනවා. චීන්නුන්ට මෙය නැහැ. ඒ නිසා, සිංගප්පූරු කාරයෙක්ව අතරමැදියෙක් විදිහට තියාගන්න එක චීනටත් වාසියි. සුද්දටත් වාසියි.

සිංගප්පූරුව කාලයක් තිස්සේ ගත්ත මේ වාසිය වෙන රටකට ඒ  විදිහටම ගන්න බැහැ. ඒ වගේම මේ වාසිය ලංකාව තරමේ රටකට විශාලනය කළ හැකි එකකුත් නෙමෙයි. (මේක දළ පැහැදිලි කිරීමක් පමණයි.) ඒ වගේම දැන් ටික කලක ඉඳලා බටහිර එක්ක ගනුදෙනු කළ හැකි චීන්නු, කොරියන් කාරයෝ වේගයෙන් වැඩි වෙනවා. ඒ නිසා මේ වාසියත් ක්‍රමයෙන් ගිලිහෙනවා. සිංගප්පූරුවනම් දැන් ගොඩ ගිහින් ඉවර නිසා ආපහු වැටෙන්නේ නැහැ. ඒත් වෙන රටකට අනෙක් අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත් අනාගතේ ඔය වාසිය ගන්න බැහැ.

 "xxx"ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි. 

මේ සංවාදයට පුද්ගලයෙක් කොහෙත්ම වැදගත් නැති වුනත් මේ වෙලාවේ ලී ක්වාන් යූ කෙනෙක්ට ලංකාවේ තිබෙන ඉල්ලුම එක්ක වැඩිපුරම ගලපමින් තිබෙන්නේ  ගෝඨාභය රාජපක්ෂ නම නිසා අපට ඔහුව මුළුමනින්ම මග හැර කතා කරන්නත් බැහැ. හැබැයි මේ ඉල්ලුම ගෝඨාභය නම මතු වෙන්න කලින් සිටම කාලයක් තිස්සේ තිබුණු එකක්. ජේආර් මතු වෙද්දීත් මේ කතිකාව යම් තරමකට මතු වී තිබුණා. අනෙක් අතට ගෝඨාභය ගැන පුද්ගලයෙකු සේ සැලකුවොත් ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු වීම මේ වන විටත් දුරස්ථ කරුණක්.

ලී ක්වාන් යූ කෙනෙක් විදිහට ලංකාවේ මිනිස්සු ගෝඨාභයව තෝරා ගත්තත්, වෙන කෙනෙක් තෝරාගත්තත් ඒ තෝරා ගන්නා පුද්ගලයා බලයට පත් වූ පසු ක්‍රියා කරන්න ඉඩ තිබෙන ආකාරය ගැන කිසිම සහතිකයක් නැහැ. ලෝක ඉතිහාසය පුරා විවිධ රටවල සාර්ථක වූ එක් ආඥාදායකයෙකුට අසාර්ථක වූ අය විශාල ගණනක් ඉන්නවා. යම් හෙයකින් ඒ විදිහට ක්‍රියා කළත්, එසේ කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් වෙන්නේත් නැහැ.

පුද්ගලයෙක් විදිහට ගෝඨාභය ගත්තොත්, යකා කියන තරම් කළු නැහැ කියනවා වගේ, පවතින බාහිර තත්ත්වයන් යටතේ ඔහු ගොඩක් අය හිතන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස් ආකාරයකට හැසිරෙන්න වුවත් පුළුවන්. ග්‍රීසියේ සිරිසා සන්ධානය වගේ. ගෝඨාභය කියන පුද්ගලයාට වඩා ප්‍රශ්නය තිබෙන්නේ ඔහුට කැමති මිනිස්සු ඔහුගෙන් අපේක්ෂා කරන දේවල් වලයි. මිනිස්සුන්ගේ ඉල්ලුම තිබෙන්නේ ආඥාදායකයෙකුටනම් ගෝඨාභය හෝ වෙනත් නොහිතනම අයෙකු ආඥාදායකයෙකු සේ මතු වෙන්න පුළුවන්. වැඩේ වැරදුනා කියා තේරෙන කොට පරක්කු වැඩි විය හැකියි.

(Image credit: http://cheekiongyeo.com/contemporary-sculpture-series/figurative/timeless/lky-front-cover/)

27 comments:

  1. මහත්මයාට නැවත වරක් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ රැකියාව හම්බ උනාද?

    ReplyDelete
  2. What matters for SIN in how Singaporeans think about LKY, about 95% of people I met in SIN agreed with the fact LKY made current Singapore.

    If you are saying LKY is just lucky (JR is not) and a person with LKY's caliber can't develop SL, then you don't know LKY and Singapore, and you are 100% wrong.

    You have given lot of excuses for failures of our leaders, that's no use at all.

    If Gota or even Sajith can be 25% of LKY, that is a very big deal for us.

    What you seems to imply is Gota is no LKY and current Ranil+JVP is the best hope we have, given time Ranil will be our LKY (LOL, just call spade a spade mate) Ranil pass best before date long time ago, he should have gone home after loosing to CBK.

    The difference with LKY and our leaders is that LKY had a long term vision and made less mistakes, all communities trust him (can you say the same with JR? after what he did in 83?) There were racial riots in SIN, LKY stood with minority, our leaders fix communities with each other to get some votes.

    As typical to all Sri Lankans, all you can see is negative. My guess is Gota and Sajith will be the main candidates for 2020, but anything (like M Sirisena) can happen in our banana republic.

    ReplyDelete
    Replies
    1. You seem to have missed the message. Please read what I have written carefully.

      Delete
    2. mistar wijebahu, hav many SIN peple yu tok, 5? 10?. yu think yu no vel abaut SIN. lies talk no thins yu don't no. ok?
      sri lanka peple not see negativ. they see up davun lef rite also. yu are the man see negative. do yu hav mirror at hom. go in frant an see. yu bad man.
      sri lanka is no banana republik, we don't ekspot banana. we ekspot tee.

      Delete
    3. Econ, If your message is we have nothing to learn from LKY, nothing to copy from SIN, I do not agree.

      I think we have more to copy from SIN than US/EU. One example is defamation act in SIN, if we had it in SL there will be less rubbish in the news people can trust the media (3rd would like SL in still don't know how to use 5 star democracy) There are lot of such laws in SIN to stop people profiting from lies.

      Read what Arthur C Clark said about SIN in his year 2000 speech.

      Yes, it is kind of gamble to appoint Gota, what other choice we have? did we not take gamble in every election? How about the gamble we took with CBK and MS, could Gota be worst?

      This dictatorship is just a fabricated bogeyman thing, informed people like Gota will know there is no place in the world for dictators. This same as Gota's shark tank, Lamborghini, military coup on election day, Computer jilmart, Photos and videos to Thadudeen murder and more (do people still beleve these stories)

      Delete
    4. There were many factors to the advantage of LKY. Spore was an entrepôt for over a century before him and he had an English educated workforce with no strong cultural ties as in SL. Spore was a place where socialism could have emerged if not for LKY and people were in general ready to follow rules. LKY directed them in a different direction but using the same tactics followed by the leaders in socialist countries. No single person can determine the long-term fate of a country, but some people can make a significant difference by leading and/or coercing others to follow. LKY did both. When a single person or a small group makes decisions on behalf of a country the probability to make a mistake is very high compared to the collective decisions of the society made following democratic norms, but if this person or the group is lucky to randomly pick the optimum strategies fame follows. LKY was lucky. But, I don’t say that the success story of Spore is mere luck. LKY’s actions were not random. You have written “The difference with LKY and our leaders is that LKY had a long-term vision and made less mistakes”. The first part is not correct. You have to read independent reviews, not the propaganda of Spore government which targets to make sure that “ 95% of people I met in SIN agreed with the fact LKY made current Singapore”. On the second part, no leader wants to make mistakes. Whether its LKY, MR, JRJ, CBK, MS or RW, they all make best decisions based on their capacity. Only the history shows that many of such decisions are mistakes. LKY was a smart guy who consistently learned from mistakes and his long tenure helped him to improve his decision-making skills.

      Delete
    5. A country can’t simply emulate an apparently successful strategy. Each country is different and even in a given country the economic environment and conditions change dynamically each year. Even if you compare Spore during the past 20 years, the growth rate is much less, even lower than SL’s. Is SL less corrupt now than Spore? Is Spore more corrupt and inefficient than it was 20 years ago? We know it is not. The simple truth is that the strategies worked back then do not work the same way now since many factors have changed. A country’s policies should not be based on another country but based on its fundamentals. So, no point in arguing whether SL should follow US/EU or Spore. SL leaders have to check what will work for the country only through trial and error, but it does not mean that obvious mistakes shouldn’t be avoided. In case of economic policies, there are some basics almost any economist would agree. Following those basics would not completely avoid the risk of making mistakes because no science is perfect. However, a part of the risk of mistakes is avoidable. As Joseph has written below, the urban Sinhala-Buddhists want an LKY out of GR, not the rural mass who voted for MR in 2015. This segment, as correctly written by Joseph (though his tone towards the writer is not so polite) voted for Yahapalanaya in 2015 and now disappointed with RW simply because RW was not the miracle they expected. GR, if come into power, can neither do a miracle. A country has to evolve along its natural path. GR, with his international exposure, may not want to be a dictator. But, he needs the support of urban Sinhala-Buddhists if he has to win and he has to stay popular. MR was short of majority vote in 2015 without this group. This group has some potential to build up a dictator whether it is GR or someone else. So, the real issue is not GR or any other person but the cry for a dictator with a LKY branded mask.

      Delete
  3. Excerpts from: "From Third World To First - The Singapore Story: 1965-2000"

    "Memoirs of Lee Kuan Yew"

    My first visit to Sri Lanka was in April 1956 on my way to London. That same year, Solomon West Ridgeway Dias Bandaranaike won the election as leader of the new Sri Lanka Freedom Party and became prime minister.

    He had promised to make Sinhalese the national language and Buddhism the national religion. He was a brown "pukka sahib" English-educated and born a Christian; he had decided on nativism and converted to Buddhism, and had become a champion of the Sinhalese language. It was the start of the unraveling of Ceylon. A dapper little man, well-dressed and articulate, Bandaranaike was elated at having obtained an election mandate from the Sinhalese majority to make Ceylon a more nativist society. It was a reaction against the "Brown Sahib" society - the political elite who on inheriting power had modeled themselves on the British, including their lifestyle.

    Sir John Kotelawala, the prime minister whom Bandaranaike succeeded, went horse riding every morning. Bandaranaike did not seem troubled that the Jaffna Tamils and other minorities would be at a disadvantage now that Sinhalese was the national language, or by the unease of the Hindu Tamils, the Muslim Moors and the Christian Burghers (descendants of Dutch and natives) at the elevated status of Buddhism as the national religion. He had been president of the Oxford Union and spoke as if he was still in the Oxford Union debating society. I was surprised when, three years later, he was assassinated by a Buddhist monk. I thought it ironic that a Buddhist monk, dissatisfied with the country's slow rate of progress in making Buddhism the national religion, should have done it.

    In the election that followed, his widow, Sirimavo Bandaranaike, became prime minister on the sympathy vote. She proved to be a less voluble but much tougher leader. When I met her in Ceylon in August 1970, she was a determined woman who believed in the non-aligned ideology. Ceylon favoured the withdrawal of all US troops from South Vietnam, Laos and Cambodia, and a Nuclear-Weapons Free Zone in the Indian Ocean, free of big powerconflicts.

    As a younger man, I patiently explained my different foreign policy objectives, that Singapore would be gravely threatened if South Vietnam were to fall into the hands of the communists, threatening Cambodia, Laos and Thailand. The insurgency would spread into Malaysia, with serious consequences for Singapore. We could not subscribe to this high-minded ideology when it had serious consequences for our future.

    Other great powers in the region, China and Japan, would in time expand their naval build-up.

    Ceylon was Britain's model Commonwealth country. It had been carefully prepared for independence. After the war, it was a good middle-size country with fewer than 10 million people. It had a relatively good standard of education, with 2 universities of high quality, a civil service largely of locals, and experience in representative government starting with city council elections in the 1930s.

    When Ceylon gained independence in 1948, it was the classic model of gradual evolution to independence.

    Alas it did not work out. During my visits over the years, I watched a promising country go to waste. One-man-one-vote did not solve a basic problem. The majority of some 8 million Sinhalese could always outvote the 2 million Jaffna Tamils who had been disadvantaged by the switch from English to Sinhalese as the official language. From having no official religion, the Sinhalese made Buddhism their national religion. As Hindus, the Tamils felt dispossessed.

    ReplyDelete
  4. In Oct 1966, on my way back from a prime ministers' conference in London, I visited Colombo to meet Prime Minister Dudley Senanayake. He was a gentle if resigned and fatalistic elderly man. At dinner, a wise and sad-looking elderly Sinhalese explained that what had happened was inevitable with popular elections. The Sinhalese wanted to be the dominant race; they wanted to take over from the British as managers in the tea and coconut plantations, and from the Tamils who were the senior civil servants. They had to go through this tragedy of making Sinhalese the official language for which they had paid dearly, translating everything from English into Sinhalese and Tamil, a slow and unwieldy process.

    The universities taught in three languages: Sinhalese to the majority, Tamil to the Jaffna Tamils, and English to the Burghers. At the university in Kandy I had asked the vice-chancellor how three different engineers educated in three languages collaborated in building one bridge.

    He was Burgher, and wore a Cambridge university tie so that I would recognise he had a proper PhD. He replied, "That, sir, is a political question for the ministers to answer!" I asked about the books. He replied that basic textbooks were translated from English into Sinhalese and Tamil, always three to four editions late by the time they were printed.

    The tea plantations were in a deplorable condition. The locals who had been promoted were not as good supervisors as their British predecessors.

    Without strict discipline, the tea pluckers were picking not only young shoots but also full-grown leaves which would not brew good tea.

    Their coconut plantations had also suffered. It was said the old Sinhalese, the price people had to pay to learn how to run the country.

    I did not visit Ceylon for many years, not until I had met their newly elected prime minister, Junius Richard Jayewardene, in 1978 at a CHOGRM (British Commonwealth Conference) in Sydney.

    In 1972 Prime Minister Mrs.Bandaranaike had already changed the country's name, Ceylon, to Sri Lanka, and made it a republic.

    The changes did not improve the fortunes of the country. Its tea is still sold as "Ceylon" tea.

    Like Solomon Bandaranaike, Jayewardene was born a Christian, converted to Buddhism and embraced nativism to identify himself with the people.

    In his 70-odd years, he had been through the ups and downs of politics, more downs than ups, and become philosophical in his acceptance of lowered targets. He wanted to move away from Sri Lanka's socialist policies that had bankrupted it. After meeting me in Sydney, he came to Singapore, he said, to involve us in its development. I was impressed by his practical approach and was persuaded to visit Sri Lanka in April1978. He said he would offer autonomy to the Tamils in Jaffna. I did not realise that he could not give way on the supremacy of the Sinhalese over the Tamils, which was to lead to civil war in 1983 and destroy any hope of a prosperous Sri Lanka for many years, if not generations.

    ReplyDelete
  5. He had some weaknesses. He wanted to start an airline because he believed it was a symbol of progress. Singapore Airlines (voted as the Best Airline Year 2000 in the Fortune Magazine's recent issue) employed a good

    Sri Lankan captain. Would I release him? Of course, but how could an airline pilot run an airline? He wanted Singapore Airlines to help. We did.

    I advised him that an airline should not be his priority because it required too many talented and good administrators to get an airline off the ground when he needed them for irrigation, agriculture, housing, industrial promotion and development, and so many other projects. An airline was a glamour project, not of great value for developing Sri Lanka. But he insisted. So we helped him launch it in six months, seconding 80 of Singapore Airlines' staff for periods from three months to two years, helping them through our worldwide sales representation, setting overseas offices, training staff, developing training centres and so on.

    But there was no sound top management. When the pilot, now chairman of the new airline, decided to buy two second-hand aircraft against advice, we decided to withdraw. Faced with a five-fold expansion of capacity, negative cash flow, lack of trained staff, unreliable services and insufficient passengers, it was bound to fail. And it did.

    It was flattering to have Sri Lanka model their country after Singapore. They started a housing programme in 1982 based on ours, but there was no adequate financing. They set up a free trade zone only slightly smaller area than the area of Singapore which might have taken off but for the Tamil Tigers whose terrorist tactics scared investors away.

    The greatest mistake Jayewardene made was over the distribution of reclaimed land in the dry zone. With foreign aid, he revived an ancient irrigation scheme based on "tanks" (reservoirs), which could store water from the wet side of the mountains. Unfortunately, he gave there claimed land to the Sinhalese, not the Tamils who had historically been the farmers of this dry zone. Dispossessed and squeezed, they launched the Tamil Tigers. Jayewardene's private secretary, a Jaffna Tamil loyal to him told me this was a crucial mistake. The war that followed caused 50,000 deaths and even more casualties, with many leaders assassinated. After more than 15 years, it shows no sign of abating.

    Jayewardene retired in 1988, a tired man. He had run out of solutions.

    Ranasinghe Premadasa, who succeeded him, was a Sinhalese chauvinist. He wanted the Indian troops out of the country, which was not sensible.

    They were doing a nasty job for Sri Lanka. When the Indian troops left, he was in a worse position. He tried to negotiate with the Tamil Tigers and failed. He was not willing to give enough away.

    I met him on several occasions in Singapore after he became president and tried to convince him that this conflict could not be solved by force of arms. A political solution was the only way, one considered fair by the Jaffna Tamils and the rest of the world; then the Tamil United Liberation Front, the moderate constitutional wing of the Tamil home rule movement, could not reject it. I argued that his objective must be to deprive the terrorists of popular support by offering the Tamils autonomy to govern them through the ballot box. He was convinced he could destroy them.

    In 1991 and 1992 he sent the Sri Lankan army to fight major battles against the Tamil Tigers. They did not succeed. In 1993, at a May Day Parade, a suicide bomber approached him in a street procession. He and many others died. His successor, Mrs. Bandaranaike's daughter, President Chandrika Kumaratunga, tried negotiation and war. She recaptured the Jaffna peninsula but did not destroy the Tamil Tigers. The fighting goes on.

    It is sad that the country whose ancient name Serendip has given the English language the word "serendipity" is now the epitome of conflict, pain, sorrow and hopelessness.

    ReplyDelete
  6. ඒකාධිපතිවාදයෙන් දියුණුවක් ලබා ගත හැකියි --හිට්ලර්, ස්ටාලින් , මහජන චීනය ,පිනෝචේ ....

    ReplyDelete
    Replies
    1. Yes. But, it is a gamble with a success probability of less than 0.5. For each success, there are several failures (I think I don't need to list examples). Since you can't predict the outcome beforehand, you always take a huge risk when you give a chance to a dictator. Even at the places we see things move forward as we expect, often the success is short-lived. S'pore under LKY is a rare counter example.

      Delete
    2. I am not saying we should go for a dictator. It's an observation. I remember when Yuri Andropov (the feared KGB leader) was a leader Soviet Union reversed the negative growth that was under Breznev. When yuri all were 'normal' again. :)

      Delete
  7. ලී ක්වාන් යූ හිටියත් ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බෑ.ශ්‍රී ලංකිකයා දඩබ්බර පාලකයෙකුගේ සිහිනය දකින්නේ නීතියේ ආදිපත්‍යය වල් වැදී ඇති නිසා.නොඑසේනම් දඩබ්බර පාලකයෙකු උවමනා නිසාම නොවෙයි. නීතිය හැමෝටම එක සමානව ක්‍රියාත්මක වෙනවනම් එක තමයි වැදගත්.හිටපු පොලිස්පති වරයා ඇමති සාගල රත්නායකගේ බහට නීතිය නවපු හැටි රටම දැක්කා.මෙවැනි අකටයුතුකම් ඉදිරියේ බලය නිසා කරබාගෙන ඉන්න මිනිසා වෙනත් තැනකදී අසාධාරණය ඉදිරියේ තම විරෝධය පළ කරනවා. ආසන්නතම උදාහරණය උපකාරක පන්තියක් ඉදිරිපිට ජෝගි නටපු භික්ෂුවකට ගුරුවරිය හා ළමයි දැක්වූ ප්‍රතිචාරය.දඩබ්බර භික්ෂුවක් ඛේදජනක ඉරණමකට ගොදුරුවීමට ඉතා ආසන්නයි. එහෙම වෙලා හරි රටේ නීතියේ ආදිපත්‍යය ස්ථාපිත වෙනවනම් හොඳයි.

    ReplyDelete
  8. ඇත්තටම අපේ රටේ බලයට පැමිණි, බලයට එන්ට ඉන්නා එකම පිරිසකටවත් දිගුකාලීන දැක්මක්; සැලැස්මක් තියෙනවාද? එහෙම දෙයක් තිබෙන්නට ඕනෙය කියලා රටේ පුරවැසියන් හිතනවාද?

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු වෙනස් නොවන සමාජවාදී රටවල් වල පාලකයින්ට කවර හෝ ආකාරයේ දිගුකාලීන සැලසුමක් තිබුණා. අවුරුදු පහෙන් පහට වෙනස් වන ආණ්ඩු වලින් ඒ ආකාරයේ දිගුකාලීන සැලසුම් බලාපොරොත්තු වෙන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල දිගුකාලීන සැලසුම් හැදෙන්නේ රටේ ආයතනික පද්ධතිය ඇතුළේ. ආණ්ඩු වෙනස් වුනා කියලා මේ සැලසුම් වෙනස් කරන්න බැහැ. ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල වෙන්නේ එයයි. ලංකාවෙත් ආයතනික පද්ධතිය ඇතුළේ මේ ආකාරයේ දිගුකාලීන සැලසුම් හැදෙනවා. උදාහරණයක් විදිහට මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතනයක් වසර ගණනාවක් ඉදිරියට රටේ මාර්ග සංවර්ධනය සිදු විය යුතු ආකාරය සැලසුම් කරනවා. නමුත්, බලයේ සිටින ආණ්ඩුවට ඒ සැලසුම් ක්‍රියාත්මක නොකර ඉන්න හෝ වෙනස් කරන්න හැකියාව තිබෙනවා. කිසියම් ක්ෂේත්‍රයක විශාල පිරිසක් එකතු වී කාලයක් තිස්සේ විවිධ කරුණු සලකා බලා හදපු සැලසුමක් එක පුද්ගලයෙක් විනාඩි පහෙන් වෙනස් කරනවා. වැරැද්ද තිබෙන එතැනයි. ප්‍රතිපාදන ලැබෙන්නේ ආණ්ඩුව හරහා නිසා මේ වගේ අවස්ථාවක රටේ ආයතනික පද්ධතිය ආණ්ඩුවට යට වෙනවා. ඇමරිකාව වගේ රටක් ගත්තොත් රටේ ආණ්ඩුවට මේ ආකාරයට ආයතනික සැලසුම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පාලනය කරන්න ලංකාවේ ආණ්ඩුවට තිබෙන හැකියාව නැහැ. පෙර ලිපියක විස්තර කළ ආකාරයට බොහෝ බදු වියදම් කළ යුතු නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ඒ නිසා කිසියම් වැඩකට ලැබෙන ප්‍රතිපාදන ගැන සහතිකයක් තිබෙනවා. ඒ නිසා දිගුකාලීන සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. බදු අය කර ගත හැක්කේ ජනතා කැමැත්තෙන් නිසා ආයතනික පද්ධතියට හිතුමනාපයට සැලසුම් හදන්නත් බැහැ. බදු මුදල් වැය කරන්නේ කවර කටයුත්තක් වෙනුවෙන්ද කියා පැහැදිලිව කියා ජනතා අනුමැතිය ගත යුතුයි.

      Delete
    2. දිගුකාලීන සැලසුම් රටක හැකියාවන් සහ නොහැකියාවන් නිවැරදිව හඳුනාගැනීම කියන ඒවා කොතනින් ආරම්භ වෙන්න ඕනිද කියන එක මටත් හැමදාම තිබුනු ප්‍රශ්ණයක්. ආයතික පද්ධතිය ශක්තිමත් කරන්න ගන්න ඕන පියවර ගැන ඉකොනාමැට්ටාගේ අදහස මොකක්ද?

      Delete
  9. ලී ක්වාන් යූ සිංගප්පුරුව දියුණුකලේ නැහැ, සිංගප්පුරුව දියුණුවෙනකොට ලී ක්වාන් යූ අගමැති වෙලා හිටියා...

    ReplyDelete
  10. සංඛ්‍යාලේඛන සමහරවිට සම්පූර්ණ කතාව කියන්නෙ නැති වුණත්, සමහර මුල්බැසගත් මූල රහිත අදහස් නැවත සලකා බැලීමට හොඳ පසුබිමක් සපයනවා. මම හිතන්නේ ගොඩක් ඉතිහාස කතා මිනිස්සු හරි ලේසියට ඔය වගේ ලඝු කරගන්නවා. මේක වුණේ මේ නිසයි කියලා. ඕක මිනිස්සුන්ට ආතල් එකක් දෙන්න පුළුවන් ලේසි ක්‍රමයක්. ඒවා හිට් වෙනවා.

    ඒක නෙමෙයි, මේ මීවැල්ලාව අයිති කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රා.ලේ. විදිහට ඔය කාලයේ සේවය කලේ මගේ පියා. ඔය ගමේ ආර්ථිකය උඩුයටිකුරු වෙනවා අපි දැක්කා. ගමේ කුඹුරු සහ හේන් කරන්න කවුරුත් නැතුව ගියා. කොහොමත් වැස්ස අඩු නිසා ඒවා ලේසි දේවල් වෙලා තිබ්බෙ නෑ. නමුත් පොඩි පොඩි වැව් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. ඒ වගේම මිනිස්සු ගෙවල් අවට සෑහෙන මට්ටමේ බෝග වගාවක් කරගෙන තිබ්බා. නල ලිං මේ පැත්තේ බහුලයි. වැස්ස අඩු වුණාට, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සහ පොඩි මට්ටමේ වගාවන්ට අවශ්‍ය වතුර තිබ්බා.

    මීවැල්ලාවට දවසකට බස් 5000 වඩා එහා එන බව ගණන් බලා තිබුණා. තාර පාරෙන් හැරී කි.මී 12 පමණ වූ දූවිලි පාරට තාර දානවාට හාමුදුරුවෝ විරුද්ධ වුනා. යන එන පාර පහසු වූ විට බැතිමතුන්ට දැනිය යුතු භක්තිය එයින් අඩු වෙනවා කියලා හාමුදුරුවෝ කිව්වේ. පාර දෙපස් ගෙවල් දූවිල්ලෙන් වැහිලා ගියා. මොනවා හරි ධාන්‍ය වර්ගයක්, බෝගයක් වේලෙන්න දමා තිබීම මේ පැති වල හරි පොදු දසුනක්. ඒවා කරගන්න බැරි වුණා. සමහර මිනිස්සු දූවිල්ල නිසා පාර අසල වූ ගෙය අත ඇරලා තව ඇතුලට වෙන්න තාවකාලික මඩු හදාගෙන ගියා. මේ පාරේ වාහනයකින් ගමන් කරන කෙනෙකුට කාන්තාරයක් වගේ පේන්න ගත්තා. නිතර වැස්ස නැති නිසා බස් වලින් නැගෙන දූවිල්ලෙන් ඇහැට පේන හැම තැනක්ම වගේ වැහිලා ගිහින්. බැලු බැල්මට පේන්න තියෙන්නේ දූවිලි පාට විතරයි.

    මිනිස්සු හැමෝම පන්සල අවට බස් පාක් එකට ඇවිත් ආදායම් මාර්ගයක් හොයාගන්න පුරුදු වුණා. පූජා වට්ටි වල සිට තැඹිලි ගෙඩි වල දැමූ කසිප්පු දක්වා සියලු දේ තිබුණා. පූජා වටිටි වලට ලැබුණු සීනි තේකොල ආදිය නැවතත් මේ කඩ වලටම ලැබුණා. හාමුදුරුවෝ මුදල් හොයන්න ඒ තරම් උත්සාහ කලේ නෑ. පන්සලේ ඉඩ ඇති සෑම තැනකම වගේ පහන් වැටවල් හැදුණා. දවසකට පොල්තෙල් පහන් ලක්ෂයක්වත් පත්තු වෙන්න ඇති. බැතිමතුන් පින් ලබාගන්න දැම්මේ තමන් ගෙනාපු තෙල්, කලින් පත්තු කල පහන් වල ඉතිරි වී තිබ්බ තෙල් විසිකලා. කලකට පස්සෙ මේ පන්සල අසල තිබූ වැවේ මතුපිට තෙල් තට්ටුවක් හැදුණා. මේ පූජා වට්ටි වලට සල්ලි කියල තිබ්බෙ පොඩි කාසි විතරයි. ඒවා ගෝනි වලට එකතු කරලා පැත්තක ගොඩ ගහලා තිබ්බා. ඒ සල්ලි ගෝනියක් වැටිලා, මිනිස්සු දහස් ගණනකගේ ලෙඩ හොඳ කරපු මීවැල්ලාවේ හාමුදුරුවෝ අසාධ්‍යව නවලෝක රෝහලට වඩම්මාගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි... :D

      Delete
    2. මීවැල්ලාව ගැන විස්තරේට ස්තුතියි, තිසර!

      Delete
  11. අංකල්, ඔයාට ගහන්න ඒකාධිපතියෙක් ඕනේනම් මේ ගහක් ගලක් වගේ ඉන්න වික්කමසිංහ අල්ල ගන්නේ නැතුව ප්‍රාදේශීය සභාවක සභාපති කමක්වත් නැති ගෙදරට වෙලා නිකං ඉන්න ඔය නිකමට වගේ කාල බීල මත යන්න යාළුවො එක්ක කතා සංදර්ශනයක් ලෑස්ති කරන් රටේ කොහේ හරි ගිහිං කාටවත් කරදරයක් නැතිව ඒක බලන්න එන අයට පොඩි පහේ ආතල් එකක් දෙන අහිංසක ගෝඨාභය අල්ල ගන්නේ ඇයි?

    ගෝඨාභය ඒකාධිපතියෙක් නෙමෙයි - ඒකා වෙන්න කලින් අධිපතියෙක් වෙලා ඉන්න එපැයි. රනිල් වික්කමසිංහ තමයි ඒකාධිපති. 94 ඉඳල පැරදිලා පැරදිලා ත් පක්‍ෂ නායක කම වෙන එකෙකුට දුන්නේ නැති එකා, 2015 යන්තම් වෙන ජොකියෙක් දාල රේස් එක දිනලා උසවියත් රවටලා හදා ගත්ත ව්‍යවස්ථාව කොහොමද? අන්න ව්‍යවස්ථා කුමන්ත්‍රණ ! ගිය අවුරුද්දේ අගමැති කම නැති උනාම නටපු ජෝගිය කොහොමද? ඌටම හරි යන කතානායක ! අන්න ඒකාධිපතියෝ !!

    ඔයා මේ කොහෙද යන ගෝඨා කියන මුව හමක් අල්ලාගෙන පත බාන්නේ ඔයාට ඉඳල හිටලා පිස්සුද නැත්තම් හිරිකොතේ අපුල්ලන එකද දැන් පාට් ටයිම් ?

    ReplyDelete
    Replies
    1. මේක අදාළ වෙන්නේ රනිල්ගෙන් ලී ක්වාන් යූ කෙනෙක් අපේක්ෂා කරන අයත් ඉන්නවනම් පමණයි!

      Delete
    2. ගෝඨාභයගෙන් ලී ක්වාන් යූ කෙනෙක් අපේක්ෂා කරන අය ඉන්නවද ?
      එහෙම ඉන්නවනම් අර ගිය පාර රනිල්ට දීල දැන් රටට මූන දෙන්න බැරුව ඉන්න ඩයල් තමයි.

      අංකල් තේරුම් ගන්නේ නැති දේ තමයි රනිල්ගෙන් ප්‍රාතිහාර්‍ය බලාපොරොත්තු උන අයියලම තමයි මේ පාර ගෝඨාගෙන් ඒවම බලාපොරොත්තු වෙන්නේ. එහෙම අය ගොඩක් ඉන්නවනම් (ඒ කියන්නේ ගෝඨාගෙන් ලී ක්වාන් යූ දකින ඈයෝ) උන් කලින් දැක්ක සිහිනේ හිටපු කුමාරයා තමයි රනිල්. දැන් බ්‍රේස්ලට් මල්ලිලා ඇහැරිලා.

      යම් විදියකින් ඒකාධිපති රනිල් ජනාධිපතිවරණයක් තියන්න ඉඩ දීල, ගෝඨාභයට ඒකට ඉල්ලන්නත් ඉඩ දුන්නොත්, ගෝඨා දිනයි කියල උපකල්පනය කරමු. ගෝඨා නොකරන (කරන්න උත්සහයක්වත් නොදරන) පළමු දේ තමයි ලංකාව සිංගප්පුරුවක් කිරීම. ගෝඨාව ප්‍රාර්ථනා කරන බහුතරයක් සිංහලයින්ට මේක සිංගප්පුරුවක් කර ගන්න අවශ්‍ය නෑ. ඒක අවශ්‍ය නාගරික සුළුතරයකට - ඒ අය 2015 දී සිරිසේනට සහ වික්කමසින්හට චන්දෙ දුන්න අය.

      Delete
    3. //ගෝඨාභයගෙන් ලී ක්වාන් යූ කෙනෙක් අපේක්ෂා කරන අය ඉන්නවද ?//
      මේ ලිපියට හා පෙර ලිපි වලට ඉංග්‍රීසියෙන් දමා ඇති කමෙන්ට් කියවන්න. වෙන බ්ලොග් වලට මම ලින්ක් දමන්නේ නැහැ.

      පහළින් ලියා තිබෙන කරුණු ගැන ලොකු විවාදයක් නැහැ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...