Thursday, January 24, 2019
ආපසු ආ අම්මා...
මම පොඩි කාලේ කතා අහන්න ගොඩක් කැමැත්තෙන් හිටපු හා වැඩිහිටියන් කිහිප දෙනෙක්ගෙන්ම නිතර කතා අහන්න වාසනාවන්ත වූ අයෙක්. මේ විදිහට බ්ලොග් එකේ කතන්දර ලියන පුරුද්ද එන්න ඇත්තෙත් ඔය කතා අහල වෙන්න පුළුවන්.
මේ විදිහට අහපු කතා පරම්පරා ගාණක් කටින් කට සම්ප්‍රේෂණය වූ කතා වෙන්න පුළුවන්. මහා වංශය වගේ වංශ කතා වල තියෙන්නෙත් ඔය වගේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ කතා. අතරින් පතර සාමාන්‍ය ජන සමාජය ගැන තොරතුරු හැංගිලා තිබුණත් මහා වංශය කියන්නේ මහා විහාරික පරම්පරාවේ පන්සල් වල හා ඒ පන්සල් වලට උදවු කරපු රජවරුන්ගේ කතා.
ගොඩක් වෙලාවට ඉතිහාසය කියන්නේ රජවරුන්, පූජකයින් වගේ සමාජයේ උඩම ස්ථරයේ ඉතිහාසය. ජන කතා වලත් ගොඩක් වෙලාවට රජවරුන් වගේ සමාජයේ ඉහළ ස්ථරයේ අයට වැඩි අවකාශයක් ලැබුණත් ඉතිහාසයේ ජීවත් වූ සාමාන්‍ය මිනිස්සු ගැනත් තරමක් දුරට දැන ගන්න පුළුවන්.
නැන්දම්මගෙයි ලේලිගෙයි ආරවුල් ලංකාවේ ගොඩක් කතා වල පොදු මාතෘකාවක්නේ. බැඳලා අළුත් පිට වැඩි කෙණෙහිලිකම් ලේලිටයි. නමුත් වයසට යද්දී ගොඩක් වෙලාවට වෙන්නේ නැන්දම්මට රිටර්න් එක හම්බ වෙන එකයි. මේ කියන කතාවේ වුනෙත් ඒ වගේ දෙයක්. අහේනි කාලයකදී ගෙදර කෑම බීම හිඟ වෙද්දී වයස්ගත නැන්දම්මාට කන්න දෙන එක අමාරු නිසා ගෙදරින් කොහේ හරි කැලේකට ගිහින් දාන්න කියලා ලේලිගෙන් සැමියාට ගැලවිල්ලක් නැහැ. වදෙන් බේරෙන්න බැරිම තැන පුතා මහ රෑ අම්මව කැලේ මැද්දේ සොහොනකට ගිහිං දාල ආපහු ගෙදර එනවා.
ඔය වගේ අවස්ථාවකට මුහුණ දෙන වයස්ගත කාන්තාවකට නැවත ජීවිතේ බේරාගෙන එන එක ලේසි නෑනේ. ගොඩක් වෙලාවට වෙන්නේ සොහොනේ තැන තැන තියෙන මිනී කන්න එන කැලෑ සත්තුන්ට ඔය වගේ කෙනෙක්ව ගොදුරු වෙන එකයි. හැබැයි මේ අම්මා වාසනාවන්තයි.
ගෙවල් කිහිපයක්ම බිඳපු හොරු රංචුවක් හරියටම එදා රෑ මේ සොහොනට එන්නේ කාටවත් නොපෙනෙන්න තමන් සතු වස්තුව බෙදා ගන්නයි. සොහොනේ තනියම බයේ ගැහි ගැහී ඉන්න වයසක අම්මා දකිනවා මිනිස්සු ටිකක් සොහොනට ආපු බව. ඇය ඔවුන් වෙත යන්නේ ඔවුන්ගෙන් උදවුවක් ලබා ගෙන පණ බේරගන්නයි.
කතා වල සාමාන්‍යයෙන් වෙන විදිහටම මේ එන්නේ හොල්මනක් කියා හිතන හොරු ටික හොඳටම බය වෙලා පණ එපා කියලා දුවනවා. හොරු හිටපු තැනට ගිහින් බලන වයසක අම්මා දකින්නේ රන්, රිදී, මුතු, මැණික් මාර තොගයක්. ඔය වස්තු සම්භාරය පොදි බැඳගන්න අම්මා කොහොම හරි පාර හොයාගෙන ආපහු පුතාගේ ගෙදරටම යනවා. පුතා කළ දේ මොකක් වුනත් අම්ම කෙනෙක් එහෙම කරන එකේ ලොකු අමුත්තක් නැහැනේ. තමන්ව සොහොනට ගිහින් දැම්මේ ආර්ථික ප්‍රශ්න නිසා පුතාට වෙන කරන්නම දෙයක් නැති නිසා කියලා ඈ හිතන්න ඇති. දැන් ලැබුණු වස්තු සම්භාරය පුතාට දුන්නොත් පුතා ගොඩ යන බවත් තේරෙන්න ඇති.
හිතපු විදිහටම ඇයට නැවත ගෙදර දොර ඇරෙනවා. පොඩි කාලේ අහපු කතාවක් නිසා හරියටම මතක නැහැ. හැබැයි ඇය ගෙදරට කියන්නේ ඇත්ත කතාව නෙමෙයි. මතක විදිහට දෙවි කෙනෙක් ඇවිදින් උදවු කරපු කතාවක් වගේ එකක්. කොහොම හරි ඊට පස්සේ ඇයට මැරෙන කල්ම පුතාගෙන් වගේම ලේලිගෙනුත් සැලකිලි ලැබෙනවා.
මේ කතාව අහල තියෙන අය ඉන්නවද?
(Image: http://www.boondi.lk/article.php?ArtID=3226)
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
The version I remember goes as... she comes home and tells daughter-in-law that a god appeared and gave the treasure to her, so the greedy daughter-in-law makes her husband to leave her there the next night, only to be perished by the way she expected her mother-in-law to perish.
ReplyDeleteby the way I'm still wondering what you are getting at today....whats between the lines? what did I miss?
/GG
එදිරිවීර සරච්චන්ද්‍ර ගේ එලොව ගිහින් මෙලොව ආවා හෝ රත්තරං නම් කෙටි වේදිකා නාට්‍යය දෙකෙන් එකකට පදනම වී ඇත්තේ මේ කතාවයි.
ReplyDelete"රත්තරං" කියන වේදිකා නාට්‍යා ඉස්සර සිංහල පෙළ පොත් වල තිබුනා.එකෙන් මට මතකයි මේ කතාව.
Deleteඉතිං අම්මා වනන්තරෙන් ගෙනා ඔය වස්තු සම්භාරය දකින ලේලිට ඉහිලුම් නැතිව යන හැටිත්, දින කීපයක ඇවිටිල්ලකින් අනතුරුව පුතා විසින් ලේලිව වනාන්තරයේ දමා ඒමත් මේ කතාවේ ඊළඟ කොටසයි.
ReplyDeleteමා අසා ඇති කතාවේ හොරු බිය වන්නේ මැහැල්ල යකින්නක යැයි රැවටීම නිසයි. යක්කු රන්-රිදී-මිල-මුදල් හොරකම් නොකරන බව දත් හොරුන් අතින් අර තරුණ කාන්තාවට අත් වන්නට ඇති ඉරණම සිතා ගැනීම ඔබට බාරයි. ඒ කොටස අප ඇසූ කතාවේ තිබුණේ නෑ, තිබුණත් එය සිතා ගැනීමට තරම් අප මෝරා සිටියේ නෑ. ඒ නිසා අප සිතා ගත්තේ තරුණ කාන්තාව මිනී කන්නට සැබවින් ආ යක්කුන්ට ගොදුරු වන්නට ඇත කියායි.
ඉකොනො, ඕක පදමානවක ජාතකය ඇසුරින් කළ සරත්චන්ද්‍රගේ රත්තරන් නාට්‍යය තුල කතා වෙන ස්ටෝරියේ ජනකතා වර්ශන් එක නේද? කතාවේ නැන්දම්ම වෙන මැහැල්ල පළමුව සොරුන්ගෙන් බේරීමට අරමුණු කර ගත්තද, පසුව ලේලියගෙන් පළිගැනීමට අරමුණ වෙනස් වේ.
ReplyDeleteඔය වගේම අනික් කතා රැසකුත් නාටක වලට හැරුන නේද? එදිරිවීර සරච්චන්ද්‍ර ගේ එලොව ගිහින් මෙලොව ආවා කතාව - එක්‌තරා ගමක ගමරාළත් ඔහුගේ බිරිඳත් ගොවිතැනින් ජීවිකාව ගෙන යමින් ප්‍රීතියෙන් වාසය කළෝය. ඔවුන්ට කළුහාමි නමැති එකම දුවක්‌ද සිටියා. අවාසනාවකට මෙන් හදිසියේ ඇතිවූ රෝගයකින් කළුහාමි මැරී ගියා. ගමරාළත් බිරින්දැත් දුවගේ මරණය ගැන බෙහෙවින් දුක් වූවෝය. මෙසේ සිටින විට දිනක් ගමරාළ හේනට ගිය අතර, කෙට්‌ටු ශරීරයකින් යුත් සිඟන්නෙක් ගෙදරට ආවේය. සිඟන්නා දුටු ගමහාමිනේ ඔහු එතරම් කෙට්‌ටු වූයේ මන්දැයි ඇසුවා. "අනේ හාමිනේ, මම මේ ළඟදී එලොව ගිහින් මෙලොව ආවා" යයි හිඟන්නා කීවේය. ඔහු එසේ කීවේ තමා බරපතල රෝගයකින් පෙළෙමින් සිට අමාරුවෙන් සනීපවූ බව හැඟවීමටයි. මෝඩ ගම හාමිනේ ඔබ එලොව ගියා නම් අපේ දුවත් හමුවන්නට ඇති නොවේදැයි හිඟන්නාගෙන් ඇසුවා. හිඟන්නාට ගම හාමිනේගේ නුවණේ තරම තේරී අනේ හාමිනේ, මම එලොවදී කළුහාමි විවාහ කර ගත්තා නොවැ"යි සිනාසෙමින් පැවසීය. ගම හාමිනේ මහත්සේ කලබලවී ගෙට දුව ගොස්, තමාගේ දුවට අයත්ව තිබුණ කණකර ආභරණ සහ වටිනා රෙදි පිළි සියල්ල පොදියක් බැඳ කරුණා කරලා එසේ නම් දුවට අයිති මේ බඩු සියල්ල ඇයටම දෙන්නැයි කියමින් සිඟන්නාට දුන්නාය. සිඟන්නාද සිතයටින් ප්‍රීති වුවත් ඒ බව නොඅඟවා, ගම හාමිනේ දුන් බඩු සියල්ලද රැගෙන වහ වහා එතැනින් යන්ට ගියේය. (හිඟන්නා අස්සයත් අරන් කලුඅප්පුගෙන් බේරිලා පැනල යනකොට කියන්නේ "ආන් යනව කළු අප්පුගෙ දුවයි කියල, කළු හාමිගේ දුවයි කියල")
ඇත්තටම ඉකොනො බෞද්ධ සාහිත්‍යයේ ජාතක කතා වඩාත් ගැඹුරින් හා නාට්‍යෝචිත ආකාරයෙන් වේදිකාවට නංවන ලද්දේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කියතහැකි. කුස ජාතකෙන් “පබාවතී, චුල්ල ධනුද්ධර ජාතකෙන් “මනමේ”, “කදා වළලු” (සේරි වාණිජ ජාතකය), වෙස්සන්තර ජාතකෙන් “වෙස්සන්තර”, “ලෝමහංස” (මහපදුම ජාතකය), “භවකඩතුරාව” (ස්වර්ණ හංස ජාතකය) වැනි නාට්‍යවලට ජාතක කතා බීස් වුණා.
ඒ වගෙම ඉකොනොට මතක ඇති “ඒකට මට හිනා හිනා” නාට්‍යයට බේස් වුණේ උම්මග්ග ජාතකේ එන කාලගෝල කතාව. අපි උඩ කියපු විදිහට පදමානවක ජාතකේ බේස් කරන් ලියපු කතාවක් “රත්තරන්” නාට්‍යයට අන්තර්ගත වුණා. සරච්චන්ද්‍රගේ “පෙමතෝ ජායති සොකො” නාට්‍යයට විෂයය වූයේ උද්දාල ජාතකේ, පාලි රසවාහිනි හා එහි සිංහල පරිවර්තනවල වන සද්ධර්මාලංකාරය යන කෘතිවල එන ස්වර්ණතිලකා කතාවයි.
සරච්චන්ද්‍ර නාට්‍ය වලට ජාතක කතා බේස් කර ගැනීමේ අරමුන ගැන මහාචාර්ය සරච්චන්ද්‍ර කීවෙ ඒවායේ සර්වකාලීන මානුෂික අත්දැකීම් ගැබ්ව තිබීම කියල. "ජාතක කතා සාහිත්‍යයේ හැම යුගයකටම පොදු උපයෝගීතාවයක් තිබෙනව. බොහෝ ජාතක කතාවල තිබෙන්නේ මනුෂ්‍ය ජීවිතයේ චිත්ත සන්තානගත ගැටලු පිළිබඳ නිරූපණ. ඒවායේ කිසියම් මනෝ විද්‍යාත්මක ස්වරූපයක් ද තිබෙනවා. අත් දැකීමේ පොදු භාවය නිසා අපට එයින් කිසියම් සහනුභූතියක් ලැබිය හැක". (ජාතක කතායි මගේ නාට්‍යයි - මහාචාර්ය සරච්චන්ද්‍ර)
ඉකොනොමැට්ටා සජිත් ගෙවල්දාස ගැන අලුතෙන් පෝස්ට් දානෙ කවද්ද? ගිය පෝස්ට් එකෙන් පස්සෙ මම හිතුවෙ අර බැඳුම්කර සීරීස් එක වගේ සජ්ජව ප්‍රොමෝට් කරන්න එකොනොමැට්ටාගේ පෝස්ට් සීරීස් එකක් එයි කියල, එහෙම නේද?
ReplyDeleteසජ්ජ ප්‍රෙසිඩන්ට් වුනගමන් ටසිරිලඣ්කාව විතරක් නෙවෙයි මුළු ලොකේම නිවාස ප්‍රස්නෙ විසඳන්නෙ කෝමද කියල පෝස්ට් සීරීස් එකක් දාන්නකො.
මේක ඒ පී ගුණරත්නගේ නගුල් මුන්නා පොතේ එන කතාවක් - ඒක එච් සී පාකර්ගේ පොතක සිංහල පරිවර්තනයක්
ReplyDeleteVillage folk-tales of Ceylon / collected and translated by Henry Parker.
Deletehttps://trove.nla.gov.au/work/11117735?q&versionId=13097272
රා අරක්කු බොන්න එපා අප්පච්චි!!!
ReplyDeleteඔය කතාව මං අහද්දී මෙහෙමයි වෙන්නේ. ලේලිට ඕනේ වෙනවා නැන්දම්මටත් වැඩියෙන් වස්තුව අරන් එන්න. එතකොට නැන්දම්මා කියනවා, 'පණ පිටින් සොහොනේ හිටියම ගෙනෙන්න පුළුවන් වස්තුව ටිකයි. සොහොනේදී පුච්චලා යැව්වොත් කරත්ත ගණනක් වස්තුව ගෙනෙන්න හැකියි' කියලා. ඊළඟ ටික හිතා ගත්තෑකි නේද.
ReplyDelete