Wednesday, January 9, 2019
සාධාරණත්වය උදෙසා අරගලය
අදට වසර හයකට පෙර නීත්‍යානුකූල මිනීමැරුමක ගොදුරක් වූ රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කරමින් නාරද විජයසූරිය විසින් ඔහුගේ වත්පොත් පිටුවේ තබා ඇති සටහනක් එතැනින් උපුටාගෙන පහත පළ කර තිබේ.
"මගේ දෑසේ කඳුලක් තිබේ ... ඒ ඔබ වෙනුවෙනි
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
දුක කියන්නට කිසිවෙකු නොමැතිව , ළමා දිවියේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වසර 7 ක් තිස්සේ අඳුරු සිර මැදිරියක සිරගතව සිටි ඒ අහිංසක දැරිය අද වැනි දිනයක උදේ 11 . 40 ට තියුණු කඩු පහරින් ගෙළ සිඳ මරා දැමිණි
ගිණියම් රියාද් වැලි කතර අහිංසක දැරියගේ රුධිරය උරා ගන්නා මොහොතේ භීතියෙන් මුසපත් වූ ඇගේ විවුර්ත වූ දෑස සහිත හිස බිම පතිත විය .
මට ඇගේ බියපත් දෑස මැවී පෙනෙයි .
වසර ගණනාවක් තිස්සේ නොවියලෙන කඳුලක් මගේ ඇස් කෙවෙණි වල සිර වී තිබේ
අද ද සිතුම් පාරා ඒ කඳුළු උණුසුමට වැගිරේ .
ඇගේ මරණයට මා වගකිවයුතුයැයි දැනෙන වරදකාරී හැඟීමෙන් මියෙන තුරු මිදිය නොහැක ,
ඒ අවාසනාවන්ත ජීවිතය බේරා ගැනීමට කරනු ලැබූ නිහඬ සටන පරාජය වූ හැටි මම ඔබට කියමි .
ඒ 2007 වසරේ ජූනි මාසයේ දවසකි , නෙත් රූපවාහිනී මැදිරියේ රාත්‍රී පහන් කන්ද වැඩ සටහන නිම කර මගේ කාර්යාල කාමරයට ඇතුල් වන විට දුර කථන ඇමතුමක් ලැබිණි ,
සෞදි අරාබියේ සිට කථා කළ ගෘහ සේවිකාවක් බිඳුණු ස්වරයෙන් පැවසුවේ ''දවද්මි '' සිර ගෙදර අපේ ගැහැණු ළමයෙකු මරණ දණ්ඩනයට නියම කර ඇති බවත් තව මාසයක් ඇතුළත අභියාචනයක් නොකළහොත් ඈ මරා දමන බවත්ය . මේ වන විටත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවත්ය .
සිර ගෙදරට යාමට අවකාශ ඇති ඇය දැරිය ගේ සියලු තොරතුරු අසා දැනගෙන මට කීවාය ,
අල් කතයිබි නමැති පොහොසත් පවුලක මාස 4ක් වයසැති දරුවාට කිරි පොවමින් සිටින අතරතුර ශ්වාස මාර්ගයේ කිරි සිරවීමට ලක් වී ඇත , ඇය කෑ ගසමින් දරුවාගේ පිටට වැරෙන් තට්ටු කරන්නට පටන් ගත්තාය , ඒ මොහොතේ ගෙහිමි කාන්තාව එහි පැමිණි අතර , දරුවා නිසලව සිටින අයුරුත් රිසානා පිටට පහර දෙන අයුරුත් දැක වහා කිපී දැරියට නහයෙන් ලේ වැගිරෙන ලෙස පහර දී පොලිසියට භාර දී ඇත .
පොලිසියෙදීත් ඉන බඳින හම් පටියකින් දරුණු පහර දීමට ලක්ව සිටි දැරියට අරාබි භාෂාවෙන් ඔවුන් කියූ කිසිවක් වටහා ගත නොහැකි විය , කාත් කවුරුත් නොමැති රටක ඇය බියෙන් මුසපත් වී සිටියාය ,
දරුවාගේ ගෙල මිරිකා මරා දැමූ බවට ලියු ලිපියකට , අකුරු නොදත් ඇයගේ ඇඟිලි සලකුණ ගෙන තිබිණි , 2005 වසරේ මැයි 4 වනදා රියාද් නගරයට පැමිණි 17 හැවිරිදි දැරිය දින 18 ක සේවයෙන් පසුව 22 වනදා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය .
වසර දෙකක නඩු විභාගයෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කරන තුරු කිසිවෙකු මේ පිළිබඳව දැනුවත් වී නොතිබිණි , එදා රාත්‍රියේ එම ගෘහ සේවිකාව ඒ බව මට නොපවසන්නට එය මාධ්‍යයෙන් වසන් වුන සිද්ධියක් වන්නට ඉඩ තිබිණි .
සිද්ධිය ඇසීමත් සමගම මගේ සිරුර ගිණිගෙන දැවෙන බවක් මට දැනුනි , එවකට විදේශ කම්කරු කටයුතු පිලිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාට ඒ රාත්‍රියේම මම දුර කථන ඇමතුමක් දුන්නෙමි , ඕනෑම මොහොතක ඔහුගේ ලේකම් වරයෙකුට කථා කරන්නට මට පහසුව සලසා තිබිණි . සිද්ධිය කෙටියෙන් පවසා හෙට උදෑසන විශේෂ සජීවී පහන් කන්ද වැඩ සටහනකට සුදානම්ව සිටින ලෙස දැනුවත් කර , එමොහොතේම මම ආසියානු මානව හිමිකම් සංවිධානයට සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට විද්‍යුත් ලිපි දෙකක් යොමු කෙරුවෙමි , පසුදා උදෑසන සජීවී වැඩ සටහනේදී සිද්ධිය අනාවරණය කළ මම සෞදි අරාබි තානාපති වරයාට පිළිතුරු දෙන්නැයි ආරාධනය කළෙමි ,
හොඳින් සිංහල කථා කරණ , ඕනෑම මොහොතක අපේ රුපවාහිනිය සමග සම්බන්ධ වන , මා සමග දැඩි කෝපයකින් පසුවන තානාපති තුමා දුරකතනයෙන් සම්බන්ධ විය .
ඒ වනවිටත් තානාපති කාර්යාලය , රිසානාගේ සිද්ධිය ශ්‍රිලංකාවේ රජයට වාර්තා කර නොතිබුන බව මට පැහැදිලි විය .
ඔහු මේ සිද්ධිය දන්නා බවත් , අභියාචනයක් ඉදිරිපත් කිරීමට අරාබි නීතිඥයින් සපයා ගැනීමට සහ නීතිමය කටයුතු වලට දැවැන්ත වියදමක් යන බවත් එය අප සිතන තරම් පහසු නොවන බවත් ඔහු පැවසීය ,
මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අතර , මා සිටින්නේ සජීවී වැඩ සටහනක බව මට අමතක විය ,
තානාපති කාර්යාලයේ ගෝනියක් තිබේදැයි මම ගරු තානාපති තුමාගෙන් අවිනීත ලෙස ප්‍රශ්න කලෙමි ,
එතුමා ඒ ඇයි දැයි මගෙන් විමසීය ,
කරුණාකර එම ගෝනිය තානාපති කාර්යාලයේ දොරටුව අසල තබන ලෙස මම ඉල්ලා සිටියෙමි .
''නාරද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විහිලුවකට ගන්න එපා , මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වන්නට ඔබට ඕනෑම දෙයක් කිව හැකි නමුත් මේ ප්‍රශ්න ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙණු , ඔබ ඔබේ කටයුතු කරගෙන සිටින්න .'' යැයි ඉතා වෘත්තියමය අයුරින් සහ ඉවසීමෙන් ඔහු පැවසීය ,
අපට අපේ දැරියකගේ ජීවිතය පිළිබඳව වේදනාවක් ඇති බවත් , වැසිකිලි හෝදන , කාණු පිරිසිදු කරණ මන්දිර වල බැල මෙහෙවරකම් කරන දිළිඳු මිනිසුන්ගේ රුධිරය කකියන බවත් , ඒ මිනිසුන් ගේ දුප්පත් වැටුපෙන් රියාල් එක බැගින් පෝලිමේ විත් ඔබේ ගෝනිය පුරවා දෙන්නට අප සපථ කරන බවත් මම ඔහුට පැවසීමි .
මගේ දෑස් වල කඳුළු කැමරාවෙන් වසන් කර ගැනීමට උත්සහ කළද මගේ කටහඬේ බිඳුණු ස්වරය ලෝකයට ඇසුනි . දහස් ගණනක් දෙනා එක හඬින් අසරණ දැරිය වෙනුවෙන් හඬ නගන්නට විය . ඈ ඒ කිසිවක් නොදැන අඳුරු සිරකුටියේ මරණ භයෙන් තැතිගෙන සිටි මොහොතේ අප ඇය බේරා ගැනීමේ සටන අරඹා තිබිණි ,
ඊ ළඟ මොහොතේ ඇමති වරයා දුරකතනයෙන් සම්බන්ධ විය , ඔහු වහාම මේ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නියෝජ්‍ය ඇමති බාහිලා මහතා හෙටම රියාද් නුවරට පිටත් කරන බවත් පොරොන්දු විය , ඉනික්බිති ලංකාවේ දේශපාලකයින් , මාධ්‍ය මේ පිලිබඳ පුවත් මවන්නට විය .
එතැන් පටන් සිදු වූ සිද්ධි දාමය එතරම් ප්‍රීති දායක නොවේ , කොළඹ සරසවියේ නීති පීඨයෙන් පිට වුන අපට වඩා ඉහළ වසරක උගත් නීතිඥයෙක් වූ තානාපති කාර්යාලයේ නීති නිලධාරියා විශාල කැපවීමකින් කටයුතු කළ නමුත් , ලිපි ගොනු සැඟවීම වැනි බාධක ඔහුට එල්ල විය , ඇතැම් විට අපට රහසිගතව මෙහෙයුම් දියත් කරන්නට සිදු විය .
නීතිමය පිළිසරණ ඉතා අල්ප බව වැටහෙන්නට පටන් ගත විට ලාංකික සේවකයන් මාර්ගයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු හඳුනා ගත් මා මියගිය දරුවාගේ දෙමාපියන් වෙත කිට්ටු කලෙමි .
එරට ශාරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පමණක් ලේ වන්දිය ලෙස මුදලක් රැගෙන රිසානාට සමාව දීමේ හැකියාව තිබිණි . සෞදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකක උසස් නිලධාරීන් වූ මියගිය දරුවාගේ දෙමාපියන් වෙත පණිවුඩ කරුවන් යොමු කළෙමි , එකළ එහි සේව්‍ය කළ බොහෝ දුප්පත් මිනිසුන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබිණි ,
දරුවාගේ පියා විශාල මුදලක් ලේ වන්දිය ලෙස ලබා ගැනීමට කැමැත්ත පල කළද මව එක හඬින්ම කියා සිටියේ රිසානාගේ රුධිරය දැකීමට ඇයට අවශ්‍ය බවයි .
එහෙත් අප උත්සාහය අත නොහැරියෙමු , ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාත් , බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරාත් සෞදි රජුගෙන් දැරියට සමාව දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි ,
බාල වයස්කාර දැරියට මරණ දඬුවම නියම කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට අපේ නීතිඥයින් තර්ක කරමින් සිටියේය .
සියල්ල තීරණය වන්නේ මවගේ කැමැත්ත මත බව තේරුම් ගත් අප ඇය කැමති කරවා ගැනීමේ වෑයම අත නොහැර කරගෙන යමින් සිටියෙමු .
අවාසනාවට ආර්ථික හේතුන් මත නෙත් රුපවාහිනිය නවතා දැමීමට සිදු විය .
අපේ රුපවාහිනී තිරයේ සංඥා නොමැති බව දක්වන පණිවිඩය දෙස බලාගෙන මගේ කාර්යාල මේසය මත මම හඬමින් සිටියෙමි . ඒ මොහොතේ ගලා ගිය කඳුළු වල වැඩි බරක් රිසානා වෙනුවෙන් වෙන්ව තිබිණි .
වසර 8 ක නඩු විභාගයකින් පසුව 2013 ජනවාරි 9 වනදා පෙ ව 11.40 ට රියාද් හී දවද්මි වධක භූමියේදී මරා දැමිණි .
රටේ පවතින අනන්ත දරිද්‍රතාවයෙන් මිදෙන්නට තම ලෙයින් මසින් තැනූ දියණිය අඩු වයසක් යොදා මාරු කතරට යැවූ දෙමාපියන්ටත් , දිළිඳු මිනිසුන්ගේ ජීවන වේදනාව මත සුඛෝපභෝගී ජීවිත ගෙවන මුග්ධ දේශපාලකයන්ටත් අද රිසානා අමතක වී තිබිය හැකිය .
එහෙත් ඈ මගේ දියණිය මෙන් . ඈ මගේ සොයුරිය මෙන් මගේ හදවත පතුලේ රිදුම් දෙමින් මා මියයන තුරුම සිටිනු ඇත . අදටත් මේ රටේ මිනිසුන්ට කිසි විටෙකත් අවශ්‍ය නැති කුණු කන්දල් අලෙවි කරණ මාධ්‍ය පිළිබඳව මට පිළිකුලක් තිබේ ,
කාලකන්නි දේශපාලකයන්ට කඩේ යනවා වෙනුවට , රටක ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්නට රුපවාහිනිය වැනි මාධ්‍යයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් සපයන්නට අපට හැකි විය .
එවැනි මාධ්‍ය සිහිනයක් අවසන් හුස්ම දක්වාම මා තුල තැන්පත්කළ දැරිය අද වැනි දවසක ගෙළ කපා මරා දැමූ , ඒ බියපත් දෑසේ හිමිකාරියයි ,
රිසානා වැනි තවත් දස දහස් ගණනක් අදත් වැලි කතරේ දුක් විඳියි .
ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරමි
රිසානා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඔබේ සහජාත දියණියට අත් වුවහොත් ඔබ කුමක් කරන්නේද ?
එහෙත් රිසානා ඔබේ දියණිය නොවේ ,
එහෙයින් ඇගේ මරණය ඔබට ඉවසා දරා ගත හැකිය ,
අප සැබවින්ම මිනිසුන්ද ?
නාරද විජයසූරිය"
රිසානා නෆීක්ව මරා දමනු ලැබීම අත්වැරදීමක ප්‍රතිඵලයක් බව හෝ එක් හුදෙකලා සිදුවීමක් බව යමෙකුට කියන්නට පුළුවන. ඉහත සටහන සමඟම කියවිය යුතුයයි මා සිතන නදීර විජේසිංහගේ පහත බ්ලොග් සටහනේ විස්තර කෙරෙන සිදුවීමනම් කෙසේවත් අත්වැරදීමක් නොවේ.
සාධාරණත්වය උදෙසා අරගලය
Labels:
ආකල්ප,
නීතිය,
මරණය,
මානව හිමිකම්,
මැද පෙරදිග,
ශ්‍රමික ප්‍රේෂණ,
ළමා හිමිකම්
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
සවුදි අරාබියෙට බ්‍රිතාන්‍ය වගේ රටවල් ආයුධ විකිණීම ලොකු ප්‍රශ්නයක්. අමෙරිකාවත් රුසියාවත් විකුනනවා. එසේම ලංකාව වගේ රටවල් තෙල් ගන්නවා . ඕව නිසා තමයි සවුදියේ ඕන වැරැද්දක් ඉවසගෙන ඉන්නේ හැම රටක්ම
ReplyDeleteඅජිත් කියන කරුණ ගැන වාදයක් නැතත් ඕක එක පැත්තක් පමණයි. දැන් මේකෙන් කියවෙන්නේ සවුදියේ වෙන "වැරදි" දේවල් අනෙක් රටවල් විසින් නිවැරදි කළ යුතු බවනේ. කොයි රටේ ඉන්නෙත් මිනිස්සු කියා හිතුවහම එවැනි මැදිහත්වීම් වලට මුළුමනින්ම විරුද්ධ වෙන්න බැරි වුනත්, ඒ දේවල් වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ කැමැත්තෙන්නම් එය වෙනස් කරන එක අමාරු වැඩක්. දැන් ඇමරිකාවෙත් තවම මරණ දඬුවම තියෙනවනේ. මරණ දඬුවම අවශ්‍යයි කියා බහුතරයක් හිතන කොට සුළුතරයකට එය වෙනස් කරන්න බැහැ. ප්‍රාන්ත එකින් එකේ මරණ දඬුවම අහෝසි කරන්න යෝජනා සම්මත වෙද්දී, ඇතැම් ප්‍රාන්ත වල අපරාධ අඩු කරන්න කියලා අහෝසි කරපු මරණ දඬුමව නැවත ගේන්න යෝජනාත් ඉස්සරහට එනවා. මිනිස්සු හිතන ආකාරය අනුවයි අන්තිමට කටයුතු සිදු වෙන්නේ. දැන් මේ සිද්ධිය කොයි තරම් කණගාටුදායක එකක් වුනත් ඒක සවුදි නීතිය. ඒ නීතිය සවුදි මිනිස්සුන්ගේ කැමැත්ත (එහෙම නෑ කියා තර්ක කරන්නත් පුළුවන්). නමුත් ලංකාවෙන් යන ගොඩක් අය යන්නේ එහේ නීති ගැන හරි අවබෝධයක් නැතුව. ගුවන් තොටුපළේ කොළ ටික පුරවගන්නවත් නොදන්නා අයනේ ඇතැම් අය. මගේ අදහසනම් එහෙම තැනකට බාලවයස්කාර දැරියක් හොර උප්පැන්න හදා යවන වෙලාවෙමයි ඇයව ඝාතනය වෙන්නේ.
Deleteඅවුරුදු 30 කට අධික කාලයක්, රටේ මිනිස්සු මැරෙන දිහා බලන් ඉඳලම, අපිට තවත් ජීවිතයක් කියන දේ, බල්ලෙක් බළලෙක් තරම් වත් වටිනාකමක් දැනෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා නේද?
Deleteඉකොනො, ඔබ කියන දේ හරි. "එහෙම තැනකට බාලවයස්කාර දැරියක් හොර උප්පැන්න හදා යවන වෙලාවෙමයි ඇයව ඝාතනය වෙන්නේ". ඇත්තටම තව ටිකක් එකතු කලොත්, බාලවයස් දැරියක් ඝාතනය වෙන්නේ ඊටත් කලින්. මම අපේ නාරද විජේසූරිය මහත්මයාගේ ලිපිය කියවද්දී, මමත් ඒ දැරිය වගේ ඒ වයසේ කෙල්ලෙක් වෙලා හිටියේ කොයි කාලේද කියල හිතුව. අවුරුදු දා හතේදී මම උසස් පෙළ සඳහා ඉගෙන ගන්නව. බස් එකට ගිහින් ඇරලවන්නේ තාත්ත. ගෙදර උයන පිහන කටයුතු කරන්නේ අම්ම. ඉතින් ඒ වයසේදී පොඩි දරුවෙකු බලාගන්න ගෙදරක මෙහෙකාරකමට මාව යැවුවා නම්, මටත් ඔය ඉරණමම අත් වෙයි, මොකද මටත් ඒ කාලේ බබෙක් කන්ෆිඩන්ට් විදියට වඩාගන්න වත් බෑ. අපේ පවුල ඇතුලේ ලොකු ආර්ථික වැටීමක් තිබුණා නම්, මගෙත් ඇගේත් ඉරණම එකම වෙන්න ඉඩ තිබුණ.
අපේ රටේ හිතන පතන විදිය එක්ක, අපි දරුවෝ හදන්නේ උන්ට කන්න අඳින්න උගන්නන්න සල්ලි තියනවද, ස්ථාවරයක් තියනවද කියල හිතල නෙවෙයි, නිකම් ජොලියට වගේ. ගෙදර පාලු මකන්න, අහල පහල අයගේ, නැන්දම්මා මාමණ්ඩි ගේ කටවල් වලින් බේරෙන්න, ආගම ජාතිය පවත්වගන්න, ඔන්න ඔය වගේ හේතු වලට තමයි අපි ළමයි හදන්නෙ. මම ඉන්නවා ගෑණු විතරක් ඉන්න ෆේස්බුක් ග්රූප් කිහිපයක. ඒ ගොඩක් ඒවගෙත් කට්ටිය දරන මතය තමයි, "දරුවෝ සම්පතක්, ඒ නිසා දරුවෝ ගොඩක් ඕන" කියන දේ. ඒ සම්පතක් වගේ දරුවොන්ගේ, අනාගතේ ගැන හිතන පිරිස අඩුයි. ඒ දරුවොන්ට හොඳ අධ්‍යාපනයක්, පෝෂණයක් ලබා දෙන්න පුළුවන්ද කියල කවුරුහරි ප්‍රශ්න කලොත්, ඒ NGO වලින් සල්ලි ගන්න කෙනෙක්, හෝ බටහිර කුමන්ත්‍රණ කාරියක්. එහෙම බැලුවොත්, අපේ දරුවෝ ඝාතනය වෙන්නේ, "බල්ලෝ බළල්ලු පැටවු ගහනවා වගේ ළමයි හදන්න ඕන" කියල හිතන තැනදී මයි. එහෙම බැලුවොත් මේ මරණයට අපි හැමෝම වගකියන්න ඕන.
ඉකොන් ඒක සවුදි නිතිය නෙමෙයි. ලංකාවේ අය වැරදියි තමා. එතන විවාදයක් නැහැ. නමුත් වැරදියි කියමු සවුදි එවුන්ට බහ දැරිවියක් මරන්න. ඇය වැඩිහිටියෙක් නෙමේ. ඕක එංගලන්තේ පාස්පෝර්ට් තියෙන කෙනෙකුට වුනානම් එංගලන්තය කෙලින්ම කතා කරලා වැඩේ ශේප් කර ගන්නවා. අනිත බටහිර රටවලුත් එහෙමයි. හොඳයි නීතියට ගරු කරලා ඉන්නවා නම් , අයි ඉරේකෙට ගහන්න ගියේ. ගැහුවේ. ඇයි ලිබියාවට ගැහුවේ ගඩාෆි මානව අයිතීන් කඩනවා කියල (ඒක ඇත්ත තමයි ඒකාධිපතිය ) දැන් ලිබියාව ඉවරයි. වහල වෙළඳාම තදින් යනවා ඒ රටේ. එතකොට සිරියාවට ගැහුවා අසාද් මිනිස්සු මරනවා අරක මේක කියල. ඒ වැරදීම සවුදිය කරනවා එකෙක් මීක් නැහැ. යේමනයට බෝම්බ දමනවා එහෙන්. මිනිසුන්ව අසාධාරන් ලෙස මරනවා. අර කෙශෝගී කියන ජර්නලිස්ට් මරපු එකත් සවුදි නීතියට අනුව හරිද එතකොට අර බ්ලොග් කරුවට කස පහර 1000 දෙන එක. මේ බටහිර සහ යුරෝපිය රටවල් සල්ලි වලට කට වහගෙන් ඉන්න එක වැරදියි. සවුදිය කියන්නේ ඉතාම අමානුෂික රටක්.
Deleteමානවිකාව ඔය කතාවම කෙනෙක්ගෙන් ඇහුව මම. එයා දානවා සිංහල අම්මලට දරුවෝ හදන්න හදන්න කියල පෝස්ට් . එයාට දරුවෝ දෙන්නයි. ලඟදි මම ඇහුව එයාගේ වයිෆ් ගෙන් තව ළමයි හදනවා නේද? එයා කියනවා මොන පිස්සුද මේ දෙන්නත් අමාරුවෙන් කරන්නේ කියා. පස්සේ මම එතනම හිටි අර එයාගේ මහත්තයගෙන් ඇහුව ඔයා මේ දිගට හරහට දරුවෝ වන්න කියල බුකියේ පෝස්ට් දාන කොට මම හිතුව තව ළමයි හදනවා කියල. මිනිහ කියනවා එයාලට බැරිලු. ඒවා විහිළුවට වගේ දාන ඒවලු.
Deleteඅජිත් කියන්නේ බටහිර රටවල් වල එක් එක් මැදපෙරදිග රටවල් සම්බන්ධ ප්‍රතිපත්ති සමාන නැහැ කියන එකනේ. ඒ ප්‍රකාශය සමග එකඟයි. එය ඉතා පැහැදිලි දෙයක්නේ. එය වැරදියි කියන එකටත් එකඟයි. ජමාල් ඛශෝගී මරපු එක නීතියට පිටින් සිදු වූ දෙයක් කියන එකටත් එකඟයි. නමුත්, මම දන්නා තරමින් රිසානාට මරණ දඬුවම දීපු එක සිදුවුනේ සවුදි නීති රාමුව ඇතුළේ. ඒ වෙනුවෙන් දැඩිව පෙනී සිටියේ මියගිය දරුවාගේ මවයි. පියා ලේ වන්දියක් ගන්න කැමති වී සිටියත් මව කැමති නොවීමනේ ලොකුම ප්‍රශ්නය වුනේ. ඇය හිතන ආකාරය අනුව යුක්තිය ඉටුවීම කියන්නේ රිසානාට මරණ දඬුවම දීමයි. ඇය වැනි වෙනත් සවුදි කාන්තාවන් විශාල පිරිසක් වුවත් හිතනවා ඇත්තේ ඒ විදිහටයි. සවුදි නීති රාමුවට අනුව හරි දේ සිදු නොවුනානම් ඒ බව පෙන්වා දී සවුදි නීති රාමුව ඇතුලෙම ඇයව බේරගන්න ලංකාව නියෝජනය කළ කිසිවෙකුට නොහැකි වීම ප්‍රශ්නයක්. කොතරම් දුරකට එවැනි ඉඩක් තිබුණාද කියා මම දන්නේ නැහැ. ඔබ කියනවා වගේ ඇයට බ්‍රිතාන්‍ය හෝ ඇමරිකන් ගමන් බලපත්‍රයක් තිබුණානම් නීතිය නැමෙන්න ඉඩක් තිබුණා. එය දේශපාලනික තලයේ සිදුවන දෙයක්. ලංකාවට එවැනි ශක්තියක් නැති බව මේ සිදුවීමේදී පැහැදිලි වුනා. සවුදියේ මිනිස්සු හිතන ආකාරය හා ඒ රටේ නීතිය වෙනස් කිරීම සංකීර්ණ කරුණක්. එය හදිසියේ කරන්න බැහැ. එය වෙන්නනම් මුලින්ම ඒ රටේ මිනිස්සුන්ට එවැනි අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕනෑ. රහෆ් අල්කුනන් සිද්ධිය වගේ දේවල් තව වෙන්න ඕනෑ. නමුත්, එතෙක් එහි තත්ත්වය නොදැන ලංකාවෙන් යන අය අමාරුවේ වැටෙන එක ගැන යමක් කරන්න බැරි කමක් නැහැ. ඔය විදිහට හොර උප්පැන්න හදා එහි යවා තිබෙන එකම බාලවයස්කරුවා රිසානා කියා මම හිතන්නේ නැහැ. ඇයට මරණ දඬුවම නියම නොවුනානම් ඒ බව එළියට එන්නෙත් නැහැ. ප්‍රධාන ප්‍රශ්නය මේ මිනිස්සුන්ගෙන් ගන්න දේ තරමට මෙවැනි අවදානම් අඩු කරන්න හා ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් දෙයක් සිදු නොවීමයි.
DeleteAjith DharmaJanuary 9, 2019 at 5:26 PM
Deleteසවුදි අරාබියෙට බ්‍රිතාන්‍ය වගේ රටවල් ආයුධ විකිණීම ලොකු ප්‍රශ්නයක්....../////
මේවගේ පරගැති සංක්‍රමිකයෙක් ඒ රටට සංක්‍රමණය වෙලා ඒ රටේ ලැබෙන පොදු වරප්‍රසාද ලබාගෙන තවත් ඒවා ලබා ගන්න ගමන් කියන දේවල් ඒ රටේ උපන් එවුන්ටත් ප්‍රශ්නක් නැති නම් මෙ උලමට තියන කැකකුම මොකද්ද ඔච්චර ඔය ගැන . එංගලන්ත පුරවැසි බාවය ලබාගන්නකොට දෙන දිවුරුමේ මොනවද කියලද දිවුරලා පොරොන්දුවුනේ ...එහෙම දිවුරලා වෙන වැඩ කරනවා. අඩු වචයෙන් ඒවාට විරුද්දව තියන රැලියකටවත් සහබාගිවෙනවද .. අපොයි නැ ඒවාට යන්නේ නෑ. එතකොට කියන්නේ අපිට ඇදලා නැ කියලා ..//
මෙ සංක්‍රමික පරගැති නයකාරයා යන යන තැන වන කරනවා එංගලන්තේ සිට ලංකාව් හදන්න හදනවා අපේ රටේ දුප්පත් මිනිස්සු මොන ක්‍රමයකින් හරි ජිවිතේ ගැට ගහලා දියුණුවක් පතනවා
මුන් එකට එක එක විකාර ලියනවා
මෙහෙමත් කාලකන්නි ඔච්චරම් යමක් ලංකාවට කරන්න ඕනෙනම් අහවල් යායවල් අටවාගෙන ලි කෙලිසම්මාන උළෙලවල් ඔගනයිස කරලා සල්ලි යටිමඩි ගහන්නේ නැතව
ලංකාවේ ජනජීවිතය නංවන්න ඇවිල්ලා දේශපාලනය කරනවාකෝ ඉවරනේ කතන්දරේ එතකොට. ඇඳි පුටුවේ දිගාවී විවේචනය නොකර. එහෙම කරන්න වැඩක් නැත්තනම් තමුසෙලාවගේ එවුන්ට වරපරසාද ලබාගන්න මහන්සිවෙලා වැඩ කරකරලා ටැක්ස්ගෙවපු රටේ වයසක උන්දලට කන්න දෙන "විල්ස් ඕන් මීල් " එකක ඩයිවර් වැඩේ කරනවා ඔයි
Agree with most of your opinions econ, but can’t agree with this.
DeleteI think the main problem is that the Islamic countries (or religion) does not value the principals of humanity. Regardless of the context (religions, country, how people were brought up, etc.) , there are certain implicit values/morality of humanity.
The institutions that are supposed to make a voice are blinded with the wealth associated with countries like Saudi. Or they don’t want to muddy the water even further, as there is enough calamity in middle east already.
රිසානා නෆීක් නංගියේ
ReplyDeleteදුටුවාද නුඹ
කැපූ අතැඟිලි තුඩින්
පෙරාගෙන ලේ කඳක්
නගාගෙන මර හඬක්
ගිනියම් වැලි කතරේ
සවුදි සුරපුරයේ
දිවයන මිනිසෙක්
තවත් වින්දිතයෙක්
කතා කරපන් ඔහුට
නම කියා මහ හඬින්
ජමාල් කෂෝගී!
ජමාල් කෂෝගී!!
හොඳ නිසඳැසක්
Deleteමා දන්නා පරිදි සෞදි නීනිය අනුව නඩුවකදී යම් පුද්ගලයෙක් බාල වයස් කාරයෙක්ද? වැඩිහිටියෙක්ද යන් කරුන තීරණය කරන්නේ විනිසුරුවරයා විසිනි.
ReplyDeleteඒ අනුව 18ට වැඩි අයෙක් බාල වයස්කාරයෙක් හැටියට හැඳින්වීමට හැකි අවස්ථාද 18ට අඩු අය වැඩිහිටියන් ලෙස සැලකිය හැකි අවස්ථාද පවතින්න පුළුවන්. The End of the F***ing World නමැති බිරිතානි ටෙලිනාට්‍යයේ 18ට අඩු වුන් ලමුන් ලෙසන් වැඩි වුන් වැඩිහිටියන් ලෙසත් හඳුන්වන බටහිර සම්ප්‍රදාය විවේචනය කරන අයුරු දකින්න පුළුවන්.
ඉකොනොමැට්ටා නාරද විජයසූරිය කියන්නේ මහා උතුම් මුනිවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන් වෙන්නට පුළුවන්. ඉකොනොමැට්ටා පන්සල් යද්දි පොඩ්ඩක් පරිස්සමෙන්, විශේෂයෙන්ම පොඩි ළමයි එහෙම
ReplyDeleteපන්සල් යවද්දි. වැඩුණු කාන්තාවන්ටත් පන්සල් යද්දි බලහත්කාරකම් වෙනවා නම් පොඩි ඈයෝ මොනව දන්නවා කියලද?