ඇමරිකාවේ ජනාධිපතිවරණයට තවත් සති පහක් පමණයි තියෙන්නේ. කෝවිඩ් අර්බුදය නිසාත්, ඉන් පසුව ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය එක්ක මතු වූ තත්ත්වයන් එක්කත් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය යම් තරමකින් පහත වැටුණා කියලා මම හිතනවා. පසුගිය අවුරුද්දේ අන්තිම කාලය වගේ වෙද්දීත් ඇමරිකාවේ ජාතිකවාදී ප්‍රවණතාව සෑහෙන තරමට පීක් වෙලයි තිබුණේ. ජනවාරි මැදදී ඇමරිකාව චීනය එක්ක වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් සංකේතවත් වුනේ වසර ගණනක් ඇදුණු ඇමරිකා-චීන වෙළඳ යුද්ධය ඇමරිකාව විසින් ජයග්‍රහණය කිරීමක් කියා කියන්න බැරි කමක් නැහැ.
ඔය දවස් වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තේ මාර්තු මැද ඉඳලා. සේවා ස්ථානයට යන්න මිනිත්තු හතළිස් පහක් විතර යනවා. ඔය යන එන අතරේ මම සාමාන්‍යයෙන් එෆ්එම් නාලිකාවකට සවන් දෙනවා. සමාජ දේශපාලනික කරුණු සාකච්ඡා කරන ප්‍රාදේශීය නාලිකාවක්. ටිකක් රිපබ්ලිකන් පැත්තට බරයි. වාහනයේ යද්දී හොඳින්ම ඇහෙන්නේ ඔය නාලිකාවයි.
ඔය එෆ්එම් චැනල් නඩත්තු වෙන්නේ වෙළඳ දැන්වීම් වලින්නේ. ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකාවක එහෙමත් නැත්නම් වෙබ් අඩවියක කොයි තරම් වෙළඳ දැන්වීම් දමනවාද කියන එකත් සංකීර්ණ ප්‍රශ්නයක්. වෙළඳ දැන්වීම් වැඩිපුර ලැබෙන්නේ අසන්නන්, නරඹන්නන් හෝ කියවන්නන් වැඩි වන තරමටයි. හැබැයි මේ අය ආකර්ෂණය වන්නේ වෙළඳ දැන්වීම් නිසා නෙමෙයි. වෙළඳ දැන්වීම් වැඩි වුනොත් ඇත්තටම වෙන්නේ අසන්නන්, නරඹන්නන් හෝ කියවන්නන් අඩු වෙන එකයි. එවිට අවසාන වශයෙන් වෙළඳ දැන්වීමුත් නැතිව යනවා. ජනප්‍රිය ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකා ලෙස හරි වෙබ් අඩවි ලෙස හරි දිගටම පවතින්නේ ප්‍රසස්ථ වෙළඳ දැන්වීම් ප්‍රමාණය හරියට තෝරා ගත් අයයි.
මේ වගේ මාධ්‍යයක ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම් ප්‍රමාණය වගේම ඒ වෙළඳ දැන්වීම් මොනවාද කියන එකත් නිවැරදිව තීරණය කළ යුතුයි. රිපබ්ලිකන් පැත්තට බර නාලිකාවක් වැඩිපුර අහන්නේ ඒ දේශපාලන මතයේ ඉන්න අය. ඩිමොක්‍රටික් පැත්තට බර නාලිකාවක් වැඩිපුර අහන්නේ ඩිමොක්‍රටික් දේශපාලන මතයේ ඉන්න අය. අපි වගේ අහම්බෙන් ඔහේ අහුවුණු නාලිකාවක් අහන අයත් ඉන්නවා තමයි.
ඔය කලින් කියපු නාලිකාවේ නිතර ඇහුනු එක වෙළඳ දැන්වීම් ශානරයක් වුනේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ඒවා. මොකක් හෝ අදාළ භාණ්ඩය ගැන කියද්දී මේ වගේ කතාත් කියනවා.
"සම්පූර්ණයෙන්ම දේශීය අමුද්‍රව්‍ය වලින් හදා ඇත."
"අප අමුද්‍රව්‍ය ලබා ගන්නේ දේශීය සැපයුම්කරුවන්ගෙන් පමණයි."
පාරිභෝගිකයාට වැදගත් වන්නේ අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය හා මිල පමණක්නම් අමුද්‍රව්‍ය ආවේ කොහෙන්ද කියන එක වැදගත් නැහැනේ. එහෙමනම්, ඔය වගේ කතාවක් කිවුවා කියලා අමුතුවෙන් භාණ්ඩ විකිණෙන්න හේතුවක් නැහැ. නමුත්, මේ වගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන එකෙන් පෙනෙන්නේ දේශීය අමුද්‍රව්‍ය වලින් පමණක් හදන භාණ්ඩයක ආනයනික අමුද්‍රව්‍ය යොදාගෙන හදන භාණ්ඩයක නැති අමතර වටිනාකමක් තිබෙනවා කියන එකයි.
සමහර විට මේ අමතර වටිනාකමට හේතුව තිබෙන්නේ අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය පිළිබඳ විශ්වාසයන්හි වෙන්න පුළුවන්. වාහන අමතර කොටස් මිල දී ගන්න කොට ජපන්ද තායිවාන්ද කියන එක අනුව ගුණාත්මක භාවය පිළිබඳ විශ්වාසය වෙනස් වෙනවා වගේ. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්.
ඇමරිකානුවන්ගේ ජාතිකවාදී හැඟීම වැඩිවන තරමට දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන හදපු භාණ්ඩ සඳහා වන ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. මෙහිදී ගුණාත්මක භාවය වැඩි වෙන්න අවශ්‍ය නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගැනීම කියන එකම භාණ්ඩයේ ගුණාත්මක භාවය බවට පත් වීමක්.
ඇමරිකානුවන්ගේ ජාතිකවාදී හැඟීම වැඩි වන විට සමාන ගුණාත්මක භාවයක් තිබෙන ඇමරිකානු භාණ්ඩයක මිල ආනයනික භාණ්ඩයක මිලට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත්, ඇමරිකානුවන්ගේ ජාත්‍යන්තරවාදී හැඟීම වැඩි වන විට මේ වෙනස නැති වෙලා සමාන ගුණාත්මක භාවය තිබෙන දේශීය හා ආනයනික භාණ්ඩ වල මිල සමාන වෙනවා.
භාණ්ඩයක උපයෝගීතා අගය පමණක් සැලකුවොත් මේ වෙනසට හේතුව පැහැදිලි කරන්න බැහැ. මෙහිදී වෙන්නේ ජාතිකවාදී ඇමරිකානුවන්ට තමන්ගේ එම ජාතිකවාදී හැඟීම නඩත්තු කිරීම සඳහා මිලක් ගෙවන්න සිදු වීමයි. එහෙමත් නැත්නම් ඔවුන්ගේ මතවාදය නඩත්තු කිරීමේ මිල වෙළඳපොළ තුළ නිශ්චය වීමයි.
මේක මහා අමුතු දෙයක් නෙමෙයි. සන්නාම වෙනුවෙන් ගෙවන මිලත් බොහෝ විට මේ වගේම මිලක්. ස්පොන්ජ් බොබ් වගේ කාටුන් චරිතයක් මුද්‍රණය කළ ළමා ඇඳුමක මිල වෙනත් එවැනිම ඇඳුමක මිලට වඩා වැඩියි. ඒ වගේම, මේ මිල මේ ආකාරයට තීරණය වෙන්න මුදල් ගනුදෙනු සම්බන්ධ විය යුතුම නැහැ. ඇතැම් දේශපාලන මතවාද විශ්වාස කරන අය එම මතවාද වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියන්නේත් තමන්ගේ දේශපාලන මතවාදය නඩත්තු කිරීම වෙනුවෙන් එහි මිල ගෙවන එකයි.
ධනවාදය තුළ ලාබ ලබන්න පුළුවන් වෙන්නේ වටිනාකම් නිර්මාණය කළ හැකි අයටයි. වටිනාකම තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසින්. පාරිභෝගිකයින් විසින් වටිනාකම් තීරණය කරන්නේ නිරපේක්ෂ අවකාශයක නෙමෙයි. ඔවුන්ගේ දේශපාලන, ආගමික, සංස්කෘතික පසුබිම එයට බලපානවා. ඒ අනුව, පුද්ගලයෙකුට තමන්ගේ දේශපාලන මතවාද, ආගමික විශ්වාස, සංස්කෘතිය ආදිය නඩත්තු කිරීම සඳහා මිලක් ගෙවන්න වෙනවා.
සමාජවාදී රටක මේ විදිහට පුද්ගලයෙකුට තමන්ගේ දේශපාලන මතවාද, ආගමික විශ්වාස, සංස්කෘතිය ආදිය නඩත්තු කිරීම සඳහා අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ සඳහා ගෙවිය යුතු මිල ඉතාම විශාලයි. ඒ නිසා, දෙන පැකේජ් එක කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් භාර ගන්න වෙනවා. ධනවාදී සමාජයක ඒ අවස්ථාව ලැබෙනවා. හැබැයි නොමිලේ නෙමෙයි!
කිසියම් පුද්ගලයෙකු දේශපාලන මතවාදයක, ආගමික විශ්වාසයක හෝ සංස්කෘතියක දැඩිව එල්බගත් තරමට ඒ වෙනුවෙන් දැරිය යුතු පිරිවැයද ඉහළ යනවා. අනෙක් අතට, එවැනි සීමාවන් නැති වූ තරමට පුද්ගලයෙකු සතු වෙනත් අයව සතුටු කර තමන්ගේ ලාබ වැඩි කරගැනීමේ අවස්ථා ඉහළ යනවා.
පහුගිය දවස් වල ලංකාවේ සාකච්ඡා වුනු කරුණු දෙකක් වුනේ ගංජා නිපදවා අපනයනය කිරීම හා හරක් මස් නිපදවීම නවත්වා ආනයනය කිරීමයි. මම කතා කරන්න යන්නේ මේ අදහස් දෙක ගැන මිසක් අදාළ දේශපාලන තීරණ ගැන නෙමෙයි.
ගංජා යෝජනාව අනුව ලංකාවේ ගංජා වවා ගංජා භාවිතය නීතිගත රටවලට අපනයනය කරනවා. එහෙත්, රට ඇතුළේ ගංජා භාවිතය නීතිගත කිරීමක් වෙන්නේ නැහැ. මේ යෝජනාව පසුපස තිබෙන සංකල්පය අනුව ගංජා භාවිතය නරක දෙයක්. එයට හේතුව සෞඛ්‍යමය, ආගමික හෝ සංස්කෘතික කරුණක් වෙන්න පුළුවන්. රට ඇතුළේ ගංජා නීතිගත නොකරන්නේ මොන හේතුවක් හෝ නිසා එය රටට අහිතකර නිසයි. හැබැයි ඒ අහිතකර දෙය වෙන රටක මිනිස්සු භාවිතා කළාට කමක් නැහැ. මොකද අපි යැව්වේ නැතත් ඒ මිනිස්සු ගංජා උරනවා. අපි කරන්නේ පැත්තක ඉඳලා ලාබයක් ගන්න එකයි.
හරක් මස් යෝජනාව අනුව ලංකාවේ හරක් මැරීම තහනම් කරනවා. එයට හේතුව ආගමික හෝ සංස්කෘතික කරුණක් වෙන්න පුළුවන්. නමුත්, වෙන රටක මිනිස්සු අපි වෙනුවෙන් හරක් මැරුවට ප්‍රශ්නයක් නැහැ. අපි වෙනුවෙන් හරක් මරන ඒ මිනිස්සුන්ට ඒ වෙනුවෙන් අමතර මිලක් ගෙවන්න අපි සූදානම්.
මේ කරුණු වල විසංවාදයක් තිබෙන බව ඇතැම් අය කියනවා. බොහෝ විට එහෙම කියන්නේ ජාතිකවාදය කියන එකේ මූලික ගුණාංග ගැන නොසලකමිනුයි.
සමාජවාදය හෝ ධනවාදය වගේ අදහසක් ගත්තොත් එහි තිබෙන්නේ නිශ්චිත අදහසක්. එයින් අදහස් වන්නේ මේ මතවාදයක් දරන සියළු දෙනාම එකඟ වෙනවා කියන එක නෙමෙයි. උදාහරණයක් විදිහට විවිධ සමාජවාද තිබෙනවා. නමුත්, කවුරු හෝ සමාජවාදියෙක් ගත්තොත් ඔහුට හෝ ඇයට සාපේක්ෂව නිවැරදි එක් නිශ්චිත සමාජවාදයක් තිබෙනවා. ඒ අතින් සමාජවාදය වගේම ධනවාදයත් ආගමිකයි. නමුත්, ජාතිකවාද මිසක් ජාතිකවාදයක් කියා නිශ්චිත එකක් නැහැ. එය ජාතිකවාදීන් අතර තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. ජාතිකවාදය කියන සංකල්පය ඇතුළේම තිබෙන වෙනසක්.
ඇමරිකානු ජාතිකවාදය බොහෝ දුරට ආර්ථික ජාතිකවාදයක්. එහෙත්, ලංකාවේ ජනප්‍රියව තිබෙන්නේ සංස්කෘතික ජාතිකවාදයක්. මා මේ කතා කරන්නේ ප්‍රධාන සංරචකය ගැනයි. පුළුල් ලෙස බැලුවොත් ඔය දෙකේම අඩු වැඩි වශයෙන් සංරචක දෙකම තිබෙනවා.
ලංකාවේ ජනප්‍රියව තිබෙන සංස්කෘතික ජාතිකවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ ලෝකයේ විවිධ රටවල විවිධ සංස්කෘතීන් ඇති බව පිළිගැනීම. ඒ නිසා, කවර හෝ හේතුවක් නිසා ලාංකිකයෙක් ගංජා ඉරීම සුදුසු නැති වූ පමණින් වෙනත් රටක පුද්ගලයෙක් ගංජා ඉරීම වැරැද්දක් වෙන්නේ නැහැ. වෙනත් රටක පුද්ගලයෙක් ගංජා ඉරීම වැරැද්දක් නොවන බව ඒ රටේ මිනිස්සු විසින් තීරණය කර තිබෙනවානම් ඒ රටට ගංජා අපනයනය කර ආදායමක් හොයා ගන්න එකේත් වැරැද්දක් නැහැ.
මේ යෝජනාව ප්‍රායෝගික තත්ත්වයන් යටතේ තේරුමක් තිබෙන යෝජනාවක් නොවූවත් සංකල්පීය වැරැද්දක් තිබෙන යෝජනාවක් නෙමෙයි.
හැබැයි හරක් මස් යෝජනාවේනම් සංකල්පීය අවුලක් තිබෙනවා. දැන් මේ යෝජනාව අනුව ලාංකිකයින්ගේ හරක්මස් කෑමේ අයිතිය පිළිගැනෙනවා. හරක්මස් කන්නනම් කවුරු හරි හරක් මරන්න ඕනැනේ. ඒ නිසා, ලාංකිකයින්ගේ හරක්මස් කෑමේ විනෝදය වෙනුවෙන් කොහේ හෝ ඉන්න කවුරු හරි කෙනෙක් හරක් මරන එකත් පිළිගැනෙනවා. නමුත්, ලංකාව ඇතුළේ හරක් මරන්න බැහැ.
යෝජනාවේ පසුබිම ආගමික එකක් වෙන්න බැහැ. බෞද්ධයින් සතුන් මැරීමේ මිස මස් කෑමේ වරදක් නොදකින බව ඇත්ත. ප්‍රායෝගිකව සතුන් නොමරා මස් කන්නනම් වෙන කවුරු හෝ කෙනෙක් සතුන් මැරිය යුතුයි. බෞද්ධයින් කිසිවෙක් හරක් මරන්න කැමති නැත්නම්, හරක් මස් කන්නත් ඕනෑනම් කැමැත්තෙන් හරක් මරන කෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දී එහි මිල ගෙවන්න වෙනවා. එය තමන්ගේ ආගමික විශ්වාස නඩත්තු කිරීම වෙනුවෙන් කැමැත්තෙන් ගෙවන මිලක්.
ආගමික පදනමකින් බැලුවොත් ලංකාවේ හරකෙකුගේත් පිටරටක හරකෙකුගේත් ජීවිත වල වටිනාකම් වෙනසක් තියෙන්න බැහැ. එහෙත්, ආර්ථික පදනමකින් බැලුවොත් වෙනසක් තිබෙනවා. ආනයනය කරන හරක් මස් කිලෝවක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඒ මිල ගෙවන්න වෙන්නේ හරක් මස් කන අයටයි.
සංස්කෘතික පදනමකින් හරක් මැරීම ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ හින්දු හා බෞද්ධ ආගමිකයින්ටයි. ඉස්ලාම් හා කතෝලික/ ක්‍රිස්තියානි ආගමිකයින්ට එහි සංස්කෘතික ගැටළුවක් නැහැ. විශේෂයෙන්ම ඉස්ලාම් ආගමිකයින් අතර හරක් මරන්න කැමති අය ඕනෑ තරම් ඉන්නවා. එවැනි අයෙකු විසින් මරන හරකෙකුගේ මස් කන්න කැමති බෞද්ධයින්ද සැලකිය යුතු පිරිසක් ඉන්නවා. හරක් මස් තහනම නිසා වෙන්නේ ඒ අයට වැඩි මිලක් ගෙවා ආනයනික හරක් මස් කන්නයි.
ඒ වැඩි මිල ඔවුන්ගේ ආගමික හෝ සංස්කෘතික මතවාද නඩත්තු කිරීම වෙනුවෙන් ගෙවන්න සිදු වී තිබෙන මිලක් නෙමෙයි. ලංකාවේ ජීවත් වන වෙනත් පිරිසකගේ ආගමික හෝ සංස්කෘතික මතවාද නඩත්තු කිරීම වෙනුවෙන් ගෙවන්න සිදු වන අසාධාරණ මිලක්. වෙනත් විදිහකින් කිවුවොත් හරක් මස් නොකන අයව වෙනත් පිරිසකගේ සංස්කෘතික ආධිපත්‍යයකට බලහත්කාරයෙන් යටත් කිරීමක්.
මෙයින් පෙනෙන්නේ ආර්ථික ජාතිකවාදයක හා සංස්කෘතික ජාතිකවාදයක තිබෙන මූලික වෙනසක්. ආර්ථික ජාතිකවාදයක් යටතේ කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ සංස්කෘතිය නඩත්තු කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මිලක් ගෙවන්න වෙනවා. සංස්කෘතික ජාතිකවාදයක් යටතේ බහුතර සංස්කෘතිය නඩත්තු කිරීමට අවශ්‍ය නැති අයටත් වෙනත් අයගේ බහුතර සංස්කෘතිය නඩත්තු කිරීමේ උවමනාව වෙනුවෙන් මිලක් ගෙවන්න වෙනවා.
අද මම ඔයාල එක්ක කතාකරන්නෙ උපාධි නොගත්තත්, මොළය භාවිතා කරලා කොහොමද දියුණු වෙන්න කියන කාරණාව සම්බන්ධයෙනුයි..!
ReplyDeleteකතාව මෙහෙමයි දරුවනේ. ඕනෑම මනුස්සයෙක්ගෙ තියෙනවා IQ Score එකයි, Mental Age එකයි කියල දෙකක්.
දැන් හිතන්න, එකම කාලයේ එකම වෙලාවක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උගත් ඉංජිනේරුවෙකුයි ගමේ ත්‍රීවිල් එළවන මනුස්සයෙකුයි ගෙයක් හදන්න ආරම්භ කරනවා කියලා. ඒත්, ඔය සමාජයේ ලොකු භාවිතාවක් තියනව කියල තමන් හිතාගෙන ඉන්න පේරාදෙණියේ ඉංජිනේරුවා ගොඩාක් වෙලාවට (99%) තමන්ගෙ ගෙදර හදන්න ගිහින් හැම දෙයක්ම අනාගන්නවා ඔයාල ඕනතරම් දැකල ඇති.
ඒ වගේම ධනවත් අය වුණත් බොහෝ දෙනෙක් ලොකූ ලොකු සැළසුම් සහ හීන, තමන්ගෙ නිවස මතින් එළියට දාගන්න ගිහින් කෝටි ගණන් නාස්ති කරගෙන, ඕනවට වඩා ලොකු මන්දිර නිර්මාණය කරගන්නවා. අන්තිමට ඒව හදන්න ගත්ත ණය පවා ගෙවාගන්න බැරුව සමාජයේ අසරණ වෙනවා..!
ඒ අතරේ ඔයාලට පාරෙ තොටේ එදිනෙදා මුණගැහෙන හංදියේ ත්‍රීවිල් මල්ලි අඩුම තැනින් හෙට්ටු කරලා බඩු ටික අරගෙන, දුවල පැනලා, වැඩි කාලයක් නොගිහින් තමන්ට ගැළපෙන ගාණට තමන්ගෙ ගේ හදාගන්නවා?
තව ඔයාල දැකල තියනවද අපි වගේ පංතියේ අන්තිම පේලි වල හිටිය අය විවිධ ව්‍යාපාර කරලා, එහෙමත් නැත්නම් සල්ලි පොළියට දීල හරි අවුරුදු 30-35 වෙද්දී කෝටිපතියෝ වෙනවා ?
කොහොමද එහෙම වෙන්නෙ ?
මේ හැමදේකටම අර ගමේ ඉන්න සාමාන්‍ය මනුස්සයට උදව් වුණ Mental Age කියන එක, IQ මට්ටම එක්ක සමපාත වෙලා සමාජයේ සීමිත කොටසකට පිහිටනවා. අන්න එහෙම අය තමන් සතු තාර්කික අවබෝධය, ප්‍රායෝගික දැණුම එක්ක ගළපලා ජීවිතය ජයගන්නවා.
අන්න ඒකයි, අපි රස්සාවකට ගියත් ක්‍රීඩා මොනවද කරල තියෙන්නෙ, එහෙමත් නැත්නම් බාහිර ක්‍රියාකාරකම් මොනවද කරල තියෙන්නෙ කියල අහන්නෙ. තාර්කික බුද්ධිය, එහෙමත් නැත්නම් යාන්ත්‍රික බුද්ධිය හා සමානවම ප්‍රායෝගිකත්වයත් වැදගත් වෙනවා.
දෙයක් පටන් ගන්න කළින් අතේ තියන ගාණට ඒක අවසන් කරන්නෙ කොහොමද කියල සැළසුම් කරගන්න වෙනවා. අන්න ඒකට අපේ මොළයෙ වම සහ දකුණ කියන අංශ දෙකම සමානව වෙහෙසන්න වෙනවා.
ඒ නිසා ඉගනගත්තෙ නෑ කියල දුක් වෙන්න එපා. වඩාත් වැදගත් වෙන්නෙ තමන් ඉගනගත්ත පරිමාවෙන් සමාජයේ ප්‍රායෝගිකව හැසිරෙන විදිය නිවැරදිව අවබෝධ කරගන්න එක පමණයි.
ව්‍යාපාරයක මොනයම් දේටත් වඩා වැඩියෙන් තියෙන්න ඕන මූල්‍ය විනය කියන කාරණාව. ලාච්චුවට වැටෙන සල්ලි සියල්ලක්ම තමන්ගේ ගොඩට එකතු කරගෙන, ඉවක් බවක් නොමැතිව හීන හඹා යන්න ගත්තම මොන ව්‍යාපාරිකයත් කඩන් වැටෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ.
ඒ නිසා ඔබේ වපසරිය (Capacity) හොඳින් හඳුනාගෙන, ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාර නඟා සිටුවාගන්න. අද මම මේ තැන ඉන්නෙ දශක තුනක අත්දැකීම් සහ පළපුරුද්ද මත. අද වෙනකොට මගේ ව්‍යාපාරය ඇතුලෙ වෙන හැමදෙයක් සම්භන්ධයෙන්ම මම හොඳ අවබෝධයක් අරගෙන තියනවා. ඒ අත්දැකීම් මගේ ව්‍යාපාර වලදි මට ගොඩාක් උදව් වෙනවා.
ඒ නිසා, එක රැයෙන් කෝටිපතියෙක් වෙන වාසනාව හැමෝටම හිමි වෙන්නෙ නැහැ කියන එක තේරුම් අරගෙන ක්‍රමානුකූලව ජීවිතයට මුහුණ දෙන්න. මොකද එහෙම අයට කවදාවත් වරදින්නෙ නෑ වගේම වරද්දවන්නත් බෑ.
ඒ නිසා දැන්වත් මොළය වෙහෙසවලා, දියුණු වෙන්න බලන්න. තමන්ගෙම කියල ව්‍යාපාරයක් පොඩියට හරි අතේ තියන මුදලකින් පටන් ගන්න. ගෙදර වැල් දොඩම් තියනව නම්, එක ගෙඩියක් රුපියල් 10 ට විකුණන්න උත්සාහ නොකර, ඒකෙන් ජූස් එකක් හදලා ඒ නිෂ්පාදනය රුපියල් 200 කට අලෙවි කරන්න මහන්සි වෙන්න. අන්න එහෙමයි අපි ජීවිතේ මෙච්චර දුරක් ඇවිත් ජයග්‍රහණය කළේ.
ඩඩ්ලි සිරිසේන මහතාගේ කතාවක් ඇසුරින්...
මේ වගේම දෙයක් ලන්කාවෙ හලාල් ලාන්චන තියෙන නිශ්පාදන වලටත් තියෙනවා නේ. අපි ඒ නිශ්පාදන මිලදී ගන්නෙත් අසාදාරන මිලකටනේ.(ආගමික කෝනයකින් බලන්නෙ නැතුව අදහස විතරක් ගන්න)
ReplyDeleteඔය ගැන මම විස්තරාත්මකව ලියල තියෙනවා. පහත ලිපිය කියවන්න.
Deletehttp://economatta.blogspot.com/2015/06/blog-post_16.html
එම ලිපියේ තිබෙන කරුණු වලට අමතර ලෙස, හලාල් සහතිකය නිසා (ලංකාවේ) වෙළඳපොළ විකෘතියක් සිදු වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ හලාල් නොවන මස් විකුණන එක රජයෙන් තහනම් කළොත් පමණයි. ලංකාවේ මස් වෙළඳපොළේ තිබෙන්නේ ස්වභාවික සමතුලිතතාවයක්. ඒ වගේම හලාල් අවශ්‍ය නැති කිසිවෙකුට "අසාධාරණ මිලකට" හලාල් මිල දී ගන්න වෙන්නේත් නැහැ. හලාල් මස් වෙළඳපොළේ නැති වුනොත් (දිගුකාලීනව) මස් මිල තවත් වැඩි වෙන එකයි වෙන්නේ. හලාල් අවශ්‍ය නොවන අයත් හලාල් මස් මිල දී ගන්නේ සහතිකයට ගෙවීමෙන් පසුවත් හලාල් මස් මිල අඩු නිසා.
නමුත්, හරක් මස් නිෂ්පාදනය තහනම් කර ආනයනය කිරීමේදී සිදු වෙන්නේ වෙළඳපොළ විකෘතියක්. එහි ප්‍රතිඵලය සියළුම පාරිභෝගිකයින්ට අසාධාරණ මිලක් ගෙවන්න සිදු වීමයි. තහනමෙන් පසුව ආනයන බලපත්‍ර ක්‍රමයක් ආවොත් සුළු පිරිසකට විශාල හා අසාධාරණ ලාබයක් උපයා ගැනීමේ අවස්ථාවක්ද හිමි වෙනවා.
හරක් මැරීම තහනම් කිරීම සඳහා සාධාරණ හේතු තිබෙනවා. පහළින් ප්‍රාජේ කියා ඇති ආකාරයේ. නමුත්, මේ අවස්ථාවේදී එවැනි හේතු ප්‍රබල ලෙස ඉදිරිපත් වී නැහැ.
ලංකාවෙ හරක්මස් ගැන මට තියන අකමැත්ත නොදියුණු, අකාර්යක්ෂම, අධි වේදනාකාරී ඝාතනාගාර. මධ්‍යස්ථ මතවලට මෙහෙ අඩු ඉඩක්නෙ තියෙන්නෙ. මෙහෙ තියෙන්නෙ මැරීම තහනම හෝ නෑ මෙහෙමම යමු කියන මත දෙකයි. මරණ එක අවම වේදනාකාරී ක්‍රමවලින් (ඒවා තියනවනෙ ) කරමු කියන්න අය නෑ.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteප්‍රදීප් ගේ අදහසට එකඟයි. මම හරක් මස් කනවා එංගලන්තයේ, ඌරු මසුත් කනවා යුරෝපයේ ඕනෑම තැනක. නමුත් ලංකාවේදී ඔය දෙකම කන්නේ නැහැ. මොකද මම ඇහින් දුටුවා සත්තු විඳින දුක. ඌරාට ඇත්තටම පොල්ලකින් ගහනවා. හරකටත් ගහනවා මරන්න කලින්. මේක hypocrisy එකක් හැටියට සමහරෙකුට පේන්න පුළුවන් හැබැයි.
Deleteලංකාවේ හරකෙක් මරන එක වෙනත් රටක හරකෙක් මරන එකෙන් වෙනස් සේ සැලකිය හැකි හේතු තිබෙනවා. නමුත්, ඒ හේතු කිසිවක් මේ අවස්ථාවේ සාකච්ඡා කෙරී ඇතැයි මම හිතන්නේ නැහැ. බෞද්ධ හෝ හින්දු ආගමික පදනමකින් බැලුවොත් ලංකාවේ හා වෙනත් රටක හරක් සමානයි. එහෙත් වෙනත් හේතු මත මෙය වෙනස් වෙන්න පුළුවන්. ඔබ යෝජනා කරන කරුණ එවැන්නක්. හැබැයි ලංකාවේ ක්‍රමයටම හරක් මරන රටකින්ම ආයෝජනය කළොත් මේ තර්කයට වලංගුතාවයක් නැහැ. ඊට අමතරව ලංකාවේ හරක් ගහණය වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත කාලයක් හරක් මැරීම තහනම් කිරීම වැනි යෝජනාවකට ජීව විද්‍යාත්මක/ ආර්ථික පදනමක් තිබෙනවා.
Delete//ලංකාවේ හරක් ගහණය වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත කාලයක් හරක් මැරීම තහනම් කිරීම වැනි යෝජනාවකට ජීව විද්‍යාත්මක/ ආර්ථික පදනමක් තිබෙනවා.// සැක සහිතයි, ගහණය වැඩි කරගන්න යනුවෙන් අදහස් වෙන්නේ කිරි දෙනුන් වැඩි කරගැනීම වෙන්න ඇතිනේ.ලංකාවේ මරන්නේ වස්සන්, කිරිවැරූ දෙනුන් සහ බුරුළු ආසාදනය නිසා කිරි නිශ්පාදනය නැවතුනු දෙනුන්.උන් මරුවේ නෑ කියා පට්ටිය වැඩි වෙන්න බෑ නේ. ඊට අමතරින් කිරිකර්මාන්තයේ යෙදෙන කුඩාගොවියන්ට වගේම නුවර එළියේ සත්ව ගොවිපල වලටත් මසවලට ඉවත් කරන සතුන්ගේ ආදායම නොලැබුනොත් ලාබ නැතිවීම නිසා කිසිසේත්ම කර්මාන්තය දියුණු කරන්නේ නෑ. වැඩි වුනොත් වැඩි වෙන්නේ ඉබාගාතේ ගොසින් ගොවිතැන් පාළු කරනා වියලිකලාපයේ බටු හරක්.
Delete//සමාජවාදී රටක මේ විදිහට පුද්ගලයෙකුට තමන්ගේ දේශපාලන මතවාද, ආගමික විශ්වාස, සංස්කෘතිය ආදිය නඩත්තු කිරීම සඳහා අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ සඳහා ගෙවිය යුතු මිල ඉතාම විශාලයි. ඒ නිසා, දෙන පැකේජ් එක කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් භාර ගන්න වෙනවා. ධනවාදී සමාජයක ඒ අවස්ථාව ලැබෙනවා. හැබැයි නොමිලේ නෙමෙයි!//හරිනේ
ReplyDelete//ආනයනය කරන හරක් මස් කිලෝවක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම වැඩි මිලක් ගෙවන්න වෙනවා//
ReplyDeleteමේ කතාව ඇත්තක්ද?
ලංකාවේ ආනයනින හරක්මස් ජනප්‍රිය නැත්තේ හරක්මස් කන අය පැකැට්කල හරක් මස් වලට එතරම් කැමති නැති නිසා වෙන්න පුළුවන්.
මම හරක්මස් ගැනනම් දන්නේ නෑ. අපේ අම්මගේ හැසිරීමක් කියන්නම්. අපි ඉස්සර කෑවේ අපේ කුඹුරුවලින් ලබාගත් සහල්. පසුව කඩෙන් හාල් කන්න පුරුදුවුනා. අපේ අම්මගේ පුරුද්දක් තමයි කඩෙන් හාල් ගන්නකොට යන්තම් ගඳ ගහන හාල් වර්ගයක්ම තෝරා ගැනීම. මම හිතන්නේ ඇය හිතනවා ඇති ගඳ නොගසන කඩේ හාල් යනු සුඛෝපභෝගී දෙයක් කියලා.
සාමාන්‍යයෙන් හරක්මස් කුකුළුමස් මෙන් කිහිප ගුණයක් මිල අධිකයි. සාපේක්ෂව ලංකාවේ හරක්මස් ගොඩක් ලාබයි. මම හිතන්නේ එයට හේතුව ලංකාවේ හරක් "බැහැර කිරීමේ" අවශ්‍යතාවයක් තිබීම. උඩ ඇණයාගේ ප්‍රතිචාරය අනුව "ලංකාවේ මරන්නේ වස්සන්, කිරිවැරූ දෙනුන් සහ බුරුළු ආසාදනය නිසා කිරි නිශ්පාදනය නැවතුනු දෙනුන්". මේ ප්‍රකාශය නිවැරදියි කියා මම හිතනවා. මේ වැඩේ වෙනත් රටවලත් වෙනවා. කිරි කර්මාන්තය හා මස් කර්මාන්තය එකටයි යන්නේ. ලංකාවේ හරක්මස් මිල අඩු මට්ටමක තිබීමෙන් පෙනෙන්නේ ඉල්ලුමට සාපේක්ෂව රට ඇතුළේ සැලකිය යුතු හරක්මස් සැපයුමක් තිබෙන බවයි. ආනයනික හරක්මස් ලංකාවේ දැන් මිලට වඩා අඩු වෙන්න ඉඩක් නැති තරම්. සමහර විට ඉන්දියාවෙන් ආනයනය කළොත් පමණක් මිල අඩුවෙන්න පුළුවන්. ලංකාවේ කිරි නිෂ්පාදකයින්ට හරක් "බැහැර කිරීමේ" අවශ්‍යතාවයක් තිබෙනවානම් හරක් මැරීම තහනම් කළත් හරක් මොන විදිහෙන් හෝ හැදී කළු කඩයක් හැදෙන එකයි වෙන්නේ.
Deleteharak mereema nisaa harak maranna wiruddha aya harakas kana sulutharaya nisaa nogewiya yuthu milak gewanawa kiyala tharka karanna berida? mudal walin nowunath manasika wandiyak wage deyak.
ReplyDeleteහැබැයි විදේශ වලින් ගෙවන්න හරක් මස් වලට වඩා ලංකාවේ නිෂ්පාදනය කරන හරක් මස් organic නේද ?ලෝකේ හැම තැනම organic නිෂ්පාදන වලට වැඩි මිලක් ගෙවන කොට ලංකාවේ අපි organic නිෂ්පාදන අතහැරලා farm වල නිෂ්පාදන කර යොමු වෙනවා.
ReplyDelete