මේ දවස් වල කොපි චැට් කතාවක් හැම තැනම සංසරණය වෙනවා. මම හරියටම මේ කතාවේ අග මුල දන්නේ නැහැ. මේ හා අදාළව අජිත් ධර්මා විසින් ලිපියක් පළ කර තිබෙනවා. පහත තිබෙන්නේ එම ලිපිය.
සුභාෂ් ජයවර්ධන සහ කොපිය ගැන
ඉහත ලිපියට ප්‍රතිචාරයක් දමන්න හිතාගෙන ටයිප් කරන්න පටන් ගත්තත් සාමාන්‍යයෙන් සිදු වන පරිදි ප්‍රතිචාරය ගොඩක් දිගට ලියැවිලා. අජිත් ධර්මාගේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස දමන්න මෙය දිග වැඩි සේ පෙනෙන නිසා මෙහි වෙනම ලිපියක් සේ පළ කරනවා. අජිත්ගේ ලිපිය කියවලා ආවේ නැත්නම් අගමුල තේරෙන එකක් නැහැ.
***
මම මේ කාරණයේදී ඉන්නේ සුභාෂ් ජයවර්ධනගේ පැත්තේ. ඒ කියන්නේ කොපි කිරීම මම පෞද්ගලිකව අනුමත කරනවා කියන එක නෙමෙයි. සංකල්පීය වශයෙන් ගත්තොත් සුභාෂ් ජයවර්ධන ඉන්නේ අජිත්ට වඩා නිවැරදි තැනක.
බුද්ධිමය දේපොල අයිතිය කියන එක ධනවාදී අදහසක්. ධනවාදය හා සමාජවාදය (මාක්ස්වාදය) ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිගැනීම කියන කාරණයේදී. සමාජවාදය පෞද්ගලික දේපොළ අයිතිය ප්‍රතික්ෂේප කරනවා. ධනවාදය පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නවා.
ධනවාදය පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නවා කියන එකෙන් කියන්නේ ධනවාදය පොදු දේපොළ ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි. ධනවාදය තුළ පෞද්ගලික දේපොළ වලට වගේම පොදු දේපොළ වලටත් ඉඩ තිබෙනවා. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ හා සමූහයක රුචි අරුචිකම් මත.
සමාජවාදය තුළ, අඩු වශයෙන් සෛද්ධාන්තිකව, පෞද්ගලික දේපොළ අයිතියට ඉඩක් ඉතුරු කරන්නේ නැහැ. පොදු දේපොළ පමණයි. හැම සමාජවාදී රටකම ප්‍රායෝගිකව පෞද්ගලික දේපොළ අයිතියට සීමිත ඉඩක් දෙන්නේ සෛද්ධාන්තිකව කළ හැකි දෙය ප්‍රායෝගිකව මොන විදිහෙන්වත් කරන්න බැරි නිසා.
කිසිම දෙයක් අපි තනිවම නිර්මාණය කරන්නේ නැහැ. අපි අලුතින් නිර්මාණය කරන හැම දෙයකම වගේ ඉතිහාසය තුළ හා සමකාලීනව වෙනත් බොහෝ දෙනෙක් කරපු දේවල් වල දායකත්වය තිබෙනවා. නිර්මාණය භෞතික එකක්ද, එහෙම නැත්නම් බුද්ධිමය එකක්ද කියන එක මත එය වෙනස් වෙන්නේ නැහැ. නමුත්, ඊට අමතරව අපි අලුතින් එකතු කරන දෙයක් තිබෙන්නත් පුළුවන්. ධනවාදය තුළ නිෂ්පාදකයෙක් විසින් උපයන ලාභය කියන්නේ ඒ ආකාරයට එකතු කළ අගය වෙනුවෙන් වෙනත් අය විසින් නිර්ණය කරන වටිනාකම. එම ලාභය ලැබෙන්නේ අලුතෙන් එකතු කළ කොටස වෙනුවෙන් මිසක් අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වෙනුවෙන් නෙමෙයි.
මොරීෂියෝ කැට්ලෑන්ගේ ඩක් ටේප් එකක් ගහපු කෙසෙල් ගෙඩිය ඩොලර් 120,000කට විකිණෙන්නේ වෙනත් කවුරු හෝ කෙනෙකුට අනුව ඔහු ඊට ආසන්නව සමාන හෝ වැඩි අගය එකතු කිරීමක් කරලා තියෙන නිසා. දැන් මේ විකටයා ලෙස නම් කළ කලා නිර්මාණයේ අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වල දායකත්වය තිබෙනවා. ලෝකයට මුලින්ම කෙසෙල් ගෙඩිය හොයා ගත්තේ හෝ ඩක් ටේප් හොයා ගත්තේ මොරීෂියෝ කැට්ලෑන් නෙමෙයි. නමුත්, කලා නිර්මාණය තුළ එය හදන්න යොදා ගත් කෙසෙල් ගෙඩියට හා ඩක් ටේප් කෑල්ලට වඩා වැඩි දෙයක් තියෙනවා.
මොරීෂියෝ කැට්ලෑන් විකටයා හදන්න කෙසෙල් ගෙඩිය හා ඩක් ටේප් කෑල්ල හොරකම් කරන්නේ නැහැ. ඔහු ඒවා මිල දී ගන්නවා. අපි හිතමු ඩොලර් පහක් ගියා කියලා. ඒ ඩොලර් පහ කියා කියන්නේ එම කලා නිර්මාණයට අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වල දායකත්වයේ වටිනාකම. ඒ මුදල ගෙවුවට පස්සේ මොරීෂියෝ කැට්ලෑන් වෙනත් කිසිවෙකුට ණය නැහැ. ඩොලර් 120,000ක මුදලින් අර ඩොලර් 5 අඩු කළාට පස්සේ (සහ වෙන්දේසිකරුගේ කොමිස් මුදල් ආදිය ගෙවුවට පස්සේ) ඔහු අතේ ඉතිරිවන ලාබය කියා කියන්නේ මොරීෂියෝ කැට්ලෑන් විසින් එකතු කළ අගය. ධනවාදය තුළ ඔහුට හරියටම ඔහු විසින් එකතු කළ අගය ලැබෙනවා. මේ ආකාරයටම අර්තාපල් කිලෝවක් විකුණන ගොවියෙකුට හෝ නවකතාවක් ලියන ලේඛකයෙකුට ලැබෙන්නෙත් තමන් විසින් එකතු කළ අගය. වෙනත් අය විසින් එකතු කළ අගය එහි නැහැ.
මොරීෂියෝ කැට්ලෑන් කෙසෙල් ගෙඩියට හෝ ඩක් ටේප් එකට මුදල් ගෙවුවේ නැත්නම් එය ධනවාදයට අනුව හොරකමක්. එය හොරකමක් වෙන්නේම ධනවාදයට අනුව, සංකල්පීය ලෙස, කෙසෙල් ගෙඩිය හා ඩක් ටේප් එක වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොලක් නිසා. ඒ ආකාරයටම අර්තාපල් වවන්න යෙදූ පෝර වලට මුදල් ගෙවුවේ නැත්නම් එයත් හොරකමක්. නවකතාව ලියද්දී වෙනත් අයෙකුගේ පොතකින් කොටසක් අමු අමුවේ කොපි කළානම් එයත් හොරකමක්. මේ හැම දෙයක්ම හොරකම් වෙන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නා ධනවාදී සන්දර්භයක.
ධනවාදී සන්දර්භයේදී මේ අගය එකතු කිරීම කියන අදහස සුවිශේෂීයි. එය කොපමණද කියන එක තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. ඒ හැර එම අගය එකතු කිරීම මැනිය හැකි වාස්තවික නිර්ණායකයක් නැහැ. ඒ නිසා එය ඕනෑ තරම් ලොකු මුදලක් වෙන්න පුළුවන්. නිෂ්පාදකයෙක් තමන්ගේ නිර්මාණය කොපමණ මුදලකට විකිණුවත්, පාරිභෝගිකයා මිල ගෙවන්නේ කැමැත්තෙන්නම්, එහි කිසිදු වැරැද්දක් හෝ "සූරාකෑමක්" කියා දෙයක් නැහැ.
බොහෝ අවස්ථා වලදී මේ අගය එකතු කිරීම කොපමණද කියන එක පිළිබඳ පාරිභෝගිකයෙකුගේ විෂයමූලික තක්සේරුව නිර්මාණකරු කවුද කියන එක මත වෙනස් වෙනවා. මට කෙසෙල් ගෙඩියකට ඩක් ටේප් එකක් ගහලා ඩොලර් 120,000කට විකුණන්න බැහැ. විකටයා එපමණ මුදලකට විකිණෙන්නේ එය මොරීෂියෝ කැට්ලෑන්ගේ නිර්මාණයක් නිසා. ඒ වගේම, නිපුණ හාල් මල්ලක්, ලුවී විටෝන් අත් බෑගයක් හෝ ජිජැක්ගේ වසංගතය අදාළ මිල ගණන් වලට විකිණෙන්නේ ඒ නිර්මාණ වල නිෂ්පාදකයින් අදාළ පුද්ගලයින් හෝ සමාගම් වීම නිසා. ජිජැක්ගේ වසංගතය පොත ඔහු තමන්ගේ නමින් පළ නොකර කිසිවෙකු අසා නැති ව්‍යාජ නමකින් පළ කළානම් ඔය පොත ඔය තරම් විකිණෙන්නේ නැහැ.
බුද්ධිමය වේවා, භෞතිකමය වේවා කිසියම් නිෂ්පාදිතයකට නිෂ්පාදකයාගේ සන්නාමය යෙදීමේ පදනම මෙයයි. සන්නාමය විසින් එහි විෂයමූලික වටිනාකම පාරිභෝගිකයෙකුට සංඥා කරනවා.
මාක්ස්වාදය අනුව කිසියම් නිෂ්පාදිතයක වටිනාකම ධනවාදයේදී පිළිගැනෙන ආකාරයට විෂයමූලික ලෙස වෙනස් වෙන්නේ නැහැ. වටිනාකම් වාස්තවිකයි. එහෙමනම් පාරිභෝගිකයාට නිෂ්පාදිතය කුමක්ද කියන එක මිසක් නිෂ්පාදකයා කවුද කියන එක වැදගත් නැහැ. අර්තාපල් මිසක් නිෂ්පාදකයාගේ සන්නාමය වැඩක් නැහැ. අර්තාපල්නම් අර්තාපල්. එච්චරයි. ගෝර්කිගේ පොතක් අජිත් ධර්මා නමින් පළ කලත්, නමක් නැතිව පළ කළත් එහි වටිනාකම එළෙසම තියෙනවා.
මේ අනුව, සුභාෂ් ජයවර්ධනගේ තර්කය සාධාරණයි. සමාජවාදී පදනමකින් බැලුවොත් කලාකරුවෙකු විසින් කරන්නේත් ගොවියෙක් හෝ කම්කරුවෙක් වගේම පොදු නිෂ්පාදන යාන්ත්‍රණයකට තමන්ගේ ශ්‍රම දායකත්වය ලබා දෙන එක පමණයි. ගොවියා නිපදවන අර්තාපල් හෝ කම්කරුවා විසින් නිපදවන කාකි කලිසම් පොදු දේපොළක්නම් ලේඛකයෙකු විසින් ලියන දෙයත් පොදු දේපොළක්. ඒ වෙනුවෙන් ඔහුගේ ශ්‍රමයේ වටිනාකම ගෙවුවා. එච්චරයි.
ඇත්තටම වැරැද්ද තිබෙන්නේ සෝවියට් ලේඛකයන්ගේ සන්නාම වලට ඔවුන්ගේ නම් දැමීම. සංකල්පීය ලෙස බැලුවොත්, කළ යුතුව තිබුණු නිවැරදි දෙය, පක්ෂයේ නමින් හෝ නමක් නැතිවම සෝවියට් ලේඛකයන්ගේ නවකතා පළ කරන එකයි. වෙන කෙනෙක්, කණ්ඩායමක් හෝ පක්ෂය විසින් මුල් පිටපත සංශෝධනය කළත් සංකල්පීය ලෙස වැරැද්දක් නැහැ. නිෂ්පාදකයාගේ අගය එකතු කිරීම් හේතුවෙන් නිර්මාණය වූ අතිරික්තයේ පෞද්ගලික අයිතිය පිළිගන්නේ නැත්නම්, අර්තාපල් බෑග් එකකට සන්නාමයක් අවශ්‍ය නැත්නම්, පොතකට අවශ්‍ය වෙන්න හේතුවක් නැහැ. පෞද්ගලික දේපොළ හිමිකම් කියා දෙයක් නැත්නම් බුද්ධිමය දේපොළ වලටත් එය අදාළ විය යුතුයි. දොන් නම් දොන් සිමන්නම් සිමන් මිස දොන් සිමන් දෙකක් බැහැ.
නමුත්, සෝවියට් සංගමය එසේ නොකළේ ඇයි? ලේඛයාගේ සන්නාමය නැත්නම් ඔය පොත් වලට ඔය තරම්ම වටිනාකමක් ලැබෙන්නේ නැහැ. සෝවියට් දේශයේ නිපදවූ භෞතික නිෂ්පාදන වලට පවා සන්නාම තිබුණා. මොකද මාක්ස්වාදයේ වටිනාකම් පිළිබඳ මූලධර්මය, දාස් කැපිටාල් පළමු පරිච්ඡේදයම, වැරදියි. මාක්ස්වාදය කියා කියන්නේම අත්තිවාරමක් නැතිව හදපු ලොකු ගෙයක්.
ගොඩක් අය තමන් ලියන දේවල් වලට වටිනාකමක් හදාගන්න තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්, තනතුරු, රැකියා වගේ දේවල් යොදා ගන්නවා. මම බ්ලොග් එක පටන් ගත්තේම එවැනි කිසිවක් නැතිවයි. ඒ අනුව බ්ලොග් එකේ පළ කරන දෙයක් කවුරු හෝ විසින් කියවිය යුත්තේ ලේඛකයාගේ සන්නාමයට වටිනාකමක් තිබෙන නිසා නෙමෙයි. ලියන දෙයක කවර හෝ වටිනාකමක් තිබෙන නිසා. ඒ විදිහට පටන් ගත්තත් මේ වෙද්දී ඉකොනොමැට්ටා කියලා සන්නාමයක් හැදිලා තියෙනවා. අයිතිකරු විසින් (තමන්ගේ සතුට හැර) ලබා ගන්නා දෙයක් නැතත් ඒ සන්නාමයට වටිනාකමක් තිබෙනවා.
ඇතැම් අය මෙහි ලියන දේ කොපි කර විවිධ තැන් වල නැවත පළ කරනවා. ඒ බොහෝ දෙනෙක් මෙය මෙම බ්ලොග් අඩවියෙන් ගත් බවට සඳහනක් කරනවා. මෙහි ඇති දේ අමු අමුවේ කොපි කර තමන්ගේ නමින් පළ කර ඇති අවස්ථාද තිබෙනවා. දෙවන කොටස ගැන අපි කතා නොකර ඉඳිමු. පළමු කොටස ගනිමු.
මෙහි ලියන දේ කොපි කර නැවත පළ කරන අය බොහෝ විට ඒ බව සඳහන් කරන්නේ ආචාර ධාර්මික පදනමකින් වෙන්න ඇති. නමුත්, එය ආචාර ධාර්මික පදනමකටම පමණක් ගොනු කරන්න බැහැ. අපේ අත් හදා බැලීම වුනේම ලියන දෙය මත පදනම්ව මෙය කියවන පාඨක පිරිසක් හදාගැනීම මිස ලේඛක නාමය සන්නාමයක් සේ ප්‍රවර්ධනය කර ගැනීම නොවුණත්, අවසාන වශයෙන් ඉකොනොමැට්ටා යන්න සන්නාමයක් වී තිබෙනවා. ඒ නිසා, මෙහි පළ කරන දෙයක් කොපි කර නැවත පළ කරද්දී ඉකොනොමැට්ටා විසින් ලියූවක්යැයි කී විට අගය වැඩි වීමක් වෙනවා. තමන්ගේ පෞද්ගලික නම යොදා නොගෙන බ්ලොග් ලියන වෙනත් අය හා අදාළවත් තත්ත්වය මෙයයි.
මේ කරුණෙන් තහවුරු කරන්නේත් වටිනාකම් හා නිෂ්පාදකයින්ගේ සන්නාම අතර සම්බන්ධය කොයි තරම් ස්වභාවික දෙයක්ද කියන එකයි.
මෙතන ප්‍රශ්නය වී තිබෙන්නේ එකොනොමැට් විසින් තම අදහස සාධනීය කිරීම සංධා යොදා ගන්න තර්ක සමහරවිට ඔහු කලින් ලියපු දෙවලම ප්‍රති විරෝධයන් වීමයි. මම කියා තිබෙන්නේ එකොනොමැට් හා කට්ටකාඩුවේ වැනි අන්වර්ථ නම වලින් ලියන විට ඒවා කොපි කිරීමේ ප්‍රශ්නයක් නැහැ. මෙහි මුලික් අදහසම බෙදා හැරීම නිසයි. නමුත් තමන්ගේ නම පල කරනවා නම් හෝ කොපි රයිට් අයිතිය ලියනවා නම් එයට ගරු කල යුතුයි. සෝවියට් දේශයේ කල හැම දෙයක්ම මම අනුමත කල කෙනෙක් නොවන බව සමහර විට එකොනමැට් ට වැටහී ඇති. එහි ජිවත් වූ නිසා බොහෝ දේට කැමති වුනත් අකමැති දේ තිබෙනවා. ලේඛකයන්ට පඩියක් ගෙවීමත් මම කැමති නැති දෙයක්. ඒකෙන් වුනේ නිර්මාණකරණයට වඩා පක්ෂය හා දේශපලන මතවාදය සඳහා ප්‍රචාරණයට ඔවුන් යොමු වීමත් ඒවා කල අය ලේඛක සංගමයට බැඳීමත් අනිකුන් ඉවත් කිරීමත්. (පස්ටර්නක්, සොල්ස්හෙනිට්සින් වගේ) මගේ දේශපාලන ලිපි වෙනත් ලේඛකයන් (පුවත්පත් ලේඛකයන් හෙම) අරගෙන කපල කොටලා තමන් ගේ වගේ ලියල තියෙනවා මම දැකල තියනවා. ඒකෙ අවුලක්. එතන මගේ අදහස කියන දෙය පාඨකයාට යාම. එකොනොමට්ස් වගේ එක මම හොයන්නේ නැහැ. නමුත් නවකතාව මගේ නිර්මාණයක්. ඒක කාගෙවත් නෙමේ. වෙන කාටවත් ඒක අයිති නැහැ. ශෛලිය අරගෙන වෙන දෙතුන් දෙනෙක්ම ඒවගේ කතා ලියල තියනවා දැක්ක. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. නමුත් මුළුමනින් කොපි කරන්නේ නැතිව. එතන මට මුල්‍ය වටිනාකම් නෙමේ තියන්නේ. නිර්මාණයේ වටිනාකම. එය රැකියා යුතුයි. අර්තාපල් නිපදන ගොවියා නොර්ම්නයක් නේම් කරන්නේ. කම්කරුවා නිර්මාණයක් නෙමේ කරන්නේ. ගොවියා ගේ හා කම්කරුවාගේ ශ්‍රමය තමයි ඔහුගේ නිර්මාණය,. ඒ දෙකම අයිති ඔවුන්ට . ඒක තමා මාක්ස් කිව්වේ හා එකොනොමට්ස් එකඟ නැති දේ ඔබගේ පැරණ ලිපි වල . එනිස ඔබල දෙදෙනාම සුභාෂ් සහ ඔබ ඔබ දෙදෙනාවම contradict කර ගන්නවා. ඔහු සමාජවාදියෙක්. ඔබ එක්තරා ප්‍රමනයකට ධනවාදියෙක්.
ReplyDelete//මට සාපේක්ෂව අජිත් කියන්නේ මතවාදී ලෙස දෙලොවක් අතර අතර මං වූ කෙනෙක්.//මම හිතන්නේ මේක වර්තමානයේ හුඟක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් විය හැකියි. එකොනෝ මැට්ට ඇතුව. ඇමෙරිකාවේ සිටි නිසා ට්‍රම්ප් සාධාරණිය කරන බවක් දක්නට ලැබුනේ එනිසයි කියා මට හිතුන පහුගිය ලිපිවල. අපට දෘස්ටිවාදිමය ප්‍රශ්නයක් තිබෙන බව ඇත්ත. නමුත් දෙලොවක් අතර නොවේ.
Delete// අජිත්ගේ සමාජවාදය පිළිබඳ දැඩි භක්තිය බාධා කරනවා// මේක නම් වැරදියි. එහෙම එකක් නැහැ. කවදාවත් තිබ්බේ නැහැ කියන්න බැහැ. යනකාලේ තිබ්බ වෙන්න ඇති. ඒ නිසානේ ගියේ. නමුත් ගියාට පස්සේ නැති වුනා. ධනවාදයේ හොඳයි කියන දේවල් එකතු කර ගන්නවා නෙමේ වැරදි වැටහීමක්. ධනවාදය හොඳයි. ඒක තමා වැඩවසම් රදල සමාජයෙන් පස්සේ ආපු ප්‍රගති ශීලිම සමාජය. මම පිලි ගන්නේ ඉන්පසු කොමියුනිස්ට් වාදය එනවා කියලා. ධනවාදයේහොඳ හා නරක කෑලි කොමියුනිස්ට් වාදයේ ඉතුරු වෙනවා. එකොනොමට් ඕක අහල නැතිව ඇති එහෙනම්. දැනට ඇති ධනවාදයේ සමහර රටවල රදලවැඩවසම් යුගයේ නෂ්ටාවශේස ඉතිරි වෙනවා. බ්‍රිතාන්‍ය වගේ. .
//අජිත්ට සාපේක්ෂව සුභාෂ් ජයවර්ධන නිරවුල් මතයක ඉන්නවා// මෙතැන් ප්‍රශ්නය ඔය දෙන්නම හරි ඉන්න සමාජය වෙනස් නම්. සුභාෂ් ගේ මතය නිවැරදි වෙන්නේ ඔහු කොමියුනිස්ට් සමාජයක හිටියනම් . අන්ධභූත ලංකාවේ නෙමෙයි . (සුභාෂ් කියන්නේ සත්හඬ පුවත්පතේ හිටි මාධ්‍යවේදියෙක්. දැන් මොන පත්තරේද දන්නේ නැහැ., ඔහු හොඳසුන්දර මනුෂ්‍යයෙක්. නමුත් ඒක මෙතනට අදාළ නැහැ)
//මේක තමයි අජිත් වගේ අයගේ "හොරය". අජිත් හා අජිත් වැනි අදහස් දරන තවත් බොහෝ අය මාක්ස්වාදයේ පදනම කඩා වැටී තිබෙන බව වහගන්න ගහන මුක්කුවක් තමයි මේ කතාව.// නැහැ මේක හොරයක් නෙමේ. හොරය කරන්නේ එකොනොමට්ට මෙතැනදී රකින අය. සහ තමන්ගේ මාක්ස්වාදී දැක්ම හෝ මොකක් හරි නිසා ඒකට අහුවෙලා ඉන්න සුභාෂ් වගේ අය. මේක සුබෂ්ම පිලි ගන්නවා ඔහුගේ දෙවැනි පිළිතුරේ.
/මං ලියපු ඇඳපු දේවල් වලට මං අයිතිවාසිකම් කියන එක හිරිකිත වැඩක් විදිහට මට දැනෙන දෙයක්..ඒ හිරිකිත වැඩේ මං කරලත් තියෙනවා. ලිපියක් ලියල නම දාන එක චිත්‍රයක් ඇඳලා නම දාන එක..ඊයා...එහෙම නැතිව හෝ ඇතිව මං කරපු වැඩ වෙන අය අයිතිකරගෙනත් තියෙනවා.ඒවා පාවිච්චි කරලා වෙන ලාභ ,මුදල්, රස්සාවල්, තනතුරු ගත්තු අයත් ඉන්නවා...// ඔන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නය. දිග වැඩිවෙන නිසා ඊළඟ ප්‍රතිචාරයට යනවා.
This comment has been removed by the author.
Deleteදෙවන කොටස මම ජිජැක් ගෙන් ගන්නම් එකොන් මතක් කරලා තියෙන නිසා. ලංකාවේ මුල් කාලයේ සමාජවාදී පක්ෂ දෙකේම අය ජිජක්ව විවේචනය කළා. එකොන් හෝ අරුණි වගේ අයත් කොහොමත් විවේචනය කරනවනේ. ගොඩක් අයගේ ප්‍රශ්නය ජිජක් සල්ලි හොයන එක ඔහුගේ පොත් වලින්. මොකද සමාජවාදී නම් එහෙම වෙන්න බැහැනේ.ගෝර්කිගේ පොතක් අජිත් ධර්මා නමින් පළ කලොත් විකිනෙන එකක් නැහැ. පරිවර්තනය කරලා ගෝර්කිගේ නමින් විකුනන්න ඕනේ. මම මුල ඉඳන්ම කියන්නේ ධනවාදී සමාජයේ ජිවත් වන ජිජැක් හරි.දේශනා ටිකට් එක පවුම් 15-50 දක්වා විකුණන පොත් විකිනෙන ඔහු මිලියනර් ර් කෙනෙක් කියල ස්වීඩන් වල සමාජවාදී මල්ලි කෙනක් දිගින් දිගට මගේ මෙසේන්ජර් එකට ඇවිත් විවේචනය කළා . ඔහුට තේරුනේ නැත්තේ මම ඒකට පක්ෂ බව. සමාජවාදී අය ලංකාවේ අයට සමාජවාදී විධිහට ජිවත් වෙන්න කියන ගමන් පිටරවල තියෙන සෑම සැප සම්පතක්ම භාවිතා කරන එකට මම විරුද්ධයි. මම සුභාශ්ට කියන්නේ ඔය හොරුන්ට තක්කඩින්ට අහුවෙන්න එපා කියල.
Delete//මටත් මන් ලියන කරන දෙයකට කීයක් හම්බු වෙන්නෙ ඒ නිසා..නැත්නම් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ// සුභාෂ් කියනවා නේ මෙහෙම. මම කියන්නේ උඹ මචන් ජිවත් වෙන්නේ ධනවාදී සමාජයක. උඹ උඹේ නිර්මාණයට මිලක් නියම කලේ නැත්නම් වවුල්ලු ඇවිත් ඒවා හූරගෙන කාල පෝසත් වෙනවා. සුභාෂ් ට ළමයට කන්න දෙන්න සල්ලි නැහැ. මම කියන්නේ එතනට් යන්න එපා කියල. එකොනොමට්ට කියන්නේ සමාජවදී සමාජයක ඒක හරි නිසා සුභාෂ් කියන දේ හරිය සන්ගතය කියල., සුභාෂ් ඉන්නේ එහම් සමාජයක නෙමේ. ඊට වැඩිය කුණු වෙච්ච සමාජයක්. ඒකයි ප්‍රශ්නය.
//මාක්ස්වාදී ආර්ථික විද්‍යාව කියා කියන්නේම අනුන්ට අයිති දෙයක් බලහත්කාරයෙන් පැහැර ගැනීම// මේක අමුම අමු බොරුවක්. ඔය සරදියෙල් ගේ කතාව ලංකාවේ පිස්සු මාක්ස්වාදීන් කියන කතාවක් වෙන්න ඇති . මාක්ස් සහ බ්‍රිතාන්‍ය සමාජවාදීන් කියන්නේ කම්කරුවාගේ හෝ (කාගේ හෝ) ශ්‍රමය අයිති ඒ ඒ තැනැත්තාට. විකුණන විධිහ ධනවාදයේ සහ කොමියුනිට් වාදයේ වෙනස්. එකොනොමට්ට ගේ ශ්‍රමය අයිති ඔබට මිසක් ඔබ වැඩ කරන විශ්ව විද්‍යාලයට නොවේ. මගේ ශ්‍රමය අයිති මට. ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියන අයිතිය තියෙන්නෙත් මට. ඒකෙන් නිර්මාණය කරපු පොත හෝ වෙනත් කළා නිර්මාණයක් මේ ධනවාදී සමාජයේදී අයිති මට. ප්‍රකාශකට හෝ වෙන තක්කඩියෙකුට නෙමේ ඒකයි මම සුභාෂ්ට කිවේ පෞද්ගලිකව එහෙම කරන්න. ළමයින්ට කන්න නොදී ඉන්න එහෙම කරලා. ඊට පස්සේ සුනිල් මාධව ප්‍රේමතිලක ක් වගේ අඬන්න පත්තර පිටුවල මට කැමරාවක් අරන් දෙන්න කෙනක් නැහැ කියල . ඒ අතර ඩලස් අලහප්පෙරුම (එයාල එක්ක හිටිය) හා විමල් විරවංශ ලොකු කාර් වල යනකොට තරහ ගන්න . මොකද සුනිල්ල ලියපුව පාව්චි කලේ අන්න ඒ වගේ අමු තක්කඩි. බ්‍රිතාන්‍ය වගේ රටවල් මිනිසුන්වෙනුවෙන් නිර්මාණ කරන බන්ක්සි වගේ අය ඉන්නව. ඒවා විකිනෙන කොට ඔහු ඒවායින් තමන්ගේ චැරිටි වැඩ කරනවා, නමුත් ඔහුගේ පොත් විකුණා ලබන මුදල් ඔහු ගන්නවා . ඒවා ලෝකයට අයිය කියා කියන්නේ නැහැ. ඔහුගේ සමහර කළා නිර්මාණ කාටවත් අයිති වෙන්නේ නොදී විනාශ කරනවා සල්ලි වලට ගත්තොත් . නිර්නාමිකව ජිවත් වෙනවා. ඒ එක විධිහක් .සුභාෂ් හා එකොනොමට්ට දෙන්නම පටල ගෙන තමන් සිටින වාස්තවික තත්වයන් .
//මම හිතන්නේ මේක වර්තමානයේ හුඟක් දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් විය හැකියි. එකොනෝ මැට්ට ඇතුව.//
Deleteසාධාරණ වශයෙන් (generally) ගත්තහම මේ ප්‍රකාශයට විරුද්ධ නැහැ. ඇතැම් දේවල් හා අදාළව මම ඉන්නෙත් දෙලොවක් අතර තමයි. විශේෂයෙන්ම සංක්‍රමණිකයින් මුහුණ දෙන පොදු ප්‍රශ්න වැනි දේවල් හා අදාළව. නමුත්, පෞද්ගලික දේපොළ අයිතිය, ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය වැනි කාරණා වලදී මම ඉන්නේ පැහැදිලි නිශ්චිත තැනක.
//ධනවාදය හොඳයි. ඒක තමා වැඩවසම් රදල සමාජයෙන් පස්සේ ආපු ප්‍රගති ශීලිම සමාජය.//
මේක කෙළින්ම මේ විදිහට ප්‍රකාශ කිරීම පහසුවක්. අජිත් එහෙම හිතනවානම් ඊළඟට කළ යුත්තේ (මගේ මිත්‍රශීලී යෝජනාවක් පමණයි) ධනවාදයේ මූලධර්ම අනුව ලෝකය දකින්න පුරුදු වෙන එක. මම මෙය අජිත්ට විශේෂයෙන්ම කියන්නේ මම දැන් ඉන්න තැනට ආවේත් අජිත් දැන් ඉන්න තැන ඉඳලා නිසා. ඊට පෙර මටත් ඔය දෙලොවක් අතර ප්‍රශ්නය තිබුණා (මේ කාරණය හා අදාළව). නමුත් මට වඩා කාලයක් සමාජවාදය එක්ක ජීවත් වූ හා මට වඩා සමාජවාදය හදාරා තිබෙන අජිත්ට ඒ පියවර මට වඩා අමාරු වෙයි. මම වැරදි වෙන්න පුළුවන් වුනත්, මට හිතෙන හැටියට අජිත් තවමත් ධනවාදය දකින්නේ සමාජවාදී න්‍යායික රාමුවක් ඇතුළේ ඉඳලා. හොඳම එකට පසුව තිබෙන දෙවෙනියට හොඳම එක වගේ අදහසකින්.
//මම පිලි ගන්නේ ඉන්පසු කොමියුනිස්ට් වාදය එනවා කියලා. ධනවාදයේහොඳ හා නරක කෑලි කොමියුනිස්ට් වාදයේ ඉතුරු වෙනවා. එකොනොමට් ඕක අහල නැතිව ඇති එහෙනම්.//
අජිත් පිළිගන්න කොමියුනිස්ට් වාදය මොන වගේ එකක්ද, අජිත්ට අනුව ධනවාදයේ සිට එම කොමියුනිස්ට්වාදයට මාරුවෙන යාන්ත්‍රනය කුමක්ද කියන එක නොදැන නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ.
//සුභාෂ් ගේ මතය නිවැරදි වෙන්නේ ඔහු කොමියුනිස්ට් සමාජයක හිටියනම් . අන්ධභූත ලංකාවේ නෙමෙයි . //
එකඟ නැහැ. ලංකාවේ ඉන්න සමාජවාදීන් පෙනී සිටින අනෙක් බොහෝ දේවල් නිවැරදිනම් මේක විතරක් වැරදි වෙන්න විශේෂ හේතුවක් නැහැ. ලංකාවට අදාළව වුනත් සමාජවාදී පැකේජ් එකේම ප්‍රශ්නයක් මෙතැන තිබෙන්නේ.
//හොරය කරන්නේ එකොනොමට්ට මෙතැනදී රකින අය.//
නිශ්චිතව කිවුවොත් පිළිතුරක් දෙන්න පුළුවන්.
//එකොන් හෝ අරුණි වගේ අයත් කොහොමත් විවේචනය කරනවනේ. ගොඩක් අයගේ ප්‍රශ්නය ජිජක් සල්ලි හොයන එක ඔහුගේ පොත් වලින්. මොකද සමාජවාදී නම් එහෙම වෙන්න බැහැනේ.//
මම විවේචනය කරලා නැහැ. සමාජවාදියෙක් වුවත් පොත් විකුණලා සල්ලි හොයන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ජිජැක් පොත් විකුණා එකතු කර ගන්න ප්‍රාග්ධනය ඉතාම සාධාරණයි. ඔහු කාටවත් බලෙන් පොත් විකුණන්නේ නැහැනේ. ඊට සාපේක්ෂව සෝවියට් දේශය ලංකාව වගේ රටවල අඩු මිලට පොත් විකුණපු එකයි වැරදියි. [පෞද්ගලිකව මට එයින් වාසියක් වීම නිසා පුද්ගලයෙක් විදිහට මම එයට කැමතියි. නමුත් එය සෝවියට් දේශයේ ශ්‍රමිකයින්ට කරපු අසාධාරණයක්.]
//දේශනා ටිකට් එක පවුම් 15-50 දක්වා විකුණන පොත් විකිනෙන ඔහු මිලියනර් ර් කෙනෙක් කියල ස්වීඩන් වල සමාජවාදී මල්ලි කෙනක් දිගින් දිගට මගේ මෙසේන්ජර් එකට ඇවිත් විවේචනය කළා . ඔහුට තේරුනේ නැත්තේ මම ඒකට පක්ෂ බව.//
ඉතා පැහැදිලිවම මම එයට පක්ෂයි.
//සමාජවාදී අය ලංකාවේ අයට සමාජවාදී විධිහට ජිවත් වෙන්න කියන ගමන් පිටරවල තියෙන සෑම සැප සම්පතක්ම භාවිතා කරන එකට මම විරුද්ධයි.//
Deleteමම මිනිස්සුන්ගේ වැරදි දකිනවාට වඩා මිනිස්සු මේ වගේ හැසිරෙන්නේ ඇයි කියන එක න්‍යායිකව විග්‍රහ කරගන්න කැමති කෙනෙක්. මේ සම්බන්ධ මගේ විග්‍රහය කලක සිටම බ්ලොග් පෝස්ට් එකක් සේ ලියන්න සිතා සිටි, තවමත් ඉඩක් නොලැබුණු එකක්. අවස්ථාවක් ලැබුණු විට ලියන්නම්.
//සුභාෂ් ඉන්නේ එහම් සමාජයක නෙමේ. ඊට වැඩිය කුණු වෙච්ච සමාජයක්. ඒකයි ප්‍රශ්නය.//
යාලුවෙකුට දෙන පෞද්ගලික අවවාදයක් විදිහට එහෙම කියන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත්, මේ කියන සුභාෂ් තමන්ගේ සමාජවාදී රාමුව කරේ තියාගෙන යන ගමන් ළමයින්ට කන්න දෙන්න සල්ලි නැති වෙන එක ගැන හිතලා තමන්ගේ අදහස වෙනස් කර ගන්නවා කියන්නේ ඔහුට හැමදාම වරදකාරී හැඟීමක් එක්ක ජීවත් වෙන්න වෙනවා කියන එකයි. ඔය වරදකාරී හැඟීමයි අයින් කළ යුත්තේ. ඒක එන්නේ සමාජවාදී පැකේජ් එකත් එක්ක.
//මේක අමුම අමු බොරුවක්. ඔය සරදියෙල් ගේ කතාව ලංකාවේ පිස්සු මාක්ස්වාදීන් කියන කතාවක් වෙන්න ඇති///
සමහර අය සරදියෙල් කතාව වචනයේ අර්ථයෙන්ම අදහස් කරනවා ඇති. නමුත්, මෙයින් ගොඩක් අය අදහස් කරන්නේ සංකීර්ණ කරුණක්. එහෙම නැතුව තුවක්කු පෙන්වා ධනවතුන්ගේ සල්ලි අරගෙන දුප්පතුන්ට බෙදන එක නෙමෙයි.
//මාක්ස් සහ බ්‍රිතාන්‍ය සමාජවාදීන් කියන්නේ කම්කරුවාගේ හෝ (කාගේ හෝ) ශ්‍රමය අයිති ඒ ඒ තැනැත්තාට. විකුණන විධිහ ධනවාදයේ සහ කොමියුනිට් වාදයේ වෙනස්. එකොනොමට්ට ගේ ශ්‍රමය අයිති ඔබට මිසක් ඔබ වැඩ කරන විශ්ව විද්‍යාලයට නොවේ. මගේ ශ්‍රමය අයිති මට. ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියන අයිතිය තියෙන්නෙත් මට. //
ශ්‍රමයේ පෞද්ගලික අයිතිය කොහොමටත් ධනවාදයේදී වගේම සමාජවාදයේදීත් පිළිගන්නවනේ. ඒ සම්බන්ධ කිසිදු විවාදයක් නැහැ. සමාජවාදයේ වෙනස වන්නේ ශ්‍රමයේ පෞද්ගලික අයිතිය පිළිගත්තත් ප්‍රාග්ධනයේ පෞද්ගලික අයිතිය පිළි නොගැනීමයි. ඒ නිසා ප්‍රාග්ධනය එක්රැස් කරන්න තිබෙන අවස්ථාවන් වගේම ශ්‍රමයේ නියම වටිනාකම ලබා ගන්න තිබෙන විකල්ප අවස්ථාවන්ද මිනිස්සුන්ට අහිමි වෙනවා. මිනිස්සුන්ට තමන්ගේ ශ්‍රමයේ වටිනාකම වහාම පරිභෝජනය කරලා ඉවර කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. මොකද ඉතුරු කරන්න අවස්ථාවක් නැහැ. ප්‍රාග්ධනයේ පරම හිමිකරු වන රජයට සම්බන්ධ හා රජය වටා ඉන්න ගජ මිතුරෝ ටික දෙනෙක් පමණක් අන්තිමට ප්‍රතිලාභ ලබනවා. ශ්‍රමයේ ප්‍රතිලාභ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ අතර තිබෙන සහසම්බන්ධය නිසා අවසාන වශයෙන් ශ්‍රමිකයින්ට ශ්‍රමයේ ප්‍රතිලාභත් හරියට ලැබෙන්නේ නැහැ. රජය විසින් බලහත්කාරයෙන් එකතු කර ගන්නා අතිරික්තයෙන් කොටසක් සුබසාධනය හරහා කිසියම් පිරිසකට ලැබෙනවා. බලහත්කාරයෙන් කියන එක ඕනෑනම් ප්‍රාග්ධනයේ අයිතිය පිළිබඳව බලහත්කාරයෙන් රාජ්‍ය ඒකාධිකාරයක් පවත්වා ගැනීම හරහා කියා කියමු. රාජ්‍ය බලහත්කාරය ක්‍රියාත්මක වන ආකාරය සෝවියට් දේශය, චීනය, ලංකාව වගේ රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. කොයි විදිහට වුනත් අවසාන වශයෙන් වෙන්නේ බොහෝ දෙනෙකුට රාජ්‍ය ඒකාධිකාරයක් නැති වාතාවරණයක් යටතේ තමන්ට හිමි කර ගත හැකිව තිබුණු දෙයක් අහිමි වෙන එක. සරදියෙල් උපමාවෙන් අදහස් කෙරෙන්නේ මේ නැති වන කොටසයි.
@ අජිත්
Deleteඔබ නොදැන සිටි කරුණු කාරණා කිහිපයක් සැලකිල්ලට ගනිමින් කියන්න පුළුවන් එකක් තමයි දෙවන ලෝක යුද්ධෙන් ජර්මනියෙන සම්පුර්ණයෙන්ම විනාශ වුණා, ඒ වගේම ජර්මනිය දෙකඩ වුණා. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය බටහිර ජරමනියට ණය දුන්න. නැගෙනහිර ජර්මනිය සෝවියට් ක්‍රමය යටතට ගියා.
අන්තිමේදී වඩා දියුණු රට බටහිර ජර්මනිය වුනේ කොහොමද?
ඒ අය කියනව නැගෙනහිර ජර්මනිය නරකම නැහැ කියල. හරි. දියුණුයි වගේ පෙනුනට බටහිර ජර්මනිය තරම්ම දියුණු නැහැ . එසේම මම ගිහින් තියන නිසා දන්නවා නිවාස හෙම හුඟක් ලස්සනයි. හේතුව නැගෙනහිර ජර්මන් රජය එකම පෞද්ගලික නිවසක්වත් සෝවියට් දේශයේ හෝ කියුබාවේ වගේ පවර ගත්තේ නැහැ. ඒවා තවම හොඳයි.
ඔබ දන්නේ නැති තවත් කරුණක් තමයි ලෙනින් කියන නායකයා යුද්ධ කොමියුනිස්ට්වාදය කියන වසර කිහිපයෙන් පසු (සිවිල් යුද්ධ කාලය) ගොවීන්ගේ බඩු බලෙන් ගණන් එක නැවැත්වුවා. ඉන්පසු නව ආර්ථික පිළිවෙත (නෙප්) යටත් ගොවීන්ට තමන්ගේ කෘෂිකර්මාන්තය කරගෙන යාමට ඉඩ දුන්න. රට ආහාර වලින් සැහෙන දුරට ස්වයංපෝෂිත වුණා. ලෙනින් ගේ මුලික අදහස වුනේ රුසියාව තිබෙන අති විශාල භුමි භාග තනි ගොවීන්ට වගා කරන්න අමාරු නිසා ඔවුන් ස්වායත්තව එක්කහු වී සමුපකාර ගොවිපල ක්‍රමයක් ක්‍රියාත්මක කරයි කියල. ඒ සඳහා රජයේ අනුග්‍රය ඔවුන්ට දෙන්නට ඔහු සැලසුම් කලා. ඔහුට වෙඩි තැබුවෙත් පසුව අසනීපවී ඉක්මනින් මිය ගියෙතඒ අතර තුරයි. ඉන්පසු පැමිණි ස්ටාලින් තම ඔය බලෙන් සමුහ ගොවිපල ක්‍රමය ඇති කළේ. එතනින් එහාට වෙච්ච සිදුවීම් දාමය ගැනත් අධ්‍යයනය කරන්න පුළුවන් වෙයි කියල හිතනවා ඉතින් නේද?
ඒ බ්ලොග් ලිපිය ලියන්න. හොඳ අදහසක්. මම ආර්ථික විද්‍යාව දුර දිගට ඉගෙනගත් කෙනෙක් නෙමේ. ඕලෙවල් වලට කරාට පස්සේ. නිවාඩු වෙලාවට කියවන්න කැමති භෞතික විද්‍යාව හෝ තාරකා විද්‍යාව ගැන පොත් . හැබැයි මම ප්‍රාග්ධනය කියෙව්වා. මම එකොන් ගේ බ්ලොගයට කැමති මට හොයන්න වෙලාවක් නැති දේ ලියන නිසා. මම දැනගත්ත එක දෙයක් තමයි කණගාටුවට වගේ ලංකාවේ කෑ ගහන ගොඩක් සමාජවාදීන් ප්‍රාග්ධනය වත් කොමියුනිස්ට්ප් රකාශනය වත් කියවලා නැති බව. ඔය ලියන පුවත්පත් කලාවේදීන් සහ තවත් ලියන අයට දැන් ප්‍රශ්නයක් තිබෙනවා. මේ බ්ලොග් සහ ෆේස්බුක් ආදිය නිසා මුදල් නොගෙන ආසාවට ලියන අය වැඩිවෙලා. ඒ කියන්නේ නිර්මාණ අයිතිය නැතිව බෙදා හදා ගන්න එක. සමාජවාදයේදී එන්න තියෙන දේ දැන් ධනවාදය තුල නිකම්ම ඇවිල්ල. කට්ටිය එකෙන්ම කොන්ෆියුස්. එකොන් මේ කතාව දන්නවද දන්නේ නැහැ. අපේ දර්ශනවාදය උගන්වපු ගුරුතුමා කීව දෙයක්. "ලෙනින් අන්තිම කාලේදී තනි රටක සමාජවාදය පිහිටුවන්න බැහැ" කියල පිළිගත් බව. එයා බලය ඇල්ලුවේ කෙරෙන්ස්කි ට කරන්න බැරි බව තේරුණා නිසා කියල. නව ආර්ථික පිළිවෙත (නෙප් ) හරහා ආපහු සුළු ධනේෂ්වර (සිමිත පෞද්ගලික අයිතිය සහිත ) ක්‍රමයකට යන්න ලෙනින් ප්ලෑන් කරපු එක නැවත්තුවේ ස්ටාලින් කියල. ස්ටාලින් ලෙනින් සහ කෘප්ස්කයා නිවාස අඩස්සියේ වගේ තියන් හිටිය කියල දන්නවනේ. ස්ටාලින් එහෙම කලේ ඇයි කියන එක මට පස්සෙයි තේරුනේ. අපි ඉගෙනගත් දයලේක්තික භෞතික වාදයේ කොටසක් ස්ටාලින් ගේ. ජිජැක් හේගල් ගෙන් පටන් ගත්තෙත් ඒකයි මම හිතන්නේ.
Deleteසමාජවාදයක් හෝ කොමියුනිස්ට් වාදයක් නැති තැනක සමාජවාදී පොදු දේපල ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒක විහිළුවක්. අපි බොහෝ අයට තියෙන්නේ සෝවියට් දේශය සමග සෞන්දර්යාත්මක හෝ වෙනත් සාමාජිය බැඳීමක්. මම දුප්පත් කොල්ලෙක් වශයෙන් සෝවියට් දේශයට ට ගිහින් අත්දැකීම් වලින් පොහොසත් මේරුණු මිනිසකු වශයෙන් එලියට ආව . ඒක අපට කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක්. නමුත් ඒ ක්‍රමය පවත්වා ගෙන යන්න අමාරු බව අපට එහි හිටිද්දීම තේරුනා. නමුත් ගිරව් වගේ අපට උගන්නපු ගුරුවරුන් සහ අනිත් අය අපි වගේ අවංකව ඇත්ත කියන උන් කියන දේට වඩා විශ්වාස කලේ ඔවුන්ට ප්‍රසංශා කරන අයට. මම හිතන්නේ පසන් කොඩිකාර වගේ අයටත් ඔය ප්‍රශ්නයම තිබුනා රුසියාවේදී. තද කොමියුනිස්ට් වාදියෙක් වෙලා හිටි චන්ද්‍රගුප්ත තේනුවර අද ඉන්න තැන බලන්නකෝ. ස්තූතියි හොඳ සංවාදයක් හැදුවට.
මේ ඇනෝ මම ලියපුව කොපි කරලා නේ. හේ හේ නැගෙනහිර ජර්මනියේ නිවස ගැන ලියද්දි මම ඕක කිව්වනේ. අනික නෙප් එක ගැන මගේ බ්ලොග් එකේ අමං ලියල් තියෙන්නේ කලින්. ඕව මම නොදැන සිටි කාරනා නෙමයි. දැන සිටි කාරනා . හා හා
Deleteමෙන්න ලින්ක් එක ඇනෝ :
Deleteසෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 3
https://kolambagamaya.blogspot.com/2018/03/3.html
මෙන්න මේ ලිපියෙත් ඔය නිර්මාණ ගැන මම කතා කරනවා. 2017 ලිව්වේ
Deletehttps://kolambagamaya.blogspot.com/2017/07/blog-post_21.html
මම ඒ ලිපියේ ලියල තියෙන්නේ මෙහම: දෙවන ලෝක යුද්ධෙන් වැඩියෙන්ම බැට කෑ රටක් තමා සෝවියට් දේශය. මිලියන් ගාණක් මැරිලා රටෙන් භාගයක්ම විනාශ වුණා. ඒ වගේ විනාශ වුන අනිත් රට තමා යුද්ධය පටන් ගත් ජර්මනිය. දැන් ඔය රටවල් දෙකෙන් ජර්මනියට මාෂල් ක්‍රමය යටතේ අති විශාල මුදල් ප්‍රමාණයක් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබුන. එනිසා ඔවුන් සෑහෙන්න දියුණු වුණා. සෝවියට් දේශයටත් 41-45 කාලයේ ඇමෙරිකන් ආධාර ලැබුණා. ඔවුන් ඒවා ගෙවා දැමුවා පසුව.
Deleteපරණ 2017 ලිවූ බ්ලොග් ලිපියෙන් //සෝවියට් දේශයේ තිබ්බ අනිත් ප්‍රශ්නය තමයි හැමෝම කතා කරන නිලධාරිවාදය හා කොමියුනිස්ට් පක්ෂයේ ඉතා පක්ෂග්‍රාහී පාලනය. දැන් කලශ්නිකොව් බටහිර රටක හිටියනම් මිලියනර් කෙනෙක්ය , සෝවියට් දේශයේදී පදක්කමයි, තත්වයයි ඉන්න හිටින්න නිවසක් පමණයි තිබුනේ කියල කවුරුත් දන්නවා නොවැ.නමුත් නොදන්නා දේ තමයි හුඟක් දක්ෂ මිනිසුන් ගේ දක්ෂකම් අකාලයේ වියැකිලා යන්න දුන්න කියල. නිර්මාණාත්මකමිනිසුන්ගේ නිර්මාණ, විද්‍යාඥයන්ගේ, වෛද්‍යවරුන් ගේ නව සොයා ගැනීම් එක්කෝ බටහිරට හොරෙන් විකුණුව. නැත්නම් ඉරිසියාවට ඉවත දැම්ම. ඒ මිනිසුන්ව නැති කරලා දැම්ම. මොකද ඔය පක්ෂ සහ නිලධාරී තන්ත්‍රයේ හිටියේ පොතක් පතක් කියවන උන් නෙමේ.//
Delete@ඇනෝ - නැගෙනහිර ජර්මනිය ගැන ලිපි පෙළ
Deletehttps://kolambagamaya.blogspot.com/2019/01/blog-post_17.html
//දැන් අර නැගෙනහිර ජර්මන් ගමේ හැම නිවසක් ම ඉතා හොඳින් රැක ගෙන තිබුනේ ජර්මන් රජය නිවාස පවරා නොගත් නිසාය. ස්ලාවෝයි ජිජැක් ඉපදී හැදී වැදුන පරණ යුගොස්ලාවියාවට අයත් ස්ලෝවෙනියාවේ නිවෙස් රජයට පවරා ගත්තේ නැත. ඒවායේ අයිතිකරුගේ හිමිකම වෙනස් කලෙත් නැත. රටවල් දෙකේම නිවාස නැති අයට රජය විසින් තට්ටු නිවාස සාදා ලබා දුන් අතර ඒවායේ අයිතියෙන් භාගයක් රජය යටතේත් ඉතිරි භාගය නිවස හිමියා යටතේත් තබා ගන්නා ලදී. මෙයින් සිදුවුනේ හොදින් රැක බලා ගත් නිවාස පද්ධතියක් තවමත් තිබීමයි. එංගලන්තයේ හවුසින් ඇසෝසියේෂන් වල ක්‍රියාත්මක වෙන්නෙත් මේ ක්‍රමයමයි// එක වගේ නේද ඇනෝ
https://kolambagamaya.blogspot.com/2015/06/blog-post_12.html
මෙන්න මේවා තමා මම කියන්නේ කොපි කලාට කමක් නැහැ කියල. මොකා මේවා ලියවෙන්නම දැනුම බෙදා හරින්න නිසා. නමුත් නවකතාවක් වගේ කළා නිර්මාණයක් ධනවාදී සමාජයක (එකොන් සමග එකඟ වෙමින්) සමාජවාදී තර්ක දාන්න බැහැ. 9සමාජවාදී සමාජයක් වුනත් මිලෙහි වෙනස් අහර නාමික වටිනාකම , සන්නාමය තිබිය යුතුයි) . කොමියුනිස්ට්වාදී සමාජයේදී ඕන කෙහෙල්මලක් ඉතින්.
@ඇනෝ මේවා හැමෝටම හොයල ලියන්න පුළුවන් දේ. මේවාට කොපිරයිට් තියා යා ගන්න අවශ්‍ය නැහැ.
Delete//ඔය ලියන පුවත්පත් කලාවේදීන් සහ තවත් ලියන අයට දැන් ප්‍රශ්නයක් තිබෙනවා. මේ බ්ලොග් සහ ෆේස්බුක් ආදිය නිසා මුදල් නොගෙන ආසාවට ලියන අය වැඩිවෙලා. ඒ කියන්නේ නිර්මාණ අයිතිය නැතිව බෙදා හදා ගන්න එක. සමාජවාදයේදී එන්න තියෙන දේ දැන් ධනවාදය තුල නිකම්ම ඇවිල්ල.//
Deleteවැදගත්ම කොටස මේ ටික. අජිත්ගේ අපේක්ෂාව වන සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය තුළ තිබෙන ධනවාදයේ නැති දේවල් මොනවාද කියලා මම ඇහුවේ ඒකයි. ඒ දේවල් ලැයිස්තුගත කළොත් ධනවාදය ඇතුළේ ඒ දේවල් ස්වභාවිකවම එන්නේ කොහොමද කියන එක මට පැහැදිලි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමාජයේ හැම කෙනෙක්ගේම මූලික අවශ්‍යතා (ආහාර, ඇඳුම්, නිවාස වැනි දේ) බාධාවක් නැතිව ලැබීම, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වගේ දේවල් ධනවාදය ඇතුළේ ස්වභාවික සමතුලිතතාවයක් විදිහට ලැබෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙන්නේ කොහොමද කියන එක විස්තර කරන්න පොතක් හෝ පොත් කිහිපයක් ලියන්න වෙනවා. ඒ වගේ එකක් සිංහලෙන් පමණක් ලියලා වැඩක් නැහැ. ඒ සඳහා පෞද්ගලික දේපොළ ක්‍රමය අහෝසි වෙන්න හෝ විප්ලව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මම කියන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ලැබෙන දේවල් ගැනත් නෙමෙයි. ඒ දේවල් තාවකාලිකයි. දේශපාලන වෙනස්කම් එක්ක ඕනෑම වෙලාවක ආපසු හැරෙවෙන්න පුළුවන්. ස්ථිර වෙනසක් වෙන්නනම් වෙළඳපොළ යාන්ත්‍රනය තව දියුණු වෙන්න ඕනෑ. එයට සමාන්තරව නිෂ්පාදන ක්‍රමවේද දියුණු වෙන්න ඕනෑ. පවතින තත්ත්වය වෙනස් නොවන ස්වභාවික සමතුලිතතාවයක් වෙන්න ඕනෑ. හදිසියෙන් වෙන දෙයක් නෙමෙයි. දැන් පවතින ආර්ථික දේශපාලන ව්‍යුහයන් එලෙසම තිබුණොත් මේ දේවල් මුලින්ම විය යුත්තේ ඇමරිකාවේ. නමුත්, ඇමරිකාවේ වුනත් ධනවාදී වෙළඳපොල යාන්ත්‍රනය තව දියුණු විය යුතුයි. සමාජවාදී ඉලක්ක කොහොම වුනත් කොමියුනිස්ට්වාදී ඉලක්කනම් ගොඩක්ම දුරස්ථයි. (මම කියන්නේ සමාජවාදී ඉලක්ක හා කොමියුනිස්ට්වාදී ඉලක්ක ගැන මිසක් සමාජවාදය හා කොමියුනිස්ට්වාදය ගැන නෙමෙයි.) මොකද දැන් තිබෙන ජාතිකවාදී ප්‍රවණතා එක්ක ලෝකයටම පොදු තනි සමතුලිතතාවයක් ඉක්මණින් හැදෙන්නේ නැහැ. නමුත්, ජාතිකවාදී ප්‍රවණතා එක්ක වුනත් වෙනත් ආකාරයකින් එය අන්තිමට සිදු විය යුතුයි. ජාත්‍යන්තරවාදී මාර්ගයේ ගියොත් දිගුකාලීනව ජාතීන් නැති වෙලා තනි මිනිස් ජාතියක් හැදෙයි. ජාතිකවාදී මාර්ගයේ ගියොත් අකාර්යක්ෂම ජාතීන් එකින් එක විනාශ වෙලා ගිහින් වඩාත්ම කාර්යක්ෂම එක් ජාතියක් පමණක් ඉතුරු වෙයි.
පුවත්පත් කලාවේදීන් සහ තවත් මුදලට ලියන අය ගැන කියන්න තියෙන්නේ පෞද්ගලිකව ඔවුන් ගැන කණගාටුයි. චීන ආනයන එන කොට ඇමරිකාවේ නිෂ්පාදකයාට වෙන්නෙත්, හාල් ආනයනය කළාම ලංකාවේ වී ගොවියාට වෙන්නේත් ඔය ටිකම තමයි. නමුත්, මේ තමයි ධනවාදයේ ස්වරූපය. ධනවාදය ස්වභාවයෙන්ම විනාශකාරීයි. හැම මොහොතකම අකාර්යක්ෂමතාවය මරාගෙන කාර්යක්ෂමතාවය උඩට එනවා. එවිට අකාර්යක්ෂම ශ්‍රමිකයින්ට පෞද්ගලිකව ප්‍රශ්නයක් වෙනවා. අකාර්යක්ෂමතාවය කියන එක සාපේක්ෂ නිසා යම් මොහොතක කාර්යක්ෂම කෙනෙක් කලක් යද්දී අකාර්යක්ෂම වෙන්න පුළුවන්. මේක ස්වභාවික සමාජ පරිණාමය තුළ සිදුවන, සිදු විය යුතු දෙයක්. මේ දේ වෙන්නේ නැත්නම් ලෝකය දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා, තනි පුද්ගලයින්ට හෝ කණ්ඩායම් අනුකම්පා කරන්න යාමේදී සමාජ ප්‍රගතියට බාධා කරන්න වෙනවා. බටහිර රටවල ධනවාදය තුළ අසාර්ථක වන අයට උපකාර කිරීම හා කාර්යක්ෂමතාවය පවත්වා ගෙන යාම අතර සමතුලනය පවත්වාගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විසින්. ඇමරිකාව ගත්තොත් රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ අතර වරින් වර බලය මාරු වීම කියන්නේ මේ සමතුලනය සිදු වන ආකාරයයි.
//..... වටිනාකම් හා නිෂ්පාදකයින්ගේ සන්නාම අතර සම්බන්ධය කොයි තරම් ස්වභාවික දෙයක්ද කියන එකයි.// -ඉකොනොමැට්ටා
ReplyDelete//....ශෛලිය අරගෙන වෙන දෙතුන් දෙනෙක්ම ඒවගේ කතා ලියල තියනවා දැක්ක. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. නමුත් මුළුමනින් කොපි කරන්නේ නැතිව. එතන මට මුල්‍ය වටිනාකම් නෙමේ තියන්නේ. නිර්මාණයේ වටිනාකම. එය රැකියා යුතුයි.// - Ajith Dharma
Agreed - Pra Jay
කෙනෙක් එකතු කරන වටිනාකමට (value addition) මිලක් ලැබුනට පස්සෙ, ඒ කෙනාට තව දුරටත් අයිතියක් (claim) නැහැ කියන එකද මෙයින් කියන්නෙ. උදාහරනයකට කෙනෙක් පරීක්ශන පත්‍රිකාවක් කරනවා කියමු, එතන තියෙන්නෙ දැනුම තවදුරටත් වැඩි දියුනු කිරීම හෝ transform කිරිමනෙ, බොහෝ දුරට. එතැනදි ශ්‍රමය හා ප්‍රාග්ධනය කියන දෙකම එකක් නේද. ඊට අදාල මුලාශ්‍ර acknowledge කරන්නෙ ඊට කලින් ඒ දැනුම දීපු අයට ගෞරවයක් විදිහට නේද (ආචාර ධර්ම වලට අමතරව). ඕනෙම නිර්මානයක්ට ඒක අදාලයි නේද.
ReplyDeleteදැනුම කියන්නෙ විශ්වයට අයිති දෙයක් කියලා තර්ක කරත්, ඒ දැනුම තෝරා බේර ගෙන එක එක context වලට හරියන විදිහට දෙනව කියන එකත් ලොකු ශ්‍රමයක් හා ප්‍රාග්ධනයක් යන දෙයක්නෙ. දැනුම බෙදා හරිනවා කියන එකෙන් imply වෙනවද ඕනෙ කෙනෙක් ඕනෙ එකක් කරගත්තාවෙ කියන එක.
//ඊට අදාල මුලාශ්‍ර acknowledge කරන්නෙ ඊට කලින් ඒ දැනුම දීපු අයට ගෞරවයක් විදිහට නේද (ආචාර ධර්ම වලට අමතරව). //
Deleteකලාතුරකින් හැර අරමුණ ගෞරවයක් දීමම නෙමෙයි. තමන්ගේ දායකත්වය පැහැදිලිව, නිශ්චිතව පෙන්වීම. තමන් අලුතෙන් එකතු කරපු දේ කුමක්ද කියා පැහැදිලිව කියන්න පුළුවන් වෙන්නේ වෙනත් අය විසින් ඒ වන විටත් එකතු කර තිබෙන දැනුම් පළමුව විස්තර කර පවතින දැනුමේ යම් අඩුවක් (knowledge gap) තිබෙන බව පෙන්වූ විටයි. වෙනත් විදිහකින් කිවුවොත් තමන් විසින් අගය එකතු කිරීමක් කර තිබෙන බව නිශ්චිත ලෙස පෙන්වීම.
//දැනුම බෙදා හරිනවා කියන එකෙන් imply වෙනවද ඕනෙ කෙනෙක් ඕනෙ එකක් කරගත්තාවෙ කියන එක.//
ධනවාදී සන්දර්භයකනම් "ඕනෙ කෙනෙක් ඕනෙ එකක් කරගත්තාවෙ" කියා නිශ්චිත ලෙස "අයිතිකරු" විසින් කිවුවේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. තමන් කම්මලේ හදපු කඩුව කැමති කෙනෙක් අරන් යන්න, ගෙනිහින් ඕනෑ දෙයක් කරගන්න කියලා අයිතිය අත් හැරලා මිදුලේ තියන්න පුළුවන්. එහෙම නැත්නම්, කැමති කෙනෙක් අරන් ගිහිං කොස් කොටාගෙන ආපහු ගෙනත් තියන්න කියලා මිදුලේ තියන්නත් පුළුවන්. ඔය දෙකෙන් කොයික වුනත් කරන්න පුළුවන් වෙන්නේ පවතින සමාජ ක්‍රමය යටතේ කඩුවට නිශ්චිත අයිතිකරුවෙක් ඉන්නවා කියන එක පිළිගන්නවානම් පමණයි. කඩුව අයිතිකරුවෙක් නැති, සාමූහික ශ්‍රමයක ප්‍රතිඵලයක් විදිහට පිළිගත් වහාම, ඕනෙ කෙනෙක්ට ඕනෙ එකක් කරගන්න අවශ්‍ය දාර්ශනික පසුබිම හැදිලා ඉවරයි.
Welcome back econ! I thought you crossover to the dark side. May the force be with you.
ReplyDelete//ධනවාදයේ මූලධර්ම අනුව ලෝකය දකින්න පුරුදු වෙන එක..// Why?In the new Capitalist China, CPP enforce Chinese to see the world alone the party line. The West was hoping,that Chinese Democracy will improve, for 40 long years an it didn't.
All we want is free thinkers, who take the middle path. This might be difficult in America, where there is no "center", but not impossible in Europe. Though not fit to rule for ever, "center left" parties have there purpose.