Wednesday, December 5, 2018
අයිටීඑන් කුමන්ත්‍රණ දෙක
සති ගණනක් තිස්සේ ස්වාධීන රූපවාහිණිය හරහා ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ දෙකක් පිළිබඳව මේ වන විට එළිදරවු වී අවසන්. එකක් ඇමරිකන් කුමන්ත්‍රණයක්. අනිත් එක රුසියන් කුමන්ත්‍රණයක්.
කුමන්ත්‍රණ කතා වලට ලංකාවේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ ඉල්ලුම පහසුවෙන් මුදල් කළ හැකියි. හැබැයි ඔය වැඩේ කරන්න සැපයුම්කරුවොත් ඕනෑ තරම් ඉන්න නිසා ඒ කාටවත් ඒකාධිකාරයක් පවත්වාගන්න අමාරුයි. වෙළඳපොළ තරඟකාරීයි.
කුමන්ත්‍රණ එකිනෙකට වෙනස්. ඒ නිසා, කුමන්ත්‍රණ එළිදරවු කිරීමේ සේවාවන් කියන්නේ සමජාතීය වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. ඒ නිසා, තරඟකරුවෝ කොපමණ හිටියත් තමන්ගේ භාණ්ඩය මොන විදිහකින් හෝ සුවිශේෂී කරගත්තොත් වෙළඳපොළ අල්ල ගන්න පුළුවන්.
ලිලන්ත කුමාරසිරිගේ කණාමැදිරියෝ කතා කළේ ඇමරිකන් කුමන්ත්‍රණයක් ගැනයි. මේක ඇමරිකන් රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ක්‍රියාත්මක වූ මාර සිරා කුමන්ත්‍රණයක්. හැබැයි කතාව ඉවර වෙද්දී ලංකාවේ පොලීසිය කුමන්ත්‍රණය එළිදරවු කර ගන්නවා. චාමරගේ රාහු කතා කළේ රුසියන් කුමන්ත්‍රණයක් ගැන. රහස් පොලීසිය ඒකෙත් සුලමුල හොයා ගන්නවා. නමුත්, එච්චරයි. සුලමුල හොයා ගත්තට පස්සේ ෆයිල් එක ක්ලෝස්.
ඔය කතා දෙකේම පොදු තේමාව පිටරටින් "අපේ දේවල්" අරගෙන යන එක. බොහොම ජනප්‍රිය තේමාවක්. රබර් වැවිල්ලෙන් පටන් අරන් රබර් වගේම ඇදුණු මිණිගංදෑළත් යාන්තම් ඉවර වුණා. අන්තිමට පරණ කෑලි නැවත පෙන්වමින් අද්දපු විදිහට මම හිතුවේ පරම්පරා තුනක කතාව බලන්න පරම්පරා හතරකවත් කාලය යයි කියලයි. ඒකෙත් කුමන්ත්‍රණ ගණනාවක් ගැන කතා කලා. ඒවා බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණ.
බටහිර රටවල් ලංකාවෙන් හෝ තූත්තුකුඩියෙන් හෝ ගන්න තිබෙන දේවල් ගන්නවා කියන එක බොරුවක් නෙමෙයි. ඔවුන් අනුන්ගේ දේවල් ගන්න වගේම තමන්ගේ දේවල් දෙන්නත් කැමතියි. ලංකාවේ ඔය දෙකටම කිසියම් විරෝධයක් තිබෙනවා. ගන්නකොට කියන්නේ දේශීය දැනුම නැත්නම් සම්පත් බටහිරයන් විසින් හොරකම් කර ගැනීම කියලා. දෙනකොට කියන්නේ බටහිර ආධිපත්‍යය බලහත්කාරයෙන් පැටවීම කියලා.
මේ විරෝධයට හේතුව බටහිර රටවල් විසින් ලංකාව වගේ රටවල දේවල් අරන් ගිහිං වැඩි දියුණු කරලා නැවත ලංකාවටම විකුණන අවස්ථා පෙනෙන්න තිබීම විය හැකියි. අප කුඩා කාලයේ නිතර යොදාගත් උදාහරණයක් වුනේ ලංකාවෙන් රබර් ගෙනිහින් ටයර් හදලා නැවත ලංකාවටම විකිණීම. දැන් බොහෝ විට කතා කරන දෙයක් වෙන්නේ දේශීය ඖෂධ ගෙනිහින් පෙති හෝ කරල් ලෙස නැවත ලංකාවටම විකුණනවා කියන එක. දෙවැන්න කොයි තරම් දුරකට වෙන දෙයක්ද කියා මම හරියටම දන්නේ නැතත් පළමුවැන්නනම් කාලයක් තිස්සේ සිදුවුණා.
මේ වැඩේම අනිත් පැත්තත් වෙනවා. ලංකාව වගේ රටවල් බටහිර රටවල් වලින් රෙදි, නූල්, යන්ත්‍රසූත්‍ර, තාක්ෂනය වගේ දේවල් අරගෙන ඇඳුම් මහලා නැවත බටහිර රටවලටම විකුණනවා. නමුත්, ඒ ගැන බටහිර රටවල මිනිස්සු කනිපින්දම් කියනවා අඩුයි. නැත්තෙමත් නැහැ. ඇමරිකාව වගේ රටවල තිබෙන චීන විරෝධය මීට කිට්ටුවෙන් යන එකක්.
රබර් කියන්නෙත් ලංකාවේ දෙයක් නෙමෙයි. රබර් ලංකාවට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයන් විසින්. මිණිගංදෑළ පටන් ගත්තේ ඒ කාලයෙන්. සුද්දෝ එංගලන්තයේ රබර් නොවවා ලංකාවේ වැවුවේ එය වඩා ලාබදායක නිසා. ලංකාවේ ටයර් නොහදා එංගලන්තයේ හැදුවෙත් ඒ හේතුවම නිසා. නමුත්, කාලයත් එක්ක මේ තත්ත්වයන් වෙනස් වෙනවා. දැන් ලංකාවේ නිෂ්පාදන අපනයන ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්නේ ටයර් වැනි රබර් නිෂ්පාදන වලින්.
රටකට නිෂ්පාදන ක්‍රියාවලියේ එක අදියරක ඉඳලා තවත් අදියරකට යන්න හැකි වෙන්නේ තාක්ෂණ දැනුම වැඩි වීමට සමාන්තරවයි. ඒ සඳහා, එක්කෝ රට ඇතුළේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු විය යුතුයි. නැත්නම් පිටින් ඒ දැනුම ලබාගත යුතුයි. පිටින් දැනුම ලබාගන්න පුළුවන් වෙන්නේ දැනට රට ඇතුළේ තිබෙන දැනුමට සාපේක්ෂවයි. දැනුම ලබා ගැනීම පියවරෙන් පියවරට සිදු විය යුතු දෙයක්. ලෝකයට විවෘත වූ තරමට මෙය වඩා වේගවත්ව සිදු වෙනවා.
Labels:
ආකල්ප,
ආර්ථික විද්‍යාව,
ටෙලිනාට්‍ය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
කුමන්ත්‍රණේ කුමන්ත්‍රණේ
ReplyDeleteකාගේද මේ කුමන්ත්‍රණේ
රුසියාවෙද කුමන්ත්‍රණේ
ඇමරිකාවෙ කුමන්ත්‍රණේ
ඉන්නාවිට ජහමනයා
අන්දමන්ද වෙලා
ආවයි අප ව්‍යවස්‌ථාව
කුමන්ත්‍රණය වෙලා
මෙලෝ රහක් නැත
එනමුදු
සැවොම එකතු වෙලා
කිරි කපනා ගෑනු පවා
එයම කතා කලා
අවසානය කුමක් වේද
නොදනිති කිසිවෙකු
කුමන්ත්‍රණේ නම්
ගොයියෝ
පරාද කල යුතු!
අපි ජාතියක් විදියටම කවුරු හරි 'යක්ෂයෙකුට' බයෙන් ඉන්න ආසයිද? රුසියානු, ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ධනවාදී නෙවෙයි නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී යකෙකුට හරි.
ReplyDelete“Believing in a conspiracy theory is one strategy people use to regain a sense of control, even if the conspiracy theory is unrelated to what caused the lack of control in a person’s life.”
Delete― Oscar Auliq-Ice Junior
//ප කුඩා කාලයේ නිතර යොදාගත් උදාහරණයක් වුනේ ලංකාවෙන් රබර් ගෙනිහින් ටයර් හදලා නැවත ලංකාවටම විකිණීම// ඒකට ටයර් කර්මාන්ත ශාලාවක්ම ලැබුන , වුන දෙයක් නැහැ
ReplyDeleteබ්‍රිතාන්‍යයේදී චීන ජනාධිපතිට දුන් දැවැන්ත පිළිගැනීම හා ගෞරව ප්‍රධානයන්ගෙන් අඩක් වත් ඊට පෙර බ්‍රිතාන්‍යට පැමිණි ඇමරිකා ජනාධිපතිට නොලැබී යාම මගින් අර්ථවත් කරන්නේ නව ලොව යථාර්ථයයි.
ReplyDeleteඅන්තිමට ඇමරිකාව විසින් නිමක් නැති අනවශ්‍ය යුද්ධවලට ඇද දමන ලද බ්‍රිතාන්‍යයේහි දැන් දැවැන්ත ආර්ථික හා දේශපාලන කරුම ගෙවා දමන්නේ බ්‍රිතාන්‍ය ජනතාවමය.
බ්‍රිතාන්‍ය ඉන් ගොඩ ඒමට නම් කටින් බතල ගෙනෙන ඇමරිකාව නොව අතින් බතල හිටිවන චීනය පසුපස යා යුතු බව මහා බ්‍රිතාන්‍ය තේරුම් ගෙන තිබීම එම යථාර්ථයේ ප්‍රතිඵලයයි.
බ්‍රිතාන්‍යට චීන ජනාධිපති ගොස් පවුම් බිලියන 30ක ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කළේ එම ආයෝජන අතර බ්‍රිතාන්‍යයේ ඇතැමුන් පමණක් නොව ඇමරිකානු පාලනය පවා කිසියම් දුරකට සොලවා ලූ පවුම් බිලියන 6.5ක න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් ගිවිසුමක් ද තිබුණි.
බ්‍රිතාන්‍ය තුළ න්‍යෂ්ටික බලශක්තිය වැනි ජාතික වශයෙන් අතිශය වැදගත් ක්‍ෂේත්‍රයක් චීන ආයෝජනයක් වීම සම්බන්ධයෙන් නොයෙක් විවේචන තිබුණි. එහෙත් එවන් දෙයකට තාක්‍ෂණය ද මුදල් ද ඇති අනෙකෙක් ලොව නැති හෙයින්, යථාර්ථය තේරුම් ගත් බ්‍රිතාන්‍ය ඊට මුහුණ දුන්න.
චීනය රටවල් 123ක ලොකුම වෙළඳ සහචරයා වන විට ඇමරිකාව අද හුදු රටවල් 64ක පමණක් ප්‍රධානතම වෙළඳ සහචරයා වීම තුළින් පෙන්වන්නේ ලොව වෙනස් ව තිබෙන අපූරුවයි. අප කලාපය ගතහොත් මේ ඊයේ පෙරේදා පමණක් චීනය ඉන්දියාවේ ඩො.බි 22ක ද පාකිස්ථානයේ ඩො.බි 46ක ද ආයෝජන ගිවිසුම් අත්සන් කළේ ය. මෙවන් පසුබිමක ඉකොනොමැට්ටා චීනයට නොයෙක් අවලාද නගමින් බැණ අඬ ගසන්නේ ඉකොනොමැට්ටා කවුරු හරි 'යක්ෂයෙකුට' බයෙන් ඉන්න ආසයිද? .
//මෙවන් පසුබිමක ඉකොනොමැට්ටා චීනයට නොයෙක් අවලාද නගමින් බැණ අඬ ගසන්නේ//
Deleteකොහෙද ඇනෝ එහෙම කරල තියෙන්නේ?
“Conspiracy theories are ways for someone to understand what is going on in the world and try to restore some sense of control in themselves.”
ReplyDelete― Oscar Auliq-Ice Junior
“History is much more the product of chaos than of conspiracy”
― Zbigniew Brzezinski
නිෂ්පාදන අපනයනයට විවිධ රටවල් ඒක්ක ගිවිසුම් තිෙයනවා. බදු සහන තිෙයනවා... අැත්තටම අෙප් රටට ෙගාඩක් අංශවලින් අපනයන අාදායම වැඩි කරගන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට බදු ගහල පුලුවන් හැම විදිෙයන්ම සූරා කෑම හැර ෙම් වෙග් අපනයනය වැඩපිළිෙවලවල් අැති කරල, මිනිස්සු දැනුවත් කරල අලුත් අාදායම් මාර්ග ෙගාඩනගන විදි ගැන අවධානයක් නැහැ....
ReplyDeleteපරණ පෝස්ට් කියවගෙන යන ගමන්... මිණිගංදෑල කොටස් 100 සිට 120 දක්වා වැඩි කරන්න කියලා නාලිකාවෙන් අධ්‍යක්ෂකට කිව්ව බව අපේ ගුවන් විදුලි සාකච්ඡාවකදි ඔහුම කිව්වා. මිණිගංදෑලේ වටිනාම රූප රාමුව, අර ලොකු වැවක වගේ එකක දාන ටයිම්ස් ලැප් එක වෙන්න ඕනේ. කොහොම හරි ප්‍රේක්ෂකයන්ට ඩිමෙන්ෂියා ගාණට තමයි පරණ රූපරාමු ආපහු දැම්මේ. කණාමැදිරියෝ පොඩ්ඩක් ඇඩ්වාන්ස්, හැබැයි පුළුවන් හැම තැනටම ට්විස්ට්ස් ඔබන්න ගිහින් අර 'මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ' වගේ වුණාද මන්ද. රාහු නම් බලලා නෑ.. බලන්න ඕනේ.
ReplyDelete