ඉහත ශීර්ෂය යටතේ වන යූටියුබ් වීඩියෝවක් මේ දවස් වල සංසරණය වෙනවා. මෙහි තිබෙන්නේ හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයක් හා එයට අජිත් නිවාඩ් කබ්රාල් විසින් දක්වන ප්‍රතිචාරයක්.
එහි හර්ෂ ද සිල්වා මෙහෙම කියනවා.
"අපි හිතමු ඩොලර් දහයක ණයක් තියෙනවා කියලා. එතකොට රුපියල [ඩොලරය] 150යි කියමු. එතකොට 1500යි. ...දැන් අපි හිතමු රුපියල [ඩොලරය] 160ට ගියා කියලා. එතකොට ඩොලර් ගෙවන්න තියෙන්නේ 100යි. හැබැයි රුපියල් වලින් බලන කොට රුපියල් 1600ක්. ...ඇත්ත වශයෙන්ම ණය වැඩි වෙලා නැහැ. ණය තියෙන්නේ 100මයි. රුපියල් වලින් මේක ගණන් හැදුවොත් 150 ඉඳල 160ට වැඩි වෙලා තියෙනවා."
අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රතිචාරය මෙවැන්නක්.
"හර්ෂ [ද] සිල්වා මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුවට ගියේ 2010දී. එතකොට රුපියලේ අගය තිබුණේ රුපියල් 111ක් හැටියට. එතකොට ඩොලර් 100ක් අරන් තිබුණනම් ආණ්ඩුවට ලැබුණේ 111 ගානේ 11,100යි. දැන් 2018දී ඒ සල්ලි ගෙවන්න යනවනම් ආණ්ඩුව ආණ්ඩුවට තියෙන්නේ ඩොලර් 100ක් ගන්න 171 ගානේ. එතකොට 17,100ක් ගෙවන්න ඕනෑ. එතකොට රුපියල් 6000ක් වැඩිපුර ගෙවන්න වෙනවා. දැන් මේ සිල්ව මහත්තයට අමතක වෙලාද ඕක?"
දැන් මේ දෙන්නගෙන් ඇත්ත කියන්නෙ කවුද? බොරු කියන්නෙ කවුද?
දෙන්නගෙන් එක්කෙනෙක්වත් බොරු කියන්නෙ නැහැ. නමුත්, මේ දෙන්නම කියන්නේ කතාවේ තමන්ට අවශ්‍ය කොටස විතරයි. දෙන්නම නොකියන කොටසකුත් මෙතැන තියෙනවා. සමහර විට මේ ප්‍රකාශ උපුටා ගත් තැන්වල මීට වඩා යමක් තිබෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන මම දන්නෙ නැහැ. එහෙම තිබුණත් නැතත්, අපි මේ වීඩියෝවේ දැකිය හැකි කොටස හා අදාළව කතා කරමු.
හර්ෂ ද සිල්වා කියන විදිහට ඔහු පෙන්වන උදාහරණයේදී ණය වැඩි වෙලා නැහැ. ඩොලර් 100ක ණය නොවෙනස්ව තියෙද්දී රුපියල් වලින් බැලුවහම එය වැඩියෙන් පෙනෙන එක පමණයි වෙලා තියෙන්නේ.
රජය ඩොලර් වලින් ගන්න ණය රුපියල් වලින් ගෙවන්න බැහැ. ඒ නිසා, මෙහිදී රුපියල් ගණනට වඩා වැදගත් වෙන්නේ ඩොලර් ගණනයි. ඒ අනුව, හර්ෂ ද සිල්වා කියන කතාව ඇත්ත.
නමුත්, මෙහි තිබෙන හර්ෂ ද සිල්වා නොකියන දෙය වන්නේ රජය විසින් ණය අරගෙන තිබෙන්නේ ඩොලර් වලින් වුවත් එය ආපසු ගෙවීමට අවශ්‍ය මුදල් හොයාගන්න රජය ඩොලර් වලින් ආදායමක් උපයන්නේ නැති බවයි.
රජය ආදායම් උපයන්නේ රුපියල් වලින්. ඒ නිසා, ණය ආපසු ගෙවන්න වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. හර්ෂ ද සිල්වාගේ උදාහරණයම ගත්තොත් ඩොලරය රුපියල් 150 ලෙස තිබෙද්දී ගන්න ඩොලර් 10ක ණයකින් රජයට ලැබෙන්නේ රුපියල් 1500ක් පමණයි. නමුත්, මේ මුදල ආපසු ගෙවන්න යන විට ඩොලරය රුපියල් 160 වෙලානම් ගෙවන්නේ ඩොලර් 100ම වුවත් ඒ වෙනුවෙන් වැඩිපුර රුපියල් 100ක් වැය කරන්න වෙනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් 2004 අන්තිමේදී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 9,522ක්. ඩොලරය රුපියල් 104.61යි.
ඔය අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා දවස ලංකාවේ කාටවත් අමතක වෙන්න විදිහක් නෑනේ. එදා සිදුවුනේ ලංකා ඉතිහාසයේ සිදුවුණු ඛේදජනකම ස්වභාවික විපත්තියක්.
කොහොම වුනත් ඔය කණගාටුදායක සිද්ධිය නිසා දිගින් දිගටම පැසවමින් ඔඩු දුවන ලංකාවේ ගෙවුම් ශේෂ තුවාලයටනම් තාවකාලිකව වුවත් අස්වැසිල්ලක් ලැබුණා. සුනාමි ආධාර ලෙස ලැබුණු විදේශ විණිමය, ණය වාරික කපා හැරීම් හා ආපසු අය කරගැනීම් කල් දැමීම වගේ හේතු නිසා 2005 අවුරුද්දේ මුල හරියේදී ලංකාවේ ගෙවුම් ශේෂය මත වන පීඩනය අඩු වෙලා වසර අවසාන වෙද්දී ඩොලරයක අගය රුපියල් 102.12 දක්වා 2.49කින් පහළ ගියා.
ඒ වගේම 2005 අවුරුද්දේදී ලංකාවේ මධ්‍යම රජයේ විදේශ ණයත් ඩොලර් මිලියන 9,368 දක්වා ඩොලර් මිලියන 155කින් පහළ ගියා. ඒ කියන්නේ, ඩොලර් මිලියන 155ක ණය ආපසු ගෙවුවා. අවුරුද්ද අන්තිමට තිබුණු ඩොලරයක මිල අනුව මේ මුදල රුපියල් මිලියන 15,807ක්. නමුත්, අවුරුද්ද මුල තිබුණු ඩොලරයක මිල අනුව බැලුවොත් ඊට වඩා රුපියල් මිලියන 385ක් වැඩියි.
මේ අනුව බැලුවහම රුපියල ශක්තිමත් වීම නිසා රජයට රුපියල් මිලියන 385ක වාසියක් අත් වුනු බව කියන්න පුළුවන්. ඒ අනුව, 2005 අවුරුද්දට අදාළව අජිත් නිවාඩ් කබ්රාල්ගේ තර්කය නිවැරදියි.
හැබැයි අජිත් නිවාඩ් කබ්රාල්ගේ තර්කය නිවැරදි වන්නේ මේ සහස්‍රය සැලකුවොත් 2005 අවුරුද්දට පමණයි. මොකද මේ විදිහට රුපියල ශක්තිමත් වීම වාසියක් වෙන්නෙත්, රුපියල අවප්‍රමාණය වීම අවාසියක් වෙන්නෙත් රජය ණය ආපසු ගෙවනවනම්නේ!
සුනාමිය නිසා ගොඩ ගිය අවුරුද්දෙන් පස්සේ පහුගිය ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව යටතේ කිසිම අවුරුද්දකදී ශුද්ධ වශයෙන් බැලුවහම මධ්‍යම රජයේ ණය ආපසු ගෙවල නැහැ. හර්ෂ ද සිල්වා වගේම අජිත් නිවාඩ් කබ්රාලුත් නොකියන කතාව ඕකයි. හැම අවුරුද්දකම කරල තියෙන්නේ තවතවත් ණය අලුතින් ගන්න එකයි.
රජයට වෙළඳපොළෙන් වැඩි මිලට ඩොලර් ගන්න එක අවාසියක් වෙන්නේ ණය ආපසු ගෙවනවනම්. නමුත්, රජය දිගින් දිගටම කරන්නේ අලුතින් ඩොලර් ණය අරගෙන වෙළඳපොළේ විකුණන එකයි. එහෙම විකුණද්දී ඩොලර් එක ඉහළ යන තරමට රජයට වාසියි. රුපියල ශක්තිමත් වීම අවාසියි.
උදාහරණයක් විදිහට 2010 අවුරුද්දේදී රුපියල් 114.38 සිට රුපියල් 110.95 දක්වා රුපියල් 3.43කින් ඩොලරයක මිල පහළ ගියා. නමුත්, එහෙම වුනේ ලංකාවේ ආනයන ආදායම් ඉක්මවා අපනයන ආදායම් ඉහළ යාම වගේ ස්වභාවික හේතුවකින් නෙමෙයි. මධ්‍යම රජය විසින් ඩොලර් 2,856ක විදේශ ණය අරගෙන එයින් සෑහෙන කොටසක් විදේශ විණිමය වෙළඳපොළට මුදා හැරීම නිසා.
මේ ඩොලර් 2,856ක මුදලේ රුපියල් වටිනාකම 110.95 ගණනේ බැලුවොත් රුපියල් මිලියන 316,908ක්. නමුත්, රුපියල 114.38 මට්ටමේම තිබුණානම් රජයට තවත් රුපියල් මිලියන 9,797ක් ලැබෙනවා. රුපියල ශක්තිමත් වීම නිසා වුණේ ඒ මුදල රජයට නොලැබී යාමයි.
දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය ගැනීම හොඳ දෙයක් හෝ අප අනුමත කරන දෙයක් නෙමෙයි. නමුත්, ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ලංකාවේ සිදු වන්නේ එයයි. එහෙම නැතුව ණය ආපසු ගෙවීමක් කොහෙත්ම සිදු වන්නේ නැහැ.
මධ්‍යම රජය විසින් විදේශ ණය ආපසු ගෙවන්න වෙළඳපොළෙන් වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවානම් ඩොලරයක මිල ඉහළ යාම අවාසියක්. නමුත්, මධ්‍යම රජය විසින් කරන්නේ අලුත් ඩොලර් ණය අරගෙන ඒ ඩොලර් වෙළඳපොළේ විකුණන එකයි. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යන තරමට මධ්‍යම රජයට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ ගිහින් බදු වැඩි කර මුදල් හොයන්න තිබෙන අවශ්‍යතාවය පහළ යන එකයි වෙන්නේ.
පසුගිය 2017 අවුරුද්දේදී රුපියල අවප්‍රමාණය වීම නිසා ණයට ගත් ඩොලර් විකිණීමේදී රජයට ලැබුණු අමතර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 11,782ක්. ඊට පෙර අවුරුදු බැලුවත් දැකිය හැක්කේ වාසියක්.
මේ අවුරුද්ද ඇතුළත ඩොලරයක මිල අඩු වශයෙන් රුපියල් 20කින් වැඩි වනු ඇතැයි සිතමු. ඒ අතර මධ්‍යම රජයේ ණය ඩොලර් බිලියන 2.5කින් වැඩි වනු ඇතැයි සිතමු (මේ ගණන් දෙකම මීට වඩා බොහෝ වැඩි විය හැකියි). ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් රජයට මේ අවුරුද්දේ අඩු වශයෙන් රුපියල් බිලියන 50ක් වැඩිපුර ලැබෙනවා කියන එකයි.
Wednesday, October 10, 2018
රුපියලේ අගය වෙනස් වෙනකොට ණය ප්‍රමාණයට මොකද වෙන්නේ?
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
මගෙ යාළුවෙක් කිව්වා ලංකාවට ගොඩ ඒමක් තියන්නෙ සුනාමිය වගේ ලොකු ස්වභාවික ආපදාවක් වෙලා විදේශ ආධාර ආවොත් විතරයි කියලා .ඒ කතාව ඇත්තද?
ReplyDeleteරටට විදේශ විනිමය ලැබෙන ක්‍රම විනාශ කරලා දැන් ඩොලර් පාලනය කරගන්න බැරිව දඟලනවා
Delete2013 වසරේදී කොළඹ දී පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය නායකත්ව සමුළුව උපයෝගීකරගනිමින් අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයින් හා සාකච්ඡා කිරීමට අවස්ථාව ඇවන්ගාර්ඩ් සමාගමට ලැබුණු අතර එහිදී ගල්ෆ් ඔෆ් ගිනී (Gulf of Guniea)කලාපයේ දැඩිලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ මුහුදු මංකොල්ල කරුවන් මැඩලීම, එම රටවල ත්‍රිවිධ හමුදාවන් පුහුණු කිරීම (ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති, නාවික හමුදපති සහ ගුවන් හමුදාපති තුමන්ලා විසින් නිකුත් කර ඇති ඔවුන්ගේ යෝජනා ඇතුලත් ලිපිලේඛන අප සතුව ඇත) හා එම රටවල නාවික හමුදාවන්ට ප්‍රහාරක යාත්‍රා සැපයීමට ප්‍රධාන කොටගත් මෙම ව්‍යාපෘතිය සැකසීම සඳහා නයිජීරියාව, ටෝගෝ, සෙනගල්, බෙනින් ඝානා සහ කෙන්යා රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට ඇවන්ගාර්ඩ් සමාගමට අවස්ථාව උදා විය.
ReplyDeleteඑහිදී ව්‍යපෘති යෝජනාවලට මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ නයිජීරියානු රාජ්‍යයයි. නයිජීරියාව යනු අප්‍රිකානු මහද්වීපයේ විශාලතම සහ ධනවත්ම රාජ්‍යය වන අතර එම කලාපයේ විශාලතම හා බලවත්ම නාවික හමුදාවට හිමිකම් කියන්නේද නයිජීරියානු රාජ්‍යයයි.
ශ්‍රී ලංකා ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යංශය වල පූර්ණ අනුග්‍රහය සහ හයෝගය ලබා ගනිමින් අප ආයතනය අප්‍රිකානු කලාපයේ ඉතිරි රටවල් සමඟද සාකච්ඡා දිගින් දිගටම පවත්වාගෙන යන ලදි. එලෙස එම රටවල් සමග ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම රටවල ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇවන්ගාඩ් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් කොළඹට ගෙන්වා සාකච්ඡා කරන ලද අතර ඊට අදාළ ඡායාරූප මේ සමග ඉදිරිපත් කර ඇත(ඇමුණුම 1).
අප නියෝජිත කණ්ඩායම මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීමට නයිසීරියා වෙත යන අවස්ථාව වන විටත් ඇමරිකාව, එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් ප්‍රධාන කොට ගත් රටවල් 20 ක පමණ රාජතාන්ත්‍රිකයින් සහ එම රටවල ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් නයිසීරියාවට පැමිණ මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කරමින් සිටි අතර අවසානයේදී එම සියලු රටවල් අභිභවා මෙම ව්‍යාපෘතිය අප රටට ලබා ගැනීමට හැකියාව අප ආයතනට ලැබුණි.
ඒ සඳහා විශේෂයෙන්ම බලපෑ හේතු වූයේ වසර තිහක කුරිරු යුද්ධය ජයගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ලෝකයේ එකම හමුදාවන් ලෙස ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලබා තිබූ ජාත්‍යන්තර කීර්තිනාමය, අපගේ ව්‍යාපෘති යෝජනා වල අඩංගු ඉහල ශක්‍යතා ප්‍රතිශතය සහ අප ආයතන නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන්ගේ තාර්කික හැකියාවයි. මේ සඳහා අප සභාපතිතුමා සමග එවකට ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීව සිටි ජනරාල් ජගත් ජයසූරිය මහතා, යුධ හමුදාපතිව සිටි ජනරාල් දයා රත්නායක මහතා සහ නවික හමුදාවේ දෙවන අණදෙන නිලධාරියාව සිටි අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සහ නාවික හමුදාවේ අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඇතුලු ශ්‍රී ලංකික රාජතාන්ත්‍රික කන්ඩායම මහත් කැපවීමක් සිදු කළහ.
මෙම ව්‍යාපෘති මඟින් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක එනම් රුපියල් බිලියන 160 ක අතිවිශාල වූ විදේශ ව්නිමයක් ශ්‍රි ලංකාවට රැගෙන ඒමට සහ විශ්‍රාමික රණවිරුවන් සඳහා මාසික වැටුප රුපියල් ලක්ෂ 3 ට නොඅඩු රැකියා අවස්ථා 25,000 (නයිජීරියානු ත්‍රිවිධ හමුදාව පුහුණු කිරීම සඳහා ජනරාල් ගාමිණී හෙට්ටිආරච්චි, ජනරාල් නිමල් ජයසූරිය, මේජර් ජනරාල් චන්ද්‍රවංශ, මේජර් ජනරාල් ලෝරන්ස් ප්‍රනාන්දු ප්‍රධාන කොටගත් යුද්ධ හමුදා නිලධාරීන් රියර් අද්මිරාල් රුවන් ඩයස් ප්‍රධාන කොටගත් ශ්‍රී ලංකාවේ කීර්තිමත් හමුදා නිලධාරීන් 8 දෙනෙක් සමග විශ්‍රාමික රණවිරුවන් 5,000 කණ්ඩායමක් සහ Gulf of Guinea කලාපයේ මුහුදු මංකොල්ල කරුවන් ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සමුද්‍ර ආරක්ෂණ කටයුතුවල යෙදීමට විශ්‍රාමික රණවිරුවන් 20,000) උත්පාදනය කිරීමට ඇවන්ගාර්ඩ් සමාගම සාකච්චා අවසන්කොට ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් කර තිබිණි. මෙහිදී ව්‍යාපෘතියේ මුඛ්‍ය අදායම ඩොලර් බිලියන 1ක් වුවද ඒ හරහා නිර්මාණයවන අනෙකුත් රැකියා අවාස්තාවන් හා සේවා සැපයීම් හරහා එම අදායම අදායම ඩොලර් බිලියන 3ක් දක්වා වර්ධනය කිරීමට අප ආයතනය සැලසුම් සකස් කොට තිබුණි.
ඇවන්ගාඩ් ආයතනය 2015 ජනවාරි 8 දින බිහි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රධාන කොටගත් වත්මන් යහපාලන ආණ්ඩුව ද මෙම ගිවිසුම්, ඊට අදාල ව්‍යපෘති වාර්තා සහ ශක්‍යතා වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය මගින් අවමවශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1 එනම් රුපියල් බිලියන 160 ක විදේශ විනිමයක් සහ විශ්‍රාමික රණවිරුවන් සඳහා අවම වැටුප මසකට රුපියල් ලක්ෂ 3 ඉක්මවූ රැකියා අවස්ථා 25,000 ලබෙන බව සනාථ කරමින් 2015 මාර්තු මස 8 දින, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ පවතින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.බී බස්නායක මහතා විසින් නිකුත් කරන ලද ලිපිය මේසමග ඉදිරිපත් කර ඇත (ඇමුණුම 2).
Deleteමෙම ලිපිය මගින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස පත් කරන බවටද අවශ විටකදී නයිජීරියාව බලා පිටත්ව යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද නිර්දේශ කර ඇත.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පවතින වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ද ඇවන්ගාඩ් ආයතනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට සහ විශ්‍රාමික රණවිරුන් සඳහා වන සේවය අවභෝධ කරගත් නිසාවෙන්, ඇවන්ගාඩ් ආයතනය සහ පසුගිය රජය අතර පැවති ගිවිසුම තවත් වසර 5 කින් දීර්ඝ කිරීමට 2015 ඔක්තෝබර් 20 දින කටයුතු යොදා තිබුණි. (ඇමුණුම 3).
ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික දුත පිරිස නයිජීරියාව වෙත පිටත්වීම
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාතය තුමා ප්‍රධාන එවකට ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති ප්‍රධාන කොටගත් ජාතික බුද්ධි ආරක්ෂක සේවයේ නිලධාරීන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ හා ත්‍රිවිධ හමුද ජේෂ්ඨ නිලධාරීන් ගෙන් සැදුම්ලත් රාජතාන්ත්‍රික දුත පිරිසක් 2014 ජුනි 7 වන දින නජීරියව බලා පිටත්වූ අතර එහි සියලු සංවිධාන කටයුතු සහ සියළු බර පැන ඇවන්ඩගාඩ් සමාගම මගින් දරන ලදී. එම සංචාරයට අදාල චායාරුප මේසමග ඉදිරිපත් කර ඇත(ඇමුණුම 4).
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා දිපාර්ශවීය සාකච්චා වට 25 පමණ පැවැත්වූ අතර එක් සාකච්චා වටයකට නිලධාරීන් 15 පමණ පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ සිට නයිජීරියාව දක්වා ගමන්වාර 25 නොඅඩු ප්‍රමාණයක් සිදුකර තිබෙන අතර මෙමෙ ව්‍යාපෘතිය සඳහා ඇවන්ගාඩ් සමාගම රුපියල් මිලියන 350 පමණ මුදලක් වියදම්කර ඇත. මෙම කරුණු සනාථ කිරීම සඳහා ලිපි ලේඛන අප සතුව ඇත.
මෙම සංචාරයේදී ඇවන්ගාඩ් ආයතනය් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් පැය තුනහමාරක ඉදිරිපත් කිරීමක් (Presentation) නයිජීරියානු නාවික හමුදාපති ඇතුළු සෙසු නිලධාරීන් වෙත නිලධාරීන් වෙත සිදුකළ අතර, අප්‍රිකානු කලපයේ දැඩිලෙස ක්‍රියාත්මක වන මුහුදු මංකොල්ල කරුවන් සහ ත්‍රස්තවාදීන් මැඩලීම සඳහා වන ක්‍රමවේදයන් සහ සැලසුම් පිළිබඳව ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙවැනි දේශනයක් සිදු කල ප්‍රථම අවස්ථාව වූ අතර, මෙම ව්‍යපෘති සාර්ථක වූයේනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සහ මානව හිමිකම් කවුන්සිලයේදී එම කලාපයේ රටවල චන්දය ශ්‍රී ලංකාව වෙත ලබාගැනීමට හැකියාව නියතවශයෙන්ම ලැබෙනු ඇත, එම සියලු කැපවීම් වල අවසාන ප්‍රතිඵලය ලෙස සියලූ බටහිර රටවල් වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනා ප්‍රතික්ෂේප කර අප ආයතනය සමග ගිවිසුම් ගත වීමට නයිජීරියානු රජය තීරණය කරන ලදී.
එහි ප්‍රතිඵලය ලෙස ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නයිජීරියාව වෙත ගොස් මෙම ද්විපාර්ශික ගිවිසුමේ පළමු අදියර ලෙස නෛජීරියානු නාවික හමුදාව වෙත අධිවේගී ප්‍රහාරක යාත්‍රා සහ ඊට අදාල උපාංග සැපයීමටත්, නයිජීරියානු නාවික හමුදා නිලධාරීන් පුහුණු කිරීමටත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් 2015 ජනවාරි 6 දින ගිවිසුම් අත්සන් තබන ලදී. එම ගිවිසුමේ පිටපතක් මේසමග ඉදිරිපත්කර ඇත (ඇමුණුම 5)
නාවික හමුදාව වෙත රුපියල් මිලියන 1500 ක් වටිනා නිවාස 500 ක්….
එවකට සිටි, නාවුක හමුදාවේ දෙවන අණදෙන නිලධාරී අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ විශේෂ ඉල්ලීම් දෙකක් විය. මෙම නයිජීරියානු ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසු එක් නිවසක් රුපියල් මිලියන 3 ක වටිනාකමකින් යුතු නිවාස 500 ක්, ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ආබාධිත රණවිරුවන් සදහා පරිත්යාග කරන ලෙසටත්, ඩොලර් මිලියන 10 ක (රුපියල් මිලියන 160 ක) වියදමින් රංගල පිහිටි නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනය සංවර්ධනය කරන දෙන ලෙසටත්ය. මෙම ඉල්ලීම් දෙක සඳහාම ඇවන්ගාඩ් ආයතනය ඉතාමත් සතුටින් එකඟ වූ බව අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සාක්ෂි දරනු ඇත.
"එහිදී ව්‍යපෘති යෝජනාවලට මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ නයිජීරියානු රාජ්‍යයයි. නයිජීරියාව යනු අප්‍රිකානු මහද්වීපයේ විශාලතම සහ ධනවත්ම රාජ්‍යය වන අතර එම කලාපයේ විශාලතම හා බලවත්ම නාවික හමුදාවට හිමිකම් කියන්නේද නයිජීරියානු රාජ්‍යයයි."
DeleteSouth Africa තියන්නේ අප්‍රිකානු මහද්වීපයේ නෙමිද ?
https://www.forbes.com/places/south-africa/
++++++++++++++++
ReplyDeleteThanks
ReplyDelete1. අන්තිම ජේදයේ ඩොලර්/රුපියල් මාරුවෙන්න ඕනේ නේද?
ReplyDelete2.//රුපියලේ අගය පිරිහීමෙන් ආර්ථිකයට වාසි අත්වන බව කියන අය ද සිටිති. තාක්ෂණික වශයෙන් මේ තත්ත්වය යොදාගෙන එසේ විග්‍රහ කළ හැකිය. අපනයන වර්ධනය වීමට අපනයන තරගකාරිත්වය වැඩි කිරීමට රුපියලේ අගය පිරිහීමෙන් ශක්තියක් ලැබෙන බව ඉහත පදනමේ සිට පෙන්වා දිය හැකිය. මේ තර්කය වසර පනහක පමණ සිට ඉදිරිපත්ව තිබේ. මේ තර්කයේ ඇත්තක් තිබේ නම් 8.83 ක තිබූ රුපියලේ අගය අද 170 වන විට මහා පරිමාණයෙන් අපනයන වර්ධනය වී තිබිය යුතුය. එහෙත් එවැන්නක් සිදුව නැත. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 40 කින් පමණ පසුගිය කාලයේදී අඩුවී තිබේ. එසේ වූ පමණින් එයින් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නැත. එනිසා යම් යම් අය ගොඩ නඟන ඉහත කී තර්කය පුස්සකි// කබ්රාල්ගේ මේ කතාව ගැන මොකද අදහස? රුපියල අවප්‍රාමානය වීමෙන් ඔබ පෙර ලිපියක කියූ ආකාරයේ වාසි හුදු න්‍යායාත්මක දෙයක් පමනයිද?
සම්පුර්ණ ලිපිය http://www.lankadeepa.lk/features/%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B6%BB%E0%B6%AF-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%AF-%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF/2-538215
1. ඔව්, ඇනෝ. එය ඩොලර් බිලියන විය යුතුයි. නිවැරදි කළා. පෙන්වා දුන්නාට ස්තුතියි.
Delete2. පැහැදිලිවම මෙය හුදු න්‍යායාත්මක දෙයක් පමණක් නෙමෙයි. පෙනෙන්න තිබෙන දෙයක්. පහත ලිපියේ අග තිබෙන ප්‍රස්ථාරය දෙස බැලුවොත් පසුගිය කාලයේ ආනයන අපනයන පරතරය වෙනස් වූ ආකාරය පැහැදිලිව දැකිය හැකියි.
http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_21.html
1977ට පෙර තිබුණේ කෘතීම තත්ත්වයක්. කෘතීමව ආනයන පාලනය කර තිබුණත් ඒ බාධා ඉවත් කළ වහාම ආනයන විශාල ලෙස ඉහළ ගියා. නමුත් ඉන්පසුව ආනයන අපනයන අනුපාතය ක්‍රමයෙන් අඩු වුනා. රුපියල පාවෙන්න ඇරපු 2001 දී වෙළඳ හිඟයක් තිබුණත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේම නැහැ. 2003 වෙද්දී ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 71මට්ටමටම අඩු වුනා. පහත ලිපියේ අග පළමු වගුව බලන්න.
http://economatta.blogspot.com/2018/09/blog-post_24.html
ගෙවුම් ශේෂ ප්‍රශ්නය මේ තරමට උග්‍ර වුනේ ඉන් පසු කාලයේදී විශාල වශයෙන් විදේශ ණය අරගෙන ඩොලර් වෙළඳපොළට මුදා හැර ඩොලරය ඕනෑවට වඩා පහළින් තබාගත් නිසයි. මේ හේතුව නිසා අපනයන ආදායමට වඩා 25%ක් පමණ වූ ආනයන වියදම කෙටි කාලයක් තුළ දෙගුණයක් තරමටම වැඩි වුනා. දේශීය නිෂ්පාදන බිහිවන එක සම්පූර්ණයෙන්ම වැලකිලා ඉන්දියානු, චීන ආනයන ආදේශ වුනා.
දැන් රුපියල තිබුණු මට්ටමේ හැටියට ටිකක් අවප්‍රමාණය වෙලා වුවත් තවමත් එය අවශ්‍ය පමණ අවප්‍රමාණය වෙලා නැහැ. අපනයන තරඟකාරිත්වය 2001 මට්ටමට එන්නත් ඩොලරයක මිල රුපියල් 230කට පමණ යා යුතුයි. පහත ලිපියේ වැඩි විස්තර කියවන්න. තවත් අදාළ ලිපි ඊට කලින් ලියා තිබෙනවා.
http://emgesathapaha.blogspot.com/2018/09/blog-post.html
හැබැයි දැන් ඩොලරය 250ක් වුවත් එකවරම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අවුරුදු 10ක් පමණ තිස්සේ සිදුවූ බිඳ වැටීම ගොඩ නැගෙන්න අඩුම ගානේ අවුරුදු 4-5ක්වත් යයි. අනාගතයේදී නැවතත් ඔය සෙල්ලමම කරන්නේ නැති බවට විශ්වාසය තහවුරු වන තුරු ආනයන ආදේශක නිෂ්පාදනය කිරීමේ අවදානම ගන්න බොහෝ දෙනෙක් පෙළඹෙන එකක් නැහැ.
Deleteපහත ලිපිය අග ඇති ප්‍රස්ථාර දෙසත් බලන්න. ණයට ගත් ඩොලර් යොදාගනිමින් රුපියල පහළින් තබා ගැනීම නිසා ගෙවුම් ශේෂ හිඟය පහුගිය කාලයේදී ගොඩ නැගුනු ආකාරය මෙයින් පැහැදිලි වෙයි.
http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_20.html
කබ්රාල් කියන්නේ ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවෙන්, පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා නාඩගමෙන් අපකීර්තියට පත්වූ මහින්දට කඩේ යන මිනිහෙක්. මහ බැංකු අධිපති හැටියට රටකාපු මේ වගේ හොරෙක් ඇත්තක් කිව්වත් වැඩක් නෑ. හර්ෂ උනත් රනිල්ට කඩේ යනවනම් එයාගේ ආර්ථික විශාරද පට්ටමෙන් ඇති පලයක් නෑ. අපි හම්බ කරන්නේ රුපියල් නම් ණය ගෙවන්නේ ඩොලර් වලින් නම් රුපියල කඩා වැටීම හොඳක් වෙන්නේ කොහොමද? දෙන්නම හරි උනත් දැන් බළලා මල්ලෙන් එළියට පැනලා! සැප වාහන වලට කාර් පර්මිට් නතර කරන්න මංගල බොරුවට හරි කතා කරන්නේ ඒකයි. කෘතීම වැඩක් උනත් ආනයනය සීමා කරන්න වෙනවා. හර්ෂ අපට නෙවෙයි කතා කරන්න ඕන රනිල්ට. රනිල්ට කියන්න චීනට දීපු කොළඹ වරායේ ජැටිය ආපහු ඉල්ලගන්න කියලා. ඒක ඩොලර් උපයපු තැනක්. මහින්ද ඇවන්ගාඩ් එකට දුන්නෙත් ඒ වගේ බිස්නස් එකක්.
ReplyDeleteඇත්තටම රනිල් සහ මහින්ද දෙන්නම කරන්නනේ එකම දෙය. නය (USD ) අරගෙන රුපියල balance කරනවා. මට පෙන විදියට රනිල් රුපියල අවප්‍රමාණ වෙන්න හරිමින් balance කරනවා. මහින්ද කෙලින්ම රුපියල balance කරනවා.
ReplyDelete"රනිල්ට කියන්න චීනට දීපු කොළඹ වරායේ ජැටිය ආපහු ඉල්ලගන්න කියලා" මේක චීනට දුන්නනම් පට්ට ගොන් වැඩක්. නමුත් ලංකාවේ ආණ්ඩුවට වියාපාර කරන්න බැ. ඇමතිවරු හොරකම් කරලා ඒවාට හොරු පුරවනවා.
Heath & Education තියාගෙන ආණ්ඩුව ඔක්කොම පෞද්ගලිකරණය කරන්න ඕන. (නමුත් Rules දන්න ඕන company වලට හිතන..හිතන.. විදියට Price වෙනස්කරන්න බැරි වෙන්න).
//ඇත්තටම රනිල් සහ මහින්ද දෙන්නම කරන්නනේ එකම දෙය. නය (USD ) අරගෙන රුපියල balance කරනවා. මට පෙන විදියට රනිල් රුපියල අවප්‍රමාණ වෙන්න හරිමින් balance කරනවා. මහින්ද කෙලින්ම රුපියල balance කරනවා.//
Deleteහරියටම හරි, ඇනෝ. කෙටි හා නිවැරදි පැහැදිලි කිරීමක්.
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙන එක හොඳ දෙයක් නොවන බව කවුරුවත් අමුතුවෙන් පෙන්වා දෙන්න දෙයක් නැහැ. ඒක හැමෝටම වගේ පැහැදිලියිනේ. මෙතැන තියෙන ප්‍රශ්නය ඒක නවත්වන්න තියෙන උපාය මාර්ගය කුමක්ද කියන එකයි. ණය අරගෙන බැලන්ස් කරන එක පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්. චීනය වගේ රටකින් ලංකාවට තව සෑහෙන ප්‍රමාණයක් ණය ගන්න බැරි වෙන එකකුත් නැහැ. මොකද ඩොලර් බිලියනයක් දෙකක් ලංකාවට ඉතාම ලොකු මුදලක් වුවත් චීනයට දැනෙන මුදලක් නෙමෙයි. සමහර විට අවුරුදු දහයක් විතර වුනත් ඔය විදිහට අදින්න පුළුවන් වෙයි. හැබැයි අන්තිමට කවදා හෝ කෙළවර වෙන්නේ ලංකාව කියා රටක් නැති වීමෙන් වෙන්න පුළුවන්. රුපියල අවප්‍රමාණය වන්නට හේතු වී තිබෙන මූලික ප්‍රශ්න විසඳා ගැනීම පහසු නැහැ. ඒ වගේම එය කරද්දී සෑහෙන කැප කිරීම් කරන්න වෙනවා. මාර්ගය දුෂ්කර වුවත් ඒ පාරේ ගියේ නැත්නම් කවදා හෝ මුහුණ දෙන්න වෙන්නේ විශාල ප්‍රශ්නයකට.
Please write a blog what Sri Lanka do to get up?and how? Thanks...
ReplyDelete