කෝවිඩ් ලෝකයේ හැම රටකම වගේ ආර්ථික ව්‍යුහයන්ට විශාල බලපෑමක් කරලා තිබෙනවා. හැම රටක්ම කිවුවහම ලංකාවත් අනිවාර්යයෙන්ම ඇතුළත්නේ. මේ බලපෑමේ එක් ප්‍රතිඵලයක් වන්නේ රටවල් යම් තරමකින් සංවෘත ආර්ථිකයන් බවට පත් වීම.
මම මේ කතා කරන්නේ ආනයන සීමා කිරීම් වගේ දේවල් ගැන නෙමෙයි. රජයයන් මැදිහත් වී කරන එවැනි දේ අපි පැත්තකින් තියමු. එවැනි මැදිහත් වීමක් නැතත්, සංචාරක කර්මාන්තය, ගුවන් සේවා වගේ අංශ ස්වභාවිකම හැකිළී තිබෙනවා.
මේ මාදිලියේ කම්පනයකින් කිසියම් රටක ආර්ථිකයට සිදු වන බලපෑම රටක් කොයි තරම් දුරකට ජාත්‍යන්තර වෙළඳාමට නිරාවරණය තිබුණාද කියන එක මත සෑහෙන දුරකට තීරණය වෙනවා. එහෙත්, එය එකම සාධකය නෙමෙයි.
ලෝකය ජාත්‍යන්තර වෙළඳාම හරහා එකම යායක් සේ සම්බන්ධ වීම 1970 දශකයේ මුල පමණ සිට දැකිය හැකි වූ ප්‍රවණතාවක්. සමස්ත ලෝකයම ගත් විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව 1970 දී තිබුණු 27% මට්ටමේ සිට වේගයෙන් වර්ධනය වී 2008 වෙද්දී 60% මට්ටම ඉක්මවා ගියා. එහෙත්, 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව මේ ප්‍රවණතාවය වෙනස් වී ජාත්‍යන්තර වෙළඳාම පසුගිය දශකයකට වඩා වැඩි කාලය තුළ 60% මට්ටම ඉක්මවිය නොහැකිව "ගල් වී" තිබෙනවා. කෝවිඩ් ආවේ එවැනි පසුබිමකයි.
ඉහත කී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව යනු එක් එක් රටෙහි ආර්ථිකය කෙතරම් දුරට ලෝකයට නිරාවරණය වී ඇත්දැයි පිරික්සිය හැකි පිළිගත් නිර්ණායකයක්. ලෝක මට්ටමේදී ජාත්‍යන්තර වෙළඳ පරිමාවේ හැසිරීම් රටාව හා ඇමරිකා එක්සත් ජනපදයේ එම රටාව බොහෝ දුරට සමානයි. එයින් පෙනෙන්නේ සමස්ත ලෝකයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාවට ඇමරිකාවේ දායකත්වය කොපමණද කියන එකයි.
ජාත්‍යන්තර වෙළඳාමට ඇමරිකාවේ බලපෑම එපමණ වුවත් ඇමරිකාවට ජාත්‍යන්තර වෙළඳාමේ බලපෑම එතරම්ම විශාල නැහැ. ලෝකයේ වෙනත් රටවල් සමඟ ඉහත කී නිර්ණායකය සංසන්දනය කළ විට මේ කරුණ පැහැදිලිව පෙනෙනවා.
තෝරාගත් රටවල් කිහිපයක දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව පහත දැක්වෙන පරිදියි. මේ අගය අඩුනම් එයින් අදහස් වන්නේ අදාළ රටේ ආර්ථිකයට බාහිර සාධක වල බලපෑම අඩු බවයි. වෙනත් විදිහකින් කිවුවොත් අදාළ රටේ ජාතික ආර්ථිකය කොයි තරම් ශක්තිමත්ද කියන එකයි.
ඕස්ට්‍රේලියාව - 46%
බ්‍රසීලය - 29%
කැනඩාව - 65%
ජර්මනිය - 88%
එක්සත් රාජධානිය - 64%
ඉන්දියාව - 40%
පකිස්ථානය - 30%
බංග්ලා දේශය - 37%
ජපානය - 37%
චීනය - 36%
රුසියාව - 49%
කියුබාව - 27%
මියන්මාරය - 61%
සිංගප්පූරුව - 319%
ලංකාව - 52%
ඇමරිකා එක්සත් ජනපදය - 26%
මේ සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුවැන්න තමයි ධනවාදය කියා කියන්නේ හැම දෙයක්ම පිටරටකින් ගෙන්වන එක නොවන බව. ධනවාදය හා හැම දෙයක්ම පිටරටින් ගෙන්වීම කියන්නේ එකම දෙයනම් මේ ලැයිස්තුවේ තිබෙන වැඩියෙන්ම ධනවාදී රට සේ සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට චීනය, කියුබාව, රුසියාව, ලංකාව ඇතුළු ලැයිස්තුවේ අනෙක් හැම රටකටම වඩා අඩු වෙන්න විදිහක් නැහැනේ.
ලැයිස්තුවේ නැති රටවල්ද ඇතුළත්ව ලෝකයේ රටවල් 216ක් අතරින් ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට ජාත්‍යන්තර වෙළඳ පරිමාව අඩුම රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ කියන්නේ ලෝකයේ ශක්තිමත්ම ජාතික ආර්ථිකය තිබෙන රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරම, ලෝකයේ මේ සියලුම රටවල් අතරින් ජාත්‍යන්තර වෙළඳ පරිමාව වැඩිම රටත් ඇමරිකා එක්සත් ජනපදයයි.
ඇමරිකා එක්සත් ජනපදය කියා කියන්නේ තමන්ගේ රටේ නිෂ්පාදකයින්ට එකිනෙකා සමඟ වගේම ලෝකයේ අනෙක් රටවල නිෂ්පාදකයින් සමඟත් තරඟ කරන්න ඉඩ හැර සිටින රටක්. ඒ තරඟයට මුහුණු දිය නොහැකි නිෂ්පාදකයින්ව රජය මැදිහත් වී ආරක්ෂා කර ගැනීම ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතාම අඩුවෙන් සිදු වන දෙයක්. ඒ වගේම, ඇමරිකාවේ පාරිභෝගිකයින්ට ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදනයක් මිල දී ගැනීම අමාරු වැඩක් නෙමෙයි.
ඒ අනුව අපට ඉහත දත්ත වලින් තහවුරු කරන දෙවන කරුණ විස්තර කළ හැකියි. ජාත්‍යන්තර වෙළඳාමට නිරාවරණය වූ පමණින් ජාතික ආර්ථිකයක් දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා, ජාතික ආර්ථිකයක් ගොඩ නංවන්න ආරක්ෂණවාදය වෙත පසු බසින්න අවශ්‍ය නැහැ.
ඔබ ඉදිරිපත්කර ඇති ප්‍රස්ථාරයේ ලංකාවේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට ජාත්‍යන්තර වෙළඳ පරිමාව පැහැදිලිකරන්න පුලුවන්ද? ලින්ක් එකට ගිහින් බලපුවහම අහඹු විචල්‍යක් විදිහට පෙන්නනවා.
ReplyDeleteඉතා හොඳ නිරීක්ෂණයක්. මෙයින් පෙන්වන එක් ප්‍රධාන කරුණක් වන්නේ ලංකාවට ස්ථිර ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකමයි. මේ විචලනය වීම් වලින් සෑහෙන දුරකට පිළිබිඹු වන්නේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ අක්‍රමික ස්වභාවයයි.
DeleteI went to the given links and downloaded the data set for Trade (%) and GDP (bil $)for SL. Though the % Trade graph shows a downward trend from 2005-2015, in actual terms, trade volume has been increased. But the gradient of GDP increase is far bigger than the trade volume increase.
DeleteWhat is the biggest contributor for the GDP increase between 2005-2010 in Sri Lanka
මන් හිතන්නේ ඔය කියන ශක්තිමත් ජාතික ආර්ථිකයක් (ඇමරිකාව) බවට ශ්‍රි ලංකාව පත් කරන්න පුලුවන් එකම ක්‍රමය වෙන්නෙ ආණ්ඩුව තීරණ ගනිද්දී පාරිභෝගිකයා කෙන්ද්‍ර කරගෙන තීරණ ගැනිම. ඒ කියන්නෙ පාරිභෝගිකයාට වඩාත්ම වාසි දේ කිරීම
ReplyDeleteපාරිභෝගිකයා කේන්ද්‍ර කරගෙන තීරණ ගැනීම කියන එකත් ගොවියා/ නිෂ්පාදකයා කේන්ද්‍ර කරගෙන තීරණ ගැනීම වගේම අන්තවාදී ප්‍රවේශයක්. මේ ගොඩවල් දෙකේම ඉන්නේ රටේ මිනිස්සු. රජයක් තීරණ ගත යුත්තේ පොදුවේ තමන්ගේ රටේ ජීවත් වන සියලු මිනිසුන් කේන්ද්‍ර කර ගෙනයි. එහිදී කිසියම් සුවිශේෂී හා ප්‍රබල හේතුවක් නැත්නම් දේශීය පාරිභෝගිකයාගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ පැත්ත ගන්න එක වැරදියි. එක් මොහොතක පාරිභෝගිකයා තවත් මොහොතක නිෂ්පාදකයෙකු වෙනවා. එක් මොහොතක නිෂ්පාදකයා තවත් මොහොතක පාරිභෝගිකයෙකු වෙනවා. පාරිභෝගිකයා කේන්ද්‍ර කරගෙන තීරණ ගැනීමේදී වෙන්නේ විදේශීය නිෂ්පාදකයින් සුබසාධනය වීම. ගොවියා/ නිෂ්පාදකයා කේන්ද්‍ර කරගෙන තීරණ ගැනීමේදී වෙන්නේ විදේශීය පාරිභෝගිකයින් සුබසාධනය වීම.
DeleteBut US is giving billions of dollars to their farmers as agriculture subsidies. This can also be regarded as protectionism. If they do not pay these subsidies, their farmers will be out of business. Canada is doing a similar thing for their dairy farmers.
ReplyDeleteThis is a direction I wanted the discussion to move. As a matter of fact, the US also interferes in agriculture. The annual average transfers to the sector during 2011-18 was US$ 11.35 billion. A third of these transfer payments (US$ 3.73 billion on average) was spent on conservation which helps not the US consumer or the US producer but everyone living on the planet, assuming there is such thing called an environmental problem. The other transfers are mostly disaster relief payments to help mitigate the risks of adverse weather conditions and targeted interventions of foreign governments. This year, due to Covid-19, the supplemental and ad hoc disaster assistance transfers are expected to increase to 23.43 billion shooting up the total transfers to 37.19 billion. However, these transfer payments often reach the farmers of a few selected crops and this amount must be compared with the US GDP of over US$ 21 trillion. I cannot deny the fact that a few farmers will be out of business if subsidies are removed but if you say “If they do not pay these subsidies, their farmers will be out of business” as a general statement, that’s baseless.
Delete