පසුගිය දවස් වල ලංකාවේ පාරවල් වල වාහන මං තීරු ප්‍රතිපත්තිය සම්බන්ධ වෙනසක් කරන්න ගිහින් අවුලක් වෙලා තිබුණා. අවසන් ප්‍රතිඵලය කුමක් වුවත්, මේ වගේ වෙනසක් කරන්න පෙළඹෙන්න ඇත්තේ ලංකාවේ පාරවල් වල වාහන ධාවනය කරන ආකාරයේ අවුලක් තිබෙන නිසානේ. එවැනි අවුලක් තිබෙනවා කියන කාරණය සම්බන්ධව කියවන හැම දෙනෙක්ම වගේ එකඟ වෙයි කියා හිතනවා.
ඇමරිකාවේ හෝ යුරෝපයේ වාහනයක් එළවන තරම් පහසුවෙන් ලංකාවේ වාහනයක් එළවන්න බැහැ. ඒ සඳහා වෙනම කුසලතාවයක් අවශ්‍යයි. පුරුදු නැති කෙනෙකුට ලංකාවේ පාරක ගමන් කිරීම ඉතාම ත්‍රාසජනක අත්දැකීමක්. කොයි වෙලේ කොහෙන් වෙනත් වාහනයක ගෑවෙයිද කියා වාහනයක් එළවන කාටවත් විශ්වාසයක් නැහැ. මෙය වෙනස් විය යුතු තත්ත්වයක් කියන එක සම්බන්ධවත් විවිධ දේශපාලන මත දරන අයට එකඟ වෙන්න අමාරු නැහැ කියා මම හිතනවා.
බටහිර සංස්කෘතිය තිබෙන රටවල පිළිවෙලකට වාහන ධාවනය සිදු වෙද්දී ලංකාවේ එසේ නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් කියා අදහස් පළ වී තිබෙනු මම දැක තිබෙනවා. එහෙත්, මා එසේ සිතන්නේ නැහැ.
අපි අසූව දශකයට පමණ යමු. මම දැන් විස්තර කරන්න යන අත්දැකීම විඳ තිබෙන බොහෝ දෙනෙක් කියවන අය අතර ඇති. සමහර විට මේ කියන තත්ත්වය දැකිය හැකි ගම් තවමත් ලංකාවේ ඇති.
කලින් වාහනයක් ගමන් කළ හැකි පාරක් නොතිබුණු ගමකට යා හැකි පරිදි අළුතින් පාරක් සංවර්ධනය වෙනවා. ඉන් පසු, එම ගමට යන්න ලංගම බස් රථයක් වැටෙනවා. බස් රථය දවසකට හතර පස් පාරක් ගමට එනවා. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර සේ සේවය කරන දෙදෙනාව ගමේ කවුරුත් වගේ දන්නවා.
බස් රථය හැරුණු විට ගමේ තවත් වාහන තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. මේ වාහන කිහිපය ගැන කාටත් පොදු දැනුමක් තිබෙනවා. පිට ගමකින් වෙනත් වාහනයක් ගමට එන්නේ කලාතුරකින්.
පාරේ වාහන දෙකකට මාරු වෙන්න බැහැ. මාරු වෙන්න පුළුවන් නිශ්චිත තැන් කිහිපයකදී පමණයි. වෙනත් තැනකදී වාහන දෙකක් මුහුණට මුහුණ හමු වුනොත් එක වාහනයක් පසුපසට ගන්න වෙනවා. තවත් වාහනයක් එන බව ඈතදීම දැක්කොත් බොහෝ විට රියදුරා වාහනය කලින්ම පාරේ ඉඩ තිබෙන තැනක නවත්වා ගෙන අනෙක් වාහනය මාරු වන තුරු බලා ඉන්නවා. වාහන දෙක මාරු වෙන්නේ රියදුරන් දෙදෙනා නලා හඬවා එකිනෙකාට ආචාර කිරීමෙන් පසුවයි.
ඔය වගේ තත්ත්වයක් තිබෙන ගමක රියදුරන්ගේ වාහන ධාවනය පිළිබඳ ආචාර ධාර්මික ගැටළුවක් තිබෙන බවක් කාටවත් කියන්න බැහැ. මතක් කර ගත හැකි වයසක අයෙක්ගෙන් අසා දැනගත්තොත්, ලංකාවේ හැම පාරකම වගේ වාහන ධාවනය ආරම්භ වූ කාලයේ තත්ත්වය ඔය වගේ. ඔය තත්ත්වය වෙනස් වෙන්නේ වාහන ක්‍රමයෙන් වැඩි වෙද්දී. එහෙමනම්, ලංකාවේ වාහන ධාවනය කිරීමේ අක්‍රමික ස්වභාවය සංස්කෘතියේ වැරැද්දක් කියා කියන්න බැහැ.
ලංකාවේ පාරවල් වල දැකිය හැකි පැහැදිලි අවුල සංස්කෘතියේ අවුලක් නොවෙයිනම් ඒ කුමක්ද? රටේ වාහන වැඩිකමද? එහෙම නැත්නම් තිබෙන වාහන ප්‍රමාණයට වාහන මදිකමද?
ලෝකයේ එක් එක් රටවලට ගැලපෙන අනන්‍ය සංවර්ධන ආකෘති තිබෙනවා. එක රටකට හරියන දෙයක් වෙනත් රටක ඒ ආකාරයෙන්ම යොදාගෙන සාර්ථක ප්‍රතිඵල ලබන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුනත්, මේ වගේ කාරණයකදී ලෝකයේ විවිධ රටවල් සංසන්දනය කිරීම ප්‍රශ්නය තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්.
පහත වගුවේ තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක ජනගහණය දහසකට හා මාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ප්‍රමාණයයි. දත්ත අලුත්ම ඒවා නොවුණත් කියන කාරණය පෙන්වා දෙන්න මේ දත්ත ප්‍රමාණවත් කියා මම හිතනවා.
ඉහත නිර්ණායක දෙකෙන් කොයි එක දිහා බැලුවත් ලංකාවේ වාහන වැඩියි කියා කියන්න බැහැ. එය ඉතා පැහැදිලියි. එහෙමනම්, ප්‍රශ්නය වාහන ප්‍රමාණය වැඩිවීම කියා කියන්න බැහැ. ලංකාවේ රියදුරුන් වාහන එළවන ආකාරයේ අවුලක් තිබෙනවා කියන එක අපට බැහැර කරන්න බැහැ. ඒ අවුල නිවැරදි විය යුතු අවුලක්.
මේ ආකාරයේ අවුල් ස්වභාවික ලෙසම නිවැරදි වෙන්නේ නැහැ. අපි හිතමු කවුරු හෝ "හොඳ රියැදුරෙක්" වාහනය පාරට දැම්මා කියලා. මළාට ගමන යන්න බැහැ. මේ අත්දැකීම මට පෞද්ගලිකවත් තිබෙනවා. ඇමරිකාවේ ක්‍රමයට ලංකාවේ වාහන එළවන්න බැහැ. ලංකාවට ඇවිත් දවසකින් දෙකකින් ලංකාවේ ක්‍රමයට ඔලුව හැදෙනවා. ඊට පස්සේ අවුලක් නැතුව වාහනේ එළවන්න පුළුවන්. මේ ආකාරයේ සමතුලිතතා තනි පුද්ගලයින්ට වෙනස් කරන්න අමාරුයි. එහෙම වෙනස් කරන්න හදන කෙනෙක් කලක් යද්දී පවතින ක්‍රමයට අනුගත වෙන එකයි සිද්ධ වෙන්නේ. මේ වගේ තත්ත්වයකදී රජයට මැදිහත්වීමක් කරන්න සිදු වෙනවා.
මම කලින් විස්තර කළ ආකාරයේ ලංකාවේ ගම් අද තිබෙන තත්ත්වයට වෙනස් වී තිබෙන්නේ සාපේක්ෂව කෙටි කාලයක් ඇතුළතයි. සරල තත්ත්වයක් ක්‍රමයෙන් වඩා සංකීර්ණ වෙද්දී පරණ ආචාර ධාර්මික රීති ප්‍රමාණවත් නොවන අවස්ථාවක් එනවා. ඒ වෙද්දී, ආචාර ධාර්මික රීති තවදුරටත් පවත්වා ගන්න නීති වලින් පිටිවහලක් ලැබිය යුතුයි. බටහිර රටවල් වල මාර්ග පද්ධති ටිකෙන් ටික දියුණු වෙද්දී හා වාහන වැඩි වෙද්දී මාර්ග භාවිතය හා අදාළ නීති හා එම නීති ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයන්ද ක්‍රමයෙන් දියුණු වී තිබෙනවා. එහෙත්, ලංකාවේ එසේ සිදු වී නැහැ. එසේ සිදු වී නැති දෙය දැන් හෝ සිදු විය යුතුයි.
මාර්ග විනය හදන්නනම් එක දිගට කාලයක් දැඩි සේ නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. මුලදී මෙයට කැමති වනු ඇත්තේ සුළුතරයක් වන "හොඳ රියැදුරන්" හා හොඳ රියැදුරන් වෙන්න කැමති අය පමණයි. එහෙත්, එක දිගට කාලයක් නීති ක්‍රියාත්මක කරද්දී මේ ගොඩ වැඩි වෙයි. එවිට නීති එතරම්ම අවශ්‍ය වන එකකුත් නැහැ.
විවිධ වාහන වර්ග සඳහා මංතීරු වෙන් කළ යුත්තේ කෙසේද කියා මම යෝජනා කරන්නේ නැහැ. එය අදාළ විශේෂඥයින්ගේ වැඩක්. මෙය කොයි ආකාරයෙන් කළත් මුලදී රථවාහන තදබදයක් ඇති වෙයි. එහෙත්, පසුව තත්ත්වය නිවැරදි වෙයි.
මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ ලංකාවේ ජනප්‍රිය වී තිබීමට එක් මූලික හේතුවක් වන්නේ වාහන වලින් අයකරන ඉතා අධික තීරු බදු මුදල වුවත්, පාරේ පදික වේදිකා වලින් පවා දමා එහෙන් මෙහෙන් රිංගා යන්න හැකි වීමත් එක් හේතුවක්. මෙසේ රිංගා යාමේ අවස්ථාව නැති වුනොත්, ඒ විශේෂ වාසිය නැති වෙනවා. මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ වලටත් අනෙක් වාහන වලට වගේම පාරේ රස්තියාදු වෙන්න සිදු වෙනවා. මේ වාහන වලට තිබෙන ඉල්ලුම අඩු කරන්න අවශ්‍යනම් මං තීරු සීමා කර ඒ විදිහට පාරේ රස්තියාදු වෙන්න ඉඩ හැරීමත් ඒ සඳහා එක් විකල්පයක්.
ඉකොනොමැට්ටා දන්නවද ලංකාවේ වගේ තමන්ගේ රටට අපහාස අවලාද නගන බහුතරයක් නෙමෙයි ඉන්දියාවේ වැඩියෙන් ඉන්නේ "ඉන්දීය ජාතිකවාදී" මිනිස්සු නිසා ඒ මිනිස්සුන්ට තමන්ගේ රට කියන හැගීමක් තියනවා. ඒක නිසා මොන තරම් ප්‍රශ්න තිබුනත් මෝදි වගේ Conservative නායකයෙක්ට බනින්නේ නැ. මේ කොවිඩ වසංගතය වගෙ දෙයකට මේක ලෙඩක් මිස දේශපාලනය නිසා තියන ප්‍රශ්නයක් නෙමේ නේ.
ReplyDeleteහැබැයි USA, Europe වල වැඩියෙන් ඉන්නේ වෙන රට වලින් ගිය මිනිස්සු එ මිනිස්සු ට තමන්ගේ රට නෙමේ නිසා තමන්ට වැඩිවැඩියෙන් තියන දේ ගැන නේ හිතන්නේ නැතුව USA or Europe වලට හොඳක් වෙන්න කියලා හිතන හැගීම හරිම අඩුයි.
කොහොමටත් ඒ වගේම ඉන්දියාව තමන්ගෙ ස්වාධීනත්වය ගැන සැළකිලිමත් පිටරට වලින් දෙන නිර්ණායක වලට යට වෙලා ඒවගෙන් උඩට එන්න සංවර්ධන ව්‍යාපෘති නෑ. අවම මුදලකින් අගහරු ග්‍රහයා තුළ චන්ද්‍රිකාවක් කක්ෂ ගත කළා. ශබ්දයේ වේගය වගේ 6 ගුණයක වේගයක් ඇති hyper sonic glide vehicle එකක scram jet engine එකක් ඔවුන්ගේම තාක්ෂණයට අනුව හැදුව ඇමරිකාව,චීනය රුසියාවට පසු එවැනි දෙයක් කල රට. චීනය එක්ක තියෙන ගැටලුවත් එක්ක අනෙක් රටවල් සමග එක්ව රටේ ස්‌වයිරීත්වයට අවශ්‍ය කටයුතු කරනව. ප්‍රංශයේ rafael fighter jets එරට ගුවන් හමුදාවට ලබා ගත්ත. රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වය සාපේක්ෂව පහළ උනත් විද්‍යාව හා තාක්ෂණය අතින් හැමදාම වගේ සෑහෙන ඉදිරියෙන් ඉන්න කටයුතු කරනවා.
ඉතින් ඉන්දීය මිනිස්සුන්ට තේරෙනව ඇති රට යන අත මොකක්ද කියල. අපේ සංවර්ධනේ කියල තියෙන්නෙ අදායම් එන්නෙ නැති ගුවන්තොටුපළවල් , විකුණපු වරායවල් , කොන්ක්‍රීට් කුළුණු. ලෝකෙට පරකාසේ වගේ පෙන්නුවට අන්තිමට අන්තිමට ඉතුරු වක් නෑ ඉතුරු වෙලා තියෙන්නෙ ණය ගොඩක්. එහෙම නේද?
අපට ඕනෙ ක්ෂණික ප්‍රතිපල!
ReplyDeleteඉවසිල්ලක් ඇත්තෙම නැහැ.
ලංකාවේ වාහන අනතුරු වැඩිවීමට ප්‍රධානම හේතුව රියදුරන්ගෙන් අවුලක් කියන එක ගැන සැකයක් නෑ ඒ උනාට වාහන ඝනත්වය ගැන සංඛ්‍යා ලේඛන යම් විදියකට නොමග යැවෙන සුළුයි. කිලෝමීටර් එකට තියෙන වාහන සංඛ්‍යාව හෝ ජනගහනයෙන් දහසකට ඇති වාහන සංඛ්‍යාව රටක් හැටියට අඩු උනත්, මේ අගයන් දෙකම කොළඹ අවට දී සීග්‍රයෙන් වැඩි වෙනවා. මාර්ග කිලෝ මීටර් එකකට ඇති වාහන සංඛ්‍යාව කොළඹදී, ලන්ඩනයේදී හෝ බැංගලෝරයේ දී එකිනෙකට ගොඩක් වෙනස් කියලා හිතන්න අමාරුයි වාහන අනතුරු හුඟක් සිද්ධ වෙන්නෙත් මෙවැනි වාහන ඝනත්වය වැඩි ප්‍රදේශ වලදියි.
ReplyDeleteවාහන ඝනත්වය ගැන සංඛ්‍යාලේඛණ යම් විදියකට නොමග යැවෙන සුළුයි කියන එක ගැන එකඟයි. ඒ ගැන වැඩිදුර කතා නොකළේ ලිපිය දිග් ගැසෙන නිසා හා සංඛ්‍යාලේඛණ හොයා ගන්න පහසු නැති නිසා. නමුත්, ලංකාවේ රියදුරු විනය පිළිබඳ ප්‍රශ්නය කොළඹ නගරයට හෝ නාගරික ප්‍රදේශ වලට සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි.
Deleteලාංකිකයින් බොහොමයක් "වැරදි නීති ගතකරගෙන" ඇත උදා : දරුවා පාසලට ත්‍රීවීලයෙන් රැගෙන යන පියා රේල්පාරක් හෝ ට්‍රැෆික් එකක් නිසා වාහන පෝලිමක් තිබියදී දකුණෙන් ගොස් bottle neck කිරීම දකින පුතා එහි කිසි වරදක් නොදකී ඔහු එය නීති ගත කරගැනී මෙවැනි මොහොමයක් මා නිරීක්ෂණය කර ඇත පාරේ අප කිසිවෙකුට ඉඩ නොදෙන්නේ අප ඉඩ දුනහොත් දුන්නාමය ...පරිත්‍යාගයක් නැත ඉවසීම ලාංකීය සමාජයෙන් ගිලිහුනේ 1977 විවුර්ත ආර්ථිකේ නිසා එහි හොද නොහොද ඇතත් ඉවසීම නොමැති වීම භයානක නරක පුරුද්දක් විය එකල අපි කිසිදු හදිසියකින් තොරව උදේ නැගිටලා 6ට ඇති ලංගම බසයෙන් යෑමට අනිවාර්යයෙන් බස් හෝල්ට් එකට පැමිණි යුගයක් තිබුණි මෙය පාසල් වල පවා ඉගැනුව දෙයකි පාරපනීමට පාර මාරුවෙන තැනින් පැනීමට ඉගැන්වූ යුගයක් තිබුණි අපි ඇමෙරිකාවේ පාර මාරුවීමට සැතපුම් කාලක් ඇවිද යාමටත් ලංකාවට පැමිණි පසු අඩි 50ක් ඇවිදීමට කම්මැලි වී හිතෙන තැනින් මාරුවීමටත් හිතෙන්නේ ඇයි ? 1977 තරගය ඇරඹුණු පසු අප ethics අමතක කර ආත්මාර්ථකාමී ලෙස ජීවිතය හැඩගැස්ස්ව ගතිමු මෙය පාලකයින් අතින් වුනු වරදකි අපි කිසියම් framework එකකට යොමු කරනවා වෙනුවට රට විවුර්ත කර ඔහේ ගලාගෙන යාමට ඉඩදී බලසිටියහ . උදා : ප්‍රයිවෙට් බස් අදටත් කිසිම පාලනයකින් තොර අයාලේ යන්නකි ත්‍රී වීල්ද එසේය ඇමෙරිකාවේ / ජපානයේ / කොරියාවේ / සිගපුරුවේ ...... සැම දියුණු වූ රටකම framework එකක් තුල රට ගලාගෙන යනු දැකිය හැක එය පාලකයා හෝ පක්ෂය අනුව නොවෙනස් වන දෙයකි අප පාලකයින් කෙටිකාලීන් පැලැස්තර දමන්නේ මහජනයා දිගුකාලයක් ඉවසා සිටීමට නොකැමැති නිසාවෙනි ....අප පාරට වාහනය දැමීමේදී පාර පොදු දෙයක් ලෙස සලකන්නේ නැත හිතෙන හිතෙන තැනින් නැවතීමටත් හැරවීමටත් පසුබට නොවෙන්නේ ආත්මාර්ථ කාමී නිසාවෙනි පසුපසින් එන්නා කොහොම බ්රේක් ගැසුවත් මට කමක් නැත යන අර්ථයෙන් ජීවත් වෙති මෙය අපගේ සදාචාරයේ වරදක් මෙන්ම විනයේ වරදක්ද වේ .....මෙය දීර්ග මාතෘකාවකි සාකච්චාවට ලක්විය යුත්තකි
Deleteතවද වාහන ගණත්වය නගර බද වැඩි වුවද ට්‍රැෆික් වැඩිවීමට එය හේතුවක් නොවේ ....හේතුව රියදුරන්ගේ නොහික්මුණු ගතිය මෙන්ම පාරවල් සැදීමේදී ඔහේ හදන්නන්වාලේ සෑදීම නිසාය කෙලින් පාරක දකුණට හැරවීමට turning bay අපේ රටේ අසාවත් නැත එමෙන්ම අඩුගානේ මීටර් 500කට ඉදිරියෙන් දකුණු මංතීරුව දකුණට පමණයි යනුවෙන් බෝර්ඩ් නැත , එමනිසා පසුපසින් යානවාහන යන එන මන් නැතිවී යනු ඇත, බස් නැවතීමට බස් bay සීමිත ගානක් ඇතත් බස් නවත්වන්නේ පාරේය නගින්න ඉන්න මිනිසුන් ඉන්නේ බස් bay එකෙය තනිකරම අපේ රටේ ට්‍රැෆික් සිස්ටම් එක අවුල්ය අපගේ පාරවල්වල ට්‍රැක්ටර් බයිසිකල් පදිකයින් සියලුදෙනා යනබවින් ඔවුන් බේරා වාහන එලවීමෙදී ට්‍රැෆික් ඇතිවීම නොවැලක්විය හැක පාරක construction එකක් නිසා වැලක් නම් එම වල ලග " අන්තරවයි වලක් ඇත " යනුවෙන් බෝර්ඩ් එකක් ගැසීම කොතරම් සදාචාර සම්පන්නද ....රට සැදීමට ඇමෙරිකාවේ සිට ඉම්පෝර්ට් කල ගෝටාට වසර 5 කින් බැරිය මන්ද අපේ උන්ට ඉවසීම නැති නිසාය නොඑසේනම් ලී ක්වන්ග් යු වන්නෙක් බිහිවිය යුතුය
DeleteThis comment has been removed by the author.
Deleteලංකාවේ වාහන අනතුරු සම්බන්ධ විශේෂ ලක්ෂණයක් වන්නේ අනතුරු බොහොමයකට හේතුව පෞද්ගලික බස් රියදුරන් වීමයි. මෙය සිදු වීමට විශේෂ හේතුවක් තියෙනවා. එනම් පදවන්නා සතුව වාහනය ගැන හෝ තුන්වන පාර්ශවයක් සම්බන්ධයෙන් ඇති අවම වගකීමයි. පෞද්ගලික බස් අයිතිකරුවන් බොහොමයක් පොලිසි හා සම්බන්ධකම් ඇති සමාජයේ යමක් කමක් කළ හැකි තත්ත්වයේ අයයි. ඔවුන් තමන්ගේ රියදුරන් අතින් සිදුවන වැරදි වල දී මාර්ග නීති කඩ කිරීම් වල දී ඔවුන්ව බේරා ගන්නා බව රියදුරන්ගේ අත්දැකීමයි. එසේම තම බස්රථය වැඩි වාර ගණනක් ධාවනය කිරීම සම්බන්ධයෙන් අයිතිකරුවන්ට රියදුරා සමග ප්‍රශ්නයක් නෑ. ඒ නිසා පෞද්ගලික බස් රථ රියදුරන් ඉතා වේගයෙන් සහ මාර්ග නීති කඩමින් රථ ධාවනය කිරීමට පෙළඹී තිබෙනවා. මෙය ලංකාවේ සිදුවන භයානක අනතුරු වල ප්‍රධානම හේතුවක්.
ReplyDeleteපෞද්ගලික බස් රථ අනතුරුදායක ලෙස ඉස්සර කිරීමේ ප්‍රධානම හේතුව ඉක්මනින් යෑමේ අවශ්‍යතාවයට වඩා, රියදුරන්ගේ මානසික සහ හැසිරීම් සම්බන්ධ ප්‍රශ්න බව සැලකිය හැකියි. මාර්ග නීති කඩ කරන රියදුරන්ට එරෙහිව පොලීසිය බලගැන්වීම රටේ දේශපාලන විනය පිළිබඳ ප්‍රශ්නයක්. මෙය රියදුරු බලපත් නියාමනය කිරීමට සහ දඩ ගැසීමට එහා ගිය ප්‍රශ්නයක් බව මුලින්ම තේරුම් ගත යුතුව තිබෙනවා.
සම්පූර්ණයෙන්ම එකඟයි.
Deleteසහතික ඇත්ත.
Deleteවෙනත් මාතෘකාවක් ගැන අදහසක් දැනගන්න කැමතියි.
ReplyDeleteමම බලලා තියෙන විද්‍යා ප්‍රබන්ධ හැම එකක්ම භෞතික,රසායන, ජීව, මනෝ විද්‍යාවන්ට සහ තාක්ෂණයන්ට අදාල ඒවා.
ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව කියන විද්‍යාවන් පදනම්කරගත් විද්‍යා ප්‍රබන්ධ නැද්ද?
මේක තීරණය වෙන්නේ ඔබ විද්‍යා ප්‍රබන්ධයක් සේ සලකන්නේ කුමක්ද කියන එක මතයි. මම හිතන්නේ 1984, සත්ව ගොවිපොල, Soylent Green වගේ ප්‍රබන්ධ මේ කැටගරියේ.
DeleteThis is nothing else but our deteriorating culture. Once I aggressively push my right of way in a roundabout, the other driver (wearing a tie) pointing finger and protesting as if I did something wrong. I guess for him it’s normal, that is the biggest problem.
ReplyDeleteYou can see this ugly normal everywhere, I have seen many times men jump queues in front of women and no one is protesting. So much for our 2000 years old culture. We are going backwards. (Wijebahu)
I also agree that there is a cultural element to this. I dont think our people are used to stay in a queue and move when your time has arrived as Ano in above comment mentioned. Further, I dont think that our people are actually busy as they show when in a vehicle.
ReplyDelete