ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය ඇතුළත නිකුත් වීමට නියමිතයි. අවසන් ප්‍රතිඵලය ගැන නිශ්චිතව යමක් කියන්න තවමත් කල් වැඩියි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හැර වෙනත් අයෙකු විසින් ජනාධිපතිවරණය ජය නොගන්නා බව ඉතා පැහැදිලියි.
තැපැල් ඡන්ද හෝ දකුණේ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශ වී ඇති ආකාරය දෙස පමණක් බලා සමස්ත ප්‍රතිඵලය ගැන ස්ථිරව යමක් කිව නොහැකි වුවත් ඡන්ද භාවිතා වී ඇති ආකාරයේ දිශානතීන් ගැන යම් අදහසක් ගත හැකියි. ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස විසින් පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගන්නනම්, වලංගු ඡන්ද වලින් 50%ක් ලබා ගත යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව මේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලක්ෂ 66කට ආසන්න ප්‍රමාණයක්.
ගෝඨාභය හෝ සජිත් විසින් මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්නනම්, එක් එක් දිස්ත්‍රික්කයෙන් කොපමණ ඡන්ද ප්‍රමාණයක් ඉලක්ක කළ යුතුද? අප විසින් පහත වගුව සකස් කර තිබෙන්නේ එක් එක් අපේක්ෂකයාට එක් එක් දිස්ත්‍රික්කය තුළ තිබෙන ශක්තිය සලකා බලමිනුයි. කිසියම් දිස්ත්‍රික්කයක් තුළ යම් අපේක්ෂකයෙකු අවශ්‍ය ඉලක්ක මට්ටම ආසන්නයට පැමිණ නැත්නම් එයින් පෙනෙන්නේ ඒ අපේක්ෂකයාට 50% ඉලක්කයට යාම අපහසු බවයි. නිල ප්‍රතිඵල ලැබෙන විට මේ වගුව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
Gotabaya Rajapaksa | Sajith Premadasa | |||||||
Required | Current | Required | Current | |||||
Sri Lanka | 6,626,250 | 50.00% | 6,924,195 | 52.25% | 6,626,250 | 50.00% | 5,564,289 | 41.99% |
Colombo | 654,170 | 46.10% | 727,713 | 53.19% | 764,892 | 53.90% | 559,921 | 40.92% |
Gampaha | 766,258 | 52.34% | 855,870 | 59.28% | 697,798 | 47.66% | 494,671 | 34.26% |
Kalutara | 463,609 | 55.65% | 482,920 | 59.49% | 369,414 | 44.35% | 284,213 | 35.01% |
Mahanuwara | 433,980 | 46.05% | 471,502 | 50.43% | 508,366 | 53.95% | 417,355 | 44.64% |
Matale | 179,965 | 53.07% | 187,821 | 55.37% | 159,142 | 46.93% | 134,291 | 39.59% |
Nuwara-Eliya | 184,693 | 39.67% | 175,823 | 36.87% | 280,867 | 60.33% | 277,913 | 58.28% |
Galle | 435,183 | 58.15% | 466,148 | 64.26% | 313,151 | 41.85% | 217,401 | 29.97% |
Matara | 346,009 | 60.75% | 374,481 | 67.25% | 223,511 | 39.25% | 149,026 | 26.76% |
Hambantota | 277,825 | 64.83% | 278,804 | 66.17% | 150,725 | 35.17% | 108,906 | 25.85% |
Jaffna | 57,904 | 17.69% | 23,261 | 6.24% | 269,471 | 82.31% | 312,722 | 83.86% |
Vanni | 34,922 | 18.72% | 26,105 | 12.27% | 151,663 | 81.28% | 174,739 | 82.12% |
Batticaloa | 46,609 | 18.41% | 38,460 | 12.68% | 206,630 | 81.59% | 238,649 | 78.70% |
Digamadulla | 132,743 | 35.55% | 135,058 | 32.82% | 240,695 | 64.45% | 259,673 | 63.09% |
Trincomalee | 57,154 | 27.44% | 54,135 | 23.39% | 151,134 | 72.56% | 166,861 | 72.11% |
Kurunegala | 650,582 | 55.86% | 652,278 | 57.90% | 514,034 | 44.14% | 416,961 | 37.01% |
Puttalam | 221,415 | 50.84% | 230,760 | 50.83% | 214,074 | 49.16% | 199,356 | 43.91% |
Anuradhapura | 322,465 | 56.05% | 342,223 | 58.97% | 252,839 | 43.95% | 202,348 | 34.87% |
Polonnaruwa | 131,765 | 46.86% | 147,340 | 53.01% | 149,425 | 53.14% | 112,473 | 40.47% |
Badulla | 270,522 | 48.72% | 276,211 | 49.29% | 284,699 | 51.28% | 251,706 | 44.92% |
Moneragala | 196,174 | 61.90% | 208,814 | 65.34% | 120,768 | 38.10% | 92,569 | 28.96% |
Ratnapura | 443,415 | 57.86% | 448,044 | 59.93% | 322,928 | 42.14% | 264,503 | 35.38% |
Kegalle | 318,881 | 53.25% | 320,424 | 55.65% | 280,012 | 46.75% | 228,032 | 39.60% |
හැමදෙයක් දිහාම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්,
ReplyDeleteඋතුරුනැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයකර දෙමළ ජාතිවාදය පරාජය කලහැකියැයි සිතීම කසිකබල් මාක්වාදී ලණුවක්.
හැම ජාතික මැතිවරනෙකදිම ඊලාම් සිතියම හොල්මනක් වගේ මතු වෙන එකනම් එච්චර හොඳ ප්‍රවනතාවයක් නෙමේ.
Deleteදෙමළ ජනතාව tna එකෙනුත්, මුස්ලිම් ජනතාව ආගම පදනම් කරගත්තු පක්ෂ වලිනුත් කඩලා අරන් ජාතික ප්‍රවාහයට එකතු කරගන්න ගෝඨට Master Mind ගේමක් ගහන්නම වෙනවා. ඒක ඉතා වැදගත්. ජෙහාන්ගෙ බාසාවෙන් කිව්වොත් ඒක ගහන්නම ඕනා ගේමක්. එහෙම නැත්නම් රට බෙදෙන එක වලක්වන්න අමාරු වෙයි.
ආන්න ඉකොනෝ මහත්තයා මැකෝ මහත්තයා කිව්වා ගෝටා සර් දින්නය කියලා. දැන් ඉකොනෝ මහත්තයා මොකද කරන්නේ? එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලා අස්වෙනවද? දැන්ම ගෝටා සර් ලගට එක්කාසු උනොත් ජනාධිපති මාධ්‍ය ඒකකයට එකතු වෙන්න පුළුවන් වෙයි ඉකොනෝ මහත්තයට.
ReplyDeleteමම කැමතියි සජිත් ඝෝඨාට එකතු වෙනවා නම්.
ReplyDeleteමනුස්යන්ට අපහාස කරන්න හොඳ නෑ.
ReplyDeleteඋදාහරණයක් හැටියට රෝයල්පාක් මිනීමරුවගේ තාත්තා කියන්නෙත් තාත්තා කෙනෙක්.
තමන්ගේ පුතා බේරාගන්න කෝටිගානක් වියදම් කරනවා. මම ඔය තත්වෙ හිටියනම් මමත් කරන්නේ ඒකමයි.
සජිත්ට වුනත් තමන්ගේ තාත්තා මරපු එකාව වීරයෙක් හැටියට සලකන උන් ලඟ දනගහන්න වුනේ මේ වෙලාවේ බලය ගන්න වෙන ක්‍රමයක් නැති නිසා. අපි සජිත් සිංහලයෙක් හැටියට ගරුකල යුතුයි.
අපේ කලින් පරම්පරාවේ අයට වගේ නෙමෙයි දැන් හැදෙන සිංහල අයට කැපුවත් කොළ, කැපුවත් නිල් පිස්සුව නෑ (අඩුයි).
පක්ෂ සීමාවල් ඉක්මවා ගිහින් සිංහලයෝ හැටියට දේශපාලනය කරනවානම් හොඳයි.
සජිත්, ඝෝඨා දෙන්නටම මේ කතාව අදාලයි.