වෙබ් ලිපිනය:

Friday, October 11, 2019

රටම බලා සිටින ඇල්පිටිය



මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය දෙස රටම බලා සිටිනවා. තව පැය විසිහතරක් ඇතුළත ප්‍රතිඵලය දැන ගන්න පුළුවන් වෙයි.

ඇල්පිටිය කියන්නේ ලංකාව නෙමෙයි. සමස්ත ලංකාවට සාපේක්ෂව ඇල්පිටිය කියන්නේ සිංහල, බෞද්ධ, ග්‍රාමීය ප්‍රදේශයක්. ඒ නිසා, ඇල්පිටිය ප්‍රතිඵලය සෘජුවම ලංකාවට ආදේශ කළ නොහැකි වුවත්, ඇල්පිටිය ප්‍රතිඵලය දෙස බලා සමස්ත ලංකාව ගැන නිගමන වලට එළැබීමේ හැකියාවක් නැත්තේම නැහැ. ඇල්පිටිය ප්‍රතිඵලය කියන්නේ පසුගිය මාස 20 ඇතුළත ඡන්දදායකයන්ගේ හැසිරීම වෙනස් වී ඇති ආකාරය පරීක්ෂා කළ හැකි කැඩපතක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පිරික්සූ විට කිසියම් පැහැදිලි රටාවක් හඳුනාගත හැකියි. ඒ රටාවෙන් වෙනස් රටාවක් දැකිය හැක්කේ වෙනස් ජනවාර්ගික සංයුතියක් ඇති නාගරික ප්‍රදේශයක් වන ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ පමණයි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය හා ඡන්දය නොපැවැත්වුණු ඇල්පිටිය හැර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.

ශ්‍රීලපොප- 51.8%
එජාප - 25.3%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%

ඇල්පිටිය ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වීමෙන් පසුව එම ප්‍රතිඵලය සැසඳිය යුත්තේ ඉහත ප්‍රතිඵලය සමඟයි.

6 comments:

  1. මොන ඡන්ද තිබ්බත් , මොකා දිනුවත් රට පරාදයි!

    ReplyDelete
  2. අළුත් අවුරුදු කාලෙට කොහා එලිබහිනවා වගේ ජන්දයක් ලං උනාම මහත්තයාගේ බ්ලොග් එකත් ලිපි එහෙම දාලා එලිබහින්නේ මොකද? මහත්තයා ලිපි ලියන්නේ දේශපාලන පක්ෂ වලින් ලැබෙන කොන්ත්‍රාත්තු වලට නිසාද?

    ReplyDelete
    Replies
    1. ow . ithin thota paanda?

      Delete
    2. බොරු කියන්න එපා බූරුවො. මේ මනුස්සය බ්ලොග් එක හැමදාම ලියනව. චන්ද කාලෙට විතරක් නෙමේ.

      Delete
  3. රටම බලයි ඇල්පිටිය දිහා
    මේ මොහොතේ
    නොබලයි කිසිවකු ඇල්පිටිය දිහා
    හෙට දවසේ.....

    ReplyDelete
  4. All Wards of the Elpitiya Pradeshiya Saba won by the SLPP. SLPP- 23,372(17 seats), UNP -10,113(7 seats), UPFA - 5,273(3 seats), JVP - 2,435(2 seats)- adaderana.lk

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...