Sunday, May 7, 2017
ආවුසෝවාදය අවසන්වීම
සමාජ තත්ත්වය, අධ්‍යාපන මට්ටම, වයස වැනි කරුණු නොසලකා සියළු සාමාජික සාමාජිකාවන්ට සහෝදරයා හෝ සහෝදරිය යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සමාජවාදී දේශපාලන ව්‍යාපාර වලට පොදු භාවිතාවකි. බුද්ධ කාලයේ සංඝ සමාජය තුළ පැවතියේද මීට සමාන තත්ත්වයකි. විවිධ ප්‍රදේශ වලින් පැමිණි, විවිධ කුල වලට අයත් වූ පුද්ගලයින් බෞද්ධ භික්ෂූන් බවට පත් වීමෙන් අනතුරුව වයස් භේද හෝ පැවිද්දේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා එකිනෙකා ඇමතුවේ "ඇවැත්නි" යනුවෙනි. මේ තත්ත්වය සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන තුරුම එසේම පැවතුණේය.
මහා පරිනිබ්බාන සූත්‍රය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන්නට ඉතාම ආසන්න මොහොතක බුදු හිමියන් විසින් ඒ වන විට පන්සාළිස් වසක් පුරා පැවති මේ භාවිතාව සිය ඇවෑමෙන් පසු වෙනස් විය යුතු බව අනුදැන වදාළේය. සූත්‍ර දේශනාවේ අදාළ කොටස මෙසේය.
"යථා ඛො පනානන්ද, එතරහි භික්ඛූ අඤ්ඤමඤ්ඤං ආවුසොවාදෙන සමුදාචරන්ති, න ඛො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං. ථෙරතරෙන, ආනන්ද, භික්ඛුනා නවකතරො භික්ඛු නාමෙන වා ගොත්තෙන වා ආවුසොවාදෙන වා සමුදාචරිතබ්බො. නවකතරෙන භික්ඛුනා ථෙරතරො භික්ඛු ‘භන්තෙ’ති වා ‘ආයස්මා’ති වා සමුදාචරිතබ්බො."
“ආනන්දය, යම් පරිද්දකින් දැන් භික්ෂූහු ඔවුනොවුන් ආවුසොවාදයෙන් (ඇවැත්නි කියා) කථාකරන්නාහුද මාගේ ඇවෑමෙන් තොප විසින් එසේ කථා නොකොට යුත්තේය. ආනන්දය, වැඩිමහළුවූ (ථෙරවූ) මහණහු විසින් (නවකතරවූ) බාලවූ භික්ෂුවට නමින් හෝ ගොත්‍රයෙන් හෝ ‘ඇවැත්නි’ කියා හෝ කථා කළ යුත්තේය. බාලවූ භික්ෂුව විසින් වැඩිමහල් (ථෙර) භික්ෂුවට, ස්වාමීනි, කියා හෝ ආයුෂ්මතුන් වහන්සැයි කියා හෝ කථා කළ යුත්තේය."
සංඝ සමාජයේ එතෙක් පැවති භාවිතාවක් මෙසේ අවසාන මොහොතේ වෙනස් කිරීමට බුදු හිමියන් තීරණය කළේ ඇයිද යන්න විමසිය යුතු කරුණකි. පරිනිබ්බාන සූත්‍රයේ ඊළඟ වාක්‍යය මෙවැන්නකි.
"ආකඞ්ඛමානො, ආනන්ද, සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනතු."
“ආනන්දය, සංඝතෙම ඉදින් කැමැත්තේවී නම් මාගේ ඇවෑමෙන් ඉතා සුලුවූ කුඩාවූ ශික්ෂා පදයන් සමූනනය (ඉදිරීම) කෙරෙත්වා."
පරිනිබ්බාන සූත්‍රය අනුව අවසාන මොහොතේ බුදු හිමියන් මේ කරුණු වදාළ බව කෙසේ වෙතත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වැඩිකල් නොයා සංඝ සමාජය තුළ ජ්‍යෙෂ්ඨත්වයට තැනක් ලැබීමත්, ඇතැම් ශික්ෂා පද භික්ෂූන්ට අවශ්‍ය පරිදි වෙනස්කර ගැනීමත් සිදුවූ බවනම් පැහැදිලිය. බුදුහිමියන් විසින්ම මේ දේවල් අනුදැන වදාරා ඇති බව සූත්‍රයක තිබීම ඒ භාවිතාවන්ට සුජාත භාවයක් ලබාදෙයි.
(Image: http://factsanddetails.com/world/cat55/sub355/item1337.html)
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
හැක හැක !
ReplyDeleteවිජේවීරගෙන් පස්සේ තමයි සහෝදරයා කියන්නේ නැතුව ඔය අයියා මල්ලී කතා ඇවිත් තියෙන්නේ.....!!"
විජේවීර අවසන් මොහොතේ එහෙම යෝජනාවක් කළා කියල කිවුවනම් වැඩේ ගොඩ!
Deleteසූත්‍රයත් පරිනිර්වාණයෙන් පස්සේ තමන්ට ඕනා විදිහට වෙනස් කරගත්තා වෙන්න බැරිද ?
ReplyDeleteපටන් ගන්න කොටම වෙනස් කරන්න ඇති නේ. ඒකයි, "ඒවං මේ සුතං" කියන්නේ!
Deleteඔය "ශුද්ධ" ලියවිලි එකක්වත් 100%ක් ශුද්ධ නැහැ. ඒවා කාලයත් සමඟ විවිධ වෙනස්කම් වලට බඳුන් වෙලා තියෙනවා.
Deleteවිසිවන සියවසේ මුල් හරියේ විතර සංගායනාවක් තිබ්බනම් තව හොඳ හොඳ ස්ක්‍රිප්ට් කෑලි එකතුවෙන්න තිබ්බ
ReplyDeleteසංගායනා නැතුවමත් කෑලි එකතු වෙනවනේ.
Deleteෆ්‍රී මේසන් කට්ටිය වර්ශිප්ෆුල් බ්‍රදර් කියල එකක් භාවිත කරනවා. ගෞරවණිය සහෝදරයා කියල. ලොක්ක වන ඩියුක් ඔෆ් කෙන්ට් නුත් එතකොට වර්ශිප්ෆුල් බ්‍රදර්. සෝවියට් දේශයේ තවරිෂ් කියල සහෝදරයා කියල කිව්වා එක හුඟක් දේශපාලිනිකයි. තවරිෂ් කිව්වට වෙනස හුඟක් පැහැදිලිව පෙනුන ලොකු නිලයක් සහ පහල නිලයක් අතර.
ReplyDeleteතවරිෂ් ලා සහ ග්‍රස්දනින් (පුරවැසිය) ලා.
Deleteඔය වචන දෙකේ තේරුම හරියටම දැනගත්තේ අදයි.
Delete++++
ReplyDeleteස්තුතියි, මිතිල!
Delete1
ReplyDeleteමහාපරිණිබ් බ්බාණ සූත්‍රය සම්පූර්ණයෙන්ම බුද්ධභාශිතයක්ද යන්න පිලිබද ගැටළු තියෙනවා.....ඉකෝන් ගේන මේ කථාවත් මේ අහියෝගයට ආධාරකයක්....
පරිනිබ්බාණ සූත්‍රය ගැන මම කලින් ලියපු ලිපියක් http://maiyyagelokaya.blogspot.com/2013/05/whither-buddhism-on-feminism.html
ඔබේ අදහසේ ගත යුත්තක් තියෙනවා. මම ඔබේ ලිපිය කියවා නැහැ එයත් කියවන්නම්. පරිනිබාන සූත්‍රය තුල අවසාන කාලයේ බුදු හිමියන් තැනින් තැන සරමින් කල කීදෑ බොහෝමයක් අඩංගු වනවා. ඒ කරුනු එක්‍රැස් කොට සූත්‍රය නිමවා ඇත්තේ ආනන්ද හිමියන් බව නොරහසක්. ඒ වගේම රහතෙකු නොවූ ආනන්ද හිමියන් මේ දිනවල ගත කලේ ඉතාම ව්‍යාකූල වූ මනසකින් කියන එකත් නොරහසක්. මෙහි ගැටළු තැන් තිබිය හැකියි කියන මනසින් බුදුන්ගේ ධර්ම විනය අනුවම මෙය විමසා බැලීම නුවනට හුරුයි.
Deleteවිශාල පිරිසක් සිටින සංවිධානයක් බිඳ නොවැටී දිගු කාලයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීමේදී කිසියම් ධුරාවලියකට ඉඩ සලසන්නට වීම, පවත්නා ඇතැම් සම්මතයන් වෙනස් කර ගැනීමට වීම වගේම ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වල සීමාවන් පිළිබඳව සැලකිලිමත් වන්නට සිදුවීමත් තේරුම් ගත හැකියි.
Deleteඉතා සුළු වූ කුඩා වූ ශික්ෂා පදයන් ලෙස අද වන විට පාරාජිකා ශික්ෂාවන් පවා පත්ව තියෙන නිසා අපේ භික්ෂු පරපුරේ ඇතැමුන් මේ අන්තිම අවවාදය බුදු හිමියන් දුන් සියළු අවවාද අභිබවා පිළිගන්නා බවකුයි දිස් වන්නේ.
ReplyDeleteසංඝ සංස්ථාව හැදුවේ එක් නිශ්චිත අරමුණක් වෙනුවෙන් පමණක් කැපවුණු පිරිසකගේ එකතුවක් ලෙසනේ. වෙදකම්, සැත්කම් වැනි දේ පවා නොකළයුතු දේ ලෙස නම් කළේ ඒවා කිරීමෙන් මුල් අරමුණෙන් ඈත් වන නිසානේ. අරමුණු විවිධාංගීකරණය වුනාම මුල් සීමා ඇතුළේ ඉන්න අපහසු වෙනවා.
Deleteමටත් මේ ලිපිය කියවන විටම මතක් වුණේ රසික ගේ අයියා ලිපිය...
ReplyDeleteරසිකගේ ලිපිය කියෙවුවම තමයි මේ කරුණ මතක් වුනේ.
Deleteඅපූරු ලිපියක්. salute to your knowledge sir !
ReplyDeleteබටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහයට කර්ම රැස් වෙනවද?
ReplyDeleteඒක හැදිලා තියෙන්නේ ඒකීය පුද්ගලයන්ගෙන්. උන්ට නම් කර්ම රැස් වෙනවා.
නමුත් සුපිරි ව්‍යුහයට කර්ම රැස්වෙනවද? මොකද හිතන්නේ.